Friday, February 22, 2013

HMS Coventry | ජයග්‍රහණයේ නියමුවාගේ නික්මයෑම....



2013 නවම් මස 22 වනදා

=========================================================================

යමුද ලෝකය වටේ රවුමක් ?


=========================================================================

දින් වසර තිහකට පමණ පෙර, හරියටම කිවහොත් 1982 අප්‍රේල් 02වෙනි දින, ආර්ජන්ටිනාව හා බ්‍රිතාන්‍යය මුහුණට මුහුණ හමුවූහ. ආර්ජන්ටිනාව යන නම ඔස්සේ සිතුවිලි මෙහෙයවා මෙය පාපන්දු තරගයක් සඳහා සිදුවූ හමුවක්යැයි ඔබ කළ පූර්ව නිගමනය වැරැදිය. මෙම හමුව එයිට වඩා එහා ගිය ලෝහිත සංග්‍රාමයක් උදෙසාය. කෙටියෙන් පැවසුවහොත් යුද්ධයක් උදෙසාය.

ෆෝක්ලන්ත දූපත්, දකුණු ජෝර්ජියා දූපත හා දකුණු සැන්විච් දූපත් දකුණු දිග ආර්ජන්ටිනාවේ නැගෙනහිරට වන්නට පිහිටි දූපත් සමූහයකි. මෙම දූපත් අරබයා බ්‍රිතාන්‍යය හා ආර්ජන්ටිනාව අතර දීර්ඝකාලීන මතභේද තිබූ අතර රටවල් ද්විත්වයම මෙම දූපත් තමන්ගේ ආධිපත්‍යයට යටත් බවට අයිතිවාසිකම් පෑහ.

1982 අප්‍රේල් මස 02වනදා ආර්ජන්ටිනාව විසින් ෆෝක්ලන්ත දිවයින් සහ දකුණු ජෝර්ජියා දූපත ආක්‍රමණය කිරීමත් සමඟම මෙම යුද්ධය ආරම්භ වුණි. ආර්ජන්ටිනාවේ පිළිගැනීමට අනුව මෙම දූපත් තමන්ගේ රටට අයත් දූපත් බැවින් මෙය තමන් සතු භූමිය නැවත ලබා ගැනීම සඳහා සිදු කළ ක්‍රියාන්විතයකි. එහෙත් බ්‍රිතාන්‍යයේ අදහස වූයේ මෙය තමන් සතු ප්‍රදේශයක් ආක්‍රමණය කිරීමක් බවයි.

දින 74ක් පුරා පැවති මෙම යුද්ධය අවසානවූයේ බ්‍රිතාන්‍යයට ජය ගෙනදෙමින් නැවතත් දූපත් කිහිපය ඔවුන්ගේ පාලනයට නතු වෙමිනි. මෙම යුද්ධයේ ප්‍රතිඵලය එවකට ආර්ජන්ටිනාවේ පැවති මිලිටරි ජුන්ටාව පෙරළා දැමීමට තරම් හේතුවක් වූ අතර බ්‍රිතාන්‍යයේ පැවති, යකඩ ගැහැනිය ලෙසින් විරුදාවලිය ලත් මාග්‍රට් චැතර්ගේ රජයෙහි පැවත්මට මහත් රුකුලක් විය.

යුද්ධයක් යනු සටන් සමූහයක එකතුවකි. අවසාන ජයග්‍රාහකයා යුද්ධයේ ජයග්‍රාහකයාය. මේ, ෆෝක්ලන්ත යුද්ධයේ එක් සටනක කතාවයි. 

බ්‍රිතාන්‍යය විසින් දූපත් නැවත ලබාගැනීම උදෙසා සටන මෙහෙයවූ ආකාරය
~~~~~

1982, ආර්ජන්ටිනාවේ ජාතික දිනය වූ මැයි මස 25 වන දින, HMS Coventry සහ HMS Broadsword  යන බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ප්‍රහාරක නෞකා ද්විත්වය, ෆෝක්ලන්ත සමුද්‍ර සන්ධියට වයඹින් ස්ථානගතව, ඒවන විට සැන් කාර්ලෝස් බොක්කෙහි ( San Carlos Bay / Water aka Bomb ally ) සිදුවෙමින් පැවති බ්‍රිතාන්‍ය සෙබළුන් දූපතට ගොඩ බැසීමේ ක්‍රියාන්විතයට ආරක්ෂාව සපයමින් සිටියහ. ඔවුන් සතු වගකීම වූයේ ආර්ජන්ටිනා ගුවන් හමුදාව විසින් එල්ල කළ හැකි ගුවන් ප්‍රහාර වලින්, ගොඩබසින් සිටි හමුදාව ආරක්ෂා කරගැනීමයි. ඒ සඳහා  HMS Coventry සතුව Sea Dart නම්වූ මධ්‍ය දුර විදීමේ මිසයිල පද්ධතියක්ද, HMS Broadsword සතුව Sea Wolf  නම්වූ කෙටි දුර විදීමේ මිසයිල පද්ධතියක්ද වූහ. එදිනම උදෑසන HMS Coventry  විසින් සිය Sea Dart මිසයිල භාවිතා කොට, සැන් කාර්ලෝස් බොක්කෙහි ප්‍රහාරක මෙහෙයුම් වල නිරතව සිටි ආර්ජන්ටිනාවේ ප්‍රහාරක යානා දෙකක් බිම හෙළීමට සමත්වී සිටියාය. එබැවින්ම ඔවුන්ගේ ආත්ම ශක්තිය හා අධිෂ්ඨානය ඉහළ මට්ටමක තිබුණි. සමස්ථයක් වශයෙන් අනෙක් පාර්ශවයද එවැනිම තත්ත්වයක සිටියේය.


එදින උදෑසන, කපිතාන් පැබ්ලෝ කබායෝ සිය සහායක ගුවන් නියමුවන් සමඟ ආර්ජන්ටිනාවේ සැන්ට කෲස් පළාතේ වූ රියෝ ගලේගෝස් ගුවන් හමුදා කඳවුරෙහි ඊළඟ ක්‍රියාන්විතය සඳහා අණ ලැබෙන තෙක් පසු වූහ. ආතතිය අවම කරගනු වස් ඔවුන් ගිටාර් වයමින්, ගීත ගයමින් සැහැල්ලු ආකාරයෙන් පසු වූහ. මොහොතකින් බලාපොරොත්තුවෙන් සිටි අණ ඔවුන් වෙත ළඟා විය. එහෙත් එහි වෙනසක් තිබුණි. ඒ ෆෝක්ලන්ත දූපතට ගොඩ බසින බ්‍රිතාන්‍ය හමුදාවන්ට ප්‍රහාර එල්ල කිරීමේ සාමාන්‍ය මෙහෙයුම වෙනුවට මෙවර ඔවුනට පැවරී තිබුණේ ඔවුනට හිසරදයක්ව පැවති HMS Coventry හා HMS Broadsword  පහර දී ගිල්වා දැමීමටය. ගුවන් නියමු කාර්ලෝස් රින්කේ, ගුවන් නියමු ලෙනාර්ඩෝ බැරියෝනුවේවෝ සහ ගුවන් නියමු මරියානෝ වෙලස්කෝ සටන සඳහා කපිතාන් කබායෝ සමඟ එකතු වූහ. කපිතාන් කබායෝ පවසන්නේ, සාමාන්‍යයෙන් ක්‍රියාන්විතයක් සඳහා ගුවන් ගත වන විට සිතෙහි භීතිය මුසු හැඟීමක් පැවතුනද, එදින තමන්ට කිසිම බියක් නොදැනුණ බවයි. මධ්‍යහනයට කලින් ආර්ජන්ටිනාවට අයත්  A4-Skyhawks ගුවන් යානා සතරක්, නෞකා නතර කොට තිබූ පෙබල් දිවයින් උතුරු මුහුද බලා ගුවන් ගත වූහ. ක්‍රියාන්විතය සාර්ථක වේවිද ??

සටන පිළිබඳව Flavio Quevedo ඇඳි සිතුවමක් 
දහවල් 12 පසුවී සුළු මොහොතකින්, HMS Coventry නෞකාවේ අණ දෙන නිලධාරී කපිතාන් හාර්ට් ඩයික් වෙත ආර්ජන්ටිනාවේ සිටි බ්‍රිතාන්‍යය SAS ඔත්තුකරුවන්ගෙන් ක්‍රියාන්විතය පිළිබඳ තොරතුරු ගලාගන එන්නට විය. ඔවුනට තර්ජනයට මුහුණදීම සඳහා පැයක පමණ කාලයක් ඉතිරිව තිබුණි. ගුවන් යානා, නෞකා වෙත ළඟාවීමට නියමිතව තිබුණේ එම කාලපරාසය ඇතුලතය. දහවල් 12:45ට පමණ HMS Coventry රේඩාර් තිරය මත ගුවන් යානා සතර දර්ශනය වූහ. එවිට යානා සතර ආසන්න වශයෙන් කි.මි. 420ක් පමණ දුරින් ස්ථානගතව සිටියහ.


ක්‍රියාන්විතය සිදුවූයේ දහවල් බැවින්, ආර්ජන්ටිනා යානාද සිය අරමුණ සාර්ථක කරගැනීමට පෙර සතුරනට ඉලක්ක වීමේ වැඩි සම්භාවිතාවයක් තිබුණි. මෙතෙක් වේලා එක්ව ගමන් කළ ගුවන් යානා සතර, යානා දෙක බැගින් කාණ්ඩ දෙකකට බෙදී ගමන් කිරීමට ඇරඹියහ. ඉන් පසුව නෞකාවල වූ රේඩාර් වලට හසුවීම වැළැක්වීම උදෙසා ගුවන් යානා ඉතාමත්ම පහළට ගත්හ. කෙතරම් පහතින් පියාසර කළේද යත් කපිතාන් කබායෝගේ යානය ඉදිරිපස පැහැදිලිව නොපෙනෙන තරමටම මුහුදු ලුණු වලින් වැසී ගිය බව ඔහු පවසයි.

ගුවන් යානා, රේඩාර් තිරයෙන් අතුරුදහන් විය. සී ඩාර්ට් මිසයිල වලට යාන ඉලක්ක කරගැනීමට කළ උත්සහය අසාර්ථක විය. මෙහෙයුම් මැදිරියේ සිටි සියලු දෙනාගේම දෙනෙත් යොමුව තිබුණේ රේඩාර් තිරය දෙසටය. නැව් තට්ටුව මත සියලු දෙනාගේම දෙඇස් පෙබල් දිවයින දෙසට යොමුව තිබුණේ තමන් දෙසෙට එන ගුවන් යානා නිරීක්ෂණය කිරීම උදෙසාය.

දහවල් 01:00 වන විට නෞකා දෙක සිතිජයෙහි පුංචි තිත් දෙකක් ලෙස ගුවන් යානා වලට දර්ශනය වන විටත්  HMS Coventry  රේඩාර් ක්‍රියාකරු විසින් සී ඩාර්ට් මිසයිල සඳහා ඉලක්කය ලබා ගැනීමට වෙහෙසෙමින් සිටියේය. දැන් කපිතාන් කබායෝ ප්‍රමුඛ යානා ද්විත්වය නෞකා වලට තත්පර ගණනක දුරිනි. යානා ඉලක්කගත කොට ගැනීම උදෙසා රේඩාර් ක්‍රියාකරු විසින් කළ සියලු උත්සහයන් ව්‍යර්ථ විය. හදිසියේම  HMS Coventry  නැව් තට්ටුව මත සිටි සෙබළකුගෙන් ආර්ජන්ටිනා ගුවන් යානා නැවෙහි දකුණු පසින්  ( Starboard Side ) දර්ශනය වන බවට දැනුම් දුන්නේය. ඒ මොහොත වන විට මධ්‍ය දුර මිසයිල වූ සී ඩාර්ට් මිසයිල මතවූ බලාපොරොත්තු අත්හරින්නට කාලය එළබ තිබුණි. ඒ වෙනුවට නැව මත වූ අඟල් හතරහාමාරේ කාල තුවක්කු වහාම ක්‍රියාත්මක වුණි. තමන් දෙසට එල්ල වන වෙඩි වරුසාව මධ්‍යයේ ගුවන් යානා දෙක HMS Broadsword  වෙත ගමන් කළහ. HMS Broadsword  ද තමන් සතුවූ කෙටි දුර  සී වුල්ෆ් මිසයිල ක්‍රියාත්මක කිරීම උදෙසා වෙහෙසෙමින් සිටියද ඔවුන් වෙතින්ද මිසයිල ප්‍රහරයක් යානා වෙත එල්ල නොවුණි. දහවල් 01:21ට  HMS Broadsword  වෙත ආර්ජන්ටිනා යානා වෙතින් ප්‍රහාරය එල්ල වුනේය. රාත්තල් 1000ක් බරැති එම බෝම්බය පුපුරා නොගිය නමුදු නැව් තට්ටුව මතවූ හෙලිකොප්ටර් යානයකට විනාශය ගෙනදීමට සමත් විය. ඉදිරියටම ගමන් කළ බෝම්බය නැවතත් මුහුදට වැටී නොපෙනී ගියේය. HMS Coventry වෙතින් කපිතාන් කබායෝගේ යානය වෙත ප්‍රහාරයක් එල්ල වුවද උපද්‍රවයකින් තොරව නැවත පැමිණීමට සමත් විය. නැව් දෙකෙහි වූ නාවිකයන් තමන් අනූ නවයෙන් ගැලවුණු බවට සැනසුම් සුසුම් හෙළුහ.  

එහෙත්, එම සැනසීම වැඩිවේලාවක් විඳීමට ඔවුනට නොහැකි විය. අනෙක් ගුවන් යානා දෙක HMS Coventry නැවෙහි වම්පස ඇණියට අංශක විස්සක් පමණ කෝණයකින් දර්ශනය විය. නැවතත් කඩිගුලක් සේ ඔවුන් ක්‍රියාකාරී වූහ. එවිට ගුවන් යානා දෙක ස්ථානගතව පැවතුණේ කි.මි. 15ක් පමණ එපිටිනි. විනාඩියකට මදක් වැඩි කාලයක් ඔවුන්ට ලැබී තිබුණි. ගුවන් යාන දෙක හොඳින් සී ඩාර්ට් මිසයිල වලට ඉලක්ක කරගැනීම උදෙසා නැව දකුණු පසට හරවන මෙන් කපිතාන් හාර්ට් ඩයික් නියෝග කළේය. එම අතරම සී ඩාර්ට් මිසයිල ක්‍රියාකරු ඉලක්කය ගැනීමට වෙහෙසුනි. අවසානයේදී ඉලක්කය ලබාගෙන යානා එල්ල කොට එක් මිසයිලයක් නිදහස් විය. එම මිසයිලය තමන්ට මීටර 300ක් දකුණු පසින් ගමන් කරනු ගුවන් නියමු මරියානෝ වෙලස්කෝට නිරීක්ෂණය කළ හැකි විය.

නෞකාව බේරා ගැනීම සඳහා යමක් කිරීමට ඉතිරිව තිබුණේ තත්පර කිහිපයක කාලයක් පමණී. HMS Broadsword වෙතින් යානා වෙත මිසයිල ප්‍රහාර එල්ලවේයැයි ඔවුන් බලාපොරොත්තු වූවද එවැන්නක් සිදු නොවුණි. නැවතත් නැව් තට්ටුව මත වූ තුවක්කු සහ සාමාන්‍ය රයිෆල් වල පිහිට පැතීමට HMS Coventry හට සිදු වූවාය. දසත ගුගුරුවමින් නොකඩවාම තුවක්කු සහ රයිෆල් හඬ වා තලයට මුසු වූහ. එහෙත් එය අසාර්ථක උත්සහයක් බව පසක් කරමින් දහවල් 01:22 ට ගුවන් යානාවලින් නිකුත් වූ බෝමබ ත්‍රිත්වයක් HMS Coventry හී වම් පස බඳ ( Port Side Hull ) සිදුරු කෙරුණේ මුළු නෞකාවම දෙදුරුම් කවමිනි. තමන් සටන පැරදුණු බව HMS Coventry නාවිකයනට පසක් වූහ.

~~~~~

HMS Coventry  අයත් වූ Type 42 කාණ්ඩයේ ප්‍රහාරක යාත්‍රා පද්ධතිය නිමවා තිබුණේ ඉතා ඉහළින් පියාසර කරනා ප්‍රහාරක ගුවන් යානා ඉලක්ක කොටගෙන විනාශ කරලීම සඳහාය. මේ සඳහා එම නෞකා කි.මී. 400කට වඩා දුර නිරීක්ෂණය කළ හැකි ප්‍රබල රේඩාර් පද්ධතියක් සහ එයට සම්බන්ධව සවි කෙරුණු මධ්‍ය දුර මිසයිල පද්ධතියක් වූ සී ඩාර්ට් මිසයිල පද්ධතියකින් සමන්විත වූහ. සී ඩාර්ට් මිසයිල, කි.මි. 65ක් පමණ දුරස්ථ හා අඩි 30000ක් පමණ උසින් වූ ඉලක්ක සඳහා පහර දීමට සමත්කම් දැක්වූවාය. බ්‍රිතාන්‍යය ඉලක්ක වෙත පහර දී නැවත ගමන් කරනා ආර්ජන්ටිනා ගුවන් යානා, බොහෝ විට කඳවුරට යාම දක්වා ඉන්ධන ඉතුරු කරගනු වස් තුනී වාතය සහිත ඉහළ උසකින් ගමන් කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. මෙය සී ඩාර්ට් මිසයිල සඳහා අතිශයින් යෝග්‍ය තත්ත්වයක් උදා කරණු ලබයි. මැයි 25වන දින උදෑසන සී ඩාර්ට් විසින් ආර්ජන්ටිනා ගුවන් යානා දෙකක් බිම හෙළනු ලබූවේ මෙම තත්ත්වයන් යටතේදීය. HMS Coventry සතු මෙම ප්‍රබල රේඩාර් පද්ධතිය, බ්‍රිතාන්‍යය හමුදාවන් විසින් ෆෝක්ලන්ත සටනේදී වෙනස් ප්‍රයෝජනයක් සඳහාද භාවිත කෙරිණි. ඒ සතුරු ගුවන් යානා ඈතදීම හඳුනාගෙන අනෙක් පාර්ශවයන් දැනුවත් කිරීම උදෙසාය.

නමුත් සී ඩාර්ට් සතුව එයටම ආවේණික දුර්වලතා කිහිපයක් වූහ. සී ඩාර්ට් මිසයිල ඉතා පහතින් ගමන් කරනා, ඉතා වේගවත් ඉලක්ක ඉදිරියේදී අසමත් බව, සිදු කරන ලද නාවික අභ්‍යාස වලදීද තහවුරු වී තිබුණි. බ්‍රිතාන්‍යය හමුදාවන් මෙය ඉතා හොඳින් දැන සිටි කරුණකි. එමෙන්ම සී ඩාර්ට් රේඩාර් පද්ධතිය වඩා හොඳින් ක්‍රියාත්මක වූයේ බාධා රහිත පැහැදිලි පසුබිමක් තුළදීය. රේඩාර් පද්දිතියට අයත් සීමාවේ කඳු, හෙල් හෝ වෙනයම් හෝ භූමි ලක්ෂණ අන්තර්ගත වූයේනම් එවැනි වාතාවරණයකදී රේඩාර් පද්ධතියි නිසි අයුරින් ක්‍රියාත්ම නොවන බවද නිරීක්ෂණය කොට තිබුණි. මෙම කරුණු ආර්ජන්ටිනා හමුදාවන්ටද රහසක් නොවුණි.

HMS Coventry  සතුවූ මෙම දුර්වලතාවයන් නිසාම ඇයට තවත් සහයක නෞකාවක් අනුබද්ධ කොට තිබුණි. ඒ  HMS Broadsword ය.  HMS Broadsword සතුවූ සී වුල්ෆ් මිසයිල පද්ධතිය කි.මි. එකේ සිට හයහමාර දක්වා වූ කෙටි දුර ඉලක්ක සඳහා යෝග්‍යය විය. එම නිසා නෞකා දෙකට එකිනෙකාව ආරක්ෂා කරගැනිමේ වගකීම ද පැවරී තිබුණි. දිගු දුර ඉලක්ක HMS Coventry විසින් මැඩපවත්වන අතර අසමත් වුවහොත්  HMS Broadsword විසින් සිය සී වුල්ෆ් කෙටිදුර මිසයිල භාවිතා කොට ඉලක්කය බිම දමනු ඇත. එමගින් අන්‍යෝන්‍ය වශයෙන් ආරක්ෂා විය හැකි බව බ්‍රිතාන්‍යය හමුදා බලධාරින්ගේ විශ්වාසය විය.

මැයි 25 වන දින උදෑසන ගුවන් යානා හතර රියෝ ගලේගෝස් කඳවුරෙන් නික්මුණ වහාම HMS Coventry  රේඩාර් පද්ධතියෙහි ඒවා සටහන් වූහ. එහෙත් යානා ෆෝක්ලන්ත දූපත් ආසන්නයට පැමිණි පසු ඉතාමත්ම පහතින් පියාසර කිරීම ඇරබීමත් සමඟම ඒවා රේඩාර් තිරයෙන් අතුරුදහන් වූහ. HMS Broadsword රේඩාර් තිරයෙහි යානා වරින් වර දිස් වුවද ඒවන විට ගුවන් යානා සී වුල්ෆ් ප්‍රහාර සීමාවෙහි ඔබ්බෙන් පසුවීම නිසා  HMS Broadsword හට කළහැකි දෙයක් නොවුණි.

කපිතාන් කබායෝ ප්‍රමුඛ ගුවන් යානා ද්විත්වය නැවත HMS Coventry  තිරයෙහි දිස් වන විට ඔවුන් නෞකා වලට යාන්තම් තත්පර 90ක් පමණක් මෙපිටින් පසු වූහ. සී ඩාර්ට් ක්‍රියාකරු ඉලක්කය ගැනීම සඳහා වෙහෙසුනද අසාර්ථක වූයේ ඒ වනවිට ඉලක්ක සී ඩාර්ට් සීමාවට මෙපිටින් පිහිටි බැවිනි. යානා වලට පහර දීමේ වගකීම වහාම HMS Broadsword  වෙත පැවරුණි. එවිට පැවති තත්ත්වය සී වුල්ෆ් මිසයිල සඳහා ඉතාමත්ම යෝග්‍ය තත්ත්වයේ තිබුණි. එහෙත් ගුවන් යානා දෙක එකිනෙකට ඉතා ආසන්නව ගමන් කිරීම නිසා HMS Broadsword  රේඩාර් පද්ධතිය යානා දෙක හඳුනා ගනු ලැබුවේ එක් විශාල ඉලක්කයක් වශයෙනි. එවිටම වාගේ යානා දෙක එකිනෙකින් වෙන්වීම නිසා එය ලොකු තනි ඉලක්කයක් සහ තවත් කුඩා ඉලක්ක දෙකක් ලෙස රේඩාර් පරිගණකය විසින් හඳුනා ගැනුණි. මෙමගින් ව්‍යාකූල වූ  HMS Broadsword  රේඩාර් පද්ධතිය අක්‍රිය වූ අතර නැවත පණගැන්වීමට සිදු වීම නිසා ඔවුන්ද යානා වෙත ප්‍රහාර එල්ල කිරීමට නොහැකිව අසරණ වූහ. ප්‍රහාරයෙන්  HMS Broadsword නෞකාව බේරුණද, අන්‍යෝන්‍ය ආරක්ෂාව වෙනුවෙන් සැකසී තිබුණ ක්‍රමවේදය අභියෝගයට ලක්වී තිබුණි.


මරියානෝ වෙලස්කෝ ප්‍රමුඛ අනෙක් යානා දෙක දිස්වූ වහාම කපිතාන් හාර්ට් ඩයික්ගේ නියමයෙන් HMS Coventry  යාත්‍රාව උපරිම දකුණට හැරවූයේ සී ඩාර්ට් මිසයිල සඳහා ඉලක්ක ගැනීමට පහසු කරවනු සඳහාය. නමුත් එම තීරණයම නැවෙහි විනාශයට මුල් විය. මේ මොහොත වන විට වෙලස්කෝගේ යානය නෞකාවට තත්පර 35ක් සහ කි.මි. 8 ක් මෙපිටින් පසු වූවේය. එය සී ඩාර්ට් අවම ප්‍රහාරක සීමාව ආසන්නයේම පැවතුණි. එමෙන්ම ගුවන් යානා ඉතා පහතින් පියාසර කිරීම නිසා සී ඩාර්ට් මිසයිල වලට ඉලක්කය ලබා ගත්තද එය පවත්වා ගැනීමේ අපහසු තත්ත්වයක් පැවතුණි. මේ අවස්ථාවේ වෙලස්කෝගේ යානව සී ඩාර්ට් ඉලක්කයට  හසු වුවද මිසයිලය නිකුත් කොට නිමේෂයකින් ඉලක්කය ගිලිහී ගියේය. යානය රේඩාර් තිරයෙන් අතුරුදහන් විය. එම මිසයිලය ඔහුට කිසිඳු අනතුරක් නොකර වෙලස්කෝට මීටර 300ක් දකුණින් ඉගිල ගියේ එබැවිනි.

දැන් ගුවන් යානා තත්පර 21ක් මෙපිටිනි. නැවතත් පහර දීමේ වගකීම HMS Broadsword  වෙත පැවරුණි. මේ වන විට ඔවුන්ගේ රේඩාර් පද්ධතිය නැවත පණ ගන්වා ප්‍රහාරයට සූදානම්ව සිටියද නැවතත් අවාසනාව  HMS Coventry  සමඟම විය. HMS Coventry දකුණට හැරවීම නිසා එය HMS Broadsword  නෞකාව හරස් කොට එයට ඉදිරියෙන් පසු වූවාය.  එමෙන්ම නැව දකුණට හැරවීම නිසා වයඹ දෙසින් නැව කරා සේන්දු වූ ගුවන් යානා දෙකට නැවෙහි බඳ හොඳින්ම විවර වූ අතර ඉතා පුළුල් ඉලක්කයක් ලබා දුන්නේය. මෙලෙස  HMS Broadsword  හා ආර්ජන්ටිනා ගුවන් යානා අතරට HMS Coventry  පැමිණීම නිසා Broadsword  හට සිය මිසයිල, ගුවන් යානා වෙත එල්ල කිරීමෙන් වැළකීමට සිදුවූයේ එසේ කළහොත් HMS Broadsword  හී මිසයිල මගින් HMS Coventry නෞකාව ඉලක්ක  වන බැවිනි. මෙම තත්ත්වය වෙලස්කෝ සහ ඔහුගේ සහයකයාට අභියෝගයකින් තොරවම ප්‍රහාරය එල්ල කිරීමට අවැසි වාතාවරණය සකසා දුන්නේය. මොහොතකින් වෙලස්කෝ විසින් නිදහස් කළ බෝම්බ ත්‍රිත්වය HMS Coventry  හී වම් පස බඳ සිදුරු කොට ගෙන හියහ.


HMS Coventry දකුණු පසට හරවමින් HMS Broadsword හට බාධාවක් වෙන අයුරු.
ප්‍රථම බෝම්බය නැවෙහි පරිගණක කාමරය සුනුවිසුනු කොට ජීවිත හතක් බිලි ගත්තේය.  දෙවැන්න පුපුරා නොගිය අතර, තෙවැන්න එන්ජින් කාමරය අසල පුපුරා ගියේ දස දෙනෙකුට සිය ජීවිත අහිමි කරවමිනි. දෙදෙනෙකු නැවෙන් ඉවත්වීමේදී ජීවිතක්ෂයට පත් වූහ. HMS Broadsword විසින් 170 දෙනෙකුව ගලවා ගත් අතර 19 දෙනෙකු දිවි පුදා තිබුණි. බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදාවට සිය වටිනා සම්පතක් අහිමිව තිබිණ.

ප්‍රහාරයට ලක්වීමෙන් පසු


ප්‍රහාරයෙන් අනතුරුව මුහුදුබත් වෙමින්
~~~~~

HMS Coventry ය මෙසේ ගිලී ගියද, ඒවන තෙක්ම ඇයට පැවරුණු කාර්යය උපරිමයෙන් ඉටු කොට තිබුණාය. ගිණිය නොහැකි තරම් බ්‍රිතාන්‍යය සෙබළුන් පිරිසක් ඇයගේ රැකවරණය යටතේ ෆෝක්ලන්ත දිවයින් වලට ගොඩ බැසීමට සමත් වූහ. එබැවින්ම අවසාන ප්‍රතිඵලය බ්‍රිතාන්‍යයට වාසි දායක එකක්ම විය.

~~නිමි~~


මූලාශ්‍ර:
1. Seconds from Disaster: Sinking the Coventry - Documentary film by National Geographic

ඡායාරූප:
http://www.militaryphotos.net
http://www.coventrytelegraph.net
http://en.wikipedia.org
Seconds from Disaster: Sinking the Coventry - Documentary film by National Geographic

සකස් කෙරුවේ:
~~සෙන්නා / 22.02.2013

පසු සටහන්:
1. ලෝක ඉතිහාසයේ තවත් ප්‍රකට නාවික සටනක් පිළිබඳව විචාරක මහතා අතින් ලියවුනු අංග සම්පූර්ණ ලිපි මාලාව කියවා නැත්නම් මේ දැන්ම මෙතනින් පිවිසෙන්න.

2. ලෝක දේශපාලනය අතැඹුලක් සේ දැනගන්න, අතීත / වර්තමාන සිදුවීම් නිවැරදිව දැනගන්න, කියවන්න 

73 comments:

  1. අපි ඉපදෙන්න පෝලිමේ ඉද්දිනේ මුන් මරාගෙන තියෙන්නෙ. :)

    මේ ආර්ජන්ටිනා, බ්‍රිතාන්‍ය අවුල ගැන මම මීට කලින් කියවල නෑ සෙන්නා. ඒත් මෙතන මාතෘකාව යුද්ධයෙ අතුරු කතාවක් ගැනනේ. ටිකක් හොයල බලන්න ඕන ඒ ගැන. ඉතිං ඔය ගිලුනු නැවට මොකද උනේ. අවුරුදු 30 කට පස්සෙත් ඒක තාම මාළුන්ට ගෙවල් හදනවද, නැත්නම් ඒක නැවත ගොඩ ගත්තද.

    මාග්‍රට් චැතර් ගැන නම් මමත් අහල තියෙනව. කොහෙත් පාලකයො වෙන ගෑනු යකඩ ගෑනු තමා. රටක් පාලනය කරන්න ඕන නෑ අනේ, පුංචි පවුලක් උනත් එයාලට ඇති.


    ReplyDelete
    Replies

    1. උඹ එහෙනම් 80 දශකයේ පොරක් ඈ...
      DDT,

      ඕක හෙන දීර්ඝ ඉතිහාසයක් තියන අවුලක් බන්.. දෙගොල්ලො මේ දූපත් ටිකට අයිතිවාසිකම් කියනවා සෑහෙන කාලෙක ඉඳන්.. ඕක ආයෙත් මේ ලඟදි එහෙන් මෙහෙන් මට අහන්න ලැබුනා.. මට හිතෙනෙන් ආර්ජන්ටිනාව ආයෙත් ගේම ඉල්ලයි කියලයි..

      නැවේ අලුත්ම තත්ත්වය ගැනනම් හෙව්වෙ නෑ බන්.. පොඩ්ඩක් විකිපීඩියා එක කූරු ගාලා බලපන්..

      ගැහැණු පාලකයො ගැන කතාකරන්නෙ අත්දැකීමෙන් නෙමේ කියලා හිතනවා. :D

      Delete
    2. මම ලොවෙත් නෑ බං... :)

      Delete
    3. //උඹ එහෙනම් 80 දශකයේ පොරක් ඈ...//

      නැතුව නැතුව.80 දශකයෙ මුල භාගෙ හරි මැදට පොඩ්ඩක් එහාට වෙන්න. :)

      @ රජා

      ඉතිං ! උඹ දැනුත් එහෙමනේ බං සුදෝ.

      Delete
  2. මම හිතන් හිටියේ මේ අවුල කාලයක් තිස්සේ සිතල යුද්දයක් වෙන්න ඇති කියලා.ඉතිං ලෝක ඉතිහාසය අරන් බැලුවොත් මම හිතන්නේ සුද්ද රටවල් ආක්‍රමණය කරන කාලේ අල්ල ගත්තු එකක් වෙන්න ඇති.

    අලුත්ම විස්තරයකින් දැනුවත් කලාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මේක 1800 ගනන් වල බ්‍රිතාන්‍යය පාලනයට නතු වෙච්ච දූපත් වගයක්.. ලොකු කතන්දරයක් තියනවා බන් මේක පිටි පස්සෙ.. මමත් එච්චර දැනුවත් නෑ තාම ඒ ගැන.

      Delete
  3. ඔය මොලෙන් ගැහිල්ල ..මුලදිම කලානම් ප්‍රතිපල ඔයිට වඩා වෙනස් වෙන්න තිබුනා නේද...මම කිව්වෙ නැව විනාශකිරීමේ උපාය.
    තාක්ෂනය උපයෝගී කරගෙන කරන යුද්ධයකදී ඒ තාක්ෂනයම විනාශයට හේතුවෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් වීයා... එහෙම කළානම් සමහර විට ආර්ජන්ටිනාව යුද්දෙ දිනන්නත් තිබුනා..ඒත් බ්‍රිතාන්‍යයට අලුත්ම තාක්ශණික මෙවලම් තිබුන නිසා තමා ඒ ගොල්ලො දිනුවෙ කියලයි මට හිතුනෙ. ඔය ඇටෑක් කරපු සී හෝර්ක් ප්ලේන් හිටන් ඒ වෙනකොටත් යල්පැනපුවා කියලා කියනවා..

      ඇත්තටම අර සී වුල්ෆ් මිසයිල වල මතුවුන ගැටළුව කලින් දැනගෙන හිටියනම් ප්ලේන් දෙක බිම දාන්ඩ තිබුන සම්භාවිතාවය බොහොම වැඩියි..

      Delete
  4. සෙන්නා මේක පරිවර්තනය කරන්න, සංස්කරණය කරන්න මොන තරම් කට්ටක් කෑවත් ඒකෙ ප්‍රතිඵල තියෙනවා.

    උඹේ ලිපි ගැන මම දැක්කා අපේ බ්ලොගර් හිතවතෙක් කමෙන්ට් එකක කියලා තියෙනවා සෙන්නාගේ ලිපිවල සංස්කරනය කරලා ඉවත් කලයුතු දේවල් නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩූඩේ.....

      ඔව් ඔව් අපේ සුමිත් අයියගෙන්නෙ ඒ ප්‍රශංසාව ලැබුනෙ.. ඒ ඇගයීම බොහොම නිහතමානිව සතුටුවෙන්න පුළුවන් කාරණයක්..

      Delete
  5. අහම්බෙන් දවසක් විකිපීඩියා එකෙන් මේ තොරතුරු ලැබිලා කියෙව්වා. ඒත් මෙච්චරම පැහැදිලි උනේ නෑ. සමහර විට මගෙ ඉංග්‍රීසි දැනුමේ තරමට වෙන්න ඇති..ස්තුතියි වටිනා විස්තර වලට. අනිත් ටිකත් කියවන්න එල්ලා ගත්තා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ළිහිණි...

      මටත් ඉංග්‍රීසියෙන් යමක් කියවලා එකපාර තේරුම් ගන්න අමාරුයි..දෙතුන් පාරක් කියෙව්වම තමා අදහසක් එන්නෙ..ඒක හින්දා ඉංග්‍රීසියෙන් කියවන්න හරි කම්මැලියි.. දැන් මේවා ලියන්න ඕනා හින්දම ටිකක් කියවනවා...

      Delete
  6. වෙනදා වගේම එක හුස්මට කියෙව්වා හරිම රසවත්ව ලියල තියෙනවා. යුද්දයකදී ඉතා සුළු වරදක් ඇති සතුරාට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෝරා... ඔව් බන් කෙස්සෙන් ඔක්කොම කණපිට පෙරලෙනවා..නේද ?

      Delete
  7. කතාව කියවගෙන යද්දි චිත්‍රපටියක වගේ සිදුවීම් ටික මැවුනා. මහන්සි වෙලා ලියපු වටිනා ලිපියක්.
    //ආර්ජන්ටිනාවේ පිළිගැනීමට අනුව මෙම දූපත් තමන්ගේ රටට අයත් දූපත් බැවින් මෙය තමන් සතු භූමිය නැවත ලබා ගැනීම සඳහා සිදු කළ ක්‍රියාන්විතයකි. එහෙත් බ්‍රිතාන්‍යයේ අදහස වූයේ මෙය තමන් සතු ප්‍රදේශයක් ආක්‍රමණය කිරීමක් බවයි.//

    සෙන්නා දීපු සිතියෙමේ දූපත්වල පිහිටීම දැක්කම නිකම්ම තේරෙනවා කාගෙද නියම හිමිකම කියල. ආජන්ටිනාව, අයර්ලන්තය හරි ස්කොට්ලන්තය හරි පැත්තට තමන්ගෙ නැව් එව්වනම් ඒක "ආක්‍රමණයක්" කියල කියන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්..

      මේක බොහොම දිග ඉතිහාසයක් තියන කතාවක් බන්..පුළුවන්නම් ලිපියෙ අග දීලා තියන Folkland war කියන විකිපීඩියා ලිපිය කියවලා බලන්න.. භූමිපිහිටීම සළකලා බැලුවමනම් බ්‍රිතාන්‍යය මේක ඒ කාලෙම ආක්‍රමණය කරලා අල්ල ගත්තු එකක් බව තමා පේන්නෙ.. නැත්නම් මේ කොහෙවත් තියන දූපතක් උන්ට අයිති වෙන්නෙ කොහොමද ?

      හැබැයි දූපතේ කට්ටියනම් කැමති බ්‍රිතාන්‍යය යටතෙ ඉන්නලු.. ඒ ගොල්ලන්ට බ්‍රිතාන්‍යය පුරවැසිභාවයත් තියනවා කියනවා..

      Delete
  8. "ආර්ජන්ටිනාව හා බ්‍රිතාන්‍යය මුහුණට මුහුණ හමුවූහ." මට මැවිලා පෙනුනෙ ලෝක සිතියමේ රටවල් දෙක හම්බවෙනවා.. :)

    මේ සිද්ධිය වෙන්නේ ආර්ජන්ටිනාව අල්ලගත්තු ෆෝක්ලන්ඩ් දූපත් ආයෙත් බ්‍රිතාන්‍යයන් අල්ලා ගත්තට පස්සෙ නේද? එතන පොඩ්ඩක් මට අපැහැදිලි උනා.. අනික අද පෝස්ටුව කෙටී දෝ කියලත් හිතුනා..

    ජුන්ටාව කියන වචනයේ තේරුම කියන්ඩ පුළුවන්ද? භාවිතා වෙන තැන් දන්නවා ඒත් අර්ථදැක්වීම වගේ දෙයක් මම දන්නෙ නෑ.. අනික ඊනියා කියන වචනයත් එහෙමයි..

    හොඳ පෝස්ටුව අරක මේක කියලා හැමදාම ලියන්ඩ බෑ අප්පා.. ඔක්කොම හොඳයිනෙ..

    ReplyDelete
    Replies
    1. හපොයි බන් එහෙම එකක්ද මැවිලා පෙනුනෙ..හැහ් හැහ්.. උඹේ චිත්තරූප මැවිල්ලනම් පංකාදු පහයි.. :D

      නෑ නෑ.. යුද්දෙ යන අතරෙදි වෙන සටනක් තමා මේ කතාව.. මම එතනදි හරියට පැහැදිලි කරලා නෑ වගේ නේද ? ඌණ පූර්ණයක් දාන්නම්.. ස්තූතියි ඒ ගැන කිව්වට..

      >> Quote from Cambridge dictionary <<

      Junta:
      a government, especially a military one, that has taken power in a country by force and not by election

      >> unquote <<

      ඊනියා කියන එකනම් මටත් ගැටළුවක්.. මට අද වගේ මතකයි මම ඔය වචනෙ අපේ තාත්තගෙන් ඇහුවා පොඩි කාලෙ.. ඒත් දුන්නු පැහැදිලි කිරීම මට හරියට තේරුන්නෑ.. මට හිතෙන්නෙ නිකන් " ඒ ආකාරයේ " වගේ අදහසක් කියලයි..

      එහෙම කියන්න ඕනා නෑ බන්.. උඹලා ඉතින් කියවන්න එන්නෙ හොඳ නිසානෙ..

      ස්තූතියි..

      Delete
  9. එක පාරක් බැලුවා. තව තුන් හතර පාරක් බලන්ට ඕනි කමෙන්ට් බලන්ට කලින්.:(

    මේ පාර කවුරු බය කරලද දන්නේ නෑ.:)

    ReplyDelete
    Replies
    1. බලලා විතරක් මදි, කියවන්ඩ ඕනා.. :D

      මේ පාර බය වෙන්ඩ ඕනා යුධ නැව් වල යන අය විතරයි.. පොඩ්ඩි යුද්ධ කරන්න යන්නැති හින්දා බය වෙනන් දෙයක් නෑ.. :D

      හිමීට එන්නකො ආයෙ..

      Delete
  10. ගොඩක් වටින ලිපියක්.. ස්තුතියි සෙන්නට..
    ඔයත් ආචාර්‍ය් උපාධියට ලෑස්ති වෙනවද? :D

    ReplyDelete
    Replies
    1. ඇගයීමට ස්තූතියි පුංචි..

      Delete
  11. මටත් ආසයි යුධ නැවක යුද්දෙට යන්න :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජ්ජුරුවො යුද්දෙට ගිය ඉස්සර බන්.. උබ ඔන්න ඔහෙ දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගන හිටහන්... :D

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. නැන්ගුරමක් විදියට වෙන්න ඇති

      Delete
    3. කකා හිටපු එකත් ඉස්මොලේ ගියා සුජියගෙ උත්තරේ දැකල... :D :D :D

      Delete
  12. රේඩාර් අවුල ගැන කියද්දී නම් මට හිනාත් ගියා. රේඩාර් කොර වුනු අවස්ථාවක්. :) අපිටත් ඔහොම වෙනවා නේ. එක පාර කවුරු හරි කීප දෙනෙක් එක වර ප්‍රශ්න කීපයක් අහනකොට.

    ආයේ කියන්න දෙයක් නෑ සෙන්නා නියම පෝස්ට් එක. මේ විස්තරේ කලින් කියවල, අහල තිබුනෙත් නෑ මං නම්. වෙහෙස වෙලා මේ වගේ වටිනා පෝස්ටු ලියනවට තුති..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන... ඔව් නේන්නම් රේඩාර් කොරවුන අවස්ථාවක් තමා.. :-)

      ඇගයීමට ස්තූතියි බන්..

      Delete
  13. බ්‍රිතාන්‍යයි අර්ජන්ටිනාවයි සීන් එක ගැන මම කලින් දැනන් හිටියේ නැහැ.ඔය දවස් වල මම ඉපදිලත් නැහැනේ.වෙනදා වගේම නියම ලිපියක් අයියා අදත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයා.. උඹ තාම ධනාත්මක චින්තනෙන්ද ඉන්නෙ ? :D

      අපිත් චූ කොල්ලො ඔය කාලෙ... කවුරු හරි දෙයක් ඉගන ගත්තනම් ඒක කොච්චර සතුටක්ද බන්..මහන්සිය අපතෙ ගිහින් නෑ කියලා හිතෙනවා එතකොට..

      ස්තූතියි බන්..

      Delete
  14. ඒ නියමයි බං සෙන්නයියේ...
    ඔය නැව් කතා කියවන්න මං පට්ට ආසයි..
    එකපාරක් මතකයි බිස්මාක් ගැන චැනල් අයි එකේ ගිය ඩිස්කවරි ප්‍රෝග්‍රෑම් එක බලන්න පට්ට පාන්දර ඇහැරිලා හිටියා...
    සිරා ඈ මේකනං..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරියා... නැව් කතා වලට මාත් මනාපයි.. නැව් කියන්නෙ ඉතින් මගෙනම් ජීවිතේ වගේ තමා.. :D

      ඔය විචාරක මහත්තයගෙ ලිපිය කියවලා නැත්තම් කියවහන්, ඩිස්කවරි බැලුවා වගේ තමා.. ඊටත් වැඩිය විස්තර තියනවා...

      Delete
  15. ආජන්ටිනා , බ්‍රිතාන්‍ය අව්ලේදී ලංකාව අරගෙන තියෙන්නේ බ්‍රිතානයේ පැත්ත කියල නම් මන් අහලා තියෙනවා , සෙන්න අයියගේ ලිපිය නම් මරු

    ReplyDelete
    Replies
    1. අඩේ ඒකත් එහෙමද ? ඕක මම දැනන් උන්නෙ නෑ..පරණ හාමුගෙ පැත්ත ගන්න ඇති :D. ඒත් නොබැඳි ජාතින්ගේ රටක් විදිහට එහෙම පැත්තක් ගන්න පුළුවන්ද ආ..?

      ස්තූතියි ඉමල්ක..

      Delete
    2. // ඒත් නොබැඳි ජාතින්ගේ රටක් විදිහට එහෙම පැත්තක් ගන්න පුළුවන්ද ආ..?//
      ඇයි බන් ඊශ්‍රායල් පලස්තීන් කේස් වලදී ඔය යස අගේට පලස්තීන් පැත්ත ගන්නේ

      Delete
    3. ඔව් නේද ? දැන් බැඳලා ඇති එහෙනම්.. :D

      Delete
  16. ලස්සනයි සෙන්නා. බොහොම අපූරුයි. සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කර තිබීම නිසයි ලිපියේ අගය වැඩි.

    මේ යුද්ධය සිදුවුන කාලය මට හොඳට මතක තියෙන්නේ පුහුණු කටයුතු සඳහා මෙය අධ්‍යයනය කල නිසයි. මේ යුද්ධයේදී ඔටුන්න හිමි චාල්ස් කුමාරයා (දැන් අහිමිද? :D) ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස සටන් බිමට ගියා.

    දැන්නම් මේ යුද්ධය සඳහා පාවිච්චි කල තාක්ෂනය දැකලා අපට හිනා ගියත් මේ ඒ කාලයේ තිබුන නවීනතම තාක්ෂනය තමයි. ඇමරිකාව සතුව පමණයි මීට වඩා දියුණු ආයුධ තිබුනේ. ඒ කාලයේ චන්ද්‍රිකා තාක්ෂනය එතරම් දියුණු නැති නිසාත් අර බ්‍රිතාන්‍ය නැව් දෙකේ ප්‍රහාරක ගුවන් යානා නොතිබුන නිසාත් තමයි ආර්ජෙන්ටිනාව සෙල්ලම් පෙන්නුවේ. ඒ වගේම තමයි මේ නැව් වල තිබුනේ දෙවැනි පරම්පරාවේ රේඩාර්. කාර්යක්ෂමතාව අතින් පහලයි ඒවා.

    බ්‍රිතාන්‍යය යුද්ධයට ගියේ අර්ජෙන්ටිනාව අවතක්සේරු කරගෙන කියලත් මට හිතෙනවා.


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක මහතා, විස්තරාත්මක කමෙන්ට් එකට.. හැමදාම ඔබේ කමෙන්ට් එකෙන් ලිපියට ලොකු ආලෝකයක් ලැබෙනවා අපි නොදන්න කරුණු එකතු වෙන නිසා..

      අරයා මම හිතන්නෙ කජ්ජ ගහනකම්ම වෙන්ඩ රජා තමා, කවදාවත් හිමි වෙන පාටක් නෑ වගේ. :D

      ආර්ජන්ටිනාව සෙල්ලම් පෙන්නලා තියෙන්නෙත් ඒ වෙනකොටත් යල් පැනපු ප්ලේන් වගයකින් නේද ?

      හෙටානිද්දම ආයෙ මේ කේස් එක ඇදෙයි කියලා හිතෙනවා.. එහෙන් මෙහෙන් ඒ ගැන අහන්න ලැබුනා..

      Delete
    2. ආර්ජෙන්ටිනාව අදටත් අවුලෙඋ දේශපාලන/ආර්ථික/සමාජමය/ තත්වයක තමයි ඉන්නේ. හරක් මස් සහ කිරි නිෂ්පාදන තමයි වැඩියෙන් කෙරෙන්නේ. නමුත් දැන් දැන් කුඩු ව්‍යාපාරය හිස ඔසවා තියනවා. මේවගේ රටවල් ඔලුව උස්සන එක නවත්තන්ඩ වෙනත් රටවල් විසින් කරන දෙයක් වෙන්ඩත් පුළුවන්. වැඩි කල් නොගිහින් මේ අනුන්ගේ ඉඩම ආපහු දෙන්ඩ එංගලන්තයට සිදුවෙනවා කියලයි මමනම් හිතන්නේ.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. ස්තූතියි විචාරක මහතා වැඩිදුර පැහැදිලි කරාට.

      Delete
  17. මම කැමතිම විදියේ ලස්සන ලිපියක්. ස්තුතියි! මහන්ස්හි වෙලා මේවගේ ලිපි දානවාට.

    ReplyDelete
    Replies

    1. @ Pisakkaatuwa,

      කාලෙකින්....

      ස්තූතියි.. ප්‍රියකරන දෙයක් දෙන්න ලැබීම ඇත්තෙන්ම සතුටක්..

      Delete
  18. කලින් කියවලවත් දැනගෙන හිටියෙවත් නෑ මේ ගැන. ස්තුතියි ලිපියට!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාබිත්,

      මේ ලිපියෙන් කවුරු හරි නොදන්න දෙයක් ඉගන ගත්තනම් මහන්සියෙ ප්‍රයෝජන තියනවා.. ඒ ගැන සතුටුයි.

      Delete
  19. පෝස්ටු දෙකක් අතර යම් කාලයක් ගනිමින් සෙන්නා ලියන්නේ කියවන අපට උපරිම සාධාරනයක් කල හැකි ලියවිලි බව නැවත නැවත් කියන්න අවශ්‍ය නෑ...මේ ලියවිල්ලත් එයට අදාළයි...රාජකාරියෙන් මිදුනු පසු ලැබෙන කෙටි විවේක කාල ගණනාවක් මිඩංගු කරමින් මෙවැනි ලිපියක් ලියන්න සෑහෙන්න වෙහෙසිය යුතු බවත් මම දන්නවා...එයට ස්තුතියි සෙන්නා...

    ඇත්තටම 80 දශකයේ මෙවැනි සටනක් ඇතිව තිබූ බවක් මම අසා තිබුනේ නෑ...මේ තොරුතුර ප්‍ර‍ථම වතාවට තමයි අද ඇහුවෙ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සිරා,

      මේ වගේ කමෙන්ට් එකක් ආයෙ ලියන්ඩ ලොකු ගැම්මක් දෙනවා..

      >> .රාජකාරියෙන් මිදුනු පසු ලැබෙන කෙටි විවේක කාල ගණනාවක් මිඩංගු කරමින්... <<

      මේක තමයි මගේ බ්ලොග් කරණය ගැන දෙන්න පුළුවන් හොඳම නිර්වචනය.. විශ්වාස කරපන් සමහර දවස් වලට එක ඡේදයක් විතරක් ලියන වෙලාවලුත් තියනවා..

      හුඟ දෙනෙක් මේ සිද්දිය ගැන නොදැනුවත් කියලා තමා පේන්ඩ තියෙන්නෙ.. ඉතින් මෙහෙම කිහිප දෙනෙකුගෙ හරි දැණුමට යමක එකතු කරනන් ලැබීම බොහොම සතුටට කාරණයක්..

      Delete
  20. යුද්ධය පැරදුණත් ආජන්ටීනාවට ඔය ජයග්‍රහණය ගැන ආඩම්බර ඇති.. මම නම් ආජන්ටීනාවටයි සපෝට් කලේ(කටින් අසහ හිතෙන් !).. මතකද අපෙ කොල්ලෙක් රජිව්ට රයිපලෙන් ගැහුවා ? අන්න ඒකට අපි ආඩම්බරයිනෙ.. මුං හැමදාම අපිට කොකා පෙන්නුවාට අපෙ කොල්ල දුන්න එකපාරක් ඉතිහාසෙටම යන්න.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ එහෙමයි.. මාත් ආර්ජන්ටිනාවට සපෝර්ට්... :D

      ඔබා මාමා කාලෙකට කලින් මගෙන් ඉල්ලීමක් කළා ඔය සිද්දිය ගැන ලියන්න කියලා.. ඒක තාම පොරොත්තු ලේඛනයේ තියෙන්නෙ කරුණු හොයාගන්න අමාරු නිසා.. ලංකාවට ගිය වෙලාවක ඒ ගැන ලිය වුන පොත්වත් තියනවද කියලා බලන්න ඕනා.. ස්තූතියි නැවත මතක් කළාට..

      Delete
  21. මේ යුද්දේ වෙනකොට මම නම් කිරිබොන එකා, ඒ නිසා ඔන්න මම කාටවත් සපෝට් කරේ නම් නෑ ,,
    හරිම රසවත් සෙන්නා ,,
    දැන් මේ දෙගොල්ලා අයිත් මේකටම නේද මේ ඇවිලෙන්න හදන්නේ

    ReplyDelete
    Replies
    1. සුජියා,

      ඔව් මටත් කණින් කොනින් අහන්ඩ ලැබුනා.. ආයෙ ඇවිලෙන්න යනවා කියලා.. අපි ඉතින් බලන් ඉමු මොනවද වෙන්නෙ කියලාඅ..

      ස්තූතියි.

      Delete
  22. කීපවරක්ම උත්සාහ කරලා අදයි බ්ලොගය හරියට ලෝඩ් වුනේ.

    පෝක්ලන්ත දූපත් සම්බන්ධ යුද්ධය ගැන අලුත් තොරතුරු දැනගන්න රේඩියෝව වටේ රැස් වූ හැටි මැවිලා පේනවා..

    ආර්ජන්ටිනා ජාතික මගේ යාලුවෙක් ඉන්නවා, ඔවුන්ගේ අදහස කවදා හරි බ්‍රිතාන්‍යයට පාඩමක් උගන්වනවා කියන එකයි (එවුන්වත් එහෙම කරනවා නම්...)

    ReplyDelete
    Replies
    1. පරණ සහෘදයෙක් දකින්න ලැබීමේ සතුට !!!!

      මට මේ ළඟකදි ඩීන් අයියව මතක් වුනා පරණ ලිපියක් බලද්දි.. නැවත පැමිණීම සතුටක්..

      ඒ මොකෝ ඩීන් අයියා, බ්ලොග් එක ලෝඩ් වෙන්නැද්ද ? මම තිබ්බ සුකුරුත්තන් වගයකුත් අයින් කරලා දැම්මා..

      මේ යුද්ධෙ ගැන එච්චර උනන්දුවක් තිබුනද ලංකාවේ ?? හරි පුදුමයි.. බලමුකො ආර්ජන්ටිනා කාරයා ආයෙ දෙයිද කියලා වැඩක්..

      ගොඩක් ස්තූතියි ඩීන් අයියා..

      Delete
  23. ෆෝක්ලන්ත යුද්ධය.. බ්‍රිතාන්‍යය තමන්ගේ ආධිපත්‍ය පතුරවන්න ගත්තු එක උත්සාහයක් වුනත් ආජන්ටීනාව තමන්ගේ සම්පත් වලින් හැකි පමණ ආක්‍රමණිකයා පිටු දැක්ක සටන් සමුහයක්.. බොහොම වටිනා ලිපියක් ලිපියක් සෙන්නා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ක්සැන්ඩර් අදහසට..එතකොටටටටටට... වටිනවා කිව්වටත්.

      Delete
  24. මං පට්ට ආසයි යුධ සීන් කියවන්න... ඇත්ත ඒව විතරයි...

    මේක නම් මං උපදින්න අවුරුදු 10කට කලින් වෙච්ච සීන් එකක්...

    ReplyDelete
    Replies
    1. යසිත් පුතා, ස්තූතියි කමෙන්ට් එකට. යුද්ධ සීන් එච්චර හොඳ ඒවා නෙමේ..පොඩි එව්වන්ට.. :D

      Delete
  25. නිවාඩු පාඩුවේ කියවන්නම් සෙන්නා.

    පහුගිය ටිකේ බ්ලොග් කියෙව්වේ බොහොම අඩුවෙන් බිස්නස් වැඩ නිසා.

    මේක මේ සති අන්තේ වත් කියවලා ඉන්න ඕන මගේ කැමතිම ජාතියේ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. නිවාඩුවෙ කියවහන් මචන්.. හදිස්සියක් නෑනෙ.. මොන දේ කරන්නත් බඩ ගෝස්තරේ හොයන් ඉඳලා එපෑයැ නේද ? :D

      ස්තූතියි කමෙන්ට් එකට.

      Delete
  26. ෆෝක්ලන්ත යුද්දය ගැන අහල තිබ්බට මේ නැව් කේස් එක ගැන දැනගෙන හිටියෙ නෑ කලින්... වෙනදා වගේම නොදැන හිටි කරුණු ගොඩක් දැන ගත්තා... හැමදාම වගේ අනේක විධ වැඩ අස්සෙ අපි වෙනුවෙන් තොරතුරු සොයලා සෙන්නා කරන මේ සේවයට ගොඩාක් ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. නොදැන සිටි කරුණු ගොඩක් දැනගන්න සැලැස්වීමට හැකිවීම සතුටට කරුනක් නොවැ..

      ස්තූතියි මියුරු මහන්සිය ඇගයූවට..

      Delete
  27. අද තමා මේ පැත්තට ආවේ.

    නොදැන හිටපු කතාවක්. දැනුවත් කිරීම ගැන ස්තූතියි. පරණ ඒවත් ඉඩ ලැබෙන විදිහට බලන්නම්.

    ReplyDelete
    Replies
    1. ගිහාන්,

      සාදරයෙන් පිළිගනන්වා කුරුන්දට.. ඉඩ තියන විදිහට කියවන්නකො.. ස්තූතියි.

      Delete
  28. සෙන්නා, අද මම මහා පුදුම ප්‍රවෘත්තියක් දැක්කා 'අල් ජසීරා' නාලිකාවේ. ෆෝල්ක්ලන්ඩ් දූපත් වල ජනමත විචාරණයක් තියලා. බහුතර කැමැත්ත බ්‍රිතාන්‍ය කොලනියක් ලෙස ඉන්නලු. (මැතිවරණ කොමසාරිස් කොයි රටේ එක්කෙනෙක්ද, මැතිවරණ කටයුතු කරපු කොම්පියුටර් කොයි රටෙන් ගෙනාව ඒවාද කියලානම් තිබුනේ නැහැ :D :D :D) මටනම් හිතෙන්නේ 'බ්‍රිතාන්‍ය ජීවන රසය' මගින් මේ රටේ මිනිස්සු මොළ සේදීමකට ලක්වෙලා වගෙයි. මෙන්න ඒ ප්‍රවෘත්තිය බලන්න ලින්ක් එකක්

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක මහතා, මම මේ ලිපියට කරුණු හොයනකොට ඔය පිළිබඳ දැනුවත් වුනා.. උඩ මම de silva ට දීලා තියන උත්තරේ බලන්නකො. ඒකෙ ඒ ගැන තියනවා..

      මටත් හිතෙන්නෙ එහෙමයි.. අනිත් එක බ්‍රිතාන්‍ය පුරවැසියෙක් කිව්වම ලෝකෙ හුඟක් රටවල කිසිම භාධාවක් නැතුව සංචාරය කරන්න පුළුවන්. හුඟක් රට වල බ්‍රිතාන්‍යය ගමන් බලපත්‍ර ධාරීන්ට on arrival වීසා හම්බෙනවා.

      ස්තූතියි ඔබට.

      Delete
  29. බොහොම නිදහසේ කියවන්න ඕනේ ලිපියක් සෙන්න මේකත් ..
    ඉන්නකෝ නිවාඩු හදන් කියවන්න එන්නම් හොදද ...

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා.. නිවාඩුවෙ එන්නකො සහන්..කිසි අවුලක් නෑ. ස්තූතියි ගොඩවැදුනට.

      Delete

    2. මෙන්න මේ හේතුව නිසයි සෙන්නා මම බොහොම හොදට වෙලාව
      අරන් මේ වගේ post කියවන්නේ...අකුරක් නෑර රස විදින්න ඕනේ නිසා..
      මේ හැම විස්තරයක්ම වැදගත් .ඔක්කොම චිත්ත රූප මැවෙනවා .ළඟ හිටියා
      වගේ දැනෙනවා ..හැබෑටම edit කරලා අයින් කරන්න කියල කිසිම වාක්‍යක් ,
      වචනයක් නැහැ ..සියල්ල එකටම සම්බන්දිතයි ...

      මේ ගණයේ post කියවන්නේ මම බොහොම හෙමීට ..අකුරක් අකුරක් නෑර
      ඔලුවට ගන්න ඕනේ ..හැම අකුරක්ම වැදගත් ..දිගටම ලියන්න සෙන්නා...
      ඔබට ජය..!

      Delete
    3. ස්තූතියි සහන්... ගැම්මක් එන කමෙන්ට් එකක් !

      Delete
  30. Art of the war...

    විචාරකතුමාගේ ලිපි වලින් දැනුණු දෙයක්ම තමා මේ ලිපියෙනුත් තහවුරු උනේ. මිනී මැරීම අකමැති දෙයක් උණත් අරමුණ කෙරෙහි උපායශීලීව පිරිස මෙහෙයවීම/ කටයුතු කිරීම අධ්‍යයනය කරන්න තරම් වටිනා වැඩක්. තාක්‍ෂණය දියුණු වීමත් එක්ක යුද්ධයක් කියන්නේ හුදෙක් මූණට මූණ ආයුධවලින් කරන සටනකට වඩා මොලෙන් දෙන ගේමක් බවට පත් වෙනවා. මම හිතන්නේ සෙන්නා "දිය කඩ ඉම/ Water margin" බලලා ඇති. තමන්ට සුදුසු පිරිස රැස් කරගන්න හැටි, උපායශීලී බව ඒකෙ හොඳට පෙන්නුම් කරනවා.

    ආජන්ටිනාව මේ සටන මෙහෙයවපු හැටි මැවිලා පෙනුණා. ගුවන් නියමුවන්ගේ දක්‍ෂ කම වගේම වාසනාවත් එදා ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා. එක අතකට ඒකට කියන්නේ වාසනාව කියලා නෙවෙයි. බ්‍රිතාන්‍ය කැප්ටන්ගෙ අදක්ෂ කම. පළපුරුදු දක්‍ෂ කැප්ටන් කෙනෙක් නම් එයාගේ හැකියාවන් වගේම පළපුරුද්දත් ක්ෂණික තීරණ වලට ඉවහල් කරගන්න ඕනි කලබල නොවී. මෙතැනදී එයා HMS Broadsword නැවෙන් ලැබිය යුතු සහය අමතක කරලා තියෙනවා කියලයි මට හිතෙන්නේ. (කියන්නනම් ලේසියි නොවැ. :D)



    පරක්කු උණාට සමාවෙන්න හොඳේ. ගෙදර ඉන්න එකම දවස පෝය විතරයිනේ. මේ වගේ ලිපියක් නිදහසේ කියවන්න ඕනි නිසා ඔන්න අද වෙනකං දවස ගානේ කල් දදා හිටියා. (මාසයක්ම..? ගිය පෝයට ගෙදර ඉන්න ලැබුන්නෑ නොවැ)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අකමා...

      යුද්ධයක් කරද්දි ඔය ඔක්කොම තියෙන්න ඕනා තමා.. කරන පොඩි වැරැද්දකට වුනත් ජීවිත වලින්ම වන්දි ගෙවන්න වෙනවා...

      දිය කඩ ඉම කියන්නෙ අර චීන කතාවද ? මම ඕක බලලා නෑ මම හිතන්නෙ..

      අයියෝ පිස්සුද කිසි පුරස්නයක් නෑ..මොකෝ පරක්කු වුනාට ලිපිය දිය වෙනවයෑ.. :D

      ස්තූතියි ආවට.. හැපි පෝය ඩේ..

      Delete
    2. ඔව් ඒකම තමා. මං මේ ළඟදී පෝස්ට් එකකට කමෙන්ට් එකක් දැම්මම මේකැ හොයාගන්න නෑ කියලා හසිත තමා හොයලා දුන්නේ. All mens are brothers

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

Sex Scene හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog