Tuesday, March 13, 2012

හිමකතරක අතරමංව


2012 මැදින් මස 13 වනදා,



ද 13. සාමාන්‍යයෙන් 13 අසුභ ලකුණක් කියලා තමා පොදු පිළිගැනීම. සිකුරාදා දිනය 13 වැටුනොත් තවත් නපුරු බව පැවසෙයි. ජේසු තුමාව කුරුසියේ ඇණ ගසා ඝාතනය කළේත් එවැනි දවසක බවටද මතයක් ඇත. ජේසු තුමාගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගන්ඩ ඕනානම් ඒකට වඩාම සුදුසුම පුද්ගලය තමාමම කවදාවත් නොදැන සිටි මේ කතාව ගැන දැනුවත් කොට  ගැන ලිපියක් ලිවීමට පෙළඹු හීනලන්තයේ හරී.

13 හෝ 13 වෙනිදා සිකුරාදාවක් වුණොත් අසුභයි කියන එක සනාථ කළත්, නොකළත්, මේ සිද්ධිය සිදුවී ඇත්තේත් එවැනි දවසක.  

දිනය 1972 ඔක්තෝබර් 13 වෙනි සිකුරාදා.

ඇන්ඩීස් කඳු වැටියට උඩින් පියාසර කරනා යානයකි. 45 දෙනෙකුගෙන් සමන්විත් පිරිසක් යානය තුළ විය. ඒ චිලී හී සන්තියාගෝ නුවරට රග්බි තරගයක් සඳහා උරුගුවේ හී මොන්ටිවීඩියෝ සිට ගමන් ගන්නා Old Christians Club රග්බි කණ්ඩායම හා ඔවුන්ගේ හිතවතුන්ගෙන් සමන්විත පිරිසයි. මොහොතකින් තමන් විසින් මුහුණ දීමට නියමිත භයානක අනතුර ගැන හැඟීමකුදු නොවූ තරුණයෝ පිරිස යානය තුළ කෙළිදෙලෙන් පසු විය.

ඇත්ත වශයෙන්ම ගමන ආරම්භ කෙරුණේ දිනකට කලිනි. අයහපත් කාලගුණය නිසා ආර්ජෙන්ටිනාහී මෙන්ඩෝසා නගරයේ දවසක් නතර කෙරුණි. මෙම ගුවන් යානයට විශේෂ වූ සීමිත පියාසර මට්ටම හා අයහපත් කාලගුණය හේතුකොටගෙන, මෙන්ඩෝසා නගරයේ සිට ඇන්ඩීස් කඳුවැටිය හරහා කෙළින්ම චිලී වෙත ගමන් කිරීමේ හැකියාවක් නොතිබුණි. ඒ වෙනුවට ඇන්ඩීස් කඳුවැටියට සමාන්තරව මෙන්ඩෝසා නගරය ඔස්සේ දකුණට ගොස් කඳු වැටියේ පහත් දුර්ගයක් ඇති තැනකින් බටහිරට හරවා කඳුවැටිය පසු කොට චිලී වෙත ළඟාවිය යුතුවිය.

යානය ගුවන් ගතවී ටික වේලාවකින් කඳුවැටියේ දුර්ගය පසු කරමින් තිබුණි. සන්තියාගෝ පාලන මැදිරිය ඇමතු නියමුවා, යානය චිලි හී කූරේකෝ නුවරට උඩින් ගමන් කරමින් තිබෙන බවත්, ගොඩබෑම සඳහා සූදානම් බවත් දැනුම් දුනි. ඇත්ත වශයෙන්ම නියමුවා මෙහිදී මාරන්තික වරදක් කර තිබුණි. ඔහු විසින් තමන් මුහුණ දෙමින් තිබුණ තද සුළඟ අමතක කොට සිය ගණනය කිරීම සිදු කොට තිබුණි. සුළඟ මගින් ගමනට සිදු කළ පමාව නොසලකා හැරි නියමුවා තමන් කූරේකෝ නගරයට ඉහළින් පියාසර කරමින් සිටිතැයි අනුමාන කොට යානය ගොඩබැස්සවීමට සූදානම් වෙමින් යානය පහත් කළේය. ඔවුන් ඒ වන විට සිටි ස්ථානය ඔවුන් සිතූ තරම් බටහිරට නොවන්නට විය. නියමුවා විසින් කළ මේ මාරන්තික වරදේ ආදීනව ඔවුන් සියලුදෙනාම මොහොතකින් අත්විදින්නට වූහ. වලාකුළින් බර අයහපත් කාලගුණ තත්ත්වය යටතේ යානය පහත් කිරීමට කළ උත්සහායේදී යානය අධික ලෙස ගැස්සීමට ලක්විය.

හදිසියේම යානයේ දකුණු පස තටුව අසල වූ කඳු ගැටයක හැපී යානයෙන් වෙන්වී ගිය අතර, පාලනයෙන් තොර වූ යානය මොහොතකින් අසල වූ තවත් කඳු ගැටියක හැපී වම් පස තටුවද, පිටුපස කොටසද ගැලවී වෙන්විය. පසුපස ආසන වල පසු වූ සියලු දෙනා එසැනින් ගුවනට මුසු වී ගසාගන ගියහ. හිම මත පතිත වූ යානයේ ඉදිරිපස කොටස සැළකිය යුතු දුරක් ලිස්සා ගොස් හිම වැටියක ගැටී නතර විය.

යානයේ සිටි 45 දෙනාගෙන් 33 දෙනෙකු දිවිගලවා ගැනීමට සමත්වී තිබුනි. යානය අනතුරට පත්වූයේ කිනම් ප්‍රදේශයකදීදැයි කිසිවකුට අදහසක් නොතිබුනි. ඔවුන් සීමිත ආහාර සහ ජල සැපයුමක් සමඟින් අධික සීතලින් යුතු කඳු වළල්ලක අතරමංව තිබුනි.

" මා දුටු පළමු දේ වූයේ, අප වටේටම වූ සුදු පැහැති කඳු වළල්ල සහ දරාගැනීමට නොහැකි තරම්වූ වූ අධික ශීතලයි " - Carlitoz Paez.

දිවිගලවා ගත් පිරිස සියලු ආකාරයේ මදිපාඩු වලින් පීඩා විඳිනට වූහ. අඩි 12000 ක පමණ උසකදී සීතලෙන් ආරක්ෂා වීමට සුදුසු තරමේ වූ ඇඳුම්, පාවහන්, අත්වැසුම් කිසිවක් නිසි පරිදි නොවූහ. අනතුරින් සිදුවූ තුවාල සහ කැඩුම් බිඳුම් වලට ඇවැසි ඖෂධ හෝ වෛද්‍ය පහසුකම්ද නොවුණි. කණ්ඩායමේ වෛද්‍යවරයාද අනතුරින් මිය ගොස් තිබුණි. පසු දින තවත් 04 දෙනෙකු සටන අත්හැර ජීවිතයෙන් සමුගත්හ.

ඔවුන් යානයේ ඉතිරිව තිබූ සියලු දෑ පරික්ෂාකර දිවි රැක ගැනීමට හැකි සෑම දෙයක්ම සොයා බැලුහ. මුහුණ දී සිටි අති දුෂ්කර තත්ත්වය ඔවුන්ව නිර්මාණශීලී කළේය. යානයේ සෑම අසුනක් පිටිපසම වූ ඇලුමිනියම් තහඩුවක් උපයෝගී කොටගෙන හිම දියකොට ජලය යම් ප්‍රමාණයක් සපයා ගැනීමේ ක්‍රමවේදයක් ඔවුන් සකසා ගත්හ. මෙය ඔවුන් පිඩා විදීමෙන් සිටි විජලනයෙන් ආරාක්ෂාකාරී වීමට මහෝපකාරී විය.

අනතුර සිදුවූ දින සිට දින තුනක් සිහිසුන්ව සිටි නන්දෝ පරාඩෝ, තෙවෙනි දින පියවි සිහිය ලැබුවේය. ඒවන විට ඔවුන් සමඟ ගමන් කළ ඔහුගේ මව මිය ගොස් සිටි අතර, නැගනිය ආසාධ්‍ය තත්ත්වයේ පසුවිය.



රටවල් තුනක් එක්ව සෙවීමේ මෙහෙයුම ඇරඹුණි. කෙසේ වෙතත් ගුවනින් කළ සෙවීම් වලදී සුදු පැහැති යානයක් වූ එය, තනි සුදෙන් වැසුණු හිම යාය අතරේ සොයා ගැනීම පිදුරු ගොඩෙහි ඉඳි කට්ටක් සොයනවාට සමාන විය.

අනතුර සිදුවී 08 වන දින නන්ඩෝ පරාඩෝ ගේ නැගණිය දීර්ඝ සටනකින් පසු මරුවාට යටත් විය. මෙම කම්පනය නන්ඩෝ පරාඩෝ හට නව ජවයක් ගෙන එන ලදී. ඇයගේ නික්ම යාමත් සමඟම දිවිගලවා ගත් සංඛ්‍යාව 27 දක්වා පහත වැටුණි.

" මගේ නැගණිය මිය ගිය පසු, මගේ සිතුවිලි වල ලොකු වෙනසක් සිදු වුණා. මට ඒක විස්තර කරන තේරෙන්නෑ. ඒත් හදවතේ ගැඹුරුම් තැනින් කව්රුන් හෝ මාව ආමන්ත්‍රණය කරනවා වැනි හැඟීමක් ඒක. මම ඉදිරියටම යායුතු බවත්, දිවි ගලවා ගැනීමට සටන් කළ යුතු බවත්, මා විසින් විනාශ වීමට ඉඩ ප්‍රස්ථා නොතැබිය යුතු බවත් මට හැඟුණා. " - Nando Parrado.

අනතුරින් දසවන දින වන විට සියලු දෙනාම සාගින්දරින් පීඩා විඳිමින් සිටියහ. ආහාරයට ගත හැකි සෑම දෙයක්ම ඔවුන් ඒ වන විට අත්හදා බලා තිබුණි. ආසන වලින් ගලවා ගත් සම් කැබලි, සපත්තු කොටස්, ලී කැබලි සහ කොණ්ඩා වළට දමන ජෙල්ද ඒ අතර විය. ඒ සියල්ල තව තවත් ඔවුන්ව දුර්වල කළා මිස ශරීරයට ශක්තියක් දීමට සමත් නොව්නි. දීර්ඝ කාලයක් නිසි අහරක් නොළැබීම හේතු කොටගෙන ඒවන විට ඔවුන්ගේ ශරීරයන් විසින් තැන්පත් වූ මේද කොටස් සහ පේශී පටක දිය කරමින් ශරීරයට අවැසි ශක්තිය නිපදවමින් සිටියහ. එහෙත් එය තව දුරටත් සිදුවුවහොත් ඔවුන්ගේ ශරීරයන්ගේ වැදගත් ඉන්ද්‍රීයන් වූ, වකුගඩු, පෙනහලු, අක්මාව ටික කලකින් අක්‍රීය වීම නොවැළැක්විය හැකි තත්ත්වයක පැවතුණි.

පේන තෙක් මාණයක ආහාරයට ගත හැකි ශාක වර්ගයක්වත්, සතකුවත් නොසිටියහ. නව ප්‍රෝටීන් ප්‍රභවයක් සොයාගැනීමට අපොහොහසත් වුවහොත් ඔවුන් සියලුදෙනාටම කෙටි කලකින් සිය මිතුරන් ගත් මග ගැනීමට සිදුවන බව සක්සුදක් සේ පැහැදිලිව තිබුණි.

රොබේටෝ කනේසා, කණ්ඩායමේ වූ වෛද්‍ය සිසුවා අනතුරින් දසවන දින කණ්ඩායම ඇමතීය.

" දැන් අපි සියලු දෙනාම සාගින්දරින් පසු වෙන්නේ. අපිට ඉක්මනින්ම ප්‍රෝටීන් අඩංගු ආහාරයක් සොයාගන්ඩ බැරි වුණොත් අපි ඔක්කොවන්ටම මැරෙන්ඩ සිදු වෙනවා ඒකාන්තයි. මෙහෙ එකම එක විදිහයි තියෙන්නේ අපිට අවශ්‍ය ප්‍රෝටීන් අඩංගු ආහාර ලබා ගන්ඩ. "


" ඒ තමයි අපේ මිය ගිය මිතුරන්. "

ශිෂ්ට සමාජයේ සිටින අපට මෙම අදහස ඇඟ කිළිපොලා යවන්නක් වුවද, එම මොහොතට, එම තත්ත්වයට මුහුණදී සිටියහොත් අප වුවද මෙම තීරණයට පැමිණෙනවා නොඅනුමානය.

කනේසාගේ අදහස සෙමෙන් සෙමෙන් අනුමත විය. ඔවුන් යානයේ නියමුවාගේ සිරුරින් සිය ආහාර අවශ්‍යයතාවය සපුරා ගැනීම ඇරබූහ.

අනතුරින් 11 වන දින, බාහිර සමාජය විසින් සෙවීමේ උත්සහාය අත්හැර දමන ලදී. යානයේ වූ කුඩා ට්‍රාන්සිස්ටර් ගුවන් විදුලි යන්ත්‍රයක් ආධාරයෙන් සෙවීමේ මෙහෙයුම ගැන පුවත් දැනගැනීමට උත්සහ කළ කණ්ඩායමට මෙම අසුභ ප්‍රවෘත්තිය කණ වැටුණු විගස සියලු බලාපොරොත්තු කඩ විය.

" මේ ආරංචිය දැන ගත්තු වේලෙම මට තේරුනා අපි ගැලවිය නොහැකි උගුලක පැටලිලා ඉන්නේ කියලා. මම මටම කියා ගත්තා මෙතන ඉඳන් ටික ටික මිය යනවට වැඩිය සටනක් දීලා මිය යනවා කියලා. " - Nando Parrado

එහෙත්, කලිටෝ පයේස් ගේ පියා වු කාලෝස් පයේස් එය ලෙහෙසියෙන් අත්හැර දැමීමට සූදානම් නොවීය. ඔහු තනිවම ගමින් ගමට ගොස් ගුවන් අනතුරක් ගැන තොරතුරු විමසීම් කළේය.

අනතුරින් 17 වන දින, එනම් ඔක්තෝබර් මස 29 වන දින රාත්‍රියේ යානය තුලා නිදාසිටි කණ්ඩායමට භායානක ශබ්දයක් ඇසිණි. මොහොතකින් දරුණු හිම කුණාටුවක් ඔවුන්ව ආක්‍රමණය කොට තිබුණි. යානය අඩි ගණනක් හිම වලින් වැසී ගියේය. දින තුනක් ඔවුන් මෙසේ පණපිටින් වැළලී සිටියහ. අවසානයේදී නන්ඩෝ පරාඩෝ විසින් යානයෙහි වහලෙහි විදින ලද සිදුරකින් වාතාශ්‍රය ලබා ගැනීමට සමත් විය. එම සිදුවීම තවත් 08 දෙනෙකු ඔවුන්ගෙන් වෙන් කරවීය. ඉතිරි වූ සංඛ්‍යව 19 දක්වා පහත වැටුණි.

නොවැම්බර් 15 හා 18 තවත් දෙදෙනෙකු මරුවාට යටත් වූයේ 17 දෙනෙකු ඉතිරි කරවමිනි. මේ අතර අවට ගවේෂණයේ යෙදුණු නන්දෝ ඇතුළු තරුණයෝ පිරිස යානයේ පසුපස කොටස සොයා ගැනීමට සමත් වූහ. එය ඔවුන්ගේ බලාපොරොත්තු නංවන සිදුවීමක් විය. යානයේ එම කොටසේ ඔවුනට පරිහරණය කළ හැකි ආහාර ද්‍රව්‍ය හා තවත් නොයෙකුත් දෑ බොහෝ විය. එහි වූ විදුලි කෝෂ අවධානය වැඩියෙන්ම දිනා ගත්තේය. ඔවුන්ගේ අරමුණ වූයේ එම විදුලි කෝෂ යානය වෙත ගෙනගොස් එහි ඇති ගුවන් විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ක්‍රියාත්මක කොට බාහිර ලොවට පණිවිඩයක් නිකුත් කළ හැකිදැයි සොයා බැලීමයි. එහෙත් විදුලි කෝෂ රැගෙන යාමට බර වැඩි වූ හෙයින්, ඒ වෙනුවට ගුවන් විදුලි පද්ධතිය ගලවාගෙන විදුලි කෝෂ වෙත රැගෙන එන ලදී. කෙසේවෙතත් ඔවුන්ගේ මේ උත්සහාය සම්පූරණයෙන්ම අසාර්ථක වූයේ, ඒ පිළිබඳ නිසි දැනුමක් කිසිවෙකුටවත් නොවූ බැවිනි. ඔවුන් නොදැන සිටි අනිත් කරුණ වූයේ ගුවන් විදුලි පද්ධතිය ක්‍රියාත්මක වූයේ ප්‍රත්‍යාවර්තක විදුලියෙනි. ( A/C ) 

බලාපොරොතුවූ කාර්යය සඵල කොටගත නොහැකි වූ තරුණයෝ පිරිස, යානයේ පසුපස කොටසේ ඉතිරිව තිබු හිස් ගමන් මලු උපයෝගී කොටගෙන දැවැන්ත කුරුසයක් හිම මත නිර්මාණය කොට එතනින් නික්මිණ. ඒ යම් හෙයකින් සෙවීම් යානයක් පැමිණියහොත් ඔවුන්ගේ අවධානයට හසුවීම පිණිසය.

සියල්ල මෙසේ අසාර්ථක වන විට, කන්ද තරණය කොට අනෙක් පසට උදව් සොයා තමන්ම ගමන් කිරීම හැරුණ කොට වෙන සරණක් නොමැති බව ඔවුන්ට ඒත්තු යන්නට විය. නන්දෝ පරාඩෝ මේ ගැන වැඩියෙන්ම උනන්දුවූ පුද්ගලයාය. අවසානයේදී දෙසැම්බර් මස 12වන දින ගවේෂණය සඳහා නික්මීමට තීරණය විය. සියලු දෙනාම ගමන් කිරීම ප්‍රායෝගික නොවූ හෙයින් තෝරාගත් සුදුසු දෙතුන් දෙනෙකු කඳුවැටිය තරණය කොට උදව් ලබාගෙන පැමිණීමට අවසානයේදී තීරණය කළහ.

මෙහිදී ගවේෂකයන් මුහුණදුන් බරපතලම ගැටලුව වූයේ රාත්‍රියේදී සීතලට මුහුණ දීමයි. අවසානයේදී එයටද සුදුසු විසඳුමක් ලැබුණි. යානයේ පසුපස කොටසින් ලබා ගත් නිදන මලු උපයෝගී කොටගෙන ඔවුන්ට රාත්‍රියේදී සීතලින් ආරක්ෂාකාරීවිය හැකි ආවරණයක් නිර්මාණය කොට ගන්නා ලදී. මැසීම ගැන හොඳ පළපුරුද්දක් තිබූ කාලිටෝස් මෙහිදී මුල්වී ක්‍රියා කළේය. අනෙත් අයගෙන්ද නොමද සහයක් ඔහුට ලැබුණි. ඒ අතර ගවේෂණ කණ්ඩායමට අවැසි ආහාරද සකසන ලදී. සියලුදෙනාම එකාවන්ම, කණ්ඩායක් හැඟීමෙන් යුතුව සියලු කාරයයන්ට දායක වූ බැවින් සියල්ල පවතින පහසුකම් යටතේ ඉතා හොඳින් සකසා ගැනීමට ඔවුනට හැකිවිය.

දෙසැම්බර් 12වන දින උදා විය. එදිනම තවත් එක් පුද්ගලයකු මියගිය බැවින් ඉතිරි වූ සංඛ්‍යාව 16 බවට හැරුණි.

නන්ඩෝ පරාඩෝ, රොබේටෝ කනේසා සහ ඇන්ටෝනියෝ වීසන්ටීන් ගමනට සූදානම්ව සිටියහ. පිටත්වීමට කලින් නන්ඩෝ පරාඩෝ විසින් සිය මවගේ සහ නැගණියගේ දේහයන් අනෙත් අයට ආහාර සඳහා දීමට තරම් පරිත්‍යාගශීලී විය.

" නන්දෝට තිබුණේ කඳුවටිය තරණය කිරීමට තිබූ ධෛර්යය පමණක් නෙමේ, ඒ වන විට ඔහු සතුවූ උතුම්ම වස්තුවූ සිය මවගේ සහ නැගණියගේ දේහයන් අපට ආහාර ලෙස ගැනීමට දීමට තරම් හැකියාවකුත්, ධෛර්යයකුත් ඔහුට තිබුණා. " - Carlitoz Paez.

කඳුවැටිය තරණය කිරීම සිතූතරම් පහසු නොවීය. විශේෂයෙන්ම මාස දෙකකට ආසන්න කාලයක් දුෂ්කර ජීවිතයක් ගතකළ පිරිසකට සැබැවින්ම එය අභියෝගයක්ම විය. ඔවුන් සතුවූයේ චිත්ත ධෛර්යය පමණී. ඉහළට ගමන් කිරීමේදී ඔවුන් විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙන්නට වූහ. ප්‍රධානම ගැටලුව වූයේ දුර්වල වාතාශ්‍රයයි. ඔවුන් තබන අඩියක් අඩියක් පාසා හොඳින් හුස්ම ගැනීමට සිදුවිය.

දින තුනක දුෂ්කර වෑයමකින් පසු නන්දෝ සහ රොබේටෝ කඳු ශිඛරයෙහි මුදුනට ළඟාවිය. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ කඳුවැටියෙන් අනෙක්  පස චිලී හී රතු නිම්නය දැකීමටයි. නැවතත් ඔවුනට වැරදී තිබුණි. නන්දෝ සහ රොබේටෝ සුන්වූ බලාපොරොත්තු සහිතව කඳු මුදුනේ සිටගෙන ඉදිරිපසින් වූ කඳු මාලාවක් දෙස දැස්යොමා සිටියේ දුටු දේ අදහා ගැනීමට නොහැකිවය. ඔවුන් සිතා සිටියේ අනතුර සිදුවූයේ කඳුවැටියේ චිලී දෙසට වන්නට කඳු පාමුලක බවයි. එම ගණනය කිරීම ඔස්සේ සලකා බැලූ නන්දෝ තමන් දැන් තරණය කළ කඳුවැටියට පසු චිලී හී රතු නිම්නය දැකීමට බලාපොරොත්තු විය. සැබෑ ලෙසම ඔවුන් ඇන්ඩීස් කඳුවැටිය මධ්‍යයේ සිරවී සිටියහ.

සීමිත ආහාර ප්‍රමාණය ඉතිරිකර ගැනීම සඳහා ඔවුන් විසින් ඇන්ටෝනියෝව නැවතත් යානය වෙත හරවා එවා, නන්දෝ සහ රොබේටෝ පමණක් ඉදිරියට ගමන් කළහ. ඔවුන් කඳුවටිය බසිමින් දුෂ්කර ගමනක් ඉදිරියට ගමන් කළහ. යානයෙන් නික්මී දින නවයකට පසු ඔවුන් දෙදෙන බැවුම ප්‍රදේශයක් වූ ගංගාවක් අසබඩට පැමිණිහය. එම ප්‍රදේශයේ මිනිස් වාසයක ලක්ෂණ මද වශයෙන් පෙන්නුම් කරන්නට විය. ඒවන විට ඔවුන් තමන්ගේ ශරීරයට දැරිය හැකි උපරිම සීමාවට ළඟා වී සිටි අතර රොබේටෝ තව දුරටත් ඉදිරියට ගමන් කිරීමට හැකි තත්ත්වයක නොසිටියේය.

එම මොහොතේ නන්දෝ විසින් ගිනිමැලයක් ගැසීම සඳහා කෝටු කැබලි එකතු කරමින් සිටියේය. හදිසියේම අසකු පිට නැගි මිනිසකු වැනි රුවක් ගඟේ එහා ඉව්රෙන් නිරික්ශණය කළ රොබේටෝ වහාම එය නන්දෝට දක්වා සිටියේය. වහා ගං ඉව්ර වෙත දිව ගිය නන්දෝ එම අසරුවාට කෑගසා ඔහුගේ අවධානය දිනා ගැනීමට සමත් විය. එහි අසරුවන් තිදෙනෙකු වූහ. ගඟෙහි ශබ්ධය ඔව්නතර හොඳ සන්නිවේදනයකට බාධාවක් විය. නන්දෝ ඔවුන් මුහුණපා සිටින තත්ත්වය පැහැදිලි කිරීමට උත්සහා කළේය. එක් අසරුවෙකු හස්ත මුද්‍රාවෙන් දක්වා " හෙට " යයි පැවසීය. දැනට මේ පිළිතුරෙන් සෑහීමකට පත්වීමට ඔවුන් දෙදෙනාට සිදුවූහ. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉතාම ඉහල මට්ටමේ වූ බැවින් දිගු කලකට පසු ඔවුනට හොඳ නින්දක් ලැබීමට හැකිවිය.

පොරොන්දු වූ පරිදිම අසරුවා පසුදින උදයේ නැවතත් පැමිණියේය. ඔහු විසින් ඔවුන් වෙත පාන්ගෙඩි කිහිපයක් ගඟ හරහා මෙහා ඉවුර වෙත විසි කළ අතර එය තරුණයන් දෙදෙනා විසින් වහා අනුභව කරණ ලදී. අනතුරුව ගලක දවටන ලද පෑනක් සහ කොලයකි. නන්දෝ විසින් එහි සිද්ධිය සැකෙවින් විස්තර කොට උදව් ඉල්ලා ලියුමක් ලියා නැවතත් එහා ඉවුරට විසි කරණ ලදී. අසරුවා විසින් එය තේරුම් ගත් බව ඉඟියෙන් දක්වා සිටියේය.



සර්ජියෝ කටලාන් ( අසරුවා ) උදව් රැගෙන ඒම සඳහා පැය කිහිපයක්ම ගමන් කළේය. අතරමගදී වෙනත් පුද්ගලයෙකුට තරුණයන් දෙදෙනා ගැන පවසා ඔවුන්ව ගමට කැන්දන් එන ලෙස දන්වා සිටි ඔහු දිගටම සිය ගමන ගියේය. අවසානයේදී ළඟම වූ පොලිස් ස්ථානයට වාර්තා කළ සර්ජියෝ සිද්ධිය දැනුම් දී සිටියේය. මොහොතකින් එය චිලීහී සන්තියාගෝවට වාර්තා කරණ ලදී. මේ අතර වාරයේ තරුණයන් දෙදෙනාවා ගලවා ගත් ගම්වැසියන් ඔවුනට කෑම බීමෙන් සංග්‍රහ කොට තිබුණි. ඒ දෙසැම්බර් මස 21 වෙනිදායි.

ඔක්තෝබර් මස 13 වන දින සිදුවූ සිද්ධියෙන් දිවි බේරා ගත් අය ඇති බවත්, ඔවුන්ව ගලවා ගැනීමට සූදානම් වන බවත් පසුදින වන විට ජාත්‍යන්තර මධ්‍ය වෙත වාර්තා වී තිබුණි. එම පුංචි ගම්මානය ඔවුන්ව දැකීමට වැල නොකැඩී පැමිණි නා නා ප්‍රකාර ජනමාධ්‍ය කරුවන්ගෙන් පිරී යන්නට විය.

පසු දින එනම් දෙසැම්බර් මස 22 වන දින හෙලිකොප්ටර් යානා දෙකක් මගින් ගලවා ගැනීමේ මෙහෙයුම ඇරබුණි. මග පෙන්වීම සඳහා නන්දෝ ඔවුන් සමග එකතු විය.

ඉතා අයහපත් කාලගුණ තත්ත්වයක් යටතේ එදින මධ්‍යහන වන විට ඔවුනට කඩා වැටුණ යානය වෙත පැමිණිය හැකි වූහ. තමන් වෙත එන හෙලිකොප්ටර් යානය දුටු තරුණයෝ පිරිස දිවිගැලවීමේ ප්‍රීතියෙන් ඔල්වරසන් දෙමින් නටන්නට වූහ.

එදින සය දෙනෙකු පමණක් රැගෙන, ගලවා ගැනීමේ කණ්ඩායමේ කිහිප දෙනෙකු අනෙක් අය සමඟ නතර කොට යානය පිටත් විය. ඉතිරි 08 දෙනාව පසු දින ගලවා ගත්හ.

ඔවුන්ව පිළිගැනීමට ආශාවෙන් බලා සිටි තවත් විශේෂ අමුත්තෙක් විය. ඒ සිද්ධිය සිදුවූ දින සිට නොකඩවා ඔවුන්ව සොයා ගැනීමේ උත්සහයක නිරතවී සිටි, කර්ලිටෝ පයෙස් ගේ පියාය. හෙලිකොප්ටරයෙන් බැසගත් සිය පුතුනුවන්ව ඔහු ඉතා ආදරයෙන් වැළඳ ගත්තේ උතුරා ගිය දාරක සෙනෙහසකිනි. නන්දෝ පරාඩෝගේ නොපසුබස්නා උත්සහය නොවන්නට මෙලෙස එක්වීම ඔවුනට සිහිනයක්ම පමණක් වීමට තිබුණි.

දින 72ක් අධික සීතලෙන් යුත් හිමකතරක, අවම පහසුකම්වත් නොමැතිව දිවිගෙවා, නැවතත් මෙලොවට පැමිණි ඔවුන්ගේ කතාව මිනිස්සුන් සතු අධිෂ්ඨාන ශක්තිය පෙන්නුම් කරන කදිම අවස්ථාවකි.

2010 වසරේ චිලී හී සිදුවූ පතල් කම්කරුවන් හිරවූ සිද්ධියේදී මෙම දිවි ගලවා ගත් 16 දෙනා විසින් ඔවුනට සහය පලකිරීමටද ඉදිරිපත් විය.

මූලාශ්‍ර :
1. http://en.wikipedia.org/wiki/Uruguayan_Air_Force_Flight_571
2. http://www.youtube.com/watch?v=UWTN6nAIBcY
3. http://www.viven.com.uy/571/eng/historia.asp
4. http://www.parrado.com/

විශේෂ ස්තූතිය හරීට.

~~සෙන්නා / 13.03.2012

66 comments:

  1. මේ කතාව මට අමතක වෙලා තිබුන එකක්.
    හුඟාක් ඉස්සර 'රීඩර්ස් ඩයිජෙස්ට් ' සඟරාවෙ අගට තියෙන 'පොතක් සංක්ෂිප්තයෙන්' [කන්ඩෙන්ස්ඩ් බුක්] සෙක්ෂන් එකෙන් කියෙව්වේ මම.
    මේ කතාව සිංහලෙන් ලියු එක හරිම වැදගත්, නොකියවූ ය බොහෝ දෙනෙක් ඇති.
    ලියල තියෙන විධියත් හොඳයි, පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබා මාමේ..

      මමත් මේ ලඟදි මේක ගැන දැන ගත්තේ හරීගෙන්. ඒ වෙනකම් මම මෙහෙම කතාවක් ගැන අහලවත් තිබුනේ නැහැ.

      ඊලඟට රත්තරන් හොරකම... ඉවසිල්ලෙන් බලාසිටින්න..

      Delete
  2. ස්තුතියි! හදිසි වැඩක්..ආයෙ එන්නම්...

    මෙතන තියනවා පින්තූර...

    http://www.viven.com.uy/571/eng/FotosIneditas.asp

    ReplyDelete
    Replies
    1. ඔබටයි ස්තූති හිමි හරී.. මට මේ ගැන ඔත්තුව දුන්නට..

      පින්තූර ටිකේ සබැඳියටත් ස්තූතියි...

      ජය !

      Delete
    2. කොච්චර වැඩ තිබුනත් අමාරුවෙන් ලියපු ලිපියට කමෙන්ට් එකක් නොදී කොහොමද?

      මේ කතාව ප්‍රනාන්දු කෙනෙක් දැක්කොත් මෙහෙම කියයි
      "ප්‍රනැන්ඩෝ ප්‍රනැන්ඩෝ ඔයත් ප්‍රනැන්ඩෝ
      ප්‍රනැන්ඩෝ ප්‍රනැන්ඩෝ මමත් ප්‍රනැන්ඩෝ "
      මොකද නැන්ඩො පරාඩෝගෙ හරි නම් 'ප්‍රනැන්ඩෝ පරාඩො' 'ප්‍ර' හැලිලා..

      මම කැම්පස් එකේදි ඉගෙනගත්තු කථාවක් ඕක..බ්ලොග් අවකාසෙ කවුරුත් ලියලා නැති නිසාත් සෙන්නා ඒ ජාතියෙ ලිපි ලියන නිසාත් තමයි යෝජනාව ගෙනාවෙ..කරදරයක් වුනාද මන්දා?

      හැමදාම බර්මුයුඩා ත්‍රිකෝණෙයි, ලෝක යුද්ධයි නෙ බ්ලොග් අවකාසෙ ලියවෙන්නෙ..ඒවා දැන් ඇතිවෙලා..ඊට වඩා මම් නම් කැමතියි අලුත්දේ ලියවෙනවට..

      සෙන්නට ඕනනම් තව දෙන්නම්... :ඵ්

      බොහොම ස්තුතියි මේ ගැන ලිව්වට..හොඳ ශෛලියකින් ලියවිලා තියෙනවා..

      Delete
    3. ස්තූතියි හරී නැවතත්..

      ඔව් ඔහුගේ නියම නම ඒක තමා. ඒත් බාවිතය සහ ප්‍රසිද්ධ නන්දෝ පරාඩෝ කියලා. මමත් ඒකම පාවිච්චි කරා..

      කරදරයක්නම් ඉතින් යෝජනාව බලලා මූට පිස්සු කියලා නිකන් ඉන්නවා මිසක් මෙහෙම ලියවෙන්නේ නැහැ නේද.. ?

      අපොයි දෙන්ඩ... ඉඩ පාඩු වෙලා තියන වෙලාවකට හෙමිහිට ලියවෙයි.

      එහෙනම් නැවතත් බොහොම ස්තූතියි.. ශෛලිය ගැනනම් ඉතින් හැමදාම වගේ මම සෑහීමකට පත්වෙලා නැහැ කියලා තම කියන්ඩ තියෙන්නේ. මම මේ අලුත් විදිහක් හොයනවා මේ වගේ ඒවා ලියන්ඩ පුළුවන්..

      Delete
  3. උදේ පාන්දර හිතට හයියක් දෙන "...නන්දෝ පරාඩෝගේ නොපසුබස්නා උත්සහය..." ගැන කියවන්න සැලස් වූ කුරුන්දට පින්.

    ඔබේ ලිවීමේ විලාසයත් සරළ බවත් කතාව කියවමින් ඉදිරියට යන්න ලොකු අනුබලයක් දෙන්නේ. මෙතරම් විස්තර සහිත පොස්ටුවක් ලිවීමට කාළයක් කැප කරන්න ඕනේ, ඔබේ උත්සාහය සාර්ථකයි. ස්තුතියි සහෘදයා.

    මැද පෙරදිග රැකියාවට ආපු මුල්ම කාළයේ තිස්ගානකින් සමන්විත ඇමරිකන් ජාතිකයින් කණ්ඩායමක එක්ක වැඩ කලේ. ඔවුන් අංක 13ට දක්වන බය විස්තර කරන්න බැරිතරම්. සිකුරාදා 13 වුනා නම් ඔවුන් ගෙවල් වලින් එළියට බහින්නේ නැති තරම්. ඉන්පසුව වැඩ කලේ ජාත්‍යන්තර ගුවන් සමාගමක, එහි රැකියා ශ්‍රේණිගත කිරීම අනුව ඉහළම ශ්‍රේණිය වූයේ 13. ඒ තළයට පත්වෙන බටහිර වැසියන් ගැන සිතා 13 කියන ඉලක්කම වෙනුවට ඔවුන් බිංදුව පාවිච්චි කරා.

    ReplyDelete
    Replies
    1. ඩීන් අයියා, ගොඩක් ස්තූතියි.. හැමදාම වගේ ගැම්මක් එන දිග කමෙන්ට් එකක්. ගොඩක් ස්තූතියි..

      මම ඔය බටහිර වැසියන්ගේ 13 නට තියන බය ගැන පොඩි සඳහනක් කරන්ඩ හිටියා ආරම්භයේදී. පස්සේ මට ඒක මග හැරිලා.. ඒ අඩුව ඔබගේ කමෙන්ට් එකෙන් උදාහරණ සහිත නොඅඩුව පිරිලා තියනවා..

      බොහොම ස්තූතියි.. හැමදේකටම.

      Delete
  4. ඇත්තටම අයියෙ ඔයාගෙ වටිනා කාලයත් ශ්‍රමයත් වැය කරගෙන මේ ලියපු ලිපියනම් බෙහෙවින්ම සාර්ථකයි.ඒ වගේම ලියල තියෙන ආකාරයත් ගොඩක් සරලයි පැහැදිලියි..මේ වගේ ලිපි අපිත් සමග බෙදාගන්නවට ඔයාට ගොඩක් පිං.මේ ගැන මම මීට කලින් දැනගෙන හිටියෙ නැහැ..මේ ලිපියෙන් තමයි දැනගත්තෙ..

    පරාඩෝ කලාට අපිටනම් පුලුවන්ද අම්මගෙ න්ංගිගෙ සිරුරු අනික් පිරිසට ආහාරයට දෙන්න..ඒ අතින් එයා කොයි තරම් දැඩි හිතක් තියෙන වීර්ය වන්ත පුද්ගලයෙක්ද..පරාඩෝ ඇතුලු උත්සහයෙන් දිවි ගලවාගත් එම පිරිසට මගෙ ආචාරය..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත් රූ නංගී. මමත් මේක ගැන මේ ලඟදී දැන ගත්තේ හරී සොයුරගෙන්.

      නන්දෝනම් මාරයි තමා.. ඇත්තටම ඔහු නොහිටින්න ඔවුන් සියල්ලම මරුවට බිලිවෙනවා කියලා තමා මටත් හිතුනේ..

      Delete
  5. කියන්ඩ තියෙන දේවල් ඔක්කොම කතාවේ තියෙනවා.... ඇත්තට චිත්‍රපටියක් වගේ. ලෝකෙ කියන්නෙ ඕනෙම දෙයක් සිද්ද වෙන්ඩ පුලුවන් තැනක් නේද?

    ReplyDelete
    Replies
    1. කුරුන්දට ආයුබොවන් කියලා පිළිගන්නවා චූටි මහත්තයෝ..

      සත්‍ය වශයෙන්ම..

      ස්තූතියි පැමිණීමට සහ කමෙන්ට් එකට.

      Delete
    2. අද උදේ ඉඳන් මෙතන..... මුණු පොතෙත් බෙදලා දැම්මා.... කැමතිම මාතෟකාගැන ලියවිලා තියෙන්නෙ..... ඔක්කොම වැඩ පස්සට දාලා මේක කියෙව්වා..

      Delete
    3. හප්පේ එහෙමද... අහන්ඩත් ආසයි. කොහොම ස්තූති කරන්ඩ කියලා තේරෙන්නෑ..

      Delete
    4. චූටි මහත්තයා කවදත් සහෘදයින්ට අතහිත දෙන කෙනෙක්. කුරුන්දේ පරණ පොස්ට් කිහිපයක් ද ෂෙයර් කර තිබුණා.

      Delete
    5. ඒකනම් ඇත්තටම අගේ කළයුතු හොඳ දෙයක් ඩීන් අය්යේ. සැබෑ දක්ශතා තියන නවකයෝ කීදෙනෙක් මේ බ්ලොග් ලෝකෙට ඇවිත් නිසි ඇගයීමක්, පිළිගැනීමක්, හඳුනා ගැනීමක් නැතිනිසා හැරිලා ගිහින් ඇත්ද..!

      ලබා දුන්නු සහයෝගයට චූටි මහත්තයට නැවතත් මගේ හද පිරි ස්තූතිය. අළුත් අය ගොඩක් බ්ලොග් එක හඳුනාගන තිබුනා ඒ වැඩේ හින්දා..

      Delete
  6. මේකෙ චිත්‍රපටය නැරඹුවා...

    ReplyDelete
    Replies
    1. කිරි අප්පේ මාරයත් ගොඩ බැහැලා තියෙන්නේ මගේ බ්ලොග් කටුවට. ආඩම්බරයි! ආයුබොවන් කියලා පිළිගත්තා එහෙනම්.

      චිත්‍රපටියක් තියනවා කියලානම් මම් දැනන් හිටියේ නැහැ. නැශනල් ජියොග්‍රෆික් ඩොක්‍යුමන්ට්‍රි එකේ ලින්ක් එකක් ඇති ලිපියේ පහල.

      ස්තූතියි මේ පැත්තට ගොඩ වැදුනට.

      Delete
    2. මෙන්න චිත්‍රපටිය, සිංහල සබ් එක්කම..... Alive (1993)

      http://www.baiscopelk.com/?p=7989

      Delete
  7. කතාවනම් සුපිරි ..!! මටත් මතකයි මමත් මේකේ ෆිල්ම් එක බැලුවා

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩවත් ආයුබොවන් කියලා පිළිගත්තා එහෙනම්.

      ස්තූතියි.

      Delete
  8. මාරම ලස්සනට ලියලා තියෙනවා අයියේ පිස්සු හැදෙනවා ලංකාවේ මුහුදු ගිහින් අනතුරකට ලක්වෙලා බේරිලා ආපු තරුණයව මතක් වුනා....තමන්ගේ නංගිගේ අම්මගේ මරණය අකාලේ දකින්න එයාලගේ සිරුරු ජීවත් වෙන්න අනික් අයට ලබා දෙන්න තරම් හිතක් ධෛර්යය වුනා කිව්වම පුදුමත් හිතෙනවා අපි වුනත් ඒ තත්වෙට පත්වෙන්න පුළුවන් කිව්වට මට නම් කවදාවත් බැරිවෙයි...

    චිත්‍රපටිය හොයාගන්ටෝන...මෙහෙම මහන්සිවෙලා මේ ලියන ලිපි රටක් වටිනවා ජය වේවා බොහෝම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගැමියා මලේ..

      අපිට එහෙම උනොත් අපි මොනවා කරයි කියලා කව්ද දන්නේ.. නේද.

      Delete
  9. මචං වෙනද වගේම වටිනා ලිපියක් අදයි මේ ගැන මුලින්ම දැනගත්තේ.කිසිම හිඩැසක් නැතිව හැම දෙයක්ම සරලව පැහැදිලි කරලා තියෙනවා.රූප මැවෙන විදියට.

    කොච්චර වැඩ තිබුනත් අපි වෙනුවෙන් මේ වෙහෙසිල්ලට ස්තුතියි සෙනා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසර්. හැමදාම වගේ උඹලා දෙන සහයෝගය තමා ඉතින් ඕවට ඉන්ධන.

      Delete
  10. Alive [1993] ඔන්න ෆිල්ම ඒක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. බලන්ඩ ඕනා ඒක..

      Delete
  11. සොරි මචං හිමීට බලන්නම්.. මේ සිරා වගේ !

    ReplyDelete
  12. හරිම සිත් ඇද ගන්නා විදියට ලියල තියනවා. එක හුස්මට කියවන්න පුළුවන්. සෙන්නා ට හොඳ හැකියාවක් තියනවා මේ වගේ ලිපි ලියන්න. රත්තරන් හොරකම ත් ලඟදිම බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයුරි අගය කිරීම ගැන සහ දිරි ගැන්වීම ගැන.

      රත්තරන් හොරකම ගැනත් ලියන්ඩ කියලා ඉන්නේ.. තාම අධ්‍යනය පටන් ගත්තේ නෑ.. හිමීට ලියලා දාන්නම්..

      Delete
    2. රත්තරන් හොරකම???

      හරී

      Delete
    3. සෙන්නා නියමයි කියන්න තමයි තියෙන්නේ...සීතල නිසා මළ සිරුරු දිය නොවී තියෙන්න ඇති නේද ..? ආහාරයට ගන්න පුළුවන් විදිහට නැත්නම් ඉතුරු වෙන්නේ නැහැනේ...

      Delete
  13. මෙහෙම සීන් එකක් අහලා තිබුනට හරියටම දැනගත්තේ මේකෙන්...එළ ඈ....අර රහස් පරික්ශක කථා සීන් එක ඉවරද....තව ඒ වගේ එකක් ලියමුකෝ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බණ්ඩාර.

      රහස් පරික්ශක සීන් එකනම් ටිකක් අමාරු වැඩක් මචෝ. බලමු, කට්ටියගෙ ඉල්ලීම සලකා, ආයේ එකක් ගැට ගහ ගන්ඩ පුලුවන් වෙයිද කියලා.. එහෙම උනොත් දාන්නම්..

      ස්තූතියි ඉතින් හැමදාම වගේ කමෙන්ට් එකකින් කරන සංග්‍රහයටයි, දිරි ගැන්වීමටයි.

      Delete
  14. මේ වගේ සීන්ම තව තව ලියපන් කියල කියන්න කැමතී...

    ReplyDelete
    Replies
    1. සාතන්,

      ලියමි ලියමි.. දිගටම ලියමි...

      බොහොම ස්තූතියි.

      Delete
  15. ශා මරුනේ... මාත් කැමතියි මේ ලිපියට ගොඩාක්...

    ReplyDelete
  16. ඔයාගෙ උත්සාහය නම් අතිසාර්ථකයි සෙන්න .. ඕව කතන්දර වගේ අහල තිබුණට හැමදේම අඩු නැතිව දැනගන්නෙ ඔයා නිසා තමයි .. ඔයා කොහෙදි හරි කියල තිබුණ කවදහරි ආපස්සට හැරිල බලද්දි ඔයාගෙ බ්ලොග් එක වැදගත් ලිපිවලින් පිරිල තිබුනොත් ඒක තමා ඔයාගෙ සතුට කියල... ඒක දැනටම එහෙම තමයි ...

    ReplyDelete
    Replies
    1. හප්පේ සම්මානි කාලෙකට පස්සේ.. මොකද වුනේ කියලා අසරණයගෙ බ්ලොග් එකෙන් දැන ගත්තා. දැන් සුවයි කියලා හිතනවා.

      ඔව් ඔව් පුංචි කුමාරිහාමිගේ බ්ලොග් එකේදි මම දවසක් එහෙම කමෙන්ට් එකක් දැම්මා. ඇත්තෙන්ම ඒක තමා මගේ අරමුණ. මම ඉතින් ඒ ඔස්සේ හිමින් හිමින් යනවා.

      මට හිතෙන්නෙ නම් තාම ඉන්නේ ළදරු අවදියේ..

      ස්තූතියි ප්‍රශන්සාවට, දිරිගැන්වීමට හා අගයකිරීම ගැන.

      ප.ලි. ; ඉක්මනට නූරි ඊළඟ කොටස දැම්ම නම් යෙහෙකි.

      Delete
    2. යෙහෙකි බැව් පුන පුනා පැවසීම නිසාවෙන්ම නූරි කොටස දැමීමී ... :)

      Delete
  17. ඒ ඉතින් චූටි මහත්තයගේ සහයෝගයට පින්සිද්ද වෙන්ඩ තමා.

    අවංක පැට්ටවත් සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට.

    ස්තූතියට, ප්‍රශන්සාවට, සුබ පැතුම් වළට, ඔක්කොවන්ටම ස්තූතියි. කියවල යම දෙයක් දැන ගත්තනම් ඒක තමා මගේ සතුට.

    අනිවාර්යයෙන් දිගටම මේවගේ එවා ලියවෙනවා.. ඒවා දැන් කුරුන්දේ ජීවනාලිය වෙලා ඉවරයි.

    ReplyDelete
  18. මේ ගැන මම මීට කලින් දැනගෙන හිටියෙ නැහැ.මේ ලිපියෙන් තමයි දැනගත්තෙ.රත්තරන් හොරකම කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Srimi.

      මමත් ඕක ගැන මේ ලඟදි දැන ගත්තේ. ඒ වෙනකම් අහලවත් තිබුනේ නැහැ..

      රත්තරන් හොරකම ගැන දැනගන්ඩ ටිකක් ඉවසලා ඉන්ඩ වෙනවා.. :-)

      Delete
  19. මමත් මේ ගැන නම් අහල තිබ්බේ නෑ!
    මිනී මස් කෑවා කියන්නේ පුදුමයි නේ!:-/
    මම වගේ නම් බඩගින්නේ මැරෙනව,කොහොම උණත් සැහෙන්න ධෛර්යමත් පිරිසක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නුවන්.

      ඒ උනාට මටනම් හිතෙන්නේ ඔය තත්ත්වෙට මුහුණ දුන්නානම් අපිත් ඕකම කරනවා. හැමෝමටම ප්‍රාණ භය තියනවනේ..

      Delete
  20. මේ වගේ කතාවක් තියන තව ෆිල්ම් එකක් ලඟදි ආවා The Grey කියල. ඒකෙත් ප්ලේන් එකක් කඩන් වැටෙනවා හිම ගොඩකට. ඒකත් මතක් කරගන තමයි කතාව කියෙව්වේ. ලස්සනට ලියල තියනවා.
    ඔන්න මමත් ආව කුරුන්දට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි

      සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට.

      Delete
  21. ඩීන් අයියා පෙන්වූ පාරෙන් ආවෙ. සරලව ලස්සනට ලිවූ ලියවිල්ලක්. බොහොම ස්තූතියි බෙදා හදා ගත්තාට

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා හරී කුරුන්දට. ස්තූතියි.

      ඩීන් අයියටත් ස්තූති කළා කියන්ඩ..

      Delete
  22. පුදුම හිතෙන කතාවක් බං කවදාකවත් මෙහෙම දෙයක් ගැන මම අහලාවත් තිබුනේ නෑ . අඩුම ගානේ පත්තරේකවත් කියෝලා තිබුනේ නෑ . ස්තූතියි බං මේ කතාව අපි එක්ක බෙදාගත්තාට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු.. මාත් ඕක මේ ලඟදි දැනගත්තු කතාවක්.

      ස්තූතියි හිමි වෙන්ඩ ඕනා හරීට තමා ඉතින්.

      කතාව කියවලා කමෙන්ට් එකකුත් දැම්මට ස්තූතියි.

      Delete
  23. අයියෝ සෙන්නයියා මේ බ්ලොග් එක පලෝ කරන්නෙ කොහොමෙයි දෙයියනේ? කතාව තාම කියෙව්වෙ නෑ.. කියෝල එන්නං.. පලෝ කරන ගැජට් එක දාන්න ඉක්මනට ඈ..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බට්ටෝ... ෆලෝ කරන්ඩ ඕනා නෑ මලේ.. ඔයාගෙ බ්ලොග් රෝලට දාගන්ඩ.. එතකොට හරි නේද..

      Delete
  24. ෆලෝ නැහැ නේන්නම්

    ReplyDelete
  25. සම්බ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියනවානේ.. තමුන්ගේ ජීවිතේ ගලවාගන්න මිනී මස් කෑම පුදුමයක් නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.. මට නම් හිතෙන්නෙ අපි උනත් ඕකම කරනවා ඔය තත්ත්වෙට පත් වුණොත්..

      Delete
  26. මේ කතා කියවද්දී මට මතක් වුණේ ඉස්සර මුතුහරේ ගිය මේ වගේ කතා කියවපු හැටි. ස්තුතියි අපිත් එක්ක මේවා බෙදා ගන්නවාට.

    ජේසුතුමාගේ කතාවේ 13 සම්බන්ධ වෙන්නේ අවසන් භෝජන සංග්‍රහයට 13 දෙනෙක් සහභාගි වීම නිසා

    ReplyDelete
  27. මම නම් දිනවල ලොකු විශේෂත්වයක් දකින්නෙ නෑ. මොකද ඕනම දින දර්ශනයක හැදිලා තියෙන්නෙ මොකකට හරි සාපේක්ශවනෙ.
    කතාව කියවද්දි මතක් උනේ I shoudn`t be Alive කථා මාලාව.

    ReplyDelete
  28. ඔන්න මේ ලිපියත් කියවල දැම්මා

    ReplyDelete
  29. ඔන්න පහුගිය කතාවක් හොයාගෙන කියෙව්වා..

    ReplyDelete
  30. හසිත, තිළිණ, කෝරාලේ, චන්දන,

    හතර දෙනාටම බොහොම ස්තූතියි පරණ ලිපියක් හාරගෙන කියෙව්වට..

    ReplyDelete
  31. ගොඩාක් වටිනා වැදගත් ලිපියක් !! :D

    ReplyDelete
  32. නෙියම පොස්ට් එක යාලුවා

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

Sex Scene හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog