Monday, May 12, 2014

SL COMICS...| චිත්‍රකතා පිස්සන්ට පමණයි

12.05.2014

උණු උණු තීන්ත සුවඳ එක්ක චිත්‍ර කතාවක් රස විඳින්න තියන ආසාව නිසාම, දැන් පත්තර කඩ වල නැති බව දැන දැනත් මම විඩින් විඩේ ගිහින් ජොලියට වගේ අහනවා "සතුට" තියනවද " සිත්තර" තියනවද "සත්සිරි" තියනවද කියලා. එතකොට පත්තර කඩේ එකා අමුතු හිනාවක් දාලා නෑ කියනවා.

බදාදට නැන්දා අරගෙන එන සතුට පත්තරේ මුලින්ම ගන්න කෙනා වෙන්න අයියයි මමයි සීයලෑ ගෙදර පඩි පෙල බැහැපු කතාව තවම ලියන්නත් තියනවා.  පොඩි කාලේ ඉඳන් ඒ පිස්සුව එහෙමයි.

ඔය ඇම්ම හින්දමයි නිකන් ඉන්න ගමන් ජාලයෙත් චිත්‍ර කතා පත්තර වල නම් ගගහ හොයන්නේ. හැමදාම අසාර්තක වුනාට සාර්තක වෙන දව්සක් එනවලුනේ.. අද එහෙම දවසක්.. ඔන්න හොයා ගත්තු ගමන්  කළේ උඹලත් එක්ක බෙදා ගත්තු එක. මේ සද්කාර්‍යය කරණ එකා කවුද කියලත් මට තාම පැහැදිලි මදි..  දැකපු විදිහට පරණ චිත්‍ර කතා සෑහෙන ගානක් තියනවා.. මට මැජික් වුනාට අනිත් අය සමහර විට දන්නවත් ඇති. දන්න අය නොසළකා හරිණු මැනවී..

තීන්ත සුවඳ නැති වුවද, චිත්‍රකතා කියවීමට මේ ආරාධනය චිත්‍රකතා ලෝලින් උදෙසාමයි..

79 comments:

  1. නියමයි මචන් අවුරුදු ගානකට පස්සෙ සත්සිරි සිත්තරයි දැක්ක. ඒ දවස්වල හැටියටනම් අම්ම අප්ප දැක්ක වගේ. ඉස්කෝලෙ ඇරිච්ච වෙලේම දුවන්නෙ අල්ලපු ගෙදර මැණිකෙ ඇන්ටිලාගෙ ගෙදර පත්තරේ බලංඩ. ඕක දැක්කෙ නැත්තං ඉතිං අර මොකද්දෝ වගේ. මධුර පත්තරේ නම් දැක්කෙ නෑ වගේ

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද ! පත්තරේ බලලා ඉවර කරනකම් නිවනක් නෑ..ඉස්සර කතා පොත් හිටන් හැදුවනේ බන්..

      Delete
  2. මේ අඩවිය අහම්‍බෙන් මුණගැහුන ඉන්දික උපශාන්තගෙ රෝලෙ තිබිල. බලන්න ඕන අනිවා

    ReplyDelete
    Replies
    1. ඉන්දික එහෙනම් කලින්ම දැනගෙන හොරා වගේ ඉඳලා නේද ? මමත් මුල සිට සරලව බලන්න ගනන් ඕනා..බ්ලොග් කිය විල්ලත් අතපසු වෙයිද මන්දා !

      Delete
    2. මේකයි උනේ. මෙන්න මෙතන අපි ගියා පොඩි චිත්‍රකතා ගැන මතකය ඇවිස්සීමක්. ඔය කතව පටන් ගත්තු මෙන්න මෙතනට කැන්ඩියන් ගොය්ය ඔය ලින්ක් එක දාල කියල මටත් අපේ ප්‍රොෆ් අනෝ තමයි දන්නල එව්වෙ. ඉතින් site එකට ගිහින් බලල, වැඩේ එළ නිසා එල්ල ගත්ත රෝලට.


      Delete
  3. පස්ට ඉස්සර අපි පොඩි කාලේ ඕවා තිබ්බේ ,ඒ කාලේ කියවන දෙන්නේ නෑ ගෙදරින් ඕවා , මම කරන්නේ සැලුන් එකට ගිහින් කියවලා ගෙදර යන එක , එක දවසක් තාත්තගේ යාලුවෙක් ඕක දැකලා වීසා කැන්සල් සැලුන් එකට

    ReplyDelete
    Replies
    1. අපිටනම් එහෙම අවුලක් තිබුනෙම නෑ බන්.. තාත්තා තමා පත්තරේ ගේන්නෙ.. අපි කියවලා තමා තාත්තට කියවන්න සුදුසුද නැද්ද කියලා තීරනය කරන්නෙ.. හෙහ් හෙහ් :D

      Delete
    2. අම්මප සැලුන් වල තමයි ඔය හැම පත්තරයක්ම තියෙන්නෙ ඒ කාලෙ.

      Delete
  4. මමත් චිත්‍ර කතා පත්තර ඇති තරම් කියෝලා තියෙනවා බං.මම හිතන්නේ මම කියවීම පටන් ගත්තේ චිත්‍ර කතා පත්තර එහෙම කියවලා වෙන්න ඇති.මොකද අපේ තාත්තා ඒ කාලේ වැඩ කෙරුවේ "මල්ටිපැක්ස්" එකේනේ.එකේ තමයි ඔය "සත්සිරි"පත්තරේ ගැහුවේ.කොහොමහරි මමත් මේ පොස්ට් එකෙන් තමයි අවුරුදු ගානකට පස්සේ චිත්‍ර කතා ටිකක් දැක්කේ සෙන්නයියේ.

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙමද ? උඹට එහෙනම් නාන්න චිත්‍රකතා තියෙන්න ඇති.. මල්ටි ෆැක්ස් එකෙන් ගැහුවේ සිත්තර.. සත්සිරි ගැහුවේ කැමිලස් පබ්ලිකේශන්..

      Delete
    2. අඩේ මට වැරදිලානේ බං සිත්තර ගැහුවේ මල්ටි ෆැක්ස් එකෙන් තමයි.තව ඕකෙන් ගැහුවා බින්දු,රන්කැටි,පුංචි,සුවද,මුතුහර වගේ ගොඩක් ඒවා.ඕවා ඉතින් අපි ඒ කාලේ කියෙව්වේ උණු,උණුවේම තමයි.
      ඒ කාලේ කිව්වේ අපේ වයසේ අනෙක් උන් ඔය "සිංහල හෝඩි පොත"කියවන කාලේ...:D

      Delete
  5. Replies
    1. එහෙම වෙන එක හොඳයි නේද ?

      Delete
  6. ස්තූතියි සෙන්නා මමත් අති විශාල චිත්‍ර කතා පිස්සෙක්. ඒ කාලේ සතුට පත්තරේ බැලීම අතපසු කළේම නෑ.උඹට ජය!

    ReplyDelete
    Replies
    1. මට මේක දානකොට උඹවත් මතක් වුනා චන්දන..

      Delete
  7. නියම වැඩක් සෙන්නා...බොහොම ස්තූතියි...!!!

    මටත් බොහොම තදට චිත්‍රකතා උන තිබුනා. මගේ ෆේවරිට් අරවින්ද..කතාව “සිහිනයේ පාවෙලා“ කැමතිම කාටූන් ශිල්පියා සිඩ්නි කරුණාරත්න. (ඇක්සිඩන්ට් එකකින් අකාලයේ මිය ගියා)
    ජනප්‍රිය වුනත් සරත් මධු ගේ ස්ටයිල් එකනම් මට වැඩිය ඇල්ලුවේ නෑ. ඉන්ද්‍රජිත් රංජන්ගේ චිත්‍ර හරි සජීවියි. “නෑ එයාට ඒඩ්ස් නෑ“ මතක ද...?

    ReplyDelete
    Replies
    1. සුමිත් බොහොම කාලෙකින්..

      අරවින්ද මගෙත් ආසම කෙනෙක්.. තව මතකද රෝහණ කුමාර කියලා ශිල්පියෙක් හිටියා. මිනිහා පණ පිහිටවලා අඳින්නෙ.. කාර්, බයික් එහෙම අඳිනවා ආයේ ලෙසටම.. නලින් පෙරේරා කියන අන්ජලිකා සින්දුවත් මිනිහා චිත්‍රකතාවකට ලියපු එකක්.. අන්තිමට ඇන්දේ "නෙතු හැඬුවා ඔබට හොරා"සතුට පත්තරේට.. මොටර් ක්‍රොස් රයිඩර් කෙනෙක්ගෙ කතාවක්...

      නෑ එයාට ඒඩ්ස් නෑ කියලා කතාවක් ගියා මතකයි.. ඇන්දපු කෙනා මතක නෑ.. අනුර ශ්‍රීනාත්ද ?

      Delete
    2. අරවින්දගේ මං ආසම වුනු කතාව 'දයාබර මල්කි', ගියේ මට මතක වුදියට දසුන පත්තරේ එහෙම නැත්තං රසික පත්තරේ..

      @සෙන්නා,

      'නෑ එයාට ඒඩ්ස් නෑ' ඉන්ද්‍රජිත් රංජන්ගෙ.. මේරියන්ස්ලා 'අංජලිකා' සිංදුව ගැහුවෙ මේ කාලෙම වුනාට ඒ සිංදුවයි, චිත්‍රකතාවෙ සිංදුවයි වෙනස්..

      Delete
    3. @ බුරතිනෝ,

      ඒක වෙනස්ද ඈ ? මට මතක ඒකම වගේ.. කොහොම හරි අංජලිකා සිංදුවත් ලියලා තියෙන්නේ රෝහණ කුමාර.

      Delete
  8. චිත්‍ර කතා බලන අය වෙනුවෙන් කල උදව්වට බොහොම ස්තුතියි. මෙතන තියන එකම චිත්‍රකතාවකට වත් මම කැමති නැහැ. ඒවා තාත්වික නැති නිසා. ජී.එල්.ගෞතමදාස, සුසිල් ප්‍රේමරත්න, බන්ධුල හරිශ්චන්ද්‍ර වගේ අයගේ චිත්‍රකතා තමයි අපි පොත් වශයෙන් හා පුවත්පත් චිත්‍රකතා ලෙස කියෙව්වේ. ඒ පරපුරේ අවසාන පුරුක් වන, ජනක රත්නායක, දයා රාජපක්ෂ වැනි අයගේ නිර්මාණත් අඩුවූ පසු, චිත්‍රකතා කියවීම නැවතුනා.

    ReplyDelete
    Replies
    1. රස විඳීමේ වෙනස නේද ? ගෞතමදාස කියලා කෙනෙක්ව මතකම නෑනෙ... බන්ධුල හරිස්චන්ද්‍රනම් සුපිරියි... දයා රාජපක්ෂ තාම අඳිනවා දිනපතා පුවත්පත් වලට..

      Delete
    2. ශ්‍රී වික්‍රම චිත්‍රකතා පොත් සීරීස් එක ( 70 දශකයේ ) කලේ කවුද?
      ඔහු තව කතා 3 , 4 ක් කලා

      Delete
    3. ප්‍රා කියන කතාවනම් මට මතකම නෑ.. මේකෙ තියනවද දන්නෑ...!

      Delete
    4. ප්‍රා....මම හිතන්නේ සුසිල් ප්‍රේමරත්න. ලන්දේසි හටන, බිලිපූජාව කරෙත් එයා.

      Delete
    5. Sri Wikrama ande Purawijaya Fonseka

      Delete
  9. අපේ අක්කයි අයියයි බලපු හින්දා ඉස්සරම ඔය සත්සිරියි සිත්තරයි නම් බැළුවා.. ඊට පස්සේ බලපු කාලයක් මතක නෑ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්ලෑ කාලෙ වෙනකොට චිත්‍රකතා අභාවයට යන්න පටන් අරන් වෙන්නෝනා...

      Delete
  10. පිස්සන්ට විතරක් කියලා තිබ්බ හන්දා ඔන්න අපි ආවේ නෑලු. :D

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ පිස්සියන්ටත් එන්න පුළුවන්..

      Delete
    2. පොඩ්ඩි, තිසර හරි. පිස්සියන්ටත් එන්න පුළුවන්... :D

      Delete
  11. අපේ අක්කල චිත්‍ර කතා වල ලව් ස්ටෝරි ටික බලන කොට අපි කාටුන් ටික බැලුව. පස්සේ ඔය ඉනොමස්, ස්පාටකස් වගේ වීර කතා බැලුව.. අපි ලව් ස්ටෝරීස් බලන කාලේ වෙනකොට චිත්‍ර කතා අභාවයට ගිහින්.. මට මතකයි ඉස්සර දහයයි දහය කියල හොල්මන් කතා වක් තිබ්බා.. පත්තරේ සිත්තර හරි සත්සිරි හරි වෙන්න ඇති.. අර ඔලුව අතට අරන් රෑ 10.10 ට කෙල්ලව හොයාගෙන එන කොල්ලෙක්ගේ කතාවක් ..

    ඔය ඉනොමස් වගේ ෆැන්ටසි වීර කතා කියවල හැදිච්ච පිස්සුව තමයි මට නම් තාම තියෙන්නේ.. තාම මම ඕවගේ ෆිල්ම්ස් බලන්න හෙන ආසයි..හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පත්තරේ සත්සිරි.. දහයයි දහයෙ ඔළුව නැති කතාවක් නෙවෙයි තිබ්බෙ.. කොල්ලා මැරිලා හොල්මනක් විදියට කෙල්ලත් එක්කම ඉන්නවා.. කසාදත් බඳිනවා.. අන්තිමේදි දැනගන්නවා කොල්ලා ඇත්තටම මැරිලා නෑ, එයාගෙ තාත්තාගෙ විද්‍යාත්මක පරීක්ෂණයක ප්‍රතිඵලයක් විදියට නොපෙනී ජීවත්වෙනවා (invisible man) කියලා..

      ඔළුව අතේ අරන් එන සීන් එකක් තිබුනා 'ගොම්මනේ කම්පනය' කතාවෙ.. ඒක ගියේ සිත්තර පත්තරේ..

      Delete
    2. Buratheno ස්තුතියි, මම ඔය කතා බලනකොට වයස අවුරුදු 12-13ක් විතර ඇති. මට තියෙන්නේ යන්තම් මතකයක් විතරයි.

      Delete
    3. පැතුම්, ඔය කියන කතාව මට ලාවට මතකයි... ටෝගා, ප්‍රාග්, යුනිකෝ, ස්පාටකස්... වීරයමො කීයක්ද නේද ?

      @ බූරා, අනේ අම්මන් උඹේ මතකය තමා මතකය.. උඹට මතකද සුමති-ජෝති ඇඳපු "සුද්දි" ඒකෙද කොහෙද පිල්ලියක් එහෙම යවන සීන් එකක් තිබුනා මට තාමත් මතකයි.. යකාමහත්තයා එහෙම හිටියේ ඒකෙ නේද ?

      Delete
    4. @පැතුම්,

      මගේ මතකය වැරැදියි. ඔයා හරි. මම ඔය කියලා තියෙන කතාව සෙන්නා අර දාලා තියෙන සයිට් එකේ තියෙනවා, "යකාගේ කතාවක්" කියලා.. ඔයා කියන කතාව දහයයි දහය වෙන්ටෝනැ..

      Delete
  12. නියමයි බං... මම පැල් බැඳගෙන චිත්‍රකතා කියෙව්වෙ නැති වුණාට, චිත්‍ර නම් මාර විදිහට රසවින්දා. මම ඉස්සර චිත්‍ර කතා වල රූප බලාගෙන අඳිනවා. ඔය ලව් සෝංග්ස් කියලා තියන කතාව අඳින කෙනා ඇඳපු චිත්‍ර නම් බොහොම හුරුයි. පොර කෙල්ලෝ අඳින්නේ මාර හුරතල් විදිහට :)

    ReplyDelete
    Replies
    1. මම ඒ දවස් වල ඔහොම ඇන්දේ අර වීර කතා වල අමුඩේ ගහගෙන ඇඟ පුම්බගෙන ඉන්න චරිත... හෙහ් හෙහ්

      Delete
    2. ඒ කුමුදු තාරක.. මිනිහගෙ කෙල්ලො හුරතල් වුනාට කොල්ලො මහ සීනිබෝල පාටයි.. මට ඇල්ලුවෙම නැති බුවෙක්.. :-D

      පොරගෙ තාත්තා තමා කලින් පරම්පරාවෙ චිත්‍රකතා ශිල්පියෙක් වුනු වත්තල්පල කුසුමන්..

      Delete
    3. තිසර, අපිත් ඉස්සර ඔය ටෝගලාව එහෙම ට්‍රේස් කරලා ඇන්දා....

      @ පැතුම්, ඒ දවස්වල උන් තමා නේද වීරයො..

      @බූරා, ඇත්ත කුමුදු තාරකගෙ කෙල්ලො හුරතල්, කොල්ලොත් ඒ වගේම ළාමක සීනි බෝල ලුක් එකක් තමා තිබුනෙ. ඔන්න බලපන් මම මේකෙන් කරුනු දෙකක් දැන ගත්තා..

      1. වත්තල්පල් කුසුමන් කියන්නේ ගෑණු කෙනෙක්ද, පිරිමි කෙනෙක්ද කියලා අද වෙනකම් හිතා ගන්න බැරුව මම හිටියේ..

      2. වත්තල්පල් කුසුමන් කුමුදු තාරකගෙ තාත්තා කියන එක.. උන් දෙන්නගේ චිත්‍රනම් සෑහෙන වෙනස් නේද ?

      Delete
  13. නියමයි සෙන්නා. දැන් මේ චිත්‍ර කතාවක් සම්පූර්ණයෙන් කියවන්න පුලුවන්ද මේකෙන්. මටතේරුනේ අතරින් පතර තියෙනවා වගේ. එතකොට වරහන් ඇතුලෙ ටියෙන අංකෙන් කියවෙන්නේ කමෙන්ට් ගාන නම් නෙවෙයි. ඒ කොටස් ගානද?

    ReplyDelete
    Replies
    1. හෙන්රි, මම දැකපු විදිහට හුඟක් කතා සම්පූර්ණයෙන්ම තියනවා. අතරින් පතර සමහර එපිසෝඩ් මිස් වෙලා තියනවා. ඒක කතාව තේරුම් ගන්න බාධාවක් වෙන එකක් නෑ... වරහන් ඇතුලෙ තියෙන්නෙ කොටස් ගාන. එක පෝස්ට් එකකට එක කොටස ගානේ තමා එයා දාලා තියෙන්නෙ...

      Delete
  14. මේක පට්ට සෙන්නා... ටෝගා කතාව එහෙම මට තවම මතකයි.. අම්මයි අප්පච්චියි තහනම් කරල තිබ්බේ මේවා කියවන්න.. චිත්‍ර කතාවලට කොච්චර ආසද කියනවනම් අප්පච්චි බුලත් ඔතන් එන පුන්චි පත්තර කැල්ලේ තියෙන චිත්‍ර කතාවෙ චුට්ටත් කියවනව 15 පරක් විතර...

    මීට අමතරව අපි අර නවරස, සොඳුර වගේ චිත්‍ර කතා පත්තර වගයකුත් කියෙව්වා මතකයි ඒ කාලේ...

    ReplyDelete
    Replies
    1. හයියෝ මට නං තාම මතකයි හොදටම සොදුර පත්තරේ කොට්ටේ අස්සේ හංගන් හිටියා.. හැක්..

      Delete
    2. සුඳුර කියලා චිත්‍රකතාවකුත් තිබුනද බන් ? අපිනම් කියෙව්වෙ සොඳුර කියලා අර පත්තරයක් තමා. ඔය දේශත් කියලා තියෙන්නෙ...

      Delete
  15. ලංකාදීපෙය් වැඩ කරන කාලේ බොහෝ චිත්‍ර ශිල්පීන් ඇසුරු කරන්න ලැබුණා. වික්‍රම දයා රාජපක්ෂ වැන්නවුන් මොනතරම් සුන්දර මිනිසුන්ද? විනෝදයෙන් විහිලුවෙන් මේ අය හා ගතකළ කාලය කෙතරම් සුන්දරද. ස්තුතියි සෙන්නා මේ ලිංකුවට.

    ReplyDelete
    Replies
    1. නලීන්, ලංකාදීපෙ වැඩකලානම් දන්නවද "සතුට" පත්තරේ එක දවසෙන් වහලා දාන්න හේතුව එහෙම ?

      Delete
  16. මගේ ත්ත්තගේ එක විනොධාංශයක් තමා ඔය චිත්‍ර කතා, තාත්තගේ පරණ කතා පොත් සෙට් එකක්ම මගේ අතින් පොඩි කලේ තෙමිලා විනාස උනා, එත් දැන් ඔය කතා පොත් පොත් වගේ ගහල විකුනනවා නේද? අර සුසිල් ප්‍රේමරත්න මහත්තයාගේ රන් දූපත කතා පොත නං මන් ළඟ තියෙනවා, එක නේද සිංහලෙන් පලවෙච්ච පලවෙනි චිත්‍ර කතා පොත. ඒ වගේම අර සිංහ නමින් චිත්‍ර කතා ලියපු සමරසිංහ අංකල්ව නං හොඳටම දන්නවා, එයාගේ කතා තමයි ටෝගා, ප්‍රාග් සහ (මොකක්ද මතක නෑ) හි හී මොක උනත් වටින වැඩක් වටින ලින්ක් එකක් , ගොඩක් ස්තුතීයි, ඔබට ජය

    ReplyDelete
    Replies
    1. ඔව් පොත් තියනවා.. අනුර ශ්‍රීනාත් එහෙම අලුත් චිත්‍රකතා පොත් හිටන් ගහනවා..

      Delete
  17. Replies
    1. ස්තූතියි බින්දි. කියවන්නකො චිත්‍රකතා හිමීට එහෙනම්..

      Delete
  18. නියමයි සෙන්නා. අපිත් පොඩිකාලෙ ආසාවෙන් කියෝපු ඒව තමයි සිත්තර එහෙම.
    තාක්ෂනේ දියුණු උනාට පස්සෙ ඒව නැතිවෙච්ච එකනං අපරාධයක්.

    ReplyDelete
    Replies
    1. එකනෙ බන් මේ දුක... අන්තරජාලයෙන් කියෙව්වත් අර ෆීලින්ග් එක ගන්න අමාරුයි බන්..

      Delete
  19. මේකට කොහෙන් කමෙන්ට්ස් දාන්ට පට්ටාං ගන්ටද කියලා හිතාගන්ට බෑ බං.. ආයෙමත් ‍ගෙදර තියෙන පරණ චිත්‍රකතා අලවපු පොත් ටික ඇදලා බලන්ට ඕන.. :-D

    ReplyDelete
    Replies
    1. කැමති තැනකින් පටන් ගනින් බන්ස්..කොහෙන් පටන් ගත්තත් ඉවර කරන්න ලේසි නෑ නේද ? අඩේ ඒ පොත් ටික පරිස්සම් කරලා තියාගනින්.. රටක් රාජ්‍යයක් වටිනවා ඕවා තව පස්සෙ.. මම මේ කියලා තියන සයිට් එකේ මම දැක්කා පොරක් කමෙන්ට් එකක් දාලා තිබුනා පත්තර/ කතා පොත් තියනවනම් කියන්න, පොර කියන ගානකට ගන්නවා කියලා.. "මුත්තයියා" පාර එහෙම තියනවද බලපන් උඹ ගාව.. මම අදටත් හෙනම ආස කතාවක් ඒක.. අපේ නැන්දා ඒකෙන් පොතක් හදලා තිබුනා...ඒවා අද කොහෙද මංදා බන්.. මම මේ ලඟදි මීරිගම ගිහින් ගේ පෙරලුවා ඔය පත්තර / පොත් ටික හොයා ගන්න.. හම්බුන්නැ බන්.. කොහෙට වෙලාද මංදා... :(

      Delete
  20. අප්පේ පරණ යාලුවෙක් කාලෙකින් හම්බුනා වගේ. තැන්කු මචෝ.

    ReplyDelete
  21. ඒ අතීතය ආපහු ගලපගන්න ඒ සොඳුරු බ්ලොගයේ මිනිසුන් දරන උත්සාහය අති උතුම් සෙන්නා. උඹ නිකම් හිතපන් මොන පුකේ අමාරුවටද මේ දේවල් කරන්නේ කියලා. උන් සොඳුරු මානවකයින් සහ මානවිකාවියන්. මම පෞද්ගලිකව මොන රෙද්දක්ද කරලා තියෙන්නේ. මගේ කතාවක් ලියනවා. උන් අපිට ලෝකය මතක් කර දෙනවා. ඔය සයිට් එක කැන්ඩියන් හෝ ප්‍රොෆයිල් ඇනෝ වරක හඳුන්වා දුන්නා. සෙන්නා ...ඒ හඳුන්වාදීම පෝස්ට් එකකින් කිරීම ගැන , නාකි මගේ ආදරණීය සැලුට් එක. උන් මාර සෙට් එකක්. උන් අපි වගේ පිස්සු යෝනියෝ බන්. ඒ බුවාලාට මගේ අති උතුම් සැලුට් එක.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බන්..මොන ඇම්මකටද නේද ? උඹේ සැලුයුට් එක උන්ට හයියක් වෙයි...

      කමෙන්ට් එකක් එහෙම් දාලා පොඩි ගැම්මක් දීහල්ලා..නැත්නම් මේ කෙරුවාව එපා වෙනවා කියලා අපි හොඳටම දන්නවනේ...

      Delete
  22. මම හිතන්නේ අලුතෙන් කියන්න අවශ්‍ය නෑ, ඒ කාලේ අපිට තිබ්බ චිත්‍රකතා පිස්සුව ගැන. මම පන්සලේ පොඩි හාමුදුරුවන්ගෙන් පත්තරේ ඉල්ලන් ඇවිත් බලනවා. පස්සේ දවසක බණකට අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ වැඩියා. බණ අතරමග විවේකයේදී සාක්කුවෙන් ගත්ත පත්තර පිටු දෙකක් බලලා මාට්ටු වෙලා, ලොකු හාමුදුරුවෝ දුන්නේ නැද්ද ලෙක්චර් එකක්.

    කැමිලස් ගේ ගජමෑන් අමතක කරන්න බෑ. ටෝගා, යුනිකෝ, සෙලීනා, ස්පාටකස් ඒ කාලේ අපේ වීරයෝ. මට මෑතකදී බලන්ගොඩ සරත්මධු ව හමු වුණා ෆේස්බුක් එකෙන්. ඒ හරහා එස්.එල්. කොමික්ස් ෆේස්බුක් පේජ් එකත් හමු වුණා. නමුත් සෙන්නා කියනකම් මේක හම වුනේ නෑ. ඇත්තටම සංරක්ෂණය කරන්න ඕනේ දෙයක් කියලයි මම හිතන්නේ. අපේ වැඩිහියිටෝ මේවට ඒ කාලේ ගැරහුවා.
    මෙන්න බලන්ගොඩ සරත්මධුගේ ෆේස්බුක් ලින්ක් එක

    ReplyDelete
    Replies
    1. සරත් මධු ෆේමස්ම වුනේ "ඉතින් ඊට පස්සෙ" කතාවෙන් නේද ? මටනම් හැබැයි සරත් මධු ගෙ කතා ඇල්ලුවේ නෑ, එයා චිත්‍ර වැහෙන්නම දෙබස් ලියන නිසා. මම නම් ෆේස්බුක් පාවිච්චියක් නෑ සුදීක හැබැයි අවශ්‍යකෙනෙක් වෙතොත් මේ ලින්ක් එක එයාට වැදගත් වෙයි. හොඳයි දාපු එක..

      අපිටනම් දෙමාපියන්ගෙන් කිසිම බලපෑමක් තිබුනෙ නෑ චිත්‍රකතා කියවන එක ගැන. තාත්තා තමා පත්තරේ ගෙන්නෙ. අපි තමා කලින්ම කියවන්නේ.. සමහර වෙලාවට තාත්තා කියවනකොට කෑලි ඉල්ලගෙනත් කියවලා තියනවා.. සහයෝගයෙන් චිත්‍රකතා බැලුවෙ..

      SL Comic කට්ටිය කරණ වැඩේ ඇත්තටම හොඳයි.. මෙහෙම දෙයක් තිබුනා කියලා අඩුම ගානේ අනාගත පරම්පරාවට දැනගන්නවත්..

      Delete
  23. මහ ලොකු පණ්ඩිතයෝ වගෙ ලිව්වට අපි ඔක්කොම එක මල්ලෙ. මං කැමතිම කතාව ස්පාටකස්.. ඒකෙ මේ කොටස ස්පාටකස් කියනවා
    "සත්‍යය වෙලාවකට කමකට ඇති දෙයක් නෙවෙයි ඒ සත්‍යය නොවුන නිසා නෙවෙයි.. සමාජ සන්දර්භයේ සත්‍යයට ඉඩක් නොතිබුණ නිසා "

    ReplyDelete
    Replies
    1. කොච්චර පිස්සුවක් තිබුනද කියලා හිතා ගත්තෑකි මෙච්චර කාලයක් ගිහිල්ලත් ඒ කියමනත් මතක තියන එකෙන්... :)

      Delete
  24. මන්නම් ඉතින් එච්චර චිත්‍රකතා පිස්සෙක් නෙමේ. ඒ උනාට බොහොම ස්තුතියි සෙන්නාට මහන්සි වෙලා මේවා හොයලා කට්ටියත් එක්ක බෙදා ගත්තට.

    ReplyDelete
    Replies
    1. හැමෝටම ඔය පිස්සු හැදෙන්නෙත් නෑනෙ.. අනිත් එක ඕගොල්ලන්ගෙ කාලෙ වෙනකොට චිත්‍රකතා අභාවයට යමින් තිබුනේ...

      Delete
  25. අඩේ සෙන්නා මාර ඔත්තුවක්නෙ දීලා තියෙන්නෙ...මට ඔය රැල්ල අග කාලය මතකයි...ඒ කාලෙත් මධුර / සත්සිරි වගේ පත්තර වෙළද පොලට ආවා....මෑතක් වෙනතුරු තිබුනෙ කැමිලස්ගෙ ගජමෑන් පත්තරේ...දැන් ඒකත් නැතුව ඇති...ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය වල විකාශනයත් එක්ක චිත්‍රකථාවට තිබුන පිළිගැනීම නැතිවුනා කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  26. මටත් ඉස්සර චිත්‍ර කතා පිස්සුව තිබුනා. නමුත් දැන් නම් ඒ තැන අරගෙන තියෙන්නෙ පොත්. චිත්‍ර කතාවල තාම ආස 'භීම' ට විතරයි. ඇන්දෙ කව්ද නම් මතක නෑ.

    ReplyDelete
  27. මමත් මේක එල්ල ගත්ත කොහේදි හරි බ්ලොග් එකක ලින්ක් එකක් දාල තියෙනව දැකල... නියමයි කාලෙකට පස්සෙ...
    අපි පොඩි කාලෙ ඔය චිත්‍ර කතා පත්තර බලන්නෙ හොරෙන්... අම්මල හරි තරහයි ඕව බලනවට... මට මතක නෑ එහෙම උනේ ඇයි කියල... ඒවයෙ යන ලව් කතා හින්ද අපි ඒව කියවල නරක් වෙයි කියල හිතාගෙනද මන්දා... සිත්තර, මධුර, සතුට තමා නිතර බලන්න ලැබුනෙ...

    ReplyDelete
  28. මටත් එච්චර පිස්සුවක් නෑ චිත්‍ර කතා ගැන. ඒත් නිවාඩු කාලෙක නැදැ ගෙදරක ගියා. එහේ අයියලා බරට ඕවට ඇබ්බැහි වෙලා හිටියේ...... මට හරියට අකුරු අමුණලා කියවන්නත් බැරි එකේ මමත් පින්තුර බැලුවා. මට ආපු ලොකුම ප්‍රස්නේ තමා එකම පුද්ගලයව විවිධ කොණ වලින් කතාව පුරා අඳින්නේ කොහොමද කියන එක. නිවාඩුව ඉවර වෙලා එද්දි මම පත්තර දෙක තුනක් ඉල්ලගෙන ආවා...... මගේ හිත ගිය එකම විරයා ටෝගා. ඉතින් මම මිනිහව පුලුවන් තරම් ඇන්දා කො‍ල වල... හිතලා අඳින්න පුලුවන් තරම් වෙනකල්.... ආසම වැඩේ තමයි මිනිහව අඳිද්දි මිනිහගේ ඇස් අඳින්න ඕනේ නැති කම.... ඇස් අඳින එක ලේසි වැඩැක් නෙමෙයිනේ... මුනේ හැඟ‍ිම සම්පුර්ණයෙන් වෙනස් වෙනවා ඇස් වලින්.... ඒත් ටෝගගේ එහෙම නෑ.... මොකෝ මිනිහා ඇස් වලට රෙදි පටියක් බැඳගෙනනේ ඉන්නේ........

    ReplyDelete
    Replies
    1. උඹ ඔය කියන්නේ "යුනිකෝ" ගැන. ටෝගා රෙදි පටියක් බැඳලා නෙමේ ඉන්නෙ..

      Delete
  29. විමල් පියංකර කෙරැවේ ලොකු වැඩක්. ඒකෙන් ආපහු චිත්රකතා ගැන ලොකු පිබිදීමක් වුණා. ඒ හින්දා දැන් ආයෙත් අලුත් චිත්රකතා පත්තර දෙකක්ම වෙළද පොලට එන්න ලැස්තියි. ඒත් කණගාටුවට කරැණ මේ කියන slcomics එක පසුගියදා නවත්තල තියෙන එකයි.

    ReplyDelete
  30. චිත්‍ර කතා වලට තිබු නෙ ඇබ්බැහවීමක්...ඇයි කියන්න දන්නේ නැ...කාලයක් අන්තර්ජාලය සැරිසරහෙව්ව අංජලික කතාව...සුමතිපාල ජෝතිපාල, රෆීක් ඩීන් හොඳට මතකයි. අංජලිකා ලිව්වෙ කව්ද කියල මතක නෑ...හැබයි ආසයි..හිතවත පත්තරේ ට තමයි ඉස්සෙල්ල ම tv add එකක් ගියෙ

    ReplyDelete
  31. ko dan site eka?
    Aluth site ekak thiyenawada?

    ReplyDelete
    Replies
    1. ow fb eke Sathrisi kiyala page ekak thnawa
      https://www.facebook.com/sathrisi

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog