Saturday, December 24, 2011

ඒ රුහුණේ කොල්ලා, මුළු ලෝකෙම හොල්ලා.....


උඳුවප් 24, 2011 / ශනිදා.




දිනය, 1982 ජුනි 30 වැනිදා. ටෝකියෝ බලා ගමන් කිරිමට නියමිත ගුවන් යානය, ලහි ලහියේ ඒ සඳහා සුදානම් වෙමින් පවතී. සියළු මගීන් යානයට ගොඩවී තමනට වෙන්වු අසුන් සොයා යයි. ගුවන් සේවිකාවන්ද ඔවුන්ට සහය වෙමින් යානය ගුවන් ගත කිරිමට අවශ්‍ය පූර්ව සුදානම් කිරිම් වල නියෙලෙමින් සිටියාය. මොහොතකින් සියල්ල සුදානම්. මගීන් 340 ක් රැගත් Alitalia AZ 1790 Boeing 707 ගුවන් යානය නව දිල්ලි අහස් කුස දෙබෑකරගන ගුවන් ගතවිය.

සියල්ල යථාපරිදි සිදුවෙමින් පැවතුනි. මගීන් සුවපහසු ලෙස සිය අසුන්වලට බරදෙමින් සිටින අතරතුර කාර්‍ය්‍යය මණ්ඩලය සිය කටයුතුවළ නිරත වෙමින් සිටී.

යානය අඩි 35,000 ක්වු, පියාසර මට්ටමට ලඟාවිය. මේ අතරතුර එක් ගුවන් සේවිකාවක් විසින් කපිතාන් Georgo Amarosa වෙත මගියෙකුගෙන් ලද ලියමනක් යොමුකරන ලදී. තමන් විසින් පාලනය කරනු ලබන යානය සිය පාලනයෙන් ගිලිහී ඇති බව අවබෝධ කොට ගැනීමට මේ පළපුරුදු නියමුවාට එම ලිපිය දෙවරක් කියවීමට අවශ්‍ය නොවුනි.

*******************************************************************************************************************




1949 ජුනි 03 වෙනිදා, මාතර කරතොට ග්‍රාමයේ උපත ලබන සේපාල, හම්බන්තොට යෝධකණ්ඩිය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබයි. කුඩාඅවදියේ සිටම විප්ලවකාරි චරිතයක් වන සේපාල, 50 දශකයේ අග බාගයේදී සිය පියාත් සමඟ ඇතිකරගන්නා ආරවුලක් හේතුකොටගෙන නිවසින් පිටව ගොස්, එවකට ආනන්ද කනිශ්ඨ විද්‍යාලයේ විදුහල්පති  D.L.B. පෙරේරා මහතාගේ නිවසේ නතරව සිටී. 1972 දී, සේපාල ඉසුරු සොයා බටහිර ජර්මනිය බලා යෑමට තීරණය කරයි.

1973 දී, බටහිර ජර්මනිය බලා යන සේපාල, පළමුවෙන්ම කම්කරුවෙකු ලෙස අව්රුදු තුනක් බටහිර ජර්මනියේ රැකියාව කරයි. මේ අතර තුර, ඉතාලි ජාතිකයන් කිහිප දෙනෙකු සමඟ මිතුදමක් ගොඩ නගා ගන්නා සේපාල, 1976 ඔවුන්  සමඟ ඉතාලියට පැමිණ,  සිය මිතුරන් ගේ සහායෙන් ඉතාලියේ මොඩෙනා නගරය ආසන්නයේ ගොවිපලක රැකියාවක් ලබා ගනී.


සිය මිතුරකු මාර්ගයෙන් Anna Aldrovandi හඳුනා ගන්නා සේපාල, ඇය සමඟ පෙම්සබඳ තාවයක් පටන් ගන්නා අතර, ටික කලකින් එක්ව වාසය කිරිමට පටන් ගනී. 1978 දී සිය දරුවා වූ ෆ්‍රී ඒකනායක, ඔවුන් අතරට පැමිනෙන අතර එම වසරේදීම ඇනාගේ පාර්ශවයෙන් එල්ලවන විරෝධයද නොතකා ඔවුන් නීත්‍යණුකූලව විවාහ වේ.

මේ අතර වාරයේ සිය ඉතාලි විසා බලපත්‍රය කල් ඉකුත්වීම කරනකොටගෙන, සේපාල විසින් එය දීර්ග කිරීමට ඉල්ලුම් කරන අතර ඉල්ලීම ප්‍රතීක්ෂේප කළ ඉතාලි ආගමන බලධාරින් නැවත ලංකාවට ගොස් ලංකාවේ ඉතාලි තානාපති කාර්‍ය්‍යාලය හරහා ඒ සඳහා ඉල්ලුම් කරන ලෙස දන්වා සිටී.

මෙම කරුණ සහ තවත් කරුණු කිහිපයක් මුල් කොටගෙන සේපාල සහ බිරිඳ අතර මත ගැටුම් හටගන්නා අතර, සිය දරුවාද කැටුව සේපාල ලංකාවට පැමිණේ.


පසුව සිය සහෝදරයකුද සමඟ ලංකාවට පැමිණෙන ඇනා, හෝටලයක නතරවන අතර සේපාල අමතමින් දැනුම් දෙන්නේ, වීසා සම්බන්ධ ගැටළු සියල්ල නිරාකරණය කරගත් අතර දරුවාද කැටුව හෝටලයට එන ලෙසය. දරුවාද රැගෙන හෝටලයට යන සේපාල, ඇයට දරුවා බාර දෙන අතර ඊලඟ දවසේ හෝටලයට යනවිට දැන ගන්නට ලැබෙන්නේ  ඇනා සහ සොහොයුරා දරුවාද රැගෙන රටින් පිටව ගොස් ඇති බවයි.


නැවත ඉතාලියට යාමට, ඉතාලි තානාපති කාර්‍ය්‍යාලය හරහා විසා ලබාගැනිමට උත්සහා කලද, සිය සියළු උත්සහායන් අසාර්ථක වන්නේ කෝපයෙන් දැවුනු, අසහනකාරී පියෙකු ඉතිරි කරමිනි.

*******************************************************************************************************************

සේපාල ඒකනායක
"This plane must land at Bangkok airport. Doors of the plane should not be open. Our demands must be communicated to the Bangkok airport and the Italian authorities immediately. All discussions with us should be restricted to radio communications only. We have got the most sophisticated bombs manufactured in Italy. If we feel that you are trying to deceive us or to attack us, the plane with all the passengers, will be blown up. Simultaneously with that explosion, or a little later, there will be two more blasts in Modena and another city in Italy."


" මෙම ගුවන් යානය, බැංකොක් ගුවන් තොටුපලට ගොඩ බැස්සවිය යුතුය. යානයේ දොරවල් විවෘත නොකළ යුතුය. අපගේ ඉල්ලීම් බැංකොක් ගුවන්තොටුපළ හා ඉතාලි බළධාරීන්ට වහාම දැනුම්දිය යුතුය. අප හා කෙරෙන සියළුම සාකච්චා ගුවන්විදුලි කථන මගින් පමනක්ම කල යුතුය. අප සන්තකයේහී ඉතාලියේ නිශ්පාදිත අති නවීන බොම්බ ඇති අතර, අපව රැවටීමට හෝ පහර දීමට උත්සහා කලහොත්, සියළුම මගීන් සමඟ යානය පුපුරුවා හරින අතර ඊට සමගාමිව හෝ මදකට පසුව, ඉතාලියේ මොඩෙනා නගරයේ හා තවත් නගරයක පිපිරීම් සිදුවනු ඇත."

පාලන මැදිරිය අමතා සිද්ධීය දැනුම් දුන් කපිතාන් Georgo Amarosa ඔවුන්ගෙන් ලද උපදෙස් මත ක්‍රියාත්මක විය.


" සියලුම මගීන් සිය ආසන පටි සවිකරගන, හදිසි ගොඩබැස්සවීමක් සඳහා සුදානම් වන්න"


නියමුවාගෙන් නිකුත් වූ මෙම නිවේදනයත් සමගම, එක් මගියකු හැර අනික් සියළුම මගීන් තුෂ්නිම්භූත විය. අවිනිශ්චිතතාවයට පත්විය. සිදුවෙමින් පවතින්නේ  කුමක්දැයි ඔවුන්ට සිතා ගැනීමට අපහසු විය.


සේපාල ඒකනායකගේ නියෝගය මත, යානය බැංකොක් ගුවන්තොටුපලට ගොඩබැස්සවීය. ඔහු විසින් කරන ලද ප්‍රධාන ඉල්ලීම් තුනකි.

1. ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා, ඔහු වෙත පැමිණවිය යුතුය.
2. ඩොලර් 300,000.00 කප්පම් මුදලක් ඔහුට ගෙවිය යුතුය.
3. සියළුම මගීන්, ආරක්ෂක පරික්ෂා කිරීම් වලින් තොරව ගුවන් යානයෙන් පිටවීමට අවසර දිය යුතුය.


මුළු ලොවෙහිම අවධානය තායිලංතයේ, බැංකොක් නගරය වෙත යොමුව තිබුනි. සියළු මාධ්‍ය කරුවන් වෙන්නේ කුමක්දැයි දැනගැනීමට නොඉවසිල්ලෙන් බලා සිටියේය.


දීර්ග අවිනිශ්චිතභාවයකට අනතුරුව, අවසානයේදී, සේපාලගේ බිරිඳ සහ දරුවාද, ඉල්ලූ කප්පම් මුදලද බැංකොක් වෙත ලඟාවෙමින් පවතින බව ආරංචි විය. කෙසේවෙතත්, සියල්ල එලෙසින්ම විශ්වාසයට ගැනීමට අදිමදි කල සේපාල, තමන්ට තම දරුවාගේ කට හඬ ශ්‍රවණය කිරීමට අවැසිබව දන්වා සිටියේය. ( පසුකලෙක ෆ්‍රී ඒකනායක, තමාට මෙම සිද්ධිය මතක බවද සඳහන් කළේය. )


දිගු අදහස් හුවමාරුවකින් පසු, තමන්ගේ ඉල්ලීම් සියල්ල ලබාගත් සේපාල, සියළුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට එකඟ විය. සියළුම මගීන් එකිනෙකා යානයෙන් පිටත්විය. අවසානයේ සේපාල යානයෙන් පිට වූ අතර, මුළු ලොවම සිද්ධිය මෙසේ, ලේ වැගිරීමකින් තොරව අවසන් වීම ගැන සැනසුම් සුසුම් හෙලූහ.


දැන් සේපාල හමුවේ ඇති අළුත් පැනයකි. තම බිරිඳ හා දරුවා සමඟින්, අළුතින් ලබාගත් ධනය උපයෝගී කොටගෙන නව ජීවිතය අරබන්නේ කොහේද යන්නයි. මෙහිදී සේපාල හමුවට එන තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපතිනිය වූ, මානෙල් අබේසේකර මහත්මිය, ඔහුට නැවත කිසිදු බියකින් තොරව ශ්‍රි ලංකාව බලා යා හැකි බව දැනුම් දුන්නාය. ( මෙම ප්‍රකාශය ගැන පරස්පර විරෝදතා ඇති අතර, පසුකලෙක ඇය විසින් එය මෙසේ ප්‍රතික්ශේප කොට ඇත.)

අවසානයේදී, සේපාල ශ්‍රි ලංකාවට යෑමට තීරණය කරන අතර 1982 ජුලි 02 වන දින සිය බිරිඳ සහ දරුවා සමගින් ලංකාවට පැමිනෙන්නේ රුහුණේ ජනතාව වෙතින් වීරයකුට ලැබෙන පිළිගැනීමක්ද සමගිනි. ඩොලර් 300,000.00 ක්වු කප්පම් මුදලද කිසිඳු අවහිරයකින් තොරව රේගුවෙන් නිදහස් කරගන්නා සේපාල, ගුවන්තොටුපලේ සිට Ceylon Inter- Continental හෝටලය වෙත ගමන් කෙරුවේය.

*******************************************************************************************************************

සිද්ධිය මෙසේ අවසන් වුවද, ඉතාලි රජය සහ ජාත්‍යන්තරය එය ලෙහෙසියෙන් අත්හැරීමට සූදානම් නොවීය. ශ්‍රි ලංකා රජයට බලකරමින් ඔවුන් දන්වා සිටියේ, සේපාලව  අත්අඩංගුවට ගෙන ඉතාලි රජයට බාර දිය යුතු බවයි. සුපුරුදු පරිධි සිය තර්ජනාංගුලිය දිගුකරමින් ලෝක පොලිස් කාරයා වූ ඇමරිකාව දන්වා සිටියේ, ශ්‍රි ලංකාව මේ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අපොහොසත් වුවහොත්, ශ්‍රි ලංකාවද ගුවන් මංකොල්ලකෑම් සම්බන්ධයෙන්, ලිබියා රාජ්‍යය ගණයේ රටක් ලෙස සැලකීමට සිදුවන බවයි. නැග එන ජාත්‍යන්තර පීඩනය හමුවේ ශ්‍රි ලංකාවද මේ සම්බන්ධයෙන් යම්කිසි දෙයක් කළයුතු තැනට තල්ලුවෙමින් පැවතුනි.

1982 ජූලි 02 වන දින රාත්‍රී 0800 පමණ, විදේශ ඇමති A. C. Shaul Hamid සිය ජේෂ්ඨ නිළධාරි මණ්ඩලය, නීති උපදේශක වරුන්, විදේශ ලේකම් සහ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක  සිය නිළ නිවසට කැඳවන්නේ මේ තත්ත්වය හමුවේ යම් දෙයක් කලම යුතු වූ බැවිනි.

පැයක පමණ සාකච්චාවකින් පසු, කොළඹ දිශාව බාර නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතාවද සාකච්චාවට සහභාගී කරගැනිම සඳහා කැඳවන ලදී. මිනිත්තු 15 ක් පමණ කාලයකදී එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා අදාළ ස්ථානයට පැමිණුනි. අවෙලාවේ කැඳවීම සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කොට සිටි, විදේශ ඇමති තුමා, කැඳවීමට හේතුව කෙටියෙන් විස්තර කරන ලදී. මෙය ශ්‍රි ලංකා පොලිසිය මේ සම්බන්ධයෙන් නිළ වශයෙන් දැනුවත් කළ මුල්ම අවස්ථාව විය.

මේ අතර සේපාල සිය බිරිඳ සහ දරුවා සමගින් Ceylon Inter- Continental හෝටලයේ 730 කාමරයේ නතරවී සිටි අතර, දෙස් විදෙස් මාධ්‍ය ඇතුළු, ඉතා විශාල පුද්ගල සංඛ්‍යාවක් ඔහුව හමුවීමට පැමිණෙමින් සිටියේය. කොටුව පොලිසිය සේපාලගේ සියළු කටයුතු සම්බන්ධයෙන් ඇස ගසාගන සිටි අතර නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතාවද දැනුවත් කොට තිබීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට ඇමති තුමා ඇතුළු පිරිස, නවතම තත්ත්වය පිළිබඳව දැනුවත් කළහැකිවිය. ඇමති තුමා මේ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළකොට සිටියේය.

අවසානයේදී, දීර්ග සාකච්චාවකින් පසුද, ගත හැකි ක්‍රියාමර්ගයක් නොදුටු ඇමතිතුමා, නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහාතා දෙසට හැරෙමින්,

"ඇයි අපිට මේ මනුස්සයව අත් අඩංගුවට ගන්ඩ බැරි ? " යැයි ඇසීය.

" සර්, මේ සම්බන්ධයෙන් පුවත් පත් වාර්ථා මිස, මේ දක්වා කිසිදු පාර්ශවයකින් අපිට පැමිණිල්ලක් ලැබිලා නැහැ. අනිත් එක, ශ්‍රි ලංකා නීතියේ හැටියට ඔහු කිසිදු අපරාධයක් නොකරපු කෙනෙක් හැටියට තමා සලකන්ඩ වෙන්නේ, මොකද ගුවන් යානා මංකොල්ලකෑම් වලට එරෙහි නීතියක් මේ දක්වා ශ්‍රි ලංකාවේ සම්මත කරගන නැහැ."

මේ අවස්ථාවේදී එක් නීති උපදේශකයකු කතා කරමින්,

" සර් අපි මේ සම්බන්ධයෙන්, පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඉක්මනින්ම සම්මත කරගමු."

"තමුසෙට පිස්සුද ? ඕකට සතිගානක් යයි. අනිත් එක විපක්ශෙන් අපිට හොඳ ප්‍රහාරයක් හම්බවෙයි, IATA සම්මුතියට අත්සන් කරපු වෙලාවෙම මේක සම්මත කරගතේ නැති එක ගැන." ඇමතිතුමා කෝපයෙන් උත්තර දෙයි.

මෙහිදී කතාකල නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා, "සර් මේකට සම්බන්ධ කුමන හෝ පාර්ශවයකට, මේ ගැන පැමිණිල්ලක් කරන්ඩ පුළුවන්නම්, මම වගකීම බාර අරගන ඔහුව අත් අඩංගුව ගන්නම්." තවදුරටත් කතාකරමින් ඔහු යොජනා කොට සිටියේ Alitalia ගුවන් සේවයේ අයිතිකරුවන් ලෙස, ඉතාලි රජය වෙනුවෙන්, ඉතාලි තානාපති මේ සම්බන්ධයෙන් පමිණිල්ලක් කරන්නෙනම් වඩාත් ප්‍රතිඵලදායක විය හැකි බවයි.

මෙහිදී දුරකථනය වෙත ගිය ඇමතිතුමා ඉතාලි තානාපතිවරයා අමතන්නට විය. " මිනිහා දැන්මම එන්නම් කිව්වා "  කියමින් ඇමතිතුමා දුරකථනය විසන්දි කළේය.

රාත්‍රී 11.00 ට පමණ ඉතාලි තානාපති Franco Micieli de Biase මහතා, එම ස්ථානයට ලඟාවිය. තත්ත්වය පැහැදිලි කිරීමෙන් පසු, ඉතාලි තානාපතිවරයා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට එකඟ වූ අතර, නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා පසුදින ඉතාලි තානාපති කාර්‍ය්‍යාලයට ගොස් එම පැමිණිල්ල ලබා ගැනීමට එකඟ විය.

පසු දින ඉතාලි තානාපති කාර්‍ය්‍යාලයට වාර්ථාකල නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා සහ කොටුව පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක George Nicholas මහතා පහත සඳහන් පැමිණිල්ල, ඉතාලි තානාපතිවරයා අතින් බාරගන්නට යෙදුනි.

Colombo, 2nd July 1982

"Ambasciata d'Italia
Colombo.

N. 1508

The Inspector General of Police,
Police Headquarters,
Colombo 1

Dear Sir,

Acting on behalf of the Italian Government, I wish to lodge a complaint with the Sri Lanka Police Authorities that the Sri Lankan national Sepala Ekanayake, born on 30.6.1947 at Matara, has hijacked an airplane (Flight No. AZ 1790) of Itali's national airline ALITALIA on 29.6.82 in Bangkok, Thailand, taking hostage of the crew and passengers and subsequently extorted and obtained a ransom of 300,000 US $ from the Italian Government for the release of such hostages and the aircraft.
On behalf of the Government of Italy, I kindly request the Sri Lanka Police Authorities to take necessary action under law against said Sepala Ekanayake for the crime committed and for the return of 300,000 US $ to the Italian Government.

Thanking you,

Yours sincerely,

Sgd/

(Franco Micieli de Biase)
Italian Ambassador

පරිවර්තනය.



1982 ජූලි 02

ඉතාලි තානාපති කාර්‍ය්‍යාලය
කොළඹ

අංක 1508

පොලිස්පති තුමා,
පොලිස් මූලස්ථානය,
කොළඹ 1.

මහත්මයාණනී,

ඉතාලි රජය වෙනුවෙන් කටයුතු කරමින්, පහත සඳහන් පැමිණිල්ල ඔබ වෙත බාර දීමට මා බලාපොරොත්තු වෙමි.

1947 ජුනි 03 වන දින මාතරදී උපත ලද, ශ්‍රි ලංකිකයකු වූ, සේපාල ඒකනායක නැමැත්තා 1982 ජුනි මස 29 වන දින තායිලංතයේ බැංකොක් නුවරදී, ඉතාලි රජයට අයත් Alitalia AZ 1790 ගුවන් යානය එහි ගමන් ගත් මගීන්ද සමඟ පැහැරගෙන,  ඔවුන් සහ කාර්‍ය්‍යය මණ්ඩලය, ප්‍රාණ ඇපයට තබා ගනිමින් ඩොලර් 300,000.00 කප්පම් මුදලක් ඉතාලි රජයෙන් ලබා ගැනීමට කටයුතු කොට ඇත.

ඉතාලි රජය වෙනුවෙන්, මා ශ්‍රි ලංකා පොලීසියෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, කළ වරද සම්බන්දයෙන්, පවත්නා නීතිය යටතේ, සේපාල ඒකනායක නැමැත්තාට එරෙහිව නිසි පියවර ගෙන, ඩොලර් 300,000.00 මුදල නැවත ඉතාලි රජයට ලබාදීමට කටයුතු කරන මෙනි.

ස්තූතියි.

මෙයට විශ්වාසී,


Sgd/
(Franco Micieli de Biase)

ඉතාලි තානාපති.
---------------------------------

එම ලියවිල්ල නීත්‍යානුකූල ලියවිල්ලක් ලෙස, පොත්වල සටහන් කිරීමෙන් පසු, එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා, ප්‍රධාන පොලිස් පරීක්ශක George Nicholas මහතාට, නියෝග කරමින් කියා සිටින්නේ සේපාල ඒකනායකව වහා අත්අඩංගුවට ගෙන රහස් පොලිසිය හමුවට පමුණුවන ලෙසයි.


මේ අනුව ක්‍රියාත්මක වන ප්‍රධාන පොලිස් පරීක්ශක George Nicholas මහතා, සේපාල ඒකනායකව අත්අඩංගුවට ගැනිමට හෝටලයට ගියද ඔහුට දැනගනීමට ලැබෙන්නේ සේපාල ඒකනායක ඒ වනවිටත් සිය බිරිඳ හා දරුවා සමඟ හෝටලයෙන් පිටව ගොස් ඇතිබවයි. වැඩිදුරටත් සිදුකල පරික්ශණ වලින් දැන ගැනීමට ලැබෙන්නේ ඔවුන් ගාල්ල බලා ගමන් කොට ඇති බවයි. එදිනම සවස ගාල්ලේදී සේපාල ඒකනායකව අත්අඩංගුවට ගනු ලබයි.



මෙහිදී වහා ක්‍රියාත්මක වූ, ඉතාලි තානාපති කාර්‍ය්‍යාලය, සේපාලගේ බිරිඳව සහ දරුවාව, කඩිනමින් නැවත ඉතාලියට යැවීමට කටයුතු කරන ලදී.

සේපාල ඒකනායකව මෙසේ අත් අඩංගුවට ගත්තද ඔහුට එරෙහිව කටයුතු කිරීම්ට නීතියක් ශ්‍රි ලංකාවේ ඒ වන විට නොපැවති හෙයින්, සේපාලව අධිකරණය ඉදිරියට පැමිණවීමට පෙර එය සම්මත කර ගැනීම අවශ්‍යය විය.

එලෙස ගුවන් මංකොල්ලකෑම් වලට එරෙහි නීතිය, අතීතයටද බලපාන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල සම්මත කරගැනීමෙන් අනතුරුව, සේපාල ඒකනායකව, ඉහල උසාවියෙ විනිසුරු J.J.S.A ඩයස් උපවංශ යාපා මහතා ඉදිරියට පමුණුවන ලද අතර සේපාල ඒකනායක වෙනුවෙන් සුප්‍රසිද්ද නීතීඥ රන්බංඩා සෙනෙවිරත්න මහතා පෙනී සිටින ලදී.

නඩු විභාගය අවසානයේදී, සේපාල ඒකනායකට, පස් වසරක සිරදඩුවමක් හිමිවන අතර, 1987 දී ඔහු එයින් නිදහස් විය. පසුකලෙක සේපාල, ඉංග්‍රීසි ගුරුවරියක හා විවාහ වන අතර, ඔවුන්ගේ කැදල්ලට දරු දෙදෙනෙකුද එකතු වේ.

තමාට ඇති ආදරය වෙනුවෙන් මුළු ලෝකයම හෙල්ලූ මේ ශ්‍රේෂ්ඨ තාත්තා බැලිමට, වයස 19 දී ෆ්‍රී ඒකනායක ලංකාවට පැමිනෙන අතර, පිය පාර්ශවයෙන් ශ්‍රි ලංකිකයකු වන ෆ්‍රී, තමන් ලංකාවට හා එහි අහාර වලට රුචි බවද සඳහන් කරයි. අනාගතයේ දවසක කරුණු යෙදෙන ලෙස, සමහර විට තමන් ශ්‍රි ලංකාවේ පදිංචි වීමට පැමිණීම උවද විය හැකි බව ෆ්‍රී ඒකනායක සඳහන් කරයි. වැඩි විස්තර මෙතනින්.

වසර 16කට පසු හමුවූ පියා සහ පුතා
ෆ්‍රී සිය සොයුරු සොයුරියන් සමඟ



එදා මෙදා තුර ගුවන් යානා මංකොල්ලාකෑම් ඉතිහාසය පරික්ෂා කිරීමේ දී, දේශපාලනික නොවූ, මානුෂීය හේතුවක් පදනම් වූ, එකම ගුවන් යානා මංකොල්ලය, සේපාල ඒකනායක විසින් සිදුකල ගුවන් කොල්ලය සේ සැලකිය හැකිය. එසේම ගුවන් යාන මංකොල්ලයක් සිදුකල ප්‍රථම සහ එකම ශ්‍රි ලාංකිකයා ලෙසද සේපාල ඒකනායක ඉතිහාසයට එක්වේ.

සේපාල ඒකනායක සතුව ගුවන් යානය පුපුරුවා හැරීම සඳහා පුපුරන ද්‍රව්‍ය හෝ බෝම්බ නොතිබුන පසුව මාධ්‍ය වාර්ථා ඔස්සේ කියවුනද, ඒවා ප්‍රතික්ශේප කරන සේපාල, තමා සතුව බෝම්බ 10 කට ආසන්න සංඛ්‍යාවක් තිබුන බව පිළිගනී.

ඇන්ටන් ජෝන්ස් විසින් සේපාල ඒකනායකට උපහාර ලෙස ගැයූ ගීතය.


පසු සටහන :

මෙහි එන සමහර දෙබස් සහ අවස්ථා, එලෙස සිදුවන්නට ඇතැයි උපකල්පනය කොට මනඃකල්පිතව යොදන ලදී. ඒවා සත්‍යය සිද්දියෙන් මදක් බැහැර විය හැකි බව කරුණාවෙන් සළකන්න.

මූලාශ්‍ර;

http://en.wikipedia.org/wiki/Sepala_Ekanayake
http://www.lankanewspapers.com/news/2007/1/11534_space.html
http://www.island.lk/2008/05/31/satmag1.html
http://www.island.lk/2008/05/21/opinion1.html
http://sundaytimes.lk/980301/plusm.html
http://www.nation.lk/2007/07/15/newsfe5.htm


විශේෂ ස්තූතිය;
මුළින් ලියවුන, සදොස් බහුල ලිපිය කියවා, ඒ ගැන සිය අදහස් ප්‍රකාශ කොට, වඩා නිවැරදි තොරතුරු අඩංගු සබැඳියක් ලබා දුන්, හරී මිතුරාට. එසේ නිවැරදි කෙරුන කොටස් නිල් පාටින් සළකුනු කොට ඇත.



පින්තූර :  Google Images

86 comments:

  1. කියන්න දෙයක් නෑ.උපරිමයි!

    ReplyDelete
  2. සිද්ධිය හරි විදියට ලියල.... ‍ දන්නා අයට දැන් අමතක වී ඇති නිසාත් නොදන්නා අයට දැනගැනීමටත් වටිනා ලිපියක්.

    ReplyDelete
  3. Thank you again for giving those important links.

    After reading http://www.island.lk/2008/05/21/opinion1.html I felt we should respect that lady (Mrs Manel Abeysekera) Former Ambassador to Thailand for the job she has done during this world shaken incident.
    It is also a nice letter to read like an another side of our hero,s unforgettable story.

    ReplyDelete
  4. මේ සිද්ධිය වූ කාළයේ (උසස් පෙළ ඉවර කර සිසුවෙක් වූ මා) පුවත්පත් වලින් කියවා තිබූ අන්දමට ඔබේ සටහනේ සඳහන් //...කිසිදිනක පුපුරුවා හැරිය නොහැකි, වයර් සහ බැටරි කිහිපයක් අමුනා සකසා ගන්නා ලද අනුරුවක් පමණක් වීම...// නිවැරදිය.

    කටුනායකින් ගොඩ බැසූ සේපාල පිලිගන්න එකල රජයේ ප්‍රධාන ඇමතිවරුන් පවා ගුවන්තොටුපොලට ගොස් ඇතිබව මාධ්‍ය ප්‍රකාශ කර සිටියා. ඉතාලි තානාපති කාර්යාලය අතදාන තුරු ඔහු වීරයෙක් විය. උපන්ගම වූ වැලිගමට ගමනේ යෙදී සිටි ඔහුව හරසරින් පිලිගනු ලැබුනි. ගාල්ලේදී අත්අඩංගුවට ගැනුනි. ජේ ආර් රජය අතීතයට බලපාන පරිදි නීතිපනත් ගෙනෙමින් අත්අඩංගුවට ගත් ඔහුට දඬුවම් පැමුණ විය.

    ඒකාලයේ ප්‍රකට කතාවක් වූයේ ඒ පනත සම්මත කරවාගන්න ඉතාලි රජය විසින් ලංකාවට තිරිඟු තොගයක් තෑගි කල බවය.

    ReplyDelete
  5. චමිල සොයුරා FBහි ලබා දී තිබූ සැබැඳියක් හරහා මේ පැත්තට ආවේ.

    දිග ගමනකට සුබාසිරි!

    ReplyDelete
  6. හොඳට ලියල තියෙනවා.දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න MR :සේපාල දැන් ලංකාවේ ඉන්නවද නැත්නම් ජිව්වතුන් අතර නැද්ද ?

    ReplyDelete
  7. හොඳ ලිපියක්. ස්තුතියි. ඔබ හොඳට අධ්‍යයනය කර තිබෙනවා.

    ReplyDelete
  8. @ අමින්ද ඉෂාර,
    මේ පැත්තේ ආවාට සහ අගය කිරීම ගැන ස්තූතියි මචන්.

    @ Rajith
    ස්තූතියි මචන්.... උඹලෑ ඔය වදන් ඉදිරියටත් ලියන්ඩ ලොකු හයියක් මචන්..

    @ වැලිමැඩියා,
    ස්තූතියි මචන්, සිද්දිය හරිවිදිහට ලියවිලානම් හොඳයි.. ඒත් මට පොඩි සැකයක් තිබුනා සමහර කරුනු වැරදිද දන්නෙත් නෑ කියලා.. මොකද සමහර ඒවා මම නිකම්ම අහලා තිබුන කරුණු විතරයි.

    @ ගල්මල්-Coral,
    ස්තූතියි මචන්, මේ පැත්තේ ආවටයි, දීපු විස්තර වලටයි. ඔය බොම්බේ සිද්දිය ගැන මට සැකයක් තිබුනා හරිද කියලා. මොකද මට ඒක තහවුරු කරගන්න කිසිම විදිහක් තිබුනේ නෑ. දෙගිඩියාවෙන් තමයි ලියුවේ. ස්තූතියි ඒක තහවුරු කල එකට. මමනම් හිතන්නේ JR රජයට ඒ වෙලාවේ වෙන ගන්ඩ පුළුවන් විකල්පයක් තිබුනේ නෑ.

    චමිල කියන්නේ කව්ද කියලානම් දන්නෑ මචන්. මම ස්තූතියි කිවා කියපන්, කුරුන්ද ගැන දුන්නු ප්‍රචාරයට.

    @ අසරණයා,
    මචන් අසරණයා, ස්තූතියි. මට දැන ගන්ඩ ලැබුනු කරුණු වල හැටියට, සේපාල ඒකනායක මහතා දැන් බත්තර මුල්ලේ පදිංචිවෙලා ඉන්නේ. ඔහු නුවර එළියේ, ලෝකාන්තය බලන්ඩ යන අයට ජීප් රථ සැපයීමේ ව්‍යාපාරයක් කරන බව තමා දැන ගන්ඩ තියෙන්නේ.

    @ Ishara
    ස්තූතියි Ishara. පොඩ්ඩක් මහන්සි නම් වෙන්ඩ උනා. උඹලෑ කමෙන්ට්ස් ටික දැක්කම, ඒ මහන්සිය අපතේ ගියේ නෑ කියල හිතෙනවා මචන්. ඒත් මට හිතෙනවා තව ටිකක් වෙහෙසුනාම්, තව කරුනු හොයා ගන්ඩ තිබුනා කියලා.

    ReplyDelete
  9. මිනිහා බෙන්තර ගඟෙන් එහා පැත්තෙනේ

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ගොන් වැඩ තමා පුරුදු /පේනවානේ රටේ තත් වේ

      Delete
    2. "පසුකලෙක සේපාල, ඉංග්‍රීසි ගුරුවරියක හා විවාහ වන අතර"
      මේ ගැනනම් දුක හිතෙනවා

      Delete
    3. Anna ohu gen dikkasada vela daruwath ohu gen eth kara ohuta hira gedara gihin nidahas vunata passe ohu newatha vivaha novi duk vindinawa dakinnada oba kemathi?

      Delete
  10. මිනිහා නම් මරු පොරක් නේ,දුකත් හිතෙනවා තමන්ගේ පවුල නිසා මේ වගේ අවදානම් වැඩක් කලා කියලා හිතෙද්දී.....නියම ලිපියක් ස්තුතියි...

    ReplyDelete
  11. @ හරී

    ස්තූතියි හරී... මමත් ඒ පැත්තේ ගිහිල්ලා කැරොල් එකක් එහෙම බලලා අවා විතරයි.

    @ Anonymous,
    ඔව් රුහුණ කියන්නේ එහෙනේ... මම අහලා තියන විදිහට බෙන්තර ගගෙන් එහා හොඳ වැඩ කාරයොලු නේද ඉන්නවා කියන්නේ...

    @ Sudaraka,

    ස්තූතියි Sudaraka. ආදරේ හරි බලගතු දෙයක් කියන්නේ ඕකනේ.. එච්චර කරපු දේ අවසානයේදී ඵලරහිත වෙච්ච එකනම් අපරාදයක්... කොහොම උනත්, මටනම් සේපාල ඒකනායක කියන්නේ වීරයෙක්.

    ReplyDelete
  12. වැදගත් ලිපියක්!ආදරේකට මිනිහෙක්ව සෑහෙන්න දුර ගෙනියන්න පුලුවන්!

    ReplyDelete
  13. මේ කතාව මීට කලින් අහලා තිබුණා . ඒත් ඒක නාට්ටියක් නරඹනවා වාගේ හිතට දැනෙන්න්න කියෙවුවේ අදයි

    නියමයි මචං හොඳට ලියලා තියනවා . මම මේ කතාව කිවෙවුවේ පත්තරේක තිබිලා . අපේ එකෙක් මොනා හරි ලොකු ගේමකට කොහෙං හරි ගෑවෙනවා නෙව .. ආඩම්බර වෙන්නද , අඬන්නද කියලා හිතාගන්න බෑ .. ඔයි කීවට මට හීනිවට ආඩම්බරයි

    ReplyDelete
  14. @ Sabith,

    ස්තූතියි Sabith මේ පැත්තේ ඇවිල්ලා, කමෙන්ට්ස් එකකුත් දාලා ගියාට. ඒකනම් ඇත්ත.. ආදරේ හරි බලගතු දෙයක්.. ඒ වෙනුවෙන් කරන්ඩ බැරිදෙයක් නෑ මිනිස්සුන්ට. සේපාල ඒකනායක දුන්නේ ඒ ආදර්ශය තමයි.

    ReplyDelete
  15. සඳරු ස්තූතියි මචෝ මේ පැත්තේ ආවාට. සිංහල බ්ලොග් අවකාශයේ, පන පිහිටුවලා, මේ දැන් බලා ඉන්නවා වගේ අපිට හිතෙන්න කථා ලියන උඹ, මම මේක ලස්සනට ලියලා තියනවා කියන එක, මට ලොකු හයියක් සහ නිහතමානි ආඩම්බරයක්.

    මට නම් මචන්, සේපාල ඒකනායක ගැන හීනිවට නෙවේ ලොකුවටම ආඩම්බරයි.. මිනිහා මුළු ලෝකෙටම ලස්සන පාඩමක් ඉගැන්නුවා.. මාන්නයෙන් ඔළු පිරිච්ච, හිස් මිනිසුන් ඒ පාඩම ඉගන ගත්තාද කියන එකනම් ප්‍රශ්ණයක්.

    ReplyDelete
  16. මට ප්‍රශ්නයක තියෙනවා මචෝ...තමුන්ගෙ බිරිඳයි දරුවයි හින්දා ප්ලේන් එකක් උස්සපු මිනිහා පස්සෙ වෙන ගෑනියෙක් බැන්ඳේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඔහු ඉතා හොඳ මනුස්සයෙක් නිසා තම පුතාට ගරු කිරීමට ඔහු මව කල ඒවා සමාජයට නොකියන්නේ . මව දික්කසාද වු පසුවයි ඔහු විවාහ වුණේ . ඔහු ඉතා විශිෂ්ට පියෙක් , අති විශිෂ්ට පුද්ගලයෙක් .

      Delete
  17. හරී,

    ඕකට තමයි මචන්, මිනිස් ගතිය කියන්නේ... මට හිතෙන විදිහට මිනිස්සු හැම තිස්සෙම බලන්නේ තමන්ගේ සුරක්ෂිත තාවය. තමන්ගේ අනාගතය.. ඔහු ඒ වෙලාවේ තමන්ගේ බිරිඳයි, දරුවයි තමන් ලඟට ගන්ඩ පුළුවන් උපරිම දේ කලා.. ඒක තව දුරටත් සාර්ථක නොවන බව තේරුම් ගත්තාම, තමන්ගේ ඉදිරි ජීවිතය වෙන විදිහකට විසදෙන්ඩ අරින්ඩ ඔහු ඉඩ දෙන්ඩ ඇති... සමහර විට දෙන්නා අතර අදහස් හුවමාරුවකට පසුව එහෙම උනාත් වෙන්ඩ පුළුවන්.. දිවෙන් දිව ගාගන හිටපු අඹු සැමියන් පවා, මරණයෙන් හෝ වෙනයම් වෙන්වීමකින් පසු වෙන අතක් බලපු අවස්ථා කොච්චර තියනවද...? ඒකට දොස් කියන්ඩ පුළුවන්ද බැරිද කියලා මටනම් තෙරෙන්නේ නෑ මචන්... ඒ ඒ වෙලාවට එන තත්ත්වයන් හමුවේ මිනිස්සු ඒ ඒ තීරණ ගන්නවා ඇති.. මට හිතෙන හැටියට ඕක අපි කාටත් පොදුයි...

    ReplyDelete
  18. හරී ගෙ ප්‍රශ්නයට Senna දීපු පිලිතුර හරි
    මම හිතන්නෙ අනිත් හේතුව සේපාලට වීසා ප්‍රශ්නෙ මතුවුනාට පස්සෙ බිරිඳත් එක්ක ආරවුලකුත් මතුවෙලා තිබුනා. සේපාල තුල බිරිඳට ආදරයක් තිබුනාට එකෙ අනිත් පැත්ත කොයි විදිහට වුනාද කියල හිතුවොත් ......සේපාලගේ විසා අවසන් වී ලංකාවට යන්න සිද්ධ වුන වෙලාවෙ බිරිඳ දරුවත් එක්ක ලංකාවට එන්න කැමති වුනේ නෑ. සේපාල ඒ තරම් අවදානම් ක්‍රියාවක් වෙත යොමුවුනේ අසීමිත දරු සෙනෙහස නිසාම විතරයි. ඉතාලි රජය බිරින්දවයි දරුවාවයි ආපසු ගනිද්දි තමන්ගෙ නීත්යානුකූල ස්වාමියා අතහැරල දාල යන්න බෑ කියල කියන්න තරම් වුවමනාවක් ඒ විදේශික කාන්තාව තුල තිබුනෙත් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ සේපාල මේක කලේ තාත්ත කෙනෙක් විදිහට මිසක් බිරිඳ වෙනුවෙන් නෙමේ . අනික මිනිස්සු ජිවිතේ ඒ ඒ යුග වලදී හිතන පතන විදිහ වෙනස් .

      Delete
    2. ඔව්. දරුවා නිසා ගුවන්යානය සිදුවිම වුනේ . ඔවුන්දෙදෙනා ඒ වන විටත්වෙන්ව ජීවත් වුනේ වයස 3 දරුවා තනිව එවන්න නොහැකි නිසා බිරිඳත් දරුවාත් ලෙස ඉල්ලුවේ

      Delete
    3. සේපාල ගේ ඉතාලි බිරිඳට ඒ වෙනකොට අවශ්‍ය වුණේ ඔහුගෙන් වෙන්වී ඇයගේ අලුත් ආදරවන්තයා වු පොලිස්නිලධාරියා සමග එක්වීමටයි . ඔහුගේ සහායලබාගෙන ඉතාලි තානාපති කාර්යාලය ෑම් කිරීමෙන් තමයි මේ සියල්ල ඇමේ සියල්ල ඔහුගේ ඉතාලි පුතා සහ ඉතාලිමිතුරන් දැන සිටියත් ඔහු තම දරුවා වෙනුවෙන් එකම නිවසේ වෙන්වී ජීවත් වුණා එතනින් එහාට ගිය ඇය සියල්ල සැලසුම් කලේ ඔහුට ඉතාලියෙ පදිංචි වීමට නොහැකි වන අයුරින් තානාපති කාර්යාලය මගින් ක්‍රියා කරමිනි තානාපති කාර්යාලය ද එක්වී දරුවා මේ ලෙස නොදීසිටීමට විරුද්ධව ඔහු මේ ගුවන්යානා පැහැරගැනීමට මුල් විය .

      Delete
  19. වැලිමැඬියා,

    මටත් හිතෙන්නේ ඔබ හරි.. මේක හුඟක්ම දරු සෙනෙහස නිසා කරපු දෙයක් හැටියට තමා හිතන්ඩ පුළුවන්.. තමන් වෙනුවෙන් එච්චර පරිත්‍යාගයක් කරමු මිනිසා වෙනුවෙන් කැපවෙන්ඩ ඇයට එතරම් උවමනාවක් නොතිබුන බව තමයි පෙනෙන්ඩ තියෙන්නෙ.. ඒත් ඕවයේ සැබෑ පසුබිම නොදැන අදහසක් ප්‍රකාශ කරන එකත් අසාදාරණයි මගෙ හිතේ.....

    ReplyDelete
    Replies
    1. Ohu paththara walatawath nokiyapu sathya thorathuru godak wenas.Anna Frre ge mawa nisa daruwata athi adaraya nisa ohu ewa kiyanne nehe.Annageth anu denuma athiwai Italy thanapathiye siyalu dewal Sepalata viruddawa sidu une.E dewal madya walata nodenneth eya Freege mawa nisa Freeta garu kirimatai.

      Delete
  20. මේ ලිපිය කියවපුවාම මට ආවෙ වෙන අදහසක්...මට හිතෙන විදිහට කලින් ඉඳන්ම පවුල් ප්‍රශ්න තිබිලා තියෙනවා...ප්ලේන් එක ඉස්සුවෙ වෙන අදහසකින්ද කියලා මට හිතුණා..

    ReplyDelete
  21. ෂඃ මේ ලිපිය මට කලින් හම්බුනානම්, මගේ ලිපිය මීට වඩා වෙනස් සහ නිවැරදි වෙන්ඩ තිබුනා... මේකේ තියන විදිහට බෝම්බය බොරු එකක් නෙවේ...

    ස්තූතියි හරී දැනුවත් කිරීම පිළිබඳව... මටත් දැන් හිතෙනවා.. ඔබේ මතය හරි ඇති කියලා...

    ReplyDelete
  22. හැමදාම අපේ පැත්තෙ ආවට මේ පැත්තෙ ආව පළවෙනි වතාව.... මං කලින් සැරයක් නම ක්ලික් කරනකොට ප්‍රොෆයිල් එකක් විතරක් තිබ්බ කියලයි මතක... සොරි හොඳේ...

    මටත් මතකයි මේ සිද්දිය.... සේපාලගෙ නෝන ළමයව ඇඟේ එල්ලගෙන යන පින්තූර පත්තරේ දාල තිබුණ මතකයි... ඒ කාලෙ දාල තිබුණු විස්තර හරියටම මතක නැති උනාට නෝන-මහත්තය සම්බන්දය එච්චර තද එකක් නොවුන බවට හිතේ තියෙනව... දරුව නිසාම ඒ දේ කළා කියලයි මගේ හිතේ සටහන් වෙලා තිබුණෙත්... බොහොම ස්තුතියි විස්තරේට...

    ReplyDelete
  23. මියුරු, බොහොම ස්තූතියි.. මේ පැත්තේ ඇවිල්ලා, කමෙන්ට් එකකුත් දාලා ගියාට... ඔව් මම බ්ලොග් එක හැදුවේ ගිය අගෝස්තුවේ.... ඒත් ලියන්ඩ පටන් ගත්තේ දෙසැම්බර් ඉඳලා.. එතකන් බ්ලොග් කියවපු එක සහ කමෙන්ට් දාපු එක විතරයි කලේ.. ලියන්ඩ පටන් ගන්නකන්.. ප්‍රොෆයිල් එකේ, බ්ලොග් එකේ නම නොපෙන්වා තමා තිබුනේ...

    සොරි කියන්ඩ ඕනා නෑ.... ඒක ඔයාගෙ වරදක් නෙමෙනේ...

    ඔව්.. ඒක දරුසෙනෙහස නිසාම කලා තමා කියලා මටත් හිතෙන්නේ... ඇත්තටම මම මේක ලියනකොට මට එච්චර ගොඩක් විස්තර හොයා ගන්ඩ බැරිඋනා... ඒක නිසා මගේ ලිපිය සාවද්‍ය තොරතුරු එහෙම ගහනයි... හරී, වැදගත් තොරතුරු ටිකක් තියන ලින්ක් එකක් දුන්නා ඊයෙ... මතු කියවන්නන්ගෙ ප්‍රයෝජනය උදෙසා, වඩාත්ම නිවරදි තොරතුරු ඇතුලත් කොට කතාව මදක් සංශෝධනය කරන්ඩ කියලා තමා හිතන් ඉන්නේ...

    ReplyDelete
  24. අද තමයි නියම විස්තර දැන ගත්තෙ. හොදට අධ්‍යනය කරල ලියල තියෙන බව පේනව. හොද ලිපියක්.

    ReplyDelete
  25. ස්තූතියි හිශාන්... ඒත් මගේ ලිපියේ දෝශ බහුල බව තමා වැඩිදුර අධ්‍යනය කරද්දී තේරුනේ... පොඩි සංශෝධනයක් කරන්ඩ ඉන්නේ.. හෙට දිහාට ආයෙත් කියවලා බලන්ඩකෝ...

    ReplyDelete
  26. මේ සිද්ධිය ගැන මෙච්චර විස්තර දැන ගත්තේ අදයි...බොහොම ස්තුතියි...

    ReplyDelete
  27. ස්තූතියි සයුරි, ඕගොල්ලො යම් දැනුමක් ලැබුවානම් ඒක තමා මගේ සතුට...

    ReplyDelete
  28. ඒකනායක 1983 ජූලියේ හිටියේ වැලිකඩ...!!!

    ඔයා මේ ලිපියට කරුණු හොයන කොට ඒ කාලේ කතාව මග හැරිලා වගේ. පොඩි සර්ච් එකක් කරලා බලන්න පොරගේ කැරැට්ටුව.

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලය තුළ තියෙන ඔක්කොම නිවැරදිද ? ඔහු එකල ප්‍රසිද්ධ නිසා ඔහුගේ නමින් යන්න දී නිලධාරීන් බේරුණ . පාවා නොදී ඔහු නිහඬ වුණා . ඔහු එම ප්‍රහාරය වලකාලීමට ගිය නිසා ඔහුටත්පහර එල්ල වෙලා තියෙනවා . මෙන්න සත්‍ය .

      Delete
  29. බොහෝම ස්තූතියි මේ පැත්තේ ආවාට..

    ඒක මග හැරුනා නෙමේ, මම උවමනාවෙන් සදහන් නොකර හිටියා..මොකද ඒක මේ කතාවට එතරම්ම අදාල නොවන නිසා... ඒ සිද්ධියත් විවාධාත්මකයි නේද ? සමහර ලිපි වළ මම දැක්ක හැටියට, ප්‍රසිද්ධිය ලබාගැනීමේ අරමුණින්, මේකට සේපාලගේ නම ගෑවූ බවකුයි.. මොකද ඔහු, ඒ වනවිට සෑහෙන ප්‍රසිද්ධ චරිතයක් නිසා.

    ReplyDelete
  30. ඔබේ ලිපිය ඔබේ කැමැත්තට. නමුත් දැනගෙනත් සඳහන් නොකර සිටීම වැරදියි. විවාදාත්මකනම් ඒ බවත් සඳහන් කරන්න තිබුණා.

    වැලිකඩ සිද්ධි අනුව සමහර සිත්-සතන්වල සේපාල ගේ වීරත්වය වැඩිවෙන්නත් තිබුණානේ!

    ReplyDelete
    Replies
    1. කිසිසේත්ම ඔහු මේ සිදුවිම ට අදාළ නොමැත.එවකට සිටි අය තමන් නිදහස් වීමට ඔහුගෙ නම ප්‍රචාරය කලා. මේ සම්බන්ධයෙන් විස්තර ඉන්ද්‍රජිත් ලියනගේ ගෙන් අහන්න .0773749767

      Delete
    2. සේපාල සමඟ ඉන්ද්‍රජිත් ලියනගේ ගුවන්විදුලියෙදී කතා කලා .

      Delete
  31. කතන්දර,

    ඔබ කියන එකත් හරි... ඒත් මට හිතුනේ ඒක මේ සිද්දියට එතරම්ම අදාල නොවන නිසා සටහන් නොකල යුතු බවකුයි.. ඒකයි එම සිද්ධිය ගැන සටහනක් කිරීමෙන් වැළකුනේ.

    " නමුත් දැනගෙනත් සඳහන් නොකර සිටීම වැරදියි. විවාදාත්මකනම් ඒ බවත් සඳහන් කරන්න තිබුණා." යන ඔබගේ අදහස මම ගොඩක් අගය කරන අතර ඉදිරි ලිපිවලදී ඒ ගැන සැලකිලිමත් වෙමි.

    බොහොම ස්තූතියි මෙසේ පැමිණ අඩු පාඩු පෙන්වා දීම පිළිබඳව.. එය ඉදිරි ගමනට ලොකු රුකුලක්.. ඉදිරි ලිපිවලදීත් ඔබගේ අදහස් මහත් සේ අගය කොට සලකමි.

    නැවතත් ස්තූතියි...

    ReplyDelete
  32. අර අළුතෙන් එකතු කරපු කොටස මම කලින් දැනගෙන හිටියෙ නැහැනෙ...
    ඒ වගේම වැලිකඩ කතාව මොකක්ද.... මේකෙ දාන්න අකමැති නම් ලින්ක් එකක්වත් දෙනවද...

    ReplyDelete
  33. Miyuru,

    මේ ලින්ක් එකේ යටම කොටසේ ඒ ගැන පොඩි සඳහනක් තියනවා... මමත් ඒ තරම් ඒ ගැන හෙව්වේ නැහැ.. ඒ ගැන ලිපියට ඇතුල් කරන්ඩ අදහසක් නොතිබුන නිසා...

    http://www.island.lk/2008/05/31/satmag1.html

    ReplyDelete
  34. අලුත් කොටස් එකතු කරලා නේද? බොහොම හොඳයි.
    හැබැයි තව වැරැද්දක් එකතු කරලා.
    "සදොස් බහුල ලිපිය" කියලා කලින් තිබුනු ලිපියට කියන්න බෑ ඒක ඉතාම හොඳ මට්ටමේ තිබුනා.

    ReplyDelete
  35. ස්තූතියි හරී.. ඒත් ඔබ විසින් දුන්නු සඹැඳිය ඔස්සේ ගොස් කියවූ විට තේරුනේ සමහර කරුනු සත්‍යයෙන් බොහෝ දුරස් බවයි... එම නිසා මෙසේ වඩාත් සත්‍ය කරුනු එකතු කරන ලදී...

    නැවත වතාවක් ඔබට බොහොමත්ම ස්තූතියි, අඩු පාඩු පෙන්වා දීම, වඩා නිවැරදි තොරතුරු ලබාගැනීමට උදව් කිරීම සහ අගය කිරීම සම්බන්ධයෙන්...

    ReplyDelete
  36. බොහොම ස්තුතියි සෙනා....

    ReplyDelete
  37. පොඩි කාලේ ඉදලා නම අහලා තිබුනට මේ වගේ විස්තරයක් දන්නේ අද...ස්තූතියි සටහනට

    ReplyDelete
  38. බණ්ඩාර, සාදරයෙන් පිළිගන්නවා.. කුරුන්දට... ස්තූතියි මේ පැත්තට ඇවිත් සළකුණකුත් තියලා ගියාට..

    ReplyDelete
  39. කතාව නාට්‍යයක් වගේ සිද්ධියෙන් සිද්ධිය රස වින්දා :)

    ReplyDelete
  40. අපරාදේ මම මේක කලින් දැක්කේ නැත්තේ
    සේපාල ඒකනායක කියන්නේ අපේ තත්තාගේ ලගම යාලුවෙක්
    මම දාන්න විදියටනම් ඔය බෝම්මේ බොරු එකක්

    ReplyDelete
  41. මහිම,

    ස්තූතියි.. මේ පැත්තේ ආවට.. ඔහුත් එක්ක පුද්ගලික සම්බන්ධයක් තියන කෙනෙක් වීම නිසා තවත් විශේෂයි...

    මමත් මුලින් අහලා තිබුනේ එහෙම තමා.. මම මුලින්ම දාපු ලිපියේත් එහෙම සදහනක් කෙරිලා තිබුනා.. ඔය ගල් මල් කොරල්ගේ කමෙන්ට් එක බැලුවොත් ඒක තේරෙයි..

    හබැයි.. පස්සේ මෙන්න මේ ලින්ක් එකේ http://www.nation.lk/2007/07/15/newsfe5.htm
    සේපාල ඒකනායකම ඒක ඇත්ත එකක් කියලා තියනවා.. කියවලා බලන්ඩකෝ... එයා කියන එක බොරු වෙන්ඩ බැහැ නේද.. ඉතින් මම ලිපිය ඒ අනුව මදක් සංශෝධනය කලා..

    ඔයා පුද්ගලිකව එතුමාව දන්න හින්දා විමසීමක් කරන්ඩ පුලුවන්නම් කරලා අපිවත් දැනුවත් කරන්ඩ..

    ජය !!

    ReplyDelete
  42. නියමයි........ දන්නෙ නැති ගොඩක් දෙවල් ඉගෙන ගත්ත

    ReplyDelete
  43. මේ සිද්ධිය ගැන මෙච්චර විස්තර දැන ගත්තේ අදයි...බොහොම ස්තුතියි.

    ReplyDelete
  44. කතන්දර කියන වැලිකඩ සිද්ධිය මොකද්ද?

    උදේ ඉඳලා මේ බ්ලොග් එක කියෝනවා... නියම ලිපි. සේපාල ඒකනායක ගැන මම මුලින්ම දැනගත්තතෙ මම පොඩි කාලෙදී තාත්තාගෙන්... ඒත් මෙච්චර විස්තර නෑ.

    ............
    මෙච්චර දෙයක් කරනකල් අර ඉතාලි "ගෑණි" මොනවද කලේ?

    ReplyDelete
    Replies
    1. චූටි මහත්තයා,

      මේ ලින්ක් එකේ යටම කොටසේ ඒ ගැන පොඩි සඳහනක් තියනවා... මම ඒ තරම් ඒ ගැන හෙව්වේ නැහැ.. ඒ ගැන ලිපියට ඇතුල් කරන්ඩ අදහසක් නොතිබුන නිසා...

      http://www.island.lk/2008/05/31/satmag1.html

      Delete
  45. තව උපාලි කියල කෙනෙකුත් ඔ‍හොම වැඩක් කලාලු නේද?... එහෙම එකක් අහල තියෙනව...

    එල බ්ලොග් එක...

    ReplyDelete
  46. නිතරම අපේ පැතිවල ඇවිත් ගියාට බ්ලොග් එකක් ලියන වග මීටර් උනේ නැහැ නෙව..අද මේ බුකියේ තිබුන ලින්ක් එහෙකින් කඩං පාත් උනේ...

    මේ සිද්ධිය ගැන ආන්දෝලනේ යනවා මට යන්තමට වගේ සිහියේ තියෙනවා... ඔය සිද්ධියෙන් පස්සේ සේපාල ඒකනායකව අපේ පැතිවල හඳුනගත්තේ එක්තරා අන්දමක වීරයෙක් විදියට..ඒ තැන ඊ ළගට හිමි උනේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්න ආව වෙලේ රජිව්ට නෙළුව කොල්ලට..මං හිතන්නේ එයත් දකුණේ කොල්ලෙක්...

    හොඳටම ලියලා තියෙනවා වගේම කමෙන්ට් වලින් ලැබෙන අදහස් එක්කත් සාකච්ඡාව ගෙනිහින් වග පේනවා.. ඔහොම යං...සුභ ගමන්...

    ReplyDelete
  47. වැදගත් විස්තරයක්. ලස්සනට ලියල තියෙනවා. බුද්ධිගෙ ලිංක් එකක් හරහ තමයි මෙතෙන්ට ආවෙ.

    ReplyDelete
  48. සේපාල ඒකනායක ගැන කියවෙච්ච ලස්සනම සින්දුව මම අහල තියෙන්නෙ මැක්සි ජයවීර ගායකයාගේ.( අර 'බැරි බර කරේ තියන්' සින්දුව කියන්නෙ). පුලුවන්නම් හොයාගෙන අහන්න. මට මතක විදිහට මියුරු ගී සයිට් එකේ තිබ්බ.

    ReplyDelete
    Replies
    1. http://www.infolanka.com/miyuru_gee/seventy/s445.ram

      Delete
  49. චූටි මහත්තයා, සාතන්, මාරයා, ප්‍රසන්න, මුහුදු කොල්ල කාරයා,

    බොහොම සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට.

    චූටි මහත්තයාට ගොඩක් ස්තූතියි ලබා දුන්නු ප්‍රචාරෙට.

    හැමෝටම ජය !!

    ReplyDelete
  50. මේක නම් සුපිරිම ලිපියක් යාලුවා!මේ කතන්දරේ අරහෙන් මෙහෙන් අහලා තිබුනට හරියටම දැන ගත්තේ අද තමයි.

    මම දන්න විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ අතීතයට බලපවත්වන විදියට සම්මත කරගත්තු එකම නීතිය මේක විතරයි.

    සේපාල ඒකනායක අපේ ගමේ ඉදලා තියෙනවා කාලයක්.(ගාල්ලේ)අපේ ගමේ පරණ කට්ටිය තවමත් කතා වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුබූ.

      එහෙමද.. මම හිතන්නේ සිද්ධිය උනාට පස්සෙ කාලෙක වෙන්ඩ ඇති. ඒකනෙ එච්චර මතක..

      ස්තූතියි කියවලා කමෙන්ට් එකකුත් දාලා ගියාට.

      Delete
  51. සෙන්නගේ බ්ලොග් එක සොයා දුන්න කෙහෙල් කොටුවේ මලයාට ස්තුතියි .ඔන්න මන් ලින්ක් එකක් දාගත්තා

    ReplyDelete
    Replies
    1. බින්දිගෙ මේ කමෙන්ට් එක මට මිස් වෙලානෙ.. ඒ කොහොමෙයි..

      කෙහෙල් කොටුවෙ මලයට ඉතින් ස්තූති කොරන්ඩ වචන නෑ..

      ස්තූතියි.

      Delete
  52. කෙහෙල් මාමාට තුතිය.. ;)

    ReplyDelete
    Replies
    1. කෙහෙල් මාමට මගෙත් ස්තූතිය.

      Delete
  53. මට හිතෙන්නෙ නිකන් මේ බ්ලොග් එක සේපාල මහත්තයගෙ කියල....
    මොකද මම ආවෙ අද තමයි මේපැත්තෙ...

    ReplyDelete
    Replies
    1. අඩේ ඇයි බන් ඒ.. එහෙම හිතෙන්නෙ.. ?

      ස්තූතියි ආවට.

      Delete
  54. මම නොදන්න දේවල් කොයි තරම්ද?

    සුපිරියි

    ජය හා සතුට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේවා... අපි හැමෝම දන්නෙ හරිම ටිකයි.

      ජයම පතමි !!!

      Delete
  55. කලේ වැරදි වැඩක් බව ඇත්ත..ඒත් තාත්ත කෙනෙක් විදියට ඒ ගත්ත තීරණේට මොකුත් වැරැද්දක් කියන්න බෑ..මොකක් උනත් ඉතාමත්ම හොඳ මට්ටමේ අංගසම්පූර්ණ ලිපියක්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම... ස්තූතියි සිතුවිලි සක්මන.

      ජයම පතමි !!!

      Delete
  56. පිය සෙනෙහසක තරම තේරුම් ගතිමි.

    ReplyDelete
  57. කෝහේ ගියත් ලංකාවෙ එකෙක් මොකකට හරි නම තියල ඇති. වැඩේ කියන්නෙ එවුන්ගෙන් වැඩි හරියක් සුජාත රුහුණු පුත්‍රයොනෙ. :ඩී

    ReplyDelete
  58. බො හොම වටින ලිපියක් ඔබ ගෙ නම සඳහන් කරල ශෙයාර් කරාට කමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ශෙයාර් කරනවනම් කරන්න ඕනා ඔය පහල තියන ලිපිය. ඒක තමා සංශෝධිත ලිපිය. ඔබ කියවලා තියෙන්නේ පැරණි දෝෂ සහිත ලිපිය.

      නම ගැන වදවෙන්න එපා. නම නැතත් කමක් නෑ...

      http://kurundha.blogspot.com/2013/02/blog-post_6830.html

      Delete
  59. සේපාල ඒකනායක පිළිබදව ජපන් ජාතිකයෙකු කෘතියක් කරන්න තොරතුරු සොයන බවට මට දැනගන්න ලැබුණා..ඒ ජපන් ජාතිකයා පිළිබදව දැනුවත් කවුරුහරි මේ බ්ලොග් එකේ ඉන්නවද​?

    ReplyDelete
  60. සේපාල ඒකනායක පිළිබදව ජපන් ජාතිකයෙකු කෘතියක් කරන්න තොරතුරු සොයන බවට මට දැනගන්න ලැබුණා..ඒ ජපන් ජාතිකයා පිළිබදව දැනුවත් කවුරුහරි මේ බ්ලොග් එකේ ඉන්නවද​?

    ReplyDelete
  61. Call kaloth eththa visthara dena ganna puluwan. Mage durakathana ankaya ho mbbbpanividaya mehi sanhan karanna epa. 0717899914. Pl don't publish .This is not a comment. I want to give you the correct details.

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog