Thursday, June 13, 2013

මුහුදුබත් නොවන්නකුගේ අවසානය....

2013 පොසොන් මස 13වනදා

දැන් වෙලාව 13:15 යි. හය, හත සහ අට අංශ වල සිටි සැවෝම අංශ නවයට විතැන් වුණා. කිසිවකුට ගැලවිය නොහැකි නිසයි අප විසින් මෙම තීරණය ගනු ලැබුවේ. මෙහි 23 දෙනෙකු රැඳී සිටිනවා. මා මෙය ලියන්නෙත් අඳුරේ සිටයි. ලිවීමට නොහැකි තරම්ම මෙහි අඳුරුයි. මම පුරුද්දෙන් ලිවීමට උත්සහා කරනවා. පෙනෙන විදිහට අපට මෙයින් ගැලවීමට නොහැකියි. සමහර විට එය 10-20% වගේ සුළු සම්භාවිතාවක් වේවි. මෙය කවුරුන් හෝ කියවාවියැයි සිතනවා.

අංශ නවයේ රැඳී සිටිමින් දිවිගලවා ගැනීමට උත්සහා කරනා අප 23න් දෙනාගේ නාමයන් මෙසේය.

සියලු දෙනාටම ආයුබෝවන් ! බලාපොරොත්තු කඩකරගත යුතු නොවේ !! 


 Lieutenant-Captain Dmitry Kolesnikov





aaaaaaaaaaaaaaaaaaaaa

ක්‍රි.ව. 2000හේ මාර්තු, ප්‍රථම වතාවට ව්ලැඩිමීර් පුටින් රුසියානු ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්වී තිබුණි. ජාතියේ අභිමානය නගා සිටුවීමටත්, හමුදාවන් ශක්තිමත් කිරීම උදෙසාත්, සීතල යුද සමයේ තිබූ බලවත් තැනට නැවත රට රැගෙන යාම උදෙසාත්, ඔහුට වසර හතරක කාලයක් හිමිව තිබුණි.


ඒ සඳහා පළමු පියවර තබමින්, ඉන් මාස පහකට පසු, 2000හේ අගෝස්තු මාසය ආරම්භයේදී, සෝවියට් යුගයෙන් පසු රුසියාවේ පැවැත්වෙන වැදගත්ම හා දැවැන්තම නාවික අභ්‍යාසයේ ආරම්භය සනිටුහන් විය. නමුත් අවාසනාවකට මෙන් මෙම අභ්‍යාසය, පුටින් ජනාධිපතිවරයාගේ දේශපාලන අනගතය අනතුරේ හෙළිය හැකිවූ සහ ලෝකය තෙවෙනි ලෝක යුද්ධයක් කරා යොමුවීමේ අවස්ථාවක් උදාකරලිය හැකිවූ ඛේදවාචකයකින් අවසන් විය. 

aaaaaaaaaaaaaaaaaaaaa

ඔල්ගා කොලෙස්නිකව් හට 2000හේ අප්‍රේල් මස සිදුවූ සිය විවාහයෙන් පසු කල්නොයවාම සිය සැමියා සබඳකම් පවත්වන අනෙක් ගැහැනිය හමුවීමේ අවස්ථාව උදාවිය. මෙම සබඳතාවය ගැන ඔල්ගාගේ සිතෙහි බලවත් ඊර්ෂ්‍යාවක් වූ බව ඇයගේම වදන් සාක්ෂි දරයි.

"මිටායාට ගැහැණු දෙන්නෙක් හිටියා. එකෙනෙක් මම, අනිත් කෙනා සබ්මැරින් එක. මම ඒ ගැන ඊර්ෂ්‍යාවෙන් හිටියේ."



එය අතළොස්සකට පමණක් ලැබිය හැකිවූ විරල වාසනාවක් විය. දිමිත්‍රි විසින් තමා සේවය කරනා සම්බැරින් යානයෙහි සෑම අස්සක් මුල්ලක් නෑරම ඇයට පෙන්වීය. මෙමගින්, සිය සැමියා තමන්ගෙන් වෙන්ව අනෙක් ගැහැනිය තුරුලේ සිටිනා විට ආරක්ෂිත බව ඇය ප්‍රත්‍යක්ෂයෙන් දැනගත්තාය. ඇයට බියවීමට කිසිඳු කරුණක් නොවුණි. Kursk සබ්මැරීනය එවකට පැවති නවීනම තාක්ෂණයෙන් හෙබි, අති දැවැන්ත, කිසිදා ගිල්ලවිය නොහැකියැයි විරුදාවලිය ලත් සබ්මැරීනයක් විය. 





aaaaaaaaaaaaaaaaaaaaa

සෝවියට් දේශයේ වැටීමෙන් පසු, රුසියාව විසින් පැවැත්වූ විශාලතම නාවික අභ්‍යාසය එයයි. උතුරු රුසියානු බැරන් මුහුදේදී මෙම අභ්‍යාසය පැවැත්වූ අතර සබ්මැරීන්, ප්‍රහාරක ගුවන් යානා, යුද නෞකා ඇතුළු යාත්‍රා තිහකට අධික සංඛ්‍යාවක් සිය දායකත්වය සැපයු අති දැවැන්ත අභ්‍යාසයේ අරමුණු අතර බටහිර බලවතුන්ට රුසියානු යුද ශක්තිය පෙන්වීමද, තමන් තවමත් පෙර මෙන්ම සවිමත් බව ලොවට හඬගෑ කීමද විය. අභ්‍යාසය මෙහෙයවීමේ කටයුත්ත, ප්‍රධාන අණදෙන නෞකාව වූ Pyotr Velikiy ( Peter the great ) මගින් සිදු විය.





මෙයට සහභාගී වු සම්බැරීන් අතර රුසියානු නාවික ඉතිහාසයේ දැවැන්තයකු වූ Kursk සම්බැරීනයද විය.  න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකකින් ක්‍රියාත්මක වන ඇන්ජිමකින් සමන්විත වූ Kursk සම්බැරීනය, Cruise මිසයිල විදීමේ හැකියාවෙන් සමන්විත වූවාය. Kursk, පාපන්දු පිටියක් තරම් විශාල වූ අතර මහල් අටක ගොඩනැගිල්ලක් තරම් උසකින් යුක්ත වූවාය. ඇය සතු බලය සමඟ සැසඳිය හැකිවූ සබ්මැරීනයක් එවකට බටහිර බලවතුන් සතු නොවුණි. Kursk  සතුවූ අති නවීන ආයුධ අතර, සියලු දිශාවන් ඉලක්ක කොට ගත හැකි න්‍යෂ්ටික වෙඩි ශීර්ෂයන්ගෙන් සමන්විත, ස්ව්‍යංක්‍රීය මිසයිල 24 කින් සමන්විත මිසයිල පද්ධතියද විය. මෙම සෑම මිසයිලයක්ම, හිරෝෂීමාහී ඇතිකළ විනාශය මෙන් හතළින් ගුණයක විනාශයක් ඇති කිරීමේ හැකියාවකින් යුක්තය. එයට අමතරව අති ප්‍රබල රොකට් ටෝපීඩෝ විදිනයන් හතරකින්ද ඇය සන්නද්ධ වූවාය."ස්ක්වාල්" නමින් හැදින්වූ මෙම ටෝපිඩෝ, පැයට කි.මි. 320කට අධික වේගයකින් ගමන් කිරීමේ හැකියාවකින් යුක්ත  වූ අතර වැඩි ආයාසයකින් තොරවම නෞකාවක බඳ පසාරු කරගෙන යාම ස්ක්වාල් ටෝපිඩෝවකට දුෂ්කර කාර්‍යයක් නොවුණි. එය ආසන්න වශයෙන්, එවකට බටහිර බලවතුන් සතුවු ඕනෑම ටෝපිඩෝවකට වඩා දසගුණයක වේගයකි.   Kursk සතු විනාශකාරීත්වයේ ප්‍රබලතාවය මෙයින් මොනවට විද්‍යාමානවේ. 

1990 දී, එනම් සෝවියට් පාලනය යටතේදී සැලසුමට අනුමැතිය ලැබීමෙන් පසු, ඉදිකිරීම ඇරඹු Kursk සබ්මැරිනය 1994 දී මුල්ම වරට දියත් කරණ ලදී. දිගින් මීටර 154ක් හා පළලින් මීටර 18.20 ක් වූ සබ්මැරීනය ජලය තුළදී පැයට නාවික සැතපුම් 32ක වේගයෙන් ගමන් කළ හැකිවූ අතර දිය මතුපිටදී නාවික සැතපුම් 16ක වේගයකින් ගමන් කිරීමේ හැකියාවෙන් සමන්විත වූවාය. මීටර 300ත් 500ත් අතර ගැඹුරක කිමිදීමේ හැකියාව ඇය සතු වූවාය. Kursk හී බඳ නිකල් සහ ක්‍රෝමියම් වලින් සමන්විතවූ මල නොබැඳෙන ලෝහයකින් නිර්මිතවී තිබුණි.මෙම විශේෂ ලෝහය නිසා ඇයට චුම්බක අනාවරකයන්ගෙන් සැඟවී සිටිමේ හැකියාවද තිබුණි. Kursk, එදා මෙදා තුර ඉඳිවූ විශාලතම ප්‍රහාරක සබ්මැරීනයයි. 



අභ්‍යාසය ඇරඹීමටත් ප්‍රථමම විදේශීය ඔත්තු යානා බැරන් මුහුදු කලාපයට ඇස ගසා ගෙන සිටි බවට කියවේ. රුසියානු බුද්ධි සේවාවන් හට ඒ පිළිබඳ වැඩිමනක් තොරතුරු වාර්තා වී නොතිබුණි. ඇමෙරිකානු ප්‍රහාරක සබ්මැරීනයන් ද්විත්වයක් වූ USS Memphis සහ USS Toledo, බ්‍රිතාන්‍ය න්‍යෂ්ටික සබ්මැරීනයක්, ඇමෙරිකානු චන්ද්‍රිකා සහ ඔත්තු බැලීමේ ගුවන් යානා සහ නෝර්වේජියානු ඔත්තු බැලීමේ යාත්‍රාවක් වූ "මරියාටා", මෙලෙස අභ්‍යාසය දෙසට ඇස් යොමා සිටි විදේශීය ඔත්තු කරුවන් කිහිප දෙනෙකි.


තවද ඇමෙරිකානු බුද්ධි සේවාවන්ට වාර්තාවී තිබූ ආකාරයට, චීන නිලධාරීන් කිහිප දෙනෙකුටද අභ්‍යාසය නිරීක්ෂණය සඳහා ආරාධනා ලැබී තිබුණි. ආර්ථික සහ දේශපාලනික සංවර්ධනයක් අපේක්ෂා කළ ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රතිසංස්කරණ තුළ ඇමෙරිකාවේ සතුරනට අවි ආයුධ අලෙවියද අන්තර්ගත වී තිබුණි. කලක් ඇමෙරිකානු ඔත්තු කරුවකු වශයෙන් රුසියාවෙහි සේවය කළ Edmond Pope පවසන ආකාරයට රුසියාව විසින් චීනය වෙත "ස්ක්වාල්" ටෝපිඩෝ අලෙවි කළ බවට ඔහුට තොරතුරු ලැබී තිබුණි. 

aaaaaaaaaaaaaaaaaaaaa

අගෝස්තු 12වන ශනිදා, උදෑසන 08:51ට "Kursk" විසින් Pyotr Velikiy නෞකාව වෙත දන්වා සිටියේ තමන් පෙරහුරු ටොපිඩෝ ප්‍රහාරයන් එල්ල කිරීම උදෙසා කිමිදෙමින් සිටින බවයි. උදෑසන 11:28ට Kursk කාර්‍යය මණඩලය ටෝපිඩෝ ප්‍රහාරයන් එල්ල කිරීම සඳහා සියල්ල සූදානම් කොට තිබුණි. එම මොහොතේම සබ්මැරීනයේ ඉදිරිපස වූ ටෝපිඩෝ මැදිරියේ පිපිරීමක් සිදු විය. මෙවැනි හදිසි අවස්ථාවක සාමාන්‍යය ක්‍රියාපටිපාටියනම් තුලන ජලය නිදහස් කොට වහාම සබ්මැරීනය දිය මතු පිටට ගැනීමයි. නමුත් කපිතාන් වරයා එසේ කෙරුවේවත්, අනතුර හැඟවීමට ආපදා ඉපිලුම (Distress Buoy) නිදහස් කෙරුවේවත් නොමැත. ඒ වෙනුවට ඔහු විසින් සබ්මැරීනය උපරිම වේගයෙන් ඉදිරියටම ධාවනය කළේය. පළමු පිපිරුමෙන් විනාඩි දෙකයි තත්පර පහලවක් ඇතුළත දෙවන පිපුරුමක්ද සිදු විය. මෙය විශාල පරිමාණයේ පිපිරුමක් වූ අතර පළමු පිපිරුමට වඩා සිය ගුණයකටත් වැඩි ප්‍රබලතාවයක පිපිරුමකි. දෙවන පිපිරුමෙන් සබ්මැරිනයේ ඉදිරිපස විශාල වශයෙන් ඉරීගොස් විවර වූ අතර සබ්මැරීනය තුළට මුහුදු ජලය ශීඝ්‍රයෙන් කාන්දු වන්නට විය. ගිල්ලවිය නොහැකියැයි විරුදාවලිය ලත් Kursk සබ්මැරීනය මීටර 107ක් ගැඹුරු බැරන් මුහුදු පතුලේ අසරණව පතිත විය. 118ක්වූ කාර්‍යය මණ්ඩලයෙන් ඉතිරිව සිටියේ 23න් දෙනෙකු පමණී. කපිතාන්ද ඇතුළුව බහුතරයක් ක්ෂණිකවම මරු වැළඳගෙන තිබුණි. ඉතිරිව සිටි අයවලුන් විසින් යාත්‍රාවේ ඇන්ජිමට පණදුන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙක අක්‍රීය කිරීමට සමත් වූ අතර එමගින් ඔවුන් විය හැකිව තිබූ තවත් චර්නෝබිල් අනතුරක් වළක්වා තිබුණි. ඉතිරිව සිටි 23න් දෙනා සබ්මැරිනයේ පිටුපස, අංශ නවයේ වූ හදිසි ඉවත්වීමේ දොරටු තිබූ කොටසට එක් රැස්වී සිටියේ පිටතින් උදව් ලැබී ගලවා ගන්නා තෙක්ය.

සියලුම රුසියානු යාත්‍රා සහ විදේශීය යාත්‍රා වලට පිපිරුම් ද්විත්වයම සංවේදනය වී තිබුණි. අනතුර පිළිබඳව දැනගැනීමෙන් පසු අභ්‍යාසයේ ප්‍රධාන අණදෙන නිලධාරියා වූ අද්මිරාල් පපාව් විසින් Pyotr Velikiy නෞකාවට වහාම ප්‍රදේශයෙන් ඉවත්වන සේ උපදෙස් දී, හෙලිකොප්ටරයක නැගී ඔහුද ගොඩබිමට පැමිණ හෝරා කිහිපයකට අතුරුදහන් විය. සියල්ල මෙසේ සිදුවන විට, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ක්‍රෙම්ලිනයෙන් පිටත්ව කළු මුහුදේ නිවාඩුවක් ගත කිරීම සඳහා ගොස් සිටියේය. 

සබ්මැරීනය අනතුරට පත්ව තිබුණේ සාපේක්ෂව නොගැබුරු මුහුදකය. සැබවින්ම එය මතුපිට සිට දර්ශනය කිරීමේ හැකියාව පවා විය. එය සිරස් අතට පිහිටියේනම් සබ්මැරිනයේ පසුපස කොටස අඩි 150ක් පමණ දිය මතුපිටට පෙනෙනු ඇත. කරුණු මෙසේ තිබියදීත් සබ්මැරීනය සොයාගැනීමට පැය තිහක් ගතවූ බවට රුසියානු නාවික හමුදාව විසින් ප්‍රකාශයට පත් කෙරිණි.

අනතුරින් දින දෙකකට පසු ඛේදවාචකය පිළිබඳව රුසියානු රූපවාහිනී මගින් මුල්ම ප්‍රචාරය නිකුත් කෙරිණි. රූපවාහිනිය ඔස්සේ පෙනී සිටි නාවික හමුදා මාධ්‍යය ප්‍රකාශකයකු මුල්ම නිල අසත්‍ය වාර්තාව මාධ්‍යයට නිකුත් කළේය. 

"අගෝස්තු 13වන ඉරුදින, සුළු තාක්ෂණික ගැටලුවක් නිසා Kursk සබ්මැරීනය බැරන් මුහුදු පතුලේ සිරවෙයි. සබ්මැරිය මත න්‍යෂ්ටික අවි කිසිත් නොමැත."

මෙම ප්‍රවෘත්තිය පිළිබඳ හාස්‍යය මුසු විමතිය දැනවූ විශේෂඥයන් පැවසුවේ කිසිඳු යුද යාත්‍රාවක් තමන් සතු සාමාන්‍යය අවි කිසිත් නොමැතිව මුහුදට නොයන බවයි.

මේ අතර කාර්‍යය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල්වල උදවිය Kursk  නාවික මූලස්ථානයට රැස්වෙමින් සිටියේ තොරතුරු දැනගැනීමේ අටියෙනි. ඕනෑම න්‍යෂ්ටික සබ්මැරිනයක මෙන්ම Kursk  හීද කාර්‍යය මණ්ඩල දෙකක් වූහ. අනතුර සිදුවූ දින කිනම් කණ්ඩායම සේවයේ නියුක්තව සිටියේදැයි යන්න අනතුරින් දින හතරක් ගෙවී ගිය පසුත් බළධාරීන් විසින් හෙළිකොට නොතිබුණි. අවසානයේදී රුසියානු පුවත්පතක මාධ්‍යවේදියකු විසින්, නාවික නිලධාරියෙකුට ගෙවූ රූබල් 18000ක අල්ලසක් මගින් අදාළ නාම ලේඛනය ලබාගෙන ප්‍රසිද්ධ කිරීමට සමත් විය. 

අනතුරින් දින හතකට පසු පුටින් විසින් නිවාඩු නිකේතනයේ සිට මාධ්‍යවේදීන් ඇමතීය. තත්ත්වය ඉතා බරපතල නමුත් සබ්මැරීනය සහ එහි කාර්‍යය මණ්ඩලය බේරාගැනීම වෙනුවෙන් කළ හැකි සියල්ල කරමින් සිටින බව ඔහු විසින් පවසා සිටියේය. නමුත් අමිහිරි සත්‍යයනම් ඒ වන විටත් කිසිවක්ම සිදුනොවී තිබීමයි. කෝපයට පත්වූ ඥාතීන් මෙවන් බැරෑරුම් අවස්ථාවකත් පුටින් විසින් නිවාඩු ගත කරමින් සිටීම පිළිබඳ සිය විරෝධය පාමින්, උද්ඝෝෂණයන් කරමින්, කාර්‍යය මණ්ඩලය බේරා ගැනීමට කටයුතු කරන මෙන් බලකර සිටියහ.

මාධ්‍ය වෙතින් හා ඥාතීන්ගෙන් එල්ල වූ පීඩනය හමුවේ අවසානයේදී බලධාරීන් විසින් ඥාතීන්ට මුහුණ දීමට එකඟ වූහ. මෙහිදී උප අගමැති ඊලියා ක්ලෙවනෝව් නාවිකයකුගේ මවකගෙන් එල්ල වූ දැඩි වාග් ප්‍රහාරයට ලක්විය. ඉතා ආවේගශීලිව හඩනගා කතාකළ ඇය, දිගට හරහට ඊලියා ක්ලෙවනෝව්ව ප්‍රශ්න කරනාකාරය රුසියානු මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය විය. තම දරුවන් බේරා ගැනීමට කිසිවක් නොකිරීම ගැන අධික කෝපයෙන් දැවෙමින් කෑගසමින් සිටි ඈ අසලට මද වේලාවකින් සිරින්ජයක් සහිත වෛද්‍යවරියක් පැමිණි අතර මොහොතකින් ඇය සිහිමුර්ජා වී ඇද වැටුණාය. ඉන්පසුව සියලුම මාධ්‍යවේදීන් හට අදාළ ස්ථානයෙන් ඉවත්ව යන ලෙස ආවේණික සෝවියට ක්‍රමයට අවධාරණය කෙරුණ අතර පසු දින මෙම සිද්ධියෙහි දර්ශන මාධ්‍යවලින්ද අතුරුදහන් වී තිබුණි. නාවිකයන්ව බේරා ගැනීමට අනුගමනය කළ ඇල්මැරුණු ක්‍රියා පිළිවෙතට අමතරව ඥාතීන්ගේ හඬ යටපත් කිරීමට රුසියානු රජය ගත් මෙම අලජ්ජී ක්‍රියාමාර්‍ගය නිසා ඔවුන් දසතින්ම බරපතල විවේචනයන්ට ගොදුරු වූහ.




මෙලෙස, කාර්‍යය මණ්ඩලය බේරාගැනීමට නිසි ක්‍රියාමාර්‍ගයක් නොගෙන සතියක්ම පසුවී තිබිණි. දේශපාලන ප්‍රයෝග, සෙප්පඩවිජ්ජා හැරුණු කොට මෙම සතිය ඇතුළත ඔවුන්ව බේරාගත හැකි කිසිඳු ඵලදායී ක්‍රියාමාර්‍ගයක් ගැනීමට රුසියානු බලධාරීන් අපොහොසත්වී තිබිණ. මේ අතරවාරයේ, බ්‍රිතාන්‍යය හා නෝර්වේ රජයන් විසින් ගලවා ගැනීමේ කාර්‍යයට සම්බන්ධවීමට පළකළ කැමැත්ත රුසියානු බලධාරීන් විසින් නොතකා ඉවත දැමීය. මෙම ගලවා ගැනීම උදෙසා ඔවුනට බාහිර සහයෝගයක් අනවශ්‍යය බව ඔවුන්ගේ අදහස වූහ. කෙසේවෙතත් බ්‍රිතාන්‍යය විසින් සිය අති නවීන ගලවාගැනීමේ සබ්මැරිනයන්ගෙන් සමන්විත Norman Pioneer නම්වූ නෞකාව අනතුර සිදුවූ ප්‍රදේශයට පිටත් කොට හැරියේය. එම නෞකව අදාළ ස්ථානයට ළඟාවීමට තවත් දින කිහිපයක් ගත විය. අතරවාරයේ නෝර්වේ රාජ්‍යයද සිය පුහුණු කිමිදුම්කරුවන්ගෙන් සමන්විත ගලවාගැනීමේ නෞකාවක් වූ Seaway Eagle නෞකාව පිටත්කොට හැරියේය. මෙම මුලු කාලය පුරාවටම රුසියානු බලධාරීන් විසින් අයහපත් කාලගුණය හා අනතුර විසින් ඇතිකළ හානීය නිසා අනතුරින් දිවිගලවාගෙන සිටින්නන් ඉවතට ගත නොහැකි බව දන්වා සිටියහ.

දිගින් දිගටම මාධ්‍යය වෙතින් හා ඥාතීන්ගෙන් එල්ලවූ දැඩි පීඩනය හමුවේ පුටින් විසින් බ්‍රිතාන්‍යය හා නෝර්වේජියානු ගලවා ගැනීමේ කණ්ඩායම් වලට ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වීමට අවසර ලබා දුන්නේය. කෙසේ නමුත් ඔවුනට පිපිරුම සිදුවූ සබ්මැරිනයේ ඉදිරිපසට යාමට තහනම් වූ අතර දිවිගලවා ගත් යමෙක් වෙත්නම් ඔවුන්ව ගලවා ගැනීම උදෙසා පිටුපස වූ හදිසි ඉවත්වීමේ දොරටු විවෘත්ත කිරීමට පමණක් ඔවුන්ට අවසර ලැබුණි.


අනතුර නිසා හානිවී විවර කළ නොහැකියැයි රුසියානු බලධාරීන් කී හදිසි ඉවත්වීමේ දොරටු, බ්‍රිතාන්‍යය හා නෝර්වේජියානුවන් එකතුව විනාඩි විසි පහක කාලයකින් විවර කිරීමට සමත් වූහ. ඔවුනට දක්නට ලැබුණේ සම්පුර්ණයෙන්ම මුහුදු ජලයෙන් වැසී ගිය සබ්මැරීනයකි. කාර්‍යය මණ්ඩලයේ වූ 118 දෙනාම සිය ජීවිත පූජාකොට තිබුණි. ඉතිරිවූ කිසිවකුත් නොවූහ. මුලින්ම හමුවූ දිමිත්‍රි කොලස්නිකව්ගේ මළසිරුරේ වූ කබායේ තිබී, ඔහු විසින් සිය බිරිඳට හා බලධාරීන් වෙත ලියූ ලිපියක් හමු විය.

දැන් වෙලාව 13:15 යි. හය, හත සහ අට අංශ වල සිටි සැවෝම අංශ නවයට විතැන් වුණා. කිසිවකුට ගැලවිය නොහැකි නිසයි අප විසින් මෙම තීරණය ගනු ලැබුවේ. මෙහි 23 දෙනෙකු රැඳී සිටිනවා. මා මෙය ලියන්නෙත් අඳුරේ සිටයි. ලිවීමට නොහැකි තරම්ම මෙහි අඳුරුයි. මම පුරුද්දෙන් ලිවීමට උත්සහා කරනවා. පෙනෙන විදිහට අපට මෙයින් ගැලවීමට නොහැකියි. සමහර විට එය 10-20% වගේ සුළු සම්භාවිතාවක් වේවි. මෙය කවුරුන් හෝ කියවාවියැයි සිතනවා.


අංශ නවයේ රැඳී සිටිමින් දිවිගලවා ගැනීමට උත්සහා කරනා අප 23න් දෙනාගේ නාමයන් මෙසේය.

සියලු දෙනාටම ආයුබෝවන් ! බලාපොරොත්තු කඩකරගත යුතු නොවේ !! 

                                                                                             - Lieutenant-Captain Dmitry Kolesnikov


සබ්මැරිනයට සිදුවූයේ කුමක්ද යන්න දෙවෙනි කොටසින් දැනගනිමු.

~~සෙන්නා / 13.06.2013

Wednesday, June 12, 2013

ඊලඟට මොකක්ද ?

12.06.2013

දැන් වෙලාව 13:15 යි. හය, හත සහ අට අංශ වල සිටි සැවෝම අංශ නවයට විතැන් වුණා. කිසිවකුට ගැලවිය නොහැකි නිසයි අප විසින් මෙම තීරණය ගනු ලැබුවේ. මෙහි 23 දෙනෙකු රැඳී සිටිනවා. මා මෙය ලියන්නෙත් අඳුරේ සිටයි. ලිවීමට නොහැකි තරම්ම මෙහි අඳුරුයි. මම පුරුද්දෙන් ලිවීමට උත්සහා කරනවා. පෙනෙන විදිහට අපට මෙයින් ගැලවීමට නොහැකියි. සමහර විට එය 10-20% වගේ සුළු සම්භාවිතාවක් වේවි. මෙය කවුරුන් හෝ කියවාවියැයි සිතනවා.

අංශ නවයේ රැඳී සිටිමින් දිවිගලවා ගැනීමට උත්සහා කරනා අප 23න් දෙනාගේ නාමයන් මෙසේය.

සියලු දෙනාටම ආයුබෝවන් ! බලාපොරොත්තු කඩකරගත යුතු නොවේ !! 

                                                                                                                                  - LCDK


XXXX


ඔල්ගා කොලෙස්නිකව් හට 2000හේ අප්‍රේල් මස සිදුවූ සිය විවාහයෙන් පසු කල්නොයවාම සිය සැමියා සබඳකම් පවත්වන අනෙක් ගැහැනිය හමුවීමේ අවස්ථාව උදාවිය. මෙම සබඳතාවය ගැන ඔල්ගාගේ සිතෙහි බලවත් ඊර්ෂ්‍යාවක් වූ බව ඇයගේම වදන් සාක්ෂි දරයි.

"මිටායාට ගැහැණු දෙන්නෙක් හිටියා. එකෙනෙක් මම, අනිත් කෙනා xxxxx  xx. xx  මම ඒ ගැන ඊර්ෂ්‍යාවෙන් හිටියේ."

XXX

කවදාවත් ගිල්ලවන්න බෑ කියපු ටයිටැනික් පළමු ගමනෙදිම ගිලුන හැටි නොදන්න කෙනෙක් නෑනෙඔය වගේ කවදාවත් බෑකියපු ඒවා තව කීයක්  ගිලිලා ඇත්ද !

කවදාවත් ගිල්ලවන්න බෑ කියපු තවත් යෝධයෙක්ගෙ ඉරණම ගැන කියවන්න, හෙට 13.06.2013 ලංකාවෙ වෙලාවෙන් රෑ හතට කුරුන්දට ගොඩවෙන්න.


එතකම්;

1. 
සබ්මැරින් චාරිකාවක් ගිහින් නැති අය ඉන්නවනම් ඒක මොනවගේ අත්දැකීමක්ද කියලා මෙන්න මෙතනින් ගිහින් බලන්න. දෙවෙනි කොටස මෙතනින්.

2. 
ඊට පස්සෙ හිනාවෙන්න කැමතිනම් මෙන්න මේක ටිකක් බලන්න



රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog