Saturday, July 13, 2013

මුහුදුබත් නොවන්නකුගේ අවසානය.... | අවසාන කොටස

2013 ඇසල මස 13 වනදා
නතුරට බලපෑ හේතුව පිළිබඳ කටකතා දවසින් දවස වැඩි වන්නට වූහ. රුසියානු රජයේ නිද්‍රාශීලී ප්‍රතිපත්තියට ප්‍රතිචාර දක්වමින් මාධ්‍යන් වෙතින් කියවුණේ අනතුරට බලපෑ නියම හේතුව වසන් කෙරුණ බවයි. අනතුරින් දිවිගලවාගත් කිහිප දෙනාවද කල්මරමින් සිට විනාශකොට දැමුණේ එම හේතුව ඔවුන් සමඟම වළදැමීමේ අටියෙන් බව මාධ්‍ය වෙතින් එල්ල වූ චෝදනාවන්ගෙන් කියවුණි.

අනතුර සිදුවූ අකාරය පිළිබඳව සිදු කෙරුණු හේතු දැක්වීම් සිය ගණනක් වූහ. එයින් සමහරක් මාධ්‍ය වෙතින් සිදු කෙරුණු අතර සමහරක් නාවික විශේෂඥයන්ගේ පැහැදිලි කිරීම් වූහ. අති බහුතර පැහැදිලි කිරීම් සංඛ්‍යාවක් අතරින් කැපී පෙනුණු ප්‍රධාන පැහැදිලි කිරීම් ද්විත්වයකි.

පළමුවැන්න ඉදිරිපත් වූයේ රුසියානු බලධාරීන් වෙතින්ය. අභ්‍යාසය රහසින් නිරීක්ෂණය කළ ඇමෙරිකානු හෝ බ්‍රිතාන්‍ය සබ්මැරීනයක් කර්ස්ක් හා ගැටීම හෝ ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කිරීම නිසා මෙම ව්‍යසනය සිදුවූ බව රුසියානු පාර්ශවයෙන් ඉදිරිපත්වූ පැහැදිලි කිරීමයි. බටහිර රාජතාන්ත්‍රිකයන් වෙතින් මෙය වහාම ප්‍රතික්ෂේප කෙරිණි. ඔවුන්ගේ යාත්‍රා, අභ්‍යාසය නිරීක්ෂණයේ යෙදුණු බව නොපිළිගැනුණු අතර ඒ වෙනුවට ඔවුන් විසින් ව්‍යසනයට බලපෑ හේතුව ලෙසින් වෙනස්ම හේතු දැක්වීමක් ඉදිරිපත් කළහ.

"දෝෂ සහිත ටෝපිඩෝ" න්‍යාය

ඇමෙරිකාව හා නේටෝව ප්‍රමුඛ බටහිර රටවල් විසින් රුසියාව වෙතින් එල්ල වූ චෝදනාවට පිළිතුරු සැපයීම උදෙසා මුලින්ම නෝර්වේජියානු භූකම්පන සටහන් මාන වෙතින් ලබාගත් දත්ත පදනම් කර ගත්හ. කර්ස්ක් ඛේදවාචකය සිදුවූ දින ආසන්න කාලපරාසයන් තුළ නෝර්වේජියානු භූකම්පන තරංග මාණයන්හී අසමාන්‍යය සටහන් වාර්තා වී තිබුණි. මෙම සටහන්, භූකම්පන තරංග විශේෂඥයකුවූ Dr. David Bowers  ( Seismologist ) වෙත ඉදිරිපත් කෙරිණි. ඔහු විසින් මෙම සටහන්, පැරණි භූකම්පන සටහන්, මුහුද අභ්‍යන්තරයේ වූ යාත්‍රා ඝට්ටන සටහන් හා යාත්‍රාවන්හී සිදුවූ පිපිරුම් සටහන් සමඟ සසඳා බැලීය. ඔහුගේ විශ්ලේෂණයන්ට අනුව මෙම තරංග සටහන්හී හැඩයන් සමපාත වනුයේ මුහුද අභ්‍යන්තරයේ සිදුවූ පිපිරුම් වලටය. ඝට්ටන සටහන් හෝ භූකම්පන සටහන් හී හැඩයන් සමඟ ඒවා සමපාත නොවූහ.

සටහනෙහි කාල රේඛාව ඔස්සේ පසු පසට පරික්ෂා කිරීමෙදී ඔහු විසින් තත්පර 135ක පෙර තවත් පිපිරුමක ලකුණු නිරීක්ෂණය කළේය. මෙය පසුබිම් ශබ්දයන් මගින් බොහෝදුරට යටපත් කොට තිබිණි. එය සටහනෙහි ඇති පැහැදිලි පිපිරුම් ලකුණට වඩා සියගුණයකටත් අඩු අගයක් පෙන්නුම් කළේය. නමුත් කි.මි. ගණනාවක් ඇතීන් නෝර්වේහී වූ භූකම්පන මාණයන්හී සටහන්වීමට තරම් එය ප්‍රබලතාවයකින් යුක්ත විය. මෙම මුල්ම සටහන කිසියම්වූ ඝට්ටනයකින් සිදුවූවක්ද යන්න සොයා බැලීම Dr. David Bowers ගේ ඊළඟ කාර්‍යය විය. පළමුවැන්න ඝට්ටනයකින් සිදුවී දෙවැනි පිපිරුම ඒහි ප්‍රතිඵලයක් නිසා හට ගත්තේදැයි යන සැකය ඔහුට ඇතිවිය. එය එසේ වීනම් රුසියානුවන්ගේ චෝදනාව පිළිගැනීමට බටහිර ජාතීන්ට සිදුවනවා ඇත. ඔහු විසින් නැවතත් පළමු අවස්ථාවෙහි හා දෙවන අවස්ථාවෙහි හැඩයන් පරීක්ෂා කර බැලීය. ද්විත්වයම සමාන ලක්ෂණ, එනම් මුහුද අභ්‍යන්තරයෙහි සිදුවූ කිසියම් පිපිරීමක ලක්ෂණ පෙන්නුම් කළහ.

අනතුර පිළිබඳ භූකම්පන සටහන් වාර්තා
උපුටා ගැනීම : http://focusonfacts.thefuzzy0ne.za.net/forums/view_topic/133

කර්ස්ක් අනතුරට හේතුව මුහුද අභ්‍යන්තරයේ සිදුවූ ඝට්ටනයක් නොව කිසියම් වූ පිපිරීමක්යැයි යන්න මෙමගින් Dr. David Bowers  සනාථ කර දැක්වීය. නමුත් ඔවුනට මෙතෙකින් නතරවිය නොහැක. පිපිරුමක් වූයේනම් එය සිදු වූයේ කෙසේද යන්නත් විශ්ලේෂණය කර දැක්වීම ඔවුන් වෙත එල්ල වූ චෝදනාවෙන් ගැලවීමට අත්‍යවශ්‍යය කාරණයක් විය.

අනතුරින් මාස 14කට පසු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ අණින් කර්ස්ක් හී අවර කොටස ගොඩගෙන රුසියානු නැව්තටාකාංගනයකට ගෙන එන ලදී. ගොඩගත් කොටසෙහි සිදු කළ සියුම් පරික්ෂාකිරීම් මගින් තහවුරුවූයේ ටෝපිඩෝ ගබඩාවෙහි ඇතිවූ සෙල්සියස් අංශක 2000ක තරම්වූ උෂ්ණත්වයක් සහිත ගින්නක් මගින් එහිවූ ටෝපිඩෝ පුපුරා යාම නිසා භූකම්පන තරංග සටහන් හී දැක්වුණු දෙවන විශාල පිපුරුම සිදුවී ඇති බවයි. මෙම ගින්න එම පුපුරායාමට පෙර සිදුව ඇති බවට සිදුකළ දීර්ඝ පරික්ෂාකිරීම් වලින් තහවුරු වී තිබූ අතර ගින්නට හේතුව මුලින්ම ඇතිවූ කුඩා පිපිරුම බවට අනුමාන කරණ ලදී. එම පිපිරුමට හේතුව සොයා ගැනීම ගැටලුවට විසඳුම බව තහවරු විය.

මුල්ම පිපුරුමට සැකකරු වශයෙන් සබ්මැරිනයෙහි ඉදිරිපස සවිකොට තිබූ, හදිසි අවස්ථාවන් සඳහා වූ දැවැන්ත සබ්මැරින් බැටරිය පළමුව චෝදනා ලැබීය. මෙය සබ්මැරිනයේ ඉදිරිපස, ටෝපිඩෝ ගබඩාවට පහළින් පිහිටා තිබුණි. එය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක ක්‍රියාවිරහිත කළ විටකදී භාවිතයට ගැනීම උදෙසා වැනි හදිසි අවස්ථාවන්හිදී භාවිතා කිරීම වෙනුවෙන් සැකසී තිබුණි. එය සම්පූර්ණයෙන් ආරෝපණය වී තිබෙන විට හයිඩ්‍රජන් නිකුත්කිරීම සිදුවන අතර බැටරියෙහි කිසියම් කාන්දුවක් ඇතිවුවහොත් පිපිරීමක් හට ගැනීමේ අවස්ථාවක් නිර්මාණය වේ. සාමාන්‍යයෙන් සබ්මැරිනයන් තුළ බැටරි නිසා සිදුවන අනතුරු නිරන්තරයෙන් වාර්තාවී තිබේ.

නමුත් මෙම පැහැදිලි කිරීමට තිබූ වටිනාකම නිරායාසයෙන්ම ඉවත්ව යන සිදුවීමක් ඒ අතර වාරයේදී සිදු විය. පර්යේෂකයන්ට පළමු පිපුරුමට හේතුව සොයා ගැනීමට උදව් දිය හැකි අලුත්ම සාක්ෂි කරුවකු බැරන් මුහුදු පතුලේ සබ්මැරිණය පතිතව තිබූ තැන සිට මීටර් පනහකට පමණ එපිටින් සොයා ගන්නා ලදී. එය පර්යේෂණය අලුත්ම මානයක් ඔස්සේ රැගෙන යාමට ඔවුනට ඉවහල් විය. ඒ සබ්මැරිනයෙහි ටෝපීඩෝ විදිනයන් ආසන්නයෙහි වූ බඳෙහි කොටසකි. මෙය පළමු පිපුරුමත් සමඟම සබ්මැරිනයෙන් ගැලවී ඉවත් වූ කොටසකි. එමගින් සබ්මැරිනයේ මුල්ම පිපුරුම සිදුවූයේ කිනම් ස්ථානයකද හා එවිට සබ්මැරිනය ස්ථානගතව තිබුණේ බැරන් මුහුදු පතුලේ කිනම් ස්ථානයකද යන වග ආසන්න වශයෙන් ගණනය කරගැනීමේ හැකියාව පර්යේෂකයනට ලබා දුන්නේය. එම කොටස හා සසඳා බැලීමෙන් මුල්ම පිපුරුම සිදුව ඇත්තේ අංක හතර දරණ ටෝපිඩෝ විදිනය තුළ බව පර්යේෂකයන් විසින් හඳුනා ගන්නා ලදී. මෙම සොයා ගැනීම මගින් ඔවුනට නව දිශානතියක් ඔස්සේ සිය පර්යේෂණය මෙහෙයවීමට අවකාශ සැලසුණි.

ටෝපිඩෝවක පිපිරීමක් වාර්තාවූ සැනින්ම වෙඩි ශීර්ෂය (War Head) දෙසට අවධානය යොමුවීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ ටෝපිඩෝවෙහි විනාශකාරී අවි බලය රැඳී ඇත්තේ එහි බැවිනි. නමුත් මෙහිදී පර්යේෂකයන්ව අසරණ කරවන්නක් වූයේ එදින භාවිතා කළ ටෝපිඩෝ සියල්ල පුහුණු ටෝපිඩෝ වීමයි. පුහුණු ටෝපිඩෝහී වෙඩි ශීර්ෂයක් නොතිබුණි. එසේනම් ටෝපිඩෝවක් පුපුරා ගියේ කෙසේදැයි යන ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔවුනට සිදු වූහ.

ටෝපිඩෝවක් විදීමෙන් අනතුරුව එය සිය ඉලක්කය කරා යෑමට ප්‍රථම කි.මි. ගණනාවක් ගමන් කිරීමේ හැකියාවෙන් යුක්තය. එනම් එය සතුව ප්‍රවාලනය පද්ධතිය (Propulsion System) වෙනුවෙන් විශාල බලයක් ගබඩාවී තිබිය යුතුය. මෙම ප්‍රවාලන ශක්තියේ ප්‍රභවය හේතු කොටගෙන පිපිරීමක් ඇතිවිය හැකිද ? ඒ පිළිබඳව සැකහැර දැනගැනීම උදෙසා අදාළ දිනයෙහිදී භාවිතා කළ පුහුණු ටෝපිඩෝ වල සැකැස්ම පර්යේෂකයන්ගේ තියුණු නිරීක්ෂණයට හසුවූහ.

භූමිතෙල් දහනයෙන් බලය ලබාගන්නා ටර්බයිනයක් විසින් ලබා දෙන කැරකුම් බලයෙන් ටෝපිඩෝව ජලය තුළින් ඉදිරියට යෑමට සකසා තිබුණි. දහනයට අවැසි ඔක්සිජන් වායුව ගබඩා කොට තිබුණේ සාන්ද්‍ර හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් (Hydrogen peroxide (H2O2)) රූපකයක් වූ HTP - High-test peroxide වශයෙනි. නමුත් HTP සතුව ආවේණික දුර්වලතා සමහරක් විය. එය සමහර ලෝහ හෝ මලකඩ සමඟ සම්බන්ධවීමෙන් අනතුරුව උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියාකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, විශාල උෂ්ණත්වයක් සමඟ ඔක්සිජන් සහ හුමාලය ලෙසට විභේදනය වී, වායුවේ පරිමාව තත්පරයෙන් පංගුවකදී පන්දහස් ගුණයකින් පමණ වැඩිවීමක් ඇතිකරනු ලබයි. මෙම ක්‍රියාකාරිත්වය ටෝපිඩෝවක් තුළ සිදුවීම මාරන්තික ප්‍රතිඵල ඇති කරවන්නකි. ඉතිහාසය පරික්ෂාකිරීමේදී නාවික අනතුරු රාශියක් HTP නිසා හටගෙන ඇති බව නිරීක්ෂණය කළ හැක. ඒ අතරින් 1955 දී බ්‍රිතාන්‍යය නාවික ඇණිය සතුවූ HMS Sidon සබ්මැරිනයේ සිදුවූ අනතුර කැපී පෙනේ. එහිදී HTP ප්‍රතික්‍රියාවක් හේතුකොටගෙන ටෝපිඩෝවක සිදුවූ පිපිරීමක් හේතුවෙන් නාවිකයන් දහතුන් දෙනෙකුට සිය ජීවිතය අහිමිව ගියහ. එයින් පසු සියලුම රටවල් පාහේ ටෝපිඩෝ උදෙසා HTP භාවිතයෙන් වැළකුණද, සෝවියට් දේශය විසින් HTP භාවිතය දිගටම සිදු කරණ ලදී.

කර්ස්ක් පුහුණු ටෝපිඩෝවක අභ්‍යන්තර සැකැස්ම
උපුටා ගැනීම :  Seconds From Disaster - S03E03 - Sinking Of Kursk
කර්ස්ක් හී ටෝපිඩෝ නඩත්තු වාර්තා පරිහරණය කළ පර්යේෂකයන්ට වැරැද්ද සිදුවී තිබුණේ කොතැනදැයි හඳුනා ගැනීම අපහසු නොවුණි. නඩත්තු වාර්තා අනුව සබ්මැරිනය වෙත ලබාගෙන තිබූ සමහර ටෝපිඩෝ වහාම හරවා යවා තිබුණේ දෝෂ සහිත වෑද්දුම් නිසාය. නමුත් පුහුණු ටෝපිඩෝ උදෙසා කිසිදිනෙක මෙම පරික්ෂාව සිදු කොට නොතිබුණි. ඒ පුහුණු ටෝපිඩෝ සතුව වෙඩි ශීර්ෂයක් නොමැති බව හේතුවක් ලෙස දක්වමිනි.

එදින, හතරවන විදිනයට යොමු කළ පුහුණු ටෝපිඩෝවෙහි වූ දෝෂ සහිත වෑද්දුමකින් කාන්දු වූ HTP, ටෝපිඩෝ විදිනයෙහි වූ මලකඩ සමඟ ප්‍රතික්‍රියා කිරීම නිසා ඇතිවූ වායුවේ පරිමාවෙහි වැඩිවීම හේතුකොටගෙන ටෝපිඩෝවෙහි වූ භූමිතෙල් රැඳවුම පුපුරයාම සිදුවන අතර ඒ සමඟින්ම ඇතිවූ අධික උෂ්ණත්වය සහ ඔක්සිජන් සැපයුම හේතුකොටගෙන භූමිතෙල් වහා දහනය වීම ඇරබෙයි. මෙම ක්‍රියාවලිය ටෝපිඩෝ විදිනය තුළ විශාල පිපුරුමක් ඇතිකරවීමට සමත්වේ.

එහෙත්, තවමත් නොවිසඳුණු ගැටලුවක් විය. මෙම පිපිරුම, සබ්මැරිනය සම්පූර්ණයෙන්ම අසරණ කරවමින්, අදාළ ස්ථානයේ සිට සැලකිය දුරකින් පිහිටි සබ්මැරිනයේ ප්‍රධාන පාලක ඒකකය විනාශ කිරීමට සමත් වූයේ කෙසේද ? සබ්මැරිනයේ සැකැස්ම මැනවින් පරික්ෂා කළ පර්යේෂයකන්ට අනතුර සිදුවූ පළමු කොටසේ සිට පාලක මැදිරිය තිබූ හතරවන කොටස දක්වා දිවයන වාතාශ්‍ර නාලය (Air condition ventilation duct) එයට වග කිව යුතු සාධකය ලෙසින් හඳුනා ගැනීමට ලැබුණි. පළමු පිපිරුමෙන් හටගත් පීඩන තරංග මෙම නාලය ඔස්සේ නිරායාසයෙන්ම ගමන් කොට පාලක මැදිරිය දක්වා විනාශ කොට, ගින්නෙන් හා දුමෙන් එය පුරවා ලීමට හේතුවූ බව පර්යේෂකයන්ගේ නිගමනය විය. අනතුරින් පසු හදිසි අනතුරු සංඥා නිකුත් කිරීමක් හෝ සබ්මැරීනය දිය මතුපිටට යොමු කිරීමක් හෝ සිදු නොවීමට හේතුව මෙලෙස පාලන ඒකකය අඩපණවීම බවට පර්යේෂකයන්ගේ අදහසයි.

පෙනෙන පරිදි මෙම පරීක්ෂණය, නිගමනය මුලින්ම තීරණය කොට එම නිගමනය සනාථ කිරීම උදෙසා සිදු කළ පරීක්ෂණයකි. මේ පිළිබඳ විග්‍රහයක යෙදෙන http://whatreallyhappened.com වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි නෝර්වෙජියානු භූකම්පන මාණයන්හී සටහන්ව ඇති මුල්ම තරංගයේ හැඩරුව සමාන වන්නේ විශාල ඇතිල්ලීමකට හෝ ඝට්ටනයකට මිස පිපිරීමකට නොවේය. 

ඝට්ටන න්‍යාය


මෙය අනතුර සිදුවූ වහාම රුසියානු පාර්ශවයෙන් ඉදිරිපත්වූ පැහැදිලි කිරීමයි.


අගෝස්තු මස 12වන දින උදෑසන, ඇමෙරිකානු ප්‍රහාරක සබ්මැරීන් ද්විත්වයකට විශේෂවූ කාර්‍යයක් පැවරී තිබුණි. කර්ස්ක් සබ්මැරිනයේ ක්‍රියාකාරිත්වය දුර සිට රහසින් නිරීක්ෂණය කිරීමේ වගකීම USS Memphis හට පැවරෙන විට USS Toledo හට විවෘත්තවම කර්ස්ක් සබ්මැරිනය හඹායාමේ වගකීම පැවරී තිබුණි. ඒ, අභ්‍යාසයට චීනය සහභාගී කරගැනීම පිළිබඳව විරෝධය සැලකර සිටීම සඳහාය. මෙලෙස ආසන්නයෙන් හඹායාම සෑමවිටම ඉතා අන්තරාදායක කටයුත්තකි. විශේෂයෙන්ම මෙවන්වූ අඩු ගැඹුරකදී චුම්භකත්වයේ අන්‍යන්‍යොය බලපැම ඉතා ඉහළ වන අතර, යාත්‍රා හැසිරවීම ඉතා අපහසුදායක කටයුත්තක් බවට පත්වේ. මෙලෙස ආසන්නයෙන් කෙරෙනා හැසිරවීමකදී කර්ස්ක් වෙත ඉතා සමීපවූ USS Toledo සබ්මැරිනය එහි ඉදිරිපස හා ඝට්ටනය විය.

ඝට්ටනයෙන් පසු තදින්ම හානීවූ USS Toledo  සබ්මැරිනය එම ස්ථානයෙන් ඉවත්වූ අතර එය ආවරණය කිරීම සඳහා USS Memphis මැදිහත් විය. මෙම අවස්ථාවේදී USS Memphis සබ්මැරීනය විසින් කර්ස්ක් හී ඉදිරිපස ටෝපිඩෝ විදිනයේ පියන විවරවෙනු සහ ස්ක්වාල් ටෝපිඩෝ ප්‍රහාරයට සූදානම් කරනා ආවේණික ශබ්දය ග්‍රහණය කරගැනීමට සමත්වූවාය. ස්ක්වාල් ටෝපිඩෝවක් නිකුත්වුවහොත් තම සබ්මැරිනයට අත්වන ඉරණම ගැන හොඳ වැටහීමක් තිබූ USS Memphis හී කපිතාන්වරයා විසින් වහා ක්‍රියාකාරීවිය. ඔහුගේ අණින් නිකුත් වූ MX-48 (Mark 48)ටෝපිඩෝවක් ක්ෂණිකයකින් කර්ස්ක් හී බඳ සිදුරු කරගෙන ගමන් කෙරුවේ කර්ස්ක් ටෝපිඩෝ ගබඩාව තිබූ ස්ථානයෙන්මය. MX-48 ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව සිදුවූ පිපිරුම, සබ්මැරිනය මතවූ ටෝපිඩෝ පිපිරවීමකට ලක්කළ හැකි ගින්නක් ඇති කරවනු ලැබීය. එම ගින්නේ ප්‍රතිඵලයක් ලෙස ටෝපිඩෝ පුපුරායාම නිසා සබ්මැරිනය සම්පූර්ණයෙන්ම අසරණව බැරන් මුහුදු පතුලෙහි සිරවිය. භූකම්පන මාණයන්හී මෙම පිපුරුමෙහි අගය රික්ටර් ඒකක 4.2ක් ලෙස සටහන් වී තිබුණි.


aaaaaaaaaaaaaaaaaaaaa

සිද්ධියෙන් අනතුරුව රුසියානුවන් හට මුහුද මතුපිට වූ තෙල් පැල්ලම් නිරීක්ෂණය කිරීමට හැකිවූහ. ඒවා පලායන USS Memphis වෙතින් නිකුත් වූ ඒවා වන්නට පුළුවන. එමෙන්ම කර්ස්ක් සබ්මැරිනය සෝනාර් මගින් හඳුනාගත් රුසියානු නාවික හමුදාව, එහි සබ්මැරින් එකක් නොව දෙකක්ම ඇති බවත් ඉන් එකක් ඉතා සෙමෙන් ඉවතට ඇදෙනා බවක්ද ප්‍රකාශකොට තිබුණි.  ඉන්පසු ඉතා සෙමින් යාත්‍රා කරණා USS Memphis සබ්මැරිනය රුසියානු නිරීක්ෂණ යානාවන්ට හසුවූහ. ඇය නෝර්වේජියානු වරායක්වූ බර්ගන් වෙත පැමිණීමට සාමාන්‍යයෙන් ගතවන කාලය වූ දින දෙක වෙනුවට දින හතක්ම ගත්තාය.

USS Toledo හට සිදු වූයේ කුමක්ද ?


ඇමෙරිකානුවන් විසින් රුසියානුවන් හට එය අමතක කරවීමට කළ හැකි සියල්ල සිදුකොට තිබුනි. USS Memphis මගින් රුසියානුවන්ගේ අවධානය තමන් වෙත රඳවාගෙන සිටිනා අතරතුර, USS Toledo අත්ලන්තික් සයුර හරහා ඇමෙරිකාවට පලායාමට සමත් වූවාය. රුසියානු රහස් ඔත්තු සේවාවන් විසින් පසුව හෙලි කරගනු ලබූයේ තදින්ම හානිවී තිබූ USS Toledo යාත්‍රාව සංවෘත තටාකාංගනයක සඟවා ඇති බවයි. නමුත් ඇමෙරිකානුවන් විසින් එය පරික්ෂාකිරීමට අවසරදීම ප්‍රතික්ෂේප කොට තිබුනි.

2000හේ අගෝස්තු 22වන දින රුසියානු Pravda වෙබ් අඩවියෙහි විස්මයජනක ප්‍රවෘත්තියක් පැය කිහිපයකට පමණක් පළවිය. එයින් කියවුණේ අගෝස්තු 12 වන දින බැරන් මුහුදේ වූ අනතුර තෙවන ලෝක යුද්ධයක් කරා ලෝකය යොමු කරවීමේ හැකියාවකින් යුක්ත වූ අතර කිසියම් වූ පාර්ශවයක් විසින් වැරදි දේශපාලනික තීන්දුවක් ගත්තේනම් න්‍යෂ්ටික ප්‍රහාරයන්ගේ හුවමාරුවක් ඇතිවිය හැකිව තිබූ බවත්, වාසනාවකට මෙන් රුසියානු ජනාධිපති ව්ලඩිමීර් පුටින් හා ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් අතර කෙරුණු දුරකථන සාකච්ඡා වට කිහිපයකින් පසු ප්‍රශ්නය උපායශීලීව විසඳා ගැනීමට සමත්වූ බවත්ය. මෙම ප්‍රවෘත්තිය හෝරා කිහිපයකින් එම අඩවියෙන් ඉවත්වී ගොස් තිබුණි.

අනතුරින් දින 12කට පසු ජනාධිපති පුටින් විසින් රජයේ චෝදක ව්ලැඩිමීර් උස්ටිනෝෆ්ව නීත්‍යානුකූල කටයුතු මෙහෙයවීම උදෙසා පත්කරන ලදී. ඔහු විසින් වහාම දෝෂ සහිත ටෝපිඩෝ න්‍යාය නිල පැහැදිලිකිරීම බවට පත්කරමින් එයට පක්ෂව අදහස් පළකරනු ලැබුවේ නිසි පරීක්ෂණයක් ඇරබීමටත් පෙරය.

සිද්ධියෙන් සති දෙකකට පසු, මුල්ම වරට ඇමෙරිකානු බුද්ධි අංශ විසින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වෙත හෙළිකර සිටියේ USS Memphis විසින් අභ්‍යාසයේදී කර්ස්ක් සබ්මැරිනයෙහි ක්‍රියාකාරිත්වය නිරීක්ෂණයෙහි යෙදුණ බවයි. එදිනම, CIA ප්‍රධානී ජෝර්ජ් ටෙනන්ට්, අනතුරින් දින තුනකට පසු රහසිගතව මොස්කව් වෙත පැමිණි බවටද තොරතුරු හෙළිවිය.

"ඔහු මින්පෙර කිසි දිනෙක රුසියාවට පැමිණ තිබුණේ නෑ. ඔහු විසින් මුණගැසුණේ සියලුම ඉහළ නිලධාරීන්ව පමණයි. මන්ද ගැටලුව නිරාකරණය කරගත හැක්කේ ඔවුන්ගේ මට්ටමින්ම පමණයි."

                                                                                                  --- Captain Vitaly Dotsenko ( Historian )

දින කිහිපයකට පසු රුසියාව වෙතින් ඇමෙරිකාවට අයවිය යුතුව තිබූ සියලුම ණය කපා හැරුණු අතර ඩොලර් බිලියන 10.50 ක නව ණය මුදලක් ඇමෙරිකාවෙන් රුසියාවට අනුමත විය.

කර්ස්ක් ව්‍යසනයට සැබවින්ම වගකිව යුත්තේ ඇමෙරිකානු ටෝපිඩෝවක්නම්, ව්ලැඩිමීර් පුටින්ගේ නිහඩතාවයට හේතුව අනුමාන කිරීම එතරම් දුෂ්කර නොවේ. ඔහුට රුසියානුවන් හා සෙසු ලෝකයාව සෑහීමකට පත්කළ හැකි පිළිතුරක අවශ්‍යතාවයක් තිබේ. කෙසේවෙතත් දසතින් එල්ල වෙන පීඩනය හමුවේ නොසැලී සිටිමින්, ව්ලැඩිමීර් පුටින් විසින් මෙවන්වූ බරපතල කාරණා හැසිරවීමට තමාට ඇති ශක්‍යතාවය මොනවට පෙන්වා සිටියේය.

සිය නිවාඩු නිකේතනයෙන් නික්මුණු පුටින් ජනාධිපතිවරයා ඕර්තඩොක්ස් පල්ලියේ පූජකවරුන් සමඟ යොදාගෙන තිබූ හමුවකට සහභාගී විය. අනතුරින් පීඩාවට පත් ජනතාවට සිය දුක තුනී කරගැනීම සඳහා සහාය වන ලෙස පූටින් විසින් පූජකවරුන්ගෙන් ඉල්ලා සිටියේය. පල්ලියට සාමාන්‍යය ජනතාව මත ඇතිකළ හැකි බලපෑම පිළිබඳව පුටින් හට මනා වැටහීමක් තිබුණි. පූජකවරුන් වෙතින් ලැබෙන මෙම සහය ඉතා වැදගත් වන්නේ සෝවියට් යුගයේදී මෙන් මෙවැනි ඛේදවාචකයන් සඟවා තබාගෙන සිටිමේ හැකියාවක් නොමැති බැවිනි.

මේ වනවිට වැලැඩිමීර් පුටින්ගේ ජනප්‍රියත්වය සියයට දහයකින් පහත වැටී තිබුණි. එය මේ සම්බන්ධයෙන් දේශපාලනික ක්‍රියාමාර්ගයන් ගැනීමට කාලය බවට ඉඟියක් ජනාධිපතිවරයා වෙත ලබාදී තිබුණි. මූමාන්ස්ක් හීදී ඔහු විසින් යාත්‍රිකයන්ගේ ඥාතීන්ව හමුවීය. මුල්ම හමුව සබ්මැරිනයේ කපිතාන්වරයාගේ බිරිඳ සමඟ සිදු විය. එදිනම සවස ඔහු සියලුම ඥාතීන්ව හමු විය. පැය තුනක් තිස්සේ කෙරුණ මෙම සාකච්ඡාව ආවරණය කිරීමට හා විකාශය කිරීමට නැවතත් අවසර ලද්දේ රජයේ රූපවාහීනී ආයතන පමණක් විය. රහසින් ශාලාවට ඇතුළුවීමට සමත්වූ ජර්මානු මාධ්‍යවේදීන් දෙදෙනෙකු විසින් එහි සිදුවූ සත්‍ය පිටතට ගෙන ඒමට සමත්වූහ. ඔවුනට අනුව, මෙවර යාත්‍රිකයන්ගේ ඥාතීන් විසින් ව්ලැඩිමීර් පුටින් හට සහාසික ලෙස වාග්ප්‍රහාරයන් එල්ල කිරීමට ප්‍රථම, සිද්ධිය පිළිබඳ ඔහුගේ පැහැදිලිකිරීමට සාවධානව ඇහුම්කන්දී ඇත. ඉන්පසු සිය ප්‍රහාරය ඇරඹූ ඔවුන් විසින් දුර්වල පාලනය පිළිබඳ ඔහුටද චෝදනා එල්ල කරමින් අද්මිරාල්වරු කිහිප දෙනෙකුටම ඉල්ලා අස්වන ලෙසටද බලකළහ.

පසුව ජනාධිපතිවරයා විසින් ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළේය. බුහුමන් දැක්වීමට කර්ස්ක් වෙත ගමන් කළ යාත්‍රිකයන්ගේ ඥාතීන් විසින් ජනාධිපතිවරයා ඔවුන් සමඟ ගමන් කිරීමට එකතුවීම තදින්ම ප්‍රතික්ෂේප කළහ. ජනාධිපතිවරයෙක් වෙත දැක්වූ මෙවන් විරෝධාකල්පයක් රුසියාවේදී මින් පෙර වාර්තාවී නොතිබුණි.

රුසියානු ඉතිහාසයේ ප්‍රථම වතාවට පීඩාවට පත්වූවන්ගේ ඥාතීන් හට මූල්‍යමය වන්දි ගෙවීමක් හිමිවිය. ඇමෙරිකානු ඩොලර් 25000 ත් 35000 ත් අතර අතර මුදලක්වූ එය රුසියාවේදී අතිවිශාල මුදලකි. මෙය ඥාතීන් විසින් නඩු මාර්‍ගයකට යොමුවීම වැළැක්වීම උදෙසා කළ දෙයක් ලෙසද අර්ථ ගැන්වී තිබුණි.

එල්ලවූ පීඩනයට හිස නවමින් පූටින් විසින් මියගිය යාත්‍රිකයන්ගේ සිරුරු ගොඩගැනීමට නියෝග කළේය. සිරුරු දොළහක් පමණක් මතුපිටට රැගෙන ආ අතර අනෙක් සිරුරු සබ්මැරීනය මතුපිටට ගැනීමට තීරණය කරනා තෙක් එහිම සිරවී තිබෙන්නට ඉඩහැරිණි. මතුපිටට ගත් සිරුරු රාජ්‍යය බුහුමණකින් පසු පශ්චාත් මරණ පරීක්ෂණයට ඉදිරිපත් කෙරිණි.

දින කිහිපයකට පසු එක් අධිකරණ වෛද්‍යවරයකුව උපුටා දක්වමින් පුවත්පතක් හෙළිකර සිටියේ, දිමිත්‍රි කලස්නිකව්ගේ පසුම්බියෙහි තිබී, 2000.08.15 දාතමින් යුක්තව, එනම් අනතුරින් දින තුනකට පසු, රජයට යොමුකොට ලියවුනු දෙවන ලිපියක් සොයා ගත් අතර එහි ඛේදවාචකයට බලපෑ සත්‍යය හේතුව අන්තර්ගතවී තිබුණ බවයි. තවදුරටත් කරුණු දක්වමින් ඔහු කියා තිබුණේ අද්මිරාල්වරුන්ගේ නියෝගය මත ලිපිය යටපත් කෙරුණ බවයි. මෙම සොයාගැනීම, යාත්‍රිකයන්ව මියයාමට ඉඩහළ බවට පැතිර තිබූ මතයට ඉන්ධන එකතු කිරීමට සමත් විය.

මේ අතර වාරයේදී යාත්‍රිකයන්ගේ ඥාතීන් විසින් රජයට එරෙහිව නඩු මගට බැසීමට තීරණය කරන ලදී. රුසියානු ව්‍යවස්ථාවට අනුව මෙය ජනාධිපතිවරයාට එරෙහිව ගැනෙන ක්‍රියාමාර්‍ගයකි. මුහුදු පත්ලෙහි වූ සබ්මැරිනය ගොඩට ගැනීමේ තීරණයට යාම සඳහා ව්ලැඩිමීර් පුටින් හට මෙයිනුත් බලපෑමක් වන්නට ඇත.

අනතුරට බලපෑ නියම හේතුව වසන්කරනා අතරම පුටින්ගේ කීර්තිනාමය නැංවිය හැකි ලෙසට සබ්මැරිනය ගොඩගතහැකි විධික්‍රම කෙරෙහි රුසියාවෙහි අවධානය යොමු විය. ගොඩගැනීමෙහි යෝජනා ඉදිරිපත් කළ බොහොමයක්වූ රුසියානු හා විදේශීය සමාගම් මුලු සබ්මැරිනයම ගොඩගැනීම සඳහා සැලසුම් ඉදිරිපත් කොට තිබුණි. එම සැලසුම් දෙවරක් නොසිතාම ප්‍රතික්ෂේප කරණ ලදී. අවසානයේදී ඕලන්ද සමාගමක්වූ මමූත් (MAMMOET) වෙතින් ඉදිරිපත්වූ යෝජනාව පිලිගැනුණි. සබ්මැරිනයෙහි ටෝපිඩෝ අංශය ගොඩගැනීමට ප්‍රතික්ෂේපකළ එකම ආයතනය ඔවුන් පමණය.

මෙහෙයුමට ඩොලර් මිලියන 130ක මුදලක් වැය විය. එය රුසියානු සබ්මැරින් ඇණිය උදෙසා වෙන්කරනා වාර්ෂික මුදල මෙන් දෙගුණයකි. සබ්මැරිනය මිහිමතට පැමිණීම උත්සවාකාරයෙන් සමරන ලදී. මියගිය සියලුම යාත්‍රිකයන්ගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන්, සියලුම මාධ්‍යන් සඳහා කෙරුණු ආරාධනාවන්ගෙන් යුක්තව මෙවර එය සංවිධානයවී තිබුණි. ඥාතීන්ව නියෝජනය කරමින්, පෙර දිනෙක නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා හා කෙරුණු සාකච්ඡාවේදී බලහත්කාරයෙන් සිහිසුන් කළ Nadezhda Tylik විසින් කතාවක් පැවැත්වූ අතර මෙදිනද අනතුරට වගකිවයුතු සියලුදෙනාම ඇයගේ දැඩි දෝෂදර්ශනයට ලක්වූහ.


සභාව අමතමින් බලධාරීන්ට දෙහිකපන Nadezhda Tylik
උපුටා ගැනීම : KURSK - A submarine in troubled water 
අවසානයේදී සියල්ලන් බලාපොරොත්තුවූ සබ්මැරිනය හිස සුන්ව මිහිමතට පැමිණියාය. රජයේ ප්‍රධාන චෝදක ව්ලැඩිමීර් උස්ටනෝෆ්, පර්යේෂකයන් හා අධිකරණ වෛද්‍යවරු සබ්මැරීනයට ගොඩවූහ. සබ්මැරිනයෙහි දකුණුපස වූ ඇතුළට නෙරා තිබූ ඒ විශාල සිදුර ඥාතීන්ද ඇතුළුව සියලු දෙනාගේම ක්ෂණික අවධානයට හසුවූහ.

"මම පුදුමවුනා කර්ස්ක් බඳෙහි තිබූ ඒ රවුම් සිදුර දැකීමෙන්. පෙනෙන විදිහට ඒක ටෝපිඩෝ ප්‍රහාරයකින් සිදුවූවක්. එය ටෝපිඩෝ ප්‍රහාරයක ප්‍රතිඵලයක් වියම යුතුයි. අපි තවමත් හරියට නොදන්නා යම්කිසි දෙයක් සිදුවී තිබෙන බව පෙනෙන්නට තියනවා."

                                                                ----  Maurice Stradling ( Torpedo Engineer, ex. MoD, UK )

ඊළඟ මොහොතේදී එම සිදුර තවදුරටත් කැමරා කාචයන්හී සටහන් වීම වැළැක්වීමට අවැසි පියවර නොපමාව ගන්නා ලදී. සබ්මැරිනය මතවූ මිසයිල 24න් 6ක් පමණක් පිපිරීම හේතුකොටගෙන සුළුවශයෙන් හානී වී තිබුණ අතර රහසිගත හමුදා කඳවුරකදී ඒවා කොටස් කරණ ලදී. සමහර විශේෂඥයන්ට අනුව සබ්මැරිනයෙහි අවර භාගය ගොඩගැනීමට බලපෑ සැබෑ හේතුවනම් මෙම අති විනාශකාරී, ප්‍රබල මිසයිලයන්ගේ රහස් විදෙස් රාජ්‍යයන් හෝ ත්‍රස්තවාදීන් අතට පත්වීම වැළැක්වීම උදෙසායි.


උපුටා ගැනීම : KURSK - A submarine in troubled water

සබ්මැරිනයෙහි වූ අනෙකුත් සියලුම සිරුරු ඉවත් කොට අවසාන කටයුතු සිදු කරණ ලදී. සිරුරු තුනක් පමණක් හඳුනා ගැනීමට අපහසුවූහ. යාත්‍රිකයන්ගේ ඥාතීන් හට දින හාරසියයක කාලයක් සිය ආදරණීයන්ගේ සිරුරු ලබා ගැනීම උදෙසා බලා සිටීමට සිදුවී තිබිණි. රාජ්‍යය රහසක් රැකගැනීම උදෙසා ඔවුන් හට ගෙවීමට සිදුවූ මිල ඉතා ඉහළය.

විදෙස් සහය ලබාගැනීමට පුටින් දැක්වූ ප්‍රමාදයෙහි හානිය අවම කරනුවස් ඌස්ටනොෆ් විසින් නිල වශයෙන් නිවේදනය කෙරුණේ යාත්‍රිකයන්ගෙන් අති බහුතරයක් අනතුර සිදුවූ වහාම විනාශ වී ගොස් අති බවත් එබැවින් බේරා ගැනීමේ අවකාශයක් නොවූ බවත්ය. කෙසේ වෙතත් කොලස්නිකව් ඇතුළු අනතුරින් ගැලවුණු 23 දෙනාව බේරා ගැනීමට තිබූ අවකාශය මේ ප්‍රමාදය නිසා මගහැරී ගිය බව ඉතා පැහැදිලිය. ඔවුන් ඉහා දරුණු ඉරණමකට මුහුණ දී ඇති බව ගොඩටගත් සබ්මැරිනයෙහි අවර කොටස පරීක්ෂා කිරීමෙදී පර්යේෂකයනට අවබෝධ වූහ.

රස පරීක්ෂක වාර්තා අනුව සබ්මැරිනයෙහි අංශ නවයෙහි, කොලස්නිකව් ඇතුළු පිරිසි රැඳී සිටි කොටසෙහි ගින්නක් හටගෙන ඇති අතර දැවුණු වායු පෙරහනක ශේෂ කොටස්ද සුන්බුන් අතරින් සොයා ගන්නා ලදී. ඔවුන්ගේ අනුමානය මෙසේය.

කොලස්නිකව් ඇතුළු පිරිස පිටතින් ලැබෙන සහය අපේක්ෂාවෙන් අංශ නවයේ රඳී සිටි අතර සබ්මැරිනයෙහි වූ ඔක්සිජන් සහ ආහාර දින කිහිපයක් ඔවුනට ජීවය පවත්වා ගැනීමට සෑහුනි. එහෙත්, ඔවුන් විසින් ප්‍රාශ්වාස කරනා සෑම විටකම වාතය කාබන්ඩයොක්සයිඩ් වායුවෙන් අපවිත්‍ර විය. මෙයට පිළියමක් ලෙසින් සබ්මැරිනයෙහි වූ රසායනික වායු පෙරහන් ඔවුන් විසින් භාවිතා කරණ ලදී. මෙම වායු පෙරහන් වාතයෙහි වූ කාබන්ඩයොක්සයිඩ් වායුව එයින් ඉවත් කිරීමට සමත්කම් දැක්වූහ. එමෙන්ම මෙම පෙරහන් තෙල් හෝ ජලය සමඟ මිශ්‍රවීමෙන් වහා ගිනිගැනීමේ හැකියාවකින්ද යුක්ත වූහ. අදුරෙහි අතපත ගාමින් මෙම පෙරහනක් එල්ලීමට යාමේදී තෙල් හෝ ජලය ඇති ස්ථානයකට වැටීමෙන් සබ්මැරිනය තුළ ගින්නක් හටගෙන ඇති බවට විශ්වාස කෙරේ. එයින් කුටීරයේ වූ සීමිත ඔක්සිජන් ප්‍රමාණයද විනාශවී යෑම ඔවුන්ගේ මරණය කඩිනම් කළේය. 


ඥාතීන් හා සිදුකෙරුණ හමුවෙන් පසු හා සිරුරු ගොඩ ගැනීමෙන් පසු ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය සියයට විස්සකින් පමණ වැඩිවී තිබුණි. මාධ්‍ය මර්දනයෙන් මේ සඳහා ලද බලපෑමද සැලකිය යුතු මට්ටමක විය. නමුත්, ඇමෙරිකාව දෙසට ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කිරීමන් සිය අද්මිරාල්වරුන් විසින් ඔහුව හෙළනු ලැබූ අපහසුදායක තත්ත්වය පිළිබඳව පුටින් ජනාධිපතිවරා කෝපාවිෂ්ටවී සිටියේය. ඔවුන්ගෙන් දස දෙනෙකු ඔහු විසින් වහාම ඉවත්කර දමන ලදී. එයින් දෙදෙනෙකු ඉහළම මට්ටමේ වූ අයවලුන්ය. ඔවුන් දෙදෙනානම් අද්මිරාල් පපාව් සහ අද්මිරාල් මොට්සාක් වූහ. ඉන්පසු පුටින්ගේ අවධානය යොමුවූයේ සිය දේශපාලන සගයන් වෙතය. එහි ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඊලියා ක්ලෙවනෝව්, ආරක්ෂක අමාත්‍යය ඊගෝ සර්ගේයව් හා ස්ව්දේශකටයුතු ලේකම් වරයා හට ඔවුන්ගේ තනතුරු අහිමි වූහ. අනතුරට ඇමෙරිකාව වගකිවයුතුයි යන අදහස දැරූ සියල්ලන් පුටින් ජනාධිපතිවරයාගේ බලපෑමෙන් නිහඩ කරවනු ලැබූහ. එමගින් ඇමෙරිකා එක්සත් ජනපදය අනතුර සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරණ ලදී.


රහසිගත දූපතකට ප්‍රවාහනය කෙරුණු සබ්මැරිනයෙහි නටබුන්, කොටස් කොට, උනුකරවා හරින ලද අතර මුහුදු පත්ලෙහි වූ ඉදිරිපස කොටස රුසියානු නාවික හමුදාව විසින් පුපුරුවා හැර සිද්ධිය පිටුපස වූ සැබෑ සත්‍යය සදහටම මුලිනුපුටා දමන ලදී.


aaaaaaaaaaaaaaaaaaaaa


"එක අතකින් මම මිටියා ගැන ආඩම්බර වෙනවා. මෙවන්වූ අපහසුදායක වාථාවරණයකදීත් ඔහු සිහිකල්පනවෙන් යුතුව නිර්භීතව වැඩකරලා තිබීම ගැන. අනිත් අතට ඔහුට හිමිවුන මරණය ඉතාම නරක එකක්. කෙනෙකුට ලැබිය යුත්තේ ක්ෂණික මරණයක් පමණයි. "
                                                                                                                       -- Olga Kolesnikav


උපුටා ගැනීම :  Seconds From Disaster - S03E03 - Sinking Of Kursk
~~නිමි~~

මූලාශ්‍ර:

සැකසුම :

~~සෙන්නා / 13.07.2013
----------------------------------------------------------------------------------------------------------------------------

සමාව අයදීම:

දෙවන කොටස විවිධ හේතු නිසා මාසයක්ම පමාවීම ගැන සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලා හිටිනවා. මීට පස්සෙ සම්පූර්ණ කතාවම ලිවීමකින් තොරව කොටසක් පලනොකරන බවට තදින්ම හිතට ගත්තා.

විශේෂ ස්තූතිය:

  • සිය සබ්මැරින් චාරිකාව සිංහල බ්ලොග් සහෘද්දයන් හා බෙදාගත් හෙන්රි බ්ලොග්වෝකර්ටත්, එහිදී ප්‍රතිචාරයක් මගින් මෙම කතාව ගැන රහසින් ඔත්තුවක් දුන්නු ගැමියා මලයාටත්.  ගැමියා මලේ ඔන්න උඹ දැන් සබ්මැරින් වලත් ගිහින් අහවරයි හොඳේ....  :-)
  • නිහඬව වැරදි පෙන්වා දුන් ඩීන් අයියාට සහ ඩූඩ්ට.

120 comments:

  1. දාලා ද කියලා බලන්න ආවේ... අරහෙට ප්ලේන් එකක් මෙව්වා වෙලා.... ඒක ගොඩදාලා එන්නං සබ්මෑරින් එක ගැන ඉන්වෙස්ටිගේෂන් කොරන්න

    ReplyDelete
    Replies
    1. ප්ලේන් එක මෙව්වා වුනාද.. පොඩ්ඩක් හිටහන් මාත් එනවා.. මේක කොයි වෙලේ ගොඩගනන් බැරිද... ! :D

      Delete
  2. oii patta oii post eka

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තද ඕයි... තමුසෙට ස්තූතියි ඕයි.. :D

      Delete
  3. මට මේකෙ මුල් කොටස ඊයෙ කියෙව්ව වට "ටක්" ගාල මතකයට ආව මුල් පේලි දෙක තුන කියවද්දි. මාසයක් ප්‍රමාද වුනා කියල දැනුනෙ නෑනෙ. ආසාවෙන් කියවපු නිසා කලින් කොටස තදින් හිතේ රැඳිල තියන්න ඇති..

    රුසියන් ජනාධිපති ඒ වෙලාවෙ එහෙම ක්‍රියා නොකලා නම් මහා විනාශයක් වෙන්නත් තිබුන නේද කියල හිතුන කියවගෙන යද්දි.

    (අර ක්ෂණික ප්‍රතිචාර වල අන්තිම එකට නම් මට හිනාත් ගියා. ඒක උපුටන්න ගිහින් හරියකුත් වැටුන. හප්පේ.. යන්තම් ඇනල අයින් කලා. :D )

    ReplyDelete
    Replies
    1. *වට නෙවෙයි වගේ..

      Delete
    2. ස්තූතියි චන්දන. රුසියන් ජනාධිපති රැව්ලයි, කැඳයි දෙකම බේරන් කියලා තමා මට හිතුනෙ.

      ඇන්නට හරිගිහින් නෑ වගේ.. ආන් තියනවා.. :D ඔය දවසක් ඇනෝ කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්ණයක්නෙ.. ඒ ගොල්ලන්ටත් ඉතින් අවස්ථාවක් දෙන්න ඕනා හින්ද තමා ඔතෙන්ට දැම්මේ... :D

      Delete
    3. නෑ නෑ මට ඕන වුනේ "තමුසෙ පිස්සෙක් ද මිනිහෝ" කියන කොටස කොපි කරල කමෙන්ට් බොක්ස් එකට ගෙනත් දාන්න. ඒක කරන්න ගිහින් එතනට තමයි හරියක් වැටුනෙ. පස්සෙ ඒක අයින් කලා. ඊට පස්සෙ තමයි ආයෙ මුල් එකට ටික් එකක් දුන්නෙ. :)

      //ඒ ගොල්ලන්ටත් ඉතින් අවස්ථාවක් දෙන්න ඕනා හින්ද තමා ඔතෙන්ට දැම්මේ...//

      ඒක හරි. හැමෝටම පහසුකම් සලසල තියන්න එපැයි.. :D

      Delete
    4. හෙහ් හෙහ්... ඒත් කොහොමද අයින් කළේ චන්දන.. ටික් කරපු එකක් ආයෙ ඉවත් කරන්න පුලුවන්ද ?

      Delete
    5. ටික් කරපු එක උඩට ආයෙ පාරක් ටික් එකක් දුන්නම ඒක අයින් වෙනව නේද.. අපි කම්පියුටර් එකේ සෙටින්ග්ස් හදද්දි එහෙම චෙක් බොක්ස් මාක්/අන්මාක් කරනව වගෙ...

      Delete
    6. එහෙමද ? මම ඒක ට්‍රයි කරල තිබුන්නෑ.. මම හිතුවෙ දුන්නොත් දුන්නා කියලා.. ස්තූතියි චන්දන..

      Delete
  4. හපොයි රුසියාවෙ ජනාධිපති ඕක ඔහොම බේරගත්තෙ නැත්තං අපිට ඇස් පනාපිට ලෝක යුද්ධයක් බලන්න තිබ්බ. :D

    ReplyDelete
    Replies
    1. එහෙනම්... අපූරු චෑන්ස් එකක්නෙ මූ මිස් කෙරුවෙ... :D

      ඒ විහිළුවට. මිනිහා මොලකාරයා..

      Delete
  5. සෙන්නෝ නිළ වශයෙන් මම පෝස්ට් එකට ලෑන්ඩ් කරා කියන්න සංකේතාත්මකව මේ කමෙන්ට් එක දාන්නේ ..


    හරිය ...?

    ReplyDelete
    Replies
    1. හරි හරි... එළම තමා.. ඔන්න ප්ලේස් එක බුක් කරලා තිබ්බා.. හිමීට කියවලා එන්නකො සහන්.. මේ වගේ මාගල් ඉතින් එකපාර කියවන්නත් බෑනෙ.. ස්තූතියි.

      Delete
    2. සෙන්නගේ ලිපිය ගැන නම් වාදයක් නැහැ ..හැමදේම ගැන හොයලා ලියපු විශිෂ්ඨ ලිපියක් ...ඔය රුසියන් සිද්දිය ගැන කතා කළොත් කියන්න තියෙන්නේ කිසිවෙක් කිසිවක් කියන්න දන්නේ නැහැ කියලයි..එයාලා කියනවා , අපි අහනවා...

      ඔච්චරයි සෙන්නා වෙන්නේ..කෙසේ උනත් හදිසි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගන්න බැටරි පද්ධතිය වත් තිබිලා නැහැ කියලයි කියවුණේ. ඒ වගේම ඇමරිකානු සබ්මැරීන් සහ රුසියානු සබ්මැරීන් වල නොගැලපීම් නිසයි දිය යටදී උදව් කරන්න බැරි උනේ හදිසි දොරටු විවෘත කරලා.. උදව් කිරීමට යෑම නිසාම විනාශයක් වෙන්න පුළුවන්.. අන්තිමට උනේ කිසිම දෙයක් නොකර උඩ බලන් ඉන්න වීම...

      මදැන් මේ මම කියපු ටික උනත් ඇත්තද බොරුද කියන්න මන් වත් දන්නේ නැහැ...උඩ ඉන්න දෙවියෝ වත් යුධ රහස් දන්නේ නැහැ සෙන්නෝ...එකම දෙයයි කියන්න තියෙන්නේ අවසාන වශයෙන්, මේ සියලු දෙනාම බලයට ලෝභීව අම්මව උනත් විකුණන මිනිස්සු...

      මෙවැනි ලිපියක් මහන්සි වෙලා ලිවීම ගැන බොහෝම ස්තූතියි..දිගින් දිගටම විවේක වේලාවෙන් මෙවැනි ලිපි ලියන්න.. ( මගේ අර අන්තර්ජාල ජීවිත පෝස්ට් එකත් මතකයේ තියාගන්න )

      Delete
    3. සහන්,

      උඹ කියන එක හරි.. දෙවියොවත් දන්නැතුව ඇති යුධ රහස් ගැන. ඒවා එච්චරට රහසිගතයි, පැටලිලි සහගතයි සහ සංකීර්ණයි කියලා හිතෙනවා.

      අගය කළාට ස්තූතියි සහන්.

      ඉදිරිය ගැන කියන්න අමාරුයි.. මගේ බ්ලොග්කරණය ඉදිරියේදී බොහෝදුරට බ්‍රේක් වෙයි කියලා හිතෙනවා.. බලමු ඉඳලා හිටලවත් ( දැනුත් එහෙම තමා :D ) ලිපියක් දාගන්න හම්බෙයිද කියලා, කියවන උඹලා වෙනුවෙන්.

      Delete
    4. //මගේ බ්ලොග්කරණය ඉදිරියේදී බොහෝදුරට බ්‍රේක් වෙයි කියලා හිතෙනවා.//
      සෙන්නා ඔය අපිව පාරට බස්සන්නද හදන්නේ ඈ

      Delete
    5. පාරට බස්සවනවා කියන එක ටිකක් සංදිග්දයි.

      > සෙන්නා ඔය අපිව පාරට බස්සන්නද හදන්නේ ඈ
      උඹ ලිව්වෙ නැත්නම් අපි පාරට බැහැලා උද්ගෝෂණය කරණවා :D

      >සෙන්නා ඔය අපිව පාරට බස්සන්නද හදන්නේ ඈ
      උඹ නොලිව්වොත් අපිට යන එන මං නැතුව යනවා. :D

      ඔය දෙකෙන් කෝකද ?

      Delete
    6. මේක කෙටුවට පස්සේ මටත් එහෙම හිතුනා.d(

      මම කියන්නේ බං උඹ මේ ලියන එක නතර කලොත් එක මහා අපරාදයක්.

      අනිත් එක දැන් හැම මගුලටම ඔය උපවාස,උද්ගෝෂණ කරන එකේ මෙහෙම දෙයකට කලාම මොකෝ වෙන්නේ.c-)

      Delete
  6. මේක දැන් දක්කේ .. කර්ස්ක් ස්මභ්න්ද ව උනන්දු උනත් මෙච්චර හරියක් වෙලා තියන බව දන්නේ අද නේ ... කොහොම උනත් ලොක්කන්ගේ ජාම බෙර ගන්න සොක්කෝ ටිකක් මලා ... ! පුටින් ලොක්කා ගැනත් අපහු හිතන්ඩ වෙන කාරණාවක් මේක ...
    CIA ඔත්තු කරුවෙක් උන ගොර්බචෝෆ් ගෙන් පස්සේ යෙල්ට්සින් එයාගෙන් පස්සේ K.G.B ඔත්තු කරුවකු වූ පුටින් ... තාමත් පුටින් .. පුටින් මගදීම පැත්ත මාරු කළා ද කියලත් හිතෙනවා ...

    ReplyDelete
    Replies
    1. සමීර,

      බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.. මටනම් හිතුනෙම පුටින් බොහෝම දුර දිග බලලා, රැව්ලයි කැඳයි දෙකම බේරන් හැම පැත්තෙන්ම ප්‍රයෝජන අරන් කියලා. යෙල්ට්සින්ගෙන් පස්සෙ රුසියාව දිගටම පාලනය වුනේ පුටින් අතින් තමා. දිමිත්‍රි මිඩ්වෙදව් බලයේ හිටියේ ව්‍ය්වස්ඨානුකූලව, නාමිකව විතරයි. මම දන්න විදිහට පුටින් තාමත් හරිම ජනප්‍රියයි. පැත්ත මාරුකරපු බවක්නම් පේන්ඩ නෑ නේද ? මිනිහගෙ ටාර්ගට් එක රුසියාව ගොඩ දාන එක. ඒක වෙමින් පවතිනවා..

      Delete
  7. අද වෙලාවක් නෑ හෙට කියවනවා

    ReplyDelete
    Replies
    1. ඒ උඹට කොහොමද බන් අමතන්ඩ ඕනා.. වැවා කියන්ඩද ? ඉස්මත්තා කියන්ඩද ? නැත්නම් වෙන නමක් තිබේද ? හිමීට කියවන්ඩකො මචන්.. හදිසියක් නෑ..

      Delete
    2. මෙහෙම පුරස්නයක් එයි කියල දන්නවනම් මම මේ වගේ නමක් මගේ බ්ලොග් එකට දාන්නෙ නෑ.කොහොමවුණත් වෙන නමක් දාන්න උත්සාහ කරනවා.

      Delete
    3. අයියෝ පුරස්නයක් නෙමේ බන්.. ඉතින් අපිට කටට හුරු නමක් හදා ගන්න හින්දයි ඇහුවෙ.. අවුලක් ගන්න දෙයක් නෑ..

      කොහොමටත් බ්ලොග් එකේ නම නැතුව ලියන කෙනාට වෙන නමක් තිබුනනම් හොඳයි කියලා මට හිතෙනවා.. උඹම හිතලා බලලා හොඳ දෙයක් කරහන්.. හැබැයි ඕවා ඉතින් මහ ලොකු දේවල් නෙමේ..

      බ්ලොග් එකේ නම වෙනස් කරන්න දෙයක් නෑ.. ඒ නම බ්ලොග් එකකට ඔබිනවා. වෙනස් කරනවනම් උඹේ නම මාරු කරහන්..

      Delete
  8. සෙන්නා මේ මොන තරම් වටින ලිපියක් ද? ඒත් මේ කමෙන්ට් ගාන දැක්කම දුක හිතෙනවා. කුණුහරප කතාවක් දැම්මනං ඕසෙට කමෙන්ට. ඒත් සැලෙන්න එපා. මේ හොද දේ අගයන වටින කමක් ඇති පිරිස්ද ඉන්නවා. මේ ලිපි අදට නොව හෙට වෙනුවෙන් ලියූ සටහන්. හදවතින්ම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. නලීන්,

      බොහොම ස්තූතියි ප්‍රතිචාරයට සහ අගය කළාට.

      කමෙන්ට්ස් ගාන ගැනනම් මම දුක්වෙන්නෙ නෑ. තාම ලිපිය දැම්මා විතරනෙ. සාමාන්‍යයෙන් කුරුන්දෙ ලිපි දිග වැඩි නිසා කමෙන්ට්ස් වැටෙන්න ටිකක් වෙලා යනවා. දවසකින් දෙහෙකින් ඇවිත් බලන්නකො.. කුරුන්දෙ නිත්‍ය සාමාජිකයො ටික කොහොමත් මාව අධෛර්‍යයට පත්වෙන්න දෙන්නෙ නෑ. කොච්චර වැඩරාජකාරි තිබුනත් ඔවුන් ලිපියක් පලවුනාම කියවලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙ නෑ. ඒ බව තේරෙයි පරණ ලිපි වල කමෙන්ට්ස් බැලුවොත්. ඔවුන් නොවන්න මේක මෙච්චර කල් කෙරෙන්නෙත් නෑ. මේක මම අවස්ථාවක් කරගන්නවා ඔවුන්ට නැවතත් ස්තූති කරන්න.

      කුනුහරුප කතා වලටනම් ලොකු ඉල්ලුමක් තියනවා කියලා මටත් පේනවා. කමෙන්ට්ස් නැතුව මේක වහලා දැම්මත් මගෙ අතින්නම් ඒවා ලියවෙන්නෑ නලීන්.

      ඔබට නැවතත් ස්තූතියි මෙහෙට ගොඩ වැදුනට.

      Delete
  9. රුසියානු රහස් ඔත්තු සේවයේ හිටපු පුටින් ජනාධිපති පුටින් හැටියට හිතලා ණයක් බේරාගත්තා ද ලෝක යුද්ධයක් වැලැක්වූවා ද හිතුනා. කොහොම නමුත් එදා දෙවැන්න සිදුවීම කාගේත් යහපතට හේතුවක් යැයි හිතේ.

    ලෝක යුදායුධ තරඟයේ දී මෙවැනි කැපවීමෙන් වැඩකර දක්ෂයින් මොනතරම් විනාශ වෙන්න ඇද්ද, නිහඬවම. රුසියාවේ සිද්ධිය බටහිර කඳවුර විසින් මතු කර පෙන්වන්න හීන් නූලෙන් වැඩ කරන්න ඇති වුව ද ඔවුන්ගේ අබිරහස් මොනතරම් යටපත් කරන්න ඇද්ද? බලය කේන්ද්‍ර කරගෙන මේ හැම දෙයම.

    දෙවැනි කොටස පළකිරීම පමා වුනත් සෙන්නාගේ ලිවීමේ දී දකින්න තියෙන ගැලීම කොටස් දෙක ලස්සනට පාහනවා. කතාවේ ස්වභාවය නිසා පුද්ගලික හිතේ නිරස මතුවුනද ඔබේ ලිවීම රසවින්ඳෙමි.

    ReplyDelete
    Replies
    1. ඩීන් අයියා,

      බොහොම ස්තූතියි ප්‍රතිචාරයට. මෙතනදි පුටින් බොහොම දුර දිග බලලා වැඩකරලා තියන බවක් තමා පේන්නෙ. අනිත් එක ඔවුන්ට ඒ වෙනකොට ඇමෙරිකාව එක්ක බටහිර කඳවුර එක්ක හැප්පෙන්න හැකියාවක් තිබුනා කියලා හිතන්න බෑ නේද ? ඉතින් ගොඩින් බේර ගන්න එක තමා හොඳම වැඩේ කියලා පුටින්ට හිතෙන්න ඇති. අන්තිමට ණය ටිකත් කැන්සල් කරගෙන, අළුත් ණයකුත් අරගෙන වැඩේ ශේප් කරගන්න පුළුවන් වෙච්ච එක එයාගෙ පැත්තෙන් ලොකු ජයග්‍රහණයක්. අර 118 දෙනාට, අඩුම ගානෙ අන්තිම 23 දෙනාටනම් වුනේ ඉතින් ලොකු අසාධාරණයක්.. ඒත් රටක් වශයෙන් බලලා තීරණ ගන්නකොට, හැම රටක්ම ඔය වගේ බිලි කීයක් දීලා ඇත්ද කියලා හිතෙනවා.

      පෞද්ගලිකව වැරදි පෙන්වලා දීපු එක ගැන බොහොම ස්තූතියි ඩීන් අයියා. ඒක මම ඉහලින්ම අගය කරණවා.

      ස්තූතියි නැවතත්.

      ජය !!

      Delete
  10. නියමයි සෙන්නා.. ඇත්තටම මං ආවේ ටිකක් කම්මැලිකමේ.. මට පලවෙනි කොටස මතක තිබ්බෙත් නෑ... ඒත් යන්තම් පළවෙනි ටික කියෝනකොට ඒ කේස් එකම මතක් උනා... කර්ක්ස්.... පිස්සු හැදෙනවා... ඉස්කෝලෙ යන කාලේ විදෙස් ප්‍රවෘත්ති වලට මං ආස කරන්න පටන් ගත්ත එක හේතුවක් තමයි කර්ක්ස් කේස් එක...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරූ. පළවෙනි කොටස අමතක වෙනවා නේන්නම්.. මාසයක්ම ගියානෙ. ඒ ගැන නැවතත් සමාව ඉල්ලනවා..

      කම්මැලිකමෙන් ඇවිල්ලා, ආසාවෙන් ගිය එක ගැන සතුටුයි. ඒ කියන්නෙ ඔබ ලිපියෙන් යමක් උකහාගෙන තියනවා.

      Delete
    2. 6 ට පටන් ගත්ත එක ඔන්න දැනුයි ඉවර කළේ.. කුරුන්ද මුල ඉඳලා අගටම කමෙන්ට් බොහොමයක් එක්කම ඉවර කළා.. හම්මා.. දැන් හතිත් වගේ...

      ඉස්සර මුතුහර සඟරාව කියවන්න ගත්තමත් මෙහෙම තමයි..... මුල ඉඳලා අගටම එක හුස්මට කියෝගෙන යනවා.... කොච්චර රසවත් විස්තරද... ස්තූතියි සෙන්නා....

      Delete
    3. හප්පේ එහෙමද ? හිරූ සෑහෙන වේගෙකින් කියවලා තියනවා වගේ. හයට කිව්වෙ හවසද ? උදේද ? ස්තූතියි පරණ ලිපි කියෙව්වට.

      Delete
    4. හවස හවස... ඔය උඩ තියෙන කමෙන්ට් එක දාලා පරණ ඒවා කියෙව්වා... කොහොමත් මං ස්පීඩ් එකේ කියෝනවා...

      Delete
    5. යකෝ ඒක අදහන්න වටින වේගයක්නෙ... සාමාන්‍යයෙන් මගෙ බ්ලොග් එකේ තියෙන්නෙ දිග ලිපිනෙ.. ඒවා සෑහෙන ප්‍රමාණයක් පැය තුනකින් කියෙව්වා කියන්නෙ සම්මානයක් දෙන්න වටිනවා. සත්තයි.. :D

      Delete
  11. ඉස්සෙල්ලම මටත් ස්තුති කලාට උඹට ස්තුතියි සෙන්නා. කෙනෙක් ස්තුතියි කලාම You're welcome වලට සමාන කෑල්ලක් සිංහලෙන් නැති නිසයි එහෙම කිව්වෙ. :D

    මම මේක දැක්ක ගමන් පැනලා කියෙව්වේ නැත්තේ හෙමිහිට බලන්නයි. උඹේ පෝස්ට් බොහොමයක මම දකින විශේෂය කලබලේට කියෙව්වට වැඩක් නැති කමයි.

    මේ පෝස්ට් එක මැදදි ප්‍රමාද වුනේ ලංකා ගමන වෙන්න ඇතියි කියලා මට හිතුනා. අවුරුද්දකට පස්සෙ ගෙදර ගිහින් පොඩි සෙන්නයි සෙන්නියි එක්ක ඉන්න ඕනෙ වෙලාවේ උඹ කී බෝඩ් එකට ඇන ඇන කල්පනා කර කර ඉඳියි කියලා බලාපොරොත්තු වෙන එකත් වැරදියිනේ, නැද්ද?

    කතාව ගැන කිව්වොත් ඉතින් අපිට හරියටම මේකයි වුනේ කියලා කියන්න බෑ, න්‍යායවල් කීපයක් ඇරෙන්න නේද? ඉතින් විශ්වයේ උපත, ඩයිනසෝරයන්ගේ වඳවීම ගැනත් ඇත්තෙන්ම තියෙන්නේ න්‍යායවල්නේ. වෙච්ච ඇත්ත සිද්ධියත් දන්න කීපදෙනෙක් ඇති. ඔය අපි දැනගන්න ටිකත්, කාලෙන් කාලෙට දේශපාලන මතිමතාන්තර සහ අවශ්‍යතා මත සංශෝධනය වෙන්නත්, අවධාරණය වෙන්නත්, අතිශයෝක්තියට නැගෙන්නටත්, සුලු කොට සැලකෙන්නත් ඉඩ තියෙනවා.

    පාරිභාෂික සිංහල වචන වල අඩුව අපිට දැනෙනවා නේද බං මේවගේ දේවල් ලියන්න ගියාම. Air condition ventilation duct එකටත් උඹ සෑහෙන කල්පනා කලා නේද? :D ඇයි බං අපිට මේ වචන සෙට් එක තවම හදාගන්න බැරිවුනේ? අඩුම ගානේ කොම්පියුටර් මවුස් එකට වත් හරි හැටි වචනයක් නෑනේ හාස්‍යජනක නොවන.

    ReplyDelete
    Replies
    1. ඩූඩේ,

      You are welcome එකට "එය සතුටක්" වගේ දෙයක් තමා කියන්න වෙන්නෙ.

      ඔව් බන් කලබලේට කියවලා බෑ තමා. හිමීට, බොහොම හිමීට කියවන්න ඕනා. මමත් මේ ජාතියෙ ලිපි කියවන්නෙ එහෙමයි. බොහොම කාලය අරන්, හිමීට හිමීට, තේරුම් ගනිමින් තමා කියවන්නෙ.

      ලංකා ගමන ඒකට සෑහෙන වග කියන්න ඕනා. ඊට අමතරව මෙක වීඩියෝ දෙකක් පදනම් කරගෙන ලියපු ලිපියක් මචන්. ඔය දෙක මම ප්‍රතිධාවනය කරමින් බලපු වාර ගනන සියයකට වැඩි වෙන්න ඕනා. සමහර තැන් මට කටපාඩම්. බොහොම හිමින් හිමින් බලබල, ඒවයෙ හරි වැරදි චෙක් කර කර ලියනකොට සෑහෙන වෙලා යනවා බන්. සමහර දවස් වලට මම ලියලා තියෙන්නෙ එකම එක ඡේදයයි...
      හැහ් හැහ් සෙන්නි.. ඒක මරු නම.. උන්දැට මම කියන්නම් උඹ නමක් දීලා තියනවා කියලා.. :D

      ඔව් උඹ හරි.. අදටත් සාමාන්‍ය අය කවුරුවත් දන්නෑ හරියටම මොකද වුනේ කියලා. Pravda වෙබ් එකේ මේ ලඟදිත් ලිපියක් පළවෙලා තිබුනා මේකට ඇමෙරිකාවයි, එක්සත් රාජ්ධානියයි වග කියන්න ඕනා කියලා. ඕවා ඉතින් සදහටම ඔහොම ඇදි ඇදී යාවි.

      පාරිභාෂික වචන වල අඩුවනම් එමටයි ඩූඩ්. කිව්වත් වගේ මම එතනදි හිර වුනා. බැරිම තැන තමා ඉංග්‍රීසියෙනුත් දාලා අත පිහගත්තෙ.. Mouse එකට මූසිකය කියනවා නේද ? ඕකෙ මෙහෙම වැඩකුත් තියනවා.. ඉන්ග්‍රීසියෙන් යමකට එහෙම කිව්වම පිළිගන්න අපි සිංහලෙන් කිව්වම ඒකටම හිනා වෙනවා. උදහරණයක් හැටියට අපි Mouse කිව්වට හිනා වෙන්නෑනෙ. ඒත් මූසිකය හෝ මීයා කිව්වම අපිට හිනා යනවා. ඒ ඇයිද කියලා මට තේරෙන්නෑ.. එක්කො අපේ මොල ශෝදනය වෙලා ඇති බන්..

      උඹට ගොඩක් ස්තූතියි ඉතින් හැමදාම වගේ දිග කමෙන්ට් එකක් දාල දෙන සප් එකට.

      Delete
  12. තේ එකක් බිලාම එන්නං ඈ..:D

    ReplyDelete
    Replies
    1. මටත් එක්ක බීහන් ආ.. :D

      Delete
    2. තේ එක බිලා බඩ පොඩ්ඩක් අප්සට් ගියා නොව.
      අපෝ මේ වාරයේ කැන්ටිමේ තේ නම්..:(

      කර්ස්ක් සබ්මැරින් අනතුර ගැන ඒ දවස්වල මාධ්‍ය මගින් කතා කලා මතකයි.නමුත් මේ දේවල් දැනගත්තේ ඔබේ බ්ලොග් එක හරහා බොහෝම ස්තුතියි සෙන්නා ඔබේ මේ කැපකිරීම ගැන.:-h

      කොහොම නමුත් ඇස් පනාපිටම වෙන්න තිබුන විනශයක් නතරඋන එකත් ලොකු දෙයක් නේ.
      සෙන්නාට හැකියාවක් තියේනම් පළවැනි ලෝක යුද්දය සම්බන්ද ලිපි පෙළක් පලකරන්නකෝ.

      දෙවැනි ලෝක යුද්දය හා සම්බන්ද ලිපි පෙළක් සත් සමුදුරේ නම් පළවුණා.නමුත් පළවැනි ලෝක යුද්දය සම්බන්දයෙන් එවැනි ලිපිනම් දැක්කේ නැහැ වැඩිය කොහෙවත්.

      Delete
    3. වාරයෙද ? වරායෙද ? උඹ වරායෙද ඉන්නෙ ? වරායෙ කැන්ටිම් වලින්නම් මමත් තේ බීලා තියනවා අනන්ත.. මටනම් මොන හෙනයක්වත් නෑ.. ( ඌරන්ට මොන සෞඛ්‍යද කිව්වලු.. :D )

      ස්තූතියි අගය කරලා තොප්පිය ගැලෙව්වට.. අර හෙන්රියත් ඇහුවා වගේ උඹට කොහෙන්ද ඔච්චර තොප්පි ? :D

      පළවෙනි ලෝක යුද්දෙ ගැන ලියන එකනම් ටිකක් නාන්න වෙන වැඩක් බන්.. මට ඉස්සරහට බ්ලොග්කරණය වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් කාලයත් බොහොම සීමිත වෙයි වගේ.. බලමුකො..

      උඹට ස්තූතියි ඇවිල්ලා ඔත්තුවකුත් දීලා ගියාට.

      Delete
    4. මළා,සොරි ඈ වරායෙ, වරායෙ..
      තොප්පිනම් මොනවාද ලොක්කා...:D

      කොහොමහරි වේලාව ඇති විදියකට ලියමු.මම මෙහෙම කියන එක අසාධාරණ ඉල්ලීමක් වෙන්නත් පුළුවන්.
      නමුත් තමන්ගේ දැනුම තවත් අය සමගින් බේදා ගැනීම කොයි තරම් උතුම් දෙයක්ද..? එකේ වටිනාකම දැනෙන්නේ අදට වඩා හෙටයි.

      (අර රජය කරන සංවර්ධන ව්‍යපති වගේ...:D)

      Delete
    5. අනේ මට ඇති දනුමක් නෑ බන්.. මම ඉතින් ඔය එහෙන් මෙහෙන් අහුලලා ලියන ඒවා.. උබ තව මාසයක් ගිහින් මේකෙ තියන මොකක් හරි අහපන්, ශුවර් එකට මට මතක නැති වෙලා තියෙයි. ඒ ජාතිය සිංහල නිසා නෙමේ.

      Delete
  13. හරිම ඛේදජනකයි කතාව. ඉහල තැන්වල ඉන්න අමනයො නිසා අහිංසකයන් කීදෙනෙක්ගෙ ජීවිත නැති වෙනවද?තමන් මැරෙනව කියල දැනගෙන ගතවෙන කාලය මොන තරම් බිහිසුනුද? වාතය නැතුව මැරෙන එක වෙන්නැති නේද වේදනාකාරිම මරනය?

    මාසයක් ගතවුනේ ගොඩක් ලිපි රිෆර් කරල තියෙන නිසානෙ. කල් ගිය එකේ ප්‍රතිපලය බුක්ති විඳින්නෙ පාඨකය නෙ.
    ගොඩක් ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිල මානෙල්.. හුස්ම ගන්න බැරුව මැරෙන එකනම් මහම මහ ඛේදවාචකයක් තමා.. මටත් හිතෙද්දිත් බයයි.. ස්තූතියි අගය කළාට.. පාඨකයන්ට වටිනා දෙයක් දෙන්න ලැබීම ඇත්තෙන්ම සතුටක්..

      Delete
  14. මං මේ කල්පනා කරේ විස්තරේ ගැන නෙවෙයි.. මේක හොයා ගන්න සෙන්නා කොච්චර මහන්සියක් වෙන්න ඇතිද කියලා

    ReplyDelete
    Replies
    1. ඈහ්.. මේක හොයාගන්න ?? යකෝ මම නෙමේ මේක හොයා ගත්තෙ.. :D මම ඉතින් ඔය එහෙන් මෙහෙන් තිබුන විස්තර ටික ඇමිණුව එක තමා කළේ.. විස්තර හොයන්ඩනම් සෑහෙන මහන්සි වුනා..

      ස්තූතියි යසිත්....

      (උඹ හැටේ කොත්තු කෑවෙ නැතෙයි ඊට පස්සෙ ?)

      Delete
  15. අහ්හ්.... මෙන්න මෙයාට මේක ලියන්න මතක් වෙලෝ..... ;)
    මට නම් හෙඩිම දැක්ක ගමන් මතක් වුනා.... කොහොමත් මං හෙන දුකෙන් හිටියේ දිමිත්‍රිගේ වයිෆ් ගැන..... ඒ නිසා කතාව පටස් ගාල මතක් වුනා...
    පුටින් මාර මොළ කාරයනේ... නැත්තන් ඉතිං මේක කොහෙන් කොහොම ඉවර වෙයිද.....

    ReplyDelete
    Replies
    1. මතක්නම් හැමදාම වුනා.. සමනළී, ලියා ගන්න වෙලාවක් නැති එකයි පුරස්නෙකට තිබුනෙ... පුටින් මොලේ පාවිච්චි කරලා තියනවා කියලා මටත් හිතෙනවා.. නැත්නම් කොහොමද බැලැස්ටික් මිසයි බ්රෘම් ගාලා අපේ ඔලු උඩින් යනකොට දැනෙන සනීපෙ.. :D

      Delete
  16. සෙන්නා මම වැදගත දෙයක් හොයාගත්තා.

    ReplyDelete
    Replies
    1. ඉතින් බින්කුන්ඩෝ ඔය හොයා ගත්තු එක අපිට කියන්නැතෙයි ?? කර්ස්ක් ගැනද ?

      Delete
    2. ඉතින් අගේ නොකර කියහන්කො.

      Delete
    3. බ්ලොග් බින්කුණ්ඩා,

      මට කණගාටුවෙන් උනත් ඔයාගෙ කමෙන්ට් එක ඉවත් කරන්න වුනා. මට තේරුනා ඔයා කා ගැන හරි මොනවා හරි කියන්න තෙපර බාන බව. ඒකමයි මම කමෙන්ට් මොඩරේට් කලෙත්. ඔයා කා ගැනද කියන්නෙ කියලා මට අවභෝධයක් නෑ. ඒත් ඒ තොරතුරු මෙතනට අදාල නොවන නිසා මම පල කරන්නෙ නෑ. කාරුණික ඉල්ලීමක්, ඔවැනි දෑ සඳහා මේක වේදිකාව කරගන්න එපා. ඔබට ස්තූතියි.

      Delete
  17. // අඩුම ගානේ කොම්පියුටර් මවුස් එකට වත් හරි හැටි වචනයක් නෑනේ හාස්‍යජනක නොවන.//

    පරිඝණක මුසික

    හික් හීක්.. කොහොමද වචනේ ඩුඩ්?

    ReplyDelete
    Replies
    1. ඒ වචනෙ හොඳයි නේද අයිලාෂ්.. මමනම් ඒකට කැමතියි.

      Delete
  18. බොහොම වටිනවා සෙන්නා මේ ලිපිය. මොනවා උනත් අර නිලධාරීන් ටික මැරෙන්න ඇරපු එකනම් හරිම කතා වැඩක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයිලාෂ්.. මමත් ඒකට කැමති නෑ.. ඒත් පේන්ඩ තියන විදිහට ඔවුන් සෑබෑ හේතුව දන්න නිසා මැරෙන්න ඇරියා කියලා තමා හිතන්ඩ වෙන්නෙ. මොකද ඔවුන් ඇර අනිත් වෙන කිසිම කෙනෙක් කියන දෙයක් උපකල්පන හෝ හිතලු නිසා අභියෝග කරන්න පුලුවන්. ඇත්තටම සබ්මැරිනය ගිලුනෙ මෙම්පීස් ටෝපිඩෝ ප්‍රහාරයෙන්නම්, අනිවාර්යයෙන් ඔවුන් ඒක දන්නවා.. ඔවුන් උඩට ඇවිත් ඒක කිව්වොත් ඇතිවෙන තත්ත්වය පුටින්ට ගෙදර යන්ඩ වෙන එකක්..

      Delete
  19. හෑ ..... අවසාන කොටස? උඹ පළවෙනි කොටස දැම්මෙ කවද්ද බං. ඕං මම හිටපු ලෝකෙ. උඹ හුඟ දවසකින් මොකුත් ලිව්වෙ නෑ කියල මතකයක් තිබුනට ඇවිත් බලන්න බැරි උනා. අනිත් කොටසත් කියවලම එන්නම් කෝ අදහසක් කියන්න.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලහන් උඹ කොහෙද ඉන්නෙ කියලා.. පලවෙනි කොටස දැම්මේ මාසෙකට කලින්... හැක් හැක්.. ඒක කියවලා වරෙන්.. නැත්නම් මඤ්ඤන් වෙයි.. :D

      Delete
    2. මාසෙකට කලින් කියන්නෙ මම බ්ලොග් වර්ජනය කරල හිටපු දවස් වෙන්ට ඕන. මම දැක්කෙ නැත්තෙ ඒකනේ.

      ඔව් පළවෙනි කොටස නොකියව දෙවෙනි කොටස කියවන්නෙ නෑ, ඒත් දිග ලිපි දෙකක්ම කියවන්න තියෙන නිසා බෝලෙ හෙටට පාස් කළා බං, දැන් නිදි මතයි.

      Delete
    3. මොකද මේ කරල තියෙන්නෙ, උඹ අර බුද්ධියට බැන බැන ඒකමනේ කරල තියෙන්නෙ. හදිසියෙ උඹ නැති අල්ලපනල්ලෙ අපට මෙතන කයියක් ගහන්නවත් විදියක් නෑනේ. උඹ ඇවිත් කමෙන්ට්ස් කියවනකන් හිටපන්කෝ ඉතිං අපි.

      Delete
    4. ඒ මොකෝ උඹ බ්ලොග් වර්ජනය කළේ.. කවුරුහරි බැන්නද ?

      තුන්වෙනි කමෙන්ට් එකට:
      කමෙන්ට් ටික ඔක්කොම කියවහන්කො, එතකොට තේරෙයි ඇයි කියලා..

      Delete
    5. ආ .... මම දැක්කා ඒක. පිස්සො නේ බං. තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම්, අනුන්ගෙ රෙද්දවල් අපිට මොකටද. අතින් කාලා අනුන්ගෙ හරක් බලන එවුන්ට ඉතිං වෙන මොනව කියන්නද. තියෙන තුට්ටු දෙකත් ඉන්ටනෙට් බිල් ගෙවල ඉවර වෙනව ඇරෙන්න මේ වර්චුවල් ලෝකෙ මොනව ලබා ගන්නද මන්දා. කාට හරි විහිළුවක් කරන එක එකක්, ඒත් ඔය විදියට අතන මෙතන තමන්ගෙ අනන්‍යතාවය හංගගෙන කමෙන්ට්ස් දාන එක නම් වැරදියි, මේක මහ වසංගතයක්.

      Delete
    6. මොනවා කරන්නද බන්.. අපිට ඉතින් නා නා ප්‍රකාර චරිත එක්ක ජීවත් වෙනවනෙ සැබෑ ජීවිතේදිත්, බ්ලොග් වලදිත්..ඉවසනවා හැර විකල්පයක් නෑ..

      Delete
    7. උදේ ලිපි දෙකම කියෙව්වට ලොග් වෙන්න විදියක් තිබුනෙ නැති නිසා දැන් තමා කමෙන්ට් කරන්නෙ ඔන්න.

      ඔය සිද්ධිය ඒ දවස්වල පත්තරවලින් එහෙම කියෙව්ව වගේ මතක තිවුනට දැන් මතක නෑ මොනව උනාද කියලවත්. බොරු මොකටද සබ්මැරීන් එකේ සයිස් එක කිව්වහම මාව උඩ ගියා.

      පළමු ලිපිය කියවල ඉවර උනාම මට මතක් උනේ සුප්‍රකට මියුනිච් ප්‍රහාරයෙන් පසු ජර්මනියෙ කුප්‍රකට හැසිරීම. රුසියාවත් ඊට දෙවෙනි නෑ. ඒත් දෙවෙනි කොටසත් කියෙව්වම මට හිතුනා මෙතන තව සැලකිල්ලට ගත යුතු කරුණුත් තිබෙනවා කියල. ලෝක දේශපාලනය හැමවිටම ඔහොමයි. ගැලරියෙ ඔන්න ගැහුවා මෙන්න ගැහුවා ගානට ඉන්න රටවලුත් යම් සිදුවීමකදි තිරයෙන් පිටුපසදි හමුවෙල දෙරටේම ජනයාට කොලේ වහලගහනවා. කොහොමටත් රටක වෙන හැමදේම රටවැසියො දැනගෙන හිටියනම් ඒ රටට කවදාවත් ඉස්සරහට යන්න බැරිවෙන්න පුළුවන්. කොහොම උනත් රුසියාව මෙතනදි ලෝකාපවාදයන් විඳිමින් හරි තත්ත්වය කළමනාකරණය කරගෙන තිබෙනව. (ඔය සිදුවීඹත් එක්ක බලද්දි නොසැලකිය යුතුතරම් සිදුවීම්වලදි මෙහේ කට්ටිය නාන නෑමෙ හැටියට හදිසියෙවත් ඔය වගේ තත්ත්වයකට ලංකාව මුහුණ දුන්නනම් කොච්චර නෑමක් නායිද.)

      //දින කිහිපයකට පසු රුසියාව වෙතින් ඇමෙරිකාවට අයවිය යුතුව තිබූ සියලුම ණය කපා හැරුණු අතර ඩොලර් බිලියන 10.50 ක නව ණය මුදලක් ඇමෙරිකාවෙන් රුසියාවට අනුමත විය//

      මෙහෙම උනාම වැරැද්ද පිළිගත්තට හපන්නේ. ඒ ගැන ලෝක වාසීන් කිසිම හාහෝවක් කරල නැත්ද.

      Delete
    8. DDT ස්තූතියි, හදිසියේම කොටස් දෙකම කියවලා දිග කමෙන්ට් එකකින් සංග්‍රහ කළාට.

      මේ ජාතියෙ ගැටුම් වලදි මම හිතන්නෙ බැරිම වුනොත් තමයි ගේමට යන්නෙ. මොකද දෙපැත්තම දන්නවා අත්වෙන විනාශය, එහෙම සටනක් ඇවිලුනොත්. අර ඉස්කෝලෙ යන කාලෙ මතකනෙ, දෙන්නට දෙන්න බය දෙන්නෙක් කවදාවත් ගහගන්නෙ නෑනෙ. පුප්ප පුප්ප ඉන්නවා විතරයි. මේකෙ තව අපි නොදන්න දේවල් තියනවා කියලයි මටනම් හිතෙන්නෙම. මොකද ඇමෙරිකාවත් ආ අපි තමයි ගැහුවෙ මෙන්න සල්ලි කියලා නිකන්ම දෙන්න විදිහක් නෑනෙ. ඒවගේ එකඟතාවයකට එන්න බලපාපු මොකක් හරි ලොකු හේතුවකුත් ඇති කියලා මට හිතෙනවා. ඕවා ඉතින් සදාකාලික රහස්..

      මෙහෙමයි ඔය ණය කපා හරීම් හා අලුතෙන් ණය දීම් මේවට සම්බන්ධ කරලා පෙන්නනෙ නෑනෙ. ඒවා වෙනම සංසිද්දි විදිහට යන්නෙ. ඉතින් කාටවත් මුකුත් කියන්න බෑනෙ. ඕවා ගැන පස්සෙ හොයනාකොට තමයි ඉතින් මේ සිද්දි දෙකේ සම්බන්ධයක් ඇති කියලා හිතෙන්නෙ.

      Delete
  20. මම මේ ජාලයේ නිවේදනයක් දාන්න හිටියේ සෙන්නා මේ ලිපියේ ඉතුරු කොටස ලිවීමට පෙළඹවීම සඳහා උද්ඝෝෂණයක් පටන්ගම්මු කියලා.

    තාක්ෂණයය දියුණුයි අරකයි මේකයි කියලා කොච්චර කෑ ගැහුවත් තවමත් සබ්මැරීන් කියන්නේ, මුහුද යට ගමන්කරන සමූහ මිනී වලවල් වර්ගයකට. කවදා හෝ මේවාගේ පාලනයෙන් මිනිසා ඉවත්වී රොබෝ වරුන් ඒ තැනට එනතුරු මේ තත්වය මෙහෙමම තමයි. යුද බලවන්තයෝ කවදාවත් බිය වන්නේ නැහැ තමන් සතු අලුත්ම අවි අත්හදා බලන්න, කොපමණ විනාශයක් වුනත්. කර්ස්ක් සබ්මැරීනයට ගහන්න පාවිච්චි කලේ;

    1. ඉතා ඉහල සහ විශ්වාසවන්ත බුද්ධි තොරතුරු.

    2. හරියටම තිතටම කාල ගණනය කර සාදන ලද ප්‍රහාරක සැලැස්ම.

    3. ප්‍රහාරයේ සියලු දෙනා එක අණක් යටතේ කාර්යක්ෂමව,විශ්මය දනවන ලෙස, වේගවත් ලෙස, 99.9% නිවැරදිව ක්‍රියා කිරීම.

    (Extremely good and reliable Intelligence. Highly Commendable Planning. Speed and surprise in launching and withdrawal of the attack)

    war Head එකට පිපුරුම් හිස කියලා කියන්නත් පුළුවන්. තල බමර ද තල බමනද? Propellers/Turbines මම හිතන්නේ ඔබ හරි.

    වෙනදා වගේම සාර්ථක ලිපියක්. බොහොම අගෙයි. ප්‍රශංසනීයයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. උද්ඝෝෂණයක්.. !!! හප්පේ හොඳ වෙලාවට ඊට කලින් දා ගත්තේ...

      මේකට ප්‍රහාරයක් එල්ල කළා කියලා නිෂ්චිත විශ්වාසවන්ත තොරතුරු තියේද විචාරක මහත්තයෝ ? මටනම් හැමතැනකම දකින්න ලැබුනෙ උපකල්පන හා හිතලු විතරයි..

      පිපුරුම් හිසත් හොඳ වචනයක් තමා ඒකට..

      හැබෑටම තලබමරද, තල බමනද ? මධුරෙ තියෙන්නෙ තලබමර කියලා. තලබමන කියලා තියෙන්නෙ Turbo වලට.. කෝක හරිද මන්දා.. ???

      බොහොම ස්තූතියි විචාරක මහතා ඔබගේ ප්‍රතිචාරයට.

      Delete
    2. // කවදා හෝ මේවාගේ පාලනයෙන් මිනිසා ඉවත්වී රොබෝ වරුන් ඒ තැනට එනතුරු මේ තත්වය මෙහෙමම තමයි. //

      දැන් ටික ටික ඒ තත්ත්වය ඇතිවෙමින් තියෙනවා නේද? මම දැක්කා පහුගිය දවස්වල එයාලා ඩ්‍රෝන්ස් යොදාගෙන මේ ගැන පරීක්ෂන කරන articles වගයක්.. ඊළඟට unmanned subs සහ unmanned MBTs යොදාගැනීම ගැන අවධානය යොමු වෙනවා.. තව ටික කාලයක් යනකොට යුද්ධත් නිකං video games වගේ වෙයි නේද.?? :)

      Delete
    3. බූරා,

      රොබෝලා යුද්ධෙට ආවොත් ඒ පස්සෙන අනිවාර්‍යයෙන්ම බුකී කාරයොත් එයි කියලා මට හිතෙනවා.. :D

      Delete
  21. අප්පටසිරි ඩබල්ගේම්නේ කොතනත් තියෙන්නේ. :(

    බලන කොට අර පෙරහන් කඩදාසි වලින් ඇතිවූ ගින්න නිසා මරණය ඉක්මන් වීමත්, ඒ අයගේ එක්තරා වාසනාවකට සිදුවූ දෙයක් වගේ...

    බොහෝම ස්තුතියි කීවා .... සෙන්නෝ.

    ReplyDelete
    Replies
    1. හැමතැනම එහෙම තමා නේද ? පොඩි මිනිහගේ ජීවිතේට බොහොම ලඝු වටිනාකමක් තියෙන්නෙ.. ඒක එක්තරා විදිහකට වාසනාවක් වෙන්නත් පුලුවන්.. ඒත් ඒක මහ භයානක මරණයක්නෙ.. :(

      ඔබට ස්තූතියි ගමේ හිතවතෝ ප්‍රතිචාරයට..

      Delete
  22. ඩබල්ගේම්නේ කොහෙත් තියෙන්නේ:(//

    පෙරහන් කඩදාසි නිසා ඇතිවූ ගින්නත් සමඟ මරණය ඉක්මන් වීම, ඔවුන්ගේ වාසනාවට සිදුවූ දෙයක් යැයි සිතමි.

    එහෙමනම් බොහෝම ස්තුතියි කීවා සෙන්නෝ.

    ReplyDelete
  23. සොරි වෙන්නට ඕනැ සෙන්නා. දෙපාරක්ම කුරුටු ගෑවා-කොමෙන්ටුව... දැන්නේ මේ මැසේජ් එක දැක්කේ.
    "Your comment will be visible after approval."

    (මම බැලුවා කොමෙන්ට් එක මූදුබත් උනාවත්දෝ කියලා.:D)

    ReplyDelete
    Replies
    1. සිදුවූ අපහසුතාවය ගැන සමාවෙන්නෝනා ගමේ හිතවතා. නොවැලැක්විය හැකි හේතුවක් නිසා කමෙන්ට්ස් මොඩරේට් කරන්න සිද්ද වුනා..

      Delete
  24. දැන් නම් බ්ලොග් එක හරිම ලස්සනයි සෙන්නා. ඔයා මේවා ලියන්න කොයිතරම් කරුනු හොයලා මහන්සි වෙන්න ඇද්ද කියලා හිතද්දී මට නම් එහෙම දෙයක් කරන්න හිතන්නවත් බෑ කියලයි හිතෙන්නේ. හැමදාම වැදගත් දෙයක් අපට දෙන ඔයාට ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. පුංචි,

      ඔයාට ගොඩක් ස්තුතියි කමෙන්ට් එකටයි, අගයක් කළාටයි.. මම වෙන මහන්සියෙන් ඉතින් ප්‍රථිපලයක් තියනවානම් ඒක මට සතුටක්. එතකොට මහන්සිය අපතෙ ගිහින් නෑනෙ.

      මම හිතන්නෙ ඔයා කමෙන්ට් දෙකක් දැම්මෙ මොඩරේට් එකේ ප්‍රථිපලයක් නිසා වෙන්නෝනා. ඒ ගැන සමා වෙන්න. ඉතින් මම දෙවෙනි කමෙන්ට් එක අයින් කළා.

      Delete
  25. ආ බොල මතක් උනාද මේ පැත්ත... නිවදුවටම මල ගෙයක් සෙට් උනා සෙන්නා... අදත් දවසම ඉවරයි. :(

    (පොස්ට් ඒක කියෙව්වේ නෑ.)

    ReplyDelete
    Replies
    1. පරිස්සමින් ගිහින් වරෙන්කො එහෙනම්..

      Delete
  26. මේක කියවද්දි කොච්චර දේවල් හිතට ආවද?

    ගොඩක් දේවල් කියන්න යන්නේ නෑ. කෙටියෙන් ම කිව්වොත් රටවල් අතර පක්ෂ අතර මොන ප්‍රශ්ණ තිබුනත් - ඒවා වැඩිපුර බලපාන්නේ පොඩි මිනිස්සුන්ට. ලෝකේ හොඳම මොලකාරයෝ ඉන්නේ ඇත්තටම ඇමරිකාවෙද කියලත් හිතෙනවා මේවා කියවද්දි.

    (අපිටත් සබ්මැරින් එකක් දෙකක් තිබුනානම් පඹයෝ ටිකක් යවලා හරි ඒවා පුපුරවලා ඇමරිකාවට තියෙන ණය කපා ගන්න තිබුනා.)

    ReplyDelete
    Replies
    1. බුද්ධි,

      හිතට ආපු දේවල් කියලා ගියානම් හංගගන්නැතුව...

      මිටි තැනින් වතුර බහිනවා කියලා සිංහල කියමනකුත් තියනවනෙ. මටනම් හිතුනෙ ලෝකෙ හොඳම මොලකාරයා පුටින් කියලා..

      අපිට සබ්මැරින් එකක් තිබුනා කියමුකො. ඒකට ඇමෙරිකන් අයියලා ගැහුවත් කියමුකො. ඊට පස්සෙ ?? ඇමෙරිකන් උන් මෙහෙම කියයි.
      "ඇයි ඔහේලා මීට කලින් අපි සබ්මැරින් වලට ගහනවා දැකලා නැද්ද ? දැකලා නැත්නම් කුරුන්ද කියවනවා. අනේ නිකන් යනවා ඕයි වැඩක් බලාගෙන. ආවා මෙතන ණය කපන්න." හැක් හැක් :D එහෙම වුනාම ඉතින් අපිට හිතෙයි අයියෝ ඇයි අපිට සබ්මැරිනයක් තිබුනෙ කියලා.

      Delete
    2. ඇමරිකන් කාරයා ඔක්කොම කරලා සුදනා වගේ ඉන්නවා. ඒත් පුටිං හොඳ සෙට් එකක් ම නැති කරගත්තා නොවැ.

      Delete
    3. බුද්ධි, ඒ හරියනම් එහෙම තමා. එහෙම බැලුවම ඇමෙරිකන් කාරයො හරි කෛරාටික පොරවල්.

      Delete
    4. දැන් මෙතනට අරුණි අක්කා එහෙම ආවොත් කොහොමට තියෙයිද? :D

      Delete
    5. බය හිතෙන කතා කියන්ඩ එපා.. බලහන් බ්ලොග් එකත් බයවෙලාද කොහෙද උඹේ මේ කමෙන්ට් එක ස්පෑම් එකට ගිහිල්ලා.. :D

      Delete
    6. @ බුද්ධි
      ලෝකේ හොදම මොල ටික තියෙන්නේ ඇමරිකාවේ තමා බං. ඒවා කොහේ තිබුනත් අන්තිමට අයිති වෙන්නේ ඇමරිකාවට

      Delete
  27. ඇත්තටම මේ මරණ වලට කවුද වගකිවයුත්තො.රුසියන් ජනාධිපතිද එහෙමත් නැත්නම් නාවික හමුදා ප්‍රධානීන්ද? ඒ කෙසේ වෙතත් කපිතාන් ඇතුළු 23 දෙනා රැක ගත්තානම් ඇතැම්විට මේ තරම් දෝෂාරෝපන එන එක වළක්වන්න තිබුණා.ඒ වගේම කියන්න ඕන රුසියාවෙ විද්‍යුත් සංග්‍රාමික උපක්‍රමවල යම් දුර්වලතාවයකුත් තිබෙන්නට ඇතිය කියා.

    ඒව පැත්තක දාමු ඔබේ ලිපිය කියවන විට ඇත්තටම රුසියන් නවකතාවක් කියැවීමේ රසය මා වෙලාගනු ලැබුවා. ස්තුතියි ඔබට තවතවත් මෙවන් නිර්මාණ බිහිකිරීමට ශක්තිය ලැබේවා.

    ඔබ නිවාඩුවකට ලංකාවට ආ බැව් දැනගන්නට ලැබුණා.වාසනාවන්ත නිවාඩුවකට මගෙන් ආසිරි

    ReplyDelete
    Replies
    1. වැව් ඉස්මත්ත,

      මට හිතෙන්නෙ ඔක්කොම ලොක්කො මේකට වග කියන්න ඕනා.

      ස්තූතියි අගය කළාට, ඒත් රුසියන් නවකාතාවක් වගෙයි කීමනම් ටිකක් වැඩියෙන් අගය කිරීමක්. කෙසේ වෙතත් බොහොම ස්තූතියි..

      නෑ නෑ මම දැන් ඉන්නෙ ලංකාවෙ නෙමේ.. ලංකාවට ආවෙ මුල් කොටස දාපු දවසෙ.. දෙවෙනි කොටස පරක්කු වෙන්න ඒ ගමන බලපෑව එක ගැනයි අපි ඔය කතා කරලා තියෙන්නෙ.

      ස්තූතියි ඔබට.

      Delete
  28. කොපමණ දවස් ප්‍රමාද වුනත් ලිපිය කියවීමෙන් අවබෝධ වනවා හරි විස්තර සොයා,අපිට කියවන්න අකුරු කිරීමට යන මහන්සිය.
    මාස ගනනක් පසු වුනත් පළමු ලිපිය නැවත නොකියව මතකය අවදි කරගෙන දෙවන ලිපිය කියවන්න පුළුවන් විදියට ඔබ ලිපි ලියන්න දක්ෂයෙක්.
    තව තවත් ඔබට ශක්තිය ලැබෙන්න ඕන මෙවැනි දුර්ලබ මතකයන් බෙදා ගැනීමට.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි, බොහොම ස්තූතියි ඔබට. මේවා තමා ලියන්ඩ තෙල්.. :D

      Delete
  29. කතාව ආසාවෙන් කියෙව්වා...පරක්කු උනාට අවුලක් නෑ....ලිපිය ලස්සනට,පැහැදිලිව ලියල තියනවා...ජයවේවා ....!

    ReplyDelete
  30. සෙන්නගෙ මේ කතාවෙන් පැහැදිලි වෙනවා අමෙරිකාව රුසියාව චීනය වගෙ බලවත් රටවල් අතරේ ඇති බල දේශපාලන අරගල සහ සහයෝගීතා කොච්චර සංකීර්නද කියලා. මේව හරි හැටි තේරුම් ගන්න අසමත් දුර්වල ජාතීන් එක පැත්තකට හේත්තුවී අනිත් පැත්තෙන් ගැලවීමට හැකියයි සිතීම විහිලුවක් නේද ?

    ReplyDelete
    Replies
    1. සරත් අයියට පෙනිලා තියෙන්නෙ කාටවත්ම නොපෙනිච්ච පැත්තක් කියලා මට හිතෙනවා. හැම ජාතියක්ම ඉස්සෙල්ලම බලන්නෙ තමන්ට වෙන වාසිය ගැන. ඊට පස්සෙ තමා යාලුවො ගැන බලන්නෙ. ඉතින් ඔය කොච්චර ලන්වෙලා හිටියත් වැඩක් නෑ තමා.

      ජේ.ආර්. මහත්තයා ඇමෙරිකාවත් එක්ක හෙන යාලුවෙන් හිටියනෙ, ඒත් පරිප්පු දාද්දි ඇමෙරිකාවෙන් කටක් ඇරියෙ නෑ වගේ තමා මට මතක. චීනෙ උනත් ඔච්චර තමා..

      Delete
  31. බොහොම වටිනා ලිපියක්.
    මේ කේස්එක මට මතකයි. මට එවලේ නං හිතුනේ තමුන්ගෙ උද්ධච්චකම නිසා ජීවිත විනාශවෙන්න ඉඩදීපු නායකය ගැන තරහක්. මේව තනිකරම දේශපාලන කේස් නෙව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්. මම හිතන්නෙ පුටින්ට වෙන්න ඇත්තෙ මග සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්.. මිනිහා අඩුම අවදානම ගත්තා කියලා තමා පේන්නෙ.

      Delete
  32. තව අවුරුදු සියක් විතර ගියහම සමහර විට ඇත්ත එලි වෙයි.

    මන හුඟක් පරක්කුයි . දැන් තමා ටික ටික බ්ලොග් කියවන්න ගත්තේ

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් පුළුවන් තමා...

      බින්දි පහුගිය ටිකේ මිසින් නේද ? මුකුත් ලියුවෙත් නෑ කාලෙකින්.

      Delete
  33. පුටින් තමා පුටින්..

    දැන් එතකොට ඔය න්‍යාය දෙකම වැරදියි වගේ නේද? අර ටෝපිඩෝ සිදුර නිසා.. ?

    සේරටමත් වඩා අර හිර වෙලා හිටපු මිනිස්සු ගැන හිතනකොට නිකන් හුස්ම හිරවෙනවා වගේ දැනෙනවා අප්පා

    ReplyDelete
    Replies
    1. ටෝපිඩෝ සිදුර දෙවෙනි න්‍යාය සනාථ කරණවා නේද ?

      ඒ ගොල්ලො ගැනනම් ඉතින් පවු කියලා තමා කියන්ඩ තියෙන්නෙ..

      Delete
    2. මම රට පටලවාගෙන වගේ..මම හිතුවේ ඒ සිදුර ඇතුලට නෙරපූ එකක් හින්දා එළියෙන් සිද්ධ වෙච්ච ප්‍රහාරයක් වෙන්න ඇති කියලා.

      Delete
    3. ඉතින් හරිනෙ, එළියෙන් තමානෙ ප්‍රහාරය සිද්ධ වුනේ ?

      Delete
    4. සෙන්නා සහ සයුරි ඇත්තටම බෝම්බ ප්‍රහාරයකට ලක් වුණු අහස්යානයක් , ලොකු ට්‍රක් එකක් , යුද්ධ ටැන්කියක් එහෙම දැකලා තියේද සබැහින් ? පිපුරුමෙන් පසු ඔය වගේ අනන්ත සිදුරු , තැලීම් , ඇඹීම් , පැලීම් , ඉරි යෑම් තියෙනවා.. වැදගත්ම දේ තමයි උණ්ඩය ඇතුළු උනු සිදුර ඒක නෙවේ..උණ්ඩය ඇතුළු උන සිදුර බොහෝ වෙලාවට වාෂ්ප වෙනවා අධික වෙඩි බලයක් තියෙන පිපුරුමකදී.

      ඒත් බැලු බැල්මට හොඳ මුසාවක් ගොඩනගන්න පුළුවන් එවැනි සිදුරකින්.. ( අමතක කරන්න එපා " මොනලිසාගේත් " දතක් පණුවෝ කාල කියලා හොයාගන්න සමත් උන ලෝකයක් මේ , ඒවා විස්වාස කරන මිනිස්සුත් ඉන්නවා ඕනේ තරම් ! )

      Delete
    5. ආ..හරි හරි. පොඩි මිස්ටේක් එකක් ;)

      Delete
    6. //" මොනලිසාගේත් " දතක් පණුවෝ කාල කියලා හොයාගන්න සමත් උන ලෝකයක් මේ//

      අප්පේ...ඇත්තටම කොහොමද එහෙම හොයා ගත්තේ.

      Delete
    7. මමත් මේ ටිකේ වෑල් ටික ෆුල් ඇරලා තියෙන නිසා තව දේවල් ටිකක් එකතු කරන්නද ? ලංකාවට සබ්මැරීන් නැති නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන එකක් කියලැයි. දිය ඇතුලේ තියෙන සබ්මැරීන් එකක හිලක් හැදුනොත් එහෙම තත්පර කීපයක් යද්දී සිදුරේ කට(මුඛය) සබ්මැරීනයේ ඇතුල් පැත්තට නෙරනවා..අධික පීඩනයෙන් වතුර ඇතුළට ගලාගෙන යද්දී අඟල් දෙකක් තුනක් උනත් ඝන තහඩු ඇඹරෙනවා..අනිත් දේ තමයි සම්බැරීන් එක දිය යටට බහින්න බහින්න වාතය පිරුණු සියලුම කුඨීර සැමන් ටින් එකක් වගේ චප්ප වෙනවා ..මෙවැනි දේවල් සාමාන්‍ය ජනතාවට එළි කරන්නේ නැහැ..මොකද අනාගතයේදී මේ ට්‍රික් එක ආයේ භාවිතා කරන්න බැරි වෙනවා හදිස්සියකදී !

      මම මේ කල්පනා කරේ බැටරි ගැනයි , එදා මම කියන්නම් කියලා කියපු ටික කියනවද කියලා ...


      ඔය මොනාලිසාගේ සිද්දිය ගැන මට දැනගන්න ලැබුණේ අකමා මාර්ගෙන් සයුරි..:)

      Delete
    8. සහන්, ඔයා කියන එකත් වෙන්න පුළුවන් තමා. මේකත් ඉතින් උපකල්පනයක් මිසක් තහවුරු කරපු දෙයක් නෙමේනෙ. සමහර විට ඇත්තටම වුනේ ටෝපිඩෝවක් පුපුරලා වෙන්නත් පුලුවන්.

      ඔය කියන්නෙ මොනාලිසා චිත්‍රයට පෙනීහිටිය කාන්තාවගෙ වෙන්න ඇති නේද ?

      Delete
  34. සෙන්නා උඹට බොහොම ස්තුතියි මේ වැඩේට. මම කාලෙකින් සෑහෙන සංයමයෙන් කියෙව්ව ලිපයක් මේක. මුල මතක නැති නිසා ඒකත් කියවන්න උනා නෙව. මම කලින් කිව්ව වගේ මේ විදියේ රසයක් උඹෙන් ඇර වෙන කාගෙන් ලබන්නද බං.. ජයම වේවා.. ඔය මොන විස්තර කිව්වත් ඒක තාම අභිරහසක් බං. ඒත් දවසක ඒක එළීයට එනවා. එදාට ඒකත් බොරුවක් කියල ඔප්පු කරනවා..

    පරක්කු උනේ උඹ මේක දැම්ම ලියාවි කියල නොහිතපු හින්දයි.

    ReplyDelete
    Replies
    1. දේශකයා, බොට ස්තූතියි ඉතින්. හැක් හැක්.. මේක ඇවිල්ලා කුරුඳු රසය.. ගානට කට දැවිල්ල.. දැනෙනවද ? උඹ කියන එක හරිම හරි.. ඇත්තම සිද්ධිය හොයා ගත්තත් ඒකත් බොරු කියලා ඔප්පු කරලා තව දාහක් විදි පෙන්නයි නෑ මෙහෙමයි වුනේ කියලා..

      පරක්කු වුනාට අවුලක් නැත.

      Delete
  35. මේ නම් මාරම වටින ලිපියක්. නොදන්න කරුණු බොහොමයක් සිංහලෙන් කියෙව්වා. ඔබට පින් සහෝ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රතී....

      Delete
  36. මේකට කොමෙන්ට් කරලා කියලයි මෙච්චර දවසක් හිතාගෙන උන්නේ. අද නිකමට ඇවිල්ලා බලද්දියි දැක්කේ කොමෙන්ට් කරලා නෑ නේද කියලා.

    මේකෙන් නම් පේන්නේ පුටින් අයියා, යුධ රහස් ටිකත් බේරගෙන, යුද්ධකටත් යන්නෙ නැතිව ඇමරිකන් කාරයාවත් ශේප් එකේ තියා ගත්ත එකක් වගේ. මොකද ඇමරිකාවට වැරැද්ද දානවා කියන්නේ ඒ ගොල්ලෝ යුද්ධෙකට එනවා කියන එකයි. මොකද ඇමරිකාව කැමති නෑ මොන වැරැද්දක් කලත් තමුන් වැරදියි කියලා අනික් අය කියනවට. ඉතින් පුටින් බලන්න ඇති යුද්ධෙකට ගිහිල්ලා සම්පත් නාස්ති කරගන්නවට වඩා රැව්ලයි කැඳයි දෙකම තියා ගන්න එක හොඳයි කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙම අමතකවීමුත් වෙනවා එතකොට ඈහ්... :D

      ඔය වගේ මොකක් හරි තමා වෙන්න ඇත්තෙ..කොහෙද මුන් හරියට කිසිදෙයක් කියන්නෙ නෑනෙ..

      ස්තූතියි සහෝදර තුමා පස්සෙ හරි ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා ගියාට..

      Delete
    2. මොකද මේක මම කියෙව්වේ offline දාගෙන, මොකද මේ වගේ ලිපි හදිසියේ කියවන්න බෑනේ, ඒකයි කමෙන්ට කරන්න බැරි වෙලා තියෙන්නේ.

      Delete
    3. කිසි ප්‍රශ්ණයක් නෑ සහෝදර තුමා ඒ ගැන එච්චර හිතන්න දෙයක් නෑ.. කියවීමයි වැදගත්.. ස්තූතියි ඔබට.

      Delete
  37. සෙන්නා කොහොමද ඉතිං, උඹ ලංකාවෙද දැං? මමත් ආයෙ ලියන්න පටං ගන්නව. තාම පටං ගත්තෙ නෑ! :D සයුරි-සෙන්න ඩබලම තාම ලියනවනේ! නියමයි නියමයි. මමත් ආයේ කල්ලියට සෙට් වෙන්න ඕනෙ! :) ජය ශ්‍රී හො‍ද්! ලිපියට කොමෙන්ටුව පස්සෙ දෙන්නම්, මේක දැම්මෙ සුව දුක් විමසන්න....

    ReplyDelete
    Replies
    1. අඩේ මන්ඩිපාලයා කාලෙකින් නොවැ.. බොහොම සතුටු හිතුනා උඹේ කමෙන්ට් එක දැකලා.. ලියහන් ලියහන් ආයෙ.. අර කතාව (නමත් මතක නෑ බන්) බාගෙට නවත්තලා නේද තියෙන්නෙ..

      :D

      Delete
  38. බල කාමය නිසා මේ වගේ අනතුරු කීයක් අනාගතේදිත් සිදුවේවිද දන්නෑ..
    ස්තුතියි සෙන්නා නොදන්නා තොරතුරක් බෙදාගත්තට..

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog