Saturday, June 9, 2012

Kedr - තරු ඇල්ලු මිනිසා - අවසාන කොටස

තරු ඇල්ලූ මිනිසා - පළමු කොටසට >>>


2012 පොසොන් මස 09 වනදා

උපුටා ගැනීම : http://nalakagunawardene.com

මුලින්ම අභ්‍යාවකාශගත වන මිනිසා වීම සඳහා, යූරි ගගාරින් හා හර්මන් ටිටෝෆ් අතර තියුණු තරගයක් විය. දෙදෙනාම කරට කර සිටියහ. ඇත්තෙන්ම මුලින්ම බලධාරින්ගේ වැඩි කැමැත්ත වූයේ හර්මන් ටිටෝෆ් වෙතය. අවසානයේදී පෙර සඳහන් විභාග ප්‍රතිඵලය සහ යූරිගේ පවුල් පසුබිම ලොව මුල්ම ගගනගාමියා වීමේ වාසනාව යූරි වෙත ගෙන ආහ. ඔබ සැම දන්නා පරිදි සෝවියට් සමූහාණ්ඩුව යනු එවකට ලොව පැවති ප්‍රබලම සමාජවාදී රාජ්‍යයයි. ඒ ධනවාදය හා සමාජවාදය එකිනෙකා ගැටෙමින් සිටි සමයයි. යූරි ගගාරින් වනාහී සමාජවාදී ක්‍රමයක් තුළ ඕනෑම කෙනෙකුට, සාමාන්‍ය කම්කරුවෙකුගේ දරුවෙකුටද වුව ඉහළට පැමිණිය හැකි බව විදහා දැක්වෙන ජීවමාන සාක්ෂියක් විය. එබැවින් සෝවියට් සමූහාණ්ඩුවට, සාමාන්‍යය කම්කරුවකුගේ පුත්‍රයකු වූ යූරි ගගාරින්ව තෝරාගැනීම, ගුරුවරයකුගේ පුත්‍රයකු වූ හර්මන් ටිටෝෆ්ව තෝරාගැනීමට වඩා වැදගත් විය. කෙසේවෙතත්, යූරි ගගාරින් මුල්ම ගගනගාමියා ලෙසත්, හර්මන් ටිටොෆ් විකල්ප ගගනගාමියා ලෙසත් නම් කෙරිණ.

දිනය : 1961 අප්‍රියල් 12
ස්ථානය : කසාක්ස්තාන් හී Baikonur ගගන තොටුපළ

ලොව මුල්ම මිනිසකු අභ්‍යාවකාශගත කිරීමේ මෙහෙයුමට සියල්ල සූදානම්. අභ්‍යාවකාශ  ඇඳුමෙන් සැරසුණු යූරි සහ ටිටොෆ් බස් රථයකින් අදාළ ස්ථානයට ළඟාවුහ. ටිටොෆ් විකල්ප ගගනගාමියා ලෙස බස් රථයේ නතර වන විට, යූරි බසයෙන් බැස ගගණයාත්‍රාව වෙත පියමන් කෙරුණේ වැඩසටහනට සම්බන්ධ සියලුම ප්‍රධානීන්ගේ ආශිර්වාදය හා සුබ පැතුම් මධ්‍යයේය.

වොස්ටොක් 1 ගගන යාත්‍රාව, ඉහළින් සවිකෙරුණු වෘත්තාකාර සේවා ඒකකයකින් සමන්විතවූ, ( යූරි අසුන් ගැනුණේ මෙහිය ) සහ අවස්ථා තුනකදී ක්‍රියාත්මක වන රොකට් වලින් සමන්විතවූ යාත්‍රාවකි. යාත්‍රාව සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ධාවනය වීමට නිර්මාණය කෙරී තිබිණ. ඒ ශුන්‍ය ගුරුත්වයේදී මිනිසකුගේ මානසික සහ ශාරීරික තත්ත්වයන් කෙසේ ක්‍රියාත්මක වේදැයි පැහැදිලි අදහසක් ඒවන විට කිසිවකුටත් නොවූ හෙයිනි. කෙසේ වෙතත් අවශ්‍යය වුවහොත් ගගනගාමියාට යානයේ පාලනය සියතට ගතහැකි කේතයන් සහිත උපදෙස් පත්‍රිකාවක්ද සපයා තිබුණි.

විශේෂයෙන් සඳහන් කළයුතු කාරණය වන්නෙ සෑම මොහොතකම ඔහු බොහෝ සැහැල්ලුවෙන් සහ ප්‍රීතියෙන් සිටි බවයි. මෙහෙයුමේ සර්ථකත්වය ගණනය කොට තිබුණේ 50/50 ප්‍රතිශතයකටය. එනම් මෙමගින් ඔහුගේ ජීවිතය නැතිවීමේ අවදානම 50% කි. එහෙත් ඔහු පසු වූයේ ඉතා සතුටිනි. යානය ගුවන් ගත වන විට ඔහු  " The Motherland Hears, The Motherland Knows."  යන රුසියානු ගීතය උරුවන් බාමින් සිටි බවද කියවේ. එදින ඔහුගේ සෑම ක්‍රියාවක්ම, සෑම වචනයක්ම ඉතිහාසයේ රන් අකුරින් සටහන් විය, පූජණීය බවට පත්විය. 1961 අප්‍රියල් 12 යූරි ගගාරින් වෙනුවෙන්ම වෙන්වූ සෙයකි.

මොස්කවු වේලාවෙන් උදෑසන 09:07 ට එම ඓතිහාසික මෙහෙයුම ඇරඹුණි. " ඕන් අපි යනවා " වැනි අරුතක් දෙන රුසියානු වචනය වූ “ Poekhali ! යන වදන යූරිගේ මුවින් එම මොහොතේම නිකුත් විණි.

" මොස්කවු වේලාවෙන් උදෑසන් 09:07, මට දැනුණා බලගතු රොකට් බලගැන්වෙන ආකාරය. සියලු දේම දෙදරන්න පටන් ගැනුණා. ඊළඟ මොහොතේ අපි සෙමින්, ඉතමත්ම සෙමින් පිටත් වීම ඇරඹුණා. මොහොතකින් ගුරුත්ත්වාකර්ශන පීඩනය තදින්ම මගේ සිරුරට දැනුණා. එය විසින් මා අසුනට දැඩි ලෙස තෙරපනු ලැබුවා. මාගේ දෙඅත් චලනය කිරීමට පවා නොහැකි වූවා. මෙම පීඩනය වැඩි වේලාවක් නොපවතින බවත්, පෘථුවි ගුරුත්ත්වාකර්ශන සීමාවෙන් නික්මෙන තෙක් පමණක් බවත්, මා දැනගෙන සිටියා. " - යූරි ගගාරින්.

ගමනේ සංනිවේදන සටහන් පහත පරිදි වේ. නියම අර්ථයම එන ලෙස පරිවර්තනය කිරීම දුෂ්කර බැවින් එය ඉංග්‍රීසි භාෂාවෙන්ම සටහන් කරමි. රතු පැහැයෙන් සලකුණු කොට ඇත්තේ ගගාරින් විසින් සංනිවේදනය කෙරුණු වදන්ය. අවධානයෙන් කියවන්න ! පෘතුවියෙන් පිටතට ගිය මුල්ම මිනිසා, සිය අත්දැකීම් විස්තර කරන ආකාරය ගැන යම් අවබෝධයක් ලබාගත හැකිය.


Callsign: 
1. Astronaut Major GAGARIN A. - " Kedr " ( Cedar )  CW "RIC"
2. VHF items  - Start the "Dawn-1" , - Kolpashevo - "Zarya-2 " , - Yelizovo - " Zarya-3 " 
3. All HF Centers  - - "Spring" CW "WPC." 


9.7 Cedar: Let's go! .. 
Noise in the cabin slightly audible. All goes well, feeling good, cheerful mood, everything is fine. 
Dawn 1 (Korolev): We all wish you good flight, everything is fine. 
Cedar: Goodbye, see you soon, dear friends! 
Dawn 1 (Korolev): Good-bye, see you soon! 
Cedar: The vibration becomes more frequent, the noise increases more ...
9.8 Dawn 1 (Korolev): Time 70. (70 seconds into the start). 
Cedar: I understand you 70. She feels great, keep on flying, growing congestion, all is well.
9.9 Dawn 1 (Korolev): One hundred. How do you feel? " (One Hundred - 100 seconds into the start). 
Cedar: feels good. How are you? .. 
Dawn 1 (Korolev): The speed and time everything is fine. How to feel? 
Cedar: I feel good ...  Dawn 1 (Korolev): All right, the car goes well. 
Cedar: ... (not legible).
9.10 Dawn 1 (Korolev): reset the cone, everything is fine. How are you feeling? 
Cedar: ... Clear fairing ... I see Earth ... Several growing congestion, feeling great, the mood is
buoyant.
9.11 Dawn 1 (Korolev): Well done, excellent! All is well. 
Cedar: watch the clouds ... Landing site ... Beautiful, beautiful it is! How do you read? 
Dawn 1 (Korolev): We hear you fine, keep flying. 
Cedar: The flight goes on well, growing congestion, slow rotation, all is well tolerated, over a small,
well-being is excellent. In porthole "sight" * watching the Earth: more rose clouds. 
* "Gaze" - an optical device for orienting the spacecraft in space. Ed. 
Dawn 1 (Korolev): Everything is going fine. You understand, hear perfectly.
09.12 Cedar: There has been off the second stage. 
Dawn 1 (Korolev): Works that need. Last stage. Everything is fine. 
Cedar: I understand you: hear inclusion. She feels great. Watching the Earth: the visibility is good ...
the mood buoyant, growing congestion, I feel fine. 
Dawn 1 (Korolev): Got you.
9.13 Dawn 1 (Kamanin): All is well. How do you read? How are you feeling? 
Cedar: I hear you fine. She feels great, the flight goes on well. Observe the Earth, visibility is good, the
differences can be seen all, some space is covered with cumulus clouds, the flight goes on, everything
is fine
Dawn 1 (Kamanin): Roger, well done! Communication excellent hold, keep up the good work.
9.14 Cedar: Everything works fine, go ahead.
9.15 Dawn 1 (Kamanin): How are you feeling? 
Cedar: I hear you very little, the mood is cheerful, feel good, continue the flight, everything goes well,
the machine is working properly.
9.16 Dawn 2 (Seleznev): I understand, I'm 22 th (22 th - the index representative on VHF radios in
Kolpashevo). 9.17 Dawn 2 (Seleznev): How are you feeling? 
Cedar: you can hear well, feel great, the machine is working properly. In the bull's-eye "eye" watching
the Earth. Everything is fine. Hello. How to understand me? 
Dawn 2 (Seleznev): You have understood. 
Cedar: Got it. Know with whom I have the link. Hello.
9.21 Dawn 2 (Titarev): What is your feeling? I'm 22 th. 
Cedar: feels great, keep on flying. The machine works perfectly. In the windows watching the earth,
sky, horizon. The flight is normal. How to understand me? 
Dawn 2 (Seleznev): Got you.  Cedar: There was ...
9.25 Cedar: "Dawn-3" on the link. How do I hear? 
Cedar: "Dawn-3 ', as I hear, as I hear? "Spring" can not hear can not hear the "Spring" ... 
Dawn 3 (Karpenko): Roger, I hear a satisfactory manner. 
Cedar: The flight is good, everything is going well. What can you tell me?
9.26 Cedar: The flight is successful. Feeling of weightlessness is normal. Feeling good. All
instruments, the whole system works well. What can you tell me? 
Dawn 3 (Karpenko): I hear you well, devices are functioning properly, being normal. 
Cedar: you can hear perfectly. What can you tell about the flight? What can I tell? 
Dawn 3 (Karpenko): Directions from the 20 th (The Queen) is not received, the flight goes well.
9.27 Cedar: I understand you, dated 20 th indications are not forthcoming. Tell your data on the flight!
Hi Blonde! (blond named astronaut article. liters-nt Leonov, who was on the VHF radio "Zarya-3" in
Yelizovo).
Dawn 3 (Karpenko): How do you read me? 
Cedar: you can hear well. How do I?
9.29 Dawn 3 (Karpenko): What is your feeling? 
Cedar: My health is excellent, excellent, excellent, excellent. Tell me the results of the flight! 
Dawn 3 (Karpenko): Repeat, hard of hearing. 
Cedar: I feel very good, very good, good.
9.30 Cedar: Tell me your data about the flight! 
Dawn 3 (Karpenko): How do I hear?
Communications on VHF channel stopped.

II. WORK FOR HF CHANNELS

1. Novosibirsk

The station operates on the transfer from 9.22 to 9.39. Transferred aboard pop music and background
music telegraph call sign "WPC" in 30 seconds. Message from the board was not accepted.

2. Alma-Ata

The station operates from 9.52 to 2.10 for the transfer. Transfer songs Baglanova and against the
background of songs telegraph call sign "WPC" in 30 seconds. On board the signals are not accepted.

3.KhabarovskThe station operates from 9.42 to 9.52 for the transfer of the program. Passed on "Amur Waves" and on
the background song telegraph call sign "WPC" in 30 seconds. Signals from the board, taken from 9.21
until 10.11 with breaks. Two-way communication was established between 9.53 to 10.57.

9.21 Cedar: ... lights PKRS (PKRS - device control mode of descent), burning, feeling good, the mood
buoyant. Parameters of the cabin: a pressure, humidity, 65 temperature of 20, the pressure in the
compartment 1, the first automatic 155, second automatic 155, the cylinder pressure TDU (TDU -
retropropulsion) 320 atmospheres ... 
Spring (Kadushkin): (no reply, he worked on the program).
9.43 Cedar: ... as news? Admission ... 
Spring (Kadushkin): (no reply, he worked on the program). 
9.46 Spring (Kadushkin): At the command Kamanina aboard transmitted by telegraph signal "CC" -
which means "let the control commands. 
Cedar: (no reply).
9.47 Cedar: How do you read? I send another message reporting back: 9 hours, 48 minutes, the flight
is successful. "Descent-1" works fine. Movable index PKRS (PKRS - device control mode of descent)
is moving. Pressure in the cabin unit, humidity of 65, temperature 20 °, the pressure in the
compartment of 1,2 ... Manual 150, the first automatic 155, second automatic 155 cylinders TDU (TDU
- retropropulsion) 320 atmospheres. Feeling good, the mood buoyant.
9.49 Cedar: Earth can not hear. I am in the shade.
9.50 Spring (Kadushkin): Roger.
9.51 Cedar: including solar orientation. 
Spring (Kadushkin): Roger.
9.53 Spring (Kadushkin): At the command Kamanina (33rd) were included transmitters and passed on
board: the flight goes well, the calculated orbit.
9.54 Spring (Kadushkin): The flight is normal, the calculated orbit.
9.55 Cedar: Roger: the flight goes well.
9.57 Cedar: a cheerful mood, I continue to fly, I am over America. 
Spring (Kadushkin): Roger.
10.11 Cedar: Sent a telegraph signal "ON" - which means "the equipment is working properly".
More of the signal station Khabarovsk not taken.

4. Moscow

The station operates on the transfer of 10.03 to 10.37. Transfer songs about Moscow and against the
background of the callsign "WPC" in 30 seconds. Connection with "Cedar" was established in shortterm

10.13. 10.13 Spring (Khoroshilov): How do you read? 
Cedar: you can hear well. The flight takes place ... flax ...

10.16 Spring (Khoroshilov): The flight is going well. 
- (no reply).

10.18 Spring (Khoroshilov): Major Gagarin, your flight is proceeding normally. 
- (no reply).  

මෙලෙසින්, යූරි ගගාරින් විසින් පෘතුවිය වටා එක් කක්ෂයක් සම්පූර්ණ කරන ලදී. මෙහෙයුමේ සම්පූර්ණ කාලය ( දියත් කිරීමේ සිට ආපසු පැමිණීම දක්වා ) විනාඩි 108 කි. මේ අතර වාරයේ සෝවියට් බලධාරීන් විසින් මෙහෙයුම ලොවට හෙළිකිරීම සඳහා කටයුතු සිදු කළේය. ක්‍රෙම්ලිනයේ අනුමැතිය මත, මොස්කවු ගුවන් විදුලිය, යූරි ගගාරින් සාර්ථකව කක්ෂගත වූ බවත්, කක්ෂය වටා ගමන් කරමින් සිටින බවත් සෝවියට් දේශයට සහ බාහිර ලෝකයාට දැනුම් දෙමින් පුවත් විකාශය ඇරඹීය. එතෙක් මෙය ලොවට රහසක්ව පැවතුණි. ගගාරින්ගේ මව ඇතුළු පවුලේ අය පවා මෙම මෙහෙයුම ගැන දැනුවත් වූයේ මෙම ගුවන් විදුලි විකාශය මාර්ගයෙනි. ඔවුනට පවා එය රහසක්ව පැවතුණි. ( ප.ලි. හි මතුකෙරෙන කරුණ කෙරෙහි අවධානය යොමු කරන්න. ) 

සමහර මූලාශ්‍ර වල දැක්වෙන පරිදි, ගගා රින් විසින් "මම මෙහි දෙවි කෙනෙක් නොදකිමි" ( I don't see any God up here ) යන ප්‍රකාශය සිය අභ්‍යාවකාශ සංචාරයේදී සිදුකොට ඇත. ඇත්ත වශයෙන්ම ඔහු එවැනි ප්‍රකාශයක් සිදු කළේද ? පෘථුවි පාලක මධ්‍යස්ථානයේ ඇති හඬ පටිවලට අනුව ගගාරින් විසින් එවැනි ප්‍රකාශයක් සිදුකොට නොමැත. 2006 දී පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහුගේ මිතුරකු වූ කර්නල් Valentin Petrov ප්‍රකාශකොට ඇත්තේ ගගාරින් විසින් කිසිකලකත් එවැනි ප්‍රකාශයක් සිදුනොකළ බවය. ඔහුට අනුව එයට මුල්වී ඇත්තේ සෝවියට් සංගමයේ වාමාංශික පක්ෂයේ ප්‍රථම ලේකම් හා සෝවියට් සංගමයේ නායක වූ Nikita Khrushchev විසින් සිය දේශනයකදී දැක්වූ අදහසක්ය. ඔහු එහිදී පවසා ඇත්තේ යූරි ගගාරින් අභ්‍යාවකාශයට ගිය නමුත් ඔහු එහිදී දෙවි කෙනෙකු දැක නොමැති බවයි. වැරදි ලෙස අර්ථකථනය වූ මෙම කතාව, පසුව ගගාරින් විසින් එසේ පැවසූවක්යැයි ප්‍රචාරය වී ඇති බව කර්නල් Valentin Petrov ගේ අදහසයි. තවදුරට ඔහු දක්වා සිටියේ ගගාරින් රුසියානු ඕතඩොක්ස් පල්ලියේ බෞතීස්ම වී සිට ඇති අතර අභ්‍යාවකාශගත වීමට පෙර සිය දෙටු දියණියවද බෞතීස්ම කළ බවයි. 

දැන් ආපසු පැමිණීමට කාලයයි. පාලක මැදිරියේ සිට නිකුත්වූ අණින් ආපසු පැමිණීමේ රොකට් යානය ක්‍රියාත්මකවී ගගාරින් සහිත වූ සේවා ඒකකය පෘථුවි පරිශ්‍රයට ඇතුල්වීම ඇරඹුණි. මෙහිදී ගගාරින් හට විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුවිය. ඒ, සැලසුම් කොට තිබූ පරිදි ආපසු ගෙන ඒමේ රොකට් යානය සේවා ඒකකයෙන් වෙන් නොවීම හේතු කොටගෙනය. මෙම නිසා යානය නැවත පෘතුවියට ඇතුල්වීමේදී ප්‍රබල ගැස්මකට සහ කරකැවීමකට ලක්වූ අතර ඉලක්කකොට තිබූ ගොඩබෑමේ ප්‍රදේශයද වෙනස් විය. ( සැළසුම් කොට තිබුනේ ස්ටාලිනින්ග්‍රෑඩ් වෙත ගොඩබැසීමට වුවද මේ නිසා ගමනාන්තය සරාටොව් දක්වා වෙනස් විය.  ) කෙසේ වෙතත්, වාසනාවකට මෙන් නැවත ඇතුල්වීමේදී ජනනය වූ තාපය හේතුකොටගෙන සේවා ඒකකය හා රොකට් යානය අතර නොබිඳී තිබුණ සම්බන්ධය පිළිස්සීම මඟින් වෙන්විය. පොළවට හැතපුම් හතක් ඉහළ අහසේදී යූරි ගගාරින් විසින් පැරෂුට් ආධාරයෙන් සේවා ඒකකයෙන් ඉවත් විය. 


පොළොවට බට යූරි ගගාරින්ව මුලින්ම දකිනු ලැබුවේ ගෙවිලියක වූ ඇනා අකිමෝවා සහ ඇගේ සය හැවිරිදි දියණිය වූ රීටාය. අහසින් බට මේ අමුතු ජීවියා ඔවුන්ව බෙහෙවින්ම ත්‍රස්ත කළේය. තමනුත් රුසියානුවකු බව ඔවුනට අවබෝධ කොට දීමට ගගාරින්ට මද වෙහෙසක් දැරීමට සිදුවිය. 

දින දෙකකට පසු අප්‍රියල් 14 වනදා, පරිවාර ප්‍රහාරක යානා පිරිවරා ගත් ගගාරින් රැගත් ගුවන් යානය Vnukovo ගුවන් තොටුපළ වෙත ළඟා වුණි. එහිදී ඔහුව පිළිගැනුණේ රතු පලස මතින්ය. ලක්ෂ සංඛ්‍යාත වූ ජනතාවක් හා ජනමාධ්‍යවේදීන්, ලොව මුල්ම ගගනගාමියාව හොඳින් දැකගැනීම උදෙසා පොරකමින් සිටියහ. Vnukovo ගුවන් තොටුපලේ සිට විවෘත්ත රථයක නැගුණ ගගාරින් හා පිරිවර ජන ගංගාවකගේ හරසර මධ්‍යයේ ක්‍රෙම්ලිනය වෙත ගමන් කෙරුණි. තවද, සෝවියට් සංගමයේ නායක Nikita Khrushchev ගේ අණින් ගගාරින්ව වහාම මේජර් තනතුරට උසස් කරන ලදී. යූරි ගගාරින් නාමය සෝවියට් දේශය පුරාත් ලොව වටාත් බෙහෙවින්ම ජනප්‍රිය විය. එකල්හී ඔහු ලොව ජනප්‍රියම පුද්ගලයන්ගේ ලේඛනයේ ඉහළින්ම වැජබිණි. එම ජනප්‍රියත්වය කොතෙක්ද යත්, එම වසර තුල සෝවියට් දේශයේ උපන් සියලුම පිරිමි දරුවන්ව "යූරි" යනුවෙන් නම් කිරීමට තරම් හේතුවක් වී ඇත.


ලද ජනප්‍රියත්වයත් සමඟින් යූරි ගගාරින් ලොව වටා සංචාරය කිරීම අරඹයි. එය ඇත්තෙන්ම සෝවියට් සංගමයට සිය ක්‍රමය බටහිර රටවල් අතර ජනප්‍රිය කරවීම උදෙසා මහඟු අවස්ථාවක් විය. ඔවුන් එය ප්‍රචාරණ උපක්‍රමයක් ලෙස මැනවින් භාවිතා කරණ ලදී. මෙම තත්ත්වය, සිය පවුල සමඟ වරින් වර ආසියාවේ, යුරොපයේ හා ඇමෙරිකාවේ බොහෝ රටවල් වල සංචාරය කිරීමේ වරය යූරි හට ලබා දුනි.  මෙලෙස ලෝක සංචාරයේ යෙදෙන අතරතුර, 1961 දෙසැම්බර් මස 07 වන දින, ගගාරින් ශ්‍රි ලංකාවටද සැපත් වේ. 


1961 ඔක්තෝබර් මස කෙරුණ ක්‍රිමියා සංචාරයට ගගාරින් හා ටිටොෆ් ද එකතු වූ අතර, ඔවුන් දෙදෙනාටම මෙම සංචාරයේදී නරක හැසිරීම් පිළිබඳ චෝදනා එල්ල වූහ. ඒ අතර අධික මත්පැන් පානය, වෛශාවන් ඇසුර, අන් අයට පරිභව කිරීම ආදී චෝදනාද විය. වරෙක ගගාරින් හට ඔවුන් හා සිටි තරුණ හෙදියට අතවර කිරීමට තැත්කිරීමේ චෝදනාද එල්ල විය. මෙහිදී වාල්යාගේ පැමිණීම හේතුකොටගෙන ගගාරින් විසින් සඳලුතලයෙන් ඉවතට පැනීම නිසා රෝහල් ගතවී ප්‍රතිකාරගැනීමට පවා සිදුව ඇත. කෙසේවෙතත්, සෝවියට් බලධාරින් විසින් ලොව මුල්ම ගගනගාමියාගේ මේ නොමනා හැසිරීම් සූක්ෂම ලෙස ලොවෙන් වසන්කොට තිබුණි. 


සිය මුල්ම ගගනගාමියාව රැකගැනීමේ අරමුණින් නැවත අභ්‍යාවකාශගතවීමකින් ඇත් කොට තැබීමට සෝවියට් බලධාරීන් විසින් වගබලා ගත්හ. ඒ යම් හෙයකින් ඔහුට අනතුරක් වේයැයි බිය පලකරමිනි. නමුත්, මේ තත්ත්වය පැහැදිලිවම ගගාරින් හට අසහනකාරී විය. ඔහුට අවැසිවූයේ නැවතත් අභ්‍යාවකාශ වැඩසටහන හා සම්බන්ධ වීමටයි. ඊළඟ ඉලක්කය වූ මිනිසකු සඳ මතට යැවීමේ මෙහෙයුමට සම්බන්ධවීමට ඔහුට දැඩි ලෙසම උවමනාවී තිබුණි.

1963 දෙසැම්බර් 23 වනදා, ගගාරින්ව ගගනගාමීන් පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය පුහුණුකිරීම් අධ්‍යක්ෂක ලෙස පත්කරනු ලැබීය. තවද ඔහු නැවත භාවිතා කළ හැකි අභ්‍යාවකාශ යානයක් තැනීමේ කටයුතු වෙනුවෙන්ද මුල්වී ක්‍රියා කළේය. අතරවාරයේ ඔහු නැවතත් ප්‍රහාරක යානා පැදවීම සඳහා නැවත සුදුසුකම් ලැබීම සඳහා පුහුණුවීම්ද, විකල්ප ගගනගාමියකු ලෙස පුහුණුවීම්ද ඇරඹීය.

1967 දී ඔහුව මුල්ම සඳගමන සඳහා වූ පුහුණු අභ්‍යාවකාශ තරණය වෙනුවෙන් ගගනගාමී Vladimir Komarov ගේ විකල්ප ගගනගාමියා ලෙස නම් කෙරිණ. කෙසේවෙතත්, Vladimir Komarov මෙහෙයුම සඳහා වඩා සුදුසු ගගනගාමියායැයි ඉන් අදහස් නොකෙරිණ. සෝවියට් බලධාරීන් විසින් නැවතත් සිය මුල්ම ගගනගාමියාව රැකගෙන තිබුණි. Vladimir Komarov සමඟින් අභ්‍යාවකාශගතවූ Soyuz යානය නැවත පෘතුවියට ඇතුල්වීමේදී එහි පැරෂුටයෙහි වූ දෝෂයක් හේතුකොටගෙන ගගනගාමී Vladimir Komarov සමඟින්ම විනාශ විය. මෙම අනතුරත් සමඟම සෝවියට් බලධාරීන් නැවතත් ගගාරින්ව, ඔහුගේම ආරක්ෂාව වෙනුවෙන් අභ්‍යාවකාශ වැඩසටහනින් හා ගුවන් ගතවීම වලින් ඉවත් කරන්නට යෙදුණි. කෙසේ වෙතත් ගගාරීන්ගේ බලවත් ඉල්ලිම සලකාබැලූ බලධාරීන් අවසානයේදී ප්‍රහරක යානා පැදවීමට අවසර දීමට එකඟ විය.



1968 මාර්තු 27, ඒ දෛවොපගත දිනය උදා විය. අභ්‍යාවකාශ ගමනින් පසු එළබෙන ප්‍රථම ගුවන් ගමන එදිනට යෙදී තිබුණි. ගගාරින් හා ඔහුගේ පුහුණුකරු වූ Seregin  යානය මත වූහ. අදටත් එතරම් නොපැහැදිලි හේතුවක් නිසා ඔවුන් දෙපළ ගමන් කළ MIG - 15 යානය, Vladimir ආසන්නයෙහිදී කඩා වැටීම හේතු කොටගෙන මිහිමතින් පිටතට ගිය මුල්ම මිනිසා, අභ්‍යාවකාශගතවූ මුල්ම මිනිසා, අභ්‍යාවකාශයේ සිට පෘතුවිය දුටු මුල්ම මිනිසා, ලෝකය ගෝලාකාර බව පියවි ඇසින් දුටු මුල්ම මිනිසා එසේ ලෝකයට සහ සෝවියට් දේශයට අහිමි විය.ඔවුන් දෙපළගේ අවසන් කටයුතු ක්‍රෙම්ලිනයේ රතු චතුරශ්‍රයේදී රාජ්‍ය බුහුමන් සහිතව සිදු කෙරිණ.


වාල්යාගේ ඉල්ලීම මත, සඳ මත පාතැබූ මුල්ම මිනිසා වූ නීල් ආම්ස්ට්‍රෝන්ග් සහ ඔහුගේ සහයකයා වූ එඩ්වින් ඕල්ඩ්‍රින් විසින් යූරි ගගාරින්ගේ පදක්කමක්, ඔහුට ගෞරව පිණිස සඳ මත තැන්පත් කළ බවද කියවේ. තවද යූරි ගගාරින්ට ගෞරව පිණිස සඳෙහි අවාටයක් ඔහුගේ නමින් නම් කොට ඇත. රුසියාවේ චතුරශ්‍ර කිහිපයක්ම හා මංමාවත් කිහිපයක්ම යූරි ගගාරින්ගේ නමින් නම් කොට ඇත්තේ තම අසහාය වීරයාට ගෞරව කරනු පිණිසය. ගගරින් අභ්‍යාවකාශගත වූ Baikonur ගගන තොටුපලේ ගගන යාත්‍රා දියත් කරණ ස්ථානය "Gagarin's Start " යනුවෙන් නම් කොට ඇත. තවද Baikonur තොටුපළෙන් ගමන් ගන්නා සියලුම ගගන ගාමීන්, ගමනට ප්‍රථම එහි ඇති ගගාරින්ගේ පුහුණු කාමරය නැරඹීමද වර්තමානයේ චාරිත්‍රයක්ව පවතී. රුසියාව සිය ගගනගාමී දිනය සෑම වසරකම අප්‍රියල් 12 වනද සමරන්නේ ගගරීන් විසින් කළ ඒ නිර්භීත ක්‍රියාව යළි යළිත් සිහි කරනු පිණිසය. 




මෙම අවාසනාවන්ත ගුවන් අනතුරට හේතුව අදටත් අභිරහසක්ව පවතින අතර, අයහපත් කාලගුණයේ සිට පිටසක්වල ජීවීන්ගේ මැදිහත් වීම දක්වා විවිධ හේතුන් ඒ සඳහා ඉදිරිපත් වී ඇති නමුදු එකක්වත් මේ දක්වා ස්ථීරවම තහවරු වී නොමැත.

 Aleksey Leonov  විසින් 2004 දී රචිත ඔහුගේ " Two Sides of the Moon " පොතෙහි දක්වන පරිදි, අනතුරට හේතුවී ඇත්තේ ශබ්දයේ වේගය අභිබවා යන තවත් ජෙට් යානයකි. එම ජෙට් යානය, අයහපත් කාලගුණය හෝ වෙනයම් හේතුවක් මත එය ගමන් කළ යුතු උසට වඩා අඩු උසකින් ගමන් කොට ඇති අතර එයින් ඇති කළ කැළඹීම ගගාරින් ගමන් කළ යානයට පාලනය කළ නොහැකි කරකැවීමක් ඇති කිරීම නිසා, නියමුවන්ගේ පාලනයෙන් මිදුන යානය කඩා වැටෙන්නට ඇති බව Aleksey Leonov ගේ මතයයි.

සෝවියට් රහස් ඔත්තු සේවය වූ KGB ද මේ සම්බන්ධයෙන් ස්වාධීන පරික්ෂණය සිදු කොට ඇති අතර ඔවුනට අනුව මෙම අනතුරට හේතුව නිවැරදි කාලගුණ වාර්තා නොසැපයීමයි. KGB පවසන පරිදි හඳුනානොගත් හේතුවක් නිසා දරුණු කරකැවීමකට ලක්වූ යානය ගගාරින්ට සහ ඔහුගේ පුහුණුකරුට පාලනය කොටගත නොහැකි වී ඇත්තේ ඔවුනට වැරදි කාලගුණ වාර්තා සැපයීම නිසාය. තමන්වෙත ලැබුණ වාර්තා අනුව ඔවුන් සිටිනවාට වඩා උසකින් සිටිනවායැයි නිගමනය කොට ඇති බවට KGB පරීක්ෂකයන්ගේ විශ්වාසයයි.

ගගාරින් සහ Nikita Khrushchev අතර බාල් උත්සවයකදී ඇතිවූ බහින්බස්වීමත් සමහරුන් විසින් මෙම අනතුරට සම්බන්ධකොට කතා කරනු දක්නටද ලැබේ.

තවත් වාර්තාවකට අනුව නියමුවන් විසින්ම හෝ කලින් නියමුවා විසින් අත්වැරදීමකින් නියමු කුටීරයේ ඔක්සිජන් සැපයුම් කවුළු හැර තබන්නට ඇතැයිද කියවේ. නියමු කුටීරයේ ඔක්සිජන් තත්ත්වය හීන වීම නිසා ඔවුනට යානය පාලනය කොට ගත නොහැකි වන්නට ඇති බවද කියවේ.

කෙසේ නමුත් පැන නඟින විශාලම ගැටළුවනම් ඔවුනට පැරෂුට් ආධාරයෙන් යානයෙන් ඉවත් වීමට නොහැකි වූයේ මන්ද යන්නයි !

ගගාරින් හා Seregin  ගේ හිතවතුන් අතර පිළිගැනෙන තවත් හේතුවකි. ඒ අනුව, Seregin හට නිතරම හට ගන්නා ඔක්කාරය සහ පපුවේ වේදනාවක් තිබී ඇත. ගුවන් ගමන මධ්‍යයේදී ඔහු හට පපුවේ වේදනාව හටගන්නට ඇති අතර යානය පදවමින් සිටි ගගාරින් හට ඔහුට ක්ෂණිකවම ප්‍රතිකාරයක් කිරීමේ හැකියාවක් නොළැඹිණි. පාලනය කල නොහැකි අයුරින් ඒ මේ අත වැනෙන්නට වූ Seregin ගේ සිරුර යම් පාලන ලීවරයක් වැදීම නිසා යානයේ පාලනය ගගාරින් අතින් ගිලිහී ඇති නමුත්, තවමත් ජීවතුන් අතර සිටින සිය මිතුරාව අතහැර යානයෙන් එළියට පැනීමට නොහැකි බැවින් ගගාරින්ද යානයෙහිම අවසන් මොහොත දක්වා රැදී ඇත.

තවත් වාර්තාවකට අනුව ගගාරින් මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වී නොමැත. මෙය, ගොඩ නැගෙමින් පැවතුණු සිය ජීවන ශෛලියෙන් හා අධික පීඩනයෙන් ගැලවීම උදෙසා හිතාමතාම සැලසුම් කොට රඟ දැක්වූ ව්‍යාජ්‍ය ගුවන් අනතුරකි. එම වාර්තාවට අනුව, ගගාරින් ගම්බද පළාතක සිය මහලු විය දක්වාම රහසේ ජීවත්ව සිට ඇති අතර මියගොස් ඇත්තේ, දඩයමේ යාමේදී සිදුවූ අනතුරක් හේතුකොටගෙනය.

~~~~~~
ලොව මුල්ම ගගනගාමියා වෙනුවෙන් සැකසුණ මෙම සටහන, සඳ මත පා තැබූ මුල්ම මිනිසා වූ නීල් ආම්ස්ට්‍රෝන්ග් විසින්, යූරි ගගරින් ගැන පැවසූ සටහනකින් මෙසේ අවසන් කරමි. 

යූරි ගගාරින් යනු, තරු පසු පස හඹායාමට අප සැමට ආරාධනා කළ මිනිසායි. - නීල් ආම්ස්ට්‍රෝන්ග්


යූරි ගගාරින් පිළිබඳව පින්තූර සටහනක් මෙතැනින්:


~~~

මූලාශ්‍ර :
1. http://russiapedia.rt.com/prominent-russians/space-and-aviation/yury-gagarin/
2. http://www.firstorbit.org/vostok1-transcripts
3. http://www.youtube.com/watch?v=hDd6GknJufU&feature=related
4. http://www.russianarchives.com/gallery/gagarin/
5. http://en.wikipedia.org/wiki/Vostok_programme
6. http://englishrussia.com/2011/04/12/the-first-man-in-space/


පසු සටහන :


මෙම ලිපිය සැකසීමට කරුණු සොයන විට, මෙවන් කරුණු වලින් ගහන තවත් බ්ලොග් අඩවියක් සොයාගැනීමේ වාසනාව පෑදුනි. එහි අන්තර්ගත වූ මෙම ලිපියට අනුව යූරි ගගාරින් යනු තවත් කෙනෙක් පමණී. පළවෙනියාද නොවන්නේය.  ඒ ගැනත් කියවා දැන ගන්න.


~~ සෙන්නා / 09.06.2012

85 comments:

  1. මුලින්ම කොමෙන්ටුව දැමීමේ ගෞරවය හිමිවෙන්නේ මටලු


    වැදගත් ලිපියක්... තව පාරක් කියවන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. මී ගොඩයා,

      මගෙ මේ බ්ලොග් කටුවේ 1 වෙන එක ඒ හැටි අමාරු දෙයක් නෙමෙයි බන්.

      වෙලාවක් තියනවනම් හිමීට තව පාරක් කියවන්ඩකො.

      Delete
  2. අයියෝ.. මම 1 වෙයි කියලා හිතාගෙන ආවා විතරයි මී...... ගොඩයා පැනලනෙ.:) හරි දෙකවත් වෙනවා..


    පළවෙනි කොටස කිය්‍වන්න ඕනෙ හිමීට.වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. අපි වගේ,

      ස්තූතියි. හිමීට පළවෙනි එකත් කියවන්ඩකො.

      Delete
  3. ලෝක ඉතිහාසය, විශේෂයෙන්ම දේශපාලනය සම්බන්ධ ප්‍රසිද්ධ ඉතිහාසයට වඩා අප්‍රසිද්ධ ඉතිහාසය ඉතා රසවත් බව මමත් අහල තියෙනව. බොහෝවිට ඒවයින් එතරම්ම වැදගත් නැති කරුණක් පවා එළිවෙන්නෙ ඒ සිද්ධිවලට සම්බන්ධ වූවෙක් මහළු වියට පැමිණ ලියන ස්වයං චරිතාපදානයක් වගේ එකකින් පමණයි. ඒ අර්ථයෙන් ගගාරින්ගෙ ගුවන් අනතුර ගැන ඔබ කියන අවසන් නිගමනය ටිකක් සිත් ඇදගන්න කරුණක්. රුසියාව වගේ රටක් සැලකුවහම ඒවගේ දෙයක් නොවෙන්න බැරි කමකුත් නෑ.
    ජීවිතය හානි වීමේ වැඩි සම්භාවිතාවක් තියෙන බව දැන දැනම මේ වගේ දේවල්වලට ඉදිරිපත්වෙන අය ඇත්තටම වීරයෝ. මානව ඉතිහාසයේ යෝධ පියවරක් ඉදිරියට තැබූ යුරි ගගාරින් විරුවාණනි, ඔබට මාගේ උත්තමාචාරය !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි DDT. ඔව් මේක තමා මුල්ම පියවර.

      Delete
  4. මාව මෙව්වා වෙලා ගියා...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දේවයන් වහන්සෙව කොතනදිද මෙව්වා වුනේ. අර සඳළුතලෙන් පනිනකොටද :-). ඔබ වහන්සෙත් කරනදෙයක් පරිස්සමින්.

      Delete
  5. ගොඩක් හොද ලිපියක්...අභ්යාකාශ තරනය ගැන විතරක් නෙවෙයි,ඒ කාලයේ තිබුනු දේශපාලනික වටපිටාවත් විස්තර කරලා තියෙන නිසා එම ගමන කොයිතරම් බලපැමක් ලෝකයට කරාද කියලා හිතාගන්න පුලුවන්..ගොඩක් ස්තූතියි..දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සුධාරක. දිගටම ලියමි.

      Delete
  6. මම සෙන්නාගේ ඔක්කොම ලිපි කියෙව්වා..එ හැම එකක්ම රසවත්.. එ වගේම වැදගත් තොරතුරු ගන්න පුලුවන් ගොඩක් හොද බ්ලොග් එකක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිම්ශා. අහන්ඩත් සතුටක්.

      Delete
  7. එවැනි වීරයෙකු වීමේ පළමු පියවර නම් අවදානම නොතැකීමයි. ගගාරින් එය අපූරුවට කළා. තවත් බොහෝකාලයක් යනතුරු ඔහු ගැන මිනිසුන් කතා කරනු ඇත.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම සුමිත්. ස්තූතියි.

      Delete
  8. මේ ලිපිය කියවාගෙන යද්දි යූරි ගගාරින්ගේ ජීවිතයේ ‍වීරත්වය,නිර්භීත කම,හාස්‍යය,හිතුවක්කාරකම..ආදී බොහෝ දේ දැක ගත්තා....නැවත නැවත කියවන්න ආස හිතෙන විදිහේ ඉතාම රසවත්,හරවත් ලිපියක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දම්මි. ගගාරින් කියන්නෙ ඒ වගේ සංකීර්ණ චරිතයක් කියලා තමා මටත් හිතෙන්නෙ.

      Delete
  9. මේ ඉතිහාසය හරි වැදගත්....
    හොඳට ඔලුවට ගන්න නම් ආයිත් කියවන්න ඕන..!

    ReplyDelete
    Replies
    1. වී,

      වෙලාවක් ඇත්නම් විතරක් ආයෙ කියවන්ඩ. ඔලුවට ගැනීමනම් අනවශ්‍යයි මයෙ හිතේ. ඕනා උනොත් ආයෙ බලන්ඩ බැරියෑ. කොච්චර දේවල් තියනවද අපිට ඔලුවෙ තියා ගන්ඩ, මේවා නැති වුනාට.

      Delete
  10. මුලින්ම කියන්න තිබෙන්නේ, ඔබ, තාක්ෂණික තොරතුරු රාශියක් සහිත ලිපියක්, ඉතා දැඩි වෙහෙසක් දරා, සාමාන්‍ය පාඨකයාට අවබෝධවන ආකාරයට, ඉතා සාර්ථකව, පරිවර්තනය කර ඇති බවයි. ඒ සඳහා මගේ ප්‍රශංසාව මුලින්ම පිළිගන්න. ඔබ ඉංග්‍රීසියෙන් දක්වා ඇති ගුවන්විදුලි පණිවිඩ හුවමාරු සංවාද, ඇත්ත වශයෙන්ම සිංහල භාෂාවට පරිවර්තනය කළහැකි නමුත්, තාක්ෂණික පද බහුලව යොදන්නට සිදුවෙනවා. එවිට ලිපියේ රසය හීන වෙනවා. ඒ නිසා එහෙමම පලකල එක හොඳයි. එහි ඇතුලත් සමහරදේ, ඉඳුරාම, හමුදා කටයුතු වලට සම්බන්ධයි. ඒ මෙන්න මෙහෙමයි.

    1. Callsign = කෝල් සයින් කියන්නේ යම්කිසි ගුවන්විදුලි පණිවිඩ හුවමාරු ස්ථානයක් හැඳින්වීම සඳහා හමුදා කටයුතු වලදී යොදන රහස්‍ය නාමයයි. උදාහරණයක් වශයෙන් වැල්ලවත්ත සහ කළුතර යන ස්ථාන දෙකෙහි පණිවිඩ හුවමාරු යන්ත්‍ර සවි කලොත් වැල්ලවත්ත හැඳින්වීමට 'නිව්යෝක්' වැනි නමකුත් කළුතරට 'වොෂින්ටන්' වැනි නමකුත් යෙදිය හැකියි. කතාකරනවිට කියන්නේ නිව්යෝක් වලට වොෂින්ටන් අමතන්න කියා. එවිට මේ පණිවිඩ අසා සිටින කෙනෙකුට එකවරම සිතාගන්නට බැහැ, මේ කොහේ සිට කොහාටද කතා කරන්නේ කියා. එතනින් එහාට තිබෙන්නේ රහස්‍ය තොරතුරු නිසා මෙතනින් නවතිනවා.

    2. VHF Items = Very High Frequency අති උච්ඡ සංඛ්‍යාත තරංග මගින් පණිවිඩ හුවමාරු කරන යන්ත්ර. එම යන්ත්ර වලට ලබාදී ඇති කෝල් සයින් තමයි Dawn 1, Zarya 2, Zarya 3 වශයෙන් පෙන්වන්නේ.
    3. All VHF Centers - Spring යනු අති උච්ඡ සංඛ්‍යාත භාවිත කරන සියලුම යන්ත්ර, 'ස්ප්‍රින්ග්' යන නමින් හඳුන්වන පණිවිඩ හුවමාරු ජාලයට අයත් බවයි.
    II. Work for HF Channels යනු උච්ඡ සංඛ්‍යාත භාවිත කරන යන්ත්ර වලට අයත් කාර්ය භාරයයි. (අති උච්ඡ සංඛ්‍යාත වලට පහල. එහෙත් ඉතා දුරට පණිවිඩ යැවිය හැකි) මේ විස්තරය අනුව එම යන්ත්ර යොදාගෙන ඇත්තේ ගගාරින්ට ඇහෙන්න සංගීතය සැපයීමයි.එම උච්ඡ සංඛ්‍යාත මධ්‍යස්ථාන ලෙස ක්‍රියාකර තිබෙන්නේ Novosibrisk සහ Alma Ata යන නගරවල සවිකළ පණිවිඩ හුවමාරු මධ්‍යස්තානයි.
    The station operates from 9.52 to 2.10 යනුවෙන් අදහස් කරන්නේ මෙගහර්ට්ස් 9.52 සිට 2.10 දක්වා සංඛ්‍යාත පරාසයේ එම යන්ත්ර ක්‍රියාකළ බවයි.
    පහල අංක 9.52 යටතේ Spring (Kadushkin) : Roger යනුවෙන් දැක්වෙනවා. ස්ප්‍රින්ග් යනු ජාලයේ නමයි. (Kadushkin) යනු කෝල් සයින් එකයි. Roger රොජර් යනු හරි අපූරු වචනයක්. හමුදා පණිවිඩ හුවමාරු කටයුතු වලදී, එක පැත්තකින් කියූ පණිවිඩයකට අනික් පැත්ත 'රොජර්' කිව්වානම්, එයින් අදහස් කරන්නේ, හොඳයි/හරි/තේරුනා/එහෙම කරන්නම්, යන තේරුමයි.

    පුළුවන්නම් පුංචි නිවැරැදි කිරීමක් තියනවා කරන්න. Kazaksthan කසාක්ස්තාන් යන රටේ නම, අපි රටේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය බොහොමයක කියන්නේ ලියන්නේ කසකස්තානය කියලා. ඔබ ලියන්නට ඇත්තෙත්, එසේ ඇසීමෙන් දැකීමෙන් වෙන්න ඇති. නමුත් නිවැරදි නම කසාක්ස්තාන්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විශිෂ්ඨ පැහැදිලි කිරීමක්.

      කසාක්ස්තාන් ගැන හරියටම දැනගත්තේ අදයි ඒත් සිංහලට හරවද්දී කසකස්තානය කියල වෙන්න බැරි ද?

      Delete
    2. හ්ම්ම්ම් . . . බංග්ලාදේශ් වලට බංගලි දේශය කියනවා. ඒක හරි. බංගලි වළලු කියලවත් දෙයක් තියන නිසා ඒ යෙදුම ගැලපෙනවා. නමුත් කසකස් කියන එකට ගැලපෙන දෙයක් අපේ භාෂාවෙන් හොයන්න අමාරුයි. එහෙම වුනොත් ස්විට්සර්ලන්තයට සමහරු ස්විස්ටර්ලන්තය කියන එකත් පිළිගන්න වෙනවා. අර රටේ කස ගස් වත් බහුලව තිබෙන නිසා කසගස්තානය වුනානම් ඔන්න හරි. තවත් වරද්දන ඒවා තියනවා. වෙනිසියුලාව වැරදියි. නිවරැදි වෙනෙසුවෙලාව. තවත් තියනවා මේ වෙලාවේ මතක්වෙන්නේ නැහැ. කසාක්ස්ථාන් මම ඉහත කමෙන්ට් එකේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ වැරදියට. නිවරැදි මෙහෙමයි. Kazakhstan.
      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. විචාරක මහතා,

      මුලින්ම ඔබට ඉතාමත්ම ස්තූතිවන්ත වෙනවා හොඳ විස්තරයක් සපයා මගේ ලිපියේ වූ යම් යම් අඩු පාඩු මග හැරීම පිළිබඳව.

      ඇත්තෙන්ම මම හැමදාම හිරවෙන තැනක් තමා තාක්ෂණික වචනවලට අදාල සිංහල වචනය හොයා ගන්න එක. එහෙම යෙදුවත් ඒවා එච්චර ගැලපෙන්නෑ කියලා තමා මට හිතෙන්නෙ. ඒකයි මම ඒ ටික ඉංග්‍රීසියෙන්ම දාන්ඩ තීරණය කළේ. ඔබගේ විස්තර උපකාරි වෙයි ඒ ගැන අදහසක් නැති කෙනෙකුට යම් අවබෝධයක් ලබා ගන්ඩ.

      වැරැද්ද පෙන්නුවාට පින්. නිවැරදි කළෙමි.

      ඔබගේ දෙවෙනි කමෙන්ට් එක දැක්කම හිතෙනවා අපි එදිනෙදා කොච්චර වැරදි යෙදුම් භාවිතා කරනවද කියලා.

      Delete
    4. චිචාරක මහත්තයගේ විස්තරයෙන් මමත් සැහෙන්න දේ දැනගත්තා... ස්තුතියි !!!

      Delete
    5. විචාරක මහත්තයාගේ අගේ තේරෙන්නේ මෙන්න මේ හමුදා භාෂිතය ගැන තියන තැන් වල. පැහැදිලි කිරීම ගැන ස්තුති කරන්න වචන මදි.

      රොජර් කියන වචනේ හැදිච්ච හැටියක් එහෙමත් ඇති නේද?

      Delete
    6. මේ ලිපිය ලියපු Senna ටත් ප්‍රතිචාර වලින් එය පෝෂණය කරපු විචාරකටත් මෙගේ ස්තුතිය.

      henryblogwalker the Dude

      Delete
    7. ස්තූතියිට, ස්තූතියි ඩූඩ්.

      Delete
    8. @ ක්සැන්ඩර්. ඒ වචන ගැන දිග විස්තරයක් කල හැකියි. කරුමේ කියන්නේ සමහර කරුණු අපේ රටේ ඉහල ඇත්තෝ රාජ්‍ය රහස් ලෙස සලකන්න ඉඩ තියනවා. නමුත් ඒ තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර්ජාලයේ තියනවා. ඔය කරුණු ඇසුරෙන් සරල ලිපියක් පසුව ලියන්නම්.

      Delete
  11. මුල ඉදන්ම කියෙව්වා මචන්
    එතකොට ගගාරින් එක්ක ටිටෝෆ් ගියේ නැද්ද?
    විකල්ප නියමුවෙක් වශයෙන් ඔහුත් ගියාද නැත්තම් ගගාරින් විතරද ගියේ?..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ.

      ටිටොෆ් ගගාරින් එක්ක ගියේ නෑ. මුලින්ම ගියේ ගගාරින් විතරමයි. දෙවෙනි ගමනෙදි ටිටොෆ් ගියා අභ්‍යාවකාශයට. ඔහු එහිදී සම්පූර්ණ දිනයක්ම ගත කළා අභ්‍යාවකාශේ. ඒ විතරක් නෙමේ පෘතුවිය වටේ වට 17ක්ම ගිහින් තියනවා.

      Delete
  12. පට්ටම පෝස්ට් එකක් අයියේ උපරිමයි.... ලස්සන කතාවක් කියවනවා වගේ මාර ලස්සනයි කුතුහලය පිරිලා...

    //තවත් වාර්තාවකට අනුව ගගාරින් මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වී නොමැත. මෙය, ගොඩ නැගෙමින් පැවතුණු සිය ජීවන ශෛලියෙන් හා අධික පීඩනයෙන් ගැලවීම උදෙසා හිතාමතාම සැලසුම් කොට රඟ දැක්වූ ව්‍යාජ්‍ය ගුවන් අනතුරකි. //

    මෙන්න මේ කොටස ටිකක් විතර පුදුම කෙරෙව්වා මාව.එහෙම වෙන්නත් පුළුවන් තමයි හරියට හිට්ලර් දිවිනසාගත්තේ නෑ කියනවා වගේ මේකත්....

    පිස්සුම හැදෙන්න පරිවර්තනය කරලා තියෙනවා නියමයි අයියේ... මම මාර ආසයි ඔයාගේ මේ ලිපිවලට.ජය වේවා සෙන්නා අයියේ

    අර අන්තිමට දුන්නු ලින්කුවටත් ගොඩාක් ස්තූතියි....

    ReplyDelete
    Replies
    1. පට්ට ස්තූතියි මල්ලියේ..

      මේක පරිවර්තනයක්ම නෙමේ ඉතින්. එහෙන් මෙහෙන් කරුනු එකතු කරලා හදපු ලිපියක් තමා. කරුණු හොයාගත්තු මූලාශ්‍ර ටික ලිපිය යටින් දීලා ඇති.

      ඒකත් කියවලා බලන්ඩකො. ඒක පරස්පර විරෝදී තොරතුරක් තමා සපයන්නෙ.

      Delete
  13. // සැළසුම් කොට තිබුනේ ස්ටාලිනින්ග්‍රෑඩ් වෙත ගොඩබැසීමට වුවද මේ නිසා ගමනාන්තය සරාටොව් දක්වා වෙනස් විය. // ඔහු ගොඩ බැහැපු තැනත් අයිති කස්ක්ස්තාන් වලටමද?.

    මට මෙතන පොඩි අපැහැදිලි ගතියක් තියෙනවා. //තවමත් ජීවතුන් අතර සිටින සිය මිතුරාව අතහැර යානයෙන් එළියට පැනීමට නොහැකි බැවින් ගගාරින්ද යානයෙහිම අවසන් මොහොත දක්වා රැදී ඇත.// මේ දෙන්නම එකම ගුවන් යානේද හිටියේ. අනිත් කෙනාට තුවලවත් සිද්ද වුනේ නැද්ද?. කොහොමද ගගාරින් විතරක් මිය ගියේ.

    ගමක ජිවත් වුනාය කියන කතාව මෙතෙක් කල් හිතා හිටපු දේ වෙනත් දිශාවකට ගියා වගේ..

    ReplyDelete
    Replies
    1. අසර්,

      ඔහු ගොඩ බැහැපු සරාටෝව් ප්‍රදේශය අයිති රුසියාවට.

      නෑ මචන් දෙන්නම එකම ප්ලේන් එකේ තමා හිටියේ. දෙන්නම මැරුණා ඒ අනතුරින්.

      ඔය ගමක හිටිය කතාව මාත් දැනගත්තේ ඊයෙ තමා. ඕවා ඉතින් කට කතා වෙන්ඩත් පුලුවන්. හැම අබිරහස් සිද්දියක් එක්කම ඔය වගේ විවිද විවිද කතා හැදෙනවනේ.

      ස්තූතියි.

      Delete
  14. ඉතිහාසයේ එක් වැදගත් මොහොතක්.. මම හිතන්නේ තීරණාත්මක මොහොතක්..

    ReplyDelete
    Replies
    1. දිනේශ්.

      මාත් හිතන්නෙ, බොහොම වැදගත් සිදුවීමක්. අනාගතයේ මිනිසා වෙනත් ලෝක ජයගෙන ජනපද ඉදිකලොත්, ගගාරින් ගැන අදටත් වඩා කතා කරාවි මම හිතන්නේ.

      Delete
    2. //අනාගතයේ මිනිසා වෙනත් ලෝක ජයගෙන ජනපද ඉදිකලොත්//
      ඇයි බං අනියමාර්ථයෙන් ??? කලොත් නෙවේ අනිවා කරනවා... එදාට තමයි ගගාරින්ලගේ ආම්ස්ට්‍රෝං ලගේ නියම වටිනාකම මතුවෙන්නේ !

      Delete
  15. මුලින්ම අභ්‍යවකාශය ජයගත් සෝවියට් දේශය කල විශ්මය ජනක ක්‍රියාවක් තමයි අභ්‍යවකාශ ගමන අවසානයේදී ඉතිරිවන මොඩියුලය ගොඩබිමට බැස්සවීම. ඒ කියන්නේ අර ස්පේස් ශටල් එක වගේ රෝද මගින් ගුවන් පථයකට බැස්සවීම ඒ කාලේ දැනගෙන හිටියේ නැහැ. සෝවියට් දේශයට පසුව අභ්‍යවකාශ තරඟයට එළඹුණු ඇමරිකා එක්සත් ජනපදය ගොඩබිමට අභ්‍යවකාශ යානා බැස්සවීම දැන සිටියේ නැහැ. ඔවුන් තම යානා බැස්සුවේ ජලයට (මුහුදට) ඇ.එ.ජ. සහ සෝවියට් දේශය අතර අභ්‍යවකාශය ජය ගැනීමට තිබුන තරගය මෙන්ම අභ්‍යවකාශ තරණය සඳහා මිනිසා දරන ලද උත්සාහයේ ඉතිහාසය මෙතනින් බලන්න පුළුවන්.
    http://en.wikipedia.org/wiki/Space_Race
    යුරි ගගාරින් තම ගමනේ යෙදුනු මොඩියුලය බිමට පත්වූ පසු ගත පින්තූරයක් මෙතනින් බලන්න

    http://www.dailymail.co.uk/sciencetech/article-1376008/Yuri-Gagarins-sausage-remark-Last-words-1st-manned-space-flight.html

    ඇමරිකානු අභ්‍යවකාශ යානා මුහුදට ගොඩ බැස්සවූ හැටි මෙතනින් බලන්න.
    http://www.astronautix.com/craft/gemini.htm

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක මහතා,

      ඔබ නැවත වරක් තවත් වටිනා තොරතුරු කිහිපයක්ම දීලා තියනවා. බොහොම ස්තූතියි ලබා දුන්නු සබැඳි වලට. අනාගතයේදී බොහෝ ප්‍රයෝජනවත් වෙයි.. සඳ ගමන ගැන ලියනකොට වගේ...

      Delete
    2. 1969 සඳ ගමන සිදුවෙද්දී, මම අ.පො.ස. සා.පෙ. පළමුවර ඇණගෙන දෙවැනි වරට සූදානම් වෙමින් හිටියේ. (විශිෂ්ඨව සමත් වුනා) කෑගල්ල නගරයේ තිබුන ගුවන්විදුලි යන්ත්‍ර අලුත්වැඩියා කරන සහ ශබ්ද විකාශන යන්ත්‍ර කුලියට දෙන කඩයක ලවුඩ්ස්පීකර් මගින් සිංහල ගුවන්විදුලි විස්තර ප්‍රචාරය අසන්නට සලස්වා තිබුනා. සෙනග සිය ගණනක් එය අසා සිටිය හැටි මට අදවගේ මතකයි.
      ලියන්න ලියන්න ඒ ලස්සන කතාව ඔබේ ශෛලියෙන්.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  16. "දඩයමේ යාමේදී සිදුවූ අනතුරක් හේතුකොටගෙනය." හි..හි.. කොහෙන් ගියත් අනතුරක්නෙ..

    හොඳ ලිපියක්.. ආසාවෙන් කියෙව්වා කඩ්ඩ ටික හැර ඉතිරිය.. බලමු ඒකත් කියවන්න..

    බලාගෙන යද්දි ලෝකෙම කුමන්ත්‍රණයක්..

    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔව් හරී, නිර්භීත මිනිස්සු අනතුරු වලට මුහුණ දෙනවා වැඩියි නේද ?

      ඔව් ඉතින් හැමදාම හැම තැනම කුමන්ත්‍රණ තමා..

      ස්තූතියි.

      Delete
  17. හුඟක් වටිනව මචං........
    mail subscribe එක දාපන්කො....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උදාර. දැම්මම දාන්නම්.

      Delete
  18. ඇති යන්තම් ඉතුරු ටික ලියලා...හරිම ආසාවෙන් කියෙව්වේ...අන්තිමට හදිසි අනතුරකින් මැරුණ එක ගැනනම් දුකයි. ඔහුගේ පදක්කමක් හඳේ තැන්පත් කරපු එකනම් හොඳ වැඩක්...

    මේ ලිපිය ලියන්න වෙච්ච මහන්සියට බොහොම ස්තුතියි...තවත් මේ වගේ කතා බලාපොරොත්තුවෙන් ඉන්නවා අපි :)

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික මෙහෙම දාගන්ඩ ලැබුන එක ලොකු දෙයක්. පොඩි මෑන්ගෙන් තමා බේරෙන්ඩ බැරි.. ලියන්ඩ ලැප අතට ගත්තු ගමන් මිනිහා එනවා බැකෝ පෙන්නන්ඩකො, කන්ටේනර් පෙන්නන්ඩකො කියාගන.. ඉතින් බෑ කියන්ඩයෑ.... :-)

      ඔව් අකාලයේ මිය යාමනම් අපරාදයක් තමා. හිටියනම් අනිවා හඳටත් යනවා.

      මහන්සිය අගය කිරීම ගැන මාගේ ස්තූතිය. අර සෑමා කියනවා වගේ කියවන උන් වෙනුවෙන් නොවැ මේ ලියන්නෙ. ඉතින් දිගටම ලියමි.

      ස්තූතියි.

      Delete
  19. තමන්ගේ ,.,යාලුවා වෙනුවෙන් එහි රැදී සිටියානම් ඔහු ඇත්තටම ස්‍රෙස්ටයි,.,රගපෑමක්කලත් ඔහු ස්‍රේස්ටයි,,.,., ලස්සන වඉනා,.,කියවන්න ආස ලිපියක් ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. සුදු මහත්තයා,

      එහෙම කලානම් ඔහු ඉතා ශ්‍රේශ්ඨයෙක් තමා.

      ස්තූතියි කමෙන්ට් එකට.

      Delete
  20. ම්..ගොඩක් දේ සරලව දැනගත්තා..ගොඩක් ස්තුතියි සෙන්නා..
    මට මේක කියෙව්වාම හිතුනෙ මේක ගගාරින් ගැන ලිපියකටත් වැඩිය දේශපාලන අතකොළුවක් වූ ගගාරින් ගැන ලියවුන එකක් කියලා..

    ReplyDelete
  21. කොටස් දෙකම කියෙව්වෙ අද තමයි අයියෙ..කතාවක් වගේ ලස්ස්නට ලියල තියෙන නිසා කියවගෙන යන්න ආස හිතෙනවා..ගොඩක් මහන්සි වෙලා.. පෝස්ට් එක ගොඩාක් වටිනවා.. :))

    ReplyDelete
    Replies
    1. හෙහ් .. රූ ට පස්සෙ සිත්රූ ඇවිත්.. :-)

      ස්තූතියි නංගී.

      Delete
  22. මම කලිනුත් කිව්වා වගේ නීල් ආම්ස්ට්‍රෝන් හදවත පා සටහන තබලා කිව්වා කියන "මෙය කුඩා පා සටහනක් වුනත් මානව සංහතියේ යෝධ පියවරක්" කියන ප්‍රකාශය ඇත්තටම අදාළ වෙන්නේ ගගාරීන්ට........

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත ඔබ හරි... ඒක අදාල වෙන්නෙ ගගාරින්ට තමා. ඔහු තියපු ඒ නිර්භීත පියවර තමා ආරම්භය.

      Delete
  23. වැඩේ හොදයි... සුභ පැතුම් මම නම් තාම සයිබරයට කකුල තිබ්බ විතරයි... වෙලාවක් තිබුනොත් මගේ කාමරය පැත්තෙ ඇවිල්ලා යන්න එන්න....

    ReplyDelete
  24. ස්තූතියි සිරා.

    ReplyDelete
  25. වැදගත් ලිපියක් බොල . ආසාවෙන් කියෙවුවා වගේම කොපියකුත් දාගත්තා .

    ReplyDelete
  26. ඉස්තූතියි බොල... කිසි පුරස්නයක් නෑ.. ඕන දෙයක් ඕන වෙලාවක කොපි කරගනින්.. මගෙන් නෑ ආබාධ..

    ReplyDelete
  27. පරක්කු වුනාට ගහන්න එපෝ !!!

    බලන්න කියලා ආවත් මුකුත් නැතුව හැරිලා ගියා... බැලින්නම් ලිපිය දාලත් දවස් ගාණක් ගිහින්...

    හ්ම්... මට යූරි ගගාරින් වෙන්න තිබ්බ නම් කියලා හිතුනා... ඇත්තටම වීරයෙක්...! 

    මම හැම තිස්සෙම විශ්වාස කරන දෙයක් තමයි, පෘථිවියේ ලක්ෂ සංඛ්‍යාත ජීවී විශේෂ අතරින් මිනිස් වර්ගයා විතරක් මෙච්චර උඩට එන්න ලොකුම හේතුව කුතුහලය, අන්තරායට මුහුණ දීමට ඇති ආශාව හා ගවේෂණයයි කියලා... ඒ දේවල් මිනිහගේ ජාන වල නොතිබුණා නම් ???

    සුපිරි ලිපියක්... වෙන කථා ඕනේ නෑ... සෙන්නා සහෝ... මැරෙන දවසක (දැන්ම නම් නෙවේ...) පුළුවන් නම් බ්ලොග් එකේ කමෙන්ට්ස් ටික බලලා මැරියන්... උඹට ඒ පිනම ඇති හොඳ තැනක උපදින්න...

    ජයෙන් ජය !!!

    ReplyDelete
  28. නෑ නෑ ගුටි නෑ.. කොච්චර පරක්කු වුනත්..

    චතුරංග බ්ලොග් රෝලක් පවිච්චි කරන්නැද්ද ? එතකොට ඉතින් ඔක්කොම අලුත් ලිපි අප්ඩේට් වෙනවනේ.. ඇවිත් ඇවිත් බලන්න ඕනා නෑ..

    මචන් මැරෙන දවස දැන ගන්න විදිහක් කියපන්කෝ.. එහෙම දැනගත්තොත්, කිව්වත් වගේ දවසක් තියලා කියවන්න පටන් ගන්නවා මුල සිට සරළව.. හිකිස්...

    ස්තූතියි ඇවිත් ගියාට.

    ReplyDelete
  29. ඔන්න මේ වෙද්දි මම මේ බ්ලොග් එකේ හැම පෝස්ට් එකක්ම කියවල ඉවරයි.යූරි ගගාරින්ටයි සේපාල ඒකනායකටයි එක වගේ ගරු කරන්න මම හිතාගත්තේ කුරුන්දෙන්.මේ එක පෝස්ට් එකක් ලියන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා තේරුම් ගන්න අමාරු නෑ.....ඒත් තවත් මේ වගේ වැදගත් ලිපි ඉස්සරහටත් ඕන.ජය!!!

    ReplyDelete
    Replies
    1. A. Wickz,

      බොහොම ස්තූතියි ඔක්කොම ලිපි ටික කියෙව්වට.

      ඇත්තෙන්ම සේපාල අපිට වීරයෙක් තමා. ඔහු හැමදේම කලේ පිය සෙනෙහස වෙනුවෙන්. ඒ වගේ නිර්භීත වැඩක් කරන්න තරම් කොච්චර ප්‍රභල වෙන්ඩෝනද, පියෙකුගෙ සෙනෙහස.

      මහන්සියනම් කියලා වැඩක් නෑ. තේරෙන භාශාවෙන් කිව්වොත් "පණ යනවා". ඒත් තව තවත් මෙවැනි ලිපි ඉස්සරහටත් කුරුන්දේ පලවෙනවා. මේක දැන් මටත් හරිම විනෝදජනක වැඩක් වෙලා තියෙන්නෙ. කුරුන්දෙ ලියවිලා තියන හැම සිද්ධියක් ගැනම, මටත් ලියන්ඩ පටන් ගන්නකොට නිකම් දළ අදහසක් විතරයි තිබුනෙ. ඒත් දැන් ඒවා ගැන හොඳ දැනුමක් තියනවා.

      Delete
  30. සෙන්නා, ඔයා ක්සැන්ඩරයාට එයාගේ කොලමේදී කියලා තිබුනා, මීළඟට හිට්ලර්ගේ සුපිරි භාණ්ඩයක් ගැන ලියනවා කියලා. මමත් එහෙම දේකට කරුණු එකතු කළා. අපි දෙන්නම එකක් ලිව්වොත් වැඩක් නැහැ. මම ලියන්න ගිය දේ හඳුන්වන්නේ 'බි. . .ක්' යන්නෙන්. ඔයා ලියන්නේ ඒක නම් මම නවතින්නම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නම්... නෑ නෑ විචාරක මහතා... ඔබ තුමා පටන් ගත්තු වැඩේ අහවර කරන්න.. මම තාම ඒගැන හිතලවත් නෑ.. අනික මට කවදා ඕක ලියන්ඩ හම්බෙයිද දන්නෑ.. දන්නවනේ නිවාඩු ඉඳල වැඩට ගියාට පස්සෙ තත්ත්වය..

      මෙන්න ඔබට ඉඩ... කරුණාකර ඔබේ රසවත් බාශාවෙන් ඒක ලියන්න.. කියවීමට ආසාවෙන් බලා සිටිමි..

      හරි පුදුමයි නේද අපි දෙන්නටම එකක් ගැන ලියන්න හිතුන එක !

      මම එහෙනම් හිමීට හඳට යන්ඩ පටන් ගන්නම් :-)

      ජය !!

      Delete
    2. ඔය දෙන්නම එහෙනම් මට ටිකක් කියලා ඉන්න. මොකද අපි තුන්දෙනාම එකම දේ ලියයිද කියලා මට හිතෙන්නේ. ආයුධ ගැන විචාරක මහතා ලියනවනම් මමත් මෙන්න එතනින් අයින් වෙනෝ!!

      Delete
    3. ක්සැන්ඩර්,

      ඔය කියන භාණ්ඩෙ ගැන ලියන්න අපි විචාරක මහතාටම ඉඩදෙමු.. මොකද අපි ලියනවට වැඩිය නිර්මාණශීලී ලෙස ඔහු ඒක ඉදිරිපත් කරාවි කියලා මම හිතනවා..අනිත් එක ඒක යුද්ධෙට සම්බන්ධ දෙයක් නිසා ඔහුට අපිට වැඩිය හොඳින් අදාල විස්තර කළ හැකිවේවි.

      විචාරක මහතා, ඒ සම්බන්ද ඔබගේ ලිපිය එනතෙක් ආසාවෙන් බලා සිටිමු.

      Delete
    4. මට මේ දවස්වල මාතෘකා පහක් තියනවා. අර කිව්ව එකත් එක්ක කෙටුම්පත් පහම පටන් අරන් තියෙන්නේ. ඉතින් ඒවායින් එකක් අත හැරුනට කිසි පාඩුවක් නැහැ. ඔයාලගෙන් කවුරුහරි ලියන්න. මම ඕනෙම උදව්වක් කරන්නම්.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  31. සුපිරියි... කියන්න වචන නෑ. එතකොට ගගාරින් නටපු හොඳ හොඳ නැටුම් ආණ්ඩුව වහලා. ම්ම්ම්... බැලුවම කොහෙත් එකයි.

    අර ගෙවිලිය සෑහෙන්න බයවෙන්න ඇති. රුසියන් කතා කරන ඒලියන් කෙනෙක් දැකලා. ඇති ගගාරින් එතනින් කොහු පාරක්වත් කාල සෙත්ත පෝච්චි නොවුන.

    ගගාරින් ගේ මරණය ගැන නම් ටිකක් හොයන්න බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ක්සැන්ඩර්.

      හෙහ්.. පොර ලංකාවට වැටුනනම් බඩුම තමා.. අනිව හම්බෙනවා ඉලපත් පාරක්... :-)

      ඔවු ඒ ගැනත් ටිකක් හොයලා බලන්න.. මට හිතෙන්නෙ එතනත් පොඩි අභිරහසක් තියනවා වගේ..

      Delete
  32. ලස්සනට ලියලා තියෙනවා සෙන්නා. සාමාන්‍ය පවුලක ළමයෙක් ඉස්සෙල්ලම අභ්‍යවකාශයට ගිය එක කොයිතරම් හොඳද . අර අන්තිමට කිව්වා දේ වෙලා ගගාරින් වයසට ගිහින් මිය ගියා නම් තමා හොඳ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දි. ඔව් ඒකනම් හොඳයි තමා නේද ? මාත් කැමතියි.

      වයසට් ගිහින් මැරුණා කියන එකනම් ඉතින් කට කතාවක් වෙන්ඩත් පුලුවන් නේද ? එහෙම වෙලානම් හොඳයි.

      Delete
  33. යූරි ගගාරින් යනු, තරු පසු පස හඹායාමට අප සැමට ආරාධනා කළ මිනිසායි. - නීල් ආම්ස්ට්‍රෝන්ග්
    නියමයි..
    මාර වටිනවා!!!!!!
    ජය වේවා!!!!

    ReplyDelete
  34. වෙනදා වගේම අගේ ඇති වටින විස්තරයක් සහෝ.....

    ReplyDelete
    Replies
    1. අම්මෝ උඹ කාලෙකින් බන්.. ආයේ දකින්ඩ ලැබිච්ච එක සතුටක්.

      ස්තූතියි අගය කිරීමට.

      Delete
  35. හරිම ලස්සන සටහනක්! බලාගෙන හිටියා වගේ ලියලා තියනවා. ඉන් අපේ හිත් තුල අපූරු සිතුවම් මැවෙනවා...:)

    ReplyDelete
  36. ගොඩක් වටින් ලිපියක්. මමත් ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පුංචි..

      කට්ටිය ගගාරින්ව බලන්ඩ කතාවෙලාද මංදා එන්නෙ.. රූට පස්සෙ සිත් රූ, පොඩි කුමාරිහාමිට පස්සෙ, පුංචි කුමාරිහාමි.. හෙහ් හෙහ්.. :-)

      Delete
  37. දැනුයි කියෙව්වෙ.... වැඩ වැඩියි... පස්සෙ නැවත කියවන්න ඕනේ..... !! සතුතියි

    ReplyDelete
    Replies
    1. ආහ් දැනුයි දැක්කෙ. ස්තූතියි බුද්ධි.. හිමීට කියවන්ඩකො වෙලාවක් තියේනම්..

      Delete
  38. ඔන්න අභ්‍යවකාශෙටත් ගියා.. :)

    ReplyDelete
  39. සෙන්නයියේ,මේකේ පළවැනි කෑල්ල කියෝලා ටික දවසක් වුණත් දෙවැනි කැල්ල කියවා ඉවරවුනේ අද.?එදා සෝවියට් දේශයේ නම් යුරි ගගාරින්ව කම්කරුවකුගේ පුතෙක් වුනත් ඔහුව තෝරා ගත්තා ඔහු සුදුස්සෙක් නිසා.එත් දැන් අපේ රටේ වගේනම් කොයිතරම් සුදුස්සෝ හිටියත් උඩ යන්න ඇමතියෙක්ගේ පුතෙක් කැමති වුනානම් ඌට තමයි ටිකට් එක ..(

    බොහෝම ස්තුතියි සෙන්නයියේ උඹේ මේ මහන්සියට.විචරකතුමාගේ ලින්ක් වලින් හුගක් දේ බලාගත්තා.

    ReplyDelete
    Replies
    1. මොකද බන් කරන්නේ ඒකට ? අපි මෙහෙම ඉන්නත්, රුසියාව අරෙහෙම ඉන්නත් එක හේතුවක් වෙන්න ඇති ඔය කියන කරුණ.

      මහන්සිය අගය කළාට ස්තූතියි.

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog