2013 මැදින් මස 29 වනදා
හවස තුනට හින්ඩන්බර්ග් ලේකර්ස්ට් අහසෙයි දර්ශනය වූවාය. එහෙත් ඒ වනවිට කාලගුණය ඉතා අයහපත් තත්ත්වයේ තිබුණු අතර ඉතා පරිස්සමෙන් කළ යුතු ගොඩ බෑමේ මෙහෙයුමට තිබූ තත්ත්වය කිසිසේත්ම යෝග්‍ය නොවුණි. එවන් අයහපත් කාලගුණ තත්ත්වයක් යටතේ ගොඩබෑමට උත්සහ කිරීම මහත් ව්‍යසනයකින් කෙළවර වීමට ඉඩ ඇති බව වටහා ගත් ලේකර්ස්ට් කඳවුරේ ප්‍රධානී, කාලගුණ තත්ත්වය යහපත් වනතෙක් ගොඩබෑම පමා කරන ලෙස කපිතාන් පෲස් හට දැන්වීය.
කපිතාන් පෲස් හට යානය ඉවතට ගැනීම හැර වෙන විකල්පයක් නොවුණි. ඔහු එය නිරිතදිග දෙසට යොමු කරවීය. රාත්‍රී දහයට නැවත පිටත් වීම යථාර්ථයෙන් දුරස් වෙන බව කපිතාන් පෲස් සහ අර්නස්ට් ලීමන් දෙදෙනාටම වැටහෙමින් තිබුණි.
හසව පහයි කාලට පමණ කාලගුණය යහපත් වූයෙන් යානය ගොඩබැස්විය හැකි බව ලේකර්ස්ට් වෙතින් දන්වා එවීය. කපිතාන් පෲස් නැවතත් යානය ලේකර්ස්ට් වෙත හැරවීය. ඒ වන විට තවමත් වර්ෂාව ඇද හැලෙමින් තිබූ බැවින් වේගය සීමා සහිත විය.
සාමාන්‍ය ගොඩබැස්සවීමේ ක්‍රමය වූ සුළං හමන දිශාවට මුහුණලා ගොඩබෑම සඳහා කපිතාන් පෲස් විසින් යානය වම් පසට හරවන ලෙස නියෝග කළේය. හදිසියේම සුළං හමන දිශාව වෙනස් විය. දැන් කපිතාන් පෲස් විසින් සිය අත්දැකීම් භාවිතා කොට ක්ෂණිකව තීරණයක් ගත යුතු අවස්ථාවයි. නැවත වටයක් ගමන් කොට සුළං හමන දිශාවට මුහුණලා ගොඩ බැස්සවිය හැකි වුවද එයට විශාල වශයෙන් කාලය වැය කිරීම අවශ්‍යය විය. ඔවුන් දැනටටමත් උවමනවටත් වඩා ප්‍රමාද වී සිටියහ. එමනිසා නාස්ති කිරීමට තරම් කාලයක් ඉතිරිව නොතිබුණි. එබැවින් කපිතාන් පෲස් විසින් ක්ෂණිකව දකුණට කරන හැරවීමක් මගින් හුළං හමන දිශාවට යානය හරවා ගොඩ බැස්සවීමට තීරණය කොට ඒ අනුව ක්‍රියාත්මක විය.
යානය ගොඩබැස්සවීමේ ස්ථානයට ළඟාවිය. හින්ඩන්බර්ග්හී ආගමනය වාර්තා කිරීම සඳහා මාධ්‍ය වාර්තා කරුවන්ද, නැරබීමට පැමිණි ජනතාවද පහත එක් රොක් වී සිටියහ. සමහර රූපවාහිනී ආයතන ගුවනින් ගොස් හින්ඩන්බර්ග් හී ආගමනය රූපගත කොට විකාශය කිරීමට තරම් ඇයගේ ආගමනය විශේෂ ප්‍රවෘත්තියක් වී තිබුණි.
යානයේ ඉදිරිපසින් නිකුත් කරනු ලබන කඹ, ගාල්කුළුණෙහි ( Mooring mast ) ගැට ගසා සෙමෙන් සෙමෙන් යානය පහතට ගැනීම සාමාන්‍ය ගොඩබෑමේ ක්‍රියාවලියයි. මුල්ම කඹය යානයේ දකුණු පසින් නිකුත් විය. ඊට මොහොතකට පසු දෙවන කඹයද වම් පසින් නිකුත් විය. ගාල්කුළුණෙහි කඹ ගැටගැසීමත් සමඟම හවස 06:25ට පමණ හදිසියේම බිම සිටි පිරිස යානයේ පසු පසින් මතුවූ ගිනිදැල් කිහිපයක් නිරීක්ෂණය කළහ. එසේ ඇරඹුණු ගිනිදැල් මහා ගිනි ජාලාවක් වීමට ගත වූයේ තත්පර කිහිපයක් පමණී. යානය නැවතත් පසු පසට බර විය. මගීන් සහ භාණ්ඩ යානයේ පසු පසට පෙරළී ගියහ. ලෝකයේ විශාලම පියාසර යන්ත්‍රය පුද්ගලයන් 97ක් සමඟ පොළොවෙන් මීටර 60 ඉහළ අහසේ ගිනි ගෙන දැවෙමින් තිබුණි. සියලු මගීන් සහ කාර්යය මණ්ඩලය දිවි ගලවා ගැනීම උදෙසා හිස් ලූ ලූ අත දුවමින් සිටියහ. පැනගැනීමට හැකියාව ඇත්තෝ යානය පොළව මට්ටමට ආසන්න වන විට බිමට පැනගෙන දිවි ගලවා ගත්හ. 62 නෙකු දිවිගලවා ගැනීමට සමත් වූ නමුදු භූමියේ සිටි සේවකයකුද ඇතුළු 36 දෙනෙකුට එම වාසනාව හිමි නොවුණි. කපිතාන් පෲස් බරපතල පිළිස්සුම් තුවාල ලබා දිවි ගලවා ගත් නමුත් අර්නස්ට් ලීමන්, පිළිස්සුම් තුවාල හේතු කොටගෙන ජීවිතයට සමු දුන්නේය. ගිනිදැල් මතුවී තත්පර 34ක් ඇතුළත හින්ඩන්බර්ග් සම්පූර්ණයෙන්ම දැවී විනාශවී ගියේය.
මෙම ඛේදවාචකය සිදුවූයේ කෙසේද යන්න අදටත් නොවිසදුණු අභිරහසක්ව පවතී. අනතුර සිදුවීමට මුල්වූ හේතුව ගැන විවිධ මතිමතාන්තර පවතී. සැකය කඩාකප්පල්කාරීන් දෙසටත්, කාලගුණය දෙසටත්, යාන්ත්‍රික දෝෂයන් දෙසටත්, හයිඩ්‍රජන් දෙසටත් ආදී වශයෙන් විවිධ ඉසව් ඔස්සේ දෝලනය විය. ජර්මනිය හා ඇමෙරිකා එක්සත් ජනපදය ඒකාබද්ධව පරික්ෂණ ඇරඹූහ. අනූවකට අධික ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි වීමසූහ. 1937දී වර්තමානයේ මෙන් දියුණු නියමු කුටි කාක්ෂණයක් නොතිබූ බැවින් අනතුර පිළිබඳව ලබාගත හැකිවූ තොරතුරු අල්ප වූහ. අනතුර වීමට බලපෑ හේතුව පිළිබඳ විවිධ න්‍යායන් ඉදිරිපත් වූ අතර එයින් සමහර න්‍යායන් අතීශය පරස්පරය, මතභේදාත්මකය.
මෙම උපකල්පනය තදින්ම පිළිගැනීමට කැමතිවූ ප්‍රධාන පුද්ගලයන් තිදෙනෙක් වූහ. ඒ, හින්ඩන්බර්ග් හී කපිතාන් මැක්ස් පෲස්, ලේකර්ස්ට් ගුවන් කඳවුරෙහි ප්‍රධානී චාර්ල්ස් රොසෙන්ඩාල් සහ සෙපලින් සමාගමේ හිටපු ප්‍රධානී ආචාර්යය හියුගෝ එකනර් ( මොහු පසුව සිය මතය වෙනස් කළේය. ) යන අයවලුන්ය.
මෑත කාලීනව ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කළ ඇමෙරිකානු ගුවන් අනතුරු පිළිබඳ විශේෂඥ ග්‍රෙග් ෆයිත්ට අනුව සාක්ෂි වාර්තා වල දැක්වෙනාකාරයට ගින්න මුලින්ම අතිවී ඇත්තේ යානයේ පසුපස ඉහළ කොටසෙනි. ස්පා විසින් බෝම්බයක් සවි කරන ලද්දේනම්, ඒ සඳහා ඔහු විසින් මීටර් තිහක් පමණ උසක් නැගිය යුතුය. නිතරම සංචාරයේ යෙදෙන කාර්යය මංඩල සාමාජිකයන් මග හැරිය යුතුය. ඔහුගේ වෘත්තිය අනුව මෙවැනි උසක් නැගීම එතරම් අපහසු දායක කරුණක් නොවුණත්, ෆයිත්ගේ තර්කය වූයේ පහසුවෙන් පිවිසිය හැකිවූ ඉන්ධන ටැන්කි අසල බෝම්බය සවිකිරීමෙන් මාරාන්තික ප්‍රතිඵල පහසුවෙන්ම ගෙනදිය හැකිව තිබියදී, එතරම් අවදානමක් දරා යානයේ ඉහළ බෝම්බයක් සවිකළ යුත්තේ මන්ද යන්නයි. ඒ අනුව ජෝශප් ස්පා විසින් කඩාකප්පල් ක්‍රියාවක නිරතවූයේයැයි යන උපකල්පනය ෆයිත් විසින්ද බැහැර කරණ ලදී.
අනතුර පිළිබඳ කියවෙන තවත් මතයක් වන්නේ හියුගෝ එකනර්ගේ නට්සි විරෝධි මත නිසා, හිට්ලර් විසින්ම යානය විනාශ කිරීමට සැලසුම් සකස් කළ බවකුයි.
ජර්මානු සහ ඇමෙරිකානු පරීක්ෂකයන් කිසිවෙකුත් කඩාකප්පල්කාරී ක්‍රියවකින් යානය අනතුරට පත්වූ බව පිළිනොගත්හ. කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට පක්ෂව අදහස් දක්වන්නන්ගේ තර්කයක් වන්නේ අනතුර එවන් ක්‍රියාවක් මගින් සිදුවූවයි පිළිගැනීම, නට්සි රජය අපහසුතාවයට පත්කරන බැවින් දේශපාලනික හේතූන් මත ඒ පිළිබඳ වූ සාක්ෂි යට ගැසූ බවකුයි.
1996 දී විශ්‍රාමික නාසා විද්‍යාඥයෙක්වූ ඇඩිසන් බේයින් විසින් අනතුර ඇතිවීමට හේතුව වශයෙන් "ප්‍රදාහක තීන්ත උපකල්පනය" ඉදිරිපත් කළේය. එයින් කියවුණේ හින්ඩන්බර්ග් හී පිටත ආවරණයෙහි ආලේපිත තීන්ත මිශ්‍රණය නිසා මෙම ගින්න ඇතිවූ බවයි. ගින්න ඇතිවීමට හා පැතිරීමට බලපෑ ප්‍රධානම සංඝටකය තීන්ත ආලේපිත බාහිර කැන්වස් ආවරණය බව මෙම උපකල්පනයට පක්ෂව අදහස් දරන්නන්ගේ මතයයි. මෙම තීන්ත මිශ්‍රණයේ අඩංගු Iron Oxide හා ඇලුමිනියම් කාවැද්දූ Cellulose acetate butyrate (CAB) යන රසායනික ද්‍රව්‍ය සම්පූර්ණයෙන් සැකසීමෙන් පසුවද ක්‍රියාකාරීව පවතින බව ඔවුන් විසින් පෙන්වා දෙන ලදී. මෙම ද්‍රව්‍යයන් ද්විත්වයම රොකට් ඉන්ධන වලටද භාවිතා කරනා සංඝටක දෙකකි.
රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් බේයින් විසින් සිය උපකල්පනය ප්‍රායෝගිකව ක්‍රියාත්මකකොට පෙන්වීය. බේයින්ගේ නියදිය ගින්නට හසුවුවද විවේචකයන් විසින් මතුකර දැක්වූයේ බේයින් විසින් ස්වාභාවිත තත්ත්වයන්ට පටහැනිව අදාළ කැන්වස් නියැදිය පහසුවෙන් ඇවිලෙන ලෙස ස්ථානගත කළබවත්, ඔහු විසින් නොකඩවා ගිනි පුළිඟු නිකුත් කරන Jacob's Ladder නම්වූ උපකරණය භාවිත කල බවත්ය. සිය මතය සනාථ කරමින් විවේචකයන් දක්වා සිටින්නේ ස්ථිති විද්‍යුතයෙන් ඇතිකරනු ලබන දුර්වල උෂ්ණත්වයක් සහිත පුළිඟුවකින් හින්ඩන්බර්ග්හී පිටත ආවරණය ඇවිලවිය නොහැකි බවයි.
මෙම උපකල්පනයට එරෙහිව සිටින්නන්ගේ තවත් මතයක් වූයේ ගින්න පිටතට දර්ශනය වීමට පෙර යානයේ වායු කුටීර අංක 4 තුළ දීප්තිමත් ආලෝකයක් ඇතිවූ බවයි. එනම් යානය ඇතුළතවූ හයිඩ්‍රජන් දහනය වීමකින් ඇරඹූ අදෘශමාන ගින්න පසුව වායු කුටීරයන් නිර්මිත ද්‍රව්‍යන් වෙත පැතිරුණු බවයි. Newsreel වීඩියෝ පටයෙහි දැක්වෙනාකාරයටද ගින්න ඇතිවී ටිබුණේ ඇතුළතින් මිස පිටතින් නොවේ. බේයින්ගේ උපකල්පනයට අනුව ගින්න ඇතිවූයේනම් එය සිදුවිය යුත්තේ බාහිරින් මිස අභ්‍යන්තරයෙන් නොවේය. නමුත් බේයින්ට පක්ෂව අදහස් දක්වන්නන්ගේ මතයනම් පිටතින් ඇතිවූ ගින්න අභ්‍යන්තරයෙන් ඇති වූවක් ලෙස දර්ශනය වී ඇති බවයි.
"MythBusters" රූපවාහිනී වැඩසටහන විසින් මෙම උපකල්පනය පිළිබඳව පරීක්ෂණයක් සිදුකරමින් පවසා සිටියේ හින්ඩන්බර්ග්හී පිටත ආවරණයෙහි ආලේපිත Aluminum සහ Iron Oxide ගිනි ඇවිලෙන සුළු වූවත්, ඒවා විසින්ම ඇතිකරණු ලබන ගින්නකින් යානය විනාශකිරීමට තරම් ප්‍රමාණවත් නොවූ බවයි. ආවරණයෙහි ගින්නක් ඇතිවීමට තරම් ලෝහ අන්තර්ගත වූයේනම් යානය ගුවන් ගත කිරීමට නොහැකි තරම් බරවිය හැකි බව ඔවුන් විසින් පෙන්වා දෙන ලදී. ඔවුන්ගේ අවසාන නිගමනය වූයේ පිටත ආවරණයෙහි ආලේප කරණ ලද තීන්ත, ව්‍යසනයට දායක වී තිබුණද එවැනි ශීඝ්‍ර ගින්නකට බලපෑ එකම හේතුව එය නොවන බවයි.
ගොඩබෑමට පෙර යානයෙහි පසු භාගය බරවීම මත, යානයෙහි කිසියම් ආකාරයක හයිඩ්‍රජන් කාන්දුවීමක් සිදුවී ඇතැයි තර්ක කරණ කොටසක්ද වෙති. කාන්දුවූ හයිඩ්‍රජන්, වාතය හා මුසුවී, වායු මලු හා පිටත ආවරණය අතර ඇති හිඩස්වල පිරවීමෙන් මෙය වන්නට ඇතැයි ඔවුන් හේතු දක්වති. හයිඩ්‍රජන් කාන්දුවීම කෙසේ සිදුවන්නට ඇත්දැයි පරස්පර තර්ක තිබුණද, වර්තමානය වනතෙක්ම නිශ්චිත හේතුවක් දැක්වීමට කිසිවකුත් අසමත්ව ඇත. බොහෝ දෙනෙකු විශ්වාසකරන පරිදි එය යානයෙහි බඳෙහි වූ ශක්තිවර්ධක කම්බි කැඩී ගොස් වායු මලු හිල්වීම නිසා හයිඩ්‍රජන් කාන්දුව සිදු වන්නට ඇති බවයි. තවත් අදහසක් වන්නෙ වායු මලුවලට හයිඩ්‍රජන් පුරවන ස්ථානයම විවර වීමකින් හයිඩ්‍රජන් කාන්දු වීම සිදු වන්නට ඇති බවයි. මෙය මින් පෙර ගමන් වාරයකදීද සිදුවී තිබුණි.
මෙම උපකල්පනයට එරෙහිව එහෙත් "ප්‍රදාහක තීන්ත උපකල්පනය"ට පක්ෂව අදහස් දක්වන්නන්, හයිඩ්‍රජන් කාන්දුවීමේදී සුදු ළුණු සුවඳක් පැතිරිය යුතු බව පැවසූවත්, එවැන්නක් දැනිය හැක්කේ කාන්දුවීම සිදුවූ ප්‍රදේශයේදී පමණකි. එමෙන්ම දහනය ඇතිවීමේදී නිකුත් වූ ප්‍රබල ගන්ධයන් හේතුකොටගෙන සුදු ළුණු සුවදක් වූයේනම් යටපත් වූවා වන්නටද හැකිය. තවද ගමන තුළදී සුදු ළුණු සුවදක් දැනුණු බවට කිසිඳු සාක්ෂියක් ලැබී නොමැත. කෙසේවෙතත්, හයිඩ්‍රජන් කාන්දුවීමේදී කිනම්වූ හෝ ගන්ධයක් නිකුත් වන බවට නිල වශයෙන් කළ පිළිගැනීමක්ද මේ දක්වා සිදුවී නොමැත.
කපිතාන් පෲස්ද ඇතුළුව බොහොමයක් කාර්යය මංඩල සාමාජිකයන්ට අනුව එකතුවෙන වැසි ජලය පසුපසට තල්ලුවීම නිසා යානයෙහි පසු පස බරවීම සාමාන්‍යය සංසිද්ධියකි. යානයෙහි කාර්යය මංඩලය විසින් යානය ගොඩබෑමට පෙර තද වර්ෂාවකට හසුවූ බවට සාක්ෂි දෙන විට, යානය පැමිණීමට පෙර හටගත් සුලු වර්ෂාව හැරෙන්නට වෙන වර්ෂාවක් හට නොගත්තේයැයි සාක්ෂිදෙන පිරිසක්ද වූහ.
නාසාහී ගගන විද්‍යා පරීක්ෂනාගාරයෙහි හිටපු අධ්‍යක්ෂකවරයෙක් වූ ඒ.ජේ. ඩෙස්ලර්, ව්‍යසනයට හේතුව වශයෙන් සරල පැහැදිලි කිරීමක් දක්වයි. ඒ අකුණු ගැසීම්ය. ඔහුට අනුව හින්ඩන්බර්ග්ද අනෙකුත් සෑම ගුවන් යානයක් මෙන්ම අකුණු වලට ලක්වී ඇත. එහෙත් එමගින් ගින්නක් ඇතිවීම වැළකී ඇත්තේ හයිඩ්‍රජන්, ඔක්සිජන් සමඟ මිශ්‍රවීමක් සිදුව නොතිබූ නිසයි. නමුත් ගොඩබෑමට සූදානම්ව, තුලන ජලය ලෙස හයිඩ්‍රජන් ඉවත් කිරීම සිදුවන අවස්ථාවේදී යානයට එල්ල වූ අකුණු පහරවල් මගින් ගිනි ගැනීම ඇතිවූ බව ඔහුගේ මතයයි. කෙසේ වෙතත් සාක්ෂි වාර්තා අනුව යානය ගොඩ බැස්සවීමට ආසන්නයේදී එය අකුණු වලට ලක්වී නොමැත.
නමුත් මෙම උපකල්පන හුදු සාකච්ඡාවක ප්‍රතිඵල ලෙස ඉදිරිපත් කොට තිබූ බැවින් එතරම් පිළිගැනීමට ලක්වී නොතිබුණි. එමෙන්ම මෙයට විරුද්ධ වූවන්ගේ තර්කය වනුයේ හයිඩ්‍රජන් දැල්වීමට සෙල්සියස් අංශක 700 ක පමණ උෂ්ණත්වයක් අවශ්‍යය වන නමුත් භාහිරින් පිහිටි එන්ජිමෙන් නිකුත්වන පුළිඟු එතරම් උෂ්ණත්වයකින් යුක්ත නොවන බැවින් ගින්නක් ඇති කිරීමට තරම් සමත් නොවන බවයි. සෙපලින් සමාගමද මේ පිළිබඳ පරීක්ෂණ සිදු කොට තිබූ අතර එහිදීද හයිඩ්‍රජන් දැල්වීමක් සිදුවී නොතිබුණි. මුලින්ම ගිනිදැල් දර්ශනය වී තිබුණේ යානයේ ඉහළ කොටසින් මිස එන්ජින් සවි කොට තිබූ පහත කොටසින් නොවන බැවින්ද මෙම උපකල්පනය අභියෝගයට ලක්විය.
ස්ථිති විද්‍යුතය මගින් නිකුත් කරණු ලැබූ ගිනි පුළිඟු නිසා කාන්දුවෙමින් පැවති හයිඩ්‍රජන් වායුව ඇවිළීමෙන් ව්‍යසනය සිදුවූ බවට කරනු ලබන පැහැදිලි කිරීම, සත්‍යයට වඩාත් ආසන්න උපකල්පනය බවට පිළිගැනීමට ලක්වී ඇත. මුලින්ම කඩාකප්පල්කාරී ක්‍රියාවක් කෙරෙහි සැක පලකළ සෙපලින් සමාගමේ ප්‍රධානී ආචාර්යය හියුගෝ එකනර් පවා පසුව මෙම පැහැදිලි කිරීම පිළිගෙන ඇත.
යානය ගොඩබෑමට ආසන්නයේ සිදු කෙරුණු ක්ෂණික හැරවීම් නිසා, යානයේ වූ ශක්තිවර්ධක කම්බි එකක් හෝ කිහිපයක් කැඩී ගොස් හයිඩ්‍රජන් වායු මලු සිදුරුවී ඇති බව මෙහිදී කෙරෙන මුල්ම පැහැදිලි කිරීමයි. යානයේ නෂ්ටාවශේෂ වලින් ලබාගත් ශක්ති වර්ධක කම්බි යොදාගෙන සිදු කරනු ලැබූ පරීක්ෂණයන්ට අනුව කම්බි මත ඇතිකර තිබූ පීඩනය ඉතා අධිකබව වාර්තාවී තිබුණි. මෙලෙස ඇතිකරවනු ලැබූ සිදුරු තුළින් කාන්දුවූ හයිඩ්‍රජන් මගින්, වායු මලු හා පිටත ආවරණය අතරවූ අවකාශය පුරවනු ලැබීය. යානය ගොඩබෑමට සුදානම්ව ගාල්කුළුණ ආසන්නයට පැමිණිවිට ඒ මත සිටි සේවකයන්ද යානයේ පිටුපස ඉහළ කොටසේ තමන් ලෙළදීමක් සිදුවනු දුටු බවට සාක්ෂි දී ඇත. මේ, කාන්දුවූ හයිඩ්‍රජන් වායුවෙන් යානයේ පිටත ආවරණය මත ඇතිකරවනු ලැබූ තෙරපුම බවට උපකල්පනය කළ හැක.
හින්ඩන්බර්ග් යානය නිර්මාණයවී තිබුණේ, ලෝහවලින් සැකසූ සැකිල්ල වසාගත් පිටත ආවරණය මගිනි. මෙම සැකිල්ල නිර්මාණය කොට තිබුණේ Duralumin නැමති ලෝහ වර්ගයෙන් වන අතර පිටත ආවරණය කපු , ලිනන් මිශ්‍රිත කැන්වසයකින් සැදී තිබුණි. මෙම පෘෂ්ඨ දෙක වෙන්වී තිබුණේ පරිවාරක දැව වර්ගයකිනි. සන්නායකතාවය ඇතිකරලීම සඳහා එම දැවමත ලෝහ ආලේපයක් තවරා තිබුණද එය බෙහෙවින්ම දුර්වල සන්නායකයක් විය.
යානය පැය දොළහක්ම ප්‍රමාදවී තිබූ නිසා යානය සුළං, ආද්‍රතාවය සහ විද්‍යුත් ආරෝපණය අධික අයහපත් කාලගුණ තත්ත්වයක් හරහා පැමිණි බව නිගමනය කළ හැකිය. අවකාශය හරහා ගුවන්යානයක් ගමන් කරණා විට අතිවිශාල ස්ථිති විද්‍යුත වෝල්ටීයතාවයක් එකතු කර ගන්නා ගන්නා අතර, අකුණු සහිත වැහිබර කාලගුණයකදී මෙම තත්ත්වය තවත් වර්ධනයවේ. යානය අහසෙහි පාවෙමින් තිබෙනා තාක්කල් මුලු යානය පුරාම එකම මට්ටමේ ස්ථිති විද්‍යුත් ආරෝපණයක් පවතින බැවින් එයින් කිසිඳු හානියක් සිදු නොවේ. නමුත් යානයේ එක් කොටසක් හෝ පොළවෙහි ස්පර්ශවූ සැණින් තත්ත්වය මුළුමනින්ම වෙනස් වීමකට ලක්වේ.
සියලු බාධක මැදින් ලේකර්ස්ට් වෙත පැමිණි හින්ඩන්බර්ග්, ගාල්කුළුණට ආසන්නවී සිය රැඳවුම් කඹ බිමට හෙළීය. ඒ සමඟම වාගේ කඹවලට සම්බන්ධව තිබූ යානයේ සැකිල්ලෙහිවූ ස්ථිති විද්‍යුත් ආරෝපණය කඹ ඔස්සේ භූගත වී ශූන්‍ය විය. එහෙත්, සැකිල්ල හා පිටත ආවරණය එකිනෙකට සම්බන්ධිත දුර්වල සන්නායක නිසා යානයේ පිටත ආවරණයෙහි වූ ස්ථිති විද්‍යුතය භූගත වීමක් නොවුණි. දැන් යානයෙහි පිටත ආවරණය හා සැකිල්ල අතර නිමාණය වූ විභව අන්තරයකි. භූගතවීමට කෙටිම මාර්ගය සොයමින් පිටත ආවරණයෙහි වූ විද්‍යුත් ආරෝපණය පුළිඟු ලෙසින් සැකිල්ල වෙත නිකුත් වූයේ කාන්දුවෙමින් වාතය හා මිශ්‍රව පැවති හයිඩ්‍රජන් වායුව දැල්වීමට ඉතා අගනා වාතාවරණයක් නිර්මාණය කරමිනි.
සාක්ෂි වාර්තා අනුව රැඳවුම් කඹ බිම හෙළූ සැනින්ම ගිනි ගැනීම සිදුවී නොමැත, ගිනි ගැනීම සිදුව ඇත්තේ කඹ පොළවෙහි ස්පර්ශවී සුළු වේලාවකට පසුවය. ඒ පිළිබඳවද කෙරෙන පැහැදිලි ඉකිරීමක් ඇත. මුලින්ම කඹ බිම හෙළූ අවස්ථාවෙහි කඹ වියළි තත්ත්වයෙන් පැවති බැවින් ඒ හරහා විද්‍යුතය ගමන් කිරීමක් සිදුවී නොමැත. එහෙත් පැවති වර්ෂාවට හසුව කඹ ක්‍රමයෙන් තෙත්වී විද්‍යුතය ගමන් කිරීමට සුදුසු වාතාවරණයක් ඇතිවූ වහාම සැකිල්ලෙහි වූ ස්ථිති විද්‍යුතය භූගත වීම සිදු වන්නට ඇති බව නිගමනයයි.
කපිතාන් පෲස් සහ ලේකර්ස්ට් කඳවුරු ප්‍රධානී චාර්ල්ස් රොසෙන්ඩාල් මෙම උපකල්පනයට තදින්ම විරුද්ධව සිටි අයවලුන්ගෙන් දෙදෙනෙකි. කපිතාන් පෲස්ට අනුව, මෙවැනි හැරවීම් අතිශය සාමාන්‍ය වන අතර එමගින් කිසිඳු හානියක් නොවේ. අනතුර කඩාකප්පල්කාරී ක්‍රියාවකින් වූ බවට පිළිගැනීමට ඔවුන් වැඩි කැමැත්තක් දැක්වූහ. ආචාර්යය එකනර්ට අනුව අනතුරෙහි වැඩිම වගකීම එල්ල වන්නෙ කපිතාන පෲස්, අර්නස්ට් ලීමන් සහ චාර්ල්ස් රොසෙන්ඩාල් යන තිදෙනා වෙතය. පෲස් සහ ලීමන් දෙදෙනා යානය ඉක්මනින් ගොඩ බෑමට උත්සහ කිරීම නිසාත්, රොසෙන්ඩාල් එම අයහපත් කාලගුණ තත්ත්වය යටතේ යානය ගොඩබෑමට අණදීම නිසාත්, ඔවුන් වගකිව යුතු බව එකනර්ගේ අදහසයි.
ඉදිරිපත්ව ඇති න්‍යායන් සියල්ල උපකල්පන මත මදනම්ව ඉදිරිපත්ව ඇති අතර කිසිඳු න්‍යායක් මේ දක්වා නිශ්චිතව තහවරු කොට නොමැත. සියල්ල අතිශය විවාදාත්මකය. එය ඉදිරියටත් එසේම වනු ඇත.
අනතුරින් උගත් පාඩම් ඇසුරින් වර්තමානයේ ගුවන් නෞකා ගුවන්ගත කිරීම උදෙසා හයිඩ්‍රජන් භාවිතාකිරීම සම්පූර්ණයෙන්ම නතරකොට දමා ඇත. හීලියම් විසින් ඒ ස්ථානය අත්පත් කොටගෙන ඇත.
හින්ඩන්බර්ග්, එදා මෙදාතුර ඉතිහාසයේ ඉඳිවූ විශාලතම පියාසර යන්ත්‍රයයි. වර්තමාන ගුවන්යාන මගින් හෝරා කිහිපයකින් අත්ලන්තික් සයුර තරණය කළද, හින්ඩන්බර්ග් මගීන් අත්විඳි ඒ සුඛෝපභෝගීත්වය අභිබවා යෑමට කිසිවෙකුත් තවමත් සමත්ව නොමැත.
හින්ඩන්බර්ග් මුල්ම වරට ඇමෙරිකාවට පැමිණි අවස්ථාවෙහි සහ විනාශ වූ අවස්ථාවෙහි සත්‍ය රූපගත කිරීම් දර්ශන.
~~නිමි~~
මූලාශ්‍ර / Sources:
ඉහත පින්තුරයේ දක්නට ඇති ආකාරයේ ගුවන් යානයක් වර්තමාන අහසේදී දුටුවහොත්, ඔබගේ දෑස් නළල මතට පැමිණීම ඔබට වැළැක්විය නොහැකි වනු ඇත. එතරම්ම විරල දසුනක් වන මෙම යානා, ඔබව විස්මයට පත් කරනු ඇත. සමහර විටෙක පිටසක්වල යානයක්යැයි වරදවා නිගමනය කිරීමට උවද හැකිය. එහෙත් අදින් වසර හැට හැත්තෑවකට පෙර මෙවැනි යානා එතරම්ම අරුමයක් නොවුණි. වර්තමානයේද මෙම යානා භාවිතා වුවත් මගී ප්‍රවාහනය වැනි කටයුතු වලට යොදා නොගනී. වෙළඳ දැන්වීම්, ඡායාරුප කරණය, සංචාරක ප්‍රවර්ධන කටයුතු වැනිදෑ සඳහා පමණක් මෙම යානා වර්තමානයේ භාවිත කරනු දක්නට ඇත.
මෙම යානා හැදින්වූයේ "Air Ships" නොහොත් "ගුවන් නැව්" වශයෙනි. අහසේ ගමන් කළද මෙහි ක්‍රියාකාරිත්වය සාමාන්‍යය ගුවන් යානයකට වඩා වෙනස් වූවකි. නැවක ක්‍රියාකාරිත්වයට ආසන්න වශයෙන් සමාන වූවකි. ගුවන් යානා තරම් වේගවත් නොවුනද මෙම නෞකා සාමාන්‍යය මුහුදු නෞකා පරයා සිටීමට සමත් වූහ.
එවන්වූ ගුවන් නෞකා, වර්තමාන ගගන තලයෙන් අදෘශමානව ඇත්තේ මන්ද ? එයට මුල්වූ ප්‍රබලම හේතුවක් පිළිබඳව කෙරෙන සවිස්තරාත්මක විග්‍රහයයි මේ...
---------------------
1937 මැයි මස තුන්වන දින ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර, ලොව මෙතෙක් නිෂ්පාදිත විශාලම පියාසර යන්ත්‍රය වූ D-LZ-129 Hindenburg ගුවන් නෞකාව සිය ගමනාන්තය වූ ඇමෙරිකාවේ නිව් ජර්සි හී ලේකර්ස්ට් ගුවන් තොට බලා ගමන් කිරීමට සුදානම් වෙමින් සිටියාය. හින්ඩන්බර්ග්, 1936 මාර්තු මස සිය සේවය ඇරඹීමෙන් පසු ඒ වන විට ගමන් වාර 60කට වඩා සාර්ථකව අවසන් කොට තිබුණි. එබැවින් එහි සුරක්ෂිතභාවය පිළිබඳ කිසිවකුටත් සැකසංකා නොතිබුණි.
හින්ඩන්බර්ග් වනාහී ජර්මනියේ සෙපලින් සමාගම ( Luftschiffbau Zeppelin GmbH ) විසින් නිර්මිත දැවැන්ත ගුවන් නෞකාවයි. මීටර 245 ක දිගකින් සමන්විත වූ නෞකාව මහල් 13ක් පමණ උසින් යුක්ත වූ ගොඩනැගිල්ලක උසකට සමානකම් කීවාය. වර්තමාන ගුවන් යානා මෙය සමඟ සැසඳීමේදී, හස්තියකු හා ගවයකු සැසඳීමේදී දකිනාකාරයේ වෙනසක් නිරීක්ෂණය කළ හැක. මීටර 30කට වඩා උසින් යුක්තවූ අති දැවැන්ත මලු 16කට පුරවනු ලැබූ ඝන මීටර දෙලක්ෂයකට ආසන්න හයිඩ්‍රජන් වායුව මගින් නෞකාව ගුවනට එසවීම සිදු කරනු ලබයි. අශ්වබල 11000 ක ධාරිතාවයකින් යුත් ඩීසල් එන්ජින් හතරක් මගින් කරකවනු ලබන පෙති මගින් යානයේ ගමන් කිරීම සිදුවේ. නෞකාවෙහි බාහිර ආවරණය කපු සහ ලිනන් මිශ්‍රිත ජල පරිවාරක ද්‍රව්‍යයකින් ආවරණය වී තිබුණි. එමගින් කාරණා දෙකක් අපේක්ෂා කෙරිණි. එකක්නම් වායු මලු අධෝරක්ත කිරණයන්ගෙන් ආරක්ෂා කර ගැනීමයි, අනෙකනම් ඒවා අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා කර ගැනීමයි.
හයිඩ්‍රජන් වායු මලු වලට යටින්, යානයේ ඉදිරිපසට වන්නට, මගීන් සඳහා වූ අංගනය නිර්මාණය වී තිබුණි. එහි මගීන් 70 කට පමණ ඉඩ පහසුකම් විය. සියලු පහසුකම් වලින් අංග සම්පූර්ණ වූ එය මගීන්ට අමතක නොවන අත්දැකීමක් එක් කිරීමට සමත් අයුරින් අති අලංකාර ලෙස නිර්මාණය කෙරී තිබුණි. එවකට ජර්මනියේ සිට ඇමෙරිකාව දක්වා එක් ගමන්වාරයක් සඳහා මගියෙකුට ඇමෙරිකානු ඩොලර් 400ක් පමණ මුදලක් දැරීමට සිදු විය. වර්තමාන මුදලින් එය ඩොලර් 5000කට ආසන්න මුදලකි. යහමින් මුදල් අතැති සුපිරි පන්තියේ අයට පමණක්ම විඳිය හැකිවූ අත්දැකීමකි හින්ඩන්බර්ග්.
හයිඩ්‍රජන් වායුව වහා ගිනි ගන්නා සුළු වායුවක් බැවින් මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නාවූ මෙවන් යාත්‍රා සඳහා කිසිසේත්ම යෝග්‍ය නොවුණි. ඇත්තෙන්ම යානය සැලසුම් කිරීමේදී මුලින්ම අවධානය යොමු වූයේ හීලියම් වායුව වෙතයි. එහෙත් හීලියම් යනු ඉතා විරල, මිලාධික වායුවක් විය. එවකට එය නිෂ්පාදනය වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙහි වූ ස්වාභාවික වායු පතල් කර්මාන්තයේ අතුරු නිෂ්පාදනයක් වශයෙන් පමණී. ඇමෙරිකාව හීලියම් අපනයනය තහනම් කොට තිබූ බැවින්, ජර්මනියට අකමැත්තෙන් උවද හින්ඩන්බර්ග් සැලසුම් කිරීමේදී හයිඩ්‍රජන් වායුව පිළිබඳ සලකා බැලීමට සිදුවිය. හයිඩ්‍රජන් භාවිතා කිරීමෙහි වාසි කිහිපයක්ද වූහ. පහසුවෙන් සපයාගත හැකි වීම සහ සාපේක්ෂව හීලියම් වලට වඩා බරින් අඩු වීම නිසා වැඩි එසවුම් බලයක් ලබාගත හැකිවීය. එමනිසාම වැඩි මගීන් සංඛ්‍යාවක් සඳහා ඉඩ පහසුකම් වෙන් කිරීමටද හයිඩ්‍රජන් වායුව යොදාගැනීම නිසා හැකියාව ලැබුණි. තවද ඒවනතෙක්ම ජර්මනිය විසින් හයිඩ්‍රජන් වායුව යොදාගන සිදුකළ ගුවන්ගත කිරීම වලින් එකම අනතුරක්වත් හෝ මරණයක්වත් සිදු නොවී තිබීමද හයිඩ්‍රජන් වායුව ආරක්ෂිතව භාවිතා කිරීම පිළිබඳ ඔවුන් සතුවූ හැකියාව පිළිබඳව විශ්වාසයක් ගොඩනැගීමට හේතුවී තිබුණි.
---------------------
---------------------
කපිතාන් මැක්ස් පෲස්, අදාළ ගමන්වාරයේදී මෙම දැවැන්ත ගුවන් නෞකාවෙහි අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළේය. ඔහු අවුරුදු විස්සක පියාසර පළපුරුද්ද සහිතවූ ප්‍රවීණයෙකි. හින්ඩන්බර්ග් ගුවන් නෞකාව මින් පෙර විසි දෙවතාවක්ම ඔහු විසින් මෙහෙයවා තිබුණි.
නැවත යුරෝපය වෙත කෙරෙන ගමන සඳහා සමාජයේ පිළිගත් ඉහළ මට්ටමේ ප්‍රභූන් වෙනුවෙන් යානය සම්පූර්ණයෙන්ම වෙන්වී තිබුණේ එංගලන්තයේ සයවන ජෝර්ජ් රජුගේ රාජාභිෂේකයට සහභාගී වීම සඳහා පැමිණීම වෙනුවෙනි. එබැවින් නියමිත වේලාවට නිව් ජර්සි වෙත ළඟාවීම සහ නියමිත වේලාවට නිව් ජර්සි වෙතින් පිටත්වීම අතිශය වැදගත් කරුණක් වී තිබුණි. එබැවින්ම උද්යෝගිමත් නට්සි ක්‍රියාකාරිකයකුවූ සෙපලින් සමාගමේ ( Deutsche Zeppelin Reederei ) මෙහෙයුම් ප්‍රධානී අර්න්ස්ට් ලීමන්ද ගමනට එකතු වූයේ සැලසුම් කළ කාලසටහන පවත්වා ගැනීම සහතික කරගැනීමේ අරමුණිනි. යානය කාලසටහනේ පරිදි නියමිත දිනට නැවත යුරෝපයට පැමිණිය නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම ලීමන්ගේ කරපිට පැටවෙනු ඇත. එබැවින් ලීමන් හට යානයේ සෑම චලනයක්ම අතිශය වැදගත් විය. තීරණාත්මක විය.
එවකට ජර්මනියේ පැවති නට්සි රජයේ ප්‍රතිපත්ති හේතු කොටගෙන ඔවුනට සිටි සතුරන් බොහෝ වූහ. හින්ඩන්බර්ග් නට්සි රජයේ ප්‍රචාරණ ව්‍යාපෘතියේ බලගතු සංකේතයක් බඳුවිය. එබැවින්ම එය නට්සි විරෝධීන්ගේ ඉලක්කයක් වීම නොවැළැක්විය හැකි කාරණයක් විය. යානය කඩාකප්පල්කාරී ක්‍රියාවක් මගින් විනාශ කිරීමට ප්‍රතිවාදීන් සැලසුම් කරණ බවට බුද්ධි තොරතුරු, නට්සි බලධාරීන් වෙතද ලැබී තිබුණි. අවධානයෙන් සිටීම සඳහා ලීමන්වද ඔවුන් ඒ පිළිබඳ දැනුවත් කළේය. එයට අමතරව මගීන්ගේ චර්යාවන් නිරීක්ෂණය කිරීම උදෙසාම පත් කරනු ලැබූ නිලධාරීන්ද යානය මත වූහ.
අයහපත් කාලගුණයද මෙම යානාවලට එරෙහිව නැගී සිටින තවත් සතුරෙකි. තද සුළං හෝ අකුණු සහිත වර්ෂා කාලගුණය, මෙහෙයවීමේ හෝ සංකීර්ණ ගොඩබෑමේ ක්‍රියාවලිය තවත් අපහසුදායක සහ අනතුරුදායක කරවන සුළුය. 1930දී බ්‍රිතාන්‍යය සතුවූ ගුවන් නැවක් අයහපත් කලගුණය හමුවේ 48 දෙනෙකුද සමඟින් විනාශවූයේ බ්‍රිතාන්‍ය ගුවන් නෞකා වැඩසටහන සම්පූර්ණයෙන්ම අවලංගු කරවමිනි. ඇමෙරිකාව සතුවූ ගුවන් නැව් කිහිපයක්ද වරින් වර කාලගුණික හේතූන් මත විනාශවී තිබුණි.
නමුත් සෙපලින් සමාගම ඒවන විටත්, ගුවන් නෞකා මගින් 100% ආරාක්ෂාකාරීව මගීන් ප්‍රවාහනය කිරීමේ 27ක් වසරක අත්දැකීම් සපුරා සිටි කීර්තිමත් සමාගමකි.
----------------------
1937 මැයි 03 වනදා උදෑසන 08:15ට නියමිත කාලසටහනට අනුවම, කපිතාන් පෲස්ගේ අණින් හින්ඩන්බර්ග් ගුවනට එසවීම ඇරඹුණි. යානය ගැටගසා තිබූ රැඳවුම් කඹ නිදහස් කොට කි.ග්‍රැ. 590ක් වූ තුලන ජලය ( Ballast Water ) නිදහස් කිරීමත් සමඟම නෞකාව ඉහළට එසවීම ආරම්භ විය. යානය මීටර 60ක උසට ළඟාවූ පසු ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වූ ඇන්ජින් හතර ක්‍රියාත්මක කරවන ලදී. මේ අතර නැරඹුම් තට්ටුවේ සිටි මගීන් පහත සිටි සිය හිතවතුන්ට සමුදෙමින් සිටියහ.
මිනිත්තු කිහිපයකින් හින්ඩන්බර්ග් සිය උපරිම වේගයවූ පැයට කි.මි. 125ක්වූ වේගයට ළඟාවී සිටියාය. කි.මි. 6500ක්වූ ගමන, දින දෙකහාමාරක් ඇතුළත නිම කිරීමට ඇය අපේක්ෂා කළාය. එය සාමාන්‍ය නෞකාවක වේගය මෙන් දෙගුණයක වේගයකි.
මැයි පස් වනදා හවස් වනවිට යානය කාලසටහනට අනුව ගමනාන්තයට ළඟා නොවන බවට කපිතාන් පෲස් ගණනය කොට තිබුණි. නියමිත වේලාව මැයි හය වන දින උදෑසන හය උවද ඔවුන් මුහුණ දෙමින් සිටි සුළං ප්‍රවාහය ඔවුන්ගේ පැමිණීම පැය දොළහකින් ප්‍රමාද කොට තිබුණි. නව පැමිණීමේ වේලාව වශයෙන් හවස හය සටහන් විය. කපිතාන් පෲස් සහ අර්නස්ට් ලීමන් මෙම තත්ත්වය පිළිබඳ බලවත් කනස්සල්ලට පත්ව සිටියහ. කාලසටහනට අනුව ඔවුන් නැවත රාත්‍රී දහයට යුරෝපය බලා පිටත් විය යුතුය. නියමිත පරිදි ඔවුන් පැමිණියේනම් පූර්ව සූදානම් වීම් සඳහා ඔවුනට පැය දාසයක කාලයක් තිබුණි. එහෙත් දැන් පවතින තත්ත්වය අනුව පැය හතරක් ඇතුළත සියල්ල සකසා ගත යුතුය. එය ඉතා අසීරු කර්තව්‍යයක් විය.
යානයේ වූ මගීන්, හෙට දින ඇමෙරිකාවට ගොඩ බැසීමේ දහසකුත් එකක් බලාපොරොත්තු සහිතව මැයි පස්වන දින රාත්‍රියේ නින්දට වන්හ. කපිතාන් පෲස් සහ අර්නස්ට් ලීමන් මුහුණ දෙමින් සිටි පීඩනය ඔවුන්ගේ නින්දට බාධාවක් නොවුණි.
ජෝශප් ස්පා, ජර්මනියේ නමක් දිනාගෙන සිටි විකට කරණම් ශිල්පියෙකි. ඔහු නැවතත් නිව්යෝර්ක් හී සිය නිවසට පැමිණීම සඳහා හින්ඩන්බර්ග් තෝරාගෙන තිබුණි. එමෙන්ම ඔහුගේ ඊළඟ ප්‍රසංගය නිව්යෝර්ක් හී පවැත්වීමටද කටයුතු සූදානම්ව පැවතුණි. සිය දරුවන්ව පුදුම කරවීමේ අරමුණින් ඔහු සුරතල් බලු පැටවකු රැගෙන එමින් තිබුණ අතර මගීන් ගමන් කළ කොටසට සතුන් රැගෙන ඒම තහනම් බැවින් ඔහුට බලු පැටියාව භාණ්ඩ තැන්පත් කරන ස්ථානයේ රැඳවීමට සිදු විය. එහෙත් බලු පැටියාට ආහාර දීම සඳහා වරින් වර ඒ වෙත ගමන් කළ යුතු වූ අතර ආරක්ෂක හේතූන් මත කාර්යය මණ්ඩලයේ කෙනෙකු හා යෑම අනිවාර්ය කර තිබුණි.
---------------------
හින්ඩන්බර්ග් මැයි හයවන දින දහවල් දෙකට පමණ නිව් යෝර්ක් නගරය මතින් ගමන් කරමින් සිටියාය. ඇයගේ ගමනාන්තය වූ නිව් ජර්සි වෙත තවත් කි.මි. අසූවක පමණ දුරක් ගෙවිය යුතු විය. නැරඹුම් තට්ටුවට රොක්වූ මගීන් නිව් යෝර්ක් නගරයේ අසිරිය යහමින් විදගත්හ.
හවස තුනට හින්ඩන්බර්ග් ලේකර්ස්ට් අහසෙයි දර්ශනය වූවාය. එහෙත් ඒ වනවිට කාලගුණය ඉතා අයහපත් තත්ත්වයේ තිබුණු අතර ඉතා පරිස්සමෙන් කළ යුතු ගොඩ බෑමේ මෙහෙයුමට තිබූ තත්ත්වය කිසිසේත්ම යෝග්‍ය නොවුණි. එවන් අයහපත් කාලගුණ තත්ත්වයක් යටතේ ගොඩබෑමට උත්සහ කිරීම මහත් ව්‍යසනයකින් කෙළවර වීමට ඉඩ ඇති බව වටහා ගත් ලේකර්ස්ට් කඳවුරේ ප්‍රධානී, කාලගුණ තත්ත්වය යහපත් වනතෙක් ගොඩබෑම පමා කරන ලෙස කපිතාන් පෲස් හට දැන්වීය.
කපිතාන් පෲස් හට යානය ඉවතට ගැනීම හැර වෙන විකල්පයක් නොවුණි. ඔහු එය නිරිතදිග දෙසට යොමු කරවීය. රාත්‍රී දහයට නැවත පිටත් වීම යථාර්ථයෙන් දුරස් වෙන බව කපිතාන් පෲස් සහ අර්නස්ට් ලීමන් දෙදෙනාටම වැටහෙමින් තිබුණි.
හසව පහයි කාලට පමණ කාලගුණය යහපත් වූයෙන් යානය ගොඩබැස්විය හැකි බව ලේකර්ස්ට් වෙතින් දන්වා එවීය. කපිතාන් පෲස් නැවතත් යානය ලේකර්ස්ට් වෙත හැරවීය. ඒ වන විට තවමත් වර්ෂාව ඇද හැලෙමින් තිබූ බැවින් වේගය සීමා සහිත විය.
සාමාන්‍ය ගොඩබැස්සවීමේ ක්‍රමය වූ සුළං හමන දිශාවට මුහුණලා ගොඩබෑම සඳහා කපිතාන් පෲස් විසින් යානය වම් පසට හරවන ලෙස නියෝග කළේය. හදිසියේම සුළං හමන දිශාව වෙනස් විය. දැන් කපිතාන් පෲස් විසින් සිය අත්දැකීම් භාවිතා කොට ක්ෂණිකව තීරණයක් ගත යුතු අවස්ථාවයි. නැවත වටයක් ගමන් කොට සුළං හමන දිශාවට මුහුණලා ගොඩ බැස්සවිය හැකි වුවද එයට විශාල වශයෙන් කාලය වැය කිරීම අවශ්‍යය විය. ඔවුන් දැනටටමත් උවමනවටත් වඩා ප්‍රමාද වී සිටියහ. එමනිසා නාස්ති කිරීමට තරම් කාලයක් ඉතිරිව නොතිබුණි. එබැවින් කපිතාන් පෲස් විසින් ක්ෂණිකව දකුණට කරන හැරවීමක් මගින් හුළං හමන දිශාවට යානය හරවා ගොඩ බැස්සවීමට තීරණය කොට ඒ අනුව ක්‍රියාත්මක විය.
ඉන්පසුව, කපිතාන් පෲස් විසින් යානය පසුපසට බරවී අති බව නිරීක්ෂණය කළේය. ගොඩබැස්සවීමට පෙර ඔහු විසින් එය සමබර කොට ගත යුතුය. ඒසඳහා කි.ග්‍රැ. 1000ක් පමණ වු තුලන ජලය නිදහස් කෙරිණ. එයට අමතරව කාර්යය මණ්ඩලයේ සය දෙනෙකුව යානයේ ඉදිරිපසට පිටත් කොට හැරියේ ඉදිරිපස බර වැඩි කිරීම උදෙසාය.
යානය ගොඩබැස්සවීමේ ස්ථානයට ළඟාවිය. හින්ඩන්බර්ග්හී ආගමනය වාර්තා කිරීම සඳහා මාධ්‍ය වාර්තා කරුවන්ද, නැරබීමට පැමිණි ජනතාවද පහත එක් රොක් වී සිටියහ. සමහර රූපවාහිනී ආයතන ගුවනින් ගොස් හින්ඩන්බර්ග් හී ආගමනය රූපගත කොට විකාශය කිරීමට තරම් ඇයගේ ආගමනය විශේෂ ප්‍රවෘත්තියක් වී තිබුණි.
යානයේ ඉදිරිපසින් නිකුත් කරනු ලබන කඹ, ගාල්කුළුණෙහි ( Mooring mast ) ගැට ගසා සෙමෙන් සෙමෙන් යානය පහතට ගැනීම සාමාන්‍ය ගොඩබෑමේ ක්‍රියාවලියයි. මුල්ම කඹය යානයේ දකුණු පසින් නිකුත් විය. ඊට මොහොතකට පසු දෙවන කඹයද වම් පසින් නිකුත් විය. ගාල්කුළුණෙහි කඹ ගැටගැසීමත් සමඟම හවස 06:25ට පමණ හදිසියේම බිම සිටි පිරිස යානයේ පසු පසින් මතුවූ ගිනිදැල් කිහිපයක් නිරීක්ෂණය කළහ. එසේ ඇරඹුණු ගිනිදැල් මහා ගිනි ජාලාවක් වීමට ගත වූයේ තත්පර කිහිපයක් පමණී. යානය නැවතත් පසු පසට බර විය. මගීන් සහ භාණ්ඩ යානයේ පසු පසට පෙරළී ගියහ. ලෝකයේ විශාලම පියාසර යන්ත්‍රය පුද්ගලයන් 97ක් සමඟ පොළොවෙන් මීටර 60 ඉහළ අහසේ ගිනි ගෙන දැවෙමින් තිබුණි. සියලු මගීන් සහ කාර්යය මණ්ඩලය දිවි ගලවා ගැනීම උදෙසා හිස් ලූ ලූ අත දුවමින් සිටියහ. පැනගැනීමට හැකියාව ඇත්තෝ යානය පොළව මට්ටමට ආසන්න වන විට බිමට පැනගෙන දිවි ගලවා ගත්හ. 62 නෙකු දිවිගලවා ගැනීමට සමත් වූ නමුදු භූමියේ සිටි සේවකයකුද ඇතුළු 36 දෙනෙකුට එම වාසනාව හිමි නොවුණි. කපිතාන් පෲස් බරපතල පිළිස්සුම් තුවාල ලබා දිවි ගලවා ගත් නමුත් අර්නස්ට් ලීමන්, පිළිස්සුම් තුවාල හේතු කොටගෙන ජීවිතයට සමු දුන්නේය. ගිනිදැල් මතුවී තත්පර 34ක් ඇතුළත හින්ඩන්බර්ග් සම්පූර්ණයෙන්ම දැවී විනාශවී ගියේය.
---------------------
මෙම ඛේදවාචකය සිදුවූයේ කෙසේද යන්න අදටත් නොවිසදුණු අභිරහසක්ව පවතී. අනතුර සිදුවීමට මුල්වූ හේතුව ගැන විවිධ මතිමතාන්තර පවතී. සැකය කඩාකප්පල්කාරීන් දෙසටත්, කාලගුණය දෙසටත්, යාන්ත්‍රික දෝෂයන් දෙසටත්, හයිඩ්‍රජන් දෙසටත් ආදී වශයෙන් විවිධ ඉසව් ඔස්සේ දෝලනය විය. ජර්මනිය හා ඇමෙරිකා එක්සත් ජනපදය ඒකාබද්ධව පරික්ෂණ ඇරඹූහ. අනූවකට අධික ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි වීමසූහ. 1937දී වර්තමානයේ මෙන් දියුණු නියමු කුටි කාක්ෂණයක් නොතිබූ බැවින් අනතුර පිළිබඳව ලබාගත හැකිවූ තොරතුරු අල්ප වූහ. අනතුර වීමට බලපෑ හේතුව පිළිබඳ විවිධ න්‍යායන් ඉදිරිපත් වූ අතර එයින් සමහර න්‍යායන් අතීශය පරස්පරය, මතභේදාත්මකය.
---------------------
වර්තමාන ලෝකයේ සිදුවන ඕනෑම අනතුරකදී වාගේම මෙන්ම මෙහිදීද මුල්ම සැකය එල්ල වූයේ කඩාකප්පල්කාරීන් දෙසටය. හිට්ලර් ප්‍රමුඛ නට්සි රජය ගෙනගිය වැඩපිළිවෙළ හේතුකොටගෙන ඒවන විටත් ඔවුන් සැලකියයුතු තරම් සතුරන් පිරිසක් ඇතිකරගන සිටියහ. මේ කුමන හෝ පාර්ශවයක් නට්සි රජයට රිදවීමේ අරමුණින් හින්ඩන්බර්ග් යානය විනාශ කෙරුවේ යැයි පිරිසක් උපකල්පනය කළහ. එයට බලපෑ අනෙක් කරුණනම් හින්ඩන්බර්ග් යනු නට්සි ප්‍රචාරණ යාන්තරණයේ ප්‍රබල සංකේතයක් වීමයි. ජර්මානුවන්ගේ හැකියාව ලොවට හඬ ගා කී සලකුණක් වීමයි.
මෙම උපකල්පනය තදින්ම පිළිගැනීමට කැමතිවූ ප්‍රධාන පුද්ගලයන් තිදෙනෙක් වූහ. ඒ, හින්ඩන්බර්ග් හී කපිතාන් මැක්ස් පෲස්, ලේකර්ස්ට් ගුවන් කඳවුරෙහි ප්‍රධානී චාර්ල්ස් රොසෙන්ඩාල් සහ සෙපලින් සමාගමේ හිටපු ප්‍රධානී ආචාර්යය හියුගෝ එකනර් ( මොහු පසුව සිය මතය වෙනස් කළේය. ) යන අයවලුන්ය.
කඩාකප්පල්කාරී ක්‍රියවක් පිළිබඳ උපකල්පනය කරන අයවලුන්ගේ සැකයට භාජනයවූ එක් සුවිශේෂී මගියකු විය. ඒ ජෝශප් ස්පාය. නිතර නිතර ඔහුගේ සුරතල් සුනඛයා හට ආහාර දීමටත්, ඌව සුරතල් කිරීමටත් යානයේ ඉන්ධන ටැංකිද රඳවා තිබූ අඩි ආරක්ෂිත කොටසට කාර්යය මංඩලය ඇතුව සහ නැතුව ඔහු විසින් අවස්ථා ගණනාවකදීම ඇතුළත්ව තිබුණි. යානය විනාශ කිරීමට බෝම්බයක් වැනි දෙයක් අටවන්නේනම් ඒ සඳහා ස්පා හට ඕනෑතරම් අවස්තා තිබුණි. එහෙත් එෆ්බීඅයි පරික්ෂකයන්ට අනුව ස්පා විසින් බෝම්බයක් ඇටවූ බවට කිසිඳු පිළිගත හැකි සාක්ෂියක් දක්නට නොමැත. එබැවින් ඔහු කෙරෙහිවූ සැකය ඉවත දැමීමට පරීක්ෂකයනට සිදු වූහ.
මෑත කාලීනව ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කළ ඇමෙරිකානු ගුවන් අනතුරු පිළිබඳ විශේෂඥ ග්‍රෙග් ෆයිත්ට අනුව සාක්ෂි වාර්තා වල දැක්වෙනාකාරයට ගින්න මුලින්ම අතිවී ඇත්තේ යානයේ පසුපස ඉහළ කොටසෙනි. ස්පා විසින් බෝම්බයක් සවි කරන ලද්දේනම්, ඒ සඳහා ඔහු විසින් මීටර් තිහක් පමණ උසක් නැගිය යුතුය. නිතරම සංචාරයේ යෙදෙන කාර්යය මංඩල සාමාජිකයන් මග හැරිය යුතුය. ඔහුගේ වෘත්තිය අනුව මෙවැනි උසක් නැගීම එතරම් අපහසු දායක කරුණක් නොවුණත්, ෆයිත්ගේ තර්කය වූයේ පහසුවෙන් පිවිසිය හැකිවූ ඉන්ධන ටැන්කි අසල බෝම්බය සවිකිරීමෙන් මාරාන්තික ප්‍රතිඵල පහසුවෙන්ම ගෙනදිය හැකිව තිබියදී, එතරම් අවදානමක් දරා යානයේ ඉහළ බෝම්බයක් සවිකළ යුත්තේ මන්ද යන්නයි. ඒ අනුව ජෝශප් ස්පා විසින් කඩාකප්පල් ක්‍රියාවක නිරතවූයේයැයි යන උපකල්පනය ෆයිත් විසින්ද බැහැර කරණ ලදී.
1962දී A. A. Hoehling විසින් රචිත Who Destroyed the Hindenburg පොත මගින් හින්ඩන්බර්ග් හී විනාශය කඩාකප්පල්කාරී ක්‍රියාවකින් මිස වෙන දෙයකින් නොවුන බව අවධාරණය කොට සිටියේය. ඔහු විසින් සිය සැකය හින්ඩන්බර්ග් හී එක කාර්යය මංඩල සාමාජිකයකු වෙත යොමුකරසිටියේය. එරික් ස්ප්හෙල් නම්වූ මෙම කාර්යයමංඩල සාමාජිකයාද අනතුරින් මිය ගොස් තිබුණි. ඔහුගේ පෙම්වතිය කමියුනිස්ට් මතධාරිනියක වීම ඇතුළු පිළිගත නොහැකි සාක්ෂි කිහිපයක් මත A. A. Hoehling උපකල්පනය ගොඩ නැගී තිබුණ අතර ඔහුගේ පොත නිකුත්වූ තැන් සිටම නිශ්චිත සාක්ෂි නොමැතිව එල්ල කරන ලද චෝදනාව, බොහොමයක්, ගුවන් යානා පිළිබඳ ඉතිහාසඥයන්ගේ දෝෂාරෝපණයට හා විවේචනයට ලක්විය.
අනතුර පිළිබඳ කියවෙන තවත් මතයක් වන්නේ හියුගෝ එකනර්ගේ නට්සි විරෝධි මත නිසා, හිට්ලර් විසින්ම යානය විනාශ කිරීමට සැලසුම් සකස් කළ බවකුයි.
ජර්මානු සහ ඇමෙරිකානු පරීක්ෂකයන් කිසිවෙකුත් කඩාකප්පල්කාරී ක්‍රියවකින් යානය අනතුරට පත්වූ බව පිළිනොගත්හ. කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට පක්ෂව අදහස් දක්වන්නන්ගේ තර්කයක් වන්නේ අනතුර එවන් ක්‍රියාවක් මගින් සිදුවූවයි පිළිගැනීම, නට්සි රජය අපහසුතාවයට පත්කරන බැවින් දේශපාලනික හේතූන් මත ඒ පිළිබඳ වූ සාක්ෂි යට ගැසූ බවකුයි.
---------------------
1996 දී විශ්‍රාමික නාසා විද්‍යාඥයෙක්වූ ඇඩිසන් බේයින් විසින් අනතුර ඇතිවීමට හේතුව වශයෙන් "ප්‍රදාහක තීන්ත උපකල්පනය" ඉදිරිපත් කළේය. එයින් කියවුණේ හින්ඩන්බර්ග් හී පිටත ආවරණයෙහි ආලේපිත තීන්ත මිශ්‍රණය නිසා මෙම ගින්න ඇතිවූ බවයි. ගින්න ඇතිවීමට හා පැතිරීමට බලපෑ ප්‍රධානම සංඝටකය තීන්ත ආලේපිත බාහිර කැන්වස් ආවරණය බව මෙම උපකල්පනයට පක්ෂව අදහස් දරන්නන්ගේ මතයයි. මෙම තීන්ත මිශ්‍රණයේ අඩංගු Iron Oxide හා ඇලුමිනියම් කාවැද්දූ Cellulose acetate butyrate (CAB) යන රසායනික ද්‍රව්‍ය සම්පූර්ණයෙන් සැකසීමෙන් පසුවද ක්‍රියාකාරීව පවතින බව ඔවුන් විසින් පෙන්වා දෙන ලදී. මෙම ද්‍රව්‍යයන් ද්විත්වයම රොකට් ඉන්ධන වලටද භාවිතා කරනා සංඝටක දෙකකි.
රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් බේයින් විසින් සිය උපකල්පනය ප්‍රායෝගිකව ක්‍රියාත්මකකොට පෙන්වීය. බේයින්ගේ නියදිය ගින්නට හසුවුවද විවේචකයන් විසින් මතුකර දැක්වූයේ බේයින් විසින් ස්වාභාවිත තත්ත්වයන්ට පටහැනිව අදාළ කැන්වස් නියැදිය පහසුවෙන් ඇවිලෙන ලෙස ස්ථානගත කළබවත්, ඔහු විසින් නොකඩවා ගිනි පුළිඟු නිකුත් කරන Jacob's Ladder නම්වූ උපකරණය භාවිත කල බවත්ය. සිය මතය සනාථ කරමින් විවේචකයන් දක්වා සිටින්නේ ස්ථිති විද්‍යුතයෙන් ඇතිකරනු ලබන දුර්වල උෂ්ණත්වයක් සහිත පුළිඟුවකින් හින්ඩන්බර්ග්හී පිටත ආවරණය ඇවිලවිය නොහැකි බවයි.
මෙම උපකල්පනයට එරෙහිව සිටින්නන්ගේ තවත් මතයක් වූයේ ගින්න පිටතට දර්ශනය වීමට පෙර යානයේ වායු කුටීර අංක 4 තුළ දීප්තිමත් ආලෝකයක් ඇතිවූ බවයි. එනම් යානය ඇතුළතවූ හයිඩ්‍රජන් දහනය වීමකින් ඇරඹූ අදෘශමාන ගින්න පසුව වායු කුටීරයන් නිර්මිත ද්‍රව්‍යන් වෙත පැතිරුණු බවයි. Newsreel වීඩියෝ පටයෙහි දැක්වෙනාකාරයටද ගින්න ඇතිවී ටිබුණේ ඇතුළතින් මිස පිටතින් නොවේ. බේයින්ගේ උපකල්පනයට අනුව ගින්න ඇතිවූයේනම් එය සිදුවිය යුත්තේ බාහිරින් මිස අභ්‍යන්තරයෙන් නොවේය. නමුත් බේයින්ට පක්ෂව අදහස් දක්වන්නන්ගේ මතයනම් පිටතින් ඇතිවූ ගින්න අභ්‍යන්තරයෙන් ඇති වූවක් ලෙස දර්ශනය වී ඇති බවයි.
"MythBusters" රූපවාහිනී වැඩසටහන විසින් මෙම උපකල්පනය පිළිබඳව පරීක්ෂණයක් සිදුකරමින් පවසා සිටියේ හින්ඩන්බර්ග්හී පිටත ආවරණයෙහි ආලේපිත Aluminum සහ Iron Oxide ගිනි ඇවිලෙන සුළු වූවත්, ඒවා විසින්ම ඇතිකරණු ලබන ගින්නකින් යානය විනාශකිරීමට තරම් ප්‍රමාණවත් නොවූ බවයි. ආවරණයෙහි ගින්නක් ඇතිවීමට තරම් ලෝහ අන්තර්ගත වූයේනම් යානය ගුවන් ගත කිරීමට නොහැකි තරම් බරවිය හැකි බව ඔවුන් විසින් පෙන්වා දෙන ලදී. ඔවුන්ගේ අවසාන නිගමනය වූයේ පිටත ආවරණයෙහි ආලේප කරණ ලද තීන්ත, ව්‍යසනයට දායක වී තිබුණද එවැනි ශීඝ්‍ර ගින්නකට බලපෑ එකම හේතුව එය නොවන බවයි.
---------------------
ගොඩබෑමට පෙර යානයෙහි පසු භාගය බරවීම මත, යානයෙහි කිසියම් ආකාරයක හයිඩ්‍රජන් කාන්දුවීමක් සිදුවී ඇතැයි තර්ක කරණ කොටසක්ද වෙති. කාන්දුවූ හයිඩ්‍රජන්, වාතය හා මුසුවී, වායු මලු හා පිටත ආවරණය අතර ඇති හිඩස්වල පිරවීමෙන් මෙය වන්නට ඇතැයි ඔවුන් හේතු දක්වති. හයිඩ්‍රජන් කාන්දුවීම කෙසේ සිදුවන්නට ඇත්දැයි පරස්පර තර්ක තිබුණද, වර්තමානය වනතෙක්ම නිශ්චිත හේතුවක් දැක්වීමට කිසිවකුත් අසමත්ව ඇත. බොහෝ දෙනෙකු විශ්වාසකරන පරිදි එය යානයෙහි බඳෙහි වූ ශක්තිවර්ධක කම්බි කැඩී ගොස් වායු මලු හිල්වීම නිසා හයිඩ්‍රජන් කාන්දුව සිදු වන්නට ඇති බවයි. තවත් අදහසක් වන්නෙ වායු මලුවලට හයිඩ්‍රජන් පුරවන ස්ථානයම විවර වීමකින් හයිඩ්‍රජන් කාන්දු වීම සිදු වන්නට ඇති බවයි. මෙය මින් පෙර ගමන් වාරයකදීද සිදුවී තිබුණි.
මෙම උපකල්පනයට එරෙහිව එහෙත් "ප්‍රදාහක තීන්ත උපකල්පනය"ට පක්ෂව අදහස් දක්වන්නන්, හයිඩ්‍රජන් කාන්දුවීමේදී සුදු ළුණු සුවඳක් පැතිරිය යුතු බව පැවසූවත්, එවැන්නක් දැනිය හැක්කේ කාන්දුවීම සිදුවූ ප්‍රදේශයේදී පමණකි. එමෙන්ම දහනය ඇතිවීමේදී නිකුත් වූ ප්‍රබල ගන්ධයන් හේතුකොටගෙන සුදු ළුණු සුවදක් වූයේනම් යටපත් වූවා වන්නටද හැකිය. තවද ගමන තුළදී සුදු ළුණු සුවදක් දැනුණු බවට කිසිඳු සාක්ෂියක් ලැබී නොමැත. කෙසේවෙතත්, හයිඩ්‍රජන් කාන්දුවීමේදී කිනම්වූ හෝ ගන්ධයක් නිකුත් වන බවට නිල වශයෙන් කළ පිළිගැනීමක්ද මේ දක්වා සිදුවී නොමැත.
කපිතාන් පෲස්ද ඇතුළුව බොහොමයක් කාර්යය මංඩල සාමාජිකයන්ට අනුව එකතුවෙන වැසි ජලය පසුපසට තල්ලුවීම නිසා යානයෙහි පසු පස බරවීම සාමාන්‍යය සංසිද්ධියකි. යානයෙහි කාර්යය මංඩලය විසින් යානය ගොඩබෑමට පෙර තද වර්ෂාවකට හසුවූ බවට සාක්ෂි දෙන විට, යානය පැමිණීමට පෙර හටගත් සුලු වර්ෂාව හැරෙන්නට වෙන වර්ෂාවක් හට නොගත්තේයැයි සාක්ෂිදෙන පිරිසක්ද වූහ.
---------------------
නාසාහී ගගන විද්‍යා පරීක්ෂනාගාරයෙහි හිටපු අධ්‍යක්ෂකවරයෙක් වූ ඒ.ජේ. ඩෙස්ලර්, ව්‍යසනයට හේතුව වශයෙන් සරල පැහැදිලි කිරීමක් දක්වයි. ඒ අකුණු ගැසීම්ය. ඔහුට අනුව හින්ඩන්බර්ග්ද අනෙකුත් සෑම ගුවන් යානයක් මෙන්ම අකුණු වලට ලක්වී ඇත. එහෙත් එමගින් ගින්නක් ඇතිවීම වැළකී ඇත්තේ හයිඩ්‍රජන්, ඔක්සිජන් සමඟ මිශ්‍රවීමක් සිදුව නොතිබූ නිසයි. නමුත් ගොඩබෑමට සූදානම්ව, තුලන ජලය ලෙස හයිඩ්‍රජන් ඉවත් කිරීම සිදුවන අවස්ථාවේදී යානයට එල්ල වූ අකුණු පහරවල් මගින් ගිනි ගැනීම ඇතිවූ බව ඔහුගේ මතයයි. කෙසේ වෙතත් සාක්ෂි වාර්තා අනුව යානය ගොඩ බැස්සවීමට ආසන්නයේදී එය අකුණු වලට ලක්වී නොමැත.
---------------------
ලේකස්ට් ගුවන්තොටෙහි සිටි රැඳවුම් කඹ මෙහෙයවන්නකු හා පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස තවත් උපකල්පනයක් ඉදිරිපත්වී තිබුණි. මෙම අදාළ සේවකයා යානය ගොඩබෑමට සූදානම්වන අවස්ථාවේ එක් එන්ජිමකින් පසුපසට විදිනු ලැබූ ගිනි පුළිඟු පොකුරක් නිරීක්ෂණය කොට ඇත. ප්‍රදාහක තීන්ත උපකල්පනයට පක්ෂ අයවලුන්ගේ මතය වූයේ, මෙසේ විසිවූ ගිනි පුළිඟු මගින් පිටත ආවරණයෙහි ඇතිවූ ගින්න අනතුරෙහි මූලාරම්භය බවයි. තවත් එක් සේවකයකු විසින් යානයෙහි වලිග කොටසෙහි අභ්‍යන්තරයේ නිල් පැහැති වළල්ලක් වැනි දෙයක් සහ මෙලෙස එන්ජිමෙන් නිකුත් වූ ගිනි පුළිඟුද නීරීක්ෂණය කොට ඇත. ඔහුගේ විශ්වාසයට අනුව නිල් පැහැති ආකාරයෙන් දර්ශනය වී ඇත්තේ කාන්දුවූ හයිඩ්‍රජන් වන අතර, ඇන්ජිමෙන් නිකුත්වූ පුළිඟු මගින් ඒවා දැල්වීමට ලක්වී ඇත.
නමුත් මෙම උපකල්පන හුදු සාකච්ඡාවක ප්‍රතිඵල ලෙස ඉදිරිපත් කොට තිබූ බැවින් එතරම් පිළිගැනීමට ලක්වී නොතිබුණි. එමෙන්ම මෙයට විරුද්ධ වූවන්ගේ තර්කය වනුයේ හයිඩ්‍රජන් දැල්වීමට සෙල්සියස් අංශක 700 ක පමණ උෂ්ණත්වයක් අවශ්‍යය වන නමුත් භාහිරින් පිහිටි එන්ජිමෙන් නිකුත්වන පුළිඟු එතරම් උෂ්ණත්වයකින් යුක්ත නොවන බැවින් ගින්නක් ඇති කිරීමට තරම් සමත් නොවන බවයි. සෙපලින් සමාගමද මේ පිළිබඳ පරීක්ෂණ සිදු කොට තිබූ අතර එහිදීද හයිඩ්‍රජන් දැල්වීමක් සිදුවී නොතිබුණි. මුලින්ම ගිනිදැල් දර්ශනය වී තිබුණේ යානයේ ඉහළ කොටසින් මිස එන්ජින් සවි කොට තිබූ පහත කොටසින් නොවන බැවින්ද මෙම උපකල්පනය අභියෝගයට ලක්විය.
---------------------
ස්ථිති විද්‍යුතය මගින් නිකුත් කරණු ලැබූ ගිනි පුළිඟු නිසා කාන්දුවෙමින් පැවති හයිඩ්‍රජන් වායුව ඇවිළීමෙන් ව්‍යසනය සිදුවූ බවට කරනු ලබන පැහැදිලි කිරීම, සත්‍යයට වඩාත් ආසන්න උපකල්පනය බවට පිළිගැනීමට ලක්වී ඇත. මුලින්ම කඩාකප්පල්කාරී ක්‍රියාවක් කෙරෙහි සැක පලකළ සෙපලින් සමාගමේ ප්‍රධානී ආචාර්යය හියුගෝ එකනර් පවා පසුව මෙම පැහැදිලි කිරීම පිළිගෙන ඇත.
යානය ගොඩබෑමට ආසන්නයේ සිදු කෙරුණු ක්ෂණික හැරවීම් නිසා, යානයේ වූ ශක්තිවර්ධක කම්බි එකක් හෝ කිහිපයක් කැඩී ගොස් හයිඩ්‍රජන් වායු මලු සිදුරුවී ඇති බව මෙහිදී කෙරෙන මුල්ම පැහැදිලි කිරීමයි. යානයේ නෂ්ටාවශේෂ වලින් ලබාගත් ශක්ති වර්ධක කම්බි යොදාගෙන සිදු කරනු ලැබූ පරීක්ෂණයන්ට අනුව කම්බි මත ඇතිකර තිබූ පීඩනය ඉතා අධිකබව වාර්තාවී තිබුණි. මෙලෙස ඇතිකරවනු ලැබූ සිදුරු තුළින් කාන්දුවූ හයිඩ්‍රජන් මගින්, වායු මලු හා පිටත ආවරණය අතරවූ අවකාශය පුරවනු ලැබීය. යානය ගොඩබෑමට සුදානම්ව ගාල්කුළුණ ආසන්නයට පැමිණිවිට ඒ මත සිටි සේවකයන්ද යානයේ පිටුපස ඉහළ කොටසේ තමන් ලෙළදීමක් සිදුවනු දුටු බවට සාක්ෂි දී ඇත. මේ, කාන්දුවූ හයිඩ්‍රජන් වායුවෙන් යානයේ පිටත ආවරණය මත ඇතිකරවනු ලැබූ තෙරපුම බවට උපකල්පනය කළ හැක.
හින්ඩන්බර්ග් යානය නිර්මාණයවී තිබුණේ, ලෝහවලින් සැකසූ සැකිල්ල වසාගත් පිටත ආවරණය මගිනි. මෙම සැකිල්ල නිර්මාණය කොට තිබුණේ Duralumin නැමති ලෝහ වර්ගයෙන් වන අතර පිටත ආවරණය කපු , ලිනන් මිශ්‍රිත කැන්වසයකින් සැදී තිබුණි. මෙම පෘෂ්ඨ දෙක වෙන්වී තිබුණේ පරිවාරක දැව වර්ගයකිනි. සන්නායකතාවය ඇතිකරලීම සඳහා එම දැවමත ලෝහ ආලේපයක් තවරා තිබුණද එය බෙහෙවින්ම දුර්වල සන්නායකයක් විය.
යානය පැය දොළහක්ම ප්‍රමාදවී තිබූ නිසා යානය සුළං, ආද්‍රතාවය සහ විද්‍යුත් ආරෝපණය අධික අයහපත් කාලගුණ තත්ත්වයක් හරහා පැමිණි බව නිගමනය කළ හැකිය. අවකාශය හරහා ගුවන්යානයක් ගමන් කරණා විට අතිවිශාල ස්ථිති විද්‍යුත වෝල්ටීයතාවයක් එකතු කර ගන්නා ගන්නා අතර, අකුණු සහිත වැහිබර කාලගුණයකදී මෙම තත්ත්වය තවත් වර්ධනයවේ. යානය අහසෙහි පාවෙමින් තිබෙනා තාක්කල් මුලු යානය පුරාම එකම මට්ටමේ ස්ථිති විද්‍යුත් ආරෝපණයක් පවතින බැවින් එයින් කිසිඳු හානියක් සිදු නොවේ. නමුත් යානයේ එක් කොටසක් හෝ පොළවෙහි ස්පර්ශවූ සැණින් තත්ත්වය මුළුමනින්ම වෙනස් වීමකට ලක්වේ.
සියලු බාධක මැදින් ලේකර්ස්ට් වෙත පැමිණි හින්ඩන්බර්ග්, ගාල්කුළුණට ආසන්නවී සිය රැඳවුම් කඹ බිමට හෙළීය. ඒ සමඟම වාගේ කඹවලට සම්බන්ධව තිබූ යානයේ සැකිල්ලෙහිවූ ස්ථිති විද්‍යුත් ආරෝපණය කඹ ඔස්සේ භූගත වී ශූන්‍ය විය. එහෙත්, සැකිල්ල හා පිටත ආවරණය එකිනෙකට සම්බන්ධිත දුර්වල සන්නායක නිසා යානයේ පිටත ආවරණයෙහි වූ ස්ථිති විද්‍යුතය භූගත වීමක් නොවුණි. දැන් යානයෙහි පිටත ආවරණය හා සැකිල්ල අතර නිමාණය වූ විභව අන්තරයකි. භූගතවීමට කෙටිම මාර්ගය සොයමින් පිටත ආවරණයෙහි වූ විද්‍යුත් ආරෝපණය පුළිඟු ලෙසින් සැකිල්ල වෙත නිකුත් වූයේ කාන්දුවෙමින් වාතය හා මිශ්‍රව පැවති හයිඩ්‍රජන් වායුව දැල්වීමට ඉතා අගනා වාතාවරණයක් නිර්මාණය කරමිනි.
සාක්ෂි වාර්තා අනුව රැඳවුම් කඹ බිම හෙළූ සැනින්ම ගිනි ගැනීම සිදුවී නොමැත, ගිනි ගැනීම සිදුව ඇත්තේ කඹ පොළවෙහි ස්පර්ශවී සුළු වේලාවකට පසුවය. ඒ පිළිබඳවද කෙරෙන පැහැදිලි ඉකිරීමක් ඇත. මුලින්ම කඹ බිම හෙළූ අවස්ථාවෙහි කඹ වියළි තත්ත්වයෙන් පැවති බැවින් ඒ හරහා විද්‍යුතය ගමන් කිරීමක් සිදුවී නොමැත. එහෙත් පැවති වර්ෂාවට හසුව කඹ ක්‍රමයෙන් තෙත්වී විද්‍යුතය ගමන් කිරීමට සුදුසු වාතාවරණයක් ඇතිවූ වහාම සැකිල්ලෙහි වූ ස්ථිති විද්‍යුතය භූගත වීම සිදු වන්නට ඇති බව නිගමනයයි.
කපිතාන් පෲස් සහ ලේකර්ස්ට් කඳවුරු ප්‍රධානී චාර්ල්ස් රොසෙන්ඩාල් මෙම උපකල්පනයට තදින්ම විරුද්ධව සිටි අයවලුන්ගෙන් දෙදෙනෙකි. කපිතාන් පෲස්ට අනුව, මෙවැනි හැරවීම් අතිශය සාමාන්‍ය වන අතර එමගින් කිසිඳු හානියක් නොවේ. අනතුර කඩාකප්පල්කාරී ක්‍රියාවකින් වූ බවට පිළිගැනීමට ඔවුන් වැඩි කැමැත්තක් දැක්වූහ. ආචාර්යය එකනර්ට අනුව අනතුරෙහි වැඩිම වගකීම එල්ල වන්නෙ කපිතාන පෲස්, අර්නස්ට් ලීමන් සහ චාර්ල්ස් රොසෙන්ඩාල් යන තිදෙනා වෙතය. පෲස් සහ ලීමන් දෙදෙනා යානය ඉක්මනින් ගොඩ බෑමට උත්සහ කිරීම නිසාත්, රොසෙන්ඩාල් එම අයහපත් කාලගුණ තත්ත්වය යටතේ යානය ගොඩබෑමට අණදීම නිසාත්, ඔවුන් වගකිව යුතු බව එකනර්ගේ අදහසයි.
ඉදිරිපත්ව ඇති න්‍යායන් සියල්ල උපකල්පන මත මදනම්ව ඉදිරිපත්ව ඇති අතර කිසිඳු න්‍යායක් මේ දක්වා නිශ්චිතව තහවරු කොට නොමැත. සියල්ල අතිශය විවාදාත්මකය. එය ඉදිරියටත් එසේම වනු ඇත.
---------------------
හින්ඩන්බර් ව්‍යසනය වාණිජ මගී ප්‍රවාහන ගුවන් නෞකා යුගයෙහි අවසානය සනිටුහන් කළේය. අනතුරින් පසු ජර්මනිය විසින් වහාම සිය අනෙක් යානය වූ Graf Zeppelin ද ගුවන් ගත කරවීම තාවකාලිකව අත්හිටුවන ලදී. බලාපොරොත්තුව වුයේ ආරක්ෂාකාරී වායුවක් වූ හීලියම් යොදාගෙන එම යානය ක්‍රියාකරවීම වුවද, ඉන්පසුව ඇරඹි දෙවන ලෝක යුද්ධය හේතුකොටගෙන එකම හීලියම් නිෂ්පාදකයා වූ එක්සත් ජනපදය, ජර්මනියට හීලියම් අපනයනය කිරීම අත්හිටුවන ලදී. ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය විසින් ගුවන් නෞකා වැඩසටහන සම්පූර්ණයෙන්ම නවතා දමා තිබුණි.
අනතුරින් උගත් පාඩම් ඇසුරින් වර්තමානයේ ගුවන් නෞකා ගුවන්ගත කිරීම උදෙසා හයිඩ්‍රජන් භාවිතාකිරීම සම්පූර්ණයෙන්ම නතරකොට දමා ඇත. හීලියම් විසින් ඒ ස්ථානය අත්පත් කොටගෙන ඇත.
හින්ඩන්බර්ග්, එදා මෙදාතුර ඉතිහාසයේ ඉඳිවූ විශාලතම පියාසර යන්ත්‍රයයි. වර්තමාන ගුවන්යාන මගින් හෝරා කිහිපයකින් අත්ලන්තික් සයුර තරණය කළද, හින්ඩන්බර්ග් මගීන් අත්විඳි ඒ සුඛෝපභෝගීත්වය අභිබවා යෑමට කිසිවෙකුත් තවමත් සමත්ව නොමැත.
හින්ඩන්බර්ග් මුල්ම වරට ඇමෙරිකාවට පැමිණි අවස්ථාවෙහි සහ විනාශ වූ අවස්ථාවෙහි සත්‍ය රූපගත කිරීම් දර්ශන.
~~නිමි~~
මූලාශ්‍ර / Sources:
1. Seconds From Disaster -S02E12 -Hindenburg Air Ship- Documentary film by NatGeo
ඡායාරූප / Pictures :
1. Wikipedia
2. Hindenburg Air Ship - Documentary film by National Geographic ( SFD )
සකස් කෙරුවේ:
~~සෙන්නා / 29.03.2013
3.30 ඉඳන් මේක කියවන්නෙ.. කියෝලා ඉවරයි උදේට කමෙන්ටුව දාන්නම්..
ReplyDeleteඕං ආවා..
Delete1."හින්ඩන්බර්ග් වනාහී ජර්මනියේ සෙපලින් සමාගම ( Luftschiffbau Zeppelin GmbH ) විසින් නිර්මිත දැවැන්ත ගුවන් නෞකාවයි. මීටර 245 ක දිගකින් සමන්විත වූ නෞකාව මහල් 13ක් පමණ උසින් යුක්ත වූ ගොඩනැගිල්ලක උසකට සමානකම් කීවාය." ඕ.. මාර විසාලයිනෙ..
2. "එහි මගීන් 70 කට පමණ ඉඩ පහසුකම් විය" අලියෙක්ගෙ පිටේ කූඹි යනවා වගේ..
3. "තුලන ජලය." ඒ මොනවද?
4. "මිනිත්තු කිහිපයකින් හින්ඩන්බර්ග් සිය උපරිම වේගයවූ පැයට කි.මි. 125ක්වූ වේගයට ළඟාවී සිටියාය. " ගුවන් නැව ඉස්සුනේ හයිඩ්‍රජන් බලයෙන්නෙ.. එතකොට ගමන් කරන්න බලය ලැබුනේ කොහොමද?
5. "ඔහු නැවතත් නිව්යෝර්ක් හී සිය නිවසට පැමිණීම සඳහා හින්ඩන්බර්ග් තෝරාගෙන තිබුණි. එමෙන්ම ඔහුගේ ඊළඟ ප්‍රසංගය නිව්යෝර්ක් හී පවැත්වීමටද කටයුතු සූදානම්ව පැවතුණි" මෙතන පොඩ්ඩක් පැහැදිලි මදි.. මොහු ජර්මන් ජාතිකයෙක්ද? ඇමරිකානුවෙක්ද?
6. ඔය නැවේ ලොකු ලොක්කෝ එහෙම ගොඩක් යන්ඩ ඇතිනෙ.. ඒ කවුද කියලා විස්තර තියෙනවාද?
7. "එහෙත් එමගින් ගින්නක් ඇතිවීම වැළකී ඇත්තේ හයිඩ්‍රජන්, ඔක්සිජන් සමඟ මිශ්‍රවීමක් සිදුව නොතිබූ නිසයි" අපි පොඩිකාලෙ අහන්නෙ 'සර් හයිඩ්‍රජන් තියෙන පරීක්ෂණ නලයකුයි ඔක්සිජන් තියෙන පරීක්ෂණ නලයකුයි එක ළඟින් ඇල්ලුවාම වතුර වැක්කෙරෙනවාද කියලා..
8. "හින්ඩන්බර්ග් එදා මෙදාතුර ඉතිහාසයේ ඉඳිවූ විශාලතම පියාසර යන්ත්‍රයයි. වර්තමාන ගුවන්යාන මගින් හෝරා කිහිපයකින් අත්ලන්තික් සයුර තරණය කළද, හින්ඩන්බර්ග් මගීන් අත්විඳි ඒ සුඛෝපභෝගීත්වය අභිබවා යෑමට කිසිවෙකුත් තවමත් සමත්ව නොමැත. " මොකක්ද සුඛෝපභෝගීත්වය..
ස්තුතියි ලිපියට..
මොකෝ කුරුන්දෙ උණ වැවිලා..
හරී මහතා,
Deleteනිදි මරාගෙන බ්ලොග් කියවනවා වගේ... :D
1,2 ට :D කියලා කියන්නම්කො..
"තුලන ජලය" කියලා මම දැම්මෙ ( මම හදාගත්තු වචනයක් හරිද, වෙන හොඳ එකක් කිව්වොත් වෙල්කම් ) Ballast Water කියන ඒවට.
සාමාන්‍යයෙන් නැවක තියනවා Ballast ටැංකි... ඒවට වතුර පිරවීම, හිස් කිරීම මගින් නැව තුලිතව ( stability ) තියා ගන්නෙ.. විශේෂයෙන් නැවේ බඩු හිස් හෝ අඩු වෙලාවට. මේ නැව් වලත් ඒ විදිහටම තුලන ජලය තියන බවක් තමා පේන්ඩ තියෙන්නෙ.. සමහර විට හයිඩ්‍රජන්ම ජලය බවට හරවලා නිදහස් කළා වෙන්නත් පුළුවන්.. ඒක මටත් එච්චර පැහැදිලි මදි..
Ballast Water වලට විකිපීඩියා පාර.. කියවලා අදහසක් ගන්නකො..
>> ගුවන් නැව ඉස්සුනේ හයිඩ්‍රජන් බලයෙන්නෙ.. එතකොට ගමන් කරන්න බලය ලැබුනේ කොහොමද? <<
ඇයි හරී අර තියෙන්නෙ එන්ජින් හතරකින් කැරකැවෙන පෙති තියනවා කියලා.. ඒවයින් තමා..
>> මොහු ජර්මන් ජාතිකයෙක්ද? ඇමරිකානුවෙක්ද? <<
මිනිහා ජර්මානුවෙක්, වාසය කළේ ඇමෙරිකාවෙ..
>> ඔය නැවේ ලොකු ලොක්කෝ එහෙම ගොඩක් යන්ඩ ඇතිනෙ.. ඒ කවුද කියලා විස්තර තියෙනවාද? <<
මේ අවසන් ගමනෙදිනම් ලොක්කො ගියා කියලා විස්තරයක් තිබුනෙ නෑ.. හැබැයි ලොක්කො වගයක් එන්න ඉඳලා තියනවා ආපහු එනකොට.. එංගලන්තෙ රජාගෙ අභිශේකෙට.. ඒකෙන් ඇතිවුන පීඩනය තමා නැව විනාශ කෙරුවෙ.
>> 'සර් හයිඩ්‍රජන් තියෙන පරීක්ෂණ නලයකුයි ඔක්සිජන් තියෙන පරීක්ෂණ නලයකුයි එක ළඟින් ඇල්ලුවාම වතුර වැක්කෙරෙනවාද කියලා.. <<
හයිඩ්‍රජන් නල දෙකකුයි, ඔක්සිජන් නලයකුයි එක ලඟින් ඇල්ලුවොත්නම් වතුර වැටෙයි මගෙ හිතේ.. :D
>> මොකක්ද සුඛෝපභෝගීත්වය.. <<
මෙහෙමයි හරී, සුපෝකභෝගිතවය බලන්න ඕනා වර්තමාන ගුවන් යානාවලට සාපේක්ශව.. පොඩි සීට් එකක ගුලිවෙලා පැය ගානක් යන එකෙයි, තමන්ටම වෙන්වුන කාමරයක ගෙදර ඉන්නවා වගේ සියලු පහසුකම් සහිතව යන එකෙයි ලොකු වෙනසක් තියනවා නේද ?
නිදි මරාගෙන කියෙව්වට ස්තූතියි..
කුරුඳු බිසිනොස් දැන් පාඩුයි.. බැලුවෙ උණ ටිකක් වවලා චීනෙට යවන්න පැන්ඩොන්ට කන්න දෙන්න..
// මෙහෙමයි හරී, සුපෝකභෝගිතවය බලන්න ඕනා වර්තමාන ගුවන් යානාවලට සාපේක්ශව //
Deleteමොකක්ද 'සුපෝකභෝගිතවය' කියන්නෙ..!? ;)
හපොයි... එය වහාම "සුඛෝපභෝගීත්වය" වශයෙන් නිවැරදිවිය යුතු බව කරුනාවෙන් සළකන්න.. ස්තූතියි බූරා..
Deleteඔය හොඳයි බන්.. අපේ මහම්මා කෙනෙක් හිටියා, ඕකට කිව්වෙ "සුපයෝගී" කියලා :D
ammo hoda lipiyak eth dawas 2k vithara kiyawannona, sthuthiyi danuwatyh kalaata
ReplyDeleteස්තූතියි ඇනෝ තුමනී... හිමීට ටික ටික කියවන්නකො.. ලිව්වෙත් එහෙමයි... :D
Deleteකුරුන්දෙන් අපූරු විදියට ඉදිරිපත් කල තවත් සටහනක්. ජය. කතාව දිග වැඩි වුනත් ඉදිරිපත් කරන වාර්තාමය ස්වරූපය ඇති කරන කුතුහලය එකදිගට කියවන්න පොළඹවනවා.
ReplyDeleteමෙවැනි ඛේදවාචක, අහිමි වූ ජීවිත නූතන සුඛෝපබෝගී ගුවන් යානා කර්මාන්තයේ දියුණුවට පාර කියා ඇත්ද?
පිටසක්වලතරණ වාණිජ යානා හඳුන්වා දෙන්න අර අදින මේ යුගයේ ඉදිරියේ දී ලියැවිය හැකි දෑ මොනවා විය නොහැකිද? ඒත් ඉදිරිගමනක් දකින්න නම් අභියෝග බාර නොගෙන බැහැ නොවැ...
ස්තූතියි ඩීන් අයියා.. ඩීන් අයියගෙ කමෙන්ට් එකක් දකිද්දිම මට මතක් වෙන්නෙම කුරුන්ද පටන් ගත්තු කාලෙ ඩීන් අයියාගෙ කමෙන්ට් වලින් ලැබිච්ච් ගැම්ම, ධෛර්යය.. ඒක අදටත් එහෙමමයි..ඒවා නොවන්න මේක නැවතිලා ගොඩක් කල්.. බොහොම ස්තූතියි ඩීන් අයියා..
Delete>> මෙවැනි ඛේදවාචක, අහිමි වූ ජීවිත නූතන සුඛෝපබෝගී ගුවන් යානා කර්මාන්තයේ දියුණුවට පාර කියා ඇත්ද? <<
අනිවාර්යයෙන්ම එහෙම වෙනවා ඇතිනේද.. මම Comet crash එක ගැන ලියපු ලිපියෙදි ඒ ගැන සඳහන් වුනා.. එහෙම කෙරෙනවා කියලා ඉෂාරත් කිව්වා මතකයි..
ඇත්තටම අනාගතයේදී අමුතු අමුතු ඛේදවාචක වෙයි, ලියවෙයි තමා.. අභ්‍යාවකාශ අනතුරු වගේ ඒවා.. ඉදිරි ගමනක් දකින්නනම් වැරදීම් තුලින් වෙන අඩුපාඩු මගහරවාගෙන ඉදිරියටම යන්න ඕනා තමා.. ඒක එදත් එහෙම වුනා, හෙටත් එහෙමම වේවි..
ඔබටත් ජය !
හුඟකාලෙකින් ගොඩ උනේ වැදගත් යමක් ඇහිඳ ගතිමි තුතී..
ReplyDeleteවැදගත් යමක් දෙන්න ලැබීම සතුටකි.. කියවීමට සහ කමෙන්ට් එකට ස්තූතියි Raj
Deleteකාලෙකට කලින් ඩිස්කවරි එකේ බලපු වැඩසටහනක් මතක් වුනා සෙන්නා.. සමහරවිට ඔය නැට්ජියෝ එකේ ගිය එකම වෙන්ටත් පුළුවන්..
ReplyDeleteමේ කතාවෙනුත් පේන්නෙ, කොයිතරම් ආරක්ෂක උපකරණ, ආරක්ෂක සැලසුම් තිබුනත් මිනිස්සුන්ගේ නොසැලකිලිමත් කම නිසා නැත්තම් හදිසිය නිසා වෙන පුංචි අතපසුවීමකින් අර ආරක්ෂක සැලසුම් ඔක්කොම කනපිට ගැහෙන්න පුළුවන් කියන එක නේද.??
ඩිස්කවරි එකෙනුත් වෙනම වැඩසටහනක් ( What Destroyed the Hindenburg ) හදලා තියනවා මගෙ හිතේ.. නැට් ජියෝ කාරයනම් හෙන බොරුවක් බන් කරලා තියෙන්නෙ.. ඌ නිකන් යානය විනාශ වෙන්න හේතුව උන් හොයාගත්තා වගේ පෙන්නල තියෙන්නෙ.. බලාගන ගියාම මේ තියරීස් ඔක්කොම ඒ කාලෙම එලියට ආපු ඒවා.. ඒකෙන් වුනේ මට ලිපිය මග ඉඳලා ආයෙ ලියනන් වුනා... :D
Deleteඔව් බන්, මොන ආරක්ශක පියවරවල් ගත්තත් එක පුංචි අතපසු වීමක් ඇති ඔක්කොම විනාශ වෙන්න..
Maxxa... Bohooma pin.
ReplyDeleteස්තූතියි සපුමල්..
Delete//ගුවන් යානා තරම් වේගවත් නොවුනද මෙම නෞකා සාමාන්‍යය මුහුදු නෞකා පරයා සිටීමට සමත් වූහ.//
ReplyDeleteහපොයි මුහුදු යානා කියන ඒවා බඩගානවනේ ...:D
මට නම් හිතාගන්ට බැරි ඔච්චර සුවපහසු ඒවා මිනිස්සුන්ට ඔනි ඇයි කියලා. අපි දවස් ගානක් එක ගුවන් යානෙක යනවා නම් කමකුත් නෑ. මේ වගේ දේවලට ලොකුම හේතුව තමයි මිනිස්සුනේ තියන තණ්හාව කොච්චර දේවල් තිබුනත් මදි. ලඟදිම පාරවල්වල ඉඩ නැති හන්දා පියාඹන කාර්, එහෙමත් තියෙන දවස් වැඩි ඈතක නෑ මගෙ හිතේ. අනෙක ඩ්‍රයිවර් කෙනෙක් ඕනි වෙන එකකුත් නෑ.
ඔන්න ආයෙම නම් මම ගුවන් ගමන් කරනකොට සෙන්නා ගැන හිත හිත ඉන්ට බෑ හොඳේ . ඒ හන්දා ඔය පුපුරපු, ගිනි ගත්තු කෑලි මම දැක්කේ නෑලු.:)
පොඩ්ඩි, මුහුදු යානා වලට විතරක් බනින්න එපා හරිය.. අපිට තදවෙනවා..:D ඇයි දෙයියනේ බඩගෝස්තරේ හොයාගන්නෙ ඒකෙන් වෙච්චි..:D:D . මුහුදු යානා එහෙමතමා පොඩ්ඩි.. ගොළුබෙලි ගමනින් යන්නෙ.. දැන්නම් ඉතින් මගී ප්‍රවාහනයට මුහුදු යානා යොදා ගන්නෙ සංචාරක කර්මාන්තෙදි විතරනෙ..
Delete>> මට නම් හිතාගන්ට බැරි ඔච්චර සුවපහසු ඒවා මිනිස්සුන්ට ඔනි ඇයි කියලා. අපි දවස් ගානක් එක ගුවන් යානෙක යනවා නම් කමකුත් නෑ....... <<
මේ කියන කාලෙ වෙනකොට Air Plane කියන ඒවා එච්චර භාවිතාවෙලා නැති බවක් තමා පේන්නෙ.. මුල්ම මගී ගුවන් සේවා ඇරඹිලා තියෙන්නෙත් මේ කියන Air ship වලින් තමා.. ඉතින් ගමන හෙමින් හින්දා අනිවාර්යයෙන් සැපපහසුව ගැන බලන්න වෙනවනෙ.. ඒක තමා මේවා මෙච්චර පහසුකම් ඇතුව ගොඩනැගෙන්න හේතු වෙලා තියෙන්නෙ..
මක්කටෙයි බය වෙන්නෙ.. ඔය මාතෘකාවෙම කියලා තියෙන්නෙ දැන් Passenger Air Ships නෑ කියලා.. බය නැතුව යන අහක යන්න.. වෙලාව ආවම කොහෙ හිටියත් වෙන්න තියනදේ වෙනවා.. ඒක වලක්වන්න සැක්කරයටවත් බෑ..:D
හොඳට කරුණු සහිතව ලියලා තියෙනවා. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. බොහොම ස්තූතියි.
ReplyDeleteබොහොම ස්තූතියි ඇනෝ අගය කළාට..
Deleteඔය විදිහට මිනිස්සු දාස් ගනනක් ජීවිත පූජා කරලා ඉගෙනගත්ත තක්ෂණයක් තිබිලත් තාමත් වැරදි වෙනවා. කොන්කෝඩ් නැති උනා..මේ ලඟදිත් බැටරි ප්‍රශ්නෙකට ගුවන් යානා වර්ගයක් කොට උඩ තිබ්බා නේද ?
ReplyDeleteසාරවත් රසවත් ලිපියක්.. ඇත්තෙන්ම මම මේ යානා ගැන දෙන හිටියේ නෑ.. ලජ්ජයි නේද ?
ඔව් සරත් අයියා... මිනිසා කොච්චර සම්පූර්ණයි කියලා හිතන් හිටියත් සම්පූර්ණ නෑ.. තියන අඩුපාඩු අපිට පේන්නෑ.. ඉතින් මිනිසා විසින් නිර්මාණය කරලා පවත්වාගෙන යනදේවලටත් ඒක උරුමයි.. මටත් මතකයි දැනට මාසෙකට, එකාහාමාරකට වගේ උඩදි බෝයින් සීරිස් එකක් බිමට බැස්සෙව්වා..
Deleteලැජ්ජා වෙන්නෙ මොකෝ සරත් අයියා, අපිට හැමදේම දැනගන ඉන්න බෑනෙ.. මමත් මේ ලඟදි මේ යානා ගැන දැනගත්තු වෙලේ මගේ ඇස් උඩ ගියා.. මට ටික වෙලාවක් යනකම් අදහ ගන්නත් බරුව ගියා එහෙම ජාතියක් තියනවද කියලවත්..
ස්තූතියි..
සෙන්නා මමත් මේ විස්තර එකතු කලා ලියන්න කියලා. ඔයා ඉස්සර වුණා. ඒත් ඒක එහෙම වුණ එක හොඳයි. මොකද මේක ඉතාම පැහැදිලි විස්තර සහිත වටිනා ලිපියක්.
ReplyDeleteහැමදාම වගේ සෙන්නා මේකත් වටිනවා.
ස්තුතියි
අයියෝ.. සමාවෙන්න ඉෂාර මම ඒ ගැන දැනගෙන හිටියනම් මේක ලියන්ඩ හිතන්නෙවත් නෑ.. මොකද මේවට ඔයා තරම් සුදුස්සෙක් තවත් නෑ.. නොදැන වෙච්ච අත්වරැද්දට සමාවෙන්න.. ඔයාගෙ ලිපිය ඔයාගෙ ශෛලියෙන් ලියවෙන නිසා ඒකත් දාමු කියලා යෝජනා කරනවා.. මට මගහැරුනු කරුණුත් එක්ක..
Deleteපිස්සු කියන්න එපා සෙන්නා.....මේ ලිපිය අහලටවත් මට එන්න බෑ. මේක නියමයි. මම ලියපු නැති එක හොඳයි. හුඟක් විස්තර තියෙනවනෙ.
Deleteලිපිය ගොඩක් වැදගත් සෙන්නා හැමදාම වගේ.මට එදා ඉඳන් තිබ්බ
ReplyDeleteප්‍රශ්නයක් තමයි මේවා හුළඟට ගහගෙන යන්නේ නැද්ද කියන දේ.
උඩු හුලන් ගැන කාටද විශ්වාසය තියන්න පුළුවන්..කුඩයක් ඉහලන්
වැව් බන්ට් එහෙකවත් යන්න බැහැනේ අඩුම තරමේ..කොච්චර
හුලන් බදනවද ..
ඔකේ උපරිම වේගේ 125 පැකිමි .තිබ්බ නම් ඒක සෑහෙන්න ලොකු
වේගයක්නේ සෙන්නා .හිතන්න වාහනේක windscreen එකට කොච්චර
හුලන් බදනවද ඔය වෙගේදී . ඉතින් ඔහොම ලොකුම ලොකු නැවක් වගේ
එකක් 120ට යද්දී පිස්සු හැදෙනවා ..මොනවා උනත් අවුරුදු 27 සේවය
කරා කියන්නේ පුළුවන් නිසානේ නැද්ද ? :D
අනිත් දේ තමයි සෙන්නා මම නම් කියන්නේ ඕක තනිකර කඩාකප්පල්
කරන්න කරපු වැඩක්..නැත්නම් අවුරුදු 27 මොන හෙණයක් වත් නොවුන
එක විනාස වේවිද ඔය විදිහට..
මට ප්‍රශ්නේ තියෙන්නේ විශාල ධනවත් මිනිස්සු හරි ඕව පුද්ගලික වියදමෙන්
හදන්නේ නැති කම ..මට මතක විදිහට හයිඩ්‍රජන් ඝන මීටර් 80 කට විතර මිනිහෙක්ව
උනත් උස්සන්න පුළුවන්...
අනිත් දේ සෙන්නා හයිඩ්‍රජන් ගිණි ගන්න අංශක 600 / 700 ඕනේ නැහැ..පුංචි
ගිනි පුලිඟුවක් ඇති ගින්න පටන් ගන්න..ගිණි ගත්තට පස්සෙයි දැල්ල ඒ ගානට
රත් වෙන්නේ...
ඔයා නිකමට ඔය පැත්තේ අළුහුණු එහෙම හොයාගන්න තියේ නම් හයිඩ්‍රජන් ටිකක්
හදල නිකන් හඳුන් කූරක් ලන් කරන්න ..පුපුරලා ගිණි ගන්නේ ...
මගේ අකුණු ලිපියෙත් මම ඔය ගැන ඩිංගක් දාල තිබ්බේ ස්ථිති විද්‍යුත් සිද්දිය
ගුවන් යාන වල හැදෙන..
මොනවා උනත් ආසාවෙන් කියෙව්වා..මම ඔයාගේ ටයිටනික් එකත් බැලුවා ..
ෆිල්ම් එකට හපන් ..මේ දැනුත් ඒ ලිපිය මට කට පාඩමෙන් කියන්න පුළුවන්..
අකුරක් නෑර මතකයි...:)
ගොඩක් ස්තූතියි සහන්.. මට ඉතින් තාක්ෂණික කරුණු ගැන එච්චර දැනුමක් නෑ.. වැරදි දැක්කොත් කියන්න.. අංශක 700 කතාවනම් මම විකිපීඩියා එකෙන් තමා දැන ගත්තෙ. ඒක එහෙම නෙමේද ?
Deleteහින්ඩන්බර්ග්නම් අවුරුදු 27ක් වැඩකරලා නෑ සහන් අවුරුද්දකට ටිකක් වැඩියි.. එච්චරයි.. අවුරුදු 27ක් ගැන මම කොහෙදි හරි කියලා තිබුනද ?
මම හිතන්නෙ දැන්තියන නවීන ගුවන් යානාවල වේගයට ආසන්නවෙන්නවත් බැරි නිසා මේවා ජනප්‍රිය නෑ කියලයි.. කවුරු හරි එකක් හදව ගත්තත් තමන්ගෙ තත්ත්වය පෙන්වනන් මිසක් ඊට වඩා ප්‍රයෝජනයක් ගන්න බෑ කියලයි මට හිතෙන්නෙ..
වර්තමානයේදී ගුවන් යානාවල හැදෙන ස්ථිති විද්‍යතය ඩිස්චාර්ජ් කරන්න මොකක් හරි පිළිවෙලක් තියනවද සහන්.. මට ඒ ප්‍රශ්ණය ඇතිවුනා මේගැන හෙව්වට පස්සෙ..මොකද නැත්නම් දැනුත් මේ වගේ අනතුරු වෙන්න එපෑයෑ..
ස්තූතියි ආසාවෙන් කියවලා අගය කළාට..
ඔව් සෙන්නා හයිඩ්‍රජන් නම් පුංචිම දෙකින් උනත් ගිණි ගන්නවා ..යකඩ කෑලි
Deleteදෙකක් ඇතිල්ලිලා ගිණි පුපුරක් ආවත් ඇති..හැබැයි ගිණි ගත්තට පස්සේ ලොකුම
ලොකු උෂ්ණත්වයකට රත් වෙනවා...මන් හිතන්නේ 700 වගේ එන්නේ ඒ ගාණ.
මොකද ඔය යානයේ ලෝහ උණු වෙලත් තියෙනවා නේද ගිණි ගද්දි ?
\\\නමුත් සෙපලින් සමාගම ඒවන විටත්, ගුවන් නෞකා මගින් 100% ආරාක්ෂාකාරීව මගීන් ප්‍රවාහනය කිරීමේ 27ක් වසරක අත්දැකීම් සපුරා සිටි කීර්තිමත් සමාගමකි.///
සොරි සොරි මම හිතුවේ මේ කියන්නේ මෙයා ගැන කියලනේ......
\\\වර්තමානයේදී ගුවන් යානාවල හැදෙන ස්ථිති විද්‍යතය ඩිස්චාර්ජ් කරන්න මොකක් හරි පිළිවෙලක් තියනවද සහන්.. මට ඒ ප්‍රශ්ණය ඇතිවුනා මේගැන හෙව්වට පස්සෙ..මොකද නැත්නම් දැනුත් මේ වගේ අනතුරු වෙන්න එපෑයෑ.. ///
***********ගුවනේ සැරි සරමින් ඉන්න ගුවන් යානයක් මෙහෙම අකුණකට මූණ පෑවොත් සම්පූර්ණ පරිගණකගත ජාලයම බිඳ වැටෙනවා එක මොහොතෙන්.ගොඩක් ගුවන් යාන විනාශ වීම වෙලා තියෙනවා 1970 විතර වෙනකම්.අයිස් ස්පටික , හිම ස්ඵටික එක්ක වෙන ඝර්ෂණය නිසාත් ගුවන් යානයක් තුලත් ලොකු ස්ථති විද්‍යුතයක් ඇති වෙලා ගුවන් යානයේ සංනිවේදන ඇන්ටෙනා / පරිගණක ජාලය අක්‍රීය වෙන තත්වයක් එනවා ..නමුත් අද පියාසැරීමට අවසර ලැබෙන්නේ මෙවැනි අකුණකට / ස්ථති විද්‍යුත් ප්‍රහාරයකට උනත් ඔරොත්තු දෙන්න පුළුවන් ආකාරයේ ප්‍රමිතියක් තියෙන ගුවන් යාන විතරයි..
ඒ නිසා බය වෙන්න එපා ගුවනේදී ඔබ ආරක්ෂිතයි...**********
ඔව් තියෙනවා සෙන්නා හැම තටුවකම නිකන් කට්ටක් වගේ උල් දෙයක්.මම ඔය අකුණු
ගැන ලිපියෙත් ඒ ගැන දාන්න ගිහින් දැම්මේ නැහැ 100% අදාළ නැති නිසා.අද කාලේ නම්
ගොඩක් වෙලාවට වෙන්නේ ගිණි ගැනීම් වලට වඩා යානයේ සන්නිවේදන ජාලය බේරගන්න .
මොකද ඔය ස්ථිති විද්‍යුත් ප්‍රශ්නේ නිසා ගොඩක් වෙලාවට චිප් පිච්චෙනවා ඇන්ටෙනා වල
final step වල..ගුවන් යානයක දුර ඉබේ හැදෙන සිස්ටම් එකක් තියෙනවා අහල පහල
වෙන ගුවන් යානා එක්කයි , නගර එක්කයි ( gps නෙවේ ) .අන්න ඒක තමයි ගොඩක් වෙලාවට
පිච්චෙන්නේ .ඔයාල නැව් වල පාවිච්චි කරන්නේ AIS .අන්න ඒ වගේ දෙයක්..ඔය ප්‍රශ්න නිසා
අදටත් ඇන්ටෙනා ජාති 25 විතර එකම ප්ලේන් එකට හයි කරනවා stand by දිවීම සඳහා..
\\\මම හිතන්නෙ දැන්තියන නවීන ගුවන් යානාවල වේගයට ආසන්නවෙන්නවත් බැරි නිසා මේවා ජනප්‍රිය නෑ කියලයි.. කවුරු හරි එකක් හදව ගත්තත් තමන්ගෙ තත්ත්වය පෙන්වනන් මිසක් ඊට වඩා ප්‍රයෝජනයක් ගන්න බෑ කියලයි මට හිතෙන්නෙ..////
ඒත් හිතන්න සෙන්නා මහා විශාල නැවක් වගේ එහෙක අත්ලන්තික් මුහුදට උඩින්
මුහුදු හුලන් වැදී වැදී දරු පවුල පිටින් ඈත ලස්සන තැන් පෙන්න පෙන්න යන්න
මොන සල්ලි කාරයද අකමැති..?මොන දැරුවද අකමැති ? මොන බිරින්දෑද අකමැති ?
මේක බුද්ධි දැක්කොත් ලස්සන චිත්‍රයක් අඳියි ...හිතන්න වලකුලුත් ගෑවෙනවා , හුළඟත්
එනවා , ලෝකේ එහා කොනේ ඉඳන් මෙහා කොනටම පේනවා , ගෑනියි ළමයි ටිකත්
ඉන්නවා... සැප කනේ නෙහ් ?
ආහ් මටත් 27 කතාව අමතකවුනනෙ සහන්.. එහෙම බැලුවම ඔයා කියන කතාව හරි.. ඒත් මටනම් කඩාකප්පල් තියරිය පිලිගන්න මැලිකමක් තියනවා.. ඒත් ඉතින් හරියටම කියනන් බෑනෙ මොකද වෙලා තියෙනෙන් කියලා.. සමහර විට කවුරු හරි මරාගෙන මැරෙන මෙහෙයුමක් කළා වෙන්නත් පුළුවන්..
Deleteස්තූතියි පැහැදිලි කිරීමට...
ඔව් ඉතින් සල්ලි කාරයෙකුට එහෙම ආසාවක් ඉශ්ඨකර ගන්න හිතෙන්නත් පුලුවන්.. ඔය සමහර සල්ලි කාරයො තමන්ටම කියලා ප්ලේන්, නැව්, යොච්ට් එහෙම තියන් ඉන්නෙ. ඒත් කවුරුවත් මෙහෙම එකක් හදවගත්තා කියලා අහන්න නෑ තමා නේද ?
මේ යානා වර්තමානයේ නැතුවම නොවේ සහන් තවම එක එක කටයුතු වලට භාවිතා කරනවා.. Heavy lift handling operations වලටත් භාවිතා කරනවා කියලා මම දැක්කා..
ඕන් බලන්ටකෝ ඉතිං .... පාන්දර ඉඳල ලෝඩ් කරන් හිටියට දැන් තමා කියවල ඉවර වුනේ.
ReplyDeleteහරී මහතා ප්‍රශ්න පත්තරයක්ම අහලනේ, තව වෙන මොනවද.
මටත් මතකයි කොහේදි හරි ඔය යානය ගිනිගන්න දර්ශන පෙන්වපු වැඩසටහනක් නැරඹුව ටීවී එකේ. මගේ හිතේ දැන් අවුරුදු 10 - 12 කට විතර කලින්. මමත් එදා තමා ඉස්සෙල්ලම ඔය වගේ යානයක් ගැන දැනගත්තෙ. ඇත්තටම මට පුදුම හිතුන (ඒ වෙනකොට මම දැකල තිබුනු ගුවන් යානාවල හැටියට) මේ වගේ සෙල්ලම් බඩුවකිනුත් ඒ කාලෙ මිනිස්සු මහාද්වීප තරණය කළාය කිව්වම. මොකෝ දැන් වගේ මොකක් හරි කොනක් අහුවුන ගමන් හොයන් බලන්න අපිට ඉන්ටනෙට් තිබුන එකක්යැ.
ගොඩ වැඩිකරගන්න ජර්මන්කාරයො ලෝක යුද්ධ දෙකක්ම කළේ නැත්නම් අද වෙනකොට උන් මොන මොන දේවල් හදල තියෙන්න තිබුනද. අපරාදෙ.
ඔය යානය විනාශ වුනාට පස්සෙ, ඒකෙන් නැවත එංගලන්තෙට යන්න හිටපු ලොකු ලොක්කො ටිකට හිතිච්ච දේවල් එයාලගෙන් අහල වාර්තාකරල තිබුනනම් වටිනව නේද? :)
ස්තූතියි DDT.
Deleteමම නම් මේ බොහොම මෑතකදි මේ යානා ගැන දැනුවත් වුනේ බන්.. මම ඔය සරත් අයියටත් කියලා තියනවා වගේ මගේ ඇස් උඩ ගියා ඒක දැක්කම..
ජර්මානුවො කියන්නෙ ඇත්තටම සුපිරි ජාතියක් බන්.. උන් නියම වැඩකාරයො.. ජපන්නුන්ටත් බෑ උන් එක්ක හැරෙන්නවත්.. ඒකනම් අත්තටම අපරාදයක් තමා.. ඒත් උන් වර්තමානයෙත් මොන මොනවා හරි කරනවා ඇති.
උඹ මතුකරන්නෙ මරු පොයින්ට් එකක්.. ඒවා හොයාගන්න පුලුවන්නම් හරි රසවත් වෙයි.. උන්දලා බේරිච්ච හැටි කියවන ඒවා.. හැබයි අවසාන තියරිය සත්‍යනම් විනාශයට ඒ ගොල්ලොත් වග කියනන් ඕනා..
ස්තූතිය් DDTයා පාන්දර ඉඳලා කියෙව්වට... ලිපිය දෙකට කඩන්නත් හදලා ආයෙ නිකන් හිටියා බන්..පුදුම අකමැත්තක් මට තියෙන්නෙ ලිපි කෑලි වලට කඩන්න.. බැරිම වුනොත් හැර..
අතීතයට ආපහු ගියා. මේ කතාව මම මුලින්ම කියෙවේ 1970 දශකයේ පළවූ නවයුගය පත්තරේකින්. ඊටපස්ස මෑත කාලේදී ඩිස්කවරි නාලිකාවෙන් සවිස්තරව බැලුවා. හැබැයි සිංහල පාඨකයා වෙනුවෙන් ඔබ මේ ඉටුකර තිබෙන කාර්යය අද්විතීයයි. හැමදාම වගේ ඔබේ මේ සද්කාර්යය ඉහලින්ම අගය කරනවා.
ReplyDeleteමේ බැලූන් යානා යුද කටයුතු වලට නොගැලපෙන බව තේරුම් ගැනීමත් මේවා අත්හැර දැමීමට එක හේතුවක්.
හරී ගේ ප්‍රශ්න වැල බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි.
අසමි දකිමි සොයමි ලියන විචාරක
විචාරක මහතා,
Deleteඉමහත්ව අගය කිරීම පිළිබඳව ගොඩක් ස්තූතියි..
ඔන්න මම ලියන්න ඉඳලා අමතක වෙච්ච පොයින්ට් එකක් ඔබ තුමා මතක් කළා.. මෙම යානා පළමු ලෝක යුද්ධෙදි බෝම්බ හෙලන්න භාවිතා කරලා තියනවා.. මෙතන බලන්නකො..
හරීගෙ ප්‍රශ්ණ වැල හැමදාම බොහොම දෙනෙකුට ප්‍රොයෝජනවත්..
බැලූන් යානා අතහැරීමෙන් පස්සේ හිට්ලර් රොකට් තාක්ෂණය දියුණු කරන්න බොහොම මහන්සිගත්තා. ඒ ගැන ටිකක් කරුණු හොයාබලන්නකෝ. දීර්ඝ ලිපියක් ලියන්න තරම් කරුණු තියනවා.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ස්තූතියි විචාරක මහතා... ඒ ගැනත් පොඩ්ඩක් හොයන්න ඕනා. කොහොමද ඔබතුමා ඒ ගැන ලිව්වොත් ?
Deleteකම්මැලියා කම්මැලියා. එකත් මගේ ඇඟේ ගහන්නයි කල්පනාව. මගේ ළඟ තිබුනා පොතක් සෙන්නා ඔය මාතෘකාවට අදාලව. ටිකක් හොයලා බලන්නම්. හැබැයි කරුණු හම්බවුනොත් බල බලා ඉන්න එපා ඔයා ලියන්න.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
විචාරක තුමාටත් මම අකුණු ගැන ලියපු පෝස්ට් එකට
Deleteඑකතු කරන්න දේවල් ඇති...ඒ නිසා එන්න මගේ බ්ලොග්
එක පැත්තෙත් ..ලින්ක් එක මගේ උඩ කමෙන්ට් එකේ තියෙනවා..
( මෑතක ඉඳන් අමනාප වගේ අයත් ආවට කමක් නැහැ ඒ පාර දිගේ. )
හෙහ් හෙහ්.. කම්මැලිකමත් එකක් තමා.. :D
Deleteඔබතුමාට ඒ පිළිබඳ වැඩි සුදුසුකම් තියනවා කියලා හිතුනා ඒකයි එහෙම කිව්වෙ.. පොතකුත් තියනවනම් වැඩේ ලේසියිනෙ.. ඔබතුමා වැඩේ පටන් ගත්තොත් මට කියන්න. නැත්නම් මම පස්සෙ හිමීට ගේමට එන්ටර් වෙන්නම්... :D
ඈහ් කවුද අමනාප වෙලා තියෙන්නෙ.. ?
Deleteමේ සිංහල බ්ලොග් කාරයන්ටනම් ඇත්තටම පිස්සු බන්.. මොනවා බෙදාගන්න බැරුව මුන් බේද භින්න වෙනවද මංදා.. !! අර අටමා කිව්වා වගේ මේවට සල්ලි එහෙම ගෙව්වනම් මේ වෙනකොට මිනී කීයක් මැරිලා තියෙයිද දන්නෑ..
\\\අර අටමා කිව්වා වගේ මේවට සල්ලි එහෙම ගෙව්වනම් මේ වෙනකොට මිනී කීයක් මැරිලා තියෙයිද දන්නෑ..//
Delete100% aththa senna..
පැය ගානක් කියවන්න වුනා මේ ලියපු ඒවා තේරුම් ගන්න උත්සාහ කරන්න..මටත් හිතෙන්නෙ පුළිඟු පැනීම නිසා ගින්න ඇති වුනා කියන එක සාධාරණයි වගේ..
ReplyDeleteවීඩියෝ එක බලද්දි නම් අනේ අපුච්චේ කියලා හිතුනා..මෙච්චර දැවැන්තයෙකුටත් යකඩ ගුලියක් (ඇලුමීනියම් ගුලියක් කිව්වොත් හරි මං හිතන්නෙ) වෙන්න ගිහින් තියෙන්නෙ තත්පර 34යිනෙ...
1. මේකෙ මගීන් 70ක් වැනි පොඩි මගීන් ගනනක් අරගෙන ගිහින් තියෙන්නෙ ඉඩ පාඩු මදි හින්දද? එ මගීන් ගියපු කුටි වල පින්තූර නැද්ද?
2. මේ මගී නෞකා වල අවසාන එක කිව්වනෙ..එ කියන්නෙ මේ වෙනකොට සාමාන්‍ය මගී ගුවන් යානා සංවර්ධකය වෙමින්ද තිබුනේ?
3. ජර්මනිය ඇරෙන්න මෙම යානා තිබුනෙ වෙන මොන රටවල්වලටද?
4. ශක්තිවර්ධක කම්බි කියන්නෙ මොනවටද?
5. මේ වීඩියෝවේ මිනිස්සු එළියට පනිනවා පෙනෙන්නට නැහැ නේද? කොහොම වුනත් මේකෙන් බැහැගන්න විඳින දුක දැක්කම අනිච්චේ කියලා හිතෙනවා..
6. කුරුන්දේ සොරි සොරි උණ කැලේ ඊළඟ ලිපිය කවද්ද?
මේ වගේ හීනෙන්වත් ඉගෙන ගන්න කියවන්න නොහිතන දෙයක් ගැන ඇල්මක් ඇති කලාට සෙන්නාට පින්..
හප්පොච්චියේ ඒ කියන්නෙ මම ලියලා තියනවා පහැදිලි මදිද..? අවුලක් තියන තැනක් ඇහුවොත් මට තේරෙන විදිහට කියලා දෙන්න පුළුවන් රූ.. බැරිම වුනොත් සහන් ඉන්නවා උදව් කරන්න..
Deleteමටත් හිතෙන්නෙ ඔය ස්ථිති පුළිඟු තියරිය සත්‍යයට වඩාත් ආසන්නයි කියලා..
1. මේකෙ මගීන් 70ක් වැනි පොඩි මගීන් ගනනක් අරගෙන ගිහින් තියෙන්නෙ ඉඩ පාඩු මදි හින්දද? එ මගීන් ගියපු කුටි වල පින්තූර නැද්ද?
මගීන් ගාන් සීමාසහිත වෙලා තියෙන්නෙ රූ, හයිඩ්‍රජන් වලින් ඔසවන්න පුලුවන් බර ප්‍රමාණය සීමිත නිසා. මගීන් වැඩි කරන්නනම් තව වායු මලු වැඩි කරන්න වෙනවා.. එතකොට යානය තවත් විශාල වෙනවා.. හීලියම් වලින් මේතරම්වත් බෑ කියලා කියනවා..පින්තුරනම් මම හෙව්වෙ නෑ රූ, පොඩි සර්ච් පාරක් දැම්මොත් හම්බෙයි.
2. මේ මගී නෞකා වල අවසාන එක කිව්වනෙ..එ කියන්නෙ මේ වෙනකොට සාමාන්‍ය මගී ගුවන් යානා සංවර්ධකය වෙමින්ද තිබුනේ?
ඔව්නෙ.. විසිවන ශතවර්ශයේ පුල හරියෙන් රයිට් සහෝදර වරු වැඩ පටන් ගන්නෙ..මේ වෙනකොට ටික ටික මගී ගුවන් යානා ( Aeroplane ) වර්දනය වෙලා තිබුනෙ.. දෙවෙනි ලෝක යුද්ධෙදිත් ප්ලේන් භාවිතා කළානෙ.
3. ජර්මනිය ඇරෙන්න මෙම යානා තිබුනෙ වෙන මොන රටවල්වලටද?
මට දැනගන්න ලබුන විදිහට, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය වගේ රටවල තිබිලා තියනවා..
4. ශක්තිවර්ධක කම්බි කියන්නෙ මොනවටද?
Bracing wires
5. මේ වීඩියෝවේ මිනිස්සු එළියට පනිනවා පෙනෙන්නට නැහැ නේද? කොහොම වුනත් මේකෙන් බැහැගන්න විඳින දුක දැක්කම අනිච්චේ කියලා හිතෙනවා..
මට හරි පුදුමයි මේ අනතුරින් හැට ගානක් බේරුනා කිව්වම මේ පිච්චෙන වේගෙත් එක්ක.
6. කුරුන්දේ සොරි සොරි උණ කැලේ ඊළඟ ලිපිය කවද්ද?
දන්නෑ... :D
නෑ සෙන්නා..මේක කියවන්න ගොඩක් වෙලා ගියා කිව්වෙ ඔයාගේ අඩ්‍රුපාඩුවක් හින්දා නෙවි..මේ කියන ඒවා තේරුම් ගන්න හෙමින් සැරේ කියවන්න ඕන නිසා..
Deleteස්තුතියි අච්චර ලොකු ලිපියක් ලියලා මේ වගේ ප්‍රශ්න වලටත් උත්තර දෙන්න කාලය වැය කලාට..අන්තිම ප්‍රශ්නයට දී ඇති පිළිතුර බාරගත නොහැකි බව කරුණාවෙන් දන්නවමි..!!
ස්තූතියි.. දැන්තමා හිතට පොඩි හයියක් ආවෙ..මම හිතුවෙ මම ලියලා තියන විදිහ මංඥන් කියලා.. :D මොකද සමහර තාක්ශණික කරුණු එක්ක ඔට්ටු වෙද්දි ( විද්‍යා විශයන් ගැන තියන මගෙ දැනුම බොහොම අල්පයි. ) ලිපිය නිකන්ම නීරස, ව්‍යාකූල එකක් වෙන්ඩ තියන ඉඩ බොහොම වැඩියි.
Deleteඅවසාන ප්‍රශ්ණයට දී ඇති පිළිතුර බාරගත නොහැකි වූවත්, එය සත්‍යට වඩාත්ම ආසන්න පිළිතුර බව මෙසේ සහතික කොට සිටිමි... :D
ඇත්තටම ඊලඟට මොකක් ගැනද ලියන්නෙ කියලවත් මට අදහසක් නෑ රූ.. බලමු.. හැමදාම වගේ හොඳ, රසවත් දෙයක් ගැන ලියන්න හම්බෙයි කියලා බලාපොරොත්තු වෙනවා..
මම හිතාගෙන හිටියේ මේ ජාතියේ ගුවන් නැව් කල්පිතයක් විතරයි කියලා. චිත්‍රපට දෙක තුනක ඔය වගේ ගුවන් නැව් දැකලා තියෙනවා.2011 වසරේ තිරගත වුන The Three Musketeers චිත්‍රපටයේත් ඔයිට සමාන ගුවන් නැවක් තියෙනවා.
ReplyDeleteඑඩ්ගර් රයිස් බරෝස් විසින් රචිත Tarzan at the Earths Core පොතෙත් මේ වගේ යානාවන් ගැන සදහන් වෙනවා. හයිඩ්රජන් වායුව පිරවීමේ බයානක කම පිලිබදවත් එහි සදහන් වෙනවා.
බොහොම ස්තුතියි දැනුවත් කිරීමට.
ජය වේවා!!
බණ්ඩා, බොහොම ස්තූතියි පැමිණ ඔබ දන්නදේත් කිව්වට. මමනම් ඔය ෆිල්ම් එකවත්, පොතවත් බලලා නෑ.. ඒ කියන්නෙ එඩ්ගර් රයිස් බරෝස් දැනුවත්වෙලා ඉඳලා තියනවා මේ යානා ගැන..
DeleteThe Three Musketeers ෆිල්ම් එකේ තියෙන්නෙ ඒකෙම පෙන්වන හැටියට ලියනාඩෝ ඩාවින්චි විසින් යාන්ත්‍රික සැලසුම් ඇඳපු, පසුව ඔවුන් ඒ අනුව නිපදවූ යානානේද? මට මතක එහෙම. අනෙක ඒවා අර වායු බැලූන් වගේමනේ, උඩ තියෙන විශාල බැලුමකින් ඔසොවාගෙන යන සාමාන්‍ය මුහුදු නැවක් වගේ එකක්නේද.
Deleteසෙන්න ඒ ෆිල්ම් එක බලල නෑ කිව්වම පුදුමයි මට. ඔය පල්ලෙහා තියෙන ලින්ක් එකේ උඩින්ම තියෙනව ඒ යානා.
http://thunderclam.wordpress.com/2011/10/23/whats-buckingham-wearing-these-days/
මම ඉතින් ෆිල්ම් වලට එච්චර පන්නන්නෑ ..DDT
Deleteමේවනම් ගුවන් නැව් නෙමේ ගුවන් ඔරු..:D හබලුත් තියනවා.. කාක්කො මරන්ඩද දන්නෑ... හෙහ් හෙහ්..:D
ෆිල්ම්වලින් නම් ගොඩක් මේවා දැකලා තියෙනවා. හැබැයි දැන් කාලේ වුණත් සංචාරක කටයුතු ප්‍රවර්ධනයට මේවගේ අයිටම් එකකුත් නරකම නැහැ
ReplyDeleteකරනවනම් ඔය තියෙන්නෙ වැඩ හසිත. ලංකාව වටේ යන සුපිරි මගී නැව් සේවයකුත් නියම අදහසක්.. අපේ අය ඉතින් සීගිරි අප්සරාවො ටිකයි, බීච් ටිකයි පෙන්න පෙන්න ඉන්නවා හැමදාම.
Deleteආයුබෝවන් කීවා සෙන්නා...
ReplyDeleteහනිකට මුල් චේද කිහිපය ආසාවෙන් කියෙව්වා. ඔබගේ පෙර ලිපි මෙන්ම සෑහෙන වටිනා තොරතුරු ප්‍රමානයක් අන්තර් ගතවී ඇති වටිනා ලිපියක් බව පෙනි යනවා. (අපි කොයි කවුරුත් සැම විටම ගුවන් යානා, නෞකා, යාන වාහන වල තොරතුරු දැනගන්නට හරිම ආසයිනේ..:D )මෙය නැවත වතාවක් හිමින් සීරුවේ කියවන්න ඕනෑ.
ස්තුතියි සෙන්නා.
ආයුබෝවන් ගමේ හිතවතා. ඔබගේ පැමිණීම ඉමහත් සතුටක්..
Deleteස්තූතියි අගය කිරීම පිළිබඳව.. නැවත විවේකී වේලාවක හිමීට කියවන්නකො..
ඒක ගිනිගන්න හැටි දැක්කමනම් ඇඬනවා. හරිම ක්ෂනිකයි නේ. මේ යානය ගොඩක් පහතින් නේද යන්නේ. නැත්නම් අර වගේ නැරඹුම් මැදිරියක් ප්‍රායෝගික නෑ මම හිතන්නේ. දක්කමනම් ආසයි, හරියට මෝරෙක් වගේ :) හැබැයි ඉතින් මොකද්ද අමුත්තකුත් දැනෙනවා. නැවක් අහසේ යනවා වගේ තමයි. තුලන ජලය, කඹ පාවිච්චි කරලා නග්ගන එකයි බස්සන එකයි උනත් එහෙමයි. අදමයි ඇහුවෙත්. කෙටි දුරක් යන්නනම් අවුලක් නෑ වගේ.
ReplyDeleteඑතකොට අර බලු පැටියට මොකද උනේ? ඌ බේරුනාද?
සයුරි, මේක තනිකරම නැවක් වගේම තමා ක්‍රියාත්මක වෙන්නෙ.. නවත්වන්නෙ, යන්නෙත් බොහෝ දුරට නැවක් වගේම තමා.. මම හිතන්නෙ පියාසර උස මීටර් 60ක් හෝ ඒ ආසන්න අගයක්..
Deleteබලු පැටියා මිය ගියේය.
ස්තූතියි.
මාත් ඔය නැට් ජියෝ ප්‍රෝග්‍රෑම් එක බැලුවා කලකට ඉහතදී. ඒ වගේම මේ එයාෂිප් එකේ දර්ශන වගයක් තියෙන මූවී එකකුත් බැලුවා. දැන් මතක් වෙන්නෙ නෑනෙ. ටොම් කෲස් කාරයත් හිටියද මන්දා.
ReplyDeleteඅනතුර වෙච්ච හැටි නම් ඔය තරම් විශේෂඥයෝ රැසකටත් බැරි වුනානම් අපිට කොහොමත් අමාරුයි. හැබැයි මට නම් හිතුනෙම අකුණක් වෙන්න ඇති කියලා. ඒ විතරක් නෙවෙයි. නරක කාලගුනයක් තියෙද්දි වලාකුල් වල ස්තිථි විද්‍යුතය හැදෙනවා නම් මේ හයිඩ්‍රජන් බැලුම මතහ් ඒ දේම වෙන්න පුලුවන් ගිණි පුපුරක් ඇති වෙන.
සෙන්නා මාර කට්ටක් කෑවා නේද මේක ලියන්න?
නැට්ජියෝ කාරයො බොරු කාරයො කියලා මේකෙන් තමා මම අල්ලගත්තෙ ඩූඩ්.. :D
Deleteමටනම් ඉතින් ඔය ගැන එච්චර දැනුමක් නැති නිසා මගෙම අදහසක් නෑ.. අර ස්ථිති විද්‍යුත් තියරිය හරි ඇති කියලා මට හිතෙනවා..
ඇත්තටම මාර කට්ටක් කෑවා ඩූඩ්.. එකක් නැට්ජියෝ කාරයා හින්දා, අනික තාක්ශණික කරුණුයි, සමහර වචනයි ගලපගන්න.. අළුතෙන් මගේම වචන දෙකක් දැම්මා ( ගාල්කුළුන = Mooring Mast සහ තුලන ජලය = Ballast water ) හරි හමන් එකක් හොයාගන්න බැරිවුන නිසා.
ඇත්තටම mooring mast එකයි ballast water ගැන මමත් පුදුම වුනා. උඹේ වචන දෙක මට හොඳට වැදුනා. ඕකෙ වැඩේ දවසක් යන්න කලින් තව අය ඕක පාවිච්චි කරලා ඒ වචන භාෂාවට එක්වෙයි. කාටද බං ආඩම්බර? අපිටත් ආඩම්බරයි උඹේ යාලුවෝ හැටියට, ඇත්තමයි. අරක මම කලා නම් මට දිගේ ලිකණුව කියලත් හිතෙයිද කියලා මට හිතුනා, හික් හික්. උඹේ වචනේ එළ, සෙන්නෝ!
Deleteඋඹට මතකනේ මම හදාපු වචන: simulblogging and parallel blogging. පළවෙනි එක නම් තව කවුදෝ එකෙක් පාවිච්චි කරලා තිබ්බා. නමුත් ගහලා බලපං තවම අන්ඩර්ලයින් වෙනවා රතුවට. පැරලල් බ්ලොගිං නම් වචනේ විතරක් නෙවෙයි සංකල්පයත් මගේ කියලා මම විශ්වාස කරනවා.
ස්තූතියි ඩූඩ්.. මම මුලින්ම දැම්මෙ නැවතුම් කුළුණ කියලා.. පස්සෙ තව ටිකක් ඒ ඔස්සේ කල්පනා කරද්දි මේ වචනෙ සෙට් වුනා ඒක තනි වචනයක් හැටියටම පාවිච්චි කරන්න පුළුවන් කියලා වගේ පෙනුන හින්දා ඒක තෝර ගත්තා.. තුලන ජලය කියන එකට මුලින්ම පාවිච්චි කෙරුවෙ මධුරෙ තිබුන තුලබරු ජලය කියන එක.. ඒක හරිනෑ වගේ පෙනුන් හින්දා කරන කාර්යයටත් ගැලපෙන විදිහට මේක යොදා ගත්තා.. තාම මේ වචන දෙක මුලු ලෝකෙන්ම හොයාගනන් පුලුවන් කුරුන්දෙන්ම විතරයි..:D බලමු අපි ඉස්සරහට කට්ටිය පාවිච්චි කරයිද කියලා.. ඒත් භාෂාවෙ අයිතිකාරයො දැක්කොත් කඩු පොලු උස්සන් එයිද ද්න්නෑ නේද ඩූඩ්.. :-(
Deleteඔව් මට මතකයි ඩූඩ්ගෙ අළුත්ම වචන දෙක.. මමත් ඉස්සෙල්ලම ඔය වචන දෙක ඉගනගත්තෙ ඩූඩ්ගෙන් තමා..තව අලුත් ඒවා හදමු. කවුද කියලත් තියනවනෙ අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියලා.. :D
සෑහෙන්න වටින විස්තරයක් සෙන්නා අයියේ.. ෆිල්ම් වල මේවා දැකලා තියෙනවා.. අර ලියලා තියෙනව වගේ මේ විශාල ඉඩ ප්‍රමාණයේ යන්න පුළුවන් සුළු ප්‍රමාණෙකටනේ..
ReplyDeleteෆිල්ම් වල තියෙන්න පුළුවන් කියලා මට අමතක වුනා නොවැ.. මම ඉතින් වැඩිපුර ෆිල්ම් බලන්නෙ නෑ.. ඒකයි..
Deleteඔව් දිනේශ්, අන්න ඒ ගැන පැහැදිලිකිරීමක් රූට දීලා තියනවා, බලන්නකො. ඒ අතින් මේ යානා අකාර්යක්ෂමයි.. අද, මේකෙන් කාලක්වත් නැති පොඩි ප්ලේන් එකක් කීදෙනෙක්ව ගෙනියනවද නේද ? ඒකත් බොහොම පොඩි වෙලාවකින්..
පාන්දරම..හරි හරි දැන් දවල් වෙලා තමා...! එක සැරයක් කියෙව්වා ආයි නිවී හැනහිල්ලෙ කියවන්න එන්නම්..මෙව්වා උඩින් පල්ලෙන් කියවලා හරි යන්නෙ නෑ බන් ...
ReplyDeleteස්තූතියි වෙනි අයියා.. ඔව් ඔව් මේවා බොහොම හිමීට, ටික ටික කියවන්න ඕනා.. ඒ කියන්නෙ ලියපු විදිහටම :D
Deleteසෙන්නයියේ එකෙන්ම එලස්....... මේ වගේ ලිපියක් කියවන්න එන්න ඕනේ කුරුන්දටම තමයි හැබැයි කොස්සකට තියෙන්නේ මේකා ලියන්නේ හාවා හඳ දකින්න වගේනේ.
ReplyDeleteකොරලේ මලයො, බොහොම ස්තූතියි..උඹට තේරෙනවනෙ මේ වගේ එකක් ලියන්න තියන අමාරුව මලේ... කරුණු හොයන්න ඕනා, ඒවා හරිද කියලා බලන්න ඕනා, ඔය තාක්ශණික කරුණුවගේ ඒවා ලියනන් කලින් මම තේරුම් අරන් ඉන්න එපෑයෑ බන්.. ඒවත් එක්ක ඔට්ටු වෙන්න වෙනම වෙලාවක් යනවා.. ඔය ඔක්කොම ජහන කරන්න මට තියෙන්නෙ දවසකට පැය දෙකක් වගේ කාලයක්.. ඉතින් ඉබ්බා ගමනින් තමා යන්නෙ.. හවා හඳ දකිනකොට එකක් දාගන්න පුළුවන් කියන්නෙ ලොකු ජයග්‍රහණයක්.. හෙහ් හෙහ් :D
Deleteස්තූතිය් මලේ.. උඹත් කාලෙකින් මුකුත් ලිව්වෙ නෑනේද ?
අයියට පුලුවන්නම් දෙවැනි ලෝක යුද්දෙට අල්ලා කතා සෙට් එකක් දාන්න. ඒ දවස් වල සටන් අනන් මනං හරි ආසයි කියවන්න ඔය වගේ සබ්ජෙක්ට්. කල් යන එකනම් හැබෑව. මොකද අපි ලියනවා වගේ වල පල නෙවෙයිනේ මේවා හරියටම තිතට තියෙන්න ඕනෙනේ. නැත්නම් ඒක කියවන කෙනාට වෙන අසාධාරණයක් නේ.
Deleteඅපේ ඔෆිස් එකේ උන් තැලෙන යකඩේ උඩ පන පන තලනවා අප්පා..... වැඩ පිට වැඩ මේ අවුරුද්ද මට මහ අපලයි.
ලියන්නේ කොහොමෙයි අයියන්ඩි මගේ ලැප් ස්ක්‍රීන් එක කැඩිලා අන්න දීලා 25000ක් විතර ඉල්ලනවා ස්ක්‍රීන් එක දාලා දෙන්න. දැන් මේ ඔෆිස් එකෙන් දීල තියෙන ඇපල් ලඩියෙන් තමයි එන්නේ. කොමෙන්ට් කරනවා කියන්නෙත් මරනවා වගේ වැඩක් අපි ජනෙල් වලින් රිංගල පුරුදු උදවියනේ :D ඇපල් පැපොල් දිරවන්නේ නැහැ.
කෝරාල මලේ බලමුකො හිමීට.. ඔන්න උඩ විචාරක මහත්තයත් ඔත්තුවක් දීලා තියනවා.. බලමු.. එතකන්, කියවලා නැත්නම් මේක කියවන්න.
Deleteයුද්ධය අවසන් එළියට එන්න....>>>> http://kurundha.blogspot.ae/2012/06/blog-post.html
ලෙඩවූ කම්පියුඩටේ ඉක්මනින්ම සුව වේවා !.. ජැනෙල් වලින් රිංගලා පුරුදු වුනාම ඇපල්/පැපොල් අමාරුයි තමා.. :D
හිමින් කියෙවු නිසයි කමෙන්ටුව පමා වුයේ . . ඇත්තටම ගුවන් යානා තාක්ෂනය දියුණු වුනේ යුද්ධ කාලේ නේද .
ReplyDeleteප්‍රංශයේ තියෙනව ගුවන් ඉතිහාසය ගැන කෞතුකාගාරයක් . සෙන්න වගේ අයට කියාපු තැන .
අදටත් ලෝකයේ හුඟක් තියෙනව ජර්මන් යන්ත්‍ර සුත්‍ර ..
හුඟක් විස්තර කියෙව්වා . ඔඅබේ වෙහෙසට හුනග්ක් ස්තුතියි
ස්තූතියි බින්දි.. කමෙන්ට් පරක්කු වුනාට ගැටලුවක් නෑ.. වෙලා තියන විදිහට කියවන්නකො.
Deleteඔව් ගුවන් යානා විසිවෙනි ශතවර්ශයේ මුලදිනෙ ආවෙ.. ඊට පස්සෙ යුද්දෙට ඕනා නිසා ගොඩක් අළුත් අත්හදාබැලීම් කෙරෙන්න ඇති..
ඔය කියන කෞතුකාගාරෙනම් කවදාවත් බලන්න හම්බෙයිද දන්නෑ.. :D
ස්තූතියි කියවලා කමෙන්ට් කළාට බින්දි.
අඩේ මචං මම මේක ඊයේ කියෙවුවට කමෙන්ට් දන්නා තරම් වෙලාවක් ලැබුනේ නැහැ.
ReplyDeleteමචං මේ විස්තරය නම් අලුත්ම දෙයක්. මම හිතන් හිටියේ මේ යානය බැලුන් එකක් කියල. ඉස්සර තිබුන. එකේ විශාලත්වය දක්කාමත් පිස්සු හැදෙනවා නේ.
මේක ගිනිගත්තේ වෙසක් කාලේක ගිනිගන්න බකට් එකකට වඩා වේගෙන්.
ස්තුතියි මචං උඹේ මේ මහන්සියට.
ඔව් ඔව් මම බලගෙන හිටියෙ උඹ කියවනවා.. :) අවුලක් නෑ ඉතින් දැන් දැම්මනෙ..
Deleteමේකත් බැලුන් යානයෙම දියුණු කරපු එකක් තමයි මචන්.. හයිට්‍රජන් බැලුම් වලට පුරවලා යානය උඩට ගන්න එකතමා කරන්නෙ..
මහන්සිය අගය කළාට උඹට ස්තූතියි මචන්..
සෙන්නා මේ වගේ අංගසම්පුර්ණ විස්තරයක් කියවන්න පුළුවන් වෙන්නේ උඹේ කුරුන්දෙන්ම තමයි. මට මේක කියවන්න සෑහෙන වෙලාවක් ගියා උඹ ලියලා තියෙන සමහර තාක්ෂණික කරුණු ගැන කල්පනා කරමින් ඒක එහෙම වෙන්න පුළුවන්ද වගේ හිතමින් තමයි කියෙව්වේ. දැනුම වැඩිදියුණු කරන මෙවනි ලිපි තමයි අපේ බ්ලොග් ලෝකයේ ලියවෙන්න ඕනේ. උඹට ජය මචං.
ReplyDeleteරතූ, බොහොම ස්තූතියි මචන් මේ අගය කිරීමට. මහන්සියෙන් ලියපු දේ ඇගයීමකට ලක්වුනාම නිකන්ම ආයෙත් තව තව ලියන්න පෙළබීමක් ඇති කරනවා කියලා උඹ දන්නවනෙ..
Deleteඋබටත් ගොඩක් ස්තූතියි අවබෝධයෙන් කියවලා, ගැම්මක් එන කමෙන්ට් එකක් දාලා ගියාට.
උඹටත් ජයම පතමි !!
හිතාගන්න බැරි තරම් ක්ෂනික ගිනිගැනීමක්නෙ.
ReplyDeleteඅකුනක් කියලම තමා හිතෙන්නෙ.
හැමදාමත් කියනව වගේ වන් ඇන්ඩ් ඕන්ලි..සෙන්නා.
ලිව්වොත් ඉතිං මයිල් කෙලින් කරන් කියවන්න ඕනමයි..!
:D හෙහ් හේ... ස්තූතියි වීයා...
Deleteමීටර් 245 දිග...! හම්මෝ.. මං පාර දිගේ දුර හිතින් අරගෙන උපකල්පනය කළා කොහොම ද සයිස් එක කියල. වීඩියෝ එක බලද්දී නම් හිතාගන්න බැරුව ගියා. පොඩි වේලාවක දී සේරම පිච්චිලා යනවා නේ. ගින්නේ හැටියට 97 න් 62 ක් බේරුනා කියන එකත් පුදුමයක්.
ReplyDeleteපෝස්ට් එකෙන් වගේම කමෙන්ට් වලිනුත් හුඟක් දේ දන ගත්තා. මහන්සියෙන් ලියාපු වටිනා පෝස්ටුවට බොහොම ස්තුතියි සෙන්නා..!
ආ.. බ්ලොග් එකේ අලුත් ඇඳුමත් ලස්සනයි. :)
ස්තූතියි චන්දන.. මේක සාමාන්‍යය මගී නැවක් තරම්ම දිගයි.. ඒත් ගෙනියන්න පුළුවන් ගාන සීමිතයි.
Deleteඇත්තෙන්ම මේ පිච්චෙන වේගෙත් එක්ක 62ක් බේරුන එක ගැන මටත් හරිම පුදුමයි..
ඇඳුම ලස්සනද ? ස්තූතියි..
ඇඳුම ලස්සනයි. උඩින් ම වැඩ කෑල්ලකුත් දාල තියන්නේ. ඒක දැක්කේ අද.. :)
Deleteඒක දැම්මෙ ඊයෙ චන්දන. චන්දනගෙ බ්ලොග් එකෙන් හම්බුනා blogger help සයිට් එක.. ඒකෙ තිබිලා තමා ඔය වැඩ කෑලි ටික අහුල ගත්තෙ.. කමෙන්ට් නම්බර් වැටෙන එක එහෙමත්..
Deleteමම පොඩිකාලේ ඩිස්කවරි වැනල් එකේ ඔය සිද්ධිය ගියා මේ රූප පෙලත් එක්කම. එදා ඒක බලලා ඇති වුනු කුතුහලය කාලෙත් එක්ක නැතිව ගියත් ඔය පින්තුරු දකින දකින වාරයක් පාසා ඒක අලුත් වුනා. ඇත්තටම ඔය මොකද්ද, ප්ලේන් එන්න කලින් ද ඕවයෙන් ගමන් ගියේ, මේක විත්‍රපටියක කොටසක් ද, බැලුමක්ද වගේ එකකට එකක් නොගැලපෙන ප්‍රශ්ණ ගොඩක් එක්ක මම පොරබැදුවා. හරියට කිව්වොත් අද උදේ වෙනකල් ඒකේ කිසි වෙනසක් නෑ. අවුරුදු 15 විතර හිතේ වරින් වර මතුවෙලා තිබුනු ඒ නොවිසදුනු ගැටලු වලට පිලිතුර අද ලැබුනා. බ්ලොග් රෝලේ හෙඩිම දැක්කත් කියවන්න වෙලාවක් තිබුනේ නැ. ඒත් ඔය පින්තුරේ දැක්කනම් වට්ටි කැපිල්ල පැත්තක දාලා ඕක කියවලා බලනවා සුවර්.
ReplyDeleteෂහ්. මේකනම් බොහොම සතුටු හිතෙන වැඩක් නෙ.. අවුරුදු 15ක් තිස්සෙ තිබුන කුතුහලයක් සන්සිදුවන්න පුළුවන්වීම ලොකු සතුටක්.. y-)
Deleteඕකනෙ කියන්නෙ, බ්ලොග් රෝලට පින්තුරෙකුත් එන විදිහට දාගන්න කියලා.. ඒත් එක අතකින් එහෙම වෙච්ච එක හොඳයි.. මේවා කියවනවා වගේද වට්ටි කපන එක.. නැද්ද මන් අහන්නෙ ? :D
හප්පේ දිග ලිපියක් ..බුක් මාර්ක් කරගෙන කිහිප සැරෙකට හිමින් කිවෙව්වා. සෙන්නා කාලයක් සද්ද නැතුව ඉදලා උනත් ලියන එක මාගැලක් වගේ දිගට ලියලා දානවනේ කොයිතරම් දිග උනත් කම්මැලි කමක් නැතුව හිමිට කියවගෙන යන්න පුළුවන් තරමටම රසවත්ව තියෙනවා , වෙනදා වගේම නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා ,
ReplyDeleteජයවේවා !!!
චමියගෙ කමෙන්ට් එක ස්පෑම් එකට ගිහින් තිබුනෙ...
Deleteස්තූතියි බන් අගය කිරීම් වලට..
කුරුන්දෙන් තවත් මම කැමතිම ආකාරයේ ලිපියක්. මහන්සියට ස්තුතියි!
ReplyDeleteස්තූතියි Pisakkaatuwa.
Deleteමොකද සෙන්නා මේ ෆලෝවර්ස් ලා පහලට ගිහින්. :-? අලුතෙන් කවුරු හරි ආවොත් ෆලෝ කරන්න ඕන වුනත් මග ඇරෙන්න පුළුවන් නේ.
ReplyDeleteෆලෝවර්ස්ලානම් ගොඩක් කල් ඉඳලා ඔතන තිබුනෙ චන්දන..බලමු එහෙනම් කොහාට හරි මාරු කරන්න.. ස්තූතියි.
Deleteනියම ලිපියක් සෙන්නා.
ReplyDeleteතොරතුරු හොයාගෙන මේ වගේ ලිපියක් ලියන්න සෑහෙන මහන්සියක් වෙලා තියෙන පාටයි.
මාත් ඔය නෙට් ජියෝ වීඩියෝ එක මේ ළඟදි යූ ටියුබ් වලිං බැලුව.
ප්‍රසන්න,
Deleteඔව් ටිකක් මහන්සි වෙන්න වුනා ලිපිය හදන්නනම්..
බොහොම ස්තූතියි ගොඩවැදිලා, කියවලා කමෙන්ට් එකක් දාලා ගියාට..
නියමයි සෙන්නා. මගේ පොඩි උන්ටත් මේක පෙන්නුවා.
ReplyDeleteස්තූතියි අයිලාස්.. පොඩි අයට පෙන්වපු එක ගැනනම් මට ගොඩක් සතුටුයි...
Deleteසෙන්නා... සෙන්නා... මම දන්නෑ මේකට මං මොකක් කියන්නද කියලා.. අම්මප මං ඔය සබ්ජෙක්ට් එකට ඇඩික්ටඩ් බං.. උඹට වදින්න ඕන යකෝ මේ වගේ ටෝටලි කම්ප්ලිට් විස්තරයක් දෙන එකට. අහෝ සෙන්නා ඇයි මා මෙතරම් මේක කියවන්න පරක්කු උනේ... දේශකයා මකබෑවියං...
ReplyDeleteහෙහ් හෙහ්.. අප්පමාදෝ අමතා පදං... කියන්නෙ ඕකනෙ දේශකයො... ඔච්චර දුක් වෙන්න දෙයක් නෑ බොල.. පරක්කු වුනා කියලා එක අකුරක්වත් අඩුවෙලා නෑ.. :D
Deleteඋඹ ඇඩික්ටඩ් කියපු සබ්ජෙක් එක මොකක්ද ? මට ඒක තේරුණා මදි.
ඒ කිව්වේ බං හුලං ගහපු ආසියන්තර වලට
Deleteහරිම වැදගත් ලිපියක්. හරි අමාරු වෙන්න ඇති නේද කරුනු හොයන්න?ස්තූතියි ලිපියට.
ReplyDeleteස්තූතියි..ටිකක් විතර..
DeleteBlue Lotusට සුබ අළුත් අව් රුද්දක් වේවා !
සෙන්නා අවුරුදු සමරනවද කියල මං දන්නේ නෑ හරියටම. ඒත් අද වගේ දවසක නෑවිත් කොහොමද. ඔන්න මං අලුත් අවුරුද්දේ ඇවිත් ගියා. ජයවේවා.! :)
ReplyDeleteසෙන්නා අව්රුදු සමරණවා චන්දන.. :)
Deleteචන්දන ඇතුළු පවුලේ සැමට සුබම සුබ අළුත් අව්රුද්දක් වේවා !!
ReplyDeleteසෙන්නටත් පවුලේ සැමටත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා ...
සහන්ටත් පවුලේ සැමටත් සුබම සුබ අළුත් අව්රුද්දක් වේවා !
Deleteමට බැරිවුනා නේ මේක කියවන්න. ඔන්න අද නිදහසේ කියෙව්වා. මේ නිදහස කවදා වෙනකං තියෙයිද කියන්න දන්නේ නෑ. අන්න එතනයි කොස්ස. අපුරු ලිපියක් සෙන්නා. මං මේ ගැන ඩිස්කවරි එකේ බලල තිබ්බට මෙච්චර විස්තරයක් දැනගත්තේ අද. ඔය ප්‍රෝග්‍රෑම් එක බලල මට හැදුනු පිස්සුව කොහොමද කියනවනං රුපියල් දෙකේ ලොකු බැලුමක් ගෙනත් (දැන් නං රුපියල් දෙකේ බැලුන් හොයන්න වෙන්නේ කටුගේ තමා) අමාරුවෙන් හයිඩ්රිජන් හදලා එකේ පතුලේ බැටරි ටිකක් අටවලා අයිස්ක්‍රීම් කෝටු ටිකක් අරගෙන දෙපැත්තට මෝටර් දෙකක් දාලා, කාඩ්බෝඩ් වලින් රඩර් එක හදලා යවන්න හෙනම ට්‍රයි එකක් දුන්නා. වැඩේ හරි ගියේ නෑ. තවමත් හිතේ තියෙන්නේ ඒක මේ බැලුම දකිද්දී.
ReplyDeleteහප්පේ එච්චර උනන්දුවක් තිබ්බද ?? ඕක දන්නවනම් මම මේල් එකක්වත් දානවා මෙහෙම ලිපියක් දැම්මා කියලා.. :D
Deleteඔය නිදහස නැති වීමේ වැඩිම පාඩුව අපිටයි.. අර කොලම වේලේනවා..බැරිද ආයෙ මොනවා හරි ලියලා දාන්න..
කොළම ලියන්නේ නෑ කියන තැනට හිත හදාගත්තා මචං ලොකු හේතු කීපයක් එක්කම. ඒ නිසා කොළම බැකප් කරලා තියාගන ඉන්නේ මේ ටිකේ.
Deleteඅඩේ හෙන අපරාධයක්නෙ ඒක.. කොළම බැරිනම් වෙන එකක් හරි ලියනන් බැරිද.. හිතන්න යමක් ඉතුරු කරපු ඒ වගේ බ්ලොග් නතර වෙන එක අපරාධයක් බන්..ආයෙ හිතලා බලපන්..
Delete