2013 නවම් මස 01 වනදා
ඔබ නිමිති විශ්වාස කරන්නෙහිද ? අපේ වැඩිහිටියන් ගමනක් යන්න පිටත්වන විට හූනෙක් හැඬීම, බල්ලකු කන්පට ගැසීම, පය පැටලී වැටීමට යාම ආදී හේතු නිසා ගමන ටිකකට කල්දමා හෝ අවලංගු කොට දමන්නේ හුදු මිථ්‍යා විශ්වාසයන් නිසාම පමණක් විය හැකිද ? නැතිනම් එහි ගත යුත්තක් තිබේද ? සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත්, නිමිති විශ්වාස කළේනම් ඔහුට ගැලවෙන්න වුණත් තිබුණා කියලා අපිට හිතන්න පුළුවන්. ඒත් වෙන්ඩ තියන දේ කොහෙ හිටියත් වෙනවා කියන තර්කය බැලුවම නැවතත් නිමිති විශ්වාස කිරීම තේරුමක් නැති වැඩක් කියන මතය ඉදිරියට එනවා.
~~~~~
දරුවට අසනීපයි කියලා සිය බිරිඳ සමඟින් ආපසු නිවසට පැමිණි ඔහු, දරුවගේ තත්ත්වය යහපත් බව වෛද්‍යවරුන් දැනුම්දුන් විට ආපහු පිටත් වුණේ බිරිඳව දරුවා සමඟ නතර කරලා. ඔහුව දුම්රිය පළට ඇරලවන්න පමණක් ඇය ඔහු සමඟ ගියා. වාසනාවකට ඔවුන් දුම්රිය පළට ළඟාවන විටත් ඔහුගෙ දුම්රිය පිටත් වෙලා. ඒහෙත් ඒ වාසනාව, වාසනාවක් බවට පෙරලගන්න තරම් ඔහු වාසනාවන්ත වුනේ නෑ. ඔහුගෙ අදහස වුණේ එදා රෑ නිවසේ නතර වෙලා නැවත පහුවදා පිටත්වීම. ඒත් ඔහුගේ පමාව නිසා කණ්ඩායමේ ප්‍රශ්නයක් ඇතිවෙතැයි සිතු සිය බිරිඳ යෝජනා කළේ "නෑ අපි ඊළඟ දුම්රියපළට යමු" කියලා. අධික වේගයෙන් රථය පදවා අවසාන තත්පරයේදී ප්‍රවේශ පතක්ද නොගෙන සිය අවසානය කරා ඔහුව රැගෙන ගිය දුම්රියට ඇතුල් වීමට ඔහු සමත් වුණා. ඒ ඇය ඔහුව පියවි ඇසින් දුටු අවසන් වතාවයි. දරුවගෙ අසනීපය නිසා නැවත එන්න වීම සහ ආපසු යන විට දුම්රිය මග හැරීම වැනි දේවල් ඔහුට එම ස්ථානයෙන් ඉවත්ව සිටින ලෙස පෙන්නුම් කරණ ලද අසුභ නිමිතිද ?
~~~~~
අන්කී ස්පිට්සර්ට මේ ගැන පැවසීමට ඇති දෑ කොහෙත්ම සුළුකොට තැකිය නොහැකිය. ඒ ඇය මෙම ඛේදවාචකයේ එක් වින්දිතයකුගේ බිරිඳ වූ නිසාම පමණක් නොව, එයින් පසු සත්‍ය හෙළිකර ගැනීමටත්, ඔවුන්ට ලැබිය යුතු නිසි ගෞරවය ලබාගැනීම උදෙසාත් ඇය උදක්ම වෙහෙසුන නිසාය.
" අපේ විවාහ ජීවිතය යාන්තම් අව්රුද්දකුත් මාස තුනකට පමණක් සීමාවුන එකක්. ඒත් ඒ කෙටි කාලය තුළ ඔහු මා කෙරෙහි ඇතිකළ බලපෑම අති විශාලයි. සමහර වෙලාවකට මට හැඟෙනවා ඔහු මුලු ජීවිත කාලෙම මා සමඟ ගතකරපු බවක්. මට අන්ඩ්‍රේව මුලින්ම හමුවෙන්නෙ මම කඩු හරඹ ඉගන ගන්න ගිය වෙලාවෙ. ඔහු තමා මගෙ පුහුණුකරු වුණේ. මම දැනගෙන හිටියෙ නෑ ඔහු ඊශ්‍රායෙල් ජාතිකයෙක් බව. ඔහු ඕලන්ද බස අමුතුම ඌරුවකට හැසිරුවේ. ඉතින් මම හිතුවෙ ඔහු නැගෙනහිර යුරෝපියානු රටක කෙනෙක් වෙන්න ඇති කියලා. ඔහු පුදුම විදිහට නිවුන කෙනෙක්. තමන් අවට සිටි අය සමඟ බොහොම සුහදව කටයුතු කරපු කෙනෙක්. මම එතරම්ම නිවුන ගති තිබුණ කෙනෙක් නොවුන නිසා, ඒ ගති ගුණ වලට මම නිකන්ම ආකර්ෂණය වුණා. ඔහු වගේ අයෙක් සමඟ ආදරයෙන් බැඳීම වැළැක්වීම ඇත්තෙන්ම අමාරු කාරියක්. "
විවාහයෙන් පසු අන්කී සහ අන්ඩ්‍රේ ඊශ්‍රායෙලය හා ලෙබනනය අතර වූ දේශසීමාවෙහි පදිංචියට පැමිණියහ. වසරකට මදක් වැඩියෙන් එහි ගත කාලය කෙතරම් දුෂ්කර වූවත් අන්කී අදටත් එම කාලය සිය ජීවිතයේ ප්‍රීතිමත්ම කාලය ලෙසින් හදුන්වනීය. එහිදී අන්ඩ්‍රේ නවකයන්ට කඩු හරඹ ක්‍රීඩාව පුහුණු කරමින් නගරයෙන් නගරයට සැරි සැරුවේය. ඔහුගේ අරමුණ වූයේ ප්‍රතිවාදීන්ට ගරු කරමින් කඩු හරඹ ක්‍රීඩාවේ නියැලීමේ කලාව නවකයනට පුහුණු කිරීමයි. වයස 27ක් වන විට අන්ඩ්‍රේ ඊශ්‍රායලයේ ප්‍රධානම කඩු හරඹ පුහුණුකරු බවට පත්විය. එපමණක් නොව ඔහු ඊශ්‍රායලයේ ජාතික කඩු හරඹ ඇකඩමිය ආරම්භ කිරීමටත් මුල්වී ක්‍රියා කළ අයවලුන්ගෙන් කෙනෙකි. එසේම වින්ගේට් ක්‍රීඩා පුහුණු ආයතනයේ ප්‍රධාන කඩු හරඹ පුහුණුකරු තනතුරද හෙබවීය.
"ඔහුගෙ එකම සිහිනය වුණේ ඔලිම්පික් උළෙලකට සහභාගී වීම. මම හිතන්නෙ සෑම මලල ක්‍රීඩකයෙකුගෙම එකම අභිලාෂය එයයි. " - අන්කී ස්පිට්සර්
එම සිහිනය මල්ඵල ගන්වමින් 1972 මියුනික් ඔලිම්පික් උලෙළේ ඊශ්‍රායෙල් කණ්ඩායමේ කඩු හරඹ පුහුණු කරු ලෙස සම්බන්ධවීමේ භාග්‍යය ඔහුට හිමි විය. භාග්‍යයක් ලෙසින් වෙස් වළාගෙන තමන් වෙත පැමිනුනේ ඉමහත් අභාග්‍යයක් බව තේරුම් ගැනීමට ඔහුටවත්, ඔහු අවට සිටි කිසිවකුටත් හැකියාවක් නොතිබුණි.
අන්ඩ්‍රේට සහ අනෙකුත් ඊශ්‍රායෙල් ක්‍රීඩකයනට 1972 මියුනික් ඔලිම්පික් උළෙල විශේෂ අවස්ථාවක් වූහ. ඒ මන්දයත් එය පැවැත්වූයේ වසර 30කටපමණ පෙර යුදෙව්වන්ව සමූල ඝාතනය කිරීමේ මෙහෙයුමක් දියත් කළ ජර්මානු බිමෙහි වීම නිසාය. මියුනික් ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවයේදී ඊශ්‍රායෙල් කණ්ඩායම සිය ධජය සෙවණේ ගමන් කිරීම සැබැවින්ම හැඟීම් බර අවස්ථාවක් විය. එය ක්‍රීඩාවෙහි ජීව ගුණයට කළ හැකිදෑ ලොවටම පෙන්වූ එක් සොඳුරු මොහොතක් ලෙස ඉතිහාසයේ ලියවී ඇතිවාට නොඅනුමානය.
බටහිර ජර්මන් බලධාරිනට මෙම ඔලිම්පික් උලෙළ මිත්‍රශීලී පරිසරයක් තුළ පැවැත්වීමේ දැඩි වුවමානාවක් වූහ. ඒ දෙවන ලෝක යුද්ධයෙන් ඇතිවූ කැලැල් මකා දැමීමේ සහ විශේෂයෙන්ම 1936 දී බර්ලින් නුවර පැවැත්වූ ඔලිම්පික් උළෙල නාසීන් විසින් සිය ප්‍රචාරණ යාන්ත්‍රණය උදෙසා අවභාවිතා කිරීමේ කැළල මකා ගැනීම උදෙසාය. ඒ සඳහා ඔවුන් ලිහිල් ආරක්ෂණ පටිපාටියක් අනුගමනය කිරීම කෙරෙහි උත්සුක වූහ. එය කෙතරම් ලිහිල් වීද යත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිසි හැදුනුම් පත් නොමැතිවම ඔලිම්පික් ගම්මානයෙන් පිටතට ගොස් පැමිණීම දක්නට ලැබුණි. එමෙන්ම බොහොමයක් ක්‍රීඩකයන් ආරක්ෂක පරික්ෂණ ස්ථාන මග හැර ගම්මානය වටෙහි වූ යකඩ දැලෙන් පැන ඇතුල් වීම හා පිටවීමද සුලභ දසුනක් විය. ආරක්ෂක බලධාරින්ද එවැනි කරුණු පිළිබඳ එතරම් තැකීමක් සිදු නොකළහ. ආරක්ෂාව වෙනුවෙන් 2000 ක පමණ බට පිරිසක් සිටියද ඔවුන් ආයුධ වලින් සන්නද්ධව නොසිටියහ.
මෙම අනාරක්ෂිත තත්ත්වය හා තම කණ්ඩායමට ලැබී තිබුණ නවාතැන් පහසුකම් පිහිටි ස්ථානය පිළිබඳවද ඊශ්‍රායෙල් කණ්ඩායමේ ප්‍රධානී සැමුවෙල් ලාල්කින්, කණ්ඩායම මියුනික් නුවරට පැමිණීමටත් ප්‍රථමම සිය අප්‍රසාදය බටහිර ජර්මන් බලධාරින් වෙත පළකොට තිබුණි. ඔලිම්පික් ගම්මානයේ පාළු පෙදෙසක, ගේට්ටුවක් අසල පිහිටා තිබූ සිය කණ්ඩායමේ නිවස්නයට පිටතින් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇතිවිය හැකි බව ඔහු විසින් බටහිර ජර්මානු බලධාරින්ගේ අවධානයට යොමු කරවීය. ඔවුනට ඇවැසි ආරාක්ෂාව තර කරන බවට බටහිර ජර්මානු බලධාරින් පොරොන්දු වුවද ඒම පොරොන්දුව ඉටු වූවාදැයි ලාල්කින්ට ඇත්තේ සැකයක්ම පමණකි.
ජමාල් අල් ගාෂේගෙ කථාවත් කිසිසේත්ම නොසලකා හැරිය නොහැක්කේ ඔහු මෙම ඛේදවාචකයේ අමතක කළ නොහැකි චරිතයක් බැවිනි. මෙහිදී ඔහු විසින් නියෝජනය කරනු ලබන්නේ ඝාතකයන්ගේ පාර්ශවයයි. මෙහෙයුමට සම්බන්ධවූ අයගෙන් අදටත් ජීවතුන් අතර ඇතැයි සැලකෙන්නේ ජමාල් පමණකි.
" මම, යුදෙව් මැර කණ්ඩායමක් විසින් 1948දී ගලීලයේ තිබුණ අපේ ගම්මානයෙන් පලවා හැරපු පලස්තීන පවුලක දරුවෙක්. අපේ පවුල සරණාගතයන් වශයෙන් කඳවුරෙන් කඳවුරට මාරුවෙවී තමා ජීවත් වුණේ. අවසානයට නතර වුණේ බීරුට් වල තිබුණ "චතිලා" කඳවුරේ. වයසින් මුහුකුරා වැඩෙත්ම මට තේරුණා අපි පලස්තීනයට නැවත නොගියොත් අපට අනාගතයක් නැහැයි කියලා. ඒක නිසයි මම නිදහස් ව්‍යාපාරෙට සම්බන්ධ වුණේ. අපිට තුවක්කුවක් දීලා ඒක පාවිච්චි කරණ පිළිවෙලා කියලා දුන්නා. ඒකෙන් තමයි මට ජීවිතයේ ප්‍රථම වතාවට යමක් කළ යුතුයි හා හැකියි යන හැඟීම ඇතිකරනු ලැබුවේ, මම කඳවුරක ඉන්න දුක්ඛිත සරණාගතයෙක් නොව විප්ලවයකට සහභාගී වන නියම පලස්තීන සටන්කාමියෙක්ය කියන හැඟීම ඇතිකරන ලැබුවේ."
ලෙබනන් වල පැවැත්වූ පුහුණු වීම කඳවුරු කිහිපයකට සහභාගී වූ ජමාල්ව සිය නායකත්වය විසින් විශේෂ පුහුණුවක් සඳහා ලිබියාව වෙත යවන ලදී. එහිදී ඔවුන් මසක පමණ කාලයක් අති දුෂ්කර පුහුණුවක් ලැබූහ.
1972 අගෝස්තු 26 වැනි දින ඇරබුණු විසිවන නූතන ඔලිම්පික් උළෙල ජර්මනියේ මියුනික් නුවර ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් පැවතුණි. ඇමෙරිකානු පිහිනුම් ශූර මාර්ක් ස්පිට්ස් රන් පදක්කම් හතක් දිනා තැබූ ලෝක වාර්තාවත්, සෝවියට් ජිම්නාස්ටික් ක්‍රීඩිකා ඔල්ගා කෝර්බට් දැක්වූ දක්ෂතාත්, ඇමෙරිකාව පරදවා සෝවියට් දේශය බාස්කට්බෝල් වලින් ලද තියුණු ජයග්‍රහණයත් ඒ වන විට ලොවෙහිම අවධානය දිනාගනිමින් ඔලිම්පික් උළෙල වර්ණවත් කොට තිබුණි. එහෙත් මේ සියලු වර්ණ බොඳකොට ලොවෙහිම අවධානය තමන් වෙත ඇද ගැනීම සඳහා පිරිසක් කැසකවමින් සිටි බව කිසිවෙකුත් නොදැන සිටියහ. බටහිර ජර්මානු බලධාරිනට ඒ පිළිබඳ අනතුරු ඇඟවීම් ලැබී තිබුණද එය කිසිසේත්ම නොතකා බැහැර කෙරුණේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලි නොමැත.
දුෂ්කර ව්‍යායාමයකින් මගහැරුණු දුම්රියට ගොඩවී සිය අවාසනාව තුරුළු කරගත් ඊශ්‍රායෙල් කණ්ඩායමේ කඩු හරඹ පුහුණුකරු වූ අන්ඩ්‍රේ ස්පිට්සර්, 1972 සැප්තැම්බර් මස 04 වන දින රාත්‍රියේ ඔලිම්පික් ගම්මානයට නැවත ළඟාවිය. එදින රාත්‍රියේ ඊශ්‍රායෙල් කණ්ඩායම Fiddler on the Roof සංගීත නාටකයේ දර්ශනයක් නැරබීමට ගොස් පසුව එහි නළුවකු වූ සැමුවෙල් රොඩෙන්ස්කි සමඟින් රාත්‍රී භෝජනයද ගෙන නැවත සිය නිවස්නයට පැමිණෙන විට මාධ්‍යම රාත්‍රිය පමණ වී තිබුණි. කණ්ඩායමෙන් 11 දෙනෙකු, ඒ සිය ජීවිතයේ අවසාන රාත්‍රී භෝජනය බව නොදැන සිටියහ.
ජමාල්ද ඇතුළුව තිදෙනෙක් ලිබියාවේ සිට මියුනික් නගරය වෙත සේන්දු වූයේ මෙහෙයුමට දින දෙකකට කලිනි. ඔවුන් නවාතැන්ගත් හෝටලයේදී තවත් පස් දෙනෙකුගෙන් සැදුම් ලද කණ්ඩායමක් ඔවුන් හා එකතු වූහ. පසු දින එනම් සැප්තැම්බර් 04වන දින ඔවුන් අත්පන්දු තරග කිහිපයක් බලමින් සැහැල්ලු ලෙස කාලය ගෙවා දැමූවේ ඒ වනවිටත් මෙහෙයුම පිළිබඳ තොරතුරු හා එහි සැලසුම් පිළිබඳව ඔවුන්ව සිය නායකත්වය විසින් දැනුවත් කොට නොතිබුණ බැවිනි.
එදින රාත්‍රියේදී ආහාර ගැනීම උදෙසා ඔවුන් දුම්රිය පළෙහි වූ ආපනශාලාවක් තෝරා ගැනුණි. එහිදී හමුවූ සංවිධානයේ නායකයකු විසින් ඔවුනට මෙහෙයුම පිළිබඳ සියලු තොරතුරු නිරාවරණය කරන ලදී. ඒ පිළිබඳ සිය අදහස් දක්වන ජමාල්;
"ප්‍රථම වතාවට ඊශ්‍රායෙල් ජාතිකයන් හා මුහුණට මුහුණ මුණගැසීමේ අවස්ථාව උදාවීම පිළිබඳව මම සැබවින්ම ආඩම්බර වූණා. "
ඔවුන්ව හඳුනාගැනීම වැළැක්වීමේ අරමුණින් නායකත්වය විසින් ඔවුන්ගේ ගමන් බලපත්‍ර හා අනෙකුත් ලියකියවිලි තමන් සන්තකයට ගෙන කණ්ඩායම ඔලිම්පික් ගම්මානය බලා පිටත් කරවීය. කණ්ඩායම ඔලිම්පික් ගම්මානයේ වූ වැටෙන් පැනීමට යන විට ඔවුනට, පිටතට ගොස් නැවත පැමිණෙමින් සිටි ඇමෙරිකානු ඔලිම්පික් කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් හමු වූහ. ( මෙම කණ්ඩායම සැබවින්ම කැනේඩියානු කණ්ඩායමේ පිරිසක් බව පසුව අනාවරණය විය. ) අන්‍යෝන්‍ය සහයෝගයෙන් වැටෙන් ඇතුළට පැනගත් කණ්ඩායම් දෙක එකිනෙකාට සුබ පතා වෙන්ව ගියහ.
දිනකට කලින් ත්‍රස්ත කණ්ඩායමේ නායකත්වය නැගෙනහිර ජර්මානු කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ ආධාරයෙන් ගම්මානයට ඇතුල්වී අධ්‍යයනයක් සිදුකොට තිබුණ බැවින් ඔවුන් වැරදීමකින් තොරව කෙළින්ම ඊශ්‍රායෙල් කණ්ඩායමේ නිවස්නය වූ අංක 31 දරණ ගොඩනැගිල්ල බලා ගමන් කළහ. එවිට වේලාව සැප්තැම්බර් මස 05වන දින අළුයම හතරයි තිහ පසුවී තිබුනි. ඔවුන් ක්‍රීඩකයන් ලෙසින් සැරසී ක්‍රීඩා ගමන් මලු තුළ සැගවූ අවි ආයුධ අතදරා සිටියහ. කණ්ඩායමේ එකිනෙකාට පැවරුණු වගකීම් තිබූ අතර ජමාල්ට පැවරී තිබුණේ අනෙක් අය ගොඩනැගිල්ල ඇතුළට ගිය පසු පිටතින් මුර කිරීමේ කාර්යයයි.
ඊශ්‍රායෙල් නිවස්නය කොටස් පහකින් සමන්විත විය. පළමු කොටසෙහි වූයේ කණ්ඩායම් විනිසුරුවන් හා පුහුණුකරුවන්ය. ත්‍රස්තයන්ගේ ඇතුල්වීමෙන් ඇතිවූ සිහින් සීරිම් ශබ්දයක් හේතු කොටගෙන අවදි වූ මල්ලවපොර විනිශ්චකරු යෝසෙෆ් ගට්ෆ්‍රෙන්ඩ් සෙමෙන් විවරවෙන දොර තුළින් පිටත සිටි මුහුණු ආවරණ පැළදගත් තුවක්කු කරුවන්ව දැකීමත් සමඟම දොර වැසීමට අසාර්ථක උත්සහයක් දරමින් සිය සගයනට අනතුරු හඟවමින් කෑගැසීය. ඔහුගේ මෙම ක්‍රියාව නිසා ගට්ෆ්‍රෙන්ඩ්ගේ එක සගයකු වූ බර ඉසිලීම් පුහුණුකරු ටුවියා සොකොලොව්ස්කිට ජනේලයෙන් පැන යාමට හැකියාව ලබා දුනී. මල්ලවපොර පුහුණුකරුවකු මෝෂේ වයින්බර්ග් විසින් ත්‍රස්තයන් සමඟ පොර බැදූ නමුත් කම්මුල හරහා එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් ඔහු අඩපණ විය. ඉන්පසුව ඔහුව තවත් ප්‍රාණ ඇපකරුවන්ව අල්ලා ගැනීම සඳහා බලහත්කාරයෙන් පෙරටුකොට ගන්නා ලදී. මෙහිදී වයින්බර්ග් විසින් ත්‍රස්තයන්ව දෙවන කොටසට රැගෙන නොගොස්, මල්ලවපොර හා බර ඉසිලීම් ක්‍රීඩකයන් නැවතී සිටි තෙවන කොටසට යන්නට ඇත්තේ ඔවුනට ත්‍රස්තයන් වෙත සටනක් දීම පහසු වෙතැයි සලකා බව අනුමාන කළ හැකිය. එහෙත් ඔවුන් අධික නිදිමත නිසා තුශ්නිම්භූතව සිටියහ. තෙවන කොටසින් තවත් ප්‍රාණ ඇපකරුවන් සිය ග්‍රහණයට ගත් ත්‍රස්තයන් ඔවුන්ව රැගෙන නැවතත් පළමු කොටසට පැමිණියහ. මෙහිදී තුවාල ලබා සිටි වයින්බර්ග් විසින් ත්‍රස්තයන් වෙත නැවතත් ප්‍රහාරයක් එල්ල කළේය. වෙඩිතබා ඝාතනය කිරීමට පෙර, ඔහු විසින් එක ත්‍රස්තයකුට සිහි නැතිවන සේ පහර දුන් අතර තවත් ත්‍රස්තයෙකුට පිහියකින් පහරදී තුවාල සිදු කළේය. එසේම බර ඉසිලුම් ක්‍රීඩක යෝසෙෆ් රොමානෝද එක් ත්‍රස්තයෙකුට පහර දී තුවාල සිදු කළේය. ඔහුවද වෙඩි තබා ඝාතනය කරණ ලදී. මෙම අවසරයෙන් මල්ලවපොර ක්‍රීඩක ගෑඩ් සභාරි හට ගැලවී පැනගැනීමට හැකියාව ලැබුණි. මෙලෙස, "බ්ලැක් සෙප්ටෙම්බර් " සංවිධානයයැයි තමන්ව හදුන්වා ගන්නා ත්‍රස්ත සංවිධානයක සාමාජිකයන් පිරිසක් විසින් ඊශ්‍රායෙල් කණ්ඩායමේ දෙදෙනෙකුව ඝාතනය කොට නව දෙනෙකුව ප්‍රාණ ඇපයට ගෙන තිබුණි. ප්‍රාණ ඇපකරුවන් නව දෙනා පහත පරිදි වේ;
1. මල්ලවපොර විනිශ්චකරු යෝසෙෆ් ගට්ෆ්‍රෙන්ඩ්
2. වෙඩිතැබීම් පුහුණුකරු කෙහාට් සෝර්
3. ජවන හා පිටිය තරඟ පුහුණුකරු අමිට්සර් ශපිරෝ
4. කඩු හරඹ පුහුණුකරු ඔන්ඩ්‍රේ ස්පිට්සර්
5. බර ඉසිලිම් විනිසුරු යකොව් ස්ප්‍රින්ගර්
6. මල්ලවපොර ක්‍රීඩක එලීයේසර් හල්ෆින්
7. මල්ලවපොර ක්‍රීඩක මාර්ක් ස්ලේවින්
8. බර ඉසිලුම් ක්‍රීඩක ඩේවිඩ බර්ගර්
9. බර ඉසිලුම් ක්‍රීඩක සීයව් ෆ්‍රීඩ්මන්
සැප්තැම්බර් 05වනදා ලෝකය අවදි වූයේ මෙම ඛේදවාචකයේ ආරංචියෙනි. අන්‍යයන්ගේ අවධානයට හසුවනු පිණිස ත්‍රස්තයන් විසින් ගොඩනැගිල්ලෙන් පිටතට දමාතිබූ වයින්බර්ගගේ මෘත දේහය පොලීසිය විසින් සොයාගැනීමත් සමඟම සිද්ධිය ලැව් ගින්නක් සේ පැතිරෙන්නට විය.
"මම නිදාගන හිටියෙ. මගේ අම්මලා මා ළඟට ඇවිත් කිව්වා ඊශ්‍රායෙල් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වෙලා තියන බවත් බොක්සිං පුහුණුකරුව ඝාතනය කොට ඇති බවත්. මම දැනගෙන හිටියා කණ්ඩායමේ බොක්සිං පුහුණුකරුවෙක් නොසිටිය බව. එහෙනම් මේ කොයි පුහුණුකරු වෙන්න පුළුවන්ද ? සමහර විට ඒ අන්ඩ්‍රේ වෙන්න පුළුවන් කියලා මට හිතුණා." අන්කී ස්පිට්සර්
විය යුතු පරිදිම මුලින් මුලින් ප්‍රාණ ඇපකරුවන් පිළිබඳ ලැබුණු ආරංචි නිවැරදි නොවීය. විටෙක එය දාසයක් වන විට තවකෙකු එය දහතුනක් යැයි පැවසීය. පසුව එය නවය බවට නිවැරදි විය.
"කිසිවකුට හරියටම කියන්න බැරිවුණා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. අන්ඩ්‍රේ මෙම ප්‍රාණ ඇපකරුවන් අතරද ? නැත්නම් ඔහුට පැනගන්න ඉඩ ලැබිලද ? කියලා ඒ මොහොතෙදි කිසිවෙකුටත් හරියටම කියන්න පුළුවන් කමක් තිබුණෙ නෑ" - අන්කී ස්පිට්සර්.
සිද්ධිය නිතැතින්ම මියුනික් පොලිස් ප්‍රධානී මෑන්ෆ්‍රිඩ් ශ්‍රයිබර්ගේ උරහිස මතට පැටවිණි. වහාම ඔහුගේ නායකත්වයෙන් යුතුව ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරිණි. ශ්‍රයිබර්ට වැඩි වේලාවක් බලාසිටීමට සිදු නොවුණි. ත්‍රස්තයන් විසින් ඔවුන්ගේ ඉල්ලීම් උදෑසන හය වන විට ඉදිරිපත් කොට තිබුණි. ත්‍රස්තයන්ගේ ඉල්ලීම වූයේ, ඊශ්‍රායලයේ, ජර්මනියේ හා අනෙකුත් රටවල රඳවා සිටි 234ක්වූ පලස්තීන හා අනෙකුත් විප්ලවීය සටන්කරුවන් නිදහස් කරන ලෙසයි. ඒ සඳහා එදින දහවල් 1200 වන තෙක් ඔවුනට වේලාව ලැබුණි. එසේ කිරීමට අසමත් වුවහොත් ප්‍රාණ ඇපකරුවන්ව ඝාතනය කෙරෙනු ඇත.
ත්‍රස්තයන්ගේ ඉල්ලීම් පිළිබඳව ඊශ්‍රායෙල් රජයේ තීරණය ක්ෂණික හා නිශ්චිත එකක් විය. එනම්, කිසිදු තත්ත්වයක් යටතේ ත්‍රස්තයන් සමඟ ගනු දෙනු කිරීමක් සිදු නොකරන බවයි. එවකට ඊශ්‍රායෙල් අගමැතිනී ගෝල්ඩා මේයර්ගේ අදහස වූයේ එවැනි ගනු දෙනු කිරීමක් අනාගත ප්‍රහාරයන් සඳහා භායානක උත්තේජනයක් සැපයිය හැකි බවයි. එවැනි ගනු දෙනු කිරීමක් මගින් මෙලොවෙහි සිව් දිගම වෙසෙන යුදෙව්වන්ගේ අනාගතය අනාරක්ෂිත වන බව ඊශ්‍රායෙල් රජයේ විශ්වාසය විය.
ත්‍රස්තයන්ගේ නායකයා ලෙසින් පෙනී සිටියේ සුදු ඇඳුමකින් සැරසුණු ලතීෆ් අෆීෆ් හෙවත් ඊසා යනුවෙන් තමාව හඳුන්වා ගත් පුද්ගලයෙකි. මෑන්ෆ්‍රිඩ් ශ්‍රයිබර්ට අනුව ඊසා යනු බොහෝ තැන්පත්, අධිෂ්ඨානශීලී, සිය විශ්වාසයන් කෙරෙහි ඉමහත් භක්තිමත් පුද්ගලයෙකි. මියුනික් ඔලිම්පික් ගම්මානයේ නගරාධිපති වූ වෝල්ටර් ට්‍රෝජර් පවසන්නේ තමන් ඊසාට ඔහු කළ දේ නිසා අකමැති වුවද, වෙන අවස්ථාවක ඔහුව මුණගැසුනේ නම් ඔහුට ප්‍රියතාවයක් දැක්වීමක් සිදුවිය හැකි තරමට ඔහු ප්‍රියමානාප පුද්ගලයෙක් වූ බවයි. ඊසා, තමන්ව හඳුනා ගැනීම දුෂ්කර කිරීමේ අරමුණින් සිය මුහුණේ සපත්තු ඔපවර්ධක තවරාගෙන සිටියේය. ඊසාගේ සහෝදරයන් තිදෙනෙක්ද "බ්ලැක් සෙප්ටෙම්බර්" සංවිධානයේ සාමාජිකයන් වූ අතර දෙදෙනෙක් ඒ වෙන විටත් ඊශ්‍රායෙලයේ සිරගත වී සිටියහ.
ඊශ්‍රායලයේ ස්ථාවරය දැන ගත් සැණින්, මියුනික් පොලිස් ප්‍රධානී මෑන්ෆ්‍රිඩ් ශ්‍රයිබර්, මියුනික් ඔලිම්පික් ගම්මානයේ නගරාධිපති වෝල්ටර් ට්‍රෝජර් සහ තවත් ජර්මානු දේශපාලඥයන් කිහිප දෙනෙක්ම ත්‍රස්තයන් හා සාකච්ඡා කොට සිද්ධිය ගොඩින් සමථයකට පත් කර ගැනීමට උත්සහ කළහ. සාකච්ඡාකරුවන් ත්‍රස්තයන් පිළිබඳ කිසිම නිවැරදි තොරතුරක් නොදැන සිටි අතර වරින් වර ඔවුන් ඉදිරියේ පෙනී සිටි ඊසාත් ඇතුළු ත්‍රස්තයන් තිදෙනා පිළිබඳව පමණක් ඔවුන් දැන සිටියහ. අඩුම තරමින් අභ්‍යන්තරයේ ත්‍රස්තයන් කී දෙනෙකු සිටිනවාදැයි යන්නත් ඔවුනට ප්‍රහෙලිකාවක් විය.
ප්‍රාණ ඇපයට ගැනීමේ සටනේදී තවත් ඊශ්‍රායෙල් ජාතිකයකු මිය ගිය බවට ඊසා විසින් සාකච්ඡාකරුවන් වෙත දන්වා සිටියේය. එහෙත් ඔහුගේ නම හෙළිකිරීම හෝ ඔහුගේ සිරුර ඉවත් කිරීමට ඉඩ දීම, ඉල්ලා සිටි සියලුම පලස්තීන සිරකරුවන්ව නිදහස් කරන තෙක් ඊසා විසින් තරයේ ප්‍රතික්ෂේප කෙරිණි.
මෙම සිද්ධිය නිසා ජර්මානු රජය තවත් අපහසුතාවයට පත්වූයේ ප්‍රාණ ඇපකරුවන් යුදෙව්වන් වීම හේතුකොටගෙනය. යුදෙව්වන් හා බැඳුණු සිය අඳුරු අතීතය අමතකකොට නැවත ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස හිස එසවීමට දගලන ජර්මනියට මෙම තත්ත්වය එතරම් සුවදායක නොවීය. ජර්මානු අමාත්‍ය හෑන්ස් ජෙන්ශ්චර්ගේ මෙම ප්‍රකාශය එයට කදිම නිදසුනකි.
"සාකච්ඡා මඟින් ගැටලුව නිරාකරණය කරගැනීම අසාර්ථක වෙන බව තේරුණු පසු මම කිව්වා ඔවුන්ගේ නායකයාට " ඔබ දන්නවානේ අපේ පහුගිය අතීතය පිළිබඳව, ජර්මානුවන් කොහොමද යුදෙව්වන්ට සැලකුවෙ කියලා, ඔබ තේරුම් ගන්න ඕනා මේ තත්ත්වය අපිට ප්‍රායෝගික ගැටලු කිහිපයක්ම ඇති කරවනවා" කියලා. තව, මම ඔහුට කිව්වා ඔවුන්ට යන්න දීලා ඒ වෙනුවට මාව ප්‍රාණ ඇපයට ගන්න කියලත්. නමුත් ඔහු ඒ යෝජනාව ප්‍රතික්ෂේප කෙරුවා."
තවද ජර්මානු රජය විසින් ත්‍රස්තයනට සීමා රහිත මුදල් ප්‍රමාණයක් ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් ලබා දීමටද ඉදිරිපත් විය.
"ෆෙඩරල් සහ බවාරියා රජයන් වෙනුවෙන් කටයුතු කරමින්, මම ත්‍රස්තයන් වෙත, ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කරගැනීම වෙනුවෙන් සීමා රහිත මුදල් ප්‍රමාණයක් පිරිනැමීමට යෝජනා කළා. නමුත් ඔවුන් එය මුදල් පිළිබඳ ප්‍රශ්නයක් හෝ ප්‍රාණ ඇපකරුවන් ආදේශ කිරීමක් පිළිබඳ ගැටලුවක් නොව, ඔවුන්ගේ සිරකරුවන් පිළිබඳ ගැටලුවක් පමණක් යැයි පවසමින් එම යෝජනාවද ප්‍රතික්ෂේප කෙරුණා. - මෑන්ෆ්‍රිඩ් ශ්‍රයිබර්
අරාබි ලීගයේ උපදේශකයන් දෙපළක් වූ මජ්ඩි ගොහාරි සහ මොහම්මඩ් කාඩිෆ් විසින්ද ඊසා සමඟ සාකච්ඡා කොට සමථයකට ඒමට උත්සහ කළහ. නමුත් අසාර්ථක විය.
"පවතින දේශපාලන වාතාවරණයත් සමඟ, ඊශ්‍රායෙල් රජය සිය මුලු මලල ක්‍රීඩා කණ්ඩායමම මිය ගියත් මෙම ඉල්ලීම ලබා දේයැයි සිතිය නොහැකි බව මම ඊසාට ඒත්තු ගන්වන්න උත්සහ කළා. නමුත් ඔහු මාව අවිශ්වාසයෙන් නොතකා හැරියා." - මජ්ඩි ගොහාරි
ඊශ්‍රායෙල් රජය සාකච්ඡා පිළිබඳ සිය ස්ථාවරයේම නොවෙනස්ව රැදී සිටින විට, සාකච්ඡාකරුවන් ඊසාට වංචා කරමින්, තමන් තවමත් ජෙරුසලම් නුවරින් තීරණයක් ලැබෙන තෙක් බලා සිටින බවත්, හැකිනම් දී තිබෙන කාලය මදක් දීර්ඝ කරන ලෙසත් පවසමින් ඊසාට ආයාචනා කළහ. මෙයට ප්‍රතිචාර දක්වමින් ඊසා අලුත්ම තර්ජනයක් ඉදිරිපත් කළේය. තමන්ගේ ඉල්ලීම් දහවල් දොළහට පෙර ඉටු නොවුණහොත් පැයකට එකා බැගින් ප්‍රාණ ඇපකරුවන්ව ප්‍රසිද්ධියේ ඝාතනය කරන බවට ඔහු විසින් තර්ජනය කළේය.
මෙම සියලු නාටක මෙසේ රඟදැක්වෙමින් තිබෙන අතරතුර හෝරා යන්ත්‍රය නොනැවතී ධාවනය වෙමින් නියමිත කාලයට ළඟා වෙමින් තිබුණේ ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන්ගේ හදවත් තුළ ගිනිදැල් අවුළුවමිනි. අන්කී ස්පීට්සර් පවසන්නේ මධ්‍යාහ්නයට ළඟාවන විට, ඊළඟට කුමක් වේදැයි යන අවිනිශ්චිතතාවය තමන්ටද මාරාන්තික අත්දැකීමක් සේ දැනුණ බවයි. කෙසේවෙතත්, මධ්‍යාහ්නයට තත්ත්පර ගණනක් පමණක් තිබියදී නියමිත කාලය දික්කරවා ගැනීමට ඊසාව නම්මා ගැනීමට සාකච්ඡාකරුවන් සමත් වූහ. පැය පහකින් කාලය දීර්ඝ කිරීමට අවසානයේදී ඊසා එකඟවී තිබුණි.
ප්‍රහාරය හෙළා දකිමින් ලොව පුරා විරෝධතා සංවිධානය වෙමින් තිබුණි. එහෙත් ඔලිම්පික් ගම්මානයේ ඒ වන විටත් අවඥා සහගත දෙයක් සිදුවෙමින් පැවතුණි. ඒ, සිය සහෝදර ක්‍රීඩකයන් දෙදෙනෙකු ඝාතනයවී නව දෙනෙකු ප්‍රාණ ඇපකරුවන්ව ඔලිම්පික් ගම්මානයේම සිරවී සිටින මොහොතක, අනෙකුත් ක්‍රීඩකයන් ඒ ආසන්නයේම සිය පුහුණුවීම සිදුකරමින් තමන්ගේ ඊළඟ තරඟයට මුහුණ දීමට සූදානම් වෙමින් පසුවීමයි. ITN මාධ්‍යවේදී ජෙරල්ඩ් සීමෝර්ට අනුව එය තනිකරම ආත්මාර්ථය මත පදනම් වූ ක්‍රියාකලාපයක් විය. ඒ වනවිටත් ඔලිම්පික් තරඟාවලිය නවතා දමන ලෙසට බල කරමින් විරෝධතා ඇතිවෙමින් තිබුණද ඔලිම්පික් කමිටුව එය ගණනකට නොගෙන බැහැර කොට දැමුණි.
සාකච්ඡා මාර්ගයෙන් සමථයකට ඒම ඵලරහිත බව අවබෝධ කොටගත් බටහිර ජර්මානු බලධාරින් විසින් අවසානයේදී බලය යොදා ත්‍රස්තයන්ව යටත් කොට ගැනීමක් පිළිබඳව සලකා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නට වූහ. එහි මූලිකත්වය පැවරුණේ මියුනික් පොලිස් ප්‍රධානී මෑන්ෆ්‍රිඩ් ශ්‍රයිබර්ටය. ඔහු විසින් ඒ සඳහා පිඹුරුපත් සකසන්නට විය.
අතරවාරයේ ජර්මානු බලධාරීන් විසින් ත්‍රස්තයනට හා ප්‍රාණ ඇපකරුවනට ආහාර සැපයිමට ඉදිරිපත් වූහ. මෙහිදී ආහාර පෙට්ටි පහක් අරක්කමියන් ලෙස වෙස්වලාගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද ඇතුළු පිරිසක් සමඟ ඔවුන් වෙත පිටත් කොට හැරියේ ආහාර ලබා ගැනීමට එක පුද්ගලයකුට වඩා පිරිසක් පැමිණෙතැයිද, එසේ වුවහොත් බලය යොදා ඔවුන්ව යටත් කොට ගත හැකි වේ යැයි හෝ ආහාර සැපයීමේ මුවාවෙන් ඇතුළට ගොස් ත්‍රස්තයන් කීදෙනෙකු සිටින්නේදැයි දැන ගැනීම යන බලාපොරොත්තු සිතැතිවය. එහෙත්, අවාසනාවකට ඊසා පැමිණ එකින් එක පෙට්ටිය බැගින් අතුලට ගනු ලැබුයේ ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරවමිනි.
මෙසේ සෑම ප්‍රයත්නයක්ම අසාර්ථක වන විට, ජර්මානු බලධාරීන් විසින් තවත් තුරුම්පුවක් භාවිතා කරමින් තමනට ප්‍රාණ ඇපකරුවන් නිරුපද්‍රිතව සිටින්නේදැයි සෑහීමකට පත්වීම උදෙසා ඔවුන් සමඟ කතා කිරීමට අවැසි බව ත්‍රස්තයන් වෙත දන්වා සිටියහ. එහිදී ඊසා විසින් ජර්මන් බස හොඳින් හැසිරවිය හැකිවූ අන්ඩ්‍රේ ස්පිට්සර්ට හා කේහාට් සෝර් හට දෙවන මහලේ ජනේලයකින් ජර්මානු බලධාරින් හා සුළුවේලාවක් කතා කිරීමට අවසර ලබා දුන්නේ දෙපසින් වූ රැකවලුන්ද සමඟිනි. මෙහිදී අන්ඩ්‍රේ විසින් එක් කෙනෙකු හැර අන් සියලු දෙනාව සුවෙන් සිටින බව දැනුම්දී තුවාලකරු කවුරුදැයි ජර්මන් බලධාරින් ඇසූ පැනයට පිළිතුරු සැපයීමට යන විටම එක් ත්‍රස්තයකු විසින් රයිෆල් මිටකින් ඔහුගේ හිසට පහර දී පිටිපසට ඇද දමා තිරය වසා දැමීය. ඒ අන්කී විසින් අන්ඩ්‍රේ ස්පිට්සර්ව දුටු අවසන් මොහොත විය.
ඉන් ටික වේලාවක පසු අමාත්‍ය හෑන්ස් ජෙන්ශ්චර් සහ නගරාධිපති වෝල්ටර් ට්‍රෝජර් හට අතුලට ගොස් ප්‍රාණ ඇපකරුවන් සමඟ කතා බහ කිරීමට ඊසා විසින් අවසර දෙන ලදී. පොලිස් ප්‍රධානී ශ්‍රයිබර්ද මෙම අවස්ථාවට එක්වීමට කළ ඉල්ලීම ඊසා විසින් බැහැර කෙරුණේ ඔහු පොලිස් නිලධාරියකු වූ බැවිනි. ඇතුළෙහි සිටින ත්‍රස්තයන් ගණන දැනගන්නා ලෙස ශ්‍රයිබර් වෙතින් අනෙක් දෙදෙනාට උපදෙස් ලැබුණි.
අභ්‍යන්තරයට ගිය දෙදෙනාට දකින්නට ලැබුණේ සිත් පාරවන දසුනකි. ප්‍රාණ ඇපකරුවන් ත්‍රස්තයන්ගේ අඩන්තේට්ටම් වලට ලක්වී තිබුණ සැටි හොඳින්ම නිරීක්ෂණය කිරීමට තිබුණි. යෝසෙෆ් රොමානෝගේ සිරුර පසෙකින් වැටී රුධිරය ගලමින් තිබුණ අතර බිත්ති පුරා ලේ පැල්ලම් දක්නට තිබුණි. සිරුරින් ප්‍රමාණිකයකුවූ ගට්ෆ්‍රෙන්ඩ්ව පුටුවකට තබා බැඳ තිබූ අතර අනෙක් අට දෙනාව මැණික් කටු සහ වළලු කරින් ගැට ගසා, ඉන්පසු දෙදෙනා බැගින් එකට ගැට ගසා තිබුණි. අභ්‍යන්තරය නිරීක්ෂණය කළ ජර්මානුවන් දෙදෙනාට ත්‍රස්තයන් හතරක් හෝ පහක් මෙහෙයුමට සම්බන්ධව ඇතැයි යන නිගමනයට ඒමට හැකියාව ලැබුණි. එය එලෙසින්ම ශ්‍රයිබර්ට වාර්තා කෙරුණ අතර මෙම නිගමනය හෝ සංඛ්‍යාව ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුමේදී අතිශය තීරණාත්මක භූමිකාවක් රඟදක්වනු ලැබේ. ආරක්ෂක ප්‍රධානියකුට එතරම් අමනෝඥ විය හැකිද යන්න විශාල ගැටලුවකි !
ජෙනරාල් ( එවකට කර්නල් ) ඌල්රික් වෙගුනර්, ( ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය හෑන්ස් ජෙන්ශ්චර්ගේ සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් මෙහෙයුම නිරීක්ෂණය කළ හමුදා නිලධාරියෙක් වූ අතරම පසුව ප්‍රථම ජර්මානු ත්‍රස්ත විරෝධී බලකාය තැනීමටත් මුල්වූ කීර්තිමතෙකි. එමෙන්ම 1977දී ත්‍රස්ත කණ්ඩායමක් සෝමාලියාවේ මොගඩිෂු නගරයේදී ලුෆ්තන්සා ගුවන්යානයක් පැහැරගෙන මගීන්ව ප්‍රාණ ඇපයට ගත් අවස්ථාවේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමට නායකත්වයදී සියලුම ප්‍රාණ ඇපකරුවන්ව පණ පිටින් ගලාවාගෙන ජර්මන් රජයෙන් සම්මාන ලද කීර්තිමත් හමුදා නිලධාරියෙකි. ) පවසන පරිදි මෙම අවස්ථාවේදී ඊශ්‍රායෙල් රජයෙන් ප්‍රාණ ඇපකරුවන්ව ගලවා ගැනීම සඳහා තම කණ්ඩායමක් එවීමට ජර්මානු රජයෙන් අවසර පැතූ නමුත් ජර්මානු රජය එය බැහැර කළ බවයි. එහෙත් මෙහෙයුම් කමිටුවේ සිටි බවාරියා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බෲනෝ මර්ක්ට අනුව එවැනි ඉල්ලීමක් කිසි දිනක ඊශ්‍රායෙල් පාර්ශවයෙන් ඉදිරිපත් වී නොමැත. තම යෝජනාව ප්‍රතික්ෂේප වීම නිසා ඊශ්‍රායෙල් රජය සිය රහස් ඔත්තු සේවයේ එවකට ප්‍රධානී ස්වී සමීර්ව මෙහෙයුම සිදු කෙරෙන ආකාරය නිරීක්ෂණය කිරීම උදෙසා ජර්මනියට යැවීමට තීරණය කළේය. එදින හවසම ඔහු මියුනික් නුවර බලා ගුවන් ගත විය.
මේ අතර සිද්ධියෙන් පැය දොළහකට පමණ කාලයකට පසුව ගොඩනැගෙමින් තිබූ පීඩනයට හිස නමමින් ඔලිම්පික් කමිටුව විසින් තරඟාවලිය නවතා දමන ලදී. ඊශ්‍රායෙල් කණ්ඩායමේ නිවස්නය ලොව පුරා නන්දෙසින් පැමිණි ජනමාධ්‍යවේදින්ගෙන් සහ කැමරා කරුවන්ගෙන් වටව තිබූ අතර 75000-80000 කට ආසන්න ජනකායක්ද සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීම උදෙසා එම ස්ථානය වටකොටගෙන සිටියහ.
හවස 04:30ට ශ්‍රයිබර් විසින් ත්‍රස්තයනට පහරදී ප්‍රාණ ඇපකරුවන්ව ගලවා ගැනීමේ මෙහෙයුමක් අරඹන ලදී. මලල ක්‍රීඩකයන්ගේ ඇඳුමින් සැරසුණු භටයන් විසින් අදාළ ගොඩනැගිල්ල වැටලූහ. ඔහුන්ගේ අරමුණ වූයේ වාතාශ්‍රය සපයන නළ දිගේ අදාළ ස්ථානයට බැස ත්‍රස්තයන්ව යටත් කොට ගැනීමයි. මෙහෙයුමේ කේත පදය "Sunshine" වූ අතර එය ශ්‍රවණය වූ සැණින් මෙහෙයුම අරඹන ලෙසට ශ්‍රයිබර් විසින් ඔවුන් වෙත උපදෙස් දී තිබුණි. ගොඩනැගිල්ලෙහි වහලය මතට නැග ගත් භටයන් කේත පදය ඇසෙන තෙක් සූදානම්ව බලා සිටියද එය නෑසුණි. ඒ වෙනුවට සවස පහට සුලු මොහොතක් තිබුයදී මෙහෙයුම අත්හැර දැමූ බව ඔවුනට දැන ගන්නට ලැබුණි. ජීවිත නවයක් බේරා ගැනීමට මෙහෙයුමක් දියත් කළ ශ්‍රයිබර්ට අවාසනාවකට මෙන්, තමන්ව වට කොටගෙන දසතින්ම කැමරාකරුවන් සිටින බවත්, ඔවුන් සියල්ල සජීවීව විසුරුවා හරින බවත්, ක්‍රීඩකයන්ගේ කාමර වල රූපවාහිනී යන්ත්‍ර තිබෙන බවත්, ඒවායින් ත්‍රස්තයනට සියල්ල නැරඹිය හැකි බවත් අමතකවී තිබුණි. ගොඩනැගිල්ලේ වහලය මතට නැග තමන් වෙත ළඟා වීමට සැරසෙන භටයන්ව රූපවාහිනියෙන් දුටු ඊසා, මෙහෙයුම නතර නොවුණහොත් දෙදෙනෙකු මරා දමන බවට කළ තර්ජනය හමුවේ ශ්‍රයිබර්ට මෙසේ හකුළා ගැනීමට සිදු වී තිබුණි.
සවස හයට ඊසා වෙතින් වෙනත් විධානයක් නිකුත් විය.
"අපිට උපදෙස් ලැබිලා තිබුණෙ තත්ත්වය පැය 24කට වඩා ඇදී ඇදී යාමට ඉඩ නොතබන ලෙසයි. මොකද ඒ තමයි අපිට දරාගන ඉන්න පුළුවන් උපරිම කාලය. ඊශ්‍රායෙල් රජය සිර කරුවන්ව නිදහස් කිරීම දිගටම ප්‍රතික්ෂේප කළොත් අපිට උපදෙස් ලැබිලා තිබුණෙ ප්‍රාණ ඇපකරුවන් සමඟම අරාබි රටකට යාමට ගුවන් යානයක් ලබා ගන්ඩ කියලයි." - ජමාල් අල් ගාෂේ
නමුත් ජර්මානු රජයට හෝ ඔලිම්පික් සංවිධායක කමිටුවට මෙම ඉල්ලීම දීමට අදහසක් නොවුණි. ඔවුන්ගේ ස්ථාවරය වූයේ අමුත්තන් ලෙස තම රටට පැමිණි කිසිවකුත් බලහත්කාරයෙන් රටෙන් රැගෙන යාමට ඉඩ දිය නොහැකි බවයි. එබැවින් ගුවන් යානයක් මගින් පිටව යැමට ඉඩ දෙන්නේයැයි ත්‍රස්තයන්ට අඟවමින් ප්‍රාණ ඇපකරුවන්ව ගලවා ගැනීම උදෙසා කළ හැකි සියල්ල කිරීමට ඔවුන් අධිෂ්ඨාන කොට ගත්හ. ශ්‍රයිබර් නැවතත් ක්‍රියාත්මක විය.
එහෙත් ස්වී සමීර්ට අනුව ජර්මානු බලධාරිනට අවැසිව තිබුණේ හැකි සෑම ඉක්මනින්ම මෙම පිරිස ඔලිම්පික් ගම්මානයෙන් ඉවත් කොට නැවතත් තරඟාවලිය ඇරබීමේ අවශ්‍යයතාවය බවයි. ඊශ්‍රායෙල් කණ්ඩායම ගලවා ගැනීම ද්විතීය කාරණයක් වූ බව ඔහුගේ අදහසයි.
ත්‍රස්තයන්ගේ ඉල්ලීම ඉටුකරන බව පෙන්වීම උදෙසා ඔවුන්ව හා ප්‍රාණ ඇපකරුවන් නව දෙනාව හෙලිකොප්ටර් මගින් ෆස්ඩන්ෆෙල්බ්‍රෝක් ගුවන් හමුදා ගුවන් තොටුපළ වෙත ගෙන යාමට කටයුතු සකස් කෙරිණි. එහි ඔවුනට සිය ගමනාන්තය බලා යාමට අවැසි බෝයිං වර්ගයේ ගුවන් යානයක් නවතා තිබුණි. යානයේ කාර්යය මණ්ඩලය ලෙස වෙස් වලගෙන සිටියේ පොලිස් නිලධාරින්ය. ඊසා සහ ඔහුගේ සහයකයා යානය පරික්ෂා කිරීම සඳහා එයට ගොඩ වැදුණු විට ඔවුන්ව යටත් කර ගැනීමට එම පොලිස් නිලධාරින්ට නියෝග ලැබී තිබුණි. එයට අමතරව පාලන මැදිරියෙහි වහලය මත තවත් ස්නයිපර් කරුවන් තිදෙනෙක්ද, බිම තිබුණ ට්‍රක් රථයකට සැඟවී ස්නයිපර් කරුවකුද, කුඩා සංඥා කුලුනකට මුවා වී තවත් ස්නයිපර් කරුවකුද රඳවා තිබුණේ අනෙක් ත්‍රස්තයන් යටත් කොටගැනීම හෝ ඝාතනය උදෙසාය. ස්නයිපර් වරුන් පස් දෙනෙකු රැඳවීමට තීරණය කෙරුණේ ත්‍රස්තයන් පස්දෙනෙකු පමණක් ඇතැයි මුලින් ලැබුණු තොරතුරට අනුවය.
කාමරයේ සිට හෙලිකොප්ටර් යානයට ගමන් කිරීමට මුලින් ඊසා විසින් තීරණය කොට තිබුණේ බිම් මහලේ වූ රථ ගාල හරහා පා ගමනින්ය. මෙහිදී නැවත වතාවක් අවස්ථාවක් දුටු පොලීසිය, සිය තුවක්කු කරුවන් කිහිප දෙනෙකු රථ ගාලේ සැඟවූයේ ඊසා ඇතුලු පිරිස එය හරහා ගමන් කරන විට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණිනි. නමුත් ඊසා විසින් තමනට මුලින්ම මාර්ගය පරික්ෂා කිරීමට අවැසි බව තදින්ම දන්වා සිටියේය. නගරාධිපති ට්‍රෝජර්ව පෙරටුකොට ගත් ත්‍රස්තයන්, මාර්ගය පිරික්සමින් ඉදිරියට යන විට සැඟවී සිට් පොලිස් භටයන් පසු බැස යන ආකාරය නිරීක්ෂණය කළ ඊසා පා ගමනින් යෑමේ අවදානම හඳුනාගෙන වහාම සිය තීරණය වෙනස් කොට ඒ වෙනුවට තමන් බස් රථයකින් හෙලිකොප්ටර් යානා වෙත යන බව දැන්වීය.
රාත්‍රී 10:00ට පමණ ඊශ්‍රායෙල් නිවස්නයේ පහත වූ රථ ගාලට පැමිණි බස් රථයට ත්‍රස්තයන් හා ප්‍රාණ ඇපකරුවන් නවදෙනා ඇතුල් වුයේ තමන් වෙනුවෙන් නවතා ඇති හෙලිකොප්ටර් යානා වෙත ගමන් කිරීමටය. බස් රථය හෙලිකොප්ටර් ආසන්නයේ නතර කළ පසු ඊසා විසින් පළමු යානය හොඳින් පරික්ෂා කොට දුන් සංඥාවෙන් අනතුරව ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකු පළමු යානයට ගොඩ වීමට පැමිණියහ. හෙලිකොප්ටර් යානා වෙත ගොඩ වීම සඳහා ගත වූයේ විනාඩි පහකටත් වඩා අඩු කාලයකි. මෙම සුලු වේලාව අතරතුර ජර්මානු පොලිස් බලධාරින්ට ඉතා වැදගත් තොරතුරක් හෙළිකර ගැනීමේ අවස්ථාව උදා විය. මුලින් සිතා සිටියාක් මෙන් ත්‍රස්තයන් පහක් නොව අට දෙනෙකුම සිටින බව මෙහිදී දැනගැනීම හැකියාව ලැබුණි. නමුත් එවිට ප්‍රමාද වැඩිය. ෆස්ඩන්ෆෙල්බ්‍රෝක් ගුවන්තොටුපළේ රැඳී සිටිනා පොලිස් භටයන් තවමත් මේ පිළිබඳ නොදැනුවත්ය. අන්‍යෝන්‍යය සන්නිවේදන හැකියාවෙන් තොරවූ ස්නයිපර් කරුවන් පස් දෙනෙකු පමණක් ෆස්ඩන්ෆෙල්බ්‍රෝක් ගුවන්තොටුපලට වී ත්‍රස්තයන් පස් දෙනෙකුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියහ. ඔවුනට මේ නව තොරතුර දැනුම් දීමට හෝ ඒ වෙනුවෙන් අතිරේක දෙයක් කිරීම උදෙසා ජර්මන් බලධාරින් උත්සුකවූ බවට තොරතුරු නොමැත.
හෙලිකොප්ටර් යානා දෙක මොහොතකින් එකක් පසු පස එකක් වශයෙන් පිටත් වූහ. ඉන්පසු ජර්මන් බලධාරින් සමඟ මොසාඩ් ප්‍රධානී ස්වී සමීර් ගොඩ නැගුණු තෙවන හෙලිකොප්ටරයක්ද ඔවුන් පසු පස ඇදෙන්නට විය.
රාත්‍රී 10:30ට පමණ ඔවුන් ගුවන් තොටුපලට ළඟා වූහ. හෙලිකොප්ටර් ගොඩ බැස්සවීමට තත්පර ගණනකට පෙර තවත් දෙයක් සිදු විය. ගුවන් යානය තුළ සිටි පොලිස් භටයන් පස් දෙනා විසින් ඒකඡන්දයෙන් එකඟව මෙහෙයුමෙන් ඉවත් වීමට තීරණය කොට යානයෙන් පිටත් වූහ. මෙය දැනගත් වහාම ජෙනරාල් ඌල්රික් පැවසුවේ " මට විශ්වාසයි මේක හින්දා මුලු මෙහෙයුමම විනාශවෙනවා" යනුවෙනි.
අනෙක් තුවක්කුකරුවන් පස් දෙනා ප්‍රහාරයට සූදානම්ව සිටියද ඔවුන් අතර අන්‍යෝන්‍යය වශයෙන් සංනිවේදනයක් නොවුණි. එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීමට හැකියාවක් නොතිබුණි. උපදෙස් ලැබී තිබුණේ පළමු තුවක්කුකරු වෙඩි තැබූ විට අනෙක් අයද වෙඩි තැබිය යුතු බවටයි.
හෙලිකොප්ටර් යානා ගොඩබෑ පසු එකඟ වූ පරිදි ඊසා හා ඔහුගේ දෙවෙනියා විසින් ගුවන් යානය පරික්ෂා කිරීමට එයට ගොඩ වූහ. හිස් යානය දුටු පසු තමන් උගුලක සිරවී ඇති බව වටහා ගැනීමට ඊසාට අපහසු නොවුණි. ගුවන් යානයේ සිට කලබලයෙන් දිව එන ඊසා හා ඔහුගේ දෙවෙනියා දුටු තෙවෙනි ස්නයිපර් කරු විසින් සිය අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට තීරණය කොට ඊසාව ඉලක්ක කොට ප්‍රථම උණ්ඩය නිදහස් කළේය. නමුත් දුර්වල ආලෝකය තත්ත්වය නිසා වැරදුණු ඉලක්කය ඊසා වෙනුවට ඔහුගේ සහයකයාගෙ කලවය පසාරු කොටගෙන ගොස් ඔහුව බිම හෙළීය.
"නායකයා ගුවන් යානයේ ඉඳන් එනකොටම එක පාරම මුලු ප්‍රදේශයම එළිය කරමින් වෙඩි වරුසාවක් එල්ල වුණා. අපිත් වෙඩි පැමිණෙන දිසාව ඔස්සේ වෙඩි තැබීම පටන් ගත්තා. " - ජමාල් අල් ගාෂේ.
හෙලිකොප්ටර් යානය අසලට පැමිණීමට සමත්වූ ඊසා අනෙක් ත්‍රස්තයන් හා එක්ව පාලන මැදිරිය දෙසට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට වූයේ මොහොතකින් ෆස්ඩන්ෆෙල්බ්‍රෝක් ගුවන්තොටුපළ එකම යුද පිටියක් කරවමිනි. වසර තිහකට පමණ පෙර යුදෙව්වන් සොය සොයා ඝාතනය කළ ජර්මානුවන් හට යුදෙව්වන් නව දෙනෙකු බේරා ගැනීම උදෙසා මෙසේ සටන් කිරීමට සිදුවීම දෛවයේ සරදමක් නොවන්නේද ? නමුත් තමනට පැවරුණු වගකීම ඔවුන් නිසි අයුරින් ඉටු කළාදැයි යන්න සැකසහිතය.
සටන අතරතුර බිම සිටි පළමු සහ දෙවන ස්නයිපර් කරුවන්ට සටනට සහභාගී වනවා වෙනුවට පාලන කුළුණ මත සිටි අනෙක් ස්නයිපර් වරුන්ගේ වෙඩි පහරවල් වලින් ආරාක්ෂාවීමට සිදුවූහ. ඒ ඔවුන් එක එල්ලයේම තෙවන, සිව්වන හා පස් වන ස්නයිපර් කරුවන්ගේ ප්‍රහාර සීමාවෙහි ස්ථානගතව සිටි බැවිනි. එබැවින් ත්‍රස්තයන් අට දෙනෙකු හා සටන් කිරීමට සිදුවූයේ සනයිපර් කරුවන් තිදෙනෙකුට පමණි. විනාඩි තිහක් පමණ පැවති සටන හදිසියේම නතරවන විට ත්‍රස්තයන් දෙදෙනෙකු හා පාලන කුළුණෙහි බිම් මහලෙහි සිටි පොලිස් නිලධාරියකු මිය ගොස් තිබුණි.
පිටත සිටි දහස් සංඛ්‍යාත ජනකාය සහ මාධ්‍යවේදීන් සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට දෑස් දල්වා බලා සිටියහ. ඔවුන්ගේ සිත්සතන් ප්‍රීතියෙන් පුරවාලමින් සියලුම ප්‍රාණ ඇපකරුවන් මුදා ගත්තේ යැයි යන පුවත ඔවුන්ගේ කණ වැකුණි. එසැනින් එය ලොව පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. උදෑසන සිට තියුණු අවිනිශ්චිතතාවයකින් පීඩා විඳි ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් සැනසුම් සුසුම් හෙළීය. සියලු දෙනාම සතුටින් උද්දාමව මෙම ප්‍රීතිය සමරන්නට වූහ. එහෙත් අවාසනාවකට එම සතුට වැඩි වේලාවක් නොතිබුණි.
සටන නතරව හෝරාවකට පමණ පසු ගුවන්තොටුපළ වෙත සන්නද්ධ රථ හතරක් ඇතුල් වෙනු පිටත තෙරපෙමින් සිටි අයවලුනට නිරීක්ෂණය කළ හැකි විය. එයින් මොහොතකට පසු නැවතත් වෙඩි හඬ ඇසුණු අතර ඒ සමඟම විශාල පිපිරුම් හඬක් ඇසුණි.
සන්නද්ධ රථ ගුවන්තොටුපළ ඇතුළට පිවිසෙනු දුටු ත්‍රස්තයන් කලබල වී පළමු හෙලිකොප්ටරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් සිව් දෙනාට වෙඩි තැබූහ. ඉන් අනතුරුව එයට අත් බෝම්බයක් එල්ල කොට පුපුරුවා හැරියහ. ඒ අතරතුර ස්නයිපර් කරුවන් විසින් ඊසාව වෙඩි තබා ඝාතනය කිරීමට සමත් වූහ. ඒ සමඟම වාගේ දෙවන හෙලිකොප්ටරයේ සිටි ත්‍රස්තයකු විසින් එහි සිටි ප්‍රාණ ඇපකරුවන් පස් දෙනාට වෙඩි තබා මරා දමන ලදී. මේ අතර සන්නද්ධ රථ විසින් ත්‍රස්තයන්යැයි වැරදියට වටහා ගත් එක් ස්නයිපර් වරයකුට හා හෙලිකොප්ටර් නියමුවකුට වෙඩි තැබීම නිසා ඔවුන් මාරාන්තික තුවාල ලදහ.
සටනින් ත්‍රස්තයන් පස් දෙනෙකුද, එක් ජර්මන් පොලිස් නිලධාරියකුද සියලුම ප්‍රාණ ඇපකරුවන්ද මිය ගොස් තිබුණි. ජර්මානු පොලිස් වෙදැදුරන්ගේ සැත්කම සාර්ථක වුවද අවාසනාවකට රෝගියා මිය ගොස් තිබුණි.
එදින සන්ධ්‍යාවේ නරබන්නන් 80000ක්, ක්‍රීඩකයක් 3000ක් සහ මියගිය ඊශ්‍රායෙල් ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ ඥාතීන් සහභාගිත්වයෙන් අනුස්මරණ මෙහෙයක් පවත්වා ඔවුනට ගෞරව දැක්වීය. ඉන්පසු නැවතත් ඔලිම්පික් තරඟ ආරම්භ කෙරුණ අතර ඉතිරිවූ ඊශ්‍රායෙල් සාමාජිකයන් තරඟයෙන් ඉවත්ව සියරට බලා ගියේ මිය ගිය අයවලුන්ගේ සිරුරුද සමඟිනි. මිය ගිය ත්‍රස්තයන් පස් දෙනාගේ සිරුරු ලිබියවට භාර දුන් අතර එහිදී ඔවුන් වීරයනට ලැබෙන සැලකිලි වලින් පිදුම් ලද අතර සම්පූර්ණ හමුදා ගෞරව සහිතව මිහිදන් කරණ ලදී. සැප්තැම්බර් 07වන දින ඊජිප්තු, පිලිපීන හා ඇල්ජීරියානු කණ්ඩායම් හා ඕලන්ද හා නොර්වේජියානු කණ්ඩායම් වල සමහර ක්‍රීඩකයන්ද තරඟාවලියෙන් ඉවත් වූහ.
ජර්මානු පොලිස් බලධාරින් විසින් මෙම ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කළ ආකාරය පිළිබඳ බරපතල විවේචන දක්නට ඇත.
එක්සත් ජනපද හිටපු හමුදා නිලධාරියකු වූ ලීරෝයි තොම්සන් විසින් මේ පිළිබඳ දීර්ඝ පරීක්ෂණයක් සිදු කොට බටහිර ජර්මන් පොලිස් බලධාරින් මෙම මෙහෙයුමේදී සිදු කළ බරපතල වැරදි හෙළි කර ගැනීමට සමත් විය. තොම්සන් වැටලීම් පිළිබඳ විශේෂඥ දැනුමැත්තෙකි. ආරක්ෂක කරුණු පිළිබඳ පොත් තිහකට වැඩියෙන් ලියා ඇති ඔහු ලොව පුරා පොලීසී සඳහා දේශන පවත්වන්නෙකි. ඔහු ඇතන්ස් සහ බාසිලෝනා ඔලිම්පික් උළෙලවල් සඳහා ආරක්ෂක උපදේශකයකු වශයෙන්ද කටයුතු කෙරූවෙකි.
තොමසන්ගේ අවධානය යොමුවූ මූලික කරුණක්නම් තත්ත්වය මෙහෙයවීමට ඇතිකළ කමිටුවේ සාමාජිකයන් කවුරුන්ද යන්න සොයා බැලීමයි. මෙහිදී ඔහුට වැදගත් තොරතුරක් සොයා ගැනීමට ලැබුණි. කමිටුවේ සිටි සාමාජිකයන් වූයේ ජර්මන් අභ්‍යන්තර කටයුතු ඇමති හෑන්ස් ජෙන්ශ්චර්, බවාරියා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බෲනෝ මර්ක් සහ මියුනික් පොලිස් ප්‍රධානී මැන්ෆ්‍රිඩ් ශ්‍රයිබර් යන අයවලුන්ය. එනම් දේශපාලකයන් දෙදෙනෙකු සහ එක් පොලිස් ප්‍රධානියෙකි. ශ්‍රයිබර්ද මින් පෙර මෙහෙයවූ ප්‍රාණ ඇපකරු මෙහෙයුමකදී ගත් තීරණයක් නිසා අහිංසක කාන්තාවකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූවාය.මෙහිදී ශ්‍රයිබර්ට චෝදනා එල්ල වුවද පසුව ඔහු නිවැරදි කරු බවට නිදහස් කෙරිණි. එහෙත් මෙම සිද්ධිය ඔහු කෙරෙහි ඇති කළ බලපෑම මියුනික් සිද්ධියේදී ගත් තීරණ කෙරෙහි බලපෑ බව විශේෂඥයන්ගේ අදහසයි.
තොම්සන් විසින් සිය පරීක්ෂණයෙන් ශ්‍රයිබර් විසින් සිදු කළ වැරදි මාලාවක්ම සොයා ගැනීමට සමත් විය. මුලින්ම තොම්සන් කළ නිරීක්ෂණය වූයේ සියලුම ත්‍රස්තයන් සිය අනන්‍යතාවය සඟවා ගැනීමට උත්සහා කොට තිබූ බවයි. එයින් හැඟවෙනුයේ ඔවුන්ට මෙම මෙහෙයුමෙන් මිය යාමට අදහසක් නොවූ බවයි. එසේ වීනම් ඔවුන් අනන්‍යතාවය සැඟවීමට කරදර නොවනු ඇත. ත්‍රස්තයන්ගේ අරමුණ වන්නට ඇත්තේ කෙසේ හෝ සිය ඉල්ලීම දිනාගෙන නිදහස්ව පැනගැනීම බව තොම්සන්ගේ නිගමනය විය. ඔවුන් විසින් දුන් කාලය දෙවරක්ම ඉකුත් වූ පසුත් ඔවුන් විසින් ප්‍රාණ ඇපකරුවන් ඝාතනය නොකිරීමෙන් මෙය තවත් පැහැදිලි කරගත හැකිය. තොම්සන්ට අනුව මෙය ශ්‍රයිබර්ගේ අවධානයට හසුව නැත.
ඔහු විසින් පෙන්වන අනෙක් කරුණනම් ත්‍රස්තයන් සතු වූ AK47 රයිෆලයේ වූ ආරක්ෂක උගුළයි. පලස්තීන සටන්කාමින් වැනි තුවක්කරුවන්ව සෑම විටම ආරක්ෂක උගුල සක්‍රීයව තබා ගැනීමට පුහුණු කොට තිබෙන බව තොම්සන් දන්නා කරුණකි. AK47 රයිෆලයේ ආරක්ෂක උගුල අක්‍රීය කිරීමට රයිෆලයේ ට්‍රිගරයෙන් ඇඟිල්ල ඉවතට ගැනීමට සිදුවේ. ජර්මානු පොලිසිය ප්‍රහාරයකට යාමට අවශ්‍ය වීනම් මෙම කරුණ ඔවුනට තත්ත්පර කිහිපයක වාසියක් හිමිකරදෙන බව තොම්සන්ගේ මතයයි. තත්පරයක් යනු ජීවිතයත් මරණයත් අතර වෙනසක් ඇති කළ හැකි කාලයකි. තත්පර දෙකක් යනු පුහුණු තුවක්කු කරුවකුට සිය ඉලක්කය ගෙන ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමට හොඳටම සෑහෙන කාලයකි. එහෙත් ජර්මානු රජයෙන් නිකුත් කළ මෙහෙයුම පිළිබඳ නිල වාර්තාවේ මේ පිළිබඳ කිසිම සටහනක් දක්නට නොවුණි. ශ්‍රයිබර්ට මෙම ඉතා වැදගත් කරුණද මග හැරී තිබුණි.
ඊශ්‍රායෙල් නිවස්නය අසල රැස්වී සිටි ජනතාව සහ මාධ්‍යකරුවන් ඉවත් නොකිරීම ශ්‍රයිබර් විසින් සිදු කළ තවත් බරපතල වැරැද්දකි. AK47 අවිය එකවර උණ්ඩ විශාල ප්‍රමාණයක් නිකුත් කළ හැකි ස්වයන්ක්‍රීය අවියකි. යම් හෙයකින් සටනක් ඇතිවී ත්‍රස්තයන් විසින් ජනතාව ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කළේනම් විශාල පිරිසක් ක්ෂණිකව මිය යෑමේ අවදානමක් තිබුණි. ශ්‍රයිබර් හට එම සරළ ආරක්ෂක උපක්‍රමයද මග හැරී ඇත.
තොම්සන්ට අනුව ඕනෑම ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමේදී තමන්ගේ සතුරා ගැන දැන ගැනීම ඉතා වැදගත් සාධකයකි. නගරාධිපති වෝල්ටර් ටෝජර් විසින් සැපයූ දත්ත මත පදනම්ව ශ්‍රයිබර් විසින් සැලැසුම් කළ ගලවා ගැනීමේ මෙහෙයුම නිරීක්ෂණය කළ තොම්සන් කිසිසේත්ම ඒ පිළිබඳ සෑහීමකට පත් නොවුණි. ශ්‍රයිබර් විසින් එහිදී වැරැදි රාශියක්ම සිදු කොට තිබුණි. ප්‍රහාරය එල්ල කිරීම උදෙසා ගොඩනැගිල්ලේ වහලය මතට වන් පොලිස් භටයන් භාවිතා කළ උපක්‍රම වෘත්තීය මට්ටමේ නොවන තරම් බව තොම්සන්ගේ අදහසයි. ඔවුන් භාවිතා කළ අවි පාවිච්චි කිරීමට පළපුරුද්දක් තිබූ බවක් දක්නට නොවූ බවත් තොම්සන් පවසයි. එම භටයන් එවන් මෙහෙයුමකට කිසි සේත්ම නොසුදුසු, නොපළපුරුදු දේශ සීමා ආරක්ෂක භටයන් බව තොම්සන් විසින් පසුව සොයා ගන්නා ලදී. මෙම මෙහෙයුමට අදාළ භටයන්ව තෝරා ගැනීමේදී ශ්‍රයිබර් අනුගමනය කළ ක්‍රියාමාර්ගය ගැන පවසන ජනරාල් ඌල්රිච්;
" ශ්‍රයිබර් විසින් ඔවුන් තෝරා ගැනුණේ "ඔබ කවදා හෝ තුවක්කුවකින් වෙඩි තබා තිබේද ? " වගේ ප්‍රශ්න ඇසීමෙන් පමණයි. ඔවුනට කිසිම පුහුණුවක් තිබුණේ නෑ. "
එසේම මාධ්‍යවේදීන් ඉවත් කිරීමට නොහැකිවීමේ බරපතල වරද නිසා ශ්‍රයිබර්ට අතරමගදී මෙහෙයුම හකුළා ගැනීමට සිදු විය.
ගුවන්තොටුපළේදී ඇතිවූ තත්ත්වය පිළිබඳ පරික්ෂා කළ තොම්සන්, අවසාන නිමේෂයේදී පොලිස් භටයන් ගුවන් යානයෙන් ඉවත් වීම වෘත්තීය ආරක්ෂක සාමාජිකයන් අතින් කිසි කලෙක සිදු නොවිය යුතු සිද්ධියක් සේ හඳුන්වයි.
හෙලිකොප්ටර් නියමුවනට උපදෙස් ලැබී තිබුණේ ගොඩ බස්වන විට පාලන මැදිරිය දෙසට යානාවන්හී බඳ පෙනෙන ලෙස ගොඩබාන ලෙසයි. එහෙත් නොදන්නා හේතුවක් නිසා නියමුවන් දෙදෙනාම යානා දෙකම ගොඩ බස්වනු ලැබුවේ පාලන මැදිරිය දෙසට මුහුණත සිටින ලෙසය. එබැවින් පාලන මැදිරිය මත සිටි ස්නයිපර් කරුවන්ට ඉලක්ක ගැනීම අපහසු වූවා පමණක් නොව ප්‍රතිවිරුද්ධව බිම් මට්ටමෙහි රඳා සිටි ස්නයිපර් කරුවන් දෙදෙනා කෙළින්ම ඔවුන්ගේ ප්‍රහාර සීමාවෙහි පසු වුහ. සටන අතරතුව පළමු සහ දෙවන ස්නයිපර් කරුවන්ට සිය සගයන්ගෙන් නිකුත් වන වෙඩි වලින් ආරක්ෂාකාරී වීමට සිදු වූයේ මෙබැවිනි. තවද මෙම ස්නයිපර් කරුවනට රාත්‍රී දර්ශක, වෙඩි නොවදින කබා, යකඩ හිස් වැසුම් ආදී ආරක්ෂක උපකරණ කිසිවක් නොවුණි. අඩුම තරමින් එකිනෙකා හා සන්නිවේදනයේ යෙදිය හැකි රේඩියෝ යන්ත්‍රවත් ඔවුනට ලබා දී නොතිබුණි.
මෙම ස්නයිපර් කරුවන් සියලු දෙනාම ඔවුනට පැවරූ කාර්යයෙහි විශේෂඥයන් නොවූ සාමාන්‍ය පොලිස් භටයන් පමණක්ම වූහ. මෙම තත්ත්වය ඇති වීමට බලපෑ විශේෂ හේතුවක් තිබුණි. එවකට පැවති බටහිර ජර්මානු ව්‍යවස්ථාවට අනුව ජර්මානු හමුදාවන්ට රට අභ්‍යන්තරයෙහි වූ සටන් වලට සම්බන්ධ වීමේ හැකියාවක් නොවුණි. එබැවින් ජර්මානු හමුදාවෙහි වූ අති දක්ෂ ස්නයිපර් කරුවනට මෙම මෙහෙයුමට එක් වීමට අවස්ථාවක් නොලැබුණි. ශ්‍රයිබර්ට නොපුහුණු පොලිස් භටයන් මත යැපීමට සිදුවී තිබුණි.
නමුත් මෙහෙයුම අසාර්ථකවීමට බලපෑ ප්‍රබලම හේතුව අනෙකකි. එය කුඩා තොරතුරක් මත රඳා පැවතියකි. සැප්තැම්බර් 05වන දා සවස ඊශ්‍රායෙල් ක්‍රීඩකයන්ව හමුවට ගිය වෝල්ටර් ට්‍රොජර්, ඇතුළත ත්‍රස්තයන් හතරක් හෝ පහක් සිටින බව ශ්‍රයිබර්ට දන්වා සිටියේය. මෙම සංඛ්‍යාව අවසාන නිවැරදි අගය සේ සලකා සිය මුලු මෙහෙයුමම සැලසුම් කිරීමට තරම් ශ්‍රයිබර් අමනෝඥ විය. එහි ත්‍රස්තයන් පහක් නොව අටක්ම සිටිනවා යන්න ඔවුනට දැන ගැනීමට ලැබෙනුයේ ගුවන්තොටුපලට ඒමට පැය භාගයකට පමණ පෙරය. විස්මිත කාරණය නම් සැබෑ ත්‍රස්තයන් ගණන දැනගත් පසුවවත් ඒ පිළිබඳ ක්‍රියාත්මක නොවීමයි. අඩුම තරමින් ස්නයිපර් කරුවන්ට දැනුම් දීමක් කිරීමක්වත් සිදුනොවීමයි. එසේම ත්‍රස්තයන් පස් දෙනෙකු ඝාතනය කිරීම සඳහා ස්නයිපර් කරුවන් පස් දෙනෙකුම පමණක් රැඳවීම ප්‍රායෝගික නොවන බව විශේෂඥ මතයයි. අඩුම වශයෙන් එක ඉලක්කයක් උදෙසා දෙදෙනෙකුවත් රැඳවිය යුතු වූවත් ශ්‍රයිබර් විසින් එය නොසලකා හරී.
තවද ගුවන්තොටුපළ වෙත සන්නද්ධ රථ හා භටයන් ගෙන්වා තැබීමට ශ්‍රයිබර් අමතක වී තිබුණි. එය සිහියට එන්නේ සටන ඇරඹී විනාඩි විස්සක් පමණ ගිය කල්හීය. එහෙත් අතර මග වූ තදබදය නිසා සන්නද්ධ රථ ගුවන් තොටුපලට පැමිණෙන විට පැයක් පමණ ගතවී සටන බොහෝ දුරට අවසන්ව තිබුණි.
සිද්ධියට සම්බන්ධවූ පලස්තීනුවකු විසින් පසුව මුලු සිද්ධියම බටහිර ජර්මානු රජය හා ත්‍රස්තයන් එක්ව සැලසුම් කළ එකක් බව හෙළි කරණු ලැබීය. මෙසේ කිරීම මගින් අනාගතයේදී ජර්මනියට එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීම ජර්මානු රජයේ අරමුණ වී තිබුණි. එම චෝදනාව සත්‍ය එකක් විය හැකි බව ජනරාල් ඌල්රිච් පවා පිළිගනී.
නිදහස් වූ ත්‍රස්තයන් තිදෙනා ලිබියාවට ගොඩ බසින්නේ වීරයන් ලෙසය. ඔවුනට ලැබෙන පිළිගැනීම එතරම්ම උත්කෘෂ්ඨය. එහිදී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වන ජමාල් අල් ගාෂේ අතුළු පිරිස පවසා සිටින්නේ මෙමගින් තමනට, කලින් නොතිබුණු පලස්තීනුවන්ගේ හඬ මුලු ලොවෙහිම පැතිරවිය හැකි වූ බවයි.
"මම ආඩම්බර වෙනවා මම මියුනික් වලදී කරපු දේ ගැන. මෙම දවසට කලින් පලස්තීනුවන්ගේ අරගලය ගැන ලෝකයටම එතරම් වැටහීමක් තිබුණෙ නෑ. නමුත් එදායින් පස්සෙ අපිට පුළුවන් වුණා "පලස්තීනය" කියන නම ලොව පුරාම ප්‍රතිරාවය කරවන්න." - ජමාල් අල් ගාෂේ.
මෙම සිදුවීමෙන් ටික කලෙකට පසු බටහිර ජර්මන් රජය විසින් ජනරාල් ඌල්රික්ගේ නායකත්වයෙන් ත්‍රස්ත විරෝධී ඒකකයක් පිහිටුවන ලදී. ඊශ්‍රායෙලය විසින් දියත් කළ ප්‍රහාර දෙකකින් ඉතිරිවූ ත්‍රස්තයන් තිදෙනගෙන් දෙදෙනෙකුව ඝාතනය කිරීමට සමත් වූ අතර ජමාල් අල් ගාෂේ පමණක් අදටත් අප්‍රිකාවෙහි කොතැනක හෝ රහසිගතව ජීවත් වනු ඇතැයි සැලකේ.
පසුගිය ලංඩන් ඔලිම්පික් උලෙළ, මෙම සිද්ධියෙන් වසරක හතළිහක් පිරෙන 2012 වසරේදී යෙදී තිබිණ. එම ඛේදවාචකයේ හතළිස් වන සැමරුම සිහිකරමින් 2012 ලංඩන් ඔලිම්පික් උළෙලේදී විනාඩියක නිශ්ශබ්දතාවයක් රැකීමට අන්කී ස්පිට්සර් ඇතුළු පිරිස කළ අහිංසක යෝජනාව ඔලිම්පික් සංවිධායකයන් විසින් බැහැර කරණ ලදී. අවසානයේදී, 2012 ඔලිම්පික් උලෙළ ඔවුන් පිළිබඳ කිසිඳු සිහි කිරීමකින් තොරවම ගෙවී ගියේය.
විවාහයෙන් පසු අන්කී සහ අන්ඩ්‍රේ ඊශ්‍රායෙලය හා ලෙබනනය අතර වූ දේශසීමාවෙහි පදිංචියට පැමිණියහ. වසරකට මදක් වැඩියෙන් එහි ගත කාලය කෙතරම් දුෂ්කර වූවත් අන්කී අදටත් එම කාලය සිය ජීවිතයේ ප්‍රීතිමත්ම කාලය ලෙසින් හදුන්වනීය. එහිදී අන්ඩ්‍රේ නවකයන්ට කඩු හරඹ ක්‍රීඩාව පුහුණු කරමින් නගරයෙන් නගරයට සැරි සැරුවේය. ඔහුගේ අරමුණ වූයේ ප්‍රතිවාදීන්ට ගරු කරමින් කඩු හරඹ ක්‍රීඩාවේ නියැලීමේ කලාව නවකයනට පුහුණු කිරීමයි. වයස 27ක් වන විට අන්ඩ්‍රේ ඊශ්‍රායලයේ ප්‍රධානම කඩු හරඹ පුහුණුකරු බවට පත්විය. එපමණක් නොව ඔහු ඊශ්‍රායලයේ ජාතික කඩු හරඹ ඇකඩමිය ආරම්භ කිරීමටත් මුල්වී ක්‍රියා කළ අයවලුන්ගෙන් කෙනෙකි. එසේම වින්ගේට් ක්‍රීඩා පුහුණු ආයතනයේ ප්‍රධාන කඩු හරඹ පුහුණුකරු තනතුරද හෙබවීය.
"ඔහුගෙ එකම සිහිනය වුණේ ඔලිම්පික් උළෙලකට සහභාගී වීම. මම හිතන්නෙ සෑම මලල ක්‍රීඩකයෙකුගෙම එකම අභිලාෂය එයයි. " - අන්කී ස්පිට්සර්
එම සිහිනය මල්ඵල ගන්වමින් 1972 මියුනික් ඔලිම්පික් උලෙළේ ඊශ්‍රායෙල් කණ්ඩායමේ කඩු හරඹ පුහුණු කරු ලෙස සම්බන්ධවීමේ භාග්‍යය ඔහුට හිමි විය. භාග්‍යයක් ලෙසින් වෙස් වළාගෙන තමන් වෙත පැමිනුනේ ඉමහත් අභාග්‍යයක් බව තේරුම් ගැනීමට ඔහුටවත්, ඔහු අවට සිටි කිසිවකුටත් හැකියාවක් නොතිබුණි.
අන්ඩ්‍රේට සහ අනෙකුත් ඊශ්‍රායෙල් ක්‍රීඩකයනට 1972 මියුනික් ඔලිම්පික් උළෙල විශේෂ අවස්ථාවක් වූහ. ඒ මන්දයත් එය පැවැත්වූයේ වසර 30කටපමණ පෙර යුදෙව්වන්ව සමූල ඝාතනය කිරීමේ මෙහෙයුමක් දියත් කළ ජර්මානු බිමෙහි වීම නිසාය. මියුනික් ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවයේදී ඊශ්‍රායෙල් කණ්ඩායම සිය ධජය සෙවණේ ගමන් කිරීම සැබැවින්ම හැඟීම් බර අවස්ථාවක් විය. එය ක්‍රීඩාවෙහි ජීව ගුණයට කළ හැකිදෑ ලොවටම පෙන්වූ එක් සොඳුරු මොහොතක් ලෙස ඉතිහාසයේ ලියවී ඇතිවාට නොඅනුමානය.
බටහිර ජර්මන් බලධාරිනට මෙම ඔලිම්පික් උලෙළ මිත්‍රශීලී පරිසරයක් තුළ පැවැත්වීමේ දැඩි වුවමානාවක් වූහ. ඒ දෙවන ලෝක යුද්ධයෙන් ඇතිවූ කැලැල් මකා දැමීමේ සහ විශේෂයෙන්ම 1936 දී බර්ලින් නුවර පැවැත්වූ ඔලිම්පික් උළෙල නාසීන් විසින් සිය ප්‍රචාරණ යාන්ත්‍රණය උදෙසා අවභාවිතා කිරීමේ කැළල මකා ගැනීම උදෙසාය. ඒ සඳහා ඔවුන් ලිහිල් ආරක්ෂණ පටිපාටියක් අනුගමනය කිරීම කෙරෙහි උත්සුක වූහ. එය කෙතරම් ලිහිල් වීද යත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිසි හැදුනුම් පත් නොමැතිවම ඔලිම්පික් ගම්මානයෙන් පිටතට ගොස් පැමිණීම දක්නට ලැබුණි. එමෙන්ම බොහොමයක් ක්‍රීඩකයන් ආරක්ෂක පරික්ෂණ ස්ථාන මග හැර ගම්මානය වටෙහි වූ යකඩ දැලෙන් පැන ඇතුල් වීම හා පිටවීමද සුලභ දසුනක් විය. ආරක්ෂක බලධාරින්ද එවැනි කරුණු පිළිබඳ එතරම් තැකීමක් සිදු නොකළහ. ආරක්ෂාව වෙනුවෙන් 2000 ක පමණ බට පිරිසක් සිටියද ඔවුන් ආයුධ වලින් සන්නද්ධව නොසිටියහ.
මෙම අනාරක්ෂිත තත්ත්වය හා තම කණ්ඩායමට ලැබී තිබුණ නවාතැන් පහසුකම් පිහිටි ස්ථානය පිළිබඳවද ඊශ්‍රායෙල් කණ්ඩායමේ ප්‍රධානී සැමුවෙල් ලාල්කින්, කණ්ඩායම මියුනික් නුවරට පැමිණීමටත් ප්‍රථමම සිය අප්‍රසාදය බටහිර ජර්මන් බලධාරින් වෙත පළකොට තිබුණි. ඔලිම්පික් ගම්මානයේ පාළු පෙදෙසක, ගේට්ටුවක් අසල පිහිටා තිබූ සිය කණ්ඩායමේ නිවස්නයට පිටතින් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇතිවිය හැකි බව ඔහු විසින් බටහිර ජර්මානු බලධාරින්ගේ අවධානයට යොමු කරවීය. ඔවුනට ඇවැසි ආරාක්ෂාව තර කරන බවට බටහිර ජර්මානු බලධාරින් පොරොන්දු වුවද ඒම පොරොන්දුව ඉටු වූවාදැයි ලාල්කින්ට ඇත්තේ සැකයක්ම පමණකි.
~~~~~
ජමාල් අල් ගාෂේගෙ කථාවත් කිසිසේත්ම නොසලකා හැරිය නොහැක්කේ ඔහු මෙම ඛේදවාචකයේ අමතක කළ නොහැකි චරිතයක් බැවිනි. මෙහිදී ඔහු විසින් නියෝජනය කරනු ලබන්නේ ඝාතකයන්ගේ පාර්ශවයයි. මෙහෙයුමට සම්බන්ධවූ අයගෙන් අදටත් ජීවතුන් අතර ඇතැයි සැලකෙන්නේ ජමාල් පමණකි.
" මම, යුදෙව් මැර කණ්ඩායමක් විසින් 1948දී ගලීලයේ තිබුණ අපේ ගම්මානයෙන් පලවා හැරපු පලස්තීන පවුලක දරුවෙක්. අපේ පවුල සරණාගතයන් වශයෙන් කඳවුරෙන් කඳවුරට මාරුවෙවී තමා ජීවත් වුණේ. අවසානයට නතර වුණේ බීරුට් වල තිබුණ "චතිලා" කඳවුරේ. වයසින් මුහුකුරා වැඩෙත්ම මට තේරුණා අපි පලස්තීනයට නැවත නොගියොත් අපට අනාගතයක් නැහැයි කියලා. ඒක නිසයි මම නිදහස් ව්‍යාපාරෙට සම්බන්ධ වුණේ. අපිට තුවක්කුවක් දීලා ඒක පාවිච්චි කරණ පිළිවෙලා කියලා දුන්නා. ඒකෙන් තමයි මට ජීවිතයේ ප්‍රථම වතාවට යමක් කළ යුතුයි හා හැකියි යන හැඟීම ඇතිකරනු ලැබුවේ, මම කඳවුරක ඉන්න දුක්ඛිත සරණාගතයෙක් නොව විප්ලවයකට සහභාගී වන නියම පලස්තීන සටන්කාමියෙක්ය කියන හැඟීම ඇතිකරන ලැබුවේ."
ලෙබනන් වල පැවැත්වූ පුහුණු වීම කඳවුරු කිහිපයකට සහභාගී වූ ජමාල්ව සිය නායකත්වය විසින් විශේෂ පුහුණුවක් සඳහා ලිබියාව වෙත යවන ලදී. එහිදී ඔවුන් මසක පමණ කාලයක් අති දුෂ්කර පුහුණුවක් ලැබූහ.
~~~~~
1972 අගෝස්තු 26 වැනි දින ඇරබුණු විසිවන නූතන ඔලිම්පික් උළෙල ජර්මනියේ මියුනික් නුවර ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් පැවතුණි. ඇමෙරිකානු පිහිනුම් ශූර මාර්ක් ස්පිට්ස් රන් පදක්කම් හතක් දිනා තැබූ ලෝක වාර්තාවත්, සෝවියට් ජිම්නාස්ටික් ක්‍රීඩිකා ඔල්ගා කෝර්බට් දැක්වූ දක්ෂතාත්, ඇමෙරිකාව පරදවා සෝවියට් දේශය බාස්කට්බෝල් වලින් ලද තියුණු ජයග්‍රහණයත් ඒ වන විට ලොවෙහිම අවධානය දිනාගනිමින් ඔලිම්පික් උළෙල වර්ණවත් කොට තිබුණි. එහෙත් මේ සියලු වර්ණ බොඳකොට ලොවෙහිම අවධානය තමන් වෙත ඇද ගැනීම සඳහා පිරිසක් කැසකවමින් සිටි බව කිසිවෙකුත් නොදැන සිටියහ. බටහිර ජර්මානු බලධාරිනට ඒ පිළිබඳ අනතුරු ඇඟවීම් ලැබී තිබුණද එය කිසිසේත්ම නොතකා බැහැර කෙරුණේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලි නොමැත.
දුෂ්කර ව්‍යායාමයකින් මගහැරුණු දුම්රියට ගොඩවී සිය අවාසනාව තුරුළු කරගත් ඊශ්‍රායෙල් කණ්ඩායමේ කඩු හරඹ පුහුණුකරු වූ අන්ඩ්‍රේ ස්පිට්සර්, 1972 සැප්තැම්බර් මස 04 වන දින රාත්‍රියේ ඔලිම්පික් ගම්මානයට නැවත ළඟාවිය. එදින රාත්‍රියේ ඊශ්‍රායෙල් කණ්ඩායම Fiddler on the Roof සංගීත නාටකයේ දර්ශනයක් නැරබීමට ගොස් පසුව එහි නළුවකු වූ සැමුවෙල් රොඩෙන්ස්කි සමඟින් රාත්‍රී භෝජනයද ගෙන නැවත සිය නිවස්නයට පැමිණෙන විට මාධ්‍යම රාත්‍රිය පමණ වී තිබුණි. කණ්ඩායමෙන් 11 දෙනෙකු, ඒ සිය ජීවිතයේ අවසාන රාත්‍රී භෝජනය බව නොදැන සිටියහ.
~~~~~
ජමාල්ද ඇතුළුව තිදෙනෙක් ලිබියාවේ සිට මියුනික් නගරය වෙත සේන්දු වූයේ මෙහෙයුමට දින දෙකකට කලිනි. ඔවුන් නවාතැන්ගත් හෝටලයේදී තවත් පස් දෙනෙකුගෙන් සැදුම් ලද කණ්ඩායමක් ඔවුන් හා එකතු වූහ. පසු දින එනම් සැප්තැම්බර් 04වන දින ඔවුන් අත්පන්දු තරග කිහිපයක් බලමින් සැහැල්ලු ලෙස කාලය ගෙවා දැමූවේ ඒ වනවිටත් මෙහෙයුම පිළිබඳ තොරතුරු හා එහි සැලසුම් පිළිබඳව ඔවුන්ව සිය නායකත්වය විසින් දැනුවත් කොට නොතිබුණ බැවිනි.
එදින රාත්‍රියේදී ආහාර ගැනීම උදෙසා ඔවුන් දුම්රිය පළෙහි වූ ආපනශාලාවක් තෝරා ගැනුණි. එහිදී හමුවූ සංවිධානයේ නායකයකු විසින් ඔවුනට මෙහෙයුම පිළිබඳ සියලු තොරතුරු නිරාවරණය කරන ලදී. ඒ පිළිබඳ සිය අදහස් දක්වන ජමාල්;
"ප්‍රථම වතාවට ඊශ්‍රායෙල් ජාතිකයන් හා මුහුණට මුහුණ මුණගැසීමේ අවස්ථාව උදාවීම පිළිබඳව මම සැබවින්ම ආඩම්බර වූණා. "
ඔවුන්ව හඳුනාගැනීම වැළැක්වීමේ අරමුණින් නායකත්වය විසින් ඔවුන්ගේ ගමන් බලපත්‍ර හා අනෙකුත් ලියකියවිලි තමන් සන්තකයට ගෙන කණ්ඩායම ඔලිම්පික් ගම්මානය බලා පිටත් කරවීය. කණ්ඩායම ඔලිම්පික් ගම්මානයේ වූ වැටෙන් පැනීමට යන විට ඔවුනට, පිටතට ගොස් නැවත පැමිණෙමින් සිටි ඇමෙරිකානු ඔලිම්පික් කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් හමු වූහ. ( මෙම කණ්ඩායම සැබවින්ම කැනේඩියානු කණ්ඩායමේ පිරිසක් බව පසුව අනාවරණය විය. ) අන්‍යෝන්‍ය සහයෝගයෙන් වැටෙන් ඇතුළට පැනගත් කණ්ඩායම් දෙක එකිනෙකාට සුබ පතා වෙන්ව ගියහ.
දිනකට කලින් ත්‍රස්ත කණ්ඩායමේ නායකත්වය නැගෙනහිර ජර්මානු කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ ආධාරයෙන් ගම්මානයට ඇතුල්වී අධ්‍යයනයක් සිදුකොට තිබුණ බැවින් ඔවුන් වැරදීමකින් තොරව කෙළින්ම ඊශ්‍රායෙල් කණ්ඩායමේ නිවස්නය වූ අංක 31 දරණ ගොඩනැගිල්ල බලා ගමන් කළහ. එවිට වේලාව සැප්තැම්බර් මස 05වන දින අළුයම හතරයි තිහ පසුවී තිබුනි. ඔවුන් ක්‍රීඩකයන් ලෙසින් සැරසී ක්‍රීඩා ගමන් මලු තුළ සැගවූ අවි ආයුධ අතදරා සිටියහ. කණ්ඩායමේ එකිනෙකාට පැවරුණු වගකීම් තිබූ අතර ජමාල්ට පැවරී තිබුණේ අනෙක් අය ගොඩනැගිල්ල ඇතුළට ගිය පසු පිටතින් මුර කිරීමේ කාර්යයයි.
ඊශ්‍රායෙල් නිවස්නය කොටස් පහකින් සමන්විත විය. පළමු කොටසෙහි වූයේ කණ්ඩායම් විනිසුරුවන් හා පුහුණුකරුවන්ය. ත්‍රස්තයන්ගේ ඇතුල්වීමෙන් ඇතිවූ සිහින් සීරිම් ශබ්දයක් හේතු කොටගෙන අවදි වූ මල්ලවපොර විනිශ්චකරු යෝසෙෆ් ගට්ෆ්‍රෙන්ඩ් සෙමෙන් විවරවෙන දොර තුළින් පිටත සිටි මුහුණු ආවරණ පැළදගත් තුවක්කු කරුවන්ව දැකීමත් සමඟම දොර වැසීමට අසාර්ථක උත්සහයක් දරමින් සිය සගයනට අනතුරු හඟවමින් කෑගැසීය. ඔහුගේ මෙම ක්‍රියාව නිසා ගට්ෆ්‍රෙන්ඩ්ගේ එක සගයකු වූ බර ඉසිලීම් පුහුණුකරු ටුවියා සොකොලොව්ස්කිට ජනේලයෙන් පැන යාමට හැකියාව ලබා දුනී. මල්ලවපොර පුහුණුකරුවකු මෝෂේ වයින්බර්ග් විසින් ත්‍රස්තයන් සමඟ පොර බැදූ නමුත් කම්මුල හරහා එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් ඔහු අඩපණ විය. ඉන්පසුව ඔහුව තවත් ප්‍රාණ ඇපකරුවන්ව අල්ලා ගැනීම සඳහා බලහත්කාරයෙන් පෙරටුකොට ගන්නා ලදී. මෙහිදී වයින්බර්ග් විසින් ත්‍රස්තයන්ව දෙවන කොටසට රැගෙන නොගොස්, මල්ලවපොර හා බර ඉසිලීම් ක්‍රීඩකයන් නැවතී සිටි තෙවන කොටසට යන්නට ඇත්තේ ඔවුනට ත්‍රස්තයන් වෙත සටනක් දීම පහසු වෙතැයි සලකා බව අනුමාන කළ හැකිය. එහෙත් ඔවුන් අධික නිදිමත නිසා තුශ්නිම්භූතව සිටියහ. තෙවන කොටසින් තවත් ප්‍රාණ ඇපකරුවන් සිය ග්‍රහණයට ගත් ත්‍රස්තයන් ඔවුන්ව රැගෙන නැවතත් පළමු කොටසට පැමිණියහ. මෙහිදී තුවාල ලබා සිටි වයින්බර්ග් විසින් ත්‍රස්තයන් වෙත නැවතත් ප්‍රහාරයක් එල්ල කළේය. වෙඩිතබා ඝාතනය කිරීමට පෙර, ඔහු විසින් එක ත්‍රස්තයකුට සිහි නැතිවන සේ පහර දුන් අතර තවත් ත්‍රස්තයෙකුට පිහියකින් පහරදී තුවාල සිදු කළේය. එසේම බර ඉසිලුම් ක්‍රීඩක යෝසෙෆ් රොමානෝද එක් ත්‍රස්තයෙකුට පහර දී තුවාල සිදු කළේය. ඔහුවද වෙඩි තබා ඝාතනය කරණ ලදී. මෙම අවසරයෙන් මල්ලවපොර ක්‍රීඩක ගෑඩ් සභාරි හට ගැලවී පැනගැනීමට හැකියාව ලැබුණි. මෙලෙස, "බ්ලැක් සෙප්ටෙම්බර් " සංවිධානයයැයි තමන්ව හදුන්වා ගන්නා ත්‍රස්ත සංවිධානයක සාමාජිකයන් පිරිසක් විසින් ඊශ්‍රායෙල් කණ්ඩායමේ දෙදෙනෙකුව ඝාතනය කොට නව දෙනෙකුව ප්‍රාණ ඇපයට ගෙන තිබුණි. ප්‍රාණ ඇපකරුවන් නව දෙනා පහත පරිදි වේ;
1. මල්ලවපොර විනිශ්චකරු යෝසෙෆ් ගට්ෆ්‍රෙන්ඩ්
2. වෙඩිතැබීම් පුහුණුකරු කෙහාට් සෝර්
3. ජවන හා පිටිය තරඟ පුහුණුකරු අමිට්සර් ශපිරෝ
4. කඩු හරඹ පුහුණුකරු ඔන්ඩ්‍රේ ස්පිට්සර්
5. බර ඉසිලිම් විනිසුරු යකොව් ස්ප්‍රින්ගර්
6. මල්ලවපොර ක්‍රීඩක එලීයේසර් හල්ෆින්
7. මල්ලවපොර ක්‍රීඩක මාර්ක් ස්ලේවින්
8. බර ඉසිලුම් ක්‍රීඩක ඩේවිඩ බර්ගර්
9. බර ඉසිලුම් ක්‍රීඩක සීයව් ෆ්‍රීඩ්මන්
සැප්තැම්බර් 05වනදා ලෝකය අවදි වූයේ මෙම ඛේදවාචකයේ ආරංචියෙනි. අන්‍යයන්ගේ අවධානයට හසුවනු පිණිස ත්‍රස්තයන් විසින් ගොඩනැගිල්ලෙන් පිටතට දමාතිබූ වයින්බර්ගගේ මෘත දේහය පොලීසිය විසින් සොයාගැනීමත් සමඟම සිද්ධිය ලැව් ගින්නක් සේ පැතිරෙන්නට විය.
"මම නිදාගන හිටියෙ. මගේ අම්මලා මා ළඟට ඇවිත් කිව්වා ඊශ්‍රායෙල් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වෙලා තියන බවත් බොක්සිං පුහුණුකරුව ඝාතනය කොට ඇති බවත්. මම දැනගෙන හිටියා කණ්ඩායමේ බොක්සිං පුහුණුකරුවෙක් නොසිටිය බව. එහෙනම් මේ කොයි පුහුණුකරු වෙන්න පුළුවන්ද ? සමහර විට ඒ අන්ඩ්‍රේ වෙන්න පුළුවන් කියලා මට හිතුණා." අන්කී ස්පිට්සර්
විය යුතු පරිදිම මුලින් මුලින් ප්‍රාණ ඇපකරුවන් පිළිබඳ ලැබුණු ආරංචි නිවැරදි නොවීය. විටෙක එය දාසයක් වන විට තවකෙකු එය දහතුනක් යැයි පැවසීය. පසුව එය නවය බවට නිවැරදි විය.
"කිසිවකුට හරියටම කියන්න බැරිවුණා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. අන්ඩ්‍රේ මෙම ප්‍රාණ ඇපකරුවන් අතරද ? නැත්නම් ඔහුට පැනගන්න ඉඩ ලැබිලද ? කියලා ඒ මොහොතෙදි කිසිවෙකුටත් හරියටම කියන්න පුළුවන් කමක් තිබුණෙ නෑ" - අන්කී ස්පිට්සර්.
සිද්ධිය නිතැතින්ම මියුනික් පොලිස් ප්‍රධානී මෑන්ෆ්‍රිඩ් ශ්‍රයිබර්ගේ උරහිස මතට පැටවිණි. වහාම ඔහුගේ නායකත්වයෙන් යුතුව ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරිණි. ශ්‍රයිබර්ට වැඩි වේලාවක් බලාසිටීමට සිදු නොවුණි. ත්‍රස්තයන් විසින් ඔවුන්ගේ ඉල්ලීම් උදෑසන හය වන විට ඉදිරිපත් කොට තිබුණි. ත්‍රස්තයන්ගේ ඉල්ලීම වූයේ, ඊශ්‍රායලයේ, ජර්මනියේ හා අනෙකුත් රටවල රඳවා සිටි 234ක්වූ පලස්තීන හා අනෙකුත් විප්ලවීය සටන්කරුවන් නිදහස් කරන ලෙසයි. ඒ සඳහා එදින දහවල් 1200 වන තෙක් ඔවුනට වේලාව ලැබුණි. එසේ කිරීමට අසමත් වුවහොත් ප්‍රාණ ඇපකරුවන්ව ඝාතනය කෙරෙනු ඇත.
ශ්‍රයිබර් සමඟ ඊසා |
ත්‍රස්තයන්ගේ නායකයා ලෙසින් පෙනී සිටියේ සුදු ඇඳුමකින් සැරසුණු ලතීෆ් අෆීෆ් හෙවත් ඊසා යනුවෙන් තමාව හඳුන්වා ගත් පුද්ගලයෙකි. මෑන්ෆ්‍රිඩ් ශ්‍රයිබර්ට අනුව ඊසා යනු බොහෝ තැන්පත්, අධිෂ්ඨානශීලී, සිය විශ්වාසයන් කෙරෙහි ඉමහත් භක්තිමත් පුද්ගලයෙකි. මියුනික් ඔලිම්පික් ගම්මානයේ නගරාධිපති වූ වෝල්ටර් ට්‍රෝජර් පවසන්නේ තමන් ඊසාට ඔහු කළ දේ නිසා අකමැති වුවද, වෙන අවස්ථාවක ඔහුව මුණගැසුනේ නම් ඔහුට ප්‍රියතාවයක් දැක්වීමක් සිදුවිය හැකි තරමට ඔහු ප්‍රියමානාප පුද්ගලයෙක් වූ බවයි. ඊසා, තමන්ව හඳුනා ගැනීම දුෂ්කර කිරීමේ අරමුණින් සිය මුහුණේ සපත්තු ඔපවර්ධක තවරාගෙන සිටියේය. ඊසාගේ සහෝදරයන් තිදෙනෙක්ද "බ්ලැක් සෙප්ටෙම්බර්" සංවිධානයේ සාමාජිකයන් වූ අතර දෙදෙනෙක් ඒ වෙන විටත් ඊශ්‍රායෙලයේ සිරගත වී සිටියහ.
ඊසා |
ඊශ්‍රායලයේ ස්ථාවරය දැන ගත් සැණින්, මියුනික් පොලිස් ප්‍රධානී මෑන්ෆ්‍රිඩ් ශ්‍රයිබර්, මියුනික් ඔලිම්පික් ගම්මානයේ නගරාධිපති වෝල්ටර් ට්‍රෝජර් සහ තවත් ජර්මානු දේශපාලඥයන් කිහිප දෙනෙක්ම ත්‍රස්තයන් හා සාකච්ඡා කොට සිද්ධිය ගොඩින් සමථයකට පත් කර ගැනීමට උත්සහ කළහ. සාකච්ඡාකරුවන් ත්‍රස්තයන් පිළිබඳ කිසිම නිවැරදි තොරතුරක් නොදැන සිටි අතර වරින් වර ඔවුන් ඉදිරියේ පෙනී සිටි ඊසාත් ඇතුළු ත්‍රස්තයන් තිදෙනා පිළිබඳව පමණක් ඔවුන් දැන සිටියහ. අඩුම තරමින් අභ්‍යන්තරයේ ත්‍රස්තයන් කී දෙනෙකු සිටිනවාදැයි යන්නත් ඔවුනට ප්‍රහෙලිකාවක් විය.
වෝල්ටර් ට්‍රෝජර් |
මෙම සිද්ධිය නිසා ජර්මානු රජය තවත් අපහසුතාවයට පත්වූයේ ප්‍රාණ ඇපකරුවන් යුදෙව්වන් වීම හේතුකොටගෙනය. යුදෙව්වන් හා බැඳුණු සිය අඳුරු අතීතය අමතකකොට නැවත ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස හිස එසවීමට දගලන ජර්මනියට මෙම තත්ත්වය එතරම් සුවදායක නොවීය. ජර්මානු අමාත්‍ය හෑන්ස් ජෙන්ශ්චර්ගේ මෙම ප්‍රකාශය එයට කදිම නිදසුනකි.
"සාකච්ඡා මඟින් ගැටලුව නිරාකරණය කරගැනීම අසාර්ථක වෙන බව තේරුණු පසු මම කිව්වා ඔවුන්ගේ නායකයාට " ඔබ දන්නවානේ අපේ පහුගිය අතීතය පිළිබඳව, ජර්මානුවන් කොහොමද යුදෙව්වන්ට සැලකුවෙ කියලා, ඔබ තේරුම් ගන්න ඕනා මේ තත්ත්වය අපිට ප්‍රායෝගික ගැටලු කිහිපයක්ම ඇති කරවනවා" කියලා. තව, මම ඔහුට කිව්වා ඔවුන්ට යන්න දීලා ඒ වෙනුවට මාව ප්‍රාණ ඇපයට ගන්න කියලත්. නමුත් ඔහු ඒ යෝජනාව ප්‍රතික්ෂේප කෙරුවා."
තවද ජර්මානු රජය විසින් ත්‍රස්තයනට සීමා රහිත මුදල් ප්‍රමාණයක් ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් ලබා දීමටද ඉදිරිපත් විය.
"ෆෙඩරල් සහ බවාරියා රජයන් වෙනුවෙන් කටයුතු කරමින්, මම ත්‍රස්තයන් වෙත, ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කරගැනීම වෙනුවෙන් සීමා රහිත මුදල් ප්‍රමාණයක් පිරිනැමීමට යෝජනා කළා. නමුත් ඔවුන් එය මුදල් පිළිබඳ ප්‍රශ්නයක් හෝ ප්‍රාණ ඇපකරුවන් ආදේශ කිරීමක් පිළිබඳ ගැටලුවක් නොව, ඔවුන්ගේ සිරකරුවන් පිළිබඳ ගැටලුවක් පමණක් යැයි පවසමින් එම යෝජනාවද ප්‍රතික්ෂේප කෙරුණා. - මෑන්ෆ්‍රිඩ් ශ්‍රයිබර්
අරාබි ලීගයේ උපදේශකයන් දෙපළක් වූ මජ්ඩි ගොහාරි සහ මොහම්මඩ් කාඩිෆ් විසින්ද ඊසා සමඟ සාකච්ඡා කොට සමථයකට ඒමට උත්සහ කළහ. නමුත් අසාර්ථක විය.
"පවතින දේශපාලන වාතාවරණයත් සමඟ, ඊශ්‍රායෙල් රජය සිය මුලු මලල ක්‍රීඩා කණ්ඩායමම මිය ගියත් මෙම ඉල්ලීම ලබා දේයැයි සිතිය නොහැකි බව මම ඊසාට ඒත්තු ගන්වන්න උත්සහ කළා. නමුත් ඔහු මාව අවිශ්වාසයෙන් නොතකා හැරියා." - මජ්ඩි ගොහාරි
මජ්ඩිව නොතකන ඊසා |
මෙම සියලු නාටක මෙසේ රඟදැක්වෙමින් තිබෙන අතරතුර හෝරා යන්ත්‍රය නොනැවතී ධාවනය වෙමින් නියමිත කාලයට ළඟා වෙමින් තිබුණේ ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන්ගේ හදවත් තුළ ගිනිදැල් අවුළුවමිනි. අන්කී ස්පීට්සර් පවසන්නේ මධ්‍යාහ්නයට ළඟාවන විට, ඊළඟට කුමක් වේදැයි යන අවිනිශ්චිතතාවය තමන්ටද මාරාන්තික අත්දැකීමක් සේ දැනුණ බවයි. කෙසේවෙතත්, මධ්‍යාහ්නයට තත්ත්පර ගණනක් පමණක් තිබියදී නියමිත කාලය දික්කරවා ගැනීමට ඊසාව නම්මා ගැනීමට සාකච්ඡාකරුවන් සමත් වූහ. පැය පහකින් කාලය දීර්ඝ කිරීමට අවසානයේදී ඊසා එකඟවී තිබුණි.
ප්‍රහාරය හෙළා දකිමින් ලොව පුරා විරෝධතා සංවිධානය වෙමින් තිබුණි. එහෙත් ඔලිම්පික් ගම්මානයේ ඒ වන විටත් අවඥා සහගත දෙයක් සිදුවෙමින් පැවතුණි. ඒ, සිය සහෝදර ක්‍රීඩකයන් දෙදෙනෙකු ඝාතනයවී නව දෙනෙකු ප්‍රාණ ඇපකරුවන්ව ඔලිම්පික් ගම්මානයේම සිරවී සිටින මොහොතක, අනෙකුත් ක්‍රීඩකයන් ඒ ආසන්නයේම සිය පුහුණුවීම සිදුකරමින් තමන්ගේ ඊළඟ තරඟයට මුහුණ දීමට සූදානම් වෙමින් පසුවීමයි. ITN මාධ්‍යවේදී ජෙරල්ඩ් සීමෝර්ට අනුව එය තනිකරම ආත්මාර්ථය මත පදනම් වූ ක්‍රියාකලාපයක් විය. ඒ වනවිටත් ඔලිම්පික් තරඟාවලිය නවතා දමන ලෙසට බල කරමින් විරෝධතා ඇතිවෙමින් තිබුණද ඔලිම්පික් කමිටුව එය ගණනකට නොගෙන බැහැර කොට දැමුණි.
සාකච්ඡා මාර්ගයෙන් සමථයකට ඒම ඵලරහිත බව අවබෝධ කොටගත් බටහිර ජර්මානු බලධාරින් විසින් අවසානයේදී බලය යොදා ත්‍රස්තයන්ව යටත් කොට ගැනීමක් පිළිබඳව සලකා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නට වූහ. එහි මූලිකත්වය පැවරුණේ මියුනික් පොලිස් ප්‍රධානී මෑන්ෆ්‍රිඩ් ශ්‍රයිබර්ටය. ඔහු විසින් ඒ සඳහා පිඹුරුපත් සකසන්නට විය.
අතරවාරයේ ජර්මානු බලධාරීන් විසින් ත්‍රස්තයනට හා ප්‍රාණ ඇපකරුවනට ආහාර සැපයිමට ඉදිරිපත් වූහ. මෙහිදී ආහාර පෙට්ටි පහක් අරක්කමියන් ලෙස වෙස්වලාගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද ඇතුළු පිරිසක් සමඟ ඔවුන් වෙත පිටත් කොට හැරියේ ආහාර ලබා ගැනීමට එක පුද්ගලයකුට වඩා පිරිසක් පැමිණෙතැයිද, එසේ වුවහොත් බලය යොදා ඔවුන්ව යටත් කොට ගත හැකි වේ යැයි හෝ ආහාර සැපයීමේ මුවාවෙන් ඇතුළට ගොස් ත්‍රස්තයන් කීදෙනෙකු සිටින්නේදැයි දැන ගැනීම යන බලාපොරොත්තු සිතැතිවය. එහෙත්, අවාසනාවකට ඊසා පැමිණ එකින් එක පෙට්ටිය බැගින් අතුලට ගනු ලැබුයේ ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරවමිනි.
මෙසේ සෑම ප්‍රයත්නයක්ම අසාර්ථක වන විට, ජර්මානු බලධාරීන් විසින් තවත් තුරුම්පුවක් භාවිතා කරමින් තමනට ප්‍රාණ ඇපකරුවන් නිරුපද්‍රිතව සිටින්නේදැයි සෑහීමකට පත්වීම උදෙසා ඔවුන් සමඟ කතා කිරීමට අවැසි බව ත්‍රස්තයන් වෙත දන්වා සිටියහ. එහිදී ඊසා විසින් ජර්මන් බස හොඳින් හැසිරවිය හැකිවූ අන්ඩ්‍රේ ස්පිට්සර්ට හා කේහාට් සෝර් හට දෙවන මහලේ ජනේලයකින් ජර්මානු බලධාරින් හා සුළුවේලාවක් කතා කිරීමට අවසර ලබා දුන්නේ දෙපසින් වූ රැකවලුන්ද සමඟිනි. මෙහිදී අන්ඩ්‍රේ විසින් එක් කෙනෙකු හැර අන් සියලු දෙනාව සුවෙන් සිටින බව දැනුම්දී තුවාලකරු කවුරුදැයි ජර්මන් බලධාරින් ඇසූ පැනයට පිළිතුරු සැපයීමට යන විටම එක් ත්‍රස්තයකු විසින් රයිෆල් මිටකින් ඔහුගේ හිසට පහර දී පිටිපසට ඇද දමා තිරය වසා දැමීය. ඒ අන්කී විසින් අන්ඩ්‍රේ ස්පිට්සර්ව දුටු අවසන් මොහොත විය.
අන්ඩ්‍රේට එල්ලවන තුවක්කු පහර |
අභ්‍යන්තරයට ගිය දෙදෙනාට දකින්නට ලැබුණේ සිත් පාරවන දසුනකි. ප්‍රාණ ඇපකරුවන් ත්‍රස්තයන්ගේ අඩන්තේට්ටම් වලට ලක්වී තිබුණ සැටි හොඳින්ම නිරීක්ෂණය කිරීමට තිබුණි. යෝසෙෆ් රොමානෝගේ සිරුර පසෙකින් වැටී රුධිරය ගලමින් තිබුණ අතර බිත්ති පුරා ලේ පැල්ලම් දක්නට තිබුණි. සිරුරින් ප්‍රමාණිකයකුවූ ගට්ෆ්‍රෙන්ඩ්ව පුටුවකට තබා බැඳ තිබූ අතර අනෙක් අට දෙනාව මැණික් කටු සහ වළලු කරින් ගැට ගසා, ඉන්පසු දෙදෙනා බැගින් එකට ගැට ගසා තිබුණි. අභ්‍යන්තරය නිරීක්ෂණය කළ ජර්මානුවන් දෙදෙනාට ත්‍රස්තයන් හතරක් හෝ පහක් මෙහෙයුමට සම්බන්ධව ඇතැයි යන නිගමනයට ඒමට හැකියාව ලැබුණි. එය එලෙසින්ම ශ්‍රයිබර්ට වාර්තා කෙරුණ අතර මෙම නිගමනය හෝ සංඛ්‍යාව ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුමේදී අතිශය තීරණාත්මක භූමිකාවක් රඟදක්වනු ලැබේ. ආරක්ෂක ප්‍රධානියකුට එතරම් අමනෝඥ විය හැකිද යන්න විශාල ගැටලුවකි !
ජෙනරාල් ( එවකට කර්නල් ) ඌල්රික් වෙගුනර්, ( ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය හෑන්ස් ජෙන්ශ්චර්ගේ සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් මෙහෙයුම නිරීක්ෂණය කළ හමුදා නිලධාරියෙක් වූ අතරම පසුව ප්‍රථම ජර්මානු ත්‍රස්ත විරෝධී බලකාය තැනීමටත් මුල්වූ කීර්තිමතෙකි. එමෙන්ම 1977දී ත්‍රස්ත කණ්ඩායමක් සෝමාලියාවේ මොගඩිෂු නගරයේදී ලුෆ්තන්සා ගුවන්යානයක් පැහැරගෙන මගීන්ව ප්‍රාණ ඇපයට ගත් අවස්ථාවේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමට නායකත්වයදී සියලුම ප්‍රාණ ඇපකරුවන්ව පණ පිටින් ගලාවාගෙන ජර්මන් රජයෙන් සම්මාන ලද කීර්තිමත් හමුදා නිලධාරියෙකි. ) පවසන පරිදි මෙම අවස්ථාවේදී ඊශ්‍රායෙල් රජයෙන් ප්‍රාණ ඇපකරුවන්ව ගලවා ගැනීම සඳහා තම කණ්ඩායමක් එවීමට ජර්මානු රජයෙන් අවසර පැතූ නමුත් ජර්මානු රජය එය බැහැර කළ බවයි. එහෙත් මෙහෙයුම් කමිටුවේ සිටි බවාරියා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බෲනෝ මර්ක්ට අනුව එවැනි ඉල්ලීමක් කිසි දිනක ඊශ්‍රායෙල් පාර්ශවයෙන් ඉදිරිපත් වී නොමැත. තම යෝජනාව ප්‍රතික්ෂේප වීම නිසා ඊශ්‍රායෙල් රජය සිය රහස් ඔත්තු සේවයේ එවකට ප්‍රධානී ස්වී සමීර්ව මෙහෙයුම සිදු කෙරෙන ආකාරය නිරීක්ෂණය කිරීම උදෙසා ජර්මනියට යැවීමට තීරණය කළේය. එදින හවසම ඔහු මියුනික් නුවර බලා ගුවන් ගත විය.
ස්වී සමීර් |
හවස 04:30ට ශ්‍රයිබර් විසින් ත්‍රස්තයනට පහරදී ප්‍රාණ ඇපකරුවන්ව ගලවා ගැනීමේ මෙහෙයුමක් අරඹන ලදී. මලල ක්‍රීඩකයන්ගේ ඇඳුමින් සැරසුණු භටයන් විසින් අදාළ ගොඩනැගිල්ල වැටලූහ. ඔහුන්ගේ අරමුණ වූයේ වාතාශ්‍රය සපයන නළ දිගේ අදාළ ස්ථානයට බැස ත්‍රස්තයන්ව යටත් කොට ගැනීමයි. මෙහෙයුමේ කේත පදය "Sunshine" වූ අතර එය ශ්‍රවණය වූ සැණින් මෙහෙයුම අරඹන ලෙසට ශ්‍රයිබර් විසින් ඔවුන් වෙත උපදෙස් දී තිබුණි. ගොඩනැගිල්ලෙහි වහලය මතට නැග ගත් භටයන් කේත පදය ඇසෙන තෙක් සූදානම්ව බලා සිටියද එය නෑසුණි. ඒ වෙනුවට සවස පහට සුලු මොහොතක් තිබුයදී මෙහෙයුම අත්හැර දැමූ බව ඔවුනට දැන ගන්නට ලැබුණි. ජීවිත නවයක් බේරා ගැනීමට මෙහෙයුමක් දියත් කළ ශ්‍රයිබර්ට අවාසනාවකට මෙන්, තමන්ව වට කොටගෙන දසතින්ම කැමරාකරුවන් සිටින බවත්, ඔවුන් සියල්ල සජීවීව විසුරුවා හරින බවත්, ක්‍රීඩකයන්ගේ කාමර වල රූපවාහිනී යන්ත්‍ර තිබෙන බවත්, ඒවායින් ත්‍රස්තයනට සියල්ල නැරඹිය හැකි බවත් අමතකවී තිබුණි. ගොඩනැගිල්ලේ වහලය මතට නැග තමන් වෙත ළඟා වීමට සැරසෙන භටයන්ව රූපවාහිනියෙන් දුටු ඊසා, මෙහෙයුම නතර නොවුණහොත් දෙදෙනෙකු මරා දමන බවට කළ තර්ජනය හමුවේ ශ්‍රයිබර්ට මෙසේ හකුළා ගැනීමට සිදු වී තිබුණි.
සවස හයට ඊසා වෙතින් වෙනත් විධානයක් නිකුත් විය.
"අපිට උපදෙස් ලැබිලා තිබුණෙ තත්ත්වය පැය 24කට වඩා ඇදී ඇදී යාමට ඉඩ නොතබන ලෙසයි. මොකද ඒ තමයි අපිට දරාගන ඉන්න පුළුවන් උපරිම කාලය. ඊශ්‍රායෙල් රජය සිර කරුවන්ව නිදහස් කිරීම දිගටම ප්‍රතික්ෂේප කළොත් අපිට උපදෙස් ලැබිලා තිබුණෙ ප්‍රාණ ඇපකරුවන් සමඟම අරාබි රටකට යාමට ගුවන් යානයක් ලබා ගන්ඩ කියලයි." - ජමාල් අල් ගාෂේ
නමුත් ජර්මානු රජයට හෝ ඔලිම්පික් සංවිධායක කමිටුවට මෙම ඉල්ලීම දීමට අදහසක් නොවුණි. ඔවුන්ගේ ස්ථාවරය වූයේ අමුත්තන් ලෙස තම රටට පැමිණි කිසිවකුත් බලහත්කාරයෙන් රටෙන් රැගෙන යාමට ඉඩ දිය නොහැකි බවයි. එබැවින් ගුවන් යානයක් මගින් පිටව යැමට ඉඩ දෙන්නේයැයි ත්‍රස්තයන්ට අඟවමින් ප්‍රාණ ඇපකරුවන්ව ගලවා ගැනීම උදෙසා කළ හැකි සියල්ල කිරීමට ඔවුන් අධිෂ්ඨාන කොට ගත්හ. ශ්‍රයිබර් නැවතත් ක්‍රියාත්මක විය.
එහෙත් ස්වී සමීර්ට අනුව ජර්මානු බලධාරිනට අවැසිව තිබුණේ හැකි සෑම ඉක්මනින්ම මෙම පිරිස ඔලිම්පික් ගම්මානයෙන් ඉවත් කොට නැවතත් තරඟාවලිය ඇරබීමේ අවශ්‍යයතාවය බවයි. ඊශ්‍රායෙල් කණ්ඩායම ගලවා ගැනීම ද්විතීය කාරණයක් වූ බව ඔහුගේ අදහසයි.
ත්‍රස්තයන්ගේ ඉල්ලීම ඉටුකරන බව පෙන්වීම උදෙසා ඔවුන්ව හා ප්‍රාණ ඇපකරුවන් නව දෙනාව හෙලිකොප්ටර් මගින් ෆස්ඩන්ෆෙල්බ්‍රෝක් ගුවන් හමුදා ගුවන් තොටුපළ වෙත ගෙන යාමට කටයුතු සකස් කෙරිණි. එහි ඔවුනට සිය ගමනාන්තය බලා යාමට අවැසි බෝයිං වර්ගයේ ගුවන් යානයක් නවතා තිබුණි. යානයේ කාර්යය මණ්ඩලය ලෙස වෙස් වලගෙන සිටියේ පොලිස් නිලධාරින්ය. ඊසා සහ ඔහුගේ සහයකයා යානය පරික්ෂා කිරීම සඳහා එයට ගොඩ වැදුණු විට ඔවුන්ව යටත් කර ගැනීමට එම පොලිස් නිලධාරින්ට නියෝග ලැබී තිබුණි. එයට අමතරව පාලන මැදිරියෙහි වහලය මත තවත් ස්නයිපර් කරුවන් තිදෙනෙක්ද, බිම තිබුණ ට්‍රක් රථයකට සැඟවී ස්නයිපර් කරුවකුද, කුඩා සංඥා කුලුනකට මුවා වී තවත් ස්නයිපර් කරුවකුද රඳවා තිබුණේ අනෙක් ත්‍රස්තයන් යටත් කොටගැනීම හෝ ඝාතනය උදෙසාය. ස්නයිපර් වරුන් පස් දෙනෙකු රැඳවීමට තීරණය කෙරුණේ ත්‍රස්තයන් පස්දෙනෙකු පමණක් ඇතැයි මුලින් ලැබුණු තොරතුරට අනුවය.
කාමරයේ සිට හෙලිකොප්ටර් යානයට ගමන් කිරීමට මුලින් ඊසා විසින් තීරණය කොට තිබුණේ බිම් මහලේ වූ රථ ගාල හරහා පා ගමනින්ය. මෙහිදී නැවත වතාවක් අවස්ථාවක් දුටු පොලීසිය, සිය තුවක්කු කරුවන් කිහිප දෙනෙකු රථ ගාලේ සැඟවූයේ ඊසා ඇතුලු පිරිස එය හරහා ගමන් කරන විට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණිනි. නමුත් ඊසා විසින් තමනට මුලින්ම මාර්ගය පරික්ෂා කිරීමට අවැසි බව තදින්ම දන්වා සිටියේය. නගරාධිපති ට්‍රෝජර්ව පෙරටුකොට ගත් ත්‍රස්තයන්, මාර්ගය පිරික්සමින් ඉදිරියට යන විට සැඟවී සිට් පොලිස් භටයන් පසු බැස යන ආකාරය නිරීක්ෂණය කළ ඊසා පා ගමනින් යෑමේ අවදානම හඳුනාගෙන වහාම සිය තීරණය වෙනස් කොට ඒ වෙනුවට තමන් බස් රථයකින් හෙලිකොප්ටර් යානා වෙත යන බව දැන්වීය.
රාත්‍රී 10:00ට පමණ ඊශ්‍රායෙල් නිවස්නයේ පහත වූ රථ ගාලට පැමිණි බස් රථයට ත්‍රස්තයන් හා ප්‍රාණ ඇපකරුවන් නවදෙනා ඇතුල් වුයේ තමන් වෙනුවෙන් නවතා ඇති හෙලිකොප්ටර් යානා වෙත ගමන් කිරීමටය. බස් රථය හෙලිකොප්ටර් ආසන්නයේ නතර කළ පසු ඊසා විසින් පළමු යානය හොඳින් පරික්ෂා කොට දුන් සංඥාවෙන් අනතුරව ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකු පළමු යානයට ගොඩ වීමට පැමිණියහ. හෙලිකොප්ටර් යානා වෙත ගොඩ වීම සඳහා ගත වූයේ විනාඩි පහකටත් වඩා අඩු කාලයකි. මෙම සුලු වේලාව අතරතුර ජර්මානු පොලිස් බලධාරින්ට ඉතා වැදගත් තොරතුරක් හෙළිකර ගැනීමේ අවස්ථාව උදා විය. මුලින් සිතා සිටියාක් මෙන් ත්‍රස්තයන් පහක් නොව අට දෙනෙකුම සිටින බව මෙහිදී දැනගැනීම හැකියාව ලැබුණි. නමුත් එවිට ප්‍රමාද වැඩිය. ෆස්ඩන්ෆෙල්බ්‍රෝක් ගුවන්තොටුපළේ රැඳී සිටිනා පොලිස් භටයන් තවමත් මේ පිළිබඳ නොදැනුවත්ය. අන්‍යෝන්‍යය සන්නිවේදන හැකියාවෙන් තොරවූ ස්නයිපර් කරුවන් පස් දෙනෙකු පමණක් ෆස්ඩන්ෆෙල්බ්‍රෝක් ගුවන්තොටුපලට වී ත්‍රස්තයන් පස් දෙනෙකුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියහ. ඔවුනට මේ නව තොරතුර දැනුම් දීමට හෝ ඒ වෙනුවෙන් අතිරේක දෙයක් කිරීම උදෙසා ජර්මන් බලධාරින් උත්සුකවූ බවට තොරතුරු නොමැත.
හෙලිකොප්ටරයට නගිමින් |
රාත්‍රී 10:30ට පමණ ඔවුන් ගුවන් තොටුපලට ළඟා වූහ. හෙලිකොප්ටර් ගොඩ බැස්සවීමට තත්පර ගණනකට පෙර තවත් දෙයක් සිදු විය. ගුවන් යානය තුළ සිටි පොලිස් භටයන් පස් දෙනා විසින් ඒකඡන්දයෙන් එකඟව මෙහෙයුමෙන් ඉවත් වීමට තීරණය කොට යානයෙන් පිටත් වූහ. මෙය දැනගත් වහාම ජෙනරාල් ඌල්රික් පැවසුවේ " මට විශ්වාසයි මේක හින්දා මුලු මෙහෙයුමම විනාශවෙනවා" යනුවෙනි.
අනෙක් තුවක්කුකරුවන් පස් දෙනා ප්‍රහාරයට සූදානම්ව සිටියද ඔවුන් අතර අන්‍යෝන්‍යය වශයෙන් සංනිවේදනයක් නොවුණි. එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීමට හැකියාවක් නොතිබුණි. උපදෙස් ලැබී තිබුණේ පළමු තුවක්කුකරු වෙඩි තැබූ විට අනෙක් අයද වෙඩි තැබිය යුතු බවටයි.
හෙලිකොප්ටර් යානා ගොඩබෑ පසු එකඟ වූ පරිදි ඊසා හා ඔහුගේ දෙවෙනියා විසින් ගුවන් යානය පරික්ෂා කිරීමට එයට ගොඩ වූහ. හිස් යානය දුටු පසු තමන් උගුලක සිරවී ඇති බව වටහා ගැනීමට ඊසාට අපහසු නොවුණි. ගුවන් යානයේ සිට කලබලයෙන් දිව එන ඊසා හා ඔහුගේ දෙවෙනියා දුටු තෙවෙනි ස්නයිපර් කරු විසින් සිය අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට තීරණය කොට ඊසාව ඉලක්ක කොට ප්‍රථම උණ්ඩය නිදහස් කළේය. නමුත් දුර්වල ආලෝකය තත්ත්වය නිසා වැරදුණු ඉලක්කය ඊසා වෙනුවට ඔහුගේ සහයකයාගෙ කලවය පසාරු කොටගෙන ගොස් ඔහුව බිම හෙළීය.
"නායකයා ගුවන් යානයේ ඉඳන් එනකොටම එක පාරම මුලු ප්‍රදේශයම එළිය කරමින් වෙඩි වරුසාවක් එල්ල වුණා. අපිත් වෙඩි පැමිණෙන දිසාව ඔස්සේ වෙඩි තැබීම පටන් ගත්තා. " - ජමාල් අල් ගාෂේ.
හෙලිකොප්ටර් යානය අසලට පැමිණීමට සමත්වූ ඊසා අනෙක් ත්‍රස්තයන් හා එක්ව පාලන මැදිරිය දෙසට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට වූයේ මොහොතකින් ෆස්ඩන්ෆෙල්බ්‍රෝක් ගුවන්තොටුපළ එකම යුද පිටියක් කරවමිනි. වසර තිහකට පමණ පෙර යුදෙව්වන් සොය සොයා ඝාතනය කළ ජර්මානුවන් හට යුදෙව්වන් නව දෙනෙකු බේරා ගැනීම උදෙසා මෙසේ සටන් කිරීමට සිදුවීම දෛවයේ සරදමක් නොවන්නේද ? නමුත් තමනට පැවරුණු වගකීම ඔවුන් නිසි අයුරින් ඉටු කළාදැයි යන්න සැකසහිතය.
සටන අතරතුර බිම සිටි පළමු සහ දෙවන ස්නයිපර් කරුවන්ට සටනට සහභාගී වනවා වෙනුවට පාලන කුළුණ මත සිටි අනෙක් ස්නයිපර් වරුන්ගේ වෙඩි පහරවල් වලින් ආරාක්ෂාවීමට සිදුවූහ. ඒ ඔවුන් එක එල්ලයේම තෙවන, සිව්වන හා පස් වන ස්නයිපර් කරුවන්ගේ ප්‍රහාර සීමාවෙහි ස්ථානගතව සිටි බැවිනි. එබැවින් ත්‍රස්තයන් අට දෙනෙකු හා සටන් කිරීමට සිදුවූයේ සනයිපර් කරුවන් තිදෙනෙකුට පමණි. විනාඩි තිහක් පමණ පැවති සටන හදිසියේම නතරවන විට ත්‍රස්තයන් දෙදෙනෙකු හා පාලන කුළුණෙහි බිම් මහලෙහි සිටි පොලිස් නිලධාරියකු මිය ගොස් තිබුණි.
පිටත සිටි දහස් සංඛ්‍යාත ජනකාය සහ මාධ්‍යවේදීන් සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට දෑස් දල්වා බලා සිටියහ. ඔවුන්ගේ සිත්සතන් ප්‍රීතියෙන් පුරවාලමින් සියලුම ප්‍රාණ ඇපකරුවන් මුදා ගත්තේ යැයි යන පුවත ඔවුන්ගේ කණ වැකුණි. එසැනින් එය ලොව පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. උදෑසන සිට තියුණු අවිනිශ්චිතතාවයකින් පීඩා විඳි ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් සැනසුම් සුසුම් හෙළීය. සියලු දෙනාම සතුටින් උද්දාමව මෙම ප්‍රීතිය සමරන්නට වූහ. එහෙත් අවාසනාවකට එම සතුට වැඩි වේලාවක් නොතිබුණි.
සටන නතරව හෝරාවකට පමණ පසු ගුවන්තොටුපළ වෙත සන්නද්ධ රථ හතරක් ඇතුල් වෙනු පිටත තෙරපෙමින් සිටි අයවලුනට නිරීක්ෂණය කළ හැකි විය. එයින් මොහොතකට පසු නැවතත් වෙඩි හඬ ඇසුණු අතර ඒ සමඟම විශාල පිපිරුම් හඬක් ඇසුණි.
සන්නද්ධ රථ ගුවන්තොටුපළ ඇතුළට පිවිසෙනු දුටු ත්‍රස්තයන් කලබල වී පළමු හෙලිකොප්ටරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් සිව් දෙනාට වෙඩි තැබූහ. ඉන් අනතුරුව එයට අත් බෝම්බයක් එල්ල කොට පුපුරුවා හැරියහ. ඒ අතරතුර ස්නයිපර් කරුවන් විසින් ඊසාව වෙඩි තබා ඝාතනය කිරීමට සමත් වූහ. ඒ සමඟම වාගේ දෙවන හෙලිකොප්ටරයේ සිටි ත්‍රස්තයකු විසින් එහි සිටි ප්‍රාණ ඇපකරුවන් පස් දෙනාට වෙඩි තබා මරා දමන ලදී. මේ අතර සන්නද්ධ රථ විසින් ත්‍රස්තයන්යැයි වැරදියට වටහා ගත් එක් ස්නයිපර් වරයකුට හා හෙලිකොප්ටර් නියමුවකුට වෙඩි තැබීම නිසා ඔවුන් මාරාන්තික තුවාල ලදහ.
සටනින් ත්‍රස්තයන් පස් දෙනෙකුද, එක් ජර්මන් පොලිස් නිලධාරියකුද සියලුම ප්‍රාණ ඇපකරුවන්ද මිය ගොස් තිබුණි. ජර්මානු පොලිස් වෙදැදුරන්ගේ සැත්කම සාර්ථක වුවද අවාසනාවකට රෝගියා මිය ගොස් තිබුණි.
~~~~~
එදින සන්ධ්‍යාවේ නරබන්නන් 80000ක්, ක්‍රීඩකයක් 3000ක් සහ මියගිය ඊශ්‍රායෙල් ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ ඥාතීන් සහභාගිත්වයෙන් අනුස්මරණ මෙහෙයක් පවත්වා ඔවුනට ගෞරව දැක්වීය. ඉන්පසු නැවතත් ඔලිම්පික් තරඟ ආරම්භ කෙරුණ අතර ඉතිරිවූ ඊශ්‍රායෙල් සාමාජිකයන් තරඟයෙන් ඉවත්ව සියරට බලා ගියේ මිය ගිය අයවලුන්ගේ සිරුරුද සමඟිනි. මිය ගිය ත්‍රස්තයන් පස් දෙනාගේ සිරුරු ලිබියවට භාර දුන් අතර එහිදී ඔවුන් වීරයනට ලැබෙන සැලකිලි වලින් පිදුම් ලද අතර සම්පූර්ණ හමුදා ගෞරව සහිතව මිහිදන් කරණ ලදී. සැප්තැම්බර් 07වන දින ඊජිප්තු, පිලිපීන හා ඇල්ජීරියානු කණ්ඩායම් හා ඕලන්ද හා නොර්වේජියානු කණ්ඩායම් වල සමහර ක්‍රීඩකයන්ද තරඟාවලියෙන් ඉවත් වූහ.
ලිබියාවේ පිළිගැනීම |
~~~~~
ජර්මානු පොලිස් බලධාරින් විසින් මෙම ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කළ ආකාරය පිළිබඳ බරපතල විවේචන දක්නට ඇත.
එක්සත් ජනපද හිටපු හමුදා නිලධාරියකු වූ ලීරෝයි තොම්සන් විසින් මේ පිළිබඳ දීර්ඝ පරීක්ෂණයක් සිදු කොට බටහිර ජර්මන් පොලිස් බලධාරින් මෙම මෙහෙයුමේදී සිදු කළ බරපතල වැරදි හෙළි කර ගැනීමට සමත් විය. තොම්සන් වැටලීම් පිළිබඳ විශේෂඥ දැනුමැත්තෙකි. ආරක්ෂක කරුණු පිළිබඳ පොත් තිහකට වැඩියෙන් ලියා ඇති ඔහු ලොව පුරා පොලීසී සඳහා දේශන පවත්වන්නෙකි. ඔහු ඇතන්ස් සහ බාසිලෝනා ඔලිම්පික් උළෙලවල් සඳහා ආරක්ෂක උපදේශකයකු වශයෙන්ද කටයුතු කෙරූවෙකි.
තොමසන්ගේ අවධානය යොමුවූ මූලික කරුණක්නම් තත්ත්වය මෙහෙයවීමට ඇතිකළ කමිටුවේ සාමාජිකයන් කවුරුන්ද යන්න සොයා බැලීමයි. මෙහිදී ඔහුට වැදගත් තොරතුරක් සොයා ගැනීමට ලැබුණි. කමිටුවේ සිටි සාමාජිකයන් වූයේ ජර්මන් අභ්‍යන්තර කටයුතු ඇමති හෑන්ස් ජෙන්ශ්චර්, බවාරියා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බෲනෝ මර්ක් සහ මියුනික් පොලිස් ප්‍රධානී මැන්ෆ්‍රිඩ් ශ්‍රයිබර් යන අයවලුන්ය. එනම් දේශපාලකයන් දෙදෙනෙකු සහ එක් පොලිස් ප්‍රධානියෙකි. ශ්‍රයිබර්ද මින් පෙර මෙහෙයවූ ප්‍රාණ ඇපකරු මෙහෙයුමකදී ගත් තීරණයක් නිසා අහිංසක කාන්තාවකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූවාය.මෙහිදී ශ්‍රයිබර්ට චෝදනා එල්ල වුවද පසුව ඔහු නිවැරදි කරු බවට නිදහස් කෙරිණි. එහෙත් මෙම සිද්ධිය ඔහු කෙරෙහි ඇති කළ බලපෑම මියුනික් සිද්ධියේදී ගත් තීරණ කෙරෙහි බලපෑ බව විශේෂඥයන්ගේ අදහසයි.
තොම්සන් විසින් සිය පරීක්ෂණයෙන් ශ්‍රයිබර් විසින් සිදු කළ වැරදි මාලාවක්ම සොයා ගැනීමට සමත් විය. මුලින්ම තොම්සන් කළ නිරීක්ෂණය වූයේ සියලුම ත්‍රස්තයන් සිය අනන්‍යතාවය සඟවා ගැනීමට උත්සහා කොට තිබූ බවයි. එයින් හැඟවෙනුයේ ඔවුන්ට මෙම මෙහෙයුමෙන් මිය යාමට අදහසක් නොවූ බවයි. එසේ වීනම් ඔවුන් අනන්‍යතාවය සැඟවීමට කරදර නොවනු ඇත. ත්‍රස්තයන්ගේ අරමුණ වන්නට ඇත්තේ කෙසේ හෝ සිය ඉල්ලීම දිනාගෙන නිදහස්ව පැනගැනීම බව තොම්සන්ගේ නිගමනය විය. ඔවුන් විසින් දුන් කාලය දෙවරක්ම ඉකුත් වූ පසුත් ඔවුන් විසින් ප්‍රාණ ඇපකරුවන් ඝාතනය නොකිරීමෙන් මෙය තවත් පැහැදිලි කරගත හැකිය. තොම්සන්ට අනුව මෙය ශ්‍රයිබර්ගේ අවධානයට හසුව නැත.
ඔහු විසින් පෙන්වන අනෙක් කරුණනම් ත්‍රස්තයන් සතු වූ AK47 රයිෆලයේ වූ ආරක්ෂක උගුළයි. පලස්තීන සටන්කාමින් වැනි තුවක්කරුවන්ව සෑම විටම ආරක්ෂක උගුල සක්‍රීයව තබා ගැනීමට පුහුණු කොට තිබෙන බව තොම්සන් දන්නා කරුණකි. AK47 රයිෆලයේ ආරක්ෂක උගුල අක්‍රීය කිරීමට රයිෆලයේ ට්‍රිගරයෙන් ඇඟිල්ල ඉවතට ගැනීමට සිදුවේ. ජර්මානු පොලිසිය ප්‍රහාරයකට යාමට අවශ්‍ය වීනම් මෙම කරුණ ඔවුනට තත්ත්පර කිහිපයක වාසියක් හිමිකරදෙන බව තොම්සන්ගේ මතයයි. තත්පරයක් යනු ජීවිතයත් මරණයත් අතර වෙනසක් ඇති කළ හැකි කාලයකි. තත්පර දෙකක් යනු පුහුණු තුවක්කු කරුවකුට සිය ඉලක්කය ගෙන ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමට හොඳටම සෑහෙන කාලයකි. එහෙත් ජර්මානු රජයෙන් නිකුත් කළ මෙහෙයුම පිළිබඳ නිල වාර්තාවේ මේ පිළිබඳ කිසිම සටහනක් දක්නට නොවුණි. ශ්‍රයිබර්ට මෙම ඉතා වැදගත් කරුණද මග හැරී තිබුණි.
AK 47 - ආරක්ශක උගුල පෙන්වන තොම්සන්. උගුල අක්‍රීය කිරීමට, දබර ඇඟිල්ල ට්‍රිගරයෙන් ඉවත් කිරීමට සිදුවේ. |
තොම්සන්ට අනුව ඕනෑම ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමේදී තමන්ගේ සතුරා ගැන දැන ගැනීම ඉතා වැදගත් සාධකයකි. නගරාධිපති වෝල්ටර් ටෝජර් විසින් සැපයූ දත්ත මත පදනම්ව ශ්‍රයිබර් විසින් සැලැසුම් කළ ගලවා ගැනීමේ මෙහෙයුම නිරීක්ෂණය කළ තොම්සන් කිසිසේත්ම ඒ පිළිබඳ සෑහීමකට පත් නොවුණි. ශ්‍රයිබර් විසින් එහිදී වැරැදි රාශියක්ම සිදු කොට තිබුණි. ප්‍රහාරය එල්ල කිරීම උදෙසා ගොඩනැගිල්ලේ වහලය මතට වන් පොලිස් භටයන් භාවිතා කළ උපක්‍රම වෘත්තීය මට්ටමේ නොවන තරම් බව තොම්සන්ගේ අදහසයි. ඔවුන් භාවිතා කළ අවි පාවිච්චි කිරීමට පළපුරුද්දක් තිබූ බවක් දක්නට නොවූ බවත් තොම්සන් පවසයි. එම භටයන් එවන් මෙහෙයුමකට කිසි සේත්ම නොසුදුසු, නොපළපුරුදු දේශ සීමා ආරක්ෂක භටයන් බව තොම්සන් විසින් පසුව සොයා ගන්නා ලදී. මෙම මෙහෙයුමට අදාළ භටයන්ව තෝරා ගැනීමේදී ශ්‍රයිබර් අනුගමනය කළ ක්‍රියාමාර්ගය ගැන පවසන ජනරාල් ඌල්රිච්;
" ශ්‍රයිබර් විසින් ඔවුන් තෝරා ගැනුණේ "ඔබ කවදා හෝ තුවක්කුවකින් වෙඩි තබා තිබේද ? " වගේ ප්‍රශ්න ඇසීමෙන් පමණයි. ඔවුනට කිසිම පුහුණුවක් තිබුණේ නෑ. "
එසේම මාධ්‍යවේදීන් ඉවත් කිරීමට නොහැකිවීමේ බරපතල වරද නිසා ශ්‍රයිබර්ට අතරමගදී මෙහෙයුම හකුළා ගැනීමට සිදු විය.
ගුවන්තොටුපළේදී ඇතිවූ තත්ත්වය පිළිබඳ පරික්ෂා කළ තොම්සන්, අවසාන නිමේෂයේදී පොලිස් භටයන් ගුවන් යානයෙන් ඉවත් වීම වෘත්තීය ආරක්ෂක සාමාජිකයන් අතින් කිසි කලෙක සිදු නොවිය යුතු සිද්ධියක් සේ හඳුන්වයි.
හෙලිකොප්ටර් නියමුවනට උපදෙස් ලැබී තිබුණේ ගොඩ බස්වන විට පාලන මැදිරිය දෙසට යානාවන්හී බඳ පෙනෙන ලෙස ගොඩබාන ලෙසයි. එහෙත් නොදන්නා හේතුවක් නිසා නියමුවන් දෙදෙනාම යානා දෙකම ගොඩ බස්වනු ලැබුවේ පාලන මැදිරිය දෙසට මුහුණත සිටින ලෙසය. එබැවින් පාලන මැදිරිය මත සිටි ස්නයිපර් කරුවන්ට ඉලක්ක ගැනීම අපහසු වූවා පමණක් නොව ප්‍රතිවිරුද්ධව බිම් මට්ටමෙහි රඳා සිටි ස්නයිපර් කරුවන් දෙදෙනා කෙළින්ම ඔවුන්ගේ ප්‍රහාර සීමාවෙහි පසු වුහ. සටන අතරතුව පළමු සහ දෙවන ස්නයිපර් කරුවන්ට සිය සගයන්ගෙන් නිකුත් වන වෙඩි වලින් ආරක්ෂාකාරී වීමට සිදු වූයේ මෙබැවිනි. තවද මෙම ස්නයිපර් කරුවනට රාත්‍රී දර්ශක, වෙඩි නොවදින කබා, යකඩ හිස් වැසුම් ආදී ආරක්ෂක උපකරණ කිසිවක් නොවුණි. අඩුම තරමින් එකිනෙකා හා සන්නිවේදනයේ යෙදිය හැකි රේඩියෝ යන්ත්‍රවත් ඔවුනට ලබා දී නොතිබුණි.
මෙම ස්නයිපර් කරුවන් සියලු දෙනාම ඔවුනට පැවරූ කාර්යයෙහි විශේෂඥයන් නොවූ සාමාන්‍ය පොලිස් භටයන් පමණක්ම වූහ. මෙම තත්ත්වය ඇති වීමට බලපෑ විශේෂ හේතුවක් තිබුණි. එවකට පැවති බටහිර ජර්මානු ව්‍යවස්ථාවට අනුව ජර්මානු හමුදාවන්ට රට අභ්‍යන්තරයෙහි වූ සටන් වලට සම්බන්ධ වීමේ හැකියාවක් නොවුණි. එබැවින් ජර්මානු හමුදාවෙහි වූ අති දක්ෂ ස්නයිපර් කරුවනට මෙම මෙහෙයුමට එක් වීමට අවස්ථාවක් නොලැබුණි. ශ්‍රයිබර්ට නොපුහුණු පොලිස් භටයන් මත යැපීමට සිදුවී තිබුණි.
නමුත් මෙහෙයුම අසාර්ථකවීමට බලපෑ ප්‍රබලම හේතුව අනෙකකි. එය කුඩා තොරතුරක් මත රඳා පැවතියකි. සැප්තැම්බර් 05වන දා සවස ඊශ්‍රායෙල් ක්‍රීඩකයන්ව හමුවට ගිය වෝල්ටර් ට්‍රොජර්, ඇතුළත ත්‍රස්තයන් හතරක් හෝ පහක් සිටින බව ශ්‍රයිබර්ට දන්වා සිටියේය. මෙම සංඛ්‍යාව අවසාන නිවැරදි අගය සේ සලකා සිය මුලු මෙහෙයුමම සැලසුම් කිරීමට තරම් ශ්‍රයිබර් අමනෝඥ විය. එහි ත්‍රස්තයන් පහක් නොව අටක්ම සිටිනවා යන්න ඔවුනට දැන ගැනීමට ලැබෙනුයේ ගුවන්තොටුපලට ඒමට පැය භාගයකට පමණ පෙරය. විස්මිත කාරණය නම් සැබෑ ත්‍රස්තයන් ගණන දැනගත් පසුවවත් ඒ පිළිබඳ ක්‍රියාත්මක නොවීමයි. අඩුම තරමින් ස්නයිපර් කරුවන්ට දැනුම් දීමක් කිරීමක්වත් සිදුනොවීමයි. එසේම ත්‍රස්තයන් පස් දෙනෙකු ඝාතනය කිරීම සඳහා ස්නයිපර් කරුවන් පස් දෙනෙකුම පමණක් රැඳවීම ප්‍රායෝගික නොවන බව විශේෂඥ මතයයි. අඩුම වශයෙන් එක ඉලක්කයක් උදෙසා දෙදෙනෙකුවත් රැඳවිය යුතු වූවත් ශ්‍රයිබර් විසින් එය නොසලකා හරී.
තවද ගුවන්තොටුපළ වෙත සන්නද්ධ රථ හා භටයන් ගෙන්වා තැබීමට ශ්‍රයිබර් අමතක වී තිබුණි. එය සිහියට එන්නේ සටන ඇරඹී විනාඩි විස්සක් පමණ ගිය කල්හීය. එහෙත් අතර මග වූ තදබදය නිසා සන්නද්ධ රථ ගුවන් තොටුපලට පැමිණෙන විට පැයක් පමණ ගතවී සටන බොහෝ දුරට අවසන්ව තිබුණි.
~~~~~
සති හතකට පසු බේරුට් සිට ෆ්‍රැන්ක්ෆර්ට් බලා ගමන් කෙරුණු ලුෆ්තන්සා ගුවන් යානයක් පැහැර ගැනුණි. කොල්ල කරුවන්ගේ ඉල්ලීම වූයේ මියුනික් මෙහෙයුමේදී අත් අඩංගුවට පත්වූ පලස්තීනුවන් තිදෙනා නිදහස් කරණ ලෙසයි. බටහිර ජර්මානු රජය ඊශ්‍රායෙල් රජයෙන් විමසීමක් නොකරම සිරකරුවන් තිදෙනාව කොල්ලකරුවනට භාරදීම සිදු විය. නමුත් පසුව මෙම සිද්ධිය පිළිබඳ සැක මතු වන්නට විය. එවැනි විශාල යානයක් මගීන් දොළහක් පමණක් සිටියේ මන්ද ? යානය තුළ ළමයින් හෝ ගැහැනුන් නොසිටියේ මන්ද ? ඉල්ලීම් වලට එතරම් ලෙහෙසියෙන්ම එකඟ වූයේ මන්ද ? යන ගැටළු මතු වන්නට විය.සිද්ධියට සම්බන්ධවූ පලස්තීනුවකු විසින් පසුව මුලු සිද්ධියම බටහිර ජර්මානු රජය හා ත්‍රස්තයන් එක්ව සැලසුම් කළ එකක් බව හෙළි කරණු ලැබීය. මෙසේ කිරීම මගින් අනාගතයේදී ජර්මනියට එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීම ජර්මානු රජයේ අරමුණ වී තිබුණි. එම චෝදනාව සත්‍ය එකක් විය හැකි බව ජනරාල් ඌල්රිච් පවා පිළිගනී.
නිදහස් වූ ත්‍රස්තයන් තිදෙනා ලිබියාවට ගොඩ බසින්නේ වීරයන් ලෙසය. ඔවුනට ලැබෙන පිළිගැනීම එතරම්ම උත්කෘෂ්ඨය. එහිදී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වන ජමාල් අල් ගාෂේ අතුළු පිරිස පවසා සිටින්නේ මෙමගින් තමනට, කලින් නොතිබුණු පලස්තීනුවන්ගේ හඬ මුලු ලොවෙහිම පැතිරවිය හැකි වූ බවයි.
ජමාල් මෙහෙයුමෙන් පසු ලිබියාවේදී |
"මම ආඩම්බර වෙනවා මම මියුනික් වලදී කරපු දේ ගැන. මෙම දවසට කලින් පලස්තීනුවන්ගේ අරගලය ගැන ලෝකයටම එතරම් වැටහීමක් තිබුණෙ නෑ. නමුත් එදායින් පස්සෙ අපිට පුළුවන් වුණා "පලස්තීනය" කියන නම ලොව පුරාම ප්‍රතිරාවය කරවන්න." - ජමාල් අල් ගාෂේ.
මෙම සිදුවීමෙන් ටික කලෙකට පසු බටහිර ජර්මන් රජය විසින් ජනරාල් ඌල්රික්ගේ නායකත්වයෙන් ත්‍රස්ත විරෝධී ඒකකයක් පිහිටුවන ලදී. ඊශ්‍රායෙලය විසින් දියත් කළ ප්‍රහාර දෙකකින් ඉතිරිවූ ත්‍රස්තයන් තිදෙනගෙන් දෙදෙනෙකුව ඝාතනය කිරීමට සමත් වූ අතර ජමාල් අල් ගාෂේ පමණක් අදටත් අප්‍රිකාවෙහි කොතැනක හෝ රහසිගතව ජීවත් වනු ඇතැයි සැලකේ.
~~~~~
පසුගිය ලංඩන් ඔලිම්පික් උලෙළ, මෙම සිද්ධියෙන් වසරක හතළිහක් පිරෙන 2012 වසරේදී යෙදී තිබිණ. එම ඛේදවාචකයේ හතළිස් වන සැමරුම සිහිකරමින් 2012 ලංඩන් ඔලිම්පික් උළෙලේදී විනාඩියක නිශ්ශබ්දතාවයක් රැකීමට අන්කී ස්පිට්සර් ඇතුළු පිරිස කළ අහිංසක යෝජනාව ඔලිම්පික් සංවිධායකයන් විසින් බැහැර කරණ ලදී. අවසානයේදී, 2012 ඔලිම්පික් උලෙළ ඔවුන් පිළිබඳ කිසිඳු සිහි කිරීමකින් තොරවම ගෙවී ගියේය.
~~නිමි ~~
1. One day in September - 1999 : A Documentary film directed by Kevin Macdonald
3. http://en.wikipedia.org/wiki/Munich_massacre
4. http://en.wikipedia.org/wiki/Andre_Spitzer
5. http://en.wikipedia.org/wiki/Jamal_Al-Gashey
ඇසුරින් සකස් කෙරුවෙ ;
~~ සෙන්නා / 01.02.2013
තව මියුනිච් කියල ෆිල්ම එක තියෙනවා නේද. සෙන්නා මම මීට කලින් කීප වතාවක් ආවත් සමහර විට කියවා ප්‍රතිචාර නොදා යන්න ඇති. ඒත් මේ වතාවේ එහෙම නොවන්නේ මට දැනුන දෙයක් ඔබ කියූ නිසයි. ඇත්තටම ඔබේ මහන්සිය අනගියි.. මමත් හොදටම කියෙව්වා.. අනිවා හොදමයි.. 2012 දී විතරද එහෙම සිහි නොකරේ...??
ReplyDeleteදේශකයා,
Deleteස්තූතියි මචන් ඇගයීම පිළිබඳව. සමහර විට ඇති හැබැයි මටනම් ඇස ගැටුනෙ නෑ බන්.
// ඒත් මේ වතාවේ එහෙම නොවන්නේ මට දැනුන දෙයක් ඔබ කියූ නිසයි. //
මේකෙ මොකක් හරි දේශකයට සම්බන්ධ දෙයක් තියනවද ?
සමහර විට අනිත් වසරවල් වලත් සමරන්න නැතුව ඇති.. ඒත් 2012 විශේෂයිනෙ.. හතලිහෙ සංවත්සරයත් එක්කම ඔලිම්පික් උලෙලකුත් යෙදුනනෙ.. ඒක හින්දා වෙනන් ඇති විශේෂයෙන් ඉල්ලීමක් කරන්න ඇත්තෙ. ඒත ඒක ප්‍රතික්ශේප වුනා..
ඔන්න ඉඳලා ඉඳලා මාසෙකට සෑහෙන්ටම පෝස්ට් එකක් දාලා.:)
ReplyDelete(අර තර්ජනවලට බයේ වෙන්ට ඇති නේද? )
මම නම් බෞද්ධයෙක් හැටියට හැදුනු, වැඩුනු හන්දා කර්මය කියන දේ විශ්වාස කරනවා. ඔය අසුබ නිමිති වල ගත යුත්තක් නෑ. වෙන්ට තියන දේ තමයි වෙන්නේ. ඒත් ඉතින් වෙන්ට යනදේ වෙනස් කරගන්ට හදමින් ජීවත් වෙන එක තමා හොඳ.
ආයෙම පාරක් එන්නම් හිමීට තව පාරක් කියවලා.:)
නැතුව නැතුව.. :-)
Deleteපොඩ්ඩි කියන එක හරි.. ඒත් නිමිති විශ්වාස ලෝකෙ පුරාම එක එක විදිහට තියනවා. හැබැයි අන්තිමට බලපුවම වෙන්ඩ තියන දේ මොනවා වුනත් වෙනවා කියලා තමා කියන්ඩ තියෙන්නෙ.. නිමිත්තකින් නිකන් මොකක් හරි වෙන්ඩ යනවා කියලා දැනගන්ඩ විතරයි ලැබෙන්නෙ..
හිමීට එන්ඩකො ආයෙ...
නියමෙට ඔයාගෙ ක්‍රමේට ලෙසටම තියනවා.
ReplyDeleteඑක්සලන්ට් ජොබ් මචං
බොහෝම ස්තූතියි අකලංක...
Deleteමට මේ වගේ බඩ වැල් කියවන්න බැහැ .අපිට ඕනේ ෆන් අයිටම් .මොනාද ඔයි මේ ?තමුසේ පිස්සෙක්ද මිනිහෝ ? ආයේ මෙහෙම ගොන් බඩ වැල් දාන්න එපා.
ReplyDeleteමචන් ඇනෝ... උඹ තමයි කුරුන්දට ඇවිල්ලා ඉස්සෙල්ලම පාට් එකක් දාපු ඇනෝ තුමා.. ඉතින් උඹව මම සාදරයෙන් පිළිගන්නවා !! අනෙක මම උඹව මේ ලිපියෙදි බලාපොරොතු වුනා.. මම අනුමාන කරනවා උඹ කවුරු වෙන්න පුලුවන්ද කියලා..
Deleteකම්මැලි වෙන්ඩ එපා බන්, කියවල බලපන්..රසවත් කතාවක් තියෙන්නෙ.. මට ෆන් වැඩ බෑ මචන්.. ඉතින් මම බැරිවැඩ කරන්න ගිහින් අනාගන්න ඕනා නෑනෙ..
ආයෙ දාන්ඩ එපා කියන ඉල්ලීමනම් කණගාටුවෙන් බැහැර කරන්න වෙනවා මචන්.. ඒ වෙනුවට මම උඹට කියන්නම් ආයෙ මෙහෙ එන්ඩ එපා කියලා.. එහෙම හොඳයි නේද ?
එහෙනම් උඹට අදහන දෙයියෙක්ගෙ පිහිටයි !! ජය !!
සෙන්න මේ රෝන් ටෝක් දෙන්න එපා හරිද ? එච්චරයි කෙටියෙම්ම කියන්න තියෙන්නේ .
Deleteතමුන්ට කැමති කැමති දේ ඉල්ලන්න මේක FM චැනල් එකක් නෙවේ ඇනෝ... සෙන්නා තමන්ට කැමති දේ කුරුන්දේ ලියාවි... තමන් මොකටද මේ බඩවැල් අදින්න කුරුන්දේ රිංගන්න ආවේ... !!!
Deleteවිවේචනයක් වුනත් කරන සදාචාර ක්‍රමයක් තියෙනවා...! මේ ඇනෝ තුමා කලින් බ්ලොග් කියවපු කෙනෙක් නෙවෙයි ද ? ඔය කියන ජාතියේ "ෆන් බ්ලොග්" වලට උදාහරණ දෙන්නකෝ බලන්න... අපිත් ආදර්ශෙට අරගෙන ලියන්නම්...!!! :P
සෙන්නට පිස්සු කියලා බ්ලොග් ලෝකේ ඔක්කොම දන්නවා... නැත්නම් තියෙන නිවාඩුවේ ආතල් එකක් ගන්නැතුව මේ මාගල් වගේ පෝස්ට් දායි යැ !!! ඒකෙන් වුනේ ඇනෝතුමාගේ ළදරු ගතිය ප්‍රදර්ශණය වුනු එක විතරයි...
වැදගත් බ්ලොග් වල අසූචි ගාන්න එපා...! ඔබතුමාගේ ෆන් එක ඒ ජාතියේ ෆන් බ්ලොග් එකකදී ගන්න... බොහොම ස්තුතියි. !!!
ෆන් අයිටම් ඕනනම් මර්වින් සිල්වා හම්බ උනානම් හරි.
Deleteඅනේ අපිටනම් බඩවැල් කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්.
මේකනේ වැඩේ..
Deleteමට නම් මේ ලිපි ෆන්.. ඒකනේ තර්ජනය කරලා හරි ලියවගෙන කියවන්නෙ..
අනේ මේ ඇන මුරිච්චියා ඔලුව මළකඩ කාපු එකෙක්. ඌව අතෑරලා අපි අපේ වැඩක් බලාගම්මු.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මොකාද අරු.....? සෙන්නා අර කලින් ලිවුවේ මිනිස් ගති හා දේව ගති කියල පොස්ට් එකක් එක මතක් වුනා උඹේ කමෙන්ට් රිප්ලයි එක දක්කමා.
Deleteඅප්පොච්චියේ..... මේ ගොන් පාර්ට් පෝස්ට් එක අස්සේ ඔය ෆන් කමෙන්ට් එකකුත් තියෙන්නේ. :P
Deleteසෙන්නෝ මේකේ ඇනෝ ඉල්ලන නියම ෆන් එක දීලා තියෙන්නෙත් අනෝමනේ. ඉතිං උඹ පුරුදු විදියටම හරබර එව්වා ලියහන්. ඇනෝ ඇවිත් (ඕනිනම්) ෆන් එහෙකුත් දීලා යන්නැතෑ.
ඉතිං බං, සති දෙකක් අරන් හරි මේ ලියලා තියෙන්නෙ සුපිරිම පෝස්ට් එකක්.. දැන් ඉතිං උඹට මෝචරියට යන්ට වෙන්නෙ නෑ, බය වෙන්ට එපා.. :)
ReplyDeleteමට හැමදාමත් තිබුනු ප්‍රශ්නයක් තමා ඇයි ජර්මන් රජය මේ අවස්ථාවෙ හමුදාව යොදාගන්නෙ නැතුව පොලීසිය යොදාගත්තෙ කියලා.. අද ඒක විසඳුනා, දැනගෙන හිටියෙ නෑ ඒක ව්‍යවස්ථා අර්බුදයක් කියලා.. :D
අම්මෝ ඔන්න දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ.. හැහ් හැහ්...
Deleteව්‍යවස්ථා පුරස්ණයක් තමයි නේද.. මට හිතුනෙ ඔය කොන්දේසිය ලෝක යුද්ධෙන් පස්සෙ මිත්‍ර පාර්ශවික රටවල් විසින් ජර්මන් ව්‍යවස්ථාවට බලෙන් රින්ගවපු එකක් කියලයි..
ඒත් උන්ට පොලීසියෙ කට්ටියක්ව ලෙසටම පුහුණු කරලා තියන්න තිබුනනෙ මචන්.. ඒවගේ වෙලාවකට භාවිතා කරන්න.. පුදුම නෑමක්නෙ මුන් නාන්නෙ.. :-)
ස්තූතියි බූරා..
ජර්මනිය මේ වගේ දේට මුහුණ දෙන්ට වෙයි කියලා හිතන්න නැතුව ඇති, 72 නේ බං.. අද තරම් ත්‍රස්තවාදී ප්‍රශ්න තිබුනෙ නෑ නෙවැ.. යමක් වෙන්ටම එපායැ ඉගෙනගන්ට, අපටත් 71 කැරැල්ල වෙනකං හමුදාවක් කියලා තිබුනෙ නිකංම නිකං ප්‍රදර්ශනාත්මක හමුදාවක් නේ..
Deleteඒක නෙවෙයි, මොකක්ද මේ බ්ලොගර් දාන ලෙඩ.?? උඹේ බ්ලොග් එක ටිකක් සුද්ද පවිත්තර කරලා ගත්තනං හරි, ඔය අනවශ්‍ය ගැජට් බැජට් අයින් කොරලා, ටෙම්ප්ලේට් එක වෙනස් කොරලා බලාපං..
නෑ බන් මේ පෝස්ට් එක බ්ලොග් රෝල් වල අප්ඩේට් වුනේ නෑ.. මම හිතන්නෙ ෆොටෝයි අකුරුයි වැඩි නිසාද දන්නෑ.. ඒ ඇරෙන්න බ්ලොගර් තුමාගෙන් මට ලොකු කරදරයක් නෑ.. :-)
Deleteඋඹ ඉඳල ඉඳල දාන පෝස්ට්.....
ReplyDeleteපහන් සියයක් දැල් වුවද..
එක පුන් සඳින් එලිවෙයි ලොව ඝණ අඳුර.. ඒ ලෙසමයි මචං..! ( කවිය මතක් වෙන්නෑ බං)
එක දිගට කියවල ඇහේ පොටත් ගියා බං..!
ගොඩක් ස්තූතියි වීයා...
Deleteසමාවෙයන් මචන් දිග වුනාට... මට කොටස් කරන්න හිතෙන්නෙම නෑ බන්... මොකද මන්දා..
කවි දෙකක් පටලවාගෙන නොවැ :)
Deleteඑක පුන් සඳින් දුරු වෙයි ලොව ගන ඇඳුරූ
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරූ..
අනේ මේ කොටස් කඩලනම් අහු වෙන්න එපා.. :-|
ස්තූතියි සයුරි වීයට උනු පොඩි වැරැද්ද හැදුවට.. මමනම් ඉතින් ඔය කවි ගැන දන්නෙ නෑ කියලා ඔයා දන්නවනෙ.. :-)
Deleteඅම්මෝ නෑ ටීචර්..කඩන්නෑ කඩන්නෑ.. :-)
ස්තූතියි සයුරි වැරැද්ද හැදුවට...!ඔයා ඉතිං ඉතිහාස කාරිනෙ.
Deleteමොකද කල් ගියේ පෝස්ට් එකක් දාන්න?
ReplyDeleteවෙනදා වගේම සෑහෙන්න මහන්සි වෙලා ලියපු ලිපියක් කියලා පේනවා.
අපේ දැනුමට දෙයක් එකතු කරන්න හදනවට ගොඩක් ස්තුතියි සෙන්නා සහෝ.ඉගෙනගන්න කෙනෙක්ට වුනත් මේ තොරතුරු මාරම වැදගත්.මේවා අපි කවදා අහපු දේවල්ද අනික.
ස්තූතියි නිශාන්...
Deleteවෙලාවක් නෑ බන්.. ඉතින් ටික ටික හිමීට ලිව්වා...
ඔන්න උඹව මම දැක්කා හරිද ගෙට් ඒකේ ෆොටෝ වලින්..උඹ කියපු තරම් මහත නෑනෙ..:-)
ඇයි බොල මම කිව්වේ මම දැන් කෙට්ටුයි කියලනේ.ඒකනේ ඒ පෝස්ට් එකත් ලිව්වේ!
Deleteඒත් මම හිතුවෙ නෑ උබ ඔච්චර කෙට්ටු ඇති කියලා.. හොඳ achievement එකක්.. ජය !!
Deleteමේ සිද්ධිය මම අහල තිබුනට මෙච්චර විස්තර ඇතුව කියවපු පළවෙනි පාර. ස්තූතියි සෙන්නා.
ReplyDeleteඇත්තටම රටක් විදියට බටහිර ජර්මනිය කටයුතු කරපු හැටි ගැන කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බෑ. ඔය බුරා කියන්න වගේ අපි කල්පනා කරන්නෙ අද දවසෙ ලෝක තත්ත්වය අනුව උනත් එදා සමහර විට ඔවුන්ට අද තරම් ත්‍රස්තවාදී ප්‍රශ්න නොතිබෙන්නට ඇති. ඒනිසාම ඔවුන්ගෙ සූදානමක් තිබෙන්නත් නැහැ. නමුත් සාමාන්‍ය තත්ත්වයෙන්වත් තිබිය යුතු උපායශීලීත්වයක්වත් තිබුනනම් ප්‍රතිඵලය මීටවඩා වෙනස් වෙන්න තිබුන, මුන් තනිකරම ගම හාලනේ.
ඔව් බන්.. අපි ඉස්සර හොරා පොලිස් කලානෙ බන් ඔයිට වැඩිය හොඳට.. මට වෙලාවකට හිතුනා මචන් අර කට්ටිය යුදෙව්වො හින්දා මුන් මෙහෙම නොසැලකිලිමත් වුනාදත් කියලා..
Deleteඇත්තටම සපත්තු පොලිෂ් වලටත් වචනයක් හොයමින් දඟලන්න උනාම තමයි පරිවර්තනය කිරීම එපා වෙන්නෙ නේද සෙන්නා. මේක ලියන්න මොන කට්ටක් කාලද කියලා මේක හෙමින් කියෙව්වාම තේරෙනවා.
ReplyDeleteහොඳ උත්සාහයක්. ඔය Seconds from Disaster එක නම් මාත් බැලුවා. කොහොම සටන් කරපු ජාතියක්ද මේ නාගත්තෙ නේද? මම හිතන්නෙ ඔය වගේ සම්බාධක ජපානෙටත් තිබුනා.
ආහ් ඩූඩ්ට ඒක අහුවෙලා.. ඔය මම හිරවුන තැනක්.. මදුරෙත් ගහලා බැලුවා හරියන වචනයක් හම්බුනේ නෑ පස්සෙ ඔහොම දැම්මා..
Deleteවීඩියෝ දෙකක්ම බල බල ලියපු හින්දා මේකෙදි..කට්ට ඩබල් වුනා ඩූඩ්. එතකොට සරින් සැරේ අනිත් ආටිකල් තුනට රින්ගලා ඒවයෙනුත් විස්තර ගත්තා.. ඒකයි මේක ටිකක් පරක්කු වුනේ..
ස්තූතියි අගය කළාට.. ඒකනෙ.. ඊශ්‍රායෙල් ටීම් එකට එන්න දුන්නනම් අනිවා උන් ඔක්කොවන්වම බේර ගන්නවා.. ජපානෙට අදටත් තියනවා මම හිතන්නෙ ඔය සම්බාධක..
// ජපානෙට අදටත් තියනවා මම හිතන්නෙ ඔය සම්බාධක //
DeleteAs I remember, Japan recently changed their constitution.. So now their forces have more power..
ස්තූතියි බූරා... ඒක අලුත් තොරතුරක් මට..
Delete//මදුරෙත් ගහලා බැලුවා හරියන වචනයක් හම්බුනේ නෑ පස්සෙ ඔහොම දැම්මා..//
Deleteමෙතනින් ගන්න නාමල් ශබ්දකෝෂය
Shoe Polish = සපත්තු ඔපවර්ධක :P
ෂඃ මේක සුපිරි භාණ්ඩයක්නෙ සහෝ.. නියමයි... බොහෝම ස්තූතියි මේ ගැන දැණුවත් කළාට.. ඔන්න ඉන්ස්ටෝල් කරලා එකසිය ගානට වැඩ.. :D
Deleteමචං මොකක්ද මේ කියල තියෙන ජපන් සම්බධකය පොඩ්ඩක් විස්තර කරපන් කෝ..
Deleteඅසරණයා
Deleteමචන් මම අහලා තියන විදිහට, දෙවන ලෝක යුද්දෙන් පස්සෙ ජපාන හමුදා ඔක්කොම විසුරුවා හැරලා ජපානය ආරක්ශා කිරීමේ වගකීම ඇමෙරිකානු හමුදාවලට පැවරෙනවා.. ඒත් පස්සෙ ඇමෙරිකානු හමුදාවට වෙන වැඩ තියන හින්දා ජපානය හදනවා පොලිස් ඒකකයක් සැහල්ලු අවි විතරක් භාවිතා කරන්ඩ පුලුවන්. අනික ඒ ගොල්ලන්ට පුලුවන් රට ඇතුලෙ ක්‍රියාන්විත කරන්ඩ විතරයි.. භාහිර සටන් මොනවා හරි ඇති වුනොත් ඇමෙරිකානු හමුදාවෙ වගකීම තමා ජපානය ආරක්ශා කර ගැනීම..
බූරා කියන විදිහට දැන් තත්ත්වය වෙනස්ලු...සමහර විට වෙන්ඩ පුලුවන් මොකද ලඟදි චීනෙට ගේම ඉල්ලුවා වගේ මතකයි ජපානෙන්..
U.S. Forces Japan
DeleteU.S. Bases in Japan - Map
Japan Is Flexing Its Military Muscle
ස්තූතියි බූරා
Deleteමොකෝ සෙන්න අයියේ මෙච්චර පරක්කු වුනේ , සිරා පෝස්ටුව , මාත් ගොඩාක් කැමති ඩොකියුමෙන්ටරි දේවල් වලට
ReplyDelete, කොහොම වුනත් ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් හට කල/ කරන කරදර නම් හෙලා දැකිය යුතුයි
ස්තූතියි ඉමල්ක... පරක්කුවට හේතුව ඔන්න උඩ මම ඩූඩ්ට කියලා තියනවා...
Deleteමට ඔය ඊශ්‍රායෙල්/පලස්තීන ප්‍රශ්නෙ ගැන තාම පැහැදිලි අවබෝධයක් නෑ ඉමල්ක.. ඒ ගැන ටිකක් හොයන්න ඕනා..
ඔතන තියෙන්නේ කිකිලිද බිත්තරේද මුලින් ආවේ වගේ කතාවක් .මටත් ඊශ්‍රායල් කාරයෝ පෙන්න බැරුව හිටියේ ඒ රටේ කීප දෙනෙක් මුන ගැහෙනකම් . ඊට පස්සේ ටිකක් ඔය ගැන කියෙව්වා . තේරෙන විදිහට දෙගොලෝම අසරණයි ..නැත්නම් දෙගොල්ලොම නරකයි .
Deleteජෙරුසලම කියන්නේ මළවුන් රජකරන නගරයක් කියාල ලිපියක් මන් කියෙව්වා ටයිම්ස් එකේ . ඒ කියන්නේ මළවුන් ...ජේසුස් , මොහොමඩ් , ඩේවිඩ් වගේ අය ලු නගරය පාලනය කරන්නේ .. ඔක්කොම මළවුන් ..කතාව ඇත්ත
ගොඩක් ස්තූතියි බින්දි..කමෙන්ට් බර තොගයක්ම දාලානෙ එක පාරම.. :-) හරිම හැපි.. :-)
Deleteමම හිමීට ඔය ගැන හොයන්ඩ ඕනා කියලා හිතේ කොනක සේව් කරගත්තා... ඊශ්‍රායෙල් කට්ටිය මිසරයේ ඉඳලා ඊශ්‍රායලයට ආවා කියලා මම දන්නවා.. අපේ හරිත් කිව්වනේ ඒ ගැන සවිස්තරවම.. ඔය පලස්තීන ජාතිකයො කියන්නෙ කවුද කියලා හොයාගන්න ඕනා.. ඒ ගොල්ලො කොහෙන්ද ඔතෙනට ආවෙ කියලත් එක්කම.. මොනවා වුනත් මටනම් ඔය දෙගොල්ලො ගැනම තියෙන්නෙ පුදුම අනුකම්පාවක්.. ඇයි දෙයියනේ මුන් දන්න දවසෙ ඉඳලා මරා ගන්නවනෙ.. පලස්තීනය එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙන් රටක් හැටියට පිළිගන්න යනවා කියලා පහු ගිය දොහේ දැක්කා..
මලවුන්ගේ කතාවත් ඇත්ත බලන් ගියාම.. ඒත් මොහමඩ් හිටියෙ ඔහෙද ? සවුදියෙද ?
මේ ගැන කාලෙකට කලින් අපේ සපා තුමා බොහොම හරබර පෝස්ට් එකක් දාලා තිබුනා නොවැ.. සෙන්නට ඒක මිස් වුනාද.??
DeleteNegative thinking හොඳම එක සහ මැරෙන්න කලින් බලන්න වටින තැනක් ගැන සටහනක්
අයියෝ මට ඒක විතරක් නෙමේ මුලු සපාවම මිස් වෙලානෙ බන්... වටින බ්ලොග් එකක් වගේ.. ස්තූතියි උඹට, මේ ගැන කිව්වට.
Deletethis is an excellent post senna ..i have a trouble with Sinhala letters. sorry for the English.
ReplyDeletethanks a lot
ගොඩක් ස්තූතියි බින්දි... කිසි ගැටලුවක් නෑ සිංහල/ඉංග්‍රීසි ඕන එකකින් කමෙන්ට් කළාට.. හැබැයි වියට්නාම් නැතුව.. :-)
Delete//හැබැයි වියට්නාම් නැතුව.. :-)//
Deleteඕන එකකින් එන්න කියහන් බං අයියේ... අපි බය නෑ ගූගල් දෙයියා ඉන්න කල් !!!
ඒකත් ඇත්තනෙ සහෝ.. මට ගූගල් දෙයියව අමතක වුනානෙ.. හෙහ් හෙහ්..
Deleteහික් ..වියට්නාම ..අය්යෝ කියල වැඩක් නැහැ . අවුරුදු හයයි . වචන විස්සක් විතර තමා දන්නේ .
Deleteභාෂා ප්‍රශ්නෙමත් නෙමේ සෙන්න ..ලෙඩ වෙලා හිටියා . නැත්නම් මෙච්චර වටිනා ලිපියක් කමෙන්ට් නොකර ඉන්නේ නැහැ . අද තමා ටිකක් ඔලුව ඉස්සුවේ
මාත් එහෙම තමයි බින්දි.. හතරාමාරක් මෙහෙ තාම ඇරබික් වචන පහ හයකට වඩා දන්නෑ.. ඒ ගැන මම දැන් පසු තැවෙනවා.. ගොඩක් භාෂා ඉගන්න ගන්න තිබුන අනගි අවස්තාවක් මම අලස කමයි, නොසැළකිල්ලයි හින්දා අතපසු කර ගත්තා..
Deleteඉක්මනින් සනීප වුන එක සතුටට කරුණක්..
කාලෙකින් පෝස්ට් එකක් දැම්මට, ඒකෙන් දැන ගන්න දේවල් බොහොමයි. ඇත්තට මෙච්චර වටිනා කරුණු ගොඩක් හොයාගෙන, ක්‍රමවත්ව ඉදිරිපත් කරන ඒකත් අදහන්න වටිනා වැඩක්. ඇත්තටම කිව්වොත් මම නම් ටිකක් කම්මැලි මෙච්චර ලොකු ලිපි ලියන්න. හැබැයි කියවන්න කම්මැලි නෑ..... :)
ReplyDeleteමාත් ඔය නිමිති ගැන නම් එච්චර විශ්වාසයක් නෑ. තමන් කරපු, කරන දේවල් අනුව තමා දේවල් සිද්ද වෙන්නේ. දෙයක් වෙන්න තියේ නම් ඒක සක්කරයටවත් නවත්තන්න බෑ කියල කතාවකුත් තියෙන්නේ.....
ගොඩක් ස්තූතියි සමනළී..
Deleteමම විශ්වාස කරනවා නිමිති වලින් වෙන්ඩ තියන යම් දෙයක් අපිට පෙන්වනවා කියලා.. හැබැයි අපිට ඒක වලක්ව ගන්න බෑ.. කොහොම හරි වෙන්ඩ තියන දේ වෙනවා..
අඩේ ආස හිතෙන මාතෘකාවක් වගේ. තාම මුල පේලිය විතරයි කියෙව්වේ. ඔක්කොම කියවලා කමෙන්ට් එකක් දාන්නම්..
ReplyDeleteහරි, කියවලා හිමීට ලියන්නකො මොනවාහරි..
Deleteදැනුයි කියවල ඉවර උනේ..මම හිතපු මාත්තුරුකාව නෙමෙයි නේ :) එක හුස්මට කියෙව්වා. නිකන් ෆිල්ම් එකක් වගේ ලියල තියෙන්නේ. ඇත්තම කිව්වොත් අර ශ්‍රයිබර් කාරයා එක්ක තරහත් ගියා. ඒකනම් ලැජ්ජා සහගත මෙහෙයුමක්. අදක්ෂ කමද උවමනාවක් තිබුනේ නැති කමද දන්නේ නැහැ නේද. ගුවන් තොටුපලේ අර වගේ මෙහෙයුමක් සැලසුම් කරද්දී ඕනෑම මෝඩයෙක්ට තේරෙනවා නේද සන්නද්ද අංශ කලින් ගෙනල්ලා තියාගන්න ඕන බව. කරන්න පුළුවන් ඔක්කොම මෝඩ වැඩ කරලා මේ මනුස්සයා.
Deleteස්තූතියි සයුරි.... ෆිල්ම් දෙකකින්නෙ ලිව්වෙ .. ඒක නිසා වෙන්න ඇති එහෙම හිතෙන්නෙ..
Deleteමිනිහා ගැන කතා කරලා වැඩක් නෑ.. තනිකරම පිස්සුනෙ කරලා තියෙන්නෙ.. පුලුවන්නම් ඔය පළවෙනි ෆිල්ම් එක බලන්න.. ඒකෙ එක තැනක ජනරාල් ඌල්රික් හිනා වෙනවා පොලීසිය මේ මෙහෙයුම කරපු විදිහ ගැන...
හ්ම්ම්.. සෙන්නා ටික දවසකට පස්සේ නේද පෝස්ට් එකක් දැම්මේ.. මේක සෑහෙන වෙලාවක් අරන් හිමින් කියෙව්වා. මේ වගේ ලිපි කොටස් කීපයකට දානවට වඩා එකටම දාන එකත් හොඳයි තමයි. එතකොට මුල් කොටස් අමතක වෙන්නෙත් නෑ නේ. මේ විස්තර නම් වැඩි හරියක් මට අලුත්.. ඉතින්, මේක ලියන්න ගත්තු මහන්සියටත් මේකෙන් මං ලබා ගත්තු දැනුමටත් ස්තුතියි සෙන්නා.!!
ReplyDeleteස්තූතියි චන්දන.. කාට හරි නොදැන සිටි දෙයක් මේ ලිපියෙන් ලබාගන්න පුලුවන් වුනානම් ඉතින් මහන්සිය ප්‍රතිපලදායකයි නෙ..
Deleteකාලෙකින් කුරුන්දට ගොඩවුනේ !!! බුරා අයියාගේ තර්ජනේටවත් මුන්දෑ මුකුත් ලියලද බලන්න... මේ තියෙන්නේ දවස් ගාණකට හරියන්න...
ReplyDeleteසෙන්නා අයියේ, උඹට කලිනුත් කිව්වා වගේ මේ වගේ ලිපි හරියන්නේ විකිපීඩියා එකට බං !!! සිංහල විකිපීඩියාවේ තියෙන ලිපියි කියන කොට කෑලි එක්ක උඹේ පෝස්ට් බැලුවම අහවල් එකෙනුත් හිනා !!! උඹම පොඩ්ඩක් Stat හොයලා බලපන් මේ ලිපියක් කියවන්නේ කීයද කියලා... දෙතුන් සීයකට කියවන්න දීලා ඇයි උඹ මේ මහන්සිය අවතක්සේරු කරන්නේ...? තනි බ්ලොග් එකකට ලොකු පාඨක පිරිසක් ඇදගන්න අමාරුයි... මම කියන දේ උඹට තේරෙනවා කියලා හිතෙනවා...
කුරුන්දේ පළවෙන්නේ සර්වකාලීන පෝස්ට්... ඒවා අද බලලා හෙට එනකොට පිළුණු වෙන එව්වා නෙවෙයි... ඒ නිසා මේ බ්ලොග් එක ඇතුළු මේ වගේ වටිනා පෝස්ට් පළවෙන බ්ලොග් ලිපි සියල්ලම එක්තැන් කරන්න ක්‍රමයක් හදලා වැඩි පිරිසකට ඒවාට ප්‍රවේශ වෙන්න හැකියාව හදලා දෙන එක තමයි හොඳම ක්‍රමය !!!
හැමදාමත් වගේ, උඹේ මහන්සියට - මගේ ආචාරය !!! ජයෙන් ජය සහෝ !!!
ඒවා ඉතින් ලේසියෙන් අහක දාන්න පුලුවන් තර්ජන නෙමේනෙ.. :-)
Deleteඑහෙම එකක් කෙරුවනම් හොඳයි ඒත් කොහොමද කරන්නෙ කියලා මට තේරෙන්නෑ බන්.. මේවා විකිපීඩියා එකටත් දාන්න බෑනෙ බන්.. ඒකෙ වෙනම ෆ්‍රේම් එකක් තියනවනෙ.. ඒකට හරියන්න ලිපිය වෙනස් කරන්න සෑහෙන දඟලන්න වෙනවා.. ඒ වෙලාවෙන් වෙන දෙයක් ලියන්න පුලුවන්.. සිංහල විකියටත් මොනවා හරි දෙයක් එකතු කරන්න ඕනා කිය කිය ඉන්නවා, ඒත් වෙලාවක් නෑ බන්.. එකක් පටන් අරන් මාස ගානක් තාම එතනමයි..
මොනවා වුනත් ගොඩක් ස්තූතියි සහෝ හැමදාම වගේ උඹ දෙන ධෛර්යයට..
උඹටත් ජයෙන් ජය !!
එක වරක් සපතේරු මගේ ලිපියක් එක්ස්ටර්නල් ලින්ක් එකට දැම්මා විකියේ ..අහල බලමු. බුරා දන්නේ නැද්ද එහෙම කරන විදිහ
Deleteවිකියට දාන හැටිනම් මම දන්නවා.. ඒත් උන්ගෙ ෆ්‍රේම් එකෙයි අවුල තියෙන්නෙ.. මගේ ෆ්‍රේම් එක වෙනස්නෙ :-) ඒ ගොල්ලන්ගෙ විදිහට ලිපිය හදන්න ආයෙ අමුතුවෙන්ම දගලන්න ඕනා..
Deleteඔය එක්ස්ටනල් ලින්ක් කතාවනම් මම දන්නෑ..
සාමාන්‍යයෙන් විකියේ තියෙන ලිපියක මාතෘකාව හා සබැඳි බාහිර පොත්පත්, රචනා, ජර්නල් ආදියේ සබැඳියක් එකතු කරන්ට පුළුවන්.. ඒකට තමා external links කියලා කියන්නෙ, ඒක තියෙන්නෙ ලිපිය අන්තිමට.. එතකොට ඒ ගැන වැඩිදුර කියවන්ට ඕන කෙනෙකුට ඒ links හරහා ගිහින් අදාල දේ කියවන්ට පුළුවන්.. මම කරලා නම් නෑ, ලිපිය edit කරන තැනට යන්ට ඕන මම හිතන්නෙ..
Deleteහරී බූරා දැන් තේරුනා.. ස්තූතියි.
Deleteකල් අරන් ලිවුවත් සිරාම පෝස්ට් එක සෙන්නා අයියේ.. ඇත්තටම දැන ගන්න වට්න පෝස්ට් කරුණු ගොඩක් තිබ්බා.. මාගල් උනත් නීරස නෑ බං අයියේ.. දිගටම ලියමු..
ReplyDeleteස්තූතියි දිනේෂ්.. ගොඩක් ස්තූතියි..
Deleteදිගටම ලියනව... අනිවා.. හැබැයි හිමින්. :-)
කියලා වැඩක් නෑ බන් සුපිරියි..
ReplyDelete"ITN මාධ්‍යවේදී" හෑ..
මම මුලින් අහන්න හිටපු ප්‍රශ්න ගොඩාරියකට පිළිතුරු ලිපිය අන්තිමට ලැබුණා.. ඉතිරි ප්‍රශ්නත් ඉතින් අහලා වැඩක් නෑ කියලා හිතෙන්නෙ ඒවාට සම්බන්ධ වෙච්ච මිනිසුන්ටවත් ඒවට උත්තර දෙන්ඩ බෑ කියලා හිතෙන නිසා..
බොහෝම ස්තුතියි.. මම මේ කල්පනා කරේ එක එක්කෙනාගෙ උවමනා එපාකම් වෙනුවෙන් නිකරුණේ අහිංසක මිනිස්සු කීදාහක් මැරෙන්න ඇතිද කියලා?
ගොඩක් ස්තූතියි හරී....
Deleteනෑ නෑ.. ඒක නෙමේ.. :-)
තියන ප්‍රශ්ණයක් එල්ල කොරන්ඩ.. කරුණු අධ්‍යනයෙදි මම දැනගත්තු දේවල් වලින් පිළිතුරු දෙන්න පුලුවන් දේවල්නම් උත්තර දෙන්නම්.. දන්නැත්නම් දන්නෑ කියන්නම්..
එහෙම මැරිච්ච ගාන අපරිමිතයි...
මොකද දෙපාරක් ක්ලික් කරලා ඇතුළුවෙන්ඩ සිදුවෙලා තියෙන්නේ සෙන්නා? මොකක් හරි තාක්ෂණික ප්‍රශ්නයක්ද?
ReplyDeleteමේ ලිපියේ ඇතුලත් සිද්ධිය හමුදා පුහුණුවට අදාළ 'සිද්ධි අධ්‍යයනයක්' ලෙස මම හදාරා තියනවා.
මාධ්‍ය කරුවන් සැමවිටම කියන්නේ තමන් මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ක්‍රියාකරන බවයි. නමුත් ඒ තුල තිබෙන තිත්ත ඇත්ත ඉතාම ගඳ ගහනවා.
AK 47 අවිය මේ සිද්ධිය වන කාලයේදී මහා විශ්මයජනක අවියක් ලෙසයි ලෝකෙට පෙන්නුවේ. එහි මැගසින් එකට එක වරකට උපරිම වශයෙන් පතරොම් 30 ක් දමන්න පුළුවන්. මෙය ප්‍රහාරක රයිෆල් කියන ගණයට තමයි අයිති වෙන්නේ.
මෙහෙයුම සාර්ථක නොවෙන්නේ එකම හමුදාවකට අයත් කණ්ඩායමකට, එකම අණදීමක් යටතේ ස්වාධීනව කටයුතු කරන්නට ඉඩ නොලැබීම නිසයි.
මේ සිද්ධිය හොඳින් අධ්‍යයනය කිරීමෙන් එහි ඇති දුර්වලතා මගහරවාගෙන මෙවැනි ක්‍රියාන්විතවල යෙදීමට ආදර්ශයක් ලෙස වැදගත් වෙනවා.
පෙරනිමිති ගැන මගෙනම් එච්චර විශ්වාසයක් නැහැ.
ලිපිය ඉහලින්ම අගය කරනවා මේ ගැන මීටපෙර මෙතරම් සවිස්තරව සිංහලෙන් ලිපියක් පලවී නැති නිසා.
අසමි දකිමි සොයමි ලියන විචාරක
මේ පෝස්ට් එක බ්ලොග් රෝල් වල අප්ඩේට් වුනේ නෑනෙ විචාරක මහතා.. ඒකයි පොඩි සෙප්පඩවිජ්ජාවක් දැම්මෙ.. :-)
Delete// මෙහෙයුම සාර්ථක නොවෙන්නේ එකම හමුදාවකට අයත් කණ්ඩායමකට, එකම අණදීමක් යටතේ ස්වාධීනව කටයුතු කරන්නට ඉඩ නොලැබීම නිසයි. //
ඒ කිව්වෙ.. ?
ගොඩාක් ස්තූතියි අගය කොට දිරිගැන්වීම ගැන..
ඔය ඔපරේෂන් එක වරින් වර සැලසුම් වෙනස් කරමින්, විකාර කරමින් තමයි ගෙනගියේ. ඒ නිසා අණදීම පවා අවුල් වුනා.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ආ ඔව් ඒක හරි.. ඉතිහාසගතවෙන නෑමක්නෙ මුන් නාලා තියෙන්නෙ.. අර මම උඩිනුත් කිව්වා වගේ ඉස්සර අපි හොරා පොලිස් කළා මීට වැඩිය හොඳට..:D
Deleteගොඩාක් මහන්සි වෙලා කැප වෙලා මේ වගේ පොස්ට් එකක් ලිවිම ගැන මගේ ස්තුතිය.... ලිපියේ කියවුණු කරුණු ගොඩාක් දේවල් මම මිට කලින් නොදැන උන්නු ඒවා වගේම මේ තරම් දිග පොස්ට් නොකියවන මුත් මේ පොස්ට් එකේ අකුරක් නැර කියවා අවසන් කරන්න පුළුවන් උනේ සෙන්නගේ ලිවීමේ දක්ෂ කම නිසා වෙන්න ඕනා
ReplyDeleteජය වේවා...........
ගොඩක් ස්තූතියි දේවා..අගය කළාට..
Deleteලිපිය දිග වීම ගැන සමාවෙන්ඩ ඕනා.. ඒත් මේක දෙකට කඩන්න තරම් දිගත් නෑනෙ..ඒකයි එකටම දැම්මෙ. අනික මම ලිපි කොටස් කරන්න ආස නෑ..බැරිම වුනොත් මිසක්..
ජය වේවා !!
ඇත්තටම හොඳද ආ ? :-)
ReplyDeleteමේ ලිපිය ලියන්න ගත්ත මහන්සිය ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මමත් හිටපු ගමන් මේ විදියේ පොස්ට් හිටපු ගමන් ලියන නිසා දන්නවා. එත් මේ තරම් රසයක් ගන්න මටනම් තවම බැහැ.
ReplyDeleteඋඩින්ම තිබුනේ ඊශ්‍රායල හමුදාව බේරාගත්තේ සෝමාලියාවේදී ද නැත්තනම් උගන්ඩාවේදී ද?.. ඒ ක්‍රියාව පැය 24 ඇතුලත සැලසුම් කරපු දෙයක්. මේ ඒ ක්‍රියාවමද නැත්නම් වෙනත් එකක් ද?
එක දිගට කිසි අමාරුවක් නැතුව කියවන්න පුළුවන් විදියට ලියලා තියෙනවා.
ස්තුතියි මේ මහන්සියට..
ගොඩක් ස්තූතියි අසරණයා.. මොකෝ උඹට බැරි.. ඔය තියෙන්නෙ නියමෙට.. ඔහොම යන් ....
Deleteඊශ්‍රායෙල් හමුදාව නෙමේ බන් ඒක ජර්මනි/ඉංග්ලන්ඩ් ඒකාබද්ද මෙහෙයුමක්.. සෝමාලියාවෙ මොගඩිශු වලදි ගේම දෙන්නෙ.. ඔය කියලා තියන ජෙනරාල් ඌල්රික් තමා අණ දෙන්නෙ.. අන්න මරු කතාවක් ලියනවනම්..
ස්තූතියි බන් අගය කළාට..
මොගඩිශු ප්‍රහාරය කියල සිංහල පොතක් තියෙනව . කලකට කලින් කියෙව්වේ. මාරම කතාවක් තමයි
Deleteමට මතකයි කාලෙකට කලින් දිවයින පත්තරේ ගියා මොගඩිශු ප්‍රහාරය කියලා ලිපි මාලාවක්.. ඒ මේකමද කියලා මතක නෑ.. මේකත් මරු කතාව.. මම වීඩියෝ එකක් බැලුවා.. ඉදිරියෙදි ඒ ගැන සළකලා බලන්න ඕනා..
Deleteසෙන්නා අයියේ ආයේ කියන්න දෙයක් නැහැ උපරිමෙන්ම ලියල තියෙනවා එතන ජර්මන් කාරයෝ වදකරල්ක තියෙන්නේ හරක් වගේ. මෙලෝ උවමනාවකින් නෙවෙයි.
ReplyDeleteගොඩක් ස්තූතියි කෝරා..... ඔව් බන්.. වැඩක් නෑ උන් ගැන කතාකරලා..
Deleteඅම්මෝ මේක කියවන්න කාපු කට්ටක් අතන ක්ලික් කලාම එන්නේ ඇඩ් එකක්.. ඊලඟටත් ඒකමයි.. හතරවෙනි පාරට ඔන්න යන්තම් ඇරගත්තා.
ReplyDeleteඔය කලින් එන දැනුම්දීම් අහම්බ විතරයි.. ලක්ශ කෝටිගානක් දෙවල් සිද්ද වෙන්නේ කිසිම ලකුණක් නැතුව හින්දා ඉඳහිට වෙන ඔවුවා නිකන්ම රෙජිස්ටර් වෙනවා. අර පොඩ්ඩී කිවුවා වගේ කර්මය පලදීම තමයි..
ඇයි cසරත් අයියා අර ලින්ක් එකේ කොටපුවම මේ ලිපියට එන්නැද්ද ? මටනම් එහෙම අවුලක් වුනේ නෑ.. අනේ මේ බ්ලොගර් උන්දෑ කරන නොපනත්කම් වලට සමාවෙන සේක්වා..
Deleteඔව් අන්තිමට කොහෙන් ගියත් වෙන්ඩ තියන දේ තමා වෙන්නෙ..
මේ සිද්දිය ගැන සිදුවීමක් විදියට අහලා තිබ්බත් මේ තරම් විස්තරයක් දැනගත්තෙ අද... සෙන්නට ස්තුතියි ලොකු මහන්සියක් වෙලා කම්මැලි නැතිව දිගම දිග පෝස්ටුවක් දැම්මට... එම ස්ථානයේම සජීවී විස්තර ප්‍රචාරණයක් කෙරෙන අවස්ථාවක ත්‍රස්තවාදීන්ට හොරෙන් මෙහෙයුමක් කරන්න හදන නිලධාරියෙක්... අඩුම ගානේ ඒකවත් ඒ මනුස්සයගෙ ඔළුවට ගිහින් නැති හැටියක්....
ReplyDeleteගොඩක් ස්තූතියි මියුරු.. ඇත්තෙන්ම ඕනා පොඩි එකෙක්ට තේරෙන මේ පොඩි දේවල් උන්දැට නොතේරුන එක හරිම සැකකටයුතුයි..
Deleteපෝස්ටුව පබ්ලිෂ් කරපු ගමන් දැක්කත් කියවන්න ඉස්පාසුවක් තිබුනෙ නෑ නොවැ..
ReplyDeleteකොහොම වුනත් මේ පෝස්ටුව ගැන ස්තුතියි සෙන්නා..ඔයාගේ මහන්සිය ගොඩාාාාාාක් අගය කරනවා...:))
මිනිස්සු කීපදෙනෙක්කෙ ආත්මාර්ථකාමී අශාවන් නිසා මුළු ලෝකයේම ඉතිහාසය වෙන්ස් වෙන හැටි හරි පුදුමයි.
කිසි අවුලක් නෑ රූ.. කීයක් නම් වැඩ රාජකාරි මැද්දෙද අපි මේ කෙරුවාව කොරන්නෙ නේද ?
Deleteගොඩාආආආආආආක් අගය කරපු එකට ගොඩාආආආආආආආආආආආක් ස්තූතියි... :-)
හැමදාම ඉතින් තීරණ ගන්න සුළු කිහිපයක් කරන හරි හෝ වරදි මත තමා අනිත් අයගේ ජීවත් වීම නොවීම තීරණය වෙන්නෙ..
හ්ම් ..ඔන්න රියල් කමෙන්ටුව .
ReplyDeleteමන් හිතන්නේ ජර්මනිය මෙතනදී යුදෙව්වන් නිසා යම් නොසලකිමකුත් වෙන්න ඇති .''එපා වාහෙට හොදි බෙදනවා වගේ '' වැඩක් .
අදට වුනත් යුදෙව් හරි තුර්කි හරි මිනිස්සු දිහා ජර්මන් අයගේ බැල්ම එච්චර හරි නැහැ . ඒවා ඒගොල්ලන්ගේ ලේ වල තියෙන ගතියක් වෙන්න ඇති.
මෙතනදී මහම ලජ්ජා නැති කට්ටිය ඔය කවුරුත් නෙමේ ..ඔච්චර දෙයක් වෙලා තියෙද්දිත් ක්‍රීඩා කරපු අනික් අය .
අපේ ගෙදර කෙනා නම් මියුනික් ගිහින් ඔය ඔලිම්පික් ග්‍රවුන්ඩ් එක ළඟ පින්තුර අරන් තියෙනව . මට මියුනික් ගැන පොස්ට් එකක් ලියන්න කියල කිවත් ලියන්න නම් බැරි වුනා . සෙන්නගේ ලිපියෙන් පස්සේ ආයේ ඒ ගැන මතක් වුනා .
මේ ලිපිය ලියන්න වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි සෙන්නා .
නිමිති ..මන් නම් ඕව විශ්වාස කරන්නේ නැහැ . අපි ගමනක් යන්න ගියහම කි පාරක් ආපසු එනවද ..ඕව විශ්වාස කරන්න ගියොත් මට නම් කවදාවත් ගමනක් යන්නම වෙන්නේ නැහැ ...
Deleteමටත් ඕක හිතුනා බින්දි.. උඩ කමෙන්ට් වල එක තැනක මම ඒ ගැන කියලත් ඇති..මටත් හිතෙන්නෙම මුන් යුදෙව් හින්දා වැඩේ එච්චර සීරියස් ගත්තෙ නෑ කියලයි.. හැබැයි සීරියස් ගත්තත් කරන්න දේකුත් තිබිලා නෑ.. ත්‍රස්ත මර්ධන ඒකකයක් එහෙම ඒ වෙනකොට තිබිලත් නෑ.. මේකෙන් පස්සෙ තමා ඒක පිහිටුවන්නෙ.. හොඳම වැඩේ කියන්නෙ උන් ඊශ්‍රායෙලයෙනුයි, බ්‍රිතාන්‍යයෙනුයි තමා පුහුණුව ලබන්නෙ..
Deleteකරන්න තිබුන හොඳම වැඩේ, ගේම එක ඊශ්‍රායලයට බාර දෙන එක.. මහන්තත්වෙ හින්දා ඒකට කැමති වෙලත් නෑ..
හැබැයි ජර්මන් ජාතිකයන් ගැන මට තියන අත්දැකීම් හරිම ප්‍රසන්න ඒවා.. උන්ට යුරෝපයෙ අනික් ජාතීන්ට වැඩිය ටිකක් මහත්මා ගති තියනවා කියල මට හිතෙනවා..
ලියන්ඩකො මියුනික් කතන්දරේ මේ එක්කම.. අපිට බලන්න..
නිමිතිනම් මමත් එච්චර පිළිගන්නෙ නෑ.. මම කවදාවත් ඔය හූනො ඇඬුවා, බල්ලො කන් ගැහුවා කියලා නවතින්නෙත් නෑ.. හැබැයි ටිකක් පරිස්සම් වෙනවා..
ගොඩාක් ස්තූතියි බින්දි කමෙන්ට් බරගානක් දාලා අදහස් බෙදා ගත්තට..
මගේ කැමතිම සබ්ජෙක්ට් එකක් ගැන ලියුව පෝස්ට් එකක්. . .
ReplyDeleteසමාවෙන්න අදයි මේක දැක්කේ . .
උඹේ මේ වටින බ්ලොග් එක මගේ බ්ලොග් රෝලේ තිබ්බ නැති නිසයි එහෙම උනේ . .
දැන් හරි මේක දාගත්තා.
හෙමීට කියවන්නම් කියවලා මට හිතෙන ඒවා කියන්නම් මචෝ
ස්තූතියි මචන්... උඹ ආසම සබ්ජෙක්ට් එකක් කියුවෙ මුල ඡේදෙ විතරක් කියවලානම්.. ඒක පොඩි ඇඩ් එකක් විතරයි කියලා කියන්ඩ ඕනා.. කතාව වෙනම කේස් එකක් ගැන ... සයුරිත් රැවටුනා... :-)
Deleteහිමීට කියවන්නකො මචන්... ස්තූතියි ගොඩවැදුනට..
ඊයේ පෝස්ට් එක කියෙව්වා. අද කමෙන්ට් ටික බැලුවා. මේකේ උද ඉඳන් පල්ලැහැට එන්න ත්‍රීවීල් එකක් හයර් එකට ගන්න එපායැ. :P
ReplyDeleteපෝස්ට් එක ඉතාම රසවත් විදියට ලියලා තියෙනවා. ඒක හින්දම තමා පෝස්ට් එක එක හුස්මට කියවන් ගියේ. කෑලි නොකැඩුවාට ස්තුතියි!
නොදන්නා සිද්ධියක් ගැන දැනුවත් කළාටත් ස්තුතියි!
අර පොලිස් කාරයානම් අනිවා ලංකාවේ පොරක් වෙන්න ඇති. :P මටනම් හිතෙන්නේ නොදැනුවත් කමට වඩා/ නොසැලකිල්ලට වඩා ජාතිය සුළුකොට තැකීමක් තමයි වෙලා තියෙන්නේ.
තමන්ගේ කට්ටිය බේර ගන්න කොල්ල කල්ලියව මළල ක්‍රීඩකයන් ගාවට එක්ක ගිය එකනම් මෝෂේ කරපු ඥානාන්විත වැඩක්. (එකෙන් ප්‍රතිඵලයක් නැති උනත්) ඒ මොලේවත් ශ්‍රයිබර්ට තිබුණේ නැති එක තමයි අවුල.
සෙන්නාගේ උත්සාහයට වගේම කැපවීම ගැනත් නැවතත් අනේක වාරයක් ස්තුතියි! ජයවේවා!
ස්තූතියි අකමා... හයර් එකට ගිය ගාන කියහන් මම ගෙවන්නම්.. :-)
Deleteමටත් හිතෙන්නෙ එහෙමයි බන්.. ඔය කට්ටිය වෙන රටක වුනානම් ප්‍රතිඵලය සමහර විට වෙනස් වෙයි කියලා මට හිතෙනවා...
ගොඩාක් ස්තූතියි බන් අගය කළාට.. උඹටත් ජය වේවා !!!!
1. ඉතාම රසවත් ලිපියක්. මම මේ සිද්ධිය ගැන කියෙව්ව හොඳම ලිපි වලින් එකක්.
ReplyDelete2. කමෙන්ට් හරහා හිතන්න වෙනස් මාන ලැබුණා.
3. මම හිතාගෙන හිටියේ පසුව මොසාඩ් සංවිධානය මේ සෙට් එකම මරා දැම්මා කියල. දැන් එකෙක් ඉන්නවලු. ඒ අලුත් කාරණයක්.
මොනවා උනත් අණ දුන්න මනුස්සය හරියට වැඩේ කරලා නෑ. ටීවී කැමරා ඉස්සරහ නාට්ටි පෙන්නන්න ඔලුව හොඳම නැති වෙන්න ඕනේ.
ස්තූතියි ක්සැන්ඩර්.....
Deleteජමාල් තාම ජීවතුන් අතර ඉන්නවා කියලා තමා සැළකෙන්නෙ. ඔය වාර්තා චිත්‍රපටිය ( One day in September ) හදන්න 1999 දී මනුස්සයව ඉන්ටවීව් කරලා තියනවා.. එලියට ආපු එකම අවස්ථාව ඒක කියලා තමා කියන්නෙ..
ඔය ඛේදවාචකය ගැන එහෙන් මෙහෙන් දැනගෙන උන්නට අදයි විස්තරය හොදින්ම දැන ගත්තෙ..... මේක දාපු අලුත ම දැක්කත් මගේ අන්තර්ජාල ගත වීම බොහොම ප්‍රමාදයි ලැප කැඩිලා නිසා. ඒත් මතක තියාගෙන දැනුයි කියවන්න ආවේ.
ReplyDeleteමතක තියාගන ඉඳලා ආපු එකම ලොකු උපහාරයක් සේ සලකමි..
Deleteලැපට මොකද වෙලා තියෙන්නෙ ?
කැඩිලා! කෑලි ගෙන්නගන්න ඕනැ. කාලයක් යයි හදාගන්න..... :D
Delete