Wednesday, April 30, 2014

ගාර්-ඩි-ලියෝන් දුම්රිය අනතුර | 1988.06.27

2014ක්වූ බක් මස 30 වනදා

සිදුවීමට නියමිත යමක් වැළැක්විය නොහැක යන්න සනාථ කරනා හොඳම නිදර්ශනයකි මේ. සිද්ධිය සිදුවීමට අවැසි සාධක එනම් දම්වැල ඇදීම, රියදුරාගේ නොදැනුවත්කම, සහයකයෙකුගේ පමාව, නැවතුම්පළක් මගහැරීමට දෙන උපදෙස, අනතුරු හැඟවීමේ සංඥාව, නියමු කුටිය අතහැරයාම එකින් එක පෙළගැසෙමින් අනතුර කරා යන ගමන විශ්මයජනකය. වැඩි විස්තර අවැසිද ? ගොඩ වන්න ගාර්-ඩි-ලියෝන් බලා ඇදෙනා ඩැනියල් සොලෑන්ගේ දුම්රියට. 


+++++

1988 ජුනි 27 වෙනිදා සවස පැරිසියේ ගාර්-ඩි-ලියෝන් (Gare de Lyon) දුම්රිය පළ බලා ඇදෙනා මගී දුම්රියකි. ප්‍රංශයේ රාජ්‍ය දුම්රිය සේවය වන SNCF සතුවු, අංක 153944 දරණ මෙම දුම්රිය එදින සිය සුපුරුදු නැවතුම් පලක් වූ වෙයර්-ඩි-මෙසොන්ස් ( Vert de Maisones ) දුම්රියපළෙහි නතර නොවී ඉදිරියටම ඇදුණේ SNCF බලධාරීන් විසින් ගිම්හාන කාලසටහන යටතේ එම දුම්රියපළ සේවයෙන් ඉවත් කොට තිබූ බැවිනි. එහෙත් ! හදිසියේම නොසිදුවිය යුතු, කලාතුරකින් සිදුවන අමුත්තක් සිදුවිය. දුම්රියේ හදිසි තිරිංග පද්ධතිය ක්‍රියාත්මක වූ බව අගවන නළා හඬ ඇසෙනා විටම වාගේ, ස්ව්‍යංක්‍රීයව නතර වූ දුම්රියෙන් බැස, දිව ගොස් නොපෙනී ගිය කාන්තාවක් දුම්රියෙහි රියදුරු ඩැනියෙල් සොලෑන් හා ඔහුගේ සහයකයා වූ ජෝන් බෝවී විසින් නිරික්ෂණය කරනා ලදී. ස්ව්‍යංක්‍රීයව හිරවූ තිරිංග පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කිරීම විනාඩි කිහිපයක කාර්‍යයක් වුවද සොලෑන් විසින් සියල්ලට පළමුව ගාර්-ඩි-ලියෝන්හී පාලක මැදිරිය අමතා සිද්ධිය වාර්තාකර සිටියේය. සොලෑන් සහ බෝවී තිරිංග පද්ධතිය යථා තත්ත්වයට ගැනීමට වෙහෙසෙනා අතරතුර, දුම්රියෙහි පමාවක් අපේක්ෂාකළ සමහර මගීන් සිය ගමනාත්තයට ළඟාවීම සඳහා වෙනත් විකල්පයන් සොයා දුම්රියෙන් බැස ගිය අතර අනෙක් මගීන් සිය ගමනාන්තයට මෙම දුම්රියෙන්ම ළඟා වීම උදෙසා නොඉවසිල්ලෙන් යුතුව ‍රැඳී සිටියහ.

ඔවුන්ගේ ගමනාන්තය වූ ගාර්-ඩි-ලියෝන් දුම්රියපළ, රටෙහි දකුණු සහ නැගෙනහිර ප්‍රදේශයන් ආවරණය වන දුම්රිය සේවයේ ප්‍රධානතම දුම්රියපළකි. ප්‍රංශයෙහි කාර්‍යය බහුලම දුම්රියපළ වලින් එකකි. නගර අභ්‍යන්තරයෙහි හා නගරාන්තරව ධාවනයෙහි යෙදුණු දුම්රියන් ගාර්-ඩි-ලියෝන් වෙතින් සේවා පහසුකම් ලැබූහ. දුම්රියපළ වෙත පිවිසෙන හා පිටවෙන සෑම දුම්රියක් පිළිබඳවම නිරීක්ෂණය කිරීම, ගමන් වාර පාලනය කිරීම මධ්‍යම පාලක මැදිරියෙන් සිදු විය. අදාළ දින රාත්‍රියෙහි එහි සේවයේ නියුතුව සිටි කාර්‍යය භාර නිලධාරියා වුයේ ඔන්ඩ්‍රේ ටෝලන්ස්ය. එම රාත්‍රියේදී, 360කට අධිකවූ දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් සුමටව හා ආරක්ෂාකාරීව මෙහෙයවීමේ වගකීම ඔහු අතේ ‍රැඳී තිබුණි. එයට අමතරව එකල්හී ප්‍රංශය මුහුණ දෙමින් සිටි ත්‍රස්ත තර්ජනයන්, දුම්රියයන් හා ඒවායෙහි මගීන් වෙත සිදු කළ හැකි විනාශකාරී ක්‍රියාවන් පිළිබඳව අවධියෙන් සිටීමද ඔහුගේ රාජකාරියෙහිම තවත් කොටසකි.

එක් දරු මවක්වූ කොලෙට් පකලේ සිය රාජකාරියෙන් පසු නිවස බලා යාමට දුම්රිය අල්ලා ගැනිම සඳහා සුහුසුළු වූවාය. සැමියාගෙන් වෙන්ව, දහතුන් හැවිරිදි දරුවා සමඟ විසූ ඇය රාජකාරිය නිමවූ සැණින් නිවස බලා යාමට උත්සුක වන්නේ තනියම නිවසේ සිටින දරුවා උදෙසාමය. සෝලෑන් සහ බෝවී තිරිංග පද්ධතිය යථා තත්ත්වයට ගැනිමට වෙහෙසෙනා එම මොහොතේම, කොලෙට් විසින් ගාර්-ඩි-ලියෝන් දුම්රියපළ බලා හනික දුවමින් සිටියාය. එම මොහොතේම ලූවර් කලාගාරයෙහි සේවය කළ හතළිස් හැවිරිදි ඩොමිනික් පාවීද ගාර්-ඩි-ලියෝන් වෙත දුවමින් සිටියේ සිය සුපුරුදු දුම්රිය අල්ලා ගන්නා අටියෙනි. ඔවුන් දෙදෙනා පමණක් නොව තවත් දහස් ගණනකගේ එම මොහොතේ අරමුණ වූයේ ගාර්-ඩි-ලියෝන් පමණකි.

පස්වරු හත පමණවන විට සොලෑන් සහ බෝවී දුම්රියෙහි තිරිංග පද්ධතිය යාථා තත්ත්වයට පත්කරගැනීමට සමත් වූහ. නමුත් ඒ සඳහා ඔවුනට බලාපොරොත්තු වූවාට වඩා කාලයක් ගතවූ අතර ඒ වනවිටත් දුම්රිය විනාඩි විස්සකින් පමණ ප්‍රමාදවී තිබුණි. ගමන නැවත ආරම්භයට පේර සොලෑන් විසින් ඔන්ඩ්‍රේ ටෝලන්ස් අමතා තත්ත්වය වාර්තා කර සිටි විට ප්‍රමාදය වළක්වා ගනිමින් නියමිත වේලාවට ගාර්-ඩි-ලියෝන් වෙත ළඟා වීම සඳහා ඊළඟ නැවතුම වූ මෙයිසාන් අල්ෆෝර්ට් මග හරින ලෙස ටෝලන්ස් විසින් සොලෑන්ස් හට දන්වා සිටියේය.

මේ අතර ගාර්-ඩි-ලියෝන් වෙතින් පිටත් වීමට සූදානම්ව තිබූ තවත් මගී දුම්රියකි. කොලෙට් සහ පාවී යන දෙදෙනාගේම ඉලක්කය වූයේ මෙම දුම්රිය අල්ලා ගැනීමයි. එදින සහයකයාගේ වූ ප්‍රමාදයක් නිසා අදාළ දුම්රියට, කාලසටහනට අනුව පිටත් වීමට නොහැකි විය. රියදුරු ඔන්ඩ්‍රේ ටොන්ගී සහ දහස් ගණනක් වූ මගීන් සහයකයාගේ පැමිණීම වෙනුවෙන් ගාර්-ඩි-ලියෝන්හී නොඉවසිල්ලෙන් පසු වූහ. සොලෑන්ගේ දුම්රිය නැවැත්වීමට සැලසුම් කර තිබුණේ ඔන්ඩ්‍රේ ටොන්ගීගේ දුම්රිය නවතා තිබූ වේදීකාවේම බැවින්, සොලෑන්ගේ පැමිණීමට ප්‍රථම ඔන්ඩ්‍රේ ටොන්ගී සිය දුම්රිය සමඟ පිටත්වීම අවැසි වී තිබුණි. එහෙත් එය අත්‍යාවශ්‍ය කාරණයක් නොවුනේ යම් ප්‍රමාදයක් සිදුවුවහොත් සංඥා කරුවන් හට සොලෑන්ගේ දුම්රිය වෙනත් වේදිකාවකට යොමු කිරීමට පියවර ගත හැකි බැවිනි. එය ස්ව්යංක්‍රීයව සිදු වීමට, කලින් සැලසුම් කොට තිබූ ක්‍රියාවලියකි.

වේලාව සවස 07:07 වන විට සොලෑන්ගේ දුම්රිය පැයට සැතපුම් 16කට වඩා අධික වේගයකින් ගාර්-ඩි-ලියෝන් බලා ඇදෙමින් තිබුණි. ගාර්-ඩි-ලියෝන් ආසන්න වන විට කහ පැහැති සංඥා එළි විසින් සිය දුම්රියෙහි වේගය අඩු කරගන්නා ලෙස සොලෑන් හට සිහි කැඳවූහ. එයට අවනතව තිරිංග ලිවරය ක්‍රියාත්මක කළ සොලෑන්ගේ ගත අප්‍රාණික වී, දෑස් විශාල වීමට ගත වූයේ තත්පරයෙන් දාහෙන් පංගුවකි. දුම්රියෙහි තිරිංග පද්ධතිය සිය අණට අකීකරු බව තේරුම් යාම එයට හේතුවයි. ඔහු දිගින් දිගටම තිරිංග යෙදීමට උත්සහා කළද ප්‍රතිඵලය එකමය. ටොන් තුන්සියයකට වඩා බ‍රැති දුම්රිය කිසිඳු පාලනයකින් තොරව මගීන්ගෙන් පිරී ඉතිරී තිබූ ගාර්-ඩි-ලියෝන් බලා සිය සුපුරුදු වේගයෙන් ඇදෙමින් තිබුණි.

සොලෑන් කලබල විය. දුම්රියෙහි කොතැනක හෝ අතින් ක්‍රියා කරවන යාන්ත්‍රික තිරිංග පද්ධතියක් තිබිය යුතු බව ඔහු දැන සිටියත් ඒ කොහේදැයි ඔහුට නිශ්චිත නොමැත. බෝවී කැඳවූ ඔහු වහා ඒ පිළිබඳව සොයා බලා ක්‍රියාත්මක වන ලෙස ඔහුට දැනුම් දෙමින්ම තිරිංග යෙදීමෙහි දිගටම නිරතව සිටියේය. එය දුම්රියෙහි වේගය මද වශයෙන් අඩාල කළද ප්‍රමාණවත් නොවීය. අවසානයේදී උපරිම වශයෙන් කලබල වූ සොලෑන් විසින්, පාලන ඒකකය අමතා තමන්ගේ දුම්රියෙහි තිරිංග ක්‍රියාත්මක නොවන බව දැනුම් දී සියලුම දුම්රියයන් නතර කරවන ලෙස ඉල්ලා සිටියේය. එම කලබලයෙන්ම ඔහු විසින් අනතුරු ඇඟවීමේ සංඥා නාදයන් නිකුත් කරවීමට භාවිතා කරන බොත්තම භාවිතා කළේය. එමගින් ඇති කරවන සංඥාවන් මගීන් හට ශ්‍රවණය නොවන නමුත් පාලන ඒකකයේ හා අදාළ සීමාවෙහි වූ සියලුම දුම්රියයන්හී අනතුරු ඇඟවීමේ පද්ධතියන් සක්‍රීය කරවනු ලබයි. වහා ක්‍රියාත්මක වූ සංඥා කරුවන් සියලුම කොළ සංඥා රතු බවට හැරවූ අතර තත්පර කිහිපයකින් එක් දුම්රියයක් හැර ජාලයෙහි වූ අනෙකුත් සියලුම දුම්රියයන් නතරව තිබුණි. තමාට තවදුරටත් කළ හැකි දෙයක් නොමැති බැවින් සොලෑන් විසින් දුම්රියෙහි වූ සියලුම මගීන් පි‍ටුපසම පෙට්ටිය වෙත යොමු කරවමින් තමන්ද නියමු කුටිය අත හැර පි‍ටුපසට දිව ගියේ දිවිබේරා ගැනීමේ අරමුණිනි.

මේ අතර, ගාර්-ඩි-ලියෝන්හී ප්‍රමාද වූ මගී දුම්රියෙහි සහයකයා පැමිණි බැවින් ඔවුන් පිටත් වීමට සූදානම්ය. එහෙත් මේ වන විට ඔන්ඩ්‍රේ ටොන්ගී හට රතු සංඥා එළි නිකුත් වී තිබූ බැවින් පිටත්වීම තව දුරටත් ප්‍රමාදවන ලකුණු දිස් විය. රතු සංඥා නිකුත් වීමට බලපෑ හේතුව ඔන්ඩ්‍රේ ටොන්ගී හට ගැටලුවක් වුවද ඒවන විට නොනැවතී නාද වෙමින් පැවති අනතුරු හැඟවීමේ රේඩියෝ සංඥා නිසා කුමන කරුණක් අරභයා රතු සංඥා නිකුත්ව ඇත්දැයි දැනගැනීමට ඔහුට සිය රේඩියෝව භාවිතා කළ නොහැකි විය.

හවස 07:08 වන විට, ගාර්-ඩි-ලියෝන් බලා ඇදෙනා පාලනයකින් තොරවූ දුම්රිය සිය වේගය වැඩිකරගනිමින් ගමනාන්තය වෙත සමීප වෙමින් සිටියාය. ඒ වනවිටත් සොලෑන් විසින් සිය දුම්රියෙහී වූ සියලුම මගීන්ව අටවන හෙවත් අවසාන පෙට්ටිය වෙත ‍රැගෙන යාමට සමත් වී සිටියේය. විශාල ඝට්ටනයක් අපේක්ෂාවෙන් ඔවුන් සියලු දෙනා ගැහෙනා හදින් යුතුව බිම වැතිර සිටි අතර මේය සිය ජීවිතයේ අවසාන මොහොත විය හැකියැයි යන හැඟීම ඔවුන්ගේ සිත් සතන් භීතියෙන් පුරවාලූහ.

ඔන්ඩ්‍රේ ටොන්ගී තවමත් තමන්ගේ දුම්රිය රඳවාගෙන සිටීමට හේතුව නොදනී. මගීන් පිරුණු දුම්රියෙහි තෙරපී සිටීමෙන් ඇතිවූ අපහසුව නිසාම ඩොමිනික් පාවී එයින් බැස යාමට තීරණය කොට මගීන් අතරින් අසීරුවෙන් ගමන් කොට දුම්රියෙන් ඉවත්වූයේ වෙනත් විකල්පයක් බලා යාමටය. ඔබ ‍රැකවල් දේව දූතයන් හෝ ඉෂ්ට දේවතාවන් වෙනුවෙන් පෙනී සිට වාද කරයිනම්, ඩොමිනික් පාවී යනු ඒ සඳහා බැහැර කළ නොහැකි නිදර්ශනයකි.

තමන් සිටිනා ස්ථානය පසු කරමින් අසාමාන්‍ය වේගයකින් ඉදිරියට ඇදෙනා සොලෑන්ගේ දුම්රිය සංඥා කරුවන්ගේ ඇස ගැටෙනා විට වේලාව හවස 07:08 පසුවී තත්පර කිහිපයකි. ඔවුන්ගේ ශරිරයන්හී රුධිරය සීතල කරවමින්, දුම්රිය කලින් සැලසුම් කොට තිබූ වේදිකා අංක එක වෙනුවට, මගීන්ගෙන් පිරී ඉතිරී තිබුණු ඔන්ඩ්‍රේ ටොන්ගීගේ දුම්රිය නවතා තිබූ වේදිකා අංක දෙක වෙත ඇදෙනු දක්නා ලදී. වහාම ක්‍රියාත්මක වූ සංඥා කරුවන්, දුම්රියපළෙහි වූ මගීන් අමතා වහාම වේදිකා අංක දෙකෙහි වූ දුම්රියෙන් හා ඒ පරිශ්‍රයෙන් ඉවත් වෙන ලෙස දැනුම් දුන්හ. පිටත්වීමට නොඉවසිල්ලෙන් සිටි ඔන්ඩ්‍රේ ටොන්ගීගේ සවනත මෙම භයානක නිවේදනය පතිත විය. වහාම සිය දුම්රියෙහි වූ මගීන් ඇමතුම් පද්ධතිය ඔස්සේ මගීන් ඇමතු ඔන්ඩ්‍රේ ටොන්ගී, දුම්රියෙන් හැකි ඉක්මනින් ඉවත්වන ලෙස මගීන් හට දන්වා සිටියේය. නැවත නැවතත් ඔහුගේ නිවේදනය ප්‍රතිරාවය විය. වහා ක්‍රියාත්මක වූ මගීන් එකිනෙකා පරයමින් දුම්රියෙන් ඉවත්වීමට උත්සහකරනා එම මොහොතේම තමන් වෙත වේගයෙන් ඇදෙනා දුම්රිය ඔන්ඩ්‍රේ ටොන්ගීගේ දසුනට හසුවිය. එහෙත්, තවමත් මගීන් සිය දුම්රියෙහි පිරී ඉතිරී සිටින බව දත් ඔන්ඩ්‍රේ ටොන්ගී අනතුරින් පලායාම වෙනුවට සිය අසුනෙහි නිර්භීතව ‍රැඳී සිටිමින් දිගින් දිගටම මගීන් වෙත ඉවත්වීමේ නියෝගය නිකුත් කරමින් සිටියේය. සිය ජීවිතයේ අවසාන මොහොත අනුන් වෙනුවෙන් කැපකිරීමට තරම් ඔන්ඩ්‍රේ ටොන්ගී පරිත්‍යාගශීලී විය, නිර්භීත විය. ඉනික්බිතව;





oooooooo

අනතුරෙහි ප්‍රථම වින්දිතයා වූ ඔන්ඩ්‍රේ ටොන්ගී ක්ෂණිකවම මරු වැළදගත්තේය. ටොන්ගීගේ දුම්රියෙහි ප්‍රථම මැදිරියෙහි සිටි කොලෙට් අනතුරින් දරුණු තුවාල ලබා දිවි බේරාගැනීමට වාසනාවන්ත වූවාය.

"මුලින්ම මම හිතුවේ ඒක බෝම්බයක් වෙන්න ඇති කියලා. ඒක කොච්චරවෙලා තිබුණද කියලා මට මතකයක් නෑ. තත්පර දහයක් එහෙම නැත්නම් විස්සක් විතර වෙන්න ඇති. මට යන්තම් හිතාගන්න පුළුවන් වුණේ මාව මැරෙන්න යනවා කියන එක විතරයි." - කොලෙට් 

කොලෙට් , තත්පර කිහිපයකට පෙර සිය පුතණුවන් සමඟ සන්ධ්‍යාව ගතකරනාකාරය පිළිබඳව සිහින දැකීය. දැන් ඇය තවත් දරුණු තුවාල කරුවන් පිරිසක් සමඟ සුන් බුන් ගොඩක සිරවී ජීවිතය අයදිමින් සිටියාය. ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර නොලදහොත් ඇයගේ තත්ත්වය අසාධ්‍ය වනු ඇත.

සෝලෑන්ගේ දුම්රියෙහි සිටි සියල්ලම පාහේ බරපතල තුවාල නොලබා දිවිගලවා ගැනීමට වාසනාවන්ත වූයේ අවසාන මැදිරියෙ ‍රැඳී සිටි බැවිනි. එහි ගෞරවය සෝලෑන් හට හිමිවිය යුතු වුවද අනෙක් මරණයන්ගේ වගකීමෙන් ඔහු නිදහස් වේද ?

අනතුරින් විනාඩි එකොළහකට පසු ප්‍රථම ගලවාගැනීමේ කණ්ඩායම ස්ථානයට ළඟා විය. චෙක් සිවිල් යුද්ධයේදීද සිය දායකත්වය ලබා දුන් ශල්‍ය වෛද්‍ය රෙනේ ජොන්කෝවිචී කණ්ඩායමේ ශල්‍ය වෛද්‍යවරයා වූ අතර අනතුර පිළිබඳව සිය අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තමන් මින්පෙර යුද්ධයේදී වත් එවැනි විනාශයක් නොදැක තිබූ බවයි.

"ඒක හරියටම සාඩින් කෑන් එකක් විවෘත්ත කළා වගේ. අත පය කැඩුණු, බිඳුණු, කැපුණු මළ සිරුරු කවුළු වලින් එල්ලෙමින් තිබුණ එම දර්ශනය ඉතාම බියජනකයි." - වෛද්‍ය රෙනේ 

විනාශයේ තරම ඉක්මනින්ම අවබෝධ කරගැනීමට හැකි වූ අතර ගලවා ගන්නන්ට අනුව සියයකට අධික මිනිසුන් ප්‍රමාණයක් සුන් බුන් අතර සිරවී සිටිති. කොලෙට් පකළේද ඔවුන්ගෙන් කෙනෙකි. කොලෙට් ඉදිරි පළමු මැදිරියෙහි ආසන දෙකක් අතර සිරවී සිටියාය. ඈ මෙන්ම තවත් බොහෝ පිරිසක් සුන්බුන් අතර සිරවී සිටියහ. වෛද්‍යවරු යුහුසුළු විය යුතු වුවද තුවාලකරුවන් වෙතට ළඟාවීමට වූ නොහැකියාව ඔවුන්ව දුර්මුඛ කරවීය. ගලවාගන්නන් විසින් යකඩ ආදී ද්‍රව්‍ය කපා දමා සුන්බුන් අතරින් ‍තුවාලකරුවන් පාදාගන්න තුරු ඔවුනට බලාසිටීමට සිදු වූහ. අවසානයේදී රාත්‍රී එකොළහට පමණ කොලෙට්ව නිදහස් කර ගැනීමට ගලවාගන්නන් සමත් වූවද තවත් බොහෝ ගණනක් ඒ වනවිටත් සුන්බුන් අතරය. දරුණු සිරවීමකට ලක්ව, බරපතල තුවාල ලබා සිටි මගීන්ව ගලවා ගැනීම උදෙසා ශල්‍ය වෛද්‍ය රෙනේ ඇතුළු කණ්ඩායමට දරුණු තීරණයකට යාමට පවා සිදු විය. ඔවුන්ව හැකිතාක් ඉක්මනින් ගලවා ගැනිම උදෙසා, සිරවී තිබූ සමහර ශරීරාංග කපා දැමීමේ තීරණය ගනු ලැබුවේ ජීවිතය ගලවාගැනීම වැදගත් බැවිනි. 

වේදිකාවට ගත් සැණින් කොලෙට් හට ඇතිවූ තිබූ හානිය විද්‍යාමාන විය. ඇයගේ සමහර අස්ථි බිඳි තිබුණු අතර ඉතා විශාල ප්‍රමාණයකින් රුධිරය වහනය වී තිබුණි. වෛද්‍යවරුන් විසින් ඇයට එම රාත්‍රියවත් පසු කිරීමට හැකි වේදැයි සැකපහළ කළ නමුත් ඇය එතරම්ම අවාසනාවන්ත නොවුණාය. රෝහලේදී ඇයගේ තත්ත්වය අසාධ්‍ය වුවද, වෛද්‍යවරු නැවතත් ඇයට ජීවය දීමට සමත් වූ බැවින් තුන් මසක් ඇවෑමෙන් ඇයට සිය පුතණුවන් හා එක්වීමේ භාග්‍ය හිමි විය.

පසු දින දහවල් දොළහා වනවිට ගලවා ගන්නන්ට ඉවත්කරගැනීමට ඉතිරිව තිබුණේ මළ සිරුරු පමණය. දුම්රියයන් දෙක දෙපසට වෙන් කළ අතර, කඩා වැදුණු දුම්රිය පරීක්ෂකයන්ගේ අත්අඩංගුවට පත්විය. 56 දෙනෙකුට ජීවිත අහිමි වී තිබුණු අතර 57දෙනෙකු තුවාල ලබා තිබුණි. ඔන්ඩ්‍රේ ටොන්ගී සිය ජීවිත පරිත්‍යාගයෙන් දැක්වූ නිර්භීතභාවය නොවන්නට මෙම සංඛ්‍යා මෙයට වඩා වැඩි අගයක් වනවා නොඅනුමානය. අනෙක් අතට ඩැනියෙල් සෝලෑන් ප්‍රදර්ශනය කළ බියසුලුභාවය නොවන්නට මෙම මුළු කතාවම මෙයට වෙනස් ආකාරයකට අවසන් වන්නට තිබුණි. කෙසේවෙතත් සිදුවීමට නියමිත වූ දේ සියලු බාධක මැඩගනිමින් සිදුවී අවසන්ය. එය පැරිසේ සිදුවූ දරුණුව දුම්රිය ඛේදවාචකය ලෙසට ඉතිහාසයට එක් වී ඇත.

ප්‍රංශය සතුව යුරෝපයේ අති නවීනම දුම්රිය පද්ධතිය විය. මෙවන්වූ අනතුරු වළක්වා ගැනීම සඳහාම සකස් වූ ආරක්ෂක විධිවිධාන බොහොමයක්ම තිබුණද, ඒ සියල්ල පරදා මෙම අනතුර සිදු වූයේ කෙසේද ? මෙම වර්ගයේ දුම්රිය කට්ටල තවත් බොහෝමයක් ප්‍රංශයේ රේල් පීලි මත වූ අතර ඒවාත් මෙවන් වූ අනතුරකට භාජනය වීම හැකියාවක් පවතීද ? සිද්ධිය පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් උදෙසා ප්‍රංශ රජය වෙනුවෙන් හය දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පත් කෙරිණි. 

Memorial of the crash inside the station
ගාර්-ඩි-ලියෝන් දුම්රියපළෙහි ඇති සිහිවටන ඵලකය.



අනතුරට ලක්වූ වර්ගයේ දුම්රියක්


Seconds From Disaster S02E11 - Runaway Train  ඇසුරින් සකස් කෙරුවේ;


~~සෙන්නා / 30.04.2014

වෙනත් මූලාශ්‍ර;
1. http://secondsfromdisaster.net/s02e11-paris-train-crash-gare-de-lyon-rail-accident/
2. http://en.wikipedia.org/wiki/Gare_de_Lyon_rail_accident


90 comments:

  1. ආයිත් කියවන්නං.. මට දැං වෙලාව මදි බං.

    ReplyDelete
  2. නියම ලිපිය මචෝ. ඇත්තටම මෙය යළිත් කියවිය යුතුයි නිවාඩුපාඩුව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන්. පස්සෙ කියවන්නකො එහෙනම්...

      Delete
  3. අපගේ බ්ලොග් දර්ශකය සමග සම්බන්ධ වන්න. ඔබේ බ්ලොග් අඩවියත් අප වෙත ඉදිරිපත් කරන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔන්න එකතු කළා. ස්තූතියි ඔබට.

      Delete
  4. Replies
    1. ස්තූතියි බණ්ඩා..

      Delete
  5. මෙච්චර විස්තර සහිතව ලිපියක් ලියනවා කියන එක මට නම් හෙනම කම්මැලි ජනක වැඩක්.. සෙන්නා කරන මේ වැඩේ කොහොම කරනවද කියල හිතා ගන්න බෑ... ෆිල්ම් එකක් බැලුව වගේ සීන් එක මැවිලා පේන විදියට ලියල තියෙනවා.. නියමයි..

    ReplyDelete
    Replies
    1. මම ඉතින් ඔය ටික ටික හිමීට ලියනවා පැතුම්.. මේ වගේ මහන්සි වෙලා ලියපු ලිපියකට කමෙන්ට්ස් වැටෙනකොට ඇත්තෙන්ම සතු‍ටුයි. අර කම්මැලි පෝස්ට් වලට කමෙන්ට් වැටෙනකොට මට ඇත්තටම ගිල්ටි ෆීලිංග් එකක් දැනෙනවා බන්...

      බොහොම ස්තූතියි අගය කෙරීම පිළිබඳව...

      Delete
    2. මේක නියමයි!

      //අර කම්මැලි පෝස්ට් වලට කමෙන්ට් වැටෙනකොට මට ඇත්තටම ගිල්ටි ෆීලිංග් එකක් දැනෙනවා//
      කියවන්නාට කම්මෑලි නෑතුව ඈති එනිසා ගිල්ටි හිතන්න එපා

      Delete
    3. ප්‍රා, එහෙමද ? ඒත් මට නිකං ඉඳලා පඩි ගන්නවා වගේ හැඟීමක් එතකොට තියෙන්නේ..

      Delete
    4. කම්මැලි පෝස්ට් එක කිව්වේ මගේ එක වෙන්ටෑ?? හැක්...

      Delete
    5. බොලාගෙ පෝස්ට් වලට කමෙන්ට් වැටෙනකොට මට ගිල්ටි වෙන්න කොහොමද බන්.. ආන්න ජෙලස් කියලානම් කිව්වෑකි... :)

      Delete
  6. හරිම පුදුම සිදුවීමක්. මේ ලිපිය අදම කියවන්න ලැබුනේ කොහොමද කියලා මට හිතාගන්න බැහැ. හේතුව මොකක්ද දන්නවද? මේ ලිපිය කියවන මොහොත වනවිටත් මගේ සිතට වේදනාවක් දැනෙනවා. අපේ නිවසේ සිට කිලෝමීටරයක් දුරින් පිහිටි පොතුහැර දුම්රිය ස්ථානයේ අද උදෑසන විශාල දුම්රිය අනතුරක් සිදුවුනා. වාසනාවකට කිසිවකු මිය නොගියත්, දරුණු තුවාල කරුවන් සෑහෙන පිරිසක් ඉන්නවා. දුම්රිය දෙකත් බරපතල ලෙස හානියට පත්වෙලා. ඔබ මේ කතාවේ කියන අනතුරට සමාන අනතුරක්. මොනතරම් අහම්බයක්ද අදම මේ ලිපිය කියවන්නට සිදුවීම.

    ReplyDelete
    Replies
    1. කිසිම අහම්බයක් නෑ විචාරක මහතා. මම මේ ලිපිය ලියන්නේ 17 වෙනිදා ඉඳන්. කමින් සූන් කෑල්ලකුත් දැම්මේ.. ඊයේ පොතුහැර සිදුවුන අනතුරයි, මේ දෙකේ තියන ආසන්න සමානත්වයයි නිසා මට හිතුනා මේ කෑල්ල ඊයෙම දැම්මොත් හොඳයි කියලා. නැත්නම් මම මේක ඔක්කොම ලියලා පස්සෙ කොටස් දෙකකට දාන්න හිටියේ එක ළඟ එක වශයෙන්..

      ඇත්තෙන්ම අර අනතුරින් මරණ සිදු නොවීම වාසනාවක්...

      Delete
    2. මෙන්න මම ගත්ත පින්තූරයක්
      [im]http://jangun.files.wordpress.com/2014/05/photo0183.jpg[/im]

      Delete
    3. මේකෙ එක මරණයක්වත් නෑ කියන එක ඇත්තෙන්ම හාස්කමක්...

      Delete
    4. අර පාදෙනිය ලොක්ක දෝස්මුර දැම්මේ මේ විචා වගේ අයට වෙනටැති මයේ හිතේ

      Delete
  7. // අනෙක් අතට ඩැනියෙල් සෝලෑන් ප්‍රදර්ශනය කළ බියසුලුභාවය නොවන්නට මෙම මුළු කතාවම මෙයට වෙනස් ආකාරයකට අවසන් වන්නට තිබුණි //

    සෝලෑන් ගෙ වැරැද්ද මොකක්ද!? එයා කරන්ට පුළුවන් හැම දේම කරලා අන්තිමේදී මගීන්ව අන්තිම පෙට්ටියට රැස් කරලා එයාලව බේරගත්තා නේද? වැරැද්ද දුම්රිය පාලනාධිකාරියෙ, එයාලා ටොන්ගී ගෙ දුම්රියෙ හිටපු මගීන් ඒකෙන් කලින්ම ඉවත් කලානම් ඔය මරණ සිද්ධවෙන්නෙ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ සොලෑන්ගේ කියන්න තරම් වැරද්දක් නැති බවයි..

      Delete
    2. බූරා එයාගේ වරද තමා නියමු කුටිය අතහැර යාම. ගිලෙන නැවක වුනත් කැප්ටන් තමා නැවෙන් ඉවත් වෙන අන්තිමයා. ( දැන් එහෙම නොවුනට. ) වැඩි විස්තර අනිත් කොටසේ තියනවා. එහෙම නැත්නම් අර ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ...

      Delete
    3. //ගිලෙන නැවක වුනත් කැප්ටන් තමා නැවෙන් ඉවත් වෙන අන්තිමයා.//

      හපොයි දැන් කාලේ නම් එයාලා තමා මුලින්ම පණ බේරාගන්ට දුවන්නේ... :D

      Delete
    4. සික් ලැජ්ජයි නේ අර කොරියාවේ පොඩි උන් ටික ගිලෙන්න ඇරලා නැවේ වැඩ කල උන් බේරෙන හැටි දැක්කම

      Delete
    5. වීඩියෝ එකේ හැටියට ජොකා පිටින් ඉස්සෙල්ලම ඇවිත් තියෙන්නෛ් ඔය කප්පිත්තා තමා බින්දියෝ

      Delete
  8. ලෝකයේ සිදුවුණු සුවිශේෂී සිදුවීම් ලියන සෙන්නෝ ඔබට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මකසි..

      Delete
  9. Well done! Realistic writing style. Thank you so much for sharing this piece of information.

    ReplyDelete
    Replies
    1. My pleasure and many thanks for the appreciation...

      Delete
  10. ලංකාවේ සිදුවුනු දරුණුම දුම්රිය අනතුර ගැන ප්‍රවෘත්ති බලලා ඇවිත් තමයි මේක කියෙව්වේ. සෙන්නා උඹ සීරුවට කරුණු එකතුකරලා පොතක් ලියනවා වගේ පරිස්සමට ලියන කෙනෙක්. උඹට මගේ ආචාරය!!

    ඔය ගාර් ඩි ලියොන් කියන්නේ හරි විශාල ස්ටේෂමක්ලු යුරෝපයේ අනිත් රටවල් වලටත් සේවා සපයන.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ.. උඹේ ආචාරය මට හෙන වටිනවා.

      ස්තූතියි ගාර්-ඩි-ලියෝන් ගැන දීපු විස්තරයට.. මටත් හිතුනා එහෙම වෙන්න පුළුවන් කියලා..

      Delete
  11. බොහොම අපූරුවට ලියපු ඛේදාන්තයක් සෙන්නා අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පත්තර මලේ..

      Delete
  12. අර කිව්ව වගේ චිත්‍රපට තිර රචනයක් වගේ ලියලා තියනවා... බොහොම අගෙයි සෙන්නා...

    ReplyDelete
    Replies
    1. සමහර විට ඒ ඩොක්‍යුමන්ට්‍රි එක බලාගෙන ලියපු නිසා වෙන්නත් පුළුවන් තිසර.. කොහොම වුනත් ස්තූතියි ඔබගේ අගය කිරීම ගැන.

      තිසර පහුනු ටිකේ පේන්න හිටියේ නෑ නේද ? මට ඊයේ නිකන් මතක් වුනා...

      Delete
  13. ගිය අවුරුද්දෙත් ප්‍රංශයේ මේ වගේ අනතුරක් සිද්ධ උණා නේද?

    ආයෙම පාරක් කියවන්ට ඕනි සෙන්නා...ඊට පස්සේ ආයෙම කමෙන්ට් එකක් දාන්නම්. මම කීවේ කලින්ම දුම් රිය අනතුරක් කියලා. මම හිතුවේ හරි උත්තර දුන්නු අයට තෑගි දෙනවා කියලනේ. :)

    ReplyDelete
    Replies
    1. ගිය අවුරුද්දේ වුනේ ස්පාඤයේ නේද ? මේ තියෙන්නේ. හයි ස්පීඩ් කේස් එකක්.. කණේ වැලි වදින්න වංගුව අරගෙන.. ප්‍රංශයේ වුන එකක් මට මතක නෑ..

      තෑග්ග තමා ඔයා මේ දැන් කියෙව්වේ... :)

      Delete
    2. සෙන්නා,
      …පොරොන්දු වෙච්ච විදිහට මගෙ තෑග්ග ගෙදරට තාම ලැබුනේ නෑ.. අම්මපා ලංකාවෙ තැපැල් සේවය නම් කියලා වැඩක් නෑ.. =D>

      Delete
    3. මම කිව්වේ ගුවන් තැපෑලෙන් කියලා මයෙ හිතේ. ප්ලේන් එක හයිජැක්ද දන්නෑ එහෙනම්... :D

      Delete
    4. පොඩ්ඩි කියන්නේ ස්පාඤඤයේ වුන එක වෙන්න ඇති. ඒකේ වුනේ වංගුවේ එන්න ඕන වේගෙට වැඩියෙ වේගෙකින් ඇවිල්ලා කෝච්චිය පීලි පැනපු එක.

      Delete
  14. සෙන්නා,
    "සිය දැනුමෙන් තොරව නතර වූ" දුම්රියෙන් බැස, දිව ගොස් නොපෙනී ගිය කාන්තාවක් කියන තැන "ස්වංක්‍රීයව නතර වූ දුම්රියෙන්" කියලා කිව්වා නම් හොඳයි කියලා මම තිතනවා.

    >>වේලාව සවස 07:07 වන විට සොලෑන්ගේ දුම්රිය පැයට සැතපුම් 16කට වඩා අධික වේගයකින්...<< මෙතන 16ද 160ද? මොකද ප්‍රංසේ තියෙන්නේ අධිවේගී දුරිය නිසයි මම ඇහුවේ. පොඩ්ඩක් බලාපං.

    මම Seconds from Disaster ඔක්කොම වගේ බලලා තියෙන නිසා මේකත් මට මතකයි. උඹ මේ පාර ප්‍රංශ නම් වල උච්චාරණය හොයාගත්තේ කොහොමද? ප්‍රෝග්‍රෑම් එක නැවත නැවත බලලද නැතිනම් ප්‍රංශ දන්න පොරකගෙන් දැනගත්තද?

    මට හිතාගන්න බැරි රියැදුරා පස්සේ පෙට්ටියයට පසු බැහැලා ජීවිතේ බේරා ගත්ත එක නෙවෙයි බං. ඒක මහ ලොකු වැ‍රැද්දක් නෙවෙයි. ප්‍රශ්ණේ රියැදුරු පුහුණුවේ රනවේ ට්‍රේන් එකක් නතර කරන විදිය පැත්තකින් තිබ්බත් , හදිසි තිරිංග ක්‍රියාත්මක කරන විදිය වගේ මූලික දෙයක්වත් උගන්නන්නේ නැද්ද කියන එකයි. එහෙම නැතිනම් මූත් අර මං උගන්නන ගෝලයෝ වගේ ඒවා කියාදෙන වෙලාවේ අහගෙන හිටියේ නැද්ද දන්නේ නෑනේ හරි මූඩ් එකේ නොහිටිය නිසා. එතකොට රස්සාව දෙන්න කලින් දැනුම පරීක්ෂා කරලා බලන ලිඛිත/ප්‍රායෝගික පරීක්ෂණ පාස් වුනේ කොහොමද කියන එකත් ප්‍රශ්ණය.

    ReplyDelete
    Replies
    1. ඔව් උඹ කියන එක වඩා සුදුසුයි තමා. ඔන්න මම ඒක හැදුවා. ස්තූතියි...

      16යි කියලා තමා කියන්නේ. 160ට නම් වෙන්න බෑ මොකද මේක කි.මී. 55කද කොහෙද ට්‍රිප් එකක් දුවන ට්‍රේන් එකක්.

      සමහර ඒවා ප්‍රෝග්‍රෑම් එකෙන් නැවත නැවත අහලා, සමහර ඒවනම් ප්‍රනව්සියේෂන් ප්‍රෝග්‍රෑම් වලින් බලලා, නැවත නැවත අහලා තමා ලියලා තියෙන්නේ. සමහර විට වැරදිත් ඇති...

      ප්‍රෝග්‍රෑම් එක බැලුවනම් උඹට මතක ඇති සමහර විට. පොර පැනික් වෙනවා. අනිත් කොටසේ ඒ විස්තර ඔක්කොම තියනවා...

      Delete
    2. උගන්නන වෙලාවේ අහගෙන හිටියත් කාටද බන් ඕවා මතක හිටින්නේ... මෙහෙමයි නේද? ඔය හැම ඉමර්ජන්සි එකටම ෆලෝ කරන්න චෙක් ලිස්ට් එකක් තියෙනවා... සොලෑන් එක ෆලෝ කරන්න ඇති... එහෙම කරලා තමයි සෙනඟ අන්තිම පෙට්ටියට ගෙනියලා හානිය අවම කරගන්න ඇත්තේ... ඌත් එන්ජින් එකේ තිරිංග හොය හොයා ඉන්නැතුව අන්තිම පෙට්ටියට යන්න ඇත්තේ ඒ චෙක් ලිස්ට් එකේ හැටියට වෙන්න ඇති :)... මම මේ එපිසෝඩ් එක බලලා නෑ... ඒත් එහෙම වෙන්න ඇති කියලා මට සෙන්නාගේ විස්තරය කියවද්දී හිතුනේ...

      Delete
    3. බීටල්, නෑ බන් පොර පැනික් වෙලා දාල දුවනවා.. පොර නියමු කුටියේ හිටියනම් දුම්රිය වෙන ට්‍රැක් එකකට මාරු කරගන්න තිබුනා කියලා තමා කියවෙන්නේ...

      අනිත් එකේදි ඒ ටික එනවා. එතකන් ඩොක්‍යුමන්ට්‍රි එක බලහන්..

      Delete
    4. එල එහෙනම් ඉතින් කුජීතයි... හැබැයි ඉතින් අපි වුනත් මෙහෙම කීබෝඩ් ඉස්සරහා පොර ටෝක් දුන්නට ඒ වෙලේ කොහොම හැසිරෙයිද දන්නෑ නේද..? ඒ හින්දම තමයි ඒ වෙලාවට වගකීමක් ගත්තු මිනිහෙක්ට මාර වටිනාකමක් තියෙන්නේ...

      උඹ මේක කුරුන්දේ ලියලා තියේද දන්නෑ 2009 හඩ්සන් රිවර් එකට ලෑන්ඩ් කරපු සීන් එක... මේ කොක්පිට් රෙකෝඩින් එක ඇහුවේ නැතිනම් අහපන්... එන්ජින් දෙකම වැඩ කරන්නැතුව ෆ්ලයිට් එක බිමට කඩාවැටෙනවා වුනත් මේ පයිලට් කතාකරද්දි තියෙන ආත්ම විශ්වාසය කටහඬෙනුත් දැනෙනවා නේද බලපන්...

      US Airways Flight 1549 Cockpit Audio Tapes

      Delete
    5. << හැබැයි ඉතින් අපි වුනත් මෙහෙම කීබෝඩ් ඉස්සරහා පොර ටෝක් දුන්නට ඒ වෙලේ කොහොම හැසිරෙයිද දන්නෑ නේද..? >>

      සහතික ඇත්ත බන්.. අපි තමා ඔහොම වෙලාවට විකාරම කරන්නේ. සොලෑන් අඩුම ගානේ තමන්ගේ කෝච්චියේ හිටපු උන් ටිකවත් බේරගත්තා. අපි හිටියනම් තනියම් දුවලා ගිහින් පිටිපස්සට වෙලා ඉන්නත් පුළුවන්... හෙහ් හෙහ්.. :D

      නෑ බන් ඒක ලියලා නෑ.. උඹ දුන්නේ හොඳ ඔත්තුවක්... අනාගතේ දවසක ලියවේවි... අනිවා මේක බලනවා... ස්තූතියි...

      Delete
    6. //සමහර ඒවා ප්‍රෝග්‍රෑම් එකෙන් නැවත නැවත අහලා, සමහර ඒවනම් ප්‍රනව්සියේෂන් ප්‍රෝග්‍රෑම් වලින් බලලා, නැවත නැවත අහලා තමා ලියලා තියෙන්නේ. සමහර විට වැරදිත් ඇති...

      ප්‍රෝග්‍රෑම් එක බැලුවනම් උඹට මතක ඇති සමහර විට. පොර පැනික් වෙනවා. අනිත් කොටසේ ඒ විස්තර ඔක්කොම තියනවා...// පුදුම කැපවීමක්නෙ.. හැට්ස් ඕෆ්..

      Delete
  15. මට එකපාරම හිතුනේ ඔන්ඩ්‍රේ කලින්ම අනතුර ගැන දැනගෙන හිටිය නිසා මෙහෙම දෙයක් කරන්න ට්‍රයි එකක් දෙන්න බැරිද කියන එකයි... :)

    - සෙලාන්ගේ දුම්රිය එන්න කලින් ඒකට වඩා වේගෙන් ඔන්ඩ්‍රේ තමන්ගේ දුම්රිය රිවස් කරන්න ගන්නවා...
    - ඊට පස්සේ දුම්රිය දෙකේම වේග දෙක මැච් කරගන්නවා,,,
    - ඊට පස්සේ ඔන්ඩ්‍රේ ගේ දුම්රියේ වේගය හිමීට අඩු කරන ගමන් සෙලාන්ගේ එක තමන්ගේ එන්ජින් එකේ වැදෙන්න දෙනවා...
    - දැන් ටික ටික තමන්ගේ වේගය තවත් අඩුකරනවා...ඔහොම අඩුවෙලා අඩුවෙලා අන්තිමට කෝච්චි දෙකම නවතිනවා...

    අපේ රටේ ත්‍රීවීල් ඩ්‍රයිවර්ලා වගේ බුවාලා පැරිස්වල කෝච්චි එලෙව්වානං ඔහොම කරන්න තිබ්බා :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. බීටල් උඹට හිතුන ඔය දේ කරන්න පුළුවන් ලංකාවෙ උන්ටම විතරයි.. වෙන කාටවත් බෑ...ටොන්ගී ලංකාවෙ එකෙක් වුනානම් මට අද ලියන්න කතාවක් නැති බවට මෙන්න කැට.. :D

      Delete
  16. ඉතිහාසයේ වෙච්ච දේවල් නැවත නැවතත් සිද්ද වෙනවා කියන්නේ නිකන්ද එක අතකට.. ඊයේ ලංකාවේ සිද්දිය ගැන කියෙවුවා.. අද මේ පැත්තේ එද්දී අතිතයේ වුනන් සිද්දියක විස්තරයක්.. කරුණු එකතු කරලා අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි අයියේ..

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒක ඇත්ත...මේ අනතුරු දෙකේ පොඩි සමානත්වයක් තියනවා...

      ස්තූතියි දිනේශ්..

      Delete
  17. "මෙලෝ රහක් නැති ලිපියක්" කියලා කමෙන්ට් එකක් දාන්න හදද්දී තමයි රතු පාටට පලිය දැක්කේ. සෙන්නගේ වාර්තාමය ලිපි අතරින් නොසැලකිල්ලෙන් ලියපු එකම එකද මන්දා..... (ඵල ඇති රුකට නෙව ගල් ගහන්නෙ. අමනාප නොවේවා!!)

    කියවන්න පටන් ගත්තා විතරයි ඉවරයි. මේක දෙකට කැඩුවට මගේ බලවත් විරෝධය.

    ReplyDelete
    Replies
    1. << සෙන්නගේ වාර්තාමය ලිපි අතරින් නොසැලකිල්ලෙන් ලියපු එකම එකද මන්දා..... >>

      එහෙම කියන්න පාදක වෙච්ච කරුණු කිව්වොත් ඉස්සරහට සෑහෙන ප්‍රයෝජනවත් වේවි.. නොසැලකිල්ල ගැන කියපු නිසා මේකත් පොඩ්ඩක් අහන්නකෝ. මේක මම කිසිම නොසැලකිල්ලකින්නම් නෙමේ ලියුවේ. අනිත් ඒවට දීපු අවදානයම මේකටත් ඒ විදිහටම දුන්නා. මේක ලියුවේ 17වෙනිදා ඉඳන්.. ටිකෙන් ටික බොහොම පරිස්සමෙන්. සැකකටයුතු කිසිම දෙයක් දෙපාරක් චෙක් නොකර ඇතුලත් කළේ නෑ.. වීඩියෝ එක එඩිට් කරන්නම මට පැයකට වඩා ගියා. කලින් දාපු එක ආයෙ වෙනස් කරලා මේක දැම්මේ ඒක මදිවෙයි කියලා හිතලා..

      දැන් ඉතින් උඹ ඔහොම කියන්න හේතු මොනාද කියලා කියන්නම වෙනවා.. නැත්නම් මම දෙවෙනි කොටස දාන්නෑ...

      Delete
    2. "නොසැලකිල්ල" කියන වචනේ මගෙ නොසැලකිල්ල නිසා යෙදුනු එකක්. සමාවෙන්න එයට.

      මේක අනිත් ලිපි වලට වඩා හදිස්සියෙන් ලියපු ලිපියක් වගේ මට දැනුණේ. කොට වැඩියි වගෙත් දැනුණා. සමහරවිට දැහැනට සම වැදිලා වගේ කියවනකොට දිග,කොට අතර වෙනස තේරුනේ නැද්ද මන්දා...
      සමහරවිට කථාව සාරාංශ ගත කිරීම වැඩි උනාද මන්දා...
      එහෙමත් නැත්නම් අපිට නුහුරු දුම්රිය තිරිංග පද්ධති ගැන හැඳින්වීමක් නැතිවීමද, එහෙමත් නැත්නම් සොලෑන් විසින් තිරිංග යෙදීමේදී ගත යුතු පියවරවල් හඳුන්වා නොදී ඔහු විසින් කළ දේ ගැන පමණක් හැඳින්වීම තුලින් ඔහුගේ ක්‍රියාවේ නොසැලකිල්ල/බරපතලකම නොපෙන්වා ඔහුව වීරයෙකු ලෙස දැකීමට අපව පෙළඹවීම (ඉහත කමෙන්ට් වලට අනුව) වගේ කරුණු නිසාද මන්දා....
      මොකක් හරි වෙනසක් දැනුණා සෙන්නෝ.

      මන් උඹේ ලිපි කියවන්නේ ගොඩක් ආසාවෙන්. මොකද මේ ජාතියෙ ලිපි සිංහලෙන් කියවන්න තියෙන එකම තැන (සියලුම මාධ්‍ය අතුරින්) කුරුන්ද නිසා.
      සමහර ඒවා දැනෙන ආකාරය වෙනස් නිසා එහෙම දැනෙනවද මන්දා. මොකද මන් උඹේ "දොරුව පරාදයි" එක කියෙව්වා දවස් දෙකක් තිස්සේ. අදටත් මන් ජීවත් වෙනවා ඒ කතාව ඇතුලේ. මොකද "සංචාරය" කියන්නේ මගේ ආසම විෂයක් නිසා.

      ආයෙත් කියන්නේ හිත රිදුනනම් සමාවෙයන්. මොකද මම මගේ මෙලෝ රහක් නැති පෝස්ට් එකක් දාන්නත් මාර විදියට මහන්සි වෙනවා. එහෙව් එකේ උඹේ මහන්සියට මුකුත් කිව්වා නෙවෙයි. අනික මං කලිනුත් කිව්වා වගේ "ඵල ඇති රුකට" මිසක් වෙන මොහොකට ගල් ගහන්නෙයි.

      Delete
    3. ....//දැන් ඉතින් උඹ ඔහොම කියන්න හේතු මොනාද කියලා කියන්නම වෙනවා.. නැත්නම් මම දෙවෙනි කොටස දාන්නෑ...//......
      දැන් ඉතින් උඹට දෙක දාන්නම වෙනවා. නැත්නම් මන් නගිනවා වහල උඩට. එහෙමත් නැත්නම් යනවා පොලෝසි. පොරොන්දු කැඩුවට.

      ප.ලි.
      (සෙන්නට විතරක් රහසින්)
      අනේ සෙන්නෝ, රත්තරනේ, දාපන් බන් අනික නැත්නම් අනික් උන් මාව මරාගෙන කයි බං. ඵල ඇති රුකට කිව්වට උන් ටික මටත් ගල් ගහයි බන්.

      Delete
    4. හිතනම් පොඩ්ඩක්වත් රිදුන්නෑ.. ඒත් මට දැනගන්න ඕනා වුනා ඇයි උඹ එහෙම කිව්වේ කියලා, වැ‍රැද්දක් තියනවානම් හදා ගන්න. උඹ හරි, ඒ විස්තර මදි තමා. ඒත් මෙතන පොඩි අවාසනාවන්ත කේස් එකක් තියනවා මොකද මම දුම්රිය තිරිංග ගැන මෙලෝ මලදානයක් දන්නේ නෑ. මේ කේස් එකට අදාලව ඒ තරම් ලිපිත් අන්තර්ජාලයේ හොයා ගන්න නෑ. එකම එක තමා හුඟක් තැන්වල තිබුනේ.. ඉතින් මම හුඟක්ම භාවිතා කළේ Natgeo documentry එක. ඉතින් උඹ ඔය කියන ආකාරයේ විස්තරයක් දෙන්න නොලැබීම අඩුවක් කියලා මටත් දැන් හිතෙනවා. හැබයි උඹ කියනකම් මටත් ඕක එච්චර මීටර් වුනේ නෑ. දෙවෙනි එකේ ටිකක් තියෙනවා විස්තර කරලා බලමු ඒක උඹේ requirment එකට Match වෙයිද කියලා..

      ගොඩාක් ස්තූතියි මෙහෙම කියපු එක ගැන. මේවා හරි වැදගත්...

      Delete
    5. @ අකමා.....මෙහෙම තමයි බන් පැහැදිලි කිරීම් කරගන්න ඕන. ඒක හොඳයි.
      @ සෙන්නා.......ලියන දේවල් වැඩිපුර ටෙක්නිකල් කර නොගැනීම ගැන ටෙක්නිකල් නොවන අපගේ සැලියුට් එක!!!

      Delete
  18. කම්මැලි කමට බෙහෙත වැඩ කරලා තියනවා වගේ :)
    ඔන්න හුස්මක් කටක් ගන්නේ නැතුව එක හුස්මට කියෙව්වා...අර මුලින්ම දීලා තියන ප්‍රස්තාවනාව වගේ එකට මම හරිම කැමති. කිව්වත් වගේ ඔක්කොම සාධක එකට එකතු වෙලා අනතුර වෙච්ච හැටි පුදුම සහගතයි. ඊ ළඟ ලිපියේ වැඩි විස්තර ඇති නේ. ඒකත් ඉක්මනට ඒවි කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. බේත අපූරුවට වැඩකළා නේන්නම්..... :)

      අවසන් කොටසත් ඉක්මනට දෙන්න ට්‍රයියක් දෙන්නම්. ස්තූතියි සයුරි..

      Delete
  19. අර මුලින්ම කියල තියෙන එකට නං එකඟ නෑ. සිදුවීමට නියමිත දෙයක් කියල දෙයක් නැහැ.. ඒවා සිදුවෙන්නෙ ඊට අදාල තත්ව සම්පූර්ණ උනාමයි. ඒක විද්‍යාත්මකව එහෙමයි කියල ඉස්සෙල්ලම කිව්වෙ බුදුන් වහන්සේ. වසර දෙදාස් පන්සිය ගනනකට පෙරයි.. .

    ReplyDelete
    Replies
    1. එකඟ නැතිවීමට එකඟයි. ඒක, මම සමාජගත කියමනක් වෙච්ච "වෙන්න තියනදේ වල්ක්වන්න බෑ."කියන එක මත පිහිටලා ආරම්භයක් විදිහට දැම්මා විතරයි. එච්චරම ගැඹුරට ඒ ගැන හිතන්න එපා. හැබැයි පොඩි පුරස්නයක් ආවා. බුදුහාමුදුරුවන්ටත් තුන්කාලයම දකින්න පුළුව්න් වුනා කියනවා නේද ? එතකොට වෙන්න තියන දෙයක් තීරණය වෙලා නැත්නම් කොහොමද අනාගතය දකින්නේ ?

      Delete
  20. මාත් සෙකන්ඩ්ස් ප්‍රොම් ඩිසාස්ටර් එකේ ඔය ‍එපිසෝඩ් එක මේ ළඟදි බැලුව. ඇත්තටම ඒ මිනිස්සු ඒ වගේ වැඩසටහනක් ප්‍රතිනිර්මාණය කරන්නෙ සෑහෙන දක්ෂතාවයකින්.
    මට මතක හැටියට ඔය අවුලට හේතු උනේ අර ස්වයංක්‍රීය තිරිංග නැවත සකස් කිරීමේදී ඇතිවෙච්ච අතපසුවීමක් කියලයි.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමේ ප්‍රසා, උන් ඒ ගැන පරීක්ෂණ කරලා වෙලා තියන දේ හොයාගෙන නැවත රිපීට්වෙන එකත් වලක්වන්න උත්සහා කරනවනේ.. අපේ එහෙම ඔය ජාතියේ පරීක්ෂණ සිදු වෙනවද නැත්නම් උඩින් පල්ලෙන් බලලා ආ මේකයි වෙලා තියෙන්නෙ කියලා නිකන් ඉන්නවද දන්නෑ..

      ඒ ටික ඉතුරු කොටසින් බලමුකො..

      Delete
  21. ඔන්න අද තමා කියෙව්වේ. එදා කියෙව්වනං ගෙදර යන්න වෙන්නෙ මහ රෑ.. උඹ කමින් සූන් කියල දැම්මට මෙච්චර මේක ප්‍රමාදයි කියල නං මං හිතුවේ නැහැ. එකත් එකටම පොතුහැර සිද්ධිය නිසයි උඹ ඉක්මන් වෙන්න ඇත්තේ.

    කෝම උනත් හැමදාම වගේ උඹ මේ කතා හරි අගේට ලියන විත්තිය කියන්න ඕන. හරියට ෆිල්ම් එකක් කට ඇරන් බලනවා වගේ තමා මම නං කියවන්නේ.. හැබෑට බං අර සොලෑන්ගේ බියසුළු බාවය කියන්නේ මොකක්ද? මට නං එයාගේ ඒ තරං වැරුද්දක් පෙනුනේ නැහැනේ..

    ReplyDelete
    Replies
    1. මට හිත1ුණ විදියට සොලෑන්ට ඊට වඩා දෙයක් කරන්න තිබ්බ..
      සොලෑන් හරියට ගිලිච්ච නැවේ කැප්ටන් වගේ

      Delete
    2. ඔය උඹලා කියන ‍ෆිල්ම් එකක් වගේ කියන එක මම හිතන්නේ මගේ දක්ෂතාවයක් නිසා නෙමේ මම ‍ෆිල්ම් බලාගෙන ඒ විදිහට ලියන නිසා වෙන්න ඕනා..

      සොලෑන්ගේ බියසුළු භාවය තමා නියමු කුටිය අතහැරයාම. ඒ විතරක් නෙමේ මිනිහා තව වැරදි ගොඩක් කරනවා. ඒ ටික පස්සෙ කියන්නම්..

      Delete
  22. අනේ මංද ලංකාවෙත් මේ වගේ එකිනෙකට වෙනස් සිද්ධි දෙකක් වුණානෙ..
    එකක් යාංගල්මෝදර්...
    අනික ඊයේ බේරේද පොතුහැර...
    ඒ සිදුවීම් එක්ක බලනකොට මේකත් මොනතරං බ්හ්සුණු වෙන්න ඇත්ද කියල හිතෙනව..

    ReplyDelete
    Replies
    1. මේ වගේ ඒවා කොහොමත් අති බිහිසුනුයි මහේෂ්.. පොතු හැර අනතුරනම් ආශ්චර්යයක් ...

      Delete
  23. මේක නම් අපුරු කතාවක්.කොහොම තියෙන්නේ ඇතිද අර ටොන් ගාණක් බර යකඩ ගොඩවල් එකට හැප්පෙනකොට.?
    හරි සෙන්නයියේ දැන් ඉතින් අනිකත් දාපංකෝ...:)

    ReplyDelete
    Replies
    1. ටොන්ගීට මොනවා හිතෙන්න ඇද්ද පෙනි පෙනි යකඩ ගුලියක් ඉස්සරහටම එනකොට.

      පොඩ්ඩක් ඉවසලා හිටහන්කෝ මලේ එහෙනම්.. :)

      Delete
  24. සෙන්න ඉඳල ඉඳල ලියන්නේ හොඳම ලිපියක් .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බින්දි... බොහොම ස්තූතියි.. :)

      Delete
  25. මේ වගේ ලිපියක් ලියන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා මම අත්දැකීමෙන් දන්නවා...මොකද මමත් දැන් ජාලෙන් අරන් පෙරලන නිසා...ඉතාම අගය කරනවා සෙන්නා...වැදගත් දෙයක් අප සමග බෙදාහදාගන්න දක්වන මහන්සිය වෙනුවෙන්...ඒ රටවල පරීක්ෂණ මන්ඩල වලින් අනතුරට හේතු වෙච්ච සත්‍ය කරුණු හොයලා ආයෙම මෙහෙම දේ නොවෙන්න පිළියම් යෙදුවත් අපේ රටේ වෙන්නෙ ප්‍රවාහන ඇමතියා බේරගන්න බොරු ගොතන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. << අපේ රටේ වෙන්නෙ ප්‍රවාහන ඇමතියා බේරගන්න බොරු ගොතන එක විතරයි. >>

      අනිවාර්යයෙන්ම. ඔය වෙන එකම අනතුරකවත් විධිමත් පරීක්ෂණයක් කෙරුනද කියලා මටනම් සැක සහිතයි. එහෙම දේවල් ප්‍රසිද්ධ කිරීමක් මොකුත්ම නෑනේ.. නයිටීඑන් එකෙන් කියන බොරු අහලා ආ විපක්ෂයේ කඩාකප්කල්කාරී ක්‍රියාවක් කියලා නිකං ඉන්න ඕනා.. ඒ විදිහටම ආයෙ එකක් වුනත් එච්චරයි...

      Delete
  26. ලිපිය අදයිනෙ දැක්කෙ. මුල ඉඳන් අගටම කියෙව්වා.. පොඩි පොඩි පැටලැවීම් සිදුවුනා දුම්රිය ස්ථානවල නම් හුරු නැති නිසා.. ආයෙ දෙතුන් පාරක් කියෙව්වාම හරි ගියා..

    1. //SNCF බලධාරීන් විසින් ගිම්හාන කාලසටහන යටතේ එම දුම්රියපළ සේවයෙන් ඉවත් කොට තිබූ බැවිනි.//මේ විදිහට සෘතු අනුව කාලසටහන් වෙනස් වෙනවද? අපිට නම් ඉතින් මේක නුහුරු දෙයක්නෙ.. ඒත් එහෙම වෙන්නෙ ඇයි කියලා දන්නවාද? වේලාවල් වෙනස් වීම සාමාන්‍යයි කියමුකො ඒත් නැවතුම්පළවල් මඟ අරින්නත් පුළුවන්ද?

    …2. කෝච්චියෙ දම්වැල ඇද්දාම ඉබේම නතරවෙනවාද? මම නම් හිතන් හිටියෙ දම්වැල ඇද්දාම රියදුරුට නැවැත්වීමට සංඥාවක් ලැබෙනවා වෙන්න ඇති කියලා.. ඒ වගේම chennai express එකේ දම්වැල ඇදලා මඟින් බැහැගන්න හැටිත් මතක් උනා..

    3. //නියමිත වේලාවට ගාර්-ඩි-ලියෝන් වෙත ළඟා වීම සඳහා ඊළඟ නැවතුම වූ මෙයිසාන් අල්ෆෝර්ට් මග හරින ලෙස ටෝලන්ස් විසින් සොලෑන්ස් හට දන්වා සිටියේය// මෙහෙම කලාම මඟීන් බැහැගන්නෙ කොහොමද? එතන ඉන්න අය නඟින්නෙ කොහොමද? දවසක් මම ගිය කෝච්චියක් මෙහෙම කරලා මට හොඳ වැඩක් උනා.. මතක් වෙද්දිත් ඇඟේ ලේ රත් වෙනවා..

    …4.… මට හිතාගන්න බැරි මෙතන වැරදිකාරයා කවුද කියලා..
    … * දම්වැල ඇදලා බැහැලා ගිය කාන්තාව..
    … * කලින් නැවතුමේ නොනවත්වා යාමට අණදීම. එහෙම නොවුනා නම් කලින්ම දැනගන්න තිබුනා තිරිංග නොමැති බව.. මේක ඉතින් වැරැද්දක්ම කියන්න බෑ..
    … * තිරිංග පද්ධතිය ගැන නොදැන සිටි රියදුරු.
    … * පරක්කු වූ සහයකයා.
    … * කෝච්චිය වැරදි පාරක යැවූ කාර්මිකයන්..
    … * මඟීන් දුම්‍රියෙන් ඉවත් නොකළ නිලධාරීන්.

    …ලිපියට බොහෝම ස්තුතියි.. රියදුරු දෑත දෙවි පිහිටයි.. නෑ නෑ.. බ්ලොග් ලියන දෑතට. ..

    ReplyDelete
    Replies
    1. 1. එහෙම කරනවා ඇති හරී. සෘතු අනුව වෙලාව හිටන් වෙනස් කරනවනේ ඒ ගොල්ලෝ. සමහර විට ගිම්හාන කාලේදි ඒ දුම්රියපළෙන් මෙහෙයවන මගීන් සංඛ්‍යව අඩු ඇතිද දන්නෑ..

      2. මමත් හිතන් හිටියේ එහෙමයි. ඒත් මේකෙ කියන හැටියට ඉබේ නතර වෙන්නේ.

      3. ඒකට ඒ ගොල්ලන්ගේ මොකක් හරි සැලැස්මක් ඇති නේද. ඒ කියන්නේ වෙන දුම්රියකින් ඒ මගින්ව ආපහු ගේන්න වගේ එකක්..

      4. අනිත් කොටසත් බලලා ඉමුකො. ඊට පස්සෙ බලමුකො උත්තරයක් හොයාගන්න..

      ස්තූතියි තොප්පිය ගැලෙව්වටයි, දෙවි පිහිටටයි.. :)

      Delete
    2. අනික් කොටස දාන්න එපැයැ යකෝ බලන්න...

      Delete
    3. පොඩ්ඩක් හිටහන්.. ලියමින්...( ගෙදර උන්දෑ ගොරෝනවා බන්, කම්පීටරේම එල්ලිලා ඉන්නවා කියලා. :) )

      Delete
    4. අර ටැප් එකත් හදපං මචං...

      Delete
    5. එක හදලා ගොඩක් කල් බොල..

      Delete
  27. ගාර් ද ලියෝන් එකට කීප සැරයක්ම ගිහිල්ලා තිබ්බත් මේ කතාව දැනගෙන හිටියේ නෑ. අනික් කට්ටියත් කියලා තියනවා වගේ කතාව සජීවී විදිහට ලියලා තියනවා.

    ගාර් ද ලියෝන් කියන්නේ ඉතාම කාර්‍යබහුල දුම්රිය ස්ථානයක්, එක දුම්රියක් යද්දී ඒ වේදිකාවට තව දුම්රියක් එනවා බොහෝ වෙලාවට. මෙතනින් සාමාන්‍යය දුම්රිය සේවාවට අමතරව, ඉතාලිය, ස්විස්සර්ලන්තය, ජර්මනිය වගේ රටවල් වලටත් දුම්රිය සේවාවල් සපයනවා.

    ReplyDelete
    Replies
    1. ඊළඟ සැරේ ගියාම බලන්නකෝ සහෝදරතුමා.. අර සිහිවටන ඵලකය එහෙම ඇති නේද ?

      ස්තුතියි ඒ ගැන දුන්නු විස්තරයට..

      Delete
    2. ආයේ යන්න හම්බවෙයිද දන්නේ නෑ, මොකද මම දැන් ඉන්නේ රෝමයේ.

      Delete
  28. වෙනදා වගේම අපූරුවට ලියලා තියෙනවා.සෑහෙන ආසාවෙන් කියෙව්වා කාලෙකට පස්සේ.... මට කියවද්දි ආවෙ එකම ප්‍රශ්නයයි.ඇයි අර මියගිය රියදුරා බැස්සෙ නැත්තෙ.අන්තිම මොහොත වෙනකනුත් කාලය තියෙන්න නැතිව ඇතිද??

    ReplyDelete
    Replies
    1. ගැමියා හුඟ කාලෙකින් නොවෑ.. ආයෙ ලියමු එහෙනම්...

      මටත් ඔය ප්‍රශ්ණේ ආවා.. මට හිතුනේ මිනිහා එයාට වැඩිය අනිත් අය ගැන හිතුවා කියන එකයි..නැත්නම් එක පාරක් දැනුම් දීලා පැනලා දුවන්න තිබුනානේ...

      Delete
  29. සෙන්නා මගෙත් එක්ක අමනාප වෙන එකක් නෑ මේක කියවන්න මෙච්චර කල් ගත්ත එකට. මේ වගේ වැදගත් පොස්ට් එකක් කියවලා අපූරුයි මචන් කියනවට වඩා, මේකේ තියෙන රසය විඳලා සතුටක් වින්ද බව කියන්න ඕනේ. එකක් තමයි අපේ එකෙක්ට මේ වගේ හැකියාවක් තියෙනවා කියන එක ගැන ඇතිවෙන ආඩම්බරය. අද කාලේ පත්තර වල ඉන්න එවුටත් එහෙම හැකියාවක් නෑ. මේක ළඟදී පත්තරයක ගියොත් පුදුම වෙන්න එපා වෙන කාගේ හරි නමකින්. මට එහෙම එකක් වුණ නිසයි කියන්නේ. මේක දෙතුන් ගමනක් කියවන්න අරන් නැවැත්තුවා. හේතුව නිවිහැනහිල්ලේ බලන්න ඕන නිසා. අද වුණත් තුන් හතර පාරකට නවත්වලා කිව්වේ. මේ වගේ ෆිල්ම් එකක් බැලුව මතකයක් තියෙනවා. මොනවා වුණත් ප්‍රංශ කාරයෝ නම් එකෙන් පාඩමක් ඉගෙන ගන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මොකට තරහා වෙන්නද සුදීක. මමත් සාමාන්‍යයෙන් මේ වගේ ලිපි කියවන්නේ කල් අරගෙන හිමීට..

      ‍ෆිල්ම් එකක් ගැනනම් මට දැනගන්න ලැබුනේ නෑ.. ඔය කියපු ඩොක්‍යුමන්ට්‍රි ‍ෆිල්ම් එක හැර..

      අපෝ ඔව්.. දෙවෙනි කොටස කියවන්නකෝ.. ඒකේ තියනවා විස්තරෙ...

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!