Wednesday, March 12, 2014

අත්භූත අමුත්තා

2014 මැදින් මස 12වනදා

තිරිවානා පැහැති ගල් ජාතියකින් නෙලලා තිබුණු බුද්ධ රූපේ දකුණු පැත්තට වෙන්න තිබුණ සමරු ඵලකයේ වාක්‍ය පේළිය කියවන්න තමා මම උත්සහ කරමින් හිටියේ. කාගේදෝ අදහසකට අනුව, තව කෙනෙකුගේ ආරාධනයෙන්, තවත් කෙනෙකුගේ මැදිහත් වීමෙන්, තවත් කෙනෙකුගේ අධීක්ෂණයෙන් ඉදිවූ ගොඩනැගිල්ල තවත් කෙනෙකු අතින් විවෘත්ත වුණා කියලා කොටලා ඇති, ආයේ ඒකෙ සැකයක් නෑ. ආර්. ප්‍රේමදාස, බී සිරිසේන කුරේ, ජේ.ආර්. ජයවර්ධන කියනව වචන ලොකුවට කොටලා තිබුණ නිසා මම ඉන්න තැන ඉඳන් පහසුවෙන් කියව ගන්න පුළුවන් වුණාට අනිත් අය ගැන දැන ගන්න ඕනානම් ඉතින් ළඟටම යන්න වෙනවා. 

මම වාඩි වෙලා හිටියේ පබ් එක ඉස්සරහා තිබුණ ඕවලාකාර බැම්මේ පබ් එකේ ඉදිරි පසට මුහුණ දාලා. අසංක එනකම්. පබ් එකේ පාඩම් කරන එක පැෂන් එකක් වෙලා තිබුණ හින්දද කොහෙද අපිත් පබ් එකට ඇවිල්ලා පාඩම් කරන්න පුරුදු වෙලා හිටියේ ‍රැල්ලට ගහගෙන ගිය හින්දා මිසක් ගෙදර පාඩම් කරගන්න බැරිකමක් නිසා නෙමේ. නැත්නම් මුහුද අද්දර තිබුණු අපේ ගේ ගාව නිස්කලංකව පාඩම් කරන්න තැන් එමටයි. අසංක එනකම් මට වෙන කරන්න වැඩක් නොතිබුණ නිසා මම ළඟ තිබුණ බුදු පිළිමය දිහා බලාගෙන අනිමිසලෝචනයේ යෙදෙමින් ඉන්න කොට තමා පබ් එක හදවපු අයගේ විස්තරේ මගේ ඇහැ ගැ‍ටුණේ. හදවපු අය ගැන මිසක් හදපු අය ගැනනම් කිසිම සඳහනක් එහි තිබුණේ නෑ. මේ ලෝකේ කොහොමත් වැඩකරන මිනිහට වඩා වැඩ කරවන මිනිහගේ තමා නම යන්නේ. රුවන්වැලි මහ සෑය හැදුවෙත් දු‍ටු ගැමුණු රජ්ජුරුවෝ නෙමේනෙ. අනිත් ඔක්කොමත් ඔහොමම තමා.

කවුරු හරි අපි දිහා එක එල්ලේ බලා ඉන්නකොට, අපිට ඒ මනුස්සයා ඉන්න දිහා බලන්න හිතෙන ඒ අරුම පුදුම හැඟීම ඕගොල්ලොත් විඳලා ඇති නේද ? ඔන්න ඔය මොහොතෙම මට ඒ හැඟීම තදින්ම දැනුණ නිසා තමා මම බෙල්ල හරවලා වම් පැත්තෙන් පිටි පස්ස බැලුවේ. මම දිහා කන්න වගේ බලාගෙන මට ටිකක් එහායින් වාඩි වෙලා හිටපු මනුස්සයාව දැක්කම මාව එක පාරම ගැස්සුණා. මට එයා එනවා කියලා හාන්කවිසියක්වත් තේරුන්නෑනෙ !

බැලූ බැල්මට එයාට වයස අවුරුදු හතළිහකට කිට්‍ටු කරලා ඇති. කොණ්ඩේ කොටට කපලා, මොනවා හරි ජෙල් වගයක් ගාලා නීට් එකට පස්සට වෙන්න පීරලා තිබුණා. රැවුල ෆුල් ෂේව් කරලා. හරිම ප්‍රසන්න පෙනුමක් මම එයාගෙන් දැක්කේ. ඒ එක්කම මනුස්සයව කවදා හරි කොහේදී හරි මීට කලින් හම්බෙලා තියනවාය කියන හැඟීමත් මට ඒ වෙලේ තදින්ම දැනුණා. මම පොඩ්ඩක් කල්පනා කරේ කොහෙදිද මීට කලින් මෙයාව දැක්කේ කියලා මතක් කර ගන්න. ඒත් මට එහෙම මතකයක් සිහියට නගා ගන්න බැරි වුණා. 

එයා මාත් එක්ක හිනා වෙච්ච නිසා මමත් හිනාවකින් සංග්‍රහා කරන ගමන් සිරස් බැම්මට පිට දීලා හරි බරි ගැහිලා වාඩි වුණා.

"මොකද බුදු පිළිමෙ දිහා බලාගෙන කරන්නේ ? ගිහි ගෙය අතාරින්නද කල්පනාව ?"එයා මගෙන් ඇහුවේ හිනා වෙන ගමන්. මම ඒකටත් ලාවට හිනා වුණා මිසක් උත්තර දෙන්න ගියේ නෑ.

"පුතා සමන්ත නේද ?" මේ ප්‍රශ්නෙන් මම තවත් හොල්මන් වුණා. එයා කොහොමද මගේ නම දන්නේ කියන ප්‍රශ්නෙ නිකන්ම මට මතුවුණා.

"ඔයා කොහොමද දන්නේ? ඔයා කවුද?"

"මම දන්නවා, ඒත් ඒ කොහොමද කියලා අහන්න එපා." එහෙම කියපු ඔහු කට කොනකින් හිනා වුණා..

"අසංක එනකම් නේද ඉන්නේ ? පාඩම් කරන්න යන්න !" එළියට පනින්න ඔන්න මෙන්න තරමට ලොකු වුණ මගේ ඇස් ගෙඩි දෙකෙන් මම එයා දිහා කන්න වගේ බලන් හිටියේ "මොකෙක්ද මූ? " කියලා මගෙන්ම අහ ගන්න ගමන්.

"ඔයා කවුද ? කොහොමද මාව දන්නේ ?"

"මම කවුද කියලා පුතා දවසක දැන ගනියි." මම දිගටම පුදුමයෙන්. 

එයත් එක්ක කතා කරනකම්ම මම හිතෙන් උත්සහා කරේ මෙයා කවුද කියලා මතක් කරගන්න. මගේ නම, අසංකගේ නම, මම මෙතන ඉන්න හේතුව දන්න නිසා මෙයා මම ගැන හොඳින් දන්න කවුරුහරි වෙන්න ඕනා කියලා මම අනුමාන කළා. සමහර විට මම නොදන්න අපේ නෑයෙක් වෙන්නත් පුළුවන් ! සාමාන්‍යයෙන් මම අදුනන්නැති අය එක්ක එච්චර බජනෙකට යන්නේ නෑ. වචනෙන් දෙකෙන් උත්තර දීලා නිකන් ඉන්නවා. හැබැයි මෙයා එක්ක කතා කරන්නනම් මට කිසිම චකිතයක්වත්, අකමැත්තක්වත් තිබුණේ නෑ. බර වෙලා තිබුණ අහස දිහා බලලා "වහින්න වගේ නේද?"කියලා ආයේ පටන් ගත්තු අපේ කතාව අතරින් පතර නැවතෙමින්, විවිධ මාතෘකා ඔස්සේ ඇදිලා ගිහිල්ලා අන්තිමට වර්ෂාවසානයේ පැවැත්වීමට නියමිත අපේ විභාගේ දක්වාම ආවා. 

"හැබැයි පුතාට මේ අවුරුද්දේ විභාගේ කරන්නනම් වෙන්නේ නෑ." මේ පාරනම් පුදුමය වැඩි කමට මගේ කටත් ඇරුනා. ඒත් ඊලඟට මම ඒක විහිලුවක් හැටියට තමා සැලකුවේ.

"ඇයි ඒ !? ඔයා කොහොමද දන්නේ ? " 

"මම වැඩි විස්තර කියන්නේ නෑ. යම් හෙයකින් ඔයා වෙන්න තියනදේ වලක්වන්න හැදුවොත් ඒක ඉතාම නරක විදිහට අනාගතයට බලපාන්න පුළුවන්. කොහොමත් ඒකෙන් ඔයාට ලොකු හානියක් වෙන්නේ නෑ."

"මම යන්නම්, යාළුවා එනවා." අසංක ආපු හින්දා මම එයාගෙන් වෙන්වෙලා පබ් එක ඇතුළට යන්න අසංක එක්ක එකතු වුණා. තමන් කවුදැයි හඳුන්වා දීම දිගින් දිගටම මගහැරපු නිසා මම ආයෙ එයාගෙන් ඒ ගැන අහන්න ගියේ නෑ. 

"කවුද බන් ඒ ?"

"අනේ මංදා බන්, මහ අමුතු පොරක්. මිනිහා කියනවා මට මෙදාපාර විභාගේ කරන්න හම්බෙන්නෑල්ලු." ඒ මනුස්සයාව පිස්සෙක් කියලා හඳුන්වන්න තරම් මම ඉක්මන් වුණේ නෑ.මොකක් හරි නොතේරෙන හේතුවක් නිසා මම මේ මනුස්සයට ලොකු ලෙන්ගතු කමක් දක්වනවා. ඒ මොකද කියලා මටම හිතා ගන්න බෑ. 

"මිනිහා කොහොමද එහෙම කියන්නේ? එයා සාත්තර කාරයෙක්ද?"කොහෙද යන පිස්සෙක්ද කොහෙද !"

"අනේ මංදා බන් මටත් තේරෙන්නෑ."

"මම හිතුවේ උඹලෑ අයියා කෙනෙක් වෙන්නැති කියලා. මිනිහා ටිකක් උඹ වගේමයි." අසංක එහෙම කිව්වේ හිනා වෙවී.

"මොකාක් !! මම වගේ !??"  මාව ආපසු හැරුනේ ඉබේමයි. ඒ එයාව ආයෙත් දැකගන්න. ඒත් ඒ වෙනකොටත් එයා එතනින් අතුරුදහන් වෙලා.

එහෙනම් මම හිතුවා හරි. එයා අපේ නෑ කෙනෙක් වෙන්නෝනා. ඒත් එහෙනම් මම එයාව නොදන්නේ කොහොමද ?

විභාගය වෙනුවෙන් දිගින් දිගටම මහන්සි වෙච්ච නිසා, මේ සිද්ධිය මට එහෙම් පිටින්ම අමතක වෙලා ගියා. ඒත් නොවැම්බර් මාසේ අන්තිමදා වෙච්ච මෝටර් සයිකල් අනතුර නිසා ආයෙත් ඔහුව මතක් වුණේ මාසයක් එකහාමාරක් විතර යනකම් දකුණු අතෙන් වැඩක් ගන්න බැරිවෙනවා කියලා දැන ගත්තමයි. මේ වෙනකම් වෙච්ච මහන්සිය වතුරේ ! ඊට පස්සේ අසංකයි මමයි කවුද මේ මනුස්සයා කියලා වරු ගණන් කතා කරන්න ඇති. දවස් ගාණක් පබ් එක ඉස්සරහා මුර කළත් ආයෙ එයාවනම් දකින්න ලැබුණේ නෑ. මේ ලෝකේ අරුම පුදුම මිනිස්සු ඉන්නවා කියලා හිතහදා ගන්නවා ඇරෙන්න අපිට වෙන විකල්පයක් ඉතුරු වෙලා තිබුණේ නෑ. 

මාස කිහිපයක් ඔහොම්මම ගෙවිලා ගියා. දැන් මට තනියමම විභාග කඩුල්ල වෙනුවෙන් ලක ලෑස්ති වෙන්න වෙලා තියන නිසා පබ් උණ එහෙම හොඳ වෙලා තිබුණේ. ගේ ගාවම තිබුණ බීච් එකේ, හෙවණක් යට පොල් කොටන් හිටෝලා අටව ගත්තු තාවකාලික බංකු කෑල්ලකුයි, ඒ විදිහටම හදාගත්තු මේස කෑල්ලකුයි එක්ක මම ආයෙත් වැඩේට බැස්සා. පබ් එකට වැඩිය මේක බොහොම නිස්කලංකයි. යන්න එන්න යන වෙලාවයි, සල්ලියිත් ඉතුරුයි.

එදා මගේ අවධානය තදින්ම ගාණකට යොමු වෙලා තිබුණ වෙලාවෙ කවුදෝ මගේ පිටිපස්සේ ඉඳන් "පුතා කොහොමද ? පාඩම් කරනවා වගේ !" කියනවා ඇහිලයි මම පිටිපස්ස හැරිලා බැලුවේ. දෙවියනේ ! එයා !! ආයෙත් !! මගේ ඇස් ගෙඩි දෙක දොඩම් ගෙඩි දෙකක් විතර ලොකු වෙන්න ඇති මේ බලාපොරොත්තු නොවුන මේ හමුවීමෙන්.

"අපි ඔයාව කොච්චර හෙව්වද ? ඊට පස්සේ නිකන්වත් දකින්න ලැබුණේ නෑනෙ !?"

"මට ඊට පස්සේ එන්න බැරුව ගියා. ඉතින් කොහොමද?  ආයේ පාඩම් කරනවා වගේ !?" 

"ඒකනෙ ! අපි හිතුවේ ඒක විහිළුවක් කියලා. ඔයා කියපු එක එහෙම් පිටින්ම අමතක වෙලයි තිබුණේ මේ සිද්ධිය වෙනකම්ම. ඔයා ඇත්තටම කවුද? කොහොමද එහෙම අනාවැකියක් හරියටම කිව්වේ? 

"මට ඔයිට වැඩිය අනාවැකිත් කියන්න පුළුවන්. හරියටම හරි යන ඒවා. ඔයාට ඒක දැන ගන්න ලැබෙන දවසක් තියනවා පුතා. එතකන් ඉන්න. මම ඒ ගැන මොකුත්ම කියන්නෙ නෑ."

"එහෙනම් ඉතින් කියන්න පුළුවන් කියපු අනාවැකිවත් කියන්න."මම කිව්වේ හිනාවෙන ගමන්. හිනාවුණේ ඔහුට මම කියන දේ විහිළුවක් කියලා පෙන්වන්න. ඒත් ඇත්තටම අනාගතයේදී වෙන්නේ මොනවද කියලා දැනගන්න කාටත් තියන කුතුහලය මටත් අඩු නැතුවම තිබුණා.

ඒත් ඊට පස්සේ එයා අපේ පවුලේ විස්තරයි වෙන වෙන දේවලුයි පැත්තට කතාව අරගෙන ගියා. එයා එහෙම අනාවැකි කියන්න එච්චර මනාපයක් පෙන්නුවෙ නෑ කියලා තමා මට හිතුනේ. ඒත් මගේ කුතුහලය ඊට වැඩිය වැඩියි. ඒක නිසාම ඒ ගැන මම එයාට ආයෙත් මතක් කළා.

"හරි කියන්නම්, හැබැයි ඔයාගේ පුද්ගලික ජීවිතේ ගැන වෙන මුකුත්ම මම කියන්නේ නෑ. ඒක ඔයාට ලොකු මානසික වදයක් වෙයි. හෙට මොනවද වෙන්නෙ කියලා අද දැනගෙන ජීවත් වෙන එක විශාලා මානසික පීඩනයක්. ඒකයි අනාගතේ අපි හැමෝගෙන්ම වහලා තියෙන්නේ.

"එහෙනම් ඇයි එදා කියුවේ? මම විභාගෙට ලෑස්ති වෙන වෙලාවක වෙලත් !" මේ වෙලාවෙනම් මට ඔහු ගැන ටිකක් කේන්ති ගියා කියුවොත් වැරදි නෑ..

"ආහ් ඒක !, මට නිකමට හිතුණා ඔයාට මම ගැන පොඩි ඉඟියක් දෙන්න. අනික මම දැනගෙන හිටියා ඔයා ඒක විශ්වාස නොකර අමතක කරලා දාන බව. ඒත් දැන් තත්ත්වය වෙනස්. දැන් මම කියන හැම අකුරක්ම ඔයා විශ්වාස කරනවා."

"හරි මට තේරුණා. එහෙනම් ඉතින් ඔයාට කියන්න තියෙන්නෙ රටට ලෝකෙට වෙන්නෙ මොනාද කියලා තමා."

"ඔව්, මේ ටික අහගන්න. ඕනනම් කොහෙ හරි ලියා ගන්න. හැබයි කා එක්කවත් ඕවා කියන්න යන්න එපා. කවුරුවත් විශ්වාස කරන්නේනෑ. ඔයාට පිස්සු කියලා හිතනවා මිසක්. හරිද?" මම හා කියලා ඔළුව දෙපැත්තට වැනුවා.

"අනිත් එක මම වෙන අවුරුද්ද විතරයි කියන්නේ, දිනේ කියන්නෑ. ඔයා මොකක් හරි වෙනසක් කරන්න හැදුවොත් ඒක අනාගතේට දරුණු විදිහට බලපාන්න පුළුවන්. තේරුණාද? ඔයා මේවා නිකන් හිතේ තියා ගන්න. එච්චරයි. කොහොමත් වෙන්න තියනදේ වෙනවා." මම ආයෙත් ඔළුව වැනුවා.

"1993දී, ඒ කියන්නේ ලබන අවුරුද්දේ ජනාධිපතිවරයා මියයනවා. බෝම්බෙකට අහුවෙලා."

"නෑහ්...." ඒකට ඔහු නහයෙන් පිඹින ගමන් කට කොනකින් හිනා වුනා.

"නෑ නෙමේ ඔව්. බලාගෙන ඉන්නකෝ ඒකට තව වැඩිකාලයක් නෑනෙ."

" ඊට පස්සේ....1996දී ඕගොල්ලන්ට බොහොම සතු‍ටු වෙන්න පුළුවන් දෙයක් වෙනවා."

"නෑහ්!.. ඒ මොකක්ද?"

"ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනාගන්නවා."

"මොකාක් !! වෙන්න බෑ ! අපි කොහොමද ලෝක කුසලානයක් දිනන්නෙ ? වෙන්න බෑ. " මගේ වචන අහපු ඔහු හිනා වුණා. "හරි දැන් ඔයාට තේරෙනව නේද මේවා කාට හරි කියුවට කවුරුවත් පිළිගන්නේ නෑ කියලා. අත්දැකීමෙන් දන්න ඔයත් පිළිගන්නේ නැති කොට. හෙහ් හෙහ්.. අඩුම ගානේ ඔයාගෙ යාළුවටවත් කියන්න යන්න එපා."

"අනිත් එක තමා 2004දී මුහුද ගොඩ ගලලා විශාල විනාශයක් වෙනවා. දාස් ගාණක් මැරෙනවා එකෙන්."

"දෙවියනේ ! ඒ මොකද ඒ ? අඩුම ගානේ  ඒකවත් කාටවත් කියන්න එපාද ? වෙන්න තියන විනාශය වළක්වගන්නවත් ! "

"එපා. වෙන්න තියන දේවල් වෙන්නම ඕනා. ඒවා වෙනස් කරන්න හොඳ නෑ. ඒවා එහෙම වෙන්න හොඳ හේතු ඇති. අපි නොදන්නවා වුණාට."

"එතකොට මේ යුද්දෙට මොකද වෙන්නේ ? කවද්ද මේක ඉවර වෙන්නෙ? " 

"ආහ්.. ඒක මට අමතක වුණානෙ. ඔව්, යුද්දේ ඉවර වෙනවා. හැබැයි අද හෙට නෙමේ 2009දී. සෑහෙන විශාල කැපකිරීම්, විනාශවීම් ගොඩකට පස්සේ හමුදාව ත්‍රස්තවාදීන්ව පරාජය කරලා දිනනවා. ඒත්... "

"ඇත්තද ! ඒකනම් බොහොම සතුටට කාරණයක්. ඇයි ඒත් කියලා නැවැත්තුවේ?"

"යුද්දේ ඉවර වුණාට, ලංකාවට කරන්න වෙන යුද්ධයක් ඉතුරු වෙනවා. ඒ තමයි මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා වලට උත්තර හොයන්න වෙන එක. ඒක හරියට කළමනාකරණය කර නොගත්තොත් යුද්ධෙන් බැරි වෙච්ච ඊළම ඔවුන් ඒ මගින් දිනා ගැනීමේ අවදානමක් තියනවා."

"ඇත්තටම එහෙම මානව හිමිකම් කඩවීමක් වෙනවද ? "

"හෙහ් හෙහ්... මානව හිමිකම් ‍රැකගෙන කරන්න පුළුවන් හෝ කරපු යුද්දේ මොකක්ද පුතා !. යුද්දේ කියන වචනෙම ඒක අන්තරගත වෙලා තියනවා. ඒවා ඉතින් ලෝක බලවතුන් තම තමන්ට අවශ්‍යය විදිහට පරිහරණය කරනවා. කන්න ඕනා වුණාම කබරගොයාව තලගොයා කරගෙන කනවා. දුකට කාරණේ ලංකාවෙම මිනිස්සුත් ඒවට උල්පන්දම් දෙන එක තමා. "

"ඉතින් ඒකට මොකද වෙන්නේ කියලා ඔයාට කියන්න බැරිද ? "

"බෑ, ඒක මගේ දැනුමෙන් එහා තියන කාරණයක්."

ඒක වෙන්න ඇති මගේ ජීවිතේ විස්මිතම මිනිත්තු කිහිපය. ඒ වෙලාව අතරතුර මම නොකඩවාම පුදුමයට පත් වෙච්ච එක තමා වුණේ. අන්තිමට ඔහු මගෙන් සමුඅරගෙන වෙරළ දිගේ ඇවිදගෙන යන්න ගියා. ආයේ එන්නෙ කවදද කියලා ඇහුවම කියුවේ "කියන්න බෑ" කියල තමා. ඇත්තටම කවුද මේ මනුස්සයා ?

xxxxxxxx

ජීවිතයේ විවිධාකාරවූ හැලහැප්පීම් මැදින්, මා වැඩිහිටියකු බවට පත් කරමින් කාලය ගලා ගියේය. බිරිඳගේ අකාල මරණයත්, ඉන් ටික කළකට පසු සිදුවූ පියාගේ මරණයත් මා දරුණු කම්පනයකට ලක් කොට ජීවිත ආශාව නැති කෙරුවේ වුවද, ඔත්පලව සිටින මව රැකබලා ගැනීම උදෙසා මා හට ජීවත්වීමට සිදුවී තිබුණි.  ඒ අපූර්ව පුද්ගලයා, අත්භූත අමුත්තා, ඉන්පසු කෙදිනකවත් මා හට මුණ නොගැසුණි. එහෙත් ඔහුගේ අනාවැකි එකින් එක සත්‍යවන විට මා සිතෙහි ඔහු කෙරෙහි වූ ගෞරවය දිනෙන් දින දළුලා වැඩුණි. එම අනාවැකි කිසිවකුත් සමඟ පැවසීමෙන් වළකින ලෙස ඔහු කීවද මා හට එම පොරොන්දුව ඉ‍ටු කිරීමට නොහැකීවීමේ ප්‍රතිඵලයක් ලෙසින් මා විහිළුවට ලක්වූ වාරයන් අනන්ත වුවද ඒවා එලෙසින්ම ඉ‍ටු වූ විට මා හට හිනාවූ පුද්ගලයින් මා දෙස අමුතු සතෙකු දෙස බැලූ බවත් මතකය. එහෙත් සැවොම මෙන් ඒවා "කණා ෂොට්" ලෙසට සැලකූ බවට සැකයක් නොමැත.

අධ්‍යාපනයෙන් ඉහළටම ගිය මගේ අතිජාත මිත්‍රයා, අසංක, යුරෝපයේ පිළිගත් පර්යේෂණායතන කිහිපයකම භෞතික විද්‍යාඥයෙකු ලෙස සේවය කිරීමෙන් පසු ලංකාවට නැවත පැමිණියේ ලොකු සැලැස්මක්ද සහිතවය. ඔහුගේ නවතම පර්යේෂණයට සහායකයකු ලෙස එක්වීමට කළ ඉල්ලීම මා විසින් ඉවත දැමුයේ රෝගී මවගේ උවටැන් කිරීමට එයින් සිදුවන අවහිරය නිසාවෙනි. කෙසේ වෙතත් අවසන මවගේ අභාවයත් සමඟින් මෙලොවෙහි හුදකලා වූ මා ඔහුගේ ඉල්ලීම සලකා බලා ඔහු හා එක්විය. මුලු ලොවම මවිත කළ හැකි වූ එම නිර්මාණයෙහි සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට හැකිවූයේ අසංකගේ නොපසුබස්නා උත්සහාය නිසාම බව මාගේ විශ්වාසයයි. ඔහු මේ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසුනි. අසංක මාගෙන් බලාපොරොත්තු වූයේ විශ්වාසදායක මිතුරෙකු ලෙස ප්‍රථම අත්හදාබැලීම උදෙසා සහභාගී වීමයි. එය ජීවිතය පිළිබඳ අතිශය තීරණාත්මක කරුණකි. සියල්ල යහතින් සැලසුම් කළ පරිදිම සිදු වුවහොත් යහපත්ය. නැතහොත් ප්‍රතිඵලය විනාශකාරීය. ක්ෂීරපත මංදාකිනියෙන් පිටතට ගොස් නැවත පැමිණෙන අභ්‍යාවකාශ පර්යේෂණයකට සහභාගී වන විට ඇති අවදානම කොතෙක්ද, මෙහි ඇති අවදානමද එයින් බිඳුවක් හෝ අඩු නැත. එහෙත්, ඒවන විට මෙලොවෙහි හුදකාලාවී සිටි මා හට එවැනි තීරණයක් ගැනීම සඳහා බාධාවක් නොවුණි. 

xxx

ගමනාන්තට පැමිණි මා මුලින්ම සිදු කෙරුවේ කිසිවකු හෝ මාගේ පැමිණීම නිරීක්ෂණය කළේදැයි පරික්ෂාකර බැලීමයි. කිසිවකුගේ හෝ විශේෂ අවධානයකට මා ලක්වී නොතිබුණි. මා පැමිණ තිබුණේ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපසටය. එය ඉදිරිපසවූ ඕවලාකර ගල් බැම්මෙහි අසුන් ගෙන ඉදිරියෙන්වූ බුදු පිළිමය දෙස නෙත්යොමාගෙන සිටි වයස දහසයක් තරම් වූ ළමයකු දු‍ටු මට එම අවස්ථාවෙහි යම් හුරු බවක් දැනුණි. මින් පෙර මේ හා සමාන සිද්ධියක් සිදුවී ඇති බව තදින්ම දැනෙන්නට විය. මදක් සිත යොමු වීමේදී ඒ අපූර්ව අතීත සිද්ධිය ඒක්ෂණයෙන් මාගේ සිහියට නැගුණි. 

"මම කවුද කියලා පුතා දවසක දැන ගනියි." ඔහුගේ වදන් මා සිතෙහි නින්නාද විය.

"දෙවියනේ, මේක වෙන්න පුළුවන් දෙයක්ද ? මේ ගැන නිකමට හරි මීට කලින් මට නොහිතුණේ කොහොමද? "මම මාගෙන්ම අසාගතිමි. මින් බොහෝ කලකට පෙර මා හමුවට පැමිණි ඒ අත්භූත අමුත්තා කවුරුන්දැයි වටහා ගැනීමට මේ මොහොත දක්වාම මාහට නොහැකි වීම එක අතකින් විශ්මයජනකය. අනෙක් අතින් එහි එතරම පුදුමයක්ද නොමැත. මන්දයත් අප කිසිවකුටත් එවැනි අනුමානයක් සිදු කළ නොහැකි හෝ එවැනි දෙයක් විය හැකියැයි අනුමාන නොකරන බැවිනි. එහෙත් මේ සම්බන්ධයෙන් මා අසංකට සහය දක්වන වේලේ අප කෙතරම් මෙවැනි දෑ පිළිබඳ සාකච්ඡා කරන්නට ඇතිද ? ඒ එකඳු අවස්ථාවකවත් මේ අත්භූත පුද්ගලයා කවුරුන්දැයි තේරුම් ගැනීමට නොහැකි වීම ඇත්තෙන්ම විශ්මයජනකය. සමහර විට ඒ වන විටත් ඔහු මාගේ මතකයෙන් බොහෝදුරට ගිලිහී සිටීම නිසා වන්නත් පුළුවන. මම මෙලොවෙහි ඉතාම කලාතුරකින් සිදුවිය හැකි අතිශය විශ්මයජනක සිදුවීමක පංගුකාරයෙකු වෙමින් සිටියෙමි.

ඔහුට නොදැනෙන ලෙස ඔහු අසලට ගිය මම ඒ අසලින්ම අසුන් ගෙන මවිතයෙන් ඔහු දෙස බලාසිටින්නට වීමි. සිදුවෙමින් පවතින දේ තවමත් නිසි අයුරින් ග්‍රහණය කරගැනීමට මම වෙර දරමින් සිටි අතර මෙය මෙලොවෙහි කිසිඳු මිනිසකු මින් පෙර නොවිඳි අත්දැකීමක් බව මට ඉඳුරා කිවත හැකිය. බුදු පිළිමය දෙස අවධානය යොමාගෙන සිටි ඔහු, එකවරම හැරී මා දෙස බැලුවෙ මාගේ පැමිණීම ඔහුට සංවේදනය වූ  නිසා විය යුතුය. මා ඔහු හා සිනාසුණ බැවින් ඔහුද පෙරළා සිනාවකින් සංග්‍රහ කළේය. 

"මොකද බුදු පිළිමෙ දිහා බලාගෙන කරන්නේ ? ගිහි ගෙය අතාරින්නද කල්පනාව ?" මම ඔහුගෙන් ඇහුවේ සිනාසෙමින්. එහෙත් ඔහු යාන්තමින් සිනාසුණා හැර පිළිතුරක් නොදුන්නේය. 

"පුතා සමන්ත නේද ?" 

"ඔයා කොහොමද දන්නේ? ඔයා කවුද?" මෙයින් ඔහු පුදුමයට පත් වෙනු මා නිරීක්ෂණය කළෙමි.

"මම දන්නවා, ඒත් ඒ කොහොමද කියලා අහන්න එපා." 

"අසංක එනකම් නේද ඉන්නේ ? පාඩම් කරන්න යන්න !" මේ ප්‍රශ්නෙන් ඔහු පුදුමයෙන් පුදුමයටම පත්වුණා කියුවොත් නිවැරදියි. ඔහුට ජනිතවෙන සිතුවිලි පිළිබඳ අවබෝධයක් තිබූ බැවින් මාගේ මුවගට සිනාවක් නැගුණේ නිතැතිනි.

"ඔයා කවුද ? කොහොමද මාව දන්නේ ?"

"මම කවුද කියලා පුතා දවසක දැන ගනියි." 
-- නිමි --

රූප රහිත අවවාදය : ප්‍රස්තුත සංසිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම සිත වෙහෙසීම මගින් මොළයෙහි පරිපථ බිඳවැටීමකට ලක් විය හැකිය.  :D

ලියුවේ;

~~සෙන්නා / 12.03.2014

81 comments:

  1. සෙන්නා කාලෙකට පස්සෙ ඇවිත් මගේ ඔළුවට කුරුඳු පොල්ලකින් නෙළුවේ ය.. යන්තම් සිහි එළඹෙත් ම රතු පැහැ අකුරු පේලියක් මගේ ඇස ගැටුනේ ය.. :D :D

    ReplyDelete
    Replies
    1. එම්බා..චන්දනයැ.....මටැද එසේමැ...වියැ..!

      Delete
    2. හෙහ් හෙහ් උඹල දෙන්නට රතු අකුරු විතරද පෙනුනෙ ඈ ? කොම්ඹු, පැණි කුරුල්ලො, කො‍ටු, මදුරු කොයිල් එහෙම පෙනුන්නැද්ද ?? :D

      Delete
    3. මටනං වැදුනෙ වල්ලපට්ට පොල්ලකින්ද කොහෙද. :D

      Delete
    4. ප්‍රසන්න, පට්ට කතාවක් ඒක නං. g-)

      Delete
  2. ගියපාර පෝස්ට් එකට අපි දාපු කමෙන්ට්ස් වැටිලා තිබ්බේ නෑනේ. ඒ මොකෝ?

    මට හිතුණේ අනාගතෙන් එයාම ඇවිත් තමන්ටම අවවාද කරලා ගියා වගේ කියලයි. ඒත් ඉතින් මොලේ වැඩිය මහන්සි කරන්ට එපාලුනේ. ඉතින් නිකන් ඉන්නවා... :D

    සෙන්නා අර ප්ලේන් එකක් නැතිවෙලා කියලා නිව්ස් දැක්කාම ඉස්සල්ලාම මතක් උණේ ඔයාව...

    ReplyDelete
    Replies
    1. මොන පෝස්ට් එකද පොඩ්ඩි ? සිස්ටර්ගෙ එකද ? අනේ මංදා මම ස්පෑම් එකත් බැලුවා ඒකෙත් නෑ එහෙම කමෙන්ට්ස් මොනාවත්..

      ඔව් ඔව් ඔළුව අවුල් කරගන්න එපා... තාම ජීවිතේ පටන් ගත්තා විතරනේ.. :D

      පොඩ්ඩිට ඉතින් ප්ලේන්නම් සෙන්නා තමා නේද ? ඔයත් යන තැනක පරිස්සමෙන් ! බිම ඉන්නවට වැඩිය උඩනේ ඉන්නෙ නේද ? :D

      Delete
  3. ලෝකයේ සියල්ල චක්‍රකාරය...!!!!මොලයේ නියුරෝන වේගයෙන් හීනවන බව දැනී ඊටකලින් ලියමි...!!!!!!

    ReplyDelete
    Replies
    1. ඕක තමා මම කලින්ම අවවාදයක් දුන්නේ. කොහෙද එපා කියන එකමනේ බොලා කරන්නේ...:D

      Delete
  4. මම ආසම විදියේ කතාවක් මචං, අතිවිශිෂ්ඨයි ...,

    ReplyDelete
  5. අද්භූත අමුත්තෙක් ගැන කිව්ව නිසා ආසවෙන් කියවගෙන ගියා. මොකද භූත කතාවලට කැමති නිසා. කොහොමත් ඒක ටිකක් බැරෑරුම්. අමුත්තා අනාවැකි කියල තියෙන්නේ 2014 වෙනකම් විතරයි වගේ. ඒ කොහොම උනත්, //"හෙහ් හෙහ්... මානව හිමිකම් ‍රැකගෙන කරන්න පුළුවන් හෝ කරපු යුද්දේ මොකක්ද පුතා !. යුද්දේ කියන වචනෙම ඒක අන්තරගත වෙලා තියනවා. ඒවා ඉතින් ලෝක බලවතුන් තම තමන්ට අවශ්‍යය විදිහට පරිහරණය කරනවා. කන්න ඕනා වුණාම කබරගොයාව තලගොයා කරගෙන කනවා. දුකට කාරණේ ලංකාවෙම මිනිස්සුත් ඒවට උල්පන්දම් දෙන එක තමා. "// කතාව ඇත්ත. මේව දකිනකොට ඉතින් ඇඟේ මාලු නටනවා. මේ වගේ අවජාතකයො එදත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉඳියි. රටේ කරුමෙ, අපේ කරුමෙ.

    ReplyDelete
    Replies
    1. ඔවුනේ තරූ එයාට 2014න් එහාට කියන්න බෑනේ..එහෙමනම් ඊට එහා අනාගතයෙන් එන්න ඕනා...

      අර කට්ටිය ගැන කතා නොකර ඉමු. අකුරුත් අපරාදෙ..

      Delete
  6. උඹ කිව්ව හන්දා මේ ගැන මොළේ වෙහෙසවන අදහස අතෑරියා. නමුත් කාලෙකට පස්සෙ ආවත් කම්මැලි නැතුව කියවන්න පුලුවන් හොඳ නිර්මාණයක් කියලා කියන්න පුලුවන්. අනික පට්ට ගහපු තේමාවකින් උඹ අලුත් යමක් ඉදිරිපත් කරපු එකයි තවත් මගේ හිත් ගත්තේ.

    උඹගේ මරණීය තර්ජනය ලැබුනා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. //නමුත් කාලෙකට පස්සෙ ආවත් කම්මැලි නැතුව කියවන්න පුලුවන් හොඳ නිර්මාණයක් කියලා කියන්න පුලුවන්.// ආයේ මොනවද. කුරුඳු රස එහෙම්මම තියනව.

      ඩූඩ් අයිය ඒ මරණිය තර්ජනය ද කෙහෙල් කොටුවට දාල තිබුනෙ :D

      Delete
    2. නෑ බං චන්දන. ඒක මගේ ස්වනිර්මාණයක්. හෙහ් හෙහ්. :D

      Delete
    3. ස්තූතියි ඩූඩේ.. හැමදාම වගේ උඹෙ කමෙන්ට් එක මසුරං... තව තව ලියන්ඩ හිතෙන ජාතියෙ එකක්..

      << උඹගේ මරණීය තර්ජනය ලැබුනා. ස්තුතියි. >>

      ඉතිං මොකක්ද උඹේ තීරණය ? මැරෙණවද ? තව දුරටත් ඉන්නවද ? :D

      චන්දන,

      නෑ නෑ.. ඩූඩ් කෙහෙල් කො‍ටුවට දාලා තිබුන තර්ජනේ දැකලා තමා මම ඌට තර්ජනය කළේ. එයා පෙරලා මට තර්ජනය කරන්න කලින් මම මේක දැම්මා...වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න හොඳ නෑ නොවැ.. හෙහ් හෙහ්.. :D

      Delete
  7. ජිනීවා වලදී මොනව වෙනවද කියල කිව්වෙ නැති එක නං වස වැරැද්දක් සෙන්නෝ.බොහොම කාලෙකින් ඇවිත් ඔලුව හොල්මං වෙන කතාවක් ලිව්ව නේද.

    ReplyDelete
    Replies
    1. හැලපේ අයියා, හෙහ් හෙහ් ඒක ලියන්ඩනම් ඉතින් මට අනාගතේට ගිහින් එන්න වෙනවා..

      Delete
  8. හරිම ලස්සන නිර්මාණයක් සෙන්නා..එක දිගට දෙසරයක් විතර කියෙව්වාම තොන්තු ගතිය අඩු වුනා..
    කතාව මැදින් එකතු කරලා තියන සමහර දේවල් නම් සම්පූර්ණ ඇත්ත..

    ඒක නෙවි MH370 ගැන ලියන්න අදහසක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ..

      පස්සේ ලියමු නේද ? තාම හරියට දන්නෙවත් නෑනේ මොකද වුනේ කියලා. ඒ ගැන සජීවී සවිස්තර වාර්තාවක් "අපේ අහසෙන්" ලබා ගන්න පුලුවන්..


      Delete
  9. මේ කතාව කියෙව්වම මට මතක් උනේ මේක...
    https://www.youtube.com/watch?v=qBUv4j3DINE

    ඇත්තටම අනාගතේ අපිට මොනවද වෙන්නෙ කියල දැනගෙන ඉන්න එකත් මහම මානසික වදයක් වෙන්න පුළුවන් නේද...?

    ReplyDelete
    Replies
    1. අපොයි සෙන්නො... මෙන්න මේ පතෝරියං වීඩියෝ එක ගෙඩිය පිටින් මෙතැන වැටුනා... මං දැම්මෙ ලින්ක් එක විතරයි බොලේ... තොලී....

      Delete
    2. මේක අධි ආරක්ෂිත කලාපයක්. බලාගෙන මියුරු. :D :D

      Delete
    3. ඈ බන් මියුරු අක්කේ උඹ කොහෙන්ද බන් මේක හොයා ගත්තේ. මේ මට හිතිච්ච එකමනේ.. මිනිහා ඇත්ත කියනවනම් මට හිතිච්ච දේ ඇත්ත දෙයක්.. මාරයිනෙ බන්.. ඒත් සින්ක් එක අස්සෙන් එක පාරටම අනාගතේට ගියේ කොහොමද කියන එකනම් හරිම ප්‍රෙහෙලිකාවක්...

      අයියෝ කිසි අවුලක් නෑ.. මේ වීඩියෝ එක මාර වටිනවා.

      චන්දන,

      හෙහ් හෙහ් .. මේක අධි ආරක්ෂිත කළාපයක් වුනේ වැටවල් වලින් නෙමේ භාවිතයෙන්, භාවිතයෙන්... :D

      Delete
    4. මට ඕක ලැබුනෙ පොඩ්ඩිගෙ පෝස්ට් එකෙන් පස්සෙ ඔය ගැන කියවද්දි... සමහරවිට පොරට සින්ක් එක යටින් වර්ම්හෝල් එකක් අහු උනාද දන්නෑනෙ... :D හෙව්වොත් තව ගොඩාක් ඒවා තියෙනවා සෙන්නා...

      Delete
    5. පොඩ්ඩිත් මේ ගැන පෝස්ට් එකක් දැම්මද ?

      Delete
    6. කෝ සෙන්නා වීඩියෝ එක. ටෙම්පුව එඩිට් කලා ද ? අලුත් ජිල්මාට් එකක් දැම්ම නම් කියන්න. මාත් ඔව්වට මනාපයි නෙ. :)

      මියුරුගෙ කමෙන්ට් එක දැක්කම මට හිනා ගියා. වෙච්චි වැඩේට හෙම නෙවෙයි, ඒක කියල තියන හැටියට.

      Delete
    7. චන්දන,

      වීඩියෝ එකනම් ඔය තියෙන්නේ උඩ. මම දැනුවත්වනම් එහෙම විශෙෂ වෙනස්කමක් කළේ නෑ චන්දන. මමත් මේ දැක්කමයි බ්ලොගර් එකක මෙහෙම වීඩියෝ එකක් දාලා තියනවා. වර්ඩ්ප්‍රෙස්වලනම් ඕක කරනවා මම අනන්ත දැකලා තියනවා. මියුරු කියන්නේ නිකන් ලින්ක් එක දැම්මා විතරයි කියලා. අනේ මංද.. පොඩි ටැස්ටින් පාරක් දාලා බලන්න වෙයි.

      Delete
    8. පොඩ්ඩි පෙබරවාරි මාසෙ දාලා තිබ්බෙ 'අසාමාන්‍ය දරුවෝ' කියල එකක්...
      http://podikumarihami.blogspot.com.au/2014_02_01_archive.html

      මං මෙහෙම ගෙඩිය පිටින් වීඩියෝ වැටෙනව කලින් දැකල තිබ්බෙ 'අරූගෙ' බ්ලොගේද කොහෙද... ඒක වර්ඩ්ප්‍රෙස් එකක් හැබැයි... මං දැම්මෙ ලින්ක් එක විතරයි...

      Delete
    9. සෙන්නා, මියුරු

      බ්ලොගට් බ්ලොග් වල කමෙන්ට් වලට පින්තූර, වීඩියෝ හෙම දාන්න නම් පොඩි කෝඩ් ටිකක් එකතු කරන්න ඕන නේ ටෙම්ප්ලේට් එකට. මං පින්තූර දාන්න පුළුවන් වෙන්න විතරක් හැදුවා, නොහිම් ලෝකය බ්ලොග් එකේ තිබුනු පෝස්ට් එකක් දැකලා. ඒකෙ තිබුන කමෙන්ට් වලට වීඩියෝ පහසුකම දෙන විදිහට හදන හැටිත්. මං වීඩියෝ වලට අදාල වෙනස් කම කලේ නෑ. සෙන්නා ඒ වෙනස් කම් දෙකම කරලා.

      ඕක ගැන මගෙ බ්ලොගේදි ත් කවුරු හරි අහල, ලස්සන කමෙන්ට් ටිකක් වැටුන වගෙ මතකයි. ලින්ක් හොයන්න කම්මැලි අප්පා...........

      දැන් මට මේ වීඩියෝ එක පේනවා. කලින් මට පෙනුනෙ නැත්තෙ මගෙ පැත්තෙන් මොකක් හරි අවුලක් යන්න ඇති.

      Delete
    10. චන්දන, මෙන්න මේ බ්ලොග් එක - http://helplogger.blogspot.com/ - බ්ලොග් රෝලට දාලා තියාගන්න. ඕකෙ හරි වටිනා ට්‍රික්ස් කියලා දෙනවා වෙලාවකට. මම නොදැනුවත්වම එහෙනම් වීඩියෝ ඇඩ් කරණ ඔප්ශන් එක දාගෙන වගේ තමා පේන්ඩ තියෙන්නේ..

      Delete
    11. ඒ බ්ලොග් එක තියනව මගෙ සින්ඩි පොජ්ජෙ. :D ගොඩක් ප්‍රයෝජනවත් සයිට් එකක් තමයි ඒක.

      Delete
  10. ඔය දීල තියෙන්නේ ඉඳලා ඉඳලා ඇවිත්. මේ වගේ මගෙත් පොඩි කතාවක් තියනවා. මෙතෙක්කල් නොලිව්වේ මාව ජෝකරයෙක් වෙයි කියලා හිතලා. පස්සේ ලියන්නම්.

    අපි හැමදාම එක රවුමක යනවා, මටම මාව යලිත් හමුවෙනවා, වෙන්වෙනවා, ආයෙත් හමුවෙනවා. අනේ මන්දා. මේවා නොහිතා හිටිය තරමට හොඳයි.

    ReplyDelete
    Replies
    1. අපොයි මොකටද තියන් ඉන්නේ ? ලියමු ලියමු වහා ලියමු..

      ඔව්.. පහු ගිය ටිකේ ඕවා ගැන හිතන්න ගිහින් මගෙත් ටිකක් ‍ෆියුස් ගියා වගේ වුනා. ඒකයි අවවාදයකුත් දැම්මේ.. හෙහ් හෙහ් :D

      Delete
  11. ඇත්තටම අපිට ආපහු අපේ පහුගිය කාලයට යන්න පුළුවන් නම් වෙනසක් කරන්න පුළුවන්ද ? අර කතාව නම් ඇත්ත. අනාගතය නොදැන ඉඳීම වර්තමානය ගෙනයාමට උපකාර වෙනවා. සෙන්නා මුලින්ම ලියු අවතාර කතාව මට මතක් උනා. කොහොමද ලංකාවෙ ජීවිතේ ?

    ReplyDelete
    Replies
    1. මටනම් හිතෙන්නේ එහෙම වෙනසක් කරනන් බෑ කියලයි සරත් අයියා. යම්විදිහකින් කළොත් ඒකෙන් අනාගතේට ලොකු බලපෑමක් වෙයි කියලා හිතෙනවා. අනිත් එක වෙච්ච දේවල් වෙනස් කරන්නත් බෑනෙ...අනේ මංදා ඔය අපි දන්න, අපිට තේරෙන දේවල්නෙ.. නද්ද ?

      ලංකාවෙ ජීවිතේ හොඳයි. කියන්න වරදක් නෑ.. JCT එකෙන් දෙන ආතල් එක්ක අපේ ජීවිතේ ගෙවීගෙන යනවා.. හෙහ් හෙහ්.. :D

      Delete
    2. ඒ කියන්නෙ තාමත් ඉස්සර වගේමද ? මං හිතුවා වෙනසක් වෙලා ඇති කියලා.

      Delete
    3. Navis ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔපරේෂන් සයිඩ් එකේ ලොකු ප්‍රගතියක් තියනවා. ඉස්සරට වැඩිය සෑහෙන හොඳයි. ඒත් තාම එක එක ඉෂුස් තියනවා. ඇටිටියුඩ් ප්‍රොබ්ලම් එක තමා ලොකුම ප්‍රශ්නේ. බර්තින්ග් තව අවුලක්. කන්ජෙශන් එකක් ආවොත් හැම වෙලේම තෝරු මෝරුන්ට ප්‍රමුඛතාවය දෙනවා එක එක කතන්දර කිය කිය.

      Delete
  12. මුලින් ටික්ක මංඥං වුණත් අන්තිම හරියට එනකොට හරියටම හරි ගියා... ෆට්ට ඈ නියමටම ලියල තියේ...

    අවන්හල

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ්..

      Delete
  13. මේ තියෙන්නේ තමුන්ම කාලය හරහා ගමන් කල සිදු වීමක් වගෙයි මට හිතෙන්නේ කතාව කියවල පැය ගානක් කල්පනා කරලා තර්ක විතර්ක උපකල්පන මගින් අවසන් නිගමනෙට ආව

    ReplyDelete
    Replies
    1. ඔය කොල්ලා තියෙන්නෙ එපා කියපුදේම.. මුන්ට ගහන්න ඕනා එල්ලලා...:D කොහොම හරි අවසාන නිගමනය හරි කියලා තමා කියන්න තියෙන්නෙ...

      Delete
  14. මාව නම් කරකවල , කරකවල ,කරකවල අතෑරලවගේ ඉන්නේ මේක කියෙව්වට පස්සෙ.

    අද්භූතයි , ඒත් හරිම රසවත් .

    ReplyDelete
    Replies
    1. එහෙනම් බමරෙ වගේ ඉන්න ඇති නේද .. හෙහ් හෙහ්...

      ස්තූතියි සොන්යා... මටම වෙලාවකට සොන්යා හා සෙන්නා පැටලෙනවා. ප්‍රොෆයිල් පින්තූරේ නැත්නම්.. :D

      Delete
  15. මම හිතන්නේ සෙන්නයියේ බොට හම්බ වෙන්න ඇත්තේ අර උදේට දැන් ටීවී එකේ ඇවිත් අර වැල් බයිලා කියන මංජුල පීරිස් ශ්‍රීමතාණන් වෙන්න ඇති.හාප්පේ මොළෙත් එක්ක කුරුවල් වෙනවා අර රූප රහිත අවවාදය නොවන්නට...:

    ReplyDelete
    Replies
    1. ඒ කවුද බන්ස් ඒ.. ඇහුවෙත් අදයි එහෙම සිරිමතෙක් ගැන....

      ඒකනෙ අපි රූප නැතුවම අවවාදයක් දුන්නේ.. :D

      Delete
  16. මේ හාදයා කාලය හරහා ගෙහුං වගේ. එත් ඒකම නැවත නැවත සිද්ද වෙයි කියලා හිතනකොට නම් අයි.සී. පිච්චෙන්ට තියෙන ඉඩකඩ බොහෝම වැඩී තමයි.

    ReplyDelete
    Replies
    1. යේස් යේස් බොලා හරි.. ඌට ඌවම හම්බෙලා.. අයිසී යයි කියලා හිතුන නිසා තමා කලින්ම කිව්වේ.. මොකද මගේ යන්න ඔන්න මෙන්න ගාවටම ආවා.. මේක ගැන ආලවට්ටම දදා හිතන්න ගිහිල්ලා... :D

      Delete
  17. සෙන්නා.....කාලෙකට පස්සේ ඇවිත් ඔළුවට බරක් දැම්මා. බර මොකක් උනත් සෙන්නගේ ලිවීමනම් ටොප්. තව සැරයක් හෙමිහිට කියවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ..

      Delete
  18. නියමයි බං... මම කියෝගෙන කියෝගෙන එනකොට මුලින්ම ලොකු ඉන්ටරස්ට් එකක් ආවෙ නෑ, මේ මොඩල් එකේ කතා එච්චර දුලභ නැහැනේ... නමුත් උඹ අන්තිමට සිද්ධි දෙක සම්බන්ධ කරලා තියන හැටි නියමයි.... මට හොඳටම හිතට වැදුනේ.. අර දෙබස් ටික.. මුලින්ම ඕලෙවල් කරන කොල්ලෙකුගේ පැත්තෙනුත්, පස්සේ මේ අද්භූත අමුත්තගේ පැත්තෙනුත් සාධාරණව ගලපලා තියන හැටියට. මුළු කතාවම ගත්තහම උඹ බොහොම හොඳින් ගලපලා නිර්මාණය කරලා තියනවා... බොහොම අනර්ඝ උත්සාහයක්.

    මට නිකං පොඩි මෙව්වා එකක් තියෙන්නේ අසංගගේ පරීක්ෂණය ගැන තමා. //ක්ෂීරපත මංදාකිනියෙන් පිටතට ගොස් නැවත පැමිණෙන අභ්‍යාවකාශ පර්යේෂණයකට// මේකෙ ප්‍රතිඵලයක් විදිහට ටයිම් ට්‍රැවල් වෙන්න පුළුවන් කියලා පිළිගන්න පුළුවන්. අභ්‍යවකාශ ගමනක් කියන තැනින් පොඩ්ඩක් එහාට ගිහින් ඊට වඩා වෙනස් ක්‍රමවේදයක් කියලා යාන්තම් ඇඟෙව්වා නම් හොඳයි කියලා හිතුණා. ඒ වගේම දැන් පවතින වර්තමාන තත්වය යටතේ මේ වගේ පරීක්ෂණයක් වෙන්න පුළුවන් කියන එක සාධාරණීකරණය වෙනවා මදි නේද? මම පෞද්ගලිකව කැමතියි මානව හිමිකම් ගැන නොකියා වෙන දෙයක් තිබ්බා නම්. එහෙම කියන්නේ විද්‍ය ප්‍රබන්ධයක් කියන එක යටපත් කරගෙන ඒ පොයින්ට් කතාබහට ලක්වෙන්න පුළුවන් නිසා.

    // කොණ්ඩේ කොටට කපලා, මොනවා හරි ජෙල් වගයක් ගාලා නීට් එකට පස්සට වෙන්න පීරලා තිබුණා. රැවුල ෆුල් ෂේව් කරලා. හරිම ප්‍රසන්න පෙනුමක් මම එයාගෙන් දැක්කේ//
    පොඩි සෙල්ෆ් ප්‍රොමෝටිං පාරකුත් දාගත්තා නේද එහෙනං? :)

    ReplyDelete
    Replies
    1. තිසර, බොහොම ස්තූතියි විස්තරාත්මක ප්‍රතිචාරයට. මේක මම බොහෝ වාරයක් වෙනස් කර කර ලියපු කතාවක්.

      අභ්‍යාඅවකාශ පරීක්ෂණය් ගැන කියපු එක තිසරට ටිකක් පැටලිලා වගේ. මම එතන උදාහරණයක් හැටියට දැකුවේ ඒ වගේ පරීක්ශණයක් තරම්ම මේකත් භයානකයි කියලා. පොඩි වැරදීමක් වුනොත් වර්තමානයට එන්න බැරුව හිර වෙන්න පුලුවන් නිසා. අසංකගේ පරීක්ශණයේ අභ්‍යාවකශ ගතවීමක් වැනි දෙයක් වෙන්නේ නෑ. කොහොමත් මට ඒක කරන විදිහ ගැන ලොකුවට කියන්න උවමනා වුනේ නෑ. එහෙම ට්‍රැවල් කිරීමක් වෙනවා කියලා පෙන්වන්න විතරයි ඕනා වුනේ. ඒකට ඉතින් මොකක් හරි ක්‍රමයක් තියෙන්නෙ එපැයි. ඒකයි.

      මානව හිමිකම් ගැන කිව්වේනම් ඉතින් යුද්දේ ගැන කිව්වම ඒක මග හරින්න බැරි තරමේ තත්ත්වයක් දැන නිර්මාණය වෙලා තියන හින්ද.. තිසර කියපු එක හරි. ඒකෙන් අදාල නොවන කතිකාවතක් ගොඩනැගෙන්න වුනත් පුළුවන්. ඒත් මෙතෙන්ට දේශපාලනෙත් එක්ක ජීවත් වෙන අරටු ගොඩ බහිනවා අඩු හින්දා එහෙම එකක් වෙන එකක් නැති වෙයි.. හෙහ් හෙහ්

      අනේ නෑබන්.. කිසිම සෙල්ෆ් ප්‍රොමෝර්ටින් පාරක් නෑ.. මම සාමන්‍යයෙන් ජෙල් ගානෙත් නෑ. දිනපතා රැවුල කපන්නෙත් නෑ.. ප්‍රසන්න, නීට් පොරක් කිව්වම මගෙ හිතේ තියෙන්නෙ නිකන් ඔය වගේ අදහසක්. ඒකයි.. :D

      Delete
  19. මේ දවස්වල අද්භූත කතා කියවන්න කම්මැලි වුනාට මේක නම් රස වින්දා ....සන්තෝෂයි ආයෙමත් සෙන්නට ලියන්න විවේකය ලැබුන එකට

    ReplyDelete
    Replies
    1. රසවින්ද එක සතුටක් බින්දි. වෙලාව හරිම අමාරුවෙන් ගැටගහගෙන තමා මේක ලියා ගත්තේ..

      Delete
  20. සිරා කතාව සෙන්න, ඉස්සර විදුසර පත්තරේ විද්‍යාප්‍රබන්ධ බලපු හැටි මතක් උනා..

    ReplyDelete
    Replies
    1. එදිරි කාලෙකින්. ස්තූතියි. වැඩේ කියන්නේ මට මේක විද්‍යා ප්‍රභන්ද ගණයට වැටෙන එකක් කියලා නිකමටවත් හිතුන්නෑනෙ..දැන් තමා හිතෙන්නේ බොලේ යකෝ මේක ඒ කැටගරියට දැම්මෑකිනේ කියලා... :D

      Delete
  21. ලස්සන කතාවක් සෙන්නා... මම ඉස්සර ලිව්වා ඔහොම අවුරුදු 76,000ක් විතර අනාගතේ ඉඳන් මේ උසස් පෙළ කරන කොල්ලෙකුට ලෝක විනාශේ ගැන පණිවිඩයක් දෙන කතාවක්... හෙහ් හෙහ් ඔය වගේ කතාවක් ලියන්න ඔළුවට ආවම හෙන ආතල් නේද..ඔලුව කර්පට් වෙලා තමයි නතර වෙන්නේ.. හෙහ් හෙහ්

    මටත් අර මානව හිමිකම් කේස් එක දාපු නිසා මේකේ තිබ්බ රස අඩු වුණා ගතියක් දැනුනා.. ඒ ඉතින් අපි ඒ සබ්ජෙක්ට් එකට කැමති අකමැති බව නිසා කියල මට හිතුනා..

    හැබැයි මම ගොඩක් වෙලාවට දැකල තියෙනවා විද්‍යා ප්‍රබන්ධ වලට දේශපාලන හෝ නිකන් සමාජමය ගැටළු (කතාවේ මුලික අදහස ඒක නෙවෙයි නම්) ගෑවුනාම කතාවේ රස අඩු වෙනවා කියන එක..

    හැබැයි දේශපාලනය කියන එක විද්‍යා ප්‍රබන්ධ වලට නගන්න පුළුවන් හොඳ ඒරියා එකක්.. උදා : ස්ටාර් වෝර්ස්

    අන්තිමට හැබැයි පුතා සමන්ත නේද කියල අහන සීන් එකේදී මට මතක් වුනේ නම් අර "මල්ලි ගම්පහ නේද" කියල අහන අ.ල වීඩියෝ එක.. මොකද මම මේ ළඟදි ඒ වීඩියෝ එක දැකල මගේ ඔලුවේ මේ දවස් වල වැඩි හරියක් තියෙන්නේ ඒක .හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම්. ඒකෙ ලින්ක් එක දෙන්නකෝ. පරණ ඒවා අවුස්සන්න ටිකක් කම්මැලියි.. :-O

      ආයෙත් අහලා පහුගිය ටිකේ මම නිකන් අමුතුම ලෝකෙක වගේ හිටියේ. මේ ගැනම හිත හිත...

      මාන්ව හිමිකම් කේස් එක ගැනනම් මම එච්චර දුර හිතුවේ නෑ පැතුම්. අනිත් එක මේක විද්‍යා ප්‍රබන්ධයක්ය කියලත් මට එච්චර මීටර් වුනේ නෑ.. මට ඕනා වුනේ ඔළුවට ආපු අදහස කතාවක් කරන්න විතරයි.. කතාව ගලාගෙන යන්න එකතු කරපු දේවල් තමා ඕවා..

      හෙහ් හෙහ් මටත් මතකයි ඔය සීන එක.. ඒදවස් වල ඉල අල්ලන් හිනා වුනේ ඕඅවට.. :D

      Delete
    2. සෙන්නා කතා ලියනකොට ඔහොම තමා.. හෙහ් හෙහ්.. මම නොකා නොබී ලියල තියෙනවා..මෙන්න මේකේ තියෙනවා මම එහෙම ලියපු කතා පොතක් ..

      http://www.vidyawa.com/search/label/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0

      ඔය වගේ හිතට එන දේවල්.. හැබැයි මම අර කියපු කතාව නම් තාම මේකේ දාල නෑ.. මේ සයිට් එක කරන මල්ලි මගෙන් ලියපු පොත ඉල්ලන් ටිකෙන් ටික ඒ කතා යුනිකෝඩ් එකට හරවල මේකට දානවා.. බලලා අදහසක් දාල යන්න.. උසස් පෙළ කරපු මල්ලි කෙනෙක් කරන්නේ.. මමත් උසස්පෙළ කරන කාලේ තමයි ඔය පොත ලිව්වේ.. පොඩි නයෙක් හෙහ් හෙහ්

      Delete
    3. අඩේ පැතුම් හෙන විද්‍යා ප්‍රභන්ධ කාරයෙක්නෙ. ලෝක විනාශය කියෙව්වා. අන්න කමෙන්ට් එකක් දාලා පුරස්නෙකුත් අහලා ඇති. අනිත් ටිකත් කියවන්න ඕනා. බ්ලොග් රෝලටත් දාගත්තා. අර අවුරුදු 76000ක් අනාගතෙන් එන කතාව කොහෙද තියෙන්නේ ? ඔයාගෙ බ්ලොග් එකේද ?

      Delete
    4. සෙන්නා ස්තුතියි කතාව බලල කමෙන්ට් කලාට.. මම රිප්ලයි එකකුත් දැම්ම..අවුරුදු 76000ක් අනාගතෙන් එන කතාව ඒ පොතේ තියෙනවා.. තාම සයිට් එකට දාල නෑ.. vidyawa.com එක කරන මල්ලි පුළුවන් වෙලාවට දායි...

      Delete
  22. සෙන්නා ගැන මගේ අනාවැකි "දවල් හීන දකින්නෙක්/හැම දෙයක් ගැනම විමසිල්ලෙන් බලන/මේක ලියන්න ඇත්තේ මහා රෑ නිදි මරාගෙන හෝ මහා පාන්දර වෙලාවල් වල/සෙන්නා හුදෙකලාවේ ටික වෙලාවක් ගත කරන්න කැමති පුද්ගලයෙක්/ජීවිතයට ඇති වන ගැටළු පහසුවෙන් අනිත් පැත්තට හරවන පුද්ගලයෙක්/අලුත් අත්දැකීම් සොයාගෙන යන්නෙක්/සමහරවිට කරන දේවල් වරදින්න පුළුවන්/ලොකු ප්‍රශ්න අසන්නෙක්/හොඳ නිරීක්ෂකයෙක්/අවදානමක් ගන්න බිය නොවන කෙනෙක්/මුළු ජීවිතයම හැකියාව ප්‍රදර්ශනය කරන්න ලැබුණු අවස්ථාවක් ලෙස සලකන්නෙක්/තමන්ට ආස දේ කරන කෙනෙක්/දෙයක් දිහා වෙනත් කෙනෙකුගේ කෝණයෙන් බලන කෙනෙක්/කාලය පිලිබඳ මතක නැති වන්නෙක්/තමන් වටා ලස්සන දේ තබා ගන්නෙක්(චිත්‍ර වැනි)/ඔහු තිත් යා කරන්නෙක්(අත්දැකීම් ගලපා නවතම් දේ සෙවීම)/හැමවිටම වෙනස් කිරීම් මගින් නව අත්දැකීම් ලබනවා/නිදහස්ව සහ පැහැදිලිව සිතීම සඳහා කාලය වෙන් කරනවා "
    මේ කියන කාරණා කිහිපයක් හෝ සියල්ල සෙන්නා සඳහා සත්‍ය වෙන්න ඕනේ. හැබැයි සමහර ඒවාට සෙන්නාට උත්තර දෙන්න බැරි වෙයි. ලඟින් ඇසුරු කරන කෙනෙකුට මේක පෙන්නුවොත් කියයි ඇත්ත කියලා. දැන් අනිත් අය හිතන්න පුලුවන් ඇයි සෙන්නා විතරක් අපිටත් මේවා සත්‍යයි නේද ? කියලා. ඔව් වෙන්න පුළුවන්. සම්පූර්ණ විස්තරය ලබන සතියේ මම දාන පොස්ට් එකෙන් බලා ගන්න.

    මේක ගැන කියන්න තියෙන්නේ මන්චි ලෙමන් පෆ් එහෙම නැත්නම් "අති විශිෂ්ඨයි සර්" කියලා තමයි.

    ReplyDelete
    Replies
    1. සමහර ඒවා හරියටම හරි. සමහර ඒවා සම්පූර්ණයෙන්ම වැරදියි. බලමු සුදීක මොකාටද එන්න හදන්නේ කියලා.

      ස්තූතියි සර් !

      Delete
  23. රතු අකුරින් යටම දැම්ම වෝර්නින් එක දකිද්දී පරිපත බිඳිලා ඉවරයි.. ඇත්තටම කතාවනම් සිරාවටම ලියලා තියෙනවා අයියේ.. මේ ඉතින් මාත් ආසම ඉස්ටැයිල් එකනේ..

    ReplyDelete
    Replies
    1. හපොයි එහෙමද ? ඒ කියන්නේ කියවන ගමන්ම ඕනෑවට වඩා හිතලා තියනවා.. වෝර්නින්ග් එක මුලින්ම දෙන්න තිබුනේ...

      Delete
  24. \\හදවපු අය ගැන මිසක් හදපු අය ගැනනම් කිසිම සඳහනක් එහි තිබුණේ නෑ. මේ ලෝකේ කොහොමත් වැඩකරන මිනිහට වඩා වැඩ කරවන මිනිහගේ තමා නම යන්නේ\\

    යුද්දේ ගැන උනත් මේ කතාව ඇත්ත නේද සෙන්නා. අතපය / ජීවිත අහිමි කරගෙන දිනා දුන්න ජයග්‍රහණයේ නියම අයිති කාරයන් වුනේ සාමාන්ය සෙබළා. දැන් ඒ ජයග්‍රහනය තමන්ගෙ කරගන්න රටේ ලොක්කොයි, හමුදාවේ ලොක්කොයි මරා ගන්නවා.

    එක දිගටම දෙපාරක් කියවන්න තරම් හිත දුන්න අගනා ලිවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත ඇල්බන්.

      බොහොම ස්තූතියි...

      Delete
  25. අඩේ...කියන්න වචන නැහැ මේ ගැන නම්. උපරිමයි. එහෙම කිව්වත් මදි වගේ...මට මතක් වෙන්නෙම බැක් ටු ද ෆියුචර් ෆිල්ම් එක. බලාගෙන යනකොට සෙන්නත් ස්පිල්බර්ග් ට දෙවැනි නෑ වගේ. මේක කියවගෙන යද්දී මට තව හිතුනු දෙයක් තමයි කොච්චර පුදුම සහගත දෙයක් උනත් සිද්ධ වෙලා ඉවර උනාට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා කියන එක. දැන් බලන්න සුනාමිය. ඒක වෙන්න දවසකට කලින් කවුරු හරි එහෙම එකක් ගැන කිව්වනම් අපි තඹ සතේකට විශ්වාස කරන එකක් නෑ. ඒත් දැන් ඒක හරිම සාමාන්‍ය සිද්ධියක් වෙලා.

    ආයෙත් කියන්නේ ලිපියනම් උපරිමයි සෙන්නයියේ

    ReplyDelete
    Replies
    1. හප්පේ මම මුරුංගා ගහේ දල්ලෙ ඔන්න.. අල්ල ගන්නවත් තැනක් නෑ.. :D

      බොහොම ස්තූතියි නගේ මේ දිරිගන්වන සුළු ප්‍රතිචාරයට..

      Delete
  26. විද්‍යා ප්‍රබන්ධ කලාවේ ලාංකේය මුද්‍රාව - කුරුන්දේ සෙන්නා :D

    ReplyDelete
  27. ලස්සන කතාව සෙන්නා, මට ගොඩක් ආසා හිතුනේ කියවන කෙනාට දැනෙන්නවත් නැතිවෙන්න කතානායකයා අතීතයේ ඉන්න කෙනාගේ ඉඳන් අනාගතේ ඉඳන් එන කෙනාට මාරු කරන ලස්සන...

    උඹ දිව හපාගෙන ලිව්වට පස්සේ අපි විචාර දෙන්න එනවා කියලා හිතන්න එපා... පොත්වලට වඩා බ්ලොග් වල තියෙන වාසියත්, කියවලා ඉවරවෙලා අරහෙම වුනානං මෙහෙම උනානම් කියලා කෙලින්ම අදහස් දක්වන එකනේ.. ඉතිං මේ මගේ අදහස...

    මට පුද්ගලිකව මේකේ තව පොඩි කැටයමක් තිබුණානම් කියලා හිතුනා... ඒ කියන්නේ අනාගතේත් අතීතේත් අතර මේ යන ලූප් එක ඇතුලේ තව ඉනර් ලූප් එකක් :)... මට හරියටම ඒක ගොතන්න තේරෙන්නේ නෑ... හරියට නිකං මේ වගේ...

    අනාගතේ ඉඳන් එන සමන්තට අවසරයක් නැහැ අතීතයේ කිසිම දෙයක් වෙනස් කරන්න... (සෙන්නාගේ කතාව මේ විදියයි... කිසිම දෙයක් වෙනස් කරන්නේ නෑ අනාගතේ ඉඳලා එන කෙනා...) ඒත් අපි දුන්නොත් අවස්ථාවක් සමන්තට යමක් වෙනස් නොකරම බැරි වෙන...? උදාහරණයක් මෙහෙම කියන්නම්...

    (මෙතෙන්දී දැන් කතාවේ පුංචි සංශෝධනයක් කරන්න වෙනවා..) අසනීප වෙලා අම්මා මැරෙනවා වෙනුවට අපි හිතමු අම්මා සුනාමිය වෙලාවේ සතිපොළට ගිය හින්දා ඒකට අහුවෙලා තමයි මැරෙන්නේ... ඉතිං අනාගතේ ඉඳන් එන සමන්ත දන්නවා තමන්ගේ අම්මා මැරුණේ සුනාමිය නිසායි කියලා... කිසිම දෙයක් වෙනස් කරන්න ට්‍රයි කරන්න එපා කියලා අසංක කිව්වත් සමන්තට තමන්ගේ අම්මාට තියෙන ආදරය හින්දා අම්මාගේ ඒ ගමන වෙනස් කරන්නම හිතෙනවා... ඉතිං අනාගතේ ඉඳන් එන සමන්ත (ලොකු සමන්ත කියමු) පොඩි සමන්තට සුනාමිය ගැන කියන වෙලේදී කියනවා අම්මා එදාට සති පොළට යන වෙලාව පොඩ්ඩක් වෙනස් කරන්න කියලා... ඒ පොඩි වෙනස ඇතිනේ අම්මාගේ ජීවිතේ බේරන්න...

    දැන් සුනාමිය දවසේදී කලින් අනාවැකි වල සත්‍යයතාවය හින්දා පොඩි සමන්ත දන්නවා අම්මා වෙනදා වෙලාවට ගියොත් සුනාමියට අහුවෙනවා... ඉතිං පොඩි සමන්ත අම්මාගෙන් අහනවා පොළට යන්නේ කීයටද කියලා... අම්මා කියනවා හවස යන්නයි ඉන්නේ කියලා... වෙලාව වෙනස් කරන්න ඕනේ නිසා පොඩි සමන්ත කියනවා හවස යන්න එපා උදේ යන්න කියලා... ඒත් පොඩි සමන්ත දන්නේ නැති දේ තමයි සුනාමිය එන්නෙ උදේ කියන එක...

    පැටලුවාද මම? මේකයි මට කියන්න ඕනේ වුනේ... සමන්ත අනාගතේ ඉඳන් ගිහින් එයාගේ වාසියට අතීතය වෙනස් කරන්න යන නිසා තමයි එයාට අම්මා නැතිවෙන්නේ... තව විදියකින් කිව්වොත් එයා අම්මාව බේරගන්න ගන්න උත්සාහයම තමයි අම්මාව මරන්නේ...

    මේ ලූප් එක දාන වෙන ගොඩක් හොඳ විදි ඇති.. මට එකපාරම හිතට ආවේ මේක... නමුත් උඹට අදහස වැටහෙන්න ඇති... අතීතයට ගිහින් අනාවැකි කියලා ආපසු එනවාට වඩා මේ කතාවේ තව එක්සයිට්මන්ට් එක වැඩිකරන්න පුළුවන් යැයි මට හිතුණ විදිය...

    උඹෙ ලිවිල්ලට ජය...

    ReplyDelete
    Replies
    1. බීටල්,

      මුලින්ම බොහොම ස්තූතියි මේ ගැන මෙච්චරටම මහන්සි වෙච්ච එක ගැන.

      උඹ හරි. නිකන්ම අනාවැකි කියලා ආපහු යනවට වැඩිය ඒවා කතාවට සම්බන්ධ වුනානම් තමා ලස්සන. කොහෙද ආවේ නෑනේ ඒක ඔලුවට ලියන වෙලේ.

      හැබැයි මෙහෙම එකක් වුනා. කතාව ලියන්න ගන්නත් කලින්ම ඉඳන් මගේ ඔලුවෙ වැඩ කරපු දෙයක් තමා අනාගත්යෙන් කවුරු හරි එහෙම ආවොත්, එයා අතීතයේ කිසි දෙයක් වෙනස් නොකළ යුතුයි කියන එක. එහෙම කළොත් ඒකෙන් දරුණු ප්‍රතිඵල අනාගතේට ඇතිවෙනවා කියන අදහස මුල ඉඳනම් මගේ ඔලුවේ වැඩ කළා. ඒකම වෙන්න ඇති මට ඔය වගේ දෙයක් ගැන හිතුනෙම නැත්තේ.

      උඹ කියන පොයින්ට් එක ගැන කතා කළොත්, දැන් අනාගත්යෙන් එන සමන්ත දන්නවානේ අම්මා මැරෙන්නේ එයා හරියට සුනාමිය එන වෙලා නොකියපු නිසා කියලා. එහෙනම් ලොකු සමන්ත, පොඩි සමන්තට කියන්න ඕනා හරියටම සුනාමිය එන වෙලා. අම්මව බේර ගන්න ඕනානම්. එහෙම නැතුව දිනේ විතරක් කියුවොත් පොඩි සමන්ත එන වෙලාව වරද්දලා කොහොමත් අම්මව මැරෙනවා කියලා ලොකු සමන්ත දන්නවානේ. එතකොට පොඩි අවුලක් වෙනවා. මොකද සාමාන්‍ය මිනිස් ස්ව්භාවය යටතේ පොඩි සමන්තට ඕක රහසක් හැටියට තියාගෙන ඉන්න බෑ. එයා ඒක කියනවා. මොකද අපි හැමෝම කැමතියිනේ හරියටම හරියන අනාවැකි කියලා පොරවල් වෙන්න. එතකොට සුනාමියෙන් මැරෙන්න ඕනා මිනිස්සු මැරෙන්නැතුව අනාගතයේ ලොකු අවුලක් වෙනවා. අනිත් එක සමන්ත එහෙම කරලා අම්මව බේර ගත්තා කියමු, එතකොට එයා ආපහු වර්තමානෙට එනකොට මිය ගිය අම්මා නැවත පණ පිටින්. එතකොට ඒක වර්තමානයේ ලොකු අවුලක් හදනවා නේද ?

      ඔය මම කිව්වේ උඹේ පොඉන්ට් එක ඔස්සේ හිතුවම මට හිතුන දේවල් මිසක් උඹ එහෙම කියපු එක නරකයි කියන්න නෙමේ හරිද. මේ ජාතියේ විචාර නිර්මාණයකට හරි වැදගත් සහ තවත් ඉදිරියට හිතන්න පොලඹවනවා. ඒක හින්දා ඒ ගැන උඹට බොහොම ස්තූතියි බීට්ල්.

      අන්තිමට, උඹ කියපු එක ඔස්සේ හිතන්න ගිහින් ආයෙත් සර්කිට් බ්‍රේක් වෙන්නම ගියා... හෙහ් හේ :D

      Delete
  28. මොළ සර්කිට් එකට ඇඩිෂනල් කූලිං සිස්ටම් එකක් හයිකරල තියෙන හින්ද හොඳයි. නැත්තං ඕව හීට් වෙලා ප්‍රධාන ගනයේ අයිසී දෙක තුනක්ම පිච්චනේන තිබුන. :D
    //වෙන්න තියන දේවල් වෙන්නම ඕනා. ඒවා වෙනස් කරන්න හොඳ නෑ. ඒවා එහෙම වෙන්න හොඳ හේතු ඇති. අපි නොදන්නවා වුණාට.// මේකනං සත්‍යයි කියල තමයි මටත් කියන්න තියෙන්නෙ. සොබාදහම වෙනස් කරන්න ගියොත් අන්තිමට කොහෙන්හරි කෙලවෙන්නෙ අපිටම තමයි.

    නියම නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට එහෙම හයි කරලා තිබුනේ. නැත්නම් විනාසයි... හෙහ් හෙහ්...

      ස්තූතියි ප්‍රසන්න...

      Delete
  29. ඇත්තමයි බන් . මාත් කැමතිම මාතෘකාවක් මේක. විද්‍යා ප්‍රබන්ධ කියන ක්ශේත්‍රය තවම අපේ රටේ එච්චර මාකට් නැත්තෙ මොකද මන්දා. ඇත්තටම අනාගතයෙන් අපිව දැනටමත් නිරීක්ෂනය වෙනවා වෙන්නට බැරිද? අර හොයා ගන්න බැරිය කියන මැලේසියන් ගුවන් යානයත් අතීතයට හෝ අනාගතයට ගියා වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර විට අනාගතයෙන් අපිව නිරීක්ෂණය වෙනවා වෙන්න පුළුවන්. කාටද පුළුවන් නෑ කියන්න.

      උපාලි විජේවර්ධන ගිය ෆ්ලයිට් එකත් ඔය හරියෙදිමලු නේද අතුරුදහන් වුනා කියන්නේ. සමහර විට ඔය ප්‍රදේශය අපි නොදන්න යමක් වෙන ප්‍රදේශයක් වෙන්නත් පුළුවන්. බර්මියුඩා ත්‍රීකෝණය වගේ..

      Delete
  30. තාම මගේ ඔළුව කැරකෙනවා වගේ .....:)

    ලස්සනට ලියලා තියෙනවා සෙන්නා. සෙන්නා ලියලා තියන විදියට කිසිම එපාවීමක් නැතිව එක හුස්මට කියවගෙන යන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදර තුමා.

      Delete
  31. ඒක නියමයි මිත්‍රයා...

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

Sex Scene හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog