Wednesday, July 31, 2024

Blog Shorts : ශ්‍රී ලංකාවේ සීමාසහිත පුද්ගලික වනචර මගී ප්‍රවාහන සේවය.

 2024 හේ මාස හතක් ඉවර වූ දා

අදින් දවස් තුනකට, ම්ම්ම් නෑ හතරකට කලින් මම පුද්ගලික් බසයකින් කොළඹ කොටුවෙ ඉදන් ගෙදර ආවා. බසයට ගොඩවූ වේලාව රාති අටයි විසි පහ. පහත තියෙන්නෙ මා කළ නිරීක්ෂණ.

1. රාත්‍රී නමයයි පහළව වන තෙක් බස් රථය ගමන් ආරම්භ නොකිරීම. 
2. ගමන් වේලාවන් පාලනයට හෝ නියාමනයට නිසි ක්‍රම වේදයක් නොතිබීම.
3. ගමන් ආරම්බ කළ පසු තොට ළඟට පැමිණෙන තෙක්ම සෙමින් පැමිණීම.
4. ඉන් පසු අතිශය අනතුරුදායක වේගයකින් සහ වේශයකින් රථය පැදවීම.
5. කොන්දොස්තර වරයාගෙ අතිශය වනචර හැසිරීම සහ වාග් විලාශය.
6. ගමන ආරම්භ කිරීමට පෙර, තොට ළගින් මෙහා මගීන්ට බැසීමටයයි විධාන කිරීම.
7. එම අණට අකීකරු වූ එක් මගියෙක්ගෙන් වත්තල දක්වා මුදල් ගැනීම.
8. ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම.
9. අධික ශබ්දයකින් යුතුව ගීත වාධනය කිරීම.
10. ගමන් අතරතුරදී මගීන් සමග ඉන්ධන පිරවීමට පිරවුම් හලකට යාම.
11. බසයෙන් බැසීමට නිසි පරිධි බස් රථය නතර නොකිරීම.
12. බස් රථයේ අංකය රථය ඇතුලත ප්‍රදර්ශණය නොකිරීම. (මා නොදුටු තැනක වූවා දැයි නොදනිමි)
13. රියදුරා රථය පදවමින් දුරකතනය භාවිතා කිරීම.
14. රියදුරා සහ කොන්දොස්තරවරයා අදාල නිල ඇදුම භාවිතා නොකිරීම.

පැමිණිලි ඇතොත් දැණුම් දෙන්නයැයි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරයෙන් ඇලවූ ස්ටිකරයක් ද බස් එකේ අලවා තිබුනා. බසයෙන් බැස, එහි අංකයත් මතක තබාගෙන, පැමිණිලි කිරීමට දුරකතනය අතටත් ගත් පසු, ඵලය සමග ගැටීමෙන් පලක් නොමැති බව තේරුම් ගිය බැවින් නිහඬ වුනා. මේ, මිනිසුන්ගේ ආදායමින් සහ වියදමින් යන දෙයාකාරයෙන්ම බදු අයකරණා රටක මගී ප්‍රවාහන සේවයේ එක් තිත්ත පැත්තකි. මෙම අවිනීත හැසිරීම මේ රථයට පමණක් විශේෂ වූ තත්ත්වයක් ද නොවේ. බොහොමයක් වූ පුද්ගලික බස්වල අඩු වැඩි වශයෙන් ඉහත සඳහන් දුර්වලතා දකින්නට පුළුවන. ඒවා ගැන සොයාබැලීමට සිටින බළධාරීන් සහ නිළධාරීන් සුව නින්දේ විය යුතුය.

ලියුවේ:

සෙන්නා / 31.07.2024.

12 comments:

  1. මේ වගේ වීඩියෝ එකකුත් දැක්ක ෆේස්බුක් එකේ. ඔය විධිහමයි. මිනිසුන්ට වර්ජනය කරන්න බැරිද. නැතිනම් හොඳම ක්‍රමය තමන්ගේ ප්‍රවාහන සේවා පටන් ගැනීම

    ReplyDelete
    Replies
    1. මිනිස්සු අසරණයි අජිත්. ප්‍රමාණවත් තරම් ප්‍රවාහන පහසුකම් හෝ තියන ටික නිසි පරිදි නියාමනය වුනානම් මෙහෙම වෙන්නෙ නෑ. උන් වරජනය කළත්, මගීන් වර්ජනය කළත් තැලෙන්නෙ මගීන් විතරයි. මිනිස්සු දවසෙ මහන්සි වෙලා ඉක්මනට ගෙදර දුවා ගන්න බලාගෙන එන්නෙ. අඩුම ගානෙ මුන්ට මිනිස්සුන්ගෙ, තමන්ගෙ පාරිභොගිකයන්ගෙ ආත්ම ගරුත්වය රැකෙන විධිහට හැසිරෙන්නවත් දන්නෙ නෑ.

      Delete
  2. යකඩ දාගිය තැනක හොයමුද
    නොපිච්චුණු - චුට්ටක් පුළුන්

    ReplyDelete
  3. මගේ මතකයෙ ඉහලින්ම තිබුනෙ, ප්‍රයිවෙට් බස් වල "ඔන්චිලි" පැදිල්ල. මේ දැන් යනවා කියල පෙන්නන්න වගේ යාන්තට ඉස්සරහට අරගෙන, ආයෙ අතාරිඅන එක.හැබැයි යන්නෙ නැහැ.මතක විදිහට ප්‍රයිවෙට් බස් දිව්වෙ, ලංගම කාලසටහනට. ලංගම එක එනවා දැක්ක ගමන් අරිනවා ඇරිල්ලක් ලොවෙත් නැති වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙම තරඟයක් තියනවා. මේක හැබැයි එයාර්පෝර්ට් බස් එකක්. ලංගම එයාර්පෝර්ට් දුවන්නැති නිසා උන්ට කිසිම තරඟයක් නෑ.. හිතෙන හිතෙන වෙලාවට තමා ගමන...

      Delete
  4. මේවගෙ අයිතිකාරයෝ හුඟක් දේශපාලනයට නැත්නම් පොලීසියට සම්බන්ධ අය. ඒ නිසා පාලනය කරන්න අසීරුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමා ඕකුන්ගෙ ඔච්චර සද්දෙ...

      Delete
  5. යන්න බැරි නම් බැහැල කාර් එකේ යන්න මහත්තයා කියලත් අහ ගත්ත නම් තමා ගමන සම්පුර්ණ .. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හැක්...එහෙම කියන බුවාලත් ඉන්නවා තමා...

      Delete
  6. ඕවා ගැන නීති තියෙනවා. ඒත් ප්‍රායෝගිකව රෑ යන බස් එකක ඕක පරීක්ෂා කරන්න එන ප්‍රශ්න එක්ක නීතිය ක්‍රියාත්මක වීමේ ගැටළුවක් තියෙන්නේ. ඕවාට සහය දෙන මගීනුත් බස් වල නැතුවාම නෙවෙයිනේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත...මිනිස්සු තමන්ගෙ අයිතිය වෙනුවෙන් කතා කරන්න බයයි මොකද සමහර විට කට්ටියක් කොන්දොස්තරගෙ පැත්ත ගන්නවා තමන්ට වාසි හේතු නිසා...

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

Sex Scene හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog