2012 ඉල් මස 09 වනදා
පෙර වදන :
කුරුන්දෙහි පළ වූ බොහොමයක් ලිපි මෙන්, මෙම ලිපියටද පාදක වී ඇත්තේ National Geographic මගින් නිෂ්පාදනය කෙරුණු වාර්තා චිත්‍රපටයකි. Guns, Germs and Steel නමින් නම්වු මෙම චිත්‍රපටයට පදනම් වූයේ අප කතා නායකයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ කළ පරීක්ෂණයකින් පසු ලියවුණු Guns, Germs and steel යන පොතය. මෙම චිත්‍රපටය පිළිබඳව මට දැන ගැනීමට ලැබෙනුයේත් සිංහල බ්ලොග් අවකාශයෙන්මය. ඒ කතාව මෙසේය.
2011 නොවැම්බර මස 01 වන දින, ඔබ කවුරුත් හොඳින් දන්නා ප්‍රවීණ බ්ලොග් රචක, දිනේශ් දීපාල් විසින් ඔහුගේ සත් සමුදුර බ්ලොග් අඩවියේ "ඇත්කඳ ලිහිණියා ටෙලි වෘතාන්තය ගැන සහ ලංකාව යුරෝපීය ජාතීන්ගේ යටත් විජිතයක් නොවුනේ නම් මොනවගේ වෙයිද? " නමින් ලිපියක් පල කරයි. ලිපියෙහි අන්තර්ගත වූයේ අදාළ ටෙලි වෘතාන්තය ගැන ඔහුගේ අදහස් දැක්වීම හා ඒ ඔස්සේ යමින් යම්හෙයකින් යුරෝපීයන් අප රටට නොපැමිණියේ නම් අද තිබිය හැකි තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමයි.
මෙම ලිපියට ප්‍රතිචාරයක් දක්වන අපගේ තවත් බ්ලොග් සහෘදයෙක් වූ චතුරංග පෙරේරා වෙතින් දිනේශ්ට හරි අපූරු ප්‍රශ්නයක් එල්ල වෙනවා. දිනේශ්ගෙන් ප්‍රශ්න කිහිපයක් අසන චතුරංග අවසානයට යොමු කරන්නෙ " යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? " යන ගැටලුවයි.
දිනේශ් විසින් ඒකට පිළිතුරු දෙන ආකාරය නිසා ගැටලුවේ අපූර්වත්වය තවත් වැඩිවෙනවා කියලයි මට හිතුණේ. පැනයට පිළිතුරු දෙන්න දිනේශ් විසින් අති දීර්ඝ ලිපි මාලාවක් අරඹන්නේ, එම පැනයට එක එල්ලෙ සරල ලෙස කෙටි පිළිතුරක් දිය නොහැකි නිසාම වෙන්න ඇති. 2011 නොවැම්බර් 09 වන දින " යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වූයේ ඇයි? " යනුවෙන් දිනේශ් විසින් එම ලිපි මාලාව අරඹනවා.
ප්‍රශ්නෙ අහපු චතුරංග, ඊට පස්සෙත් ඒ ගැන වැඩිදුරටත් සොයන්න ඇති කියලා මට හිතුණෙ, දිනේශ්ගෙ මෙම ලිපියෙහි ඔහු පළ කරන මෙම ප්‍රතිචාරය නිසා. එතනින් දී තිබූ සබැඳියෙන් ගොස්, අඹ ගහ යට අඩවියේ, මාලන් විසින් මේ පිළිබඳ ලියා තිබූ අපූරු සටහන කියවීමෙන් පසුව තමා, මම මුල් වරට මෙම වාර්තා චිත්‍රපටය ගැන දැනුවත් වුයේ. මම ඒකට කොච්චර ආකර්ෂණය වුණාද කිව්වොත් ඒ මොහොතෙම ඒක බාගත කරගත්තා. මාලන් සහෘදයා විසින් ඒ පිළිබඳ සිය ලිපිය පළ කොට තිබූ අපූර්වත්වයත් ඒකට බලපාන්න ඇති.
දෙතුන් වතාවක්ම නැරඹීමෙන් පසු මෙම චිත්‍රපටය මගේ පරිගණකයේ දෘඪ තැටියේ කොනක් අල්ලන් වසරකට ආසන්න කාලයක නිද්‍රාවකට පත් වෙනවා. මෑතකදි පරිගණකයෙහි සිදු කල පරණ ගොනු සැකසීමකදි, මෙම චිත්‍රපටය දකින්න ලැබීමත් සමඟම, මට සිතුවිල්ලක් පහළ වෙනවා "මේකෙන් ලිපියක් ලියුවොත් කොහොමද ? " කියලා. ඒ සිතුවිල්ල ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය තමා මෙම ලිපිය.
මේ ලිපිය කියවූ වහාම, ඔබ, ප්‍රශ්න ඇසීම හා පිළිතුරු සෙවීම පිළිබඳ ඉහත සිද්ධියෙහි හා ලිපියෙහි අතර හරි අපූරු ආසන්න සමානත්වයක් දකීවි.
මෙම ලිපිය සියයට සියයක්ම චිත්‍රපටයෙහි පරිවර්තනයක් නොවේ. ආශ්‍රිත වෙනත් ලිපි වලින් උකහා ගත් දැනුමත් මෙයට මුසු වී ඇත. එහෙත් ලිපියෙන් වැඩි ප්‍රමාණයකට පාදක වන්නෙ චිත්‍රපටයම වේ. මෙම කොටසෙහි පළ කොට ඇති ඡායාරූප, අදාළ චිත්‍රපටයෙන්ම හා මෙම සබැඳියෙන් උපුටා ගත් ඒවා වේ.
මේ ගැන දැනුවත් වීමට මග පිළිසකර කළ දිනේෂ් දීපාල් සහෘදයාටත්, චතුරංග පෙරේරා සහෘදයාටත්, මාලන් සහෘදයාටත් නොවක් තුති.
ලිපිය දිග වැඩි නිසාත්, දීර්ඝ ලිපි කියවීම වෙහෙසකර නිසාත්, කොටස් වශයෙන් පළවේවි. කෙටි කාලයක් ඇතුළත ලිපිය සම්පූර්ණ කිරීම අපේක්ෂාවයි.
ලිපිය සැකසීමට පහත් මෘදුකාංග වලින් ලද සහය අපමණයි. නොමිලේ එම සේවාවන් සපයන ඒවයෙහි හිමි කරුවන්ටත් ස්තූතියි !
මධුර ශබ්ද කෝෂය
Cambridge ශබ්ද කෝෂය
සුබස අකුරු විනිස පිරික්සුව.
මාලින්ද යුනිකේත පරිවර්තකය
පෙර වදන :
කුරුන්දෙහි පළ වූ බොහොමයක් ලිපි මෙන්, මෙම ලිපියටද පාදක වී ඇත්තේ National Geographic මගින් නිෂ්පාදනය කෙරුණු වාර්තා චිත්‍රපටයකි. Guns, Germs and Steel නමින් නම්වු මෙම චිත්‍රපටයට පදනම් වූයේ අප කතා නායකයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ කළ පරීක්ෂණයකින් පසු ලියවුණු Guns, Germs and steel යන පොතය. මෙම චිත්‍රපටය පිළිබඳව මට දැන ගැනීමට ලැබෙනුයේත් සිංහල බ්ලොග් අවකාශයෙන්මය. ඒ කතාව මෙසේය.
2011 නොවැම්බර මස 01 වන දින, ඔබ කවුරුත් හොඳින් දන්නා ප්‍රවීණ බ්ලොග් රචක, දිනේශ් දීපාල් විසින් ඔහුගේ සත් සමුදුර බ්ලොග් අඩවියේ "ඇත්කඳ ලිහිණියා ටෙලි වෘතාන්තය ගැන සහ ලංකාව යුරෝපීය ජාතීන්ගේ යටත් විජිතයක් නොවුනේ නම් මොනවගේ වෙයිද? " නමින් ලිපියක් පල කරයි. ලිපියෙහි අන්තර්ගත වූයේ අදාළ ටෙලි වෘතාන්තය ගැන ඔහුගේ අදහස් දැක්වීම හා ඒ ඔස්සේ යමින් යම්හෙයකින් යුරෝපීයන් අප රටට නොපැමිණියේ නම් අද තිබිය හැකි තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමයි.
මෙම ලිපියට ප්‍රතිචාරයක් දක්වන අපගේ තවත් බ්ලොග් සහෘදයෙක් වූ චතුරංග පෙරේරා වෙතින් දිනේශ්ට හරි අපූරු ප්‍රශ්නයක් එල්ල වෙනවා. දිනේශ්ගෙන් ප්‍රශ්න කිහිපයක් අසන චතුරංග අවසානයට යොමු කරන්නෙ " යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? " යන ගැටලුවයි.
දිනේශ් විසින් ඒකට පිළිතුරු දෙන ආකාරය නිසා ගැටලුවේ අපූර්වත්වය තවත් වැඩිවෙනවා කියලයි මට හිතුණේ. පැනයට පිළිතුරු දෙන්න දිනේශ් විසින් අති දීර්ඝ ලිපි මාලාවක් අරඹන්නේ, එම පැනයට එක එල්ලෙ සරල ලෙස කෙටි පිළිතුරක් දිය නොහැකි නිසාම වෙන්න ඇති. 2011 නොවැම්බර් 09 වන දින " යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වූයේ ඇයි? " යනුවෙන් දිනේශ් විසින් එම ලිපි මාලාව අරඹනවා.
ප්‍රශ්නෙ අහපු චතුරංග, ඊට පස්සෙත් ඒ ගැන වැඩිදුරටත් සොයන්න ඇති කියලා මට හිතුණෙ, දිනේශ්ගෙ මෙම ලිපියෙහි ඔහු පළ කරන මෙම ප්‍රතිචාරය නිසා. එතනින් දී තිබූ සබැඳියෙන් ගොස්, අඹ ගහ යට අඩවියේ, මාලන් විසින් මේ පිළිබඳ ලියා තිබූ අපූරු සටහන කියවීමෙන් පසුව තමා, මම මුල් වරට මෙම වාර්තා චිත්‍රපටය ගැන දැනුවත් වුයේ. මම ඒකට කොච්චර ආකර්ෂණය වුණාද කිව්වොත් ඒ මොහොතෙම ඒක බාගත කරගත්තා. මාලන් සහෘදයා විසින් ඒ පිළිබඳ සිය ලිපිය පළ කොට තිබූ අපූර්වත්වයත් ඒකට බලපාන්න ඇති.
දෙතුන් වතාවක්ම නැරඹීමෙන් පසු මෙම චිත්‍රපටය මගේ පරිගණකයේ දෘඪ තැටියේ කොනක් අල්ලන් වසරකට ආසන්න කාලයක නිද්‍රාවකට පත් වෙනවා. මෑතකදි පරිගණකයෙහි සිදු කල පරණ ගොනු සැකසීමකදි, මෙම චිත්‍රපටය දකින්න ලැබීමත් සමඟම, මට සිතුවිල්ලක් පහළ වෙනවා "මේකෙන් ලිපියක් ලියුවොත් කොහොමද ? " කියලා. ඒ සිතුවිල්ල ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය තමා මෙම ලිපිය.
මේ ලිපිය කියවූ වහාම, ඔබ, ප්‍රශ්න ඇසීම හා පිළිතුරු සෙවීම පිළිබඳ ඉහත සිද්ධියෙහි හා ලිපියෙහි අතර හරි අපූරු ආසන්න සමානත්වයක් දකීවි.
මෙම ලිපිය සියයට සියයක්ම චිත්‍රපටයෙහි පරිවර්තනයක් නොවේ. ආශ්‍රිත වෙනත් ලිපි වලින් උකහා ගත් දැනුමත් මෙයට මුසු වී ඇත. එහෙත් ලිපියෙන් වැඩි ප්‍රමාණයකට පාදක වන්නෙ චිත්‍රපටයම වේ. මෙම කොටසෙහි පළ කොට ඇති ඡායාරූප, අදාළ චිත්‍රපටයෙන්ම හා මෙම සබැඳියෙන් උපුටා ගත් ඒවා වේ.
මේ ගැන දැනුවත් වීමට මග පිළිසකර කළ දිනේෂ් දීපාල් සහෘදයාටත්, චතුරංග පෙරේරා සහෘදයාටත්, මාලන් සහෘදයාටත් නොවක් තුති.
ලිපිය දිග වැඩි නිසාත්, දීර්ඝ ලිපි කියවීම වෙහෙසකර නිසාත්, කොටස් වශයෙන් පළවේවි. කෙටි කාලයක් ඇතුළත ලිපිය සම්පූර්ණ කිරීම අපේක්ෂාවයි.
ලිපිය සැකසීමට පහත් මෘදුකාංග වලින් ලද සහය අපමණයි. නොමිලේ එම සේවාවන් සපයන ඒවයෙහි හිමි කරුවන්ටත් ස්තූතියි !
මධුර ශබ්ද කෝෂය
Cambridge ශබ්ද කෝෂය
සුබස අකුරු විනිස පිරික්සුව.
මාලින්ද යුනිකේත පරිවර්තකය
1
"සුදු ජාතිකයන් හෙවත් යුරෝපීයන් අන් ජාතීන්ට වඩා ධනයෙන්, බලයෙන් ආඪ්‍ය වී ඇත්තේ මන්ද ?" ඔබට මේ ගැන නිකමට හෝ දිනෙක සිතී තිබේද ? එයට බලපෑ හේතුව කුමක් විය හැකිද ? ඔවුනට වඩා දිගු ශිෂ්ටාචාරයකට හිමිකම් කී සමහර දියුණුයැයි සම්මත ජාතින් පවා ඔවුන් අබියස නිවට නියාළුව ගියේ කුමන හේතුවක් නිසාද ? මුළු ලොවම සිය අණසකට යටත් කරගෙන තමනට අභිමත පරිදි එය හැසිරවීමේ බලය ඔවුනට ලැබුණේ කුමන ශක්තියකින්ද ? ඒ පිටුපස වූ සැබෑම ශක්තිය කුමක්ද ? කළු ජාතික නිව් ගිනියානු වැසියකුගෙන් එල්ල වූ, ඒ සම්බන්ධ පැනයකට ක්ෂණික පිළිතුරක් නොමැතිව අසරණ වූ සුදු ජාතිකයකු, එයට හේතුව සොයා කළ ගවේෂණයයි මේ.
මහාචාර්ය Jared Diamond, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් මුලින්ම කායික විද්‍යාව පිළිබඳ මහාචාර්ය තනතුර ලැබූවෙකි. එහෙත් පරිසර අධ්‍යනයට වැඩි මනාපයක් හා නැබුරුවක් දැක්වූ ඔහු සිය දිවියේ නාඹර යෞවනයේදීම නිව් ගිනියා දූපත් බලා ගමන් කරන්නෙ ඒ සම්බන්ධ පරීක්ෂණ උදෙසාය. පසුව මානව පාරිසරික ක්‍රියා අධ්‍යනයට යොමුවන ඔහු, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන්ම භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්යය තනතුරකින්ද පිදුම් ලබයි. උක්ත විෂය පිළිබඳව හැරුණු කොට තවත් පොත් පත් කිහිපයක්ම ලියා පළ කළ, පිළිගත් විද්වතෙකි. සිය තරුණ වියේදී නිව් ගිනියානු වැසියකු අසන පැනයකට පිළිතුරු සොයා රටින් රට, දේශයෙන් දේශය ගමන් කරමින් සිය ජීවිතයෙන් වසර තිහක් පමණම ඒ සඳහා වැය කරනු ලැබූවෙකි.ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වූයේ පක්ෂීන් නිරීක්ෂණය හා අධ්‍යනයයි. වසර 26 දී මේ සඳහා නිව් ගිනියා වෙත පැමිණෙන මහාචාර්යය ජෙරඩ්, දුටු පළමු දසුනෙන්ම වෙන්කළ නොහැකි ලෙස එම පරිසරයට ආකර්ෂණය වේ. එයින් පසු ඔහු නිව් ගිනියා වෙත පැමිණි වාර ගණන, ගිණිය නොහැකි තරම්ය. එතරම්ම ඔහු එම පරිසරයට හා මිනිසුන්ට ඇලුම් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, ඔහු දැන් එම දිවයිනේ පක්ෂී චර්යා පිළිබඳ විශේෂඥයෙකි.
අදින් වසර හතළිහකට පමණ පෙර, මෙලෙස නිව් ගිනියා දූපත්හී කටයුතු කරමින් සිටිනා මහාචාර්යය ඩයමන්ඩ් හට, තමන් අවට සිටිනා මේ නිව් ගිනියානුවන් හා තමන් පිළිබඳව දෙවරක් සිතීමට සිදුවෙන, සිද්ධියකට මුහුණ දීමට සිදු විය.
"යාලි" යනු එවකට නිව් ගිනියානු දේශපාලඥයෙක් සහ තවත් වෘත්තීන් ගණනකම නියැලුණු ස්වදේශිකයෙකි. 1972 එක්තරා දිනක මහාචාර්ය ඩයමන්ඩ් මුහුදු වෙරළක ඇවිදිමින් සිටින විට අහම්බෙන් මෙන් මෙම දෛවෝපගත මිනිසාව මුණගැසුණේ අපූර්ව ගවේෂණයකට මංපෙත් විවර කරමිනි. ඔවුනතර කෙරුණු දීර්ඝ කතාවක් අතරතුරේ මහාචාර්ය ඩයමන්ඩ් හට පෙනුමෙන් සරල වූවත් එක එල්ලේ පිළිතුරු දිය නොහැකිවූ මෙම පැනය යාලිගෙන් එල්ල විය.
" Why, you white man have so much cargo ? and we New Guineans have so little ?"
"යාලිගේ පැනය මාව සම්පූර්ණයෙන්ම අසරණ කළා. බැලූ බැල්මට සරල හා පැහැදිලි පිළිතුරක් ඇති පැනයක් ලෙස පෙනී ගියත්, ඔහු ඒ පැනය යොමු කළ විට ඔහුට දිය යුතු පිළිතුර ගැන මට කිසිම අදහසක් තිබුණේ නෑ. - මහාචාර්ය ඩයමන්ඩ්.
"Cargo" යන වදන නිව් ගිනියානුවන් භාවිතා කරනු ලැබුයේ බටහිරයන් විසින් සිය රටට ගෙන එන ලද නා නා ප්‍රකාර ආම්පන්න වලටය. සුදු මිනිසාගේ බලය පෙන්වන සංකේතයක් ලෙස මෙම ආම්පන්න සලකනු ලැබූ අතර එවාට දේවත්වයෙන් වන්දනාමාන කිරීමක්ද දක්නට ලැබුණි. යුරෝපීයන්ට අනුව, බලය යනු සිය ජන කොටස් වලට උපතින්ම හිමිව ඇති දායාදයකි. තමන් ස්වදේශිකයන්ට වඩා උපතින්ම සුපිරි ජාතියක් බව ඔවුන්ගේ හැඟීම විය. ඒ අනුව ඔවුන් නිව් ගිනියානුවන්ට වඩා බලසම්පන්න වීම අතිශය ස්වභාවික තත්ත්වයක් බව ඔවුන්ගේ විශ්වාසයයි.
ඒ ගැන සිය අදහස් දක්වන මහාචාර්ය ඩයමන්ඩ්...
" මගෙ අදහස අනුව, ජන වර්ග පදනම් කොටගෙන සිදු කරණ පැහැදිලිකිරීම් අර්ථ විරහිතයි. ඉතාමත්ම තීක්ෂණ නිව් ගිනියානුවන් බොහොමයක් මට මුණ ගැහිල තියනවා. ඔවුන් සතු හැකියාවන් මාව බොහෝවිට විස්මයට පත්කර තිබෙනවා. ඔවුනට, ඕනෑම දුෂ්කර පරිසර තත්ත්වයකට හිස් අතින්ම ගොස්, කෙටි වේලාවකින්ම සිය පැවැත්ම තහවුරු කරගැනීමේ අපූරු හැකීයාවක් තියෙනවා. මට නම් කොහෙන් පටන් ගන්නද කියලවත් හිතා ගන්ඩ බැරි තරම්. ඇත්තෙන්ම මෙවැනි පරිසර තත්ත්වයක් තුළ ඔවුන්ගේ සහයෝගය නැත්නම් මම අන්ත අසරණයි. ඒත්, ඇයි මේ දක්ෂයන් ඉතාම සුළු උපකරණ කිහිපයක් පමණක් නිපදවා තිබෙන්නෙ? ඇයි ඔවුන් අතී නවීන නගර ඉඳි කොට නැත්තේ ? කොටින්ම නූතන ශිෂ්ටාරගතවීමේ දක්නට ඇති කිසිඳු ලක්ෂණයක් ඔවුන් කෙරෙන් විද්‍යාමාන නොවන්නේ මන්ද ? අනෙක් අතින් ඇමෙරිකා එක්සත් ජනපදය, මිහිමත ඇති බෙහෙවින්ම ධනවත් හා බලගතු රාජ්‍යය. එය බොහොමයක් වූ නිව් ගිනියානුවන්ට හිතා ගැනීමටවත් අපහසු තරමේ ආම්පන්න තොගයකින් පිරී පවතී. ඒ ඇයි ? යාලිට පිළිතුරු අවැසි පැනය මෙයයි. ලෝකයේ මෙතරම්ම විෂමතාවයක් දක්නට ඇත්තේ මන්ද ? " - මහාචාර්ය ඩයමන්ඩ්.
යාලිගේ පැනය මුලින් පෙනුනාට වඩා විශාල සහ සංකීර්ණ එකක් බව මහාචාර්ය ඩයමන්ඩ් හට කල් නොයවාම අවබෝධ විය. එය මානව ඉතිහාසයේ ආරම්භය තරම් ඇතට දිවෙනා ගැටලුවකි. සත්‍යවශයෙන්ම එය විෂමතාවයේ මූලයන් පිළිබඳවූ ගැටලුවකි.
" අතීතයේ සිටම සමහර ජන සමාජ අනෙක්වාට වඩා ශීඝ්‍ර දියුණුවක් පෙන්වීමට බලපෑ හේතුව කුමක්ද ? ලෝකයේ එවකට පැවති බොහොමයක් ජන සමාජ දිවි ගැටගසා ගැනීමේ ප්‍රයත්නයක යෙදෙන විට, ඊජිප්තුව අහස සූරන පිරමීඩ තැනුවේ කෙසේද ? ග්‍රීක් වරුන්, රෝමන් වරුන් හෝ මායා වරුන් එවකට පැවති දියුණුම ශිෂ්ටාචාර ගොඩ නැගුවේ කෙසේද ? මේ සෑම සමාජයක පොදු ලක්ෂණ කිහිපයක් තිබුණා. දියුණු තාක්ෂණය, විශාල ජනගහනය සහ හොඳින් සංවිධානයවූ ශ්‍රම බලකාය යන සාධක වලින් ඔවුන් සමන්විත වෙලා හිටියෙ. මෙම සාධකවල පැවැත්මෙහි ආරම්භය ගැන අවබෝධයක් ලබා ගතහොත් ඊලඟට සමහර ශිෂ්ටාචාර ඉතිහාස ගමනේදී අනෙක්වාට වඩා වේගයෙන් ඉදිරියට යෑමට බලපෑ හේතුවසොයා ගැනීමත් අවශ්‍යය වෙනවා." - මහාචාර්ය ඩයමන්ඩ්.
මහාචාර්ය ඩයමන්ඩ්, තිබීම සහ නොතිබීම යනුවෙන් ලෝකයේ පවතින බේදීම ගවේෂණය කිරීම අරඹමින් මෙම සුවිශාල කර්තව්‍යයට මුල පිරීය. ඉතිහාසඥයෙක් නොවූ විද්‍යඥයාට එය විශාල අභියෝගයක් විය. මානව ඉතිහාසයේ විශාලම ගැටලුව ඔහු විසින් විසඳන අයුරු අප ඉවසිල්ලේ බලාසිටිමු.
විවිධ ජන සමාජ අතර පවත්නා විෂමතාවය තෙරුම්ගැනීමට මහාචර්යය ඩයමන්ඩ් හට මානව ඉතිහාසයේ වසර දහස් ගණනක් පසු පසට යාමට සිදු විය. මිනිසුන් ලෝකය පුරාම බොහෝදුරට එකම තත්ත්වයන් යටතේ දිවි ගෙවුවේ යැයි සැලකිය හැකි තරම්, එක් එක් ජන සමාජයන් අතර විෂමතාවයක් නොව්නේ යැයි සැලකිය හැකි තරම් ඈත අතීතයට යාමට ඔහුට සිදුවිය. එය මුල්ම ශිෂ්ටාචාරගතවීමටත් පෙර අතීතයයි.
වසර 13000 කට පෙර, අවසාන හිම යුගය අවසන් වෙමින් පැවති කාලයයි. පෘතුවිය උණුසුම් සහ තෙත් ගතිය ඇති ස්ථානයක් බවට පරිවර්තනය වෙමින් පැවතිණි. මානව ක්‍රියාකරකම් දියුණු වෙමින් පැවති එක් ප්‍රදේශයක් වූයේ මැද පෙරදිග කලාපයයි. එකල මැදපෙරදිග යනු දැන් මෙන් කාන්තාරවලින් ගහන ප්‍රදේශයක් නොවුණි. එය බොහෝ වනාන්තර, ශාක සහ පැළෑටි වලින් ගහන විය. එහි විසූ මිනිසුන් එවකට ලොව ඕනෑම තැනක විසූ මිනිසුන් මෙන් වූහ. ඔවුන් දඩයමින් දිවිගෙවූ, කුඩා ජංගම කණ්ඩායම්ය. ඔවුන් නිතරම තැනින් තැනට ගමන් කරමින් විසූහ. යහමින් දඩයම් හෝ පල වැල සපයා ගත හැකි ස්ථානයක් හමුවූ විට තාවකාලික වාසස්ථානයක් අටවාගන එහි දිවි ගෙවූහ. එක් ස්ථානයක ඔවුන් සති කිහිපයකට වඩා දිවි නොගෙවූ අතර සෘතු වෙනස් වන විට, සතුන් වෙන ස්ථාන වලට සංක්‍රමණය වනවිට, ඔවුන්ද ඒ සමඟම විතැන් වූහ.
වර්තමානයේත් දඩයමින් දිවි ගෙවීම දැකිය හැකි සීමිත ස්ථාන කිහිපයෙන් එකක් වනුයේ පැපුවා නිව් ගිනියානු වැසි වනාන්තරයි. මහාචාර්ය ඩයමන්ඩ් පවසන පරිදි, පුරා විද්‍යා පොත්පත් වලින් මෙම ජීවන ශෛලිය පිළිබඳව කියවනවාට වඩා, මීට වසර 13000 කට පමණ පෙර මිනිසුන් දඩයමින් දිවිගෙවූ අන්දම සියැසින්ම දැක අත්විදීමට තරම් ඔහු මේ නිසා වාසනාවන්ත වී ඇත.
සතකු එලා ගැනීමට, දක්ෂකම, සුක්ෂම බව යනාදි ලක්ෂණවලට අමතරව සියගණක් වූ සත්ත්ව විශේෂ පිළිබඳව විශ්වකෝෂීය දැනුමක් තිබීම අත්‍යවශය කාරණයක් වේ. දඩයක්කරුවකු වීමටනම් සුවිශේෂී දක්ෂයෙක් විය යුතුමය. වසර 13000 කට පෙර විසූ මානවයාටත් එම කරුණු එලෙසින්ම පොදුය. දඩයමෙහි ඇති මූලිකම දුර්වලතාවයනම් එයට යොදවන කාලය හා බලන විට එතරම් ප්‍රතිඵලදායක නොවීමයි. සතකු එලා ගැනීම වෙනුවෙන් බොහෝකාලයක් වැය කොට අවසානයේ දඩයම් කරගන්නා ගොදුර ප්‍රමාණවත් නොවීම බොහෝ විට සිදු වන්නකි. එමෙන්ම දුන්නයි ඊතලයයි භාවිතා කරමින් කළ දඩයමෙහි කිසිඳු නිශ්චිතතාවයක් නොවුණි.
දඩයමෙහි වූ මෙම අවිනිශ්චිතතාවය නිසාම, සාම්ප්‍රදායික ජනසමාජ පළ වැල ආදිය රැස් කිරීම කෙරෙහි උනන්දු විය. මහචාර්ය ඩයමන්ඩ් අධ්‍යනයෙහි යෙදෙන නිව් ගිනියාහී මෙම කලාපයේ මෙම කාර්යය ප්‍රධාන වශයෙන් කතුන්ගේ අතින් සිදු විය. ප්‍රධානම ආහාර ප්‍රභවයක් වූයේ සව්හාල්ය. ( SAGO ) දඩයමට සාපේක්ෂව මෙය ප්‍රතිඵලදායක වුවද, ඒ සඳහාද නොමද වෙහෙසක් දැරිය යුතුව තිබුණි. අවසානයේ ලබන ඵලය වෙහෙසට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන අතර සව්හාල් කල් තබා ගැනීමද එතරම් පහසු කටයුත්තක් නොවුණි. එමෙන්ම සව්හාල් ගසකින් ලබා ගත හැක්කේ රාත්තල් හැට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් පමණී. එයද දින තුන හතරක වෙහෙසකින් පසු වූ අතර එතරම් ඵලදායී ප්‍රෝටීන් ප්‍රභවයක්ද නොවුණි. එහෙත් එම කලාපයේ නිව් ගිනියානු වැසියනට පරිසරයෙන් ලබාගත හැකිවූ වෙනත් ප්‍රතිඵලදායක ආහාර ප්‍රභවයක්ද නොතිබුණි.
වසර 13000 කට පෙර මැද පෙරදිග කලාපයේ ආහාර එකතු කිරීමේ ක්‍රමවේදය වෙනස්ම ස්වභාවයක් ඉසිලීය. ඔවුන්, ගස් අතර වැවී තිබූ තෘණ වර්ග වූ බාර්ලි සහ තිරිඟු එකතු කොට ආහාරයට ගැනීමට හුරුවී සිටියහ. ඒවා ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව සව්හාල් වලට වඩා බෙහෙවින්ම ඉදිරියෙන් පසු විය. මෙම සරල තෘණ දෙවර්ගය මානවයා වර්තමාන ශිෂ්ටාචාරගතවීම දක්වා ආ මාර්ගයේ දිශානතිය සකස් කිරීමේහීලා විශාල මෙහෙවරක් සිදු කොට තිබුණි.
වසර 12500 කට පමණ පෙර පෘථුවියෙහි දේශගුණය හදිසියේම නැවතත් වෙනස් විය. හිම යුගයේ පරිසර තත්ත්වයන් නැවතත් ඇතිවීම හේතුකොටගෙන පෘතුවිය නැවතත් වියළි,සීතල ස්ථානයක් බවට හැරෙමින් තිබුනි. මැදපෙරදිග කලාපය දරුණු දේශගුණික ව්‍යසනයකට ලක්වූ අතර සතුන් සහ ගහ කොළ විනාශ වී ගියහ. මැදපෙරදිග, කාන්තාර බවට හැරවූ මෙම නියඟය, වසර 1000 ක් පමණ පැවතුණි. කලාපයෙහි විසූ මිනිසුන්ට නව නව ස්ථාන හා ආහාර ප්‍රභවයන් සොයා යාමට සිදු වුවද මෙම තත්ත්වයන් යටතේත් ඔවුන් සිය පැවැත්ම තහවුරු කරගැනීමට සමත් වූහ. මෙම තත්ත්වය මැදපෙරදිග කලාපයෙහි නව ජීවන ශෛලියකට මූල පිරූ අතර එය ලෝකයෙහි අනාගත මුහුණුවර වෙනස් කිරීමට සමත් විය.
මහාචාර්ය Ian Kuijt, මැදපෙරදිග ශිලා යුගය පිළිබඳ විශේෂඥ පුරා විද්‍යාඥයකි. ඔහු සහ ඔහුගේ කණ්ඩායම ජෝර්දාන් නිම්නයේ කළ පුරා විද්‍යා කැණීමකින් එක් සුවිශේෂී සාධකයක් මතුකර ගත්හ. ඒ වසර දහස් ගණනක් පැරණි ගම්මානයක ඉපැරණි සුන්බුන්ය. කාල නිර්ණ කාබන් පරීක්ෂණ මගින් හෙළිවූයේ මෙම ගම්මානය මින් වසර 11500 ක් පමණ පැරණි ඉතිහාසයකට හිමිකම් කී එකක් බවයි. එය මිහිමත බිහිවූ මුල්ම ගම්මාන වලින් එකකි. එය මිනිසුන් හතළිහක් හෝ පනහකින් පමණ සැදුම් ලත් වූ ගම්මානයක් විය හැකි බව මහාචාර්ය Ian Kuijt ඇතුළු පුරා විද්‍යඥයින්ගේ මතයයි.
"එතරම් දුෂ්කර කාලයක, මුළු ගම්මානයටම ආහාර සැපයීම කෙසේනම් සිදු වන්නට ඇත්ද ?"
සිව් වසරක් තිස්සෙ ඔවුන් කළ පරික්ෂණ වලින් පසුව, මෙම පැනයට පිළිතුරයැයි අනුමාන කළ හැකි සොයා ගැනීමක් කළහ. එය, මැටි බිත්ති වලින් නිර්මිත ඕවලාකාර හැඩයකින් යුතු ව්‍යවහයකි. මහාචාර්ය Ian Kuijt ඇතුළු පිරිස විශ්වාසකරන පරිදි මෙය ධාන්‍ය රැස්කිරීමට යොදාගත් ධාන්‍ය බිස්සකි. එය ලෝකයේ මුල්ම ධාන්‍ය බිස්සක් විය හැකි බවට ඔවුන්ගේ විශ්වාසයයි. මූලික වශයෙන්ම තිරිඟු, බාර්ලි ගබඩාකිරීමට මෙය යොදා ගෙන තිබිණ. එහෙත්, එසේ රැස්කිරීමට තරම් ධාන්‍ය ඔවුනට ලැබුණේ කෙසේද ? මෙයට පිළිතුර මානව ඉතිහාසයේ එක් විප්ලවකාරී නැම්මක් පෙන්නුම් කරයි. මැදපෙරදිග දරුණු නියගය පැවතුණු අවදියෙහි, දඩයමට හා ආහාර රැස්කිරීමට වූ අපහසුතාවය නිසාම, මිනිසා, තමන් විසින්ම ධාන්‍ය වගාකිරීමට යොමුවීමක් දක්නට ඇත. දඩයම් හෝ ආහාර සොයමින් තැනින් තැනට යාම වෙනුවට, ඔවුන් විසින් සොයාගත හැකිවූ ජල ප්‍රභවයක් අසල ස්ථානගතවීමෙන් අනතුරුව බීජ වපුරා අස්වැන්න ලබා ගැනීමට යොමු වූහ. බාර්ලි සහ තිරිඟු ප්‍රධාන වශයෙන් මෙලෙස අස්වැද්දූ ධාන්‍ය විය. මෙලෙස, ශිලා යුගයේදී, මැද පෙරදිග විසූ මිනිසුන් ගොවියන් බවට පත්ව තිබුණි. ලොව මුල්ම ගොවියන් වීමේ ගෞරවය ඔවුනට හිමිය.
මිනිසුන් ගොවිතැනට යොමුවීම සැබවින්ම මානව ඉතිහාසයේ පැහැදිලි හැරවීම් ලක්ෂයකි. දඩයමේ හෝ පල වැල එකතු කෙරීමෙහි යෙදුණු මිනිසුන්ට ගොවිතැනෙන් ලද සාර්ථකත්ත්වය කිසිකලෙකවත් ලැබිය නොහැකි විය. ගොවිතැනට සාපේක්ෂව සෑම කල්හීම දඩයමෙහි පැහැදිලි අවාසි දක්නට වූහ.
දැන් මහාචාර්ය ඩයමන්ඩ්ගේ උත්සහාය ලොව, මිනිසුන් ගොවියන් බවට පත්වූ වෙනත් ස්ථාන හඳුනා ගැනීමයි. ගොවිතැනෙහි පැතිරීම සහ ශිෂ්ටාචාරගතවීම පැතිරීම අතර ඇති සබඳතා හඳුනාගත හැකිනම් යාලිගේ පැනයට දිය හැකි පිළිතුරට තමන් ළඟාවෙමින් සිටින බව ඔහුගේ විශ්වාසයයි.
අතීත ලෝකයෙහි, ගොවිතැන ස්වාධීනව වැඩි වර්ධනය කරගත් ප්‍රදේශ කිහිපයක් හඳුනා ගත හැකිය. මැදපෙරදිගට සමකාලීනව චීනය විසින් තවත් එවැනිම ධාන්‍ය වර්ගයක් වූ සහල් වගාකිරීම ඇරඹූහ. පසුව ඇමෙරිකා මහද්වීපයේ සහ අප්‍රිකා මහද්වීපයෙහිද තම භූමියට ආවේණික වූ ධාන්‍ය හෝ ආහාර වර්ග වගා කිරීම අරඹා තිබුණි. මෙලෙස වගා කිරීම ඇරඹු සෑම සමාජයකම වාගේ සාපේක්ෂව දියුණු ශිෂ්ටාචාර ගතවීමක් දක්නට තිබුණි. මෙයට ව්‍යතිරේකයන් නොතිබුණාත් නොවේ. සමහර ප්‍රදේශ අතීතයේ සිට වගා කිරීම දක්නට තිබුණද, අනෙකුත් වගාකිරීම් ඇරඹූ ප්‍රදේශ වලට සාපේක්ෂ දියුණුවක් දක්නට නොවුණි. නිව් ගිනියානු උස් බිම මෙයට උදාහරණයකි. මෙහි දක්නට ඇති වගා කිරීමේ ක්‍රමවේදය ලොවෙහි පැරණිම වගා ක්‍රම වලින් එකක් ලෙස පිළිගැනේ. එලෙසම නිව් ගිනියානු වැසියන් මින් වසර 10000ක් තරම් ඈත කාලයේ සිටම වගා කිරීමෙහි යෙදී සිටින්නට ඇති බවත් පුරා විද්‍යාඥයන් විශ්වාසය පළකරති. එය මැද පෙරදිග වගා කිරීම ඇරඹි කාලයෙන් එතරම්ම දුරස් නොවූ කාලයකි.
" මේ නිව් ගිනියානු මිනිසුන්, යාලිගේ මිනිසුන්, ලොව මුල්ම ගොවියන්ගෙන් කොටසක් බව දැනගන්නට ලැබීම සැබවින්ම විස්මය දනවන කාරණයක්. ඔවුන්ට එතරම් පැරණි කෘෂිකාර්මික ඉතිහාසයක් ඇතත්, මැද පෙරදිග හෝ චීනයේ හෝ මධ්‍යම ඇමෙරිකාවෙ ගොවියන් අතර දක්නට වූ ශිෂ්ටාරගත වීමක් මේ නිව් ගිනියානු සමාජයේ දක්නට නැත්තෙ මන්ද ? ඔවුන් තමන් විසින්ම නිපදවන ලද ආම්පන්න සංඛ්‍යාව මෙතරම් සීමිත මන්ද ? අනිවාර්යයෙන්ම නිව් ගිනි ගොවියන් කිසිසේත්ම අඩු හැකියාවන්ගෙන් සමන්විත වූ පිරිසක් නොවන බව සහතිකය. එසේනම් වෙනස ඇත්තේ කොහිද ? පිළිතුර රඳා ඇත්තේ වගාකරන බෝග වර්ගය මත බව පෙනෙන්නට තිබේ. නිව් ගිනියානු උස් බිම වල වගා කෙරුණ බෝග, තිරිඟු හෝ බාර්ලි මෙන් නිරායාසයෙන් අස්වැද්දවිය නොහැකි වූ එකින් එක සිටවිය යුතු අල වර්ග වේ. ඒ වගේම ඒවා කල්තබා ගැනීම අතින්ද තිරිඟු වලට සාපේක්ෂව දුර්වල බෝග වේ. මෙම බෝග, තිරිඟු වලට සපේක්ෂව අඩු ප්‍රෝටීන් ප්‍රාමාණයකින් සමන්විත බැවින් නිව් ගිනියානු වැසියන් තිරිඟු භාවිතයට ගත් මැද පෙරදිග වැසියනට වඩා ප්‍රෝටීන් ඌනතාවයනට ලක් වීමක් දකින්නට ඇත. නිව් ගිනියානු අනෙකුත් බෝගද ඔවුනට සැලකියයුතු තරම් ප්‍රෝටීන් ලබා දීමට සමත් නොවේ. - මහාචාර්ය ඩයමන්ඩ්.
මහාචාර්ය ඩයමන්ඩ්, කෙමෙන් කෙමෙන් යාලිගේ පැනයට අවැසි පිළිතුර කරා ළඟාවෙමින් සිටියේය. මේ දක්වා කළ පරීක්ෂණ වලින්, මිනිසාගේ ගොවිතැනට යොමුවීම යන සාධකය මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක නැම්මක් ඇති කිරීමට සමත්ව ඇති බව ඔහු විසින් අවබෝධ කොටගෙන තිබුණි. වගා කරණ භෝගය කුමක්ද යන වග සමාජයන් අතර අසමානාත්මතාවයක් ඇතිවීම කෙරෙහි අතිශයින්ම තීරණාත්මක සාධකයක් වී ඇති බව මහාචාර්යය ඩයමන්ඩ් හට අවබෝධ විය. ඉතා පෝෂ්‍යදායී, ඵලදායක භෝගයන් වගා කිරීමට සමත්වූ ජන සමාජයන්, ඉතා සාර්ථක ගොවියන් වී තිබිණි. අවසාන වශයෙන්, එය භූගෝලීය වාසිය මත තීරණය වූ සාධකයක් බවට මහාචාර්යය වරයාගේ තීරණය විය.
ආහාරයට ගන්නා භෝග වර්ගය අනුව ලොවෙහි පවත්නා අසමානතාවය හට ගන්නා බව පැවසීම අභියෝගාත්මක අදහසකි. මහාචාර්යය ඩයමන්ඩ්ට අනුව ඇමෙරිකානුවන් නිව් ගිනියානුවන්ට වඩා ඉදිරියෙන් පසු වන්නේ ඔවුන් සිය වස් ගනනක් පුරා වඩා පෝශ්‍යදායි, ඵලදායක තිරිඟු අනුභව කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. තිරිඟු වලින්, නිව් ගිනියාවේදී ලැබෙන අල වර්ගයක් හෝ කෙසෙල් වර්ගයකින් ලබනවාට වඩා වැඩි පෝශ්‍යගුණයක් ලැබිය හැකිය. තිරිඟු නොවන්නට නූතන ඇමෙරිකාවේ සෞභාග්‍යය සිහිනයක් පමණක් විය හැකිව තිබූ අතර කිසි කලෙකවත් කෙසෙල් හෝ අල වර්ග මත එම තත්ත්වයට පත් විය නොහැකි බව මහාචාර්යය ඩයමන්ඩ්ගේ මතයයි.
ලොව පුරා ජන සමාජ අතර මෙතරම් පැහැදිලි විෂමතාවයක් හා මානව ශිෂ්ටාචාරයේ දිශානතියේ පැහැදිලි වෙනසක් පැලෑටියක ඵලයකින් පමණක්ම සිදුවිය හැකිද ? එසේ නැත්නම් එයට බලපෑ තවත් හේතුවක් තිබුනේද ? ලොවෙහි, තිබීම සහ නොතිබීම අතර වෙනස පැහැදිලි කිරීමට මහාචාර්යය ඩයමන්ඩ් තවත් හේතුවක් ඉදිරිපත් කරයි.
වසර 9000 කට පමණ පෙර ලොව මුල්ම ජනාවාස පිහිටුවාගතේයැයි විශ්වාස කළ හැකි මැද පෙරදිග මිනිසුන් මේ වන විට තමන්ට අවශ්‍ය ආහාර බෝග වාගා කොටගෙන ජීවත්වීමට හොඳින් හුරුවී සිටියහ. මේ වන විට ඔවුන් ධාන්‍ය වලට අමතරව වෙනත් ආහාර ප්‍රභවයක්ද සපයාගෙන තිබුණි.
හීලෑ කළ සතුන් !
දඩයමින් දිවිගෙවීම ඇරඹු මිනිසාට, සත්ව මාංශ ආහාරයට ගැනීම අරුමයක් නොවන බව පැහැදිලිය. එහෙත් සතුන් හීලෑ කොටගෙන අවශ්‍ය විටක මස් පිණිස භාවිතා කිරීම, දඩයම් කිරීම මෙන් අවිනිශ්චිත කාර්යයක් නොවුණි. මසට අමතරව ඔවුන්ගෙන් කිරි, සම් සහ ලෝම වැනි අනිකුත් ප්‍රයෝජන ලබන ආකාරයද මිනිසා විසින් කෙටි කලෙකින්ම හඳුනා ගන්නා ලදී. ගොවිතැනින් ශේෂ වූ පිදුරු වැනිදෑ සත්ත්ව ආහාර වශයෙන් යොදා ගත හැකි වීමත්, සත්ත්ව මල, මුත්‍රා ගොවිතැනට පොහොර වශයෙන් යොදාගත හැකි වීමත් මේ නිසා ඇතිවූ අන්‍යෝන්‍ය වාසි සහගත තත්ත්වයන් වූහ. මෙමගින් වගාව මෙන්ම සතුන්ද ප්‍රයෝජන ලැබූ අතර, අනිවාර්යයෙන්ම අවසාන ප්‍රායෝජනය මිනිසා සතු විය.
එළුවන් සහ බැටළුවන්, පුරාණ ලෝකයේ මුලින්ම හීලෑ කිරීමට ලක්වූ සතුන් දෙවර්ගය වේ. ක්‍රමක්‍රමයෙන් අද භාවිතයට ගන්නා විශාල සතුන් දක්වා එය වැඩි වර්ධනය විය. මේ සෑම සතෙකුම මුලින්ම මස් පිණිස භාවිතා කළද, වෙනත් අමතර ප්‍රයෝජන ගත හැකි බවද පසුව ප්‍රත්‍යක්ෂ විය. විශේෂයෙන්ම නගුල සොයා ගැනීමත් සමඟම . මෙමගින් මිනිසාට වැඩි අස්වැන්නක් ලැබීම හේතු කොටගෙන වැඩි ප්‍රමාණයකට ආහාර සැපයීමේ හැකියාව ලැබුණි.
නිව් ගිනියාවේ හෝ ලොවෙහි බොහොමයක් වූ අනෙකුත් ප්‍රදේශ වල ගොවිතැන සඳහා නගුල භාවිතා කොට නොතිබුණි. හේතුව, ඔවුනට එය ඇදීම සඳහා යෝග්‍ය වූ සතුන් නොමැති වීමයි. වර්තමානයේද නිව් ගිනිහී විශාලම ගෘහාශ්‍රිත සත්ත්වයා වන්නේ ඌරාය. එහෙත් යුරෝපය ආශ්‍රිත සමාජයේ හරකුන්, අශ්වයන්, බැටළුවන් ආදී විශාල විවිධත්ත්වයකින් යුතු සත්ත්ව ගහණයක් සිටි අතර මිනිසා විසින් ඔවුන්ව හීලෑ කොටගෙන නා නා ප්‍රකාර ප්‍රයෝජන ලබා ගෙන, ලබා ගනිමින් සිටිති. ඌරන්ගෙන් මස් ලබාගත හැකි වුවද අනෙකුත් සතුන්ගෙන් ලැබිය හැකි වූ බහුවිධ ප්‍රයෝජන ලැබිය නොහැකි විය. ප්‍රධානම අවාසි සහගත කාරණය වූයේ ඌරන්ගෙන් බාහු බලය ලබා ගත නොහැකි වීමයි.
සතුන් හීලෑ කොටගෙන මස් පිණිස හෝ ගොවිතැන සඳහා යොදාගැනීම යන කාරණය ඒ ඒ සමාජයන් අතර ශිෂ්ටාචාරගත්වීමේ වේගයෙහි පැහැදිලි වෙනසක් ඇති කිරීමට තරම් සමත් වී ඇත. මිලියන දෙකකට ආසන්න සත්ත්ව විශේෂ හඳුනාගත තිබුණද ඔවුන්ගෙන් අති විශාල බහුතරයක් මිනිසාගේ ප්‍රයෝජනයට ගත නොහැක. සමහර සතුන් හීලෑ කිරීමේ දුෂ්කරතා තිබුණු අතර සමහර සතුන්ගේ පරිණත වීමේ කාලය අධික බැවින් එවැනි සතුන් ආහාර පිණිස හෝ ගොවිතැන සඳහා යොදා ගැනීම ප්‍රායෝගික නොවුණි. මහාචාර්ය ඩයමන්ඩ් කළ පරීක්ෂණ මගින් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා ලොව පුරා අතීතයේ සිට සාර්ථකව භාවිතා කළ සත්ත්ව විශේෂ 14ක් හඳුනා ගෙන තිබුණි.
- එළුවන්
- බැටළුවන්
- ඌරන්
- හරකුන්
- අශ්වයන්
- බූරුවන්
- බැක්‍ට්‍රියන් ඔටුවන්
- අරාබි ඔටුවන්
- මී ගවයන්
- ලාමා සතුන්
- පිනි මුවන්
- යැක් ගවයන්
- මිතාන් ගවයන්
- බාලි ගවයන්
මෙම සතුන්ගෙන් ලාමා හැරුණුකොට අනිකුත් සියලුම සතුන් පාහේ ආසියාව, යුරෝපය හා උතුරු අප්‍රිකාව ආශ්‍රිතව හමුවූ සතුන්ය.එයිනුත් ගවයන්, එළුවන්, බැටළුවන් සහ ඌරන් මැදපෙරදිගින් හමුවූ, හීලැකරගනු ලැබූ සතුන්වේ. ලොව හොඳම බෝග කිහිපයකට මුල් බිම් වූ මැදපෙරදිග, ලොව හොඳම ගෘහාශ්‍රිත සතුන් කිහිපයකටම මුල්බිම් වීම, එහි විසූ මුල් මිනිසුන්ව වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම කිරීමට සමත්ව තිබුණි. සැබවින්ම ඔවුන් භූගෝලිය වශයෙන් ආශිර්වාද ලද කණ්ඩායමක් වූහ. ගොවිතැනට සතුන්ගේ සහයෝගය ලබා ගැනීමට ඇරඹූ තැන් සිට, මිනිසුන්ට සිය නිෂ්පාදන අතිරික්තයක් ලබා ගත හැකිවූ අතර එය සමාජයේ සියලු දෙනාම නිතරම ගොවිතැනෙහි යෙදීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කරනු ලැබීය. මෙලෙස ලද විවේකය ඔවුන් නව දක්ෂතා හා නව තාක්ෂණය බිහිකිරීම උදෙසා භාවිත කොට ඇති සෙයක් දක්නට ලැබේ. දුකුණු ජෝර්දානයේ කැණීම් වලින් හමුවූ පුරා විද්‍යා සාක්ෂි වලින් දැක්වෙන පරිදි එහිවූ ආදිවාසීන්, නිසි පරිදි සැකසු නිවාස තානාගෙන ජීවත්ව සිට ඇත. නිකම්ම හිසට සෙවණක් වෙනුවට සුව පහසු ලෙස ජීවත්විය හැකි ලෙස ඒවා ගොඩනගාගෙන තිබූ බවට සාක්ෂි දක්නට වූහ. එම නිවාස වල අභ්‍යන්තරයෙහි කාලය ශ්‍රමය වැඩි වැඩියෙන් අවශ්‍ය වූ කපරාරු කිරීම් පවා නිරීක්ෂණය කොට තිබුණි. එනම් සැලකිය යුතු කාලයක් සිය ආහාර උපදවා ගැනීමේ කාර්යයෙන් බැහැරව ගත කිරීමට තරම් විවේකයක් ලද සමාජයක් එකල තිබූ බව අනුමාන කළ හැකිය. තවද, ගින්දර භාවිතාකොට කපරාරු සඳහා අවැසි හුණුගල් රත්කොට සකසා ගැනීම මිනිසුන් ලැබූ විශාල තාක්ෂණික විජයග්‍රහනයක් විය. ගින්දරින් වැඩගැනීමට අවබෝධ කොට ගැනීම, ලොවෙහි හැඩරුව වෙනස් කළ වානේ සැකසීම සදහා තැබූ මුල්ම පියවර විය.
එහෙත්, නිව් ගිනි ඇතුළු ලොව අනෙකුත් භූගෝලීය වශයෙන් අසාර වූ ප්‍රදේශවල මෙවැනි තත්ත්වයක් දක්නට නොවුණි. ඔවුන්ගේ ගොවිතැනෙහි වූ අඩු ඵලදායිත්වය සහ අඩු කාර්යක්ෂමතාවය නිසාම ඔවුන් හට ආහාර අතිරික්තයක් ලැබිය නොහැකි වූහ. ප්‍රතිඵලය වූයේ ඔවුනට නිතරම ආහාර වෙනුවෙන් වෙහෙසිය යුතු වීමයි. නව දක්ෂතා හෝ නව නිපැයුම් වැඩිවර්ධනය කරගැනීමට තරම් කාලයක් නොවුණි. ඒ සඳහා සිය කාලය ශ්‍රමය වෙන් කළහැකිවූ පිරිසක් බිහිවීමද මෙයින් වැළකුණි. මෙම තත්ත්වය මානව ශිෂ්ටාචාරය තුළ ඔවුන්ගේ ගමන මන්දගාමී කොට තිබුණි.
මැදපෙරදිග කලාපයේ මේ සියලු වාසි සහගත තත්ත්වයන් තිබුණද, වර්තමාන තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ස්වභාවයක් උසුලයි. එය තවදුරටත් මානව ශිෂ්ටාචාරයට ජීවය දුන් තෝතැන්න නොවීය. කෙතරම් පෝෂ්‍යදායී ධාන්‍ය තිබුණද, ගොවිතැනට උපයෝගී කොටගත හැකි සතුන් සිටියද, කලාපයේ ඇති වියළි ස්වභාවය දිගින් දිගටම ගොවිතැනෙහි යෙදෙමින් එම කලාපයේ රැදීසිටීමට යෝග්‍ය නොවීය. කලාපයේ ඇතිවූ මහා නියන් තත්ත්වය සහ මානවයාගේ අපරික්ෂාකාරී ක්‍රියා හේතුකොටගෙන සිදුවූ පරිසර විනාශයද, වියළි ස්වභාවය වැඩි කළ බැවින්, එය ජීවිතය පවත්වාගෙන යාමට තවදුරටත් යෝග්‍ය නොවුණි. එබැවින්, එහි විසූ ආදි වාසීන්ට ප්‍රදේශය අතහැර නව යෝග්‍ය ප්‍රදේශ කරා විතැන් වෙනවා හැර අන් විකල්පයක් ඉතිරිව නොතිබුණි.
Fertile crescent |
Fertile Crescent යනුවෙන් හැදින්වූ මෙම මුල්ම ශිෂ්ටාචාරයේ නිජ බිම, "යුරේශියා" යනුවෙන් හැදින්වූ ආසියාව හා යුරෝපය එකතුව සෑදී තිබුණු මහා බිම් කඩක මධ්‍යට වන්නට පිහිටා තිබුණි. එබැවින් Fertile Crescent වෙතින් නික්මුණ මිනිසුන්, එයින් පෙරදිගටත්, බටහිරටත් පැතිරුණි. නමුත් ඔවුන්ගේ විතැන්වීම අධ්‍යනය කළහොත් එය එක සමාන අක්ෂාංශ කිහිපයක පෙරදිගට හා බටහිරට වන්නට වූ විතැන්වීමක් ලෙස හඳුනා ගත හැකිය. මෙයට බලපෑ හේතුව කුමක්ද ? පෘතුවියේ එකම අක්ෂාංශ මත පිහිටා ඇති භූමි ප්‍රදේශ බෝහෝ විට එකම කාලගුණික හා දේශගුණික තත්ත්වයන් අත්විඳිනු දක්නට ලැබේ. එබැවින් සිය වගාවන් සහ සතුනට හුරු සහ යෝග්‍ය වූ සමාන කාලගුණ සහ දේශගුණ තත්ත්වයන් සොයාගෙන මිනිසාගේ විතැන්වීම සිදුවන්නට ඇතැයි යන නිගමනය බෝහෝදුරට සිදු විය හැකි සංසිද්ධියකි.
ශිෂ්ටාචාරයේ පැතිරීම |
මෙලෙස ඔවුන්ගේ බෝග වූ තිරිඟු සහ බාර්ලිද, සතුන් වූ ගවයන්, එළුවන්, බැටළුවන් සහ ඌරන්ද, මැදපෙරදිග කලාපයේ සිට ඉන්දියාව දෙසටත්, යුරෝපය දෙසටත් පැතිර ගියහ.
Fertile Crescent සිට පැමිණි මිනිසුන්, ඊජිප්තුවට පැමිණීම විශාල ශිෂ්ටාචාර පිබිදීමක් ඇති කිරීමට සමත් විය. අතිවිශාල පිරමීඩ ගොඩනැංවීමට අවැසි තාක්ෂණය දියුණු කිරීම දක්වාම එහි බලපෑම දක්නට ඇත. ඒ ආකාරයෙන්ම යුරෝපියානු ශිෂ්ටාචාරය ගොඩනැවීම සහ හැඩගැස්වීමද Fertile Crescent සිට සංක්‍රමණය වූ මිනිසුන්, තිරිඟු, බාර්ලි සහ සතුන්ගේ බලපෑම මතම සිදුවිය. දාසයවන සියවසේදී එම බෝග සහ සතුන්ව යුරෝපීයන් විසින් නව ලෝකය හෙවත් ඇමෙරිකාවට හදුන්වා දෙන ලදී. එසේ හදුන්වා දීමට ප්‍රථම ඇමෙරිකාවේ මෙම සතුන් සහ බෝග දක්නට නොවුණි. වර්තමානයේ ඇමෙරිකාවෙ පමණක් ගවයන් මිලියන සියයක් පමණ ඇතැයි සැලකේ. ඇමෙරිකානුවන්ගේ වාර්ෂික තිරිඟු පරිභෝජනය වර්තමානයේදී වසරකට ටොන් මිලියන විස්සක් පමණ වේ. Fertile Crescent වෙතින් හදුන්වා දුන් මෙම බෝග, සතුන් ඇතුළු ගොවිකම නොවන්නට නූතන කාර්මික ඇමෙරිකාවක් පිළිබඳ සිතීමටවත් උගහටය.
අපි දැන් මහාචාර්යය ඩයමන්ඩ් ගොඩනැගූ න්‍යාය සංක්ෂිප්ත කොට විමසා බලමු. මහාචාර්යය ඩයමන්ඩ්ට අනුව;
- දඩයමින් දිවිගෙවීම, අවිනිශ්චිත අකාර්යක්ෂම ජීවනෝපායකි. එහි, එයටම ආවේණික වූ දුර්වලාතා රැසක්ම වූහ.
- දඩයමෙහි වූ අකාර්යක්ෂමතාවය නිසාම, මිනිසුන් පරිසරයෙන් සපයාගත හැකි ශාකමය ආහාර එකතු කොට පරිභෝජනයට ගැනීමට යොමු වූහ. මැදපෙරදිග විසු අතීත මානවයා මේ සඳහා ප්‍රදේශයේ වූ තිරිඟු සහ බාර්ලි එකතු කොට ආහාරයට ගැනීම ඇරබූහ. තිරිඟු සහ බාර්ලි ස්වභාවයෙන්ම පෝෂ්‍යදායී ආහාර බැවින්, එම මිනිසුනට ලොව අනෙකුත් ස්ථානවල දිවිගෙවූ මිනිසුන්ට සාපේක්ෂව වැඩි පෝෂ්‍ය ගුණයක් ලබා ගැනීමේ ස්වභාවික වාසිය උරුම විය.
- පසුව එළබියේ ගොවි යුගයයි. පරිසරයේ ඉබේ වැවෙන දෑ එකතු කොට ආහාරයට ගැනීම වෙනුවට, තමන් විසින්ම බීජ වපුරා ආහාර බෝග වගා කොට ඵලදාව ලබා ගැනීමට මිනිසා හුරු වූහ. එය දඩයම මෙන්ම ආහාර එකතු කිරීමටත් වඩා ඵලදායී විය. එහෙත් වගා කරණ බෝගයේ ස්වභාවය මත එහි ඵලදායීතාවය තීරණය විය. ලොව ගොවිතැන ඇරබි බොහොමයක් ශිෂ්ටාචාර වල ප්‍රගමනයක් පෙන්නුවද සමහර කෘෂිකාර්මික ශිෂ්ටාචාර එසේ නොවුණි. එයට බලපෑ හේතුව ඔවුන් වගා කල බෝගය මත රඳා පැවතුණි.
- ඉන් පසුව ඇරඹියේ සතුන් හීලෑ කොටගෙන භාවිතයට ගත් යුගයයි. එමගින් මාංශ ආහාර වැඩි වෙහෙසකින් තොරව ලබා ගත හැකිවූ අතර සතුන්ව ගොවිතැන් කටයුතු වලට යොදා ගැනීමේ වාසියද හිමි විය. එයට අමතරව සතුන්ගේ අපද්‍රව්‍ය ගොවිතැනට පොහොර ලෙස භාවිතා කිරීමේ හැකියාවද ලැබිණි. මෙය අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිඵලදායකවූ සංකල්පයක් බවට පත්විය. සමහර සමාජයන්හී මෙලෙස සතුන් භාවිතයට ගැනීම නොපුළුවන් වූයේ ස්වාභාවිකවම ඒ සඳහා සුදුසු සතුන් ඔවුන් ආශ්‍රයේ නොමැති වීමයි.ගොවිතැනට සතුන්ගේ දායකත්වය ලබා ගැනීමත් සමඟම එහි ඵලතායීතාවය තව තවත් වැඩි විය. විශේෂයෙන්ම නගුල් වැනි උපකරණ සතුන් ලවා භාවිතා කළ හැකි වීම මගින් වැඩි පල ලැබිය හැකි තත්ත්වයක් නිර්මාණය විය.
- ගොවිතැනෙහි ඵලදායීතාවය වැඩිවීම කරණකොටගෙන, සමාජයේ සියලුම මිනිසුන් ඒ සඳහා වෙහෙසීමේ අවශ්‍යතාවය ඉවත් විය. වැඩි පිරිසක් පෝෂණය කිරීමට හැකිවීම නිසා සමාජයෙන් කොටසක් වෙන වෙනත් කාර්යයන් හී නිරතව නව දක්ෂතා, නව දැනුම සහ නව තාක්ෂණ ශිල්පීය දැනුම ගොඩ නංවා ගැනීමේ හැකියාව ලැබුණි.
- මෙයට වෙනස්ම තත්ත්වයක්, පැපුවා නිව් ගිනි ඇතුළු අඩු ඵලදායීතා ගොවිතැන්හී නියුතු සමාජයන් වල දක්නට ලැබුණි. එනම් ඔවුන්ගේ ගොවිතැනෙහි වූ අඩු ඵලදායීතාවය නිසා වැඩි වේලාවක් ආහාර සපයා ගැනීම වෙනුවෙන් වෙහෙසීමට සිදු විය. නව නිර්මාණ, නව දැනුම ජනනය කිරීම සඳහා කාලයක් ඔවුනට නොලැබුණි.
එලෙස බලන විට පැහැදිලිවම භූගෝලීය වාසිය කරණකොටගෙන, මානව ඉතිහාසයේ එක ශිෂ්ටාචාරයක් තවෙකක් අභිබවා ඉදිරියට ගොස් ඇති ආකාරය මැනවින් නිරීක්ෂණය කළ හැකිය.
මහාචාර්යය ඩයමන්ඩ්ගේ තර්කය සංකීර්ණ නොවූ සරල එකක් බව දක්වන පිරිසක්ද වෙති. සෞභාග්‍යයේ සහ බලයේ බෙදීයාම, තිරිඟු සහ ගවයන්ට පමණක් ලඝු කොට දැක්විය හැකිද ? එසේනම් මෙම නාටකයේදී සංස්කෘතිය, ආගම, දේශපාලනය රඟ දැක්වූ කොටස් මොනවාද ? ඒවායේ බලපෑම නොසලකා හැරිය හැකිද ?
වසර ගණනාවක් නිව් ගිනි හී ගතකළ ජීවිතය මට ඒත්තු ගැන්වූවා, ලොව වටා වෙසෙන සෑම මිනිසෙක්ම මූලික වශයෙන් එක හා සමාන බව. ලොව ඕනෑම සමාජයක දක්ෂ, තීක්ෂණ මිනිසුන් දැකිය හැකියි. ඒ පිළිබඳ ඒකාධිකාරයක් කිසියම් වූ එක සමාජයකට පමණක් හිමි නොවේ. අනිවාර්යයෙන්ම විවිධ ජන සමාජවල විවිධ වූ සංස්කෘතික, ආගමික, දේශපාලනික ලක්ෂණ දැකිය හැකියි. එහෙත් ඒවා අසමාණාත්මතාවයේ ප්‍රතිඵලයන් මිස, අසමාණාත්මතාවයේ මූල බීජය නොවේ. - මහාචාර්ය ඩයමන්ඩ්.
" Why, you white man have so much cargo ? and we New Guineans have so little ?"
වසර තිහකට පෙර මෙම පැනය මගින් යාලි මාව අන්ත අසරණ කළා. එයට දිය යුතු පිළිතුර කුමක්දැයි එවකට මට කිසිම අදහසක් තිබුණේ නෑ. එහෙත් මම හිතන්නෙ අද මට එයට පිළිතුර තියනවා.
" යාලි, නුඹගේ මිනිසුන් නව තාක්ෂණය සොයා නොගැනීමට හේතුව කෞශල්‍යයේ වූ අඩුපාඩුවක් නොවේ. නුඹලා සතුව මේ අපහසු දායක පරිසරය ජය ගැනීමට තරම් වූ කෞශල්‍යයයක් තිබුණි. නුඹගේ ගැටලුවට පිළිතුරනම් "භූගෝලිය තත්ත්වයයි". මගේ මිනිසුන් වසර දහස් ගණනකට පෙර අත්විඳි භූගෝලීය වාසිය, නුඹලාගේ මිනිසුන් ලැබුවා නම්, අද දින මේ නව නිපයුම් කරන්නේ නුඹලාගේ මිනිසුන්ය." - මහාචාර්ය ඩයමන්ඩ්.
Guns, Germs and Steel වාර්තා චිත්‍රපටය ඇසුරින් සකස් කෙරුවේ ;
~~ සෙන්නා / 09.11.2012
මටනං මහාචාර්ය ඩයමන්ඩ්ගේ මතේට එකග වෙන්න අමාරුයි අප්පා..
ReplyDeleteඅනේ මංදා..
මගේ හිතේ තිබ්බ උත්තරේ ඊට වඩා වෙනස්..
මේක මතයක් විතරයි තරියා. 100% නිවැරදියි කියලා ඔප්පු කරලා නෑ මගෙ හිතේ. ඒත් මට හිතෙනවා මේ තර්කයෙ යම් ගත යුත්තක් තියනවා කියලා.
Deleteමොකක්ද උඹේ හිතේ තිබුන දේ.. ඒකත් කියපන්කො අපිටත් දැන ගන්නත් එක්කලා.
රුසියාවේ සයිබීරියාව නොදියුණු තත්වයක තිබී මොස්කව් පැත්තේ දියුණු වුයේ භූගෝලීය තත්වයන් නිසාය. අදටත් සයිබීරියාවේ සමහර පති නොදියුණුය.
Deleteබොරු මොටද, මට නම් කවදාවත් ඔය වගේ ප්‍රශ්නයක් හිතිල තිබුණෙ නෑ. ඒ ප්‍රශ්නෙත් හරි අපූරුයිනේ.
ReplyDeleteතරියත් කිව්ව වගේ මහාචාර්යතුමාගෙ මතය ටිකක් සාර්ථක මදි වගේ, අනේ මන්ද බලමු ඉතිරි ලිපිත් කියවල.
ඉතුරු ටිකත් බලන්නකො DDT. මේක ඉතින් මතයක් විතරයිනෙ. මටත් හිතෙනවා සමහර තැන් සාර්ථක මදි වගේ කියලා. ඒත් සමස්තයක් වශයෙන් ගත්තම මට හිතෙනවා ඒ තර්කෙ ගත යුත්තක් තියනවා කියලා.
Deleteආ මේ තියෙන්නේ කමෙන්ට් බොක්ස් එක :පි
ReplyDeleteහරිම සිත් ඇදගන්නා සුළු මාතෘකාවක් මේක..ඒ වගේම ලැබුන පිළිතුරත් ප්‍රඥාගොචරයි..එතකොට අපේ ලංකාවේ මිනිස්සුන්ටත් උනේ ඔය වගේ දෙයක් වෙන්න ඇතිද?
එහෙනම් භූගෝලීය තත්ත්වය සුද්දන්ට වාසියට හිටියා. මම ඉස්සර හිතුවේ මෙච්චර දුෂ්කර සෘතු විපර්යාස සහිත රටවල්වල ඉඳගෙනත් මොවුන් මේ තරම් දියුණු උනේ ඒ තත්ත්ව ජය ගන්න තාක්ෂනය අත්‍යවශ්‍ය උනු හින්දා කියලා.
කමෙන්ට් බොක්ස් එක ඇරියෙ නැත්නම්, කුරුන්ද දරට කපලා ගාමන්ට් එකක් ගහනවා කියලා නිර්නාමික ඇමතුමක් ආවනෙ. ඉතින් බයටම ඇරියා අප්පා. :-)
Deleteලංකාවෙ තත්ත්වයයි සුද්දන්ගෙ තත්ත්වයයි බොහෝදුරට සමානයි කියලයි මට හිතෙන්නෙ සයුරි. අපිට බෝග තිබුනා, සත්තුත් හිටියා. සුද්දො වගේ නෙමෙ අපි අලින්ගෙනුත් වැඩ ගත්තා නොවැ. අපේ ඵලදායිතාවයත් හොඳයි. එහෙනම් ඇයි අපි පැරදුනෙ. ඒකට ආසන්න උත්තරයක් දෙවෙනි කොටසෙ තියනවා. ඒත් මට හිතෙන්නෙ මේ මහචාර්ය ඩයමන්ගෙ න්‍යාය ලංකාවෙදි ෆේල් වෙනවා කියලයි.
ඒක හරි..ලංකාවේ අපිට වරදින්නනම් මීට වඩා හෙනම සීරියස් හේතුවක් ඇති..මොනවයින් අඩුවක් තිබිලද ලංකාවට මෙහෙම උනේ..බලමුකෝ දෙවැනි කොටසේදී
Deleteඒකනෙ ...මන් ඒත් බැලුවා..මොකක්ද මේ කියල..!
Deleteඋඹ හරි මිනිහෙක් තමයි..නිකමට ආයෙත් අද ආවෙ...ඊයෙ අයින්කරල..අද..දාල.
සමාවෙයන් මචන්.. මම හිතන් හිටියෙ මේක අන්තිමට එක ලිපියක් වගේ දාන්න. ඒකයි කමෙන්ට් වැහුවෙ.. ඒත් බයානක තර්ජනයක් හමුවේ ඒ අදහස වෙනස් කලා.. :D
Deleteතර්ජනය දාපු එකා ඔය පල්ලෙහා ඉන්නෙ..නිකං...චංඩියා වගේ..!
Deleteනෑ නෑ.. ඌ නෙමේ.. තර්ජනය කරපු එකා තාම ආවෙ නෑ.. :-)
Deleteහෙහ් හෙහ් හෙහ්. මේකෙ කම්බි වැටෙන් රිංගලා පස්ස දොරට තඩිබාලානෙ කමෙන්ට් ඇරගත්තෙ.
ReplyDeleteඇමෙරිකානුවන්ගේ වාර්ෂික තිරිඟු පරිභෝජනය වර්තමානයේදී වසරකට මිලියන විස්සක් පමණ වේ. කියන තැන ටොන් කියලා දැම්මනම හරි වෙන්න ඇතිනේද සෙන්නා?
අනික මොනවද සව්හාල් කියලා පරිවර්තනය කලේ? ඒකෙ ඉංග්‍රීසි නමත් වරහන් ඇතුලෙ පලවෙනි සව්හාල ගාවා දැම්මා නම් හොඳයි කියලත් හිතනවා.
එතකොට, මේක ගැන කියන්න දෙයක් හිතාගන්න ඉතිරු ටිකත් කියවන්න ඕනෙ. මේක හරි වෙන්නත් පුලුවන්. නිකම්ම නිකම් තවත් මතයක් වෙන්නත් පුලුවන්.
සෙන්නා නෝට් කරලා තියෙනවද "දල වශයෙන්" බත් කන රටවල් වලට වඩා තිරිඟු කන රටවල් ආර්ථික අතින් වඩා ඉදිරියෙන් ඉන්නෙ කියෙලා. "දල වශයෙන්" කියලා කිව්වා ආ. ජපානය කොරියාව අමතක කලෙත් නෑ. ලතින් අමෙරිකාඅව අමතක කලෙත් නෑ.
මට පුද්ගලිකව හිතෙනවා, අද නම් කම්මැලි ජාතීන් සහ කඩිසර ජාතීන් ඉන්න බවනම්. ඒ වගෙම වෙලාවට වැඩ කරන සහ වෙලාව් ගැන කිසිම හැඟීමක් නැති ජාතීන්ට අමතරව මෙලෝ වැඩක් හරියට නොකරන ජාතීන් සහ කරන දේ සිරාවට කරන ජාතීන් ඉන්නෙවා. ඒ ඔක්කොටම එහා හෙන මීටර් ඩයල් සහිත ජාතීන් සහ මඤ්ඤං ඩයල් බහුල ජාතීන් ඉන්නවා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මගෙ අම්මේ තව පොඩ්ඩෙන් දොර කැඩිලා, දරට කැපිලා, මහා විනාසයක් වෙනවා.. හෙහ් හෙහ්.. :-)
Deleteවැරැද්ද හැදුවා ඩූඩ්. ස්තූතියි ඒක පෙන්නුවට. සව්හාල් කියලා දැම්මෙ SAGO කියපු ජාතියට. ඕක දාන්න කලින් මම දෙතුන් පාරක්ම චෙක් කළා. මධුර එකෙනුත් කිව්වෙ සව් හාල් කියලා. SAGO කියලා සර්ච් කළාම අපි දන්න සව් වල පින්තූර වගයකුත් ආවා. ඉතින් එහෙම්මම දැම්මා. හැබැයි ඩොකුමන්ට්‍රි එකේ පෙන්නන්නෙ නම් පත ගස් ජාතියක්. මම කලින් සව් හදන්නෙ කොහොමද කියලවත් දැන්න නොහිටපු නිසා ටිකක් බයෙන් බයෙන් තමයි දැම්මෙත්. ඒක වැරදිද ඩූඩ්. SAGO වලට කියන වෙන නමක් තියේද ? කෝකටත් කිව්වා වගේ ඉංග්‍රීසි නමත් දාන්නම්.
ඉතුරු ටිකත් කියවලම ඉමුකො මුකුත් කියන්න කලින්.. තව කොටස් දෙකක් තියනවා..
ඔය කියන ජාතියෙ පොරවල් හැම රටකම ඉන්නවා කියලයි මට නම් හිතෙන්නෙ. අපිට කතා කරන්ඬ වෙන්නෙ බහුතරය ගැන සළකලා තමා.
SAGO කියන්නේ සව් තමා මම දන්න හැටියට...ඇමරිකාවේ සව් හොයන්න ගිහින් ඉංගිරිසි නම දන්නේ නැතුව මාර වදයක් වින්දේ. පස්සේ හොයා ගත්තා SAGO කියලා.
DeleteSAGO කියන්නේ සව්වලට තමා මෙහෙත්.:)
Deleteකුස්සිය පැත්තේ යන්නේ නැති පොඩ්ඩි නෙමේ කියන්නේ. පොඩ්ඩිගේ අම්මා. ඒ හන්දා හරි ඇති. මේ පැත්තේ ඒවා උයනකොට ඉක්මනින් තැම්බිලා යනවලු . ලංකාවේ ඒවා වගේ නෙමේලු. ඒ කියන්නේ අත්තම්මා.
සව් වලට කියන්නෙ Sago තමයි අපිත්. හරි වැරැද්ද නම් දන්නෙ නෑ සෙන්නා.
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඩූඩ්, සයුරි, පොඩ්ඩි, තුන්දෙනාටම ස්තූතියි.
Deleteදෙතුන් පාරක් කියවලා තමයි කමෙන්ට් කරන්ට ඕනි. ඔලුවට දාගන්ට තියන ප්‍රමානය වැඩී. පොඩ්ඩක් ඉන්ට. ආයෙම එනවා.:D
ReplyDeleteI have read it once...not enough to comment..read it again in calm...thanks Henry..for your contribution on your part on comment box... thuggery always works.!!!
ReplyDeleteස්තූතියි වෙනි අයියා.. ආයෙ කියවන්නකො ඉඩ තියන වෙලාවක. මම හිතුවෙ කමෙන්ට් බොක්ස් එක වහපුවම කට්ටිය හැරිලා ගිහින් ඇවිත් අන්තිම එක දාපුවම කමෙන්ට් කරයි කියලා.. :-) හැහ් හැහ්..
Deleteඔන්න කියවලා ආයෙම ආවා.:)
ReplyDeleteඑතකොට කාර්මික විප්ලවයත්, සුදු මිනිසුන්ට ඔවුන්ගේ ධනය, බලය තහවුරු කරගැනීමට උදව් වූවා නේද? එය සිදුවූයේත් සෙමින් ඒ වගේම මිනිසුන් දහස් ගානකගේ ශ්‍රමයෙන්. කැප කිරීමෙන්.
ඔස්ට්‍රේලියාවේ මුලින් පැමිනි අය ගෙවලා තියෙන දුෂ්කර ජීවිතය දිහා බැලුවාම, ඒ වගේ පරිසරයක, කිසිම සැප පහසුකම්ක් නැතිව ඔවුන් ඒ රට ඒ තත්වයට ගෙන ඒම ගැන පුදුම හිතෙනවා. නැත්නම් අදටත් එය ජන ශූන්‍ය ප්‍රදේශයක් විදියට තියෙන්ට ඉඩ තිබුනා. ඒ කරුන බැලුවාම පරිසරයට අනුව හැඩ ගැහීමට සුදු ජාතිකයන්ටත් හැකි බව තේරෙනවා.
මට කියන්ට ඕනි උනේ බටහිර ජාතිකයනුත් ඔය කියන ධනය, බලය ලබා ගැනීමට ලොකු කැප කිරීමක්, ඒ වගේම මහන්සියක් දරලා තියෙනබව. මහාචාර්යවරයා කියන තරම් මේ මාතෘකාව සරල නැති බව තමයි මට හිතෙන්නේ.
පොඩ්ඩි, මට හිතෙන්නෙ මහචාර්ය ඩයමන්ඩ් කතා කරන්නෙ ශිශ්ටාචාරයේ ආරම්භයෙදි එක් ශිශ්ටාචාරයක ගමන වේගවත් වෙන්ඩයි අනෙකක ගමන බාල වෙන්ඩයි බලපාපු හේතුව ගැන. කාර්මික විප්ලවය කියන්නෙ ඒ ලබා ගත්තු ගැම්මෙන් පස්සෙ මෑතක වෙච්ච අතුරු ඵලයක් නේද ?
Deleteමේ ටික බලන්නකො.
// අනිවාර්යයෙන්ම විවිධ ජන සමාජවල විවිධ වූ සංස්කෘතික, ආගමික, දේශපාලනික ලක්ෂණ දැකිය හැකියි. එහෙත් ඒවා අසමාණාත්මතාවයේ ප්‍රතිඵලයන් මිස, අසමාණාත්මතාවයේ මූල බීජය නොවේ. - මහාචාර්ය ඩයමන්ඩ්. //
අනිවාර්යයෙන්ම දියුණුවක් ලැබීමටනම් ශ්‍රමය වැය කරන්ඩම ඕනා. ඒකට භූගෝලීය වාසිය විතරක් තිබිලා බෑ. ඕස්ට්‍රේලියාව ගැන කතා කලොත්, ඔහෙට යුරෝපීයන් යන්නැතුව මුලින් හිටපු ඇබෝර්ජියන්ලා විතරක් හිටියනම් අද තත්ත්වය කොයි වගේ වෙයිද ? එතනදි මහාචාර්ය ඩයමන්ඩ්ගෙ තර්කය හරියටම හරි. යුරෝපීයන් ඕස්ට්‍රේලියාව දියුණු කරලා ගත්තෙ ඔවුන් ශිශ්ටාචාරයේ මුලදි ලැබුන වාසියෙන් ගොඩ නගා ගත්තු ආම්පන්න හා දැණුම භාවිතා කරලා නේද ?
ඔහුගේ මතයේ ලොකු සත්‍යයක් නැත්තේ නැහැ . ඉස්සරහට එන කොටස් වලින් තව පැහැදිලි වීම් කෙරේවි. එත් දැනට මෙන්න මේ ටික කියන්නම්. සෘතු බේදයෙන් තොර නිවර්තන කලාපෙ විශේෂයෙන්ම සමකය දෙපස ඇත්තේ බෙලහීන කරවන දේශගුණ තත්වයන්.. එහෙත් යටකී රටවල මිනිසුන්ට එය බලපෑවේ නැහැ. බොහෝ දර්ශනයන් ආගම් පැන නැගුනේ තාක්ෂණික දියුණුවක් නොදුටු මේ කලාපයේ නේද ? අද්යාත්මයට වැඩි නැඹුරුවක් දැක්වීම භෞතික පැත්තට අඩු නැඹුරුවක් දැක්වීම මේ වෙනසට හේතු වෙන්න ඇති නේද? අනිත් වැදගත් කරුණ තමයි මනුස්ස පරිනාමයට සතුන් සුරාකෑමට ඉක්මන් වීම නිසා ලද වාසිය. ඉන් පසු වහලුන් වශයෙන් නොදියුණු රටවල මිනිසුන්ගේ ශ්‍රමය සූරා කෑමෙන් ලද වාසිය අනිත් කලාපය ඉක්මවා යන්නට පාදක උනේ නැද්ද ? අද අද්යාත්මික පැත්තට වැඩි නැඹුරුවක් දකින්න තියෙන්නේ බෞතික දියුණුව ලඟා කරගත් රටවල නේද ? ඒ අතරේ අර අද්යාත්මික දර්ශන සොයාගත් ආසියාතික මැද පෙරදිග මද්යදරනී ලතින් ඇමෙරිකානුවන් එකිනකාගේ සංස්කෘති නිසා මරා ගනිද්දී බටහිර ලෝකය එක්සත් වෙමින් යනවා නේද ? බලන්න යුරෝපා හවුල එක්සත් රාජධානිය ඇමෙරිකා එක්සත් ජනපදය අද යන මාර්ගය බුදු දහම උගන්වන මුලික සමානාත්මතාවයට වඩා කිට්ටුයි නේද ? අපි සමානාත්මතාවය පදනම් ආගමක් පලිහක් කරගෙන අනිත් ආගමිකයන් හට හා එකම ආගමේ වෙනත් ප්‍රභවයන් වෙත යුද්ද ප්‍රකාශ කරද්දී . වහල් සේවයට මුලික වෙච්ච දශක කීපයකට පෙර වර්ණ භේදය නිසා මිනි මරාගත්ත ඇමෙරිකාව කළු මනුස්සයෙන් දෙවෙනි වතාවටත් ජනාධිපති කළා. ඔවුන්ගේ දොස් හොයන අපේ ගොබිලෝ ඉන්නේ කැලේ නේද ?
ReplyDeleteඔක්කෝටම් එකඟයි සරත් අයියා..
Deleteහැබැයි මෙතන මහචාර්යවරයා කියන්ඩ උත්සහා කරන්නෙ ඔය ඔක්කොම අසමානතාවයන්ගේ මූලය භූගෝලිය බලපෑම බව නේද ? එම බලපෑම නිසා එක ශිශ්ටාචාරයක් තවෙකක් අභිබවා ඉදිරියට ගිය බවයි. එසේ ඉදිරියට ගිය ජාතීන් අනෙක් පසු බෑමට ලක්වූ ජාතීන්ව සූරා කෑම හෝ වහල් සේවයට ගැනීම තමයි දහසය වන සියවසේදි ඇරබෙන්නෙ. එතනදි ආගම් වලින් යම් බලපෑමක් කළ බව තමා මගෙ හැඟීම.
මටත් හිතෙන දෙයක් තමයි මේ මතය හැම තැනකදිම සාර්තක නෑ කියන එක. හැබැයි සමස්තයක් වශයෙන් බොහෝ දුරට ගැලපෙනවා.
බුදු දහම කිස්තුපුර්වයි.. හින්දු දහම ඊටත් පැරණියි.. වහල් ක්‍රමය ඔය ඔක්කොටම වඩා පැරණියි.. හුඟක් ලෝක පුදුම වහල් සේවයේ නටබුන් තමයි..
Deleteවහල් ක්‍රමය දාසය වන සියවසේදි ඇරඹි බව කීම මා කළ වැරදි ප්‍රකාශයක්.. මට අදහස් කිරීමට අවශ්‍යය වුනේ දාසයවන සියවසේ ඇරඹි රටවල් මංකොල්ල කෑම පිළිබඳවයි.
Deleteමහචාර්ය ඩයමන්ඩ් කියන විදිහට ඔය වහල් කමත් ඇතුලුව හැම අසමාණාත්මතාවයකටම මූලය භූගෝලිය තත්ත්වයයි. අනිත් හැම දෙයක්ම ඒ අසමාණාත්මතාවයේ ප්‍රථිපලයන්.
මහාචාර්ය උපාධිය ? thats wrong.... මහාචාර්ය is a job (not PhD)
ReplyDeleteස්තූතියි ඇනෝ.. මම නොදැන සිටි කරුණක්. තව ටිකක් හොයන්ඩ ඕනා. මම හිතන් හිටියේ ඒකත් උපාධියක් කියලා. ස්තූතියි නැවතත් වැරැද්ද පෙන්නුවාට.
Deleteහොඳ ලිපියක්. ඉතුරැ කොටස් ටිකත් කියවල බලමුකො ඉක්මනට
ReplyDeleteස්තූතියි සයිබර් ලංකා. ඉක්මනට දාන්නම් ඉතුරු ටික.
Deleteබොහෝම ස්තූතියි මෙවන් වටිනා ලිපියක් පලකරාට..මේක නිසාම ඔය කියන documentary එකේ ටොරන්ට් එකකුත් හොයාගෙන බා ගත්තා.ඒක බැලුවමත් හොද අදහසක් ගන්න පුලුවන් වෙයි.(http://thepiratebay.se/torrent/3511517/Guns.Germs.And.Steel.2005.DVDRiP.XviD-CycLOPS).
ReplyDeleteමිනිස් ශිශ්ටාචාරයේ පරිනාමය ගැන හොද විකල්ප අදහසක් කියලා මට මේ තියරි එක ගැන හිතෙන්නේ.මගේ අදහස හැටියට ඒ ගැන 100% නිවැරදි තියරියක් නිර්මානය කරන්න බැරි වේවි...ලOකාවේ ශිශ්ටාචාරයේ විකාශය ගැන හිතත්දී මට හිතෙන්නේ බෞද්දාගම හා ඒ ආශ්‍රිතව තිබුන චින්තනය නිසා තමා අපි බටහිරට වඩා වෙනස් මාර්ගයක් ගත්තේ කියලයි මට හිතෙන්නේ..මොකද බටහිර චින්තනයේ පදනම අතිශය වියුක්ත වීම හා ලන්කාවේ එසේ නොවීම.ඒ නිසා අපි නිතර යොමු වුනේ සීමා සහිත සOවර්දනයකයි.මේ දේවල් ගැන නලින්ද සිල්වා මහතා ඉතා දීර්ග ලෙස විස්තර කරනවා.යම් අන්තගාමී බවක් ඒ මතවල තිබ්බත් හොද අවබෝදයක් මේ වා ගැන දැනගන්න පුලුවන් එතුමාගේ පොත් වලින්...නැවතත් ස්තූතියි ලිපියට ,අනිකත් ඉක්මනට දාන්න.
Sudaraka,
Deleteමමත් හිතන්නෙ අපි බටහිරට වඩා වෙනත් මගක් ගත්තෙ බෞද්ධ දර්ශණයේ බලපෑම මත කියලයි. එහෙම නැත්නම් අපිත් ඔය කියන භූගෝලීය වශයෙන් ආශිර්වාද ලද කණඩායමට ඇතුලත් කියලයි මගේ අදහස.
මේක එක මතයක් විතරයි. මේවගේ ඒවා 100%ක්ම මේක හරියි කියලා ඔප්පු කරන්ඩ බැරි දේවල තමා.
චිනේ කියමනක් තියෙනවා බත් වැඩියෙන් කන පළාත් වල උන් මිටිලු. මන් හිතුවේ කන්න දේවල් තිබ්බ නිසා අපේ වගේ රටවල මිනිස්සු කම්මැලි වුනා කියල . යුරෝපයේ දුෂ්කර දේශගුණ තත්වයන් නිසා සශ්‍රික රටවල් සොයා වස්තුව එකතු කළා කියල . අර පයිරේට් ක්‍රමේට .
ReplyDeleteහැබෑටම එහෙම කතාවක් තියනවද බින්දි. බලපුවම ඒකත් හරි තමා නේද ?
Deleteමට හිතෙන්නෙ මෙහෙමයි.. යුරෝපය ඔය කියන භූගෝලිය ආශිවාදය හින්දා ඉදිරියට ගියා. ඊට පස්සෙ අලුත් අලුත් දෑ සොයන්න ගත්තා.. අපිත් ඔය භූගෝලීය ආශිවාදය නිසා ඉදිරියට ආවා.. හැබයි ආගමේ බලපෑම මත අපි ලද දෙයින් තෘප්තිමත්, අනුන්ගෙ දේ කඩාවඩා නොගන්නා පිරිසක් වුනා.. එතනදි අපි ආයෙත් පස්සට තල්ලු වුනා කියලා තමා මට හිතෙන්නෙ.
එකඟයි . දියුණුව කියල සම්මත වෙලා තියෙන මිමි වලින් දියුණුයි කියන රටවල් වල ආගමට මුල් තැනක් ලැබුනේ නැහැ . ආගම හොඳයි පුද්ගල සංවර්ධනයට . නුතන දියුණුව සඳහා ආව රටවල් ආක්‍රමණශීලියි. එක්තරා යුගයක අපිත් බුදු දහම නිසා දියුණු වුනා . නමුත් කාලයට සාපේක්ෂව පසුගාමී වෙන්නත් එය බලපෑවා . හැබැයි මන් කියන්නේ නැහැ එය නරකයි කියල .නමුත් වත්මන් නිර්ණායක අනුව සමස්තයක් වශයෙන් රටේ පසුගාමිත්වයට ආගම බලපෑවා .
Deleteඅපි තව හොඳයි . මද පෙරදිගට වූ දේ බලන්න . ගණිතය විද්‍යාව දර්ශනයන්ට තෝතැන්නක් වෙච්ච ඒ කලාපයට වුන දේ .තෙල් හම්බ වුනේ නැත්නම් කොහොම තියෙයිද .
@ බින්දි
Delete100% එකගයි. ආගම තමා ආසියාවේ පසුගාමීත්වයට තදින්ම බලපෑවෙ. චීනය ථෙරවාදය පිළිගත්තානම් චීනයට වෙන්නෙත් අපට වෙච්ච දේමයි.
මැදපෙරදිග තෙල් හම්බනොවුනානම් ලොව දිළිදුම මිනිසුන් වෙසෙන කලාපය වෙන්නෙ මැදපෙරදිගයි.හේතුව ආගම.
මොකක්ද ආගම නිසා අපි පස්සට ගියා කියන තර්කය?
Deleteමම නම් කියන්නේ ලංකාව දිළිඳු වුනේ ආක්‍රමණික ජාතින් විසින් ලංකාව තුල සිද්ධකල විනාශයන් ඔස්සේ ලංකාවට ස්වයං නැගිටීමක් කරන්න බැරිවුනා. මේ ගැන කතා කරද්දී වෙල්ලස්සේ ඉඳල අරක්කු රේන්ද ඔස්සේ අරක්කු පෙවීම දක්වාත් එතනින් එහාට ගිහිං බණ්ඩාරනායක ආණ්ඩුව දක්වාත් ඉන්පසු නිදහස් ආර්ථිකය ඔස්සේ නුතන වෙළඳපොල දක්වාත් කරුණු කියන්න වෙනවා. ඒ සේරටම ආගමේ බලපෑම අවමයි. වෙල්ලස්සට එහා ගිහිං සිංහලේ රාජවංශය ගැනත් එතන ඉඳන් විවිධ හැලහැප්පීම් ගැනත් කියලම වෙල්ලස්සට එන්නත් පුළුවන්. ඒ සේරගේම බලපෑම මත තමා අපි අද ඉන්න තැනට ඇවිත් තියෙන්නේ.
ක්සැන්ඩර්,
Deleteආගමේ බලපෑම ගැන කතා කරන්ඩ අපි ඔතනින් ටිකක් එහාට යන්න ඕනා.. දැන් බලන්න අපිත් ඔය යුරො0පීයො වගේම භූගෝලීය වශයෙන් ආශිර්වාද ලද කණ්ඩායමක්. අපිට බෝග තිබුනා, සත්තු හිටියා, අපේ ඵලදායීතාවයත් ඉහලයි. එහෙනම් ඇයි අපිට එතනින් එහාට ගිහින් යුරෝපීයො අපිව ආක්‍රමණය කළා වෙනුවට අපිට ඔවුන්ව ආක්‍රමණය කරන්ඩ බැරිවුනේ.. මේක මට හිතෙන දෙයක් විතරයි. මේක හරියි කියලා මම කියන්නෑ.. ඒත් වෙන හේතුවක් මට පේන්ඩත් නෑ.. අපි ආගමේ බලපෑම මත ලද දෙයින් තෘප්තිමත් සරළ දිවි පැවැත්මකට පුරුදු වෙලා හිටියා කියලයි මගේ මතය. අපි මූලික අවශ්‍යතාවයන් සපුරා ගත්තට පස්සෙ එතනින් එහාට යාමක් ගැන හිතලා නෑ. ඕකට අනිවාර්යයෙන්ම ආගමේ බලපෑම තියනවා. එහෙම නොවුනනම් අපිත් යුරෝපීයො වගේ නව නිශ්පාදන සමඟින් ඉදිරියට යනවා කියලයි මට හිතෙන්නෙ.
පැහැදිලිවම ආගමේ බලපෑමක් තිබුනා. බුදුදහම කියන්නේ ලෝකෝත්තර පැත්තට නැඹුරු වෙච්ච අවිහිංසාවාදී ආගමක්. කාවවත් ආක්‍රමණය කරලා අනුන්ගේ දෙයින් සශ්‍රික වෙන්න උවමනාවක් කොහෙත්ම තියෙන්න නැතුව ඇති. අදට උනත් ආගම නිසා ඒ වගේ දේවල් වෙනවා. තමන්ගේ තැන රැක ගන්න කෑ ගහන එක උනත් ආගම් විරෝධී දෙයක් වෙලා. "බෞද්ධයින් හැසිරෙන්න ඕනේ මෙහෙමද" කියලයි අහන්නේ. ඉතින් බෞද්ධ විදියට හැසිරෙනවානම් කවදාවත් ජාතියක් වශයෙන් ලෞකිකව ඉදිරියට යන්න බැහැ කියන එකයි මගේ හැඟීම.
Deleteමට මතුවෙන ගැටලුව නම් එතකොට අපේ සිංහල ජාතියට මොකද උනේ? අයියෝ සල්ලි
ReplyDeleteබින්දිට දීපු උත්තරෙ ටිකක් බලන්නකො කෝරලේ මහත්තයෝ.. සල්ලි ගැන වද වෙන්න එපා.. :-)
Deleteසෙන්නා, මේ කුරුන්ද කියන්නෙ සිනමන් ගාඩන් කියලා මම දන්නෙ දැන්නෙ. ඒක පෙන්නුවෙ මගෙ පුතා මේ දැන්. ඒක ඉස්සරත් තිබ්බද?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඕක ලඟදි දැම්මෙ ඩූඩ්.
Deleteකුරුඳු වත්ත, කුරුඳු කැලය ඔය ඔක්කොටම කුරුන්ද කියලා පාවිච්චි කරනවා.. අපේ වත්ත පිටි පස්සෙ තියන එකට ( අර සැවුලා කිව්වෙ ) අපි ඔය ඔක්කොම කියනවා..
දැන්නම් ඒක, අර චූටි මහත්තයා කිව්වා වගේ දරට කැපෙමින් ගොඩ නැගිලි හැදීගන යනවා. දුකේ බෑ..
ඩූඩ් ගෙ පුතත් කුරුන්ද කියවනවද ? අහන්ඩත් සතුටුයි...
නෑ සෙන්නා. එයාට සිංහල කියවන්න පුලුවන් උනාට අර පිටරටවල ඉගෙනගන්න හුඟක් ලමයින්ට තියෙයෙන කම්මැලිකම තියෙනවා. ඒ මොකද භාවිතාවක් නැති නිසා අමතර ආයාසයක් ගන්න ඕනෙ කියවන්න. අරක දැක්කෙ ඒක ඉංග්‍රීසියෙන් තියෙන නිසා. නමුත් සෙන්නගෙ සමහර පෝස්ට් එතකොට විචාරකගෙ යුද්ද පෝස්ට් හෙම මම හරි දීපා හරි එයාට කියවනකොට අහගෙන ඉන්නවා.
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මට හිතාගත්තෑකි ඩූඩ්.. අපිට ඉංග්‍රීසියෙන් කියවන්ඩ තියෙන්නෙත් අර අමතර ආයාසය දරන්ඩ තියන ඔය කම්මැලි කමම තමා. මේ බ්ලොග් එකට පින්සිද්ද වෙන්න දැන්නම් මට ඒ ගතිය ටිකක් මග හැරිලා.. ලිපි ලියන්ඩ ඕනා කරන ඒවා කියවලා, බලලම. ඒත් තවම මනාපය සිංහලෙන් කියවන්ඩම තමා..
Delete//ගූගෝල // -> භූගෝල
ReplyDeleteමුලින්ම... මේ පෝස්ට් එකට අතගැහුවාට සෙන්නා සහෝට ගොඩක් පිං...!!!
මමත් මාලන් සහෝගේ පෝස්ට් එක කියවලා ඔබ සීරීස් එක දවසක් තිස්සේ බැලුවා... ගොඩක් අය මහාචාර්ය ජෙරාඩ් පිස්සු පොරක් කියලා හිතයි. ඒත් මුළු කථාවම බැලුවොත් ගන්න දෙයක් තියෙනවා කියලා පෙනේවි... කුරුන්ද එක්ක හිටියොත් ඇහෙන් දැක්කා වගේම කියවන්න ලැබේවි...
සෙන්නා සහෝට ගොඩක් පිං මේ මාතෘකාව සංවාදයට ගත්තට... මේක ලියන්න ගොඩක් තියෙන කථාවක්... ගොඩක් මහන්සි වෙන්න වෙන වැඩක්... ඒ කරදර විඳගෙන හැමෝටම බලන්න මේ කථාව පළ කරන එකට මට නම් කියන්න වචන මදි...!
මීට සහස්‍රකයකට කලින් චීනය යුරෝපයට වඩා තාක්ෂණික අතින් ලොකු දියුණුවක හිටියා... මුද්‍රණ, වෙඩි බෙහෙත්, රොකට් වගේ විප්ලවීය තාක්ෂණ ක්‍රම ගොඩක් චීනෙන් ආපු ඒවා. ඒත් යුරෝපෙ කලා වගේ Pirate වැඩ චීන්නු නොකරපු නිසා චීන අද පහුවෙලා. සුද්දට කලින් චීනා රටවල් කොල්ල කන්න ගත්ත නම් ???
ජයෙන් ජය...!!!
මුලින්ම නැවතත් ස්තූතියි චතුරන්ග සහෝට මට මේකට පාර පෙන්නුවට..
Deleteකොහෙද "ගූගෝල" කියලා තිබ්බෙ. :-)
මම හිතන්නෙ බින්දිට දීපු පිළිතුර මෙතෙන්ටත් ගැලපෙනවා චතුරංග. චීන්නු එහෙම කෙරුවනම් සමහර විට අද ලෝකෙට ලොක්කො චීන්නු. හැබැයි එහෙම නොකලත් දැන් ටික ටික ඒ තත්වෙට ලඟා වෙමින් ඉන්නවා නේද? ( එතනදි වර්තමාන සූක්ෂම මංකොල්ල කෑමේ ක්‍රම වේදය චීන්නුත් අනුගමනය කරන බව තමා පේන්ඩ තියෙන්නෙ. )
හරි මචන්, වැරැද්ද අහුවුනා.. හැදුවා.. ස්තූතියි..
Deleteමටත් තියෙන්නෙ වෙනස් විදියෙ....අදහසක්...හැබැයි ඉතිරි ටික කියෙව්වාම වෙනස් වේවිද නම් දන්නෙ නෑ..!
ReplyDeleteහරි මචන්, ඉතිරි ටිකත් කියවලාම ඉමු එහෙනම්.. ස්තූතියි.
Deleteආයෙම කියෙව්වා .යම් ප්‍රමාණයකට එකඟ වෙන්න පුළුවන් . නිර්මාංශ වීම පුද්ගලිකව හොඳයි . නමුත් රටක් විදිහට නරකයි . භෞතික දියුණුවේ ඉස්සරහට ගිය රටවල් හොඳට මස් කන එවුන් . හැබැයි මන් දන්නේ නැහැ මෙය හරිද වැරදිද කියල . ක්‍රිකට් ඇරෙන්න අනික් ක්‍රීඩාවන්ගෙන් අපට වැඩි යමක් නොලැබෙන්න එක හේතුවක් එය .
ReplyDeleteඅනික දියුණු හුඟක් රටවල කාර්මික අංශයට අදාළ සම්පත් තියෙනව . ඇමරිකාව රුසියාව වගේ . නැත්නම් තෙල් .
හාල් වැඩියෙන්ම රට යවන තායිලන්තෙත් වෙන වෙන කර්මාන්ත වලින් නෙව සල්ලි හොයන්නේ .
අපි වගේ චුට්ටන් දුපත් පිහිටීමේ වාසිය තමයි ගන්න ඕන. සිංගප්පුරුව වගේ සේවා සැපයීම තමයි අපට තියෙන එකම පිදුරු ගහ . එකට ලි ක්වන්ලා ඉන්න ඕන .
මොකටද ඉතින් ඒ හරිය නේද .
ඇත්තටම කලකදී සශ්‍රික ශිශ්ටාචාරයන් වල අද තත්වේ බැලුවම ඔය මොන සාධකය තිබ්බත් හරි හමන් පාලනයක් නැති කම කුලල් කා ගැනීම තමා එව්වා නැති වෙන්න හේතුව .
// ක්‍රිකට් ඇරෙන්න අනික් ක්‍රීඩාවන්ගෙන් අපට වැඩි යමක් නොලැබෙන්න එක හේතුවක් එය . //
Deleteඅනිවාර්යයෙන්ම ඔවු. ක්‍රිකට් කියන්නෙ එච්චර කාය ශක්තිය අවශ්‍යය නැති කම්මැලි ක්‍රීඩාවක්. දකුණු ආසියාතිකයන් පාපන්දු වගේ වෙහෙසකර ක්‍රීඩා වලදි පසු බාන්නෙ ඔය හේතුව නිසා තමා.
// අනික දියුණු හුඟක් රටවල කාර්මික අංශයට අදාළ සම්පත් තියෙනව . ඇමරිකාව රුසියාව වගේ . නැත්නම් තෙල් . //
එතනදිත් මහාචාර්ය වරයා හරි. භූගෝලීය වාසිය තමා ඒ. මැද පෙරදිග වර්තමාන දියුණුවත් භූගෝලීය වාසියේ ප්‍රතිපලයක්.
අපිටත් ඉන්නෙ ඔය ලී ක්වාන්ලා. :-) එතනදි මහාචාර්ය වරයා වැරදි.. ඒකට භූගෝලීය බලපෑමක් නෑ. ඒක අපේ කරුමෙ... හැහ් හැහ්..
මහාචාර්ය තුමා දක්වලා තියෙන සතුන් 14 දෙනා අතර මිනිසාගෙ ලගම හිතවතා වන බලු තුමා නෑ නොවැ... බලුතුමා අදින් වසර දහස් ගණනකට පෙර සිටම මිනිසා සමග දිවි ගෙවීම අරඹලා තියෙන්නෙ...
ReplyDeleteඅපි හොදින් බැලුවොත් මේ කියන දියුණු ජාතීන් බත් අනුභවය ඉතාමත් අඩුවෙන් කරන අය...පුද්ගල ආකල්ප වල වෙනස් වීම්, එක දිගට වැඩි වේලාවක් වැඩෙහි යෙදීමට ඇති කැපවීම, නව සොයාගැනීම්, වැනි සාධක ආහාර රටාව මගින් ජාන සදහා කල බලපෑමක්ද කියලත් හිතෙනවා... ඔබ සෑහෙන්න වෙහෙස වී ඇති බව පෙනෙනවා මෙය ලියන්න... ඒ සම්බන්ධයෙන් මම ඔබට තුති පල කරන්න කැමතියි සෙන්නා... නොදන්නා දේ අප වෙත ගෙන ආවාට...
ස්තූතියි සිරා...
Deleteබලු තුමා කෙලින්ම කෘශිකර්මය වෙනුවෙන් හෝ ආහාර ලබා ගැනීම වෙනුවෙන් යොදාගෙන නෑ නේද ? ඒක නිසා වෙන්න ඇති මහචාර්ය තුමා ඒ ගැන නොසලකා හරින්න ඇත්තෙ. නැත්තම් එතින් එතුමව ලේසියෙන් අමතක කරන්ඩ පුලුවන්යෑ..
දීර්ඝ කාලයක් පෝශ්‍යදායී තිරිඟු අනුභව කිරීමත් මෙම දියුණුවට බලපාපු බව තමා මහචාර්ය තුමාගෙ අදහස. වගා කරන බෝගය කුමක්ද යන්න මත ශිශ්ටාචාරයේ දියුණුව තීරණය වෙලා තියනවා කියලා ඔහු කියන්න එක හේතුවක් තමා ඒක.
ඉෂාක් බෂෙවිස් සිංගර්ගෙ "ගොවි රජ්ජුරුවෝ"(පරි:ගාමිණී වියන්ගොඩ) පොත, මේ ලිපියත් එක්ක අතිරේකව කියවන්න පුළුවන්නම් හොදයි.
ReplyDeleteස්තූතියි සුමිත්. ඒක හොයාගන කියවන්ඩ ඕනා.
Deleteහුඟාක් ස්තූතියි සෙන්නා. බොහොම වෙහෙස මහන්සියෙන් කැපවීමෙන් කරපු පෝස්‍ටුවක්. ඇත්තටම අපූරුයි අපේ බිරින්දෑටත් මම කිවුවා මේ ලිපිය කියවලා බලන්න කියලා. ආයේ එන්නම් ඉතිරි ටිකත් කියවන්න.
ReplyDeleteස්තූතියි සරා...
DeleteWhy,white man have so much cargo ? කෙටිම පිළිතුර : ආසියානු/ අප්‍රිකානු වැනි රටවල් වලින් කොල්ල කා ගත් දේවල් වලින් ඔවුන්ගේ රාජ්‍යයන් ගේ ආර්ථික තත්වය දියුණු වූ නිසා
ReplyDeleteකැපවීමකින් කල තොරතුරු දිග හැරුමක් , විශිෂ්ටයි !
Deleteඉමල්ක, මම හිතන්නෙ පිළිතුර ඒක නෙමේ. ඒක තමයි ප්‍රශ්ණෙ. ආසියානු / අප්‍රිකාණු රටවලින් කොල්ල කන්න ඒ ගොල්ලන්ට පුලුවන් වුනේ ඇයි ? ඒ රටවල් ලේසියෙන්ම යටත් කර ගන්න පුලුවන් වුනේ ඇයි ? මහචාර්යය ඩයමන්ඩ්ගෙ සොයා ගැනීම් වලට අනුව පිළිතුර ඇරඹෙන්නෙ ශිශ්ටාචාරය ඇරඹෙන්නත් කලින්. භූගෝලීය තත්ත්වය එහෙම නැත්නම් භූගෝලීය වාසිය තමා ඔහුට අනුව පිළිතුර.
Deleteඅගය කෙරීම ගැන ස්තූතියි. ඒක ඉස්සරහට ප්‍රෝයෝජනවත්.
මම දාන්න හිටපු කමෙන්ට් එකේ අදහසක් සුමිත් බින්දිගේ කමෙන්ට් එක යටින් දාල. තවත් මහාචාර්ය වරයෙක් කියල තියෙනවා ආසියාව හා අප්‍රිකාව දුප්පත් ආගම හා සංස්කෘතිය ඕනවට වඩා ඇදහීම නිසා කියල.
ReplyDeleteඉතුරු කොටසත් කියවල බලමු අපේ රට මේ තත්වෙන් තියෙන්නේ ඇයි කියල.
මේකටනම් ගොඩාක් මහන්සි වෙලා තියෙනවා ඒ මහන්සියේ උපරිම ප්‍රතිපල ගන්න ඕනේ.. ඒ වගේම මේක ලියපු වගේ කාලයක් ගියා මට කියවන්න. උදේ පටන් ගත්තේ දැනුයි කියවල ඉවර වුනේ.හෙක් හෙක්.
ආරම්බයේදිම එක් ශිශ්ටාචාරයක් අනෙකක් පසු කර යන්න ආගමේ බලපෑමක් එතරම් නොවුනට, දහසය වන සිය වසසේ ඇරබෙන රටවල් කොල්ල කෑමට නම් ඒකෙ සම්බන්ධයක් තියනවා කියලයි මට හිතෙන්නෙ. ඒ යුරෝපීයන් දිගටම නව නව දේවල් සොයන්න උත්සුක වීමත්, බෞද්ද හා ඒ හා බැඳුනු අනෙක් ආගම් වලින් අල්පේච්චතාවයට යොමු කිරීමත් නිසයි. ඒත් මහචාර්ය වරයා ඒ පිළිබඳ එතරම් අවධානයක් යොමු කරලා නැති බවකුයි පේන්න තියෙන්නෙ.
Deleteමට මේ තියරිය ගැන තියෙන ලොකුම ප්‍රශ්නය තමයි යුදෙව් ජාතිය. අතීතයේ පටන් ලෝකයේ අනික් ජාතින් ගෙන් පිඩනයට පත් වෙච්ච ජාතියක්. අද ලෝකයට බොහෝ නව නිර්මාණ, විද්‍යාවන් හඳුන්වල දීල තියෙන්නෙ උදෙව්වන්. ඒ වගේම අද ලෝකයේ බොහෝ බලවත් තැන් වල ඉන්නෙ යුදෙව්වන්. ඒ වගේම ඊශ්‍රායලය කියන්නෙ මේ වගේ කිසිම ස්වභාවික සම්පතක් නැති රටක්. නමුත් ඔවුන් අද න්‍යෂ්ටික බලයෙනුත් සවිමත්. ඒ අය ඒ තැනට ආවෙ කොහොමද කියන ප්‍රශ්නෙ නැගෙනව.
ReplyDeleteමේක නම් මහචාර්ය ඩයමන්ඩ් ගෙන්ම අහන්ඩ ඕනා ප්‍රශ්නයක් මුහුදු කොල්ලකාරයො. මට හිතෙන ටික කියන්නම්.
Delete1. ඊශ්‍රායල් ජාතිය ලොව පුරාම විසිරිලා හිටපු ජාතියක්නෙ. ඒක නිසා ඊශ්‍රායලය අද ඔය තත්ත්වයේ තියෙන්නෙ ඔය කියන අවදි පහු කරගන ඇවිත්, අන් දේශයන් වලදි ඔවුන් උකහා ගත්ත දැනුමත් එක්ක නේද ?
2. ඊශ්‍රායලය කියන භූමිය, ඔය කියන Fertile Crescent වලට අයිති කොටසක්. එතකොට ඔවුන්ට නිතැතතින්ම අර මුලින්ම තිබුන භූමියේ වාසිය තිබුනා. ඒ ලබා ගත්තු දැනුමත් සමඟින් ඔවුන් ලොව පුරා විසිර ගොස් නැවත එම භූමියටම එනකොට හොඳ දැනුමකින් සන්නද්ද වෙලා නෙ එන්ඩ ඇත්තෙ.
3. ආගමික පසු බිමින් සළකලා බැලුවොත්, ඊශ්‍රායෙල් ජාතිය කියන්නෙ දෙවියන් වහන්සේගේ ජනතාව. තෝරාගත්තු ජනතාව. එහෙම ශක්තියක් බලයක් ඔවුන්ට නෑයි කියලා කාටද කියන්ඩ පුලුවන්.
ඊශ්‍රායෙල් ජනතාව ගැන දැන ගන්න මේකත් කියවනකො. කියවලා නැත්නම් සීරීස් එකම කියවන්ඩ..
http://dreamsofharee.blogspot.com/2012/07/1.html
ඔය මට හිතෙන දේවල් මුහුදු. ලොකූ තර්කයක් ගොඩ නගන්න මට මේ ගැන තියන දැණුම මදි.
එක පාරක් කියෙව්වා...ආයෙත් නිදහසේ කියවන්න ඕනේ...
ReplyDeleteවටිනා තොරතුරු ටිකක් ,
ස්තූතියි චමියා.. හිමීට කියවපන්කො..
Deleteමුහුදුගේ ප්‍රශ්නයට එක උත්තරයක් තමයි ඇමරිකාවේ තල්ලුව .
ReplyDeleteඅන්න හරි, එතන තියනවා ලොකු බලපෑමක් බින්දි.. ස්තූතියි..
Deleteමහාචාර්යතුමාගේ මේ ගවේෂනයට හේතුව මානව වර්ගයාගේ ඉදිරියට යෑමේ වේගය වැඩි කරන්නද? නැත්නම් අසමානතාවය තුලින් තවත් දියුණුවීමට කරුණු සොයන්නද කියන එක මට එච්චර පැහැදිලි නැහැ..ඒත් තවත් කොටස/ස් තියන නිසා මේ ගැන හිතන්න තව කල් වැඩි වගේ..
ReplyDeleteකොහොම වුනත් භූගෝලීය සාධක කියන එකේ සෑහෙන සත්‍යතාවක් තියනවා..ඒත් ලෝකයේ ගමන් මග ගොවිතැනෙක් වෙනස් වෙලා වෙනම දිශානතියකට ගමන් කරන්න ගත්තාම ආපහු කලින් අවාසි වුනු භූගෝලීය සාධක දැන් වාසි සහගත වෙන්නත් ඉඩ තියනවා..
ලතින් ඇමරිකානු රටවල්වල ජීවන තත්වයේ දියුණුව ඒ අනුව විස්තර කරන්න පුළුවන්..
ඊළඟ විස්තරය කියවලාම තවත් හිතලා බලන්න ඕන..
අපේ රටට වැරදුනේ/හරිගියේ කොහොමද කියලා හොයලා බලන්න තාමත් එක පින්වතෙකුටවත් හිතුනෙ නැති හැටි..!
රූ, ඔහුගේ ගවේශණයට හේතුව, එක ශිශ්ටාචාරයක් අනිත් එකක් අභිබවා එදිරියට ගියේ කොහොමද කියලා හොයලා බලන එක. එතකොට යුරෝපීයන් මෙතරම්ම ලෝකය තමන්ට නතු කරගත්තෙ කොහොමද කියන එක හොයලා බලන එක. ඔහු දියුණු වීමේ වේගය වැඩි කරන්ඩ උත්සහයක් දරපු බවක් පේන්ඩ නෑ.
Deleteඅවාසි වුන භූගෝලීය සාධක දැන් වාසි සහගත් වෙන්නෙ කොහොමද කියලා ටිකක් පැහැදිලි කරන්න. මට ඒක පැහැදිලි මදි සහ හේතුවක් හිතා ගන්ඩ අමාරු කාරණයක්.
අපේ රට ගැන කතා නොකර ඉමු නේද ? අදහසක් නැද්ද රේසින් කාර් එකක් එහෙම ගන්ඩ :-)
ඔයාට කියන්න සෙන්නා මම මේ දැනුත් රේසින් කාර්වල ගණන් බල බලා හිටියෙ අනේ..හික්ස්..ඉක්මනටම එකක් ගන්න ඕන..
Deleteඒ ගැන නම් කියලා වැඩක් නෑ...!!
ඔයාගේ ඊළඟ ලිපිය ලීවහම මම කියපු කාරණේ තව ටිකක් පැහැදිලි කරන්නම්..
සෙන්නාගේ සුපුරුදු ලිවීමේ රටාව මේකෙ නෑනෙ අප්පා.. බොහොම අමාරුවෙන් කියෙව්වෙ.. සමහර විස්තර දිග වැඩි දෝ කියලත් හිතුනා.. මෙහෙම කිව්වට තරහාගන්න එපා.. හිතුනු දෙයි කිව්වෙ..
ReplyDelete"ලිපිය සැකසීමට පහත් මෘදුකාංග වලින් ලද සහය අපමණයි. නොමිලේ එම සේවාවන් සපයන ඒවයෙහි හිමි කරුවන්ටත් ස්තූතියි !" මේවාට ස්තුති කරන එක බ්ලොග්කරුවා සෙන්නා විතරමද මන්දා?..
තවත් කාරණයක් බ්ලොගේ පින්තූර එකක්වත් මට පේන්නෙ නෑනෙ.. මම දන්න දහං ගැට ඔක්කොම දැම්මත් පින්තූර පේන්නෙ නෑ.. ඒක ටිකක් බලන්න..
ඔන්න මම යනවා දෙවෙනි ලිපිය කියවන්ඩ..
ලිපිය කියවලා තමන්ට ඇත්තටම හිතෙන දේ කියන මේ වගේ කමෙන්ට්ස් වලට මම හරි මනාපයි.. මට වැරදි අඩු පාඩු පෙන්නුවට තරහා යන්නෑ හරී.. ඒවා පෙන්නලා දුන්නම තමා හදාගන ඉදිරියට යන්න පුලුවන්..
Deleteමම දැක්කා දවසක් "රූ" ත් ඕවට ස්තූති කරලා තිබුනා හරී.. ඇත්තෙන්ම ඔහුන් හරි අමිල සේවයක් කරන්නෙ.
මුලු බ්ලොගේම පින්තූර වලට කෙලවුනා බන්.. G+ එකේ තිබුන ඇල්බම් වගයක් මකලා දැම්මා.. මෙන්න බ්ලොගේට ඇවිත් බලනකොට ඔක්කොවන්ටම බඩු හම්බෙලා..ඊයෙ යාන්තම් ඔට්ටු වෙලා පොඩි එකාගෙ චිත්‍ර ටික දාගත්තා.. මගෙ මහ කැත පුරුද්දක් තියනවනෙ Recycle Bin එක සුද්ද නොකරන.. කැත පුරුදු කොච්චර හොඳද කියලා ඊයෙ තම මට හිතුනෙ.. කම්පියුටරේ ගත්තුදා ඉඳලා මකපු ෆයිල් ඒකෙ තියනවා.. දැන් ඉතින් හිමීට එක එක අරන් අප්ලෝඩ් කරන්න ඕනා..
සෙන්නා බ්ලොගයට පින්තූර දාන්නෙ කොහොමද?
Deleteමම නම් කරන්නෙ සේව් කරලා අප්ලෝඩ් කරන එක.. ඒක වෙන කොතනක හරි තියෙන පින්තූරයක් URI එක හරහා ලින්ක් කරනවාට වඩා සුරක්ෂිතයි.. මොකද කවදාහරි ඒ තියෙන තැනින් පින්තූරෙ ඉවත් කළොත් අපේ බ්ලොගයෙනුත් අයින් වෙනවා..
අද මම නිකම්ම වෙන වෙබ් එකක ඉඳලා පින්තූරයක් Drag & Drop කරන්ඩ බැලුවා.. පින්තූරය වැටුනට මොකක්දෝ අවුලකින් ඒක අයින් කරන්න බෑ.. ඒ වගේම මවුස් එකේ ඇමිණිලා පෝස්ට් එක පස්සෙන් එනවා..
ඒවගේම පෝස්ට් වල බැකප් ගන්න එකත් කරන්ඩ ඕනෙ.. මම කවදාවහ් කරලා නෑ..
ඇයි බන් මෙකට හිට් නෑ කියුවේ
ReplyDeleteහිට්ස් අඩුයි කිව්වෙ මේකට ලැබුනු පේජ් වීව් ගාන සලකලා මචන්.. විශේෂයෙන් තුන්වෙනි කොටසට..
Deleteඑකඟ වෙන්ට අමාරුයි ලොක්කා.
ReplyDeleteමම හිතන්නේ නම් මද්‍යකාලීන යුගයේ යුරෝපීයයන්ට සිද්දවුනේ හැමතිස්සෙම යුද වැදි වැදි ඉන්න. ඒ නිසා ජානයන් ඒ අනුව වෙනස් වෙන්ට ඇති.
හොඳ ලිපියක්. නැවත මේ බ්ලොගයට ඒමට උදක්ම බලා පොරොත්තු වෙනවා.
ReplyDelete