Saturday, December 17, 2011

මිනිස් ගති සහ දේව ගති.


උඳුවප් 17, 2011 / ශනිදා.


මේ සයිබර් අවකාශයේ සැරිසරන අපි  කව්රුත් Comments දාන්ඩ දන්නවානේ. ඒ වගේම තමන් ලියපු ලිපියකට Comment එකක් වැටෙනකම් ආසාවෙන් බලාගනත් ඉන්නවානේ. එහෙම නේද ? මම අද ලියන්ඩ යන්නෙ.. Comments  දාන්ඩ ගිහින් වෙච්ච සංගදියක් ගැන.

මේ කතාව පටන් ගන්නේ පහුගිය දවස් වල ඉරානය විසින් ඇමෙරිකානු ඩ්‍රෝන් යානාවක් අල්ලා ගැනීමත් සමගයි.. ( නෑ නෑ කලබලවෙන්ඩ දෙයක් නෑ ඒ ලොකු ලොකු දේශපාලන සංසිද්ධි එක්ක මගේ සම්බන්ධයක් නෑ ). ඕක ඉතින් අල්ලගන නිකන් හිටපන්, මුන් පටන් ගන්නව "දැයට කිරුළ" ( මේක Joseph ගේ අදහසක් ). ඒ කියන්නේ ප්‍රදර්ශණය. ඔන්න ඔය සිද්ධිය වාර්ථා කරනවා LankaCnews ඒගොල්ලන්ගේ අඩවියේ. 

මෙතනදි " LankaCnews " ගැන පොඩි සටහනක් කරන්ඩ වෙනවා. මේ බ්ලොග් ලෝකයේ සැරිසරන බොහොමයක් දෙනා මේ පුවත් අඩවිය ගැන අහලා, දැකලා, කියවලා, ඇති මගෙ හිතේ. මගේ මිනුම් වල හැටියටනම්  LankaCnews යනු බොහොදුරට සමබර වාර්ථාකරණයක යෙදෙන පුවත් අඩවියක්. තමන්ට දෙකක් කියලා දාන කමෙන්ට්ස් උනත් පලකරන්ඩ තරම් ඔවුන් මධ්‍යස්ථයි. අනිත් එක, අනිත් පුවත් අඩවි වගේ නෙමේ, පක්ෂ, විපක්ෂ, පාඨක අදහස් සියල්ලටම තැනක් හම්බෙනවා. ඉතින් Comments වලින් කරගන්නා මහා විවාද බලන්ඩ ඕනානම් යන්ඩ ඕනා LankaCnews එකට තමා. කාලෙක ඉඳන් මගේ එක විනෝදාංශයක් තමා ඕක.

ඉතින් LankaCnews  ඔය පල කරපු පුවතට මම දාපු ගොන් Comment එකක් ගැන උරණ උන එක්තරා නිහතමානී මහත්මයෙක් සහ මා අතර ඇති උන සුහද සංවාදය තමයි මේ ලිපියට වස්තු බීජය සපයන්නේ. වැඩි විස්තර ඕනා නැහැ.. කියවලාම දැනගන්ඩකො. ඔය පහළ තියෙන්නෙ ඒ අදහස් හුවමාරුව තමා. 








දැන් කියවමු අපේ සංවාදේ;




  1. Senna says:
    මුන් කැටපෝලෙකින් ගහලද දන්නෑ ඕක බිම දැම්මේ. යකො පහර දීපු යානයක් ඔච්චර ලස්ස්නට තියෙන්නෙ කොහොමද ? නැත්නම් LCN, නිකන් පින්තූරයක් දාන්ඩ ඕනා කමට මොකක් හරි දාලද ?

    • CITIZEN says:
      gona…pahara deela wattanawa kiwwama eya bomba daala, missile walin gahala witharak wattanna oni ne gono…..thaakshanayen (technically) ema yaanawe pariganaka danthawalata ( hariyata remote control ) ringala ema yaanawe remote control eka thaman athata geneemai…..LCN hariyatai waartha karala thiyenne, tho dannethi deyak thiyanawam eka igenagena comments daapan….

      • Senna says:
        ඇයි ඉතින් ඕකට ගිරිය පුප්පන්, සත්තුන්ගෙ නම් කිය කිය කෑගහන්නෙ. මම දන්නැති, ඔයා දන්න දේ, වැදගත් විදිහට කියලා දුන්නානම් නේද ලස්සන. මේ ලෝකෙ හැමෝම හැම දෙයක් ගැනම දන්නේ නැනේ.
        දැන් මට පේනවා ඔයා සිංහලෙන් ලියන විදිහ දන්නෑ කියලා. මෙන්න ලින්ක් එක. බනින එක එහෙනම් ලස්සන සිංහල අකුරුවලින්ම බනින්ඩකො.

        • CITIZEN says:
          sorry machan….thanks for the link…

        • CITIZEN says:
          මට සමාවෙයන් සෙනා, මගෙ අනිසි වචන මාලාවන් මන්ග් ඉල්ලා අස්කරගන්නවා ….බොහොම ස්තුතියි මචන් ලින්ක් එකට…..

        • annu says:
          එල එල…

        • Test says:
          සිදු වූ අතපසුවීමට සමාව ඉල්ලීමට තරම් නිහතමානී වීම ගැන මම මගේ ගෞරව ප්‍රණාමය CITIZEN ට පුදමි. ඒ වගේම එකට එකක නොකර හොඳින් ආමන්ත්‍රණය කිරීම ගැන Senna ටත් මම මගේ හර්දයාංගම ස්තුතිය පල කරමි.
          බටහිර සුද්දත් මේ වගේ තමයි. වැරද්දක් වුණාම සමාව ඉල්ලන්ඩ ලජ්ජා වෙන්නේ නෑ. සුද්දාගේ හොඳ ගති පුරුදු වුණාට මම ඔබ දෙපලට ගෞරව කරනවා.
          CITIZEN ට සහ Senna ට ජය වේවා !

        • Nisuba says:
          ලින්ක් එකට ස්තුතීයි……

        • Senna says:
          අල්ලලා දාපන් මචන් CITIZEN .. උඹ මට වරදක් කලා කියලා මම හිතන්නෑ. ඒක හින්දා සමාව ඉල්ලීම අනවශ්‍යයි.
          උඹේ නිහතමානිකමට මම ගරු කරනවා.
          මමත් මේකෙන් මරු පාඩමක් ඉඟන ගත්තා මචන්. ජීවිතෙ සතුට තියෙන්නෙ අපෙ අතේමයි. දැන් මම උඹට රළු විදිහට උත්තර දුන්නානම් අන්න එතකොට ගැටුමක්. දැන් උඹ මගේ නොදුටු මිතුරෙක්..
          keep in touch… :-)

        • Test says:
          Senna, CITIZEN ට දික් කල මිත්‍රත්වයේ මිතුදමට මගේ පුර්ණ ආශිර්වාදය.
          Senna සහ CITIZEN දෙපලට ජය වේවා !

        • arong says:
          මේ ලින්ක් එකෙන් සිංහල ලියන්න වඩා පහසුයි

        • arong says:
          මේ ලින්ක් එකෙන් සිංහල ලියන්න වඩා පහසුයි
          සිංහලෙන් යමක් අන්තර් ජාලයේ සෙවිමට එහි ඇති යුනිකෝඩ් භාවිතා කොට සිංහලෙන් ලියා උඩ තියෙන ගුගල් සර්ජ් බොක්ස් එකේ අලවන්න (පේස්ට් කරන්නවඩා පහසු විදිහක් මට හමුවු නිසා අනිත් අයටත් දැනගන්න ලිව්වේ

        • Saman 123 says:
          @Senna and Citizen, very good gentlemen, if all lankans are like you , we dont need to fight with others.

      • කොන්දොස්තර says:
        බැලුවම CITIZEN, Senna ට වඩා ගොනේක්නේ

        • Test says:
          පල බූරු “කොන්ද” යන්ඩ. මුන් දෙන්නම හොඳ වැදගත් නම්බුකාර මිනිස්සු.
          මෝඩ “කොන්ද” ට හොඳ නරක වැටහේවා !

        • CITIZEN says:
          කොන්දා…උනු වැරද්දට සමාව ගැනීම ගොන් කමක් කියලා උඹ හිතනවානම්, ඒක උඹගේ මෝඩ කමයි… නමුත් මගේ වැරදිවලට දහස් වතාවක් හරි සමාව ගන්න මං කැමතියි…
          @ටෙස්ට්…ස්තුතියි…


මේ කතාවේ සුළු ගතයුත්තක් ගැබ්වෙලා තියනවා කියලා මට හිතුන හින්දයි ඕගොල්ලොත් එක්ක බෙදා ගන්ඩ තීරණය කලේ. කිසිම වැඩකට නැති දෙයක් වෙන්ඩත් පුළුවන්. තීරණය ඔබ සතුයි. 

මිනිස්සු වන අප හැමෝම නොසිතා, දුරදිග නොබලා කරනා දේවලින් කොතරම් හානියක් සමාජයට වෙනවාද? මගේ නොදැනුවත්කම ප්‍රදර්ශණය කරමින් දැමූ මෝඩ Comment එක, හොඳ උදාහරණයක්.

අනිත් අතට අප විසින් එදිනෙදා මුහුන දෙන ගැටළු මේ ආකාරයෙන් විසඳා ගනීමට හැකිනම් ඒක හිතට කොච්චර සහනයක්ද ? සමාජයට කෙතරම් යහපතක්ද ? ඒත් අවාසනාවකට අද නොවෙන්නේත් ඒ දේම තමා.

මාගේ මේ ලිපිය, නිහතමානී CITIZEN තුමාට උපහාරයක් වේවා !!


විශේෂ ස්තූතිය ;

1.උපුටා ගැනිමට අවසර ඉල්ලා දැමු හීයට, පැණයකුඳු නොනඟා, හැරෙන තැපෑලෙන් අනුමැතිය එවූ LankaCnews කතු තුමාට.

එහෙනම් හැමෝටම ජය !! ඊළඟ ලිපියෙන් හමුවෙමු.

පින්තූර :  Google images හා LankaCnews 

----------------------------------------------------------------------------------------------------------

පසු සටහන : කව්රු හරි පින්වතෙක්, මට කියලා දෙනවද, කොහොමද මාතෘකාව ටිකක් ලොකුවට දාන්නේ කියලා ? ස්තූතියි !

18 comments:

  1. වැදගත්කමක් නැහැයි කියල හිතුවට මේ පෝස්ට් එක හරිම වැදගත්
    "මහත්වරු" වෙන්නේ කොහොමද කියල දැනගන්න එක විතරක් නෙවෙයි, නොකියවෙන තව බොහෝ දේවල් මේ පෝස්ට් එකේ තියෙනව..

    ReplyDelete
  2. බොහොම ස්තූතියි ඇනෝ, ඔබගේ ප්‍රතිචාරයට.

    ReplyDelete
  3. මචන් සෙනේ .උඹ දන්නේ නැති තරන් වැදගත් චැට් එකක් එතන තියෙන්නේ.මාර ආඩම්බරයකමක් දැනුනා උඹ ගැන .මං දනන් හිටියෙත් වෙඩි තියල බිම දාපු එකක් කියල ඇත්තම කතන්දරේ උඹේ පොස්ට් එකෙන් දැනගත්තේ.හස්‍යකුත් එක්ක ගැඹුරු දෙයක් එකේ තියෙනවා.උඹල දෙන්නටම ජයෙන් ජය

    ReplyDelete
  4. ස්තූතියි අසරණයා, මේ පැත්තේ ඇවිල්ල බලලා ගියාට. ඇත්තටම මේ නිව්ස් වල Comments දාන එකේ හොඳේ ඕක තමා මචන්. අපිට නිව්ස් එකෙන් දැන ගන්ඩ බැරි ගොඩක් දේවල් Comments වලින් දැන ගත්තෑකි. පුවතක දෙපැත්ත දැන ගන්ඩ පුළුවන්.

    ReplyDelete
  5. ආදර්ශමත් පෝස්ට් එකක්...සිටිසන් නම් ඇත්තටම මහත්මයෙක් තමයි..

    ReplyDelete
  6. ස්තූතියි සයුරි... ඇත්තටම ඔව්, අද කාලෙ ඔය වගෙ මහත්මා ගති තියන අය හරි අඩුයි... ඒකයි මේ ගොඩක් ප්‍රශ්ණ.

    ReplyDelete
  7. අහ් ඇත්තමයි මටත් ආඩම්බරයක් දැනුන නෙව සෙන්න ගැන... කොහොමද ඉවසගෙන අර විදියට රිප්ලයි කලේ ආ ??

    ඕන් මේ සම්මානිනම් පුපුර පුපුර ඉදීවි...

    ReplyDelete
  8. ස්තූතියි Sammani මේ පැත්තේ ආවට.... පිපිරුවා කියලා ඉතින් මට හම්බෙන දෙයක් නැ නොවැ...

    මටනම් හිතෙන්නේ මේකෙ වැදගත්ම කොටස මගේ උත්තරය නෙමේ, මම අර රතු පාටින් දාලා තියන ටික... අපි කාටත් කරන්ඩ අමාරුම කාරිය ඕකනේ.. සෙකන්ඩ් වෙන්ඩ කැමති නෑ, වෙච්ච වැරැද්ද පිළිගන්ඩ කැමති නෑ.. ඒකනේ මේ ගොඩක් ප්‍රශ්ණ.

    ReplyDelete
  9. කෙල්ලෝ රබර් ඇට වැනිය පුපුරන වෙලාව කවුරුත් නොදනී හික් හික්..

    නියමයි අයියේ සමාවගන්න ලැජ්ජවෙන්න ඕනේ නෑ ඒ වගේම තමයි කෙනෙක් බැන්න පලියට මරාගන්න ඕනෙත් නෑ ඉවසීම තියෙන තැන හැම දේම හරියනවා මේ නිහතමානි කමට මාගේ උපහාරය.මෙහෙම මිනිස්සු තමයි සමාජයට ඕනේ.

    ඔයාගේ මේ පෝස්ට් එකෙන් සෑහෙන්න කට්ටියක් මොනාහරි ඉගෙනගන්න ඇති ඒ කරපු මෙහෙවරත් රටක් වටිනවා.ජය වේවා ඔයාලා වගේ අයට වරදින්නේ නෑ ඔහොම යං

    ReplyDelete
  10. බොහොම ස්තූතියි මල්ලී.....

    මොකක්ද අර රබර් ඇට කථාව ? මට තේරුන්නෑ... :-)

    ReplyDelete
  11. "සමාවෙන්න, කරුණාකර" කියන වචන දෙක හුඟක් අයග භාවිතයේ නැහැ

    ReplyDelete
  12. යකඩෝ .. අල්ලපු ගෙදර හිටියට මේක මම කියෙවුවෙ දැන්නේ. ආඩම්බර වෙන්න පුළුවන් විදියේ යාලුවෙක් ඉන්න එක මටත් ආඩම්බරයක්. කුරුන්ද බ්ලොග් එක සාර්ථක උත්සාහයක්. මෙච්චරකල් කලේ හුඟක් අදහස් අහු උන අහු උන අතට විසි කල එකනේ. දැන් පොලිෂ් කරලා පිළිවෙලකට හදලා අමුනපුවාම ඔය දිලිසෙන්නේ මුතු මාලේ වගේ. .. කුරුන්දට ජය වේවා.. !!

    ReplyDelete
    Replies
    1. දැන්නේ මේක දැක්කේ.. සුගා.. ස්තූතියි මචන්..

      Delete
  13. මට හරි අඩම්බරයී ඔයා මගේ HS වීම ,නිදා

    ReplyDelete
    Replies
    1. ඇයි මෙයාට උත්තර දීලා නැත්තේ ..? එක්කෝ අපිට හොරෙන් උත්තර දුන්නද ..?

      Delete
    2. හැබෑමයි...කවුද මේ නිදා ?

      Delete
    3. සහන් / සයුරි,

      හෙහ් හෙහෙ .. එයාට ඉතින් කොහොම උත්තර දෙන්න බැරිද. වර්ෂ පූර්ණ ලිපියෙ එයාගෙ නම තියනවා ඕන්..

      සහන් මුල ඉඳන් ඔක්කොම වගේ කියෙව්වට බොහොම ස්තූතියි මචන්.

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog