2012 මැදින් මස 30 වනදා,
මේ කතාව මට අහන්ඩ ලැබුණෙ, කොහොමවත් මම එහෙම කතාවක් අහන්ඩ හිටපු වෙලාවකවත්, එහෙම කතාවක් කියයි කියලා හිතපු පුද්ගලයෙකුගෙන්වත් නෙමේ. කොටින්ම මට ඒ මනුස්සයව එදායින් පස්සෙ හම්බෙලාවත් නැහැ. මේක විශ්වාස කරන්ඩ පුළුවන්ද, බැරිද කියලා අදටත් මට ගැටලුවක්. ඕනම දෙයක් වෙන්ඩ පුළුවන් මේ ලෝකේ මෙහෙම දේවල් නොව්නයි කියන්ඩත් බැහැ ඉතින්. නවීන විද්‍යාව ඔළුව උඩ තියන් ඉන්න මිනිහෙක් නම් කියයි;
" මොන විකාරයක්ද ? ඕක ඒ යකා හිතෙන් මවාගත්තු එකක්" කියලා.
මට ඉතින් ඔය විද්‍යාව ගැනවත්, මිනිස් මනස ගැනවත් ලොකු දැනුමක් නැති හින්දා මට ඉතින් එක පාරම බැහැර කරන්ඩත් බැහැ බැහැ වගේ. අනේ මංදා, මම කතාව කියන්නම්. ඕගොල්ලොත් බලන්ඩකො මේක වෙන්ඩ පුළුවන් දෙයක්ද කියලා. ඕක මට කියපු මනුස්සය නම් දහ අතේ දිවුරලා කිව්වා මේක තමන්ගෙ යාළුවෙකුට උණ ඇත්තම සිද්ධියක් කියලා.
~~~~~
පිටරටක වැඩ කරන කෙනෙක් දන්නවා අවුරුද්දකට සැරයක් හම්බෙන නිවාඩුවට ලංකාවට එන දවස කොච්චර ප්‍රීතිමත් එකක්ද කියලා. හිතම ප්‍රීතියෙන් පිරිලා තියෙන්නේ. දකින දකින හැම දේම නිකන් හරි ලස්සනට පේන්නේ. ඒ වෙලාවට ලෝකෙ කොච්චර ලස්සනද කියලා හිතෙනවා. ඒක මාරම හැඟීමක්, වචනයෙන් විස්තර කරන්ඩ බැහැ. විඳලම බලන්ඩ ඕනා. අපහු යන දවසට ඒකෙ අනිත් පැත්ත. මරන්ඩ ගෙනියන හරකා වගේ.
කටුනායකින් ගුවන් යානය ගොඩබානකම් පුදුම නොඉවසිල්ලකින් හිටියේ. නවත්තන්ඩත් ඉස්සෙල්ලා ආසන පටි ගලවලා මාව හිටෙව්වේ ඒ නොඉවසිල්ලමයි. එතකොට වෙලාව රෑ නමයා මාරට විතර ඇති. අවශ්‍යය කරන කටයුතු නිමවෙලා, තීරු බදු රහිත සාප්පුවෙත් ටිකක් වෙලා ගත කරලා එළියට එනකොට එකොළහමාරත් පහුවෙලා වගේ තමා මතක.
මෙදා සැරේ මම ගෙදර අයව පොඩ්ඩක් පුදුම කරවන්ඩ නොකියම ගෙදරට යන්ඩ තමා කල්පනාව. අඩු ගානේ මම එනවද කියලවත් ගෙදර අය තාම දන්නෙ නෑ. ඒක හින්දා මට සිද්ධ උනා කුලී රථයක පිහිට පතන්ඩ. ගමනට කුළිය ඇහුවම ඇත්තටම හිතුනා ගුවන් යානෙන්ම ගෙදරට යාගන්ඩ තිබුනනම් ඊට වඩා ලාබයි කියලා. තනිකරම කළ දුටු කල වල ඉහ ගැනීමේ න්‍යායාය තමා ඒ ගොල්ලො අනුගමනය කරන්නේ. රට ඉඳලා එන බව දන්න හින්දා ගානක් කඩා ගන්ඩ පුළුවන් කියලා දන්නවා. කොහොම හරි දෙපැත්තටම සාධාරණ ගානකට එකඟ වෙන්ඩ පුලුවන් උනා අන්තිමේදී. ඔය ගම්වලින් මැදපෙරදිග මෙහෙකාර සේවයට ගිය නූගත් ගැහැනු උදවියගෙන් එහෙම හොඳට ගාන කපනවා ඇතියි කියලත් මට හිතුනා. ඒ වගේ සමහරුන්ට මගදී එක එක අතවර වලට මුහුණ දෙන්ඩ උන කතාත් මම අහලා තිබුනා. ඒවට කාටද දොස් කියන්ඩ ඕනා කියලා මට තේරෙන්නෑ.
" මහත්තයා මාතර කොහෙටද යන්නෙ ? "
" ටවුන් එක කිට්ටුවටම. "
රියදුරාම මගෙ ගමන් මළු ටික අරන් රථයට පටව ගත්තා. වයස පනහක, හැටක විතර තලත්තෑනි මනුස්සයෙක්.
අන්තිමේදී පිටත් වුනා.
මමත් ඉස්සරහා වම් පැත්තෙ අසුනෙ හොඳට හරි බරි ගැහිලා වාඩි වුණේ ගුවන් ගමනට වැඩි වෙලාවක් මේකට යනවා කියලා දන්න නිසා.
ටික දුරක් යනකම් මම වට පිට බලමින් ගියේ සිද්ධ වෙලා තියන වෙනස ග්‍රහණය කරගන්ඩ. කියන්ඩ තරම් ලොකූ වෙනසක් තිබුණෙත් නැහැ. දත් තිස්දෙක එළියෙ දාගන, කණු උඩ එල්ලිලා ඉන්න මුහුණු ටික දැක්කම තමා මතක් උණේ ඡන්දයක් ඉවර උණේ මේ ළඟදි නේද කියලා. රටට සේවය කරන්ඩ කොච්චර කැපවෙලාද කියලා හිතාගත්තෑකි දැන්වීම් අලවලා කරලා තියන පරිසර හානිය දැක්කම. නොදෝමකින්..!!
ටිකක් වෙලා ගතවුනා. වාහනේ දැන් මීගමු පාරට වැටිලා කොළඹ පැත්තට යනවා. ඔන්න ඔය වෙලාවෙ තමයි මගේ අර කැත පුරුද්ද මතු උනේ. ශිඃ මේක මට නවත්ත ගන්ඩ බෑනේ. හොඳටම දන්නවා හොඳ නැහැ කියලා, ඒත් ඉතින් පුරුද්ද ලොකුයිනේ. දෙතුන් පාරක් නවත්තන්ඩ උත්සහ කළා, කොහෙද ! හැබැයි මේ පුරුද්ද, මේ කතාව අහගන්ඩ ඉවහල් උනා කියලා තමා දැන් මට හිතෙන්නේ. මොකද මෙච්චර වෙලා බමුණා වගේ බුම්මගන රෝදෙ කරකවපු එකා මාත් එක්ක කතාවට වැටුනෙ ඊට පස්සෙ තමා. ඔව් ඔව් එයා තමයි මට ඔය කතාව කිව්වෙ. ටැක්සි රියදුරා.
" මේ.. මම සිකරට් එකක් බිව්වට කමක් නැද්ද ? ඔයත් බොනවද එකක් ? " මම සිගරට් පැකට් එක දික්කරන ගමන්මයි ඇහුවේ.
" කමක් නැහැ මහත්තයා බොන්ඩ බොන්ඩ.. අහ් එහෙනම් මටත් එකක් දෙන්ඩකො. "
මමත් එකක් පත්තු කරන් රියදුරාටත් එකක් දුන්නා. මිනිහා සිගරට් එක දිහාට අමුතු බැල්මක් එහෙම දාලා තමා ඒක පත්තු කර ගත්තේ.
" රට සිකරට් ජාතියක් නේද මහත්තයා ? "
" ඔව් ඔය මම එහෙන් අරන් ආපු ඒවා වගයක්. "
" මහත්තයා මොන රටේ ඉඳලද එන්නේ ? "
" මැද පෙරදිග. " මම එහෙම කිව්වේ මම ගැන ඕනැවට වැඩි විස්තරයක් නොදෙන්ඩ හින්දයි. මම කොහොමත් මිනිස්සුන්ව එක පාරටම විශ්වාසෙට ගන්නෙ නැහැ. එකට කන බොන උන්වත් විශ්වාස කරන්ඩ බැරි අද කාලේ, මේ නොදන්න මනුස්සයෙක්ව කොහොම විශ්වාස කරන්ඩද! ඒක හින්දා මගේ තොරතුරු අවම වශයෙන් හෙළිකරපු එක තමා වුණේ.
" ඩ්‍රයිවර් මහත්තයා කොයි අහද, නැහ්.. මං කිව්වේ මොන පළාතෙද ? " අපේ පලාතට ආවේනික භාෂාව තේරෙන්නැතුව ඇති කියලයි මම දෙවෙනි කොටස එකතු කළේ.
" කුරුණෑගල මහත්තයෝ. ඒත් මම දැනට නම් කටුනායක බෝඩ් වෙලා තමා ඉන්නෙ. "
" නම මොකක්ද ? "
" ගුණවර්ධන කියලා තමා හැමෝම කතා කරන්නෙ. "
" හ්ම්ම් "
ක්‍රමක්‍රමයෙන් දැන් අපි අතර කතාව ගොඩ නැගෙනවා. රටේ ලෝකෙ දේවලුයි, ඡන්ද ගැනයි, බඩු මිළ ගැනයි, ක්‍රිකට් ගැනයි කතාව ඇදි ඇදී යනවා. ඔය අතරෙ අතරින් පතර සිගරට් එහෙමත් පිච්චෙනවා.
වෙලාව රෑ දොළහටත් කිට්ටු හින්දා පාරේ වාහන එහෙම අඩුයි. ඒක හින්දා අපේ වාහනේ සැළකිය යුතු වේගයකින් ඉදිරියට ඇදුනා. එක හන්දියකට කිට්ටු වෙනකොට කිසිම හේතුවක් නැතුව ගුණවර්ධන රථයේ වේගය බාල කළා.
" ඇයි ඒ ? "
එතකොට මනුස්සයා මට වම් පැත්තෙ තියන ගෑනු කෙනෙක්ගෙ පිළිමයක් ඇඟිල්ලෙන් පෙන්නලා ඇහුවා " දන්නවද මේ කව්ද කියලා ? "
" ඔව්, ඔය රුක්මණී දේවිගෙ පිළිමෙනෙ. " මම කිව්වා.
" මහත්තයා දන්නවද එයා මැරුනෙ කොහොමද කියලා ? "
" ඔව්, ඇක්සිඩන්ට් එකකින්නෙ. "
" ඔව් ඔව් එහෙම තමා, දැන් ඔතන හොල්මන් තියනවාලු. " යි කියලා මනුස්සය මම දිහා බැලුවා. මට ඒ වෙලාවෙ අමුතුම අවඥාසහගත හිනාවක් ආව කට කොනකට. මම ඒක මනුස්සයට නොපෙන්වා ඉන්ඩ උත්සහ කළාට හරි ගියේ නැහැ. ඇත්තටම මම ඒ වෙනකොට හොල්මන් එච්චර විශ්වාස කළේ නැහැ. ඇත්තටම මට එහෙම කරන්ඩ හේතුවක් වෙලා තිබුනේ නැහැ. මම කවදාවත් හොල්මනක් දැකල තිබුනෙත් නැහැ. එච්චර ඒවගේ දේවල් ගැන අහන්ඩ ලැබිලා තිබුනෙත් නැහැ. ඉතින් මම ඕවා නිකන් අවඥාවෙන් බැහැර කරන මානසික තත්ත්වෙක තමා ඒ වෙනකොට හිටියේ.
" ඇයි මහත්තයා හිනා වෙන්නේ ? ඒක විහිලුවක් නෙමෙ. අපේ ඩ්‍රයිවර්ලා දෙතුන් දෙනෙක්ම දැකලා තියනවා ඔතනින් පාර පනින සුදු ඇඳ ගත්තු ගෑනු කෙනෙක්. නිකන් පාවෙලා වගේලු යන්නේ පාර හරහා. එකපාරටම වාහනේ ඉස්සරහින් පනිනවා වගේලු පේන්නෙ. රෑ දොළහත් එකත් අතර තමා පේනවා කියන්නේ. "
මම පුදුම වෙලා මනුස්සයා දිහා බලාගන හිටියා.
" මම බොරුවක් නෙමේ කියන්නේ මහත්තයො. දැකලා බය වෙච්ච අය ඉන්නවා ඕන තරම්. ඒ වගේම ඇක්සිඩන්ටුත් හරියට වෙලා තියනවා. "
" ඩ්‍රයිවර් උන්නැහැ දැකලා තියනවද ? "
" මම නම් තාම දැකලා නැහැ. ඒත් කෝකටත් කියලා මෙතනින් මම රෑට යනවනම් ස්ලෝ කරනවා. "
" ඕක නිකන් කාගෙ හරි හිතලුවක් වෙන්ඩ බැරිද ? ඇත්තටම පාර පැනපු ගෑණු කෙනෙක් දැකලා හැඳුන එකක් වෙන්ඩ බැරිද ? " මම අවිශ්වාසය පළකරා.
" අනේ මංදා මහත්තයෝ. ඔය පිළිමෙ ඉස්සර තිබුනේ ටිකක් එහාට වෙන්ඩ, පාරෙන් අනිත් පැත්තෙ. හරියටම ඇක්සිඩන්ට් එකෙන් එයා මැරුණ තැන. ඉස්සර එතන හරියට ඇක්සිඩන්ට් වෙනවා. මාරාන්තික අනතුරු. පස්සෙ පස්සෙ මිනිස්සු ඇක්සිඩන් එකක් උනාම පිළිමෙට කළු තෙල් ගහන්ඩත් පටන් ගත්තා. පස්සෙ තමා පිළිමෙ මෙතනට ගෙනාවෙ. මෙතනට ගෙනාවට පස්සෙ අනතුරු ටිකක් අඩුයි කියනවා. ඒත් ඔය පාර පනින ගැනු කෙනාගෙ කතාව තියනව. ඕවා නිකන් බොරුම වෙන්ඩ බැහැනෙ මහත්තයො. "
මම කොච්චර හොල්මන් විශ්වාස කරන්නෑ කියලා හිත තද කරන් හිටියත්, මේ කතාව ඇහෙද්දි ඇඟේ හිරි ගඩු පිපෙනවා වගේ දෙයක් දැනුනා. ඒ ඇයි කියන්ඩ මට තේරෙන්නෑ. ඒත් මගේ හිත එකපාරටම මේ කතා පිළිගන්ඩ සූදානම් නැහැ. මේ මතෘකාව ගැන මගේ උනන්දුවත් ටික ටික වැඩි වේගන ආවා. මට තේරුනා මම පිළිගන්නැති බවක් පෙන්නුවොත් මේ මනුස්සයගෙන් තව තව කතා අහ ගත්තැකි කියලා.
වාහනේ ආයෙත් සුපුරුදු වේගයෙන් ඇදෙනවා. කඳාන පොලිසිය කියලා ගහපු බෝඩ් එක ලාවට වගෙ දැක්කා ලයිට් එළියෙන්. තාම ගමනේ ආරම්භය.
" මටනම් විශ්වාස කරන්ඩ අමාරුයි ඩ්‍රයිවර් උන්නැහැ. මම නම් හොල්මන් අවතාර පිළිගන්නෑ. හොල්මන් කියන්නේ හෙල්ලෙන මනස කියලා කියනවලුනෙ. "
මම මෙහෙම කිව්වම මිනිහ මහ අමුතු විදිහට මම දිහා බැලුවා. ඒ බැල්ම දැක්කම මට හිතුනේ මමත් මේ යන්නේ හොල්මනක් එක්කද කියලා. හොල්මනක් ඇවිත් මාවා මරන්ඩ අරගන යනවා ! ඒ සිතුවිල්ල මාව මොහොතකට ගැස්සුවා. ඒත් ඊ ලඟ නිමේශයේදී මම පියවි තත්ත්වෙට ආවෙ, " උඹට පිස්සුද යකෝ ? හොල්මන් සිගරට් බොනවද ? " කියලා මගෙ හිත මගෙන්ම ඇහුවාම තමා. ඒ ප්‍රශ්නෙ මගෙ මුවට මද හසක් නැංවූවා.
" මහත්තයා මට හිනා වෙනවා. මහත්තයට මම කියන්නම් ඔය කතාවම කියපු මගේ යාළුවෙකුට වෙච්ච දෙයක්. " එහෙම කියලා රියදුරා ටිකක් කල්පනාවට වැටුනා. මිනිහගෙ මූණ හැඟීම් බරවෙනවා මට පාරෙන් වැටුන ලයිට් එළියෙන් පවා බලා ගන්ඩ පුලුවන් වුණා. "
" ඔව් කියන්ඩ, යාළුවට මොකද වුණේ ? " දැන් මට මේ කතාව අහනකම් ඉවසිල්ලක් නැහැ.
" මේක වෙලා දැන් අවුරුදු තුනක් විතර වෙනවා මහත්තයෝ. මම මේ එයාර් පෝට් හයර් කිරිල්ල පටන් ගන්ඩ කලින් කළේ ත්‍රී වීල් එකක් එලෝපු එක. " මම මනුස්සයට තව සිගරට් එකක් දික්කළේ පොඩි උත්තේජනයක් දෙන්ඩ ඕනා නිසා. ගුවන් ගමනේ මහන්සියත් එක්ක, නිදිමතත් ලාවට වගේ තිබුනා. ඒත් ඒ සියල්ල යට කරන් මගේ කුතුහලය දැන් නැගිටගන එනවා.
" ඉතින් ! "
" මම ගෙවල් ගාව හන්දියක තමා ත්‍රී වීල් එක තියන් හිටියේ. මහත්තය දන්නවනේ ඉතින් ඕවයේ ඉතින් එක ත්‍රී වීල් එකක් නෙමේනෙ තියෙන්නෙ. අපෙත් හිටියා කට්ටිය දහ දොළොස් දෙනෙක්. "
" මම කියපු ඔය මගේ යාලුවත්, යාලුව කිව්වට පොඩි කොල්ලෙක්, බැඳලා තිබුනෙත් නැහැ. අපිත් එක්ක ඔය රස්සාවම තමා කළේ. නම නිලන්ත. "
" හරිම හිත හොඳ එකා මහත්තයො, දහිරියවන්ත කොල්ලා. තාත්තත් නැතුව මුලු ගෙදරම කටයුතු බලාගන බාල සහෝදරයන්ට ඉගැන්නුවෙත් ඉතින් ඔය රස්සාවෙන් හම්බෙන කීයකින් හරි තමා. ඒ වගේ තමා ඉතින් යකා වගේ, සාමාන්‍යයෙන් කාටවත් බය ඇති එකෙක් නෙමේ. ඕනම බාල්දියක් පෙරලුනොත් මිනිහ හැමෝට කලින් එතන ඇති. "
" ඉතින් ඉතින් "
" ඔහොම ඉන්නකොට දවසක් අපි අතර ඇති වුණා කතාවක් හොල්මන් ගැන. "
" ඉතින් ! "
" ඒ වෙලාවෙ එතන අපි හතර දෙනෙක් හිටියා, ඔය මම දැන් මහත්තයට ටිකකට කලින් කිව්වා වගේ අපි අහපු දැකපු දේවල් තමා අපි කතා වුණේ."
" "මොන පිස්සුද බන් හොල්මන් කියලා ජාතියක් නැහැ. ඕවා ඔක්කොම මනස් ගාත. මම මේ ලඟදි දැක්කා ටී වී එකෙත් කව්ද කියනවා ඔය හොල්මන් කියන්නේ හෙල්ලෙන මනස කියලා", මිනිහා කිව්වා. "
" ඔන්න බලන්ඩ මහත්තයෝ ඔය මහත්තයා දැන් ටිකකට කලින් කිව්වෙත් ඕකම නේද ? "
" ඔව් ඔව් " දැන් දැන් මගේ කුතුහලය හොඳටම ඇවිස්සීගෙන එන්නේ.
" අපි තුන්දෙනා, අපි දන්න, අහපු කතා ඔක්කොම කිව්වා. අරෙහෙ මෙහෙම වෙලා තියනවා, මෙහෙ මෙහෙම වෙලා තියනවා. මොන, පුතයා නෙමේ ඒවා අහන්නේ. ඌ කියන්නෙම ඒවා බොරු කියල. "
" ඔන්න ඔය වෙලාවෙ තමා අපිත් එක්ක හිටපු සාන්ත කියන එකාට නහුතෙට තද වුණේ. "හා උබ ඔච්චරම පිළිගන්නැත්තම් උඹට පුලුවන්ද රැයක් තනියම පරණ කනත්තෙ ඉන්ඩ ?" කියලා අහපි. "
" ඉතින්හ් ! මිනිහ හා කිව්වද ? ඇයි ඒකට පරණ කනත්ත කිව්වෙ ? "
" නැතුව ? මම කිව්වනෙ මිනිහගෙ හැටි. යකෙකුටවත් බය නැහැ. "
" "හරි මම ඉන්නම්, උඹලා කියපල්ලා මම කවද්ද ඉන්ඩ ඕනා කියලා. " ඔන්න උත්තරේ. "
" අපි තුන්දෙනා මූණෙන් මූණ බලා ගත්තා. අපි හිතුවෙ මූ කයිය ගැහුවට ඔහොම එකකට එකඟ වෙන එකක් නැහැ කියලා. හුඟක් මිනිස්සු එහෙමන. "
" ඇයි ඒකට පරණ කනත්ත කිව්වෙ ? " ඒ විශේෂණ පදය ගැන මට තිබුන කුතුහලය නිසාමයි ආයෙත් ඇහුවෙ.
ඔය කනත්ත කාලෙකට කලින් පාවිච්චි කරලා අතඇරලා දාපු එකක්. ගමේ කොනකට වෙන්ඩ තමා ඕක තියෙන්නෙ. පිටිපස්සෙන් ගඟ. ඉස්සරහින් තියන පාර කෙටිම පාරක් තමා ටවුන් එකට යන්ඩ ඕන නම්. ඒත් කාලයක් තිස්සෙ සිදුවෙච්ච අත්භූත සිද්ධි හින්දා මිනිස්සු ඔය පාර පාවිච්චියත් කනත්ත වගේම අතඇරලා දාලා තිබුනෙ. ඉඳලා හිටලා මිනිහෙක් දවල්ට ගියොත් මිසක්, රෑට නම් හදිස්සියකටවත් බලු බල්ලෙක්වත් යන්නෑ ඔය පාරෙන්.
" මොනවද අත්බූත සිද්ධි කිව්වෙ ? "
"සමහරු දැකලා තියනවා, හවසට සුදු ඇඳගෙන කනත්තෙ ඇවිදින ගෑනු කෙනෙක්ව. සමහරුන්ගෙ පස්සෙන් තඩි කළු බල්ලෙක් එලවන් ඇවිල්ලා තියනවා, සමහරුන්ට අස්සයෙක් දුවන සද්ද වගේ ඒවා ඇහිලා තියනවා, කීප දෙනෙක්ම එක එක ඒවට බය වෙලා තිබුනා ඔය කනත්ත ගාවදියි, පාරෙදියි. ඉතින් ඒ වගේ කනත්තක රැයක් ගත කරන්ඩ යනවා කිව්වම ඌට පිස්සුම වෙන්ඩ ඕනා. "
" එතකොට සාන්තයා කිව්වා "හරි හරි ඕක අල්ලලා දාමු අපි පිළිගන්නම් උඹ හොල්මන් වලට බය නැහැ කියලා. ", ඇත්තටම අපි ඔක්කොටම කියන්ඩ ඕනා වෙලා තිබ්බෙ ඒක. බොරුවට ඔට්ටු අල්ලන්ඩ ගිහින් මූට නස්පැත්තියක් උනොත් අපි ඉඳල මොකටද "
" එතකොට නිලන්තයා කිව්වා "නැහැ නැහැ.. දැන් උඹලා අභියෝග කළානේ, මම ඒක බාරගන්නවා. අනිද්දා මම ඔය කනත්තෙ මුලු රැම ගත කරනවා. බලමු හොල්මන් මට මොකක් කරයිද කියලා ""
" අපි දන්න දහිරිය දැම්මා ඌව නවත්තන්ඩ. මොන, ඒකා කිව්වොත් කිව්වා."
" විසි එක්වෙනිදත් ආවා, එදා තමයි කියපු දවස. එදා දවසෙම අපි ඒ ගැන වචනයක්වත් කතා නොකර ඉන්ඩ තමා කතාවෙලා හිටියේ, නිලන්තට අමතකවෙලා හරි, මිනිහා හිත වෙනස් කරගන හරි හිටියොත් එහෙම්ම මගෑරිලා යන්ඩ දෙන්ඩ. කොහෙද එදා උදේම මූ ඇවිල්ලා කතාව ඇදලා ගත්තෙ නැද්ද ! "
" කොහොමින් කොහොම හරි රැත් උනා කියමුකො. අන්තිම මොහොත දක්වාම වැඩේ නවත්ත ගන්ඩ තමා කට්ටියම බැලුවෙ. සාන්තයට තමා ගොඩක් ඕනා කම තිබ්බේ ඇයි ඉතින් උගෙ කට වැරදිච්ච නිසානෙ මේක උණේ. මොනවා හරි උනොත් හැමෝම ඌට දොස් කියන්ඩ ගනියි කියලා. මම නම් එදා රෑ වැඩේට සහබාගි උණේ නැහැ. කොල්ලො ටික මූව කනත්තට ඇරලවලා ඇවිල්ලා. උදේ කට්ටිය එනකම්ම කනත්තෙ ඉන්නවා කියලා තමා නිලන්ත කියලා තිබුනෙ. "
" ඉතින් මිනිහා ඇත්තටම හිටියද, නැද්ද කියලා දැන ගත්තෙ කොහොමද ? "
" ඉන්ඩකො කියනකම්. ඒකට අපිනම් ක්‍රමයක් යෙදුවෙ නැහැ. මොකද අපිට කිසිම සැකයක් තිබුනෙ නැහැ මිනිහා එහෙම බය ගුල්ලෙක් වගේ බොරුවක් කරලා මාරු වෙලා යයි කියලා. එහෙම ඕන නම් බලෙන්ම ඔහොම එකකට පැටලෙන් නෑනෙ. අනිත් එක අපි හැමෝටම ඕනා වෙලා තිබුනෙ මිනිහා එහෙම හරි මගෑරලා යනවනම් යන්ඩ දෙන්ඩ. මොකද මේකෙ තියන භයානක කම නිලන්ත ඇරෙන්ඩ අනිත් ඔක්කොවන්ටම හොඳටම දැනිලා තිබුනෙ. අපි කිසි කෙනෙකුට ඔතන වෙන ඔය සිද්ධි ගැන කිසි සැකයක් තිබුනෙ නැහැ. "
" ඉතින් ඊට පස්සෙ ? "
" ඉතින් කට්ටිය බිමට එළිය වැටෙද්දිම කනත්තට ගිහිල්ලා."
"යනකොට දැකපු දෙයින් කට්ටියගෙ ලේ වතුර වෙලා තිබුනා, මෙන්න මිනිහා ඉන්නවලු මිනී වලක් උඩ වැටිලා. "
" නෑ..හ්හ් " මගේ රෝම කූප කෙලින් වෙන බවක් තමා මට දැනුනෙ.
" ඒ මක් වෙලාද ? "
"සාන්ත ඔලුවෙ අතගහගන තිබුනා, මොකක්ද මං කරපු මේ අපරාදෙ මේකව මේකට පටලවලා කියලා. "
" හොඳට ලංවෙලා බලලා තියනවා සිහි නැති වෙලාවත්ද කියලා. නෑ හුස්ම ගන්නෙත් නැහැලු. කොල්ලො ටික සෑහෙන්ඩ අවුල් වෙලා. හිමීට නිලන්තව අනිත් පැත්තට හරවනකොටම... "
" ඔව් මොකද වුණේ.. " මට දැන් ඉවසිල්ලක් නොමැත.
" මේ යකා කෑගහගන හූ කියාගන නැගිටලා තියෙන්නෙ. අරුන් තුන්දෙනා පණ එපා කියලා දුවන්ඩ පටන් අරන්.. " ගුණවර්ධන කියමින් සිනාසෙයි.
" " හෝව් හෝව් කොහෙද තොපි දුවන්නෙ ? මේ මම මම" කිය කිය නිලන්තයා බඩ අල්ලන් හිනාවෙනවලු. " "
" අරුන් ටික නැවතිලා කුනුහරුප කියාගන තමයි ආයෙත් ඇවිත් තියෙන්නෙ. කන්ඩ කෙන්තිය මේ කරපු වැඩේට. "
" මොකද වෙලා තියෙන්නෙ ? " මමත් ටිකක් කේන්තියෙන් ඇහුවෙ. මහලොකු කතාවක් කියන්ඩ වගේ ඇවිල්ලා බොරුවට කුතුහලයත් අවුස්සමින් කරපු මේ කතාව ගැන මට ඒ වෙනකොට අප්‍රසාදයක් තමා ඇති වෙලා තිබුනෙ. " මේ යකා අතින් දාලා බොරු කියනවා " කියන නිගමනයට මම ඒ වෙනකොට ඇවිත් හිටියෙ.
" නිලන්තයා අරුන් ටිකව බොරුවට බය කරන්ඩ තමා එහෙම ඉඳලා තියෙන්නෙ. "
" ඒ කියන්නෙ මිනිහට මුකුත් වෙලා නැහැ. ඒ කියන්නෙ හොල්මන් කියන එක බොරුවක් කියලා තමා ඔප්පු වෙන්නෙ ? එහෙම නේද ? කෝ ඩ්‍රයිවර් උන්නැහේ මට කිව්වෙ හොල්මන් ඇත්ත කියලා ඔප්පු වෙන කතාවක් කියනවා කියලනෙ " ඒ මගේ නොරිස්සුම මිශ්‍ර වෙච්ච හඬ.
" ඉවසලා ඉන්ඩ මහත්තයො කතාව තාම ඉවර නැහැ. මම මේ වෙච්ච විදිහටමයි කියාගන යන්නෙ. "
" හරි හරි ඉතින් කියන්ඩකො. "
" කෝ බන් උඹලා කියපු හොල්මන් ? මම නම් එකෙක්වත් දැක්කෙ නැහැ කියලා තමා ඉතින් මිනිහ අන්තිමට කිව්වෙ."
" ඔන්න ඔහොම මුළු ගමක්ම කාලයක් බය වෙලා හිටපු ඔක්කොම හොල්මන් වලට කොලොප්පමකුත් කරලා තමා නිලන්තයා හොල්මන් නැහැ කියලා ඔප්පු කළේ. "
කට්ටියම මුකුත්ම කියන්ඩ ගියෙ නැහැ. මිනිහට දිනුම දීලා නිකන් හිටියා ඇරෙන්ඩ. ආයෙ මොකක් හරි කියලා තවත් විකාරයක් කරයි කියන බය හැමෝටම තිබුනා. නිලන්ත මොන සෙල්ලම් දාලා පෙන්නුවත් අනිත් අය කවුරුවත් ඉතින් තමන්ගෙ හිතේ තියන විශ්වාස එක පාරටම අතාරින්නෑනේ මහත්තයො. "
" ඊ ලඟට මොකද වුණේ ? " මට දැන් කතාව නීරස වීගන එන්නෙ. මේ යකා කියන තරම් මඟුලක් මේකෙ නැහැ කියලා තමා මට දැන් හිතෙන්නෙ.
" ඕක වුණේ බදාදා දවසක. ඊලඟ ඉරිදා උදේ, නිලන්තයගෙ ත්‍රී වීල් එක ඔය කනත්තට ටිකක් මෙහායින් පාරෙ අයිනෙ තියන විශාල සියඹලා ගහේ හැප්පිලා තිබිලා හම්බුනා. "
" නෑහ්හ්.... ඒ මොනවා වෙලාද ? " නැවතත් මගේ යටයමින් තිබූ කුතුහලය ඇවිස්සුනි.
" ත්‍රී වීල් එක ඉස්සරහ චප්ප වෙලා. නිලන්තව එලියට ගන්න කොටත් සිහි නැහැ. මිනිහට පිටින් පේන්ඩ නම් තුවාලයක් තිබුනෙ නැහැ. " ගුණවර්ධනගේ කට හඬ නැවතත් හැඟීම් බර වෙමින් තිබුනි.
" මොකද වෙලා තියෙන්නෙ ? "
" මිනිහා දවසක්ම හිටියා ඉස්පිරිතාලෙ සිහි නැතුව. පහුවදා තමයි සිහිය ආවෙ. ඊට පස්සෙ ටික ටික කතා කරන්ඩ ගත්තා. ඒත් නිතරම බය වෙලා වගේ තමා හිටියේ. හිටපු ගමන් නින්දෙන් කෑගහගන් නැගිටිනවා . "
" මොකක්ද වෙලා තියෙන්නෙ ? " කතාව නොකියමින් වටේ වැල්වටාරම් ගහමින් ඉන්න එක ගැන මට ඒ වෙනකොට රියදුරත් එක්ක කෝපයක් ඇති වෙමින් තිබුනෙ.
" සිහිය ඇවිත් හොඳට හිටපු වෙලාවක තමා අපි මිනිහගෙන් කතාව දැනගත්තෙ. "
" එදා සෙනසුරාදා රෑ, නිලන්ත හයර් එකක් ගිහිල්ලා එමින් ගමන්. වෙලාව රෑ එකොළහමාරට විතර ඇතිලු. මගදි ගෑනු කෙනෙක් අත දාලා තියනවා ත්‍රී වීල් එකට. පොඩි අත දරුවෙක්වත් වඩාගන. "
" මෝහිනීද ? " මම ඉස්සර විය. ඒ මෝහිනී ගැන කලින් අසා තිබුන බැවිනි.
" ඉන්ඩකො මහත්තයො කියනකම්. "
" ළමයට හදිසියේ අසනීප වෙලා, ඉස්පිරිතාලෙට බේත් ගන්ඩ ගිහිලා එන ගමන්ලු, බස් එක මගෑරුණා කියලා කිව්වලු. "
" ඉතින් ඉතින් "
" යන්ඩ ඕනා කියලා තියෙන්නේ අපේ ගමට අල්ලපු ගමට. ටවුන් එකේ ඉඳලා අර මම කලින් කියපු පාර තමා කෙටිම පාර. නිලන්තයා ඉතින් ඔය පාරෙන් තමා ඇවිත් තියෙන්නේ. " " ඕකෙ ඌම ඇරෙන්ඩ ඔය වෙලාවෙ වෙන එකෙක් නම් කීයටවත් යන්නෑ කියලා මට ඉර හඳ වගේ විශ්වාසයි. හොල්මන් නැහැ කියලා මිනිහම ඔප්පු කරලා තිබුන එකත් ඕකට බලපාන්ඩ ඇති. "
" ඔය කනත්ත හරියට එනකොටම නිලන්තට දැන් ඇහෙනවලු පිටි පස්සෙන නිකන් සිලි සිලි මල්ලක් පොඩි වෙනවා වගේ සද්ද්යක්. "
" ඉතින් ! " දැන් මගේ හද ගැස්මද වැඩි වෙමින් පවතී.
" මිනිහ හැරිලා බලල තියනවා නිකමට වගේ. ඒ දැකලා තියන දේ වෙන එකෙක් දැක්ක නම් එතනම මැරෙනවා මහත්තයෝ. මුගෙ හිත හයිය හින්දම ඔහොමවත් අල්ලලා හිටියා. "
" ඇයි මොකක්ද දැකලා තියෙන්නෙ.. ? "
" මූ පිටි පස්ස බලපුවම දැකලා තියෙන්නේ ගෑනි කොණ්ඩෙ කඩාගන දත් විලිස්සලා මූ දිහා බලලා තියනවා. ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් වගේ රතුම රතු පාටයිලු, ලොකූ වෙලාලු. දෙකොනෙන් මතු වෙච්ච උල් දත් වලින් ලේ පෙරෙනවලු. ඔඩොක්කුව දිහා බලපුවමයි දැකලා තියෙන්නේ ගෑනි අර ළමයව කනවලු. ඒ වෙනකොටත් ඔලුව නැහැල්ලු "
" නිකන් හිතලා බලන්ඩ මහත්තයෝ තමන්ගෙ පිටිපස්සෙන් අඩි දෙකක්වත් දුර නැතුව ඒ වගේ දෙයක් එකපාරටම දැක්කම මොන ජගතද බය නොවී තියෙන්නේ. මාව නම් එතනම මැරෙයි. "
එවිට මමත් සිතා බැලුවේ මම එවැනි දර්ශනයක් දුටුවහොත් මගේ ප්‍රතිචාරය කුමක් වෙයිදැයි කියාය. අනිවාරයයෙන්ම දරුණු තිගැස්මකට හෝ බයවීමක් විය හැකි බව හැඟුනේ එම සිතුවිල්ල පවා මසිත බියෙන් පුරවාලූ බැවිනි.
" මේ යකා බය වෙච්ච පාර සිහි නැතුව ගිහිල්ලා අර සියඹලා ගහේ වද්දගන. "
" උඹලා හරි මචන්, හොල්මන් අවතාර කියලා දෙයක් තියනවා, මම දැන් පිළිගන්නවා" කියලා ඌ ඇඳේ ඇල උනා. ඒ තමයි උගෙ අවසාන වචන මහත්තයො. "
" ඇයි මොකද වුණේ ? "
" දවස් දෙකයි හිටියේ, ඊලඟ දවසෙ මුලු ඇඟම නිල් වුනා, ඊට පහු වෙනිදා ඌ අපිව දාලා ගියා මහත්තයො." ගුණවර්ධන බෙහෙවින්ම හැඟුම් බර විය. ඉන් පසු සැහෙන දුරක් යනකම් අප දෙදෙනා අතර කතාවක් නොවීය.
ටිකකට පසු ගුණවර්ධන විසින්ම සිය හඬ අවදි කළේය.
" හොඳම වැඩේ කියන්නේ මහත්තයො, ත්‍රී වීල් එකේ සීට් එකේ තිබිලනේ ලේ වගයකුයි, පොඩි එකෙක්ගෙ සූප්පුවකුයි "
" නෑහ්හ්හ්..... !!! " ඒ මවිත වූ මාය.
" ඔන්න ඕක තමා මහත්තයෝ මම කිව්වේ හොල්මන් තියනවා කියලා. මහත්තයා තාමත් විශ්වාස කරන්නැද්ද ? "
" ගමේ මිනිස්සු නම් කියන්නේ හොල්මන් අවතාර සම්ච්චලයට ලක්කරපු හින්දම නිලන්තට මේ දඬුවම ලැබුනා කියලා. "
~~~~~
සැබැවින්ම මට අදටත් ඒ පිළිබඳ ඇත්තේ දෙගිඩියාවකි. හොල්මන් තිබෙන්නත් පුලුවන, නොතිබෙන්නත් පුලුවන. බුදු දහමෙත් ප්‍රේත ආත්ම වැනි දේවල් ගැන කියවෙන බැවින් හොල්මන් නැතැයි එක වරම අහක දැමිය නොහැකි යැයිද මට හිතේ. එහෙත් ඡායා මාත්‍රයකින්වත් එවන් වූ අත්දැකීමක් ලබා නැති බැවින් ඒ පිළිබඳව සැකයක් නැත්තේත් නොවේ.
මේ ගැන ඔයගොල්ලො මොනවද හිතන්නෙ ?
පසු සටහන ;
~ ඉහත සඳහන්, ත්‍රීරෝද රථය තුල සිදු වූවයි කියන සිද්ධිය මට ඇසීමට ලැබුනේ මගේ මිතුරකු වූ රොනල්ඩ් ඩයස් මහතා මාර්ගයෙනි. එය සිදුවූ ප්‍රදේශය හා කාලය ඔහු සඳහන් කළද දැන් එය මාගේ මතකයෙන් ගිලිහී ගොස්ය. මෙය එය අනුසාරයෙන් මා විසින් ගොතන ලද කතාවක් පමණී.
~ රුක්මණී දේවියගේ පිළිරුව පිළිබඳ දැක්වුනු අදහස් ඒ ශ්‍රේෂ්ඨ කලාකාරිණියට අපහාසයක් සිදුකිරීමේ අරමුණින් යෙදූවක් නොව, අදටත් ඒ ප්‍රදේශයේ ප්‍රචලිත මිත්‍යාවක් මාගේ කතාව ගොඩනැගීම සඳහා යොදා ගත්තා පමණී. ඒ පිළිබඳව කාට හෝ සිත්තැව්ලක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් උදක්ම සමාව ඉල්ලා සිටිමි.
පින්තූරය Google Images වෙතින්.
~~ සෙන්නා / 30.03.2012

පෝස්ට් එක ගැන කියන්න කලින් මම මුලින්ම රුක්මණීදේවිගෙ සිද්ධිය ගැන ටිකක් කියන්නම්.. සෙන්නාට නම් මෙව්වා අමුතුවෙන් කියන්න දේවල් නෙමෙ වුනත් කියවන අනික් අය දැනගනීනෙ..
ReplyDeleteරුක්මණීදේවී 70ගණන්වල සංගීත සංදර්ශනයකට ගිහිල්ලා එද්දි බවුසරයක් හැප්පිලා තමයි මැරිලා තියෙන්නෙ.. ඒ තුඩැල්ල පල්ලිය කිට්ටුව.. ඊට පස්සෙ රුක්මණීගෙ පිළිමයක් හැදුවා හැප්පිච්ච තැනම.. ඒ කාලෙම තමයි රුක්මණී රෑට රෑට පාර පනිනවා කියන කතාව ආවෙ..
පස්සෙ කාලෙක මම හිතන්නෙ අනූ ගණන්වල විතර පාර ලොකු කරද්දි රුක්මණීව ළඟම හන්දියට අරගෙන ගියා... හැප්පිච්ච තැනට මීටර් 100ක් විතර දුරට.. කොළඹ මීගමුපාරෙ ජාඇල මීගමු පැත්තට යනවානම් ජාඇල පහුකරද්දිම සුදොසුදු රුක්මණීව බලන්න පුලුවන්.. වැඩේ කියන්නෙ තාමත් පනිනවලුනෙ.. විශේෂයෙන් පනින්නෙ මෝටර්බයික් වලට කියලා තමා කියන්නෙ.. ඔතන හැප්පිලා කවුරුහරි මැරුණු ගමන් මිනිස්සු පිළිමෙට තාර ගානවා..
කොහොමවුනත් මම නම් දැකලා නෑ..
ඊළඟට හොලමන් ගැන කියනවානම් මම විශ්වාස කරන්නෙ නෑ.. මහ රෑ තනියම යනකොට නම් පොඩි බයක් හිතට එනවා.. ඒත් "ආසාවට බලාගන්න වරෙන්කො " කිය කිය තමයි යන්නෙ...
මාතර එකෙක්ගෙන් ඔය කතාව මහ අහලා තියෙන්නෙ අන්තිමට ඩිපෝවට බස් එක දාන්න යන CTB බස් ඩ්‍රයිවර් කෙනෙක්ට වුන දෙයක් හැටියට.. මිනිහා බස් එක බෝක්කුවෙ වද්දගෙන .. හැබැයි මැරිල නෑ.. නිදිමතට පෙනුන විකාරයක්ද කවුද දන්නෙ..
පෝස්ට් එක ගැන කියනවානම් කතාව හොඳට ගොතලා තියෙනවා..
" මූ පිටි පස්ස බලපුවම දැකලා තියෙන්නේ ගෑනි කොණ්ඩෙ කඩාගන දත් විලිස්සලා මූ දිහා බලලා තියනවා. ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් වගේ රතුම රතු පාටයිලු, ලොකූ වෙලාලු. දෙකොනෙන් මතු වෙච්ච උල් දත් වලින් ලේ පෙරෙනවලු. ඔඩොක්කුව දිහා බලපුවමයි දැකලා තියෙන්නේ ගෑනි අර ළමයව කනවලු. ඒ වෙනකොටත් ඔලුව නැහැල්ලු "
මේ ටික නම් මරු.. බුහහ්හහ්හා..
ස්තූතියි හරී..
Deleteමම හිතුවා හරී ඒ ගැන පැහැදිලි කිරීමයි කරයි කියලා.
මමත් ඔය කතා ඔක්කොම ඔහොමම අහලා තියනවා. මට මතකයි ඔතන ඉස්සර හරිහට ඇක්සිඩන්ට් උනා. ඒක පිළිමෙ හින්දා වෙච්චදෙයක්ද වෙන හේතුවක් හින්දා වෙච්ච දෙයක්ද කියන්ඩ දන්නේ නෑ.. අමතක කරන්ඩ නරකයි රුක්මණී දේවිත් අනතුරට ඔතනදි පත්වෙලා මැරුනෙ කියන එක. එතකොට ඉතින් පිළිමයක් තිබුනෙ නෑනෙ.. හැබැයි ඉතින් ඔය කතා තදින්ම පැතිරිලා තියනවා නේද.. ?
මමත් ඔය පිළිමෙ ගාවින් දවසෙ පය විසි හතරෙදිම තනියම ගිහින් තියනවා ඛැබයි කවදාවත් මමනම් දැකලා නැහැ.
මොකක්දෝ හේතුවක් හින්දා එතන දැන් අනතුරු අඩුයි..මම හරි නේද ?
මටනම් හොල්මන් ගැන තියෙන්නෙ මිශ්‍ර අදහසක්. මමත් කවදාවත් දැකලා නැහැ.. ඒ වුණයි කියලා ඉතින් නැහැයි කියන්ඩ බෑනේ..
බුහ්හහහා.. එතනදි ත්‍රසය උපරිමයෙන් ගන්ඩ උත්සහ කළා.. ඒක අසාර්ථකයි..
හොඳට ගෙතිල්ල කෙසේ වෙතත් පළ කරල ඉවර වෙලා ආයෙ කියෙව්වම මටම ලැජ්ජ හිතුනා මොන විකාරයක්ද මේ මම ලියලා තියෙන්නෙ කියලා..
ස්තූතියි ඉතින් හැමදාම ඇවිත් යනවට.
රුක්මණී නිසා කෙසේවෙතත් පිළිමෙ නිසානම් වෙන්න පුලුවන්... මොකද පිළිමෙ දැක්ක ගමන් ස්ටෝරිය මතක් වෙනවනෙ... ඊටපස්සෙ තනියම යන එකෙක් නම් බයවෙලා අවසිහියෙන් යන්න පුලුවනි...
Deleteමේක කියවපු කට්ටියත් ඔන්න ඒ පැත්තෙ යනවානම් බලාගෙන...
අතන නම් දැන් අනතුරු අඩුයි වගේ.. දැන් තියෙන තැන නම් මෝටර්බයික් කාරයෝ හැප්පෙනවා..
දවසක් රෑක බස් එකක් කැඩිලා මම ඔතනින් බැහැලා පයින් ආවා.. මම හිතන්නෙ රෑ 10ට විතර.. මටත් ස්ටෝරිය මතක් වුනා.. හැබැයි බයක් නම් හිතුනෙ නෑ.. මම සුදු ඇඳලා හිටපු නිසා හිතුනා වාහනයකට එහෙම අතදාලා බලන්න.. ඒත් නිකා හිටියා බයවෙච්ච එකෙක් පොල්ලකින් වත් කෙළියොත්...
"ඒක අසාර්ථකයි.." සෙන්නා හැමදාමත් හිතන්නෙ ඔය විදිහටනෙ.. ඔයාගෙ ලිපි පළපුරුදු ලේඛකයෙකුගෙ තත්වයට නැති එක ඇත්ත.. ඒත් අමතක කරන්නෙපා ඒ ලේඛකයොත් එක දවසින් හොඳම ලිපියකින් පටන් අරන් නෙමෙයි ඔය ගමන ඇවිත් තියෙන්නෙ...
දිගටම ලියන්න..
ස්තූතියි හරී දිරි ගැන්වීම ගැන.. දිගටම ලියමි දිගටම ලියමි.. ඒත් මම තාමත් මගෙ නිර්මාණ ගැන යාන්තම්වත් තෘප්තිමත් වෙන තැනකට ඇවිත් නැහැ..
Deleteඔහොම යංකො නේද...
niyameta kathawa liyala thiyanawa.
ReplyDeleteස්තූතියි නිරෝශා
Deleteමචං පානදුර හිරණ පාරේ ඔය වගේ සීන් එකක් වෙලා ත්‍රීවීල් බුවෙක්ට...මිනිහත් ඔහොම දවස් දෙක තුනක් ඉස්පිරිතාලේ ඉඳලා නැතිඋනා..මේක ඒ සීන් එකද වෙන එකක්ද දන්නෑ...ඔය වගේම ළමයව කනවා දැකලා බයවලා මිනිහා මැරුනේ මිනිය නිල් පාට වෙලා ලු...
ReplyDeleteමට දැන් මතක නැහැ බන් මේක කොහෙ වෙච්ච එකක්ද කියලා. සමහර විට ඔය උඹ කියන සිද්ධියමද දන්නෑ.. එහෙම නැත්තම් හොල්මනුත් අපිව හොල්මන් කරන්ඩ එකම හොල්මන තැන් තැන් වල පෙන්නනවද දන්නෑ...
Deleteමචං හිරණ සීන් එක බොරු !
Deleteමං ඉන්නෙත් හිරණ
හොල්මන් තිබෙනවාද? නැත්ද? කියන එක නිශ්චිත වශයෙන්ම කියන්න අපහසු දෙයක්. මිනිස්සු ස්වභාවයෙන්ම ගුප්ත දේවලට යටිසිතින් හෝ ගිජුකමක් දක්වනවා. එයත් නැති හොල්මන් තිබෙන බවට වැඩි ප්‍රවණාතවයකින් පවසන්නට හේතුවන්නට පුළුවන්.ඒ එක්කම අපි සෑමදෙයකටම විද්‍යානුකූල පදනමක් දෙන්නට යෑමේදී, එනම් භෞතික විද්‍යාත්මකව මේ සම්බන්ධයෙන් හෝ වෙනයම් යක්‍ෂ දේව යන්තර මන්තර වගේ දේවල් ගැන බලන්නට යනකොට හොල්මන් කියා දෙයක් නැහැ කියලා තර්ක ගොඩනගන්නත් පුළුවන්. හැබැයි ලෝකයේ හැමදෙයක්ම දැනට තිබෙන විද්‍යාවන්ට කොටු කරන්න බැරි අවස්ථාත් සෑහෙන්න තිබෙනවා. අනික තමයි තවම විද්‍යාවට අදාල වන සියළු දේවල් සොයා ගෙන ඉවරයක් නැහැනේ. එදා බොරු හෝ වටහා ගැනීමට අපහසු දේවල් අද විවිද සාක්‍ෂි සමග ගොනු කර සත්‍ය බවට තහවුරු කල අවස්ථා තිබෙනවා.
ReplyDeleteඒ මොනවා වුනත් මටනම් හිතෙන්නේ අපි බියට පත්වීමත් සමග ඇතිවන කම්පනය ප්‍රධාන වශයෙන් දැනෙන්නේ හෘදයට නිසා රුධිර පීඩනය වැඩිවීම වැනි කාරණා එක්ක මේ වගේ කාරණ වලදී මිය යාම සිදුවෙනවා ඇති. මටත් කුඩා කාලයේ අපේ ආත්තම්මලා, සීයලා අවතාර හෝ පාළු වැසිකිලිවලදී එකවර දොර වැසීමෙන් බියවෙලා දින කිහිපයකට පස්සේ මිය ගිය අයගැන කියලා තියෙනවා. එතනදී එක්වරම හිතට දැනෙන බිය නිසා හදීසි හෘදයාබාද ඇතිවි ඒ මොහොතේම හෝ පසුව මිය යනවා ඇති යයි සිතනවා.
ඉතාම සිත්ගන්නා සුළු අයුරින් මෙය ගොඩනගා තිබෙනවා. ඔබට ඉදිරියටත් මෙවැනි දේ කරන්නට හැකිවේවායිද පතමි...
ස්තූතියි දිනේශ්..
Deleteමමත් ඔබේ මතය හා එකඟයි.. නවීන විද්‍යාවට හසු නොවන දේවල් තව බොහෝ තියනවා කියලා මමත් පිළිගන්නවා...
හොල්මන් යැයි දෙයක් තියනවායයි පූර්ව නිගමනයක ඉන්න අයකුට.. හරියට හඳුනා නොගත් වස්තුවක චලනය වූවත් මාරාන්තික විය හැකියි.
ස්තූතියි නිර්මාණය අගය කිරීම ගැන. හැකියාවක් ලැබුනොත් ඉදිරියේදිත් මෙවැනි යමක් ඉදිරිපත් කරන්න බලන්නම්.
ගොඩක් ස්තූතියි හැමදේකටම.
ඔය කියන පිළිමේ තියෙන්නේ අපේ ගෙවල් ගාව තුඩැල්ලේ හන්දියේ ... ඔහොම හොල්මන් කතනම් මිනිස්සු කියනවා අහල තියෙනවා.ඒත් ඔය තරම් ලොකු දේවල්නම් ඇහුවමයි. ඔතන අනතුරුනම් ඉස්සර සිද්ධ වෙලා තියෙනවා. ඒත් හොල්මන් කතාවනම් බොරු...
ReplyDeleteතුඩැල්ල හංදිය කියන්නෙ එතෙන්ටද බං? එතන පරණ පාරට හැරෙන තැනනෙ..
Deleteතුඩැල්ල හංදිය කියන්නෙ MIC එකට හැරෙන තැනට..
මචන් හරී .. තුඩැල්ලේ හන්දියට ලග නිසයි මම එහෙම කිව්වේ.. ඔය හරිය අයිති වෙන්නේ ජාඇල ටම තමයි.. රුක්මණීදේවී හැප්පුන වෙලාවේ ඉස්පිරිතාලෙ ගීනියමු පොලිසියේ මහත්තයත් තවම ඉන්නවා.
Deleteඅපට නම ඔය පිළිමය දැක්කයි කියලා බයක් වත් හොල්මන් හැනවත් හිතෙන්නේ නැහැ. නිතර දකින නිසා වෙන්න ඇති .
chami,
Deleteසාදරයෙන් පිළිගන්නවා කුරුන්දට.
ඔය පිළිමේ කලින් තිබුනෙ ගම මැද පාරට හැරෙන තැනනෙ. එතන තමා ඇය අනතුරට පත්වුණේ.. තුඩැල්ල හන්දිය කියන්නේ නම් හරී කියන තැනට තමා.
පිළිමෙ දැන් තියන තැනනම් අයිති තුඩැල්ලටද ? කණුවනටද කියන එක මට ගැටලුවක්..
මමත් නිතරම ඔය පිළිමෙ ලඟින් ගිහින් තියනවා තනියම. ඒත් කවදාවත් හොල්මනක් නම් දැකලා නැහැ.. සමහර විට හොල්මන් මාව දැක්කම හැන්ගුනාද දන්නෑ ආන් හොල්මනක් එනවා කියලා.. .. :-)
ඔය පාර තමයි මායිම...
Deleteඑතකොට දැන් රුක්මණී දේවිගෙ භාගයක් තුඩැල්ලෙ භාගයක් ජාඇල..
හොල්මන් දැකල නම් නෑ මමත්!එත් ඉතින් සමහර කතා ගොතපුවනේ,අර ගාල්ල-මාතර බස් 1 කට හික්කඩුවෙන් හොල්මනක් නැග්ග කියල කියනව වගේ තමයි!:p
ReplyDeleteස්තූතියි නුවන්...
Deleteඒක මරු වැඩේ නේද.. ගාල්ල මාතර බස් එකට හික්කඩුවෙන් නැගපු හොල්මනක්.. !
මටත් තාම කණ්නාඩිය ඉස්සරහදි ඇරෙන්ඩ.. හොල්මනක් දැකීමේ වාසනාව ලැබිලා නැහැ නුවන්.. :-)
අඩේ මේ බ්ලෝග් එක අදනේ හම්බ උනේ... කියෙවුවම මමත් බය උනා.. ඇත්තටම සෙන්නා අයියා මාතර කොහේ ද..?
ReplyDeleteඅඩේ මටත් අදනෙ හම්බුනේ....!
Deleteකොහොමද හොයා ගත්තෙ කියලා ඇහුවට කමක් නැද්ද ?
මලයත් මාත් බ්ලොග් කලාවට සමකාලිනයි කියලා තමා පේන්නෙ ඔයාගෙ බ්ලොග් එක දැක්කම. මාත් එන්නම් ඒ පැත්තේ..
මම මාතර නෙමේ මල්ලී.. මේක නිර්මාණයක් විතරයි.. ඔය රට ඉඳන් එන චරිතය තනිකරම මනඃකල්පිතයක්..
ඇත්තටම උන සිදුවීමක් වගේ ලියලා තිබ්බා .... අන්තිම කොටස කියවන තුරුම මා සිතුවේ ඇත්තටම අහපු දෙයක් කියලයි.
ReplyDeleteස්තූතියි
Deleteඅඩේ එච්චරට තාත්විකද..? මටම ලැජ්ජ හිතුනා ආයේ මේක කියවපුවම..
පිස්සුද මචෝ...මම මේ තනියම කන්ට්‍රෝල් රූම් එකේ ඉන්නේ එළිවෙනකං...මේක කියෝලා සිගරට් එකක් බොන්න එලියට යන්නත් බය උනා බං....
Deleteසිරාවටම ඔය ඇත්තද මචන්.. ?
Deleteස්තූතියි බය වුණාට.. හිහ් :-)
ඇත්ත උනත් බොරු උනත් හොල්මන් කතා මාත් එවුව කියවන්න ආසයී සමහරවිට අපි ඔක්කොම හොල්මන් කාරයෝ වෙන්න ඇති.. කතාව අගෙයි ලියල තියෙන විදිහත් එක්ක.. අපිටත් තරහ යනවා එකේක තැන අදිනකොට හරිද ?
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා කුරුන්දට..
Deleteස්තූතියි අගය කිරීම ගැන.. ඔව් ඔව් ඔය චෝදනාවෙන් ගැලවෙන්ඩ තමයි මම ඒක ඩ්‍රයිවර්ට කියන්ඩ දුන්නේ.. හිහ්.. බනින එකක් මිනිහට බනින්න..මිනිහා තමයි බොරුවට කතාව රෝල් කර කර හිටියෙ. :-)
ස්තූතියි මේ පැත්තට ගොඩ වැදුනට..
අපොයි..ආයෙත් හොලන් කතා එපා..අර වෙනද දාන ලිපි හොඳයි..:S
ReplyDeleteකතාව කියවල කොච්චර අප්සට්ද කිව්වොත් අකුරුත් අඩුවෙන් ටයිප් වෙලා.. *හොල්මන්
Deleteඅපොයි.. ආයෙනම් හොලන් කතා කියන්නෑ... සිත් රූ නංගි හොඳටම බයවෙලා.. :-)
Deleteස්තූතියි ඉතින්..
සෙන්නා,
ReplyDeleteසැක සංකා ඇති කරගන්න දෙයක් නෑ. ඔබට ඒ ගැන නිශ්විතවම දැනගන්න ඕනේ නම් කියවන්න බුද්ධ රශ්මි බ්ලොග් අඩවිය.
මෙතන ඇති ඒ ගැන තොරතුරු
http://www.budurashmiya.net/2010/05/blog-post_22.html හැබැයි ඕක විතරක් කියොලා නම් මදි. වෙලාවක් වෙන් කරගෙන මුල ඉඳලා මුලු බ්ලොග් එකම කියවන්න.
එතකොට ඔයාටම තේරෙවි මේ වගේ සිද්දි කොච්චර නම් සාමාන්‍ය දේවල්ද කියලා....
බුද්ධි,
Deleteමාර සයිට් එකක්නෙ ඔයා හඳුන්වලා දුන්නෙ.. බොහොම ස්තූතියි.. හිමීට කියවන්ඩ ඕනා..
ස්තූතියි මේ අහ ආවට..
කුතුහලය, ත්‍රාසය, දැනවෙන කදිම නිර්මාණයක්.
ReplyDeleteවයස 59 කටත් ඔන්න මෙන්න, තාම හොල්මනක් දකින්න වාසනාව ලැබුනෙ නෑ, බලමු මේ වතාවෙ ලංකාවට ආවමවත් චාන්ස් එකක් තියෙයිද කියල.[නරලොව හොල්මන් නං කොහෙ හිටියත් හැමදාම දකිනව]
ඔබ මාමේ හාලිඇල ,උඩුවර වත්තේ පාර අයිනේම තියනවා Estate bungalow එකක් අන්න තැන . hapugastenna plantation එකේ යාලුවෙක් ඉන්නවනම් ඔන්න 59 දීම බලන්න පුළුවන්. හැබැයි අරවගේ දරුණු උන් නෙමේ හරි අහිංසක හොල්මන්; මම උන් එක්ක ටිකදවසක් හිටිය කිසිම කරදරයක් තිබුනේ නෑ. හැබැයි මගේ යාලුවෙක් හිටිය බෝගවන්තලාවේ ඌ හිටපු bungalow එකේ කාමරයක් තිබුන එකේ නිදියනවානම් බොරු .ඔක්කොම පොරවල් ඕකෙදි තමයි පිළිගන්නේ හොල්මන්
Deleteස්තූතියි ඔබා මාමේ..
Deleteනිර්මාණය කදිමයිද ? ඇත්තම කිව්වොත් මටම ලැජ්ජ හිතුනා මේක ආයෙ කියවපුවම..
මාත් තාම හොල්මන් දැකලනම් නැහැ, කණ්නාඩිය ඉස්සරහදි ඇරෙන්ඩ.. හිහ් හිහ්.. එහෙමවත් ට්‍රයක් දීලා බලන්ඩ..
ඔබා මාමට කමෙන්ට් එක දාන අව් අස්සෙ මෙන්න තව එකක්..
Deleteකම්මල,
සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට.. කම්මල ඇරියද ?
ස්තූතියි..දුන්නු ඔත්තුවට.. ඔබා මාමා පළවෙනිදා යන හින්දා ගිහින් බලන් නැතැයි.. ඒ නැත්නම් මම කිව්වා ලේසි කෙරමයක්...
හනේ ඔබා මාමට 59 යි කියලා අදයි දන්නේ...මම හිතුවේ 50 ක් විතර ඇති කියලා :)
Delete59ක් වුණාට තාම ඉතින් කොල්ලා වගේ තමා.
DeleteStill young in heart.
Delete'hapugastenna plantation' ගෑල්ලමයිද දන්නෑ හොල්මන් කොරන්නෙ :-)
මමත් දන්නේ නැතුව මාමා කිව්වේ...අපේ සීයගේ වයසෙනේ....
Deleteවිස්වාස කරන්න බැරි අමුතු සිද්දි කීපයක්ම මම දැකලා තියන නිසා මම කවදාවත් මේ වගේ දේවල් අවිස්වාස කරන්නේ නෑ ..
ReplyDeleteස්තූතියි සඳරු මේ පැත්තට ගොඩ වැදුනට..
Deleteමට මේක ලියද්දි මතක් වුණේ.. සඳරුගෙ " පුහු කොස් ගස යටදී දුටු චාර්ලිස් සීයගෙ අවතාරය " කතාව.
මම නම් තාම හොල්මනක් දැකලා නැහැ.. ඒත් මට හිතෙන්නේ ඒවගේ දේවල් තියනවා කියලා.. හැබයි හුඟක්ම කතා ඇත්ත හොල්මන් දැකීමෙන් හැදුනු ඒවටත් වඩා මිනිස්සු හිතෙන් හදාගත්තු ඒවා කියලයි මටනම් හිතෙන්නේ..
පට්ට ලියවිල්ල. හොල්මන් නම් දවල්ටත් දකින්න පුළුවන්. ඔය පාරේ ඉන්නේ මේකප් දාගෙන කොන්ඩේ ස්ට්‍රේට් කරගෙන.
ReplyDeleteමාතලන්,
Deleteසාදරයෙන් පිළිගන්නවා කුරුන්දට..
ලියවිල්ල පට්ටද ඈ..
ඔව් ඔව් ඒකනම් ඇත්ත.. මෙහෙත් ඉන්නවා එහෙම උන්, අපි කියන්නෙ "පිල්ලියො" කියලා..
ස්තූතියි මේ පැත්තට ගොඩ වැදුනට..
මම ලංකාවෙ වැඩ කරද්දි කාලයක් මට පට්ට පාන්දර ඔතැනින් යන්න සිද්ද උනා මං රාජකාරි කරන තැනට.... මගේ රියැදුරු මහත්තය ඔය පිළිමෙ තියෙන අහළ පහළම ගෙවල් දොරවල් තිබ්බ කෙනෙක්.... ඒ මනුස්සයා කියපු විදියට රුක්මණී දේවිගෙ ඇක්සිඩන්ට් එක වෙච්චි වෙලාවෙ ඇහුනු මහා සද්දෙට මුලින්ම එතැනට දුවල ගිය අය අතරින් කෙනෙක් එයා.... ඉතින් පාන්දර හතරහමාරට විතර ඔතැනින් එනකොට හැමදාම ඔය හොල්මන් කතාව ඇදල ගන්නව මිනිහා..... ඇත්ත නැත්ත මොක උනත් එයා නම් කතාව විශ්වාස කරන බවයි කිව්වෙ.... ඒ නිසා මිනිහගෙ බඩ දනව ඇති එතැනින් යනකොට....
ReplyDeleteමමත් ඉන්නෙ සෙන්නා කිව්ව වගේ විශ්වාස කරම්ද නොකරම්ද කියන තත්ත්වයක, කවදාවත් හොල්මනක් දැකල නැති නිසා..... අර විද්‍යාව සම්බන්ධව දිනේෂ් කියපු කතාවටත් මං එකඟයි.....
හලෝ මියුරු... කොහෙද අප්පා ගිහින් හිටියෙ..? අන්න අරෙහෙ බ්ලොගෙ වේලෙනවා.. අපිට රස කතා නෑ... මොනවද අප්පා..
Deleteඅනේ මංදා මම කලිනුත් කිව්වා වගේ මම ඔතනින් මහ පාන්දර එකට, දෙකට ගිහින් තියනවා තනියම.. මම නම් කවදාවත් දැකලා නැහැ.. හැබැයි ඔය කතාව හරි ප්‍රසිද්ධයි ඒ පැත්තෙ.. ඒක ඔයාගෙ රියදුරත් කියලා තියනවා නේද.. ?
අප්පේ මට නම් කතාවටත් වැඩියෙන් හිතට අල්ලලා ගියේ අර ලංකාවට එනකොට දැනෙන හැටි ගැන කියල තිබුන ටික. මටත් තියනවනේ ඔය අත් දැකීම. ඒක දවස් 2 ක ගමනක් අපිටනම්. අන්තිමම චුට්ට තමයි ඉවසන්න බැරි. ප්ලේන් එක ඉන්දියාව උඩින් යද්දී දැනෙන්නේ ඒක ගාටනවා වගේ. මාර තරහක් එන්නේ :)
ReplyDeleteහොල්මන් කතාවත් නියමයි. මම නම් ඒවා ලොකුවට විස්වාස කරන්නෙත් නැහැ. නොකරන්නෙත් නැහැ. තියනවා කියන්නවත් නෑ කියන්නවත් සාක්ෂි මට නැහැනේ. මොනවා කිව්වත් ඔය වගේ කනත්තක ඉන්න කිව්වොත් මටනම් ඒකට හයියක් නැහැ.
ප. ලි. සැහ් සෙන්නටත් කැත පුරුද්ද පිහිටලා තියනවා වගේ...:)
ස්තූතියි සයුරි...
Deleteරට ගිහින් ආයෙ ලංකාවට එන එකනම් සුන්දරම අත්දැකීමක් තමා.. ඒකමයි මම ඒකත් නිකන් ලියලා දැම්මේ..
සයුරි කතාව පටලෝගන වගේ ... සෙන්නා මාතරත් නෙමේ, කැත පුරුද්දත් නැහැ...( මතෙන් තොර, දුමෙන් තොර ) ඒ රට ගිහින් එන කතාව තනිකරම මනඃකල්පිත කතාවක්.. මට වුණ එකක් නෙමේ.. :-)
හනේ සොලී වෙන්න ඕන..කවුදැයි දන්නේ :) මම හිතුවේ ඇත්ත සිද්ධියකට තව ටිකක් අතින් දාලා ලියලා කියලා. බලනකොට ඔක්කොම අතින් දාලා...ඇත්ත කතාවක් වගේමයි..
Deleteදැක්කද සෙන්නා ලිවීමෙ දක්ෂතාවය...
Deleteදුටිමි දුටිමි..ස්තූතියි හරී...
Deleteරුක්මණි දේවිගේ කතාව නම් ටිකක් ඇත්ත වෙන්න ඇති මොකද ඒ ගැන මාත් ගොඩක් අහල තියෙනවා ඒත් වෙච්ච එකෙක් නම් දැකලවත් නැහැ.උබේ කතාව අනුව නම් ඔය වගේ සීන් එකක් තිබ්බා තේවත්ත පල්ලිය අවට.මේකට නම් මං දන්න කෙනෙකුත් මූණ දීල තියෙනවා.මුලින් තෙවත්තේ සීන් එක කියන්නම්කො
ReplyDeleteදැනට අවුරුදු 3කට විතර උඩදී තෙවත්තේ රබර් කැලේ අස්සෙන් ගෑනු කෙනෙක් අඩන සද්දේ ඇහිලා තියෙනවා.ගොඩක් ත්‍රීවිල් කාරයෝ දැකලා තියෙනවා කන්නාඩියෙන් පිටිපස්සේ සීට් එකේ ගෑනු කෙනෙක් ඉදන් ඉන්නවා හැරිලා බැලුවම කව්රුත් නැහැලු.ඊටපස්සේ දරුණු වුනා ඒ කියන්නේ යන ත්‍රීවිල් වලට අත දාල නැගලා බහින්න ඕන තැන කියනවලු.ඕන තැනට ආවම බැහැලා ඉන්න සල්ලි ගේන්නම් කියලා ඒ වත්තට ගිහින් නැති වෙනවලු.
මං දන්න එකාට වුනේ මේකයි
දවසක් බටුවත්ත කියන පැත්තට යන්න හැරෙන්නේ තෙවත්තෙ කුරුස හන්දියෙන්.දවසක් මෑන් එයාගේ ගෑන්ලමයවත් දාගෙන ඇවිල්ලා බටුවත්ත පැත්තේ ඉදන්.කුරුස හන්දියට ඇවිත් කුරුස හන්දියෙන් වංගුව ගන්න ස්ලෝව් කරලා.ස්ලෝව් කරද්දී (එදා වැස්ස දවසක් ඒක නිසා දෙපැත්තේ රෙද්ද දාගෙන ඇවිත් තියෙන්නේ.) රෙද්ද අයින් කරලා ගෑනු කෙනෙක් නැගලා වාහනේට.මෑන්ගේ ගෑල්ලමයා කිව්වලු මේ කව්ද මේ මොකද මේ වාහනේට නැග්ගේ කියලා.පොරත් හැරිලා බලලා ඒත් මොකෙක්වත් නැහැල්ලු.මෙයා කෙල්ලගෙන් අහලා ඇයි කියලා.කෙල්ල කිව්වලු මේ ගෑණි කව්ද ඇයි මේ වාහෙන්ට නැග්ගේ කියලා.පොරට මොන ගෑනියේක්වත් පෙන්න නැහැලු.මිනිහා වාහනේ නවත්වලා බැහැලා රෙද්ද අරිද්දි සුදු ඇදගත්ත ගෑනියෙක් කෙල්ල දිහා බලන ඉන්නවලු.මූ එවෙලේම කෑගහලා එතන තිබ්බ කඩේක කව්ද දුවන් ඇවිත් බලද්දී ගෑණි නැතුව ගියාලු..පොරයි කෙල්ලයි බය වෙලා.කෙල්ලට සිහියත් නැති වෙලා.
කොහොම කොහොම හරි දැන් නම් ඔය සිද්දිය එහෙමම නැතුව ගියා දැන් හොල්මන් නැහැ.
අඩේ අමතක වුනා උබේ පෝස්ටුව කියවලා මට සිරාවටම බය හිතුනා එල ආ
Deleteපිස්සු හැදෙනවනෙ බන්... මාර සීන් තමා..
Deleteස්තූතියි අත්දැකීම් බෙදාගත්තට..
උඹේ කතාවත් කියවලා මාත් සිරාවටම බය වුනා..
මටත් ටිකක් බය හිතුනා.. හැබැයි තනියම යද්දි මතක් වුනත් මම බය නෑ...
Deleteසෙන්නා, මමත් හොල්මන් විස්වාස කරන්නේ නැහැ. මම 1960 දශකයේදී දියතලාව කඳවුරට වාර ගණනාවක් ගිහින් තියනවා ශිෂ්‍ය භට පුහුණුවට. ඒ කඳවුර ආශ්‍රිතව දෙවෙනි ලෝක මහා යුද්ධය පදනම් කරගත් හොල්මන් කතා ගොඩක් තියනවා. එයින් එකක් තමයි හිස නැති කඳක් සහිතව සුදු අසකු පිට එනවා කියන, සුදු ජාතික කැප්ටන් කෙනෙකුගේ අවතාරය. (සුද්දගේ කාලේදී අශ්වයෝ පිටින් තමයි දියතලාව කඳවුරේ නිලධාරින් ගමන් කර තිබෙන්නේ.) අපට සිද්ධ වෙනවා දවසේ කාර්යභාර සැරයන් කියන රාජකාරිය ඉෂ්ට කරන්න. ඒ කාලේ දියතලාව හරිම පාලුයි. රාත්‍රියට රාජකාරි පණිවිඩ රැගෙන නිලධාරින් ඉන්න තැන් වලට තනියම පයින් යන්න වෙනවා. අර කතාව මතක් වෙලා චූ බර හැදුනත්, කවදාවත් ඒ සුද්දා මට හම්බ වුනේ නැහැ. (මට ඉංග්‍රීසි බැරි නිසා වෙන්න ඇති) ඒ වගේම තමයි මම 1980 දශකයේ වසරක් පමණ බදුල්ල දිස්ත්‍රික්කයේ සේවය කළා. එක දිනක් අතිශයින් පවුද්ගලික කරුණක් නිසා මට හමුදා නීතියට පටහැනිව තනියම, වාහනයක් එලවාගෙන, රාත්‍රියේ මගේ මිතුරෙකුගේ නිවසට යන්න වුනා. ඔහුගේ අවශ්‍යතාවය ඉටු කරදී, මධු විතකින් දෙකකින් සප්පායම්වී, ආපසු එන අතර හාලි අල වැලිමඩ මාර්ගයේ මොරේතොට කියන ප්‍රදේශයේදී ගැහැණු කෙනෙකුගේ විලාපයක් (ඉතා උස් හඬින් අනතුරකට බයේ යටි ගිරියෙන් කෑ ගැසීමක්) ඇසුනා. මම වහාම වාහනය නවතා එන්ජිම සහ ලයිට් නිවා පැන්නා එතන තිබුන ඉවුර අයිනේ කාණුවට. අනික් පැත්තේ මහා ප්‍රපාතය. මම පිස්තෝලයෙන් වෙඩි 5 ක් තිබ්බා ඒ හඬ ආව දිහාවට. කිසිම හැලහොල්මනක් නැහැ. මම ජීප් එක ආපහු හරවා හෙඩ් ලයිට් ගැහුවා ඒ පැත්තට. කිසි දෙයක් නැහැ. මම ආපහු කඳවුරට ආවා. පසුවදා අර මිතුරාට මේ සිද්ධිය කිව්වම ඔහු මගෙන් දහස් වරක් සමාව ඉල්ලුවා. මේ සිද්ධිය වූ තැන තියෙන්නේ සොහොන් පිටියක්ලු. නමුත් මට බයක් ඇතිවුනේ නැහැ. මගේ වයස අවුරුදු 19 දි මම ඔට්ටු අල්ලලා මහා රෑ සොහොන් පිටියේ තියන මල්වඩම් ගෙනත් තියනවා. හැබැයි මම පොඩිකාලේදී රෑට චූ කරන්න ටොයිලට් එකට යන්නත් අම්මා ඕනේ. මගේ හොල්මන් කතාවක් මගේ බ්ලොග් එකේ තියනවා මෙන්න ලින්ක් එක.
ReplyDeletehttp://jangun.wordpress.com/2012/01/28/%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%9d%e0%b6%bd%e0%b7%9a-%e0%b6%ba%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%9a-9/
විචාරක මහත්මයා ලොකූ විස්තරයක් කරලා තියෙන්නෙ. මොන හේතුවක් නිසා හරි ඒ විස්තර කියවනකොට හිතට තිගැස්මක් එනවා මටනම්.. මට මැවිලා පෙනුනා ඔබ දැන් විස්තර කළ සිද්ධිය..
Deleteස්තූතියි අත්දැකීම් බෙදාගත්තට.. ඔබ ලඟ අපිට බොහෝ රසවත් තොරතුරු තිබෙන බවක් තමා පෙනෙන්නේ. ඔබේ නම්‍යශීලී භාෂාව හැසිරවීමේ හැකියාවද උපයෝගී කරගන, පුරවන්ඩ ඔබේ බ්ලොග් එක ඒ අත්දැකීම් වලින්. අපි එන්නම් කියවා රස විඳින්න.
ඔඹ සඳහන් කළ කතාව කියවා බලන්නම්. ස්තූතියි ඒ ගැන කිව්වට.
@ විචාරක,
Deleteශිෂ්‍යභට කියද්දි මතක් වුනේ අපේ රන්දෙණිගල කඳවුරටත් කැලේ සත්තුන්ගෙන් වගේම හොල්මන්වලිනුත් හරිම කරදර...
සුද්දිගෙ බිලට් එක.. දවසක ලියන්නම් බ්ලොගයේ...
මගේ වයසේ සුද්දීයෙක්ද ඈ?
Deleteමම කල්පනා කලේ මොකටද බලන්නෙ නැතුව විචාරක තිබ්බ වෙඩිල්ල ඇත්තටම මිනහෙක් එහෙම ඉඳල වැදුනනම් කියන එක...
Deleteබ්ලොග් ලින්ක් එක දාල තියෙන එක ලොකු දෙයක්... විචාරක ලඟ අපිට කියවන්න ගොඩක් දේ තියෙනව කියල හිතෙනව :)
මම වෙඩි තිබ්බේ, ඒ කාලේ දන්නවනේද? 1988 - 89 කාලයේ විවිධ උපක්‍රම යොදලා අපට පහර දුන්නේ. මට අල්ලගන්න අවශ්‍ය කෙනක් හිටියා ඔය පැත්තේ. (කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයේ ඇල්ල ප්‍රදේශයේ තියන ආරුක්කු හතේ පාලම උඩ දවස් 9 ක් රැකගෙන ඉඳලා මම එයාව අල්ල ගත්තා. ඒ පාලමේ තමයි 'දෙමෝදර පාලම' කියන චිත්‍රපටිය රූගත කරලා තියෙන්නේ) අනික මම තරු දෙකක් අඳින තරුණ නිලධාරියෙක් ඒ කාලේ. තරුණ ජවයත් ඔලුවට ගහනවනේ. ඒ වගේම ඒ හරියේ ගෙවල් තිබුනේ නැහැ.
Deleteමම බොහොම බය වුනා..මගේ පණ එපා වුනා...:D
ReplyDeleteහපොයි... එහෙමද ?
Deleteමම මේක කියෙව්වේ කියවන්න තියෙන චාටර්ම වෙලාවක දැං ඉතිං බුදියද්දි මේක මැවිලා පේන...වා ෂුවර්...දැන් වෙලාව එකට දහයයි බුහ් හහ් හා.... මට මැදක් වෙද්දි හිතුනා නිලන්ත කියන එකා බොරුවක් කරලා තියෙන්නේ කියලා ඒත් අනික් ටික කියවද්දි මට හොඳ ගනන්.දැනුත් ඇඟ කිලි පොලා යනවා....
ReplyDeleteමම දැකපු මේ වගේ සිද්ධි දෙක තුනක් තියෙනවා පහුගිය මාසෙකත් මෙහෙම වැඩක් වුනා අපේ ඉස්කෝලේ නයිටක් ගහද්දි.හම්මෝ හොදි ඕනේ නෑ.ඒවා දැන් ලියන්න බෑ හොඳේ පස්සේ පෝස්ට් එකක් දාන්නම්.ලිවීම නම් උපරිමයි අයියේ මාර ලස්සනට කතාව ගොඩනගලා තියෙනවා හොඳ සිහියකින් නිවිහැනහිල්ලේ වෙන්නැති ලියන්නේ.
මේ සිද්ධි නෑ කියන්න බෑ....
අපොයි මලේ මේක මේ ජුන්ඩං කතාවක්නෙ.. මක්කෙටයි බයවෙන්නෙ.
Deleteස්තූතියි ඉතින් අගය කොළාට.. ඒ වෙච්ච ටිකත් ලිව්වනම් අපිට බලන්ඩ..
යකෝ රෑ බං මේක කියෙවුවෙ.අර ළමයා කන සීන් එකේදී මගේ කොන්ඩේ කෙලින් වුනා.
ReplyDeleteහිහ්.. උඹ ඉතින් ඕක පීරගත්තෙ නද්ද අඩු ගානෙ ඒ වෙලාවෙවත්..
Deleteස්තූතියි.. බය වුණාට..
ඈ බං බය වුනාට ස්තුති කියන්නේ වතුර එකක්වත් දියන්.
Deleteහිහ් හිහ්.... :-)
Deleteකුතුහලය පිරුණු කතාවක්.. හොල්මන් දැකලා නැතිවුණත් ඉන්න බව විශ්වාස කරනවා.. ලිවීමේ රටාව අගෙයි.. උපරිමයි..!
ReplyDeleteසුබ පැතුම් සහෝ. :)
ස්තූතියි නන්දු.. ශිහ් ලියන එකාට කුතුහලය තියනවද කියලා බලා ගන්ඩ කෙරෙමයක් නෑනේ.. මට හිතෙන්නෙම මොට්ට කතාවක් කියලා..
Deleteස්තූතියි අගය කලාට.. කියවන ඕගොල්ලන්ට් එහෙම දැනෙනවනම් ඒක හරි ඇති කියලා හිතනවා..
මම හොල්මන් විශ්වාස කරනවා........
ReplyDeleteඅපේ ආත්තම්ම කිව්ව මෙහෙම කතාවක්....ඔය අපෙ කේන්දර වල තියනවනෙ..සමහරු ''දේව ගනයෙ'' සමහරු ''මනුස්ස ගනයෙ'' සමහරු ''රාක්ශ ගනයෙ'' කියල. අන්න ඒ ගනවල අයගෙන් දේව ගනයෙ මිනිස්සුන්ට හොල්මන් පේනවලු ඒත් එයාල බය වෙන්නෙ නැතිලු....මනුස්ස ගනයෙ අයලු බය වෙලා එක එක කරදර වලට පත් වෙන්නෙ...රාක්ශ ගනයෙ අයට හොල්මන් පේන්නෙ නැතිලු.........
මේකෙ ඇත්ත නැත්ත මම දන්නෙ නැහැ...ඒත් සමහරු හොල්මන් දැකල තියනව ඒත් බය වෙලා නැහැ අපේ තාත්ත වගේ අය...සමහරු දැකල බය වෙලා මැරිලත් තියනව....සමහරු කවදාවත් හොල්මන් දැකල නැහැ...
මම්ත ඔය කතාව හලා තියනවා.. මම මොන ඝණයෙද දන්නෑ.. තාමනම් එක හොල්මනක්වත් දැකලා නෑ.. මාවම ඇරෙන්ඩ.. :-)
Deleteස්තූතියි මේ පැත්තෙ ආවට.
කිරිල්ලි දේව ගනයයි රාක්ශ ගනයයි පටලන් වගේ... දේව ගනයෙ අයට හොල්මන් පේන්නෙ නෑ කියල තමයි මම නම් දන්නෙ... රාක්ෂ ගනයෙ අයට පේනව බය නෑ වෙන්න පුළුවන්....
Deleteඅඩේ මට මේක පරක්කු වුණෘ නිදහසේ කියවන්ට ඕනේ නිසා.. (රෑට බලන්න බයට නෙවේ හරිය...)
ReplyDeleteඅපේ මහප්පගෙ පුතාගෙ යාලුවෙක් දවසක් කනත්ත ලගින් රෑට යනකොට පුට් සයිකලේ බර වැඩිවුනා වගේ දැනිලා. පොරට තේරිලා කවුරු හරි ඉදගත්ත කියලා. පොර නොනැවතීම පැදලා. පදිනව පදිනව බරයි ලු. යන්නෙ නැහැ වගේලු. දාඩිය පෙරාගෙන කනත්ත පහු කරල තියෙන්නේ..
සීන් ඇත්ත මචං. නොපෙනෙන ආත්ම තියෙනවා. සිත දුරුවල උනාම තමා බලපෑමක් තියෙන්නෙ මයෙ හිතේ
අන්තිමට කියන්නේ සෙනා/සනා/සෙන්නා/සරදියෙල්/ උබ සිරාවට ලියල !
බොරු කියන්ඩ එපා.. බයට නේද දවල්ට කියෙව්වෙ.. :-)
Deleteඅඩේ ඒක මාර කතාවක්නෙ.. පස්සෙ ඌ කනත්ත පහු වුණාම බැහැල ගිහින්ද ? මමත් හිතනවා ඕවා ඇත්ත තමා කියලා මචන්.. නොදැක තිබුනත්..
සිරාවටම සිරාවට ලියලද බන් ?
හුටා මෙන්න මේ යකා තව නමක් දාලා.. හ්ම්ම් ඒකත් නරකම නෑ " සරදීයෙල් " ජාතික වීරයෙක් නොවැ.. ස්තූතියි..
ඒවා ඇත්ත බං.. මල ගිය එකාලට පින් දෙන්නේ ඒකනේ..
Deleteසරදියෙල් කියන්නේ සිරා ඩයල් එකක්. උබ වගේ රා බීපු, :පී
හිහ්.. මේ මොකෝ බන් මේ දවස් 21 ගිහිල්ලා උඹට ආයේ හොල්මන් මතක් වුනේ... බය වුනාද මොකකට හරි ?
Deleteසෙන්නා සොයුරාගේ මේ ලිවීම් රටාවට ගොඩාක් කැමැතියි. බොහෝම තාත්විකයි, පසු සටහන දකින තුරු රචනයක් හැටියට දැණුනේ නැහැ.
ReplyDeleteමේ රෑ කියවලා... අනේ මන්දා.
රුක්මනී දේවිය රිය අනතුරින් මියගියේ 1978 අග භාගයේ මගේ මං හිතන්නේ.
මේ පොස්ට් කියවන පිරිස, කොමන්ට් ගනනාව හා ඒවායෙන් ද බෙදන තොරතුරු විස්තර දකිද්දී ලොකු සතුටක් දැනෙනවා. කුරුන්දට ජය!
බොහොම ස්තූතියි ඩීන් අයියා.. හැමදාම වගේ ඔබේ කමෙන්ට් එක මට මාර ගැම්මක් දෙන්නෙ.
Deleteමට නම් ඔය අනතුර වෙනවා මතක නැහැ. එතකොට අපි බොහොම හිච්චි එව්වො. දිනේ නම් ඔය පිළිමේ පාදමේ ගහලා තිබ්බා වගේ මතකයි..
මට අද හිතුනා මේකට තව ත්‍රාසය එකතුකරා නම් කතාව තවත් සාර්තක වෙයි කියලා.. ඒක කරන විදිහත් මෙහෙම කළා නම් හොඳයි කියලා අදතමා මට හිතුනේ.. දැන් පරක්කු වැඩියි.. වෙන කතාවකදි බලමු.
ආයෙත් බොහොම ස්තූතියි මේ සුපිරි දිරිගැන්වීම ගැන.
ඔබටත් ජය !!
මම නම් හොල්මන් දැකල නෑ ඔන්න... අර ගෑණු කෙනා ළමයව කන එකනම් මම කලිනුත් අහල තියෙනව... හැබැයි ත්‍රීවිල් එකක නෙමෙයි... දුර යන ලොරියකට නැගපු ගෑණු කෙනෙක් ළමයෙක් කාපු විදිහට....
ReplyDeleteලිවිල්ල නම් සුපිරි...
හීන් සීරුවෙ පෝස්ට් එකයි... කමෙන්ට් ටිකයි කියවල ඉවර කාලා... වෙලාව පාන්දර 1.55 අද රෑට මාව බය වුනොත් උඹ තමා...
මේක මචන්.. එක එක වර්ශන් වලින යන කතාවක් වගේ.. මම ලියන්ඩ ගන්නකොට නම් එහෙම එකක් දැනගන හිටියේ නැහැ.. ඒකට ඉතින් ආරුළු බූරුළු ටිකක් දාලා පොඩි කතවක් ගෙතුවා. ඒක සුපිරිනම් මට හැපි.
Deleteයකෝ සාතනුත් හොල්මන් වලට බයවෙනවා නම් මේ අවසේස අපි ගැන කවර කතාද ?
ස්තූතියි ආවට.
අන්න දවසේ කතාව.... සාතනුත් බය වෙනවා නම් අපි.....
Deleteඑකනේ යාලු
Deleteඅපොයි ! දැන් ඉතින් බයෙන් ඉන්න එපැයි ඕක කියවල.. ඒත් මාත් හරි ආසයි හොල්මනක් බලන්න.. දැක්ක දවසට මැරිලම යයිද දන්නෙ නෑ ඉතිං.. ඒත් ආසයි දකින්න..
ReplyDeleteබිය නොවන්න.. ඉතිපීසෝ ගාතාව සිහි කරන්ඩ..
Deleteඔච්චර ආසද හොල්මන් දකින්ඩ.. ? ලේසි කෙරමයක් තියනවා.. එක්කො ඕනා නෑ.. හිහ්
ස්තූතියි ආවට.
අම්මෝ බය හිතුනා ලෙසටම. මමත් ලියන්නම් මේ ගැන. මගේ අත්දැකීම් නොවුනත් හොල්මන් ගැන දන්නා අදුනන අයගේ අත්දැකීම් නම් තියෙනවා. ඒ නිසා මම හොලං අවිශ්වාස කරන්නේ නැහැ
ReplyDeleteභය උනාට ස්තූතියි .. හිහ් :-)
Deleteඒ අත්දැකීම් දාලා ලියමු බලන්ඩ අපිට කියවන්ඩ එකක්..
ස්තූතියි ආවට..
පෝස්ට් එක කියෙව්වේනම් නැහැ. මං හොල්මන් කතා කියවන්නේ බලන්නේ නැහැ පස්සේ රෑට හීනෙන් පේන නිසා. ඒත් අර ලංකාවට යන විස්තරේට නම් ඉබේටම ඇහැ ගියා. අපිට ඒ අත්දැකීම ලබන්න තව මාස කීපයක් තියනවනේ. මැවිලා පෙනුනා. ඒටික නම් නියමට ලියලා තියනවා.
ReplyDeleteමේකෙ එච්චර බයවෙන්ඩ දෙයක්නම් නැහැ ...Nikki
Deleteඑහෙමද.. මටත් තව ටික කාලයක් තියනවා..
ස්තූතියි ඉතින් කොටසක් හරි කියවලා කමෙන්ට් එකකුත් දාලම ගියාට..
සෙන්නා අයියගේ ලියවිල්ල නම් පට්ට...12ට කාලයි වෙලාව... හීන පෙන්නේ නැති මාත් බය වෙයිද මන්ද...
ReplyDeleteපට්ට ස්තූතියි.. :-)
Deleteඅපෝ බිය නොවන්න.. මේක ජුන්ජන් කතාවක්නෙ..
හීන පේන්නෑ කියන්නේ නොමිලේ ෆිල්ම් බලන්ඩ තියන චාන්ස් එක මිස් වෙලා කියන එක නේද..? ඒකට අපි.. දවසට තුන හතරක් ෂුවර්..
කෝ මේකට සාමාජිකයෙක් වෙනද පාර හදල නැහැනේ.. ඉහතින් මගේ බ්ලොග් ලිස්ට් එකට වැටෙන්නේ නැහැනේ..
ReplyDeleteසරත්,
Deleteසාමාජිකයෙක් වෙන පාරනම් මම අයින් කළා, නිකම් අනවශ්‍යය කැටයම් තිබුනම ස්ලෝ වෙන හින්දා. කීප දෙනෙක්ම අහපු හින්දා ආයේ දාන්නම්.
ඔබ තුමාගේ බ්ලොග් එකනම් මගේ බ්ලොග් රෝලෙ තියනවා, ඒත් ඒක අප්ඩේට් වෙන්නෙ නැහැනේ.. මම ඊයේ ආයේ අලුතින් ඇඩ් කළා ඒත් එහෙමමයි. පොඩ්ඩක බැලුවැහැකිද ඒ ඇයි කියලා.
සෙන්න අයියේ ඊළඟ කතාවේ ඉඳල එකතුවෙන්න බැලුවේ.හොල්මන් කතාවක් නිසා.බයකට නෙවෙයි.ඒත් අනේ මන්ද..:O
ReplyDelete:-)
Deleteකැමැත්තක් මලේ.. කිසි අහිතක් නැහැ.. මමත් ඒ පැත්තෙ රව්මක් දාල යන්ඩ එන්නම්..
ඊළඟ පොස්ට් ඒක කුමක්දැයි ඇඟිලි ගනිමින්, දිනපතාම මෙහි පැමිණ බලමින් සිටිමි.
ReplyDeleteමොලොටොව් කොක්ටෙල් බලත් මට ඇතිවෙලා :)
Deleteසමාවෙන්න ඕනා ප්‍රමාදය ගැන.. දැවැන්ත වැඩකට අතගසා ඇත.. ප්‍රතිඵලය 14 හෝ 15 වනතෙක් පමා වේවි.. ඊට පෙර ලිපියක් පළනොවන බව කනගාටුවෙන් දන්වා සිටිමි.
Deleteස්තූතියි උනන්දුව පිළිබඳව.. මම ඔබව දැනුවත් කරන්නම් ඊළඟ ලිපිය පළකළ වහාම.
එච්චරකල් ඉවසන්ට බැරිය.. ඉක්මණින්ම එකක් දාන්ට..
Deleteවිහිළුවට හොඳේ! හිමීට ලියලා පුලුවන් වෙලේක දාන්න..
මම හොල්මන්වලටත් වඩා හොලමන් කතාවලට බයයි. මොකද මට තනියම කළුවරේ කොහෙට හරි යන්න උන ගමන් මතක් වෙන්නෙ ඕව, මම ඒ හින්ද කතාව කියෙව්වෙ නෑ... :)
ReplyDeleteස්තුතියි චේජනා, ලිපිය නොකියෙව්වා වුනත් කමෙන්ට් එකකුත් දාලා ගියාට. මේකේ නම් එච්චර බය වෙන්ඩ දෙයක් නැහැ.
Deleteමිනිස්සුන්ට නොපෙනෙන අදෘශ්‍යමාන දේවල් තියනවා කියලා මං විශ්වාස කරනවා!
ReplyDeleteමාත් එහෙම හිතනවා සාබිත්...
Deleteස්තූතියි.
අම්මෝ.....කියවනකොටත් මගේ ඇඟේ හිරිගඩු පිපෙනව.පට්ටම ස්ටෝරිය මචෝ.....ඔයාගෙ පෝස්ට්වල තියන සරල බවට මම මාරම ආසයි.දිගටම ලියන්න.ජය වේවා.....
ReplyDeleteමේ පොස්ට් එක කියවල මට මතක් උනේ මට තියන පෞද්ගලික අත්දැකීම. මම අද ලියනවා. බලන්නකෝ.
ReplyDeleteක්සැන්ඩර්, සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට. ලියන්ඩකො.. එන්නම් කියවන්ඩ..
ReplyDeleteජයම පතමි !!!
මම හිතුවේ ඩ්‍රයිවර්කාරයත් හොල්මනක් කියලා
ReplyDeleteඔය කතාව කියන කෙනා හොල්මනක් කියලා එහෙම හිතුන්නැද්ද හසිත ? මම ඔය මාතෘකාව දැම්මෙත් නිකන් ඒ වගේ පොඩි පටලැවිල්ලකුත් කරන්ඩ බලාගන ඒත් කාටවත් එහෙම හිතිලා නෑ වගේ...
Deleteසෙන්නා, මචෝ කාලයක් තිස්සෙ බ්ලොග් අවකාසෙ උඹව දැකලා තිබුනට මේ වගේ සිරාවට ලියන බවක් දන්නෙ අදයි.. ඒකත් මේ කෙහෙල්කොටුවෙ චූටි එකා නිසා.. අද ඉදන් දිගටම එන්නම්, මම ආසයි උඹ තෝරගන්න මාතෘකාවලට, විශේෂයෙන්ම වැඩි දෙනෙක් නොදන්නා හැංගිලා තියෙන දේවල් උඹ ලියන නිසා..
ReplyDeleteහොල්මන් ගැන කියනවානං, මෙච්චර කාලෙකට මමත් දැකලානම් නෑ.. මහ රෑ ජාමෙ කනතු මැදින් ගිහිල්ලාත් තියෙනවා, ඒත් දැකලා නම් නෑ (බය නැති කමක් කියනවා නෙවෙයි, ඒ යද්දි පොඩි චකිතයකුත් දැනුනා, ඒත් ඉතිං යන ගමන යන්න එපැයි).. හැබැයි මම හොල්මන් අවිශ්වාස කරන්නෙත් නෑ.. බුදුබණෙත් තියෙනවනෙ එකේක ප්‍රේතආත්ම ගැන.. අනික තමා අපේ තාත්තා ඔය හොල්මන් අවතාර දැකලා තියෙනවා.. මම පුංචි කාලෙ තාත්තා කීපවරක්ම ඇක්සිඩන්ට් වෙලත් තියෙනවා රෑට බයික් එකේ යද්දි හොල්මන් දාපු වැඩ කෑලි නිසා..
අර උඩින් වින්චැට් නගා කිවුවා වගේ සමහරවිට දේව ගනේ අයට හොල්මන් පේන්නෙ නැතිව ඇති, මමත් දේව ගනේ.. :)
බුරතිනෝ හෙවත් බූරෝ හෙවත් බූරාභිධාන කෙළබි පුත්‍රය,
Deleteඔබගේ පැමිණීම ගැන මගේ හිතේ බුර බුරා :-) නැගෙන සතුට පිළිගන්න.. මම ඉස්සර බොහොම ආසාවෙන් කියෙව්වා උබයි සුජීව කොකාවැල්ලයි නෙලුම් විලේ කරපු සංවාද. දැන් සුජීව පේන්ඩත් නෑ සංවාදත් නෑ.. මම උබලා දෙන්නව හඳුනගන හිටියේ ඇවිදින පුස්තකාල කියලා. මම ඒක දවසක් නෙලුම් විලේ ලියලත් ඇති. බොරුනම් බින්දි සාක්ශි.
කෙහෙල්කොටුවෙ එකා ගැන කියන්ඩ වචන නෑ බන්.. ඌ ආවත් හරි කුරුන්ද ටොප් ගියර් එකේ පාගලා යනවා.. විශ්වාස කරපන් අද තරම් හිට්ස් තොගයක් පෝස්ට් එකක් දාපුවමවත් ලැබිලා නෑ.. ඉතින් මම ඌට කොහොමෙයි ස්තූති කරන්නෙ කියලා හිතාගන්ඩ බැරුව මේ ඉන්නෙ.
මමත් දේව වෙන්ඩ ඇති බන්.. මමත් දැකලා නෑ හොල්මනක් කවදාවත්.. මාවම ඇරෙන්ඩ හිහ් හිහ් :-)
උඹ බ්ලොග් එකක් ලියන්නැත්තෙ ඇයි..? ඔය තියන දැනුම කොහෙ හරි ලියලා තිබ්බනම් කවදා හරි කාට හරි ප්‍රයෝජන් වෙයි නේද. ?
එහෙනම් ඉතින් ආවට ස්තූතියි.. චූටි මහත්තයටත් ස්තූතියි..
අලුත් ලිපියකින් හම්බෙමු එහෙනම්..
ජයම පතමි !!!
සුජීව මේ දවස්සොල එක්සෑම් වගයකට හිරවෙලා පොඩ්ඩක් බිසී කියලයි ආරංචිය, මටත් ඌ නැතිව හෙන පාළුයි.. බලමුකො, ඌ ඉක්මනට ඒවි, එතකොට බැරියැ ආයෙමත් වාද-විවාද කරන්න.. :)
Deleteමම නං ඉතිං ආත්මෙට බ්ලොග් එකක් ලියන එකක් නෑ බං.. වෙලාව නැතිකමයි, කම්මැලිකමයි තමා.. ඒත් ඉතිං දන්න කියන වල්-පල් ටික කමෙන්ට්ස් විදියටවත් දාන්න බලඤ්ඤංකො..
කුරුන්දට මීට කලින් ගොඩවෙලා තිබුනත් , ආයෙමත් ආවේ හොල්මන් හොයාගෙන, රුක්මනී දේවි මහත්මිය ගැන තියෙන හොල්මන් කතා මමත් හොඳටම අහල තියෙනවා , මොකද මමත් ලංකාවේ පදිංචි ඔය කියන ස්ථානයට (තුඩැල්ල හන්දිය) තදාසන්නව නිසා.
ReplyDeleteඇත්තටම ඔය කියන තැන කොච්චර ජනාකිර්ණ වුනත් පාලු , මුසල ගතියක් තියෙනවා , එතැන ඉදිකරලා තියෙන රුක්මනී දේවි ස්මාරකය නිසා ඒ බව තවත් වැඩි වෙනවා, ඔය කියන ස්මාරකය තියෙන හරිය වංගුවක් සහිතයි, ඒ වගේම එම ස්මාරකය තද සුදු පහන් යුක්තයි , රාත්රි කාලෙයදී වාහනයක එන කෙනෙක්ට වංගුවෙන් මතු වෙන කොටම වාහනේ එලිය වැටුන ස්මාරකය පෙන්නේ සුදු ඇඳගත්ත ගැහැණියෙක් පාර මැද්දට වෙන්න වගේ , පොළොවෙන් අඩි කීපයක් උඩට වෙන්න ඉන්නවා කියලා, පොඩ්ඩක් හිතන්න රාත්රියක ටිකක් වේගෙන් වාහනේ පදවන ගමන් එක පාරටම ඔය වගේ තිගැස්මක් ආවොත් මොකද වෙන්නේ, බොහෝ දුරට වාහනේ ගිහින් තාප්පයක් සිප ගන්නවා නොඅනුමානයි .
මම මේ කියන්නේ මගේ අත්දැකීමක් සහ බොහෝ හිතමිතුරන් ඔය ස්ථානය ගැන දරන අදහසක් පමණයි
යකඩෝ තුඩැල්ලෙ මුවෝ ඉන්නවා කියලා මම දන්නෙ අදනෙ.. :-) ඔය කියන විදිහට සුදු මුවා මගේ අසල් වැසියෙක් වෙන්න ඕනා.. සමහර විට අදුනනවත් ඇති.
Deleteහොඳ විග්‍රහයක්.. ඔහොමත් වෙන්ඩ පුලුවන් තමා. මම නම් ජීවිතේට දැකලා නෑ ඔය කියන රුක්මනී දේවිගෙ හොල්මන. මම කළේ ඉතින් පවතින කතාවක්, මගේ කතාව ගොඩ නගන්න යොදා ගත්තු එක විතරයි..
ජයම පතමි !!!
මේ දවස්වල යන හොල්මන් රැල්ලත් එක්කයි මේ පෝස්ට් ආවේ සෙන්නා සහෝ ! මට මේ පෝස්ට් එක කලින් මිස් වෙලා !!!
ReplyDeleteමම හිතුවේ ඇත්ත කථාවක් කියලා. කමෙන්ට් වලින් තමා තේරුනේ ප්‍රබන්ධයක් කියලා... කොහොම වුනත් කථාව නියමෙට ලියලා තියෙනවා සහෝ...
තමන් තමන්වම ඔච්චර කන්ඩෙම් කරගන්න එපා බං ! මම දන්නවා සහෝ ඔළුව උදුම්මවා ගන්නැති නිහතමානී චරිතයක් බව. ඒත් ඕනෑබට වඩා කන්ඩෙම් කරගන්න එක හොඳ නෑ බං !
“මට පුලුවන් තමයි, හැබැයි මට මීටත් වැඩිය හොඳට කරන්න පුළුවන්“ හිතපන් ඔන්න ඔහොම !!!
කොහොම වුනත් බ්ලොග් රචනයට සහෝ ආවේ අපේ වාසනාවට. මල් කැකුලු, සත් සමුදුර, නෙළුම් විල වගේම කුරුන්දත් මොලේට හොඳ ආහාර තියෙන තැන් !!! ජයෙන් ජය !!!
ස්තූතියි චතූ සහෝ.. උඹ ඉතින් හැමදාම බොක්කටම වදින කමෙන්ට් එකක් දාලා යන එක ගැන ස්තූතියි.
Deleteමමත් නිරීක්ශණය කළා තමා මේ දවස් වල හොල්මන් කතා රැල්ලක් යනවා.. මේකට පස්සෙදෝ කියලත් මට නිකම් හිතුනා.. :-)
මම මේ බැලුවෙ මම කොහෙදිද මාව කන්ඩෙම් කරගන තියෙන්නෙ කියලා. මොකක් හින්දද සහෝ එහෙම කිව්වෙ ? හැබැයි ඇත්තම කිව්වොත් මගෙ චරිත ස්වභාවය තමා, මට හැම වෙලේම හිතෙන්නෙ මගේ අවට ඉන්න අය මට වඩා දන්නවා ඇති කියලා. ඒ ගොල්ලො මට වඩා දක්ශයි කියලා. ඉතින් මම හැම වෙලේම අනිත් අයට ඉඩ දෙනවා. ඒ ගොල්ලො කියන දේවල පිළිගන්නවා. එහෙම කරලා ඇන ගත්තු අවස්තාත් නැතුවම නෙමේ :-)
මොනවා උනත් ස්තූතියි සහෝ හැම දාම වගේ දිරි ගන්වනවට. සත් සමුදුර, නෙළුම් විල, මල් කැකුලු එක්ක කුරුන්ද එක පෙලට තියන්ඩ තාම කල් මදි සහෝ.. සහෝට එහෙම හිතුන එකත් මට ලොකු ගෞරවයක්, සතුටක්.
“මට මීටත් වැඩිය හොඳට කරන්න පුළුවන්“ හිතේ පතුලටම දාගත්තා ඔන්න උපදෙස.
ජයම පතමි !!!
මුලින්ම කියන්න ඕන ලියල තියන කතාවනම් උපරිම සුපිරියට ලියලා තියනවා.දිගටම ඔය වගේ කතා ලියන්න කියලා ඉල්ලා ඉන්නවා.
ReplyDeleteමමත් ඔය සබ්ජෙක්ට් එකේ අවුරුදු ගාණක් තිස්සේ ඉන්න හින්දා 'හොල්මන් නෑ' කියන කතාව සම්පූර්ණයෙන්ම බැහැර කරනවා.( වචනේ අර්ථය අරන් විගඩං නටන අය මුකුත් කියන්නෙපා හරිද )ගින්නක් නැතුව දුමක් නගින්නෑනේ........ඔච්චර හොල්මන් කතා රට පුරා ලෝකේ පුරා හැදිලා තියෙන්නේ නිකම්ම වෙන්නත් අමාරුයිනේ..අඩුගානේ එක සිද්ධියක්වත් ඇත්ත වෙන්න ඕන නේද?
මම විශ්වාස කරන විදිහට කෙනෙක් මියගියාම එයාගේ ස්වරූපය පදාර්ථයක් නොවන ආත්මීය ස්භාවයක් විතරයි.දෘඩතාවය අහිමිවුණු පලියට ඒ ආත්මීය භාවයේ ශක්තිය හීන වෙන්නේ නැහැනේ.හරියට ගැමා කිරණ....එහෙමත් විද්‍යුත් අවකාශයේ තියන අන්තරීක්ෂ,X කිරණවගේ..යම් ක්‍රියාවක් කළ හැකි ශක්ති ස්වරූපයක් ඒවාගේ අන්තර්ගත වෙන්න පුළුවන්.ඒ අතර අපේ දෘශ්‍ය පරාසය ( 380 -750 න්ම් )එපිටින් තියන සංකීර්ණ පරාසයක තමන්ගේ දර්ශන හැකියාව පවත්වගන්නත් ඔය ආත්මීය ස්වරූපයන්ට හැකියාවක් තියෙන්න පුළුවන්.තමන්ගේ සූක්ෂම ස්වරූපයට ගැටීම් මගින් වෙන්න පුළුවන් හානි වලක්ව ගන්න පාළු තැන්වල ( විශේෂයෙන් පාළු ගෙවල් සොහොන් පොළවල් ) ඒ අය ඉන්න පුළුවන්.
ඉතිං ඔය ළඟින් යන කෙනෙක්ගේ දෘශ්‍ය පරාසයට මොහොතක් ගොඩ වෙන්න හරි , එයාලගේ බෙල්ල පිටුපස්ස සීතලට චුට්ටක් අතගාන්න හරි ඔය හොල්මන් වුණත් කැමති ඇතිනේ.....මොනව වුණත් ඒ වගේ ආත්ම පවතින බව මම තදින්ම විශ්වාස කරනවා.
මමත් ඔය පාළු සොහොන්,හොල්මන් තියන ගෙවල් වලට ගිහින් තියන නිසා තමයි එහෙම කියන්නේ.ඊටත් වඩා ලංකාවේ ප්‍රසිද්ධ ඉස්පිරිතාලෙක මෝචරියේ ස්වෙච්ඡා සේවකයෙක් විදිහට ඉඳලත් පුංචි පුංචි අත්දැකීම් තියනවා.
තුඩල්ල ගැන කිව්වොත් මහ රෑ ඔය පිලිමේ යට පැය භාගයක් විතර ඉඳගෙන ඉඳලා තියනවා( තනියම නෙමෙයි ).ඒ හරියේදී වාහනවල වේගේ අඩුවෙන එකනම් හොඳටම දකින්න පුළුවන්.....
ඉතිං එහෙනම් ආයෙමත් මේවගේ කතාවක් බලාපොරොත්තු වෙනවා.දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා.ජය!!!
A. Wickz,
Deleteබොහොම ස්තූතියි අගය කළාට සහ විද්‍යාත්මක විවරණයට. බලමු, ඉස්සරහට තව මේවගේ ඒවා ලියන්ඩ පුලුවන් වෙයිද කියලා.
ඔබේ "යාමය"හොල්මන් ගුහාවක්නෙ. :-)
මම කමෙන්ට් බලන්න ආයෙමත් මේ පෝස්ට් එක කියෙව්වනේ.අන්තිමට කමෙන්ට් කරලා තියෙන්නේ මම ම තමයි.ලොල්.මට මේක මතක නැතුව හිටියේ.උඹ මනඃකල්පිතව හරි මුල් හරියෙම ලියලා තියන කතාව ඇත්තක්නේ.මට අහන්න ලැබුණු සිද්දියත් ඒ වගේම තමයි.
Deleteමේකෙන් මම සැහෙන්න දේවල් ටිකක් ඉගෙන ගත්තා.නියමයි මචං.
ඒක ඇත්තක්ද ??? මම හිතුවෙ ඒ උඹ දාපු ලුණු ඇඹුල් කියලා.. අඩේ මාරයිනෙ.. මට ඒවගේම හිතුනෙ ඇයි..?
Deleteඅඩෝ රුක්මණි කියන්නේ අපේ අච්චිගේ නැන්දගේ දුව බන්.
ReplyDeleteබොහෝම තාත්විකයි.මම හිතුවේ ඇත්ත කථාවක් කියලා. අඩේ මාරයිනෙ.. බන්
ReplyDeleteවිකාර අනේ මන්දා මට නිකන් පිස්සු වගේ.................
ReplyDelete