Thursday, November 29, 2012

සුද්දො මෙච්චර පොහොසත් ඇයි ? | Why, you white man have so much cargo ? - අවසාන කොටස



අප්‍රිකාව !! මානවයාගේ තිඹිරි ගෙය යයි නම් ලද මහා දේශය ! අපගේ මුතුන් මිත්තන් සිය මුල්ම ඇරඹුම සනිටුහන් කළ භූමිය ! මෑතකදී කළ සොයා ගැනීම් වලින් හෙළි වූයේ, එය විශාල ඝර්ම කලාපීය ශිෂ්ටාචාරයකට නිවහන වී තිබූ බවයි. නගර සහ රාජධානි මහද්වීපය පුරා පැතිර ගොස් හදිසියේම අතුරුදහන් වී ඇත්තේ ඒ පිළිබඳ සීමිත සලකුණු කිහිපයක් පමණක් ඉතිරි කරමිනි. මේ සාර්ථක විජයග්‍රහණයන්ට සිදු වූයේ කුමක්ද ?

අප හොඳින් දන්නා පරිදි, මහාචාර්ය ජෙරඩ් ඩයමන්ඩ්, යාලිගේ පැනයට පිළිතුරු සොයා මානව ඉතිහාසයේ රටාවන් ගවේෂණය කිරීම ඇරඹීය. එය, ඔහුව නිව් ගිනිහී කැලෑවන් වෙත හා පේරු හී හිමෙන් වැසුණු කඳු වෙතට රැගෙන ගිය චාරිකාවක් බවට පත් විය. ඔහුගේ ගවේෂණය මගින් එක් ජාතියක්, එනම් යුරෝපීයන් මෙතරම්ම ලෝකයේ අන් ජාතීන්ව යටත් කර ගත්තේ කෙසේද යන්න වටහා ගැනීම අරමුණ විය. මහාචාර්ය ඩයමන්ඩ්ගේ මතයට අනුව යුරෝපීයන් ලබන මෙම ජයග්‍රහණයන්ගේ මූලය වසර දහස් ගණනක් අතීතයට දිවයන අතර භූගෝලීය වශයෙන් ලැබුණු වාසියේ ප්‍රතිඵලයකි. භූගෝලීය තත්ත්වයන් විසින්, යුරෝපීයන් හට මිහිමත සිටි ඉතා ඵලදායී බෝග සහ සතුන් දායාද කොට දී තිබුණි. එම තත්ත්වය, යුරෝපියානු ආක්‍රමණ උදෙසා මහඟු මෙහෙයක් ඉටු කළ, මානව ඉතිහාසයේ හැඩය වෙනස් කළ ත්‍රිත්ව මහා බල වේගයන් වූ තුවක්කු, විෂ බීජ සහ වානේ, සංවර්ධනය කිරීමට මං පෙත් හෙළි පෙහෙළි කොට දී තිබුණි. දැන් මහාචාර්ය ඩයමන්ඩ් සිය ගවේෂණයේ අවසාන අදියරට පැමිණෙමින්, තුවක්කු, විෂ බීජ සහ වානේ, අප්‍රිකාවට පැමිණි පසු සිදු වූයේ කුමක්දැයි සොයා බැලීමට සැරසේ. තවද, මෙම බලවේගයන් තවමත් රඟ දක්වන භූමිකාව කුමක්දැයි සොයා බැලීම, මෙම ගමනේ අරමුණයි.

~~~~~

යුරෝපීයන් විසින් ලෝකය ගවේෂණය කරමින් එහි ව්‍යාප්ත වීම ඇරඹීමත් සමඟම ඔවුන් විසින් ලෝකයේ අනෙකුත් බොහොමයක් ජාතීන් යටත් කරගෙන, ඒවායෙහි දියුණු නගර, මංමාවත්, දුම් රිය මාර්ග, ගොඩනැගිලි තනමින් සිය යටත් විජිත ගොඩනගාගෙන ගියහ. ඔවුන් විසින් සාර්ථකව උතුරු ඇමෙරිකාවෙහි, දකුණු ඇමෙරිකාවෙහි හා ඕස්ට්‍රේලියාවෙහි සිය යටත් විජිත පිහිටුවා ගත් අතර අවසානයේදී අප්‍රිකාවට ගොඩ බටහ.

ප්‍රථම යුරෝපීය පදිංචි කරුන්වන් පිරිස දාහත්වන සිය වසේ මැද භාගයෙහිදී අප්‍රිකාවට පැමිණියහ. ඔවුන් විසින් මහද්වීපයේ දකුණෙහිම වූ සුබ පැත්මේ තුඩුවට මුලින්ම පැමිණීමෙන් අනතුරුව සිය ගොවිපළවල්, වගාවන් හා සත්ව ගොවිපළවල් පිහිටුවාගෙන අනායාසයකින්ම එහි පදිංචි වූහ. නමුත් අප්‍රිකාවෙහි මෙම ප්‍රදේශය යුරෝපයේ සිට සැතපුම් පන් දහසකටත් වඩා දුකුණින් පිහිටි ප්‍රදේශයකි. යුරෝපයෙන් එතරම්ම දුරස්ථව, දකුණට වන්නට පිහිටි ස්ථානයකට ඔවුන්ගේ බෝග සහ සතුන් රැගෙන විත් වැඩි වර්ධනය කර ගත්තේ කෙසේද ? නැවතත් භූගෝලීය වාසිය ඔවුන් සමග අත්වැල් බැඳ ගත් සෙයකි. කේප් තුඩුව සහ යුරෝපය, සමකයේ සිට එක හා සමාන දුරකින් පිහිටා තිබිණි. එබැවින් දකුණු අප්‍රිකාවෙහි දේශගුණය, යුරෝපයේ දේශගුණික තත්ත්වයන් හා හොඳින් ගැළපුණි. එය යුරෝපීයන්ගේ බෝග හා සතුන් ව්‍යාප්ත කොටගෙන සිය සමෘද්ධිය සහතික කරගැනීමට ඔවුනට ඉවහල් විය.

යුරෝපයේ හා කේප් තුඩුවෙහි පිහිටීම
යුරෝපීයන් දකුණු අප්‍රිකාවට ගොඩ බසින විට එහි මුල් උරුමක්කාරයන් වූයේ කොයිසාන් ( Khoisan ) මිනිසුන්ය. නමුත් යුරෝපීයන්ගේ ආගමනයෙන් කෙටි කලකට පසු මෙම ස්වදේශිකයන්ව සිය ඉඩම් වලින් පලවා හරිනු ලැබූහ. ඒ සඳහා යුරෝපීයනට වඩාත්ම ඉවහල් වූ නොපෙනෙන බලවේගය වූයේ, මහාචාර්යය ඩයමන්ඩ් විසින් මානව ඉතිහාසයේ යටත් කරගැනීම වලට සහය වූ විශාලම බලවේගය ලෙසින් හඳුනා ගන්නා විෂ බීජයි.

ගෘහාශ්‍රිත සතුන් විසින් යුරෝපීයන් වෙත ඔවුන් කිසි කලෙකත් නොදැන සිටි වාසියක් හිමිකර දී තිබුණි. යුරෝපීයන් විසින් ගෘහාශ්‍රිත සතුන් හා පැවැත්වූ සමීප ගනු දෙනුවේ ප්‍රතිඵලයක් ලෙස, සතුන් වෙත වූ විෂ බීජ මිනිසුන් වෙත ආසාදනය වී එමගින් මිනිසුන්ව දුර්වල කරනා රෝගාබාධ හට ගැනීම සිදු විය. නමුත්, සියවස් ගණනාවක් පුරා යුරෝපීයන් මෙම තත්ත්වයනට නිරාවරණය වීම නිසා, ඔවුන්ගේ සිරුරු තුළ ඒ සඳහා අවැසි යම් පමණක ප්‍රතිශක්තියක් ගොඩ නැගී තිබිණි. එහෙත් මෙම ප්‍රතිශක්තිය සතුන් හා සමීප ගනු දෙනුවක් නොවූ අන්‍ය ජාතින් වෙත නොවුණි. එබැවින් යුරෝපීයෙන් හා ඔවුන්ගේ සතුන් වෙතින් වහනය වූ විෂ බීජ මගින් ඇති කළ ලෙඩ රෝග මගින් මෙම ස්වදේශිකයන් සංහාරයකට ලක් වූහ. ඇමෙරිකාවෙහිදී මිලියන සංඛ්‍යාත ස්වදේශිකයන් මෙම ලෙඩ රෝග නිසා මරු වැළඳ ගත් අතර එම ව්‍යසනයටම කොයිසාන් වරුනටද මුහුණ දීමට සිදු විය.

සිය ගොවිතැනින්, සත්ත්ව පාලනයෙන් හා විෂ බීජ මගින්, යුරෝපීයන් විසින් දකුණු අප්‍රිකාවෙහි සිය පැවත්ම හොඳින් තහවුරු කර ගත්හ. දැන් ඔවුන්ගේ අරමුණ තව දුරටත් ව්‍යාප්ත වීමයි.

දහ නව වන සිය වසේ තෙවන දශකයේදී, කේප් තුඩුවෙහි පදිංචියට පැමිණි ඕලන්ද මිනිසුන් ( බෝයර් වරුන් ) නව ඉඩම් සොයා සිය පවුල් සමඟින්ම රට අභ්‍යන්තරය ගවේෂණය කිරීම ඇරඹුහ. ඔවුන් විසින්ම ඔවුන්ව හඳුන්වා ගත්තේ  Voortrekkers  වරුන් යනුවෙනි. Voortrekkers  වරුන් සතුවද යුරෝපීයන් විසින් යටත් කරගැනීම් නැතහොත් ආක්‍රමණ සඳහා භාවිතා කළ ප්‍රභල  බලවේගයක් විය. ඒ තුවක්කුය.

ඔවුන් විසින් එවකට භාවිතා කෙරුණේ Muzzle-loading rifle යනුවෙන් හැදින්වූ පහත රූපයේ පෙනෙනා ආකාරයේ තුවක්කුය.
Muzzle-loading rifle 

එම ගවේශකයන්ගේ වර්තමාන පරපුරෙහි මිනිසුන් පවසන පරිදි, එකල සෑම නිරෝගී මිනිසෙක් සතුවම අඩුම තරමින් මෙවැනි රයිෆල් දෙකක් හෝ තුනක් තීබී ඇත. ඔවුන් විසින් ආත්මාරක්ෂාව සඳහා මෙන්ම දඩයම සඳහාද මෙම තුවක්කු භාවිතා කොට තිබිණ. ඔවුන් පවසන පරිදි එකල යමෙක් මෙම තුවක්කු භාවිතා නොකළේ නම් ඔහු කිසියම් අස්වාභාවිකත්වයකින් පෙළුණ මිනිසෙක් ලෙස සැලකී තිබිණ.

තුවක්කු යනු වසර දහස් ගණනක් තිස්සේ වැඩි දියුණු කළ තාක්ෂණයේ ප්‍රතිඵලයකි. මෙය යුරෝපයෙන් පිටත සිදු වුවද යුරෝපීයන් අතින් අංග සම්පූර්ණත්ත්වයට පත්විය. තුවක්කු සමඟින් ඔවුනට සිය ආක්‍රමණ උදෙසා නොමද සහයක් දුන් අනෙක් බලවේගය  වූයේ වානේ හා ඒ හා බැඳුණු නිෂ්පාදනය. මේ සියල්ල වසර දහස් ගණනකට පෙර ඔවුන්ගේ ගොවිතැන විසින් ඔවුනට ලබා දුන් වාසියේ ප්‍රතිඵලයකි.

~~~

1838 පෙබරවාරි මාසයේ එක්තරා අඳුරු දිනයක,මෙසේ පැමිණි Voortrekkers කණ්ඩායමක් කේප් තුඩුවෙන් සැතපුම් 800ක් පමණ රට අභ්‍යන්තරයට වන්නට සිය තාවකාලික කඳවුර ඉඳිකරගෙන ගිමන් හරිමින් සිටියහ. ඒ රාත්‍රී කාලයයි. කඳවුරේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙමින් පැවතුණි. ඔවුන් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහතක,හදිසියේම අඳුර කපා මතුවූ ස්වදේශික හමුදාවක් විසින් එල්ල කරණ ලද ක්ෂණික පහරදීමකට ලක් වූහ. එය කෙතරම් ක්ෂණිකව, හදිසියේ සිදුවුවේද යත්, යුරෝපීයනට එකදු වෙඩිල්ලක්වත් පත්තු කිරීමට ඉඩ නොතබාම සම්පූර්ණයෙන්ම විනාශයට පත් කරන ලදී. හෝරාවක් වැනි සුලු කාලයක් ඇතුළත තුන්සියයකට ආසන්න Voortrekkers වරුන් සංඛ්‍යාවක් මිය ගොස් සිටියහ. සතුරාගේ ප්‍රහාරය අතිශය කෲරතර හා අමානුෂික එකක් වී තිබුණි. මිනිසුන්ට අමතරව ගහැනුන් සහ ළමයින්ද කිසිදු දයාවකින් තොරව ඝාතනයට ලක් වී සිටියහ.

ඇත්තෙන්ම යුරෝපීයන් විසින් සිය ගමනේදී බලගතු අප්‍රිකානු රාජ්‍යයක සීමාව පසු කොට ගොස් තිබුණි. ඔවුන් කේප් තුඩුවේදී මුණ ගැසුණු කොයිසාන් වරුනට හාත්පසින්ම වෙනස් ජන කණ්ඩායමක් වූහ. යුරෝපීයනට මුණගැසී තිබුණේ ZULU ( සූලු ) වරුන්ය. සූලු වරුන් යනු එවකට අප්‍රිකාවෙහි වාසය කළ අන් කිසිම ජාතියකට සම කළ නොහැකි වූ, සංවර්ධිත, මැනවින් සංවිධානාත්මක ජන සමාජයක් වූහ. ඔවුන්ගේ හමුදාමය හැකියාවන් විසින් ඔවුනට අප්‍රිකාවෙහි අනෙක් ජාතින් යටත් කොටගෙන නැගී සිටීමේ හැකියාව ලබා දී තිබුණි. සූලු රාජ්‍යයට අයත් වපසරිය වර්ග සැතපුම් 30000 කට නොඅඩු විය. ඔවුන් සතුව දියුණු ආර්ථිකයක් සහ සමාජ තත්ත්වයක් දක්නට ලැබුණි. සූලු වරුන් සතුව ඕනෑම මොහොතක දස දහසකට වැඩි පිරිස් බලයක් යෙදවිය හැකි බලගතු හමුදාවක්ද විය. ඔවුන් සැබවින්ම බිය නොහදුනන නිර්භීත ජාතියක් වූහ. තුවක්කු, විෂ බීජ සහ වානේ යන ත්‍රිත්ව බලයෙන් සැදුම් ලත් යුරෝපීය ආක්‍රමණිකයනට සිය කරට කර සිටින ප්‍රතිමල්ලවයා අප්‍රිකාවේදී හමු වීද ?

1838 පෙබරවාරි මස 06 වන දින එනම් සූලු වරුන් හා Voortrekkers වරුන් අතර අත්සන් කෙරුණු ඉඩම් පරිහරණය පිළිබඳ එකඟතා ගිවිසුමෙන් දින දෙකකට පසු, සූලු නායකයා වූ  Dingane kaSenzangakhona විසින් Voortrekkers වරුන්ගේ නායකයා වූ  Pieter Mauritz Retief හා පිරිවරට, සිය නිල නිවසේ වූ බීර සම්භාෂණයකට ආරාධනා කෙරිණි. සම්භාෂණයට පැමිණි අමුත්තන්ගේ ආයුධ ඉවත් කොට රජු ඉදිරියට පැමිණවූයේ රජු ඉදිරියට යාමේ සාමාන්‍යය සම්ප්‍රදාය රකිමිනි. සම්භාෂණය අතරතුර අත්අඩංගුවට ගත් Retief  හා පිරිවර සියලු දෙනාවම සූලු වරුන් විසින් අමානුෂික ලෙස ඝාතනය කරණ ලදී. මෙම ඝාතනයෙන් ඉනික්බිතව සූලු රජ විසින් සිය භූමිය තුළ කඳවුරු ගසා සිටින සියලුම Voortrekkers වරුන්ව ඝාතනය කිරීම සඳහා සිය සේනා පිටත් කොට හැරීය. ඉහත සඳහන් සමූල ඝාතනය එලෙස සිදුවූ ප්‍රහාරයන්ගෙන් එකකි. සියලුම ප්‍රහාර මගින් Voortrekkers වරුන් 500 කට ආසන්න පිරිසක් එම රාත්‍රියේදී මිය ගොස් තිබුණි.

සිය නායකයා හා පිරිවර මැරීමෙහි පලිය ගැනීම වෙනුවෙන්, Voortrekkers වරුන් විසින් සූලු රජුව සිහසුනෙන් නෙරපීම සඳහා කටයුතු සකස් කෙරිණ. එහි ප්‍රතිඵලයක් ලෙස 1838 දෙසැම්බර් මස 16 වන දා, බෝයර් වරුන් හා සූලු වරුන් මුහුණට මුහුණ හමු වූහ. සූලු වරුන්ගේ ශක්තිය පිළිබඳ එතරම් තැකීමක් නොකළ බෝයර් වරුන් සිය භට පිරිස් හා ආයුධ, Ncome නදී තෙර අසල, කරත්ත වලින් වට කෙරුණු වළල්ලක් මධ්‍යයට එක් රැස් කළ අතර මෙවර යුරෝපීයන් විසින් තමන් සතු නවීනතම අවි ආයුධ වලින් සන්නද්ධව සිටියහ. එදින අලුයම, දහදාහකට අධික සූලු භට කණ්ඩායමක් විසින් බෝයර් වරුන් වෙත ප්‍රහාර එල්ල කෙරිණ. මෙවර බෝයර් වරුන්ගේ තුවක්කු යුහුසුළුව පත්තු වන්නට විය. කෙනෙකු වෙඩි තබන විට තවෙකකු විසින් තුවක්කු පිරවීම සිදු කරණ ලැබීම නිසා ඔවුනට සෑම තත්පර පහක් ඇතුළත වාගේ උණ්ඩයක් නිකුත් කිරීමේ හැකියාව ලබා දුනි. ඊට අමතරව බෝයර් වරුන් සතු කාලතුවක්කුද සූලු වරුන් වෙත මහත් විනාශයක් ගෙන දීමට සමත් විය. එබැවින්ම, මෙම සටනින් සූලු වරුන් අසාර්ථක වී සංහාරයකට ලක් වූහ. මෙමගින් සූලු වරුන් තුන්දහසක් හෝ තුන්දහස් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් මිය යන්නට ඇතැයි ආසන්න වශයෙන් ගණන් බලා ඇති අතර බොයර් වරුනට සිදුවූ හානිය තුවාල කරුවන් තුනක් තරම් වූ සුළු හානියකි. මෙම සටන Battle of blood river හෙවත් "රුධිර නදියේ සටන" ලෙස ඉතිහාසයට එකතු වී ඇත. නැවතත් යුරෝපීයන් සතු තුවක්කු, විෂ බීජ හා වානේ වල සාර්ථකත්වය තහවරු වී තිබිණ.

ජයග්‍රාහී යුරෝපීයන්, සූලු භූමියද යටත් කොට ගනිමින් තව තවත් රට අභ්‍යන්තරයට ඇදුනි.යුරෝපීයන්ගේ තාක්ෂණයේ සිදුවූ දියුණුවත් සමඟින් ඔවුන්ගේ ආක්‍රමණයන්හී වේගවත් බව තවත් තීවෘර විය.දුම්රිය ඔවුන්ගේ යටත් කරගැනීම් සහ ඉන්පසු වූ යටත් විජිත පාලනයන්ට මහගු දායකත්වයක් සැපයූ තාක්ෂණික මෙවලම විය. එමගින් ඔවුනට විශාල පිරිසක් මෙන්ම බඩු භාණ්ඩ තොගයක්ද එකවර එහා මෙහා ගෙනයාමට හැකියාව ලබා දුනි. එය, ඔවුන් සතු යටත් විජිත වල සැපයුම් අඛණ්ඩව පවත්වා ගැනීමට මොනවට උපකාරී වූ මෙවලමකි. එබැවින් යුරෝපීයන් විසින් කේප් තුඩුවේ සිට මහද්වීපය අභ්‍යන්තරයට මැනවින් සංවිධානාත්මක දූම්රිය මාර්ග පද්ධතියක් ඉඳි කිරීමට වග බලා ගත්හ.

ඒ කාර්මික විප්ලවය සිදුවෙමින් පැවති වකවානුවයි. විප්ලවය විසින් තවත් දියුණු අවියක් යුරෝපීයන්ගේ අතට පත් කොට තිබුණි. Machine Gun නොහොත් යාන්ත්‍රීය තුවක්කුව නම් වූ එම අවිය මගින්, සූලු වරුන් හා ඇතිවූ සටනේදී පිරිසක් එකතුව ඇතිකිරීමට සමත්වූ විනාශකාරී වෙඩි බලය, එක පුද්ගලයෙකුට තනිවම ඇති කිරීමේ හැකියාව නිර්මාණය කොට දී තිබිණ. එම තුවක්කුව විනාඩියක් ඇතුළත උණ්ඩ පන්සියයක් පමණ නිකුත් කිරීමේ හැකියාවකින් යුක්ත විය. එය තනි උණ්ඩයේ තුවක්කු සහිත මිනිසුන් සිය දෙනෙකු සතු වෙඩි බලයට සමාන තත්ත්වයකි.

Maxim Gun
මෙම අවියේ සුපිරි හැකියාව මුලින්ම නිරික්ෂණය කළ අවස්ථාව වූයේ 1893 ඔක්තෝබර් මස බ්‍රිතාන්‍යය හමුදා හා තවක් අප්‍රිකානු ජන වර්ගයක් වූ Matabele වරුන් ( නූතන සිම්බාබ්වේ දේශයේ ජන සංයුතියෙන් 16% ක් නියෝජනය කරනා ජන කණඩායම ) අතර ඇතිවූ සටනේදීය. දෙපස භට පිරිස් ශක්තියේ අසමානතාවය Matabele වරුන් ලක්ෂයකට ( හෙල්ල කරුවන් 80000ක් හා තුවක්කු කරුවන් 20000 ක් ) බ්‍රිතාන්‍ය භටයන් 1450 ක් පමණ ( 700 ක් වූ ට්ස්වානා භටයන්ද ඇතුළත්ව ) වූහ.

සටන ඇරඹිණි. Maxim Gun යනුවෙන් හැඳින්වූ මෙම නූතන අවියේ ප්‍රබලත්වය බලාපොරොත්තු වූවාටත් වැඩියෙන් ඔප්පු කරමින් Matabele  වරුන් එකා පිට එකා ඇඳ හැළුණේ කපා හෙළු කෙසෙල් ගස් මෙනි. පැය කිහිපයකට පමණක් සීමා වූ මෙම සටනින් Matabele  වරුන් පසු බසිනා විට 1500 කට අධික පිරිසක් මිය ගොස් සිටි අතර අති විශාල සංඛ්‍යාවක් තුවාල ලබා සිටියහ. බ්‍රිතාන්‍ය කඳවුරෙන් මිය ගොස් සිටියේ සිව් දෙනෙකු පමණි. ඉන් සතියකට පසු Matabele  වරුන් විසින් නැවතත් එල්ල කළ ප්‍රහාරය අවසන් වූයේ ජීවිත 2500කට අධික සංඛ්‍යාවක් අහිමි කර ගනිමිනි. තුවාල වු සංඛ්‍යාව අති විශාල විය.

තුවක්කු, විෂ බීජ හා වානේ වල බලය, අඩියෙන් අඩිය, ජන කොට්ඨාශයෙන් ජන කොට්ඨාශය යටත් කරගනිමින් විජයග්‍රාහීව අප්‍රිකාව නම් වූ ඒ මහා දේශයේ පැතිරෙන්නට විය. එහෙත් කල්නොයවාම මෙම ආක්‍රමණිකයින්ට සම්පූර්ණයෙන්ම අළුත් හතුරෙකුට මුහුණ දීමට සිදු විය. ඒ, වෙන කිසිවක් නොව මෙතෙක් කල් ඔවුනට වාසි සහගත ලෙස ඔවුන් සමඟ සිටි භූගෝලීය තත්ත්වයම විය.

මෙලෙස ඔවුන් ක්‍රමක්‍රමයෙන් උතුරට සංක්‍රමණය වෙමින්, අලුත් ඉඩම් අස්වැද්දීමට මුල පිරුවේ අප්‍රිකාවෙහිදී සශ්‍රීක  ජීවන තත්ත්වයක් ගොඩනගා ගැනීමේ අපේක්ෂාවෙනි. එහෙත් සියල්ල කණපිට හැරෙමින් පැවතුණි. එම භූමිය ඔවුන්ගේ නගුල් මගින් හෑම අසීරු කාර්යයක් විය. ඔවුන්ගේ බෝග එම භූමියෙයි පැලවීම ප්‍රතික්ෂේප කෙරිණ. ඔවුන් මුහුණ දුන් අනෙක් බරපතලම ගැටලුව වූයේ සිය සතුන් ජීවිතක්ෂයට පත්වීමයි. ගවයන් හා අශ්වයන් අහේතුකවම මිය යන්නට විය.

වසර දහස් ගණනක් පුරා මෙම ගෘහාශ්‍රිත සතුන් හා බෝග යුරෝපීය ශිෂ්ටාචාරය පෝෂණය කොට තිබුණි. එම සතුන් හා බෝග නොවන්නට තුවක්කු, විෂ බීජ හා වානේ නොතිබෙන්නටත් ඉඩ තිබුණි. ආක්‍රමණ හා යටත් විජිතද ඇති නොවන්නට තිබුණි. එහෙත් දැන් පෙර නොවූ විරූ ලෙස යුරෝපීයන් රෝග වලට ගොදුරු වෙමින් පැවතුණි. කටුයුතු මෙසේ සිදුවන විට ඔවුන්ගේ අසල්වැසි ස්වදේශිකයන් හා ඔවුන්ගේ සතුන් නිරෝගීව සිය ගොවිතැන් කට යුතු වල නිරතව සිටිනු දක්නා ලදී.

මෙය සිදුවිය හැක්කේ කෙසේද !!!

මෙම අමුතු, අළුත් භූමියෙහි වූ රහස කුමක්ද !!!

මෙතෙක් සෑම කල්හීම යුරෝපීයන් සමඟ සිටි භූගෝලීය සාධක මෙම අළුත් දේශයේදී ඔවුනට එරෙහි වන්නට පටන් ගෙන තිබුණි. කේප් තුඩුවේදී ඔවුන් අනායාසයෙන්ම සාර්ථක වූ හේතුව නම් එම ප්‍රදේශය හා යුරෝපය සමකයේ සිට එක සමාන අක්ෂාංශ වල පිහිටීම නිසා කේප් තුඩුව හා යුරෝපයේ දේශගුණික තත්ත්වයන්ගේ වෙනසක් නොවීමයි. එය යුරෝපයේම ප්‍රතිබිම්බයක් විය. එහෙත් ඔවුන් උතුරට ගමන් කරනා විට ක්‍රම ක්‍රමයෙන් සමකයට ආසන්න වූහ. අක්ෂාංශ 23 දී ඔවුන් Tropic of Capricorn යනුවෙන් හැඳින්වූ ප්‍රධාන භූ විෂමතා මායිම පසුකරමින් සිය සුපුරුදු යුරෝපීය දේශගුණය අත් හැර අලුත්ම දේශගුණික කලාපයක් වූ ඝර්ම කලාපයට ඇතුළත් වූහ.

යුරෝපීය දේශගුණය හා සසඳන විට ඝර්ම කලාපය සම්පූර්ණයෙන්ම වෙනස් ස්වාභාවික රීතියක් යටතේ පාලනය වූ ප්‍රදේශයකි. යුරෝපයෙහි, උතුරු ඇමෙරිකාවෙහි හෝ කේප් තුඩුවෙහි පැවති සෘතු සතර වෙනුවට මෙහි දක්නට ලැබුණෙ සෘතු දෙකකි. ඒ වියළි කාලය හා වර්ෂා කාලයයි. වසර සිය දහස් ගණනක් යුරෝපයේ සාර්ථක වූ තිරිඟු සහ බාර්ලි මෙම ඝර්මකලාපීය දේශගුණයට අනුවර්තනය නොවී අසාර්ථක විය.

එහෙත් සූලු, මතබිලී ඇතුළු යුරෝපීයන්ට හමු වූ සියලුම ස්වදේශිකයන් සිය කෘෂිකාර්මික වගාවන්ගෙන් සාර්ථක වී තිබිණ. යුරෝපීයන් අසමත් වන විට ඔවුන් මෙම සාර්ථකත්වය ලැබුවේ කෙසේද ?

~~~

අප්‍රිකාව යනු වර්තමානයේද දහස් ගණනක් වූ ජන වර්ග වලින් සැදුම්ලත් දේශයකි. එක් ජන වර්ගයක් අනෙකින් වෙන්වන්නේ භාෂාවෙහි හෝ චාරිත්‍ර වල පවත්නා සුළු සුළු වෙනස්කම් වලින් පමණකි. බොහොමයක්වූ අප්‍රිකානුවන්ට සිය භාෂාවට අමතරව යටත් පිරිසෙයින් අනෙක් ජන වර්ගයන්ගේ භාෂාවන් තුනක් හෝ හතරක් කතා කිරීමේ හැකියාව ඇත. එම භාෂාවන් අතර දැකිය හැකි පොදු ලක්ෂණය නම් බොහොමයක් වූ භාෂාවන් එකිනෙකට දක්වන ආසන්න සමානකමයි. බොහොමයක් භාෂාවන් අතර පොදු හෝ ආසන්න වචන රාශියක්ම නිරීක්ෂණය කළ හැකිය. මෙම භාෂාවන් අතර ඇති සමාන කම අපට හෙළිකරන රහස කුමක්ද ? නූතන ඝර්ම කලාපීය අප්‍රිකානු භාෂාවන් බොහොමයක මූලය එකක් බව, එකම ජන වර්ගයක් භාවිතා කළ භාෂාවකින් නූතන බොහොමයක් අප්‍රිකානු භාෂා පැවතෙන බව, මෙම සමානතාවය නිහඬව කියා පායි.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කරණ භාෂා විශ්ලේෂකයන්, බටහිර අප්‍රිකාවෙන් ඇරඹුණේයැයි සැලකෙන එක් සුවිශේෂී භාෂාවක් හඳුනා ගැනීමට සමත් වී ඇත. "බැන්ටු" යනුවෙන් හඳුන්වන මෙම භාෂාව කතා කළ ජන වර්ගය, බටහිර අප්‍රිකාවේ සිට ක්‍රමක්‍රමයෙන් ඝර්ම කලාපීය අප්‍රිකාව පුරාම සිය බෝග, සතුන් ආදිය සමඟින් ව්‍යාප්තවූ ආකාරයක් දක්නට හැකිය.

දකුණු සිම්බාබ්වේ ප්‍රදේශයේ Limpopo නදිය අසල Mapungubwe පුරා විද්‍යා ගවේෂණ අඩවියෙහි කැණීම් කරණ Dr. (ms.) Alex Schoeman ඇතුළු විද්‍යාඥයන්ට අනුව යුරෝපීයන් හෝ වෙන මොනයම්ම හෝ බාහිර ජාතියක් අප්‍රිකාවෙහි පය ගැසීමට බොහෝ කාලයකට පෙර, මෙම ප්‍රදේශ වල බොහෝ සෙයින් දියුණුයැයි සැලකිය හැකි ශිෂ්ටාචාරයක් පැවතී ඇත. එය බෙහෙවින්ම යුරෝපය ශිෂ්ටාචාරගත වීමෙහි මූලික අදියරට සමානකම් දක්වන බව පුරාවිද්‍යඥයන්ගේ මතයයි. ඔවුන් සතුව සෝගම්, මිලට් වැනි ධාන්‍ය වලට අමතර ගවයන්, බැටළුවන් වැනි සතුන්ද ඇති කළ බවට සාක්ෂි දක්නට ඇත. තවද මෙය හුදෙකලා ශිෂ්ටාචාරයක් නොව Limpopo නදිය ඔස්සේ බාහිර ලෝකය සමඟ ජාත්‍යන්තර ගනු දෙනු කිරීමට තරම් දියුණුවූ ශිෂ්ටාචාරයක් බවද නිරීක්ෂණය කොට තිබේ.

යුරෝපීය ආක්‍රමණිකයන්ව පරාජයට පත්කළ කෘෂිකාර්මික ගැටලු ජය ගැනීමට ස්වදේශික අප්‍රිකානුවන් සමත්වී ඇති බවට මෙම ශිෂ්ටාචාරයේ දියුණුව හොඳ නිදර්ශනයකි. ඔවුන් ආවේණික කෘෂිකාර්මික ක්‍රමයක් ගොඩනගාගැනීම තුළින් අප්‍රිකාව පුරා පැතිරුණු සංකීර්ණ සමාජයකට පදනම සකසාගෙන තිබුණි.

~~~

ඝර්ම කලාපයට ඇතුළුවූ වහාම යුරෝපීයන් සහ ඔවුන්ගේ සතුන් භයානක රෝගාබාධ වලට ගොදුරු වන්නට වූ බව ඉහත සඳහන් වුනි. ඝර්ම කලාපීය උණ රෝග යුරෝපීයන්ව විනාශ කරමින් පැවතුණි. නමුත් අප්‍රිකානුවන් එයට සාර්ථකව මුහුණ දෙමින් සිටි අතර රෝගවලට ගොදුරුවූයේ අප්‍රිකානුවන්ගෙන් සුළුතරයක් පමණි. ඇමෙරිකාවෙහි හා කේප් තුඩුවෙහි ස්වදේශිකයන්ව විනාශ කළ මාරක යුරෝපියානු අවිය වූ වසූරිය රෝගයට පවා මෙම ඝර්ම කලාපීය අප්‍රිකානුවන් බහුතරයක් සාර්ථකව මුහුණ දෙමින් සිටියහ. මෙය සිදුවිය හැක්කේ කෙසේද ?

මහාචාර්ය ඩයමන්ඩ් විශ්වාස කරණ පරිදි සියල්ල තීරණය වී ඇත්තේ භූගෝලීය සාධක මතය. යුරෝපීයන්ව හා ඔවුන්ගේ සතුන්ව විනාශ කළ බොහොමයක් ලෙඩ රෝග ඝර්ම කලාපීය අප්‍රිකාවට ආවේණික ඔවුන් කිසි දිනෙක මුහුණදී නොතිබුණ ලෙඩ රෝගයන්ය. එය සම්පූර්ණයෙනම, සුපුරුදු යටත් කරගැනීමේ රටාවෙහි ආපසු හැරීමකි.

නවලෝකයේදී විෂ බීජ ස්වදේශිකයන්ව ඝාතනය කරමින් යුරෝපීයනට ආයුධයක් වෙලා තිබුණත් මෙහිදි ස්වදේශික ලෙඩ රෝග යුරෝපීයන්ව විනාශ කරන ආකාරය අපිට දකින්න පුළුවන්. මෙහිදීත් අපිට තුවක්කු, විෂ බීජ හා වානේ වල බලපෑම දකින්න පුළුවන් ඒත් විෂ බීජ ක්‍රියාකරන්නෙ ප්‍රතිවිරුද්ධ ආකාරයටයි. - මහාචාර්යය ඩයමන්ඩ්.

යුරෝපීයන්ගේ සතුන්ද මෙම මාරාන්තික රෝග වලින් මිය යන්නට විය. එහෙත් අප්‍රිකානු ගවයන් වසර දහස් ගණනක් තිස්සේ මෙම රෝගවල්ට ගොදුරුවීම තුළින් සැලකිය යුතු ප්‍රතිශක්තියක් ගොඩ නගාගෙන තිබුණි. තවද ඝර්ම කලාපීය අප්‍රිකානුවන්, කොයිසාන් වරුන් මෙන් ඉතා පහසුවෙන්ම වසූරියට ගොදුරු නොවුනේ මන්දැයි යන කාරණයටද මෙම ගවයන් මගින් පිළිතුරක් ලැබේ. සියවස් ගණනකට පෙර වසූරිය වෛරසය මුලින්ම ගවයන්ගෙන් මිනිසුනට වහනය වී ඇත. විශේෂඥයන් විශ්වාස කරනාකාරයට එම මුල්ම වහනය වීම බොහෝදුරට ඝර්ම කලාපීය අප්‍රිකාවේදී සිදුවී ඇතැයි සැලකේ. එබැවින්ම ඝර්ම කලාපීය අප්‍රිකානුවන් සතුව මෙම රෝග වලට ඔරොත්තුදීමේ ප්‍රතිශක්තියක් නිතැතින්ම ගොඩ නැගී තිබුණි. එපමණක් නොව, ලෝකයෙහි පවතින දරුණුම රෝගයක් වූ මැලේරියාවට මුහුණු දීමේ ප්‍රතිශක්තියද ඝර්ම කලාපීය අප්‍රිකානුවන් සතු වූහ. යුරෝපීයන්ව ඝර්ම කලාපීය අප්‍රිකාවේදී අසරණ කිරීමට මුල්වූ ප්‍රබලම ආයුධය මෙම මැලේරියාවයි.

අප්‍රිකානුවන් මෙම රෝගයෙන් ආරක්ෂා වීමට අපූරු ක්‍රම භාවිතා කොට තිබුණි. ඔවුන් සිය වාසස්ථාන, මදුරුවන් බෝවීම බහුලව දැකිය හැකි තෙත්, දියසීරාව සහිත ප්‍රදේශ වලින් බාහිර, උස් හෝ වියළි ස්ථාන වල ඉඳි කරගත්හ. එපමණක් නොව, කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වීම නිසා මෙම වසංගතය පැතිර යාමෙහි පාලනයක් ඇති කරගැනීමට ඔවුන් සමත් වූහ. නමුත් ඝර්ම කලාපීය අප්‍රිකානු පරිසර සාධක පිළිබඳ මද දැනුමක් තිබුණු යුරෝපීයන්, ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් ජලය ලබා ගත හැකි ගංගා හෝ විල් අසල ඔවුන් සිය වාසස්ථාන ඉඳි කරගත්හ. ප්‍රතිඵලය ! දහස් ගණනින් මිය යාමයි.

මෙලෙසින් ඝර්ම කලාපීය තත්ත්වයන් යුරෝපීයන්ව පරාජයට පත් කොට තිබුණි. මෙම අමුතු භූමියේ හිමි කරුවන් විජයග්‍රහණය කොට තිබුණි. ඔවුන් ඝර්ම කලාපයට සුදුසු සංකීර්ණ ශිෂ්ටාචාරයක් දක්වා පරිණාමය වී තිබුණේ මහද්වීපය පුරා විසිර යමිනි.

මෙය, යුරෝපීය තුවක්කු, විෂ බීජ හා වානේ යන ත්‍රිත්ව බලයේ අවසානයද ? මෙම ඝර්ම කලාපීය සුපිරි ශිෂ්ටාචාරයේ අනාගතය කෙබඳු වේවිද ?

යුරෝපීයන් ඝර්ම කලාපීය අප්‍රිකාවෙහි සිය ජනාවාස ඇති කරගැනීමට මෙලෙස අසමත් වූහ. මෙවැනි තත්ත්වයකට ඔවුන් උතුරු හෝ දකුණු ඇමෙරිකාවේදී මුහුණ නොදුන්හ. එහෙත් එම මහා දේශයේ හෙවත් අප්‍රිකාවේ වූ දියමන්ති, තඹ, රත්‍රන් ආදී අප්‍රමාණ ස්වාභාවික සම්පත් ප්‍රමාණය, කෙතරම් දුෂ්කර ඌවත් ආක්‍රමණිකයන්ව ආකර්ෂණය කරගන්නා සාධකයක් බවට පත් විය.

ඝර්ම කලාපීය විෂ බීජ ඉදිරියෙහි පරාජය වූ යුරෝපීයන් සිය ආක්‍රමණයෙහි මුහුණුවර වෙනස් කරමින් සම්පූර්ණයෙන්ම වෙනස් පිළිවෙතකට අනුගත වෙමින් සිටියහ. දහනව වන සියවසේ අවසාන භාගය වන විට යුරෝපීයන් විසින් ස්වදේශික ගම්මාන ගිනිබත් කරමින් ඔවුන්ගේ සියවස් ගණනක් පැරණි ශිෂ්ටාචාරය පොළවට සමතලාකරමින්, ස්වදේශික අප්‍රිකානුවන් මිලියන ගණනින් සිය භූමියෙන් පලවා හරිමින්, ඝර්ම කලාපීය පරිසර තත්ත්වයනට මැනවින් හුරුවී සිටි එම ස්වදේශික ජනතාවම අප්‍රිකාවෙහි සම්පත් කොල්ලකෑම උදෙසා සේවකයන් ලෙස හෝ වහලුන් ලෙස යොදාගැනීම ආරම්භ කෙරිණ. එමගින් ඔවුන් අප්‍රිකාවෙහි වූ එම මහා වස්තු සම්භාරය යුරෝපයට රැගෙන යන ලදී. මේ සඳහා යුරෝපීයන් ඔවුන් සතුව තිබූ තාක්ෂණය උපරිමයෙන්ම යොදා ගත්හ. දීර්ඝ කාලයක් තිස්සේ දහස් ගණනක් වූ අප්‍රිකානුවන්ගේ ලේ කඳුළු දහඩිය මතින් කේප් තුඩුවේ සිට ඝර්ම කලාපීය අප්‍රිකාවෙහි මධ්‍යයට ඉඳිවූ ඒ වානේ දුම්රිය මාර්ගය අදටත් සිය ආරම්භක මෙහෙය ඉටු කරමින් සිටී. කේප් තුඩුවේ සිට වර්තමාන කොංගෝ හෝ සැම්බියා දේශයන් වෙත එන දුම්රිය ටොන් දහස් ගණනින් තඹ හා අනෙකුත් ඛනිජ වර්ග කේප් තුඩුව වෙත ප්‍රවාහනය කරයි.
~~~~

වර්තමාන අප්‍රිකාව යටත් විජිතයන්ගෙන් තොර නිදහස් ස්වෛරීය ජාතීන්ගෙන් සමන්විත දේශයකි. මහාචාර්යය ඩයමන්ඩ්ගේ මෙම උත්සහාය සිය න්‍යාය නූතන අප්‍රිකාව හැඩ ගස්වන ආකාරය සොයා බැලීමයි. අධිරාජ්‍යවාදීන් විසින් ස්වදේශික අප්‍රිකානුවන්ගේ ලේ කඳුළු දහඩිය මතින් ගොඩ නැංවූ එම දුම්රිය මාර්ගයේම, කේප් තුඩුවේ සිට අරඹන සිය ගමන ඝර්ම කලාපීය අප්‍රිකාවෙහි පිහිටි නූතන සැම්බියාවෙන් අවසන් කරනුයේ අසල්වැසි කොන්ගෝවෙහි ඇති සිවිල් යුද තත්ත්වය නිසා මෙම මාර්ගයෙහි තව දුරටත් උතුරට ගමන් කිරීම භයානක බැවිනි. අප්‍රිකාවෙහි මෙන්ම ලෝකයේත් දුප්පත්ම රටක් ලෙස සැලකෙන සැම්බියාව, මහාචාර්යය ඩයමන්ඩ් විසින් මානව ශිෂ්ටාචාරය හැඩ ගැස්වීමෙහි මුල්වූ ත්‍රිත්ව බලවේග ලෙස හඳුනාගත් තුවක්කු, විෂ බීජ හා වානෙ මගින් වර්තමානයෙහි හැඩගස්වන ආකාරය හා මෙම බලවේගයන් වර්තමාන සැම්බියාවෙහි ඇති ඛේදනීය තත්වයන් තේරුම් ගැනීමට උදව් වන ආකාරයන් සොයා බැලීම මහාචාර්යය වරයාගේ අරමුණයි.

වර්තමාන සැම්බියාව යටත්විජිතකරනයෙන් හැඩගැස්වී ඇති ආකාරය මැනවින් නිරීක්ෂණය කළ හැකිය. යුරෝපීයන් විසින් ගොඩ නැංවූ ඛනිජ ආකර හෝ දුම්රිය මාර්ග ආශ්‍රය කොටගෙන ඉඳිවී ඇති යුරෝපීය පන්නයේ නගර වර්තමාන සැම්බියාවෙහි සුලභ ලක්ෂණයකි.

මහාචාර්යය ඩයමන්ඩ් හඳුනා ගත් ත්‍රිත්ව බලයෙන් එකක් වූ විෂ බීජ වර්තමාන සැම්බියාවෙහි හැඩරුව අදටත් වෙනස් කරමින් පවතී. මැලේරියාව !! වරෙක යුරෝපීයනට මාරාන්තික වුවද අප්‍රිකානුවන්ට එතරම් ගැටලුවක් නොවුන මෙම මාරාන්තික වසංගතය, වර්තමාන සැම්බියාව මුහුණ දී ඇති භායානකම උවදුරු වලින් එකකි. අංක එකේ මහජන සෞඛ්‍යය ගැටලුවයි. සංඛ්‍යාලේඛන අනුව වයස අව්රුදු පහට අඩු සැම්බියානු දරුවන් වැඩි වශයෙන් මෙම වසංගතයෙන් මරුවාට ගොදුරු වී ඇත.

පෙර මෙන් අප්‍රිකාණුවනට මෙම රෝගයෙන් ආරක්ෂාකාරී වීමට නොහැකිවී අත්තේ කුමන හේතුවකින්ද ? එය වසංගතයක් වන තරමටම අප්‍රිකානු සමාජය ගිල ගත්තේ කෙසේද ? පුරාතන අප්‍රිකානු සමාජය කුඩා කණඩායම් වශයෙන් විශාල ප්‍රදේශයක විසිර වාසය කිරීම නිසා මෙම වසංගත පැතිරීම සීමා වී පැවතුණි. එහෙත් නූතන, අධි ජනගනත්වයකින් යුතු නගර වල දිවිගෙවන වර්තමාන අප්‍රිකානුවන්, එබැවින්ම රෝගය පැතිරීමෙහි වේගය වැඩිවීම නිසා නිරායාසයෙන්ම මෙම වසංගතයන්හී ගොදුරු බවට පත්වී ඇත. වසර දහස් ගණනක් මෙම රෝග සඳහා අප්‍රිකානුවන් සතුවූ ප්‍රතිශක්තිය තව දුරටත් නොමැත. රෝගය උදෙසා සාමාන්‍යයෙන් පිළිගත් ඖෂධ වල ක්‍රියාකාරිත්වයද අඩපණ වී ඇත.

මේ පිළිබඳ කරුණු අධ්‍යනය පිණිස මහචාර්යය වරයා තෝරා ගත් රෝහලෙහි, වසංගතය උත්සන්න කාලයට දිනකට ළමුන් හතක් පමණ මිය යන බව කියවේ. එහි නේවාසික ප්‍රතිකාර ලබන අසරණ සැම්බියානු දරුවන් දකින මහාචාර්යය වරයා වරෙක ඉකිගසා හඬා වැටෙන්නේ මැලේරියාව විසින් ඔවුන් මත ඇතිකොට ඇති දුක්ඛිත තත්ත්වය දරාගත නොහැකිවයි. මහාචාර්යයවරයාම පවසන පරිදි ඉතිහාසය හැඩගැස්වීමෙහිලා මුල්වූවේයැයි තමන් විසින් හඳුනා ගත් ප්‍රබල සාධක ත්‍රිත්වයෙන් එකක් වූ විෂ බීජ, ක්‍රියාකාරීව තිබෙන ආකාරය සියැසින්ම දක්නට ලැබීම ඔහුව කම්පනයට පත් කිරීමට තරම් සමත් කාරණාවක් වී ඇත.


අවුරුදු තිහකට පෙර, මෙලොවෙහි පවතින අසමාණාත්මතාවයේ මූලයන් සොයා මා විසින් දීර්ඝ ගමනක් ඇරඹුවා. මෙම කථාවෙහි ආරම්භය ශිෂ්ටාචාරයේ ආරම්භය තරම්ම ඈතට දිවෙන බවත්, මිහිමත ඇති භූගෝලීය තත්ත්වයන්ගේ වෙනස මත එය රදා පවතින බවත් මට අවබෝධ වූවා. මානවයා මුලින්ම ගොවිතැන ඇරඹු විට, එක් කුඩා ප්‍රදේශයක සිටි මිනිසුන් සමූහයක් ලොවෙහි පවතින හොඳම බෝග සහ සතුන් ලැබීමට වාසනාවන්ත වී ත. එම වාසනාව විසින් වර්තමානය තෙක් ආ ගමනේදී ඔවුන්ට ආවේණික වාසියක් ලැබුණා. යුරෝපීයන් වෙත ලැබුණු මෙම වාසියේ ප්‍රතිඵලයක් ලෙස ඔවුනට නව රටවල්, මද්වීප සියතට ගැනීමට සහ අසාමාන්‍ය සමෘද්ධියක් ගොඩනගා ගැනීමට සහය වූ තුවක්කු, විෂ බීජ හා වානේ අත්පත් කරගැනීමේ හැකියාව ලැබුණා. භූගෝලීය සාධක හා තුවක්කු, විෂ බීජ හා වානේ මානව ඉතිහාසයෙහි හැඩය වෙනස් කිරීමට ඉවහල්වූ ප්‍රබලතම බලවේග බව මට කියන්න පුළුවන්. සැම්බියාවෙහි මෙම බලවේග වල බලපෑම අදටත් දකින්න පුළුවන්. ඝර්ම කලාපීය විෂ බීජ ඔවුන්ව යටත් කොටගෙන දරිද්‍රතාවය වෙත රැගෙන යන හැටි අපට මෙහිදී දැකිය හැකියි. මෙහි තේරුම සැම්බියාව හෝ අප්‍රිකාව සදහටම මෙම භූගෝලීය සාධකයන්ගේ හා බලයන්ගේ ගොදුරක්ව පැවතිය යුතු බවද ? අනාගතයේදීත් වර්තමානයේ මෙන්ම දරිද්‍රතාවයෙන් පෙළිය යුතු බවද ? කිසිසේත්ම නැත.

අප්‍රිකාව හෝ ලෝකයෙහි වෙනත් නොදියුණු ප්‍රදේශ එලෙසින් පැවතීමට බලපාපු විශේෂ හේතු සාධක තියනවා. එම හේතු සාධක තේරුම් ගැනීම මගින් ඇතිවෙන දැනුම භාවිතා කිරීමෙන් අපට පුළුවන් ඉතිහාසයේදී අවාසි සහගත තත්ත්වයනට මුහුණ දුන් එම ප්‍රදේශ නගා සිටුවීමට උදව් කරන්න. - මහාචාර්යය ඩයමන්ඩ්. 


මැලේසියාව හා සිංගප්පූරුව, ලෝකයේ ප්‍රබලම ආර්ථිකයන් කිහිපය අතර සිටිනා දෙරටක්. ඝර්ම කලාපීය අප්‍රිකාව මෙන්ම ඔවුන්ටත් ඝර්ම කලාපීය භූගෝලීය සාධක හා සෞඛ්‍ය ගැටලු පොදුය. මෙම දෙරටද සැම්බියාව මෙන්ම මැලේරියාවෙන් නොසෑහෙන තරම් බැටකා ඇත. නමුත් සිය පරිසරය අවබෝධ කොට ගැනීම මගින් මෙම රටවල් ද්විත්වයම වර්තමානයෙහි පවතින තත්ත්වයට ළඟා වූහ. වසර පනහකටත් පමණ පෙර මෙම රටවල් විසින් භූගෝලීය සාධක හා විෂ බීජ මගින් ඇති කළ හැකි බලපෑම අවබෝධ කොට ගත් පසු සැලසුම් සහගත පරිශ්‍රමයකින් මැලේරියාව සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට සමත් වූයේ සිය ආර්ථිකය හා ජීවන තත්ත්වය නගා සිටුවමිනි. මැලේසියාවේ හා සිංගප්පූරුවේ කතාව, භූගෝලීය තත්ත්වය හා ඉතිහාසය අවබෝධ කොටගැනීම මගින් ලබාගත හැකි තත්ත්වයන් මැනවින් පෙන්නුම් කරනා සජීවී නිදර්ශනයන්ය.

යමක් පිළිබඳ කරණ පැහැදිලි කිරීම් ඔබට වෙනස් වීමට අවැසි ශක්තිය ලබාදෙයි. එමගින් ඔබට ඉතිහාසයේ සිදුවූයේ කුමක්ද හා එසේ සිදුවූයේ ඇයි ද යන්න හෙළිකරයි. එම දැනුම ඔබට ඔබගේ අනාගතය හැඩගස්වා ගැනීම උදෙසා භාවිතා කළ හැකියි. - මහාචාර්යය ඩයමන්ඩ්

මහාචාර්යවරයාගේ මෙම දීර්ඝ ගවේෂණය, මානව ඉතිහාසය හැඩ ගැස්වූ ප්‍රබල බලවේගයන් හදුනා ගැනීම උදෙසාය. එහෙත්, ඒ ඒ පුද්ගලයාගේ ජීවිතය හැඩ ගැසීම ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකාරකම් මතම රඳා පවතින බව ඔහුගේ අදහසයි.

මහාචාර්යය ඩයමන්ඩ්ට අනුව, වසර තිහකට පසුවත්, තුවක්කු, විෂ බීජ හා වානේ පිටුපස වූ ගැටලුවෙහි වැදගත්කම තවමත් අඩුවී නොමැත.

මට හිතෙන විදිහට, මගේ ඉදිරි ජීවිතයේදී මම විසඳීමට උත්සහා කරණ කිසිම ගැටලුවක් තුවක්කු, විෂ බීජ හා වානේ පිටු පස වූ ගැටලුව තරම් චිත්තාකර්ෂණීය නොවනු ඇත. මන්ද යත් එය මානව ඉතිහාසයේ විශාලම ගැටලුව වන බැවිනි. - මහාචාර්යය ඩයමන්ඩ්

~~නිමි~~


මූලාශ්‍ර ;

1. Guns, germs and steel, a documentary film by National Geographic
2. http://en.wikipedia.org/wiki/Jared_Diamond
3. http://en.wikipedia.org/wiki/Yali_(politician)
4. http://en.wikipedia.org/wiki/Guns_germs_and_steel
5. http://en.wikipedia.org/wiki/Francisco_Pizarro
6. http://en.wikipedia.org/wiki/Atawalpa
7. http://en.wikipedia.org/wiki/Battle_of_blood_river
8. http://en.wikipedia.org/wiki/Maxim_gun
9. http://en.wikipedia.org/wiki/First_Matabele_War
10. http://en.wikipedia.org/wiki/Kingdom_of_Mapungubwe


Guns, Germs and Steel වාර්තා චිත්‍රපටය ඇසුරින් සකස් කෙරුවේ ;
~~ සෙන්නා / 29.11.2012

53 comments:

  1. ආග්..ඉවර උනාද .. අපි කොහොම හරි ඔය පෝසත් සුද්දව දුප්පත් කරලා ..අපි පෝසත් වෙන්න බලමු...

    වටිනා කියන පොස්ට් එකක් බං .

    ජය --

    ReplyDelete
    Replies
    1. ඉවරයි නේන්නම්.. එහෙනම් ඒ වැඩේ උඹම පටන් ගනින්කො, මාත් එන්නම් :-)

      Delete
  2. වැඩක් නෑ. උන් ගැන කතා කරලා. සුද්දෝ වැඩ්ක නෑ. උන්ට කරගන්න් මෙලෝදෙයක් බෑ. උන් ලංකාව, අප්‍රිකාව, ආසියාව, දකුණු ඇමෙරිකාව අල්ලගෙන උන්ට ඕන ටික අරගෙන ගියා. දැන අපි ඔය දේවල් ගැන කතා කරලා වැඩක් නෑ....

    මොනවා වුනත් ඔයා සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. මත් නොදන්න දේවල් ගොඩාක් තියෙනවා. නමුත් යුරෝපියෝ ශ්‍රේෂ්ඨ ජාතියක් නෙමේ..........
    Visit "Hatharavaram"

    ReplyDelete
    Replies
    1. // උන්ට කරගන්න් මෙලෝදෙයක් බෑ. //

      මේකටනම් මම එකඟ නෑ Maxxa. මහචාර්යවරයගෙ තර්කෙ සුද්දො මෙච්චර බලවත් වුනේ භූගෝලීය වශයෙන් ලැබුන වාසිය නිසා මිසක් සුද්දන්ට විතරක් ආවේනික වෙච්ච විශේෂ ලක්ශණයක් නිසා නෙමෙයි කියන එකයි. තමන්ට ලැබුන වාසියෙන් උපරිම ප්‍රයෝජන ගන්ඩ තරම් උන් දක්ෂ වුන එක අපි පිළිගන්න ඕනා.. බයිබලයෙත් තියනවා ඔය වගේ කතාවක්. තලෙන්තු පිළිබඳ උපමාව කියලා. ඒකෙන් කියන්නෙ සම්පත් තිබුනට වැඩක් නෑ ඒවා පාවිච්චි කරලා වැඩි දියුණු නොකොලොත් ඒකෙන් වැඩක් නැතුව යනවා කියලා. සුද්දො මෙතනදි උන්ට ලැබුන වාසියෙන් උපරිම ප්‍රයෝජන අරගන් දියුණු වෙලා අනිත් උන්ව යටත් කර ගත්තා..උන්ට මෙලෝ දෙයක් බෑ කියන එකනම් පිළිගන්න අමාරු තර්කයක්..

      ස්තූතියි මේ පැත්තට ගොඩ වෙලා එහෙට එන පාරත් කිව්වට. මමත් එන්නම්.. බ්ලොග් රෝලටනම් දාගත්තා..

      Delete
  3. මේ ලියන්නේ ලිපිය දුටු බව සනාථ කිරීමට පමණයි. විවේකීව කියවලා තමයි ප්‍රතිචාරය දෙන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක මහතා.. මේක ඔබ ලිපිය සංයමයකින් යුතුව කියෙව්ව බවට සහතිකයක්..

      Delete
  4. විසබීජ යවලා මිනිස්සුන්ව එළවලා ඉඩම් අල්ලගත්ත එක අපිත් අනුගමනය කරා නම් අපිටත් පෝසත් වෙන්න පුළුවන් නේද?.මේකට මුළු ආසියාවම එකතු වෙන්න ඕන ජපානය,චීනය,ඉන්දියාව ඇතුළුව(ඉන්දියා චීනේ කේස් නිසා මුන් දෙගොල්ලෝ ඒකමතික කරගන්න එක අමාරු වෙයි.)

    ReplyDelete
    Replies
    1. උඹට හරි බරපතල දේවල්නෙ හිතිලා තියෙන්නෙ.. ඉන්දියාවයි, චීනෙයි එකතු කරන්ඩ කලින් අපි දියුණු වෙලා ඉමු මචන්.. හැමෝම ( අපේ ඔල මොට්ටල දේසපාලු වාහෙලත් අතුලුව ) ඒක ඔලුවෙ තියන්, රට ගැන හිතලා වැඩ කරනවනම් ලංකාව බොහොම ටික කාලෙකින් ගොඩ දාන්න පුලුවන් රටක්..

      Delete
  5. .මේ පෝස්ටුවේ වැදගත්කම කියලා නිම කරන්න බෑ සෙන්නා. උඹ මේක ලියන්න ගත්තු මහන්සිය හිතාගන්න පුළුවන් ..අප්‍රිකාවේ යුරෝපීය ව්‍යාප්තිය ගැන කියවන කොට මට මතක් වුණේ රයිඩර් හැගාඩ් ගේ මකුමසාන් හෙවත් ඇලන් ක්වාටර්මේන් ගේ චරිතය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රතු රජරට.

      ක්වාටමේන් චරිතය ඒ ඔස්සේ ගොඩනැගුනු එකක් නේද ? මමනම් තාම ඒ පොත් කියවලා නෑ.. එහෙන් මෙහෙන් අහලා තියනවා..

      Delete
  6. සෑහෙන්න වටින ලිපියක් මචං .. කියවලා කොපිකරලා තියාගත්තා . බොහොම ස්තුතියි . කාලෙකට පස්සේ තම බ්ලොග් වලට ආවේ උබගේ බ්ලොග් එක නම් අමතක නොකර දිගටම කියවන්න ඕනෙ .

    ReplyDelete
    Replies
    1. සඳරු බොහොම කාලෙකින්... අපේ බ්ලොග් නොකියෙව්වත් කමක් නෑ බන් උඹ ලියහන්.. අර ඉස්සර වගේ මාසෙට හතක්... හතක් බැරිනම් දෙක තුනක්වත්...

      Delete
  7. ලිපි පෙළක අවසානය වුනත්, මේ ලිපි පෙලෙන් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා... වටිනා ලිපි පෙළක් සෙන්නා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සමනළී... මමත් මේ ෆිල්ම් එකෙන් සෑහෙන් දේවල් ඉගන ගත්තා.. ඒකමයි ඒක පුලුවන් විදිහට බෙදා ගන්ඩ හිතුනෙ. ෆිල්ම් එක බලන්න. ඒක මීට වැඩිය ගොඩක් රසවත්.. මම ඔය ඕනෑම කරන ටික තමා ලියලා තියෙන්නෙ..

      Delete
  8. පැයක විතර කාලයක් අරගෙන, හෙමින් හෙමින්, අවබෝධය ලබමින්, මූලාශ්‍ර වෙත යමින්, ලිපිය කියෙව්වා සෙන්නා. මේ ලිපිය, පර්යේෂණ කෘතියක පරිවර්තනයක් ලෙස, මීට වඩා විකාශය කර, ලංකාවේ සති අන්ත පුවත්පතකට ලියන්න පුලුවන්නම්, එය වටිනාකම කියා නිමකළ නොහැකි සත්කාර්යයක් වනවා. ඒ ගැන සිතා බලන්න. 'තුවක්කු, විෂබීජ සහ වානේ' වාර්තා චිත්රපටිය ටොරන්ට් මගින් බාගෙන බලන්නම්.

    යුරෝපීයයන්ට එරෙහිව නැගීසිටින බලවේග සියල්ල ඔවුන් යටපත් කළේ, දේශීය වෙනත් ජනකොටස් හෝ විවිධ ක්‍රම මගින් රවටාගත් හා බේද භින්න කල දේශීය ජන කොටස්, දඩමීමා කරගනිමින්. ලංකාවේදී වුනෙත් ඒකයි. අපිට පුළුවන් වුනා ප්‍රතිවිරුද්ද තුවක්කු කණ්ඩායම් හදන්න. ඒ තුවක්කු හැඳින්වුණේ 'අතපත්තු' කියලයි. අතපත්තු පරම්පරාවල් හැදුනේ එහෙමයි. ඒ අපේ රටේ මුල්ම කොමාන්ඩෝ බලය. නමුත් සුද්දා තුවක්කු හැදීමට විරුද්ධව නීති ගෙනල්ලා ඒවා යටපත් කළා. අද වුනත් ගල් කටස් එකක් හදන එකා ඉවරයි. යටත් විජිත ලෙස නොතිබුණු චීනය ආයුධ කර්මාන්තයේ ඉදිරියට ගියා.

    කලකට ඉහත අපේ හමුදාවේ කර්නල්ලා දෙන්නෙක් එකතුවෙලා මෝටාර් විදිනයක් හැදුවා. ඔක්කොම හමුදා ලොක්කෝ ඒකට අපහාස කරලා අවඥාවෙන් බැහැර කළා. ඒ දෙන්න ඒ දැනුම කැළේට විසි කරලා විශ්‍රාම ගියා. අදටත් අපේ රටේ ඉන්නවා හොඳ දක්ෂ කාර්මිකයෝ අවි ආයුධ, මෝටර් වාහන, විවිධ යන්ත්‍රසූත්‍ර හදන්න පුළුවන්. නමුත් අපි තවම ඉන්නේ සුද්දගේ උගුලේ. අහෝ සැපයි සැපයි කියමින් එකේම ලැගලා මැරිලා යනවා.

    මම හිතනවා වානේ වලින් සුද්දා හදපු තවත් වැදගත් දෙයක් තමයි නගුල. සුද්දගේ නගුල ලෝකය පුරාම ගියා. නමුත් තද පොලොව සහිත ඝර්ම කලාපයේදී ෆේල් වුනා. Muzzle Loader තුවක්කු වලට සිංහලෙන් කොටන තුවක්කු කියන්න පුළුවන්. බෙහෙත් කොටන තුවක්කු කියාත් කියනවා. ඒවා යුරෝපයේදී වඩාත් ප්‍රචාලිත වුනේ මස්කට් Musket යනුවෙන්.
    http://en.wikipedia.org/wiki/Kentucky_Rifle මැක්සිම් තුවක්කුව ඉතා වේගවත් පරිවර්තනයකට භාජනය වූ තුවක්කුවක්. අද භාවිතාවන ගුවන්යානා නාශක තුවක්කුවල මීමුත්තා මැක්සිම් තුවක්කුව කියා කියන්න පුළුවන්.
    http://en.wikipedia.org/wiki/Maxim_gun මෙය සම්පූර්ණයෙන්ම එංගලන්තයේ නිෂ්පාදනයක්. මකර නිවර්තනයේ පිහිටීම දකුණු අප්‍රිකාව වෙන්කරන දේශගුණික සීමාව බව පැහැදිළිවම පෙනෙනවා. http://en.wikipedia.org/wiki/Tropic_of_Capricorn

    සෙන්නා, මෙවැනි, සාරගර්භ, හරවත් ලිපි, මාස කීපයකට එකක් ලිව්වත් ඇති. මා ඔබව නැවතත් උනන්දු කරවනවා මේ ලිපි පෙළ ලංකාවේ සති අන්ත පුවත්පතක පලකිරීම සඳහා. බොහොම ස්තුතියි අපේ දැනුම වර්ධනය කිරීම පිළිබඳව.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි විචාරක මහතා.

      පුවත් පතක දාන්න තරම් මෙහි ගුණාත්මක භාවයක් තියනවද කියලා මටම සැකයි. අනික ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස, පද බෙදුම් දෝෂ බහුලයි කියලා මට හිතෙනවා..ඒ ඔක්කොම හදා ගත්තත් පුවත් පතක දාන්නෙ කොහොමද කියන එකත් ගැටලුවක්. ඒක හින්දා තාවකාලිකව ඒ අදහස අතාරිමු.

      අපේ රටේ අලුත් නිර්මාණ කරන ඈයො නතර වෙන්නෙ එක්කො හිර ගෙදර, නැත්නම් පිට රටක. ඔය තත්ත්වෙ වෙනස් වෙනකම් හැම දාම සුබ අනාගතයක් විතරයි.

      Muzzle Loader තුවක්කු කියන්නෙ, කොටන තුවක්කුමයි කියලා මම දැනගෙන හිටියෙ නෑ.. එතකොට අර කලින් කියපු හාර්කබස් තුවක්කුව, ඒකත් කොටන තුවක්කු ජාතියක් නේද ?

      බොහොම ස්තූතියි අගය කළාට විචාරක මහතා. හැකි සෑම විටම ලියන්න බලන්නම්.. ඒත් දැනටනම් මම මේ සම්බන්දයෙන් බෙහෙවින්ම අධෛර්යයට පත්වෙලා ඉන්නෙ.. තවදුරටත් මෙවැනි ලිපි සඳහා කාලය නාස්ති කිරීම ප්‍රයෝජනවත්ද කියලා මම බරපතල විදිහට හිතමින් ඉන්නෙ.. බලමු.

      Delete
    2. ලිපිය පුවත්පතක පළකරනවා නම් සංස්කරණය කරන්න වෙනවා තමයි. සමහරවිට පුවත්පතේ විශේෂාංග කර්තෘ විසින් අදාළ සංස්කරණය කරනවා. ඔබේ බ්ලොග් මිතුරන් මට වඩා ඒ ගැන විස්තර සහ ඔබව පුවත්පතකට සම්බන්ධ කළහැකි ක්‍රමයක් දන්නවා ඇති. නැවතත් සිතාබලන්න.

      දිගටම ශාස්ත්‍රීය ලිපි ලිවීම අමාරුයි. ඉඳහිට සරල දේවලුත් ලියන්න. එවිට වෙහෙස දුරුවෙනවා. ඔබ ඉස්සර ලියපු ප්‍රමාණය (ලියන ලිපි ගණන) දැන් බොහොම අඩුවෙලා. කාර්ය බහුල වුනත් ලිවීම අත්හරින්න එපා.

      හාර්කබස් තුවක්කුව ලංකාවේදී හඳුන්වන්නේ, බඳින තුවක්කුව, බඳින කඳ, වැනි නම් වලින් ඉංග්‍රීසියෙන් එය Trap Gun.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. ස්තූතියි විචාරක මහතා.. වටිනා උපදෙස් ටිකක්.. පත්තර වැඩේ බලමුකො...

      ඇත්තෙන්ම මගෙ රැකියාවෙ හැටියට මේ තරමින්වත් ලිපියක් දෙකක් දාගන්න ලැබෙන එකත් ලොකු ජයග්‍රහණයක්..

      Delete
  9. අද එහෙනම් අවසාන නිගමනය ලැබුනා. නියමයි. මේ පැහැදිළි කිරීම මටනම් පිළිගන්න පුළුවන්. ඊට අමතරව මේ ගවේෂණයට අහු නොවුණු සාධක තියෙන්න පුළුවන් උනත් ප්‍රධාන සාධක මේවා කියන එක තාර්කිකයි කියල හිතෙනවා.

    ගොඩක් මහන්සි වෙලා අපි වෙනුවෙන් මේ ලිපි සකස් කරාට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. සයුරි කියන එක හරි. ඔහුට අහු නොවුන සාධකත් තියෙන්නෙ පුලුවන් තමා.. ඒත් සමස්තයක් වශයෙන් ගත්තම මටත් මේක සමඟ එකඟ වෙන්න පුලුවන්.

      ස්තූතියි සයුරි... මේක තමා වැඩියෙන්ම මහන්සි වුන ලිපිය..

      Delete
  10. ඔය කිව්ව නිසාම මම අර කියපු චිත්‍රපටිය බැලුවා...නියමයි..අන්තර්ගතය නම් සුපිරියි...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. අන්න ඔබ බුද්ධිමත් වැඩක් කරලා..

      ස්තූතියි මේ පැත්තෙ ආවට.

      Delete
  11. තාර්කිකයි...ඒත් අනික් ජාතීන්ගේ ..ලේ...දහඩිය...කඳුලු..මේ සියල්ලෙන්ම උන් බලවත් ආර්ථිකයක් සමග බලවත් යුධශක්තියක් ලබාගත්තා කියන දේ බැහැරවෙන්නෙ නෑ නේද..?

    ReplyDelete
    Replies
    1. ඒක බැහැර වෙන්නෑ වීයා. ඒක තමයි ඇත්ත. ඇයි අනිත් ජාතීන් ලෙහෙසියෙන්ම යටත් වුනේ කියන එකයි ගැටලුව. මහාචාර්යය වරයගේ පිළිතුර ඒ සඳහායි..

      Delete
  12. සුද්දා ඒ විදිහට යටත් විජිත අත්පත් කරගත්තට පස්සේ එවුවා ආපහු නිදහස් වෙනවා ඒත් ආර්ථික වහල් භාවයෙන් සුද්දාටම ගැති වෙලා.. මේ තත්වය වෙනස් වෙන බවක් පෙනෙන්නෙ නැහැ නේද ? සංක්‍රමනය මගින් ඒ රටවලට ගිය මිනිසුන් අද ඒවායේ ශ්‍රම බලකාය සවිමත් කරනවා. ඒ විතරක් නෙවෙයි බුද්ධි බලකායත් සවිමත් කරනවා. දැන් බලන්න ලෝකයේ උසස්ම විශ්ව විද්යාල වලට යන අපේ රටවල අයට උගන්වන්නේ කවුද ? අපේම මිනිස්සු..
    ඒකෙ අනිත් පැත්ත තමයි අධ්‍යාත්මිකව ඔවුන් ලබන දියුණුව. ආසියා අප්‍රිකා ලතින් අමෙරිකා රටවල් ජාති ආගම් කුල භේදවලට බෙදී එකිනෙකා මරාගන්න අතරේ ඔවුන් ඒකාබද්ධ වෙමින් යනවා. යුරොපීය හවුල බලන්න.. අධ්‍යාත්මික දියූණුව හඳුන්වාදුන්න ආගම් බිහි උනේ සුද්දන්ගේ රටවල නෙවෙයි .. ඒත් ඒව බිහි උන රටවල මිනිස්සු ආඔපහු වනචාරී යුගයට ගමන් කරනකොට අර රටවල් අනිත්පැත්තට යනවා.

    ReplyDelete
    Replies
    1. සරත් අයියා,

      ඔබ කියන එක හරි. අපි තාම නිදහස් වෙලා නෑ.. අපි තාම සුද්දගෙ, මානසික, දේශපාලනික, ආර්ථික වහල්ලු.. නිදහස් වෙන්න ඕනෑ කම තිබුනත්, නිදහස් වෙන්න බැරි තරමට අපි එරිලා.. මුල්‍ය අරමුදලෙන් ණය නොලැබුනොත් මුකුත් කරගන්න බැරි තරම් අපි අසරණ වෙලා..

      අපේ රටවල තිබුන භෞතික සම්පත් විතරක් කොල්ල කාලා, තිබුන වටිනාම සම්පතෙන් ප්‍රයෝජනයක් නොගත්ත සුද්දො, අද එහි වටිනා කම අවභෝධ කොටගෙන ඒ පැත්තට නැබුරු වීමක් පේන්ඩ තියනවා තමා.. එහෙම වෙනකොට අපි වනචාරි වීගන යන එකනම් කණගාටුවට කරුණක්.

      Delete
  13. ලෝකෙ වටේ ගිය ලස්සන චාරිකාවක් වගේ සටහනක්... කියවන්න ආසා හිතෙනව විදියට ඔබ එය ලියලා තිබුනා... කොටස් 3 ම කියෙව්වා. යුරෝපීයන් අතිතයේ සංක්‍ර‍මණය වූ ආකාරය පිළිබද වගේම ඔවුන්ගේ යුධ ශක්තිය පිළිබදවත් යම් අවබෝධයක් ලබා ගන්නට හැකිවුනා... මෙවැනි අධ්‍යාපනික වටිනාකමකින් යුතු දෑ තව තවත් ලියවේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා.. මෙමගින් ඔබ යම් දෙයක් ලබා ගත්තානම් එය සතුටක්..

      Delete
  14. බෝයර් වරු කියන්නේ ඕලන්ද ජාතිකයින්ට නොවේ , ඕලන්ද හා නීග්‍රෝ මිශ්‍ර ජාතිකයන්ටයි (මා අසා ඇති ආකාරයට ), දුම්රිය ,මහා මාර්ග පද්ධති සැකසුවාට අපි අනිවාර්යෙයන්ම ඉංග්‍රීසි ජාතිකයින්ට ස්තූති විය යුතුයි.
    මට මේ දවස් වල පොතක් ලැබුනා "රුදුරු වනයේ ජීවකයා " - සරත්චන්ද්‍ර ජයකොඩි- සදීපා ප්‍රකාශන [on the Edge of the primeval Forest - Albert Schweitzer ] මේකේ තියෙන්නේ 1900 මුල් දශකයේ ප්‍රංශ ජාතික doctor කෙනෙක් අප්‍රිකාව ගැන ලියපු විස්තරයක් , මේකේ තිබ්බ හැටියට අප්‍රිකාවට ගොඩක් භෝග වර්ග හදුන්වලා දීල තියෙන්නේ පෘතුගීසි ජාතිකයින් බටහිර ඉන්දීය කොදෙවු වල ඉදලා , තව ගොඩාක් දේවල් තිබ්බා
    සෙන්නා අයියේ ඔබ ඉතා රසවත්ව මෙම වාර්තා පල කොට තිබෙනවා . ඒ පිලිබදව මගේ ස්තූතිය .

    ReplyDelete
    Replies
    1. ඉමල්ක,

      විකිපීඩියා එකේ කියන හැටියට, බෝයර් වරු කියන්නෙ ඕලන්ද හා නීග්‍රෝ මිශ්‍ර ජාතියක් නෙමේ.. බෝයර්වරු කියන්නෙ ඕලන්ද ජාතිකයන්ගෙන් පැවතෙන "ගොවියන්" හඳුන්වන්න ඕලන්ද හා අප්‍රිකාන්ස් භාෂාවෙන් කියන වචනය කියලයි ඒකෙනම් තියෙන්නෙ. අනිත් එක ලංකාවෙත් ඔය බෝයර් වරු හිටියා කියලා මම අහලා තියනවා..

      http://en.wikipedia.org/wiki/Boer

      ස්තූතියි අර පොත පිළිබඳ කළ විස්තරයට. පුලුවන් වුනොත් හොයාගන කියවන්න ඕනා.. සමහර විට එහෙම භෝග ජාති හඳුන්වා දුන්නත් වෙන්ඩ පුලුවන්. ඔවුන් අපිටම කීයක් ජාති හඳුන්වලා දීලා තියනවද.. "තේ" ඒ අතරින් ප්‍රධානයිනෙ..

      අගය කළාට ස්තූතියි ඉමල්ක.

      "ඉමල්කගේ බ්ලොග් එක" කවද්ද පටන් ගන්නෙ ?

      Delete
    2. ඒක නම් දැන්ම පටගන්න විදියක් නෑ වගේ මොකද මගේ නිදහස් කාලය අඩුයි , ලංකාවේ හිටපු ප්‍රසිද්ද බෝයර් ජාතිකයෙක් තමා එංගල් බෙක් යාලේ පලවෙනි පාලකයා එයත් එක්ක ගොඩක් බෝයර් වරු ලංකාවට පිටුවහල් කරලා තිබ්බ බෝයර් යුද්දේ සිරකරුවෝ විදියට අන්තිමට එයා විතරයි ඉතුරු වුනේ හේතුව මහ රැජින ගෙන් සමාව නොගැනීම

      Delete
  15. සෙන්නා වෙලාව අරන් ඉවසීමෙන් කරපු අනිත් ලිපි වගේම මේකත් ඉස්තරම්.
    මහාචාර්‍ය ඩයමන්ඩ් වැරදියි කියන්න තරම් සාධක මට හිතාගන්න අමාරුයි.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩූඩ් අගය කළාට..

      නිවාඩුව අස්සෙත් ඇවිල්ලා, මේ පල්හෑලි කියවලා ලොකු තල්ලුවක් දීලා ගියාට ගොඩක් ස්තූතියි බන්..

      Delete
  16. මහාචාර්යතුමා විශ්වාසනීය ලෙස තර්ක කරනවා . සෙන්නාට බොහොම ස්තුතියි වෙච්ච් මහන්සියට . හුඟක් දේ ඉගෙන ගත්ත . තව කියවන්න ආසා හිතුනා .

    ReplyDelete
    Replies
    1. ඔව් බින්දි, මාත් කැමති ඔහු ඒ තර්කය ගොඩ නගන විලාශයට. ලෝක ඉතිහාසයේ අපූරු උදාහරණ අරන් මහචාර්යය වරයා ඒක ලස්සනටම කරලා තියනවා..

      ස්තූතියි අගය කළාට.. මම එදත් කිව්වා වගේ පුලුවන් නම් ෆිල්ම් එක බලන්න.. කියවනව නම් මහචාර්යය වරයගෙ පොතම කියවන්න.. එකේ ෆිල්ම් එකේ නැති ගොඩාක් විස්තර තියනවා..

      Delete
  17. සෙන්නා ගොඩාක් විස්තර දැනගත්තා. කේප් තුඩුවෙන් එන දුම්රිය එන්නේ මම දන්නා විදියට සැම්බියාවට විතරයි.70 දශකයෙන් පස්සේ කොංගෝවේ දුම්රිය දුර ගමන් සේවා නැවතුනා. දැනට යන්නේ "කින්ශාශ" අගනුවරේ සිට "මාටාඩි" ප්‍රධාන වරායට පමණයි.

    ලංකාවේ පොළොන්නරු යුගය අනුරාධපුර යුගයේ විනාශය ආරම්භයත් මේ මැලේරියා වසංගතය නේද?..

    ReplyDelete
    Replies
    1. එහෙමද බන්.. මම නම් ඒ ගැන එච්චර දන්නෑ.. ෆිල්ම් එකේ කියන්නෙ සිවිල් යුද්ධය හින්දා කොංගෝවට යන්ඩ බෑ කියලා විතරයි.. ෆිල්ම් එක හදලා තියෙන්නෙ 2005 මම හිතන්නෙ.. උඹ දන්න තොරතුර නිවැරදි වෙන්ඩ බොහෝදුරට ඉඩ තියනවා..

      ලංකාවෙත් මැලේරියා වසංගතය තිබිලා තියනවා.. ඒත් ඒකෙන් රාජධානි විනාශ වුනා කියලනම් මම අහලා නෑ බන්.. සයුරිගෙන් හරි හසිතගෙන් හරි තමයි ඒ ගැන දැන ගන්ඩ වෙන්නෙ.

      ඝානා වල තත්ත්වය කොහොමද ? ඔහෙත් තාම මැලේරියාව වගේ ඒවා තියනවද ? අර බැන්ටු කියන ජන වර්ගය මචන් ඔය ඝානා ආශ්‍රිත ප්‍රදේශයේ තමා ඇරඹිලා තියෙන්නෙ.. උඹ ඒ ගැන මුකුත් දන්නවද ? පුලුවන්නම් විස්තර ටිකක් හොයලා දාපන්..

      මහාචාර්යය ඩයමන්ඩ් නිතරම කියන දෙයක් තමයි පොත් පත් වලින් ලබන දැනුමට වැඩිය අත්දැකීමෙන් ලබන දැණුම හරි වැදගත් කියලා.. උඹට මේ අපූරු දේශය අත් දැකිමේ වාසනාව නිකන්ම ලැබිලා තියනවා.. පොඩ්ඩක් හාර අවුස්සපන්.. බ්ලොග් පෝස්ට් ලක්ෂ ගානක් ලියන්න කරුණු හම්බෙයි උඹට..

      Delete
    2. ඝානවෙනම් මැලේරියාව මදි නොකියන්න තියෙනවා. එත් අපි ඉන්න ප්‍රදේශ ටිකක් පිරිසිදුයි.ඒ නිසා අපි බේරිලා ඉන්නවා. අර කියපු ජන කොට්ඨාශය ගැන මම හොයන්න උත්සහ කරන්නම්.

      Delete
  18. මචං සෙන්නා.....කියන්න වචන නෑ.හැමදාමත් වගේ උපරිමයි.සිරා......

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි බන්...

      Delete
  19. zulu කියන වචනේ ඇහුනු ගමන්ම මට මතක්වුනේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගැන විස්තර විචාරකයෙකු කිව්ව කතාවක්.ඒ කතාව ගියේ තරඟයක් අතරමැද.ඒ ක්‍රීඩකයා ගැරී කර්ස්ටන් හෝ ලාන්ස් ක්ලූස්නර් විය හැකියි.එදා කිව්වේ ඒ ක්‍රීඩකයා එම ගෝත්‍රයට නෑ කම් කියන බවත් චතුර ලෙස එම භාෂාව කතා කල හැකි නිසා ඔහුට එම අන්වර්ථ නාමය යොදා ඇති බවත්...

    ලිපි තුනම කියෙව්වම මට හිතුනේ මේ සේරම දේවලට මුල එක එක කාලවලදි වෙන දේශගුණික විපර්යාස සහ සුද්දන්ගේ ආක්‍රමණ නිසා තමයි මේ මිනිස්සු මෙහෙම දුක්විදින්නේ කියලා.සුද්දෝ තරම් දියුණු නොවුනත් ඒ පරිසර තත්වයන්ට මුහුණ දීලා ජීවත්වෙන්න ඒ මිනිස්සුන්ට තිබුණු හැකියාව විශේෂ වෙනවනේ.ලංකාවටත් විවිධ ආක්‍රමණ නොවුනනම් සෑහෙන්න වෙනස් වටපිටාවක් අපිට තියෙන්න තිබුණා.

    ඇමෙරිකාව වගේ රටවල් තාක්ෂණය යොදාගෙන කලේ එදිනෙදා ජීවිතේ පහසු කරගත්ත එකනේ මේ මිනිස්සුන්ට එහෙම තත්වයක් අවශ්‍ය නොවුනු නිසා ඒ වගේ දේවල් ගැන නොහිතුවා වෙන්න පුළුවන්නේ.අනික් අතට බලද්දි ඉන්කා ‍කියන්නේ නොදියුණු මිනිස්සු‍ත් නෙමෙයිනේ...

    සෑහෙන්න වටින ලිපියක් අයියේ කියන්න‍ දෙයක් නෑනේ ඉතින් කුරුන්දේ ලිපියක් කිව්වම අළුත් පෝස්ට් එක දැකලා ආවමයි මේක ලියලා කියලා දැක්කේ එක දිගට කියවන්න බැරිවුනත් ‍සැ‍රින් සැරේ සේරම කියෙව්වා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගැමියා මලේ... සූලු ජනතාව තාම දකුණු අප්‍රිකාවෙ ඉන්නවා මම හිතන්නෙ...

      බොහොම ස්තූතියි මහන්සියෙන් කියෙව්වට..

      Delete
  20. GooD Work !!! intersting !! keep it up !!! again thank you for your articl !! :) weldone

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි Shohan

      Delete
  21. කියන්න වචන නෑ සෙන්නා අති විශිෂ්ඨයි... මුලින් පටන් ගැන්මෙදි අන්තිම බෝරින් කියලා හිතුනත් අවසාන වෙද්දී නියමයිනෙ..
    මෙච්චරකල් මේක නොකියවා කල් ගත්තෙ මොකටද කියලා හිතුනා.. අනික් අතට නිවී හැනහිල්ලෙ කියවන්ඩ් ඕන නිසානෙ කල් දදා හිටියෙ..

    ඕන්න දැන් ප්‍රශ්න..

    1."1838 පෙබරවාරි මස 06 වන දින එනම් සූලු වරුන් හා Voortrekkers වරුන් අතර අත්සන් කෙරුණු ඉඩම් පරිහරණය පිළිබඳ එකඟතා ගිවිසුමෙන් දින දෙකකට පසු,
    " මෙහෙම ගිවිසුමක් ඇතිවෙන්නෙ ඇයි?

    2."සූලු වරුන්ගේ ශක්තිය පිළිබඳ එතරම් තැකීමක් නොකළ බෝයර් වරුන් සිය භට පිරිස් හා ආයුධ, Ncome නදී තෙර අසල, කරත්ත වලින් වට කෙරුණු වළල්ලක් මධ්‍යයට එක් රැස් කළ අතර මෙවර යුරෝපීයන් විසින් තමන් සතු නවීනතම අවි ආයුධ වලින් සන්නද්ධව සිටියහ" මෙතන පොඩ්ඩක් පැහැදිලි මදි. සටන ගණන් නොගෙන ඉන්නෙ සුළුවරුන්ද නැතිනම් බෝයර්වරුන්ද?

    3."සූලු භූමියද යටත් කොට ගනිමින් තව තවත් රට අභ්‍යන්තරයට ඇදුනි." සුලූ ගෝත්‍රිකයෝ තවමත් ජීවත් වෙනවා නේද?

    4."නූතන ඝර්ම කලාපීය අප්‍රිකානු භාෂාවන් බොහොමයක මූලය එකක් බව, එකම ජන වර්ගයක් භාවිතා කළ භාෂාවකින් නූතන බොහොමයක් අප්‍රිකානු භාෂා පැවතෙන බව, මෙම සමානතාවය නිහඬව කියා පායි." හරියට ලංකාවෙත් මාතර, උඩරට, රජරට භාෂා වෙනස් වෙනවා වගේ වෙන්න ඇති..

    5."මහාචාර්යවරයාගේ මෙම දීර්ඝ ගවේෂණය, මානව ඉතිහාසය හැඩ ගැස්වූ ප්‍රබල බලවේගයන් හදුනා ගැනීම උදෙසාය. එහෙත්, ඒ ඒ පුද්ගලයාගේ ජීවිතය හැඩ ගැසීම ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකාරකම් මතම රඳා පවතින බව ඔහුගේ අදහසයි." සහතික ඇත්ත. රටක් අනිත් පැත්ත හරවන්න නම් මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ. ආකල්ප වෙනස් වෙන්න නම් මිනිසුන්ගේ හිත්වලට බලපෑම් කළහැකි නායකයෙක් එන්න ඕනෙ. අපිටත් එහෙම එකෙක් ආවා ඒත් ඌ බැලුවෙ රට හදන්න නෙමෙයි පවුල හදාගන්න. දැන් පරක්කු වැඩී..

    6. සෙන්නා ලිපියෙ කියන විදිහට මට සාරාංශයකට හිතුනෙ මෙහෙමයි

    යුරෝපීයන්ගේ භූගෝලීය සාධක නිසා ඔවුන්ට ඉතා ලාභදායීව සතුන් ඇති කරන්නත් වගා කරන්නත් ලැබෙනවා. සතුන් එක්කම ඉඳලා රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවත් යුරෝපීන්ට ලැබිලා තියෙනවා. ඔවුන් සතුන්ගෙන් ලැබුණු මුදල් වලින් ආයුධ ගන්නවා. ඒවයින් අනික් රටවල් ආක්‍රමණය කරලා පොහොසත් වෙනවා. අනික් රටවල ඇත්තන්ගේ විශබීජ වලට ඔරොත්තු නොවීමේ හැකියාව වුන්ට උදව්වක් වෙනවා.

    හරි.. එතකොට යුරෝපීයන්ට දැනුම ලැබුනේ කොහොමද? උදාහරණයකට කිව්වොත් පොහොසත් උනු පමණින් ඔවුන්ට තුවක්කු නිපදවන්න ලැබෙන්නෙ නෑනෙ.. වානේ කොච්චර තිබුනත් අසිපතක් නිපදවාගන්න ඕනෙ දැනුම ලැබෙනකන් එතන අසිපතක් නෑ..

    මම අහලා තියෙන විදිහට ලෝකයේ දැනුමෙ කේන්ද්‍රස්ථානය ආසියාව.. එතකොට දැනුම කියන සාධකය මේ තරඟයේදී වැදගත් නොවුනේ ඇයි?

    6. "දකුණු සිම්බාබ්වේ ප්‍රදේශයේ Limpopo නදිය අසල Mapungubwe පුරා විද්‍යා ගවේෂණ අඩවියෙහි කැණීම් කරණ Dr. (ms.) Alex Schoeman ඇතුළු විද්‍යාඥයන්ට අනුව යුරෝපීයන් හෝ වෙන මොනයම්ම හෝ බාහිර ජාතියක් අප්‍රිකාවෙහි පය ගැසීමට බොහෝ කාලයකට පෙර, මෙම ප්‍රදේශ වල බොහෝ සෙයින් දියුණුයැයි සැලකිය හැකි ශිෂ්ටාචාරයක් පැවතී ඇත. එය බෙහෙවින්ම යුරෝපය ශිෂ්ටාචාරගත වීමෙහි මූලික අදියරට සමානකම් දක්වන බව පුරාවිද්‍යඥයන්ගේ මතයයි. ඔවුන් සතුව සෝගම්, මිලට් වැනි ධාන්‍ය වලට අමතර ගවයන්, බැටළුවන් වැනි සතුන්ද ඇති කළ බවට සාක්ෂි දක්නට ඇත. තවද මෙය හුදෙකලා ශිෂ්ටාචාරයක් නොව Limpopo නදිය ඔස්සේ බාහිර ලෝකය සමඟ ජාත්‍යන්තර ගනු දෙනු කිරීමට තරම් දියුණුවූ ශිෂ්ටාචාරයක් බවද නිරීක්ෂණය කොට තිබේ."
    මේ ටික අනුව යුරෝපීයන්ට තිබූ වාසි සියල්ලම මුලින් අප්‍රිකනුවන්ටත් තියෙනවා.. එතකොට අප්‍රිකානුවන් තරඟයෙන් පහු බහින්නෙ කොයි වෙලේද?

    7. අවසාන කාරණාව ලංකාවේ තෙත් කලාපයේ මෙතරම් සරුසාර පොළවක් සෞම්‍ය දේශගුණයක් තියෙද්දි ඇයි රජවරු රජරටට වෙලා හිටියෙ?

    ලිපි මාලාවටම ස්තුතියි..


    ReplyDelete
    Replies
    1. හරී,

      පමාවට සමාව පතමි. පමාවට හේතුව අළුත් පෝස්ට් එක. බනිනවනම් උන්දැට බනින්න. :-)

      1."1838 පෙබරවාරි මස 06 වන දින එනම් සූලු වරුන් හා Vඌර්ට්‍රෙක්කෙර්ස් වරුන් අතර අත්සන් කෙරුණු ඉඩම් පරිහරණය පිළිබඳ එකඟතා ගිවිසුමෙන් දින දෙකකට පසු,
      " මෙහෙම ගිවිසුමක් ඇතිවෙන්නෙ ඇයි?

      --> මේ ගැන දැන ගන්නනම් එතන ටිකක් ගැඹුරට හාරලා බලන්න වෙනවා හරී. මම එච්චර දුරට හෙව්වෙ නෑ.. කතාවට අදාල ටික විතරක් අරගත්තා.. සමහර විට උතුරට් සංක්‍රමණය වෙන සුද්දන්ව නවත්වන්න ගහපු ගැටයක්ද දන්නෙත් නෑ..

      2."සූලු වරුන්ගේ ශක්තිය පිළිබඳ එතරම් තැකීමක් නොකළ බෝයර් වරුන් සිය භට පිරිස් හා ආයුධ, ණ්cඔමෙ නදී තෙර අසල, කරත්ත වලින් වට කෙරුණු වළල්ලක් මධ්‍යයට එක් රැස් කළ අතර මෙවර යුරෝපීයන් විසින් තමන් සතු නවීනතම අවි ආයුධ වලින් සන්නද්ධව සිටියහ" මෙතන පොඩ්ඩක් පැහැදිලි මදි. සටන ගණන් නොගෙන ඉන්නෙ සුළුවරුන්ද නැතිනම් බෝයර්වරුන්ද?

      --> නෑ, බෝයර් වරු. සුලූ වරුන්ගෙ හමුදා ශක්තිය දැන ගත්තත් ඔවුන් තමන්ගෙ තුවක්කු මත විශ්වාසය තියනවා කියලා තමා පේන්ඩ තියෙන්නෙ.. සමහර විට විචාරක මහතා කිව්ව සයි ඔප්ස් එකක්ද දන්නෙත් නෑ. :-)

      3."සූලු භූමියද යටත් කොට ගනිමින් තව තවත් රට අභ්‍යන්තරයට ඇදුනි." සුලූ ගෝත්‍රිකයෝ තවමත් ජීවත් වෙනවා නේද?

      --> ඔව්.. දකුණු අප්‍රිකාවෙ එහෙම තාම ඉන්නවා මම හිතන්නෙ.. දකුණු අප්‍රිකා ක්‍රිකට් ටීම් එකෙත් එක්කෙනෙක් හිටියා වගේ මතකයි.

      4."නූතන ඝර්ම කලාපීය අප්‍රිකානු භාෂාවන් බොහොමයක මූලය එකක් බව, එකම ජන වර්ගයක් භාවිතා කළ භාෂාවකින් නූතන බොහොමයක් අප්‍රිකානු භාෂා පැවතෙන බව, මෙම සමානතාවය නිහඬව කියා පායි." හරියට ලංකාවෙත් මාතර, උඩරට, රජරට භාෂා වෙනස් වෙනවා වගේ වෙන්න ඇති..
      --> ඔව්.. ඔය වගේ පොඩි වෙනස් කම් තමා තියනවා ඇත්තෙ..

      5."මහාචාර්යවරයාගේ මෙම දීර්ඝ ගවේෂණය, මානව ඉතිහාසය හැඩ ගැස්වූ ප්‍රබල බලවේගයන් හදුනා ගැනීම උදෙසාය. එහෙත්, ඒ ඒ පුද්ගලයාගේ ජීවිතය හැඩ ගැසීම ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකාරකම් මතම රඳා පවතින බව ඔහුගේ අදහසයි." සහතික ඇත්ත. රටක් අනිත් පැත්ත හරවන්න නම් මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ. ආකල්ප වෙනස් වෙන්න නම් මිනිසුන්ගේ හිත්වලට බලපෑම් කළහැකි නායකයෙක් එන්න ඕනෙ. අපිටත් එහෙම එකෙක් ආවා ඒත් ඌ බැලුවෙ රට හදන්න නෙමෙයි පවුල හදාගන්න. දැන් පරක්කු වැඩී..
      --> ඒ ගැන කතාකරලා වැඩක් නෑ.. :-(

      කමෙන්ට් එක දෙකට කඩන්න වෙනවා...

      Delete


    2. 6. සෙන්නා ලිපියෙ කියන විදිහට මට සාරාංශයකට හිතුනෙ මෙහෙමයි

      යුරෝපීයන්ගේ භූගෝලීය සාධක නිසා ඔවුන්ට ඉතා ලාභදායීව සතුන් ඇති කරන්නත් වගා කරන්නත් ලැබෙනවා. සතුන් එක්කම ඉඳලා රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවත් යුරෝපීන්ට ලැබිලා තියෙනවා. ඔවුන් සතුන්ගෙන් ලැබුණු මුදල් වලින් ආයුධ ගන්නවා. ඒවයින් අනික් රටවල් ආක්‍රමණය කරලා පොහොසත් වෙනවා. අනික් රටවල ඇත්තන්ගේ විශබීජ වලට ඔරොත්තු නොවීමේ හැකියාව වුන්ට උදව්වක් වෙනවා.

      හරි.. එතකොට යුරෝපීයන්ට දැනුම ලැබුනේ කොහොමද? උදාහරණයකට කිව්වොත් පොහොසත් උනු පමණින් ඔවුන්ට තුවක්කු නිපදවන්න ලැබෙන්නෙ නෑනෙ.. වානේ කොච්චර තිබුනත් අසිපතක් නිපදවාගන්න ඕනෙ දැනුම ලැබෙනකන් එතන අසිපතක් නෑ..

      මම අහලා තියෙන විදිහට ලෝකයේ දැනුමෙ කේන්ද්‍රස්ථානය ආසියාව.. එතකොට දැනුම කියන සාධකය මේ තරඟයේදී වැදගත් නොවුනේ ඇයි?

      --> දැනුමත් යුරෝපයට මැද පෙරදිගින් තමා සංක්‍රමණය වෙලා තියෙන්නෙ.. මැද පෙරදිග මිනිසුන් ගින්දර භාවිතය හඬුන ගෙන ඒකෙන් වානේ හැඩ ගස්වන්න ඉගන ගත්තා කියලා කිව්වනෙ.. ඒ දැනුම තමා යුරෝපයට ගියේ.. එතකොට සුමේරියානුවන් හොයාගත්තු ලේඛන ක්‍රමය ක්‍යුනිෆෝම්.. ඒකෙන් ලැබුන වාසියත් යුරෝපයට පැතිරුනා කියලා කිව්වනෙ.. ඔහොම තමා වෙන්ඩ ඇත්තෙ..දැණුම මෙතනදි වැදගත් නොවුනා කියන්න බෑ.. යුරෝපීයො ආයුධ, නැව් ආදිය තැනුවෙ ලැබුන දැනුමෙන්නෙ..

      6. "දකුණු සිම්බාබ්වේ ප්‍රදේශයේ ළිම්පොපො නදිය අසල Mඅපුන්ගුබ්වෙ පුරා විද්‍යා ගවේෂණ අඩවියෙහි කැණීම් කරණ ඪ්‍ර. (ම්ස්.) ඇලෙx Sචෝමන් ඇතුළු විද්‍යාඥයන්ට අනුව යුරෝපීයන් හෝ වෙන මොනයම්ම හෝ බාහිර ජාතියක් අප්‍රිකාවෙහි පය ගැසීමට බොහෝ කාලයකට පෙර, මෙම ප්‍රදේශ වල බොහෝ සෙයින් දියුණුයැයි සැලකිය හැකි ශිෂ්ටාචාරයක් පැවතී ඇත. එය බෙහෙවින්ම යුරෝපය ශිෂ්ටාචාරගත වීමෙහි මූලික අදියරට සමානකම් දක්වන බව පුරාවිද්‍යඥයන්ගේ මතයයි. ඔවුන් සතුව සෝගම්, මිලට් වැනි ධාන්‍ය වලට අමතර ගවයන්, බැටළුවන් වැනි සතුන්ද ඇති කළ බවට සාක්ෂි දක්නට ඇත. තවද මෙය හුදෙකලා ශිෂ්ටාචාරයක් නොව ළිම්පොපො නදිය ඔස්සේ බාහිර ලෝකය සමඟ ජාත්‍යන්තර ගනු දෙනු කිරීමට තරම් දියුණුවූ ශිෂ්ටාචාරයක් බවද නිරීක්ෂණය කොට තිබේ."
      මේ ටික අනුව යුරෝපීයන්ට තිබූ වාසි සියල්ලම මුලින් අප්‍රිකනුවන්ටත් තියෙනවා.. එතකොට අප්‍රිකානුවන් තරඟයෙන් පහු බහින්නෙ කොයි වෙලේද?

      -- > අප්‍රිකානුවන් තරගෙන් පහු බහින්නෙ මම හිතන්නෙ යුරෝපීයන් ආවට පස්සෙ තමා..යුරෝපියන්ට තිබුන බොහොමයක් වාසි තිබුනත් අප්‍රිකාවට තුවක්කු තිබුනෙ නෑ.. ඒක මෙම තරගෙදි ප්‍රභල සාධකයක්..

      7. අවසාන කාරණාව ලංකාවේ තෙත් කලාපයේ මෙතරම් සරුසාර පොළවක් සෞම්‍ය දේශගුණයක් තියෙද්දි ඇයි රජවරු රජරටට වෙලා හිටියෙ?

      --> ඒකනම් මටත් ගැටලුවක්.. හසිතගෙන් අහලා බලමු. හැබයි කාලෙන් කාලෙට රාජධානි මාරු වෙලා තියනවා නේද ? රජ රට, කඳුකරය, රුහුණ, තෙත් කලාපය වගේ..

      ලිපි මාලාව කියෙව්වට ස්තූතියි..

      Delete
    3. පිළිතුරුවලට ස්තුතියි..

      මෙහෙම ප්‍රශ්න අහනවට සමාවෙන්න ඕනෑ.. මම ලියපු කෙනා අමාරුවෙ දාන්න නෙමෙයි අහන්නෙ.. ඇත්තටම කියවාගෙන යද්දි ඒ කරුණු දැනගන්න ඇතිවෙන ආසාව හින්දා..

      අනේ.. අන්නවන්න සවුත්තු කරන්න ප්‍රශ්න අහනවා කියලානම් හිතන්න එපා..

      Delete
    4. උඹට පිස්සුද බන්.. මට එහෙම එකක් හිතුනෙවත් නෑ..මම දවසකුත් කිව්වා වගේ ප්‍රශ්ණ අහන එකට මම කැමතියි.. ඒකෙන් මමත් අලුත් දේවල් ඉගන ගන්නවා.. අනිත් එක අපි මේ මොනවා හරි ලියලා ඊට පස්සෙ කට්ටියම වට වෙලා එල, පට්ට, මැක්සා විතරක් කියලා වැඩක් නෑ.. දන්නැති දෙයක් දැනගැනීමනෙ අරමුණ වෙන්න ඕනා..

      ඔන්න මම දැන් හොයන්ඩ කියලා බැලුවෙ ඇයි මුන් මෙහෙම ගිවිසුමක් ගැහැව්වෙ කියලා.. බලපන් ඉතින් උඹ කොච්චර හොඳ වැඩක්ද ඒකෙන් කෙරුවෙ කියලා..

      ඒක හින්දා ඔය සමාව ඉල්ලපු එක ඉල්ලා අස්කරගනින්.. :-)

      Delete
  22. හොද පෝස්ටුවක්. බොහොමත්ම ස්තුතියි දැනුම බෙදා ගැනීම ගැන.

    මේ වෙද්දි ඔබතුමාම හොයාගෙන ඇති. ඒත් පලවෙලා නැති නිසා දාන්න හිතුනා.


    1."1838 පෙබරවාරි මස 06 වන දින එනම් සූලු වරුන් හා Vඌර්ට්‍රෙක්කෙර්ස් වරුන් අතර අත්සන් කෙරුණු ඉඩම් පරිහරණය පිළිබඳ එකඟතා ගිවිසුමෙන් දින දෙකකට පසු,
    " මෙහෙම ගිවිසුමක් ඇතිවෙන්නෙ ඇයි?

    පහත ලිපි අනුව ගිවිසුම ඇති වෙන්නේ හරක් ටිකක් නිසා. නූතන ලංකාවේ දේශපාලනයත් මතක් වෙනවා, මේ ගිවිසුම ගැන තොරතුරු කියෙව්වම. අන්තිම ලිපියේ තියෙන හැටියට Dingane ඉල්ලන් කාලා තියෙන්නේ, Retief කියන Voortrekker නායකයෙක් මරල දාලා.

    http://www.scielo.org.za/pdf/hist/v56n2/v56n2a07.pdf - පිටුව 116


    https://books.google.lk/books?id=RD26BwAAQBAJ&pg=PA218&lpg=PA218&dq=land+settlement+deal+between+Retief+and+Dingane&source=bl&ots=L6GVtcbNzp&sig=O2tuZiYv00kNGiosLmH1_c-IAZk&hl=en&sa=X&redir_esc=y#v=onepage&q=land%20settlement%20deal%20between%20Retief%20and%20Dingane&f=false - පිටුව.218

    https://books.google.lk/books?id=xjLodIxRPAkC&pg=PA323&lpg=PA323&dq=land+contract+between+zulu+and+Voortrekkers+in+1838&source=bl&ots=roTiOntzH0&sig=-LhC80Xa0JAP-Jz2tKCkSeMQZ5M&hl=en&sa=X&redir_esc=y#v=onepage&q=land%20contract%20between%20zulu%20and%20Voortrekkers%20in%201838&f=false - පිටුව.323



    4."නූතන ඝර්ම කලාපීය අප්‍රිකානු භාෂාවන් බොහොමයක මූලය එකක් බව, එකම ජන වර්ගයක් භාවිතා කළ භාෂාවකින් නූතන බොහොමයක් අප්‍රිකානු භාෂා පැවතෙන බව, මෙම සමානතාවය නිහඬව කියා පායි." හරියට ලංකාවෙත් මාතර, උඩරට, රජරට භාෂා වෙනස් වෙනවා වගේ වෙන්න ඇති..

    මම අප්‍රිකාවේ රටවල් හතරක ගිහින් තියෙනවා මගේ රැකියාව වෙනුවෙන්. මට නම් තේරුනේ ඒ ඒ රටවල භාෂා සෑහෙන්න වෙනස් කියලා. ගියේ පොඩි පොඩි කාල වලට නිසා, අධ්‍යනයක් කරන්න නන් හම්බුනේ නෑ. මේ ලින්ක් එකේත් පොඩි විස්තර වගයක් තියෙනවා.

    https://books.google.lk/books?id=CJtcBtFyGJUC&pg=PA6&lpg=PA6&dq=differences+between+languages+in+africa&source=bl&ots=VQUHeBoLem&sig=8ut9FmMJQJyGpHUWk5dEidqVVW4&hl=en&sa=X&redir_esc=y#v=onepage&q=difference&f=false


    7. අවසාන කාරණාව ලංකාවේ තෙත් කලාපයේ මෙතරම් සරුසාර පොළවක් සෞම්‍ය දේශගුණයක් තියෙද්දි ඇයි රජවරු රජරටට වෙලා හිටියෙ?

    විකිපීඩියා අනුව විජය කුමරයා ඇතුලු පිරිස ගොඩ බැහැලා තියෙන්නේ මන්නාරම හරියට. ඔය අනුරාධපුරයට මුල් උන උපතිස්ස ග්‍රාමය හැදුවෙත් විජය කුමර පිරිසේ උපතිස්ස සෙන්පති. ලංකාවේ දෙවෙනියට රජ වෙලා තියෙන්නේ පන්ඩුවාසුදේව රජු. පන්ඩුවාසුදේව රජු රාජ්‍යය පාලනය කරන්න තෝරගෙන තියෙන්නේ උපතිස්ස ග්‍රාමය.

    ඒ කාලයේ ලංකාවේ ගොත්‍රික කණ්ඩායම් තිබ්බ නිසා විජය කුමරයා සහ පිරිස තමුන් ගොඩ බැස්ස තැන් වලින් ගොඩක් ඈතට යන්න නොහිතන්න ඇති. ඒ නිසා, රජ රට මුල් කරගත්තු රාජධානි බිහි වෙන්න ඇති.

    Ref : https://en.wikipedia.org/wiki/Pandukabhaya_of_Anuradhapura
    https://en.wikipedia.org/wiki/Kingdom_of_Upatissa_Nuwara
    https://en.wikipedia.org/wiki/Panduvasdeva_of_Upatissa_Nuwara


    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!