Sunday, July 28, 2024

Blog Shorts : සොයා ගැනීම

ඉස්සර අපි පොඩි කාලෙ අපේ ගමේ පිස්සෙක් හිටියා ඌට මොනා හරි කිව්වම තැන නොතැන නෑ අමු තිත්ත කුණුහරුපෙන් බනිනවා..අපිත් ඉතිං මාර ෆන් එකක් ගන්නෙ ඒ යකාව අවුස්සලා..

පව් අහිංසකයා පස්සෙ කාලෙක පාරෙම බල්ලෙක් වගේ මැරිලා ගියා...ඊට පස්සෙ අපේ ෆන් එකත් ඉවරයි..

ඊට බොහොම කාලෙකට පස්සෙ ඒ වගේම ආතල් එකක් සමාජ මාධ්‍ය වලින් ගන්න පුළුවන් බව හොයාගත්තා..

ඒක මරු..ඕගොල්ලොත් කරලා බලන්න, ආස හිතෙයි....🤣🤣🤣🤣

ලියු⁣වේ:

සෙන්නා/28.07.2024⁣

පලි; පළ කරණ විරෝධාකල්ප අදහස්වලට තැන නොතැන නොබලා අමු තිත්ත කුණුහරුපයෙන් පිළිතුරු සපයන දේශපාලන පක්ෂ වහලුන් උපහාසයට ලක් කරමින් මා විසින් Youtube හි දැමූ කමෙන්ටුවක් උපුටා මෙහි පළකළ කරණ ලදී.

23 comments:

  1. මේකට අපට ආස හිතෙන්නෙ නෑ ඉඳගෙන.

    ReplyDelete
  2. සමාජ මාධ්‍ය වලින් ආතල් ගන්නේ නැතුව අපි බ්ලොග් වලින් ආතල් ගමු ..

    ReplyDelete
    Replies
    1. බ්ලොග්වල ඇනා්ලවත් ඒ තරම් කැත විධිහට කුණුහරුප කියන්නෑ.. සමහර එවුන් නමින්ම (බොරු නම් වෙන්න පුළුවන්) ඇවිත් අමු තිත්ත කුණුහරුප කියනවා..එක පක්ෂෙක වහල්ලු මේකට බොහොම දක්ෂයි...

      Delete
    2. මම facebook එකට අකමැති ඒකයි ! තේරුමක් නැති මිනිස්සු වෙනුවෙන් අපි අපේ වෙලාවයි , කේන්තියයි නාස්ති කරනවා

      Delete
    3. ඒක ඇත්ත , ඒත් අපි යනවා පොඩි පෙට්‍රල්ටිකක් ගහන් එන්න

      Delete
  3. මේකත් නරකම සංකල්පයක් නෙමෙයි. නිකං ඉන්න අපට අහල ගියත් මැඳැයි වගේ, මෙහෙමවත් කරලා බලමු නේද?👌🙏💐😊

    ReplyDelete
    Replies
    1. ඕව් නේ...අඩුම ගානෙ හොඳ එකක් ලියා ගන්න අතර වාරෙ හිස්තැන් පුරවන්න වගෙත් හොඳයි....

      Delete
  4. හරිම වැරදියි , මූට අල්ලන් ගහමුද (වර්චුවල්)😀

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා මේ අහිංසක මට ගහන්නෙ?🙂

      Delete
    2. පලවෙනි එක අර අහිංසකයට විහිළු කරපු එකට, දෙවෙනි එක ඇනෝ ලට ආයෙත් ගහන්න චාන්ස් එකක් හදල දෙන එකට , තුන් වෙනි එක - ෂෝට් බ්ලොග් පෝස්ට් ශානරය ය හොයා ගැනීම ගැන. මායි නිදියි මොකද කරන්නේ එතකොට 😀

      Delete
    3. තුන්වෙනි එකටනම් මාව අල්ල ගන්න එපා ඕන්.. ඕක මුලින් පටන් ගත්තෙ නයෙක්...

      මේ තියෙන්නෙ... කොහොමද කමෙන්ට්ම 271 ක්.. :-)

      https://chaprasanna.blogspot.com/2011/06/blog-post.html

      Delete
    4. හ්ම්...එහෙමත් කාලයක්.☹️
      එක අතකට ඕවට පසුතැවිල වැඩක් නෑ. ඕක තමයි සංසාරේ හැටි. ඒක පිලිඅරගෙන, දැන් අපි බ්ලොග් ශෝර්ට්ස් එක්ක පවුල් කමු.😋

      Delete
    5. ඇත්තටම ඒ කමෙන්ට්ස් දකිද්දි පපුව පිච්චිලා යනවා...කොච්චර සක්‍රීය කාලයක් ද ඒක...ලෝක සුබාවෙ තමා....

      Delete
  5. බිඳෙන් බිඳෙන් ජලේ
    සෙමෙන් පිරෙයි කළේ
    ටිකක් ලියන වෙලේ
    Time ඉතිරි බොලේ

    නොලියනවට වඩා
    ටික ලිව්වත් හොඳා
    හණ මිටියම හොඳා
    මට- පුරුද්ද නිසා

    ReplyDelete
    Replies
    1. කොහොම කොහොම හරි ලියන එක නම් හොඳා තමා නිදී..

      Delete
  6. අවුස්සන එකනම් ලේසියි.

    ඒත් ක්‍රියේටිව් හෝ විටී එකක් තේරුම් ගන්න අය අවමයි.
    පැරඩි සීරියස් අරං බනින හෝ හොඳ කියන උන්නම් අපිට හාස්‍යය සපයනවා

    ReplyDelete
  7. තමුනනාන්සේ යූබටේ පෙම් සුව විඳින්නේ කිමද?

    ReplyDelete
    Replies
    1. හප්පා මුන්නැහේව දැක්ක කල්.. මොන අවලමකද බන් මකබෑවිලා හිටියෙ?
      මම ඉතින් යූබටේ විතරයි පාවිච්චිය.. අනිත් ඔක්කොම මල කෝලං වලින් අයින් වුනා..

      Delete
  8. වෙලාවකට බුකිාය ඉන්න උංගෙන් නං ආතල් ගන්නව වැඩේ කියන්නෙ උංට ආතල් දරාගන්න බැරි එකයි. සිං ගාල රිපොට් ගහනව 😂😂😂

    ReplyDelete
    Replies
    1. ඒවා එහෙම තමා. උන් අනිත් උන්ට කුණුහරුප කිව්වට, උන්ට ආපිට වදිනකොට කාලා ඉන්න බෑ.. :-)

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

Sex Scene හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog