Friday, June 29, 2012

යුද්ධය අවසන්... එළියට එන්න....

2012 පොසොන් මස 29 වනදා




"නෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත." අසා තිබේද මේ ආප්තෝපදේශය ? පිළිගැනීමට අපහසුතාවයක් දැනෙනවානම්, කියවමු මේ කතාව.

මෙන්න අණ ! 


~~~


ඔබට සිය දිවි නසා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්ය. අවුරුදු තුනක් හෝ පහක් විය හැකියි, මොනදේ සිදු වූවත් අපි ආපහු ඔබ වෙතට එන්නෙමු. ඒතාක්, එක් සොල්දාදුවෙක් ඉතුරු වෙනතාක්, ඔබ ඔහුට නායකත්වය දිය යුතුයි. සමහර විට ඔබට පොල් කෑමෙන් පමණක් දිවි රැකගැනීමට සිදු වේවි ! එසේ වූවොත් එසේ කරන්න. කිසිදු තත්ත්වයක් යටතේ, ඔබට ඔබගේ දිවි තොර කර ගැනීමට අවසර නොමැත.


~~~

වැරදුණේ කොතනද ? කාටද ?
~~~~~

1945 දී අවසන් වූ දෙවන ලෝක සංග්‍රාමය, 1945 දී අවසන් වූ බවට, 1974 තෙක්ම විශ්වාස නොකල සොල්දාදුවකු සිටි බව මා කීවොත් ඔබ එය විශ්වාස කිරීමට සූදානම්ද ?

~~~~~
හීරෝ ඔනාඩා Hiroo Onoda ), වයස අවුරුදු විස්සයි ඔහුට හමුදාවට බැදීමට ආරාධනා ලැබෙන විට. ඒ වෙනකොට ඔහු නිවසින් ඉතා දුර බැහැර පිහිටි ආයතනයක තමා සේවය කරමින් සිටියේ. ශාරීරික පරීක්ෂණයෙන් සමත් වුණ ඔනාඩා හමුදාවට බැදීම උදෙසා නැවතත් නිවස බලා එනවා. ජපාන රාජකීය හමුදාවේ නිලධාරී තනතුරක පුහුණු වන ඔනාඩා බුද්ධි නිලධාරීන්ව පුහුණු කරන පාසලේ පුහුණු වීම සඳහා තෝරා ගනු ලබන අතර එහිදී ඔහු ගරිල්ලා සටන් සහ බුද්ධි තොරතුරු එකතු කිරීම පිළිබඳ මනා පුහුණුවක් ලැබූ බවට පැවසෙයි. 

1944 දෙසැම්බර් 17 වෙනිදාට එළි වුණා. ඔනාඩා ඇතුළු ඛණ්ඩය පිලිපීනයේ ලුබන්ග් දිවයිනේ පිහිටි "සුගී බ්‍රිගේඩය " හා එක්වීමට යෑමටයි මේ සූදානම. කණ්ඩායම එහිදී ගරිල්ලා මෙහෙයුමක් සිදුකිරීම සඳහා නායකත්වය දීමේ වගකීම පැවරිලා තිබුණේ ඔනාඩායි. පිටත්වීමට මොහොතකට කලින් සේනාංකය බාර අණදෙන නිධාරියා විසින් ඔවුන්ව නවත්වනවා. කුමකටද ?

මෙන්න අණ ! 


~~~


ඔබට සිය දිවි නසා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්ය. අවුරුදු තුනක් හෝ පහක් විය හැකියි, මොනදේ සිදු වූවත් අපි ආපහු ඔබ වෙතට එන්නෙමු. ඒතාක්, එක් සොල්දාදුවෙක් ඉතුරු වෙනතාක්, ඔබ ඔහුට නායකත්වය දිය යුතුයි. සමහර විට ඔබට පොල් කෑමෙන් පමණක් දිවි රැකගැනීමට සිදු වේවි ! එසේ වූවොත් එසේ කරන්න. කිසිදු තත්ත්වයක් යටතේ, ඔබට ඔබගේ දිවි තොර කර ගැනීමට අවසර නොමැත.


~~~

අණ දෙන නිලධාරියාවත් නොහිතපු, බලාපොරොත්තු නොවූ බරපතල කමකින් ඔනාඩා මේ අණ පිළිපැදීමට අධිෂ්ඨාන කරගන්නවා. අන්න ඒ වැඩකට නැති අධිෂ්ඨානය නිසා තමයි, මෙහෙම කතාවක් ලෝක ඉතිහාසයේ ලියවිලා තියෙන්නෙ. ඔබ දැන් මෙහෙම කතාවක් කියවන්නෙ. 

ලුබන්ග් වලදී ඔනාඩාට පැවරුණ ප්‍රධාන රාජකාරි දෙකක් තිබුණා. එකක් තමයි වරායේ බැම්ම පුපුරුවා හැරීම. අනෙක තමයි ගුවන් ධාවන පථය විනාශ කිරීම. එහෙත් අනෙක් අණ දෙන නිලධාරීන්ගෙන් එතරම් සහයෝගයක් නොලැබුන නිසා මේ වැඩ දෙකම අතපසු වෙනවා. ඔය අතරේ තමයි මිත්‍ර පාක්ෂික හමුදා දිවයිනේ බලය අල්ලා ගන්නෙ. සතුරු ප්‍රහාර හමුවේ කොටස් වලට කැඩෙන ජපාන හමුදාව දිවයිනේ වනාන්තර ඇතුළටම වදින්නෙ ජීවිත ආරක්ෂාව පතා. ඉතුරු වූ හමුදා භටයන් හතර දෙනෙකුගෙන් යුක්ත කුඩා කොටස් වලට කැඩිලා විසිර යනවා. ඔනාඩාගේ කණ්ඩායමේ හිටිය පිරිස තමයි මේ;
  • Corporal Shoichi Shimada (age 30), 
  • Private Kinshichi Kozuka (age 24), 
  • Private Yuichi Akatsu (age 22), 
  • Lt. Hiroo Onoda (now age 23).
ඔන්න දැන් තමයි දුෂ්කර කාලෙ පටන් ගන්නෙ. ආහාර සීමිතයි, ජලය සීමිතයි, අනෙකුත් පහසුකම් අවමයි. ඒ අතර ජීවිතය පවත්වාගනිමින් සහ පවත්වා ගැනීම සඳහා සතුරු හමුදා සමඟ සුලු සටන් වල නිරත වෙන්ඩත් ඔනාඩා ඇතුළු කණඩායමට සිදු වුණා. තිබුණ සීමිත ආහාර ප්‍රමාණය කොහොමත් මේ සඳහා ප්‍රමාණවත් වුණේ නෑ. කිව්වා වගේම ඔවුනට පොල් වල සහ කෙසෙල් වල පිහිට පතන්ඩ සිදු වුණා. ඒ අතර ඉඳලා හිටලා ගමකට පැනලා හරකෙක්ව එලා නොගත්තමත් නෙමේ. මේ වෙනකොට බෙදිලා ගිය අනික් කණ්ඩායම් බොහෝදුරට යටත් වෙලා හෝ සතුරු හමුදා අතින් ඝාතනයට ලක්වෙලා. ඒත් ඔනාඩාගේ කණ්ඩායම වනය අභ්‍යන්තරයේ ඉඳන් සටන් කරමින් ජීවිතය පවත්වා ගැනීමට සමත් වුණා. 

යුද්ධය අවසන්... එළියට එන්න..

යුද්ධය අවසන් කියන දැන්වීමක් ඔනාඩා මුලින්ම දකින්නෙ 1945 ඔක්තෝබර් මාසේ. ඒකත් ගවයකුව එලා ගන්ඩ ගිය වෙනත් කණ්ඩායමක් මාර්ගයෙන්. ඒකෙ තිබුණෙ " යුද්ධය අවසන්.. එළියට එන්න " කියන පණිවිඩය. ඒත් ඊට දවස් කීපයකට ඉස්සෙල්ලා වෙනත් කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල වෙලා තිබුණා. " යුද්දෙ ඉවරණම් ඇයි ප්‍රහාර එල්ල කරන්නෙ ? " ඒ තමයි ඔවුන්ට පැන නැගුණ ගැටලුව. අවසානයේදී තීරණය වුණේ " මේක සතුරු හමුදාවල උප්පරවැට්ටියක් " බවයි. ඉතින් ඔවුන් දිගටම කැලයේ ! 

නැවතත් 1945 අවසානයේදී, ගුවනින් දැන්වීම් හෙළනු ලබනවා. ජෙනරාල් යමශීටා විසින් යටත් වන ලෙස කළ ඉල්ලීමක්ද මේ දැන්වීම් එක්ක තිබුණත්, වසරකට වඩා කාලයක් කැලයේ සැඟවී සිටීම නිසාත්, යුද්ධය අවසන් වූ බවට කියවෙන එකම සාක්ෂිය මේ කරදාසි කැබැල්ල නිසාත් ඔවුන් මේ ගැන බොහෝ සුපරික්ෂාකරී වෙනවා. දැන්වීමේ වූ සමහර වචන සැකකටයුතුයි සලකන ඔවුන් නැවතත් එය "උප්පරවැට්ටිය" බවට තීරණය කරනවා. නැවතත් දිගටම කැලයේ ! 

ඉන් පස්සෙ, දැන්වීම් පිට දැන්වීම් දැමූවත්, පත්තර දැමූවත්, ඡායාරූප දැමූවත්, හිතමිතුරන් විසින් ලියූ ලිපි දැමූවත්, ඒ එකක්වත් ධනාත්මකව සලකාබැලෙන්නෙ නෑ. ඒ හැම එකකම මොකක් හෝ සැක කටයුතු කොස්සක් තිබුණා.

වසරින් වසර ගෙවුණා. හතර දෙනාම එකාවන්ව දුක සැප සමසේ අනුභව කරමින් කාලය ගෙවී ගියා. විටෙක ආහාර සොයාගන ඔවුන් ගම් වැදුණා. සමහර අවස්ථාවලදී ගැමියන් ඔවුන් අතින් ඝාතනයට පවා ලක් වුණේ අවිශ්වාසය නිසයි.. ඔවුන් විශ්වාස කළේ ගැමියන් ලෙසින් වෙස්වලාගන සිටින්නේ ඔවුනට ප්‍රහාර එල්ල කිරීමට එන සතුරු හමුදා හෝ ඔවුන්ගේ ඔත්තු කරුවන් බවයි. එය පිළිගැනීමට ඔවුනට අපූරු හේතුවකුත් තිබුණා. ඒ තමා සෑම විටම ඔවුන් ප්‍රහාරයක් එල්ල කළ සැණින් සෝදිසි මෙහෙයුම් ආරම්භ වීම. මෙසේ බාහිර ලෝකයෙන් වෙන්වූ හතර දෙනා අවිශ්වාස කිරීමේ චක්‍රයක පැටලී සිටියා. ඔවුනට, බාහිර ලෝකයේ අනෙක් සියලු දෙනාම සතුරන් ලෙසයි පෙනුණේ. 


1949 ත් උදා වුණා. දැන් අවුරුදු පහක් මේ කැලෑව තුළ. හිතාගන්ඩ පුළුවන්ද සතුරු ප්‍රහාර මධ්‍යයේ අවුරුදු පහක් කැලයක ජීවත් වීමක් ගැන ! පටන් ගන්න හැම දේකටම අවසානයක් තිබීම තමයි ලෝක ස්වභාවය. මෙන්න අවසානයේ ආරම්භය !

අකාට්සුට දැන් මේ ජීවිතේ තිත්ත වෙලා. එයා තීරණය කරනවා යටත් වෙන්ඩ. අනෙක් අයට නොකියා සැප්තැම්බර් මාසේ ඔහු කණ්ඩායමෙන් වෙන් වෙලා යනවා. මාස හයකට පස්සෙ ඔහු සතුරු හමුදාවන්ට යටත් වෙනවා. ඔනාඩාගේ කණඩායම මේක දකින්නෙ රහස් කාන්දු වීමක් හැටියට. ඔවුන් තව තවත් ආරාක්ෂාකාරී වෙනවා. 

1953 - ජූනි මාසෙදි ශිමාඩා සටනකදි තුවාල ලබනවා. නිසි ප්‍රතිකාර නොමැති කම නිසා ඔහුගෙ තුවාල සුව වෙන්න සෑහෙන හෙමින්. මෙම තත්ත්වය ඔහුට ඇති කරවන්නෙ ඛේදජනක ඉරණමක්. 1954 මැයි මාසේ ඇති වුණ සටනකදී මේ අසරණයා මිය යනවා. දැන් දෙන්නයි ඉතුරු.

ඔහුගේ මරණයෙන් අවුරුදු 20ක් පමණ වන තෙක් ඔනාඩා සහ ඔහුගේ සගයා කැලය තුළ ජීවත් වෙනවා. අවුරුදු විස්සක් !!! ඔව් අවුරුදු විස්සක් !!!

ඔවුන් ලැබුණ අණ අකුරටම පිළිපදිමින් කැලය තුළට වෙලා දිවිගෙවමින් ඉන්නවා. ඒ ඔවුන්ගේ ප්‍රධානීන්ගෙන් අණක් ලැබෙනකම්. ඔවුන්ගේ විශ්වාසය, තමන්ගේ රාජකාරිය ජපාන හමුදාවට ගරිල්ලා මෙහෙයුමක් මගින් පිලිපීන දූපත් අල්ලාගනීමට ඉවහල් වන බුද්ධි තොරතුරු එකතු කරමින් අණ ලබෙන තෙක් මෙහිම පසු වීම බවයි. 

1972 - ඔනාඩාට අවුරුදු 51 යි, කැලේට වැටිලා අවුරුදු 27 ක්. හිතාගන්ඩ පුළුවන්ද අධිෂ්ඨානයේ තරම. අපිට නිකම් විහිළුවක් වගේ පෙනුණට සමහර විට හමුදා විනය එහෙම වෙන්ඩ ඇති. ඒත් මෙතරම් කැපවීමක් ! හරි පුදුම ජනකයි !!

ඔක්තෝබර් මාසෙ, ඇතිවුණ සටනකදී ඔනාඩාගේ සගයා ඔහුව හැර යනවා. 1959 දී ඔනාඩා ඇතුළු කණ්ඩායම මියගිහින් කියලා අතහැරලා දාලා තිබුණේ. ඒත් කොසුකාගේ මිනිය හමුවීමත් සමඟ ඒ අදහස වෙනස් වෙලා ආයෙත් ඔවුන් ගැන හොයන්ඩ ගන්නවා. ඒත් ඔනාඩාව හොයාගන්ඩ ලැබෙන්නෙ ඔවුනට නෙමේ.

දැන් ඔනාඩා හුදෙකලාව සටනේ. අණදෙන නිලධාරියාගේ අණ නිතරම ඔහුගේ හිතේ රැව් දෙනවා. ඒ ඔස්සේ ඔහු සිය කටයුතු මෙහෙයවමින් හුදෙකලාවම සිය ජීවිතය මහ වනයට දිය කොට හරිමින් සිටිනවා. ඔනාඩාගේ සිතුවිලි ලෝකයේ තවමත් යුද්ධය අවසන් නෑ.

කටයුතු ඔහොම වෙමින් පවතිනකොට තමයි නෝරියෝ සුසුකි පාසලෙන් සමුඅරන් රට රට වල සංචාරයක් අරබන්නෙ. ඔහු සිය යාළුවන්ට කියනවා මෙතෙක් කාටවත් හොයා ගන්ඩ බැරි වුණ අරමුණු තුනක් හොයාගන තමන් පිලිපීනය, මැලේසියාව, සිංගපූරුව, බුරුමය නේපාලය සහ සමහර විට තවත් සමහර රටවල් කිහිපයක සංචාරය කරන බව. මොනවද මේ අරමුණු ? ඒ තමා, ලුතිනන් ඔනාඩා, පැන්ඩා සහ හිම මිනිසා. අවසානයේදී සුසුකි සාර්ථක වෙනවා. සුසුකි ඔනාඩාව හොයාගන්නවා විතරක් නෙමේ ඔහුත් එක්ක ඉක්මනින්ම මිත්‍ර වෙනවා. යුද්දෙ ඉවරයි කියල කිව්වට ඔනාඩා කැමති නැ නිකම්ම වැඩේ අතෑරලා දාන්න සහ යුද්දෙ ඉවරයි කියලා පිලිගන්ඩ.  එයා කියන්නෙ, තමන්ට අණ දුන්නු අණ දෙන නිලධාරියා ඇවිත් කිව්වොත් විතරක් තමන් මෙහෙයුම නතර කරනවා කියලයි. " ඕනැම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත. " කියලා කිව්වෙ ඒකයි.

දෙන්නගේ ඡායාරූපයක් එහෙම අරගන සුසුකි නැවතත් ජපානෙට යනවා. අණදෙන නිලධාරී මේජර් ටනගුචි ඒවන විට පොත් සාප්පුවක් කරමින් තමා ඉන්නෙ. සුසුකිගෙ කතාව අහන ජපාන රජය, මේජර් ටනිගුචිව සුසුකිට මුණගස්වන්ඩ සලස්වනවා. සුසුකි නැවතත් පිලිපීනයට එන්නෙ මේජර් ටනගුචීවත් කැටුව. කලින් එකඟ වෙච්ච තැනකදී හමු වීමෙන් පස්සෙ මේජර් ටනගුචී යුද්ධය අවසන් බවත්, සියලුම සටන් නතරකොට අති බවත් නිල වශයෙන් ඔනාඩාට දැනුම් දෙනවා. මෙම ආරංචිය විය යුතු පරිදිම ඔනාඩාව විමතියට සහ කම්පනයට පත්කරවනවා.




~~~

අහෝ ! අප යුද්ධය පැරදුනේද ? ඔවුන් එතරම් දුර්වල වූයේ කෙසේද ?

හදිසියේම සියල්ල අන්ධකාරයේ ගිලී ගිය සෙයකි. මාගේ අභ්‍යන්තරය කුණාටුවක් සේ කැලබෙයි. ඉතා පරික්ෂාකාරිව, අපහසුවෙන් ඉවසා සිටි දීර්ඝ කාලය පුරාවට මා මෝඩයකු වී ඇති සෙයක් දැනේ. ඊටත් වඩා මේ කාලය පුරාවට මා කර ඇත්තේ කුමක්ද ?

ජපාන හමුදාව වෙනුවෙන් ගරිල්ලා සටන් කරුවකු ලෙස මා ඉටුකළ මෙහෙය නිමාවට පැමිණ ඇත. මේ තමයි අවසානය !

මා, මාගේ රයිෆලයේ උණ්ඩ ඉවත් කොට ක්‍රියා විරහිත කළෙමි......

සැම විටම ඔසවන් ගිය මල්ල බිමින් තැබිමි. නිතර ඔප දමමින් දරුවකු මෙන් ආදරයෙන් රැක බලාගත් රයිෆලයෙන් හෝ කඳු අතර සඟවා ඇති කොසුකාගේ රයිෆලයෙන් මට තව දුරටත් ප්‍රයෝජනයක් නොමැත !

ඇත්තටම යුද්ධය වසර තිහකට පෙර නිම වුනේද ? එසේනම් ශිමාඩා සහ කොසුකා දිවි දුන්නේ කුමක් සඳහාද ? සිදුවෙමින් පැවති දෙය සත්‍යක්නම් මමත් ඔවුන් සමඟ මියගියානම් වඩා යෙහෙකි.

~~~

මෙම වසර 30 පුරාවටම, ඔවුන් විසින් අවම වශයෙන් 30 ක් වත් වූ පිලිපීන ජාතිකයන් සංඛ්‍යවක් ඝාතනය කොට තිබුණි. 100 ආසන්න සංඛ්‍යාවකට තුවාල සිදු කොට තිබුණි. එහෙත්, නිල වශයෙන් යටත් වීමෙන් පසු, පිලිපීන ජනපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස් විසින් ඔහු කළ සියලු අපරාධ වලට සමාව පිරි නැමීය.

ජපානයට පැමිණි ඔනාඩා දුටුවේ වෙනමම ලොවකි. ඒ ඔහු 1944 දී පිට වන විට තිබූ ජපානය නොවුණි. කාලය මහා වෙනසක් මවා තිබුණි. පසුව ඔහු බ්‍රසීලයේ ගොවිපළක් මිලදී ගෙන බ්‍රසීලයට සංක්‍රමණය වූ අතර 1976 දී විවාහ විය. 1996 දී නැවතත් පිලිපීනයට පැමිණියේ තමන් තිස් වසරක් පුරාවට දිවි ගෙවූ ස්ථානය දැක බලා ගැනීමටය. 

The War is Over . . . Please Come Out ලිපිය ඇසුරෙන් සකස් කෙරුවේ ~~ සෙන්නා / 29.06.2012





Saturday, June 9, 2012

Kedr - තරු ඇල්ලු මිනිසා - අවසාන කොටස

තරු ඇල්ලූ මිනිසා - පළමු කොටසට >>>


2012 පොසොන් මස 09 වනදා

උපුටා ගැනීම : http://nalakagunawardene.com

මුලින්ම අභ්‍යාවකාශගත වන මිනිසා වීම සඳහා, යූරි ගගාරින් හා හර්මන් ටිටෝෆ් අතර තියුණු තරගයක් විය. දෙදෙනාම කරට කර සිටියහ. ඇත්තෙන්ම මුලින්ම බලධාරින්ගේ වැඩි කැමැත්ත වූයේ හර්මන් ටිටෝෆ් වෙතය. අවසානයේදී පෙර සඳහන් විභාග ප්‍රතිඵලය සහ යූරිගේ පවුල් පසුබිම ලොව මුල්ම ගගනගාමියා වීමේ වාසනාව යූරි වෙත ගෙන ආහ. ඔබ සැම දන්නා පරිදි සෝවියට් සමූහාණ්ඩුව යනු එවකට ලොව පැවති ප්‍රබලම සමාජවාදී රාජ්‍යයයි. ඒ ධනවාදය හා සමාජවාදය එකිනෙකා ගැටෙමින් සිටි සමයයි. යූරි ගගාරින් වනාහී සමාජවාදී ක්‍රමයක් තුළ ඕනෑම කෙනෙකුට, සාමාන්‍ය කම්කරුවෙකුගේ දරුවෙකුටද වුව ඉහළට පැමිණිය හැකි බව විදහා දැක්වෙන ජීවමාන සාක්ෂියක් විය. එබැවින් සෝවියට් සමූහාණ්ඩුවට, සාමාන්‍යය කම්කරුවකුගේ පුත්‍රයකු වූ යූරි ගගාරින්ව තෝරාගැනීම, ගුරුවරයකුගේ පුත්‍රයකු වූ හර්මන් ටිටෝෆ්ව තෝරාගැනීමට වඩා වැදගත් විය. කෙසේවෙතත්, යූරි ගගාරින් මුල්ම ගගනගාමියා ලෙසත්, හර්මන් ටිටොෆ් විකල්ප ගගනගාමියා ලෙසත් නම් කෙරිණ.

දිනය : 1961 අප්‍රියල් 12
ස්ථානය : කසාක්ස්තාන් හී Baikonur ගගන තොටුපළ

ලොව මුල්ම මිනිසකු අභ්‍යාවකාශගත කිරීමේ මෙහෙයුමට සියල්ල සූදානම්. අභ්‍යාවකාශ  ඇඳුමෙන් සැරසුණු යූරි සහ ටිටොෆ් බස් රථයකින් අදාළ ස්ථානයට ළඟාවුහ. ටිටොෆ් විකල්ප ගගනගාමියා ලෙස බස් රථයේ නතර වන විට, යූරි බසයෙන් බැස ගගණයාත්‍රාව වෙත පියමන් කෙරුණේ වැඩසටහනට සම්බන්ධ සියලුම ප්‍රධානීන්ගේ ආශිර්වාදය හා සුබ පැතුම් මධ්‍යයේය.

වොස්ටොක් 1 ගගන යාත්‍රාව, ඉහළින් සවිකෙරුණු වෘත්තාකාර සේවා ඒකකයකින් සමන්විතවූ, ( යූරි අසුන් ගැනුණේ මෙහිය ) සහ අවස්ථා තුනකදී ක්‍රියාත්මක වන රොකට් වලින් සමන්විතවූ යාත්‍රාවකි. යාත්‍රාව සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ධාවනය වීමට නිර්මාණය කෙරී තිබිණ. ඒ ශුන්‍ය ගුරුත්වයේදී මිනිසකුගේ මානසික සහ ශාරීරික තත්ත්වයන් කෙසේ ක්‍රියාත්මක වේදැයි පැහැදිලි අදහසක් ඒවන විට කිසිවකුටත් නොවූ හෙයිනි. කෙසේ වෙතත් අවශ්‍යය වුවහොත් ගගනගාමියාට යානයේ පාලනය සියතට ගතහැකි කේතයන් සහිත උපදෙස් පත්‍රිකාවක්ද සපයා තිබුණි.

විශේෂයෙන් සඳහන් කළයුතු කාරණය වන්නෙ සෑම මොහොතකම ඔහු බොහෝ සැහැල්ලුවෙන් සහ ප්‍රීතියෙන් සිටි බවයි. මෙහෙයුමේ සර්ථකත්වය ගණනය කොට තිබුණේ 50/50 ප්‍රතිශතයකටය. එනම් මෙමගින් ඔහුගේ ජීවිතය නැතිවීමේ අවදානම 50% කි. එහෙත් ඔහු පසු වූයේ ඉතා සතුටිනි. යානය ගුවන් ගත වන විට ඔහු  " The Motherland Hears, The Motherland Knows."  යන රුසියානු ගීතය උරුවන් බාමින් සිටි බවද කියවේ. එදින ඔහුගේ සෑම ක්‍රියාවක්ම, සෑම වචනයක්ම ඉතිහාසයේ රන් අකුරින් සටහන් විය, පූජණීය බවට පත්විය. 1961 අප්‍රියල් 12 යූරි ගගාරින් වෙනුවෙන්ම වෙන්වූ සෙයකි.

මොස්කවු වේලාවෙන් උදෑසන 09:07 ට එම ඓතිහාසික මෙහෙයුම ඇරඹුණි. " ඕන් අපි යනවා " වැනි අරුතක් දෙන රුසියානු වචනය වූ “ Poekhali ! යන වදන යූරිගේ මුවින් එම මොහොතේම නිකුත් විණි.

" මොස්කවු වේලාවෙන් උදෑසන් 09:07, මට දැනුණා බලගතු රොකට් බලගැන්වෙන ආකාරය. සියලු දේම දෙදරන්න පටන් ගැනුණා. ඊළඟ මොහොතේ අපි සෙමින්, ඉතමත්ම සෙමින් පිටත් වීම ඇරඹුණා. මොහොතකින් ගුරුත්ත්වාකර්ශන පීඩනය තදින්ම මගේ සිරුරට දැනුණා. එය විසින් මා අසුනට දැඩි ලෙස තෙරපනු ලැබුවා. මාගේ දෙඅත් චලනය කිරීමට පවා නොහැකි වූවා. මෙම පීඩනය වැඩි වේලාවක් නොපවතින බවත්, පෘථුවි ගුරුත්ත්වාකර්ශන සීමාවෙන් නික්මෙන තෙක් පමණක් බවත්, මා දැනගෙන සිටියා. " - යූරි ගගාරින්.

ගමනේ සංනිවේදන සටහන් පහත පරිදි වේ. නියම අර්ථයම එන ලෙස පරිවර්තනය කිරීම දුෂ්කර බැවින් එය ඉංග්‍රීසි භාෂාවෙන්ම සටහන් කරමි. රතු පැහැයෙන් සලකුණු කොට ඇත්තේ ගගාරින් විසින් සංනිවේදනය කෙරුණු වදන්ය. අවධානයෙන් කියවන්න ! පෘතුවියෙන් පිටතට ගිය මුල්ම මිනිසා, සිය අත්දැකීම් විස්තර කරන ආකාරය ගැන යම් අවබෝධයක් ලබාගත හැකිය.


Callsign: 
1. Astronaut Major GAGARIN A. - " Kedr " ( Cedar )  CW "RIC"
2. VHF items  - Start the "Dawn-1" , - Kolpashevo - "Zarya-2 " , - Yelizovo - " Zarya-3 " 
3. All HF Centers  - - "Spring" CW "WPC." 


9.7 Cedar: Let's go! .. 
Noise in the cabin slightly audible. All goes well, feeling good, cheerful mood, everything is fine. 
Dawn 1 (Korolev): We all wish you good flight, everything is fine. 
Cedar: Goodbye, see you soon, dear friends! 
Dawn 1 (Korolev): Good-bye, see you soon! 
Cedar: The vibration becomes more frequent, the noise increases more ...
9.8 Dawn 1 (Korolev): Time 70. (70 seconds into the start). 
Cedar: I understand you 70. She feels great, keep on flying, growing congestion, all is well.
9.9 Dawn 1 (Korolev): One hundred. How do you feel? " (One Hundred - 100 seconds into the start). 
Cedar: feels good. How are you? .. 
Dawn 1 (Korolev): The speed and time everything is fine. How to feel? 
Cedar: I feel good ...  Dawn 1 (Korolev): All right, the car goes well. 
Cedar: ... (not legible).
9.10 Dawn 1 (Korolev): reset the cone, everything is fine. How are you feeling? 
Cedar: ... Clear fairing ... I see Earth ... Several growing congestion, feeling great, the mood is
buoyant.
9.11 Dawn 1 (Korolev): Well done, excellent! All is well. 
Cedar: watch the clouds ... Landing site ... Beautiful, beautiful it is! How do you read? 
Dawn 1 (Korolev): We hear you fine, keep flying. 
Cedar: The flight goes on well, growing congestion, slow rotation, all is well tolerated, over a small,
well-being is excellent. In porthole "sight" * watching the Earth: more rose clouds. 
* "Gaze" - an optical device for orienting the spacecraft in space. Ed. 
Dawn 1 (Korolev): Everything is going fine. You understand, hear perfectly.
09.12 Cedar: There has been off the second stage. 
Dawn 1 (Korolev): Works that need. Last stage. Everything is fine. 
Cedar: I understand you: hear inclusion. She feels great. Watching the Earth: the visibility is good ...
the mood buoyant, growing congestion, I feel fine. 
Dawn 1 (Korolev): Got you.
9.13 Dawn 1 (Kamanin): All is well. How do you read? How are you feeling? 
Cedar: I hear you fine. She feels great, the flight goes on well. Observe the Earth, visibility is good, the
differences can be seen all, some space is covered with cumulus clouds, the flight goes on, everything
is fine
Dawn 1 (Kamanin): Roger, well done! Communication excellent hold, keep up the good work.
9.14 Cedar: Everything works fine, go ahead.
9.15 Dawn 1 (Kamanin): How are you feeling? 
Cedar: I hear you very little, the mood is cheerful, feel good, continue the flight, everything goes well,
the machine is working properly.
9.16 Dawn 2 (Seleznev): I understand, I'm 22 th (22 th - the index representative on VHF radios in
Kolpashevo). 9.17 Dawn 2 (Seleznev): How are you feeling? 
Cedar: you can hear well, feel great, the machine is working properly. In the bull's-eye "eye" watching
the Earth. Everything is fine. Hello. How to understand me? 
Dawn 2 (Seleznev): You have understood. 
Cedar: Got it. Know with whom I have the link. Hello.
9.21 Dawn 2 (Titarev): What is your feeling? I'm 22 th. 
Cedar: feels great, keep on flying. The machine works perfectly. In the windows watching the earth,
sky, horizon. The flight is normal. How to understand me? 
Dawn 2 (Seleznev): Got you.  Cedar: There was ...
9.25 Cedar: "Dawn-3" on the link. How do I hear? 
Cedar: "Dawn-3 ', as I hear, as I hear? "Spring" can not hear can not hear the "Spring" ... 
Dawn 3 (Karpenko): Roger, I hear a satisfactory manner. 
Cedar: The flight is good, everything is going well. What can you tell me?
9.26 Cedar: The flight is successful. Feeling of weightlessness is normal. Feeling good. All
instruments, the whole system works well. What can you tell me? 
Dawn 3 (Karpenko): I hear you well, devices are functioning properly, being normal. 
Cedar: you can hear perfectly. What can you tell about the flight? What can I tell? 
Dawn 3 (Karpenko): Directions from the 20 th (The Queen) is not received, the flight goes well.
9.27 Cedar: I understand you, dated 20 th indications are not forthcoming. Tell your data on the flight!
Hi Blonde! (blond named astronaut article. liters-nt Leonov, who was on the VHF radio "Zarya-3" in
Yelizovo).
Dawn 3 (Karpenko): How do you read me? 
Cedar: you can hear well. How do I?
9.29 Dawn 3 (Karpenko): What is your feeling? 
Cedar: My health is excellent, excellent, excellent, excellent. Tell me the results of the flight! 
Dawn 3 (Karpenko): Repeat, hard of hearing. 
Cedar: I feel very good, very good, good.
9.30 Cedar: Tell me your data about the flight! 
Dawn 3 (Karpenko): How do I hear?
Communications on VHF channel stopped.

II. WORK FOR HF CHANNELS

1. Novosibirsk

The station operates on the transfer from 9.22 to 9.39. Transferred aboard pop music and background
music telegraph call sign "WPC" in 30 seconds. Message from the board was not accepted.

2. Alma-Ata

The station operates from 9.52 to 2.10 for the transfer. Transfer songs Baglanova and against the
background of songs telegraph call sign "WPC" in 30 seconds. On board the signals are not accepted.

3.KhabarovskThe station operates from 9.42 to 9.52 for the transfer of the program. Passed on "Amur Waves" and on
the background song telegraph call sign "WPC" in 30 seconds. Signals from the board, taken from 9.21
until 10.11 with breaks. Two-way communication was established between 9.53 to 10.57.

9.21 Cedar: ... lights PKRS (PKRS - device control mode of descent), burning, feeling good, the mood
buoyant. Parameters of the cabin: a pressure, humidity, 65 temperature of 20, the pressure in the
compartment 1, the first automatic 155, second automatic 155, the cylinder pressure TDU (TDU -
retropropulsion) 320 atmospheres ... 
Spring (Kadushkin): (no reply, he worked on the program).
9.43 Cedar: ... as news? Admission ... 
Spring (Kadushkin): (no reply, he worked on the program). 
9.46 Spring (Kadushkin): At the command Kamanina aboard transmitted by telegraph signal "CC" -
which means "let the control commands. 
Cedar: (no reply).
9.47 Cedar: How do you read? I send another message reporting back: 9 hours, 48 minutes, the flight
is successful. "Descent-1" works fine. Movable index PKRS (PKRS - device control mode of descent)
is moving. Pressure in the cabin unit, humidity of 65, temperature 20 °, the pressure in the
compartment of 1,2 ... Manual 150, the first automatic 155, second automatic 155 cylinders TDU (TDU
- retropropulsion) 320 atmospheres. Feeling good, the mood buoyant.
9.49 Cedar: Earth can not hear. I am in the shade.
9.50 Spring (Kadushkin): Roger.
9.51 Cedar: including solar orientation. 
Spring (Kadushkin): Roger.
9.53 Spring (Kadushkin): At the command Kamanina (33rd) were included transmitters and passed on
board: the flight goes well, the calculated orbit.
9.54 Spring (Kadushkin): The flight is normal, the calculated orbit.
9.55 Cedar: Roger: the flight goes well.
9.57 Cedar: a cheerful mood, I continue to fly, I am over America. 
Spring (Kadushkin): Roger.
10.11 Cedar: Sent a telegraph signal "ON" - which means "the equipment is working properly".
More of the signal station Khabarovsk not taken.

4. Moscow

The station operates on the transfer of 10.03 to 10.37. Transfer songs about Moscow and against the
background of the callsign "WPC" in 30 seconds. Connection with "Cedar" was established in shortterm

10.13. 10.13 Spring (Khoroshilov): How do you read? 
Cedar: you can hear well. The flight takes place ... flax ...

10.16 Spring (Khoroshilov): The flight is going well. 
- (no reply).

10.18 Spring (Khoroshilov): Major Gagarin, your flight is proceeding normally. 
- (no reply).  

මෙලෙසින්, යූරි ගගාරින් විසින් පෘතුවිය වටා එක් කක්ෂයක් සම්පූර්ණ කරන ලදී. මෙහෙයුමේ සම්පූර්ණ කාලය ( දියත් කිරීමේ සිට ආපසු පැමිණීම දක්වා ) විනාඩි 108 කි. මේ අතර වාරයේ සෝවියට් බලධාරීන් විසින් මෙහෙයුම ලොවට හෙළිකිරීම සඳහා කටයුතු සිදු කළේය. ක්‍රෙම්ලිනයේ අනුමැතිය මත, මොස්කවු ගුවන් විදුලිය, යූරි ගගාරින් සාර්ථකව කක්ෂගත වූ බවත්, කක්ෂය වටා ගමන් කරමින් සිටින බවත් සෝවියට් දේශයට සහ බාහිර ලෝකයාට දැනුම් දෙමින් පුවත් විකාශය ඇරඹීය. එතෙක් මෙය ලොවට රහසක්ව පැවතුණි. ගගාරින්ගේ මව ඇතුළු පවුලේ අය පවා මෙම මෙහෙයුම ගැන දැනුවත් වූයේ මෙම ගුවන් විදුලි විකාශය මාර්ගයෙනි. ඔවුනට පවා එය රහසක්ව පැවතුණි. ( ප.ලි. හි මතුකෙරෙන කරුණ කෙරෙහි අවධානය යොමු කරන්න. ) 

සමහර මූලාශ්‍ර වල දැක්වෙන පරිදි, ගගා රින් විසින් "මම මෙහි දෙවි කෙනෙක් නොදකිමි" ( I don't see any God up here ) යන ප්‍රකාශය සිය අභ්‍යාවකාශ සංචාරයේදී සිදුකොට ඇත. ඇත්ත වශයෙන්ම ඔහු එවැනි ප්‍රකාශයක් සිදු කළේද ? පෘථුවි පාලක මධ්‍යස්ථානයේ ඇති හඬ පටිවලට අනුව ගගාරින් විසින් එවැනි ප්‍රකාශයක් සිදුකොට නොමැත. 2006 දී පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහුගේ මිතුරකු වූ කර්නල් Valentin Petrov ප්‍රකාශකොට ඇත්තේ ගගාරින් විසින් කිසිකලකත් එවැනි ප්‍රකාශයක් සිදුනොකළ බවය. ඔහුට අනුව එයට මුල්වී ඇත්තේ සෝවියට් සංගමයේ වාමාංශික පක්ෂයේ ප්‍රථම ලේකම් හා සෝවියට් සංගමයේ නායක වූ Nikita Khrushchev විසින් සිය දේශනයකදී දැක්වූ අදහසක්ය. ඔහු එහිදී පවසා ඇත්තේ යූරි ගගාරින් අභ්‍යාවකාශයට ගිය නමුත් ඔහු එහිදී දෙවි කෙනෙකු දැක නොමැති බවයි. වැරදි ලෙස අර්ථකථනය වූ මෙම කතාව, පසුව ගගාරින් විසින් එසේ පැවසූවක්යැයි ප්‍රචාරය වී ඇති බව කර්නල් Valentin Petrov ගේ අදහසයි. තවදුරට ඔහු දක්වා සිටියේ ගගාරින් රුසියානු ඕතඩොක්ස් පල්ලියේ බෞතීස්ම වී සිට ඇති අතර අභ්‍යාවකාශගත වීමට පෙර සිය දෙටු දියණියවද බෞතීස්ම කළ බවයි. 

දැන් ආපසු පැමිණීමට කාලයයි. පාලක මැදිරියේ සිට නිකුත්වූ අණින් ආපසු පැමිණීමේ රොකට් යානය ක්‍රියාත්මකවී ගගාරින් සහිත වූ සේවා ඒකකය පෘථුවි පරිශ්‍රයට ඇතුල්වීම ඇරඹුණි. මෙහිදී ගගාරින් හට විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුවිය. ඒ, සැලසුම් කොට තිබූ පරිදි ආපසු ගෙන ඒමේ රොකට් යානය සේවා ඒකකයෙන් වෙන් නොවීම හේතු කොටගෙනය. මෙම නිසා යානය නැවත පෘතුවියට ඇතුල්වීමේදී ප්‍රබල ගැස්මකට සහ කරකැවීමකට ලක්වූ අතර ඉලක්කකොට තිබූ ගොඩබෑමේ ප්‍රදේශයද වෙනස් විය. ( සැළසුම් කොට තිබුනේ ස්ටාලිනින්ග්‍රෑඩ් වෙත ගොඩබැසීමට වුවද මේ නිසා ගමනාන්තය සරාටොව් දක්වා වෙනස් විය.  ) කෙසේ වෙතත්, වාසනාවකට මෙන් නැවත ඇතුල්වීමේදී ජනනය වූ තාපය හේතුකොටගෙන සේවා ඒකකය හා රොකට් යානය අතර නොබිඳී තිබුණ සම්බන්ධය පිළිස්සීම මඟින් වෙන්විය. පොළවට හැතපුම් හතක් ඉහළ අහසේදී යූරි ගගාරින් විසින් පැරෂුට් ආධාරයෙන් සේවා ඒකකයෙන් ඉවත් විය. 


පොළොවට බට යූරි ගගාරින්ව මුලින්ම දකිනු ලැබුවේ ගෙවිලියක වූ ඇනා අකිමෝවා සහ ඇගේ සය හැවිරිදි දියණිය වූ රීටාය. අහසින් බට මේ අමුතු ජීවියා ඔවුන්ව බෙහෙවින්ම ත්‍රස්ත කළේය. තමනුත් රුසියානුවකු බව ඔවුනට අවබෝධ කොට දීමට ගගාරින්ට මද වෙහෙසක් දැරීමට සිදුවිය. 

දින දෙකකට පසු අප්‍රියල් 14 වනදා, පරිවාර ප්‍රහාරක යානා පිරිවරා ගත් ගගාරින් රැගත් ගුවන් යානය Vnukovo ගුවන් තොටුපළ වෙත ළඟා වුණි. එහිදී ඔහුව පිළිගැනුණේ රතු පලස මතින්ය. ලක්ෂ සංඛ්‍යාත වූ ජනතාවක් හා ජනමාධ්‍යවේදීන්, ලොව මුල්ම ගගනගාමියාව හොඳින් දැකගැනීම උදෙසා පොරකමින් සිටියහ. Vnukovo ගුවන් තොටුපලේ සිට විවෘත්ත රථයක නැගුණ ගගාරින් හා පිරිවර ජන ගංගාවකගේ හරසර මධ්‍යයේ ක්‍රෙම්ලිනය වෙත ගමන් කෙරුණි. තවද, සෝවියට් සංගමයේ නායක Nikita Khrushchev ගේ අණින් ගගාරින්ව වහාම මේජර් තනතුරට උසස් කරන ලදී. යූරි ගගාරින් නාමය සෝවියට් දේශය පුරාත් ලොව වටාත් බෙහෙවින්ම ජනප්‍රිය විය. එකල්හී ඔහු ලොව ජනප්‍රියම පුද්ගලයන්ගේ ලේඛනයේ ඉහළින්ම වැජබිණි. එම ජනප්‍රියත්වය කොතෙක්ද යත්, එම වසර තුල සෝවියට් දේශයේ උපන් සියලුම පිරිමි දරුවන්ව "යූරි" යනුවෙන් නම් කිරීමට තරම් හේතුවක් වී ඇත.


ලද ජනප්‍රියත්වයත් සමඟින් යූරි ගගාරින් ලොව වටා සංචාරය කිරීම අරඹයි. එය ඇත්තෙන්ම සෝවියට් සංගමයට සිය ක්‍රමය බටහිර රටවල් අතර ජනප්‍රිය කරවීම උදෙසා මහඟු අවස්ථාවක් විය. ඔවුන් එය ප්‍රචාරණ උපක්‍රමයක් ලෙස මැනවින් භාවිතා කරණ ලදී. මෙම තත්ත්වය, සිය පවුල සමඟ වරින් වර ආසියාවේ, යුරොපයේ හා ඇමෙරිකාවේ බොහෝ රටවල් වල සංචාරය කිරීමේ වරය යූරි හට ලබා දුනි.  මෙලෙස ලෝක සංචාරයේ යෙදෙන අතරතුර, 1961 දෙසැම්බර් මස 07 වන දින, ගගාරින් ශ්‍රි ලංකාවටද සැපත් වේ. 


1961 ඔක්තෝබර් මස කෙරුණ ක්‍රිමියා සංචාරයට ගගාරින් හා ටිටොෆ් ද එකතු වූ අතර, ඔවුන් දෙදෙනාටම මෙම සංචාරයේදී නරක හැසිරීම් පිළිබඳ චෝදනා එල්ල වූහ. ඒ අතර අධික මත්පැන් පානය, වෛශාවන් ඇසුර, අන් අයට පරිභව කිරීම ආදී චෝදනාද විය. වරෙක ගගාරින් හට ඔවුන් හා සිටි තරුණ හෙදියට අතවර කිරීමට තැත්කිරීමේ චෝදනාද එල්ල විය. මෙහිදී වාල්යාගේ පැමිණීම හේතුකොටගෙන ගගාරින් විසින් සඳලුතලයෙන් ඉවතට පැනීම නිසා රෝහල් ගතවී ප්‍රතිකාරගැනීමට පවා සිදුව ඇත. කෙසේවෙතත්, සෝවියට් බලධාරින් විසින් ලොව මුල්ම ගගනගාමියාගේ මේ නොමනා හැසිරීම් සූක්ෂම ලෙස ලොවෙන් වසන්කොට තිබුණි. 


සිය මුල්ම ගගනගාමියාව රැකගැනීමේ අරමුණින් නැවත අභ්‍යාවකාශගතවීමකින් ඇත් කොට තැබීමට සෝවියට් බලධාරීන් විසින් වගබලා ගත්හ. ඒ යම් හෙයකින් ඔහුට අනතුරක් වේයැයි බිය පලකරමිනි. නමුත්, මේ තත්ත්වය පැහැදිලිවම ගගාරින් හට අසහනකාරී විය. ඔහුට අවැසිවූයේ නැවතත් අභ්‍යාවකාශ වැඩසටහන හා සම්බන්ධ වීමටයි. ඊළඟ ඉලක්කය වූ මිනිසකු සඳ මතට යැවීමේ මෙහෙයුමට සම්බන්ධවීමට ඔහුට දැඩි ලෙසම උවමනාවී තිබුණි.

1963 දෙසැම්බර් 23 වනදා, ගගාරින්ව ගගනගාමීන් පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය පුහුණුකිරීම් අධ්‍යක්ෂක ලෙස පත්කරනු ලැබීය. තවද ඔහු නැවත භාවිතා කළ හැකි අභ්‍යාවකාශ යානයක් තැනීමේ කටයුතු වෙනුවෙන්ද මුල්වී ක්‍රියා කළේය. අතරවාරයේ ඔහු නැවතත් ප්‍රහාරක යානා පැදවීම සඳහා නැවත සුදුසුකම් ලැබීම සඳහා පුහුණුවීම්ද, විකල්ප ගගනගාමියකු ලෙස පුහුණුවීම්ද ඇරඹීය.

1967 දී ඔහුව මුල්ම සඳගමන සඳහා වූ පුහුණු අභ්‍යාවකාශ තරණය වෙනුවෙන් ගගනගාමී Vladimir Komarov ගේ විකල්ප ගගනගාමියා ලෙස නම් කෙරිණ. කෙසේවෙතත්, Vladimir Komarov මෙහෙයුම සඳහා වඩා සුදුසු ගගනගාමියායැයි ඉන් අදහස් නොකෙරිණ. සෝවියට් බලධාරීන් විසින් නැවතත් සිය මුල්ම ගගනගාමියාව රැකගෙන තිබුණි. Vladimir Komarov සමඟින් අභ්‍යාවකාශගතවූ Soyuz යානය නැවත පෘතුවියට ඇතුල්වීමේදී එහි පැරෂුටයෙහි වූ දෝෂයක් හේතුකොටගෙන ගගනගාමී Vladimir Komarov සමඟින්ම විනාශ විය. මෙම අනතුරත් සමඟම සෝවියට් බලධාරීන් නැවතත් ගගාරින්ව, ඔහුගේම ආරක්ෂාව වෙනුවෙන් අභ්‍යාවකාශ වැඩසටහනින් හා ගුවන් ගතවීම වලින් ඉවත් කරන්නට යෙදුණි. කෙසේ වෙතත් ගගාරීන්ගේ බලවත් ඉල්ලිම සලකාබැලූ බලධාරීන් අවසානයේදී ප්‍රහරක යානා පැදවීමට අවසර දීමට එකඟ විය.



1968 මාර්තු 27, ඒ දෛවොපගත දිනය උදා විය. අභ්‍යාවකාශ ගමනින් පසු එළබෙන ප්‍රථම ගුවන් ගමන එදිනට යෙදී තිබුණි. ගගාරින් හා ඔහුගේ පුහුණුකරු වූ Seregin  යානය මත වූහ. අදටත් එතරම් නොපැහැදිලි හේතුවක් නිසා ඔවුන් දෙපළ ගමන් කළ MIG - 15 යානය, Vladimir ආසන්නයෙහිදී කඩා වැටීම හේතු කොටගෙන මිහිමතින් පිටතට ගිය මුල්ම මිනිසා, අභ්‍යාවකාශගතවූ මුල්ම මිනිසා, අභ්‍යාවකාශයේ සිට පෘතුවිය දුටු මුල්ම මිනිසා, ලෝකය ගෝලාකාර බව පියවි ඇසින් දුටු මුල්ම මිනිසා එසේ ලෝකයට සහ සෝවියට් දේශයට අහිමි විය.ඔවුන් දෙපළගේ අවසන් කටයුතු ක්‍රෙම්ලිනයේ රතු චතුරශ්‍රයේදී රාජ්‍ය බුහුමන් සහිතව සිදු කෙරිණ.


වාල්යාගේ ඉල්ලීම මත, සඳ මත පාතැබූ මුල්ම මිනිසා වූ නීල් ආම්ස්ට්‍රෝන්ග් සහ ඔහුගේ සහයකයා වූ එඩ්වින් ඕල්ඩ්‍රින් විසින් යූරි ගගාරින්ගේ පදක්කමක්, ඔහුට ගෞරව පිණිස සඳ මත තැන්පත් කළ බවද කියවේ. තවද යූරි ගගාරින්ට ගෞරව පිණිස සඳෙහි අවාටයක් ඔහුගේ නමින් නම් කොට ඇත. රුසියාවේ චතුරශ්‍ර කිහිපයක්ම හා මංමාවත් කිහිපයක්ම යූරි ගගාරින්ගේ නමින් නම් කොට ඇත්තේ තම අසහාය වීරයාට ගෞරව කරනු පිණිසය. ගගරින් අභ්‍යාවකාශගත වූ Baikonur ගගන තොටුපලේ ගගන යාත්‍රා දියත් කරණ ස්ථානය "Gagarin's Start " යනුවෙන් නම් කොට ඇත. තවද Baikonur තොටුපළෙන් ගමන් ගන්නා සියලුම ගගන ගාමීන්, ගමනට ප්‍රථම එහි ඇති ගගාරින්ගේ පුහුණු කාමරය නැරඹීමද වර්තමානයේ චාරිත්‍රයක්ව පවතී. රුසියාව සිය ගගනගාමී දිනය සෑම වසරකම අප්‍රියල් 12 වනද සමරන්නේ ගගරීන් විසින් කළ ඒ නිර්භීත ක්‍රියාව යළි යළිත් සිහි කරනු පිණිසය. 




මෙම අවාසනාවන්ත ගුවන් අනතුරට හේතුව අදටත් අභිරහසක්ව පවතින අතර, අයහපත් කාලගුණයේ සිට පිටසක්වල ජීවීන්ගේ මැදිහත් වීම දක්වා විවිධ හේතුන් ඒ සඳහා ඉදිරිපත් වී ඇති නමුදු එකක්වත් මේ දක්වා ස්ථීරවම තහවරු වී නොමැත.

 Aleksey Leonov  විසින් 2004 දී රචිත ඔහුගේ " Two Sides of the Moon " පොතෙහි දක්වන පරිදි, අනතුරට හේතුවී ඇත්තේ ශබ්දයේ වේගය අභිබවා යන තවත් ජෙට් යානයකි. එම ජෙට් යානය, අයහපත් කාලගුණය හෝ වෙනයම් හේතුවක් මත එය ගමන් කළ යුතු උසට වඩා අඩු උසකින් ගමන් කොට ඇති අතර එයින් ඇති කළ කැළඹීම ගගාරින් ගමන් කළ යානයට පාලනය කළ නොහැකි කරකැවීමක් ඇති කිරීම නිසා, නියමුවන්ගේ පාලනයෙන් මිදුන යානය කඩා වැටෙන්නට ඇති බව Aleksey Leonov ගේ මතයයි.

සෝවියට් රහස් ඔත්තු සේවය වූ KGB ද මේ සම්බන්ධයෙන් ස්වාධීන පරික්ෂණය සිදු කොට ඇති අතර ඔවුනට අනුව මෙම අනතුරට හේතුව නිවැරදි කාලගුණ වාර්තා නොසැපයීමයි. KGB පවසන පරිදි හඳුනානොගත් හේතුවක් නිසා දරුණු කරකැවීමකට ලක්වූ යානය ගගාරින්ට සහ ඔහුගේ පුහුණුකරුට පාලනය කොටගත නොහැකි වී ඇත්තේ ඔවුනට වැරදි කාලගුණ වාර්තා සැපයීම නිසාය. තමන්වෙත ලැබුණ වාර්තා අනුව ඔවුන් සිටිනවාට වඩා උසකින් සිටිනවායැයි නිගමනය කොට ඇති බවට KGB පරීක්ෂකයන්ගේ විශ්වාසයයි.

ගගාරින් සහ Nikita Khrushchev අතර බාල් උත්සවයකදී ඇතිවූ බහින්බස්වීමත් සමහරුන් විසින් මෙම අනතුරට සම්බන්ධකොට කතා කරනු දක්නටද ලැබේ.

තවත් වාර්තාවකට අනුව නියමුවන් විසින්ම හෝ කලින් නියමුවා විසින් අත්වැරදීමකින් නියමු කුටීරයේ ඔක්සිජන් සැපයුම් කවුළු හැර තබන්නට ඇතැයිද කියවේ. නියමු කුටීරයේ ඔක්සිජන් තත්ත්වය හීන වීම නිසා ඔවුනට යානය පාලනය කොට ගත නොහැකි වන්නට ඇති බවද කියවේ.

කෙසේ නමුත් පැන නඟින විශාලම ගැටළුවනම් ඔවුනට පැරෂුට් ආධාරයෙන් යානයෙන් ඉවත් වීමට නොහැකි වූයේ මන්ද යන්නයි !

ගගාරින් හා Seregin  ගේ හිතවතුන් අතර පිළිගැනෙන තවත් හේතුවකි. ඒ අනුව, Seregin හට නිතරම හට ගන්නා ඔක්කාරය සහ පපුවේ වේදනාවක් තිබී ඇත. ගුවන් ගමන මධ්‍යයේදී ඔහු හට පපුවේ වේදනාව හටගන්නට ඇති අතර යානය පදවමින් සිටි ගගාරින් හට ඔහුට ක්ෂණිකවම ප්‍රතිකාරයක් කිරීමේ හැකියාවක් නොළැඹිණි. පාලනය කල නොහැකි අයුරින් ඒ මේ අත වැනෙන්නට වූ Seregin ගේ සිරුර යම් පාලන ලීවරයක් වැදීම නිසා යානයේ පාලනය ගගාරින් අතින් ගිලිහී ඇති නමුත්, තවමත් ජීවතුන් අතර සිටින සිය මිතුරාව අතහැර යානයෙන් එළියට පැනීමට නොහැකි බැවින් ගගාරින්ද යානයෙහිම අවසන් මොහොත දක්වා රැදී ඇත.

තවත් වාර්තාවකට අනුව ගගාරින් මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වී නොමැත. මෙය, ගොඩ නැගෙමින් පැවතුණු සිය ජීවන ශෛලියෙන් හා අධික පීඩනයෙන් ගැලවීම උදෙසා හිතාමතාම සැලසුම් කොට රඟ දැක්වූ ව්‍යාජ්‍ය ගුවන් අනතුරකි. එම වාර්තාවට අනුව, ගගාරින් ගම්බද පළාතක සිය මහලු විය දක්වාම රහසේ ජීවත්ව සිට ඇති අතර මියගොස් ඇත්තේ, දඩයමේ යාමේදී සිදුවූ අනතුරක් හේතුකොටගෙනය.

~~~~~~
ලොව මුල්ම ගගනගාමියා වෙනුවෙන් සැකසුණ මෙම සටහන, සඳ මත පා තැබූ මුල්ම මිනිසා වූ නීල් ආම්ස්ට්‍රෝන්ග් විසින්, යූරි ගගරින් ගැන පැවසූ සටහනකින් මෙසේ අවසන් කරමි. 

යූරි ගගාරින් යනු, තරු පසු පස හඹායාමට අප සැමට ආරාධනා කළ මිනිසායි. - නීල් ආම්ස්ට්‍රෝන්ග්


යූරි ගගාරින් පිළිබඳව පින්තූර සටහනක් මෙතැනින්:


~~~

මූලාශ්‍ර :
1. http://russiapedia.rt.com/prominent-russians/space-and-aviation/yury-gagarin/
2. http://www.firstorbit.org/vostok1-transcripts
3. http://www.youtube.com/watch?v=hDd6GknJufU&feature=related
4. http://www.russianarchives.com/gallery/gagarin/
5. http://en.wikipedia.org/wiki/Vostok_programme
6. http://englishrussia.com/2011/04/12/the-first-man-in-space/


පසු සටහන :


මෙම ලිපිය සැකසීමට කරුණු සොයන විට, මෙවන් කරුණු වලින් ගහන තවත් බ්ලොග් අඩවියක් සොයාගැනීමේ වාසනාව පෑදුනි. එහි අන්තර්ගත වූ මෙම ලිපියට අනුව යූරි ගගාරින් යනු තවත් කෙනෙක් පමණී. පළවෙනියාද නොවන්නේය.  ඒ ගැනත් කියවා දැන ගන්න.


~~ සෙන්නා / 09.06.2012

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog