උඳුවප් 03, 2011
අද තුන.
තුන් වෙනිදා කියන්නෙ, අපේ ජීවිත වල විශේෂ සිදුවීම් වෙච්ච දවසක්. ඒ අතරිනුත් උඳුවප් තුන විශේෂයි, මොකද අද අපේ විවාහ සංවත්සරය. හය.
ඉතින් ඒ විශේෂ දවසෙම, මට හිතුනා මගේ බ්ලොග් එකත් පටන් ගත්තොත් හොඳයි, කියලා. මේක තමයි, මෙදා සැරේ බිරිඳට ලැබෙන තෑග්ග. හොඳයි නේද.
පටන් ගත්තේ නම්, හැමෝම කරනවා දැකලා මිසක්, කිසිම අරමුණක් ඇතුව නෙමේ. සමහර විට මේකත් තවත් එක FM නාලිකාවක් වගේ වෙන්ඩ පුළුවන්.
දැනට අදහසක් නැහැ අඩු ගානෙ මොනවගේ දේවල්ද ලිවිය යුත්තේවත් කියලා.....
බලමු,
අද තුන.
තුන් වෙනිදා කියන්නෙ, අපේ ජීවිත වල විශේෂ සිදුවීම් වෙච්ච දවසක්. ඒ අතරිනුත් උඳුවප් තුන විශේෂයි, මොකද අද අපේ විවාහ සංවත්සරය. හය.
ඉතින් ඒ විශේෂ දවසෙම, මට හිතුනා මගේ බ්ලොග් එකත් පටන් ගත්තොත් හොඳයි, කියලා. මේක තමයි, මෙදා සැරේ බිරිඳට ලැබෙන තෑග්ග. හොඳයි නේද.
පටන් ගත්තේ නම්, හැමෝම කරනවා දැකලා මිසක්, කිසිම අරමුණක් ඇතුව නෙමේ. සමහර විට මේකත් තවත් එක FM නාලිකාවක් වගේ වෙන්ඩ පුළුවන්.
දැනට අදහසක් නැහැ අඩු ගානෙ මොනවගේ දේවල්ද ලිවිය යුත්තේවත් කියලා.....
බලමු,
සිංහල බ්ලොග්කරණයේ දිගු ගමනකට සුභ පැතුම් :)
ReplyDeleteකාලො අයන්තෙ...........
ගොඩක් ස්තූතියි හසිත. ඔඹගේ මේ වදන් පෙල නවකයකු වූ මාහට සැබෑම ජවයක්.
ReplyDeleteසිංහල බ්ලොග් ලෝකෙට ආයුබෝවන් මිත්‍රයා !!
ReplyDeleteදුර ගමනක් යන්න මම උඹට පොඩි සුබ පැතුමක් දෙන්නම් !
ජයෙන් ජය ..
ලියන දේ හිතන්නෙපා මිත්‍රයා ..හිතෙන දේ ලියපං .. අදහස් එයි තව ඉස්සරහට ගෝනි ගනං !!
මෙන්න මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයිං කරපං මචං කමෙන්ට් කරන්න අමාරුයි !!
Dashboard > Settings > Coimments
word verification
මචන්, සඳරු.. ගොඩක් ස්තුතියි.. ලොකු හයියක් මචන්. උපදෙස් වලටත් ගොඩක් ස්තූතියි.. මම ඒක හදන්නම්.
ReplyDeleteබ්ලොග් එක පටන් අරන් දවස් දෙකකින්, සිංහල බ්ලොග් ලෝකයේ බොහොම ජනප්‍රිය චරිතයක් වෙච්ච උඹෙන් කමෙන්ට් එකක් ලැබුන එක ඇත්තටම මාර වටිනවා.
එලම කිරි ලොක්ක ඇදගෙන යමු ,, පුළු පුළුවන් විදියට අකුරක් ලියල මමත් සුප් එකක් දෙන්නම් ,, මේ කුරුඳ කිව්වේ අපේ ගමේ කුරුන්දද හැබැට
ReplyDeleteස්තුතියි ගින්නා.. ඔව් බන් ඒකම තමයි. දාන්ඩ නමක් හොය හොය ඉන්නකොට මට ඕක ඔළුවට ආවා.. හොඳද.. ? නැත්නම් විහිළුවක් වගේද ?
ReplyDeleteබලාගන යනකොට උඹ අසල්වැසියෙක් වගේ.
ඔන්න මගෙනුත් සුභ පැතුම් අයියා..විවාහයයි ඔයාගෙ බ්ලොග් එකයි දෙකම චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා කියල සුභ පතනව..:))
ReplyDeleteසිත්රූ සිහින නංගී බොහොමත්ම ස්තූතියි... මේ පැත්තේ ඇවිල්ලා බලලා ගිය එකටත් ගොඩක් ස්තූතියි..
ReplyDeleteඑල එල... දිගටම ඇදගන යමු.. ලොක්කත් බ්ලොග් වලට මගේ සමකාලිනයෙක්ද මන්දා.... මාත් බ්ලොග් කෙටිල්ල පටන් අරන් දැන් සති දෙකක් විතර ඇති..
ReplyDeleteනෝනට විශ් කළා කියන්න
ස්තූතියි.. ජීනියස්
ReplyDeleteඔව් බන් මාත් තම ආධුනිකයි... යාන්තම් මාසයක්වත් නෑ තවම ලියන්ඩ පටන් අරන්...
ස්තූතියි.. හැමදේටම.. රට ගියත් ලියන එක නවත්තන්ඩ එපා දිගටම කරපන්... අපිත් පුළුවන් සහයෝගයක් දෙන්නම්..
මොකද මේකට කුරුන්ද කියලා දැම්මෙ?
ReplyDeleteනමක් හෙව්වා මචන් අහස පොලව ගැටලගන.. හරි හමන් එකක් හම්බුන්නෑ.. සමහර මතක් වෙච්ච ඒවා..සමහරු කලින්ම බදු අරගන.. පස්සේ ඔය වත්ත පිටි පස්සේ තියන කුරුඳු කැලේ මතක් වෙලා ඒකේ නම දැම්ම.. ඔහොමයි මේක කුරුන්ද උනේ..
ReplyDeleteඅපිට තිබුන ලොකුම කැලේ ඕක තමා.. අලි කොටි නම් නැහැ.. හාවෙක් එහෙම හොයාගන්ඩ පුලුවන් ටිකක් දැගලුවොත්.... හිහ් හිහ්.. ඉඳලා හිටලා නරි කෑගහනවා ඒත් මම කවදාවත් දැකලා නැහැ..
අපිටත් ඇහෙනවා සමහරදාට කුරුන්දෙ නරි කෑගහනවා..අම්මා නම් කියන්නෙ මලගෙවල් ළංවුනාමලු එහෙම කෑගහන්නෙ...
ReplyDeleteඔව් එක හරි... මට හොඳට මතකයි අපේ තාත්තා නැතිවෙච්චි දවසේ උන් සෑහෙන කෑගැහුවා..
ReplyDeleteඋඹ කොහෙද බන් ඉන්නෙ? උඹ කව්ද ?
මම ඊ-මේල් එකට චැට් request එකක් එවලා ඇති.
ReplyDeleteකෝ නෑනේ බන්...
Delete//සමහර විට මේකත් තවත් එක FM නාලිකාවක් වගේ වෙන්ඩ පුළුවන්.//
ReplyDeleteකොහෙත්ම එහෙමවෙලා නැහැ
අහ් ඔබ තුමීට මුලටම එන්ඩ හිතිලා නේද.. මමත් ඔය වැඩේ කරන්වා අලුත් බ්ලොග් එකකට ගිය ගමන්.. :-)
Deleteස්තූතියි..
ඔබතුමා පටන් ගත්තෙ මෙහෙමයි එහෙනම්. :ඩී. පුංචි පැලේ දැන් ලොකු වෙලානෙ. :ඩී
ReplyDeleteඔන්න මාත් ආව මුල ඉඳන් කියවන්න..
ReplyDeleteඋඹේ ආයුබොවන් එක නිශ්ක්‍රිය කරනවා මම ඒ කාලේ දන්නවනං.
ReplyDeleteමං ආවේ මේ බ්ලොගේ මේ ගමන පටන් ගත්තේ කොතනින්ද බලන්න.. මල් හතයි ඈ! :D
ReplyDeleteබැලුවම අපි සමකාලීනයෝනේ.
ReplyDelete