2013 උඳුවප් මස 20වනදා
කොන්ටෙයාන්ස් යනු යුරෝපයේ ඈත කොනක හුදකලාව පිහිටා තිබුණු පෞරාණික නගරයකි. කෙතරම් පෞරාණිකද යත්, දහසයවන ලුවී රජගේ බිසව ජනතාවට "පාන් නැත්නම් කේක් කාපල්ලා" යැයි කීමටත් පෙර, එසේත් නැත්නම් ක්‍රිස්ටෝපර් කොලම්බස් ඇමෙරිකාව සොයා ගැනීමටත් පෙර, කොන්ටෙයාන්ස් නගර වැසියෝ සර්ව සාධාරණ නොවුනද තමන්ගේම යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමයකටද, පාසල්, පල්ලි රෝහල් සහිත ජීවන ක්‍රමයකටද උරුමකම් කීහ. කෙසේ වෙතත් ඒ යුගයේදී යුරෝපයේ බොහොමයක් රට වලට පොදු වූ චාරිත්‍ර වාරිත්‍ර, මිත්‍යා විශ්වාස ඔවුන් අතරද හිඟ නොවූහ. අංග විකල, මන්ද බුද්ධික දරුවන් උපන් ගමන් මරා දැමීමට හෝ කැලයකට විසි කිරීමටත්, යක්දෙස්සියන්යයි හඳුනා ගත් කාන්තාවන් පණපිටින් පුළුස්සා දමා ඔල්වරසන් නැගීමටත් ඔවුන් මොහොතකට හෝ නොපැකිළුණහ. සොරකම් පාලනය කිරීම උදෙසා දරුණු දඬුවම් නියම කර තිබුණද අධික දරිද්‍රතාවය හේතුවෙන් සොරකම් නිතරම වාර්තා වූ අතර සතියකට දෙතුන් දෙනෙකු සොරකම් කිරීමේ වරදට ප්‍රසිද්ධියේ එල්ලා දැමීම සුලභ දසුනක් විය. පල්ලියේ පියතුමාද ජනතාවට සොරකමෙහි ආදීනව කියා දී ඔවුන් එයින් මුදවා ගැනීමට උත්සහ කළද එයින් පලක් නොවන බව දුටු කල්හී දේශනා කිරීම නවතා දැමූ පියතුමා වහ වහා පල්ලියෙහි දෑ රැක ගැනීමට අවැසි පියවර ගනු ලැබීය. අනෙකුත් අපරාධද අඩු වැඩි වශයෙන් සිදු වුණද, සමස්තයක් වශයෙන් ගත් කළ ඔවුන් යුරෝපයේ අනෙක් නගරවසීන්ට වඩා මදක් ඉදිරියෙන් සිටියහ.
මේ පවුකාර ජනතාව අතරට වන් දේව දූතියක්ද වූවාය. ඒ, පල්ලිය අසල කන්‍යාරාමයේ විසූ ප්‍රධාන කන්‍යා සොයුරිය වූ මේරි තෙරේසා කන්‍යා සොයුරියයි. කුඩා කල සිටම දැහැමි දරුවෙකුගේ ලක්ෂණ පෙන්නුම් කළ ඈ, තුරුණුවියට වන් කල්හී ස්ව කැමැත්තෙන්ම කන්‍යා සොයුරියක් බවට පත්වුණාය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය දැහැමි භක්තිමත් කාන්තාවක් වූවාය. ඇය අතින් කෙරුණ කිසිඳු පවක් හෝ නපුරු ක්‍රියාවක් පිළිබඳ ඇසූ බවට කිසිඳු නගර වාසියෙකුට මතක නොමැත. ඇය පිළිබඳව දනන් තුඩ තුඩ රැව් පිළිරැව් දුන්නේ හොඳක්ම මිස නරකක්නම් නොවුණේය. මේරි තෙරේසා කන්‍යා සොයුරිය කිසිදා කිසිඳු හේතුවක් නිසා මුසා බස් නොදොඩන්නියක වශයෙන් ඉතා විශාල කීර්තියක් නගර වාසීහු අතර ලබා තිබුණාය. මේ සම්බන්ධයෙන් ඇය සතු වූ කීර්තිය පල්ලියෙ පියතුමාවද අභිබවා යන්නකි.ඇය රහසින්වත් පවු නොකළාය.
එයට අමතරව මේරි තෙරේසා කන්‍යා සොයුරිය කරුණාවන්තකම පිළිබඳවද ඉමහත් කීර්තියක් ඉසුලුවාය. නගර වාසින් විසින් මහ මග හෝ අගු-පිල්වල දමා යන අසරණ ළදරුවන් ඇති දැඩි කිරීම උදෙසා ඇයගේ ප්‍රධානත්වයෙන් ඉඳිවූ ළමා නිවාසය එයට හොඳ නිදර්ශනයකි. මුලින් මුලින් නගරවාසීන් වෙතින් ඒ සඳහා දැඩි විරෝධයක් එල්ල වූ නමුදු "මෙලොවට බිහිවන සියලුම දරුවන් දෙවියන්වහන්සේගේ ත්‍යාගයන්" යැයි කියමින් ඇයගේ ස්ථාවරයෙහි පසු වීම තුළින්ම ඇය නගරවාසීන්ව මෙල්ල කරනු ලැබුවාය.
ඉරිදා දිනය නගරවාසීන්ට ප්‍රීතිමත් දිනයකි. දිව්‍ය පූජාවෙන් පසු පැවැත්වෙන අධිකරණ සභා වාරය හා එයින් පසු චූදිතයන්ට දඩුවම් දීමේ වාරය, අහිංසක, අවංක නගරවාසීන් හට ඉමහත් විනෝදය ගෙන දෙන්නක් විය. තමනට සිදුවන තෙක් සියලුම ව්‍යසනයන් රස විදීමෙහි ගූඨ මිනිස් ස්වභාවය නිසාම මෙම අහිංසක මිනිසුන් හොරෙක්, වංචා කරුවෙක්, මිනී මරුවෙක් එල්ලා මරන විට ප්‍රීතියෙන් අත්පුඩි නොගැසූවද සිත යටින් රහසින් එහි ආනන්දය උපරිමයෙන් ලැබීමට පුරුදුව සිටියහ. එයින් ප්‍රමුදිතව, එහෙත් සිතෙහි පවත්නා සැබෑ හැඟීමට හාත්පසින්ම විරුද්ධ හැඟීමක් මුහුණෙන් පෙන්වමින් ඔවුන් නිවෙස් බලා ගියහ. දැඩි අදහස් ඇත්තෙකු වූ නගරයෙහි අග්‍රවිනිශ්චකාරතුමාද සෑම ඉරිදා දිනකම අඩුම වශයෙන් එක් අයකු හෝ එල්ලා නගරවාසීන් ප්‍රීති ප්‍රමෝදයෙහි ගිල්ලවීමට වග බලා ගත්තේය.
දැන් ඔබට කොන්ටෙයාන්ස් නගරය, එහි වාසීන්, ඔවුන්ගේ විශ්වාසයන් හා සිරිත් විරිත් පිළිබඳව දළ අදහසක් ඇතැයි මම සිතමි. එය ප්‍රස්තුත කතාව කියවා තේරුම් ගැනීමට සෑහේ.
ඒ ඉරිදා, මේරි තෙරේසා කන්‍යා සොයුරියට අකරතැබ්බයක් සිදුවිය. ඇයව නඩුවක සාක්ෂිය වෙනුවෙන් අධිකරණය ඉදිරියට කැඳවනු ලැබුවේය. අධිකරණයට හා එහි ක්‍රියාන්විතයන්හට සම්පුර්ණයෙන්ම ආගන්තුක තැනැත්තියකු වූ ඇය, මෙම කැඳවීමත් සමඟම මදක් වෙව්ලා සිටියාය. පසු ගිය සතියේ දිනෙක පල්ලියෙහි පූප දමන රත්‍රන් මංජුසාව හොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට නගරයට අලුතින් පැමිණි වැන්දඹු ස්ත්‍රීයක් වූ ක්‍රිස්තියානාව බාලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි. සොරකම් සිදුවන අවස්ථාවෙහි මංජුසාව සොරාගත් හෙර විසින් පල්ලියෙහි ප්‍රධාන ශාලාව මැදින් දිව ගොස් ඇති අතර මේරි තෙරේසා කන්‍යා සොයුරිය එම අවස්ථාවෙහි එහි යාඥා කරමින් සිටි බවට සිද්ධිය ඇසින් දුටූවන් පවසා තිබුණි. ඒ අනුව කන්‍යා සොයුරිය විසින් අදාළ ස්ත්‍රියව හඳුනා ගන්නට ඇතැයි යන අනුමානය ඔස්සේ ඇයව උසාවියට කැඳවා තිබුණි.
ඇය උසාවිය මැදින් සාක්ෂි කූඩුව වෙත හිස බිමට නැබුරු කරගෙන පිය නගනා විට මුළු උසාවියම ඇල්පෙනෙත්තක් බිම වැටෙනා තරම් ශබ්දයක් උවද ඇසෙනා ආකාරයේ නිහඬතාවයක් ඉසිලීය. විනිසුරු තුමා ඇතුළු සියලු දෙනම ඇයට ගරු කරනු වස් නැගී සිටියහ. ඒ, ඇය සිය සත්‍යගරුකභාවය හා කරුණාවන්තබව ඇසුරෙන් ගොඩනගාගත් ධනය වේ. සාක්ෂි කූඩුවට නැගී ඉදිරිය බැලූ කන්‍යා සොයුරියට සම්පූර්ණ කලු අවරණයකින් හිස වැසූ ස්ත්‍රීයක් විත්ති කූඩුවෙහි සිටගෙන සිටිනාකාරය දිස් විය.
නිශ්ශබ්දතාවය බිඳිමින් ප්‍රධාන විනිසුරු තැන විසින් කන්‍යා සොයුරිය ඇමතීය.
"ගරු කන්‍යා සොයුරිය, මෙතැනට ඔබව කැඳවා ඔබට සිදුකළ හිරිහැරය සම්බන්ධයෙන් මුලින්ම මම ඔබෙන් උදක්ම සමාව ඉල්ලා සිටීමට කැමතියි. නමුත් සාධාරණ විනිශ්චයක් උදෙසා ප්‍රබල සාක්ෂිකාරියක් වශයෙන් අපිට ඔබ මෙහි නොකැඳවා සිටීමට කිසිම හැකියාවක් තිබුණේ නෑ. ඔබ තත්ත්වය තේරුම් ගනු ඇතයි අප අපේක්ෂා කරනවා. නැවතත් මම ඔබෙන් මේ හිරිහැරය පිළිබඳව මේ ගරු අධිකරණය වෙනුවෙන්ම සමාව ඉල්ලා සිටිමට කැමතියි." මෙහිදී කන්‍යා සොයුරිය විසින් එය තමන්ට කරදරයක් නොවේයැයි දක්වන ආකාරයේ මද සිනාවක් දක්වා සිටියාය.
"සමහර විට ඔබ දැනටමත් දන්නා පරිදි ගිය සතියේ පල්ලියෙහි සොරකමක් සිදුවී තිබෙනවා. ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, මිනිසුන් ලුහුබඳින විට අදාළ හෙර රත්‍රන් මංජුසාව රැගෙන පලා ගොස් ඇත්තේ පල්ලියෙහි ප්‍රධාන ශාලාව මැද්දෙන්. එවිට ඔබ එහි යාඥා කරමින් සිටි නිසා ඔබ ඇයව හොඳින්ම දුටුවා වන්නට ඇතැයි ඔවුන් අනුමාන කරනවා. ඊට දිනකට පස්සෙ අපි මෙහි සිටින සැකකාරියව සැකපිට අත් අඩංගුවට ගනු ලැබුවා. දැනටමත් ඇයට එරෙහිව සාක්ෂි දෙන අයවලුන් සිටිනවා. නමුත් ඒ සාක්ෂි විශ්වාසයෙන් තොරයි. ඔවුන් පරස්පර ප්‍රකාශ නිකුත් කරනවා."
"ඔබගේ සත්‍යගරුකභාවය මේ නගරයෙහිම ප්‍රචලිත දෙයක්. ඒ පිළිබඳව මේ ගරු සභාවෙහි සිටින කිසිවකුටත් අබමල් රේණුවක තරම්වත් සැකයක් නෑ. එමනිසාම මේ ගරු අධිකරණයෙහි පැවති චාරිත්‍රයෙහි යම් වෙනසක් ඔබ වෙනුවෙන් කිරීමට මා සූදානම්. එය ඔබේ සත්‍යගරුකභාවයට කරණ ගෞරවයක් හා මෙම සුපුරුදු චාරිත්‍රය පිළිපැද්දොත් ඒක ඔබේ සත්‍යගරුකභාවයට කරණ අගෞරවයක් හා එය අවිශ්වාස කිරීමක්. සාමාන්‍ය සාක්ෂිකරුවන් කරනා පරිදි ඔබ බයිබලයෙහි අත තබා පවසන දෑ සත්‍යයැයි දිව්රිය යුතු නොවේ. මම ඔබව එයින් නිදහස් කරනවා." කන්‍යා සොයුරිය නැවතත් උපේක්ෂා සහගත මද සිනාවක් නැගීය.
"ගරු කන්‍යා සොයුරිය, මම එසේනම් කාරණයට යොමු වෙනවා. එදා ඔබ ඒ හෙර දුටුවාද ? ඔබ ඈ හඳුනනවාද ? "
"ඔව් මම ඈ දුටුවා. එහෙත් මම ඈ හඳුනන බවක් මට මතක නෑ. "
"ඔබට ඇයව නැවත දුටුවොත් අඳුනා ගත හැකිද ?"
"ඔව් මට පුළුවනි."
"එසේනම් අප මෙහි සිටින සැකකාර ස්ත්‍රියගේ මුහුණු ආවරණය ඉවත් කරනවා. බලන්න මේ එදා පල්ලියෙහි ප්‍රධාන ශාලව මැදින් මංජුසාව රැගෙන පලා ගිය හෙරමද කියා. ඔය ස්ත්‍රියගේ මුහුණු ආවරණය ඉවත් කරනු ! "
ආවරණය ඉවත් කෙරිණි. සැකකාරියව හඳුනා ගැනීම උදෙසා කන්‍යා සොයුරිය උනන්දුවෙන් දෑස් අයා ඈ දෙස බැලුවාය. එවිට නෙත් සතරක් එකිනෙක ගැටුණි. තත්පරයකටත් අඩු කාලයක් තුළ නෙත් සතරම එකි නෙකට ප්‍රතිවිරුද්ධ සිතුවිලි දාමයන් හේතුකොටෙගෙන දීප්තියෙන් බැබලී විශාල වූහ. දෙනෙතක්, ක්ෂණික හඳුනාගැනීමක්, කාලයේ වැලිතලාවෙන් යටව අමතකව තිබූ අමිහිරි සිද්ධියක ක්ෂණික මතකයක්, ක්ෂණිකව පහළවු පළිගැනීමේ සිතුවිල්ලක් නිසා දීප්තිමත් වන විට අනෙක් දෙනෙත ක්ෂණික හඳුනා ගැනීමක්, ඒ ඔස්සේ ඇතිවූ නව බලාපොරොත්තුවක සේයාවක් හේතු කොටගෙන දීප්තිමත් වූහ.
ක්‍රිස්තියානාගේ සිත, ඇතිවූ නව බලාපොරොත්තුව හේතු ගොටගෙන ප්‍රහර්ෂයෙන් පිම්බී යද්දී, මේරි තෙරේසා කන්‍යා සොයුරිය මානසික ඝට්ටනයකට මැදි වූවාය. දුෂ්ටත්වය, කාරුණිකබව, සත්‍යගරුකභාවය, නැවත කිසිදා නොලැබෙන අපූරු අවස්ථාව, පළිගැනීමේ දුෂ්ට චේතනාව, සමාජයේ තමනට ඇති ප්‍රතිරූපය, දෙවියන් වෙත ඇති බිය ආදී එකිනෙකට පරස් පර සිතුවිලි දාමයක එකෙල මෙකල වෙමින්, විශාල මානසික අරගලයක නිරතව අතීරණව එක් නිමේෂයක් පසු වූවාය. මේ මොහොතේ ඇයගේ මනසට සම කළ හැකි කිසිවක් මෙලොවෙහි නොමැත. එය සමාන කළ හැක්කේ දුෂ්ටත්වය හා සභ්‍යත්වය අතර දෝලනය වන තවත් එවැනිම වූ මනසකටම පමණී. ඒ අතර සිහිනයකින් මෙන් ප්‍රධාන විනිසුරුගේ කටහඬ ද ඇයට ඇසුණි.
" ගරු කන්‍යා සොයුරිය, ඔව් අපිට කියන්න ඔබට මැය හඳුනා ගත හැකිද ? එදා පල්ලිය මැදින් දිව ගියේ මැයද ? "
මේරි තෙරේසා කන්‍යා සොයුරිය පාෂාණිභූතව එක එල්ලේ ක්‍රිස්තියානා දෙස බලා සිටියා මිස පිළිවදන් නොදුන්නාය. ක්‍රිස්තියානාගේ හදවත කල්පයක් තරම් දිගුවූ මේ නිමේෂයේදී වේගයෙන් ගැහෙමින් තිබුණි. කන්‍යා සොයුරියගේ මුවින් නික්මෙන වදන මත තම ජීවිතයෙහි ඉදිරිය තීරණයවන බව ඈ හොඳින් දැන සිටියාය. කොන්ටෙයාන්හීදී පූජනීය දෑ සොරකම් කිරීමට එරෙහිව ලැබෙන දඬුවම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වන්නකි. නගරයට ළඟදී පැමිණියා වුවද ඇය මේ පිළිබඳ දැනුවත්ව සිටියාය. මේ දක්වා තමන්ට එරෙහිව ඇති සාක්ෂි ප්‍රබල බැවින් ඈ ජීවිත ආශාව අත්හැර සිටියාය. අත්හැර තිබූ ජීවිත ආශාව කන්‍යා සොයුරිය දුටු මොහොතේ සිට නැවත දළුලා වැඩෙමින් තිබුණි.පියාත් නොමැති සිය දරු දෙදෙනා ඇයගේ දෑස් ඉදිරියෙහි මැවී පෙනුණි.
"ඔව් මම එහෙම කියනවා. කවුද දන්නෙ ? මම විතරයි. කවුරුවත් මම කියන එක විශ්වාස කරනවා මිස වෙන මුකුත් පිළිගන්නෙ නෑ. මම මේක රහසක් වශයෙන් තියාගත්තාම ඉවරනෙ. ඒත් එහෙම කරන එක හරිද ? ඒක අපරාධයක්. මේ වෙනකම් මම ගොඩ නගපු සියල්ල විනාශවෙලා යනවා එතකොට. .........." ඔව්, ගරු කන්‍යා සොයුරිය මේ ගරු අධිකරණය ඔබගේ පිළිතුර බලාපොරොත්තුවෙන් ඉන්නව...." .........මම වැඩකට නැති ගැහැනියක් වෙනවා ඊට පස්සෙ. දෙවියන් වහන්සේ මට ශාප කරාවි. මාව සදාකාලික නරකාදියට දමාවි. ඒත් මේක හොඳ අවස්ථාවක්. කිසිදා නොලැබෙන අපූරු අවස්ථාවක්. ඔව් මම ඒක තමා කරන්න ඕනා."
" ගරු කන්‍යා සොයුරිය.. අප ඔබගේ........ "
"ඔව්.. නෑ.. නෑ ඔව්, මේ ඇය තමා..." දුෂ්ටත්වය, සභ්‍යත්වය පරයා නැගී සිටියේය.
කන්‍යා සොයුරියගේ මුවින් ගිලිහුණ වදන් ක්‍රිස්තියානාට අදහා ගත නොහැකි විය. එක් වරම හෙණයක් පතිතවූවා වැනිය.
"අයියෝ සිස්ටර්.. අයියෝ සිස්ටර් ඇයි මේ ඔබ බොරු කියන්නෙ..?? ඔබ හොඳටම දන්නවා ඒ මම නොවන බව... අයියෝ සිස්ටර් ඔබට මාව හඳුනගන්න බැරිද ?" හයියෝ දෙවියන් වහන්ස මට පිහිට වන්න. මම කිසි දෙයක් හොරකම් කළේ නෑ.. අයියෝ අනේ මගේ අසරණ දරු දෙදෙනා.." යි කියමින් ක්‍රිස්තියානා විසින් සිය පපුවට ගසා ගනිමින් මුළු අධිකරණය දෙවනත් වන සේ විලාප තැබීය. ඒ මැදින් ඇසුණ, ක්‍රිස්තියානාට නිහඬවන ලෙස කරන තර්ජනය කිරීම්, සාප කිරීම් අතරින්, අගවිනිසුරුවරයා විසින් ක්‍රිස්තියානාව ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා තැබීමේ නියෝගය නිකුත් කොට අදාළ ලියවිල්ලට අත්සන් තැබීය.
නියෝගය ශ්‍රවණය වූ වහාම කන්‍යා සොයුරියගේ හැසිරීමෙහි ප්‍රබල වෙනසක් වූ අතර කුමක්දෝ පැවසීමට වෙර දරනු පෙනිණ. ඒ සමඟම කන්‍යා සොයුරිය සිහි මුර්ජාවී ඇද වැටුණාය.
පැයකින් පමණ සිහිය ලබා දෑස් අරින විට දුෂ්ටත්වයේ යක්ෂයා ඈ වෙතින් පලාගොස් තිබුණි. සිදුවූ සියල්ල සිහියට නැගෙන විට මේරි තේරේසා කන්‍යා සොයුරිය උමතු බවේ ආසන්නයටම පැමිණියාය.
" ඒ ඇය නෙමේ.. ඒ ඇය නෙමේ.. කෝ ඇය? කෝ ඇය?" යි කියමින් වහා නැගී සිටි ඈ අවට සිසාර බලන්නට වූවාය. ඒ වන විටත් වැඩි පිරිසකට අභ්‍යන්තර ගූඨ නිහඬ විනෝදය සපයමින් ක්‍රිස්තියානාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර කඹයෙකින් එල්ලෙමින් තිබුණි. ඉන් මොහොතකට පසු කන්‍යා සොයුරිය උමතු වෙසින් පල්ලියේ පිය තුමා වෙත දුවයමින් සිටිනු දක්නා ලදී.
"අයියෝ ෆාදර් මම මහා පවුකාරියක්, මම මහා අපරාධයක් කළා. දෙවියන් වහන්සේගෙන් මට කවදාවත් සමාව ලැබෙන එකක් නෑ."
"කලබල නොවී මොකද වුණේ කියන්න සිස්ටර්"
"මම බොරුවක් කිව්වා ෆාදර්. ඒකෙන් ඇතිවෙන ප්‍රතිඵලය ගැන අවබෝධයකින් තොරව මම බොරුවක් කියුවා ෆාදර්. දැන් මම බොරුකාරියක් විතරක් නෙමේ ෆාදර්, මිනීමරුවෙක්."
"ඔබ කළ පාපය ගැන ඔබ මුලු හදවතින්ම පසු තැවෙනවානම් ඔබට දෙවින්ගේ සමාව ලැබෙවි සිස්ටර්."
"නැහැ ෆාදර් මට කවදාවත් සමාව ලැබෙන එකක් නෑ. මම හිතාමතාම බොරුවක් කිව්ව. අයියෝ මම මේ කරපු අපරාධය මොකක්ද ? " යි කියමින් ඇය පල්ලිය දෙසට දිවයාමට සැරසෙන විටම පියතුමා විසින් ඈ ඇමතීය.
"සිහි එළවා ගන්න සිස්ටර්. දැන් සිදුවූ දේ සිදුවී අවසානයි. ඊළඟට කළ යුතු දේයි අප සොයා බැලිය යුත්තේ. එයට පියවි සිහියෙන් සිටීම අත්‍යවශ්‍යයි." මෙයින් කන්‍යා සොයුරියගේ කලබල ගතිය මදක් සන්සිඳුණි.
" මට ඔබෙන් යමක් අහන්න අවසරද ?" ඈ නිහඬව විමතිය සහිත දෑසින් පියතුමා දෙස බලා සිටියය. එය අනුමැතිය ලෙස සැලකූ පියතුමා සිය පැනය යොමු කළේය.
"මට දැන ගන්න පුළුවන්ද ඔබ ඇයි කවදාවත් නැතුව බොරුවක් කිව්වෙ කියලා?"
මොහොතක් නිහඬව, කල්පනාබරිතව සිටි කන්‍යා සොයුරිය කඳුළු අතරින් සිය හඬ අවදි කළාය. "එයා පොඩි කාලෙ දවසක් මට පිරිසක් ඉදිරියේදී කම්මුලට ගැහුවා. ඊට පස්සෙ මගෙ මුලු ගවුමම ඉරලා මාව ලැජ්ජාවට පත්කළා. අයියෝ මට ඒ කාලකණ්ණි සිද්ධිය ඒ මොහොතෙදි මතක් වුණා ෆාදර්, මට ඒක මතක් වුණා. හයියෝ මම මහා පවුකාරියක්... මම මහා පවුකාරියක්" යි කෑ ගසමින් ඈ දෙවියන්ගේ පිළිසරණ සොයා උමතුවෙන් මෙන් පල්ලිය දෙසට දිව යනු පිය තුමා බලා සිටියේ බොහෝ හැඟීම බර මුහුණකිනි. එහෙත් එම මොහොතේම ඔහුගේ හදවතෙහි එක් අඳුරු මුල්ලක ඔහුටද තේරුම් ගත නොහැකි, දෙවියන් වහන්සේට පමණක් තේරුම්ගත හැකි, සතුටත්, නොසතුටත් අතර හැඟීමක් තිබුණි.
~~නිමි~~
ලියුවේ:
සෙන්නා / 20.12.2013
http://kurundha.blogspot.com/2013/12/blog-post_20.html
විශිෂ්ඨ නිර්මාණයක් සෙන්නා...මේ ගැන මගේ අදහස හෙමීට ලියන්නම් ....
ReplyDeleteසෙන්නට මතකද මම දේශගේ කම්බි පෝස්ට් එකට දාපු කමෙන්ට් ටික ..? සෙන්නා හිතන්නේ ඒවා කොහෙන් කඩන් පාත් වෙච්චා කියලද ? දරුණු විදිහට අගතියට පත් වුණාම පළි ගැනීමේ ගින්නෙන් දැවෙනවා සෙන්නා. ඒ ගින්න වළක්වන්න බැහැ. විටෙක ඒ ගින්න තමන්ටම දරා ගන්න බැහැ. යමෙක් පළි ගැනීමේ ගින්නෙන් දැවේ නම් ( ලෞකික ) ධ්‍යානයක් උපදවා සිටියත් ඔහුට සිහිලසක් ලබන්න බැහැ.
Deleteඅවස්ථාව පැමිණි විගස ඔහු ක්‍රියාත්මක වෙනවා උපරිම බලයෙන් යුතුව. ලේ දකින්න දකින්න තව තවත් ගින්න පැතිරෙනවා මිසක් නිවෙන්නේ නැහැ. ඔබේ ජීවිතය විනාශ කළ අයගේ පණ අදින සිරුර සමග විනෝද වෙන්න ඔබට පුලුවන්ද සෙන්නා ? ඔහු ජීවිතය ඉල්ලා යදින විට ඔබට මතක් වෙන්නේ මොකක්ද ? සිනමා පටයක් ලෙස එකින් එක සිදුවීම් ඔබ ඉදිරියේ පෙළ ගැසේවි. ඔබේ වෛරයේ ගිණි දැල් නගීවි.
මාරාවේශ වී ඔබ ඔහු වෙත හැරේවි. ඔහුට ගැළවුමක් නොලැබේවි. බියෙන් ගැහෙමින් ප්‍රාණය යදින හා පැටියෙක් ඔබ දැක තිබේද ? නෑ ... නෑ .....! ඒ ඉන්නේ හා පැටියෙක් නෙවේ. ඔබේ මුළු ජීවිතයම විනාශ කළ යක්ෂයායි මේ ඉන්නේ. ඔහුට ගැළවෙන්න දෙන්න එපා. විනාශ කරන්න . විනාශ කරන්න. බල නහරක් කපා ලේ බිඳුවෙන් බිඳුව ඉවත් වන්නට ඉඩ හරින්න. උගුරු දණ්ඩ ඇඟිලි දෙකෙන් පොඩි කර හුස්ම ගැනීම අපහසු කරන්න. ටිකෙන් ටික මැරෙන්නට ඉඩ හරින්න. ඔහුට ඇති තරම් කාලය දෙන්න. ඔබ හැකි තරම් විනෝද වන්න. . . ඔබේ ගින්න නිවී යාවි !
සහන්,
Deleteලිපියට බොහොම ගැලපෙන කමෙන්ට් එකක් මේක. මට කතාවෙන් කියනන් අවශ්‍ය ටික සහන්ගෙ කමෙන්ට් එකෙන් අපූරුවට සාරංශ ගත වෙලා තියනවා. ඇත්ත සහන්, මිනිසා කියන්නෙ ස්ව්භාවයෙන්ම දුශ්ටත්වයත් සමඟම ඉපදෙන සතෙක්. සදාචාරයේ, සභ්‍යත්වයේ සලු පිළි වලින් ඒ දුශ්ටත්වය වහගෙන ඉන්නෙ. හැබැයි රහසින් පවක්, දුශ්ට කමක් කරන්න පුලුවන් කියලා තේරෙනවනම් මිනිස්සු ඒක කරන්න එච්චර පැකිලෙන්නෑ. ඒක පළිගැනීමක් අරභයානම් ඒ අවස්තාව භාවිතා කරන්න තියන සම්භාවිතාව බොහොම වැඩියි.. ඔය තමා මට හිතෙන හැටි. මට කතාවෙන් කියන්න ඕනා වුනේ ඔය කතාව තමා..
බොහොම ස්තූතියි මේ කමෙන්ට් එකට.
මිනිස් චෛතසික ස්වභාවය ගැන සරලව විස්තර කෙරෙන, එහෙත් ගැඹුරින් සිතාබැලියයුතු කරුණු රාශියක් ඇතුළත්, වටිනා වෘතාන්තයක්. අපේ ජාතක කතා සාහිත්‍යය මෙන්ම මෙවැනි කතා, ඒ ඒ ආගමික සංස්ථාවන් තුළ ස්ථාපනය කර තිබෙන්නේ, බැතිමතුන් තුළ කිසියන් ශික්ෂණයක් ඇතිකිරීම සඳහා ආදර්ශයක් ලබාදීමටයි.
ReplyDeleteඔබ නැවතත් පැරණි වේගයෙන් බ්ලොග් ලෝකයේ කටයුතු කිරීම ඉහලින්ම අගය කරන බවත් කියන්නට කැමතියි.
ස්තූතියි විචාරක මහතා. හැකි සෑම විටම හැකි දෙයක් ලියා පලකරන්න උත්සහා කරනවා..
Deleteවිශිශ්ට නිර්මාණයක් සෙන්නා !!!
ReplyDeleteපුද්ගලිකව මම යනු පෘතග්ජන මනුශ්‍යයෙක් !!
මිනිස් සිතිවිලි වලට නිර්වචනයක් දීම ඉතාම අපහසු කාර්‍යයක් බවයි මගේ හැඟීම..
අහේතුකව යම් පුද්ගලයෙක් හිරිහැර කරොත් හෝ පීඩාවට පත් කලොත් ඔහුට හිංසා කිරීමට අවංකවම පැකිලෙන්නේ නෑ !!!!!!
මන්ද ඔහු එය අනිවාර්‍යයෙන්ම නැවතත් කරනවාමයි !!
වැරදියි තමයි නමුත් එසේ නොමැතිවත් අමාරුයි සෙන්නා !!
" පවත්නා පරිසරයට අනුගත නොවන ශාක හා සත්ව ප්‍රජාව වඳවී යනවා !!! "
පත්තරේ, බොහොම ස්තූතියි බන් උබගේ අදහසටත්.. මිනිස් සිතිවිලි වලට නිර්වචනයක් දීම ඉතාම අපහසු කාර්‍යයක් තමා. මට හිතෙන්නෙ ඒක කරන්න බැරි වැඩක්..
Deleteහොඳ නිර්මාණයක් සෙන්නා,මම හිතාගෙන හිටියෙම පරිවර්තනයක් කියලයි.වචනයක් දෙකක් වැරදියි හදාගන්න
ReplyDeleteබොහොම ස්තූතියි හැලපෙ අයියා.. කරදරයක් නැත්නම් වැරදි වචන මොනාද කියලා පෙන්නලා දෙන්නකො. අනිවා හදනවා.
Deleteනිශ්ශබ්ද
Deleteබොහොම ස්තූතියි හැලපෙ අයියා. ඔන්න ඒක හැදුවා මම. තව මතක් වුනොත් කියන්න.
Deleteසෙන්නා.......මිනිස් හිත කියන්නේ මතක රාශියක ගබඩාවක්...කවුරු කොහොම කිව්වත් ඒ මතකයන් ඒ ගබඩාව තුල එහා මෙහා සැරිසරනවා. අවශ්‍ය වෙලාවට එලියට පනිනවා. කතාවට කියනවා තව කෙනෙකුගෙන් ලබපු උදව්වක්, උපකාරයක් සමහරුන්ට අමතකයි කියලා. ඒ බොරු සෙන්නා. මතකයේ තියෙනවා ,නමුත් එලියට ගන්න උවමනාවක් නැහැ. තමන්ට සිදුවු වැරද්දකට ලැබෙන පළවෙනි අවස්තාවෙන්ම වචණයකින් හෝ පලිගැනීම මිනිසුන්ගේ ස්වභාවයයි.
ReplyDeleteආසාවෙන් කියෙව්වා. පරිවර්තනයක් යැයි නොසිතන්නේ ඒ බව සඳහන් කර නැති නිසා. ටොප් වැඩක්.
අරූ, මමත් එකඟයි ඔබේ අදහසට. පලිගැනීමකට අවස්තාවක් ලැබුනොත් මිනිස්සු ඒක අතහරින්නෙ බොහොම කලාතුරකින් කියන එක තමා මගෙත් පුද්ගලික විශ්වාසය.
Deleteමේක පරිවර්තනයක් නෙමේ අරූ. හැබැයි ගොඩක් පරිවර්තනවල ආභාශය මේ කතාවෙ ඇති.
උපරිමයි.. විශිෂ්ඨයි.සෙන්නා. ආයෙත් වතාවක් නිදහසේ කියවන්න ඕන.
ReplyDeleteසුබ පතනවා ඔබේ දක්ෂතාවයට..
බොහොම ස්තූතියි පුංචි...
Deleteමට කල්පනා උනේ ඒ තරම් ශීලවන්ත කෙනෙක් එහෙම කලා නම් සාමාන්‍ය මිනිස්සු ගැන කුමන කතාද කියලා.
ReplyDeleteසෙන්නා මේ නිර්මාණයක්ද? පරිවර්තනයක්ද? අනුවර්තනයක්ද? (ඔන්න දන්න වචන ටික ඔක්කොම ලීවා හී හී )
මොනවා උණත් එක හුස්මට කියවාගෙන ගිය හැකි, ආදර්ශයක් දෙන, රසවත් කතාවක්!!!
මේ කතාවනම් මගේ ඔලුවෙ මැවිච්ච විකාරයක්.. හැබැයි හුඟක් පරිවර්තනවල අභාෂය අඩු වැඩි වශයෙන් මේකට කලවම් වෙලා ඇති.. උදාහරණයක් විදිහට මනුතාපයේ (Les Misérables) එන බොරු නොකියන කන්‍යා සොයුරිය. ආන්න ඒ වගේ ඒවා...
Deleteමටත් ඒක මතක් උනානෙ. එහෙම කෙනෙක් ඩාවින්සි කෝඩ් එකෙත් ඉන්නවනෙ.
Deleteපලිගැනීමේ ආශාව.... හ්ම්ම්...
ReplyDeleteඕක නං මහම දුකක් අප්ප... සමහර දේවල් කාලයත් එක්ක අමතක වෙලා තිබ්බත් එක වෙලාවකදි එකපාරටම හිතට එනව... තමන්ට දුකක් දුන්න කෙනෙක්ට වචනෙකින් හරි රිද්දන්න අවස්ථාව ලැබුනොත් ඒක කරන එක මාර හැඟීමක්.. එකපැත්තකින් සතුටුයි.. අනිත් පැත්තෙන් තමන් කළේ වැරුද්දක් බව දැනෙන නිසා දුකයි... බොහෝ වෙලාවට අපි කරන්නෙ ඔය හැඟීම් දෙකම හිනාවකිනුයි කඳුලකිනුයි වහලා දාන එක විතරයි.. එතනින් එහාටත් හිතුවොත් අපිටත් පිස්සු හැදිලා තමයි නවතින්නෙ...
මෙක මරු සෙන්නා...
බොහොම ස්තූතියි හිරූ...
Deleteඔය තමා ඔරිජිනල් මිනිහා...අපි හැමෝම අඩු වැඩි වශයෙන් ඔහොම තමා. ඔය තත්ත්වය අභිබවා යන්න පුළුවන් එහෙමත් කෙනෙක්ට විතරයි...
සෙන්නයියා සුපිරියි. මිනිස්සු තමුන්ගේ බලය පිළිගැනීම අයුතු ලෙස පාවිච්චි කරන අයුරු මොනවට පැහැදිලි වෙනවා.
ReplyDeleteස්තූතියි කෝරාලේ...ඒක හැමදාම වෙච්ච දේනෙ. අදත් ඔය වෙන්නෙ...
Deleteමේක අහල මම බෙහෙවින් කනස්සල්ලට පත් වුනා.මට ක්ෂනයෙන් මතක් වුනේ නීතියේ නාමයෙන් කළ අපරාධ නමින් ප්‍රින්ස් ගුනසේකර මහතා ලියූ පොතක්.ඇත්තටම මේ සිස්ටර් ගැන පමන ඉක්මවා විශ්වාසය තබමින් අධිකරනය මූලික වරදක් කර තිබෙනවා.මේ අද තිබෙන්නෙ එදා තිබුන යුරෝපයට වඩා කොයි තරම් වෙනස් යුරෝපයක්ද?නමුත් මේ දේවල් අරාබිය අප්‍රිකාව වගේ තැන්වල අදත් සිදු වෙනවා ඇති.ක්‍රිස්තියානාටත් මේක ඒ තරම් දෙයක් නෑ.මොකද එකළ ඒ පරපීඩක සමාජය ම්ලේච්ඡ තරමටම ශ්‍රද්ධාබරයි.ක්‍රිස්තියානා දෙවියන් ඉදිරියේ තමන් නිර්දෝෂී යයි සිතනවා.සිස්ටර් පාපොච්චාරනයෙන් පස්සෙ කොහොමත් සතුටින්.අර දරු දෙදෙනාට සමාජයෙන් හිංසා ලැබෙන්න ඇති.සුපුරුදු ලෙසින් නඩුකාරවරු ජනයාට ආතල් දෙමින් ෆුල් ආතල් එකේ ඉන්න ඇති.
ReplyDeleteයකා, බොහොම සතූතියි සවිස්තරාත්මක ප්‍රතිචාරයට. ඔව්, යුරෝපය අද තියන තැනට ඇවිත් තියෙන්නෙ මේ මං ඔස්සේ තමා. ඒක ඔවුන්ගේම කෘති වලින් මොනවට පෙන්වනවා..සිස්ටර්ට පාපෝච්චාරණයෙන් පස්සෙ සතුටින් ඉන්න ලැබෙයිද ? එයා බලාපොරොත්තුවුනේ තමන්ට කරපු වරදට සාපේක්ෂ පොඩි දඬුවමක් ක්‍රිස්තියානාට ලබා දෙන්නෙ. නමුත් වෙන්නෙ වෙන දෙයක්. ඒ සිස්ටර්ගෙ නීතිය පිළිබඳ තිබුනු නොදැනුවත්කම නිසා වෙන දෙයක්. පාපොච්චාරණයෙන් පස්සෙ සතුටින් ඉන්න පුළුවන් වෙයිද, බැරි වෙයිද කියන එක, ආගම, සදාචාරය හා සභ්‍යත්වය කෙතරම් දුරට සිස්ටර්ගෙ සිතතුල වැඩ කරනවද කියන එක මත වෙනස් වෙයි. අහිංසක දරු දෙන්නනම් කොහොමත් සමාජය ඉදිරියේ වරද කරුවන් වෙනවා හෙරගේ දරුවන් කියා.. අනිත් අය ගැන කිව්ව ටික එහෙම්මම තමා. අදටත් වෙන්නෙ ඔය ඕනා තරම්..
Deleteමම තුන්වන පාරට කියවපු ලිපියක් සෙන්න.
ReplyDeleteඉතාම ඉහලයි.
සහන්,පත්තරේ & අරූ ගේ කමෙන්ට් වලින් ලිපියට තවත් වටිනාකමක් ලැබිල.
බොහොම ස්තූතියි කෙන්ජි ඉහලින් අගය කළාට. ඒ ගැන සතුටුයි.
Deleteමට එක පාරටම මතකයට ආවේ "අපරාධය සහ දඬුවම". ඒ පොත ක්‍රිස්තියානි සමාජයක ලියවුනත්, බෞද්ධ දර්ශනයේ සටහන් කරුණු බොහොමයක් තිබුණා. මේකත් එහෙමයි. විශිෂ්ඨ නිර්මාණයක් සෙන්නා. ඒක කුරුන්දේ හැමදාමත් තිබුණා.
ReplyDelete"අපරාධය සහ දඬුවම" මම ලයිබ්‍රියෙන් කිහිප වරකම් අතට අරන් ආපහු තියලා ආපු පොතක්. යුද්ධය හා සාමයත් ඒ වගේ. ඒ පොඩි කාලෙදි. දැන් ඔය පොත් දෙකම කියවිය යුතුම පොත් ලිස්ට් එකේ තියනවා. බොහොම ස්තූතියි සුදීක, අගය කිරීම ගැන. එය සතුටක් මෙන්ම ඉදිරි නිර්මාණයන්ට ධෛර්යයක්....
Delete//තමනට සිදුවන තෙක් සියලුම ව්‍යසනයන් රස විදීමෙහි ගූඨ මිනිස් ස්වභාවය නිසාම මෙම අහිංසක මිනිසුන් හොරෙක්, වංචා කරුවෙක්, මිනී මරුවෙක් එල්ලා මරන විට ප්‍රීතියෙන් අත්පුඩි නොගැසූවද සිත යටින් රහසින් එහි ආනන්දය උපරිමයෙන් ලැබීමට පුරුදුව සිටියහ. එයින් ප්‍රමුදිතව, එහෙත් සිතෙහි පවත්නා සැබෑ හැඟීමට හාත්පසින්ම විරුද්ධ හැඟීමක් මුහුණෙන් පෙන්වමින් ඔවුන් නිවෙස් බලා ගියහ. දැඩි අදහස් ඇත්තෙකු වූ නගරයෙහි අග්‍රවිනිශ්චකාරතුමාද සෑම ඉරිදා දිනකම අඩුම වශයෙන් එක් අයකු හෝ එල්ලා නගරවාසීන් ප්‍රීති ප්‍රමෝදයෙහි ගිල්ලවීමට වග බලා ගත්තේය.//
ReplyDeleteමෙන්න මේ කොටස ලියලා තියන පැහැදිලි බව සිත්ගත්තා. ඒ වගේම මම මේ කතාවේ දකින වැදගත්ම දේ තමයි, යම් යහගුණයක් පවත්වා ගැනීම කොච්චර අපහසුද වගේම, එසේ කරන්නාට යම් අතපසු වීමක් සිදු වූ විට කොතරම් පසුතැවීමක් ඇතිවෙනවාද යන්න. පළිගැනීමේ චේතනාවෙන් ලබන සතුට පැවතියේ කොච්චර කෙටි කලක්ද? තමන් කරපු වැරැද්දේ වේදනාව කොච්චර බලවත්ද?
මිනිස් සන්තානය ගුප්තයි. තමන් කෙතරම් යහපත්යැයි ලෝකයට පෙන්නුවත්, පෘතග්ජන පුද්ගලයා වෙලාව පැමිණි විට ක්‍රියාත්මක වෙනවා. ඒකට දොස් කියන්න බෑ ඒක තමා ස්ව්භාවය. යහපත් වෙන්න හදන කෙනෙක්ගෙ අතින් එහෙම වුනාම, පස්සෙ එයාට ඒක ලොකු වේදනාවක් තමා. ඔබ කිව්වා වගේ පලිගැනීමෙන් ලබන්න පුළුවන් මොහොතක සතුටක් විතරයි.. ඊට පස්සෙ දිගටම විඳවන්න වෙනවා. යහපත් කෙනෙක්ට ඒ වේදනාව වැඩියි.
Deleteබොහොම ස්තූතියි තිසර ඔබේ ප්‍රතිචාරයට.
සෙන්නා අයියේ,මමත් පෘතග්ජනයෙක් නමුත් සිස්ටර් කරපු දේ කරන්න නම් මට බැරි වේවි.සමහරක් විට ක්‍රිස්තියානාගේ දරු දෙන්නට සිස්ටර් පිහිට වේවි.නමුත් ඒ දරුවන්ට අම්මා වෙන්න නම් ඇයට හැකි වේවිද මන්ද...?
ReplyDeleteඅතිවිශිෂ්ඨයි බං සෙන්නයියේ මේක.
සිස්ටර්ගෙ කෝණයෙන් සිද්ධිය දිහා බැලුවොත් සමහර විට උඹත් එහෙම කරන්න පුළුවන් මලේ. අර ස්ත්‍රීය ළමයි දෙන්නෙක් ඉන්න වැන්දබුවක් කියලා නොදැන, වරදට නීතියෙන් ලැබෙන දඬුවම ගැන නිසි අවභෝදයක් නැතිව, පළිගැනීමත්, සාදාරණත්වයත් අතර ක්ශිණික තීරණයක් ගන්න වුනොත් අපි මොනවා කරයිද කියලා කවුද දන්නෙ ? ඒ වෙලාවට ගන්න තීරණය මෙලෝ යකෙකුට අනුමාන කරන්න බෑ කියන එකයි මගෙනම් හැඟීම. ඒක පළිගැනීම වෙනුවෙන් ගන්න තීරණය වෙන්න බොහොම ඉඩ තියනවා. මිනිස්සු ස්ව්භාවයෙන්ම දුශ්ටයි. රහසින් පවු කරන්න පුළුවන්නම් පැකිලෙනවා අඩුයි.
Deleteබොහොම ස්තූතියි ම්ලේ උඹට.
විශිෂ්ඨ නිර්මාණයක් සෙන්නා..
ReplyDeleteබොහොම ස්තූතියි හරී..
Deleteකිසිම මිනිසෙක් 100% නිවැරදිත් නෑ...100% අවංකත් නෑ...අඩු වැඩි වශයෙන් අපි හැම දෙනා තුලම තියෙන මේ නුගුණ ඉතා අඩු මට්ටමක පවත්වා ගන්නයි අපි වෑයම් කල යුත්තෙ .....කථාව ඉතා හොදින් රස වින්දා....
ReplyDeleteඒක ඇත්ත... ස්තූතියි සිරා...
Deleteමමත් හිතුවේ කියල ..මිනිස් සිතේ දෙවියන් සහ යක්ෂයා කියන දෙන්නම ඉන්නවා . එලියට එන්නේ යකාද දෙවියන්ද ඒ මොන මොහොතේද කියල කවුද දන්නේ . අපුරු නිර්මාණයක් සෙන්නා .
ReplyDeleteමමත් හිතුවෙ මොකක් කියලද ??? :D
Deleteස්තූතියි බින්දි. ඔන්න ඔය යකා එළියට එන වෙලාව ගැන පොඩ්ඩක් අවදානෙන් ඉන්න කියලා තමා මේ කතාවෙන් කියන්නෙ...
සෙන්නා ඔබ හරි අපූර්වී ඇතුළු සියලු කිතුණු බැතිමතුන්ට ප්‍රීතිමත් නත්තලක් මම ප්‍රාර්ථනා කරමි....!
ReplyDeleteබොහොම ස්තූතියි සහන්. ඔබටත් ප්‍රීතිමත් නත්තලක් හා සුබම සුබ නව වසරක් පතමි !
Deleteඅපූරු කතාවක් සෙන්නා ලස්සනට ගොතලා තියනවා..
ReplyDeleteඑක අතකට මිනිස්සු මේ වගේ අඩුපාඩු සහිත නිසා තමයි ලෝකේ ලස්සන වෙලා තියෙන්නේ කියලා මට හිතෙනවා..සමහර වෙලාවට මමත් මේ වගේම තීරණයක් ගනීවි මේ වගේ වටපිටාවක..
ස්තුතියි ගොඩක් ලස්සන කතාවක් තිළිණ කලාට..
ඇත්ත රූ, අපිට අපි ගැනවත් හරියට කියන්න බෑ නේද. ඔය වගේ වෙලාවකට මොන වගේ තීරණයක් ගනියිද කියලා. ඒකත් අපිට අනියමාර්තයෙන් කියන්න වෙලා තියෙන්නෙ. ඒක තමා මිනිස් ස්වභාවය.
Deleteබොහොම ස්තූතියි රූ....
මේක කියවලා ටික දවසක්. කමෙන්ට් කරන්න උනේ නෑ. සෙන්නා අමුතු අමුතු ඒවා ලියන්න පටන් අරගෙන. ඒකත් හොඳයි. කොහෙන් එන අයිඩියාස් ද මන්දා. අමුතුම ලස්සනක් තියනවා ලියවිල්ලේ
ReplyDeleteබොහොම ස්තූතියි සයුරි.. මේ ලඟකදි මගෙ ඔළුව වැදුනා බිත්තියක. එදා ඉඳන් මට මහ අමුතු දේවල් හිතෙනවා.. තව ඉස්සරහට මොන මොනා ලියවෙයිද දන්නෑ.. :D
Deleteසයුරි ඇතුලු පවුලේ සැමට ප්‍රීතිමත් නත්තලක් හා සුබම සුබ නව වසරක් වේවා !!
මමත්වය උපුටා දමනතාක් අන්‍යයන් තමන්ට ඒ කියන්නේ මට කල දේ කරන දේ කියන සිතිවිල්ල වැඩ කරනවාමයි. කොපමණ ශාන්තවුවත් කොපමණ දැහැමි වුවත් මමත්වය ඇති තාක් ඒ බව එසේමයි. මේ ඔබ කියන්නේ එයයි..
ReplyDeleteක්සැන්ඩර්,
Deleteබොහොම කාලෙකින් ! කොහොමද දැන් ? තාමත් අධික වැඩද ?
ඔබ කියන ටික හරි. මමය, මාගේය කියන සිතුවිල්ල තියන තාක් අපි හැමෝම ඔහොම තමා...
ක්සැන්ඩරේ මේ අවුරුද්දෙවත් පරණ විදියට එමුද??? දැකීමත් සතුටක්..
Deleteහිතවත් සෙන්නා ඇතුළු ඔබ සැමට ලැබුවාවූ නව වසර සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වන්නාවූ ශුභම ශුභ වසරක්ම වේවා යැයි පතනෙමි.
ReplyDeleteගමේ හිතවතෝ, උඹටත් පවුලේ සැමටත් එසේම වේවා !!!
Deleteයහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන, විනයගරුක ශිෂ්ඨසම්පන්න සමාජයක ජීවත්වීමට හැකි වටපිටාවක් සකස් වූ, අඟහිඟකම අඩුවූ, බොුරුව, පූච්චානම් කතා, රැවටීම් ආදිය අසන්නට, දකින්නට, විදින්නට නොලැබෙන හොද අවුරුද්දක් වේවායි පතමි...
ReplyDeleteඔබටත් එසේම වේවා දිනේශ්
Deleteඔබටත් එසේම වේවා නලින්
ReplyDeleteසුබ 2014ක් වේවා!
ReplyDeleteඔබටත් එසේම වේවා !!
Deleteපරිවර්තනයක් නොවේ කියා උඹ කියන නිසා මම ඒක පිළිගන්නවා. නමුත් මේක පරිවර්තනයක් කරන විලාශයෙන්මයි ලියවිලා තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ උඹට විශිෂ්ඨ ස්වනිර්මාණයක් කරන්න බෑ කියන එක හෙම නෙවෙයි, ඔන්න.
ReplyDeleteකවුරුත් කියලා තියෙනවා වගේ මේක නම් හරිම රසවත් කතාවක්. ඒ වගේම, මගේ හිට් ලිස්ට් එකේ ඉන්න පුද්ගලයිනුත් මට මතක් වුනා. :D
ලැබුවාවූ නව වසර උඹටත් උඹේ පවුලේ සියළු දෙනාටත් සාමය සතුට පිරි එකක්ම වේවා.
ඩූඩෙ,
Deleteආයෙත් පාළු දූපතට ඇවිල්ලා වගේ. නිවාඩුව ප්‍රීතියෙන් ගත කරන්න ඇති කියලා අපි හිතනවා.
ඇත්තෙන්ම මම උවමනවෙන්මයි එහම් කළේ ඩූඩ්. කොන්ටෙයාන්ස් කියන මනඃකල්පිත නගරය නිර්මාණය කළේත් ඒකටමයි. මොකද මේ කතාව අපේ පරිසරයෙන් ඉදිරිපත් කළොත් අසාර්තක වෙයි කියලා හිතුනා මට.
ඩූඩ් ඇතුලු පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා !
අහා, ඔබත් කතා කරුවෙක්. ඇත්තටම අපි හැමෝ තුලම හොඳ නරක දෙකම තියෙනවා. අපි ඉගෙන ගත්තු දේ වලින්, ආචාර ධර්ම ආගම , දහම, සංස්කෘතික සමාජ නීතී මගින් අපේ හිත් තුල නපුර අඩු වැඩි කරගෙන ඉන්නේ.. එහෙම නොවෙන කොට ඇතුලේ ඉන්න නපුරු සත්වයා අවදිවෙනවා. සමහරු යකෙක් වැහෙනවා කියා හඳුන්වන්නෙත් මෙයමයි කියා මතයක් තියෙනවා. කතාව අගෙයි.
ReplyDeleteඅනිත් කොන, සමාවෙන්න පිළිතුරු පමා වූවාට.
Deleteඔබට එහෙම හිතෙනවද ?
මගෙත් අදහස යකා වැහෙන්නෙ ඔහොමයි කියන එක තමා....
හොඳ නිර්මාණයක් සෙන්නා. නිමේෂයක් තුල අපි ගන්න තීරණයක්, මොකක් හෝ හේතුවක් නිසා ගන්න තීරණයක්
ReplyDeleteනිසා ආයේ කවදාවත් හදන්න බැරි විනාශයක් වෙන්න පුළුවන්.
//නිශ්ශබ්ධතාවය නිශ්ශබ්දතාවය// මේක එල්ල ගෙන පහලට අරන් ආව මං. මේ මොකක්ද කියල අහන්න හිතාගෙන. මගට එද්දී උත්තරේ හම්බ වුනා. :)
Deleteස්තූතියි චන්දන.
Deleteගන්න තීරණ ගැන් විශේෂයෙන් තීරණාත්මක අවස්තාවලදී ගන්න තීරණ ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕනා තමා.
වැරැද්ද හැදුවට ස්තූතිය හැලපෙ අයියාට.
මං කැලැන්ඩරේ අරන් බැලුවා ඇයි මට දෙසැම්බර 20 මිස් උනේ කියලා. හැක් එතකොට තමා මතක් උනේ මං නෑනේ හිටියේ කියලා. සෙන්නා අනිත් දවසසේ බං මෙහෙම එකක් දැම්මොත් මං නොදැක හිටියොත් දැක්ක තැනකදි කියහං..
ReplyDeleteමට මාර අපරාධයක් වෙන්නේ තව ඩිංගෙන්.. කියවන්න ආස හිතෙන එකක් සදාකාලිකව මිස් වෙලා යනවා.
හරි කතාවට එමු. උඹ මොන පොතේ තියෙන දේ හිතින් මවාගත්තත් මේ වේශය උඹේමයි. අඩු වැඩි නැතිව උඹත් ගෑවිලා ඇති මං කිව්වේ උඹේ සිතුවිලි. හරිම විශිස්ටයි බං කතාව.. කොහෙන්ද යකෝ මෙච්චර අයිඩියාර් එකක්.. ජය වේවා..
සෙන්නගේ බ්ලොග් රෝල ගැන මං දන්නෙත් අද බං.. ලැජ්ජයි තමා මොකක් කරන්නද ඉතිං..
ReplyDeleteසෙන්නා ටැස්ටින් වැඩ වලට පාවිච්චි කරපු බ්ලොග් එක මං හිතන්නේ ඒ. මාත් එහෙම නෙ. :)
Deleteඅදමයි මේ අහ ගොඩවැදුනෙ
ReplyDeleteමොනා වුණත් සෑහෙන්න හිතන්න දෙයක් ඉතුරු කරල කතාව ඉවර කරල තියෙනව... හොදට ගලපල ලස්සනට ලියල තියෙනව
මිනිස් හිත් කියන්නෙ කෝමත් එක සිදුවීමෙන් එක කතාවෙන් තේරුං ගන්න අමාරුයි... ඔබ ඒක විශිෂිට ලෙස ප්‍රතිනිර්මාණය කරල තියෙනව... ජයවේවා
ඕනෙම හොඳ මනුස්සයෙක්ගේ ඇතුලේ උනත් යක්ශයෙක් ඉන්න පුළුවන්... මනුස්සයෙක්ගේ හිත වැඩ කරන විදිහ ගැන කලින් අනාවැකි කියන්න බැරි ඒ නිසා වෙන්න ඕන.
ReplyDeleteඒ පාර කෝ මේ සෙන්නා..??
ReplyDeleteසෙන්නෝ... ලියන්නෙ නැද්දෝ...
ReplyDelete