Monday, August 26, 2024

Sex Scene හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024

නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන් අපහසු ගමනින් එන සීයා කෙනෙකු අපහසුවෙන් අසල වූ තවත් පුටුවකට බර දේ.

සීයා :ඈ බන් කොළුවො, මොකද උඹ ඔය පෝං එකේ සෑහෙන වෙලාවක් ඉඳන් කොරන්නෙ?

ළමයා : සීයට මේවා තේරෙන්නෑ.

සුළු මොහොතකින් සීයා නින්දට වැටෙයි. ටික වේලාවකින් සීයා ගැස්සී අවදි වන්නෙ ළමයාගේ ෆෝන් එකෙන් Sex Scene යන වචනය ඇසීමෙනි.

සීයා (කේන්තියෙන්) : ඈහ් මොනව ද උඹ ඔය බලන්නෙ?? බොලාගෙ තාත්තට මම කිව්වා බොට පෝං අරන් දෙන්න එපා කියලා. තෝ දැන් මේ පෝං එකෙන් බලන්නෙ Sex Scene නේද?

ළමයා : සීයා මේ මොනවා කියනව ද කියලා මං දන්නෑ. මම මේ ජර්මන් භාෂාවෙන් ගනින්න ඉගන ගන්නවා.. ජර්මන් භාෂාවෙන් Sechzehn කියන්නෙ දාසයට.

සීයා : (අහක බලාගෙන ලජ්ජාවෙන් තමන්ටම කොඳුරයි) ජරුමන් තමා අපි නොදන්න ජරුමන්...

නිමි.

පලි: කොරෝනා නිවාඩු සමයේ පුතාගේ Youtube නාලිකාව වෙනුවෙන් සැකසූ කෙටි වීඩීයෝවක පිට පතකි. වීඩියෝව පහතින් නැරඹිය හැකිය..


සෙන්නා / 26.08.2024





8 comments:

  1. A serbian Film කියන චිත්‍රපටයේ ආරම්භක දර්ශනය මතක් උනා. කුඩා දරුවෙක් හුදෙකලාව ගෙදර රූපවාහිනී තිරය මත ලිංගික දර්ශන පිරි චිත්‍රපටයක් නරඹමින් සිටියදී ඔහුගේ පියා සහ මව ගෙදර එනවා. පියාගේ මුහුණ දකිද්දියි අපට තේරුම් යන්නේ දරුවා බලමින් සිටි ලිංගික දර්ශන වල රඟපාන නළුවා මේ දරුවාගේ පියා බව. බලන්න අසීරු තරම් දර්ශන පිරි චිත්‍රපටයක් උනත් මේ ආරම්භක දර්ශනයට මගේ සිත ගියා.

    ReplyDelete
  2. සෙන්නා මේ වීඩියෝ එක රැට්ටාගේ තාත්තයි පුතයි විඩියෝ වගේ, පුතා ආධුනික නළුවෙක් වුවත් මේක සෑහෙන හොඳ උත්සාහයක්. පුතණ්ඩියා දස්සයි. දිගටම වීඩියෝ දාන්න පුළුවන් නම් හොඳයි විවේක ලැබෙන විදිහට.

    හරියට නිර්මාණශීලීව කන්ටෙන්ට් හදන්න පුළුවන් නම් ඒක ලොකු දක්ෂතාවක්, ලංකාවේ ගොඩක්ම ඉන්නේ කොපිකැට්ලා, පිටරට ඒවා කොපි කරල ඔහේ හදනවා, ඒක නෙවෙයිනේ කරන්න ඕන නේද? උනුත් හරියට ලංකාවේ බහුතර දේශපාලනය කරන ජනතාව වගේම තමයි, ලංකාවේ මේ දවස්වල ගොඩක් අය ඉදිරි ජනාධිපතිවරණය දිනිය යුතු බවට තම තමා පුරෝකතනය කරගෙන ඉවරයි තමන් අදහන කෙනා විතරයි හරි කියලා, එයාට පොඩි වැරැද්දක් කිව්වත් වෙන කෙනෙක් ගැන පොඩි හොදක් කිව්වත්, බැනුම් අහන්න වෙනවා අමු මෝඩයා බත් කන හරකා කියලා කුණුහරුප පවා අහගන්න
    වෙනවා 😊😊.

    මම ගැන කිව්වොත් බුකියේ හිතමිතුරන් වන මාලිමාවුන් කියනවා මම රනිල්ට හෝ සජිත්ටලු 😜 රනිල්ගේ සජිත්ගේ කට්ටිය කියනවා මම දෙන්නේ NPP එකටලු 🤣 එකෙක්වත් තාම කිව්වෙ නැත්තේ මම නාමල්ට කියලා විතරයි 🤣

    පාට කන්නාඩි දාගෙන දේශපාලනය සහ අපේක්ෂකයන් දිහා බලන පුරුද්ද අත ඇරගන්න නම්, තමන්ගේ සෙන්සේෂන්වලින් ගැලවෙනකං, ප්‍රතිපත්තිමය කරුණු සහ පුද්ගල දක්ෂතා දිහා බලලා ඡන්දෙ දෙන්න පුරුදු වෙනකන් ලංකාව කියන රට කවමදාවත් ගොඩ යන්නේ නෑ කියන එක මටනම් හොඳටම පැහැදිලිවම පේනවා.

    ලංකාවේ පාවෙන ඡන්දදායකයන් තමයි වැඩි. නමුත් මෙතන වැඩේ කියන්නේ උනුත් ඡන්ද කාලේට මොකක්හරි පැත්තක් අල්ල ගත්තට පස්සේ ඒ පැත්තේ හොඳම විතරමයි දකින්නේ. මෙලෝ වැරැද්දක් දකින්නේ නෑනේ මේ ගෝත්‍රික බහුතරය.

    එච්චර විතරක් නෙමෙයි වෙන කෙනෙක් වැරැද්දක් පෙන්නලා දුන්නට පස්සෙත් ඒ දිහා සාවධානව බලන්න ලෑස්තිත් නෑ! උගේ ජාතකය හොයලා ඌට කුණුහරුප කියලා බනිනවා මිසක් Fact බේස් කරලා හරවත් ලෙස විග්‍රහ කරමින් විවාද කරන විදියක් ගැන දන්නෙත් නෑ.

    ඕක ගොඩාක්ම ලොකුවටම තියෙන්නේ මාලිමාවන්ගේ...

    උන් අකමැති පාර්ශවයට අපිත් විරුද්දයි.. ඒත් උන්ට එහෙමත් බෑ..අපි ඒ අයට විරුද්ද වෙන්නත් ඕනී, ඒ ගමන්ම මාලිමාවටත් රෙදි නැතුව කඩේ යන උග්‍ර ලෙස පාක්ෂික දැඩි මාලිමාවෙක් වෙන්නත් ඕනී....

    මාලිමාවෙක් නොවෙන හැමෝම අමු ගොන් තකතීරු "මෝඩ යක්කු" ඒ සහෝදර සහෝදරියන්ට අනුව. 🫣

    නමුත් පොදුවේ ගත්කල මාලිමාවට කියලා අමුතු සෙට් එකක් නැ…රනිල්ට කියලත් අමුතු සෙට් එකක් නැ….සජියට කියලත් අමුතු සෙට් එක්ක නැ…නාමල්ට කියලත් අමුතු සෙට් ඒකක් ඉන්න විදියක් නැ…ඉන්නෙ ඒ කාලේ මුස්ලිම් කඩේකින් ප්ලෙන්ටියක් බීපුවම වද වෙනවා කියලා හිතලා ගෝටට දිපු සෙට් ඒකම තමයි…😂😂😂😂

    හබැයි හැමදාම අන්තිමට වෙන්නේ ඒ අය ඡන්දෙ දීල ගත්ත තීරණ ටික කාලෙකදි සම්පූර්ණයෙන්ම වැරදියි කියලා ඔප්පු වෙනවා, ඒත් එහෙම කියලා අර සුලුතරය නිවැරදි කියලා කියන්නත් බෑ, ඒ අය නිවැරදි වෙන්නත් පුලුවන්, හැබැයි ඒ වගේම ඒ සුළුතරයේ තේරීම බහුතරය තෝරපු කෙනාටත් වඩා වඩා අන්ත වෙන්නත් පුලුවන්. ඒකයි හැමදාම අන්තිමට වෙන්නේ, නේද?

    ReplyDelete
  3. ආවෙමි- කියැවීමි.x2
    අපි ඔය සේක්සීන් තියෙන තැංවල වැඩිය ගැවසෙන්නෑ ඉඳං.

    ReplyDelete
  4. ආවෙමි- කියැවීමි x 3

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

Sex Scene හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog