Thursday, August 15, 2013

දොරුව පරාදයි......

2013 නිකිණි මස 15 වනදා

නිර්භීත, නොපසුබස්නා, දරුණු තීරණ ගත හැකි, අධිෂ්ඨානශීලී, උත්සහවන්ත මිනිසෙකුව කිසිවෙකුටත්, කිසිදා සිරගත කල නොහැකිය. ඇරන් රාල්ස්ටන්ගේ කතාව අපිට කියාපාන්නේ මෙම සත්‍යය නොවන්නේද ?

XXXXXXX

ඇරන් රාල්ස්ටන් යනු කඳු නැගීම හා ගවේෂණය සිය විනෝදාංශය කොටගත්, මෙම සිදුවීම වන විට විසි හත් හැවිරිදිවූ, ඇමෙරිකානු ජාතික තරුණ ඉන්ජිනේරුවෙකි. 1975 ඔක්තෝබර් මස 27වන දින ඔහියෝ ඔහායෝ හී මරියොන් නගරයේ උපත ලද ඇරොන්, ඔහුට වයස 11දී සිය පවුලේ සාමාජිකයන් සමඟ ඩෙන්වර් වෙත සංක්‍රමණය විය. යාන්ත්‍රික ඉන්ජිනේරු විද්‍යාව හා ප්‍රංශ භාෂාව පිළිබඳ උපාධි වලින් පිදුම් ලබන ඔහු තාක්ෂණික ලෝකයේ දැවැන්තයකු වූ ඉන්ටෙල් හා එකතු වන්නෙ යාන්ත්‍රික ඉන්ජිනේරුවකු ලෙසිනි. නමුත් ඇරොන් යනු වෘත්තීය, සාමාජීය බැඳීම වලින් එකතැන සිරකොට තබා ගත හැකි චරිතයක් නොවීය. ඔහුගේ වැඩි කැමැත්ත වූයේ ස්වභාව ධර්මය ගවේෂණය කිරීමටය. එකලාව කඳු නැගීම හා ගවේෂණයන්හී යෙදීම ඔහුගේ විනෝදාංශය විය. අඩි 14000 කට වඩා උසින් යුතු, මුදුන් 59කින් සැදුම් ලත්, කොලරාඩෝහී "ෆෝර්ටීනර්ස්" නමින් හැඳින්වූ කඳු පන්තිය සිසිරයේදී එකෙලාවම තරණය කිරීම ඔහුගේ එක් අභිලාෂයක් විය. මෙම ක්‍රියාකාරකම් ඔහුගේ රැකියාව නොකඩවා සිදුකරගෙන යැමට බාධාවක් වූ අතර එක් අවස්ථාවෙක ඔහුට දෙකින් එකක් තීරණය කළ යුතු විය. නිදහස ප්‍රිය කල ඇරොන් ඉන්ටෙල්හී රැකියාවට සමුදුන්නේය. පසුව ඔහු සිය විනෝදාංශය හා බැඳී පවතින ආයතනයක් වූ UTE Mountaineer හී රැකියාවක් ලබා ගන්නේ මෙතෙක් ලද වැටුපට වඩා සැලකිය යුතු අඩු වැටුපක්ද සහිතවය. මෙමගින් ඔහුගේ ආර්ථික සුරක්ෂිතතාවය ගිලිහී ගියද සිය විනෝදාංශයෙහි නියැලීමට ඇතිතරම් කාලය සොයා ගත හැකි බැවින් ඔහු එයින් තෘප්තිමත් විය.

XXXXXXX

Blue John Canyon යනු ඇමෙරිකාවේ යූටා ප්‍රාන්තයෙහි වූ කාන්තාර අතර පිහිටි පටු ගල් දොරුවකි. එය කි.මි. 11ක පමණ ප්‍රදේශයක පැතිර ඇතැයි සැලකේ. කැනියොන් නොහොත් දොරුවක් යනු කඳු ගැට දෙකක් මධ්‍යයෙහි පිහිටි කඳුරකි. මෙම සුවිශේෂී භූමි ලක්ෂණය බොහෝවිට ගංගා මගින් ඇති කරවනු ලබයි. බ්ලූ ජෝන් කැනියොන් යනු එවන්වූ සුවිශේෂ භූමි ලක්ෂණ වලින් හෙබි, සමහර ස්ථාන වලදී එක පුද්ගලයෙකුට පමණක් ගමන් කිරීමට පමණක් තරම් පළලින් යුක්තවූ ඉතා පටු ගල් දොරුවකි. මෙය, ඒ අවට වූ කඳු ගවේශකයන්ගේ නිරන්තර අවධානය හා පහස ලබන්නාවූ දොරුවකි.

බ්ලූ ජෝන් දොරුවෙහි අභ්‍යන්තර කොටසක ඡායාරූපයක්
උපුටා ගැනීම :http://www.summitpost.org/blue-john-canyon/710899

XXXXXXX

2003 අප්‍රේල් මස 26ක්වූ ඒ දෛවෝපගත ශනිදා උදයේ ඇරන් රාල්ස්ටන් සුපුරුදු පරිදි සිය විනෝදාංශය වෙනුවෙන් නිවසින් පිටත් විය. මෙම ගවේෂණ චාරිකා වලදී ඔහු විසින් නිතරම අනුගමනය කරනා නරක පුරුදු දෙකක් වූහ. එකක් නම් නිතරම සිය ගවේෂණයන් එකෙලාව සිදුකිරීමයි. දෙවැන්න ඔහුගේ ගමනාන්තය පිළිබඳව කිසිවකුත් දැනුවත් නොකිරීමයි.

කඳු නගින්නන් කඳවුරු ගැසෙනා ප්‍රදේශයට සිය වාහනයෙන් පැමිණි ඇරන්, එතැන් සිට සැලකියයුතු දුරක් පාපැදියෙන් ගමන් කළේය. ඉන් පසු පාගමනින් අදාළ ස්ථානයට සේන්දු විය. ගල්දොරුවට පිවිසි ඔහු එහි අභ්‍යන්තරයේ පටු බිත්ති අතරින් ගමන් කරමින් සිටියේය. සමහර තැනෙක පහසුවෙන් ගමන් කරත හැකිවූ අතර සමහර තැනෙක දොරුවෙහි බිත්ති අතර සිරව තිබූ විශාලා පාෂාණ කුට්ටි යටින් හෝ උඩි පැන ගමන් කිරීමට සිදු විය. ඔහු ඉතා සැහැල්ලුවෙන් එනමුත් සැලකිය යුතු වේගයකින් මෙම දොරුව නිරීක්ෂණය කරමින් එහි පහතට බසිමින් සිටියේය. තමන් ගමන් කරමින් සිටිනුයේ සිය ජීවිතයේ විශාල පෙරළියක් වෙත බව මේ මොහොතේදී ඔහු හට කිසිඳු දැනීමක් නොවුණි. ඇරන් දොරුවෙහි එක ස්ථානයකට ළඟා විය. එතනින් පසු දොරුව මීටර කිහිපයක් ශීඝ්‍ර ලෙස පහත බෑවුම් වී තිබුණි. ඇරන් සිටගෙන සිටි ස්ථානයට මදක් ඔබ්බෙන්, එම මට්ටමින්ම දොරුවෙහි බිත්ති අතර හරහට සිරවී තිබූ පාශාණයකි. ඔහුගේ අරමුණ වූයේ එම පාෂාණය වෙත ගමන් කොට එහි එල්ලීමෙන් පහතට පැන ගැනීමයි. ඒ සඳහා දොරුවෙහි බිත්ති දෙක මත සිය පාදයන් හා හස්තයන් යුහුසුළුව හසුරුවමින් එම පාෂාණය වෙතට ආසන්න විය. පාෂාණයට ගොඩවී එයට බර යොදමින් පහලට එල්ලුන මොහොතේදී සියල්ල නොපිටට සිදුවන්නට වූහ. එම පාෂාණ කුට්ටියත් සමඟින්ම ඔහුව පහතට කඩාගෙන වැටුණි. මොහොතකට ඔහු වික්ෂිප්තවිය. ඔහුගේ එකම අරමුණ වූයේ සිය හිස හැකිතාක් පාෂාණයෙන් ඇත්කොට තබා ගැනීම හා එයට යටවීමෙන් ආරාක්ෂාවීමටයි. අවසානයේදී පාෂාණය සමඟින්ම දොරුවෙහි පහළ බිම මට්ටමට කඩා වැටුණ ඇරන් දකුණතෙහි ඇතිවූ ඒ අති බිහිසුණු වේදනාව කරනකොට බ්ලූ ජෝන් දොරුව දෙදරා යනතරම් විශාල හඬකින් කෑ ගැසීය. ඇත්තෙන්ම කෑගැසුණි.

සියල්ල සන්සුන්වූ පසු සිදුවූයේ කුමක්දැයි වටහා ගැනීමට ඇරන් යුසුසුළු විය. දොරුවෙහි බිත්ති දෙක අතර, ඔහුගේ මුහුණ ඉදිරියෙන් පාෂාණය නැවතත් සිරවී තිබුණි. ඔහු දොරුවෙහි බිම් මට්ටමටම පැමිණ තිබූ අතර දෙපා පොළවෙහි වැදී තිබුණි. දකුණතෙහි වූ දරුණු වේදනාව හැරෙන්නට වෙන කිවයුතු තරම් හානියක්වී නොතිබුණි. පාෂාණයෙන් මෑත්වීමට සිතා පසුපසට ඒමට සූදානම්වන විට ඔහුට යම් අමුත්තක් ඇතිවිය. සිය දකුණතෙහි ඇතිවූ දරුණු වේදනාව එය දොරුවෙහි බිත්තියෙහි වැදීම නිසා හට ගත්තක් නොවන බව මුල් වරට ඔහුට අවබෝධවෙමින් තිබුණි. දකුණත පාෂාණය හා දොරුවෙහි බිත්තිය අතරට මැදිවී නොසෙල්විය හැකි අයුරින්ම සිරවී ඇතිබව ඔහුට පසක්වූයේ එවිටය. අත එම ස්ථානයෙන් ගලවා ගැනීමට ඔහු දැරූ සියලු ප්‍රයත්න ව්‍යයර්ථ වූහ. වම් අතින් පාෂාණය ඔසවා දකුණත ගලවා ගැනීමට දරූ තැතද අසාර්ථක විය. එය එතරම්ම තදින් දොරුවෙහි බිත්ති දෙක අතර සිරවී තිබුණි. ඇරන් රාල්ස්ටන් බ්ලූ ජෝන් දොරුවෙහි සිරකරුවෙකු වී තිබුණි.

මම ගලේ උඩින් අල්ලගෙන පහතට එල්ලුණා විතරයි. එතකොටම ඒක මාවත් එක්කම පහතට රූටගෙන ආවා. මගෙ වම් අත මේ බිත්තියෙ තදින් වැදුණා. දකුණු අත මේ බිත්තියෙ වැදිලා ගලත් එක්කම ඇතිල්ලීගෙන පල්ලෙහාට ඇවිත් මේ තියන විදිහට නතර වුණා. මගේ එකම කල්පනාව වුණේ ගලෙන් ඔළුව බේරාගෙන හැකිතරම් එයින් ඇත්ව සිටීම. මගෙ අත මේ විදිහට සිරවෙයි කියලා මම මොහොතකටවත් හිතුවෙ නෑ. ඒක ඒතරම්ම වේගයෙන් සිද්දවුණේ.  - ඇරන් රාල්ස්ටන්, සිද්ධියෙන් මාස හයකට පසු NBC මාධ්‍යවේදියකු සමඟ අදාළ ස්ථානයේම සිට සිද්ධිය විස්තර කරමින්. 

ඇරන්ගේ සිරගෙය පොළව මට්ටමින් අඩි සියයක් පමණ ගැඹුරෙහි, ආසන්නම ප්‍රධාන මාර්‍ගයට සැතපුම් විස්සක පමණ දුරින්, සැතපුම් සිය ගණනකින් වටවූ කාන්තාරයක් මධ්‍යයේ පිහිටා තිබුණි. ඉතා අහඹු ලෙස තවත් ගවේෂකයෙකු එම පෙදෙසට පැමිණියහොත් මිස, වෙනත් පුද්ගලයෙකුගේ අවධානයට ඔහුව ලක්වීමට ඇති අවස්ථාව ඉතා සීමිතය. එළිමහන් චාරිකා වලදී අනුගමනය කළයුතු ස්වර්ණමය රීතිය, එනම් එක් පුද්ගලයකු හෝ තමන්ගේ ගමනාන්තය පිළිබඳ දැනුවත් කොට තිබීම අනුගමනය නොකිරීමෙහි ආදිනව ඇරන් අවබෝධකරගනිමින් සිටියේය.

ප්‍රථම දිනය - සෙනසුරාදා.

පැය භාගයක් හෝ විනාඩි හතළිස් පහක් පමණ කාලයක් ඔහු පාෂාණයෙන් අත මුදවා ගැනීමෙහි දරුණු ප්‍රයත්නයක නිරත විය. දණහිසෙන් පාෂාණය තෙරපමින් අත නිදහස් කරගැනීමට දැගලුවද, තවමත් එය සිරවූ ලෙසින්ම පවතී. වෙහෙසට පත්වූ ඇරන් සිය වතුර බෝතලයෙන් තුනෙන් එකක් පමණ ක්ෂණිකව පානයකොට දැම්මේ තමන් මුහුණ දෙමින් සිටිනා අනතුර පිළිබඳව නිසි වැටහීමකින් තොරවය. එවන් හැඟීමක් එම අවස්ථාවෙහි ඇතිවුණිනම් ඔහු විසින් සිය වතුර සලාකය ඉතා පරිස්සමින් භාවිතා කරනු නිසැකය. සමහර විටෙක ඔහු විසින් මද වේලාවක් තුළ නිදහස් වීමට හැකියැයි අපේක්ෂා කළා වන්නටද පුළුවන. ගත මදක් ප්‍රාණවත් වීමෙන් පසු ඔහු විසින් සිය සාක්කු පිහිය රැගෙන පාෂාණය සිය දකුණත සිරකොටගෙන සිටි කොටස රහින්නට විය. ඉතා අඩු තත්ත්වයේ සාක්කු පිහියක්වූ එය, එම කාර්‍යයට කිසිසේත්ම නොසෑහුණු අතර එය පොල් කෙන්දකින් මුහුද ඉසිනවාට සමාන කාර්‍යයක් විය. හිරු අවරට යනතුරාවටම ඇරන් විසින් මෙම කාර්‍යයේ නිරත විය. දැන් දැන් ඔහුට රාත්‍රියත් මෙහිම සිරකරුවෙකු ලෙස ගතකිරීමට වන බව පැහැදිලිය. පසු දින නැවත පිටත්වීමේ අපේක්ෂාවෙන් මෙහි පැමිණි ඇරන් සතුවුයේ සීමිත ජලය ප්‍රමාණයක් හා ආහාර ස්වල්පයකි. කිසියම් ක්‍රමයකින් තමන්ම හෝ බාහිරෙන් ලැබෙන සහායක් මාර්‍ගයෙන් මෙම මර උගුලෙන් නිදහස් වෙනතෙක් සිය ජීවිතය පවත්වා ගැනීම උදෙසා ඔහු සතුවූ සියල්ල එපමණකි. එයට අමතරව කඳු නැගීම උදෙසා භාවිතා කරනා කඹ, ගාංචු ආදියද, වීඩියෝ කැමරාවක්, ඩිජිටල් කැමරාවක්, වෝක්මන් යන්ත්‍රයක් හා වාසනාවකට මෙන් හිසෙහි පළදනා විදුලි පන්දමකද විය. ඔහු නිතර පරිහරණය කරනා ස්විස් වර්ගයේ බහුකාර්යය සාක්කු පිහිය වෙනුවට මෙවර රැගෙන විත තිබුණේ බාල වර්‍ගයේ සාක්කු පිහියකි.

ඇරන්ව සිය භූගත සිර මැදිරියෙහි තනි කොට සූර්‍යයා බැස ගියේය. ඒ සමඟම උෂ්ණත්වයද පහත වැටුණි. ෆැරන්හයිට් අංශක පනස් ගණන් දක්වා එය අඩු විය. සාමාන්‍යය ටී ශර්ටයකින් හා කොට කලිසමකින් පමණක් සැරසී සිටි ඇරන් හට එය දරාගැනීමට අපහසු තරමේ ශීතලකි. ඔහුගේ සියලුම් උණුසුම් කබා සිය වාහනය තුළය. කුසගින්න හා පිපාසාවද ඔහුව දුර්වල කරමින් සිටියහ. ශරීරය උණුසුම්ව පවත්වා ගැනීම උදෙසා ඔහුවිසින් දිගින් දිගටම වැඩෙහි යෙදුණි. නින්දක් පිළිබඳ සලකා බැලීමක් කළ නොහැකි තරම් විය. ප්‍රධානම කාරණය ඔහු සිරවී සිටි ආකාරයයි. සිටගෙන සිටිනා ඉරියව්වකින් සිරවී සිටි බැවින් ඔහු හට හරිහමන් නින්දක් ලැබීමෙහි අවකාශයක් නොවුණි. සිය දුර්වල සාක්කු පිහියෙහි ආධාරයෙන් මුලු රාත්‍රිය පුරාවටම ඔහු විසින් නිදි වර්ජිතව, සිය වමත රිදුම් දෙන තෙක් පාෂාණය හා ඔට්ටු වෙමින් සිටියේය. එම රාත්‍රියේදී ඇරන් හට තමන් වැටී සිටිනා අනතුරෙහි සැබෑ ස්ව්භාවය තේරුම් ගැනීමෙහි හැකියාව ලැබුණි. තමන් පවත්වාගෙන යන මෙම වේගය එලෙසින්ම පවත්වාගෙන ගියහොත් අඩුම වශයෙන් පැය 150ක්වත් මෙම පාෂාණය ඉවත් කරගැනීමට ගත වේ යැයි ඔහු විසින් දළ ගණනය කිර්‍රමක යෙදුණි.

දෙවන දිනය - ඉරිදා

ශනිදා රාත්‍රියම ඇරන් විසින් පාෂාණය කඩා බිඳ දැමීම වෙනුවෙන් දිය කර හැරියේය. නමුත් එහි සාර්ථකත්වය විමසා බැලූ කළ ඔහුට හැඟී ගියේ පවතින සීමිත සම්පත් මගින් එය කිසි දිනක සිදු කළ නොහැකි අසාර්ථක කර්තව්‍යයක් බවයි. ඔහු දැන් බ්ලූ ජෝන් දොරුවෙහි සිර කරුවෙකු වී හෝරා දාසයක් ගෙවී තිබුණි. නිදහස් වීමට ඇති අවකාශයන් පටු වන තරමටම නව නව විකල්පයන් කෙරෙහි සිත යොමු වන්නට විය. ඒ අතර අවසාන විකල්පය වශයෙන් සලකා බැලිය හැකි, ඇරන් විසින් සිතීමටත් මැලිවූ දරුණු විකල්පයක්ද ඔහුගේ සිතෙයි ඇඳී නොඇඳී ගියේය.

ඉරිදාට හිරු පහන් වූයේ ඇරන්ගේ සිතෙහි නව බලාපොරොත්තු ඇති කරවමිනි. සාමාන්‍යයෙන් සති අන්තයෙහි බොහෝ කඳු නගින්නන් සිය චරිකාවන්වල නිරත වන හෙයින් ඇරන් විසින් එවන් කවුරුන්හෝ තමන්ව සොයා ගනීවියැයි අපේක්ෂා කළේය. එ බැවින්ම පල රහිත කාර්‍යයක් බව දැන දැනම ඔහු එක වරක් හඬ නගා කෑගැසීමක්ද සිදු කළේය. තමන් සිටිනා වැනි ස්ථානයක සිට හඬ එතරම් දුරකට ප්‍රක්ෂේපණය නොවනා බව ඔහු හොඳින් දැන සිටියේය.

මේ මොහොත වන විට සිය දකුණතෙහි ඉදිරි කොටස මිය ගොස් ඇති බවට ඔහු අනුමාන කළේය. වේදනාව සැලකිය යුතු තරමින් යටපත් වී තිබුණි. දිගින් දිගටම සිටගෙන සිටීම ඔහුගේ දෙපා වෙහෙසට පත් කළේය. සිය ඉන්ජිනේරු දැනුම භාවිත කරමින් පවතින සම්පත් එනම් කඹ සහ ගාංචු ඉහළින් වූ පාෂාණ අතර සිර කොට පාදයන් වෙත වූ පීඩනය නිදහස්  කොටගත හැකි යාන්ත්‍රණයක් සකසා ගැනීමට සමත් විය. මේ සියල්ල සිය වමත හා මුඛය ආධාරයෙන් පමණක් සිදු කර ගැනීමට සිදු විය. කෙසේ වෙතත් පැවති සීතල ඔහුට වැඩෙහි යෙදීමට බලකර සිටියේය. එදින නැවතත් සිය ඉන්ජිනේරුමය  දැනුමෙහි වාසිය භාවිතයට ගනිමින් ඔහු ඉතිරි කඹ හා ගාංචු භාවිත කරමින් පාෂාණය විතැන් කරවීමට එසවුම් යාන්ත්‍රණයක් සැකසීය. නමුත් එය අසාර්ථක කරමින් පාෂාණය කිසිඳු හැල හොල්මනක් නොමැතිව නිහඬවම  පසු විය.

ඉරිදා අපරභාගය වන විට ඇරන් විසින් සම්පූර්ණ දිනයක් දොරුවෙහි සිර කරුවෙකු ලෙස ගත කොට තිබුණි. නිසි ආහාර, ජලය හා නින්දක් නොමැතිව, සිටගෙනම දිනයක් ගත කිරීම කෙතරම් අපහසු කරුණක්දැයි ඒ පිළිබඳ මදක් සිත වෙහෙසුවහොත් ඔබට නිසැකවම අවබෝධවනු ඇත. පැවති තත්ත්වය විසින් ඇරන් හට වෙනත් විකල්පයක් ඉතිරි කොට නොතිබුණි. රාත්‍රිය පුරා වෙහෙසී පාෂාණය කඩා දැමීමට දැරූ තැතද, තමා විසින් සකසා ගත එසැවුම් යාන්ත්‍රණයෙන් පාෂාණය ඉවත් කිරීමට ගත් තැතද අසාර්ථකව තිබුණි. ස්වොත්සාහයෙන් මෙම මර උගුලෙන් ගැලවිය හැකියැයි යන සිතුවිල්ල ක්‍රමක්‍රමයෙන් ඇරන්ගේ සිතින් පහ වෙමින් පැවතුණි. වෙනත් ගවේෂකයකුගේ පැමිණීම පිළිබඳව තැබූ බලාපොරොත්තුද අත හැරීමට කාලය එළබෙමින් තිබුණි. හිරු අවරට යමින් පවතින මෙම මොහොතේ, යමෙකුගේ පැමිණීමක් පිළිබඳව බලාපොරොත්තු තැබිය නොහැකි බව ඇරන් හොඳාකාරවම දනී. එසේනම් වෙනත් ගවේෂකයෙකුගේ අවධානයට ලක්වීමට තවත් සතියක්ම බලාසිටිය යුතුය. තමන් එතෙක් කල් ජීවත් නොවන බව ඇරන් හට සක්සුදක් සේ පැහැදිලිය. එසේම ඇරන් නැවත රාජකාරියට වාර්තා කිරීමට නියමිතව තිබුණේ එළබෙන අගහරුවාදාය. එතෙක් කිසිවකු හට ඔහුගේ අතුරුදහන් වීම පිළිබඳව සෙවීමට අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇත. එබැවින් ගලවා ගැනීමේ කණ්ඩායමක් පැමිණීමේ බලාපොරොත්තු තබා ගත නොහැකිය. යම් හෙයකින් කිසිවකුගේ මැදිහත්වීමකින් ගලවා ගැනීමේ කණ්ඩායමක් යෙදවූවද ඇරන් සිටිනා ස්ථානය පිළිබඳ දැනීමක් ඇත්තේ කා හටද ? එළිමහන් සංචරණයන්හී ස්වර්ණමය රීතිය ඔහු විසින් බිඳ දමා තිබුණි.

ගැලවීමට ඇති අවස්ථාවන් හීන වෙමින් යනවිට ඇරන් විසින් ටිකෙන් ටික මරණයට සූදානම් වන්නට විය. සිරවී දවසක් ගතවූ තැන, සිය වීඩියෝ කැමරාව මගින් ඔහු සිය සිරුර සොයාගන්නන් උදෙසා පණිවිඩයක් පටිගත කළේය. තමාව හඳුන්වා දුන් ඔහු, තාමගේ සිරුර හමුවූවෙකුට එම පණිවිඩය තම දෙමාපියනට දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටියේය. මෙතැන් සිට ඇරන් විසින් වරින් වර සිය තත්ත්වය හා හැඟීම පටිගත කරනු ලැබීය.

දොරුව තුල සිරවී සිටියදී ඇරන් විසින් සිය වීඩියෝ කැමරාවෙන්ම සිදුකළ පටිගත කිරීමක කොටසක්.
උපුටා ගැනීම : 
http://cellulord.blogspot.ae/2011/01/127-hours.html
ඇරන් විසින් ඉතිරිව පැවති සිය සීමිත ආහාර හා ජල සලාකයන් රැක ගැනීම කෙරෙහි උත්සුක විය. සිය තොල් තෙමා ගැනීමකින් පමණක් සෑහීමකට පත්වීමට ඔහුට සිදු විය. ජලය නොමැතිව දින තුනකට වඩා ජීවත් නොවිය හැකිබව ඇරන් දැන සිටියේය. ඒවන විටත් ඔහුගේ ශරීරය විජලනයේ මූලික ලක්ෂණ පෙන්නුම් කරමින්තිබුනි. ඔහුගේ ආහාර සලාකයද බුරිටෝ දෙකකට පමණක් සීමා විය. වරෙකට එක් කට බැගින් ඉතා සීමිතව එය පරිහරණය කිරීමට ඇරන් හට සිදුවී තිබුණ අතර නැවතත් රාත්‍රියේදී අධික සීතලින් ආරාක්ෂාකාරී වීමටද ඔහුට සිදුවී ඇත. කඳු නගින පටි කිහිපයක් සිය ගෙලවටා දවටාගෙන, සිය කැප් තොප්පිය පැළඳගෙන හා දෙකන සීතලින් ආරක්ෂා කර ගැනීමට වෝක්මන් යන්ත්‍රයේ හිස් බනුව පැළඳගෙන ඇරන් විසින් සීතලින් ආරක්ෂා වීමට උත්සහයක යෙදුණි.

තෙවෙනි දිනය - සඳුදා

සඳුදා රාත්‍රිය වන විට සිය ආහාර සලාකය කටවල් දෙක තුනකට හා ජලය උගුරු කිහිපයකට පමණක් සීමාවී තිබුණි. තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් තිබුණේ ගැලවීමේ බලාපොරොත්තු ඔහු වෙතින් ඈත් කරමිනි. සඳුදා රාත්‍රියේ සිට ඇරන් විසින් සිය මුත්‍රා එකතු කිරීමට පටන් ගැනුණේ ජලය වෙනුවෙන් පානය කිරීම උදෙසාය. සිය නිදහස වෙනුවෙන් කිසිදා නොකළ යමක් සිදු කළ යුතු බව ඇරන් හට තේරුම් යමින් තිබුණි. බලහත්කාරයෙන් යටපත් කොට තිබූ සිතුවිල්ල නිදහස උදෙසා නැවත නැවතත් ජලයෙහි ඔබ්බවා ඇති රබර් බෝලයක් මෙන් උඩට පැමිණීමට වූයේ අනෙකුත් සියලු විකල්පයන් එකින් එක අසාර්ථක වෙමින් යාම නිසාය. සඳුදා රාත්‍රියද ගෙවී ගියේය. මේවන විට ඇරන් විසින් රාත්‍රීන් තුනක් බ්ලූ ජෝන් දොරුවෙහි ගත කොට තිබුණි.

සිව්වෙනි දිනය - අඟහරුවාදා

ඉරිදා උදයේ සිට සෑම දවසකම උදෑසන 08:15ට නොවැරදීම දර්ශනය වූ එම දසුන එදත් දිස් විය. ඒ කපුටෙකි. සෑම දිනයකම ඇරන්ගේ හිසට ඉහළින් වූ ආකාශයේ පියබා ගිය විශාල කපුටෙකි. ඔවුන්ගේ විශ්වාසයනට අනුව කපුටා යනු අසුභ සලකුණකි. මරණයේ දූතයෙකි. මේ පෙන්නුම් කරන්නේ ඇරන්ගේ මරණයෙහි පෙර සලකුණුද !

එදින උදෑසන ඇරන් සතුවූ අවසාන ජල සලාකයද අවසන් විය. පාෂාණය ඉවත් කිරීමෙන් තමන් හට මෙයින් ගැලවිය නොහැකි තරමටම, බාහිරින් ආධාර ලැබීමට තිබූ අවස්ථාවන්ද සීමිත විය. අවසානයේදී මෙතෙක් කල් කිරීමට පමා කළ එම අවසාන විකල්පය, අවසාන තුරුම්පුව ක්‍රියාවෙහි යෙදවීමට ඇරන් සිත දැඩි කොට ගත්තේය. තමා විසින් තමාගේම හස්තය කපා දැමීමෙන් ලබන නිදහස !!

මෙය කෙතරම් වේදනාකාරිදයි මා ඔබට කිව යුතු නොවේ. සියුම් කැපුම් තුවාලයක් ඔබට කොතෙක්නම් වේදනාවක් දී ඇත්දැයි සිහියට නගා ගන්න. එවිට ඇරන් විසින් සිය උත්තරීතර නිදහස වෙනුවෙන් දැන් කිරීමට යන ඒ නිර්භීත ක්‍රියාවෙහි වේදනාකාරී බව ඔබට පසක් වේවි. එසේ කිරීමට පෙර ඔහු විසින් සලකා බැලිය යුතු කාරණා රාශියක් විය. මුලින්ම එය කරනා ආකාරය සහ භාවිතා කළ යුතු උපකරණ. බාල වර්‍ගයේ සාක්කු පිහිය හැරෙන්නට ඒ සඳහා උපයෝගී කරගත හැකි වෙනත් උපකරණයක් ඔහු සතු නොවීය. යම් හෙයකින් සිය දකුණත කපා දමා නිදහස ලබා ගත්තත් එම නිදහස භුක්ති විඳීමට ඔහුට ඉඩ ලැබේවිද ! සමහර විට ඔහු අධික රුධිර වහනය හේතු කොටගෙන මිය යා හැකිය. එසේ නැතහොත් තනි අතින් දුර්ගයෙන් පහතට බැසීමේදී යම් අනතුරක් සිදුවී උවද ඔහු මිය යා හැකිය. කෙසේ වෙතත් ඇරන් විසින් අවසානයේදී එම බිහිසුණු, නිර්භීත කාර්‍යය උදෙසා සිය හිත හදා ගත්තේය.

මුලින්ම සිය සාක්කු පිහිය ගෙන සිරවී තිබුණු සිය දකුණතෙහි අග්‍ර බාහුවෙහි (වැලමිටත් මැණික් කටුවත් අතර ප්‍රදේශය) මධ්‍යයට කිඳා බැස්සවීය. පිහිතලය මස පසාරු කරගෙන ගියද මෙම බාල වර්‍ගයේ පිහියට හස්තයෙහි අස්ථි කපා දැමිය නොහැකි බව ඔහුට අවබෝධ විය. එයින් නැවතත් ඔහු දුර්මුඛ විය. තමන්ගේ අසාර්ථක උත්සහය පිළිබඳව හැඬුම්බරව දෙවියන් හා පවසන ඇරන්ගේ හඬ එදින විඩියෝ පටයෙහි සටහන් විය.

අගඟරුවාදා සවස වන විට ඔහු සතු ආහාරද අවසන් වී තිබුණි. එකතු කරගත් මුත්‍රා බෝතල දෙකක් පමණක් ඒ වනවිට ඇරන් සතු විය. එය ඔහුට ජීවිතය පවත්වා ගැනීමට මහෝපකාරීවිය. විජලනය හා ශරීර උෂ්ණත්වය පහත වැටීම ඔහුව ටිකෙන් ටික අඩපණ කරමින් තිබුණි. තවද ඒ වන විට ඔහු හෝරා අනූවක් පමණ නිදි නොමැතිව ගත කර ඇත. තමන් ක්‍රමක්‍රමයෙන් මරණය කරා පිය මනින් බව ඔහු දැන සිටියේය.

පස්වන දිනය - බදාදා

බදාදා උදෑසන වන විත ඇරන් සේවය කළ ආයතනයෙහි කළමනාකරු විසින් ඇරන් දින දෙකක් සේවයට වාර්තා නොකිරීම පිළිබඳ විමසිලිමත් විය. ඇරන් හට යම් අනතුරක් වී ඇති බවට ඔහුට වැටහුණි. ඇරන්ගේ මවව මේ පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් එකතුව ඇරන්ව සෙවීමෙහි මෙහෙයුම දියත් කළහ. බලධාරීන්ව දැනුවත් කිරීම සිදු වුවද ඔවුන් සියලු දෙනාම අසරණවන එක් තැනක් විය. ඒ ඇරන් සිටිනා ඉසව්වක් නොදැන සිටීමයි. මෙය තමන් විසින් සිදුකළ බරපතල අත්වැරැද්දක් බව පසුව ඇරන් විසින්ද පිළිගැනුණි.

පස්වන රාත්‍රියද එළබිනි. එය තමන්ගේ අවසන් රාත්‍රිය බව ඇරන් විසින් අනුමාන කළේය. ඒ වන විට ඔහු ජලය නොමැතිව දින දෙකක් ගත කොට තිබුණි. ස්වොත්සාහයෙන් මෙයින් ගැලවිය හැකියැයි කිසිඳු ආත්ම විශ්වාසයක් දැන් ඔහුට නොවීය. අඩුම තරෙමේ සුදුසු ආයුධයක්වත් තිබුණේනම් සිය හස්තය කපා දමා නිදහස් වීමට ඔහු දැන් සූදානම්ය. නමුත් ඒ බාල සාක්කු පිහිය එයද වළක්වා තිබුණි. නමුත් එම පිහියම ඔහුට සිය නම දොරුවෙහි බිත්ති මත කෙටීමට උපකාරී විය. මුලින්ම සිය නම ලියූ ඔහු එයට උඩින් උපන් දිනය සටහන් කළේය. එයට යටින් තමන් මිය යතැයි අනුමාන කළ දිනයද සමාදානයේ සැතපේවා යන්න හඟවන R.I.P. සලකුණද සටහන් කළේය. එයට අමතරව ඔහු සිය දෙමාපියන් වෙත අවසන් පණිවිඩය පටිගත කළේය. සිය සිරුර පුළුස්සන ලෙසනත්, අළු විසුරුවා හැරිය යුත්තේ කිනම් ප්‍රදේශයකද යන්නත් ඔහු විසින් දැනුම් දුන්නේය. ඔහු මරණය පිළිගැනීමට සූදානමින් සිටියේය.

සයවන දිනය - බ්‍රහස්පතින්දා

මෙම දිනයට හිරු නැගෙනවා දැකිය හැකිවෙතැයි ඇරන් හට විශ්වාසයක් නොතිබුණි. ඇරන් විසින් සුපුරුදු කපුටාගේ දර්ශනය දැකීමට දෑස් අයා බලා සිටි නමුත් එදින මරණයේ දූතයා දර්ශනය නොවීය.

එදින උදයේ ඇරන් නැවතත් අරමුණකින් තොරව පාෂාණයට පිහියෙන් කොටමින් සිටියේය. එක්වරම පිහිය අත්ලේ වැදීම හේතුකොටගෙන සුළු පැල්මක් අත්ලෙහි සමෙහි ඇතිවිය. කුතුහලයෙන් යුතුව අත්ලට පිහියෙන් තට්ටු දමමින් සිටි ඇරන් එක් ස්ථානයකදී එය අඟල් හාගයක් පමණ ඇතුළට බැස්සවීය. නමුත් ඔහුට කිසිඳු දැනීමක් නොවුන බව ඔහු පවසයි. එක් වරම එම සිදුරෙන් ෂ්..ෂ්...ෂ්.. අනුකරණයෙන් වායුවක් නිකුත් වනු ඇරන් බලා සිටියේය. ඒ අත නරක්වීම නිසා හටගත් වායුවක් බව ඔහුට අවබෝධ විය. සිය ශරීරයට සම්බන්ධ අවයවයක් දිරාපත්ව යන්නේය යන සිතුවිල්ල නැවතත් ඔහුව තැතිගන්වන ලදී. එයින් කලබලවූ ඔහු නැවතත් අත නිදහස කරගැනීම උදෙසා දගලන්නට විය. දෙපැත්තට පැද්දෙමින් ඔහු අත ගලවා ගත හැකිදැයි නැවතත් උත්සහ කර බැලුයේ ඇතිවූ තැතිගැන්ම නිසාමය. මෙම මොහොතේ ඇරන් හට, ඔබට හෝ මට කිසිදා පහළ නොවීමට ඉඩ නැති කදිම එහෙත් බිහිසුණු අදහසක් පහළ විය. දින දෙහෙකට පෙර අත කපා දැමීමට කළ උත්සහය අස්ථි කැපීමට නොහැකි නිසා අත් හැර දමන ලදී. නමුත් අතට සම්බන්ධ අස්ථීන් යුගල කඩා දැමුවහොත් තත්ත්වය මුළුමනින්ම වෙනස් අතට හැරෙන බව ඇරන් හට අවබෝධ විය. එවිට මස පිහියෙන් කපා දමා ඔහුට නිදහස් විය හැකිය. දෙවරක් නොසිතාම ඔහු ක්‍රියාත්මක විය. අත මැණික්කටුව ප්‍රදේශයෙන් තදින් සිරවී තිබීම නිසා මෙය වඩාත් පහසු වූ අතර  තමන්ව සිර කරගෙන සිටිනා පාෂාණයේම අනෙක් පසින් තදින් අල්ලාගෙන අත හැකිතාක් අනෙක් පසට නැවීය. මොහොතකින් අස්ථි බිඳුම් හඬක් දොරුව පුරා නින්නාද වන විට සිය දකුණතෙහි යට අස්ථිය කැඩී ගිය බව ඇරන් හට අවබෝධ විය. ඒ සමඟම පාෂාණයට බර දෙමින් අත යටට තද කිරීමෙන් ඔහු විසින් උඩ අස්තියද බිඳ දමන ලදී. මේ කාර්‍යයය පුරාවට ඔහු විඳි වේදනාව වචනයෙන් විස්තර කිරීමට අපහසුය. තමන්ගේ අස්ථියක් තමන් විසින්ම කඩා බිඳ දැමීම උදෙසා මිනිසකු සතුව කෙතරම් උසස් ධෛර්‍යයක්, දරා ගැනීමේ හැකියාවක් තිබිය යුතුද, ඇරන් රාල්ස්ටන් සතුව එය නොඅඩුවම තිබුණි.

ඉන්පසුව එළබියේ වෛද්‍යවරයකු නොවන පුද්ගලයකු නිර්වින්ධනයකින් තොරවම තමාගේ අවයවයක් උදෙසාම කරනා ඒ අපූරු සැත්කමයි. මුලින්ම සාක්කු පිහියෙහි විශාල තලයෙන් උත්සහ කළ මුත් එය සම සිදුරු කිරීමට තරම්වත් සමත් නොවුණේය. ඉන්පසු ඇරන් විසින් එහිවූ කුඩා වූ අඟල් දෙකක දිගින් යුතු තලය භාවිතයට ගත්තේය. එමගින් ඔහු සෙමින් සෙමින් සම සහ මාංශපේශි අමු අමුවේම ලේ පෙරමින් කපා දැම්මේය. එය ඉතා වේදනාකාරී සැත්කමක් විය. පැයක් පමණ කාලයක් තිස්සේ ඔහු විසින් මාංශපේශී, නහර ආදිය එකෙන් එක කපා දමන ලදී. ධමනි දෙකක්ද කැපී වෙන්විය. එයට පෙර ඔහු රුධිර වහනය සීමා කිරීමට උඩින් පටියක් යොදා අත තද කිරීමට වගබලා ගත්තේය. ප්‍රධාන ස්නායුව කපා දැමීම සැත්කමෙහි දුෂ්කරම කොටස විය. ස්නායුවට පිහිය තබනා විටදී පවා සිය අත දිගේ උරපත්ත දෙසට පැතිරෙන දරුණු පිළිස්සීමක් වැනි ඒ වේදනාව ඔහු අත් වින්දේය. දෙතුන් වරක් උත්සහා කිරීමෙන් අනතුරුව හිතට එඩි ගෙන අවසානයේදී එයද කපා දැමුයේ අත දිගේ ඉහළට පැමිණි විදුලිය වැනි ඒ දරුණු වේදනාවද විඳිමින්ය. එය සැත්කමෙහි දුෂ්කරම කොටසයි. ඉන් මොහොඅතක පසු ඇරන් රාල්ස්ටන් හිරෙන් නිදහස් විය. ඒ සඳහා ඔහුට සිය දකුණතින් කොටසක් පූජා කිරීමට සිදුවී තිබුණි, එම මොහොත සිය ජීවිතයේ ප්‍රීතිමත්ම මොහොතක් බව ඇරන් පවසයි. මෙම අසීරු කාර්‍යය පුරාවටම ඔහුගෙන් එකදු කෑගැසීමක්වත්, එකඳු කෙදිරියක්වත් පිට නොවූ බව පවසන ඇරන් කිසිඳු විටක තමන් සිහිසුන් නොවූ බවද පවසයි. ගැබුරු හුස්මක් ගැනීමට මදක් නැවතුණු ඔහු වහා සිය ආම්පන්න සියල්ල එකතු කරගෙන එම ස්ථානයෙන් පිටත් විය. අභියෝගය තවමත් අවසන් නොමැති බව ඔහුට නොරහසකි.

සිය ආපසු ගමන කිසිසේත්ම සුළුපටු කටයුත්තක් නොවන බව ඇරන් දනී. ඔහු මෙහි පැමිණියේ පටු, අඳුරු මාර්‍ගයන් ඔස්සේ, විටෙක පාෂාණ කුට්ටි උඩින් පනිමින්, විටෙක යටින් ගමන් කරමින්, විටෙක පටු බිත්ති අතර අත් පා තෙරපමින් ආදී ලෙස ඉමහත් දුෂ්කරතා මධ්‍යයේය. දැන් එම මාර්ගයේම ඔහුට එක අතක සහයෙන් නැවත යායුතු වුයේ රුධිරය වහනය වෙන අනෙක් අත ගැනද අවධානය යොමුකරමින්ය. ඇරන් විසින් එම අභියෝගයද ජයගන්නා ලදී. අවසානයේදී ඔහු දොරුවෙන් පිටතට පැමිණුන අතර සය මහල් ගොඩ නැගිල්ලක් තරම් උසින් පිහිටි පීටිකාවක සිටගෙන සිටියේය. එයින් පිට විය හැක්කේ පහතට හෙළූ කඹයක ආධාරයකින්ම පමණී. එහෙත් එක් අතක් පමණක් ඇති, අනෙක් අතෙහි දරුණු වේදනාකාරී තුවාලයක් ඇති මිනිසෙකුට මෙවන් අභියෝගයක් ජයගත හැකිද ? ඇරන් රාල්ස්ටන් යනු අධිෂ්ඨානයේ හා ආත්ම ශක්තියේ ප්‍රතිමූර්තියකි. දින හයක් නිසි අහරක්, නිසි නින්දක් නොමැති මිනිසෙක්, දින තුනක් පුරාවට වතුර බිඳක්වත් තොල නොගෑවුණ මිනිසෙක්, සිය දකුණත තමන් විසින්ම කපාගැනීම නිසා ඉතා වේදනාකාරී තුවාලයක් සමඟ අධික රුධිර වහනය සහිත මිනිසෙක්, එම නිසාම එක් අතකින් පමණක් වැඩකළ හැකි මිනිසෙක් අඩි හැට පහකට අධික උසක් කඹයක ආධාරයෙන් බැසීම විග්‍රහ කළ හැක්කේ කෙසේද ! ඔබ එය කෙසේ විග්‍ර කළද සත්‍යය නම් ඔහු විසින් එය සිදු කළ බවයි. බ්ලූ ජෝන් දොරුව, අධිෂ්ඨානශීලි, දැඩි ආත්ම ශක්තියෙන් යුතු මිනිසෙකු ඉදිරියේ මෙසේ පරාදවී තිබිණි.

XXXXXXX

බිමට බට වහාම ඒ ආසන්නයේ වූ අපිරිසිදු වතුර පිරුණ වළකින් කුස පිරෙන තෙක් ජලය පානය කළ ඇරන්, සිය බෝතලයටද පුරවාගෙන එතනින් නික්මුණි. තවමත් ඔහු වෙත වූ අනතුර ඉවතව ගොස් නොමැත. මෙතැන් සිට ඔහු විසින් සිය වාහනය වෙත අඩුම තරමින් සැතපුම් හතක්වත් ඝන හිරුරැස් මධ්‍යයේ ගමන් කළ යුතුව තිඹුණි. නොනවත්වා රුධිරය වහනය වන, දින ගණනාවක් අහර හෝ නින්ද නොලබා ඇති මිනිසෙකුට මෙය දැරීමට අපහසු තත්ත්වයකි.මේ අතර ප්‍රදේශයේ ආරක්ෂක බලධාරීන් දිනගණනාවක් එක තැන නවතා තිබූ ඇරන්ගේ වාහනය නිරීක්ෂණය කොට ගවේෂණයෙහි යෙදුණු කවුරුන්හෝ අනතුරකට පත්ව ඇතැයි සැකකොට සෙවීම් කටයුතු අරඹා තිබුණි. ඔවුනට හෙලිකොප්ටර් යානයක සහයෝගයද ලැබුණි.

ඉතා අමාරුවෙන් සැලකිය යුතු දුරක් ගමන් කළ ඇරන් හදිසියේම තමන්ට ඉදිරියෙන් තිදෙනෙකු ගමන් කරනු නිරීක්ෂණය කළේය. ඇරන් විසින් උදව් ඉල්ලා කළ කෑගැසීම ඔවුන් තිදෙනාව ඔහු වෙත රැගෙන අවේය. ඒ, එම ප්‍රදේශයේ සංචාරයට පැමිණි ඕලන්ද පවුලකි. ඇරන් හට වහාම ඔවුන්ගේ වතුර බීමට ලැබුණු අතර මවත්, පුත්‍රයාත් උදව් ඉල්ලා ඉදිරියට දිව යන විට පියා ඇරන්ට සහය වෙමින් ගමන් කළේය. දිගටම සිදුවූ රුධිර වහනය නිසා දුර්වලව සිටි තමා හට එම අධික උෂ්ණත්වය යටතේ තවදුරටත් ඉදිරියට යාමට නොහැකිවෙතැයි සිතුණු එම නිමේෂයේම ඔවුනට හෙලිකොප්ටරයක හඬක් ශ්‍රවණය වූහ. ඒ ඇරන් රාල්ස්ටන්ගේ නිදහසේ නාදයයි.

XXXXXXX

ඇරන්ගේ නැවත පැමිණීමෙන් දින කිහිපයකට පසු බලධාරින් විසින් පාෂාණයට සිරව තිබූ ඔහුගේ හස්තයෙහි කොටස ඉවත් කර ගන්නා ලදී. ඒ සඳහා මිනිසුන් 13දෙනෙකු හා තවත් ලීවර කිහිපයක් කිහිපයක් අවැසි විය. පිළිස්සු අත් කොටසෙහි අළු ඇරන් රාල්ස්ටන් වෙත ලබා දුන් අතර අනතුරින් මාස හයකට පසු එනම් සිය උපන්දිනය දා NBC මාධ්‍යවේදීන් හා නැවත එම ස්ථානයට කළ සංචාරයේදී ඇරන් විසින් එම අළු පාෂාණය මතට ඉසින ලදී. ඔහුට අනුව එයට හිමි ස්ථානය එයයි.

අනතුරින් ටික කලකට පසු ඇරන් රාල්ස්ටන් විසින් නැවතත් සිය සුපුරුදු ගවේෂණයන්හී යෙදුණු අතර 2005දී සිය සිහිනය වූ "ෆෝර්ටීනර්ස්" කඳු මුදුන් සියල්ල ජයගැනීමටද සමත් විය.

නතර කළ නොහැකි ඇරන් රාල්ස්ටන් 
උපුටා ගැනීම :  http://www.movie-nerd.com/showthread.php?20694-Desperate-Days-In-Blue-John-Canyon-(2005)


පසු සටහන් :

1. ඇරන් රාල්ස්ටන්ගේ කතාව කියවූ පසු ඒක්ෂණයෙන් මනසේ ඇඳී ගියේ කුඩා කළ අසා තිබූ කතාවකි. පොළඟෙකු දෂ්ට කිරීමෙන් අනතුරුව වහාම සිය ඇඟිල්ල කපා දැමූ, සිය මිතුරකුගේ පියෙකු පිළිබඳව මින් බොහෝ කලකට පෙර අයියාගෙන් අසා තිබුණි. එයට අඩු වැඩිය දමා නිට්ටළුවන් සොයා අප සිදුකළ බදුලු චාරිකාවට එකතු කිරීමේ ප්‍රතිඵලය "පොළඟා පරාදයි" වේ. එහි සඳහන් සෙන්නා යන නාමය, ගාමිණී නම් වූ චරිතය හා ඔහු කළ වීර ක්‍රියාව, මුළුතැන්ගෙහි ජවනිකාව සම්පූර්ණයෙන්ම මනඃකල්පිත වේ.

මූලාශ්‍ර:
1. Desperate days in Blue John Canyon ( 06 Videos ) - NBC Documentary
2. 127 hours - A film based on the Aron Ralston's story - Directed by Danny Boyle.
3. http://en.wikipedia.org/wiki/Aron_Ralston
4. http://en.wikipedia.org/wiki/Blue_John_Canyon

සැකසුම :
~~සෙන්නා / 15.08.2013
http://kurundha.blogspot.com/2013/08/Aron-Ralston.html

81 comments:

  1. මිනිසෙකුගේ සිතේ පවතින මේ අසමාන ශක්තිය මරණය ඉදිරියේදී ගොණුවීම සොබාවික උනත් ඊට මුහුණ දීමට අවශ්‍ය බුද්ධිය තිබීම මේ වගේ අවස්ථාවකදී අනිවාර්‍යයි. ස්තුතියි සෙන්නා. මේ වගේ කතා පොඩි පොඩි ප්‍රශ්න ඉස්සරහ සැලෙන මිනිස්සු දිරිමත් කරනව

    ReplyDelete
    Replies
    1. මරණ බිය මිනිස්සුන්ව අසාමාන්‍යය ලෙස දිරිගන්වනවා වෙන්නත් පුළුවන්.. ඒත් මෙහෙම ඉඳන් හිතනකොටනම් අපිටනම් මෙහෙම දයක් කරන්න බෑ කියලා නේද හිතෙන්නෙ.. එක්කෙනෙක්ට හරි මේකෙන් දෛර්‍යයක් ආවොත් ඒකම මදැයි නේද ? ස්තූතියි සරත් අයියා..

      Delete
  2. අඩේ උඹ අපිව ඉස්සෙල්ලම මීයෝ කරාට.. අවුලක් නෑ.. මේ වගේ කතා හරිම ආසාවෙන් කියවන්න පුළුවන් එන්සෙන්නෝ.. උඹට උම්මා ටෙස්ට් කර කර හරි මේවා දෙන එකට.. මේ කතා දෙකේ ගැලපීම නං හරිම අපුරුයි.. උඹ ඒක වෙන්න බැරි දෙයක් විදියට පෙන්නල තමා, සැබෑවටම වෙච්ච දේ පෙන්නුවේ.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. //එන්සෙන්නෝ..// මොකක්ද මේ 'එන්' කෑල්ලක් ඇවිත් තියන්නෙ ? :)

      Delete
    2. නම වෙනස් කරා මට ඕන විදියට නෙමෙයි සෙන්නට ගැලපෙන හා සෙන්න කිව් ආකාරයට.
      N Senna
      එන්සෙන්නා

      සෙන්නා ගායි බැට් එකෙන් කිව්වලු

      Delete
    3. ස්තූතියි දේශා.. උඹට වැඩේ හරියට මීටර් වෙලා..

      චන්දන,

      මූට මුලකුරු නැතුව නම කියන්නම බෑළු බන්.. ඉතින් ඔහෙ කියපුදෙන්..:D

      Delete
  3. මේක ෆිල්ම් එකක් හදල තියනව නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් එදිරි, මම ලිපියේ පහල ඒ ගැන සඳහන් කරලා තියනවා.. 127 hours..

      Delete
  4. ධෛර්‍යවන්ත මිනිස්සු.. අත නැති වුනත් ජීවිතේ බේරුනා. ස්තුතියි සෙන්නා අගේ ඇති කතාවක් කියවන්න දුන්නට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන.. "මැරිච්ච අත නැතුව මට ජීවත් වෙනන් පුළුවන්" කියලා ඇරන්ට හිතෙන්න ඇති නේද ?

      Delete
  5. මම ඒත් බැලුවා උඹ මොකද මේ දෙක දෙක එකපාර දාලා කියල. දවල් දාලා තියෙනවා දැක්කත් දැන් තමා කියෙව්වෙ.

    මේ කතාව නම් ඉරිදා ලංකාදීපෙද කොහෙද තිබිල ටික කාලෙකට කලින් මම කියවල තියෙනව. කොහොම හරි ඔහු ඒ අත එතනින් මුදා ගත්තත් නැවත රෝහලකදි කපා දමන්න සිදුවෙන්න තිබුනා මට හිතෙන හැටියට. ඒ උනත් තමන් විසින්ම ඔහොම දෙයක් කරගන්නව කියනකොටත් ඇඟ කිලිපොලා යනවා. බොරු ඕන නෑ, එතන මැරුනත් මට නම් කවදාවත් ඔය වගේ වැඩක් නම් කරන්න බෑ. කම්පනේටම මැරෙයි ඊට කලින්.

    අර Saw කියල ෆිල්ම් එකකත් ඔය වගේ සීන් එකක් තිබුන නේද, ඒකෙ කොටස් කීපයක්ම තිබුනද කොහෙද.

    ReplyDelete
    Replies
    1. පොඩි ටෙස්ටින් එකක් බන් කළේ.. වැඩේ අසාර්තකයි.. ලින්ක්වලට ගිහින් ගියවන්න අපි කමැලියි කියලා තමා මේකෙන් ඔප්පු වෙන්නෙ..

      උඹ ඔහොම කිව්වට ඔය වගේ දෙයක් වුනොත් සමහර විට උඹත් ඕකම කරයි..

      Delete
    2. "ලින්ක්වලට ගිහින් ගියවන්න අපි කමැලියි කියලා තමා මේකෙන් ඔප්පු වෙන්නෙ.."

      ඒක සැබෑව..
      ලියන්න ගත්තු මුල් කාලෙ බැලුවෙ පුළුවන් තරම් ලින්ක් දාන්න පෝස්ට් එකට.. ඒ කාලෙ ටිකක් හිට් පිස්සුවනෙ.. පස්සෙ තේරුනා ලින්ක් දැම්මට ලිපිය බලන්න එන අයගෙන් 1%ක්වත් ලින්ක් වලට යන්නේ නැති බව.. කොටස් වශයෙන් පළවෙන ලිපියක උනත් පරණ එව්වා කියවන්නෙ බොහොම අතලොස්සයි.. සමහරු කොටස් වශයෙන් පළවෙන ඒවා කියවන්න එන්නෙම නෑ.. ඔන්න අන්තිම කොටස කියලා දාල තියෙද්දි නම් වෙනදට වඩා කට්ටිය එනවා.. පරණ ලිපිත් බලනවා..

      Delete
    3. ඔව් හරී, මටත් ඕක වැටහෙනකොට පෙරහැර ගිහින් ඉවරයි.. මට තිබුනෙ අඩුම ගානෙ මේ ලිපියෙ මුල ටිකවත් අනිත් ලිපියෙ අග කොටසෙදි දාන්න. එහෙම වුනානම් අවධානයට ලක් වෙන්න තිබුනා..

      මේ ලිපිය මෙහෙම්මම බ්ලොග් රෝල් වල උඩට ගන්න විදිහක් දන්නවද ?

      Delete
    4. බ්ලොග් රෝලෙ උඩට එයිද කියලා නම් එච්චර ශුවර් නෑ. බ්ලොග් පෝස්ට් එක ආයෙ පබ්ලිශ් කලෑකි. ඩූඩ්ට මේ බව කියද්දිම මම පොඩි ටෙස්ටින්ග් පාරක් දැම්මා.

      1. මුලින්ම පෝස්ට් එක එඩිට් කරන තැනට යන්න.
      2. ඒක Revert to draft කරන්න.
      3. ඊට පස්සෙ Permalink එකෙන් අලුත් ලින්ක් එකක් දෙන්න.
      4. ඊළඟට Published on කියන එකේ දිනය වෙනස් කරන්න. (Automatic දැම්මා නම් හරි)
      5. ඊළඟට පබ්ලිශ් කරන්න තමා තියෙන්නෙ.

      පොතේ හැටියට නම් බ්ලොග් රෝලෙ උඩට එන්න ඕනා.. වැඩි පරිස්සමට කලින් තිබ්බ මාතෘකාවට තිතක් හරි එකතු කරන්න.

      කරලා බලමු.

      Delete
    5. ස්තූතියි හරී. එහෙම කළා, ඒත් හරියන පාටක් නෑ. හරි යනවනම් දැන් අප්ඩේට් වෙන්න කාලෙ හරි. නැවතත් ස්තූතියි.

      Delete
  6. මේ ෆිල්ම් එක බලන්න බැරි උණා, ආපහු බලන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. පූමා, ෆිල්ම් එකට වැඩිය හොඳයි අර ඩොක්‍යුමන්ට්‍රි එක.. ඒක බලහන්..

      Delete
  7. මදැයි..ඔයා ගානට කතාව කිව්වා නේද..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් තේරුනා නේද ? ස්තුතිය් කළු සුදු.

      Delete
  8. මේක ෆිල්ම් එකක් නේද....? කෙටියෙන් මේ කතාව අහල තියනව..බලන්න නම් ලබුනේ නැහැ තවම...කතාව සිරාවටම ගලාගෙන යන්න ලියල තියනව....- මටත් තියනව කදු නගින පිස්සුවක්.දැන්න් කරන ජොබත් එක්ක වැඩේ ටිකක් මග ඇරිල තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. සංචාරක කැමරාව,

      මේක ෆිල්ම් එකක් නෙමේ ඇත්තම සිදුවීමක්. ඒකෙන් හදපු ෆිල්ම් එකක් තියනවා.. කඳු නැගීම හොඳ විනෝදාංශයක් නේද ? අපිට ගොඩක් දේවල් මග හැරෙනවා තමා ජොබ් හින්දා..

      Delete
  9. ලස්සන කතාවක්. මේ කතාවේ චිත්‍රපටිය මම බාගත්තේ අවුරුදු දෙකකට මෙහා පැත්තේදී වගෙයි මතකය. අදනම් මේ වගේ අනතුරු වලින් ඉක්මනින්ම ගැලවෙන්න පුළුවන්. හදිසියකදී චන්ද්‍රිකා පණිවිඩ මගින් පවා අනතුරු අඟවන උපකරණ මෙවැනි කඳු නගින්නන් සහ ගවේෂණ වල යෙදෙන්නන් අද කාලයේ පාවිච්චි කරන නිසා. නමුත් මේ කතාවේ වැදගත්ම ආදර්ශය තමයි මේ පුද්ගලයාගේ චිත්ත ධෛර්යය. ඔහු තම හිතේ හයිය රැකගත්තා වගේම ඉතා බුද්ධිමත්ව සහ කල්පනාකාරීව කටයුතු කල නිසා ජීවිතය බේරාගන්නට පුළුවන් වුනා. අන්න ඒ පාඩම තමයි අපි ගතයුත්තේ. බලන්න මීට වඩා පොඩි අනතුරකදී වුවත් අපි කොයිතරම් පිස්සු නටනවද කියා. බොහොම ස්තුතියි සෙන්නා මේ කතාව අපට ඉදිරිපත් කිරීම ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක මහතා. ඔබ කියන එක එක්ක එකෙන්ම එකඟයි..

      Delete
  10. හරිම අපූරු කතාවක් සෙන්නා. මම වැඩියෙන්ම ආස මුල් කතාවට. පණ පිහිටුවලාම ලියලා තියෙනවා. දෙවෙනි කතාව නම් කියවලා තියෙනවා මීට කලින්. කතා දෙකේ ගැලපීම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිල්ශාන්. මටත් ඕනා වුනේ අර කතාව මේකට පූර්විකාවක් වගේ ඉදිරිපත් කරන්න.. ඒත් හුඟක් අයට ඒක එච්චර වැටහිලා නෑ.. සමහරු දෙවෙනි එක කියවලාම නෑ..

      Delete
  11. පිස්සු හැදෙනෝ.. මෙච්චර දහිරියක්..

    ReplyDelete
    Replies
    1. ඔය වගේ අයට අර ධනාත්මක චින්තනේ වැඩමුළු තියන්න මාර ඉල්ලුමක් තියෙන්නෙ..

      Delete
    2. ඔහොම දහිරියක් ඕනම කෙනෙකුට එන්න පුලුවන් හරී.. එහෙම කෙනෙක්ට ඒකත් හොඳ ඉල්ලුමක් තමා..

      Delete
  12. මරණයට මූණ දෙන්ට වෙනකොට මේ වගේ ධෛර්යයක් එනවා ඇති. විශේෂයෙන් හොඳ ආත්ම ශක්තියක් ඇති අයට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. එහෙම වෙන්න පුළුවන් පොඩ්ඩි.

      Delete
  13. ඔය චිත්‍රපටිය මාත් බැලුවෙ අවුරුදු දෙකකට විතර කලින්. ඊටත් වැඩිය රසවත් විදියට මේ කතාව ලියල තියෙනව.
    ඔය වගේ අවස්ථාවකදි කලබල නොවී ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන එක හරිම වැදගත් දෙයක් තමයි.

    http://www.baiscopelk.com/?p=5859

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න. ඔව් ඒක තමා වැදගත්ම දේ. අපි හුඟක් වෙලාවට කළබල වෙලා කොරොස් කටෙත් අතදාගන්න බැරි කරගන්නවනේ..

      ස්තූතියි ලින්ක් එකට..

      Delete
  14. හිතාගන්නවත් බැරි ක්‍රියාවක්..මේ වගේ ධෛර්යයක් ඇති වෙන්නේ මරණය ලංවෙන කොට විතරයි වෙන්න ඇති ..

    ReplyDelete
    Replies
    1. චමියා, මටත් හිතෙන්නෙ එහෙමයි බන්..

      Delete
  15. සෙන්නා උඹේ ටෙස්ටින් පාර වැඩක් වෙලා නෑ බං.. මීට හොදයි පොළගව දවස් දෙකකට කලින් දාලා මේක දැම්මනං.. නැද්ද මං අහන්නේ.. අප්පොච්චියෝ එන් කෑල්ල හැලුනා උඹේ නමේ.. තරහ නෑනේ ඒකට..

    ReplyDelete
    Replies
    1. ඔව් බං, කියවියයුතු ම මේ ලිපියට අවධානය අඩුවෙලා.

      සෙන්නා, කෝ බං උඹ, මේක දාලා කොහේ ගියාද.

      Delete
    2. දේශා ,

      ඔව් බන්.. වැඩේ අසාර්ථකයි.. මේක ආයෙ දාන්න වෙයි වගේ...

      මචන් අන්න හේතුව දැම්මා අනිත් ලිපියෙ..

      Delete
  16. මේ කථාව දිහා බලනකොට, පරාජිත සමහරු බ්ලේඩ් තල වලින් අත් කපාගෙන ජීවිතය නැති කර ගන්නට උත්සාහ කලත් ආත්ම ශක්තියක් ඇති ජීවත්වීමට අවශ්‍ය ඇත්තෝ; (අර උබගේ මනංකල්පිත පොලගගේ කථාවේ වගේ) උවදුරක්‌ ඇතිවිටක අත වෙන් වන්නට කපා ගෙන වුවද ජීවතය ජය ගත හැකි බව නේද කියවෙන්නේ....

    බොහෝම ස්තුතියි! මචන්...:D

    ReplyDelete
    Replies
    1. ඔව් බන්.. මේ කතාව බලපුවම අත් කපාගෙන මැරෙන්න හදන උන් ලැජ්ජා වෙන්න ඕනා බන්..

      උඹටත් ස්තූතියි මචන්..

      Delete
  17. මාර කතාවක්නේ බං සෙන්නෝ මේක

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මේක මාර කතාවක්.. උඹ මුල් කතාව කියෙව්වෙ නැද්ද ?

      Delete
  18. අපි මේ කතාවෙන් හදපු මූවී එක බැලුවා. ඒක දෙපාරක් බලන්න හිතෙන එකක් නෙවෙයි සෙන්නා. කතාව නියමයි. නමුත් එක පාරක් බැලුවාම ජීවිතේටම ඇති. ඒ තරම් හිතට අමාරුයි. වැඩියෙන්ම තියෙන්නෙ ඒකෙ තියෙන හුදකලා, පාලු, බලාපොරොත්තු රහිත ස්වභාවය.

    වෙනදා වගේම උඹ සාර්ථකව උඹේ ශිල්ප දක්වලා තියෙනවා පරිවර්තනයෙදි. ඒ මදිවට උඹ මේකට පූර්විකාවකුත් දැම්මනෙ.

    උඹට වගේම මගෙත් ගෙදර ඉන්ටනෙට් එකට කෙලවෙලා තියෙන්නේ. දැන් මේ ඉස්කෝලේ එකෙන් ආවෛ. ඒක එච්චර සාර්ථක වැඩක් නෙවෙයි.

    මම උඹට යවපු ඊ මේල් එකකට ඔටමැටික් රිප්ලයි එකක් ආවා. උඹේ අලුත් මේල් එකෙන් මට මේල් එකක් එවාපං. I can't afford to lose you.

    අලුත්වූ පරණ ජීවිතයට සුබ පැතුම්.උඹට සොම්නසින් පිරි අනාගතයක්

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඒ ෆිල්ම් එකේ ඒ වගේ පොඩි ගතියක් තියනවා තමා.. උඹට ස්තූතියි අගය කළාට.. පූර්විකාව හින්දා මේකට ලැබිය යුතු නිසි අවධානය නැතුව ගිහින් බන්.. මට කියහන්කො මේක මෙහෙම්මම ආයෙ බ්ලොග් රෝල් වල උඩට ගන්න විදිහක්.. මේ ලිපිය හුඟ දෙනෙක්ට මිස් වෙලා පූර්විකාව හින්දා..

      උඹ මගෙ අනිත් පුද්ගලික ඊමේල් ලිපිනය දන්නවනෙ. මොනවා හරි තියනවානම් ඒකට එවපන්.. තාම අලුත් තැන වැඩ පටන් ගත්තෙ නෑ.. එතකොට අලුත් එක දැනුම් දෙන්නම්..

      ස්තූතියි බන් සුබ පැතුම් වලට !

      Delete
    2. අන්න එව්වා.

      නමුත් මම දන්නේ නෑ සෙන්නෝ ඒක කරන්නේ කොහොමද කියලා වර්ඩ්ප්‍රෙස් නම් රීබ්ලොග් කියලා එකක් තියෙනවා මම පාවිච්චි කරලා නැති. නමුත් මේක කරන්න ගිහින් උඹේ පෝස්ට් එක හරි කමෙන්ට් ටික හරි අන්තරස්ධාන වෙයිද කියලයි මට බය.

      Delete
    3. ස්තූතියි ඩූඩේ...

      බලමු දන්න කෙනෙක්ගෙන් අහලා නේද ? මටත් රිස්ක් එකක් ගන්න බයයි.. ලිපිය මැකුනත් උඹලෑ කමෙන්ට් ටික මැකෙන්න දෙන්න බෑ.. බලමු සහන්ගෙන් අහලා ඌ නිතරම ඕක කරනවා මම දැකලා තියනවා..

      Delete
    4. මම චන්දනගේ බ්ලොගේ දාපු කමෙන්ට් එක:
      >>චන්දන, උඹ මේ පෝස්ට් එක ආපහු පබ්ලිෂ් කරපු හැටි කියාපංකෝ බ්ලොග් රෝලේ උඩට එන්න. ඕක දැනගන්න ඕනේ සෙන්නට. අන්න ඌටත් කියා දීලා මටත් ඔන්න ඔහේ කියාපංකෝ හොඳ එකා වගේ.<<

      අන්න සෙන්නෝ චන්දන නම් වැඩේ කරලා

      Delete
    5. ඩූඩෙ,

      චන්දන මට කිව්වා කරන විදිහ. මම එහෙම කළා ඒත් තාම අප්ඩේට් වුනේ නෑ බන්. මූ කැමතිම නෑ වගේ උඩට එන්න. :D

      Delete
    6. උඹේ ballast වැඩි ඇති. උඹ ගිලිච්ච සබ්මැරීන් ගැන පෝස්ට් දානකොට උඹට ඔය ගැන හිතන්න තිබ්බා. ඒවෑ බර තමයි ඔය. ටිකක් ටයිම් දීලා බලමු.

      Delete
    7. //නමුත් මේක කරන්න ගිහින් උඹේ පෝස්ට් එක හරි කමෙන්ට් ටික හරි අන්තරස්ධාන වෙයිද කියලයි මට බය.//

      බැකප් එකක් තියා ගත්ත නම් කිසි දේකට බය වෙන්න ඕන නෑ. ඒ බැකප් එක වෙන බ්ලොග් එකක් හදල ඒකට වුනත් අප්ලෝඩ් කරන්න පුළුවන්. එතකොට කමෙන්ට් ටිකත් එක්කම එනව. මගෙ බ්ලොග් එක මැකුනු වෙලාවෙ මං එහෙම කලා. තව බ්ලොගර් බ්ලොග් බැකප් එක වර්ඩ් ප්‍රෙස් වලට අප්ලෝඩ් කලත්, කමෙන්ට් ටිකත් එක්කම එනවා. ඩූඩ් අයියල, සෙන්නල එහෙම, කිසිදාක කවුරුවත් දැක්කෙ නැති මගෙ ඕෆ් ලයින් තියන වර්ඩ් ප්‍රෙස් බ්ලොග් එකටත් අර යස අගේට කමෙන්ට් කරල තියන්නෙ. :D :D

      Delete
    8. චන්දන, බැකප් එකෙන් බ්ලොග් එකක් හදන්න පුලුවන් වුනාට address එක වෙනස් වෙනවනේ, එතකොට ආපහු මුල ඉඳලා සින්ඩිවලට බ්ලොග් රෝල් වලට දාන්න කියලා ඉල්ලීම් කරන්න වෙනවා නේද. අනික වර්ඩ්ප්‍රෙස් එකක් බ්ලොගර් එකට දාන්න පුලුවන් සීමාවක් තියෙනවා චන්දන. එක්තරා සීමාවක් ඉක්ම ගියාම, ඒ කියන්නේ පෝස්ට් ගාන, කමෙන්ට් ගාන එහෙම වැඩි වුනාම ඒක කරන්න බැරිව යනවා.
      අපිට දැනගන්න ඕනේ, තියෙන බ්ලොග් එකේම මුලු බ්ලොග් එකම බැකප් නොකර, එක්තරා පෝස්ට් එකක් කමෙන්ට්සුත් එක්ක රීබ්ලොග් කරන එකයි. නමුත් උඹ කිව්ව විදියට කරාම එහෙම වෙනවනේ. උඹේ ලයිව් ටෙස්ටරේ නම් ආවා, නමුත් සෙන්නගේ එක ආවේ නැද්ද?

      Delete
    9. //බැකප් එකෙන් බ්ලොග් එකක් හදන්න පුලුවන් වුනාට address එක වෙනස් වෙනවනේ, එතකොට ආපහු මුල ඉඳලා සින්ඩිවලට බ්ලොග් රෝල් වලට දාන්න කියලා ඉල්ලීම් කරන්න වෙනවා නේද//

      ඔව්. ඒක හරි. මං කියන්න උත්සාහ කලේ එහෙම බැකප් එකක් තියනව නම්, හදිසියෙ පෝස්ට් එකක් මැකුනත්, බැකප් එක අප්ලෝඩ් කලාම සේරම ටික ගන්න පුළුවන් කියන එක.

      //වර්ඩ්ප්‍රෙස් එකක් බ්ලොගර් එකට දාන්න පුලුවන් සීමාවක් තියෙනවා චන්දන. එක්තරා සීමාවක් ඉක්ම ගියාම, ඒ කියන්නේ පෝස්ට් ගාන, කමෙන්ට් ගාන එහෙම වැඩි වුනාම ඒක කරන්න බැරිව යනවා.//

      මේක නම් එහෙමට දන්නෙ නෑ ඩූඩ් අයියෙ. වර්ඩ් ප්‍රෙස් එක බ්ලොගර් වලට ගන්න බලල නෑ. බ්ලොගර් එක වර්ඩ් ප්‍රෙස් එකට තමයි ගත්තෙ. ඒත් හෝම් පේජ් එකේ තමයි ඔකොම පෝස්ට් ටික තියන්නෙ. දිගට දිගට එන්නෙ. හෝම් පේජ් එකේ පෙන්වන පෝස්ට් ගාණ ලිමිට් කරන්න විදිහක් හොයා ගන්න බැරි නිසා ඒක එහෙම්මම තියන්න ඇරියා.

      සෙන්නාගෙ පෝස්ට් එක ආවෙ නෑ. අටම් නම් කරල තිබුන. පෝස්ට් එකෙදි විතරක් පබ්ලිශ් කරපු වෙලාව වෙනස් වෙලා, රෝලෙ උඩට එන්නෙ නෑ rivert to draft කලේ නැත්නම්. තව අපි දෙන වෙලාව දැනට වඩා ඉස්සරහ වෙලාවක් දෙන්නත් ඕන. නැත්නම් එන්නෙත් නෑ. මට ඉස්සෙල්ලාම එහෙම වුනා. ඩූඩ් අයිය ටෙස්ට් කරල බැලුවෙ නැද්ද..

      Delete
    10. මොන මගුලක්ද මන්දා බන්ස්ලා මගේ මේ පෝස්ට් එක උඩට එන්නෙම නෑ.. ඒකම මගෙ ටෙස්ට් බ්ලොග් එකේදි චෙක් කරා. ලෙසටම වැඩ..

      http://ssdsenna.blogspot.com/

      Delete
  19. නියමයි සෙන්නා , මට ඩි.ඩි.ටි යා කිව්වේ පොස්ට් එක ගැන ,,
    රාල්ස්ටන් කියන්නේ සුපිරි පුද්ගලයෙක් , ඇත්තමයි ඒ අදිෂ්ටානය ගැන මට නං හිතාගන්නවත් බෑ

    සෙන්නත් මේක සුපිරියට කියල තියෙනව.මොකද හිතට ඒ වෙලාවේ එන්න ඕනේ හැගීම අඩුවැඩිය නැතිවම ආව , සෙන්නගේ කියන විදිහ ඇත්තටම නියමයි, මම එක අර රුසියන් සබ්මැරින් එකේ කතාවෙදිත් දැක්ක.දිගටම ලියපන් මචං මම අනිවා කියවනවා...

    ReplyDelete
    Replies
    1. ෂැගියා, ස්තූතියි බන් උඹේ අගය කිරීමට.. දිගටම ලියන්න පුළුවන්ද කියන එකනම් විශාල ප්‍රශ්ණයක් බන්.. බලමු ඉඩ ලැබෙන විදිහකට.. උඹේ අන්තිම පෝස්ට් එක කියවන්නත් ඕනා... පහු ගිය ටිකේ හෙන බිසි සහ ඉන්ටර්නෙට් කචල්..

      Delete
  20. එන්ඩ, ගියාද ඉතින් ? දන්නෙත් නෑ ඕයි !

    ReplyDelete
  21. ඇරන් රාල්ස්ටන් කියන්නේ නියම පොරක් බලනගියාම.

    මේ පොස්ට් එක බ්ලොග් රෝලේ උඩට නාවට ඔං මමත් හොයගෙනම අවා...:D

    ReplyDelete
    Replies
    1. මනෝජ්, ස්තූතියි හොයාගෙනම ආවට. ඇත්තටම මේ පෝස්ට් එක මම මුලින්ම පළ කළේ "පොළඟ පරාදයි" කතාව හරහා. ඒක හින්දා මේක ඉක්මනින්ම ඕවර් රයිට් වෙලා ඒක බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්න තමා මම පබ්ලිශ් කළේ. ඒත් පස්සෙ තේරුණා එහෙම කරපු නිසා මේ පෝස්ට් එක පාඨක අවධානයෙන් ගිලිහුනා කියලා. දැන් මට මේක උඩට ගන්න ඕනා බ්ලොග් රෝල් වල ඒත් ගූගල් කාරයා ගේමමයි ඉල්ලන්නෙ. ඩූඩුයි, චන්දනයි මාර සපෝර්ට් එකක් දෙන්නෙ ඒත් තාම වැඩේ අවුල්.. මමත් දැන් ඇරන් රාල්ස්ටන් වගේම බ්ලොග් රෝලෙ පතුලක හිරවෙලා ඉන්නෙ. :D

      Delete
    2. අනේ මමනම් ඕවා ගැන ඒතරම් දන්නේ නැහැ සෙන්නෝ.මම දැක්කා උඩ ඩුඩ් අයියායි,චන්දනයි කමන්ට් කරලා තියෙනවා ඕක ගැන.කොහොම උනත් බං ඇරන් රාල්ස්ටන් වාගේ වැඩේ අත් අරින්න එපා.:D
      අනික අර සිංහලෙන් කියන්නේ try & try one day you can fly කියලා.

      Delete
  22. අප්පද බොල..මේක දැක්කේ දැන් නේ...හෙට උදේම කියවන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. සයුරිටත් අර අපි බහුතරයකට තියන ලින්ක් වලට ගිහින් නොකියවන පොදු ලෙඩේ තියනවා නේද ? :D

      හෙට උදේම එන්නකො එහෙනම්..

      Delete
    2. ඒකනෙ අප්පා...මම හිතුවෙ මුලින් දොරුව පරාදයි කියලා වැරදිලා පබ්ලිස් කරලා පස්සේ පොලගා පරාදයි කියලා ඒ පෝස්ට් එකම අප්ඩේට් කරලා කියලා....බැලින්නම් පෝස්ට් 2ක්..

      කොහොමහරි මේ වගේ දේවල් වෙන්න පුලුවන් කියලා මේ කතාවෙන්ම පේනවනේ. මරණය අභියස මෙහෙම දෙවල් කරන්න පුලුවන් වෙනවා ඇති මිනිස්සුන්ට. ඒත් හැමෝටම නෙමෙයි.

      අර 'ඔහියෝ' කියන එක 'ඔහායෝ' වෙන්න ඕන නේද සෙන්නො?

      Delete
    3. ඒකනෙ මම වැරදි දෙකක් කරලා. එක ලඟින් යන නම් දෙකක් දැමීම. එක ලඟ පෝස්ට් දෙක පළ කිරීම. කොහොම වුනත් මගෙ පරීක්ශණය අසාර්තකයි.

      හැමෝටම නෙමෙයි කියන එකනම් පිළිගන්නම වෙනවා..

      ස්තූතිය් සයුරි.. ඒක හදන්නම්. ඔයා කියනවනම් ඒක හරි වෙන්න එපෑයැ.

      Delete
  23. මම පරක්කු වුන හින්දම හොඳයි, ඒක හින්දා සෙන්නා ගේ වැඩේ තේරුණා (පොළඟා පරාදයි එකේ කමෙන්ට් කියෙව්වට පස්සේ).

    මනුස්සයෙක් මැරෙන්න යන වෙලාවේ කොහොම හරි බලන්නේ ආයේ ජීවත්වෙන්න. ඉතින් ඒ වෙලාවට ඇඟ ඇතුලේ හිරවෙලා තිබ්බ ලොකු ධෛරයක් එනවා ඒකට. මේ සිද්ධියෙත් වෙලා තියෙන්නේ ඒකයි. මම හිතන්නේ නෑ ඇරන් ට වුනත් සාමාන්‍ය තත්ත්වයකදී මේක කරන්න පුළුවන් කියලා.

    අර ලින්ක් දැමිල්ල නම් හරියන එකක් නෙමේ. හොඳම වැඩේ ලිපියේ පොඩි කොටසක් හරි දාලා කුතුහලය අවුස්සන එක.

    ReplyDelete
    Replies
    1. සහෝදරතුමා,

      මටත් ඔහොම හිතෙනවා, මරණ මොහොතෙදි ඔහොම ශක්තියක් එයි කියලා. ඒත් හැමෝටම ඕක කරන්න තරම් ශක්තියක් එයිද කියන එක ගැනනම් මට පොඩි සැකයකුත් තියනවා.

      ලින්ක් වැඩේනම් හරි යන්නෑ කියලා 100% ශුවර්.. එහෙම තමා කරන්න තිබුනෙ.

      ඔබට ස්තූතියි.

      Delete
  24. චිත්‍රපටිය බැලුවා..... මරනයත් එක්ක සටන් කරන වෙලාවෙත් මෙයා අපිට කියනවා නේද අර පිහිය පෙන්නලා චයිනිස් බඩු ගන්න එපා බාලයි කියලා...... ඒ ටික මට හොඳට මතක හිටියා.

    ඒ වගේමයි සෙන්නගේ බස හැසිරවීමෙ හැකියාව නිසා කතාව මාගලක් වගේ දිග වුනත් එක හුස්මක කියවන්න පුලුවන්.

    ඇත්තම කතාව නම් චිත්‍රපටිය මම බැලුවේ එක පාරයි. ලිපිය ට කමෙන්ට් දාන්නේ මේ දෙවෙනි වතාවට කියෙව්වට පස්සෙයි.

    ReplyDelete
    Replies
    1. බුද්ධි, මටත් ෆිල්ම් එකෙන් හොඳට මතක සිද්ධියක් ඒක.

      ස්තූතියි දෙපාරක් කියවලා කමෙන්ට් කළාට.

      Delete
  25. කාලයක් කඳු නැග්ග නිසා මේ අත්දැකීම මේ ධෛර්යය අවබෝධ කරගන්න පුළුවන්..සමහර වෙලාවට තියන සීමිත සම්පත් එක්ක ඒ වගේ අභියෝග වලට මුහුණ දෙන්න වුනාම අපි ගන්න තීරණ ගොඩක් වෙනස් වෙනවා...

    චිත්‍රපටිය නම් හරිම කම්මැලියි..පල්ලෙහා දාල තියන වෘතාන්ත චිත්‍රපටිය බලන්නෝනැ..
    ස්තුතියි සෙන්නා ලස්සනට පරිවර්තනය කරලා ඉදිරිපත් කලාට..

    මම කොච්චර කාලෙකට පස්සෙද ඇවිල්ල තියෙන්නේ කියනවා නම් උණ ගස් කැලේ මැරිලා අළුත් ගස් පැලවෙලා මල්ගෙඩි දෙකම ඇවිත්..!! හපොයි කුරුන්ද ලස්සන වෙලා මම දන්නෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. මෙන්න එක්කෙනෙක් ශිශිර නින්දෙන් අවදි වෙලා...... :D


      .......................
      //කාලයක් කඳු නැග්ග නිසා මේ අත්දැකීම මේ ධෛර්යය අවබෝධ කරගන්න පුළුවන්..// බොරු කියන්න එපා. කඳු නඟින අය කෙට්ටුයි නෙව. :D

      Delete
    2. මට මේක ලියන්න ගද්දිම මුලින්ම මතක් වුනේ රූව...ඒ කඳු කතා කියවලා තිබුන නිසා.

      මටනම් වාර්තා චිත්‍රපටිය හොඳයි අනිත් එකට වැඩිය. ඒකෙ ඉන්නවා ඇත්තම නළුවා..

      කුරුන්දෙ උණ ගස් කපලා කුරුඳු හිටෙව්වා. යාන්තම් ගෙඩි දෙකක් ඇවිල්ලා.. ඒත්....!!

      Delete
    3. @බුද්ධි,
      ශිශිර නින්දෙන් අවදි වෙලා..අනේ මන්දා බුද්ධි මේවට මෙනවා කියන්නද කියලා..කියන්න ගොඩක් දේවල් හිතට එනවා ඒත් කිව්වොත් එහෙම, තරහා වෙයිද කියලා හිතෙනවා..

      අනිත් එක කඳු නගින්නේ කෙට්ටු අය කිව්වා!!
      අයියෝ කෙට්ටු අය කඳු නැග්ගම කන්ද මුදුනට යන්න බෑ..හුළඟට ගහගෙන යනවා..! ඒ නිසා මහත අය තමයි සාමාන්‍යයෙන් කඳු නගින්න සුදුසු..කෙට්ටු අයට කඳු මුදුනට යන්න ඕන නම් අඩුම ගානේ ගල තඩියක්වත් බෑග් එකේ දාගෙන යන්න ඕන බර හදාගන්න..දන්නවද?!!

      ඒත් ඔයා කොහොමද දන්නේ මම කෙට්ටු බව?!!!!!

      @ සෙන්නා
      ඔයාට ඒ කතා තාම මතකයිද? ඇත්තම කියන්න දැන්නම් කුරුන්ද එළියයි වගේ..“එත්“ කිව්වේ?

      Delete
  26. සැප ගත්තා ඇති මොනවාහරි ලියහං

    ReplyDelete
  27. කුරුදු තලන්නා කොයි...

    ReplyDelete
  28. ඈ....... බන් අයියේ මේක කියවද්දී ඇඟේ මයිල් ඉස්මයිල් උනා. මේ පොස්ට් එක මට මග හැරිලා තියෙනවා කොහොම හරි කාලෙකින් මොකුත් ලියල නැහැ වගේ ලියන්න මොකක් හරි

    ReplyDelete
    Replies
    1. කෝරාලෙ, මම පිස්සුවක් කෙලින්න ගිහින් මේ පෝස්ට් එක හුඟ දෙනෙකුට මග හැරුනා..

      මේ උඹේ අලුත් මූනත් තහඩුවට මම මනාප නෑ බන්.. පරණ එකා හොඳා...

      Delete
  29. මේ සට්ටඹියා මෙතනත් බෙට්ට දැම්මද?

    ReplyDelete
  30. විකල්පයක් නොමැති තැනට එනකල් මිනිස්සු හිතන්නේ බොහෝ දේවල් කරන්න බැහැ කියල තමයි..

    මේ ලිපිය මම බුක්මාර්ක් කරගත්තා.. ඊළඟ සතියේ තියෙන වැඩමුළුවකට මේ කතාව කියන්න.. ලිංකුව එක්කම.. බොහොම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. තහනම් වචනය, උඹේ කමෙන්ට් එක අදයි මම දැක්කෙ.. කිසි අවුලක් නෑ අර ගත්තට. ලින්ක් එක නැතුව උනත් කමක් නෑ..මේවයෙ කිසි හිමිකමක් මටත් නෑනෙ...ඒක හින්දා ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් කොහොම ගත්තත් මගෙන් බාදාවක් නෑ..

      Delete
  31. Nicely done Senna, I watched 127hours a long back and frame by frame came alive while reading this. Keepi it up !!

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

Sex Scene හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog