Saturday, March 31, 2018

යෙහෙළියේ නුඹ කොහිද?

මම හිටියේ නැවතුමේ
නුඹ හිටියේ බස් එකේ
අත වැනුවේ සදහටද?
හඟවන්න වෙන්වීම.....

එයින් විසි වසකි අද....

එයින් වසරකට පෙර
නුඹේ පෙම මිය ගියා
මිහිතලය බදාගෙන
ත්‍රස්තයන් අභිමුවෙහි...

එදා නුඹ හෙලු කඳුළු
ඇත්ත බව මම දනිමි.....

එයින් වසරකට පසු
මගේ පෙම මිය ගියා
කඳුළු වැල් ගලාගෙන
චපල බව අභිමුවෙහි....

හිත හැදෙන වැකි ඔබා
කොළයක්ම පුරවලා
නුඹ එවූ ඒ ලිපිය
සොයමි මම පෙරලලා...

අනේ මට අමාරුයි
කියූ විට හිනාවෙන
දහසකුත් එකක් මැද
තනි වීම කරුමයකි

යෙහෙළියේ නුඹ කොහිද?
ආයෙ ලිපියක් එයිද?

ලියුවේ;
සෙන්නා / 31.03.2018

13 comments:

  1. දැං ලියුං එන්නෑ. මැසේජ් එකක් හරි මේල් එකක් හරි තමා ඉතිං.

    ReplyDelete
  2. Replies
    1. එළි වැටක් නැති කවියකට දිග වැටක්...

      ස්තූතියි තඩියෝ

      Delete
  3. සුපිරියි නෙව, අහම්බෙන් වගේ ගල්මල් බලන්න ආවහම මේක දැක්කේ

    ReplyDelete
    Replies
    1. ඩීන් අයියා වගේ කවි කාරයෙක් සුපිරියි කිව්වනම් ඉතින් මොනා හරි ගත යුත්තක් ඇති කියලා මම හිතාගන්නවා ඕන්..

      ස්තූතියි ඩීන් අයියා...

      Delete
  4. සෙවී කන්නා
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කවි සෙන්නා

    ReplyDelete
  5. හිතට වැදුනා. කවදා හෝ ඇයව නැවත හමුවෙන්න පතනවා

    ReplyDelete
    Replies
    1. හොඳ යාළුවෙක් කියන්නෙ ලොකු හයියක් තමා ඉයන්.

      Delete
  6. කවුරුද ඔබ මා..ඉන්නේ කොතැනා.. නොම විමසා පෙම ඉඟි මැරුවා..
    සොඳුරු වසන්තෙක මොහොතක සුව පා.. වෙන් වූවා අප සුසුම් දරා..

    මතකේ මැවෙනා.. පෙර රූ චායා.. හමු වේදෝ යලි සිත් සනහා..
    ඔබෙ නමටයි මා පාරමි පුරනා.. ඇසේවිදෝ මේ ගී මාලා.. :D

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!