Monday, June 10, 2024

AI සහ ඒ ඇයි?

 

2024-ජුනි-10

"Humans fighting with AI" Copilot දන්න විදිහ.


AI හෙවත්  කෘත්‍රිම බුද්ධිය යනු මේ දිනවල කා අතරත් නිතර භාවිතා වෙන යෙදුමකි. Open AI සමාගම එළි දැක්වූ chatGPT යෙදවුමත් සමඟින් තරඟයට මෙන් කෘත්‍රිම බුද්ධි භාෂා යෙදවුම් එළිදකින්නට වූහ. ගූගල් සමාගම මගින් Gemini ද, Microsoft සමාගම මගින් Copilot ද ආදී වශයෙන් විවිධ නාමයන් යටතේ බොහෝ භාෂා යෙදවුම් එළිදැක්වුන අතර මේ මගින් බොහොමයක් දෙනාගෙ කාර්‍යයන් පහසු විය. මෙයට අමතරව අති විශාල වූ ක්ෂෙත්‍රයන් ගණනාවකට සිය අති කාර්‍යක්ෂම දායකත්වය ලබා දීමට කෘත්‍රිම බුද්ධිය මේ වනවිට සමත් වී ඇත. සෞඛ්‍ය‍ය, ප්‍රවාහණ, මූල්‍ය‍ය, නිෂ්පාදන හා සැපයුම්දාම, කෘෂිකර්මාන්තය, බලශක්ති, විනෝදාස්වාද, අධ්‍යාපන ආදි ලෙස පෘතුලව විහිදී ගිය ක්ෂේත්‍රයන් ගණනාවක සිය අක්මුල් විහිදා අණසක පැතිරවීමට මේ වන විට AI හෙවත් කෘතිම බුද්ධිය සමත්වී ඇත.

මේ හේතුව නිසාම මේ වනවිට සමාජයේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳව විශාල බියක් හට ගැනෙමින් පවතින අතර බහුතරයකගේ අදහස වන්නේ කෘත්‍රිම බුද්ධිය විසින් සියළු රැකියා අවස්තා අත්පත්කොට ගෙන සමාජයේ අති විශාල රැකියා වියුක්තියක් ඇතිකරවනු ඇති බවකි. Open AI සමාගමේ සම නිර්මාතෘවරයෙකු වූ ද, ලෝක ප්‍රජාව කෙරෙහි ඉමහත් බලපෑමක් කළ හැකි පුද්ගලයෙකු වූ ද, එලෝන් මස්ක්, එයිනුත් ඔබ්බට යමින් කෘත්‍රිම බුද්ධිය න්‍යෂ්ඨික අවි වලටද වඩා භයානක විය හැකි බවට කළ අනතුරු හැඟවීම් මේ සඳහා අති විශාල වශයෙන් පිටිවහලක් වූවා නිසැකය.

ප්‍රකට රචකයෙකු වූ චානුක වත්තේගම විසින් මෑතකදි පළකළ ලිපියකින් සාකච්චා කෙරුනේ, කාල් මාක්ස් විසින් ඇදි සමාජයේ පංති බෙදුම් රේඛා කෘත්‍රිම බුද්ධිය විසින් යලි තහවුරු කරමින් සිටිනා බවකි. කෘත්‍රිම බුද්ධිය විසින් සමාජයේ පහල පන්තීන් වෙත එල්ල කරණු ලබන පීඩනය මගින් සමාජයේ දරුණු පංති විශමතාවයක් ඇති කරවනු ඇති බවට ඔහු අනුමාන කරයි.

මානව සමාජය යතුරු ලියන යුගයේ සිට පරිගණක යුගය දක්වා විතැන් වෙන විට මෙවැනිම වූ හා හෝවක් සහිත වටපිටාවක් පවතින්නට ඇතැයි යන්න අපගේ පුද්ගලික අදහසයි. යතුරු ලියන යන්ත්‍ර ක්‍රියාකරු, නඩත්තුකරු, උපාංග සපයන්නා, පුහුණුකරුවන් ආදී සියලු වෘත්තීන් මිහිතලයෙන් අතුගා දැමීමට පරිගණකය සමත් වී ඇත. ඒ අනුව බලන කල්හී කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ඇති බිය සාධාරණය. වර්තමානයේ පවතින බොහොමයක් වූ වෘත්තීන් සහ සේවාවාන් මිහිතලයෙන් වද කර දැමීමට කෘත්‍රිම බුද්ධිය සමත්වනවා නොඅනුමානය. කෙසේ වෙතත් යතුරුලියනය හා සබැදි රැකියා අහෝසිකර දැමූ පරිගණකය, එකල සිතා ගැනීමටවත් නොහැකි වූ නව රැකියාවන් මහා රාශියක් පරිගණක භාවිතය හරහා නිර්මාණය කළ ආකාරයෙන්ම, මෙකල අපට අනුමාන කිරීමටවත් නොහැකි තරම් විශාල නව රැකියා සංඛ්‍යාවක් කෘත්‍රිම බුද්ධිය විසින් ද නිර්මාණය කරණු ඇති බව අපගේ අනුමානයයි. 

චාර්ල්ස් ඩාවින්ට අනුව වෙනස්වන පරිසරයේ නොනැසී පැවතීමට පරිසරයට අනුගත වීම අත්‍යාවශ්‍ය‍ය සාධකයෙකි. සිය දැනුම, යතුර ලියන යුගයේ සිට පරිගණක යුගය හරහා කෘත්‍රිම බුද්ධි යුගය දක්වා දියුණු කරගන්නා කෘත්‍රිම බුද්ධි අභියෝගයට හොඳින් මුහුණ දෙණු ඇති. 

කෘත්‍රිම බුද්ධිය විසින් අනාගතයේ උත්පාදනය කළ හැකි නව රැකියා අවස්තා පිළිබඳ කෘත්‍රිම බුද්ධි යෙදවුමක (chatGPT) අනුමාන කිරීම පහත පරිධිය.

AI-Specific Roles

  1. AI Ethicist:

    • Focuses on ensuring AI systems are designed and implemented ethically.
    • Addresses issues like bias, transparency, and fairness.
  2. AI Trainer:

    • Works on training AI systems by providing labeled data and refining algorithms.
    • Ensures AI models are accurate and effective.
  3. AI Maintenance Engineer:

    • Specializes in the ongoing maintenance and optimization of AI systems.
    • Addresses performance issues and updates models as needed.

Tech and Engineering

  1. Machine Learning Engineer:

    • Designs and implements machine learning models.
    • Works with large datasets to train algorithms for specific tasks.
  2. Data Scientist/Analyst:

    • Analyzes data to extract meaningful insights and patterns.
    • Develops predictive models to support business decisions.
  3. Robotics Engineer:

    • Designs and builds robots integrated with AI for various applications.
    • Focuses on automation, efficiency, and precision in manufacturing and other sectors.

Industry-Specific Roles

  1. Healthcare AI Specialist:

    • Develops AI applications for medical diagnostics, treatment planning, and patient care.
    • Works on predictive analytics for disease prevention and management.
  2. Agricultural AI Technician:

    • Implements AI solutions for precision farming, crop monitoring, and yield optimization.
    • Uses AI for predictive analytics in agriculture.
  3. Financial AI Advisor:

    • Develops AI tools for risk assessment, fraud detection, and automated trading.
    • Uses AI to provide personalized financial advice to clients.

Creative and Design

  1. AI-Driven Content Creator:

    • Uses AI tools to generate content such as articles, music, or art.
    • Collaborates with AI to enhance creativity and productivity.
  2. Virtual Reality/Augmented Reality Developer:

    • Integrates AI into VR/AR experiences for more immersive and interactive applications.
    • Develops educational, gaming, and training simulations enhanced by AI.

Customer and Human Interaction

  1. AI Customer Support Specialist:

    • Manages AI-driven customer service platforms.
    • Ensures AI systems provide accurate and helpful responses to customer inquiries.
  2. Human-AI Interaction Designer:

    • Designs interfaces and experiences for seamless interaction between humans and AI systems.
    • Focuses on usability and user experience.

Policy and Regulation

  1. AI Policy Advisor:

    • Develops regulations and policies for the ethical use of AI.
    • Advises governments and organizations on AI governance.
  2. AI Compliance Officer:

    • Ensures AI systems comply with laws, regulations, and ethical standards.
    • Monitors and audits AI implementations for compliance.

Education and Training

  1. AI Educator/Trainer:

    • Teaches AI and machine learning concepts to students and professionals.
    • Develops educational materials and courses on AI technologies.
  2. AI Curriculum Developer:

    • Designs and updates educational curricula to include AI and related technologies.
    • Ensures students are prepared for AI-driven job markets.

ඔබගේ පරිඝනකයෙ ඇති කෘත්‍රිම බුද්ධි යෙදවුම, ඔබගේ දැනුමෙන් තොරව, ඔබගේ අනුමැතියකින් තොරව, E-Mail පනිවිඩ වලට පිළිතුරු යවන දිනය දක්වා ඔබට කෘත්‍රිම බුද්ධිය පිළිබඳ බිය වීමට කිසිඳු කාරණයක් නොමැත. ඒ තාක් එය පසුවනුයේ මිනිසාගේ පාලනය යටතේය. එය මිනිසාගෙ පාලනයෙන් ගිලිහෙන දින බුද්ධිමය ලෝක සංග්‍රාමය ඇරබෙනු ඇති. එය ඔබව තුවක්කු නොදරණ සොල්දාදුවකු බවට පත්කරවණු ඇති. ඒ සඳහා සූදානම් වන්න. එම නිසා, කෘත්‍රිම බුද්ධිය ඔබගෙ රැකියාව අහිමි කරතැයි අනියත බියක් තබා ගත යුතු නොවේ.

ලියුවේ:

සෙන්නා / 10.06.2024.

15 comments:

  1. මේක හරිම කෘතිමයි අප්පා...

    ReplyDelete
  2. අනාගතයේදී music හා චිත්‍ර කලාවේදී AI භාවිතයෙන් මම හිතන විදිහටනම් කිසිම නිර්මාන කරුවෙකුට AI සමග තරග කරන්නට හැකිවෙන එකක් නැහැ.සාමාන්‍යයෙන් කලා නිර්මානයක අගය තීරනය වන්නේ කලා කරුවාගේ දස්කම් හා සහජ හැකියාවන් මතයි.ඒත් AI භාවිතා කල නිර්මානයක පරිපූර්න බව කලා කරුවාගේ දස්කම් අබිබවා යාවි.
    හැබැයි එවිට AI භාවිතා කල නිර්මාන වලට වඩා කලා කරුවාගේ නිර්මාන වලට විශාල ඉල්ලුමක් ලැබෙන්නත් ඉඩ තියනවා.handmade භාන්ඩ වලට තියන ජනප්‍රියතාවය හා මහත් ඉල්ලුම වගේ.මේ මම හිතන හැටි.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා. කාබනික ආහාර වලට ඇති ඉල්ලුම වගේ දෙයක් ඇති වේවි.

      Delete
    2. AI වලින් වලන් පිගන් හෝදලා, ගෙවල් දොරවල් සුද්ද බුද්ද කරලා අපිට චිත්‍ර අඳින්නයි , සංගීත නිර්මාණ කරන්නයි වෙලාවක් ලැබෙනකන් AI යන්නේ වැරදි පාරේ කියල තමා කියන්නේ .. හෙහ් හෙහ්

      Delete
  3. අනාගතය ගැන අනාවැකි කියන එක අමාරු වැඩක්. ඒත් AI රැල්ලත් , සෙල්ෆ් ඩ්‍රයිවින් කාර් වගේ "අද නෙමෙයි හෙට" වෙන්නත් ඉඩ තියනවා. කාල් මාක්ස්, AI, EV ඔය කොයිවත්, තිබුන සමාජයේ වෙනසක්, අලුත් විදිහට සිතීමකට මූලාරම්භයක් වුන බව ඇත්ත. ඒත් ඒ එකකින්වත්, තිබුන පරණ සිස්ටම් එක ඉවත් කලේ නෑ, හැබැයි ඒ නිසා, තිබුන පරණ සිස්ටම් එක වැඩි දියුණු වුනා.

    ReplyDelete
    Replies
    1. ඒක හරි, නැති වෙන්නෑ. වෙනස් වෙනවා, වැඩි දියුණු වෙනවා, අලුත් වෙනවා..

      Delete
  4. අලුත් දේ වලට නෙගටිව් රියක්ෂන් දෙන්නෙම නුගත් මිනිස්සු කියල මම වැඩ කරන ඔෆිස් එකේ අත්දැකීමෙන් කියන්නේ,

    කම්පියුටරයේ තියෙන වර්ඩ් ෆයිල් ඔක්කොම ප්‍රින්ට් කරලා තියාගන්න ඕනේ කියපු සෙට් එකක් එක්ක මම වැඩ කලා ...

    ReplyDelete
    Replies
    1. මමගෙත් පරණ බොසෙක් හිටියා එන මේල් ඔක්කොම ප්‍රින්ට් කරලා ෆයිල් කරන්න කියපු .

      Delete
  5. බයිසිකලේ හදපු කාලේ මිනිස්සු ඒකටත් බය වෙලා තියෙනවා .. ගෙදරින් දුර ගිහින් අමාරුවේ වැටෙනවා කියල .. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්..... මිනිස්සු කොහොමත් අලුත් දේවල් දිහා සැකෙන්, බයෙන් බලන්නෙ. ඒකට වැරැද්දක් කියන්නත් බෑ. ආරක්ෂාවට මුල් තැන. හැබැයි AI වලට තියන බය වැඩිවෙන්න, පැතුම්ද ඇතුලු විද්‍ය ප්‍රබන්ධ ලේඛකයොත් වග කියන්න ඕනා.. :)

      Delete
    2. AI ත්‍රස්තවාදීන් ගැන ෆිල්ම් එකකුත් තියෙනවා මම දැක්ක (Atlas ද කොහෙද නම J Lo ඉන්නේ තාම බලා ගන්න බැරි උනා ) .. හෙහ් හෙහ් ..

      Delete
  6. කෘතීම බුද්ධි යෙදවුම් නිසා අනාගතයේ රැකියා ප්‍රමාණයක් අතුරුදහන් වීමට නියමිත වගේම , අලුත් රැකියා ප්‍රමාණයක් බිහිවීමටද නියමිතයි. ඇත්තටම කියනවා නම් දැනටමත් එහෙම වෙලා ඉවරයි.

    මගේ ක්ශේත්‍රය උන ඉදිකිරීම් සහ නිර්මාණ අංශයේත් මේ බලපෑම දකින්න පුලුවන්.

    අපේ ක්ශේත්‍රයේ දැනට වැඩියෙන්ම බලපෑම එන්නෙ නවකයන්ට. ඔවුන්ගේ කාර්‍යයන් කෘතීම බුද්ධිය යොදවා පහසුවෙන් කරගන්න පුලුවන්. කලින් දස දෙනෙක් ගේ වැඩ, දැන් එක්කෙන්ක් යොදවා කර ගත හැකියි.

    ReplyDelete
    Replies
    1. මගෙ අදහත් ඒ වගේ එකක් තමා මයියා.. පරණ රැකියා කිහිපයක් නැති වෙද්දි අලුත් රැකියා සිය ගානක් ඇති වෙන්න පුළුවන්..

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

හඳුන්කූරු වෙළෙන්දිය

  ජුනි 15, 2024 අ පගෙ මුල්ම නැවතුම වූයේ ඇම්බැක්කේ දේවාලයයි. එය කලින් සැළසුම් කළ ගමනානතයක් නොව හදිසියේ මගදී දුටු නාමපුවරුවක් ඔස්සේ ලඟා වූ නැව...

Search This Blog