Thursday, May 24, 2012

Kedr - තරු ඇල්ලු මිනිසා


2012 වෙසක් මස 24 වනදා
පිදුම

ලා රෝස පැහෙයෙන් යුතුව වැඩෙන කුරුඳු දල්ලක් සේ සෙමෙන් වැඩෙන  කුරුන්ද නම් වූ ලපටි බ්ලොග් අඩවියේ උන්නතිය වෙනුවෙන්, සිය කාලය ශ්‍රමය වැයකරමින් කළ ඉමහත් සේවය අගය කරනු වස්, කෙසෙල් කොටුවේ චූටි එකා නොහොත් බුද්ධිට මෙම ලිපිය මෙසේ පිළිගන්වා සිටිමි.

                                 ~~~~~~~

1934 වසරේ මාර්තු මාසයයි. තොටිල්ල මත සිට බෙරිහන් දෙන සිය පවුලේ නවතම සාමාජිකයා දෙස ඔහුගේ සොයුරියන් දෙදෙනා බලා සිටියේ ආදරය, විමතිය මිශ්‍ර හැඟීමකිනි. සිය ඇඳුම් තෙමා ගන්නා, කිසි දෙයක් තනිවම කර ගත නොහැකි, මේ අසරණ කුඩා ජීවියා, මතු දවසක, මානව සංහතියේම සිහිනයක් මල්ඵල ගන්වන පුරෝගාමියා වේ යැයි ඔහුගේ සොයුරියන් දෙදෙනා මොහොතකටවත් නොසිතූ බවනම් සහතිකය.

~~~~~~~

1934 මාර්තු මස 09 වන දින, අගනුවරින් සැතපුම් 100 ක් පමණ බටහිරින් පිහිටි කුඩා ගම්මානයක් වූ Klushino හී උපත ලද මෙම ළදරුවා ගේ මවුපියන් වූයේ, සමූහ ගොවිපළක සේවය කළ වඩුකාර්මිකයකු හා කිරි දොවන්නියක වේ. ඔහු, දරුවන් සිව් දෙනෙකුගෙන් යුතු පවුලක තෙවැන්නා වේ.


වසර හතක් සියල්ල යහපත්ව සිදු විය. සියලු දුක්කම්කටොළු ඇරබෙන්නේ, හිට්ලර්ගේ නාසි උමතුව ඔවුන්ගේ ගම්මානයත් ආක්‍රමණය කිරීමත් සමගය. සැබවින්ම එය දුෂ්කර කාල පරිච්ඡේදයකි. ඔවුන්ව සිය නිවසින් නෙරපන අතර ඔහුට සිය වැඩිමහලු සොයුරියන් දෙදෙනාව අහිමි වන්නෙ, ඔවුන්ව බලහත්කාරයෙන් වැඩ ගැනීම උදෙසා පෝලන්තයට රැගෙන යන බැවිනි. යුද්ධය අවසන් වන තෙක් තනා ගන්නා බිම් ගෙයක් වැනි නිවසක වසන ඔවුන් යුද්ධයෙන් පසුව Gziatsk වෙත සංක්‍රමණය වේ.  වසර තුනක් වැනිවූ එම කාලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා දුෂ්කර කාලයකි. ඔහු සිය අධ්‍යාපනය ඇරබුවේද එම වසරේම ( 1941 ) වුවද, මෙම අනපේක්ෂිත සිද්ධි දාමයත් සමග එය කඩාකප්පල් වේ.

මෙසේ ඇනහිටි අධ්‍යාපනය නැවත ඇරබුණු පසු, සිය ද්විතීය පාසලේ සය වන ශ්‍රේණිය සම්පූර්ණ කිරීමට ඔහු සමත්වේ. එහිදී ඔහු විසින්, ගණිතය හා භෞතික විද්‍යාව හදාරනු ලබයි. පසුව කර්මාන්ත පාසලකට ඇතුළු වන ඔහු එහිදී වාත්තු ශිල්පියකු බවට පත්වේ. එහි ගතකළ වසර එකාහමාරකට පසු Saratov හී තාක්ෂණික පාසලකට ඇතුළු වන අතර එහිදී සිය ජීවිතයේ අරුත වෙනුවෙන් මුල්ම ඇරඹුම සනිටුහන් කරමින් එහි වූ පියාසර සමාජයට එකතු වීමේ භාග්‍යය උදා වේ. සත්‍ය වශයෙන්ම ඔහුට වාත්තු ශිල්පියකු ලෙස කටයුතු කිරීමේ අදහසක් නොවූ අතර ගුවන් නියමුවකු වීමේ සිහිනය ඔහුගේ හිතේ ඇත කොනක දැල්වෙමින් තිබිණ. ඔහු ගැටවරයකු අවදියේ ඔහුගේ නිවස අසල වෙල් යායකට ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් හදිසියේ ගොඩ බස්වන අයුරු නිරීක්ෂණය කිරීමේ භාග්‍යය ලැබුණු අතර එයින් පසු එම නියමුවාට ලැබුණු ඉමහත් පිළිගැනීම ඇත්තෙන්ම ඔහුව ඒ කෙරෙහි තදින්ම ආශක්ත කළේය. 1955 දෙ ඔහුට සිය ප්‍රථම පියාසැරියෙහි යෙදීමට අවකාශ ලැබුණි. මෙසේ ගුවන් යානා පැදවීමෙහි පුහුණු වන අතරතුර ඔහු විසින් ගුවනෙහි සිට පැරෂුට් ආධාරයෙන් පිනීමේ කලාවද ප්‍රගුණ කළේය. පසුව, එම ඓතිහාසික මොහොතේදී ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මෙම පුහුණුව ඉවහල් විය.

වාල්යගේ වාසනාව. 
තව වෙන මොනවද !

කැපෙන ජෝඩුව
පසුකලෙක ගුවන් හමුදාවට බැඳුණු ඔහු, Orenburg පියාසර පාසලට අනුයුක්ත කෙරුණු අතර එහිදී ඔහු MIG යානා පැදවීමේ පුහුණුව ලැබීය. මෙම තරුණයාට, සිය ජීවන සහකාරිය වූ ලජ්ජාශීලී, රූමත් Valentina Ivanovna Goryacheva ව මුණගැසෙන්නේ Orenburg හීදී නැටුමකට සහභාගී වීමට ගිය මොහොතකදීය. ඇය සය දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා වූ අතර, ඔහු මුණගැසෙන විට හෙදි ශිෂ්‍යාවකි.



      ~~~~~~~

"Dear friends, both known and unknown to me, fellow Russians, and people of all countries and continents, in a few minutes a mighty spaceship will carry me into the far-away expanses of space. What can I say to you in these last minutes before the start? At this instant, the whole of my life seems to be condensed into one wonderful moment. Everything I have experienced and done till now has been in preparation for this moment. You must realize that it is hard to express my feeling now that the test for which we have been training long and passionately is at hand. I don't have to tell you what I felt when it was suggested that I should make this flight, the first in history. Was it joy? No, it was something more than that. Pride? No, it was not just pride. I felt great happiness. To be the first to enter the cosmos, to engage single handed in an unprecedented duel with nature - could anyone dream of anything greater than that? But immediately after that I thought of the tremendous responsibility I bore: to be the first to do what generations of people had dreamed of; to be the first to pave the way into space for mankind. This responsibility is not toward one person, not toward a few dozen, not toward a group. It is a responsibility toward all mankind - toward its present and its future. Am I happy as I set off on this space flight? Of course I'm happy. After all, in all times and epochs the greatest happiness for man has been to take part in new discoveries. It is a matter of minutes now before the start. I say to you, 'Until we meet again,' dear friends, just as people say to each other when setting out on a long journey. I would like very much to embrace you all, people known and unknown to me, close friends and strangers alike. See you soon!"

~~~~

දන්නා නොදන්නා මා හිතාදර මිතුරනී, රුසියානුවණී, සෑම දේශයකම සහ මහද්වීපයකම වසනා මිනිසුනී, තව නොබෝ වේලාවකින් දැවැන්ත අභ්‍යවකාශ යානයක් විසින් මා ඉමක් නොපෙනෙන ඒ අභ්‍යාවකාශය වෙත රැගෙන යාමට නියමිතයි. එහි ආරම්භයට කලින් ගෙවෙන මේ අවසන් නිමේෂයේ මා හට ඔබට පැවසිය හැක්කේ කුමක්ද ? මේ මොහොතේ, මාගේ මුලු මහත් ජීවිතයම එක සුවිශේෂී මොහොතකට කැටිවී ඇති සෙයක් පෙනේ. මේ දක්වා මා ලද සියලු අත්දැකීම් සහ කළ කී සියලු දෑ මෙම මොහොතට සූදානම් වීම සඳහා වේ. අප විසින් දීර්ඝ කාලයක් පුහුණුවීම් වල නිරතවූ මෙම පරීක්ෂණය කිරීමට යන මෙම මොහොතේ මාගේ හැඟීම් වචනයෙන් විස්තර කිරීම උගහට බව ඔබ සියලු දෙනාම තේරුම් ගත යුතුය. ඉතිහාසයේ ප්‍රථම වතාවට කිරීමට යන මෙම ගුවන් ගතවීමට මාව යෝජනා වූ විට මට දැනුණ දෑ පැවසීම අවශ්‍යය නොවේයැයි සිතමි. එය ප්‍රීතියක්ද ? නැත එය ඉන් ඔබ්බෙහි වූ දෙයකි. එය ආඩම්බරයක්ද ? නැත එය හුදු ආඩම්බරයකුත් නොවේ. එය මට ඉතාමත්ම සතුටක් දැනුණ මොහොතක් ලෙස හැඳින්විය හැකිය. සක්වලට මිහිමතින් අතුළු වන්නාවූ ප්‍රථමයා වීම, කිසිවෙකුටත් ඉන් එහා දෙයක් ගැන සිහින මැවිය හැකිද ? ඒක්ෂණයෙන් මට ඒ හා බද්ධවී ඇති අති විශාල වගකීමද දැනෙන්නට විය. පරම්පරා ගණනක් මිනිසුන් සිහින මැවූ කාර්යයක් ඉටු කරන්නාවූ පළමු වැන්නා වීම; මානව වර්ගයාව අභ්‍යාවකාශයට රැගෙන යැමට මග පිළිසකර කරන්නන්ගේ ප්‍රථමයා වීම; කෙතරම් නම් වගකීමක්ද ? එම වගකීම එක පුද්ගලයෙක් සඳහාවත්, කණඩායම් කිහිපයක් සඳහාවත් වූ වගකීමක් නොවේ, එය මුලු මහත් වර්තමාන හා අනාගත මානව වර්ගයාම සඳහා වූ වගකීමකි. මෙම කාර්යය පැවරීම ගැන මම සතුටින්ද ? සත්‍යය වශයෙන්ම ඔව්, එය මිනිසාට සර්වකාලිනවම ගවේෂණයක යෙදීමෙන් ලැබිය හැකි උපරිම සතුටක් ලෙස හැඟේ. තව විනාඩි කිහිපයයි ඉතිරිව ඇත්තේ, දන්නා නොදන්නා මිනිසුනි, මිත්‍රයිනී, ආගන්තුකයනී, මිනිසුන් සැමදාම දුර ගමනක් යන විට පවසනා පරිදි "නැවත අපි හමුවන තෙක් " යැයි පවසමින් මම නුබලාව වැළඳ ගනිමි. ඉක්මනින්ම නැවත හමුවෙමු !

~~~~~~~


ඒ නිරවි යුද සමයයි. ඇමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධය පැවති අවධියයි. ප්‍රසිද්ධියේ නොකියවුණද දෙපිරිසම එකිනෙකාට කලින් අභ්‍යාවකාශය ජය ගැනීමේ උමතුවෙන් සිටි කාලයයි. " ලයිකා " බැල්ලව අභ්‍යාවකාශගත කිරීමෙන් හා ලොව ප්‍රථම චන්ද්‍රිකාව වූ " ස්පුට්නික් 1 " කක්ෂ ගත කිරීමෙන් සෝවියට් දේශය පියවරක් ඉදිරියෙන් සිටියේය. ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වූයේ මිනිසකු අභ්‍යාවකාශගත කොට නැවත ගෙන්වා ගැනීමයි.

1959 දී සෝවියට් දේශය එයට ප්‍රථම පියවර තැබීය. සෝවියට් ගුවන් හමුදාවේ භෞතචිකිත්සකයන්ට අනුව ඒ සඳහා වඩා යෝග්‍යය වූයේ ගුවන් හමුදාවේ නියමුවන්ය. ඔවුන්ගේ තර්කය නම්, ගුවන් නියමුවන් ප්‍රතිගුරුත්වයට නිරාවරණය වීමට දක්වන පළපුරුද්ද හා හැකියවත්, හදිසියකදී යානයෙන් එළියට පිනීමට ඔවුන් සතු පුහුණුවත්ය. ඇමෙරිකාව විසින් සිය Mercury Seven වැඩසටහන සඳහාද තෝරාගන තිබුණේ ගුවන් ක්ෂේත්‍රය හා සම්බන්ද අයවලුන්ය. වැඩසටහනට තෝරා ගන්නා අයවලුන් සඳහා තිබුය යුතු අනෙකුත් සුදුසුකම් වූයේ බුද්ධිමත් භාවය, ආතතිය කළමනාකරණය කොට ගත හැකිවීමේ මනා හැකියාව හා ශාරීරික යෝග්‍යතාවය වේ.

සෝවියට් අභ්‍යාවකාශ වැඩසටහනේ ප්‍රධාන සැලසුම්කරු වූ Sergei Korolev තීරණය වූයේ තෝරාගන්නා ගගනගාමීන් වයස 25ත් 30 ත් අතර විය යුතු වූ අතර පුරුෂයන් පමණක් විය යුතු බවයි. මීටර 1.75 කට වඩා නොඋස් විය යුතු අතර බර කිලෝ ග්‍රෑම් 72 ක නොඉක්මවිය යුතුය. අයදුම් කරුවන් සඳහා වූ මෙම නිර්නායකයන් 1959 ජූනි මස වන විට තීරණයකොට අවසන් කෙරුණ අතර සැප්තැම්බර් මස සිට ඇරඹුණේ යෝග්‍ය ගගනගාමීන් තෝරා ගැනීම සඳහා වූ සම්මුඛ පරික්ෂණ මාලාවයි. 200 කට අධික සංඛ්‍යාවක් මූලික පරීක්ෂණ වලට භාජනය කෙරිණ. ඔක්තෝබර් වන විට තේරී සිටි අයදුම් කරුවන්ට,  අඩු පීඩනයට නිරාවරණය වීම, කේන්ද්‍රපසාරී පරික්ෂණය වැනි දුෂ්කර ශාරිරික යෝග්‍යතා පරීක්ෂණ වලට මුහුණ දීමට සිදු වූහ. ඔක්තෝබර් අග වන විට අයදුම් කරුවන් 20 දෙනෙකු තෝරා ගැනුණ අතර මෙම විසි දෙනාගෙන් පස් දෙනෙකුම අදාළ වයස් පරතරයෙන් පිටත වූවන්ය. එම නිසාම වයස් සීමාවන් ලිහිල් කිරීමට සිදු විය. නාසා ගගනගාමීන් මෙන් නොව මෙම තෝරා ගත් අයදුම් කරුවන් බොහොමයක් ඉතා අඩු පියාසර අත්දැකීම් ඇත්තන් වූහ. වැඩිම පියාසර අත්දැකීම් තිබුණු "බෙල්යායෙව්" හට තිබුණේ පියාසර පැය 900 ක පළපුරුද්ද පමණී. එහෙත්, ඇමෙරිකානු යානා මෙන් නොව සෝවියට ගගන යානා වැඩි ස්වයංක්‍රීයතාවයකින් යුක්ත වූහ. එම නිසා ගගනගාමියාගේ පළපුරුද්ද එතරම් සලකා නොබැලුණි.

1960 ජනවාරි 11 වන දින ගුවන් ගමන් පිළිබඳ ප්‍රධානියා වූ Konstantin Vershinin විසින් ගගනගාමීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ඇරඹීම සඳහා නිළ වශයෙන් අනුමැතිය දෙන ලදී. 250 දෙනෙකුගෙන් පමණ වූ කාර්යය මණඩලයකින් සැදුම් ලත් මෙම මධ්‍යස්ථානය ගගනගාමීන් පුහුණු කිරීම සඳහාම විශේෂයෙන් වෙන්වී තිබුනි. ඒවකට ප්‍රසිද්ධ ගුවන් නැවියෙකු වූ Nikolai Kamanin ව සුපරික්ෂණය සඳහා අනුයුක්ත කෙරිණ. මාර්තු මස වනවිට බොහොමයක් වු අයදුම් කරුවන් මධ්‍යස්ථානය වෙත වාර්තා කෙරුන අතර මාර්තු 07 වනදි Vershinin විසින් ඔවුන්ව පිළිගැනීමේ කතාවක්ද සමඟින් පිළිගන්නා ලදී. ජූනි මස මැද දී අයදුම්කරුවන් 20 දෙනාම එහි ස්ථානගත වූහ. මාර්තු මස සිට දෛනික ශාරිරික යෝග්‍යතා අංගද ඇතුලුව වැඩසටහනට අදාලවූ විවිධ විශයන් ඉගැන්වීම අරඹන ලදී. කෙසේවෙතත් මෙම මුල් මධ්‍යස්ථානයේ වූ අඩු පාඩු නිසා Star City  යනුවෙන් හැඳින්වූ අලුත් පුහුණුවීම මධ්‍යස්ථානයකට 1960 ජුනි මස 29 වන දින ගගනගාමීන් සහ මධ්‍යස්ථානයේ කාර්යය මණඩලය මාරු කරන ලදී. මෙම නව ස්ථානය එතැන් සිට වසර පනහකට අධික කාලයක්ම රුසියානු ගගනගාමීන්ගේ පුහුණුවීමේ මහ ගෙදර විය.

                                    ~~~~~~~

සෑම පෙම් යුවලක් සේම යූරි සහ වාල්යා ද හැකි සෑම විටම එකිනෙකා හමුවීමට ලැබෙන සුලු ඉඩක් හෝ අතපසු කිරීමට සූදානම් නොවූහ. එහෙත්, අනෙකුත් පෙම්වතුන් මෙන් නොව, යූරි සහ වාල්යා, බොහෝවිට විවිධ මාතෘකා ඔස්සේ කතාබහ කල අතර, පොත්පත්, නාට්‍ය, චිත්‍රපට වැනි විශයන් ඔවුන්ගේ කතාබහට මාතෘකා විය. එපමණක් නොව, ලොව ප්‍රථම චන්ද්‍රිකාව වූ " ස්පුට්නික් 1 " හා මිනිසකු අභ්‍යාවකාශ ගත කිරීමට ඇති සැලැස්ම ගැනද ඔවුන්ගේ සාකච්ඡාවලට බඳුන් විය. දෛවය විසින් තමාට නියම කොට තිබූ කාර්යය ඉටු කිරීම උදෙසාම,  මෙම අවධියේම යුරිගේ යටිසිතේ අභ්‍යාවකාශ වැඩසටහන හා සම්බන්ධ වීමේ උනන්දුවක්ද මෝදු වෙමින් පැවතුණි.  ඒ 1957 නොවැම්බර් මාසයයි. අවුරුදු 23 ක්වූ යූරි, ඉහළම ගෞරව සහිතව උපාධිය සමත්වී සෝවියට් ගුවන් හමුදාවේ ලුතිනන් නිලයකින් පිදුම් ලැබීම සිදුවන්නෙ එලෙස කාලය ගෙවී යන අතරය. එම සුවිශේෂී දිනයේදීම යූරි හා වාල්යා අතිනත ගැනීම එම සුවිශේෂ බව දෙගුණ තෙගු කළේය.



යූරිගේ ප්‍රථම පත්වීම, ප්‍රහාරක යානා නියමුවකු ලෙස ආක්ටික් ප්‍රදේශයේ වූ සෝවියට් ගුවන් කඳවුරකටය. ඔහු එහි රාජකාරියෙහි නියුක්තව සිටින අතරවාරයේ 1959 දී සෝවියට දේශය විසින් චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයන්ගේ ඡායාරූප ගැනීමට සමත් වූ " Luna 3 " යානය අභ්‍යාවකාශගත කරණ ලදී. මෙය යූරිගේ සිතෙහි පැවති ආශාව උත්සන්න කරවන උත්තේජනයක් විය. 


" මම තවත් ප්‍රමාද නොවිය යුතුයි. මිනිසකුව අභ්‍යාවකාශගත කිරීම ඉක්මනින්ම සිදුවිය හැකියි. "  ඒ යූරිගේ සිතුවිලිය.


අවසාන විසිදෙනා -  
උපුටා ගැනීම Wikipedia
මෙම සිතුවිල්ල ක්‍රියාත්මක කරමින්, යූරි විසින් සිය අයදුම් පත 1959 දෙසැම්බර් මස 09 වන දින ගගනගාමීන් පුහුණු මධ්‍යස්ථානයට බාර දුන් අතර සතියක් වැනි කෙටි කාලයක් ඇතුලත ඔහුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොස්කවු නුවරට කැඳවීය. ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය ගගන යානාවකට සුදුසු මට්ටමේ බව වෛද්‍ය නිර්දේශයයි. සිය සිහිනයේ ප්‍රථම කඩඉම යූරි විසින් මෙසේ පැනගන්නා ලදී. ඉනික්බිතිව සිදුවන්නේ යූරි, වාල්යා හා ඔවුන්ගේ සිඟිති දියණිය " Star Town " යනුවෙන් හැඳින්වූ ගගනගාමින් වෙනුවෙන්ම වෙන්වූ නගරය වෙත සංක්‍රමණය වීමය. 


ඉහත සඳහන් අති දුශ්කර තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටියකට පසුව 1960 මාර්තු 03 වන දින තෝරා ගත් 20 දෙනාගේ කණඩායමට ඇතුලු වීමට ඔහු වාසනාවන්ත විය. මෙලෙස, ඔහු අඩියෙන් අඩිය සිය ඉලක්කය වෙත ලඟා වෙමින් සිටියේය. මාර්තු 11 වන දින පුහුණුවීම් ඇරඹිණි. වසරක් වැනි කාලයක් පුරාවට පැවතුනු පුහුණු පාඨමාලාව ඇත්තෙන්ම එයට සහබාගී වූවනට අභියෝගයක්ම විය. අති දුශ්කර අභ්‍යාස මෙන්ම විශයට අදාල වූ බොහෝ කරුණු අධ්‍යනය කිරීමට ඔවුනට සිදුවිය. මුල් මාස නවය ගෙවෙන තෙක්  ඔවුන්ගේ පුහුණුව කූටප්‍රාප්ත වන්නේ කවදාදැයි කිසිවකුත් දැන නොසිටියහ. මාස නවයක පුහුණුවෙන් පසු, ප්‍රථම අභ්‍යාවකාශ තරණයට 1961 අප්‍රේල් 12 වන දින නියම වී ඇති බව ඔවුනට දැනුම් දෙන ලදී.

                                     
                                 ~~~~~~~
Gromov Flight Research Institute හීදී ගගන යානයේ ආකෘතියක් නිර්මාණය කෙරුනේ ගගනගාමීන්ව පුහුණු කිරීම උදෙසාය. එය නමින් TDK-1 විය. විසි දෙනාවම ආකෘතිය මඟින් පුහුණු කිරීම ප්‍රායෝගික නොවූ බැවින් සහ පුහුණුව වේගවත් කිරීම සඳහා සය දෙනෙකුව පමණක් තෝරා ගැනීමට තීරණය විය. මුලින්ම තීරණය වූ සය දෙනා මෙසේය; Gagarin, Kartashov, Nikolayev, Popovich, Titov සහ Varlamov. ඔවුන් සයදෙනා විසිදෙනාගේ කණ්ඩායමේ වූ මිටිම සයදෙනාද වූහ. ඒ 1960 මැයි මාසයේ අවසානයයි.

ජූලි මස වන විට එසේ තෝරාගත් සයදෙනාගෙන් දෙදෙනෙකු වෛද්‍ය හේතූන් මත මාරු කරන ලදී. මුලින්ම, කේන්ද්‍රාපසාරී පරීක්ශණයේදී Kartashov ගේ ශරීර අභ්‍යන්තරයෙහි ඇතිවූ තුවාල හේතුකොටගෙන වෛද්‍ය නිර්දේශය මත ඔහුව ඉවත් කිරීමට තීරණය විය. ජූලි මස අවසානයේදී Varlamov කිමිදීමකදී සිය හිස තටාකයේ පතුලේ වැදීම නිසා හටගත් සංකූලතා හේතුකොටගෙන ඉවත් කෙරින. ජූලි අවසානයේ Vanguard Six  ලෙසින් හැඳින්වූ නවතම සයදෙනා මෙසේය; Gagarin, Bykovskiy, Nelyubov, Nikolayev, Popovich සහ Titov.


1961 ජනවාරි වන විට සයදෙනා පුහුණුව නිම කොට තිබුනි. එයට ආකෘතියේ සිදුකළ පුහුණුවීම්ද, පැරෂුට් මඟින් කළ පුහුණුවීම්ද ඇතුලුව තවත් බොහෝ අංග එකතුව තිබුනි. ජනවාරි 17, තීරණාත්මක දිනයකි. ඒ ඔවුන්ගේ අවසන් පරික්ශණය පැවැත්වූ දිනයයි. එය ප්‍රායෝගික හා ලිඛිත යන දෙයාකාරයෙන්ම සිදු කෙරින. අවසන් ප්‍රතිපලය මත ගගනගාමීන්ව පහත අනුපිලිවලෙන් භාවිතා කිරීමට තෝරා ගැනින.
  • Yuri Gagarin
  • Titov
  • Nelyubov
  • Nikolayev
  • Bykovskiy
  • Popovich
අපේ වීරයා සිය සිහිනය ජයගෙන තිබුනි. 


මතු සම්බන්ධයි........

තරු ඇල්ලූ මිනිසා - අවසාන කොටසට >>>

~~ සෙන්නා / 24.05.2012

62 comments:

  1. පසුව ඇවිත් පොස්ටුව කියවා කොමන්ට් කරන්නම්.

    ඔබට සුබ ගමනක්, සතුටින් පිරි නිවාඩුවක් පතනවා සහෘදයා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩීන් අයියා සුබ පැතුමට. හිමීට කියවන්ඩකො.

      ජයම පතමි !!!

      Delete
  2. ලංකාවට එනවද? අඩේ ජය වේවා ඈ මට මොනවා හරි අරන් වර.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ලංකාවට ආවා. තොට මොනවද ඕනා කියපිය ඊලඟ පාරවත් අරන් එන්ඩ.

      ජයම පතමි !!!

      Delete
  3. වැදගත් තොරතුරු ටිකක්..

    නිවාඩුව සතුටින් ගෙවන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. දිනේශ් අලුත් නේද කුරුන්දට ? සාදරයෙන් පිළිගන්නවා ! ස්තූතියි අගය කිරීමට සහ සුබ පැතුමට.

      ජයම පතමි !!!

      Delete
  4. සුබ ගමන් සෙන්නා....දැනට මේ ඇති..ඒත් ඉතුරු ටිකත් ඉක්මනට එයි කියලා හිතෙනවා..යූරි ගගාරින් තරු අල්ලපු හැටි දැනගන්න මග බලාගෙන ඉන්නේ අපි :) කවද විතරද ආපහු එන්නේ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයුරි. ඉක්මනට නම් බැරිවෙයි. :-( ගෙදර ආවට පස්සෙ කම්පියුටර් එකේ එල්ලිලා ඉන්ඩ බෑනේ. බලමු, පුලුවන් තරම් ඉක්මනට දාන්නම්. ජුනි 19 තමා ආයෙත් කාන්තාරගත වෙන්ඩ තියෙන්නෙ. :-(

      ජයම පතමි !!!

      Delete
  5. මමත් මේ ලෝකේ ආස මිනිසුන් කිපදෙනාගෙන් එක්කෙනෙක් . පස්සේ කොච්චර අය ගියත් මුලින් ගිය කෙනාගේ අගය වැඩිනේ . ලංකාවට ගිහින් සතුටින් ඉඳල මතක පොදි බැඳන් ආපසු එන්න .

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි බින්දි. ඒකමයි ඔහු ගැන හොයන්ඩ, ලියන්ඩ හිතුනෙත්. ස්තූතියි සුබ පැතුමට.

      ජයම පතමි !!!

      Delete
  6. බොන් වොයේජ් කියලා කියන්නම් දෙන්නටම..
    (සෙන්නටයි යූරි ගගාරින්ටයි)

    ඊළඟ එකත් බලලම වැඩිපුර කියන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ. ඊලඟ එක පුලුවන් තරම් ඉක්මනට දාන්නම්.

      ජයම පතමි !!!

      Delete
  7. යුරි ගගාරින් අපි හැමෝගෙම වීරයෙක්....

    අපේ ඉස්කෝලේ ගගාරින් හිටවපු අත්තික්කා ගහක් තියෙනවා, ඒ ගහටත් අපි ඔහුට තරමටම ගරු කළා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔවු සුමිත්. ඔහු ගරුකටයුතු පුද්ගලයෙක්.

      ජයම පතමි !!!

      Delete
  8. මගේ වීරයෙක් ! ඊලඟ කොටස එනකල් නොඉවසිල්ලෙන් !!!

    සුභ ගමන් සෙන්නා සහෝ... ලංකාවට එන ගමනත් අළුත් ලිපි ආකරයක් වේවි නේද ? කඩිමුඩුයේ හරි මේ ලිපිය පළ කරපු එකට තුති !!!

    ආඃ ! විකි වැඩේ නැගලා යනවා නේද ? ජය !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චතූ. ඇත්තටම මේක බාගෙට දාන්ඩ කිසිම අදහසක් තිබුනෙ නෑ. ඒත් වැඩේ ඉවර කරගන්ඩ හම්බුනේ නෑ. රාජකාරියයි, ගමනට ලෑස්ති වෙන එකයි නිසා, ලිපිය සැකසීමට වෙලාව හොයාගන්න හරිම අමාරු වුනා. ඉතින් ලිපිය කවදා සම්පූර්ණ කරන්ඩ හම්බෙයිද කියලා හිතාගන්ඩ බැරිනිසා ලියපු ටිකවත් දාන්ඩ ඕනා කියලා හිතුනා. බාගයක් දාපු එක ගැන සමාවෙන්ඩ ඕනා.

      විකී වැඩේටනම් ඊට පස්සෙ අත ගහන්ඩ හම්බුනේ නෑ. ඒත අතෑරලා නෑ. අතරින් පතර ඒකටත් එකක් දන්ඩ තමා හිතාගන ඉන්නෙ. සහෝ උත්සහයක් දැම්මෙ නැද්ද ඒ ගැන ?

      ජයම පතමි !!!

      Delete
  9. සුභ ගමන් සෙන්නා.. ලස්සනට ලියල තියනවා. දිග උනත් ආසාවෙන් කියෙව්වා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ක්සැන්ඩර්. සුබපැතුමටයි අගය කළාටයි. ක්සැන්ඩර් තාම ලංකාවෙද ?

      ජයම පතමි !!!

      Delete
  10. ලස්සන වැදගත් ලිපියක්...ලංකාවට යනවද? අම්මෝ ඊරිසියාවෙ බැහැ..සුභ ගමන්..!! :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඊරිසියා නොකරන් කිරිල්ලිය. :-) ඔබටත් ඉක්මනට ලංකාවට යාමට ලැබේවායි පතමි !

      ජයම පතමි !!!

      Delete
  11. මාත් හරි ආසයි යුරි ගගාරින් ගැන විස්තර වලට.... ලංකාවට ආව වෙලාවෙ අපේ අම්මලා නම් බලන්න ගිහින් තිබුණා... මේ සමහරක් පින්තූර දැක්ක පළවෙනි වතාව.... බොහොම ස්තුතියි සෙන්නා සෑහෙන මහන්සිවෙලා මේ තොරතුරු ගෙනාවට... අනිත් කොටසත් ඉක්මනටම දාන්න ලැබේවා කියල පතනවා...

    මටත් ඉරිසියයි ලංකාවට යනව කිව්වම... දැන් නම් ලංකාවෙ ඇති නේද.... ඒ නිසා හොඳ නිවාඩුවක් ගත කරල, ප්‍රවේසමෙන් ඉඳලා ආපහු එන්න ලැබේවා කියලා පතනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මියුරු. අනිත් කොටහ පුලුවන් තරම් ඉක්මනට දාන්නම්. ඇයි අප්පා ඊරිසියා ? ඕගොල්ලො කවද්ද යන්ඩ ඉන්නෙ ලංකාවට ?

      ජයම පතමි !!!

      Delete
  12. මාර වටින පෝස්ට් එකක්.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෝඩු.

      ජයම පතමි !!!

      Delete
  13. ඉතින් ඊට පස්සේ? ඉකමනට උනු දේ කියන්ටකෝ :)

    ReplyDelete
    Replies
    1. පොඩි කුමාරිහාමි, සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට ! හැකි ඉක්මනට ඊලඟ කොටස දාන්නම්.

      ජයම පතමි !!!

      Delete
  14. පරිස්සමෙන් එන්ඩෝ! තවම පෝස්ට් එක කියවනවා

    ReplyDelete
    Replies
    1. පරිස්සමින් ආවෝ. හිමීට කියවන්ඩකො.

      ජයම පතමි !!!

      Delete
  15. සෙන්නගේ ලිපි හරිම වටිනවා. අපට දැනුම ලබාගන්න පුළුවන් මේ වගේ වටිනා ලිපි හදන්න වැයකරන කාලයටත්, මහන්සියටත් ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. Pisakkaatuwa, ඔබවත් සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට. ඔබගේ නම කියවන්නෙ කොහොමද ? ස්තූතියි අගය කළාට.

      ජයම පතමි !!!

      Delete
  16. ලිපිය පෙලගස්වල තියන හැටි නම් අපූරුයි. ස්තූතියි තොරතුරුවලට. අනිත් කොටසත් ඉක්මනට දාන්න.
    නිවාඩු කාලය සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි DDT අගය කළාට. අනිත් කොටස පුලුවන් ඉක්මනට දාන්නම්.

      ජයම පතමි !!!

      Delete
  17. සෙන්නා මේ ලියන ශෛලිය නම් නියමයි! ඇගේ මයිල් කෙලින් වෙන්න ලියනවා නේ..... යුරි ගගාරින් මගේ වීරයයෙක් විත්තිය ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ..... ස්තුතියි තොරතුරු වලට. දැං මෙහෙ ඇවිල්ලද, එහෙනං හමුවෙන්ඩත් බැරියැ.


    අර පිදුමට හෙනට ස්තුතියි ඈ.... මං කවදාවත් හිතුවෙ නෑ මැරෙන්ඩ කලින් ලිපියකින් පිදුම් ලබන්ඩ හැකි වෙයි කියලා.... ඇඩෙනවා....:)

    ReplyDelete
    Replies
    1. අඬන්න එපා කොළුවො ... දැන් හොඳ එකා වගේ ඔය නාහෙ පිහිදගනින් මයෙ අම්මා .. :D

      Delete
    2. කෝ........මේ ලේන්ෂුව.....ෂික් ඒකත් දාලා ඇවිදින්නේ.....:P

      Delete
    3. හප්පෙ ඇඟේ මයිල් කෙලින් වුනැයි? එච්චරට භයානකද ? මොකෝ මම නොදන්නෙ. දැන් නම් ඇවිත් ඉන්නෙ. හීයක් එවන්නම්. ආපහු යන්ඩ කලින් හම්බෙමු. එය සතුටක්.

      පිදුමනම් ඉතින් උඹේ කරුමෙ තමා. ගොනු බැඳි රිය සේ පස්සෙන් එනවලු නේද කරුමේ. උඹ නාඩ ඉඳින්.

      DDT :-) හිකිස්.. කොහෙද මූ ලේන්ශුවත් දාල ඇවිල්ලනෙ. යන තැනක ඕක කට්ටකින් එල්ලන් යන්ඩ් එපැයි.

      දෙන්නටම ජයම පතමි !!!

      Delete
  18. අභ්‍යවකාශ ගමනෙන් පස්සේ යුරී ගගාරින් ලෝකේ පුරාම රටවල සංචාරයක යෙදුනනේ. ඔහු ලංකාවට ඇවිත්, කොළඹ සිට මහනුවර බලා යද්දී, අපි පාසල් සිසුන් ලෙස, ලංකාවේ සහ රුසියාවේ කොඩි වනමින් කෑගල්ල නගරයේ පාර දෙපස පේලි හැදී හිටිය හැටි මට අද වගේ මතකයි. ලිපිය සම්පූර්ණයෙන් කියවා අදහස් දක්වන්නම්.
    http://jangun.wordpress.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක මහතා. මුලින්ම සමාවෙන්ඩ ඕනා මට ඔබතුමාගේ අන්තිම ලිපිය තාම කියවගන්ඩ බැරුව ගියා. ඉක්මනට කියවන්නම්.

      ලිපිය පුලුවන් තරම් ඉක්මනට සම්පූර්ණ කරන්නම්.

      ජයම පතමි !!!

      Delete
  19. වටිනවා වටිනවා... එල!!!

    එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේවයන් වහන්ස. අපිටනම් ඉතින් මොන රාජ සම්පත්ද ? එදා වේල පිරිමහ ගත්තොත් මදැයි.

      හා හා ගෙදර කියන්ඩ එපා. මාළිගාව, මාළිගාව.

      ඔබ වහන්සේට රාජ සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා !!!

      ජයම පතමි !!!

      Delete
  20. කියවන්න එද්දිම හිතුනා මේ නම් යූරි ගගාරින් ගැන තමා කියලා.... නියමෙටම ලියලා ලියලා අපිව අභ්‍යාවකාශෙනුත් එලියට ගෙනහිල්ලා අතෑරියා වගේ හැබැයි අනික් කොටස මග නිසා.දැන් දෙන්නම ගුවන් ගත වෙන්නනේ හදන්නේ දෙන්නටම හොඳ සනීපෙන් ගිහින් එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....

    සුභ ගමන් සෙන්නා අයියේ.යූරි ගගාරින්ගේ ප්‍රියතම තේ වර්ගය ලිප්ටන් කියලා වගේ දෙයක් ප්‍රකාශ කරලා තිබුනද මන්දා ඒ ගැනත් දාන්ඩෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගැමියා මලේ.. ගිය සැරේ මුහුදට යටට ගිය හින්දා ( රට්ටු පදත් හැදුවනෙ ඒවට :-) ) මෙදා සැරේ අභ්‍යාවකාශ ගත වෙන්ඩ හිතුනා. බලමු මලේ ඔය ඔක්කොම හොයලා බලලා අනිත් කොටස පුලුවන් ඉක්මනට දාන්නම්. සමාවෙන්ඩ ඕනා කොටහක් දාපු එක ගැන.

      ජයම පතමි !!!

      Delete
  21. යුරී ගගාරින් කිව්වට නම විතරයි මචං දැනගෙන හිටියේ.

    මේ ලිපි පෙලට මාත් මනාපයි. ටිකක් කම්මැලි. ඒත් ආමරුවෙන් කියවනවා. වැදගත් නිසා.

    ජය සිරි කිව්වලු. !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෑමෝ. ඇයි බන් කම්මැලි ? ලියලා තියන විදිහ කුජීතද ?

      ජයම පතමි !!!

      Delete
  22. යූරි ගගාරින් ලංකාවටත් ආවා නේද ???

    කොහොම නමුත් නීල් ආම්ස්ට්‍රෝන් කිව්ව කතාව මුලින්ම අදාළ වෙන්නේ යූරි ගගාරින්ට තමා. "මේක කුඩා පියවරක් වුණත් මානව සංහතියේ යෝධ පියවරක්" කියන එක.

    ඒ වගේමයි ඔයා නිතරම කියන නිසාම ඔන්න බ්ලොග් එකට මම අලුත් ඇඳුමක් ඇන්දුවා. දැන් හැඩද කියලා බලලා කියන්න :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හසිත. ඔවු ඔහු ලංකාවටත් ඇවිත් තියනවා. විචාරක මහත්මා පොඩිකාළේ ඔහුව පිළිගන්ඩ ගිය මතකයකුත් සඳහන් කරලා තියෙන්නෙ.

      අලුත් ඇඳුමක් ඇන්දුවට ස්තූතියි හසිත. තිබුනු කලු පසුබිම හරිම අමාරුයි මගේ ඇහැට. ඇවිත් බලන්නම්.

      ජයම පතමි !!!

      Delete
    2. // යූරි ගගාරින් ලංකාවටත් ආවා නේද ??? //
      ඔව් මචං, ඉරිදා ලංකාදීප පත්තරේ දියත අතිරේකෙ ඔහුගෙ ලංකාගමනය ගැන ලිපි පෙලක් ගියා ඡායාරූප සහිතව. මතක හැටියට මාස 6 කට විතර කලින්.

      Delete
  23. සෙන්න අයියා ගොඩක් මහන්සි වෙනවා නේද මේ ලිපි ලියන්න... අන්තිම වෙනකල් මට තේරුනේ නෑ කාගැනද කියල තියෙන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනූ නංගී. ඇත්තෙන්ම ටිකක් මහන්සි වෙන්ඩ නම් ඕනා තමයි. කාලය තමා ලොකුම ගැටලුව.

      ඉතුරු ටිකත් ඉක්මනට දාන්නම්.

      ජයම පතමි !!!

      Delete
  24. කවදාවත් නැතිව මම පරක්කු වෙලා ආවේ හිතලමයි..

    යුරි ගගාරින් ගැන දැනගෙන හරිම ටිකයි.ඔහුගේ පවුලේ විස්තර ඉඳලම අද දැනගත්තා. ඉතුරු ටික පුළුවන් විදියට දාන්න. ලංකාවට ආවම ඉතිං කරන්න වද ගොඩයි නේ. ඉඳපන් මමත් එනකං.

    ReplyDelete
    Replies
    1. මොකෝ මචන් හිතලම පරක්කු වුනේ ? ඉතුරු ටික පුලුවන් ඉක්මනට දාන්නම්.

      මම එච්චර කල් ඉන්නෑ මචන් 19 ආයෙ යන්ඩ ඕනා. උඹටත් හොඳ නිවාඩුවක් පතනවා !

      ජයම පතමි !!!

      Delete
  25. ඒ කියන්නේ සෙන්නා දැන් ලංකාවෙද.. අයියෝ කව්ද දන්නේ..මම දැනන් හිටියේ නෑ කුරුන්ද ලියන්නේ ඔයා කියලා. සුභ ගමන් සෙන්නට...

    ReplyDelete
    Replies
    1. මොකක් !!! එතකොට කුරුන්ද කවුරු ලියනවා කියලද ඔයා හිතන් හිටියේ ? ඔයා කුරුන්දට අමුත්තියකුත් නෙමේනෙ ! මීට කලින් කීප වතාවක්ම ගොඩ වැදිලත් තියනවා. කුරුන්ද ඔයාගේ බ්ලොග් රෝලෙත් තියනවා මම දැකලා තියනවා. ඒත් අදද ඔයා දැනගත්තෙ කුරුන්ද ලියනෙ මම කියලා ? හරිපුදුම ජනකයි !!

      ජයම පතමි !!!

      Delete
  26. හරිම වටින ලිපියක්..නොදන්නා කරුණු ගොඩක් දෑන ගත්තා..
    ඒ වගේමයි... තවමත් හරියට පිපිලා නෑති මගේ බෝවිටියා මලේ නම ඔබගේ බ්ලොග් රෝලේ තියෙනවා..
    එය දුටුවාම මගෙ හිතට අහිංසක සතුටක් ඇති වුනා...ඔබට බොහොම ස්තූතියි සොයුරේ...

    ReplyDelete
  27. ස්තූතියි දම්මි කියවලා කමෙන්ට් කළාට.

    මමත් තාම පොඩි එකෙක්, නවකයෙක්. ඉතින් මගේ බ්ලොග් රෝලෙ ඔබේ "බෝවිටියා මල" තියන එක එතරම් සතුටු විය හැකි කාරණයක් නෙමේ මගේ හිතේ. බ්ලොග් ලෝකයේ දැවැන්තයෙක්ගේ බ්ලොග් රෝලේ ඔබේ "බෝවිටියා මල" දුටුවොත් නම් ඔබට ඇත්තෙන්ම සතුටු විය හැකියි.

    හෙමින් ඉදිරියට යන්න. ඔබට ජයම පතමි !!!

    ReplyDelete
  28. කෝ අලුතෙන් මොකුත් ලියන්නේ නැද්ද ???

    ReplyDelete
    Replies
    1. ලියන්ඩ වෙලාවක් හොයාගන්ඩ හරි අමාරුයි හසිත. කියවන එකනම් යමින් එමින් කරනවා.. අදවත් ඉතුරුකොටස ලියන්ඩ පටන් ගන්ඩ ඕනා..

      Delete
  29. සෙන්නා... ස්තුතියි වෙනදා වගේම මේ වැදගත් ලිපිය ලිව්වාට...

    ලංකාවට ආවලු නේද ? සුබ නිවාඩුවක් එහෙනම් .. !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සම්මානි.

      ඔවු දැන්නම් නිවාඩු පිට ඉන්නෙ :-)

      ජයම පතමි !!!

      Delete
  30. ස්තුතියි Senna. ඉස්සර සාමාන්‍ය දැනීම තරඟ වල අහන අභ්‍යාවකාශ ප්‍රශ්නවලින් එකකට උත්තරේ තමයි යූරි ගගාරින්. අනිත් උත්තර වැලන්ටිනා තෙරෙශ්කෝවා, ලයිකා , නීල් ආම්ස්ට්‍රෝන්ග්, එඩ්වින් ඔල්ඩ්‍රින්, සහ අපොලෝ 11.

    සුභ ගමන්, වාසනාවන්ත නිවාඩු කාලයක්!

    henryblogwalker the Dude

    ReplyDelete
  31. ගොඩාක් වැදගත් තොරතුරු, තව තවත් මෙවැනි ලිපි පළකර අනන්‍යන්ගේ දැනුම වැඩිකරලීමට ශක්තිය ලැබේවායි පතමි

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

Sex Scene හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog