අගෝස්තු 21, 2024
"තොපි වහල්ලු"
කෑගසති සකසමින් පා බැඳි යදම් !
ලියුවේ:
සෙන්නා / 21.08.2024
2024 හේ මාස හතක් ඉවර වූ දා
අදින් දවස් තුනකට, ම්ම්ම් නෑ හතරකට කලින් මම පුද්ගලික් බසයකින් කොළඹ කොටුවෙ ඉදන් ගෙදර ආවා. බසයට ගොඩවූ වේලාව රාති අටයි විසි පහ. පහත තියෙන්නෙ මා කළ නිරීක්ෂණ.
පැමිණිලි ඇතොත් දැණුම් දෙන්නයැයි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරයෙන් ඇලවූ ස්ටිකරයක් ද බස් එකේ අලවා තිබුනා. බසයෙන් බැස, එහි අංකයත් මතක තබාගෙන, පැමිණිලි කිරීමට දුරකතනය අතටත් ගත් පසු, ඵලය සමග ගැටීමෙන් පලක් නොමැති බව තේරුම් ගිය බැවින් නිහඬ වුනා. මේ, මිනිසුන්ගේ ආදායමින් සහ වියදමින් යන දෙයාකාරයෙන්ම බදු අයකරණා රටක මගී ප්‍රවාහන සේවයේ එක් තිත්ත පැත්තකි. මෙම අවිනීත හැසිරීම මේ රථයට පමණක් විශේෂ වූ තත්ත්වයක් ද නොවේ. බොහොමයක් වූ පුද්ගලික බස්වල අඩු වැඩි වශයෙන් ඉහත සඳහන් දුර්වලතා දකින්නට පුළුවන. ඒවා ගැන සොයාබැලීමට සිටින බළධාරීන් සහ නිළධාරීන් සුව නින්දේ විය යුතුය.
ලියුවේ:
සෙන්නා / 31.07.2024.
ඉස්සර අපි පොඩි කාලෙ අපේ ගමේ පිස්සෙක් හිටියා ඌට මොනා හරි කිව්වම තැන නොතැන නෑ අමු තිත්ත කුණුහරුපෙන් බනිනවා..අපිත් ඉතිං මාර ෆන් එකක් ගන්නෙ ඒ යකාව අවුස්සලා..
පව් අහිංසකයා පස්සෙ කාලෙක පාරෙම බල්ලෙක් වගේ මැරිලා ගියා...ඊට පස්සෙ අපේ ෆන් එකත් ඉවරයි..
ඊට බොහොම කාලෙකට පස්සෙ ඒ වගේම ආතල් එකක් සමාජ මාධ්‍ය වලින් ගන්න පුළුවන් බව හොයාගත්තා..
ඒක මරු..ඕගොල්ලොත් කරලා බලන්න, ආස හිතෙයි....🤣🤣🤣🤣
ලියුවේ:
සෙන්නා/28.07.2024
පලි; පළ කරණ විරෝධාකල්ප අදහස්වලට තැන නොතැන නොබලා අමු තිත්ත කුණුහරුපයෙන් පිළිතුරු සපයන දේශපාලන පක්ෂ වහලුන් උපහාසයට ලක් කරමින් මා විසින් Youtube හි දැමූ කමෙන්ටුවක් උපුටා මෙහි පළකළ කරණ ලදී.
ජුනි 15, 2024
අපගෙ මුල්ම නැවතුම වූයේ ඇම්බැක්කේ දේවාලයයි. එය කලින් සැළසුම් කළ ගමනානතයක් නොව හදිසියේ මගදී දුටු නාමපුවරුවක් ඔස්සේ ලඟා වූ නැවතුමකි. කාලයක් සිට නැරබිය යුතු ස්තාන ලයිස්තුවේ අංගයක් වූ මෙම ස්තානනයට මෙලෙස හදිසීයේ, අහම්බයෙන් හෝ පැමිණීමට හැකිවීම සතුටට කාරණයකි.
පුංචි බැවූම නැග දේවාලය කරා වූ මාවත දිගේ අප පිය මනින විට අරලිය ගසක් යට සිටි ඇය අප වෙතට ප්‍රවේශ වූවාය. මගේ මතක නිවැරැදිනම් ඇය සැළකියයුතු පිළිවෙලකට ඇඳුම් ඇඳ සිටියා. ඒ ඇය සතු උපරිම සහ හොඳම ඇඳුම විය යුතුය. නමුත් එය පිරිසිදුය, පිළිවෙලය.
"අනේ මහත්තයා හඳුන් කූරූ පෙට්ටියක් අරන් අපිට ආධාරයක් කරන්න. මට ළමයි දෙන්නෙක් ඉන්නවා මහත්තයා මේකෙන් තමා ඒගොල්ලන්ට කන්න බොන්න ඉගන ගන්න වියදම් කරන්නෙ. අපිට වෙන ආදායම් මාර්ගයක් නෑ මහත්තයෝ. මේ ළමයින්ගෙ තාත්තා ගහකින් වැටිලා එක් තැන් වෙලා ඉන්නෙ. එයාගෙ බේත් වලටත් වියදම් කරන්නෙ මේකෙන් හම්බෙන ආදායමෙන් තමා. මහත්තයලා අපිට අනුකම්පා කරලා අනේ හඳුන්කූරු පෙට්ටියක් අරගෙන යන්න". ඒ, කොළඹදී ආලෝක සංඥා පුවරු අසල අනන්තවත් දැක ඇති, විකිණීමට නොව සිඟාකෑමේ මෙවලමක් ලෙස හඳුන්කූරු අතේ තියාගෙන සිඟමන් යදින යාචකයන් දැක ඇති මාගේ සිතේ හඳුන්කූරු පෙට්ටියක් රැගෙන අප වෙත පැමිනෙන ඇය දැකීමෙන් පහල වූ සිතිවිලිය.
"මහත්තයලා දේවාලෙට නේද යන්නෙ? හඳුන්කූරු පෙට්ටියක් අරන් යන්න මහත්තයා. මේවා බොහොම සුවඳ හඳුන් කූරු. අපි ගෙදරමයි හඳන්නෙ. එක පාරක් අරගෙන බලන්න. මේ එක කූරක් පැය දෙකක් විතර ඇවිලෙනවා. දිගටම සුවඳ තියනවා. මේවා අපිමයි හදන්නෙ. දේවාලෙ පත්තු කරන්න බොහොම හොඳයි මහත්තයා. එහෙම නැත්තම් ගෙදර ගෙනිහිල්ලා පත්තු කරලා බලන්න. සුවඳ ජාති හතරක් තියනවා. ඔය කඩේ තියන කොයි ඒවටත් වඩා මේවා හොඳයි. එක පාරක් පාවිච්චි කරොත් මහත්තයලට වෙනස් තේරෙයි." ඒ සිය නිෂ්පාදනය මහත් ආඩම්බරයෙන් අප වෙත පිළිගන්වූ ඇයගේ සැබෑම වචනයි.
හඳුන්කූරු පෙට්ටියකට මුවා වී සිඟමනේ යෙදෙන සොරුන් මෙන් නොව ඇය ජීවිතය ජීවත් කරවීම වෙනුවෙන් උත්සහයෙන්, මහන්සියෙන් ව්‍යාපාරයක නිරතවන දිරියවන්ත කාන්තාවක් බව වටහා ගැනීමට ඇයගේ මේ වචන පමණක් ප්රමාණවත්ය. එම නිසාම අවශ්‍යයතාවයක් නොතිබුනද හඳුන්කූරු මිලදී ගැනීමට අප තීරණ කළහ. ගනුදෙනුව අවසානයේ ඇය විසින් අප වෙත රුපියල් දහයක් ඉතිරි දිය යුතු විය. එය අවශ්‍යය නැතැයිද, ඇයට තබාගන්නයයි ද පැවසූ විට " නෑ නෑ මහත්තයා එහෙම කරන්න බෑ, ඔහොම ඉන්න ඉතුරු දෙනකම්" යැයි කී ඇය අවසාන සතය දක්වාම ඉතිරි මුදල් බේරුම් කළාය.
සිය දිරියෙන් නිපදවන හඳුන්කූරු අලෙවි කිරීම ආඩම්බරකාර ව්‍යාපාරයක් කරගත් ඇය, හිස් හඳුන්කූරු පෙට්ටි පෙන්වමින් සිඟමනේ යෙදෙන යාචකයන් හට කදිම ආදර්ශයක් නොවන්නේදයි සිතමින්, මෙවන් වූ මිනිසුන් තවමත් මේ රටෙහි සිටීම ගැන ඇතිවූ සොම්නස් හැඟිමෙන්ද යුතුව අප දේවාලය කරා පිය නැඟූහ.
අදටත් ඇය හෝ ඇයගේ ව්‍යාපාරයේ යම් අයෙකු එම ස්තානයෙහි හඳුන්කූරු අලෙවි කරණවා විය හැකිය. බොහෝ විට ඇය සිය ව්‍යාපාරය ඊළඟ අදියර තෙක් ඔසවා ඇතිවාට නිසැකය. ඔබත් ඇම්බැක්කේ දේවාලයට ගියහොත් ඇයගෙන් හඳුන්කූරු මිලදී ගැනීමට දෙවරක් නොසිතන්න. ඒ වෙන කිසිවක් නිසා නොව ඈ පැවසූ පරිදිම ඇයගේ හඳුන්කූරු ඉතා උසස් තත්ත්වයේ ඒවා බැවිනි.
නිමි.
ලියුවේ;
සෙන්නා / 15.06.2024
2024-ජුනි-10
![]() |
| "Humans fighting with AI" Copilot දන්න විදිහ. |
AI හෙවත් කෘත්‍රිම බුද්ධිය යනු මේ දිනවල කා අතරත් නිතර භාවිතා වෙන යෙදුමකි. Open AI සමාගම එළි දැක්වූ chatGPT යෙදවුමත් සමඟින් තරඟයට මෙන් කෘත්‍රිම බුද්ධි භාෂා යෙදවුම් එළිදකින්නට වූහ. ගූගල් සමාගම මගින් Gemini ද, Microsoft සමාගම මගින් Copilot ද ආදී වශයෙන් විවිධ නාමයන් යටතේ බොහෝ භාෂා යෙදවුම් එළිදැක්වුන අතර මේ මගින් බොහොමයක් දෙනාගෙ කාර්යයන් පහසු විය. මෙයට අමතරව අති විශාල වූ ක්ෂෙත්රයන් ගණනාවකට සිය අති කාර්යක්ෂම දායකත්වය ලබා දීමට කෘත්‍රිම බුද්ධිය මේ වනවිට සමත් වී ඇත. සෞඛ්‍යය, ප්‍රවාහණ, මූල්‍යය, නිෂ්පාදන හා සැපයුම්දාම, කෘෂිකර්මාන්තය, බලශක්ති, විනෝදාස්වාද, අධ්‍යාපන ආදි ලෙස පෘතුලව විහිදී ගිය ක්ෂේත්රයන් ගණනාවක සිය අක්මුල් විහිදා අණසක පැතිරවීමට මේ වන විට AI හෙවත් කෘතිම බුද්ධිය සමත්වී ඇත.
මේ හේතුව නිසාම මේ වනවිට සමාජයේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳව විශාල බියක් හට ගැනෙමින් පවතින අතර බහුතරයකගේ අදහස වන්නේ කෘත්‍රිම බුද්ධිය විසින් සියළු රැකියා අවස්තා අත්පත්කොට ගෙන සමාජයේ අති විශාල රැකියා වියුක්තියක් ඇතිකරවනු ඇති බවකි. Open AI සමාගමේ සම නිර්මාතෘවරයෙකු වූ ද, ලෝක ප්‍රජාව කෙරෙහි ඉමහත් බලපෑමක් කළ හැකි පුද්ගලයෙකු වූ ද, එලෝන් මස්ක්, එයිනුත් ඔබ්බට යමින් කෘත්‍රිම බුද්ධිය න්‍යෂ්ඨික අවි වලටද වඩා භයානක විය හැකි බවට කළ අනතුරු හැඟවීම් මේ සඳහා අති විශාල වශයෙන් පිටිවහලක් වූවා නිසැකය.
ප්‍රකට රචකයෙකු වූ චානුක වත්තේගම විසින් මෑතකදි පළකළ ලිපියකින් සාකච්චා කෙරුනේ, කාල් මාක්ස් විසින් ඇදි සමාජයේ පංති බෙදුම් රේඛා කෘත්‍රිම බුද්ධිය විසින් යලි තහවුරු කරමින් සිටිනා බවකි. කෘත්‍රිම බුද්ධිය විසින් සමාජයේ පහල පන්තීන් වෙත එල්ල කරණු ලබන පීඩනය මගින් සමාජයේ දරුණු පංති විශමතාවයක් ඇති කරවනු ඇති බවට ඔහු අනුමාන කරයි.
මානව සමාජය යතුරු ලියන යුගයේ සිට පරිගණක යුගය දක්වා විතැන් වෙන විට මෙවැනිම වූ හා හෝවක් සහිත වටපිටාවක් පවතින්නට ඇතැයි යන්න අපගේ පුද්ගලික අදහසයි. යතුරු ලියන යන්ත්‍ර ක්‍රියාකරු, නඩත්තුකරු, උපාංග සපයන්නා, පුහුණුකරුවන් ආදී සියලු වෘත්තීන් මිහිතලයෙන් අතුගා දැමීමට පරිගණකය සමත් වී ඇත. ඒ අනුව බලන කල්හී කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ඇති බිය සාධාරණය. වර්තමානයේ පවතින බොහොමයක් වූ වෘත්තීන් සහ සේවාවාන් මිහිතලයෙන් වද කර දැමීමට කෘත්‍රිම බුද්ධිය සමත්වනවා නොඅනුමානය. කෙසේ වෙතත් යතුරුලියනය හා සබැදි රැකියා අහෝසිකර දැමූ පරිගණකය, එකල සිතා ගැනීමටවත් නොහැකි වූ නව රැකියාවන් මහා රාශියක් පරිගණක භාවිතය හරහා නිර්මාණය කළ ආකාරයෙන්ම, මෙකල අපට අනුමාන කිරීමටවත් නොහැකි තරම් විශාල නව රැකියා සංඛ්‍යාවක් කෘත්‍රිම බුද්ධිය විසින් ද නිර්මාණය කරණු ඇති බව අපගේ අනුමානයයි.
චාර්ල්ස් ඩාවින්ට අනුව වෙනස්වන පරිසරයේ නොනැසී පැවතීමට පරිසරයට අනුගත වීම අත්‍යාවශ්‍යය සාධකයෙකි. සිය දැනුම, යතුර ලියන යුගයේ සිට පරිගණක යුගය හරහා කෘත්‍රිම බුද්ධි යුගය දක්වා දියුණු කරගන්නා කෘත්‍රිම බුද්ධි අභියෝගයට හොඳින් මුහුණ දෙණු ඇති.
කෘත්‍රිම බුද්ධිය විසින් අනාගතයේ උත්පාදනය කළ හැකි නව රැකියා අවස්තා පිළිබඳ කෘත්‍රිම බුද්ධි යෙදවුමක (chatGPT) අනුමාන කිරීම පහත පරිධිය.
AI Ethicist:
AI Trainer:
AI Maintenance Engineer:
Machine Learning Engineer:
Data Scientist/Analyst:
Robotics Engineer:
Healthcare AI Specialist:
Agricultural AI Technician:
Financial AI Advisor:
AI-Driven Content Creator:
Virtual Reality/Augmented Reality Developer:
AI Customer Support Specialist:
Human-AI Interaction Designer:
AI Policy Advisor:
AI Compliance Officer:
AI Educator/Trainer:
AI Curriculum Developer:
ඔබගේ පරිඝනකයෙ ඇති කෘත්‍රිම බුද්ධි යෙදවුම, ඔබගේ දැනුමෙන් තොරව, ඔබගේ අනුමැතියකින් තොරව, E-Mail පනිවිඩ වලට පිළිතුරු යවන දිනය දක්වා ඔබට කෘත්‍රිම බුද්ධිය පිළිබඳ බිය වීමට කිසිඳු කාරණයක් නොමැත. ඒ තාක් එය පසුවනුයේ මිනිසාගේ පාලනය යටතේය. එය මිනිසාගෙ පාලනයෙන් ගිලිහෙන දින බුද්ධිමය ලෝක සංග්‍රාමය ඇරබෙනු ඇති. එය ඔබව තුවක්කු නොදරණ සොල්දාදුවකු බවට පත්කරවණු ඇති. ඒ සඳහා සූදානම් වන්න. එම නිසා, කෘත්‍රිම බුද්ධිය ඔබගෙ රැකියාව අහිමි කරතැයි අනියත බියක් තබා ගත යුතු නොවේ.
ලියුවේ:
සෙන්නා / 10.06.2024.
අගෝස්තු 21, 2024 "තොපි වහල්ලු" කෑගසති සකසමින් පා බැඳි යදම් ! ලියුවේ: සෙන්නා / 21.08.2024