Thursday, August 15, 2013

පොළඟා පරාදයි....

2013 නිකිණි මස 15 වනදා

"න්දිකයා, ඒකනෙමේ බන්, මොකෝ අර ගාමිණී අයියගෙ අතට වෙලා තියෙන්නෙ? මොනා වෙලාදේ ?

සරතා ඔය ප්‍රශ්නෙ ඇහුව්වෙ, එදා උදේ අපි කට්ටියම ඉන්දිකයලෑ කුස්සියෙ තැන් තැන් වල වාඩි වෙලා තේ එක හම්බෙනකම් බලාගෙන හිටපු වෙලාවෙ. අගෝස්තු මාසෙ වුණත් මෙහෙ තාමත් උදේට පට්ට සීතලයි. ගේ ඇතුළෙත් සෙරප්පු නැතුව අඩිය තියන්න බැරි තරම් සීතලයි. ඇඟට නිකන් ඉඳිකටු තුල් වලින් අනිනවා වගේ වුණත් මම ඒ සීතලට කැමතියි. අපිටත් හැමදාම මේ තරම් සීතලක් තිබුනනම් ! දඩිය දාන එක කොච්චර වුණත් ඉවසන්න අමාරු දෙයක්. හැමෝම ජැකට් ඇඳලා රෙදි පොරවගෙන හිටියෙ. ඉන්දිකයටනම් එච්චර ගාණක් නෑ වගේ. උන්ට ඉතින් පුරුදු නැතෑ. බටහිරයො වෙච්ච අපිට එහෙමද ! මමයි, දමියායි, සම්පතායි, සරතයි, පිලිපයයි කුස්සියෙ ඉඩ තියන හැම තැනක්ම බදු අරගෙන හිටියේ. එකෙක් පුටුවක් උඩ, අනිකා හිරමනේ උඩ, තව එකෙක් පොඩි බංකුවක් උඩ, තව එකෙකෙක් තනි අන්ඩෙන් උළුවස්සට බරවෙලා, ඔන්න ඔය වගේ. ඉන්දිකයලෑ අම්මයි, අක්කයිත් කුස්සියෙ ගජරාමෙට වැඩ. ඒ අපිට උදේ කෑමට !  තාත්තත් එළියෙ මොකක්ද වැඩක්. අපි ආවයින් මේ මිනිස්සුන්ට වැඩ වැඩි වෙලා. උදෙන්ම නැගිටලා තේ එක හම්බෙනකම් කට්ටිය කුස්සියෙ වටවෙලා කයියක් දාන එකතමා පහු ගිය දවස් තුන හතරෙම සිද්ධ වුණේ, අදත් සිද්ධ වෙන්නෙ.

"අනේ පුතාලා ඒක කිව්වට කවුරුවත් විශ්වාස කරන්නෑ, නේ....ද පුතා ? " සරතගෙ ප්‍රශ්නෙට  ඉන්දිකයගෙ අම්මා උත්තර දුන්නෙ ඌව සාක්ෂියකට අර ගන්න ගමන්. මෙහෙ මිනිස්සු කතා කරන විදිහ හරිම ළෙන්ගතුයි. ඇඳලා පැදලා බොහොම ලයාන්විතව තමයි කතා කරන්නෙ. ඉන්දිකයලෑ අම්මත් එහෙමයි. බලන් ඉන්න ආසයි ඒ කතා කරන විදිහ.

"ඔව් අම්මා, මුන්ට කිව්වත් අන්තිමට හිනා වෙන එක තමා වෙන්නෙ" බටයකින් පූස් පූස් ගගා ලිපට පිබ පිබ හිටපු ඉන්දිකයා ඔළුව උස්සන ගමන් කිව්වෙ. අම්මලට හොරෙන් සිකරට් අරක්කු බිව්වට මූ අම්මලාට උදව් කරණ හොඳ දරුවෙක් ! මුගෙ මේ "අම්මා", "තාත්තා" කියලා කතා කරන එකට මමනම් හෙණ මනාපයි. අම්මේ තාත්තේ කියනවට වැඩිය ඒක හෙණ හෘද්ධයාංගමයි, ළෙන්ගතුයි, සමීපයි. මේ පැත්තේ හැමෝම වගේ එහෙම තමා ආමන්ත්‍රණය.

XXXXXXX

ඉන්දිකයව මට මුලින්ම හම්බෙන්නෙ මම කටුනායක කලාපෙ වැඩ කරපු කාලෙ. බදුල්ලෙ ඉඳලා රස්සාවකට කොළඹ ආපු මූ, උන්ගෙ අයියා රස්සාව කරපු තැනටම ඒ කියන්නෙ අපේ වැඩපළේ ප්‍රධාන ශාඛාවට සම්බන්ධ වුණා. ඊට ටික කාලෙකට පස්සෙ තමා මිනිහට කටුනායකට මාරුවක් හම්බෙන්නෙ. ඔය 1996, Excel එහෙම මුලින්ම අතපත ගාන්න ගත්තු කාලෙ. මම එක්සෙල් ෂීට් එකක් දිගෑරගෙන අනාථවෙලා හිටපු වෙලාවක මූ බලෙන්ම වගේ අහලා මට උදව් කරපු එක තමා අපේ හිතවත් කමේ ආරම්භය. මිනිහා ඩ්‍රාෆ්ට්මන්. චිත්‍ර එහෙම ආයෙ ලෙසටම තියනවා. ඔය ලේබල්, කැටලොග්, හෑන්ඩ්බුක් එහෙම ඩිසයින් කරන එක තමා මුගෙ ජොබ් එක. දවසක් පේන්ට් වලින් බොක්සර් බල්ලෙක්ව ඇන්දා නිකන් පණ පිහිටවලා.

කොළඹින් කටුනායකට මාරු වුණාම මිනිහාට පොඩි අවුලක් ආවා නවතින්න තැනක් ගැන. දෙතුන් තැනක්ම බැලුවට හරියට හිතට අල්ලලා තිබුණෙ නෑ වගේ තමා මතක. ඒ දවස්වල උදේ හවා කිරුලපන පුංචි අම්ම කෙනෙක්ගෙ ගෙදර ඉඳන් තමා මිනිහා වැඩට ආවෙ. ඒක හොඳ කට්ටක්. ඔය ගැන මාත් එක්ක කියපුවම තමා මම කිව්වෙ කැමතිනම් අපේ ගෙදර වරෙන්, හැබැයි තනි කාමර නෑ, හවුලෙ තමා ඉන්න වෙන්නෙ කියලා. ඊට පස්සෙ තමා ඉන්දිකයා අපේ ගෙදර නවතින්න සෙට් වුණේ. ඒ වෙනකොට ලොකු අම්මා නැතිවෙලා තිබුණ නිසා ලොකු අයියා ඒ කාමරේට ගිහින් ඉන්දිකයට එයා හිටපු ඇඳ වෙන්වුණා. ඒ වෙනුවෙන් මිනිහා මාස්පතා අම්මට ගානක් ගෙව්වා. ගෙවපු ගානට හරියන්න ඌ ගෙදර හිටියෙවත් කෑම ගත්තෙවත් නෑ කියලා මතකයි.

ඉන්දිකයා ඇවිල්ලා කා එක්ක වුණත් බොහොම ඉක්මනට කතාබහ කරලා හිතවත් වෙන එකා. අපේ දිහාට ඇවිත් වැඩි කාලයක් යනන් කලින් ඌව අපේ ගමේ නොදන්න කෙනෙක් නැතිවුණා. මීගපු පාරෙ ඉඳන් අපේ ගෙදරට තියෙන්නෙ මීටර් අට සීයයි. මම සාමාන්‍යයෙන් පයින් යනකොට ඔය දුර විනාඩි පහෙන්, වැඩිම වුණොත් දහයෙන් ඇදලා දානවා. මූට යනවා පැය එකහාමාරකට වැඩිය. ඔන්න හන්දියෙන් බස් එකෙන් බහිනවා. එතනම ඉන්නවා ත්‍රීවීල් බජාර් එක. "ආ... මචන්ලා කොහොමද ? උඹලා කෑවද ? අරවද ? මේවද ? අම්මලා සනීපෙන්ද ? .........? ... ? ... ? " ප්‍රශ්න ගොඩයි. සිගරට් තුනයි. ඊට පස්සෙ එතනින් ඇවිත් මීටර් දහක් යද්දි එනවා තව එකෙක්. "ආ මචන් කොහොමද ? .... ? ..... ? " සිගරට් එකයි. ඔහොම හැමෝගෙම සුව දුක් විචාරමින් එනකොට අඩුම පැය එකාමාරයි. පැය තුන හතර ගියපු දවස් නැත්තෙමත් නෑ. අනිත් එක දැන් මේක කියවන කාට හරි අපේ ගෙදර එන්න ඕනනම් එහෙම හන්දියට ඇවිල්ලා "සෙන්නලෑ ගෙදරට යන්නෙ කොහොමද ? " කියලා ඇහුවට වැඩක් වෙන්නෑ. උන් උඩ බිම බලනවා ඕන ඔට්ටුවක් ! (සෙන්නා කියලානම් ගෙදරින් ඇවිල්ලා ඇහුවත්, එහෙම එකෙක් නෑ කියනවා. හෙහ් හෙහ්) අහන්න ඕනා "ඉන්දික හිටපු ගෙදරට යන්නෙ කොහොමද ?' කියලා. ආන්න, ගෙදරට යන පාර ඇඳලම දෙයි. මිනිහා ඒ ආකාරයි.

ඒ ලෙවල් ඉවර වුණාට පස්සෙ එකටම වගේ හිටිය අපි පස් දෙනෙක් හිටියා. මම, දමියා, සරා, සම්පතා, පිලිපා. අපේ පුරුද්ද තමා ඉතින් හැන්දෑ කොරේට එක එකාගෙ ගෙවල් වලට ගිහින් කයිය ගහගෙන ඉන්න එක. ඒ වෙනකොට රස්සාවක් කළේ මමයි, දමියයි විතරද කොහෙද ! ඔය වගේ ඉතින් ඕකුන් සෙට් එක අපේ ගෙදරත් එනවා. ඇවිල්ලා ඔය කාමරේ රෑ වෙනකම් බොරු කියන එක තමා රැකියාව. අම්මටයි, නංගිලටයි හොඳ ගණන් ඉතින් මුන්ට තේ හදලා. සමහර එවුන් "ඇන්ටි මෝල්ටඩ් මිල්ක් එකක්" කියලා ඕඩරෙත් දාගෙනම තමා කාමරේට එන්නෙ. ඉන්දිකයා ආවා කියලා ඉතින් ඕකෙ වෙනසක් වුණේ නෑ. එහෙම වෙන්න හේතුවකුත් නෑනෙ. සිද්ධ වෙච්ච එකම වෙනස කට්ටිය එන වාර ගාන වැඩි වුණ එක තමා.

ඉන්දිකයා ඉතින් උන්ගෙ ගමේ විස්තරයි, අරවයි, මේවයි කිය කිය කට්ටියව ආනන්දයෙන් ප්‍රඥාවට අරන් ගිහින් තිබුණෙ. ඒවට ඌට මඩ නොවැදුණා එහෙමත් නෙමේ. සරා එහෙම මඩ ගහන්න දන්නෙම නැති එකා වෙච්චි. ඔය වගේ බොරු වැලක් අතරින් තමා අපිට ඉන්දිකයගෙන් නිට්ටළුවො ගැන මුල්වරට අහන්න ලැබුණෙ. ඊට කලින් අපි එහෙම ජාතියක් ගැන අහලා තිබුණෙම නැති නිසා මේක අපිට බොහොම උද්‍යෝගිමත් මාතෘකාවක් වුණා.

ඉස්සර ලංකාවෙ ඉඳලා තියනවලු සිරුරින් කුඩා, වනාශ්‍රිතව දිවි ගෙවූ නිට්ටළුවො හෙවත් නිත්තෑවො කියලා ජනවර්‍ගයක්. එක්තරා කාලයකදි මොවුන්ගේ ස්ත්‍රීන් ශීඝ්‍රයෙන් වඳවීම නිසා ඔවුන් වැදි ජනයාගෙ ස්ත්‍රීන්ව පැහැර ගෙන ඇවිල්ලා තමන්ගෙ අඹුවන් ලෙස පවර ගන්න පටන් ගත්තාලු. මේකට උරණ වෙච්ච වැද්දො නිට්ටළුවන්ව අල්ලලා ගල් ගුහාවක හිර කරලා ගිනි තියලා මරලා දැම්මලු. එතනින් ඔවුන් වඳ වුණා කියලා තමා කියන්නෙ. වැද්දන් හා නිට්ටළුවන් අතර කාලාන්තරයක් තිස්සෙ පැවතුන ගැටුමක් නිසා වැද්දන් ඔවුන්ට සංහාරය කළා කියලත් කියවෙනවා. තව කතාවක් තියනවා මොවුන් නිට්ටඹුව ප්‍රදේශයෙන් ස්ත්‍රීන්ව පැහැරගෙන ආපු බවකුත්. නිට්ටළුවන්ට අඹුවන් සපයපු නිසා නිට්ටඹුව උණා කියලත් කියනවලු. මොවුන් සිරුරින් කුඩා වුණත් දරුණු අර්‍ධ මානව කොටසක් කියලත් කියවෙනවා. ( මූලාශ්‍ර පහතින් දැක්වේ. )

ඔය වගේ කතාවක් ඉතින් හිත් නොගන්න හේතුවක් නෑනෙ. විශේෂයෙන්ම ඉන්දිකයා හොඳට ලුණු ඇබුල් දාලා කිව්වම. ඉන්දිකයා කියපු විදිහට මේ නිට්ටළුවො කියන ජාතිය උන්ගෙ පැත්තෙත් ඉඳලා තියනවා සහ දැනටත් ඉන්නවා. ඔවුන්ව එහෙන් මෙහෙන් දැකපු මිනිස්සු ඉන්න බව තමා අපිට දැනගන්න ලැබුණෙ. මේ කතාව ඇහුවට පස්සෙ අපි කට්ටිය ඒකමතිකවා තීරණය කළා ඉන්දිකයලෑ පැත්තෙ රවුමක් දාලා මේ ගැන හොයන්න. බොහොම අමාරුවෙන් රාත්‍රී බදුලු දුම් රියේ තෙරපිලා ඇවිල්ලා, එක්තාරා පාන්දරක අපි බණ්ඩාරවෙල හරහා ඇටම්පිටියට ගොඩ බහින්නෙ ඒ තීරණය මල්ඵල ගන්වමින්.

ඇටම්පිටිය ප්‍රදේශය, බෝගොඩ පාලම අවට කලාපය, දුන්හිද ඇල්ල ප්‍රදේශය අපේ නිරීක්ෂණයට අහුවෙන්නෙ ඊට පස්සෙ තමා. ඇත්තම කිව්වොත් නිට්ටළුවන් හෙවීම අපි නිකන් ගමනට අරමුණක් ලෙස තියා ගත්තා මිසක් ඒ වෙනුවෙන්ම බැහැලා කරපු ගවේෂණයක් නෙමෙයි මේක. ගමේ අයත් කිහිප දෙනෙක්ම අපේ සම්මුඛ සාකච්ඡා වලට හසු වුණාට ඒ අයටත් ඉන්දිකයා දන්නවට වැඩි යමක් කියන්න බැරි වුණා. පස්සෙ පස්සෙ ඒක බොහොම උදාසීන අරමුණක් වුණා විතරක් නෙමේ අපි ඒක අමතක කරලා දාලා ගමන රස විදින්න පටන් ගත්තා. ඉතින් අපිට හම්බුණ නිට්ටළුවෙක් නෑ කියන එක කියන්න ඕනා නෑ නෙ. අන්තිමට වුණේ ඉන්දිකයට නිට්ටළුවා කියලා කාර්ඩ් එකක් වැදිච්ච එක විතරයි.

ගාමිණී අයියා අපිත් එක්ක එකතු වුණේ අවසාන වශයෙන් අපි ඉන්දිකයලා ගෙට පහළ බෑවුමේ තියන කුඹුරු යායට එපිටින් තිබුණ කැලෑ රොද ගවේෂණය කරන්න ගිය ගමනට. මේකෙදිවත් අපිට නිට්ටළුවෙක් දකින්න ලැබෙයි කියලා අපි පැතුවා, බලාපොරොත්තු වුණා. යෝධ පුස්වැල් එහෙම තිබුණ, ඝන උඩු වියනක් තිබුණු අපූරු කැලයක් ඒක. වලි කුකුල්ලු එහෙම රංචු පිටින් හිටියා.

ගාමිණී අයියව ගමනට එකතු කරගත්තෙ මිනිහට මේ කැලේ ගැන හසළ දැනුමක් තිබුණ නිසා. ඉන්දික කිව්වෙනම් මිනිහා මේ කැලේ හැම බිම අගලක්ම දන්නවලු. එයාගෙ අපි එක සුවිශේෂත්වයක් දැක්කා. ඒ වම් අත මැණික් කටුවට පහළින් නැති කම. ඉන්දිකයා අපිට මේ ගැන කලින් යමක් කියලා තිබුණෙ නැති නිසා අපිට ලොකු කුතුහලයක් තිබුණෙ ඇයි මේ කියලා. ඒත් අහන්න බැරි නිසා හැමෝම ඒ ගැන සද්දෙ වහලා හිටියා. කොහොම හරි කැලේ කරක් ගහලා,  කරක් ගහලා පාන් කියා ගන්න බැරුව හිස් අතින්ම ගෙදර ආවට ඔළුව පිරිලා තිබුණෙ කුතුහලයෙන්. මහන්සිය නිසා හැමෝටම අමතක වෙලා තිබුණ ඒ කුතුහලය තමා සරා විසින් එදා උදේ හැමෝම ඉස්සරහා පිට කෙරුවෙ. ඌ එහෙම නොකළනම් ඒක වෙන එකෙක් කරන බව ඉර හඳ වගේ විශ්වාසයි.

XXXXXXX

"හරි හරි ඉතින් විශ්වාස කරනවද, නැද්ද බලන්න අගේ නොකර කියහන්කො" ඒ සම්පතයා.

"පොරට මචන් ඔය අපි ඊයෙ ගියපු කැලේ නිකන් ගෙදර වගේ. නිතරම ඕකෙ කරක් ගහන එක තමා මිනිහගෙ විනෝදාංශෙ. යනකොට අර ඊයෙත් අරන් ඇවිත් තිබුණ පොරව අරගෙන යන්න අමතක කරන්නෑ. දැක්කනෙ ඒකෙ මහතයි, මුවහතයි." මේ පොරව සාමාන්‍යයෙන් ගෙවල්වල තියන දර පළන ජාතියෙ එකක් නෙමේ. කෙටි මිටක් තියන, තලේ අග හඳ පළුව වගේ පළල ඒ වගේම කෙස් ගහක් වැටුණත් කැපිලා යන තරම් තියුණු මුවහතක් තිබුණ පොරවක්.

"ගමේ කාට හරි බේත් පැළෑටියක් එහෙම හොයාගන්න ඕනා වුණොත් ගාමිණී අයියට කියන එක විතරයි තියෙන්නෙ, මිනිහා සුටුස් ගාලා ඔය කැලේට රිංගල හොයාගෙන එනවා. එදත් ඔය වගේ කාට හරි බේත් පැළෑටි වගයක් හොයන්න තමා ගිහින් තිබුණෙ. පෙරළිච්ච ගහක කඳක් යට ඒ පැළෑටි වගයක් තියනවා දැකලා මිනිහා ගලව ගන්න අත දැම්මා විතරලු මොකෙක් හරි හපනවා වගේ දැනුණලු, ඒ එක්කම දරුණු වේදානාවක් දැනුණලු."

"ඉතින්හ්.. ! සර්පයෙක්ද ? "

"ඔව්, මිනිහා එතකොටම දැක්කලු සර සර ගගා කොළ පොඩි කරන් ඇදෙන පොළඟව."

"නෑහ්හ්.. ඉතින් ඉතින්"

"මිනිහා ඉස්සෙල්ලම කරලා තියෙන්නෙ අර පොරවෙන් පොළඟව දෙකට වෙන් වෙන්න කපපු එක."

"ඊට පස්සෙ ? "

"ඊට පස්සෙ මිනිහා කරපු දේ කිව්වට උඹලා විශ්වාස කරන්නෑ. ඒක හින්දා නොකිය ඉන්නම්" පොඩ්ඩක් අගය කරපු ඉන්දිකයා  නිවීගෙන යන ලිපට ආයෙත් පූස් පූස් ගාල පිඹින්න ගත්තා.

"අඩේ අඩේ ආන්න ඉතින් අගය කරනවා.. හරි හරි කියපන් අපි විශ්වාස කරනවා."

පිඹිල්ල ඉවර කරලා ඔළුව උස්සලා ටිකක් හොල්මන් වෙලා වගේ බලන් හිටියෙ ලිපට පිම්බම එන කැරකැවිල්ල යනකම් වෙන්නෝනා. "මිනිහා ඊළඟට කළේ අර වැටිලා තිබුණ කඳ උඩින් පොළඟා දෂ්ට කරපු වම් අත තියලා, මැණික් කටුව ගාවින් කපලා යන්න පොරවෙන් කොටපු එකයි" කියලා කියනකොටම අපි ඔක්කොම කටවල් ඇරගෙන ටික වෙලාවක් තුෂ්ණිම්භූත වෙලා බලන් හිටියා. ඊට පස්සෙ කට්ටියම එක පාරම වගේ තමයි බකස් ගාලා හිනාව පිට කළේ.

"අනේ පලහ් පලහ්..යන්න.. උදේ පාන්දර බේගල් ඇද නොබා.. හෙහ් හෙහ් හෙහ් .. මේ බලපල්ලකො මැණික් කටුව ගාවින් කපලා යන්න කෙටුවලු. හෙහ් හෙහ්.. " ඒ සරතා.

'ඕක තමයි තොපිලට මම කලින්ම කිව්වෙ." ඔන්න දැන් ඉන්දිකයට මළ පැනලා..

"නෑ පුතාල ඒක ඇත්ත... ඒ ළමයා එහෙම කරලා තියෙනවා. නැත්නම් කැලෙන් එළියට එන්නත් කලින්ම, මැරෙනවා." කියලා ඉන්දිකයලෑ අම්මා කිව්වම තමා ආයෙත් හිනා වෙවී හිටපු අපේ කටවල් ඇරුණෙ. ඉන්දිකයලෑ අම්මා කලින්ම කවුරුවත් විශ්වාස කරන්නෑ කියලා කියපු එක ඒ ඩිංගට අමතක වෙච්ච හැටි.

"නෑ....හ්.... මිනිහා අදහන්න වටින පොරක්නෙ." අපි හැමෝම වගේ එහෙම හිතුවා සිකුරුයි.


XXXXXXX


මොකද හිතන්නෙ ? මේක ගජබින්නාලංකාරයේ ලියවෙන්න ඕනා කතාවක්ද නැත්නම් මේ ජාතියෙ මිනිස්සු මේ ලෝකෙ ඉන්න පුළුවන්ද ? කතාවෙ අනිත් කොටස කියවන්න කලින් ඒ ගැන ඔබේ අදහස කියලා යන්න අමතක කරන්න එපා.

අනිත් කොටස මෙතනින් කියවන්න - දොරුව පරාදයි

මූලාශ්‍ර;
1. ඉන්දික ජයසිංහ

ලියුවේ :
~~ සෙන්නා / 15.08.2013

104 comments:

  1. මචන් මම අහල තියෙනව එවරස්ට් නගින්න ගිය කෙනෙක් මොකක් හරි එකක් නිස ගලකට අත යට වෙලා.මිනිහ දවස් දෙකක් බලන් ඉදල මිනිහට තෙරිලා තියෙනව කවුරුවත් එනකන් හිටියොත් මිනිහ මෑරෙනව කියල.ඉට පස්සෙ මිනිහ කරල තියෙන වෑඩෙ මතක් වෙනකොටත් මට නිකන් කලන්තෙ වගෙ.කරන්නම දෙයක් නෑ කියල තෙරුනාම මිනිහට ඉතිරිවෙලා තියෙන්නෙ අත එතන තියල මිනිහ යන එක් විතරයි කියල.පොරලග ලොකු ආයුදෙකුත් තිබිල නෑ.පොඩි පිහියක් විතරයි තිබිල තියෙන්නෙ.එකෙන් බොන් එක කපන්න බෑරිනිසා ඉස්සෙල්ලම අත නවල කඩල.ඉට පස්සෙ අර පිහියෙන් කපල බෙරිල ඈවිල්ල තියෙන්නෙ.මෙක ටිකක් ප්‍රසිද්ද කතාවක්

    ReplyDelete
    Replies
    1. හුටා උබ එක මෙ ලියල තියෙන්නෙ සුපිරියට.මට වෑරදුනු තෑනුත් හදල.පස්සෙ බන් දෑක්කෙ

      Delete
    2. ඕක එවරස්ට් නෙවි මචං ඇමරිකාවේ ඌටා ප්‍රාන්තෙ වෙච්චි සිද්ධියක්. 127 Hours කියලා ඕක අල්ලලා හදපු ෆිල්ම් එකකුත් තියෙනවා

      Delete
    3. දමියෝ මේකේ ඉතිරි කෑල්ල උඹ බැලුවේ නැද්ද
      http://kurundha.blogspot.com/2013/08/blog-post_5007.html

      Delete
    4. එවරස්ට් නොවෙයි ඒ! යාත්‍රිකයා කිව්වා වගේ 127 hours චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ඒ සිද්දිය!

      Delete
    5. දමිත්,

      ස්තූතියි උඹ දන්න කතාව මෙතන කියුවට. මම පොඩි අත්හදාබැලීමක් කළේ බන්.. වැඩේ අසාර්ථකයි වගේ.. උඹ අනිත් කොටස කියෙව්වා කියලා හිතෙනවා.

      තීර්ථ යාත්‍රිකයා / සාබිත්,

      ස්තූතියි දමිත්ව නිවැරදි කළාට.. මේ කතාව සම්පූර්ණ වෙන්න අනිත් කොටස කියවන්නම ඕනා.. පහළ දීලා තියන ලින්ක් එකෙන් ගිහින් ඒකත් කියවන්න කියෙව්වෙ නැත්නම්.

      දේශා,,

      උඹට විතරමද මංදා බන් වැඩේ හරියටම මීටර්වෙලා තියෙන්නෙ. :D

      Delete
  2. පචකාරයො දෙන්නෙක්ගේ පචු ගුහා වලින් ගත්ත ඒවට මුලාශ්‍ර කියල කියන්න පුළුවන්ද ඩෝ.. අයි තින්ක් ඇයැම් ද පස්ට් කමෙන්ටර්...හිකිස්

    ReplyDelete
    Replies
    1. හුටා මේ කරදරකාර ගොං දමියා පැන්න නෙව මැද්දට. ලැජ්ජාවේ බෑ.. එන්සෙන්නෝ

      Delete
    2. උබ මට අහුවෙයිනෙ කොයිවෙලවක හරි

      Delete
    3. මුන් පලවෙනිය කියල තමයි හැම කොල්ලම හිතන්නෙ.. කෙල්ල තමයි දන්නෙ ඇත්ත...

      Delete
    4. දේශා,

      මම ඔය ගැන විස්තර හොයද්දි ඔය ටික විතරයි මුලු අන්තර්ජාලෙටම නිට්ටළුවො ගැන ලිය වෙච්ච් සටහන් වලට තිබුනෙ.. දැන් මේකත් තියෙනවා.. ඉතින් උන් තමන් දන්න දේ කියලා ලොකු සේවයක්නෙ බන් කරලා තියෙන්නෙ..

      සරත් අයියා,

      ඒකනෙ කියන්නෙ... මුන් බොරුවටනෙ ගහ ගන්නෙ.. හරියටම දන්නැතුව.. :D

      Delete
    5. නිට්ටෑවො ගැන සඳරු ලියපු ලිපියක් දැක්කා වැව්ගම්පත්තුවේ කතා වල. මම කල්පනා කලා මම කලින් නිට්ටෑවෝ දන්නේ කොහොමද කියලා. පස්සේ තමයි මතක් වුනේ සෙන්නා ලියපු කතාව. නිට්ටෑවෝ කියන්නේ ඇත්තම මිනිස්සුද එතකොට? ඇබොජීන්ස්ලා වගේ?

      Delete
    6. එල් මොන්ඩෝ, :D

      ජනප්‍රවාද වලට අනුව ඉස්සර නිට්ටලුවො කියලා ජාතියක් ලංකාවෙ ඉඳලා තියනවා.

      Delete
  3. සර්පයෙක් දෂ්ඨ කලාම විස ඉක්මනින් සරීර ගතවෙනවා නේද ? සර්පයා මරලා අත කපනකල් විස මැණික්ක‍ටුවෙන් උඩට ගියේ නැද්ද ? අනේ මන්දා.. ලොකු වෙද මහත්තය හරි දොස්තර කෙනෙක් හරි කියමුද බලන්න..

    ReplyDelete
    Replies
    1. හුම් වෙද මාම ආවනම් මේකේ ඇත්ත,නැත්ත දැන ගන්න ඇහැකි වේවි.

      Delete
    2. එච්චරම වේගෙන් පැතිරෙනවද ? ඔය සමහර මිනිස්සු සෑහෙන දුර තියන ඉස්පිරිතාලවල් වලට ගෙනියනකනුත් බේරිලා තියෙනවා නේද ? සරත් අයියා අනිත් කොටසෙ තියන පසු සටහන කියවන්න ඇති කියලා හිතනවා.. ස්තූතියි.

      මනෝජ්,

      වෙදමාමා එන එකක් නෑ..

      Delete
  4. හම්මේ ඒකනං හිතන්න බැරි දෙයක්. ඇයි මැණික් කටුව ගාවින් කපල දැම්මේ බං.. විස පැතිරෙන එක නවත්තන්නද???

    ReplyDelete
  5. ඔයවගේ අත කපලා දමපු කතාවක් අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ කතා අනන්ත ඇති අයිලාෂ්.. ඉඳලා හිටලා තමා අහන්න ලැබෙන්නෙ..

      Delete
  6. එතකොට දැං නිත්තෑවෝ ඇත්තෙම නැද්ද???
    මට හෙන ආසාවක් ආවා උංව හොයාගෙන යන්න...

    ReplyDelete
    Replies
    1. මොකුන්ය කිව්වා, ඇයි උඹට ආස නැද්ද ඒ නමින් කාඩ් එකක් එහෙම ගහගන්න.

      Delete
    2. බෑනෙ බං..ඩීඩීටීයො..!
      තරියගෙ සයිස් එක ගම්පහ ගෙට්‍ටුවේදි දැක්කනෙ..!
      හත් රියන් එකෙක්නෙ.

      Delete
    3. තරියා,

      දැන් නෑ කියලා තමා සැළකෙන්නෙ.. අපිටත් හම්බුන්නෑ.. :D

      ddt,

      නීත්තෑවෝ කියලත් උන්ට කියනවා තමා..

      වීයා,

      ගුටි කන්න වෙන වැඩක්නම් අල්ලලා දාපන්..:D

      Delete
  7. විස පැතිරිල්ල කෙසේ වෙතත් ලේ ගිහිල්ල මැරෙනවා නේ අත කැපුව නං කැලෙන් එළියට එන්න කලින් ... මට හිතෙන්නේ ගජබින්නාලංකාරයට දාන්න පුළුවන් කතාවක්.... හි හි

    ReplyDelete
    Replies
    1. අම්මප මටත් ආවෙ ඒ පුරස්නෙ..! හැබැයි එතකොට කියාවි සරමෙන් ඔතාගත්ත කියල..!කැලෙන් එනකං කියල..!

      Delete
    2. හිරූ,

      කියෙව්වෙ නෑ නේද අනිත් කොටස ? ලේ ටිකක් ගියාට මිනිහෙක් මැරෙන්නෙ නෑ.. :D

      වීයා,

      කවුරු හරි ඔහොම කළොත්, ලේ යන එක පාලනය කරන්නත් මොනා හරි කර ගනියි නේද ?

      Delete
  8. This can be happened with a man who having extra ordinary tollarence.The story which mentioned by Damith Gunawardane is a true story. Following is a movie created based on that true story, which is an amaizing adventures movie.

    http://www.imdb.com/title/tt1542344/

    ReplyDelete
    Replies
    1. Sir,

      to read the only Sinhala article (as of 15.08.2013) about that incident, please click on the link given below..

      Delete
  9. වෙන්න පුලුවන් සිඩ්ඩියක් අපෙ ගමෙත් ඔයිට සමාන සිද්දියක් උනා ඉඩක් ලබුනු හටියෙ ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. කවද වගේද අයියේ????

      Delete
    2. මටත් කියන්න ඕනා වුනේ මෙහෙම දේවල් වෙන්න පුළුවන් කියලා තමා. ලියමුකො ඒ කතාවත් ඉක්මනට..

      Delete
  10. කෙලින්ම ගජබින්නාලන්කරයට දන්නා සෙන්න ...

    ReplyDelete
    Replies
    1. එහෙම කමක් නැද්ද බන්.. :D අනිත් කොටසත් කියවහන්..

      Delete
  11. යක්ස බුවෙක් නෙ. මුල් ටික කියවන් එද්දි මං හිතුවෙ අත නිට්ටෑවෙක් කඩාගෙන කියල. :)

    ReplyDelete
    Replies
    1. අඩේ චන්දන, ශික් මට ඔය අදහස ආවේ නෑනෙ බන්.. එහෙම මතක් වුනානම් මම මේ කතාව ලියන්නෙ මෙහෙම නෙමේ..

      Delete
  12. නිට්ටෑවො ගැන ඔයිකතාව නම් අහලා තිබ්බා..නීට්ටඹුව නම හැදිච්ච හැටි නම් ඇහුවමයි..අත කපපු කතාව විශ්වාස කරන්නත් බෑ..ඒත් ඉතින් බොලා කියන හින්දා..

    ReplyDelete
    Replies
    1. වෙනි අයියා, හැබෑටම නිට්ටඹුව හැදිච්ච විදිහ ගැන කලින් අහලා තිබුන්නැද්ද ? හා හා මම කිව්වට පිළිගන්න එපා.. මතකනෙ.. හොඳට විමසලා බලලා පිළිගන්න ඕනා..

      Delete
  13. //ඉන්දික හිටපු ගෙදරට යන්නෙ කොහොමද? කියලා. ආන්න, ගෙදරට යන පාර ඇඳලම දෙයි.//

    යකෝ ඌ මරු බඩුවක්නේ. උපන්දා ඉඳල හිටපු උඹට වඩා ටික දවසකට නවතින්න ආපු ඌව ගමේ කව්රුත් දන්නවා.

    අත කපපු කතාව නම් විශ්වාස කරලත් බෑ නොකරත් බෑ, අර සුද්දගෙ කතාව නිසා. සුද්දා කියන එක විශ්වාස නම් අපේ එකා කියන එක අවිශ්වාස කරන්නෙ මොටද, ඒත් ඉතිං ඒ වගේ විෂක් නම් ක්‍ෂණිකව ලේවලට මිශ්‍ර වෙනව ඇතිනේ, මිනිහ පොළඟ මරල ආයෙ අත කපනකොට වෙන්න ඕන හරිය වෙන්න එපාය.

    ඔය වගේම කතාවක් මාත් අහල තියෙනව සෙන්නො. පොරවකි තුවක්කුවකි අරන් දඩයමේ ගිය මිනිහෙකුගෙ ඉස්සරහ සත්තු දෙන්නෙක්ම ඉඳල, තිබිල තියෙන්නෙ එය උණ්ඩයක් විතරයි. මිහිහ සත්තු දෙන්න මැදින් පොරවෙ මිට හිටවල මුවාතට වෙඩි තියල, ගානට දෙකට කැපිල ගිහින් සත්තු දෙන්නටම වෙඩි වැදිලා. :D

    ReplyDelete
    Replies
    1. //මිහිහ සත්තු දෙන්න මැදින් පොරවෙ මිට හිටවල මුවාතට වෙඩි තියල, ගානට දෙකට කැපිල ගිහින් සත්තු දෙන්නටම වෙඩි වැදිලා//

      ඕක තවත් දියුණු කලා අපේ මාම කෙනෙක්.

      http://chandanadm.blogspot.com/2012/07/blog-post_2401.html :D

      Delete
    2. ඔන්න චන්දනගෙ කතාවත් කියවල කමෙන්ට් එකකුත් දමල ම ආවා. බලන් ගියාම ඒ කතාවෙ තවත් වර්ෂන් තිබිල තියෙනව.

      Delete
    3. ඔය එක උණ්ඩෙන් වෙඩි තියන සීන් එක මමනම් දැනගත්තේ රජිනි කාන්ත් ගෙන්

      Delete
    4. මම මුලින්ම ඒ කතා කියෙව්වෙ 6-7-8 පන්තිවල ළමයින්ට කැමිලස්ල ගහපු සමතා පත්තරෙන්. මම ඒ පන්තිවල හිටපු අවුරුදු තුනේම ඔය පත්තරේ ගත්තා. ඒකෙ බේගල් ආතාද කව්ද කියල වයසක මුත්ත කෙනෙක් ළමයි ටිකක් වට කරගන කියන කතා විදියට තමයි ඔය කතා දැම්මෙ. තවත් කතා තිබුන වගේ මතකයි, ඒත් දැන් හරියටම ඒ ගැන මතකයක් නෑ.

      Delete
    5. @DDT..

      ඔන්න මං ඒ පැත්තට ඔළුව දැම්මෙ දැනුයි.. "බේගල් ආතා.." කෝමද නමින්ම හිතා ගන්න පුළුවන් මනුස්සයගෙ තරම.

      Delete


    6. ඒකනම් සහතික ඇත්ත කතාවක් බන්.. අදටත් ගමේ උන් ඌව දන්නවා මට වැඩිය.

      උබ සුද්දගෙ කතාව කියෙව්වනෙ.. පසු සටහනත් කියවන්න ඇතිනෙ.. මේක ප්‍රබන්ධයක් බන්.. හැබැයි විස ටිකක් ලේ වලට එකතු වුනාට මැරෙන්නෑ බන්.. මම දන්න සමහර මිනිස්සු ඉන්නවා සතා කළා පැය ගානක් ගිහිල්ලත් බේරිච්ච.. අර කාලෙකට කලින් පත්තරේ ගියා මතකද කතාවක් පොලොන්නරුවෙ පැත්තෙ මනුස්සයෙව සියයකට වැඩිවාරයක් පොලොඟු කාපු..

      උඹ ඔය කියන කතාව මාත් කලින් අහලා තිබුනා.. බේගල් ආතා ගැන ඇහුවෙ අදමයි..

      චන්දනගෙ කතාවනම් මම කලින් කියවලා නෑනෙ.. ඒක මිස් වෙලා.. හිමීට කියවන්න ඕනා..

      සයුරි,

      රැජිනි කාන්ත්ට මොනවද බැරි.. මිනිහගෙ ෆිල්ම් එකක් බලලා අයිසෙක් නිව්ටන්ට කලන්තෙත් දැම්මා කියල ඔයා දන්නවද ? :D

      Delete
  14. ඒ වගේම මට තව ප්‍රශ්නයක් ආව නේ...
    දැන් මේ මනුස්සය කැලේ මැද්දෙදි නේ මේ අත කපා ගත්තේ..ඉතින් අනේ කැලෙන් එලියට එන්න යන වෙලාවේ අතෙන් ලේ ගිහිල්ලම මේ මනුස්සය මැරෙන්නත් ඉඩ තිබ්බ නේ..මැණික් කටුව ගාවින් කාපුවම ප්‍රධාන ලේ නහර කැපෙනවා නේ...

    කතාව නම් හරිම රසවත්...සෙන්නා...

    ReplyDelete
    Replies
    1. ලේ ටිකක් ගියාට මිනිහෙක් මැරෙන්නෑ කියලා ඔය දැන් දන්නවා නේද කළු සුදු.. :D

      ස්තුතියි කතාව අගය කළාට..

      Delete
  15. බදුල්ලේ භාෂා විලාසය නම් හරිම අපුරුයි. අපි ට්‍රේනින්ගේ එකට බදුල්ලේ දැම්මේ. ඉස්සෙලාම ගිය දවස් වල හිනාව නවත්ත ගන්න බැරි උණා. මොනවා උණත් ඒ පැත්තේ මිනිසුන්ගේ හිත හොදයි කියන කතාව නම් ඇත්ත. ඒ පැත්තේ නිට්ටෑවෝ කෙසේ වෙතත් එක පාරක්වත් නගරෙකට ආපු නැති මිනිස්සු ඉන්න ගමක් නම් තියනවා ලු.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ පැත්තෙ මිනිස්සු බහුතරයක් හරිම අව්‍යජයයි පූමා. එහෙමත් තියනවද ? මටනම් එහෙම කතාවක් අහපු බවට මතකයක් නෑ..

      Delete
  16. සමහරවිට ඇත්ත වෙන්නත් පුලුවන්! හැබැයි වැඩියෙන් බර "බොරුවක්" කියන පැත්තට!

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:- දුලාගේ අඩවිය | Dula's Place


    ReplyDelete
    Replies
    1. දුලා,

      මෙහෙම දේවල් වෙන්නත් පුළුවන්. ඔය ජාතියෙ මිනිස්සු ඉන්නවා.. අනිත් කොටසත් කියවන්න..

      මම එන්නම් ඒ පැත්තෙ ඉක්මනටම..

      Delete
  17. මේ කතාව ගජබින්නාලංකාරයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මෙවැනි කතා පැරණි ගැමි සමාජයේ බහුලව අහන්නට ලැබුනා. සර්ප විෂෙන් බේරීම සඳහා මෙවැනි දෙයක් කළා කියන එක අවිශ්වාස සහගත දෙයක් නෙවෙයි. වඩාත් වැදගත් වන්නේ මෙලෙස කපා දැමීමෙන් පසු ලේ ගැලීම නවත්වා ගැනීමයි. එය සාර්ථක නම් මේ 'ශල්‍ය කර්මය' සාර්ථකයි කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. විචාරක මහතා,

      මටත් හිතෙන්නෙ එහෙමයි.. මේ කතා එක පාරම බැහැර කරන්න බෑ.. මොකද අපි අතර ඉන්නවා මහ යක්ශ මිනිස්සු.. ලේ ටිකක් ගියාට මිනිහෙක් මැරෙන එකක් නෑ නේද ?

      Delete
  18. // නිට්ටළුවන්// ගැනත් සෙන්නා ඔය කියපු ටික මාත් අහලා තියෙනවා. අ'පුර ඉන්දෙද්දි නිට්ටළුවන් හොයාගෙන යන්න මටත් පොඩි උනක් තිබුනා. ඒත් වැඩේ හරි ගියේ නෑ.....
    අපේ පැත්තෙ ඔය වගේ ඩයල් එකක් හිටියලු. පොරට එක පාරක් නයෙක් ගැහලා. පොර කරලා තියෙන්නෙ ඉනේ තිබුනු පිහිය ඇදලා නයාගෙ පොනේ ලගින් කපාගෙන, නයි පෙනේ සිලි සිලි බෑග් එකක ඔතාගෙන, ඉස්පිරිතාලෙට දිව්ව එකලු.... :D :D

    සෙන්නගෙ මේ ශෛලියට මම කවදත් කැමතියි.. ඊටත් අද කතාව ගලාගෙන ගියපු රිද්මය තවත් අපූරුයි....

    ReplyDelete
    Replies
    1. පොරට තිබුනෙ නයි පෙනේ ඔළුවෙ බැඳගෙන යන්න..:D :D

      Delete
    2. අනිවා නැත්නම් ඉස්පිරිතාලෙ ගොය්යො බෙහෙත් කරන්නෑ මලත්, සතා මොකාද කියල හරියට අඳුන ගන්නැතිව.

      Delete
    3. දැන් තියනවලු නේද වීයො ඔය ඔක්කොටොම පොදු ඉන්ජෙක්ෂන් එකක්...

      Delete
    4. තිළිණ,

      අපරාදෙ පොඩ්ඩක් හොයලා බලන්න තිබුනෙ.. අරුත් අමරම පොරක් නේද ? තෝත් මරාගෙන මාත් මැරෙන්නම් කියලා හිතෙන්න ඇති නේද ? ස්තූතියි බන් අගය කළාට..

      පොඩ්ඩි,

      බය වෙලාවත්ද !! :-)

      වීයා / චන්දන,

      ඉස්සර එහෙම ඉල්ලීමක් තිබුනා ඉස්පිරිතාල වලින්.. අනිවාර්‍යයෙන් සතාව රැගෙන එන්න කියලා.. මොකද පොළොන් විසට, නයි විසට ගහන එන්නත ගැහුවොත් ලෙඩා නිකන්ම මැරෙනවාලු.. දැන් ඔය චන්දන කියනවා වගේ එකම බේතක් තියනවද දන්නෑ..

      Delete
  19. ලිපට බටෙන් පිම්බම..මත් වෙනව නේ බං සිරාවටම කැරකිල්ල හැදිල.මමහිතුවෙ මට විතරක් තියෙන ලෙඩක් කියල..!!!!

    ඉන්සූරස් එකක් ගන්න අතේ ඇඟිලි දෙකක් කපාගත්ත එකෙක් නම් ඉන්නව අපේ පැත්තෙ.

    ReplyDelete
    Replies
    1. සිරාවටම කැරකිල්ල හැදෙනවා බන් පිඹගෙන පිඹගෙන ගියාම.. එහෙම පොරවලුත් ඉන්නවා නේද ?

      Delete
  20. මේක වෙන්න බැරි කමක්මත් නෑ මට හිතෙන්නේ. ලේ යන එකට පිලියමක් තිබුණනම් අවුලක් නෑ. දැන් ඉතින් ඉතිරි කොටස් ටිකත් දානව නේද?

    ReplyDelete
    Replies
    1. සයුරි මටත් එහෙම හිතෙනවා..

      හපොයි දෙයියනේ අනිත් කොටස තාම කියෙව්වෙ නැද්ද ? වහාම අර ලිපියේ පහල තියන ලින්ක් එකේ කොටන්ඩෝ....

      Delete
  21. ඇඟත් හිරිවැටුනා ඒ කතාව අහලා. මේ වගේ සිද්ධි ඕනි තරම් වෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි,

      මේ වගේ දේවල් වෙන්න පුළුවන් බව අනිත් කොටස කියවපු ඔයා දැන් දන්නවා නේද ?

      Delete
  22. සමහර විට ඇත්තක් වෙන්නත් පුළුවං

    මේකත් බලන්නකො

    ReplyDelete
    Replies
    1. ප්‍රසා,

      අනිත් කොටස කියෙවනෙ..

      ගැමියගෙ කතාව මම කලින් කියවලා තියනවා.. කොහොම වුනත් සබැඳියට ස්තූතියි..

      Delete
  23. මේක සිරාම කතාවක්ද සෙන්නෝ...
    සමහරක් විට ගාමිණී අයියා ශල්‍ය වෙදක්ද දන්නෙත් නැහැ නේ..:D

    ReplyDelete
    Replies
    1. මනෝජ්, මේක සිරා විය හැකි කතාවක්.. පිළිතුර සඳහා අනිත් කොට කියවහන්..

      Delete
  24. ඒ වගේ හිත හයිය මිනිස්සු ඉන්නවා බං, මිනිහා ඒ වෙලාවේ ගන්න පුළුවන් හොදම තීරණේ අරගෙන තියෙන්නේ..අත්හද ජීවිතේද කියන එක..ජිවිතේ නැත්නම් අතත් නැහැනේ හිකිස් ..ඉතින් නිත්තෑවො හම්බ උනාද ?

    ReplyDelete
    Replies
    1. ඔව් බන්.. මරණ බය ආපුවම අපි වුනත් ඔහොම දේවල් කරයි සමහර විට. හැක් හැක්..

      කොහෙද ! අරූට කාර්ඩ් එකක් වැදිච්ච එක තමා ඒකෙන් වුනේ.. :D

      Delete
  25. ඇත්තද?ඇත්ත ලඟින් යන බොරුවක්ද?සම්පූර්ණ බොරුවක්ද?මොක උනත් නියමයි.

    ReplyDelete
    Replies
    1. අරූ,

      මෙය ප්‍රබන්ධ මුසුවූ සත්‍යය කතාවකි. අනිත් කොටසත් කියවන්න..

      Delete
  26. ඒයි එන්සෙන්නෝ බොට මගේ ලෙඩේ බෝ වෙලාද??? ප්‍රමාද වී උත්තර දීම.. කපන් කන්න හිතෙනවා උඹේ අත දැන්නං..

    ReplyDelete
    Replies
    1. දේශා,

      හේතුව අන්න පහළ දාලා තියනවා.. ටෙලිකොම් කාරයට දවස් තුනක් ගියා බන් ලෙඩේ හදන්න.. නැත්නම් මට ඉතින් බොගෙ ලෙඩේ හැදෙන්නෑ නොවැ..

      අන්න බොට දැන් තේරෙනවද ප්‍රමාදවී පිළිතුරු දීම කොච්චර පීඩනයක්ද කියලා පාඨකයින්ට.. දැන්වත් හැදෙන්න බලහන්..

      Delete
  27. ඈ සෙන්නා..මම නං අහල තියෙන්නෙ නිට්ටළුවො නෙවෙයි නිට්ටෑවො කියලයි.
    අර මනුස්සයගෙ අත සනීප උන එක නං පුදුමයක්.

    ReplyDelete
    Replies
    1. හැලප අයියා, ඔය නම් දෙකම කියනවා උන්ට... අනිත් කොටසත් කියවන්නකො.. ඒකෙ තියනවා ඔය ප්‍රශ්ණෙට උත්තරේ..

      Delete
  28. මම මුලින්ම ගිය ඉස්කෝලේ (අපේ පංතියේ) හිටියා වම් අතේ මැද ඇගිලි තුනම කර මුලින්ම නැති වෙච්චි මෑන්ස් කෙනෙක්. මෙයාගෙ අය්යා දර පල-පලා ඉන්නකොට මෙයා දනගාගෙන ගිහින් දර කොටේ උඩ අත තියලා. අය්යා අතින් පොරෝ පාරක් වැදිලා තියෙනවා ඇගිලි වෙන් වෙන්නම. හැබැයි ඉතිං මැන්ව ඉක්මනින්ම ඉස්පිරිතාලෙකට අරන් යන්න ඇති. ඒ දවස්වල මෑන්ස් ඔය ඇගිලි දෙකෙන් අල්ලාගෙන බලිරූප අදිනත් අකුරු යන්තමින් ලියන්නත් පුලුවන්. අපි එකට හිටියේ පහේ පංතියට එනකන් විතරයි.

    සමහරු සියදිවි හානි කරගන්නත් අත් බ්ලේඩ් තල වලින් කපාගන්න නිසා, මැනික් කටුව ලගින් අත වෙන්වෙන්ට කපා ගත්ත අයෙක් ජීවත් වෙයිද කියලා සැකයක් එනවා.....:D

    ReplyDelete
    Replies
    1. ගමේ හිතවතා,

      උඹේ යාළුවා පවු බන්.. හරිම අවාසනාවන්ත සිදු වීමක්..
      උඹේ සැකය දැන් දුරුවෙලා කියලා මන් දන්නවා.. :D

      Delete
  29. සෙන්නෝ. අම්මා තාත්තා අයියා අක්කා නංගී මල්ලී එක ඩයලෙක්ට් එකක්. අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ තව ඩයලෙක්ට් එකක්. අපි බටහිරයන්ගේ ඩයලෙක්ට් එක දෙවෙනි එක. මට නම් ඒක හෘදයාංගමයි.

    අර යකා ලේ ගිහින් මැරුන්නැතිව පුදුමයි.

    උඹ මේ කතාව ලියලා තියෙන විදිය හරිම සිත් ඇද ගන්නා සුළුයි.

    ReplyDelete
    Replies
    1. ඩූඩේ,

      මටනම් අරකට ආසයි බන්.. එක එක අයට හිතෙන හැටි නේද ?

      තාම අනිත් කොටස කියෙව්වෙ නැද්ද බන්.. ඒකෙ තියනවා උත්තරේ..

      ස්තූතියි බන් අගය කළාට..

      Delete
  30. සියල්ලනී,

    ඉන්ටර්නෙට් එකේ තිබුන දෝශයක් නිසා ( ටෙලිකොම් එකෙන් කිව්වෙ වයර් එකක් හොරු කපන් ගිහින් කියලා :D ) පහු ගිය සිකුරාදා ඉඳන් අද වෙනකම් බ්ලොග් එක පැත්ත පලාතෙ එන්න බැරුව හිටියෙ. ඒ අතර අනුකම්පාකළ යුතු ආතුරයෙක් මෙතන අසූචි ගොඩක් දාලා ඒක උඩ පෙරලි පෙරලි ඉඳලා ගිහිල්ලා. දැන් හරි.. ඔක්කොම හේදුවා.. කමෙන්ට්ස් වලට රිප්ලයි පරක්කු වෙච්ච එක ගැන සමාවෙන්න.

    ReplyDelete
    Replies
    1. මට හිතුනේ ඔයාගේ බ්ලොග් එක හැක් කරලාද කියලයි. අර වසලයා කුඩු කාරයෙක් හෝ හරි හමන් ජන්මයක් නැති එකෙක්.

      Delete
    2. මාත් බැලුවා බ්ලොග් වල නිතරම කරක්ගහන සෙන්නට මක්ක වෙලාද කියල..ඉතාම අප්‍රිය ජනක දෙයක් වෙලා තිබුන නිසා...උඹට දන්නන්න වෙන මගක් තිබ්බනම් කියල හිතුන..?
      එතකොට සෙන්න ඉන්නෙ ලංකාවෙද මේ දවස් වල..??

      Delete
    3. වීයා,

      ඔව් බන්.. මාවත් හොල්මන් වුනා ඒක දැක්කම.. මම දැක්කා ඌම සහන්ගෙ බ්ලොග් එකෙත් ජරා කරලා තිබ්බා.. ලෙඩ්ඩුනෙ බන්.. මොනවා කරන්නද..

      ඔව් වීයා, මම 16 ලංකාවට ආව. සිර දඩුවම අවසන්... හැක් හැක්.. :D

      Delete
  31. හොඳටම පරක්කු වෙලයි ආවේ ..මාර කතාවක් ..වෙන්න පුළුවන් ඔහොම හිත හයය මිනිස්සු ඉන්නවා .අනික නිතර කැලේ කොලේ හක්කලන් කරන මිනිස්සුන්ට අපට වඩා තැනට සුදුසු නුවණ තියෙනව ඒ පරිසරයන්ට හැඩ ගැහෙන්න . මොකක්ද දෙවෙනි කොටසක් ගැන කමෙන්ට් වල තියෙන්නේ .මගේ බ්ලොග් රෝලේ තිබුනේ මේක.

    දැනටත් ඉන්දුනීසියාවේ එක පලාතක ඉන්නවලු ඔහොම කුඩා මිනිස්සු ජාතියක්.

    ReplyDelete
    Replies
    1. මෙහෙම මිනිස්සු හැබෑවටම ඉන්න බව තමා බින්දි අනිත් කොටසෙන් කියවෙන්නෙ. හුඟ දෙනෙකුට වගේ බින්දිටත් ඒක මිස් වෙලා වගේ.. මේ ලිපිය පල්ලෙහා තියන දොරුව පරාදයි කියන ලින්ක් එකේ ක්ලික් කරන්න. ඒ එතනට පාර.. මේක ඇත්තටම නියම කතාව නෙමේ, පූර්විකාවක් විතරයි..

      Delete
  32. සෙන්න ගෙ ට්‍රිප් එක ගැන කියෙව්වම අපිත් නකල්ස් වලට ඉස්කොලෙ කාලෙ ගියපු ට්‍රිප් එකක් මතක් උනා. මෙ වගේම තමා. ගියපු වැඩේ පැත්තක ( අපි ගියෙ ප්‍රොක්ජෙක්ට් එකකට.) නාල, කාල ජොලි කරල ආව. අර අනික් කතාව ඇත්ත කියල දන්න නිසා මේකත් ඇත්ත වෙන්න බැරි නෑ. අර ෆිල්ම් එක බලන්න තාම හිත හදාගන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. මුහුදු, අපිටත් වුනේ ඔය වගේ වැඩක් තමා බන්.. අන්තිමට නිට්ටලුවො පැත්තක..

      Delete
  33. සෙන්නා, මං අන්තිමට එව්ව මේල් එක ලැබුනේ නැද්ද..?

    ReplyDelete
    Replies
    1. ලැබුනා චන්දන. බොහොම ස්තූතියි.

      Delete
  34. ඔන්න අයියේ ආයෙම බ්ලොග් ලෝකේ ඇවිදින්න ගත්ත අපූරු ලිපියක් තැනට සුදුසු නුවනින් වැඩකරලා තියෙනවා. හැබැයි මාර ගටක් තියෙන පොරක් වෙන්න ඕනේ අර බුවා. මගේ සිම් එක නැතිවෙලා ප්රෝෆිලේ එකෙන් ලොග් වෙන්න විදියක් නැහැ

    කෝරලේ මහත්තයා

    ReplyDelete
    Replies
    1. කෝරාළේ ආයෙමත් ආපු එක හොඳයි.. අනිත් කොටසත් කියවහන්.. නැත්නම් වැඩේ සම්පූර්ණ නෑ..

      Delete
  35. ආයෙමත් ගමේ කතාවක්..
    තමන්ගේ අත තමන්ම කපාගන්න නම් මාර ධෛර්යයක් තියෙන්න ඕනෑ..ඒත් ජීවිත ආසාව මිනිස්සු වෙනස් කරනවා කියන්නේ මේ වගේ දේවල් නිසා වෙන්න ඇති..

    ReplyDelete
  36. කෝ මේ මනුස්සයා...

    ReplyDelete
  37. ඇත්ත බොරුව කෙසේ වෙතත් මේවගේ මතයක් තියනව. ් කියන්නෙ කාපු තැනට මෙහා තැනකින් කැපුවම විශ අඩු වෙනව කියල. නමුත් ඒක මිත්‍යාවක්. සර්ප විශ වේගයෙන් පැතිරෙනව

    ReplyDelete
    Replies
    1. ඔහොම සර්පයෙක් කෑවට පස්සේ, ඇඟිල්ලක් කපා ගත්තු කෙනෙක් ගැනනම් මම අහලා තියනවා රාජ්. එයා ජීවත් වුනාද නැද්ද කියලා මම දන්නේ නෑ. මේකෙ ඇත්ත කතාවත් කියවන්න රාජ්. මේක නිකම් කස පාරක් විතරයි... :D

      Delete
  38. //ඇටම්පිටිය ප්‍රදේශය, බෝගොඩ පාලම අවට කලාපය, දුන්හිද ඇල්ල ප්‍රදේශය //
    ඒ ප්‍රදේශවල නිට්ටෑවෝ සිටිය/සිටින බවට ජන ප්‍රවාද තියනවද? එහෙම තියනවනම් ඒ කතා ගෑන තවදුරටත් දෑන ගන්න contact එකක් දෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා, අපිත් ඔය ගැන අහලා තියෙන්නේ මම ඔය කියපු යාලුවගෙන් විතරයි. අපි එහෙන් ගිහින් පොඩි රිසර්ච් එකක් කළා. (1996දී) ඒ පැත්තෙ හැමෝම වගේ කිව්වේ එහෙම ජාතියක් මේ අවට කැලෑ වල ඉඳලා තියනවා හැබැයි දැන් නෑ කියන එක තමා. ඒ ඇරෙන්න ඔය ගැන වැඩි විස්තරයක් කියන්න මට දැනුමක් නෑ. ප්‍රා ඒ සම්බන්ධයෙන් ගොඩක් උනන්දුනම් මම ආයේ මගේ යාලුවගෙන් ඒ ගැන හාරලා අවුස්සලා බලන්නම් තව එයා දන්න මුකුත් තියනවද කියලා. මට මතක විදිහටනම් එයාටත් ඒ හැටි ඔය ගැන කියන්න දේවල් තිබුනේ නෑ. එකම කතාවම තමා විවිධ මුහුණුවරින්, විවිද ප්‍රදේශ වලින් රිපීට් වෙන්නේ.

      Delete
    2. ඔව් ගොඩක් උනන්දුයි.

      PL see
      http://www.amazon.com/Nittaewo-hobbits-Lanka-analysis-legend/dp/9550028097

      සෙන්නගේ email address එකක්දුන්නොත් විස්තර කියන්න පුලුවන්

      Delete
    3. ප්‍රදීප්, ඒකෙන් මට තේරුන හැටියටනම් ඔයා මේ ගැන පොතක් ලියලා වගේ ? එහෙමද ? මට ඒක පැහැදිලි මදි. මගේ අනුමානය නිවැරදිනම් ඔයා අපි කාටත් වැඩිය ඒ ගැන දන්නවා ඇති. ආයෙ අමුතුවෙන් දැනගන්න දෙයක් නැතිවෙයි. කොහොම වුනත් ඔයා උනන්දුයි කියපු නිසා මම මගේ යාලුවට කතා කරලා එයා කැමතිනම් ඔයාට එයා එක්ක කෙලිනම් ඔය ගැන කතාකරගන්න සලස්වලා දෙන්නම්. මගේ ඊ-මේල් එක මේක;

      ssdsenna@gmail.com

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog