උඳුවප් 08, 2011
ඔන්න එහෙනම් හා හා පුරා කියලා ලියන්ඩයි හදන්නේ....බ්ලොග් එක ආරම්භ කරද්දිනම් හිතාගන හිටියේ ආ ගිය කථා නැතුව වෙන මොනවා හරි දෙයක් කරන්ඩ කියලා. ඒත් දැනට එහෙම නව අදහසක් හිතට එන පාටක් නැහැ. ඒක හින්දා වේලීමෙන් මිදෙන්ඩ මේකෙන්වත් පටන් ගත්තොත් හොඳයි කියලා හිතුනා.
මේ කථාව මට මතක් උනේ සඳරුගේ හිස් අහස පැත්තෙ රව්මක් ගහගන ඉන්නකොට, පැනියා සර්ට වෙච්ච අලකලන්චිය දැකලා.
මේකත් පීටී සර් කෙනෙක් ගැන තමා, හැබැයි දෙබරුන්ගෙන් ගුටිකාපු කථාවක් නම් නෙමේ. වැල්වටාරම් නවත්වලා එහෙනම් අපි කථාවට යමු.
පීටී කාරයා.
මට දැනගන්ඩ ලැබිලා තිබුන හැටියට මෙයා හමුදාවේ ඉඳලා, කකුලට වෙඩි වැදීමක් නිසා අයින් වෙච්ච කෙනෙක්. ඕකෙ ඇත්ත නැත්ත දැන ගන්ඩ මට ක්‍රමයක් තිබුනේ නැහැ, ඒක නිසා මම ඒක විශ්වාස කලා. හැබැයි එක කකුලක පොඩි බකලයක් වගේත් තිබුනා. මෙතුමා ඉතින් උදේ හවහා ළමයින්ව පිට්ටනියට අරගන ගිහින් තමන්ට පැවරිලා තිබුන ගුරුකම කරගන හිටියා. මෙයා ටිකක් පාසලේ ඉහල පන්තිවල ළමයි අතරත්, විශේෂයෙන්ම ගෑනු ළමයි අතරත්, අනිත් තරුණ ගුරුවරු අතරත් ටිකක් ජනප්‍රියයි. අපි මෙයාට ජයසූරිය කියමුකො.
අපි දැන් එයාට එයාගෙ වැඩේ කරගන්ඩ ඉඩ දීලා, ගිහින් බලමු මෙයගෙ යාළුවා මොකද කරන්නෙ කියලා.
ගනන් කාරයා
මෙයා වැසිකිලි ගිහිල්ලා පිට කරන්නෙත් ඉලක්කම් කියලා තමා ඒ දවස්වල ඉස්කෝලේ හිටපු නොහොබිනා කොල්ලො කථා වුනේ. මෙයාට ඉතින් මුළු ජීවිතේම ගනන් තමා. හැම තිස්සෙම කියන්නෙත් ගනන් ඉඟන ගනිල්ලා, වෙන මොනවත් කරන්ඩ එපා වගේ දෙයක් තමා. එච්චර පිලිවළකට ඇන්දේ කෙරුවේ එහෙම නැහැ. කුම්මැහියෙක් කියලත් කියනවා. හැබයි ඉස්කෝලෙදි හරියට උගන්නන්නෑ, ඒවා ඕනනම් ගෙදර පන්තියට යන්ඩ ඕනා. හැම තිස්සෙම අනිත් විෂයන් දෙකේ කොලේට දාලා තමා කථාව. විශේෂයෙන් පීටී. ඕක හින්දා පීටී සර් සහ මෙයා අතර සීතල යුද්ධයක් තිබුනා. හැබැයි, මූනට හම්බුනාම කරට අතදාගන කතාව.
ගණිත පාඩම
ඔන්න එදා අපිට හිස් පීරියඩ් එකක්, මොකද අදාල ගුරුතුමා ඇබ්සන්ට්. පීටී සර්රුත් ඉතින් වැඩක් නැති වෙලාවට ඔය වගේ පන්තියකට රිංගලා කට්ටිය උළු හොල්ලන එක නතර කරගන ඉන්නවා.
"මොකක්ද දැන් තියන පීරියඩ් එක " පීටී සර් අපේ පන්තියේ මේසෙ කොනකට බර වෙන ගමන් ඇහුවා.
"විද්‍යාව සර් "
" කෝ අද ටීචර් නැද්ද ? "
" නැහැ සර් " මොනිටරයා උත්තර දෙනවා..
ඉතින් ටිකවෙලාවක් පීටී සර් අනං මනං කථා කර කරහිටියා. අපිටත් ඉතින් මේ වැඩේ හරි ජොලි. ඊට පස්සෙ තමා පීටී සර් ගනන් පාඩම පටන් ගත්තෙ.
"උඹ්ලට මම දැන් එක අවවාදයක් දෙන්නම්, මොනවා ඉගන ගත්තේ නැති උනත් කමක් නැහැ ගනන් ඉගන ගනිල්ලා. ගනන් පාස් වෙයල්ලා " පීටී සර් සරදම් හිනාවක් එක්ක කිව්වා. අපිටත් ඉතින් දෙන්නගෙ කෝන්තරේ දන්න හින්දා මෙයා මේ ගහන්නෙ හින්ට් එකක් කියලා තේරුනා. අපිත් ඉතින් ඔලොක්කුවට වගේ අවලන් හිනාවක් දැම්මා.
" ඇයි උඹලා හිනා වෙන්නෙ, මම මෙ විහිළුවක් නෙමේ කරන්නේ"
"දැන් බලපල්ලා, මේ ඉඩම් කට්ටි වෙලා ගෙවල් හැදීගන යන විදිහට, අනාගතයේදී උඹලා විභාග ෆේල් වෙලා පොල් කඩන රස්සාව කෙරුවත් උඹලට ගනන් ඕනා. ඇයි, අල්ලපු ගෙදර මිනිහගෙ උළු ටික බිදින්නැතුව ගානට සරල රේඛාවක් දිගේ ගහ මුලටම ගෙඩිය අතාරින්ඩ උඹ්ලට ගනන් ඕනා. නැත්නම් ඉතින් අල්ලපු ගෙදර මිනිහා වලියට එනවා, ඊලඟ මුරේ ඉඳලා උඹලට වැඩ නැහැ. ඒක හින්දා පීටී නොකලට, අනිත්වා නොකලට කමක් නැහැ ගනන් ඉගන ගනිල්ලා " ඔහොම කියපු පීටී සර් මහ හයියෙන් හිනා උනා.
ඔන්න ඕක තමයි ඉතින් පීටී සර්ගෙ ගනන් පාඩම. ගනන් සර්ගෙන් ඉගන ගත්තු, ත්‍රිකෝණයක කෝන තුනේ එකතුව ඔන්න ඔය කීයකටද මන්දා සමානයි කියනවට වඩා, ඒක කොච්චර යථාර්ථවාදිද කියලා මට අද හිතෙනවා.
අදට ඔය ඇති. පස්සෙ හම්බෙමු. කියවලා බලලා අඩුපාඩුවක් දැක්කොත් හදයි කියලා බලාපොරොත්තු වෙනවා. ගල්, මුල්, මල්, අපහාස, උපහාස, සරදම්, සාදරයෙන් පිළිගන්නවා. ව්‍යාකරන සහ අක්ෂර වින්‍යාස දෝශ හැදුවොත් පින්.
ලියන්ඩ දෙයක් නැතුව වේලි, වේලි ඉද්දි කථාව මතක් කරලා දීපු, සඳරුටයි, පැණියා සර්ටයි, ස්තූතියි.
පින්තූරය : google images.
ගණන් සර්ට ආරංචි වුනේ නැද්ද මේක ?
ReplyDeleteදැන් ඔය විදියට සමීකරණයක් එහෙම දාලා පොල් කඩන වෙලාවලුත් තියෙනවද ඇත්තට ආ ...
@ Sammani,
ReplyDeleteආරංචි වෙන්ඩත් ඇති, ඒ ගැන මට ආරන්චියක් නැහැ. :-) හැබැයි ඉතින් දෙන්නගෙම ගේම ඔහොම තමා. මූනට හරි යාළුයි..
අපොයි ඔව් දැන් ඔය සමීකරණය නොදා පොල් කඩනවා බොරු.. හැබැයි ඉතින් වැඩේ කියන්නේ ඒ සමීකරණය දාලා පොල් කඩන්ඩත් දැන් පොල් ගස් නැහැ. එතන තමයි පීටී සර්ට වැරදුන තැන.
හික් හික් ..
ReplyDeleteමොනවා වුණත් ජොලි පොරක් වගේ ඔය ගුරුතුමා .. මගේ ජීවිතේදිත් හිනා වෙලා විහිලුවක් කරලා ඉන්න ගුරුවරුන්ට තමා මම මාරම ගෞරවයෙන් හිටියේ
උඹ හරි මචන්.. මට මතක විදිහට එතුමා අනිත් ගුරුවරුන්ට වැඩිය ටිකක් ජනප්‍රියයි..
ReplyDeleteස්තූතියි, කුරුඳු ගහක් ලෑටි ගාලා යන්ඩ ආවාට..
ඒල මචන් කතාව මාත් එනවා දිගටම .දෙගටම ලියපන්න් ජයවේව!!
ReplyDeleteස්තූතියි, අසරණයා. දිගටම ලියන්ඩ තමා අදහස. බලමු කොච්චර දුර යන්ඩ පුලුවන්ද කියලා. උඹලෑ සහයෝගය හරි වටිනවා. මාත් ඒ පැත්තේ එන්නම් වෙලාවක.
ReplyDeleteකතාවනම් නියමයි..මම නම් ඉස්කෝලෙ කාලෙ PT පීරියඩ් එකට තමයි ආසම නැත්තෙ..අව්ව්ව් ඉන්න වෙන නිසා..:D
ReplyDeleteස්තූතියි සිත්රූ සිහින. මමත් එච්චර කැමති දෙයක්නම් නෙමේ.
ReplyDeleteෂා.... ඔය තියෙන්නේ. ඔහොම යං. ඔහොම යාං.....
ReplyDeleteඔය කිව්වම මතක් උනේ . අර උබන්ටු පාඩම ගෙන කියන්නේ නැද්ද ?
සුගා.. ස්තූතියි... කාමරේ සගයකුගෙන් ලැබුන comment එකක්. හරි වටිනවා...
ReplyDeleteහපොයි.. රෙද්දක් ඇඳගන ඕවා කියන්ඩ පුළුවන්ද බන්...
අනේ ඒ කාමරේ සගය කියාපු උබුන්‍ටු පාඩම ගැනත් කියමු එහෙනම්...
ReplyDeleteඒකට පාඩමක් කියන්ඩ බෑ.. වඩාත්ම ගැලපෙන යෙදුම තමා "ඇදගන නෑම". ලියන්ඩ දෙයක් නැතිම උනොත් ඒ ගැන සලකලා බලන්නම්... හිහ්..හිහ්... :-)
ReplyDeleteමරු කතාව..
ReplyDeleteඅපි ඒ දවස්වල හරි ආසයි පීටී පීරියඩ් එකට... එළියට ගිහින් නටන්න පුළුවන්නෙ.... සමහර ඕෆ් පීරියඩ්වල පීටී මිස් ඇවිත් පන්තිය අරන් එලියට යනව.... හරි ආසයි එතකොට...
ආහ්.. මේකටත් කමෙන්ට් එකක් දාලා ගිහින් තියෙන්නේ.. ස්තූතියි මියුරු...
ReplyDeleteඅපේ පීටී සර් කොල්ලෝ කෙල්ලන්ගේ ලියුම්, ලව් කේස් පස්සේ තමා පැන්නුවේ. පොර ගැන කතා මගේ බ්ලොගෙත් තියෙනවා..
ReplyDeleteකුරැන්දේ තව කුරැටු ගාපං.. ජය පතමි..
ස්තූතිය් සෑම්.... පුලුවන් තරම් කාලයක් කුරුටු ගානවා....
ReplyDeleteසංකීර්ණ දෙයක් වුණත් සරලව උගන්වන්න පුලුවන් ගුරුවරයෙක් වගේ :))
ReplyDeleteකවුද බං ඔය සර්???
ReplyDeleteදන්නා අඳුනන කෙනෙක්වත්ද?
නම කියන එක හරි නෑනේ.. බන්..
ReplyDeleteඋඹ ගියේ CKC නම් අනිවාර්යයෙන් ඔය දෙන්නවම දැන ගන්ඩ ඕනා...
පීටී ගණං පාඩම මරු තමා ප්‍රැක්ටිකල්...
ReplyDeleteඅපිටත් හිටිය ඔහොම ප්‍රින්සිපල් කෙනෙක්. උගන්වන්න එනවා සමහර වෙලාවට. අපිත් හරි කැමතියි ඒ සර් එනවට. ප්‍රයෝගික පාඩම් තමයි කියලා දෙන්නේ. :)
ReplyDeleteපාසල් මතකයන් අතරේ කොයි තරම් දේවල් තියද..ජීවිතේට ගන්න ඉතුරු වුන...
ReplyDelete