Saturday, June 1, 2024

හේතුව සහ අහේතුව......

මගෙ හඳහන බලපු ජෝතීර් උන්නැහේ කිව්වා මේ අවුරුද්දෙ මුල් මාස පහ ගෙවෙනකම් බ්ලොග් පෝස්ට් එහෙම දාන්න නෙමේ එහෙම හිතන්නවත් එපා කියලා. මාරාන්තික අපලයි කිව්වා. ඉතිං හුදී ජන පහන් සන්වේගය වෙනුවෙන් මාසෙට බ්ලොග් පෝස්ට් සීයක් හමාරක් දාන මට මේක කොච්චර අමාරු කාලයක් වෙන්න ඇති කියලද ඔහේලා හිතන්නෙ? බ්ලොග් පෝස්ට් නොදා මාස පහක් ඉන්නවා කියන්නෙ නිකං හුස්ම ගන්නැතිව ඉන්නවා වගේ වැඩක් නොවැ. ඉතිං ඕකට වග කියන්න ඕනා මම නම් එහෙම් නෙමේ අර ජෝතිෂ පොර තමා. 

බස් වල යනකොට කවදා හරි කාට හරි සීට් එක පූජා කරලා තියනව ද ? නිකං වයසක කෙනෙකුට, ගැබිනි කාන්තාවකට, ආබාධිත පුද්ගලයෙකුට, ලස්සන තරුණයෙකුට / තරුණියකට වගේ. එහෙම සීට් එක් ලැබිච්ච කෙනා, එයා බහින්න යනකොට ඔයා එයා ලඟම හිටගෙන ඉන්නකොට, වෙන කාට හරි කතා කරලා සීට් එක එයාට දීලා යාමේ අත්දැකීම එහෙම විඳලා නැත්ද? අපරාදෙ එහෙම විඳලා නැත්නම්. ඒක විඳින්නම ඕනා අත්දැකීමක්..

12 comments:

  1. YOUTUBE පැත්තට ගිිහින් බලන්නකෝ. ඕවට ගුරුකම් දන්න විශ්මකර්මයෝ ඕනතරම් ඉන්නවා. ගුරුකමක් කරගෙන, නූලක් එහෙම දාගෙන බ්ලොග් එක ලියමු.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්....එහෙමවත් කරලා ආයෙ ලියන්න බලන්න ඕනා...

      Delete
  2. ඔය ජෝතියටනං වාරික වශයෙන් හෙන ගහන්නෝන.
    ඔව් හිටගෙන.

    ReplyDelete
  3. හ්ම්...... 2021 දී පෝස්ට් 100. 2022/2023 දී 200යි. 2024 දී දැනටමත් පෝස්ට් 100 දාලා නිසා ඔය ඇති.

    ReplyDelete
    Replies
    1. හැක්...2011 ඉඳන් තාම පෝස්ට් 100ක් දාගන්න බැරි වෙච්ච එකනම් නව නිංගිරාවක්...

      Delete
  4. ජ්‍යෝතිශ්‍ය උන්නැහෙට කොහොම ස්තූතිවන්ත වෙනවා උන්නැහෙගෙ සේවය වෙනුවෙන්. උන්නැහෙට කියල ඉතිරි මාස හතටත් මුකුත් කරගන්න පුලුවන් වේවිද දන්නෙනැහැ.
    විහිලුවක්.පෝස්ට් එක කියෙව්වා.එහෙම වෙලාවට පොඩි අප්‍රසාදයක් පහල වෙනව.මම හිතන විදිහට තමන් කල උපකාරයට ඒ ක්‍රියාව අපහාසයක් වන නිසා.එහෙම නැතිනම් එය සුලු කොට තැකීමක් වන නිසා මම හිතන්නෙ.ඒ උපකාරය ලැබූ අය ඉන් අපහාස කරන්නෙ ඔබට නෙවෙයි.ඔබ කල එම සත් ක්‍රියාවටයි.ඒ නිසයි එය බරපතල කරුනක් වන්නෙ

    ReplyDelete
    Replies
    1. විහිලුවක් කරලා ඒක විහිලුවක් කියලා කියන්න වෙන එක් ඛේදවාචකයක් නේහ්...සමහරු ඔහොම තමා කළ ගුණ අමතක වෙනවා සුටුස් ගාලා...

      Delete
  5. මටත් ගුරු කමක් කරලා දෙන්නකෝ. ලියවෙනව හොරයි මේ ටිකේ. ලස්සන් ගෑනු ළමයිට ආසනේ දීලා එය තව ලස්සන ගෑනු ළමයෙකුට ඒ සීට් එක දීල පින්කම් කරපු අවස්ථා වුනත් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ලියන්න නෙමේ නොලියන්නයි ගුරුකම තියෙන්නෙ.... තව ගැනුළමයෙක්ටනම් දුන්නෙ ඉතිං කමක් නෑ නේද ;)

      Delete
  6. Replies
    1. බස්සා ප්‍රාව හැක් කරලා වගේ.. :)

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

හඳුන්කූරු වෙළෙන්දිය

  ජුනි 15, 2024 අ පගෙ මුල්ම නැවතුම වූයේ ඇම්බැක්කේ දේවාලයයි. එය කලින් සැළසුම් කළ ගමනානතයක් නොව හදිසියේ මගදී දුටු නාමපුවරුවක් ඔස්සේ ලඟා වූ නැව...

Search This Blog