Friday, June 29, 2012

යුද්ධය අවසන්... එළියට එන්න....

2012 පොසොන් මස 29 වනදා




"නෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත." අසා තිබේද මේ ආප්තෝපදේශය ? පිළිගැනීමට අපහසුතාවයක් දැනෙනවානම්, කියවමු මේ කතාව.

මෙන්න අණ ! 


~~~


ඔබට සිය දිවි නසා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්ය. අවුරුදු තුනක් හෝ පහක් විය හැකියි, මොනදේ සිදු වූවත් අපි ආපහු ඔබ වෙතට එන්නෙමු. ඒතාක්, එක් සොල්දාදුවෙක් ඉතුරු වෙනතාක්, ඔබ ඔහුට නායකත්වය දිය යුතුයි. සමහර විට ඔබට පොල් කෑමෙන් පමණක් දිවි රැකගැනීමට සිදු වේවි ! එසේ වූවොත් එසේ කරන්න. කිසිදු තත්ත්වයක් යටතේ, ඔබට ඔබගේ දිවි තොර කර ගැනීමට අවසර නොමැත.


~~~

වැරදුණේ කොතනද ? කාටද ?
~~~~~

1945 දී අවසන් වූ දෙවන ලෝක සංග්‍රාමය, 1945 දී අවසන් වූ බවට, 1974 තෙක්ම විශ්වාස නොකල සොල්දාදුවකු සිටි බව මා කීවොත් ඔබ එය විශ්වාස කිරීමට සූදානම්ද ?

~~~~~
හීරෝ ඔනාඩා Hiroo Onoda ), වයස අවුරුදු විස්සයි ඔහුට හමුදාවට බැදීමට ආරාධනා ලැබෙන විට. ඒ වෙනකොට ඔහු නිවසින් ඉතා දුර බැහැර පිහිටි ආයතනයක තමා සේවය කරමින් සිටියේ. ශාරීරික පරීක්ෂණයෙන් සමත් වුණ ඔනාඩා හමුදාවට බැදීම උදෙසා නැවතත් නිවස බලා එනවා. ජපාන රාජකීය හමුදාවේ නිලධාරී තනතුරක පුහුණු වන ඔනාඩා බුද්ධි නිලධාරීන්ව පුහුණු කරන පාසලේ පුහුණු වීම සඳහා තෝරා ගනු ලබන අතර එහිදී ඔහු ගරිල්ලා සටන් සහ බුද්ධි තොරතුරු එකතු කිරීම පිළිබඳ මනා පුහුණුවක් ලැබූ බවට පැවසෙයි. 

1944 දෙසැම්බර් 17 වෙනිදාට එළි වුණා. ඔනාඩා ඇතුළු ඛණ්ඩය පිලිපීනයේ ලුබන්ග් දිවයිනේ පිහිටි "සුගී බ්‍රිගේඩය " හා එක්වීමට යෑමටයි මේ සූදානම. කණ්ඩායම එහිදී ගරිල්ලා මෙහෙයුමක් සිදුකිරීම සඳහා නායකත්වය දීමේ වගකීම පැවරිලා තිබුණේ ඔනාඩායි. පිටත්වීමට මොහොතකට කලින් සේනාංකය බාර අණදෙන නිධාරියා විසින් ඔවුන්ව නවත්වනවා. කුමකටද ?

මෙන්න අණ ! 


~~~


ඔබට සිය දිවි නසා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්ය. අවුරුදු තුනක් හෝ පහක් විය හැකියි, මොනදේ සිදු වූවත් අපි ආපහු ඔබ වෙතට එන්නෙමු. ඒතාක්, එක් සොල්දාදුවෙක් ඉතුරු වෙනතාක්, ඔබ ඔහුට නායකත්වය දිය යුතුයි. සමහර විට ඔබට පොල් කෑමෙන් පමණක් දිවි රැකගැනීමට සිදු වේවි ! එසේ වූවොත් එසේ කරන්න. කිසිදු තත්ත්වයක් යටතේ, ඔබට ඔබගේ දිවි තොර කර ගැනීමට අවසර නොමැත.


~~~

අණ දෙන නිලධාරියාවත් නොහිතපු, බලාපොරොත්තු නොවූ බරපතල කමකින් ඔනාඩා මේ අණ පිළිපැදීමට අධිෂ්ඨාන කරගන්නවා. අන්න ඒ වැඩකට නැති අධිෂ්ඨානය නිසා තමයි, මෙහෙම කතාවක් ලෝක ඉතිහාසයේ ලියවිලා තියෙන්නෙ. ඔබ දැන් මෙහෙම කතාවක් කියවන්නෙ. 

ලුබන්ග් වලදී ඔනාඩාට පැවරුණ ප්‍රධාන රාජකාරි දෙකක් තිබුණා. එකක් තමයි වරායේ බැම්ම පුපුරුවා හැරීම. අනෙක තමයි ගුවන් ධාවන පථය විනාශ කිරීම. එහෙත් අනෙක් අණ දෙන නිලධාරීන්ගෙන් එතරම් සහයෝගයක් නොලැබුන නිසා මේ වැඩ දෙකම අතපසු වෙනවා. ඔය අතරේ තමයි මිත්‍ර පාක්ෂික හමුදා දිවයිනේ බලය අල්ලා ගන්නෙ. සතුරු ප්‍රහාර හමුවේ කොටස් වලට කැඩෙන ජපාන හමුදාව දිවයිනේ වනාන්තර ඇතුළටම වදින්නෙ ජීවිත ආරක්ෂාව පතා. ඉතුරු වූ හමුදා භටයන් හතර දෙනෙකුගෙන් යුක්ත කුඩා කොටස් වලට කැඩිලා විසිර යනවා. ඔනාඩාගේ කණ්ඩායමේ හිටිය පිරිස තමයි මේ;
  • Corporal Shoichi Shimada (age 30), 
  • Private Kinshichi Kozuka (age 24), 
  • Private Yuichi Akatsu (age 22), 
  • Lt. Hiroo Onoda (now age 23).
ඔන්න දැන් තමයි දුෂ්කර කාලෙ පටන් ගන්නෙ. ආහාර සීමිතයි, ජලය සීමිතයි, අනෙකුත් පහසුකම් අවමයි. ඒ අතර ජීවිතය පවත්වාගනිමින් සහ පවත්වා ගැනීම සඳහා සතුරු හමුදා සමඟ සුලු සටන් වල නිරත වෙන්ඩත් ඔනාඩා ඇතුළු කණඩායමට සිදු වුණා. තිබුණ සීමිත ආහාර ප්‍රමාණය කොහොමත් මේ සඳහා ප්‍රමාණවත් වුණේ නෑ. කිව්වා වගේම ඔවුනට පොල් වල සහ කෙසෙල් වල පිහිට පතන්ඩ සිදු වුණා. ඒ අතර ඉඳලා හිටලා ගමකට පැනලා හරකෙක්ව එලා නොගත්තමත් නෙමේ. මේ වෙනකොට බෙදිලා ගිය අනික් කණ්ඩායම් බොහෝදුරට යටත් වෙලා හෝ සතුරු හමුදා අතින් ඝාතනයට ලක්වෙලා. ඒත් ඔනාඩාගේ කණ්ඩායම වනය අභ්‍යන්තරයේ ඉඳන් සටන් කරමින් ජීවිතය පවත්වා ගැනීමට සමත් වුණා. 

යුද්ධය අවසන්... එළියට එන්න..

යුද්ධය අවසන් කියන දැන්වීමක් ඔනාඩා මුලින්ම දකින්නෙ 1945 ඔක්තෝබර් මාසේ. ඒකත් ගවයකුව එලා ගන්ඩ ගිය වෙනත් කණ්ඩායමක් මාර්ගයෙන්. ඒකෙ තිබුණෙ " යුද්ධය අවසන්.. එළියට එන්න " කියන පණිවිඩය. ඒත් ඊට දවස් කීපයකට ඉස්සෙල්ලා වෙනත් කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල වෙලා තිබුණා. " යුද්දෙ ඉවරණම් ඇයි ප්‍රහාර එල්ල කරන්නෙ ? " ඒ තමයි ඔවුන්ට පැන නැගුණ ගැටලුව. අවසානයේදී තීරණය වුණේ " මේක සතුරු හමුදාවල උප්පරවැට්ටියක් " බවයි. ඉතින් ඔවුන් දිගටම කැලයේ ! 

නැවතත් 1945 අවසානයේදී, ගුවනින් දැන්වීම් හෙළනු ලබනවා. ජෙනරාල් යමශීටා විසින් යටත් වන ලෙස කළ ඉල්ලීමක්ද මේ දැන්වීම් එක්ක තිබුණත්, වසරකට වඩා කාලයක් කැලයේ සැඟවී සිටීම නිසාත්, යුද්ධය අවසන් වූ බවට කියවෙන එකම සාක්ෂිය මේ කරදාසි කැබැල්ල නිසාත් ඔවුන් මේ ගැන බොහෝ සුපරික්ෂාකරී වෙනවා. දැන්වීමේ වූ සමහර වචන සැකකටයුතුයි සලකන ඔවුන් නැවතත් එය "උප්පරවැට්ටිය" බවට තීරණය කරනවා. නැවතත් දිගටම කැලයේ ! 

ඉන් පස්සෙ, දැන්වීම් පිට දැන්වීම් දැමූවත්, පත්තර දැමූවත්, ඡායාරූප දැමූවත්, හිතමිතුරන් විසින් ලියූ ලිපි දැමූවත්, ඒ එකක්වත් ධනාත්මකව සලකාබැලෙන්නෙ නෑ. ඒ හැම එකකම මොකක් හෝ සැක කටයුතු කොස්සක් තිබුණා.

වසරින් වසර ගෙවුණා. හතර දෙනාම එකාවන්ව දුක සැප සමසේ අනුභව කරමින් කාලය ගෙවී ගියා. විටෙක ආහාර සොයාගන ඔවුන් ගම් වැදුණා. සමහර අවස්ථාවලදී ගැමියන් ඔවුන් අතින් ඝාතනයට පවා ලක් වුණේ අවිශ්වාසය නිසයි.. ඔවුන් විශ්වාස කළේ ගැමියන් ලෙසින් වෙස්වලාගන සිටින්නේ ඔවුනට ප්‍රහාර එල්ල කිරීමට එන සතුරු හමුදා හෝ ඔවුන්ගේ ඔත්තු කරුවන් බවයි. එය පිළිගැනීමට ඔවුනට අපූරු හේතුවකුත් තිබුණා. ඒ තමා සෑම විටම ඔවුන් ප්‍රහාරයක් එල්ල කළ සැණින් සෝදිසි මෙහෙයුම් ආරම්භ වීම. මෙසේ බාහිර ලෝකයෙන් වෙන්වූ හතර දෙනා අවිශ්වාස කිරීමේ චක්‍රයක පැටලී සිටියා. ඔවුනට, බාහිර ලෝකයේ අනෙක් සියලු දෙනාම සතුරන් ලෙසයි පෙනුණේ. 


1949 ත් උදා වුණා. දැන් අවුරුදු පහක් මේ කැලෑව තුළ. හිතාගන්ඩ පුළුවන්ද සතුරු ප්‍රහාර මධ්‍යයේ අවුරුදු පහක් කැලයක ජීවත් වීමක් ගැන ! පටන් ගන්න හැම දේකටම අවසානයක් තිබීම තමයි ලෝක ස්වභාවය. මෙන්න අවසානයේ ආරම්භය !

අකාට්සුට දැන් මේ ජීවිතේ තිත්ත වෙලා. එයා තීරණය කරනවා යටත් වෙන්ඩ. අනෙක් අයට නොකියා සැප්තැම්බර් මාසේ ඔහු කණ්ඩායමෙන් වෙන් වෙලා යනවා. මාස හයකට පස්සෙ ඔහු සතුරු හමුදාවන්ට යටත් වෙනවා. ඔනාඩාගේ කණඩායම මේක දකින්නෙ රහස් කාන්දු වීමක් හැටියට. ඔවුන් තව තවත් ආරාක්ෂාකාරී වෙනවා. 

1953 - ජූනි මාසෙදි ශිමාඩා සටනකදි තුවාල ලබනවා. නිසි ප්‍රතිකාර නොමැති කම නිසා ඔහුගෙ තුවාල සුව වෙන්න සෑහෙන හෙමින්. මෙම තත්ත්වය ඔහුට ඇති කරවන්නෙ ඛේදජනක ඉරණමක්. 1954 මැයි මාසේ ඇති වුණ සටනකදී මේ අසරණයා මිය යනවා. දැන් දෙන්නයි ඉතුරු.

ඔහුගේ මරණයෙන් අවුරුදු 20ක් පමණ වන තෙක් ඔනාඩා සහ ඔහුගේ සගයා කැලය තුළ ජීවත් වෙනවා. අවුරුදු විස්සක් !!! ඔව් අවුරුදු විස්සක් !!!

ඔවුන් ලැබුණ අණ අකුරටම පිළිපදිමින් කැලය තුළට වෙලා දිවිගෙවමින් ඉන්නවා. ඒ ඔවුන්ගේ ප්‍රධානීන්ගෙන් අණක් ලැබෙනකම්. ඔවුන්ගේ විශ්වාසය, තමන්ගේ රාජකාරිය ජපාන හමුදාවට ගරිල්ලා මෙහෙයුමක් මගින් පිලිපීන දූපත් අල්ලාගනීමට ඉවහල් වන බුද්ධි තොරතුරු එකතු කරමින් අණ ලබෙන තෙක් මෙහිම පසු වීම බවයි. 

1972 - ඔනාඩාට අවුරුදු 51 යි, කැලේට වැටිලා අවුරුදු 27 ක්. හිතාගන්ඩ පුළුවන්ද අධිෂ්ඨානයේ තරම. අපිට නිකම් විහිළුවක් වගේ පෙනුණට සමහර විට හමුදා විනය එහෙම වෙන්ඩ ඇති. ඒත් මෙතරම් කැපවීමක් ! හරි පුදුම ජනකයි !!

ඔක්තෝබර් මාසෙ, ඇතිවුණ සටනකදී ඔනාඩාගේ සගයා ඔහුව හැර යනවා. 1959 දී ඔනාඩා ඇතුළු කණ්ඩායම මියගිහින් කියලා අතහැරලා දාලා තිබුණේ. ඒත් කොසුකාගේ මිනිය හමුවීමත් සමඟ ඒ අදහස වෙනස් වෙලා ආයෙත් ඔවුන් ගැන හොයන්ඩ ගන්නවා. ඒත් ඔනාඩාව හොයාගන්ඩ ලැබෙන්නෙ ඔවුනට නෙමේ.

දැන් ඔනාඩා හුදෙකලාව සටනේ. අණදෙන නිලධාරියාගේ අණ නිතරම ඔහුගේ හිතේ රැව් දෙනවා. ඒ ඔස්සේ ඔහු සිය කටයුතු මෙහෙයවමින් හුදෙකලාවම සිය ජීවිතය මහ වනයට දිය කොට හරිමින් සිටිනවා. ඔනාඩාගේ සිතුවිලි ලෝකයේ තවමත් යුද්ධය අවසන් නෑ.

කටයුතු ඔහොම වෙමින් පවතිනකොට තමයි නෝරියෝ සුසුකි පාසලෙන් සමුඅරන් රට රට වල සංචාරයක් අරබන්නෙ. ඔහු සිය යාළුවන්ට කියනවා මෙතෙක් කාටවත් හොයා ගන්ඩ බැරි වුණ අරමුණු තුනක් හොයාගන තමන් පිලිපීනය, මැලේසියාව, සිංගපූරුව, බුරුමය නේපාලය සහ සමහර විට තවත් සමහර රටවල් කිහිපයක සංචාරය කරන බව. මොනවද මේ අරමුණු ? ඒ තමා, ලුතිනන් ඔනාඩා, පැන්ඩා සහ හිම මිනිසා. අවසානයේදී සුසුකි සාර්ථක වෙනවා. සුසුකි ඔනාඩාව හොයාගන්නවා විතරක් නෙමේ ඔහුත් එක්ක ඉක්මනින්ම මිත්‍ර වෙනවා. යුද්දෙ ඉවරයි කියල කිව්වට ඔනාඩා කැමති නැ නිකම්ම වැඩේ අතෑරලා දාන්න සහ යුද්දෙ ඉවරයි කියලා පිලිගන්ඩ.  එයා කියන්නෙ, තමන්ට අණ දුන්නු අණ දෙන නිලධාරියා ඇවිත් කිව්වොත් විතරක් තමන් මෙහෙයුම නතර කරනවා කියලයි. " ඕනැම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත. " කියලා කිව්වෙ ඒකයි.

දෙන්නගේ ඡායාරූපයක් එහෙම අරගන සුසුකි නැවතත් ජපානෙට යනවා. අණදෙන නිලධාරී මේජර් ටනගුචි ඒවන විට පොත් සාප්පුවක් කරමින් තමා ඉන්නෙ. සුසුකිගෙ කතාව අහන ජපාන රජය, මේජර් ටනිගුචිව සුසුකිට මුණගස්වන්ඩ සලස්වනවා. සුසුකි නැවතත් පිලිපීනයට එන්නෙ මේජර් ටනගුචීවත් කැටුව. කලින් එකඟ වෙච්ච තැනකදී හමු වීමෙන් පස්සෙ මේජර් ටනගුචී යුද්ධය අවසන් බවත්, සියලුම සටන් නතරකොට අති බවත් නිල වශයෙන් ඔනාඩාට දැනුම් දෙනවා. මෙම ආරංචිය විය යුතු පරිදිම ඔනාඩාව විමතියට සහ කම්පනයට පත්කරවනවා.




~~~

අහෝ ! අප යුද්ධය පැරදුනේද ? ඔවුන් එතරම් දුර්වල වූයේ කෙසේද ?

හදිසියේම සියල්ල අන්ධකාරයේ ගිලී ගිය සෙයකි. මාගේ අභ්‍යන්තරය කුණාටුවක් සේ කැලබෙයි. ඉතා පරික්ෂාකාරිව, අපහසුවෙන් ඉවසා සිටි දීර්ඝ කාලය පුරාවට මා මෝඩයකු වී ඇති සෙයක් දැනේ. ඊටත් වඩා මේ කාලය පුරාවට මා කර ඇත්තේ කුමක්ද ?

ජපාන හමුදාව වෙනුවෙන් ගරිල්ලා සටන් කරුවකු ලෙස මා ඉටුකළ මෙහෙය නිමාවට පැමිණ ඇත. මේ තමයි අවසානය !

මා, මාගේ රයිෆලයේ උණ්ඩ ඉවත් කොට ක්‍රියා විරහිත කළෙමි......

සැම විටම ඔසවන් ගිය මල්ල බිමින් තැබිමි. නිතර ඔප දමමින් දරුවකු මෙන් ආදරයෙන් රැක බලාගත් රයිෆලයෙන් හෝ කඳු අතර සඟවා ඇති කොසුකාගේ රයිෆලයෙන් මට තව දුරටත් ප්‍රයෝජනයක් නොමැත !

ඇත්තටම යුද්ධය වසර තිහකට පෙර නිම වුනේද ? එසේනම් ශිමාඩා සහ කොසුකා දිවි දුන්නේ කුමක් සඳහාද ? සිදුවෙමින් පැවති දෙය සත්‍යක්නම් මමත් ඔවුන් සමඟ මියගියානම් වඩා යෙහෙකි.

~~~

මෙම වසර 30 පුරාවටම, ඔවුන් විසින් අවම වශයෙන් 30 ක් වත් වූ පිලිපීන ජාතිකයන් සංඛ්‍යවක් ඝාතනය කොට තිබුණි. 100 ආසන්න සංඛ්‍යාවකට තුවාල සිදු කොට තිබුණි. එහෙත්, නිල වශයෙන් යටත් වීමෙන් පසු, පිලිපීන ජනපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස් විසින් ඔහු කළ සියලු අපරාධ වලට සමාව පිරි නැමීය.

ජපානයට පැමිණි ඔනාඩා දුටුවේ වෙනමම ලොවකි. ඒ ඔහු 1944 දී පිට වන විට තිබූ ජපානය නොවුණි. කාලය මහා වෙනසක් මවා තිබුණි. පසුව ඔහු බ්‍රසීලයේ ගොවිපළක් මිලදී ගෙන බ්‍රසීලයට සංක්‍රමණය වූ අතර 1976 දී විවාහ විය. 1996 දී නැවතත් පිලිපීනයට පැමිණියේ තමන් තිස් වසරක් පුරාවට දිවි ගෙවූ ස්ථානය දැක බලා ගැනීමටය. 

The War is Over . . . Please Come Out ලිපිය ඇසුරෙන් සකස් කෙරුවේ ~~ සෙන්නා / 29.06.2012





72 comments:

  1. හම්මේ...පුදුම අධිෂ්ඨානයක් තමයි. ඒ කියන්නේ අධිෂ්ඨානය උනත් ඕනවට වඩා ඕනෑම නෑ. සෙන්නත් හොයා ගන්න දේවල් :)

    වෙනද වගේම විශිෂ්ටයි කියලා කියන්න ඕන නෑ නේ...

    ReplyDelete
    Replies
    1. ඔව්වොව් ඕනැම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ.. අදිෂ්ඨානය උනත් එච්චරයි..ඕකෙ පේටන්ට් එක මට තමා... හෙහ්

      ස්තූතියි සයුරි.

      Delete
  2. බොහොම කාලෙකට ඉස්සර ඩයිජස්ට් සගරාවක හෝ මුතුහර සගරාවක හෝ මේ කතාව කියෙවුවා මතකයි.. ආ‍යෙමත් මතක් කලාට ස්තූතියි! මේ දේ වෙන්න හේතුව හමුදා විනය පමණක්ම නෙවෙයි මම හිතන්නෙ, ජපන්නු කියන්නෙ ස්වභාවයෙන්ම ලෝයලටි කියන එක පුරුදු කරපු ජාතියක්.. තමන්ට දුන්නු අණ, දිවිනොතකා පිළිපැදීම ඔවුන්ගෙ ගතියක්.. දුන්නු රාජකාරිය හරිහැටි නිමාකරන්න බැරි වීම නිසා හරාකිරි කරගත්ත සමුරායිලා ගැන අහන්න ලැ‍බෙන්නෙත් මේ නිසයි..

    කොහොම වුනත් අර කිවුවා වගේ ඕනම ‍දෙයක් ඕනවට වඩා ඕනම නෑ තමා.. :)

    ReplyDelete
    Replies
    1. හරාකිරි කියන්නේ සියදිවි නසාගැනීමක්ද??

      Delete
    2. ඔවු. සමුරායි කෙනෙක් තමන්ගෙම කඩුවෙන් බඩ කපාගෙන දිවිනසාගැනීම තමා හරාකිරි කරගන්නවා කියන්නෙ..

      Delete
    3. ඔබ හරී බුරතිනෝ.. ජපනුන්ගෙ තියන ලෝයල්ටි එකත් මේකට බලපාන්න ඇති. ඒ වුනාට කොමන් සෙන්ස් පාවිච්චි කරලම නෑ නේද ? අපරාදෙ !

      @ ගැමියා,

      මාත් අහලා තියෙනවා ඔය බඩ කපාගෙන මැරෙන හරාකිරි එක ගැන. දෙවන ලෝක යුද්ධෙ ඉවර වුනාම යටත් වෙන්ඩ අකමැති වුන ගොඩක් ඉහල ජපන් හමුදා නිළධාරීන් මෙහෙම හරාකිරි කරගත්තලු. "ලු" හොඳේ..

      Delete
  3. අයියෝ පව් ඔනාඩා, ඕනම දෙයක් ඕනවට වඩානම් ඕනම නෑ තමයි ....

    ReplyDelete
    Replies
    1. පවු නේන්නම්...සම්මානි. දැක්කනෙ අන්තිමට ඉතුරු වුනේ පසුතැවිල්ල විතරයි...

      Delete
  4. සත්‍යය සෑම විටම ප්‍රබන්ධයට වඩා ප්‍රබලයි කියන්න මෙය හොඳම උදාහරණයක්. අනික ජපන් ජාතිකයෝ දේශමාමක බව අතින් ඉතා ඉහලයි. දෙවැනි ලෝක යුද්ධයේදී ඔවුන් පිහිටවාගෙන තිබුණු 'කමිකාසේ' නමැති මරාගෙන මැරෙන හමුදාව සතුරු හමුදා විශ්මයටත් භීතියටත් පත් කළා. තමන්ගේ ඇඟේ බෝම්බ බැඳගෙන ගුවන් යානයකින් ගොස් යුද නැව් වල දුම් කවුළුව තුලට පැනල ඒ නැව් පුපුරවා විනාශ කරන්න ඔවුන්ට හැකිවුනා. මා දන්නේ නැහැ ඔබ සමුරායි වරුන් පිළිබඳව ලියා ඇතිද කියා. ඒ ගැනත් සිතා බලන්න.

    සෙන්නා, ඔබ කවදත් දක්වන, ඔබේ පරිවර්තන කුසලතාව මොනවට විදහාපාමින්, දීර්ඝ ලිපියක්, සරලව සහ සංක්ෂිප්තවත්, පාඨක අවධානය දිනාගන්නා පරිදිත්, ඉදිරිපත් කර තිබෙනවා. විශිෂ්ඨයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම සත්‍ය හැමවිටම ප්‍රබන්ධ කතා වලට වැඩිය ලස්සනයි.. මම ඒකනෙ මේවට ප්‍රබන්ධ පරධන සත්‍ය කතා කියන්නෙ.. :-) ( ඔය වැකිය මාත් කොහෙන් හරි ණයට ගත්තු එකක්. මතක විදිහට සිව්දෙස සඟරාවෙන්. )

      මාත් අහලා තියනවා ඔය බෝම්බ බැඳන් ෆනල් වලට පැනපු කතාව.. ඕක වෙන්ඩ ඕනා ලෝකෙ මුල්ම මරාගන මැරෙන බෝම්බ කාරයන්ගෙ ආරම්බය. සමුරායි වරු ගැන නම් මම ලියලා නෑ.. හැබැයි ඒකත් හොඳ ඔත්තුවක්...

      අගය කෙරීම ගැන බොහොමත්ම ස්තූතියි විචාරක මහතා..

      Delete
    2. සමාවෙන්න, ඔය කතාව (බඩේ බෝම්බ බැඳගෙන ෆනල් වලට පනින එක) ප්‍රබන්ධයක්‌ ද? මොකද මම දන්නා ව්දියට කමිකාසේ කියන්නේ ගුවන් නියමුවෝ. ඔවුන් තමන්ගේ යානා වලින් තිතර ඉලක්ක කලේ නැව් වල මැද කොටසේ ඇති එන්ජින් කාමර කියලයි කියන්නේ.

      Delete
    3. මාත් හරියටම දන්නෑ ක්සැන්ඩර්.. ඒත් ඔය ෆනල් වලට පැනපු කතාව මාත් කොහෙදි හරි කියවලා තිබුනා.. ඔවුන් ඉලක්ක ගන්නෙ එහෙම පැනීමෙන්ම වෙන්ඩ බැරිද ? ඔවුන්ට කියන නම ගැන නම් මම දන්නෙම නෑ..

      Delete
    4. ඔබ හරි ක්සැන්ඩර්. 'කමිකසේ' කියන්නේ මරාගෙන මැරෙන ගුවන් නියමු පිරිසක්. අර මම කියපු විදිහට නව වලට පන්න පිරිසකුත් හිටියා විස්තර අරගෙන කියන්නම්. කමිකසේ ලා ගැනනම් මෙතනින් බලන්න පුළුවන්. http://en.wikipedia.org/wiki/Kamikaze

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  5. මා කිසිදා නොඇසූ යුද්දයේ අතුරුකතාවක් අකුරු, වචන ඇසුරෙන් ඇස් ඉදිරිපිටම මැවුවා කියලා හිතුනා මේ කතාව කියවන විට. ඒ තරම්ම සිද්ධි තාත්වික හා සජීවි ලෙස ලිවීමේ හැකියාව ඔබ සතුයි. මම පොඩි කාරණා කිහිපයක් ඇහුවට කමක් නැහැනේ. මේ සොල්දාදුවා ගැන අද තත්ත්වය කෙබදුද? අනෙක තමයි ඔබ මේ ලිපියේ මුල් භාගයේ අකුරු දම් පැහැයෙන් highlight කර තිබෙනවා නේද? හැකියාවක් තිබෙනවා නම් වෙන මෘදු වර්ණයක් භාවිතා කරන්න. දම් පැහැය නිසා අකුරු ටිකක් බලාගන්න අමුරුවගේම ඇසට කුඩා වෙහෙසකුත් දැනුනා. කොහොමවුනත් විශිෂ්ඨ ලිපියක්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේශ් බෙහෙවින්ම අගය කළාට.. ඇත්තෙන්ම ලෝක යුද්ධෙන් පස්සෙ ඉතුරු වුන අතුරු කතා දාස් ගානක් ඇති අපි නොදන්න.. මටත් මේක අහම්බෙන් ඊයෙ රෑ ඇස ගැටුනෙ.. සිද්ධියෙ තියන රසවත් බව හින්දම ඉක්මනින්ම ලියන්ඩ පටන් අරන් ඉවර කරලා දැම්මා.. වෙනදා වගේ වැඩි විස්තර හොයන්ඩනම් ගියේ නෑ දිනේශ්, අර ලිපිය පාදක කරගන කතාව ලියාගන ගිය එක තමයි කළේ.. ඒක හින්දා මට දිනේශ්ගෙ ප්‍රශ්ණෙට හරි උත්තරයක් දෙන්ඩ අමාරුයි..

      අක්ෂර වර්ණ පිළිබඳ ගැටලුව නිවැරදි කළා.. දැන් හරි ඇතැයි සිතනවා. බොහොම ස්තූතියි ඒ ගැන පෙන්වා දුන්නට..

      Delete
    2. @ දිනේෂ්, ඔහු අද ජීවත්වෙලා ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. ඉපදිලා තියෙන්නේ 1922. අදට වයස අවුරුදු 90 ක්. මෙතනින් විස්තර බලන්න.
      http://www.wanpela.com/holdouts/profiles/onoda.html

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  6. මම අහල තියනව, කැලෙන් ආවම ඔය ඩබල තරහ උනා කියල.

    ReplyDelete
    Replies
    1. එහෙමද ? මම හිතන්නෙ ඔයා කියන්නෙ ඔනාඩා සහ සුසුකි ගැන වෙන්ඩ ඕනා..

      Delete
  7. ම්ම්ම් ගොඩක් වටිනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදු මහත්තයා..

      Delete
  8. ඔය කතාව මුලින්ම කියවපු දවසෙත් අපිට අදහ ගන්න බැරිවුනා Senna එක අතකට ජප්පොන්ගෙ තියෙන සමහර ගතිගුණ එක්ක බැලුවම මේක එච්චර පුදුමයක් නෙවෙයිනෙ.
    පොරට ඇරියස් එක්ක පඩි ගෙව්වද දන්නෙ නෑ නේ? :)
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔවු ඩූඩ් උන් මහ පුදුම ජාතියක් තමා.. මේක කළේ ජපනෙක් හින්දා එච්චර පුදුම වෙන්ඩ දේකුත් නෑ තමා..

      පඩි ගැන නම් කියන්ඩ දන්නෙ නෑ... :-) හරිනම් දෙන්ඩ ඕනා මගෙ හිතේ...

      Delete
    2. හික් හික්.. පඩි ගෙවන්න ඇති බෝනස් බටා එක්කම. හික් හික්.

      Delete
  9. පත්තරේක තිබිලා කියෙව්වෙ මේ කතාවද මන්දා. ඒකේ හැටියට නම් දෙදෙනෙක් ඉතුරු උනා. ඒමිනිස්සු ආදිවාසින් වගෙයි පෙනිලා තියෙන්නෙ... කැලැ කොල ඇදුම් වලට ගත්තු හින්දා. එයාලව හොයා ගත්තෙ 90 ගණන් වල. අනිත් සිද්ධි නම් සමානයි.

    එතකොට ඒ වගේ සිද්ධි දෙකක් වෙලා තියෙනවද කියලා ගැටලුවක් එනවා? හොයලා බලන්න ඕනේ....

    යුරි ගේ පෝස්ට් එක දැම්මද? මට මඟඇරිලනේ

    ReplyDelete
    Replies
    1. ඇහ්.. ඒ වගේම තවත් එකක් වෙලාද එතකොට.. ඔය බුද්ධි කියන එක 90 දශකයෙ වෙච්ච එකක්නම් වෙන කතාවක් වෙන්ඩ ඇති...

      යූරිගේ කතාව දැම්මනෙ.. ගොඩක් කල්.. මම ඒත් බැලුවා බුද්ධි මොකද නාවෙ කියලා. පස්සෙ හිතුවා වැඩ වැඩි ඇති කියලා.. එතකොට මිස් වෙලා ඈහ්.. අන්න තියනවා හිමීට කියවලා බලන්ඩකො..

      Delete
  10. මේ මනුස්සයාගේ සේවය අගය කරලා ජපාන රජය මොකුත් සම්මානයක්වත් දුන්නේ නැද්ද ??

    ReplyDelete
    Replies
    1. අවංකවම දන්නෑ හසිත. මම මේ ලිපිය හදද්දි වෙනදා වගේ විස්තර හෙව්වෙ නෑ.. අර මුල් ලිපිය පදනම් කරගන කතාව ලියාගන ගියා එච්චරයි.. පස්සෙ මම හසිතයි දිනේශුයි ප්‍රශ්න අහපු හින්දා ටිකක් හොයලා බැලුවා.. විකිපීඩියා එකේනම් තියනවා එයාට 2010 විතර සම්මානයක් හම්බුන කතාවක්..

      Delete
    2. මමනං හිතන්නෙ ජපානෙ වගේ විශිෂ්ඨ මිනිසුන් සිටින රටක , ඒමිනිසාට උපහාර අනිවාර්්‍යයෙන් දක්වන්න ඇති.

      Delete
  11. ලස්සන කතාවක් ලස්සනට ලියල තියනවා. මම බලපු චිත්‍ර පටියක අතුරු කතාවක් විදිහට දුපත තනිවුනු තාමත් උද්ධය තියනවා කියල හිතාගෙන ඉන්න ජපනුන් දෙන්නෙක් ගැන තිබුන. චිත්‍ර පටියේ නම මට මතක නැහැ. තව තවත් මේ වගේ කතා ලියන්න.

    ReplyDelete
    Replies
    1. අනේ බන් උඹේ නම කියවන විදිහ කියපන්කො... :-)

      ස්තූතියි.. සමහර විට චිත්‍ර පටිත් හදලා ඇති නේද..

      ලියමි ලියමි...දිගටම ලියමි.

      Delete
  12. මෙහෙමත් crack case එකක් කියලා තමයි මට නම් හිතුනෙ..
    සමහර වෙලාවට මොළ ශෝධනය කොච්චර බරපතලද කියලා හිතෙන්නෙ මේ වෙලාවට..

    ස්තුතියි සෙන්නා මේක බෙදාගත්තට...

    ReplyDelete
    Replies
    1. හෙහ්.. පවු වැඩේ එහෙම මුකුත් කියන්ඩ එපා... අවුරුදු 30ක් දුක් විඳලා ආපු මනුස්සයනෙ..

      ස්තූතියි රූ.. කෝ පෝස්ට් එකක් දැක්කෙ නෑනෙ කාලෙකින්.. මක්කැයි වුනේ..

      Delete
    2. අපි ඉතින් පවුල් පන්සල් වෙච්චි උදවිය නිසා බ්ලොග් ලියන්න වෙලාව හොයාගන්න ලේසි නෑ..ඒත් ඔයා අපිටත් එක්ක වැදගත් දේවල් ලියනවානේ..:)

      අර චිලී කේස් එකට මොකද වුනේ..?

      Delete
    3. මමත් ඉතින් ඔය පන්සලේම තමයි ඉන්නෙ... :-)

      මොන චිලී කේස් එකද ?

      Delete
    4. එක්කො ඕන නෑ..පස්සෙම කියන්නම්කෝ..

      Delete
  13. පුදුමාකාර කතාවක් සෙන්නා අයියේ... ඔයාගේ පරිවර්තන ශක්තිය නම් අති ඉහලයි...

    අර සුසුකි කියන කෙනා සුසුකි වාහන එක්ක මොකාක් හරි සම්බන්ධයක් තියෙනවද??

    අවුරුදු 30ක් කැලෑවට වෙලා ජීවත් වෙද්දි නිල ඇඳුම ඉතුරු වුනේ කොහොමද දන්නෑ ඒ මදිවට ගානට රැවුලත් කපලා.මේක වෙන්න ඕනේ හමුදාවක පවතින දැඩි විනයට හොඳ උදාහරණ...

    මේ වගේ වටිනා ලිපි දෙනවට බොහෝම ස්තූතියි අයියේ මේ ලිපි වලින් සෑහෙන්න වටින දේවල් අපි ඉගෙනගන්නවා....

    ReplyDelete
    Replies
    1. අම්මෝ මාව ඔච්චර වනන්ඩ එපා බොල..

      සුසුකි කියන නම ජපානයේ හරි සුලබ සර් නේම් එකක් මම හිතන්නෙ.. ගැමියා ඔය කොයි ෆොටෝ එක බලලද කියන්නෙ... ? උඩ එකනම් උඹ රැවටිලා...

      මොනවා හරි ඉගන ගන්නවනම් කොච්චර දෙයක්ද.. ඒ ගැන මට නිහතමානීවා ආඩම්බරයි..

      Delete
  14. හරිම පුදුමයි සෙන්නා... මිනිසුන්ට මේ වගේ අධ්‍යාත්මයෙන්ම තමන්ගෙ සියලු දේවල් අමතක කරලා අණ පිළිපදින්න පුලුවන්ද කියන එක... මේ කථාව මම කලින් අහලා තිබුනෙ නෑ.... ඔබේ උත්සාහය සාර්ථකයි... ජය!

    ReplyDelete
    Replies
    1. සිරා, මිනිස් හිත කියන්නෙ මේ ලෝකෙ තියන බලගතුම ශක්තිය, බලය. ඒකට කරන්ඩ බැරි දෙයක් නෑ.. උවමනාව විතරයි ඕනා..

      ස්තූතියි.

      Delete
  15. //ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැත
    ඇත්ත කතාව
    ඒ උනාට ඒ මනුස්සයාගේ විනය ගැනනං කතා කරලා වැඩක් නෑ..
    නියමයි..

    ReplyDelete
    Replies
    1. තරියා,

      විනය නම් උපරිමයි.. ඒත් සාමාන්‍ය බුද්ධිය බිංදුවයි කියලා තමා මට හිතුනේ...

      Delete
  16. මොනව කියන්නද මන්ද, මට නම් මුලින්ම හිතට ආවෙ අයියෝ ... අපරාදෙ කියල. මේ සොල්දාදුවො ඔවුන්ගෙ ජීවිතේ ලස්සනම කාලය නිරර්තක යුද්ධයක් වෙනුවෙන් දියකරල.

    ඉන්දීය නිදහස් සටනෙ පුරෝගාමියෙකුත් විශාල පිරිසක් සමඟ මේ විදියට වන ගත වුණා කියල මම කියවල තියනව. පසුව ඔවුන් හොයන්න උත්සාහ කළත් බැරිවුණාළු. එයාලත් ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත්ත කියල නොදැනම තමන්ගෙ ජීවිතේ අවසන් කරන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මටනම් හිතෙන්නෙ මේක ෆුල් සීරියස් වෙන්ඩ ගිහින්, විහින් කරගත්තු අපරාදයක්..

      ඉන්දියාවෙ කතාවනම් මම අහලා නෑ.. DDT එහෙත් සමහර විට එහෙම වෙන්ඩ ඇති..

      Delete
  17. බොහොම අපූරු ලිපියක්.. ගොඩක් ආසාවෙන් කියෙවුවේ...

    ReplyDelete
  18. නියම ලිපියක්
    ආසම මාතෘකාවක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පුබුදු.. සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට..

      Delete
  19. යුද්ධයේදී හැදෙන මානසිකත්වය වෙන්න ඇති කියල හිතෙනවා. විශිෂ්ඨ කතාවක්,
    අපේ රටෙත් ඔයවගේ කතා ඇති..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වී.. අම්මපා මටත් අද ඕක ඔහොමම හිතුනා... අපේ රටෙත් ඇති තමා..ඔහොමම නොවුනත් ඔය වගේ කතා ඇති..

      Delete
  20. මටනම් හිතා ගන්න බෑ ඒ සොල්දදුවා ගැන. බොහොම අනර්ග ලිපියාක්‌.

    වෙන කිසිම කෙනෙකුගේ නිවේදනයක් පිළිගන්නේ නැහැ කියන්නේ කොහොමද ධරුනු යුද්දයක් තියෙන්න ඇති ද?

    ReplyDelete
    Replies
    1. අර සුමිත් කිව්වා වගේ අසර්, සිවිල් අපිට මේක හරි පුදුම ජනක දෙයක් වුනාට, මොළ ශෝධනයට ලක් වුන හමුදාවෙ කෙනෙකුට ඕක මහ ලොකු දෙයක් නෙමේ වෙන්ඩත් පුලුවන්.. ඒත් තමන්ගෙ මුලු ජීවිතය, දෙමාපියන්, අඹු දරුවන් සදහටම අමතක කරලා ඒ වගේ දේකට යොමු වෙනවා කියන්නෙ එක අතකින් වීර කමක්..

      මේක ඉතින් ලෝක යුද්ධෙ අතුරු කතාවක් තමා බන්..

      Delete
  21. නියම සොල්දාදුවෙක් යනු පූර්ණ වශයෙන් මනුශ්‍යයෙක් නෙවෙයි. ඔශු විශ්වාස කරන්න ඕන අණ පමණයි. ඔහු ගරු කළයුත්තෙ තමන්ගේ ධජයට පමණයි.
    ඉතින් ඒක තමයි වෙලා තියෙන්නෙ. මෙයින් පුදුමයට පත්වෙන්නෙ සිවිල් පුරවැසියෝ මිසක සොල්දාදුවෝ නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. සුමිත් කියන එකත් හරි තමා.. අණ තමා ඉතින් ඔවුන්ගෙ ජීවිතය.. ඒත් මටනම් හිතුනෙ මේකෙදි අණ පිළිපැදීම උනත් ඕනෑවට වඩා වැඩියි කියලා.. අර පැනලා ගිය සොල්දාදුවා සුදුසු පරිධි ක්‍රියා කරලා තියනවා කියලා තමා මගේ හැඟීම.. මම කිව්වෙ සාධාරණ කාලයකට පසුව ඉවත්ව යාම ගැන..

      Delete
  22. හපොයි ජීවිතේ හොඳම කාලෙ........

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කිරිල්ලී... හොඳම කාලෙ කැලේට ඉවරයි..

      Delete
  23. මේ කතාව ඇහුවමයි. නියමයි සෙන්නා.. නියමෙට ලියලා. ජපන්නු ගැනත් මගේ පොඩි මෙව්වා එකක් තියනවා. අනේ මන්දා මගේ නම හින්දාද මන්දා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ක්සැන්ඩර්.. මාත් ඔය අහුවමයි.. ඇහුව ගමන් ලිව්වා... :-)

      ඒකියන්නෙ ක්සැන්ඩර්ට ජපන් නමක්ද තියෙන්නෙ ?

      Delete
  24. හයියෝ මාර මනුස්සයෙක්නේ ඔනාඩා... පිස්සු හැදෙයි සඳ බැබළෙයි....

    ReplyDelete
  25. මෙච්චර දැඩි හිතක් තියෙන කෙනෙක් ගැන ඇත්ත කතාවක් කියෙව්වාමයිද කොහෙද..වෙන මිනිස්සු නම් යුද්දේ ඉවර වෙලා නැතත් වෙස්වලාගෙන වෙන රටකට පැනලා ගිහින් ඉඳියි.

    ReplyDelete
    Replies
    1. අන්න උඹ වෙනත් පැත්තක් මතු කලා.. ඔව් සමහරු එහම තමා නේද.. අපෙත් ඉඳලා තියනවනෙ එහෙම අය..

      Delete
  26. හරි පුදුම හිතෙන කතාවක්...ආශාවෙන් කියෙව්වා...
    ඔනාඩාගේ ධෛර්යය ගැන හිතා ගන්නවත් බෑ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දම්මි. හිතාගන්ඩ බැරි ඒවා ගැන එච්චර හිතන්ඩ යන්න එපා...:-)

      Delete
  27. ඇත්තටම ඔනාඩානම් පුදුම මනුස්සයෙක්..අවුරුදු 30 ක් පුරාවටම කැලේට වෙලා ඉද්දිවත් මේ මනුස්සයට අදිෂ්ඨානය එපා නොවුන හැටි..මම කැළේකට වෙලා හිටියනම් පැය තුනෙන් ආපහු ගෙදර යනවා..:D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. පැය තුනෙන්.. :-)

      Delete
  28. අදනම් ගොඩවුනේ පොඩි ආරාධනයක් කරන්න. මට දැන් වෙහෙසයි බිස්මාර්ක් එක්ක සටන් වැදිලා. 'ටෝරා ටෝරා ටෝරා ' දන්නවද? ඔයාට යමක් දෙන්නතියනවා. මට ඊ මේල් එකක් එවනවද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඊමෙල් අයිඩී එක විචාරක මහතා..? නැත්නම් මට එවන්න මෙන්න මේකට...

      htadis@gmail.com

      Delete
    2. ඊ මේල් එක එව්වා. බලන්න.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

Sex Scene හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog