Thursday, November 15, 2012

සුද්දො මෙච්චර පොහොසත් ඇයි ? | Why, you white man have so much cargo ? - දෙවන කොටස

පළවෙනි කොටසට.......................

2012 ඉල් මස 15 වනදා
2
හසයවන සියවසේ තෙවන දශකයේදී දකුණු ඇමෙරිකාවෙහි, රත්‍රන් හා වෙනත් ඉසුරු ගවේශණයේ යෙදෙනා ස්පාඤ්ඤ සේනාවකි. ඔවුන් වෘත්තීය හමුදා භටයන් නොවූ නමුදු විශ්‍රාමික ස්පාඤ්ඤ හමුදා කපිතාන් වරයෙකු වූ Francisco Pizarro විසින් මෙහෙයවනු ලැබූ නිර්භීත, ත්‍රාසජනක ක්‍රියා ප්‍රිය කළ සමූහයකි. Francisco Pizarro ඒ වනවිටත් මධ්‍යම ඇමෙරිකානු යටත් විජිතයන් වල සිය වාසනාව උරගා බැලූවකි. දැන්, ඔහු සිය පිරිවරත් සමඟ තවත් දකුණෙහි වූ නොදන්නා දේශයන් කරා ගමන් කරයි. මුලින්ම ඇන්ඩීස් කඳු වැටිය තරණය කළ යුරෝපීයන් කණ්ඩායම ලෙස ඔවුන් ඉතිහාසගත වී ඇත. එමෙන්ම දකුණු ඇමෙරිකා මද්වීපයේ මෙතරම් අභ්‍යන්තරයට ගමන් කළ මුල්ම යුරෝපීයන් කණ්ඩායමත් ඔවුන්ම වේ.

මෙසේ ගමනේ යෙදෙන විට, Pizarro ඇතුළු කණ්ඩායමට, ක්‍රමක්‍රමයෙන් ශිෂ්ටාචාරගතවූ මානව ජනාවාස වල ලක්ෂණ දක්නට ලැබුණි. ඔවුන් නොදැනුවත්වම අති දැවැන්ත ඉන්කා අධි රාජ්‍යයේ එළිපත්තට ගොඩවී සිටියහ. ඉන්කාවරුන් මින් පෙර සුදු මිනිසුන්ව දැක නොතිබුණි. එබැවින්ම මේ සුදු මිනිසුන් තමන් වෙත ගෙන එන තර්ජනයේ ස්වභාවය පිළිබඳ ඔවුන්ට කිසිඳු දැනුමක් නොවීය. දින කිහිපයක් ඇතුළත මේ අමුත්තන් කිහිප දෙනා තම ලෝකය උඩු යටි කුරු කරනා බව ඔවුන් සිහිනෙකුදු නොසිතන්නට ඇත.


ඉන්කා අධිරාජ්‍යය

මැදපෙරදිගින් පැතිරුණු මිනිසුන්, සතුන් සහ බෝග මගින් යුරෝපයේ ශිෂ්ටාචාරය ගොඩනැංවූ බව පෙර සඳහන් විය. දහසයවන සියවස වන විට යුරෝපයේ බොහොමයක් ගොවිපළවල් මැදපෙරදිගින් පැතිරුණු සතුන්ගෙන් පිරී පැවතිණි. මේ එකද සතෙකුවත් යුරෝපයට ආවේණික සතුන් නොව්නි. මෙම සතුන්ගෙන් මාංශ, කිරි, ලෝම වලට අමතරව ලද විශාලම ප්‍රයෝජනය නම් ගොවිතැන උදෙසා යොදා ගත හැකිවීමයි. නගුලට ඇඳුණු අශ්වයන්, ගවයන් වැනි සතුන්ගෙන් ගොවිතැනෙහි කාර්යක්ෂමතාවය සහ අස්වැන්න වැඩි කරගැනීමට ලැබුණු සහය අපමණ විය. ගොවිතැනින් ලද ඵලදාව වැඩි වත්ම යුරෝපියානු ගොවියන් හට වැඩියෙන් ආහාර නිපදවා වැඩි පිරිසක් පෝෂණය කිරීමේ හැකියාව ලැබුණි. එය, විශාල සහ සංකීර්ණ සමාජයක් ගොඩ නැංවීම කෙරෙහි අතිශයින් ඉවහල් විය.මෙයට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් නව ලෝකය හෙවත් ඇමෙරිකා මහද්වීපයේ දක්නට ලැබුණි. ඔවුන් ගොවිතැනට සතුන් භාවිත නොකළ අතර කුදු මහත් සියලු දෑම පාහේ මිනිස් අතින්ම කෙරිණ. ආශ්‍රයේ සිටි එකම සත්වයා වූ ලාමා සතුන්ද කෙදිනකවත් ගොවිතැන සඳහා උපයෝගී කොටගත් බවක් දක්නට නොතිබුණි.

අශ්වයන් පිට උඩ නැගුණු මිනිසුන් දුටු ඉන්කාවරුන්ගේ විමතිය ඉමහත් විය. ඔවුන් කිසිදිනක සතුන් මත නැගී ගමන් කිරීම කර නොතිබුණි. එබැවින් අසුන් පිට නැගී සිය රට මැදින් ගමන් කරනා Pizarro හා පිරිසගේ ගමන ඔවුනට ආසාමාන්‍ය එකක්ම විය. ඉන්කාවරුනට මෙම පිරිස අර්ධ මිනිසුන් හා අර්ධ සතුන් වූ අමුතුම ජීවීන් කොටසකි. සමහරුන්ගේ අදහස වූයේ ඔවුන් දෙවිවරුන් විය හැකි බවය. ඉන්කා වරුන්ට අශ්වයා හා උන් මත නැගුණු මිනිසුන් අමුතුම දසුනක් වුවද, යුරෝපයේ අසුන් භාවිතයට පැමිණ ඒ වන විට වසර 4000 ක් පමණ වී තිබුණි. අශ්වයා යනු, යුරෝපීයන් විසින් ගොවිතැන, සත්ත්ව පාලනය සහ යුද කටයුතුවලට නොමදව සහභාගී කරගත් සත්ත්වයෙකි. ඔවුන් අසුන්ව අති දක්ෂ ලෙස හැසිරවීමේ ශූරයෝ වූහ. මෙම හැකියාව ඒ වන විටත් අසුන් සමඟ ගනු දෙනු කොට නොතිබූ ඉන්කා වරුන් වැනි මිනිසුන්ව විමතියට, ත්‍රාසයට සහ භීතියට පත් කිරීමට හොඳටම ප්‍රමාණවත් විය.

සිව්පාවුන් මත නැගි අමුතු මිනිසුන්ගේ ආගමනය පිළිබඳ ආරංචිය රැගෙන රාජකීය දූතයකු ඉන්කා අධිරාජ්‍යයා වෙත ඉගිලුනි. "අත'ක්ව්ල්පා", හිරු දෙවියන්ගේ පුත්‍රයා ලෙස හැඳින්වූ ඉන්කා අධිරාජ්‍යයා ඒ වන විට ඉන්කා සෙබළුන් 80000 කින් පමණ රැකවරණය සැපයූ කහමාකා නගරයේ මෑතදී ලද යුද ජයග්‍රහණ මාලාවක් වෙනුවෙන් ස්තූති පූජාවක නිරත වෙමින් සිටියේය. ස්පාඤ්ඤයන්ගේ පැමිණීම ගැන ආරංචිය ලද අත'ක්ව්ල්පා ගේ සිතෙහි අමුතුම අදහසක් පහළ විණි. ඔහු විසින්, ඔවුන්ව ඝාතනය කිරීම වෙනුවට, හැකි ඉක්මනින් කහමාකාහිදී තමන් හමුවන ලෙස පණිවිඩයක් නිකුත් කරණ ලදී.

අමුත්තන්ව උපක්‍රමශීලීව තමන් ළඟට ගෙන්වාගෙන උගුලකට හසුකර ගැනීමේ සැලැස්මක් අත'ක්ව්ල්පා ගේ සිතෙහි වැඩකරන්නට ඇතැයි අනුමාන කළ හැකිය. ඔහුට ලැබී තිබුණ බුද්ධි වාර්තාවලට අනුව, පැමිණ තිබුණේ මුහුණ පුරා ලෝම වවාගත් සතුන් වැනි කොට්ඨාශයකි. සමහර වාර්තාවලට අනුව ඔවුන් දෙවිවරුන් වූහ.  තවද හිස මත ඉවුම් පිහුම් වලදී භාවිතා කරනා හැලියක් පැළඳගන සිටියහ. හිස උඩ හැළියක් පැළඳගෙන ගමන් කිරීමට නම් ඔවුන් අනිවාර්යයෙන්ම උමතු පිරිසක් විය යුතුමය. අත'ක්ව්ල්පා හට මෙම පිරිස මිනිසුන් කණ්ඩායමක්ය විය හැකි බවට අදහසක් තිබුණි.

අශ්වයන් කිහිප දෙනෙකුගෙන් හා සුලු පිරිසකගෙන් සැදුම් ලත් මෙම මිනිසුන් කණ්ඩායමට, අති ශ්‍රේෂ්ඨ, බලගතු ඉන්කා අධිරාජ්‍යට කළ හැක්කේ කුමක්ද ? සැබවින්ම කිසිත් නැත. මේ අතව්ල්පාගේ ගණනය කිරීමයි.
නමුත්, අත'ක්ව්ල්පා නොදැන සිටි කරුණ වූයේ, මෙම මිනිසුන් සමූහය, එවකට ලොව තිබූ බොහොමයක් දියුණුම ආයුධ වලින් සන්නද්ධ වී සිටි බවයි.

Pizarro  ඇතුළු කණ්ඩායමට කහමාකා යෑමට ඉඩදී, අප ඔවුන් මේ දියුණු අවි වලින් සන්නද්ධ වූයේ කෙසේදැයි සොයා බලමු.

ස්පාඤ්ඤය, එවකට යුරෝපයේ ප්‍රබලම හමුදාවෙන් සන්නද්ධ වූ රාජ්‍යය, සියවස් ගණනක් පුරා ඉස්ලාම් ආක්‍රමිකයින් සමඟ සටන් වැදීම හා එවකට යුරෝපයේ පැවති එකෙනෙකා පරයා නැගී සිටීමේ අවි තරගයෙන් නොනැසී පැවතීම උදෙසා ඔවුන් හට නවතම තාක්ෂණයෙන් යුතු අවි ආයුධ වලින් සන්නද්ධ වීම අත්‍යවශ්‍යය කාරණයක් විය. දුනු ඊතල වැනි ප්‍රාථමික අවි වලින් මෙම තරගය ජයගත නොහැකි බව ඉතා පැහැදිලි සත්‍යකි. එබැවින් එවකට පැවති, "හාර්කබස්" වැනි නවීනතම තුවක්කු වර්ග ස්පාඤ්ඤය සතු විය. විසි එක් වන සියවසේ අවි සමඟ සසඳා බලන විට හාර්කබස් තුවක්කුව සම්පූර්ණයෙන්ම විහිළුවකි. එය එල්ලය ගැනීම දුෂ්කරවූ, නැවත පිරවීමට කල්ගතවූ ගොරහැඩි අවියක් විය. එහෙත් එවන් අවියක්වත් පෙර නොදුටු අයකුව ත්‍රස්ත ගැන්වීමට මෙම අවිය හොඳටම ප්‍රමාණවත් විය. චීනුන් විසින් සොයාගත් වෙඩි බෙහෙත්, ආරාබීන් විසින් අවියක් ලෙස භාවිතා කිරීම ඇරඹූහ. පසුව යුරෝපීයන් අතින් සහැල්ලු, බුහුටි තුවක්කු ලොවට දායාද විය. එක්දාස් පන්සිය තිස් ගණන් වන විට, හාර්කබස් අවිය ස්පාඤ්ඤ හමුදාව විසින් සුලභව භාවිතා කළ අවියකි. 

හාර්කබස් තුවක්කුවක්.
තුවක්කුවේ කතාව එසේ වුවද, යුරෝපියානු ආක්‍රමණිකයින් සතුවූ සැබෑම බලය අනෙකකි. එය වානේ නිෂ්පාදනය මත රඳා පැවති රහසකි. යුරෝපීයන් විසින් මාරක වානේ අවි නිපදවන විට ඉන්කා වරුන් වැනි ජාතීන් තඹ වලින් නිර්මිත අවි භාවිතයට පමණක් සීමා වූ රහස කුමක්ද ? ලෝහ සමඟ ගනුදෙනු කිරීමේ කලාව වසර 7000 කට පමණ පෙර යුරෝපයෙන් පිටත Fertile Crescent හීදී ඇරඹී ඇතැයි සැලකේ. යුරෝපය භූගෝලීය වශයෙන්  Fertile Crescent වෙත ආසන්නව පිහිටීම නිසා මෙම තාක්ෂණය ඔවුන් වෙතට ලෙහෙසියෙන්ම ගලා එන්නට ඇතැයි සිතිය හැකිය. එසේ වසර දහස් ගණනක් සෙමෙන් සෙමෙන් ගොඩ නැගුණු තාක්ෂණය යුරෝපීයන් විසින් භාවිත කොට තමනට අවැසි අවි, වානේ උපයෝගී කොටගෙන නිපදවා ගැනුණි. එසේ නොමැතිව, ඒ සඳහා යුරෝපීයන්ට පමණක් විශේෂ වූ හැකියාවක් නොමැති වූ බව මහාචාර්යය ඩයමන්ඩ්ගේ මතයයි.

වානේ නිෂ්පාදනය ගැන දැන ගැනීමත් සමගින් , යුරෝපීයන් විසින්, ලෙහෙසියෙන් නොකැඩෙන, තියුණු, දිගු අසිපත් නිර්මාණය කරන්නට විය. දහසය වන සියවසේදී සුලභව භාවිතාවූ අවියකි, "රේපියර්" යනුවෙන් හැදින්වූ සිහින්, දිගු, දෙපැත්ත කැපෙන අසිපත.  එය, එක් රැයකින් කළ නිමවුමක් නොව සියවස් ගණනක් පුරා අත්වැරදීම් තුළින් ලබාගෙන තිබූ විශිෂ්ටත්වයකි. මැනවින් හැසිරවීම පුරුදු කළ අයෙකුට මෙම අවිය මගින් කෙටි වේලාවක් තුළ කිහිප දෙනෙකුම වුව බිම හෙළීම එතරම් අපහසු කටයුත්තක් නොවුණි. එකල එය සමාජ තත්ත්වය පෙන්නුම් කෙරෙනා සලකුණක්ද විය. දහසය වන සියවසේ විසූ ප්‍රභූන්ගේ ඇඳුමෙහි වූ ප්‍රධාන අංගයක් වූයේ මෙම අවියයි. Pizarro ඇතුළු පිරිසද මෙම අවි වලින් මැනවින් සන්නද්ධව සිටියා පමණක් නොව ඔවුන් ඒවා හැසිරවීමෙහිද ශූරයෝ වූහ. අහෝ, අත'ක්ව්ල්පා මේ ගැන දැන සිටියේ නම් !

රේපිය(ර්) අසිපතක්
~~~

1552 නොවැම්බර් මස 15 වන දින, Pizarro හා කණ්ඩායම කහමාකා නිම්නයට ඇතුළු විය. අතව්ල්පා මෙහිදී ඔවුන්ව මුණ ගැසෙන බව දැනුම්දී තිබුණි. කඳු වළල්ලකින් වටවී තිබූ කහමාකා නගරය ආයුධ සන්නද්ධ ඉන්කා භටයන් 80000 කින් පමණ ආරක්ෂා කෙරිණ. සිය පිරිස සීමිත වූ බැවින් හා සැලකිය යුතු දුරක් රට අභ්‍යන්තරයට පැමිණ සිටි බැවින් Pizarro හා කණ්ඩායම මද චකිතයකින් යුක්ත නොවුණාත් නොවේ.

කහමාකා නගරයේ කඳවුරු ගසා ගැනීමෙන් අනතුරුව, පිසාරෝ, කපිතාන් ඩි'සෝටෝ විසින් නායකත්වය දුන් දක්ෂතම අසරුවන් කිහිප දෙනෙකුව අත'ක්ව්ල්පා සිටි කඳවුර වෙත පිටත් කර හැරියේ ඉන්කා අධිරජ්‍යයාට සිය කඳවුරට පැමිණෙන ලෙස ආරාධනා කිරීමටය. අත'ක්ව්ල්පා විසින් මෙම ආරාධනය පිළිගැනුණු අතර පසු දින ඔවුන් මුණ ගැසෙන බවට පොරොන්දු විය.මෙය එක්තරා සැලැස්මකට අනුව කළ ආරධනයක් බව පෙනෙන්නට තිබේ. සමහර වාර්තාවල දැක්වෙන ආකාරයට මෙහිදී කපිතාන් ඩි'සෝටෝ හා අත'ක්ව්ල්පා අතර ඇතිවූ බහින් බස්වීමක ප්‍රතිඵලයක් ලෙස අත'ක්ව්ල්පා විසින් ඔවුනට තර්ජනය කළ බවයි.

කහමාකා නගරයේ කඳවුරු ගසා ගත් 168 දෙනෙකුගෙන් යුක්තවූ කණ්ඩායම රාත්‍රිය ගත කෙරුවේ ඉමහත් විමසිල්ලෙනි. අත'ක්ව්ල්පාගේ තර්ජනය සරල ලෙස ගැනීමට තරම් ඔවුන් අඥාන නොවුණි. ඒ අතරම ඔවුන් හෙට දිනයේ ඇතිවිය හැකි තත්ත්වයට සුදානම් වෙමින්ද සිටියහ. 168 දෙනෙකුගෙන් පමණක් සමන්විත වූ කණ්ඩායම, ඉන්කා රට අභ්‍යන්තරයේ 80000 ක් පමණ වූ හමුදාවකට මුහුණ දීමේ අභියෝගය ඉදිරියේ පසු වූහ. මේ අතර, පිසාරෝ සිය විශ්වාසවන්තම නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටියේ " අත'ක්ව්ල්පාට  මුහුණ දිය යුත්තේ කෙසේද ? " යන්නයි. සටනක් ඇතිවුවහොත් සාර්ථක විය හැකියැයි අනුමානකල සියලු විකල්ප සලකා බැලීය. පිසාරෝගේ අරමුණ වූයේ බලාපොරොත්තු නොවූ මොහොතක එල්ල කරණ හදිසි ප්‍රහාරයක් මගින් සතුරාව ජය ගැනීමයි. මෙම ක්‍රමය මගින් මින් පෙර වූ ස්පාඤ්ඤ ආක්‍රමණිකයින් සාර්ථක පල නෙලා ගෙන තිබුණි. පිසාරෝ ඇතුළු පිරිසට මෙහෙයුම සැලසුම් කරන්නට ඉඩදී අපි නැවතත් ස්පාඤ්ඤය දෙසට හැරෙමු.

පිසාරෝ ඉන්කා දේශයට යාමට වසර දොළහකට පෙර, තවත් ස්පාඤ්ඤ ආක්‍රමණිකයෙක් වූ Hernán Cortés වර්තමාන මෙක්සිකෝව ඇති ප්‍රදේශය දික් විජය කළහ. ඔවුන් අතින් යටත් වූයේ එවකට පැවති තවත් දියුණු ශිෂ්ටාචාරයක් වූ ඇස්ටෙක් ශිෂ්ටාචාරයයි. පිසාරෝ යෝජනා කළ ක්‍රමයම අනුගමනය කරමින් Hernán විසින් මෙක්සිකෝවේදී සාර්ථක පල නෙලාගැනීමට සමත් වී සිටියේය. ඔහු විසින් ඇස්ටෙක් නායකයාව පැහැර ගැනීම මගින් හා ඉන්පසු ඇතිවූ අවුල් සහගත තත්ත්වයේ වාසිය ප්‍රයෝජනයට ගනිමින් රාජ්‍යය යටත් කරගනු ලැබීය. මෙම ආක්‍රමණයේ සියලු විස්තර පසුව පොතක් ලෙස එළි දැක්වූ අතර ආදායම් වාර්තා තැබීමටද සමත්වූ පොතක් බවට එය පත්විය. අදටත් උතුරු ස්පාඤ්ඤයේ සලමන්කා විශ්ව විද්‍යාල පුස්තකාලයේදී දැකිය හැකි එම පොත ආක්‍රමණිකයෙක් වීමට බලාපොරොත්තුවන කෙනෙකුට අත් පොතක් ලෙස උවද පරිහරණය කළ හැකි අන්දමේ එකකි.  මෙම අනර්ඝ පොත Hernán විසින්, ඇස්ටෙක් වරුනට කළ සියලුම ආකාරයේ ප්‍රහාර, කුමන්ත්‍රණ ආදී විස්තරවලින් සමන්විත වී ඇත. එය පිසාරෝ හට ඉන්කා වරුන් සමඟ කරනා ගනු දෙනුවේදී පූර්වාදර්ශයක් වූ බවට නොඅනුමානය.

එහෙත්, ඉන්කා වරුන්ගේ තත්ත්වයත් එසේමද ? නැත, ඔවුන් අතර ඒ වන විටත් පොත් පරිහරණයක් හෝ අක්ෂර භාවිතයක් නොවුණි. දැනුම සංචරණය වූයේ වාචිකව, මතකය ඔස්සේය. එබැවින් අත්දැකීම් තුළින් ලබන දැනුම පරපුරෙන් පරපුරට සංචරණය වීම මන්දගාමී වූ අතරම නිවැරදිද නොවූහ.

"ලියකියැවීම මෙතරම්ම වැදගත් නම්, ඉන්කා වරුනට එය නොහැකි වූයේ මන්ද ?"

ලියකියැවීමේ ක්‍රමවේදයක් අලුතින්ම සකසා ගැනීම අතිශයින්ම සංකීරණ ක්‍රියා පටිපාටියක් වේ. මානව ඉතිහාසය පුරාවටම එවැනි අවස්ථා හඳුනා ගත හැක්කේ සීමිත සංඛ්‍යාවක් පමණී. මුලින්ම එවැනි අක්ෂර නිර්මාණය කිරීමක් දැකිය හැක්කේ Fertile Crescent හී වාසය කළ සුමේරියානුවන් අතරය. අදින් වසර 5000 කට පමණ පෙර ඔවුන් විසින් වැඩි දියුණු කළ අක්ෂර ක්‍රමය හැඳින්වූයේ "ක්‍යුනිෆෝම්" ලෙසය. බොහොමයක් වූ යුරෝපියානු හා ආසියානු භාෂාවන් ක්‍යුනිෆෝම් අභාෂයට ගෙන ගොඩ නැගී ඇති අතර, කඩදාසි, තීන්ත වැනිදෑ සොයා ගැනීමත් සමඟම ලිවීම වේගයෙන් සමාජයන් අතර පැතිර යන්නට විය. ඒ හා සම්බන්ධ බොහොමයක් වූ සොයා ගැනීම් යුරෝපයෙන් පිටත සිදුවී යුරෝපය වෙත සංක්‍රමණය වූ දේවල් වන අතර මධ්‍යතන යුගයේදී යුරෝපීයන් විසින් මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කිරීම සාක්ෂරතාවයෙහි විප්ලවීය සන්ධිස්ථානයකි. එයින් පසු, දැනුම මුද්‍රිත මාධ්‍යය ඔස්සේ යූරෝපය හා ආසියාව හරහා වේගවත්ව හා නිවැරදිව පැතිර ගිය අතර, අක්ෂර භාවිතයක් නොවන්නට නූතන ලෝකයේ දියුණුව සිහිනයක්ම පමණක් වන්නට තිබිණ.

මීට අමතරව ලෝකයේ ස්වාධීනව අක්ෂර භාවිතය සොයා ගත් තවත් පිරිසක් වූහ. අඩුම තරමින් මින් වසර 2500 කටවත් පෙර දකුණු මෙක්සිකානු ප්‍රදේශ වල සිටි ජනයා සංකේත සමඟ ගනු දෙනු කිරීමේ ක්‍රමවේදයක් සකසාගෙන සිටියහ. පසුව මායා අක්ෂර මාලාව බවට පරිවර්තනය වූයේ මෙම දැනුමයි. එහෙත්, මායාවරුන් හට සාක්ෂරතාවය තිබුණේ නම්, එය, එතනින් සැතපුම් පන්සියයක් පමණ දකුණෙහි විසූ ඉන්කා වරුන් වෙත සංක්‍රමණය නොවුයේ කුමන හේතුවක් නිසාද ? මහාචාර්ය ඩයමන්ඩ් සතුව ඒ සඳහා සිත්ගන්නා සුළු පැහැදිලි කිරීමක් ඇත. ඔහුට අනුව පිළිතුර රැඳී ඇත්තේ මහද්වීප වල හැඩය මතය.

ආසියාව හා යුරෝපය එක්ව තනනු ලබන යුරේශියානු මහද්වීපය, පළලින් වැඩි, එහෙත් උසින් අඩු නැගෙනහිර සිට බටහිර දක්වා පැතිරුණු මහද්වීපයකි. එහෙත් ඇමෙරිකානු මහද්වීපය පළලින් අඩු, එහෙත් උසින් වැඩි උතුරේ සිට දකුණ දක්වා විහිදුණු මහද්වීපයකි. මහාචාර්යය ඩයමන්ඩ් කලිනුත් පෙන්වාදී ඇති පරිදි, ශිෂ්ටාචාරයේ පැතිරීම Fertile Crescent හී සිට නැගෙනහිරට හා බටහිරට සිදුවිය. මහද්වීපය පුරාවට එකම අක්ෂාංශ කිහිපයක් අතර නැගෙනහිර හා බටහිර අතර මෙම පැතිරීම ඉතා පහසුවෙන් සිදුවූයේ, මේ සියලු ප්‍රදේශ වල මූලික භූ විෂමතා, දේශගුණික ලක්ෂණ බොහෝ දුරට එක හා සමාන බැවිනි. එබැවින්, මිනිසුන්, සතුන්, දැනුම, තාක්ෂණය එක් තැනක සිට තවත් තැනකට සංක්‍රමණය වීම ඉතා පහසුවෙන් සිදු විය.

එහෙත් අමෙරිකාණු මහද්වීපයේ තත්ත්වය මීට ඉඳුරාම වෙනස්ය. මහද්වීපයේ එක් කොනක සිට අනෙක් කොන දක්වා කෙරෙන ගමන උතුරේ සිට දකුණ දක්වා කෙරෙනා ගමනකි. එහිදී එකිනෙකට වෙනස් තත්ත්වයන් යටතේ වූ අක්ෂාංශ, දේශගුණික ලක්ෂණ, භූවිෂමතා පසු කළ යුතුය. එබැවින් ඇමෙරිකාණු මහද්වීපය තුළ මානව, සත්ත්ව, දැනුම්, අදහස් හා තාක්ෂණයේ සංක්‍රමණයන්, යුරේශියානු මහද්වීපයට සාපේක්ෂව බොහෝ සෙමින් සිදුවිය. මායාවරුන් ලියැකියවීමේ හැකියාව ලබා සිටින විට, එම දැනුම ඉන්කා වරුන් වෙතට සංක්‍රමණය නොවීමට බලපෑ ප්‍රධානතම හේතුව මෙයයි. එලෙස සලකා බලන විට, පිසාරෝ සහ පිරිවර භූගෝලීය වශයෙන් ආශිර්වාද ලද කණ්ඩායමකි. යුරේශියාව පුරා ලෙහෙසියෙන්ම පැතිර ගිය දැනුමේ හා තාක්ෂණයේ ප්‍රතිලාභ ඔවුනට මොනවට භුක්ති විඳීමේ භාග්‍යය උදා වී තිබිණි.

යුරේශියාව


ඇමෙරිකාව

~~~
ක්‍රි.ව. 1532 කේ නොවැම්බර් 16 වන දිනට හිරු උදා විය. අත'ක්ව්ල්පා හට ස්පාඤ්ඥයන්ව හමුවීමේ බලවත් ඕනෑ කමක් විය. ඔහු විසින් සිය පිරිවර ඔහුට කලින් පිටත් කොට හැරිණි. නමුත්, මෙහිදී අත'ක්ව්ල්පා විසින් දෛවෝපගත තීරණයක් ගෙන තිබුණි. ඒ සිය භටයන් ආයුධ වලින් සන්නද්ධ නොකිරීමටයි. ඒ පිටුපස සැගවුණු රහස කුමක් විය හැකිද ?

ඉතිහාසඥ Efrain Trelles විසින් මේ සඳහා කරුණු දෙකක් ගෙන හැර දක්වයි. මූලික කරුණ වූයේ අත'ක්ව්ල්පා ඒ වන විට සිටියේ ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව යුද ජයග්‍රහණ සමරමින්ය. ඔහු මේ දැන් ගමන් කරන්නේත් සටනක් සඳහා නොව තම ශක්තිය පෙන්වීමේ අරමුණින් පමණක්මය. තම ශක්තිය පෙන්වා දෙවියන්යයි හැඳින්වූ සුදු මිනිසුන්ව බිය කොට පලවා හැරීමටය. ඔහුගේ ගණනය කිරීම් වලට අනුව අධි බලැති ඉන්කා අධිරාජයාට ඒ සඳහා ආයුධ අවශ්‍ය නොවුණි. අනෙක් කරුණ වූයේ, ඔහු ලද බුද්ධි තොරතුරු වලට අනුව, තම ජනයාගෙන් සමහරෙක් මෙම මිනිසුන් දෙවිවරුන්යයි පිළිගැනීමක් විය. එසේ නම්, තමන් විසින් එම දෙවිවරුන්ව පරාජය කළහොත් එම සියලු මිනිසුන්ම නැවතත් තමන් සමඟම පෙළ ගැහෙනු ඇත. තමන් සූර්ය්‍ය දිව්‍යරාජයාගේ පුත්‍රයා යැයි ඔවුන් නැවතත් පිළිගනු ඇත. තමන් කිසිඳු බලයක් නොයොදාම මෙම දෙවි වරුන්යැයි කියා ගන්නා මිනිසුන්ව පලවා හැරියහොත් තමන් එම දෙවිවරුනටද වඩා බලවත්, ඔවුනට වඩා ඉහළින් සිටින්නෙක් ලෙස ජනතාව අතර පිළිගැනීමක් ලැබෙනු අත. මෙම කරුණු සැලකිල්ලට ගෙන ඔහු විසින් සිය භටයන්ගෙන් ආයුධ ඉවත් කළේය. බලගතු ඉන්කා අධිරාජ්‍යයේ මධ්‍යටම පැමිණ, මේ මිනිසුන් කිහිප දෙනෙකුට කළ හැක්කේ කුමක්ද ?

රත්තරනින් හා රිදියෙන් සැරසූ අති අලංකර දෝලාවක් මත නැගුණු අත'ක්ව්ල්පා  සිය මිනිසුන් විසින් අදාළ ස්ථානයට උත්සවාකාරයෙන්, ගරු ගාම්භීර ලෙස වඩම්මනු ලැබීය. පන් දහසක් හෝ සය දහසක් පමණ පිරිසක් ඔහු සමඟින් පැමිණෙන්නට ඇත. එහි ඇති ගාම්භීර භාවයම අවශේෂ ඉන්කාවරුන්ව බිය කිරීමට තරම් සමත් විය. එහෙත් ස්පාඤ්ඤයන්ටත් එය එලෙසින්ම අදාළද ? පිසාරෝ ඇතුළු පිරිස එම ස්ථානයට කලින්ම පැමිණ සැඟවී සිටියහ. ඔවුන් හොඳින් ස්ථාන ගතවී, සිය ආයුධ සුදානම්ව තැබුයේ සටනක් ඇති වුවහොත් ප්‍රහාර එල්ල කිරීමේ අරමුණිනි. ඔවුන්ගේ අරමුණ නව දේශයන් යටත් කොටගෙන ඒවායෙහි සම්පත් තමන් සතු කර ගැනීම බැවින්, ඉන්කා දේශය යටත් කරගැනීමේ මුල්ම ප්‍රහාරය එල්ල කිරීමේ අරමුණින් සිටියා වන්නටත් හැකිය.

අත'ක්ව්ල්පා අදාළ ස්ථානයට පැමිණීමෙන් පසුව ස්පාඤ්ඥයන්ව දැකීමට බලාපොරොත්තුවූ නමුදු ඔවුන් දක්නට නොසිටියහ.

" මේ සුනඛයෝ රැළ කොහිද ? " ඒ අත'ක්ව්ල්පාගේ ගාම්භීර හඬයි. ඔහු අසලින් වූවෙක් පිළිතුරු දෙනුයේ " ඔවුන් බලගතු ඉන්කා අධිරාජ්‍යයේ බලය දැක බිය වී පලා යන්නට ඇති. " යනුවෙනි. එවිටම වාගේ පිසාරෝ විසින් සිය පිරිසේ වූ දේවගැතිවරයාව පිරිස අතරින් අත'ක්ව්ල්පා ඉදිරියට එව්වේය. කුරුසයක්ද අතින් රැගෙන අත'ක්ව්ල්පා ඉදිරියට පැමිණි දේවගැති වරයා;

" නුඹට සත්‍යයේ මාර්ගය පෙන්වීම උදෙසා, ක්‍රිස්තියානිත්වයේ නාමයෙන් මා මෙසේ නුඹ ඉදිරියේ පෙනී සිටිමි. " යි හඬ නගා පැවසීය.

" නුඹ කියවන්නේ මොන විකාරයක්ද රැවුල් මූණෝ ? මම සූර්ය්‍ය දිව්‍යරාජයාගේ පුත්‍රයා වෙමි. මගේ මිනිසුන්ව පාලනය කිරීමේ බලය මා සතුය. මා හට මෙලෙස ගරුසරු නැතිව කතා කිරීමට නුඹට ඇති බලය කිම ? " ඒ කෝපාග්නියෙන් දැවෙන අත'ක්ව්ල්පාගේ හඬයි.

" මට බලය ලැබී ඇත්තේ සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන්ය. ඔහුගේ ශ්‍රී වචනය මෙම පොතේ ලියවී ඇත. " යි කියමින් බයිබලයක් අත'ක්ව්ල්පා වෙත ඉදිරිපත් කෙරිණ.

මෙය සුවිශේෂී අවස්ථාවකි. අත'ක්ව්ල්පා මින් පෙර පොතක් දැක නොතිබිණි. මෙයින් ඇත්තේ කිනම් ආකාරයේ ප්‍රයෝජනයක්දැයි වටහා ගැනීමට ඔහුට අසීරු විය. ඔහු සිතුවේ සුදු මිනිසුන් සතු බලය මෙම පොත විය හැකි බවයි.

" මේකයි එහෙනම් නුඹේ බලය ? මෙය කිසිසේත්ම නොවටිනා දෙයකි. නුබ කතාකරනා වදන් මට එයින් නෑසේ." යි කියමින් බයිබලයෙන් දේව ගැතිවරයාට දමා ගැසීය.

මෙහිදී පරල වූ දේව ගැතිවරයා " ඉන්දියානු සුනඛයා ! තා එතරම් එඩිතර වූයේ කෙසේද ? ස්පාඤ්ඤවරුනී එළියට පැමිණ, දෙවියන්ගේ දෑ හට ගරු සරු නොදක්වන මෙම සුනඛයන්ව විනාශ කරපල්ලා. " යි බෙරිහන් දෙන්නට විය.

එයින් පසු උදා වන්නේ ලෝක ඉතිහාසයේ තීරණාත්මක සිද්ධියක ආරම්භයයි. සැඟවී සිටි ස්පාඤ්ඤ තුවක්කු කරුවන්ගෙන් නිකුත් වූ වෙඩි හඩ ඉන්කා ගගන තලය පුරා රැව් දෙමින් සිව් දෙසින්ම ඇසෙනා විට, ඉන්කා වරුන් එකින් එක බිම වැටෙන්නට විය. ඒ සමඟින් කඩා වැදුණු අශ්වාරෝහක සේනාව ඉන්කා වරුන්ව සිය තියුණු අසිපත් මගින් පෙති ගසන්නට පටන් ගැනිණ. අතිශයින් කලබලයට පත්වූ ඉන්කා වරුන් කළ යුත්තේ කුමක්දැයි නොදැන හිස් ලූ ලූ අත දුවන්නට වූ අතර පිසාරෝ ඇතුළු පිරිස සිය මාරක අවි ලෙලවමින් ඔවුන් ලුහුබැඳ ගොස් මරා දමන්නට විය. ඉන්කා භටයන් පවා අන්දමන්ද වී සිටියේ ඉන් පෙර ඔවුන් යුද්ධයකදී අශ්වයන් පිට නැගුණු මිනිසුන් හා සටන් කොට නොතිබූ බැවිනි. තවද මෙම අසුන් සාමාන්‍ය අසුන් නොවුණි. හොඳින් වැඩුණු, සටන් සඳහා මැනවින් පුහුණු කොට තිබූ, ජවාධික අශ්වයන් වූහ. එම අසුන්ගේ වියරු හැසිරීමම පවා ඉන්කාවරුන්ව භීතියෙන් පාෂාණිභූත කරනා සුළුය. අශ්වාරෝහකයන්ට මුහුණ දිය යුත්තේ කෙසේදැයි අවබෝධයක් කිසිඳු ඉන්කා වරයෙක් වෙත නොවුණි. කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳ අදහසක් ස්පාඤ්ඤවරුනට හැර අන් කිසිවෙකුටත් නොතිබිණි. ඔවුන් පිරිස් මධ්‍යයේ අසුන් හසුරවමින්, අසිපත් ලෙලවමින්, වමටත් දකුණටත් පහර පිට පහර දෙමින්, ඉන්කාවරු එකින් එක බිම හෙළන්නට වූහ. ඒ අතර වරින් වර නිකුත් වූ වෙඩි වලින් තවත් ඉන්කා වරුන්ව බිම ඇද හෙළීය. අත'ක්ව්ල්පාගේ දෝලාව ඔසවා සිටි මිනිසුන් වෙතද පිසාරෝගේ මිනිසුන් පහර පිට පහර එල්ල කෙරිණ. එහෙත් එකෙකු පහර කා ඇද වැටෙනා විට තවෙකෙකු එම ස්ථානය ගන්නා බැවින් දෝලව බිම හෙලීම සිතූ තරම් පහසු කාර්යයක් නොවුණි. කෙසේ නමුදු අවසානයේ විය යුතු පරිදිම දෝලාව ඔසවාගෙන යැමට ඉන්කා වරුන් නොමැති වූ හෙයින් අත'ක්ව්ල්පාගේ ගමන නතරවුනි. පිසාරෝ විසින්ම අත'ක්ව්ල්පාව අත්ඩංගුවට ගන්නා ලදී. සටන අවසන් වන විට ඉන්කා වරුන් හය දහසකට වැඩි පිරිසක් මියගොස් සිටි අතර එක ස්පාඤ්ඤ භටයකුදු දිවි පුදා නොතිබුණි. Hernán Cortés  ව අනුගමනය කරමින් පිසාරෝ සැකසූ සැලැස්ම අතිසාර්ථකය. භටයන් සංඛ්‍යවෙහි පැහැදිලි අසමානතාවයක් තිබියදීත්, ස්පාඤ්ඤ අශ්වයන්, අසිපත් හා උපක්‍රම ඵලදායී හා කාර්යක්ෂම බව මෙලෙස තහවුරු වී තිබුණි.

අත'ක්ව්ල්පා තාවකාලිකව ඉඳිවූ සිරගෙයක සිර ගත කෙරිණි. කෙසේ නමුත් ඔහු ජීවත්ව සිටීම, මිය යනවාට වඩා ප්‍රයෝජනවත් යයි අවබෝධ කොට ගත් පිසාරෝ ඔහුට යම් යම් පහසු කම් ලබා දුන්නේය. අතරවාරයේදී ඔහු ස්පාඤ්ඤ බස කතා කිරීමට පුහුණු වූ අතර චෙස් ක්‍රීඩා කිරීමටද පුරුදු විය. අත'ක්ව්ල්පා විසින් සිය ජනතාවට ස්පාඤ්ඤ නීති රීති හා අණ පනත් පිළිපදින ලෙස නියෝග කෙරුණ අතර සියලුම රන් හා රිදී වස්තූන් උණු කිරීමටද ඔහු විසින් නියෝග කෙරිණ. පිසාරෝ විසින් සියලුම රන් හා රිදී වස්තූන්වල හිලව්වට ඔහුගේ නිදහස පිරිනමන බව පොරොන්දු වී තිබුණද එය කඩවුණු පොරොන්දුවක් විය. රන් හා රිදී ටොන් 20කට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමෙන් පසු පිසාරෝ විසින්, ඉන් මාස අටකට පෙර අත'ක්ව්ල්පාගේ අනුගාමිකයන් ඝාතනයට ලක්වූ චතුරශ්‍රයේදීම අත'ක්ව්ල්පාවද ඝාතනය කෙරිණ. 168 දෙනෙක් වැනි සුළු පිරිසක්, හය දහසකට වැඩි පිරිසක් ඝාතනය කරමින් සිදුකළ මෙම ආක්‍රමණය, අති සාර්ථක වූ යුරෝපියානු ආක්‍රමණයන් සඳහා පෙන්විය හැකි අපූරු නිදර්ශනයන්ගෙන් එකකි. 


~~~

පැරණි ලෝකය විසින් නව ලෝකයෙහි කරණ ලද ආක්‍රමණ වලට ඉවහල් වූයේ ඔවුන්ගේ තුවක්කු, අසිපත් හා අශ්වයන් පමණක්මද ? ආක්‍රමණිකයන්ද නොදැන සිටි මාරාන්තික අවියක්, නව ලෝකයෙහි ස්වදේශිකයන්ව කබලෙන් ලිපට හෙළූ අවියක්, අති විනාශකාරී අවියක්, ආක්‍රමණිකයින්ද නොදැන ඔවුනට පෙරගමන් කොට තිබුණි.

විෂ බීජ !!! එම මාරාන්තික අවියයි.

පිසාරෝ කහමාකා ආක්‍රමණය කිරීමට වසර දොළහකට පෙර, ස්පාඤ්ඤයේ සිට මෙක්සිකෝව බලා ගමන් කළ නැවක වූ වහලුන්ගෙන් කෙනෙක් උණ රෝගයෙන් විඳවමින් සිටියේය. නව ලෝකයට මුලින්ම  වසංගත රෝගයක් රැගෙන පැමිණි මිනිසා ඔහුය. ඔහුගේ ආගමනයෙන්  සතියක් හෝ දෙකක් ඇතුළත  එම වසංගත ඇමෙරිකානු වාසීන් දහස් ගණනකට ආසාදනය විය.  

වසූරිය........ !!  මෙම වසංගත අතරින් වැඩිම විනාශයක් කළ වසංගතයයි.


මුලින්ම මධ්‍යම ඇමෙරිකාවේ පැතිර ගිය මෙම යුරෝපියානු  වසංගත ක්‍රමක්‍රමයෙන් ඉන්කා දේශයටද පැතිරිණි. අත'ක්ව්ල්පාගේ පියා පවා වසූරිය වසංගතයෙන් මිය ගිය බවට ඉතිහාසයේ ලියවී ඇත. වෛරසය පැතිරුණු සෑම තැනකදීම පාහේ අති විශාල වශයෙන් ස්වදේශිකයන් මරුමුවට පත්වන්නේ ඔවුන්ව ආක්‍රමණිකයන්ගේ පහසු ගොදුරක් බවට පත් කරවමිනි.

මෙම වසංගත ඒක පාර්ශවීයව පමණක් වහනය වූයේ මන්ද ? යුරෝපීයන්ගේ වසංගත ඇමෙරිකානු ස්වදේශිකයන්ට පැතිරුණද එහි ප්‍රතිලෝමය සිදු නොවුයේ මන්ද ? පිළිතුර, වසර දස දහසකට පමණ පෙර මිනිසුන් හා ගෘහාශ්‍රිත සතුන් අතර ඇතිවූ ගනු දෙනුව තරම්ම පැරණිය. Fertile Crescent වෙතින් නික්මුණ මිනිසුන් සිය කටයුතු පහසු කරගනු වස්, සතුන්ගේ සේවය ලබා ගත් බව පෙර සඳහන් විය. සතුන්ගේ සිරුරෙහි වූ නා නා ප්‍රකාර විෂ බීජ, ඔවුන්ගෙන් කිරි, මාංශ, සම්, ලෝම ආදිය ලබා ගනිද්දීද, එම සතුන් ගෘහාශ්‍රිතව වාසය කිරීම නිසා වාතය ඔස්සේද, මිනිසුන්ට සංක්‍රමණය විය. මෙය වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් හා සතුන් අතර පැවති ආශ්‍රයෙන් මිනිසුන්ට ලැබුණු දායාදයක් විය. මධ්‍යතන යුගයේදී සහ ඉන් පෙර මෙවැනි සත්ත්ව විෂ බීජ මගින් පැතිරුණු රෝගාබාධ නිසා යුරෝපයේ පමණක් මිනිස් ජීවිත මිලියන ගණනක් අහිමි විය. නමුත් නිතර නිතර මෙම වසංගත වලට ගොදුරුවීම තුළින් යුරෝපීයන් අතර මෙම රෝගාබාධ උදෙසා ස්වාභාවික ප්‍රතිශක්තියක් ජනනය වීම හේතුවෙන් පරම්පරා ගණනාවක් ඇතුළතදී එවැනි රෝග වලට යම්තාක් දුරකට ඔරොත්තු දීමේ හැකියාවක් යුරෝපියානු සමාජය තුළ ඇති වුණි. මෙම වසංගත වලට අලුතින්ම නිරාවරණය වූ ඉන්කා වරුන් ඇතුළු ඇමෙරිකානු ස්වදේශිකයන් හට මෙම රැකවරණය නොතිබුණේය. එම වසන්ගත ඔවුන් අතර ඉතා පහසුවෙන් පැතිරෙමින් මහත් විනාශයක් ගෙනදීමට තරම් සමත් විය.

තවද, මෙවැනි වසංගත ඔවුන් අතර යුරෝපීයන් පැමිණීමට පෙර නොතිබුණේ මන්ද ? ඔවුන් වෙතින් යුරෝපීයන් වෙතට වහනය වීමට තරම් මාරන්තික ආවේණික වසංගත ඔවුන් අතර නොතිබුණේ මන්ද ? පිළිතුර සරලයි. ඒ, ඔවුන් අතර සතුන් සමඟ කිට්ටු සම්බන්ධතා නොතිබුණු බැවිනි. ඔවුන් අතර සිටි ලාමා සතුන්, යුරෝපීයන් ගවයන්, බැටළුවන්, එළුවන් ආදී සතුන් භාවිතා කළ අයුරින් ගෘහාශ්‍රිතව භාවිතා නොකෙරිණ. එමනිසා එම සතුන්ගෙන් මිනිසා වෙත වහනය විය හැකිවු විෂ බීජ අවදානම අවම වූ අතර, එබැවින්ම සතුන්ගෙන් බෝවිය හැකි වූ මාරාන්තික වසංගත වලින් ඇමෙරිකානු ස්වදේශිකයන් ආරක්ෂා වූහ.

ලෝකයේ හීලෑකරගනු ලැබූ ගෘහාශ්‍රිත සතුන් සියල්ලම පාහේ යුරේශියානු මහද්වීපයෙන් හමුවූ සතුන්ය. එබැවින්ම මාරාන්තික වසංගත සියල්ලත් යුරේශියාවටම උරුම විය. පසුව එම වසංගත සියල්ල ලෝකය පුරා මාරන්තික බලපෑම් සහිතව පැතිරි ගියහ.

ස්පාඤ්ඤ ආක්‍රමණ නිසා මිය ගිය ඇමෙරිකානු ස්වදේශිකයන් ගණන පිළිබඳ සංඛ්‍යා ලේඛන විවාදාත්මකය. සමහර වාර්තාවල දැක්වෙන පරිදි මිලියන විස්සකට ආසන්න ඇමෙරිකානු ස්වදේශික ජනගහනයක් සිට ඇති අතර එයින් අති විශාල සංඛ්‍යාවක්, එනම් සියට 95ක් පමණම පැරණි ලොව වසංගත වලින් මිය ගොස් ඇති බවට අනුමාන කෙරේ. අවසානයේදී මහද්වීපය සිය ස්වදේශික ජනතාවගෙන් බොහෝදුරට හිස් විය.


~~~

අත'ක්ව්ල්පාගේ මරණයත් සමඟම ආක්‍රමණිකයින් විසින්, සිය තුවක්කු, විෂ බීජ හා වානේ වල බලයේ මහිමයෙන්, ඉන්කා අධිරාජ්‍යය හෙවත් වර්තමාන පේරු දේශය සිය යටත් විජිතයක් බවට පත් කරගත්හ. ස්පාඤ්ඤය, යටත් විජිත වලින් ගලා ආ සම්පත් මගින්, එවකට මිහිමත වු ධනවත්ම ජාතියක් බවට පරිවර්තනය විය. ආක්‍රමණිකයන් විසින් පැරණි ලොව සහ නව ලොව අතර වූ සම්බන්ධය සදහටම වෙනස් කොට තිබුණි.

පිසාරෝ ඇතුළු පිරිස ඉන්කාවරුන්ව යටත් කරගනු ලැබුවේ කෙසේද ? එහි ප්‍රතිලෝමය සිදුනොවුයේ මන්ද ? පැරණි පැහැදිලි කිරීම් වලට අනුව, ඒ, යුරෝපීයන් සතු වූ නිර්භීතකම, දැඩි බව, තීක්ෂණ බව ආදී ලක්ෂණ හේතුකොටගෙනය. නමුත්, සැබෑ පිළිතුර හා යුරෝපීයන් සතුවු පුද්ගලික ලක්ෂණ වල සම්බන්ධයක් නොමැත. සැබවින්ම එය යුරෝපීයන් වෙත අහම්බයෙන් ලැබුණු භූගෝලීය වාසියෙහි ප්‍රතිඵලයකි. ලොව මුල්ම තුවක්කු, විෂ බීජ හා වානේ අත්පත් කරගත් මිනිසුන් ඔවුන්ය. - මහාචාර්යය ඩයමන්ඩ්. 





Guns, Germs and Steel වාර්තා චිත්‍රපටය ඇසුරින් සකස් කෙරුවේ ;
~~ සෙන්නා / 15.11.2012

82 comments:

  1. "අත'ක්ව්ල්පා" මේක කියව ගන්න බැහැ නේ..

    අන්තිමට ඒකටත් හේතු වෙලා තියෙන්නේ භූගෝලීය වෙනස නේද? ඒ ඇරෙන්න බුද්ධි/ශක්ති මට්ටමේ කිසිම වෙනසක් තිබුනෙම නෑ කියලද ඩයමන්ඩ් මහත්තයා කියන්නේ..එක අතකට එහෙම බුද්ධි මට්ටමේ වෙනසක් තියෙන්න විදියකුත් නෑ නේ, ආහාර රටා වෙනස්කම් වල බලපෑම ඇරෙන්න වෙන හේතුවක් නැහැනේ එහෙම වෙනසක් වෙන්න.

    කොහොම උනත් මාසයක් යනකන් ඉන්නේ නැතුව මේක දාපු එක ගැන බොහොම සතුටුයි :)

    ReplyDelete
    Replies
    1. //කොහොම උනත් මාසයක් යනකන් ඉන්නේ නැතුව මේක දාපු එක ගැන බොහොම සතුටුයි :)//

      එහෙම කිව්වම නම් ඇඬෙන්න වගේ ආවා... පව් සෙන්නා !!! :@

      Delete
    2. හෙහ් හෙහ්.. කැමති විදිහකට උච්චාරණය කරන්න සයුරි.. ඒයා අමනාප වෙන එකක් නෑ.. :-) මම පොඩි උත්සහයක් දුන්නෙ ඩොක්‍යුමන්ට්‍රි එකේ උච්චාරණය වෙච්ච විදිහටම වගේ ලියන්න.. මට නිකන් ඇහුනෙ "ක්" ගිලගන "ව්" යන්න ශබ්ධ කරන උච්චාරණයක්. අතහල්පා, අතවල්පා.. කියලත් කියන්ඩ පුලුවන් මයෙ හිතේ..

      ඔව්, මහාචාර්යය වරයා කියණ විදිහට ඔක්කොම භූගෝලීය සාධක මත තමා සිදු වෙලා තියෙන්නෙ. ඔහු කියණ විදිහට තිරිඟු බාර්ලි වගේ පෝශ්‍යදායී ආහාර ශතවර්ෂ ගණනාවක් අනුභව කිරීමේ ප්‍රතිඵලයක් නිසාත් වෙනස්කම් ඇතිවෙලා තියනවා. එතකොට තිරිඟු, බාර්ලි මුලින්ම ස්වාභාවිකවම ඔවුන්ට ලැබීම භූගෝලීය සාධක මත තීරණය වෙලා තියනවා.

      චැහ් චැහ්.. සෙන්නා දැන් මාසෙට එක පෝස්ට් එකක් දාන එකෙක් කියලා රැජිස්තර් වෙලා නේද :-) කලින් එක දානකොටත් මේක ලියලා තිබුනේ.. ඒකයි පරක්කු නොවුනේ.. හැබයි අන්තිම කොටස නම් පරක්කු වෙයි වගේ.. තාම ලියාගන යනවා...

      මටත් ඇඬෙනවා වගේ බන් චතුරංග.. :-)

      Delete
  2. ඉතා වැදගත් තොරතුරු

    රාජපක්ශ ජනපතිගෙ ප්‍රියතම කඩචෝරුව ? පරාක්‍රමබාහු රජතුමා පිලිමයේ අතේ තිබෙන්නේද කඩචෝරුවක්?
    http://dayal-bathee.blogspot.com.au/2012/11/blog-post_14.html

    ReplyDelete
    Replies
    1. දයාල් බතී, සිංහල බ්ලොග් අවකාශෙ මම කලින් අහලා තිබුන නමක්.. ඒත් අද තමයි හම්බුනේ.. සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට. මම ගියා ඒ පැත්තෙ කඩචෝරු කන්න. ඒත් මට ඇලජික් මාතෘකාවක් නිසා කියවලා නිකන්ම හැරිලා ආවා.. බ්ලොග් රෝලටත් දාගත්තා.. දිගටම එන්නම්..

      Delete
    2. ඔව්, මාත් එන්නම් ඔය පැත්තෙ!

      Delete
  3. ඉතාමත් වැදගත් තොරතුරු ගොඩක් සෙන්නා. ආයෙම පාරක් බලන්ට ඕනි. නිවී , සැනසිල්ලේ කෝපි කෝප්පයක් බොන ගමන්.

    ආයෙම එන්නම් හොඳේ.:)

    ReplyDelete
    Replies
    1. කෝපි කෝප්පයක් බොන ගමන් එහෙනම් ආයෙ කියවන්ඩකො පොඩ්ඩි. :-)

      Delete
  4. ඔනම දෙයක් මුලින්ම ගොඩදාගන්න එක එකියන්නේ මුලික නිශ්පාදනය සොයාගැනිම් වැනිදෙවල් වලට ලොකු උත්සහයක් දරන්න වෙන අවස්තා වැඩි නේව නමුත් අන්න ඒ මුලික අවස්තාව පහු උනාට පස්සේ අර නිශ්පාදනයේ කොපියක් ගත්තම අර මුල් නිශ්පාදිතයට වඩා වේගයෙන් කොපිය ගහගත්ත එකාට දියුනු වෙන්න පුලුවන් අද ඇමරිකාව ඉන්නේ ඒ තත්වේ නේ හැබැ හේට එක ආපහු ආසියාවට දොලනය වෙනවා නේද

    වැදගත් ලිපි පෙලක් සෙන්නා ස්තුතී....

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් කියන එකේ ඇත්තක් තියනවා.. මූලික නිශ්පාදනය තමා අමාරු කාරිය. මෙතන මහාචාර්යය වරයගෙ උත්සහය ඇවිත් යුරෝපීයන්ට අනෙකුත් ජාතීන්ට සාපේක්ශව අලුත් අලුත් නිශ්පාදන බිහිකිරීමටත්, ඒ නිශ්පාදන උපයෝගී කරගෙන ඔවුන් ලෝකය යටත් කරගැනීමට බලපාපු හේතුවත් සොයා බැලීම. ඔහුට අනුව ඒ වෙන කිසිවක් නිසා නොවෙයි භූගෝලීය සාධක එහෙම නැත්නම් යුරෝපීයන්ට හිමිවෙච්ච භූගෝලීය වාසිය නිසා කියලයි ඔහු කියන්නෙ.

      ස්තූතියි රාජ් අගය කළාට.

      Delete
  5. නියම ලිපියක්.ඔබ මේ වාර්තා චිත්‍රපටිය ඉතාමත් සවිස්තරාත්මකව ලියලා තියෙනවා එකම කරුනක් වත් අඩු නොකර.ඒක ඉතාම වෙහෙසකර වෙන්න ඇති.ඒ වෙනුවෙන් ගොඩක් ස්තූතියි.මම මේකේ කොටස් 3 ම බැලුවා.දැන් හිතෙන්නේ නම් මේ මහචාර්යවරයා ඉදිරිපත් කරන මතය ගොඩක් දේවල් විස්තර කරන නිසා මේක බොහෝම වටිනා වාදයක් කියලයි.මුලදී මාත් මේ භූගෝලීය විශමතා මේ තරම් දෙයක් කරන්න පුලුවන් බවක් විශ්වාස කලේ නැහැ.එත් මෙතුමා අවුරුදු 30 පරීක්ශන කරලා ඉදිරිපත් කරන දෙයක් සම්පූර්නයෙන් වැරදි වෙන්නත් බැහැ.අන්තිමට මෙතූමා අපි වගේ රටවල් වලටත් ලොකු පනිවිඩයක් දීලා තමා චිත්තරපටිය ඉවර කරන්නේ.ඒ නිසා ඊලග ලිපියත් දාන්න.ඔබට නැවතත් ස්තූතියි මෙවන් වැදගත් දැනුම් සම්භාරයක් අපිත් එක්ක බෙදාගන්න එක ගැන.සින්ඩියේ කාලෙකින් කියවපු හොදම ලිපි පෙල මේක තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුධාරක.

      ඔව් අවුරුදු තිහක් තිසෙසේ කරපු පරීක්ශණයක් නිකම්ම නිකම් විකාර අදහසක් විතරක් වෙන්ඩ බෑ කියන එක මාත් පිළිගන්නවා. කොටින්ම මහාචාර්යය වරයගෙ තර්කය බොහෝ දුරට හරි කියන නිගමනයෙ තමා මාත් ඉන්නෙ.

      නැවතත් ස්තූතියි අගය කළාට.

      Delete
  6. මටත් ආයෙ බලන්න ඕන..
    ඔලුවට ගන්න ආයි බලන්නම ඕන...මටනම් හිතාගන්න බැරි විග්‍රහයක්..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වීයා.. ආයෙ හිමීට බලහන්කො..

      Delete
    2. //එබැවින් එවකට පැවති, "හාර්කබස්" වැනි නවීනතම තුවක්කු වර්ග ස්පාඤ්ඤය සතු විය.//

      එහෙම බලනකොට කොහොමත් ඒ අවදියෙදිම යුරෝපීයො බලවත් වෙලානෙ. දැන් ආයිත් මගේ තර්කය හරියාගෙන එන්නෙ. හැබැයි අන්තිම වෙනකොට අමතක වෙයිද දන්නෙ නැහැ තර්කය ගොඩනගන්න.( යුරෝපීයො ආක්‍රමිනිකයි)

      Delete
    3. වීයා, ඒ අවදිය වෙනකොට යුරෝපීයො කොහොමත් බලවත් තමා. ඒ බලවත් කම තමා ඔවුන්ට අන්‍ය ජාතීනව යටත් කරගැනීමට උදව් වෙන්නෙ. එහෙම බලවත් වුනේ ඇයි කියන එකටනෙ මහචාර්යය වරයා පිළිතුරු හොයලා තියෙන්නෙ. යුරෝපීයො ආක්‍රමණිකයි කියන එක ඇත්ත. ඒත් යුරෝපීයො විතරද ආක්‍රමණික ? ආක්‍රමණික වූ පමණින් ඔවුන්ට අනික් ජාතීන්ව යටත් කරගන්න බෑ නේද ? ඒ සඳහා සුදුසු ආයුධ, උපකරණ ආදිය අවශ්‍යය වෙනවනෙ. ඒවා ඔවුන්ට ලැබුනෙ කොහොමද ?

      Delete
  7. දකුණු ඇමරිකාව ගැන තියෙන පින්තූරයේ තියෙන්නේ ඇන්ඩීස් කඳු වැටිය පෙන්වන රූපයක්.ඒ ඉන්කා අධිරාජ්‍යයාගේ නම අපිට සිංහලෙන් අතහල්පා කියලා කියන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ.. ඒත් ඉන්කා රාජධානිය පැතිරිලා තිබ්බෙ ඇන්ඩීස් කඳු වැටිය ඔස්සේ නේද ? මෙතනත් බලන්නකො..

      http://en.wikipedia.org/wiki/File:Inca_Empire.png

      නම ගැන, උඩ සයුරිට දීපු උත්තරය ටිකක් බලන්න.

      Delete
  8. මෙහෙම බලාගෙන යනකොට දෙවියො හරිම අසාධාරණයි නේද? දෙන හැම දෙයක්ම සුද්දටයි දීල තියෙන්නෙ. මුලින් කතාව පටන් ගනිද්දි මම බැලුව මේ කියන්නෙ El Dorado ගැනවත් ද කියල. සෙන්නා මේ වෙන මහන්සියට බොහොම ස්තුතියි. කලින් දැනගෙන හිටියෙ නැති ඉතිහාස සිද්ධි දැනගත්ත.

    ReplyDelete
    Replies
    1. අපිට එහෙමත් හිතනන් පුළුවන් මුහුදු. භූගෝලීය වශයෙන් වාසි සහගත ප්‍රදේශ වල ඉපදෙන්න බලපාන හේතුව හෙව්වොත් ඒක ඒ ඒ ආගම් වල විශ්වාසයන් අනුව දෙවියන් වහන්සේ හෝ කර්මය ලෙස අර්ථ දක්වන්න පුලුවන් වෙයි.

      ස්තූතියි මුහුදු, අගය කළාට.. එතුරු කොටසත් කියවන්ඩ එන්නකො.. විගහට දාන්නම්..

      Delete
  9. කතාවක් වගේ එක පාරක් කියෙවුවා. ඒත් නොදත් කරුණු බොහොමයි ආයිත් නිවී හැනහිල්ලේ කියවන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත් අයියා.. ආයෙ කියවලා ඔබගේ වටිනා අදහසුත් දෙන්නකො..

      Delete
  10. මේ තොරතුරු මීට පෙර මා දැනගෙන හිටියේම නෑ... ඒ අර්ථයෙන් බැලුවාම සෙන්නා කරන්නෙ අපේ දැනුමේ නිම් වළලු පුළුල් කරන වැඩපිළිවෙලක්.. ජයම වෙන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා.. උඹටත් ජය...

      Delete
  11. කොහොම උනත් සෙන්නා, මේ යුරෝපීයයො කටයුතු කරන්නෙ කොතරම් කෲර, අඥාදායක ස්වරූපයකින් ද? ධන ධාන්‍යයෙන් ආඪ්‍යව තිබුණු පුරාණ ශිෂ්ඨාචාරවලට බලෙන් ඇතුල්වෙල මේ මිනිස්සු එයාලගෙ දෙවියන් වහන්සේගෙ ආලෝකය මිත්‍යා දෘෂ්ඨික මිලේච්ඡයින් මත පතිත කිරීමට මුවාවෙල ඒ ශිෂ්ඨාචාර විනාශ කරල ඒවල තිබුණු මහ ධනස්කන්ධයන් තමන්ගෙ මවු රටවලට අදිනව. අද මානව හිමිකම් ගැන ඉහළින් කතාකරන ඒ ඇත්තො හරි නම් මුළු ලෝකයෙන්ම සමාව ගන්න ඕන ඒ කරපු ජඩ වැඩවලට. අර ඕස්ට්‍රේලියන් අගමැති ඇබෝර්ජින්ලගෙන් සමාව ගත්ත වගේ. මම හිතන්නෙ මේ යුරෝපීයයෝ ඒ තත්ත්වයට ඒමට බලවත් උනු හැටි ප්‍රශ්නයක් වුනාට මේ කොල්ලකාගත්ත ධනස්කන්ධයෙන් පස්සෙ යුරෝපා ජාතීන් බලවත් වුනේ කොහමෙද කියන එක නම් එච්චර ගැටළුවක් නැතිව ඇති.

    ඔබේ ලිපිය තවත් රසවත් වෙනව, දිගටම යමු.

    ReplyDelete
    Replies
    1. +1 සහෝ... ගොඩක් අයට ඔය ප්‍රශ්නේ ඇහැව්වම නහුතෙට තද වෙනවා...
      සුද්දන්ගේ ජාන !!!

      Delete
    2. ඕක වෙනමම කතා කරන්ඩ ඕනා මාතෘකාවක් DDT. ඔව් උන් කරපු මානව හිමිකම් කඩ කිරීම් බැලුවොත් යුරෝපීයයො මුලු ලෝකෙන්ම සමාව ගන්න ඕනා..

      අනිවාර්යයෙන්ම ඒක පැහැදිලියි.. යුරෝපීයයො පොහොසත් වුනේ කොල්ලකාගත්තු ධනයෙන්. කොල්ල කන්ඩ තරම් උන් බලවත් වෙච්ච හේතුවත් මහාචාර්යය වරයා පැහැදිලි කරලා තියනවනෙ..ඔය කොල්ල කෑම උන් අදටත් වක්‍රාකාරයෙන් කරනවා..

      Delete
    3. විජය ඇවිත් ලංකාවට මහා කිරිමෙලාඇත්තෝ එක්ක එකතු වෙලා යක් සනුහරේ මරා දාලා රට අල්ලා ගැනීම ජඩ වැඩක් විදියට දකිනවා ද?

      පුරාතන ලංකාවේ ශරීරාබාධයන් ගෙන් පීඩා විඳින අයව හිස ගසා මරා දැමුවා. ජීවිත කාලය සීමා කිරීමේ නීතියක් ද වූවා. එසේ නියම කරන ලද සීමාව දක්වා ජීවත් වූවෝ දිවි තොර කරගත්තා. ලංකාවේ වධකයා හැටියට අලියන් ද යොදවනු ලැබුවා. උලක හිඳුවා මරණයට පත් කරනු ලැබුවා. පණ පිටින් පුළුස්සනු ලැබුවා. ගව ඝාතනය කළ මිනිසුන්ට මරණ දඬුවම දුන්නා. දරුවන් පණ පිටින් වළලා දැමුවා. ආයෙත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට යන ලංකාවේ අයට ඒවා ජඩ වැඩ කියා පෙනෙනවා ද?

      කුරිරු වූ ඉතිහාසයක් තමන්ටත් තිබිච්ච බව දකින්නට බැරි නිසා, මානව හිමිකම් ගැන ඉහළින් තියා පහළින් වත් කතා කරන්න මිනිසා නොදැන සිටි කාලයක වූ ඉතිහාස සිද්ධීන් තමන් අල්ලා ගෙන තාමත් මානව හිමිකම් කඩ කරමින් ඉන්නවා කියා දකිනවා ද?

      එදා අපරාධ වලට ලක්වූ අයගේ පරම්පරා වලින් එන අයගෙන් අද සමාව ඉල්ලූ පමණින් මානව හිමිකම් ඉබේම ස්ථාපිත වෙනවා යැයි හිතනවා ද?

      Delete
    4. // ඔව් උන් කරපු මානව හිමිකම් කඩ කිරීම් බැලුවොත් යුරෝපීයයො මුලු ලෝකෙන්ම සමාව ගන්න ඕනා..//

      සහතික ඇත්ත. අනුන්ගේ ස්වාධීනත්වයට මෙච්චර පහර ගහපු වෙන එකම ජාතියක්වත් නැතුව ඇති. ඒ ගැනනම් වෙනම ලියන්න පුළුවන් අප්පා.

      Delete
    5. @ Aruni Shapiro,

      // විජය ඇවිත් ලංකාවට මහා කිරිමෙලාඇත්තෝ එක්ක එකතු වෙලා යක් සනුහරේ මරා දාලා රට අල්ලා ගැනීම ජඩ වැඩක් විදියට දකිනවා ද? //

      අනිවාර්යයයෙන්ම ඒක ජඩ වැඩක්..

      // පුරාතන ලංකාවේ ශරීරාබාධයන් ගෙන් පීඩා විඳින අයව හිස ගසා මරා දැමුවා. ජීවිත කාලය සීමා කිරීමේ නීතියක් ද වූවා. එසේ නියම කරන ලද සීමාව දක්වා ජීවත් වූවෝ දිවි තොර කරගත්තා. ලංකාවේ වධකයා හැටියට අලියන් ද යොදවනු ලැබුවා. උලක හිඳුවා මරණයට පත් කරනු ලැබුවා. පණ පිටින් පුළුස්සනු ලැබුවා. ගව ඝාතනය කළ මිනිසුන්ට මරණ දඬුවම දුන්නා. දරුවන් පණ පිටින් වළලා දැමුවා. ආයෙත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට යන ලංකාවේ අයට ඒවා ජඩ වැඩ කියා පෙනෙනවා ද? //

      ඒවා අමානුශික බව අවිවාදයෙන් පිළිගැනීමට සිදුවේ. එහෙත්, මෙවැනි අමානුශික වධ ක්‍රම තිබුනේ ලන්කාවේ පමණකද ? එතකොට මෙවැනි වධක උපකරණ ( යුරෝපයේ භාවිතා වූ උපකරණ ගැන පමණක් සැලකිල්ල යොමු කරන්න. ) ඔවුන් තැනුවේ යුරෝපීය දරුවනට සෙල්ලම් කිරීම වැනි මානුශීය අවශ්‍යතාවයන් සඳහා යැයි ඔබ සිතනවාද ? ලන්කාවේ එවැනි වධ ක්‍රම භාවිතා කිරීම යුරෝපීයන්ට අපව පාගාගෙන කොල්ල කෑමට බලපත්‍රයක්ද ?

      // කුරිරු වූ ඉතිහාසයක් තමන්ටත් තිබිච්ච බව දකින්නට බැරි නිසා, මානව හිමිකම් ගැන ඉහළින් තියා පහළින් වත් කතා කරන්න මිනිසා නොදැන සිටි කාලයක වූ ඉතිහාස සිද්ධීන් තමන් අල්ලා ගෙන තාමත් මානව හිමිකම් කඩ කරමින් ඉන්නවා කියා දකිනවා ද? //

      මෙහි විහිලු සහගත තත්ත්වයනම් ඔවුන් කළ කී මානව හිමිකම් කඩ කිරීම් සහමුලින්ම අමතක කොට අන් ජාතීන්ට බණ කීමට යාමයි. අදටත් ඔවුන් අතින් කෙතරම් නම් මානව හිමිකම් කඩ කිරීම් සිදු වේද ? ඒවා ඔවුන් අතින් කෙරෙන විට මානව හිමිකම් කඩ වීම් නොවීමටත් අන් ජාතීන් විසින් කරන විට මානව හිමිකම් කඩ වීමක් ලෙස අර්ත දැක්වීමටත් බලපාන පදනම විග්‍රහ කළ හැකිද ?

      // එදා අපරාධ වලට ලක්වූ අයගේ පරම්පරා වලින් එන අයගෙන් අද සමාව ඉල්ලූ පමණින් මානව හිමිකම් ඉබේම ස්ථාපිත වෙනවා යැයි හිතනවා ද? //

      එසේ නොවන බව ඕනෑම ළදරුවෙකුට තේරුම් ගත හැකි සරල සිද්ධියකි. අඩුම තරමින් තමන් කළ වරද පිළිගැනීමට තරම්වත් මනුස්සකමක් !

      Delete
    6. අරුණි අක්කට මම දෙන්න ආපු උත්තරේ සෙන්නා දීල තියෙනව, ඇත්ත, පුරාණ ශිෂ්ඨාචාරවල දරුණු දඬුවම්ක්‍රම තිබුණ, ඒක මුළු ලෝකෙටම පොදුයි. යුරෝපා රටවල අද සුපිරි තත්ත්වයක් තියෙන ස්කැන්ඩිනේවියානු රටවල උනත් එදා තත්ත්වය ඒකම නේද? අපේ ශිෂ්ඨාචාරවල යම් යම් අපරාධවලට වරදකරුවන් වූ අය දඬුවමට යටත් වෙද්දි යුරෝපයේදි අද අපි විද්‍යාඥයො විදියට හඳුන්වන කීදෙනෙක් මිත්‍යා දෘෂ්ඨිකයො මායාකාරයො කියල ඝාතනය කරල සමහරවිට පනපිටින් පුළුස්සල තියෙනවද. වැඩවසම් සමාජ ක්‍රමය යටතෙ ඒ රටවලම සාමාන්‍ය ජනයා කොයිතරම් පීඩනයකට ලක්කර තිබෙනවද? කොයි තරම් කළු ජාතිකයො වහලුන් විදියට යුරෝපයට ගෙනිහින් තියෙනවද? අනෙක අද ඔබ ඉන්න ඇමරිකාවෙ උනත් මුල් පදිංචිකාර රතු ඉන්දියානුවොන්ට මොකද උනේ.
      මම කිව්වෙත් සංකේතාත්මක සමාව ඉල්ලීමක් ගැන, අඩුතරමෙ තමන් වරදක් කළ බව වත් පිළිගත යුතු බව.
      ඔය කිව්වට මම හිතන්නෙ නෑ ලංකාවෙ මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරයි කියල, ඔය කථිකාවත දැන් අවුරුදු 10-15 ක ඉඳන් තියෙන එකක්. මම හිතන්නෙ ඇමරිකාවෙ නම් සමහර ප්‍රාන්තවල තවමත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනව.
      මෙතනදි එක එක අයගෙ උස් පහත්කම් අරව මේව බෝල පාස්කරගැනීමට වඩා වැදගත් කියල හිතුන යමක්ගැන මට හිතුන දේ මම කලින් කමෙන්ට් එකේ සඳහන් කළේ.

      Delete
    7. වැඩිය ඕනෙ නෑ.. ඇමරිකානු හමුදා ප්‍ර‍හාර වලින් ඇෆ්ගනිස්ථානයේ හා පකිස්ථානයේදී මිය යන සිවිල් වැසියන් හා කුඩා දරුවන්ගේ මානව හිමිකම් ගැන කථා කරන්න හිලරි ක්ලින්ටන්ගේ කට ඇරෙනවාද ?

      ඇමරිකානු පිලේ ඉන්න ඊශ්‍රායලයේ රොකට් වෙඩි වලිස් නැසෙන පලස්තීන දරුවන්ට මානව හිමිකම් නැද්ද ?

      ඇමරිකාවේ තේජස තියෙනකන් උන් නටයි හරියට හැළිය රත්වෙනතුරු කකුළුවා නටනවා වගේ... නමුත් 2040 පමණ වන විට චීනය තමයි ලෝකෙට බලවතා...

      Delete
  12. කියන්න දෙයක් නෑ සෙන්නා... ස්තුතියි වෙන මහන්සියට ! ජය !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චතුරංග සහෝ හමදාම වගේ දෙන ධෛර්යයට...

      Delete
  13. වෙනදා වගේම වටිනා ලිපියක් සෙන්නා..... සමහර තැන් හරියට ඔළුවට ගියේ නෑ..... එකපාර මෙච්චර කරුණු ගොඩක් ඔළුවට දා ගන්න අමාරු නිසාද මන්දා... ආයෙත් නිවී හැනහිල්ලේ කියවන්න ඕනි......

    ReplyDelete
    Replies
    1. ආයෙ කියවන්ඩකො සමනළී, වෙලාවක් ඇත්නම්..

      Delete
  14. හුඟක් වටින ලිපියක්.......
    ඊළඟ කොටසත් ඉක්මනට ම දෙන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උදාර.. අන්තිම කොටස ලියමින් පවතින්නෙ.. ඉක්මනට දාන්නම්...

      Delete
  15. වාර්තාකරණයට පාදක වෙච්ච 1997 පොතේ අඩුපාඩු ගැන මෙතැන කතාබහ වෙනවා.
    http://en.wikipedia.org/wiki/Guns,_Germs,_and_Steel

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුණි.. ලිපිය අවසානයේ මේ ගැනත් සඳහනක් කිරීමට අපේක්ශාවෙන් සිටිමි.

      Delete
  16. ඉක්මනට දාපු එක නම් ඇත්තෙන්ම ස්තුතිවන්ත වෙනවා.
    නියම දැනීමක් බන් සෙන්නා අයියේ උඹට තියෙන්නේ.කොහොමද මේ විස්තර හොයාගත්තේ?
    සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා ලියන්න.

    ReplyDelete
    Replies
    1. අනේ බන්ස් මට ඇති මහලොකු දනීමක් නෑ බන්.. මම වාර්තා චිත්‍රපටියක් බැලුවා.. ඒක මට පුලුවන් විදිහට පරිවර්තනය කළා නොබලපු අය වෙනුවෙන්. එච්චරයි. මෙතන කිසිම මගේ දැනුමක් නෑ. වැඩකාරයා තමා මහාචාර්ය ජෙරඩ් ඩයමන්ඩ්. එතුමා සොයා ගත්තු දේ තමයි මම මේ ලියලා තියෙන්නෙ.

      ලිපිය හදන්න නම් සෑහෙන්න මහන්සි වුනා. ඒකෙ ප්‍රශංසාව විතරක් උඹට ස්තූතියි කියලා මම බාරගන්නම්.

      Delete
  17. ඒ .. මම කවදාවත් අහල නැති ..දන්නේ නැති ඒවානේ.. ඒ මාරයි.. එල ඈ

    ReplyDelete
    Replies
    1. අපි අහලා නැති, දන්නෙ නැති කොච්චර දේවල් තියනවද සුදු මහත්තයෝ මේ ලෝකෙ..

      Delete
  18. සෙන්නා, මම මේ ලිපිය කියවන්න කලිනුත් දරපු මතයක් තමයි අපිට වඩා හොඳ තුවක්කු සහ නැව් තිබ්බානම් අපි අද ඉංග්‍රීසි කතා කිරීම වෙනුවට යුරෝපයෙ මිනිස්සු සිංහල කතාකරන්න තිබ්බා කියන එක.

    මට පොඩි ගැටලුවක් තියෙනවා. සුද්දන්ව කලින් දැක නොතිබුනු, යුරෝපීය සංස්කෘතිය ගැන මෙලෝ අවබෝධයක් නොතිබුනු ඉන්කාවරු අර දෙබස ඔච්චර චතුරව කරගත්තෙ කොහොමද කියන එක. මම කියන්නෙ පූජකයයි ඉන්කා අධිරාජයයි අතර දෙබස.

    ඒ කොහොම වුනත් මේක පිළිගන්න තියෙන ඉඩකඩ නොපිලිගන්න තියෙන ඉඩකඩට වඩා වැඩියි. නියම ව්‍යාපෘතියක් සෙන්නා.

    මම මේ තර්ක විශේෂයෙන්ම මේ වසංගතයට ස්වදේශිකයන් ගොදුරුවීම අහලා තියෙනවා අපි කරපු පාඩමකදි.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අපිට ඒවා හදන්න බැරි වුනේ ඇයි කියන එක තමා ප්‍රශ්ණෙ ඩූඩ්. මම කලින් ලිපියෙදිත් කිව්වා වගේ, අපි ආගමික බලපෑම මත ලද දෙයින් තෘප්තිමත් වෙලා අල්පේච්ච ජීවිතේකට පුරුදු වෙලා හිටපු නිසා වැඩි දුර සොයා ගැනීම් වලට නොගියා වෙන්නත් පුලුවන්. එහෙම නැත්නම් අර සිංහලයා සතුයි කියන මහා දුර්වලතාවය-"කම්මැලිකම" ඒකෙ බලපෑම වෙන්ඩත් පුලුවන්.

      අනිත් එක අපිට භාෂාවක් තිබුනා වුනත් දැනුම සංචරණය බොහොම මන්දගාමීයි නේද.. පරම්පරාවෙන් පරම්පරාවට දැණුම අඩු වුනා මිසක් වැඩි වුනේ නෑ නේද ? ගුරු මුශ්ඨියෙ කතාවත් දරුණුවටම සිදුවෙලා තියනවනෙ අපේ රටවල් වල.

      ඒත් මම අහලා තියනවා ඉතිහාසයේ අපිට ලොකු නාවික හමුදාවක් හෝ නැව් පන්තියක් තිබුනා කියලා. ඔය වයඹ පැත්තෙ වරායකුත් තිබුනා කියනවා එහෙම නැව් එන. ඉතිහාසය ගැන දන්න කෙනෙක් ඒ ගැන මොනවා හරි කියයිද බලමු.

      මේක මගෙ ලිවීමේ දුර්වල තාවයක් ඩූඩ්. ෆිල්ම් එකේ තියෙන්නෙ, දේවගැති වරයා ස්පාඤ්ඤ භාෂාවෙන් කතා කරනවා අත'ක්ව්ල්පා ඉන්කා භාෂාවෙන් කතා කරනවා. දෙන්නා කියන්නෙ දෙකක්.. බලමු ඒක හදන්න පුලුවන්ද කියලා..

      ඒත් මටත් එදා ඉඳන්ම තිබුන පුරස්නයක් තමයි කොහොමද යුරෝපීයො අපේ රටවල් වලට ඇවිල්ලා අපේ රජවරු එක්ක අදහස් හුවමාරු කර ගත්තෙ කියන එක. අර පරංගි මුලින්ම ඇවිල්ලා හරක් හමක ඉඩක් එහෙම කොහොම ඉල්ලුවද කියලා මට ලොකු ගැටලුවක් තියනවා..

      Delete
    2. අපේ රට සේද මාවතේ නිසා මුල ඉඳලම මිනිස්සු ආව ගියා . ඒ නිසා සන්නිවේදනය එතරම්ම අලුත් දෙයක් නෙමේ . හරක් සමක් දාලා බොඩි ලැන්ග්වේජ් එක පාවිච්චි කරන්න ඇති. අනික ඉතින් කපුටො හත් දෙනෙක් වමනේ ගිය කතාව දන්නවනේ .

      Delete
    3. එහෙමත් වෙන්ඩ පුලුවන් තමා නේද ? බොඩි ලැන්ග්වේජ එක සෑහෙන කාර්යයක් ඉටු කරන්න ඇති එතනදි.. ස්තූතියි බින්දි ඒ ගැන අදහසක් දුන්නට..

      Delete
  19. උබ දාන ඒව දෙපාරක් බලන්නෝනි බං.. කොයිල් නැත්ත.ං..

    ReplyDelete
    Replies
    1. අඩේ සෑමා.. බොහොම කාලෙකින්.. බොට කවුද මෙහෙට එන පාර කිව්වෙ ? හෙහ් හෙහ්...

      මේවා කියවලා මොලේ කොයිල් කරගන්න එපා.. නිකන් හිටපන්... :-)

      Delete
  20. සෙන්නා, මුලින්ම කියන්න තියෙන්නේ අතිශයින්ම ගවේශනාත්මක, තාර්කික, සහ මානව ශිෂ්ටාචාරයේ සැඟවුණු පැතිකඩ කීපයක් පිළිබඳව කරනලද පර්යේෂණාත්මක ලිපියක් ලෙස මෙය වචනයෙන් අගය කළ නොහැකි තරම් වටිනා බවයි. මේ අදහස් දැක්වීම මා කරන්නේ ලිපියේ කොටස් දෙකම වෙනුවෙන්.

    මා දින කීපයක් උණෙන් ඔත්පලව සිටි නිසා පරිගණකය ඇල්ලීමත් අපහසු වෙලා සිටියේ. දැන්නම් උන අඩු වුනත් කැස්ස ටිකක් තිබෙනවා.

    ලිපියේ කොටස් දෙකම ටිකෙන්ටික කියවන්නට මට පැය හතරකට වැඩි කාලයක් ගියා. අනවබෝධයෙන් නිකම්ම අකුරු පේලි කියවාගෙන යාම ඵලක් නැති නිසා. ඇත්ත අශයෙන්ම මේ කතාවේ හරය තුල තිබෙනවා අපෙන් සැඟවුණු, සන්ගවපු, සඟවන්නට උත්සාහ කරන දෙයක්. බටහිරයන් විසින් තවමත් එසේ කරනවාද කියන ඒක තමයි අපි සෙවිය යුතු රහස. අනික ඔවුන් අපට කැටපු විනේ තමයි ජාතිවාදය. කුලවාදය. ඔවුන් මුලික කරගත්තේ ආගම වාදය පමණයි. නමුත් අපේ දුර්වල තැන අල්ලා ඔවුන් එතනටම ගැහුවා වැටෙන්නම. ඔබට මතකද සර් ආතර් කොනන්ඩොයිල් ගෙ ලොස්ට් වර්ල්ඩ් නවකතාව. ඒ කතාවේදී දකුණු ඇමරිකානු ජාතීන්ට ඉතාම අපහාස වන ආකාරයේ යෙදුම් තිබෙනවා, තුවක්කු වෙඩි බලයෙන් ඔවුන්ව බිය ගන්වනවා,චන්ද්‍රග්‍රහණය යනු කුමක්ද යන්න පිළිබඳව ඔවුන්ගේ නොදැනුවත්කම, ඔවුන්ව බියකර යටපත් කරගැනීමට පාවිච්චි කරනවා.වෙන එකක් තියා සුද්දෙකුගේ බොරු දත් කුට්ටම පවා ඔවුන්ව බිය කරන්න පාවිච්චි කරන අතර තමන් දෙවියන්ගේ නියෝජිතයන් යයි කියනවා.

    අද සිදුවන්නේ කුමක්ද? දියුණු වේ යයි සිතන, දියුණුවීමේ ලක්ෂණ පෙන්වන ජාතීන් වෙත කරදර, යුද්ධ, වසංගත, වෙළඳ මගඩි, මානව හිමිකම් ප්‍රශ්න, ජාති ආගම් බේද පටවනවා. නිදහස් චින්තනය යටපත් කරවනවා. අවාසනාවකට මෙන් ඉතිරිව සිටින බුද්ධිමතුන් එක වේදිකාවකට එන්නේ නැහැ. නැත්නම් කුමක් හෝ උපක්‍රමයකින් ඔවුන්ව තව තවත් බේද භින්න කරනවා.

    සෙන්නා, මේ ලිපියේ තිබෙන අදහස් දේශනයක් වශයෙන් කරන්න අපේ රටේ ඉඩක් නැහැ. තිබුනත් මිනිස්සු එය අහන්න එන්නේ නැත්තේ දැන් වැටී ඉන්නේ උගුලක බව තේරෙන පිරිස අඩු නිසයි. ඔවුන් ගැන අනුකම්පාවෙන් ගම් වල කුඩා සමාජ තල වලදී දේශපාලනයෙන් තොර අරමුණකින් මේ කරුණු ඔවුන්ට පහදා දිය යුතුයි.

    ලියන්න නම් ගොඩක් දේ තිබෙනවා. ඒක දිගට මොනිටරය දිහා බලා ඉන්න බැහැ තවම. ඒ අස්සේ අපේ ජනාධිපතිනිය ගෝරනාඩු කරනවා යන්තම් පන එනකොට ඔය කොම්පියුටර් මගුලේ එල්ලෙන්න එපාලු. දිගටම ටයිප් කරනකොට පපුවටත් පොඩි වෙහෙසක් දැනෙනවා. තවත් අදහස් පසුව ලියන්නම්. කලකට පසු ඉතා අගනා ලිපියක් ඉදිරිපත් කිරීම ඔබ කළ මහත් පිනක්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මම ඒත් අහන්න ඕන කියල හිතන් හිටියෙ විචාරක මහත්මය මේ දවස්වල කොහේ ගිහින්ද කියල.

      ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.

      Delete
    2. විචාරක මහතා,

      මට හරීගෙන් දැනගන්න ලබුනා ඔබ ඔත්පලව රෝහලේත් සිටි වග. හීයක් එවා තොරතුරු විමසා බැලීමට සූදානම් වන විටයි ඔබගේ මේ කමෙන්ට් එක දුටුවේ. ඔබට ඉක්මන් සුවය පතමි !

      අසනීප තත්ත්වයේ සිටත් ලබා දුන් දීර්ග ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.

      ඔබගේ අදහස් හා එකඟයි. ඔවුන් එදා කළ දේම තමා වර්තමානයේත් කරන්නෙ. හැබයි බොහොම මානුශීය මුහුණුවරකින්.. මහාචාර්යය වරයා පවසන ඔවුන් ලබා ගත් ඒ මුල් ආරම්භයේ වාසිය තවමත් ඔවුන් සමඟයි.

      Delete
  21. උඹ ලියන පොස්ට් එකේ වැදගත් කම උඹ හිතනවට වඩා ගොඩාක් වැඩි. මර විස්තරයක් දැනගත්තේ. ඉතුරු විස්තර වල ආසියාව ගැනත් ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසර්....

      ආසියාව ගැන නම් නෑ බන්... ඊලඟට උඹ ඉන්න දිහා.. අප්‍රිකාව..

      Delete
  22. ඔන්න මම දැනුයි මේ කොටස කියවා ඉවර කලේ හැබෑවටම වටිනවා යාලුවා. තොරතුරු ‍රැසක් දැන ගැනීමට හැකිඋනා. මෙහෙම ලිපි කියවන්න මට සෑහෙන වෙලාවක් යනවා. මොකද ග්‍රහනය කරගන්න අවශ්‍ය කරුනු බොහෝ ඇතිනිසා.මෙවැනි ලිපි අරන් තියාගන්න අවැසියි. අවසර පතමි. ජය.!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරා..... මොන අවසරද බන්...උඹට ඕනා දෙයක් ගනින්...

      Delete
  23. මන් ඊයේ දාපු කොමෙන්ටුව වැටිලා නැහැනේ , අය්යෝ හැලිලා . අපේ ඉතිහාස පොත් වල තිබුනේ මායා ගැන විතරයි .ඉන්කාලා ගැනත් බොහොම පොඩ්ඩක් තිබුන . ඇස්ටෙක් ල ගැන නම් ඉගෙන ගත බවක් මතකම නැහැ . පසු කලෙක කියවද්දී තමයි ඔව්ව අහු වුනේ . ඉන්කාලගේ මේ කතාව නම් අහු වෙලාම නැහැ මට . අර ඇස්ටෙක් ලට වින කටිපු කොටෙස් කාරයා ගැන නම් කියවල තිබුන .

    මධ්‍යම සහ දකුණු ඇමරිකාව ගැන කියවීම හරිම අපුරුයි.

    සෙන්න සැහෙන්න මහන්සි වෙලා මේ ලිපිය ලිවිම ගැන ගොඩක් ස්තුතියි .
    රසවත් නිසා එක දිගටම කියෙව්වා .

    සත්ව ආශ්‍රය නිසා ලෙඩ රෝග වලට ඔරොත්තු දීම ...අපුරු පැහැදිලි කිරීමක් නේද . ඇත්ත තමයි ඔය යුරෝපිය කොල්ලෝ කෙල්ලෝ ගස් ගල් වගේ . සම විතරයි අව්වට ඔරොත්තු නොදෙන්නේ . ඒ ඇරෙන්න ක්‍රීඩා වලට හෙම යක්කු වගේ තමයි.

    සත්තු ආස්සරේ වගේම උන්ව මරණ කෑමත් එක වගේනේ .

    මහාචාර්ය තුමා චීනා ගැන මොකවත් කියල නැද්ද .

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකක් ඊමේල් එකටවත් ඇවිත් තිබුනෙ නෑනෙ බින්දි..

      ලෙඩ රෝග වලට නැවත නැවතත් ගොදුරු වීම මගින් අදාල රෝග වලට ඉදිරි පරම්පරාවල ප්‍රතිශක්තිය වැඩිවෙන බව කීම පිළිගත හැකි තර්කයක් තමා නේද ?

      ඔවු මෙතන මස් කෑම ගැනත් මහචාර්යය වරයා අදහස් කරණවා...

      චීනා ගැන නම් වැඩි යමක් කියලා නෑ බින්දි.. පුලුවන්නම් ෆිල්ම් එක බලන්න.. යූ ටියුබ් එකෙත් තියනවා. නැත්නම් පහු ගිය ලිපියෙ සුධාරක ටොරන්ට් ලින්ක් එක දීලා තිබුනා..එහෙම නැත්නම් අඹ ගහ යටත් තියනවා..

      Delete
  24. හෙට හවස් කොරේ ලිපි දෙකම කියවන්නම්.. කලින් ලිපිය සෙට් උනෙත් අන්තිම බුදිමත වෙලාවක්..ඒක නිසා හරියට වැදුනෙ නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් පොඩ්ඩක් හිටහන්... ඊලඟ ලිපියත් දැම්මම ඔක්කොම එක පාර ඇදලා දාපන්..

      Delete
  25. දිග සංචාරයක නතර උනු එක් නැවතුමක සිට කියවමි. අපරාදේ කියන්ට බෑ ගුවන් යානෙට නගිද්දි සෙන්නා මතක් උනා හී හී...

    ඇවිත් තියන රටේ දේවල් දිහා බලපුවාම මට හිතෙන්නේ ආසියාවේ අපේ උදවියගේ කම්මැලිකම , සිතුවිලි රටාවේ , හැදියාවේ වෙනස්කම, සංස්කෘතික බැමි මේ හැමදේමත් සුද්දන්ට පොහොසත්වෙන්ට මග පාදලා තියන අනෙකුත් හේතු කියලයි. සෙන්නෝ මේ පැත්තේ රහා sea food තියනවා. :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ.... පොඩ්ඩිට දැන් ගුවන් යානයකට නගිනකොට සෙන්නාව මතක් වෙන එක නවත්තන්ඩ සක්කරයගෙ පුතා වයිමටවත් බැරි පාටයි.. :-)

      ස්තූතියි පොඩ්ඩි ආයෙත් ගොඩ වැදුනට.

      ඔව් ඔය කියන ඔක්කොම හේතුත් බලපාලා තියනවා කියලා තමා මටත් හිතෙන්නෙ.

      හැබෑටම.. කටට කෙළ ඉනුවා ඒක අහපුවමනම්.. මමත් හරි මනාප දෙයක් තමා සී ෆුඩ්..

      Delete
  26. ඉතාම වටිනා ගණයේ ලිපියක්.එච්චර ප්‍රසිද්ධ නැති මේ විස්තර කොහෙන් හොයා ගන්නවද මන්දා.මම කිව්වේ ඔය වාර්තා චිත්‍රපටය වුණත්!!ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්... චිත්‍රපටිය හම්බුන විදිහ පළවෙනි එකේ දාලා තියනවා.

      Delete
  27. සෙන්නා, මේ ලිපි පෙළ මම බොහොමත් උනන්දු කාරණා කිහිපයක්ම විශය කරගෙන තියෙන නිසා බොහොමත් උනන්දුවෙන් කියවනවා මම. මට මතක් වුනේ ජෝෂප් නීඩ්ම් ගේ තියරිය.ඔබත් ඔහු ගැන දන්නවා ඇති. ඔහු අපූරූ ප්‍රශ්නයක් ගෙනාවා. නීඩම්ගෙ ප්‍රශ්නය වුණේ වෙඩි බෙහෙත් ,,මාලිමාව, කඩදාසි, සහ විකල්ප මුද්‍රණ ක්‍රම භාවිතා කිරීමේ දැනුමෙන් සන්නද්ධව සිටි විශාල යුද සේනාවන් සිටි චීනය යුරෝපීයයන් පරිද්දෙන් තමන්ගෙන් පිටස්තර රටවල අධිරාජ්‍යයන් පිහිටිවා නොගත්තේ මන්ද යන්නයි. සෙන්නා මෙ ගැනත් ලියයි කියලා හිතෙනවා. ජය ඔබට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රතු රජරට උනන්දුව පිළිබඳව... ඔය කියන කාරණාවනම් මම දැනගෙන හිටපු එකක නෙමේ.. ඔබ කිව්වට පස්සෙ ටිකක් හොයලා බැලුවා. ඒකත් ටිකක් ආකර්ශණීය මාතෘකාවක් වගේ.. බලමු ඒ ගැනත් මොනවා හරි ලියන්න පුළුවන් වෙයිද කියලා..

      Delete
  28. අති විශිෂ්ඨයි සෙන්නා, මේක ඉතිහාසය කියවීමේදී බොහොම වැදගත් වෙනවා.

    ආසියාවට තුවක්කු නොතිබීමත්, තිරිගු වලට වඩා බත් බර ආහාරයක් වීමත්, කුල වාදයත්,බුදුදහමත්(දෙවියකු නොමැති නූතන දහමක් වීම)යුරෝපීය ආක්‍රමණිකයා ඉක්මවන්න තරම් ප්‍රමාණවත් නොවෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුමිත්...

      ඔය වගේ හේතු තමා බලපාන්න ඇත්තෙ නේද අපේ පරාජයට. මටත් එහෙම හිතෙනවා..

      Delete
  29. දීර්ඝ විස්තරාත්මක ලිපියක්. මගේ ප්‍රියතම විෂයක් වන ඉතිහාසය හන ලියවුනා ලිපියක් වන මිහි එක අකුරක්වත් මිස්කරන්නේ නැතිව කියෙව්වා ඉක්මනට අනිත් කොටසත් දාපන් මචං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං... අවසාන කොටස ලියමින්...................

      Delete
  30. සමහර විට ස්පැනිෂ් අය මේ සටනේදී මැරුනේ නෑ කියන එක අතිශයෝක්තියක් [වචනේ හරිද දන්නේ නෑ :-)] වෙන්න පුළුවන් , ඉන්කා වරුන්ට වඩා ස්පැනිෂ් අයගේ මිලේච්චත්වය වැඩියි සමහර විට ඉන්කා වරු ගියේ ඔව්න් පලවා හැරීමට නොවෙන්න පුළුවන් එහෙම නම් අනිවාර්යයෙන් ම ආයුද ගෙනියනවා මොකද ඉන්කා වරු කියන්නේ අත්දැකීම් බහුල ජාතියක් ස්පැනිෂ් කස්ටිය ගේ බයිබල් එක විසි කළා කියන එක ප්‍රචාරය කරන්න ඇත්තේ සටන සාධාරණීකරණය කිරීමටද පුළුවන [එකත් බොරුවක් විය හැකියි ] , මෙව්වා මගේ අදහස් , ඉක්මනට ඉතිරි ලිපි සෙට් එකත් දාන්න , ආ.... documentary program සෙට් එකේ තියෙන්නේ acting එක්කද ?

    ReplyDelete
    Replies
    1. ඉමල්ක,

      ඔබ කියන ඔක්කොම දේවල් වුනා වෙන්ඩත් පුලුවන්. මොකද මේ වාර්තාකරණයන් ඔක්කොම වෙලා තියෙන්නෙ යුරෝපීය පාර්ශවයෙන් නිසා වාර්තාකරණයේ සුපුරුදු දෝශ තියෙන්න පුලුවන්. බයිබලෙන් දමලා ගැහුවා කියන එක වුනා වෙන්ඩත් පුලුවන්. මොකද අත'ක්ව්ල්පාට ඒක තවත් නිකම්ම නිකම් භාණ්ඩයක් පමණයිනෙ..

      ඔව් ඔය ඔක්කොම ඒකෙ තියනවා.. පුලුවන්නම් බලන්න.. මෙහෙම කියවනවට වැඩිය ලස්සනට තේරුම් ගන්න පුළුවන්..

      Delete
  31. සෑ‍හෙන්න වැදගත් කතාවක් සෙන්නා අයියේ මම ගිහින් මුල් කොටස කියවලා ආවේ ඒ ඉන්න ගමන් තමයි මගේ කල්පනාවට ආවේ ලංකාව කියන්නේ දුපතක් එතකොට ලංකා‍ව අනික් සංක්‍රමණිකයන්ගේ අභාෂයක් නොලබා භාෂාවකුත් ඒ වගේම තාක්ෂණ්‍යකුත් ගොඩනගපු හැටි හරිම පුදුමයි

    කොහෙම හරි ඇවිත් ඉතුරු ටික කියනවා සෙන්නා අයියේ දිගටම ලියමු

    ReplyDelete
    Replies
    1. එහෙම ගොඩ නගලත් අපිට ඉදිරියට යන්න බැරි වුනේ ඇයි කියන එක හරි ගැටලුවක්.

      ස්තූතියි ගැමියා මලේ.. වැඩ රාජකාරි අස්සෙත් මෙහෙට ගොඩ වැදුනට..

      Delete
    2. ඒකට නිශ්චිත උත්තරයක් නැද්ද ඈ???

      Delete
  32. 1.මේ කොටස නම් මාර රහයි..

    2."ඉන්කාවරුනට මෙම පිරිස අර්ධ මිනිසුන් හා අර්ධ සතුන් වූ අමුතුම ජීවීන් කොටසකි." ඉන්කාවරුන් හිතාන හිටියෙ සතාත් මිනිසාත් දෙකම එකෙක් කියලලු..

    3."අහෝ, අත'ක්ව්ල්පා මේ ගැන දැන සිටියේ නම් !" මක් කොරන්නද?

    4."ඔහුට අනුව පිළිතුර රැඳී ඇත්තේ මහද්වීප වල හැඩය මතය." මේක නම් නියම පැහැදිලි කිරීම

    5."සටන අවසන් වන විට ඉන්කා වරුන් හය දහසකට වැඩි පිරිසක් මියගොස් සිටි අතර එක ස්පාඤ්ඤ භටයකුදු දිවි පුදා නොතිබුණි" මේක නම් පුඩුම සටනක්නෙ.. ඉන්කාවරු 80000ක් ඉඳලත් මේ 168 මරන්ඩ බැරි උනාද?

    6."168 දෙනෙක් වැනි සුළු පිරිසක්, හය දහසකට වැඩි පිරිසක් ඝාතනය කරමින් සිදුකළ මෙම ආක්‍රමණය, අති සාර්ථක වූ යුරෝපියානු ආක්‍රමණයන් සඳහා පෙන්විය හැකි අපූරු නිදර්ශනයන්ගෙන් එකකි." ඉතුරු 74000 මොනවා කළාද?

    7."වසූරිය........ !! මෙම වසංගත අතරින් වැඩිම විනාශයක් කළ වසංගතයයි." ලංකාවටත් ලන්දේසීන්ගේ කාලෙ සැරටම වසූරිය තිබ්බනෙ.. ඒක එන්නත් ඇත්තෙ යුරෝපීයයන්ගෙන්ද?

    8."ඒ, ඔවුන් අතර සතුන් සමඟ කිට්ටු සම්බන්ධතා නොතිබුණු බැවි" ඔක්කොම ලෙඩ එන්නේ සතුන්ගෙන්ද?

    9.ලංකාවේ පුරාණ ශිෂ්ඨාචාරය බිඳ වැටීමත් මේ වගේමයි නේද? ඒත් කෙටි කාලීන නෑ..

    ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. 1.මේ කොටස නම් මාර රහයි..
      ගොඩක් ඉත්තූතියි... :-)

      2."ඉන්කාවරුනට මෙම පිරිස අර්ධ මිනිසුන් හා අර්ධ සතුන් වූ අමුතුම ජීවීන් කොටසකි." ඉන්කාවරුන් හිතාන හිටියෙ සතාත් මිනිසාත් දෙකම එකෙක් කියලලු..
      එහෙමද ? මම ඒක දැනන් හිටියෙ නෑ..

      3."අහෝ, අත'ක්ව්ල්පා මේ ගැන දැන සිටියේ නම් !" මක් කොරන්නද?
      ඒකනෙ.. උන්දැ කොරයි නේද :-)

      4."ඔහුට අනුව පිළිතුර රැඳී ඇත්තේ මහද්වීප වල හැඩය මතය." මේක නම් නියම පැහැදිලි කිරීම
      මටත් එහෙම හිතුනා

      5."සටන අවසන් වන විට ඉන්කා වරුන් හය දහසකට වැඩි පිරිසක් මියගොස් සිටි අතර එක ස්පාඤ්ඤ භටයකුදු දිවි පුදා නොතිබුණි" මේක නම් පුඩුම සටනක්නෙ.. ඉන්කාවරු 80000ක් ඉඳලත් මේ 168 මරන්ඩ බැරි උනාද?
      කට්ටිය පැනික් වෙන්න ඇති, තුවක්කුයි, අශ්වයොයි ගේමට බැස්සම.. අනිත් එක ආයුධ ගෙනල්ලා තිබුනෙත් නෑනෙ.. අලි මිනිස්සුන්ට බය වෙන්නෙ කොහොමද කියලා හරී හිතලා තියනවද කවදාවත්..

      6."168 දෙනෙක් වැනි සුළු පිරිසක්, හය දහසකට වැඩි පිරිසක් ඝාතනය කරමින් සිදුකළ මෙම ආක්‍රමණය, අති සාර්ථක වූ යුරෝපියානු ආක්‍රමණයන් සඳහා පෙන්විය හැකි අපූරු නිදර්ශනයන්ගෙන් එකකි." ඉතුරු 74000 මොනවා කළාද?
      ඒ ගන තොරතුරක්නම් මට දකින්න ලැබුනෙ නෑ..

      7."වසූරිය........ !! මෙම වසංගත අතරින් වැඩිම විනාශයක් කළ වසංගතයයි." ලංකාවටත් ලන්දේසීන්ගේ කාලෙ සැරටම වසූරිය තිබ්බනෙ.. ඒක එන්නත් ඇත්තෙ යුරෝපීයයන්ගෙන්ද?
      මම හිතන්නෙ ඔව්..

      8."ඒ, ඔවුන් අතර සතුන් සමඟ කිට්ටු සම්බන්ධතා නොතිබුණු බැවි" ඔක්කොම ලෙඩ එන්නේ සතුන්ගෙන්ද?
      ඔක්කොම නෙමේ බොහොමයක් විෂ බීජ වලට හේතුව සතුන්..

      9.ලංකාවේ පුරාණ ශිෂ්ඨාචාරය බිඳ වැටීමත් මේ වගේමයි නේද? ඒත් කෙටි කාලීන නෑ..
      ලංකාවෙ තත්වය ටිකක් වෙනස් කියලයි මට හිතුනෙ හරී.. ලංකාව ඔවුන්ට මෙහෙම ලේසියෙන් යටත් කරගන්න බැරි වුනානෙ.. පෘතුගීසි කරයො ආසියාවෙදි කාපු ලොකුම කෑමත් කාලා තියෙන්නෙ ලංකාවෙදිනෙ.. ( මුල්ලේරියා සටන )

      හරී අකුරක් නෑර කියවනවා නේද ? බොහොම සතුටට කාරනයක් ඒක..

      Delete
    2. "අලි මිනිස්සුන්ට බය වෙන්නෙ කොහොමද කියලා හරී හිතලා තියනවද කවදාවත්.." තේරුනේ නෑ.. අලියා කටුස්සට බය බව නම් දන්නවා.. :)

      "පෘතුගීසි කරයො ආසියාවෙදි කාපු ලොකුම කෑමත් කාලා තියෙන්නෙ ලංකාවෙදිනෙ.. " දිගින් දිගටම දිනාගෙන දිනාගෙන ආපු පෘතුගීසීන්ගේ බලය බිඳී යාම ඇරඹෙන්නෙ මුල්ලේරියාවෙ පරාජයත් එක්ක..

      "හරී අකුරක් නෑර කියවනවා නේද ?" ඔව්..ඔව්..

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog