2013 වෙසක් මස 11වනදා
අසූව දශකයේ මුල ඇතිවූ ඒ දීපව්‍යාප්ත වැඩවර්ජන රැල්ල, තාත්තාගේත්, අම්මාගෙත් රැකියාවන් අහිමි කොට දමා තිබීම නිසා දරිද්‍රතාවය ඉදිරි දොරටුවට තට්ටු දමමින් තිබුණි. වසරකට ආසන්න අති දුෂ්කර කාලයකට පසු තාත්තාට රැකියාවක් ලැබුණද, එය දරු පස් දෙනෙකුගෙන් යුතු පවුලක කුදු මහත් කටයුතු වෙනුවෙන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවුණේය. කොරේ පිටට මරේ යැයි කියමින්, තාත්තාගේ මතට ඇබ්බැහිවීම තත්ත්වය තව තවත් නරක අතට හරවන බව ඔහුට හැර අන් සියලු දෙනාටම වැටහුණු කාරණයකි. ඔහු පියවි සිහියෙන් සිටින විට, නන්දා මාලිණියගේ "බුදු තාත්තෙ බොන්න එපා" ගීතය ඔහුට ඇසෙන්නට වාදනය කිරීමේ සිට බීමට ගෙනවිත් සඟවා තිබූ මත් පැන් රහසින් විසි කරදැමීම දක්වාවූ නා නා ප්‍රකාර ක්‍රමෝපායන් අත්හදා බැලුවද, ඒ එකක්වත් සාර්ථක නොවුණි. ඒවායින් ලද එකම ප්‍රතිඵලය ඔහු ප්‍රකෝප වීම පමණය. අවසානයේදී, පවුලේ සාමය වෙනුවෙන්, වෙන දෙයක් වෙද්දෙන් යැයි සිතා ඔහුට රිස්සක් කරගැනීමට හරිනවා මිස වෙන විකල්පයක් ඉතිරිව නොතිබුණි.
අති බහුතර ලාංකීය කුටුම්බයන් සංඛ්‍යාවක් වෙතින් දික්කසාදය නම්වූ ඒ අමිහිරි අත්දැකීම ඉවත් කොට තැබීමට නිහඬ එහෙත් අති විශාල සේවයක් කළ ඒ අපූර්ව ආප්තෝපදේශය වූ "බැඳගත්තු බෙරේ ගහන්න එපැයි" යන්නට තවත් එක් නිදර්ශනයක් එකතු කරමින්, කඩා වැටෙමින් පැවති පවුලේ ආර්ථිකයේ සැලකිය යුතු බරක් සිය කර මතට ගැනීමට ධෛර්යවන්ත කාන්තාවක් වූ අම්මා ඉදිරිපත් වූවාය. කුඩා කළ සිටම දරිද්‍රතාවයේ විවිධ හැලහැප්පීම් තුළින් ලද පන්නරය මෙයට මුල් වූවා නිසැකය.
කුකුළාටත් පෙර අවදිව, කුස්සියේ ලිප ළඟ ගිනි රස්නයට දැවෙමින්, දෑත් රිදුම් දෙනතුරු ඉඳි ආප්ප මිරිකා හෝටලයකට හා අසල්වැසි නිවෙස් වලට විකිණීම වැටෙමින් පැවති ආර්ථිකය නගා සිටුවීමට ඇය ගත් එක පියවරකි. එපමණකින් නොනැවතී, ගල්ලැහැ පන් උපයෝගී කරගෙන වියනු ලබන, අප විසින් "පන් කාපර්ට්" යැයි හැඳිවූ බුමුතුරුණු විශේෂය විවීමද දිවා කාලයේ ඇය අතින් සිදු කෙරුණාය. කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ආයතනයකට අනුබද්ධව ඔවුන්ගෙන් ලද ඇණවුම් මත මෙම කාර්යය සිදු වූ අතර ප්‍රධානම ගැණුම් කරුවා "ලක්සල" යි. මෙය කුඩා අපටද අමතර ආදායමක් උපයාගත හැකි කාර්‍යයක් විය. බුමුතුරුණු විවීම උදෙසා මුලින්ම ගල්ලැහැ පන් උපයෝගී කොටගෙන, කාන්තාවන් කොණ්ඩා ගොතන ආකාරයෙන් පටියක් ගොතා ගත යුතුය. අපි විසින් මෙය "පටි ගෙතීම" යනුවෙන් හැඳින්වීමු. අම්මා කෙතෙක් ඇවිටිලි කළද සෙල්ලම් වයසේ සිටි අප හට එක තැනකට වී මෙම කාර්‍යයෙහි යෙදීම මරනවා වැනි විය. බැරිම තැන අම්මගෙන් ඒ සඳහා පොඩි උත්තේජනයක් ලැබුණි. ගොතනු ලබන සෑම පටි යාරයකටම ශත දහයක් ගෙවීමට ඇය පොරොන්දු වූවාය. මෙය, තත්ත්වයෙහි සැලකිය යුතු වෙනසක් ඇතිකරවීමට සමත් විය. එයින් පසු අප විසින් උනන්දුවෙන් පටි ගෙතීමටත්, ගොතන ලද පටි මැන පොතක සඳහන් කරගැනීමටත් පුරුදු වූහ. ඇණවුමක් ලක්සලට දැමීමෙන් පසු ලැබෙන මුදලින් පොරොන්දු ප්‍රකාර අපගේ මුදල් ගෙවීමට අම්මා වගබලාගත්තාය. කාලීනව මතු වෙන එක් එක් අවශ්‍යතා වෙනුවෙන් මෙම මුදල් වැය කිරීම අපගේ සිරිත වූහ.
මෙයට අමතරව බිත්තර උදෙසා ඇති කරවනු ලැබූ කුකුළන් රංචුවක්ද වූහ.. බිත්තර විකිණීමෙන් ලැබෙන ආදායමද පවුලේ දියුණුව වෙනුවෙන්ම වැය කෙරිණි. අම්මාට සහයක් වෙමින් ලොකු අම්මාද කොහු ලණු කැරලි ගොතා කඩයට දැමීමෙන් යම් අදායමක් උපයා දීමට සමත්වූවාය.
මේ සියල්ල කළද, දරු පස්දෙනෙකුගේ අධ්‍යාපන, සෞඛ්‍යය වියදම් දරමින්, වැඩිවෙන ජීවන වියදමට මුහුණ දීම ඔවුනට අපහසු කාර්‍යක් වූහ.. තාත්තා සිය මුළු අදායමම ගෙදර වෙනුවෙන් වැය කළේනම් යම් තරමක සහනයක් ලැබිය හැකි වුවද, එසේ කළත් සම්පූර්ණ වශයෙන්ම වියදම් පියවා ගැනීමට හැකියාවක් නොතිබුණි. තාත්තාගේත්, අම්මාගේත් එකඟත්වයෙන් නිවසේ ඉදිරිපස කාමරය කුලියට දීම, නිවසේ ආදායම් වැඩි කරගැනීම උදෙසා ගනු ලැබූ අලුත්ම ක්‍රියාමාර්‍ගය විය. එයින් වසර පහක් හෝ හයකට පසුව සිදුවන ප්‍රස්තුත කතාවට පසුබිම සකසනුයේ මෙම තීරණයයි.
මුලින්ම කාමරය එක්තරා යුවලකට කුලියට දෙනු ලැබූ අතර ඔවුන් වැඩි කල් එහි නොරැදුනහ. එයින් පසුව එය, කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක සේවය කළ තරුණයක් දෙදෙනෙකුට වාසභවන විය. කුරුණෑගල සිට පැමිණි මොවුන් දෙදෙනා වැඩි කල් නොයවාම අප හා මිත්‍රාශීලී වූහ. ඔවුන් අතර වූ වයස් පරතරය නිසාම අප විසින් "ලොකු අංකල්" හා "පොඩි අංකල්" වශයෙන් හැඳින්වූ මොවුන් දෙදෙනා, ටික කලෙකින්ම අප නිවසේ සාමාජිකයන් වන තරමටම අප හා කුළුපග වූහ.
"ලොකු අංකල්" නැමැත්තා බොහෝ ඇසූ පිරූ, දැනුම් තේරුම් ඇති, පරිණත අයෙක් බව නිතැතින්ම විද්‍යාමාන විය. ඔහුගේ ඉංග්‍රීසි දැනුමද ඉතා හොඳ තත්ත්වයේ වූ අතර අප හට එය නොමිලේ බෙදා දීමට තරම් ඔහු නිර්ලෝභී වූවේය. "පොඩි අංකල්" නැමැත්තා මදක් විනෝදශීලී තාරුණ්‍යයේ පසුවූ අයෙකි.
~~~~~
යතුරු පැදි නොහොත් මෝටසයිකල් ! ඒ වනවිට අසූව දශකයේ අග භාගයේ දිවි සරමින්, ගැටවර වියට පිය මනිමින් සිටි අප හටද, සෑම පිරිමි ළමයෙකුට මෙන්ම මෙම රෝගය තදින්ම වැළඳී තිබුණි. යතුරු පැදියක් හිමි කරගැනීම හීනයක්ම බැවින් අඩුම තරමින් එකක් පැදීමේ ආශාවවත් සන්සිදුවා ගත යුතුය. තාත්තා සතු එකම වාහනය වූ, එකල අප විසින් "ෆොනෙක්ස්" ලෙසින් හැඳින්වූ "ෆීනික්ස්" බයිසිකලය, ඒ වන විට අප විසින් එපා වෙනතරමටම පැද තිබුණෙමු. පාපැදියක් පැදිය හැකි සියලුම ක්‍රම ඒ වනවිට අත්හදාබලා සුදුසුකම් සපුරා සිටියහ.
පැවති තත්ත්වය හමුවේ තාත්තාට යතුරු පැදියක් මිලදී ගන්නයැයි ඉල්ලා සිටිම හාස්‍යයට කරුණක් බව තේරෙන තරමට අප මෝරා සිටියෙමු. එබැවින් කෙදිනකවත් විහිළුවක් ලෙසවත් එවැනි ඉල්ලීමක් සිදු වූ බවට මතකයක් නොමැත.
මාගේ මෝටර් සයිකල් උමතුව තීවෘර වීමට බලපෑ තවත් ප්‍රධානම හේතුවක්නම් පන්තියේ මිතුරකු විසින් සිය පියා සතුවූ "සුපර්කබ්" රථයෙන් එහෙ මෙහෙ සැරි සැරීමය. නෙක නෙක සෙල්ලම් පෑමය. මට මෙන්ම අයියාටත් මෙවැනිම හේතුන් බලපෑ බවට නොඅනුමානය. හඳ ඉල්ලා හඬා වැටෙන පුංචි එවුන් එය ලබාගත නොහැකි බව අවබෝධවූ පසු, සිය ආශාව යටපත් කොටගෙන නිහඬ වන්නේ යම්සේද, අපගේ යතුරුපැදි ආශාවද සිත්වලටම පමණක් සීමා කොට සඟවා තබා ගෙන නිහඬ වන ලෙස දරිද්‍රතාවය විසින් සිය තර්ජනාංගුලිය විදහා අපට දන්වා සිටියේය. එහෙත් ඒ ආශාව යතුරුපැදි වල පින්තූර එකතු කිරීම වැනි අහිංසක ප්‍රයෝගයන්ගෙන් සපුරා ගැනීම වැළැක්වීමට දරිද්‍රතාවයද අසමත් වූවේය.
පොඩි අංකල් හදිසියේම මෙන් ගමේ යැමක් සිදුවන්නේ මෙවන් වාතාවරණයක් යටතේදීය. පසුදින සුදු පැහැති දුම් දමමින් පැමිණ හදිසියේම අපගේ නිවස ඉදිරිපිට නතරකළ යතුරු පැදියේ ධාවකයා කවුරුද යන්න දැනගැනීමට මොහොතක් බලා සිටීමට සිදුවූහ. ආරක්ෂිත හිස්වැස්ම ඉවත් කළ පසු ඒ පොඩි අංකල් බව හඳුනා ගත් සැණින්, අයියාත් මාත් එතනට දිවගියේ යන්ත්‍රානුසාරයෙනි. අපගේ උනන්දුව අපටද නොදැනුවත්ව අපගේ දෙපා ක්‍රියාත්මක කොට තිබුණි. යතුරුපැදිය වටා දෙතුන් විටක් කැරකී අප එය අතගා බලන තෙක්ද පොඩි අංකල් විසින් තවමත් එහිම වාඩිවී සිටියේය.
"කොහොමද ? හොඳයිද ? " ඔහු විසින් සිනාසී ඇසීය.
"කොහෙන්ද පොඩි අංකල් මේ ? ඔයාගෙද"
"නැතුව ඉතින් වෙන කාගෙවත් ඒවා අපට දෙනවයැ"
දැන් අපගේ සවන ඉන්ද්‍රිය යමක් අපට අවභෝධකරවමින් සිටී. දීර්ඝ කාලයක් සඟවා තබාගෙන සිටි ආශාවක් ඉෂ්ටකර ගැනීම මගක් පැදී එන බවට ඉවෙන් මෙන් අවභෝධවෙමින් තිබුණි.
"ඒ කියන්නෙ පොඩි අංකල් ඉස්සරහට වැඩට යන්නෙ මේකෙන්ද"
"හ්ම්ම්"
මම අයියා දෙසත්, ඔහු මා දෙසත් බැලුවේ නොසිතාමය. අපගේ හිත් ප්‍රීතියෙන් පුරවාලීමට ඔහුගේ උගුරෙන් නිකුත් වූ එම හඬට හැකි විය. පොඩි අංකල් යතුරුපැදියෙන් බැස ගිය පසුද අප ඒ වටා කරකැවෙමින්, එය අතාගාමින් සිටියේ එම ආශාව නිසාමය. එයින් නිකුත්වූ පැට්ට්‍රල් සුවඳ ඒ මොහොතේ මට මෙලොවෙහි වූ හොඳම සුවඳ විය. එහි ඇක්සිලේටරය කරකවා බැලීම, ගියර් ලිවර් එක පාගා ගියර් කඩා බැලීම, ස්විච් එහෙට මෙහෙට කොට බැලීම වැනි මූලික පරීක්ෂණයන් එයින් පසු සිදු කෙරිණි. යමහා මේට් ෆිෆ්ටි වර්ගයේ යතුරු පැදියක් වූ එය, ඉදිරියෙන් සුදු පැහැති ප්ලාස්ටික් ආවරණයකින් වැසී තිබුණු, ඉදිරිපසින් කකුල දමා ගොඩ විය හැකි, පෙට්ට්‍රල් ටැංකිය සීට් එක යට පිහිටා තිබූ වර්ගයේ එකකි. මාගේ මිතුරා සතුවූ සුපර්කබ් එකෙහි හා මෙහි වෙනසක් නොවූ තරම්ය. හොන්ඩා සුපර්කබ් එක පරයා යමහා මේට් ෆිෆ්ටිය ඉදිරියෙන් සිටින බව එම මොහොතේම මම නිගමනය කළෙමි. එය හුදෙක්ම, මුකුත්ම නැතිව තිබෙනවාට වඩා ලැබී තිබෙන දේ අගය කළ යුතු නිසාම මිසක, එම යතුරු පැදි දෙක පිළිබඳ කළ විධිමත් සංසන්දනයකින් පසු කළ නිගමනයක් නොවුණේය. ඇත්තෙන්ම එය අලුත්ම සතුරු පැදියක්ද නොවුණි. එහෙත් අපට බලපෑමක් කිරීමට එම සාධකයට කිසිඳු හැකියාවක් නොතිබුණි.
"ඕකෙ ඇක්සිලේටරේ නිකන් කරකවන්න එපා පුතාලා, කාබලේටරේට තෙල් යනවා " යි පොඩි අංකල් ජනේලයෙන් ඔළුව දමා කෑ ගැසුවේ අපගේ මෙම පරීක්ෂණය අතරතුරය.
දැන් මාගේ එකම අභිලාෂය වූයේ මෙය වටයක් පැද බැලීමයි. අයියාත් එයම අදහස් කළ බවට මොනවද කැට ! එහෙත් පොඩි අංකල් විසින් කවදා අපට මෙය පදින්න දේවිද යන්න ගැටළුවක්ම විය. මේ උණුසුමේම එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට තරම් අප අඥානද නොවූවෙමු. තව ටිකක් ඉවසීමට එකි නෙකා කතිකා නොකරම අප විසින් එකඟ වූ සෙයකි.
එයින් පසු කාලය දින සති වශයෙන් ගෙවී ගියේය. කල් යල් බලා යතුරු පැදිය පැදීමට පොඩි අංකල් වෙත කෙරුණු ඉල්ලීම් කිහිපයක්ද බාලගිරි දෝශයට හසුව පසු පසට තල්ලුවී ගිහහ. එහෙත්, යතුරු පැදිය පිස දැමීම, රාත්‍රියට ගෙට ගැනීම හා උදෑසනට එළියට දැමීම වැනි කටයුතු අයියාගේත්, මගේත් දායකත්වයෙන් නොකඩවා සිදු කෙරුණේ කවදා හෝ අවස්ථාවක් ලැබේයැයි යන බලාපොරොත්තුවේ බීජය සිත්හී දරාගෙනය. පොඩි අංකල් විසින් දිනපතාම වැඩට යාමට ලක ලෑස්තී වී පැමිණෙන විට යතුරු පැදිය සූදානම්ව මිදුලේ නතරව තිබුණේ එහි ආනුභාවයෙනි.
නිරන්තර ඇවිටිලි ගෑමෙහි ප්‍රතිඵලයක් ලෙස එක් ඉරිදා දිනක පොඩි අංකල් විසින් යතුරු පැදිය පැද්දවීමට එකඟ වූවේය. ඔහු විසින් පසු පස අසුනේ වාඩි වී අප හට මාරුවෙන් මාරුවට යතුරු පදිය පැදගෙන යාමට ඉඩ ලබා දුන්නේය. පාපැදිය පැදීමෙහි වූ පුරුද්ද නිසාම මෙය කෙළින් රැගෙන යාමේ කලාව හසු කර ගැනීමට අපට මහ වේලාවක් ගත නොවුණි. මෙම අනර්ඝ අවස්ථාව ඉතා කෙටි කාලයකට සීමා කෙරුණේ තෙල් අවසන් වෙමින් පවතින බව පොඩි අංකල් විසින් දැනුම් දීම නිසාය. "පස්සෙ දවසක ආයෙ බැරියෑ" යි යන්නෙන් නැවතත් දවසක මෙලෙසින්ම පද්දවන බවට පොරොන්දුවක්ද ලැබුණි.
මිදුලෙහි යතුරු පැදිය නතර කෙරුණු පසු පොඩි අංකල් විසින් යතුරද රැගෙන ඉවත් විය. එහෙත් අප දෙදෙනා තවමත් යතුරුපැදිය අසල දැවටෙමින් සිටියේ අසංතෘප්ත ආශාවෙන්ය. අයියා තවමත් යතුරු පැදිය මත නැග සිටියේ එයින් බැසීමට අකමැති බවක් දක්වමිනි.
"ලොකු මල්ලී ඔයා ටිකක් තල්ලු කරනවද ? " යි එක වරම ඔහු මගෙන් ඇසීය. දෙවරක් නොසිතාම මමද ඔහු කී ලෙස කළෙමි. මා විසින් තල්ලු කරණ විට ඔහු යතුරු පැදිය තුලනය කරගනිමින් ඉදිරියට මෙහෙයවීය. අප විසින් ගේ ඉදිරිපස සුළු ඉඩෙහි ටික වේලාවක් තල්ලු කිරීමෙන් අනතුරුව ඉදිරි පස වැලි පාරට ප්‍රවිෂ්ට වූවෙමු. එවිටම වාගේ පොඩි අංකල්ගෙන් නිකුත් වූ "බලාගෙන.. පෙරළන්න එහෙම එපා" යි යන විධානය එම ක්‍රියාවට ඔහු අකමැති නොමැති බව අප හට දැනුම් දුන්නේය. මෙලෙස ඉඩදීමෙන්, අපගේ කන්කරච්චලයෙන් මිදී, ඔහුගේ සාක්කුවට හා යතුරු පැදිය යන දෙකටම අඩුම අවාසියක් වන අයුරින් ගැටලුව මගහැර යා හැකියයි ඔහු සිතුවා වන්නට ඇත.
~~~~~
සුපුරුදු පරිදි අලුයම දෙකට පමණ අම්මා විසින් කූද්දනු ලැබීමෙන් එදිනද මම අවදි වුණෙමි. ඒ වන විටත් අයියා පාඩම් කරමින් සිටියේය. පැදුරෙන් නැගිට දැසින්ම නිදි ගැට කඩමින් අම්මා පස්සේ වැටෙමින් කුස්සියට ගමන් කොට කුස්සියෙහි වූ වේවැල් කැඩී ගිය පුටුවට බර වුණෙමි. අම්මා විසින් ලහි ලහියේ ලිප ගිනි මොලවා, කේතලය ලිප තබා, ඉඳි ආප්ප තැම්බීමට අවැසි කටයුතු සම්පාදනය කරන විටත් මා පුටුව මතට වී, පුටුවෙහි ඉදිරි පස අඬු දෙක හරහට ඉහළින් සවි කර තිබූ ලීය මත කකුල් දෙක තබා ගැනීම නිසා උඩට එසවෙන දණිස් දෙක අතර නිකට රුවාගෙන, අත්දෙක කකුල් වටා යවා දණහිසට පහලින් බැදගෙන තව මොහොතක් හෝ වකුටු වී නිදා ගැනීමට උත්සහ කරමින් සිටියෙමි. මා මෙසේ සිටින විට කොහේදෝ සිට එන කිටියාද මා සහ පුටු ඇන්ද අතර වූ හිස් ඉඩට ගුලි වනුයේ උණුසුමක් සොයමින් විය යුතුය. මමද උගේ උණුසුමට ප්‍රිය කළ බැවින් ඌට සිත්සේ සිටීමට ඉඩ හරිමි. මෙය සෑමදාම සිදුවන නිශ්චිතව පෙලගැස්වූ දෛනික ක්‍රියාකාරමකින් කොටසකි.
අම්මා විසින් සාදා දෙන තේ එක පානය කරන තෙක් නිදි කිරමින් සිටින මම, එයින් පසු ටිකෙන් ටික ක්‍රියාශීලී වීම අරඹමි. මින් පෙර අම්මාට සහය දීමේ වගකීමට උරදී සිටියේ අයියා වුවද, ඔහු විසින් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාඩම් කිරීම ඇරබීමත් සමඟම එම වගකීම මා වෙතට පැවරුණි. රාත්‍රී එක දෙක පමණ වන තුරු පාඩම් කරණ අයියා සාමාන්‍යයෙන් නින්දට වන්නේ අප අවදිවූ පසුවය.
අලුයම පවතින මෙම ගැඹුරු නිහඬතාවයට මම කවදත් අතිශය ප්‍රිය කළෙමි. තේ එක බීමෙන් පසුවද දණහිස් තුළ නිකට රුවා මා එළියෙන් එන ශබ්ද වලට සවන් දෙමින් ඒවා හඳුනා ගැනීමට උත්සහ දැරුවෙමි. එවිට, වවුලෙකුගේ තටු සලා ඉගිල යෑමක්, බල්ලකු කන්පට ගැසීමක්, ඇතින් ඇසෙන කුකුළකුගේ හැඬලීමක් ආදී වශයෙන් පැහැදිලිව හඳුනාගත හැකි හඬවල් කිහිපයක් පමණක් ශ්‍රවණය කළ හැකිවේ. බෝධිසත්වයා ප්‍රමුඛ අපගේ කුකුළු නඩයද තවමත් සැප නින්දේය. අප උන්ටත් කලින් අවදිව සිටියෙමු.
ඉඳි ආප්ප සඳහා පොල් ගෙඩි හතරක පොල් ගා, සම්බෝල සෑදීම මාගේ මෙම අවදි වීමේ මුඛ්‍ය පරමාර්ථයයි. ඒ සඳහා මා විසින් කලින් දින පොල් ගෙඩි හතරක් ලෙලි ගසා, කටුව පැදෙන තරමට පිහියකින් සූරා සූදානම් කොට තැබීම සුපුරුදු චර්යාවයි. පොල්ගෙඩි හතරක් ගා සම්බෝල සාදා අවසන් කිරීමට පැය දෙකකට ආසන්න කාලයක් ගතවේ. එයින් පසු කළ යුතු විශේෂ කාර්යයක් නොවුණෙන් පොතක පතක වැඩක් කර ගැනීමට මම ඉතිරි කාලය ගත කරමි. මේ, එසමයෙහි අපගේ දිනය ඇරඹුණු සාමාන්‍ය පිළිවෙතයි.
"ලොකු මල්ලී පොඩ්ඩක් එන්නකො" උදෑසනම නැවත අවදිවී සිටි අයියා, සාලයේ සිට බෙරිහන් දෙන විට මා කුමක්දෝ සටහනක් ලියමින් සිටියෙමි. මා සාලයට යන විටත් ඔහු පොඩි අංකල්ගේ යතුරු පැදියට ගොඩවී ප්‍රධාන රඳවනය නිදහස් කරගැනීමට යතුරු පැදිය ඉස්සරහට පද්දවමින් සිටියේය. ඔහු අදහස් කළ දේ ඉවෙන් මෙන් හඳුනා ගත් මා, වහා ඉදිරිපත් වී ඔහුට සහය දීමෙන් යතුරු පැදිය ප්‍රධාන රඳවනයෙන් නිදහස් කොටගෙන සම්පූර්ණ බරම එහි රෝද මතට හා, අයියාගේ දෙපා මතට ගැනීමට සමත් වූවෙමි.. ඉන්පසු නිවසෙහි ඉදිරිපස දොරටුව විවෘත්ත කොටගෙන යතුරු පැදිය මිදුලට ගන්නා විට කළුවරවත් පහවී නොතිබුණි.
එයින් පසු අප විසින් සැලකිය යුතු වේලාවක් එකිනෙකා මාරුවෙන් තල්ලු දමමින් යතුරු පැදිය පදින ලද්දෙමු. එයට පැදීමක් යැයි කිව හැකිදැයි නොතේරෙන නමුදු, කෙසේ වෙතත් තුලිතව යතුරු පැදියක් ඉදිරියට ගෙන යාමට අප තුළ වූ ආශාව යම් පමණකින් හෝ සංතෘප්ත කොට ගැනීමට මෙය ඉවහල් විය. එදින මෙම ක්‍රියාව නිවස ඉදිරි පස වූ මීටර් පනහක් පමණ වූ වැලි පාරෙහි ඔබ මොබ සැරි සැරීමකට පමණක් සීමා විය.
දෙවෙනි දවසේදී තවත් පියවරක් ඉදිරියට තබමින්, නිවස ඉදිරිපස වූ වැලිපාරෙන් වමට හැරී තාර පාර වෙත ගමන් කරනා වැලිපාරෙහිද යතුරු පැදිය තල්ලු කරමින් ඉහළ පහළ ගමන් කළෙමු. තෙවෙනි සිව්වෙනි ආදී වශයෙන් ඉදිරියට පැමිණි දිනයන්හීදී ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගමන් කොට, තාර පාරෙහිද සැලකිය යුතු දුරක් ගමන් කළෙමු. එයින් පසු මෙය, පාරෙහි ගමන් කරනා අප අසල් වැසියනට අතිශය සාමාන්‍යය දසුනක් වෙන තරමටම අප විසින් දෛනිකව සිදු කරණ ලද කටයුත්තක් බවට පත් විය. ආශාව කෙතරම්ද යත් අප හට එය අප්‍රිය වන ලකුණකුදු දක්නට නොවුණි.
ඔය අතර වාරයන්හීදී අප විසින් යතුරු පැදිය පණගන්වා ගැනීම උදෙසා දන්නා සියලු උත්සහයන් දැරූවද අපගේ බලාපොරොත්තු කඩවෙමින් ඒ එකක්වත් සාර්ථක නොවුනි. තල්ලු කරමින් යනවිට ගියර් එකකට දැමීමෙන් යතුරු පැදිය පණ ගැනීමට උත්සහ දරණ බව අප විසින් සිදු කරණ ලද අනර්ඝ සොයා ගැනීමක් විය. එහෙත්, යතුරු පැදියක් පණ ගන්නා මුල්ම අවස්ථාවේදී ඇතිවෙන ශබ්ධය පමණක් ඇතිවී ඒ සමඟම බුසු බුසු හඬක් නගමින් මලානිකව වියැකී යන්නේ එම ශබ්ධයට සමගාමිව උච්චාවචනය වන අපගේ බලාපොරොත්තුද සමගිනි. කික් කිරීම මගින්ද පණ ගන්වා ගැනීමට උත්සහා දැරුවේ මෙලොව පවතින, කිසිසේත්ම සිදු නොවෙතැයි අප විශ්වාස කරණා දෑ හදිසියේම සිදුවීම යන සංසිධිය මතවූ අල්ප බලාපොරොත්තුවකින් මිස යතුර නැතිව කික් කිරීම නිශ්ප්‍රයෝජන දෙයක් බව නොදැන නොවේ.
කටයුතු මෙසේ සිදුවෙමින් පවතින විට, දිනක් සවස අයියා විසින් මාහට පෙන්වූයේ සතුට, බලාපොරොත්තුව ඉහල නංවන දෙයකි.
"මෝටර් බයික් යතුරක් නේද ? කොහෙන්ද ?"
"මට යාළුවෙක් දුන්නෙ, අපි බලමු මේකෙන්" ඒ අයියාගේ යෝජනාවයි.
"හරි යයිද ? " යි මා ඇසුවේ ආවේනික යතුරකින් මිස සෑම එකකින්ම පණ ගැන්විය නොහැකි බව මා දැන සිටි නිසා වෙමි.
"බලමු, මිනිහානම් කිව්වෙ යතුරු පරණ වුනාම ඕන එකකින් ස්ටාර්ට් කරන්න පුළුවන් කියලා. අනික, මේකත් මේට් ෆිෆ්ටියකම එකක්."
එම සතර කන් මන්ත්‍රනයෙන් පසු හෙට නම්වූ දවස උදාවෙන තෙක් මා සිටියේ නොයිවසිල්ලෙනි. එදින රාත්‍රියේ මා හට හරිහමන් නින්දක් නොවූ අතර අළුයම අම්මා අවදි කිරීමටත් පෙර මා නැගී සිටියෙමි.. වෙනදා උදෑසනට අවදි වූ විට පවතින අපහසුතා කිසිවක් එදින නොවුනි. පුටුව මත වකුටු වී විදින අලස සුවය විදීමට එදින මා හට ඉස්පාසුවක් හෝ උවමනාවක් නොතිබුනි. කිටියාටද එදා උණුසුම් වීමට නොලැබුනි. එදින වවුලන් පියබා ගිය බවක්, බල්ලන් කන්පට ගැසූ බවක් හෝ කුකුළන් ඈතින් හැඬලූ බවක් මා හට මතක නැත . තේ එක පානය කිරීමටත් පෙර පොල් ගෙඩි ටික බිඳ, ගෑමට පටන් ගත්තෙමි. උනන්දුව විසින් ඇති කළ ජවය හිරමනය කරකැවීම වේගවත් කළ අතර එය සවිකර තිබූ මේසය, එය මත වූ බඩුත් සමඟම දඩ දඩ ගා සෙලවෙන්නට ගත්තේ භූමිකම්පාවක් සිහි ගන්වමිනි.
"මොකද ඔය හදිස්සිය ?" යි අම්මා ඇසුවේ ඇයද මාගේ වෙනස නිරීක්ශණය කළ බැවිනි.
මාගේ උනන්දුව ඔරලෝසුවට නැති සෙයකි. එය සුපුරුදු රිද්මයෙන්ම කිසිඳු හදිසියකින් තොරව කැරකෙමින් තිබුනි. එබැවින්ම මාගේ කාර්යය නිමා කිරිමෙන් පසු තවත් හෝරා කිහිපයක් නොයිවසිල්ලෙන් බලා සිටීමට සිදු වූවෙමි. එදින පොතක පතක වැඩක් කිරීමටද හිතේ නිස්කලංකයක් නොවුනි.
ගොලුබෙල්ලෙක් මෙන් ගමන් කළ ඔරලෝසුව අවසානයේදී අදාල ස්ථානයට ලඟාවිය. අයියාත් මා මෙන්ම සුදානම්ව සිටි බැවින් වෙනදාටත් කලින්ම අප විසින් යතුරු පැදිය එළියට අර ගත්තෙමු. තාර පාරෙහිද සැලකිය යුතු දුරක් ගෙවෙන තෙක් එය තල්ලු කරගෙන පැමිණියේ යම් හෙයකින් එය පණ ගතහොත් ශබ්ධය ඇසීම වැලැක්වීමටය. ඉන්පසු යතුරු පැදිය නතර කොට සිය සාක්කුවෙන් යතුර ගත් අයියා එය යතුරු සිදුරට ඇතුලු කර දකුණට කරකැවීය. දකුණු පස වූ හතරැස් කොළපාට බල්බය දීප්තිමතව දැල්වූයේ අපගේ සිත් සතුටින් පුරවාලමිනි. එම මොහොතේ ඇති කරවනු ලැබූ ඒ සතුට මිශ්‍ර හැඟීම, අදටත් යතුරු පැදියක යතුර දමා කොළ පාට බල්බය දැල්වීමේදි මා අත්විදිනු ලබමි. එම මොහොත සිහි කරවනු ලබයි. අප දෙදෙනා උඩ නොපැන්නා පමණයි. සතුටෙහි කෙලවරක් නොමැත. දැන් ඉතින් කළ යුත්තේ මේ නෙලා ගත් ඵලය භුක්ති විඳීමය. එය වංචාවක් බවත්, නොකළ යුතු දෙයක් බවත් අවභෝධ වුවද ආශාව විසින් ඒ සියල්ල යටපත් කොට දමා තිබුනි.
"පොඩ්ඩක් ඉන්න තෙල් තියනවද දන්නෑ" යි කියමින් ඉදිරි අසුන ඔසවා පියන විවෘත්ත කළ අයියා ඉන්ධන තත්ත්වය පරික්ශා කොට බැලීය. එය සතුටුදායක මට්ටමක විය.
ඉන් අනතුරුව යතුරු පැදියට නැගි අයියා විසින් කික් පැඩලය පෑගීමෙන් එය පණ ගැන්වීය. ඇන්ජිමෙන් නැගුනු හඬ අපගේ සතුට දෙගුණ තෙගුණ කළේය.
එදින අප විසින් සිත්සේ යතුරු පදිය ධාවනය කළෙමු. නමුත් වෙනදාටත් කලින්ම එය නැවත රැගෙන ඒමට අප සැළකිලිමත් වූවෙමු.. මේ ලද අවස්ථාව හසු නොවන සේ භාවිතා කිරීමට අප දෙදෙනාම කතිකා කරගත්තෙමු. ඒ අනුව සෑමදාම එය නොපැදීමට තීරණය වූ අතර වෙනදාට වඩා කලින් එය පැදීමට අප විසින් සැළසුම් සකස් කෙරුවේ, පොඩි අංකල් වැඩට යන වේලාව වන විට ඇන්ජිම නිවී තිබිය යුතු බැවිනි. ඔහුගේ කකුලට රස්නය දැනේවියැයි බියක් අප වෙත තිබිණි.
එදින පොඩි අංකල් වැඩට පිටත් වන ආකාරය දෙස අප දෙදෙනාම හොරෙන් නිරීක්ශණය කෙරුණේ ලබ් ඩබ් ලබ් ඩබ් අනුකරනයෙන් ස්පන්දනය වෙන වේගවත් හදවත්ද සහිතවය. වෙනදා මෙන්ම යතුරු පැදියට නැගුනු ඔහු, යතුර දමා කරකවා, කකුලෙන් කික් පැඩලය දකුණට හරවා යතුරු පැදිය පණ ගැන්වීය. සුපුරුදු ලෙසම එය කෑගසමින් අවදි වී අපගේ හදවත් වලට සමානුපාතිකව ගැහීමට පටන් ගත්තේය. ඉන්පසු පැති කණ්නාඩි සකස් කළ පොඩි අංකල් විසින් වම් කකුලෙන් ගියරකට දමා බෲම් ගා ඉගිලී ගියේ අපගේ හිත් සැහැල්ලුවකින් පුරවාලමිනි.
කාලය සෙමින් ගලා ගියේය. අප විසින් උපක්‍රමශීලී ලෙස පොඩි අංකල්ගේ යතුරු පැදිය භාවිතා කරමින් සිටියෙමු. පටි ගොතා එකතු කරගත් මුදල් වලින් ඉඳ හිට පෙට්‍රල් ගැසීමට තරම්ද අප කල්පනාව දුර දිග මෙහෙය වූවෙමු. ඒ මන්ද යත් අප ගැන පොඩි අංකල්ට ගතු කිව හැකි එක් ඔත්තු කරුවෙක්නම් ඉන්ධන ටැංකියයි. එමනිසා ඔහුට සන්තෝශම් දී සතුටින් තැබීමට අප වගබලා ගත්තෙමු. මෙතක් මෙම ක්‍රියාව හසු නොවීම පිළිබඳව විටෙක අපම මවිතයට පත්වීමු. "මේ මනුස්සයට මේක නොතේරෙනවාද, නැත්නම් තේරී ඒ බව නොහඟවා ඉන්නවාද " යන ගැටලුවත් අප දෙදෙනාටම වූවේය. ඒ මහාර්ඝ වස්තුව වූ "යතුර" වැඩි පරිස්සමට නිතරම අප සන්තකයේ තබා ගැනීමට වගබලා ගත්තෙමු. එවකට මා සතුවූ ගාංචුවක් සහිත නිල් පැහැති කොට කලිසමෙහි, මෙම යතුර නිතරම මා විසින් එල්ලාගෙන සිටියෙමි. එක් ඉරිදා දිනෙක මෙය නිරීක්ශණය කළ පොඩි අංකල් විසින් සියල්ලන් ඉදිරියේදී " ආ ආ දැන් යතුරු එල්ලගනමයි ඉන්නෙ නේද" යි ඇසුවේ සිනාසෙන ගමන්ය. ඔහු විසින් යමක් අවභෝධ කොටගෙන සිටින බවක් ඇඟවීදැයි සැකයක්ද අපට මතු වූහ. කෙසේ වෙතත් ඒ සම්බන්දයෙන් අයියාගේ දෝශාරෝපණයට ලක්වීමට මට සිදු විය.
"මම තමුසෙට කිව්වනෙ ඕක ඔහොම පේන්න එල්ලන් ඉන්න එපා කියලා, බලනවා දැන් පොඩි අංකල් මොනවා හරි හිතුවද දන්නෑ."
වැඩි පරිස්සම උදෙසා එයින් පසු අප යතුරු පැදිය භාවිතය ටික කලෙකට තවත් සීමා කළෙමු. දැන් දැන් ඒ සඳහා වූ ආශාවද හීන වෙමින් පැවතුනි.
වංචාවට, බොරුවට කෙටි කලක් පමණක් රජකම් කළ හැකි බව නැවතත් පසක් කරමින් අවසානයේදී ඒ අමිහිරි දිනය උදා විය.
එදිනද අප සුපුරුදු පරිධි යතුරු පැදිය පාරට ගෙන සිත්සේ පැද නැවත ගෙනවිත් තැබූවෙමු. දැන් පොඩි අංකල් පරික්ෂා කර බලාවියයි යන බිය සම්පූර්ණයෙන්ම අපගේ සිත් වලින් පහවී තිබූ බැවින් එය ගෙනවිත් නතර කළ පසු පාසල් යාමට සූදානම් වනවා මිස පොඩි අංකල්ගේ හැසිරීම් නිරීක්ශණයක් නොවුනි. එය එතරම්ම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුනි. එදිනද මම පාසල් යාමට සූදානම් වෙමින් සිටියෙමි. හදිසියේම නිවසේ ඉදිරි පසින් ඇසෙන කෑ ගැසීමේ ශබ්ධය කුමක්ද යන්න බැලීමට මම බොත්තම් නොපියවූ කමිසය පිටින්ම කාමරයෙන් පිටතට පැමිණියෙමි.
"කවුද මේ බයිසිකලේ පැද්දෙ ?" පොඩි අංකල් උස් හඬින් ඇසීය. ඔහු තදින්ම කෝපාශ්ඨ වී සිටියේය.
"පැද්දෙ ?? අපිනම් පැද්දෙ නෑ, තල්ලු කළා විතරයි" මම කීවෙමි.
"තල්ලු කළා විතරයි ? තල්ලු කළාම ඇන්ජිම රත් වෙනවද ? බොරුනම් කියන්න එපා හරිද. මම දැන ගත්තා යතුරු එල්ලගෙන ඉන්නකොට මොකක් හරි විකාරයක් කරන බව" යි ආදී වශයෙන් ඔහු විසින් උස් හඬින් අප වෙත දෝශාරෝපණය කළා පමණක් නොව අවනඩුව තාත්තාට සහ අම්මාටද ඉදිරිපත් විය.
අයියාත් මාත් මුහුණින් මුහුන බලා ඇස් වලින් කතිකා කරගත්හ. ඒ මා පැවසූ ප්‍රකාශයෙහිම එල්බ ගැනීමටයි. තාත්තා සහ අම්මා අපෙන් නැවත විමසා සිටියද අපගේ පිළිතුර එයම විය.
"අපි පැද්දෙනම් නෑ, තල්ලු කරන ගමන් ගියර් එකටනම් දැම්මා, ඒකෙන් රත් වුනාද දන්නෑ" යි අයියා විත්තිය වෙනුවෙන් තවත් සාක්ශියක් ගෙන හැර පෑවේය. එයින් පැමිණිලිකරුගේ කෝපය වැඩි වූවා මිස වෙන කිසිවක් නොවුනි.
අවසානයේදී පැමිණිලිකරු කෝපයෙන් පුපුරමින් යතුරු පැදියට නැග පිටත්ව ගිය අතර තාත්තාගෙන් නැවත යතුරු පැදිය නොඅල්ලන ලෙස අවසාන නියෝගය ලැබුනේ බැනුම් වර්ෂාවකට පසුවය.
අප විසින් ඔහුගේ යතුරු පැදිය පැදීමට ගත් දා සිට, මුල්ම වරට එදින පොඩි අංකල් හට ඇන්ජිමේ වූ ලිහිසි තෙල් තත්ත්වය පරික්ෂා කිරීමට සිත්වී ඇත. ඒ සඳහා ඇන්ජිමේ වූ පියන විවෘත්ත කිරීමට යාමේදී එය රත් වී ඇති බව ඔහුට වැටහී යාම මෙලෙස අපගේ යතුරු පැදි භාවිතයේ ආරම්භයට නැවතීමේ තිත තැබීය. මෙය අප විසින් කිසිදිනක බලාපොරොත්තු වූ හෝ අනුමාන නොකළ දෙයකි. මේ පිළිබඳව කලින් සිහියට පැමිණියේනම් කිසිවිටකත් අප විසින් මෙම අවධානම නොගැනීමටත් ඉඩ තිබුණි. එයින් පසු අප විසින් ඔහුගේ යතුරු පැදිය වැරදීමකින්වත් නොඇල්ලුවෙමු .
එයින් දස වසරකට පසු, රැකියාවට යාම සඳහා උදේ හවහා, කාර්‍ය බහුල කොළබ-මීගමු පාරේ වාහන තද බදයන් අතරින් වංගු කපමින්, වෙට්ටු දමමින් යතුරු පැදියෙන් ගමන් කිරීමට මෙම ආරම්භයෙන් ලද පරිචය ඉමහත් පිටිවහලක්ම විය.
~~නිමි~~
පිදුම : එදා, දරු පස් දෙනෙකුගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සිය ජීවිතයම කැප කොට ජීවන අරගලයක යෙදුනු, මෙදා, අංශභාග රෝගයෙන් ඔත්පලව ජීවිතය පවත්වා ගැනීම උදෙසා අරගලයක යෙදෙන, ආදරණීය අම්මාට.
~~සෙන්නා / 11.05.2013
harima lassanai.. eththatama hithata weduna...
ReplyDeleteස්තූතියි ඔබට.
Deleteමමත් තාත්තගෙ බයික් ඒකත් ඔහාෙම පැද්ද ඉස්සර සත 5 න්
Deleteමම වැඩිය කමෙන්ට් කරන්නැති බ්ලොග් කියවන්නෙක්.
ReplyDeleteවර්තමානයේ සිංහල බ්ලොග් තල කඩා වැටීමක් පැහැදිලිවම දක්නට තියෙනවා, කුණුහරප විකාර ලියවුනු එක්තරා පිරිසක් තම තමන් ගොනුවී කමෙන්ට් කරගනිමින් යන්තම් තම බ්ලොගයක පනගැටගහ ගන්නා සිංහල බ්ලොග් කරුවන් පිරිසක් අද ඉතුරුව ඉන්නවා.
ඔබේ මේ ලිපිය මේ තත්වය තුල තිබෙන බ්ලොග් "අවකාශයට" ආලෝකයක්. බොහෝ ආර්ථික අගහිගකම් ඇති පවුල් ජිවිතයට මුහුණදෙන ආකාරය සංවේදීජනක බව නොඅඩුව ඔබ ලිය තිබෙනවා, ඒ අතීත අත්දැකීම් ඔබේ දිවිය ඔප්නංවා ගැන්මට ඉවහල්ව ඇති.
ඔබගේ අරමුණු සර්වප්‍රකාරයෙන් සාර්ත්කවෙවා!!!!!
ඔබගේ අගය කිරීම මට සතුටක්. සුබ පැතුමටත් තුති. ඔබටත් එසේම පතනවා.
Deleteකතාව කියවලා හොඳ කමෙන්ට් එකක් දාන්ට හිත හිත පහලට ආවාම 'පිදුම' දැක්කේ. ඇස්වලට කඳුලු ආවා සෙන්නා. ඒ ආදරණීය අම්මට මගෙත් උපහාරය!!!
ReplyDeleteකතාවට කමෙන්ට් පස්සේ.
ඇස්වලට කඳුළු නංවන්න වීම ගැන කණගාටුයි පොඩ්ඩි.. ඒත් මේක තමා යතාර්තය.
Deleteඅනිත් කමෙන්ට් එක ගැන බලාපොරොත්තුවෙන් :D
මව්වරුන්ගේ දිනයේ ඔබගේ දයාබර මෑණියන්ට මාගේ උපහාරය පුදමි...!!!
ReplyDeleteඉතා සියුම් තැන් පවා අපගේ දෙනෙත් ඉදිරිපිට මැවෙන ලෙසට ලිවිම නම් අති විශිෂ්ටයි සෙන්නා.
ඔබ පවුලෙ සැමට ඉදිරි ගමනට ජය පතමි...!!!
කෙන්ජි, බොහොමත්ම ස්තූතියි.. ඇත්තෙන්ම මව්වරුන්ගේ දිනය කවදද ? මම ඒ ගැන දනුවත් නෑ.. ඒ දිනය අදනම් ඒක හරිම අහම්බයක්..
Deleteඇත්තටම හැම අවුරුද්දෙම මැයි 12 වැනිදා.මටත් ටැපලුනා.දිනය හෙට.
Deleteස්තූතියි කෙන්ජි, හෙන්රිත් කියලා තියනවා පල්ලෙහෑ..
Delete@ Kenji,
Deleteහැම අවුරුද්දෙම මැයි 12 නෙවෙයි.. හැම අවුරුද්දෙම මැයි මාසෙ දෙවෙනි ඉරිදා.. මේ අවුරුද්දෙ ඒක එන්නෙ මැයි 12දාට..
ඔය හැබැයි US version එක.. UK version එකට අනුව ඒක එන්නෙ කොරොස්ම කාලයේ හතරවෙනි ඉරිදාට..
සෙන්නා ලියන එව්වා කියවනකොට අපේ අතීතෙත් මැවිලා පේනවා හරිම විශිෂ්ටයි
ReplyDeleteබොහොම ස්තූතියි kkroxc
Deleteමට කියන්න දෙයක් නෑ... ඔව් සම්පුර්ණයෙන් කියෙව්වම එන හැගීම විස්තර කරන්නත් බෑ.. මගේ හෙවනැල්ල මට පෙනුනා පොඩි කාලේ මමත් ඔය ආසාව සංතෘප්ත කරගන්න කරපු දේවල්. හරිම අගෙයි..ලියවිල්ල සුපිරි.. දෙකක් නෑ.. ජය වේවා සෙන්නෝ...
ReplyDeleteස්තූතියි දේශා...
Deleteබලපුවම අපි හැමෝටම මේවගේ අත්දැකීම් අඩු වැඩි වශයෙන්.. තියනවා තමා නේද ?
සෙන්නෝ උඹ ලියන එව්වා එක හුස්මට දිගට කියවාගන යන්ඩ පුලුවං හෙනට රහයි
ReplyDeleteඅටමා ගොඩක් ස්තූතියි බන්.. ඒත් තාම උබට වගේ ලුණු ඇබුල් දාන්න දන්නෑ බන්.. තාමත් උඹලෑන් ඉගන ගන්නවා එක එක දේවල්..
Deleteපිදුම දකිනකොටනං අප්සේට් ගියා. ඒ උනාට ලස්සනට ලියල තියෙනව.
ReplyDeleteඅම්මාට නිරෝගී සුව පතමි !
ගොඩක් ස්තූතියි ප්‍රසන්න..
Deleteනියමයි! කොළ පාට බල්බ් එකේ කතාව නම් ඇත්ත තමා. අදටත් කොල පාට බල්බ් එක පත්තු වෙද්දි තාත්තා තැපැල් නයින්ටිය ගෙනාපු දවස මතක් වෙනවා. එදා මම යතුර දාලා බලන්න අවසර අරගෙන යතුර දාද්දි ඒක දීප්තිමත්ව පත්තුවුතු හැටි අවට වහනය වුනු තැපැල් නයින්ටියේ ජපන් සුවඳ දැනුත් මතක් වෙනවා. අලුත් තැපැල් නයින්ටියක් පාරක නතර කරලා තියෙද්දි ඒ අවටින් හිතාමතා ම ගිහිල්ලා ජපන් සුවඳ එක්කලා එන අතීතය මතක් කරන්නත් මම කැමතියි. ඒතකොට නම් පොඩි බරක් ඔලුවට දැනෙනවා.
ReplyDeleteඔය කියන විස්තරය වුනේ දැන් ඉන්න හරියෙම නම් මගේ චිත්ත රූප මාවා ගැනීම නිවැරදියි. බයික් පිස්සු ව පොඩි ම කාලේ මට හැදුනා. මේ සිද්ධිය හරියට උඔ ලියලා තියෙන්නෙ අර මම ටීවී කතාව ලිව්ව වගේ. හැමෝගෙන අතීතය මේකෙන් ඇවිස්සෙනවා. දැන් මට බයික් අතීතය මතක් වුනා මේක කියවලා. පුලුවන් වුනොත් ලියන්න ඕනේ.
අවසානයට කියන්න තියෙන්නෙ මේච්චර ලොකු කතාවක අරමුණ ගැන. අම්මාව නැවත සුව කරන්න අමාරුද? අපේ පැත්තෙ ආච්චි කෙනෙක් හිටියා එයා ඇඳටම වැටුනා. ඒත් රට ඉදලා ආපු පුත්තුරු එකතු වෙලා එයාව ගොඩගත්තා. දැන් අපිවත් පුදුම කරවමින් ඇවිදිනවා. !
තව කියන්න ගොඩන් දේවල් මතක් වුනත් දැන් වෙලාව නෑ. අම්මාට සුවය ප්‍රාර්ථනා කරනවා!!!!
බුද්ධි,
Deleteමොනාද බන් ජපන් සුවඳ කියන්නෙ. ? :D
මේ විස්තරය ඒ හරියෙම තමයි.. උපන්දා ඉඳලා හිටියේ එහෙනෙ.. එකම වෙනස ඔය වැලිපාරට දැන් තාර වැටිලා.
සුවකිරීම ගැනනම් කියන්න අමාරුයි බුද්ධි. ෆිසියෝ තෙරපි ට්‍රීට්මන්ට් කරගෙන යනවා.. තිබුනට වැඩිය පොඩි ගුණයක් තියනවා.. දැන් අම්මට අල්ලගෙන අවිදින්න පුළුවන්.. ඒත් තාම තනියම මුකුත් කරගන්න බෑ.. කල් යනව කියලා තමා එයාල කියන්නෙ..
ස්තූතියි ප්‍රාර්තනාවට.
ඒකනෙමේ, මට මේ ලඟදි යාළුවෙක් කිව්වා, ඌ මේ ලඟකදි බ්ලොග් එකක් කියෙව්වලු සයිබර් මොකක්ද කියලා නමක් තියන එකක්. ජාති බ්ලොග් එකලු, මරු මරු කතා යනවලු ඒකෙ.. ඌට ලින්ක් එක බූක් මාර්ක් කරගන්න බැරිවෙලා දැන් මට මල ඇනේ ඒක හොයලා දෙන්න කියලා.. උඹ එහෙම දන්නවද එහෙම බ්ලොග් එකක් ගැන ? අනේ දන්නවනම් හොයලා දියන්, මේ කරදරෙන් ගැලවෙන්න. :D :D :D
අනේ ඒ බ්ලොග් එක හොයා දියන් ඌට! පාරට “තාර වැටිලා“ කිව්ව කතාව නං ඇත්තම තමා. හෙහ් හේ....
Deleteදන්නවනම් උඹෙන් අහනවයෑ.. :D
Deleteඇත්තටම පාර වැටිලා කියන එක තමා හරිම.. අහසෙන් වැටිලා වගේ තැන් තැන් වල ටිකක් තමා තියෙන්නෙ.. තාර දාල ඉවරවුනාම ආවනෙ වතුර දෙන්න.. හෙහ් හෙහ්..
// ඌ මේ ලඟකදි බ්ලොග් එකක් කියෙව්වලු සයිබර් මොකක්ද කියලා නමක් තියන එකක්. ජාති බ්ලොග් එකලු, මරු මරු කතා යනවලු //
Deleteකතා 'යනවලු' නෙවෙයි බං, කතා 'ගියාලු'.. දැන් ඒ බ්ලොග් එක වහලා දාලා තියෙන්නෙ.. ඒක ලිව්ව එකා හොයාගන්ටත් නෑ, අතුරුදහං..
අඩේ එහෙනම් බූරා දන්නවා ඒ ගැන ඈ.. =)) අපරාදෙ ඒක වහලා දාලද ? කන්න එපයි ලියපු එකාව.. අරූ මැරෙන්න හදනවා ඒක මරු බ්ලොග් එක කිය කිය.. ඕක වහලා කිව්වොත් එල්ලෙයිද දන්නෙත් නෑ.. :D
Delete-------------------------------------------------------------
Delete/////////////////////////////////////////////////////////////
-------------------------------------------------------------
කෙහෙල්කොටුවේ චූටි මහත්තයා, පංතිභාර නිරූපා චීටර් සමඟ චූටි මහත්තයාගේ යාලුවන්ගේ වීර වික්‍රම, ඉල ඇදෙන විහිලු සමගින් දුම්රිය සේවයේ ඉතිහාසය ගැන ඔබ නොදත් ඉටිකිරිස් තොරතුරු රැසක් දැනගන්න. හෙට උදේම කුකුලත් අරගෙන කෙහෙල්කොටුවට ගොඩවෙන්න.
(ඉල ඇදෙන විහිලු ඇති බැවින් කිචි කවා ගැනීමට සුදුසු උපකරණ රැගෙන ඒම ඔබට පහසුවක් වෙනු ඇත.)
-------------------------------------------------------------
/////////////////////////////////////////////////////////////
-------------------------------------------------------------
දැක්කා නේද, වදින්ට ඕන තැන්වලට වැදිලා තියෙන විදිය.. ;)
Deleteහැක් හැක්... අඩන්න ඕනලු කිරි එරෙන්න... :D එන්නම්කො එහෙනම් කුකුලත් අතින් අරන්..
Deleteබූරා, අනේද කියන්නෙ... බොක්කටම වැදිලා වගේ නේද ? :D
ඩොස් ගේම් ගහන්න කැමති අයට
ReplyDeleteමම ඩොස් ගේම් ලියන රංගොජා
ස්තූතියි
Deleteඋඩ ඉඳන් පහළට කියවන් එද්දී කමෙන්ට් එකට එකතු කරන්න දාහක් දේවල් හිතට ආවා.. ඒත් අන්තිමට තියෙන ටික දැක්කට පස්සෙ ඒ ඔක්කොම අමතක වෙලා ගියා සෙන්නෝ...
ReplyDeleteඒ දිරිය අම්මට ඉක්මනින් සුව වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා.!!
ස්තූතියි බූරා..උඹටත් සංවේදි හිතක් තියනවා කියලා තමා පේන්නෙ..
Deleteස්තූතියි ප්‍රාර්තනාවට. උඹලෑ ප්‍රාර්තනා වලින් අම්මා ඉක්මනින් සුවය ලබාවි.
ලංකාවේ සියලුම රුපවාහිනී නාලිකා අන්තර් ජාලය ඔස්සේ නැරබීමට හොදම තැනක් - http://tv.athalaga.com/
ReplyDeleteස්තූතියි ඔත්තුවට.. හරි වටිනවා.
Deleteසෙන්නා, ඉස්සෙල්ලම කියන්න ඕනෙ අම්මා ගැන කියවලා අපි හරිම කණගාටු වුන බව. ඔය ෆිසියෝ තෙරපි වලිනුත් සෑහෙන ගොඩ දාගන්න පුලුවන් නේද? සමහර විට දැනටමත් උඹලා එහෙම කරල ඇති.
ReplyDeleteමේ ලබන මව්වරුන්ගේ දිනයටත් මේ පෝස්ට් එක ගනට යෙදිච්ච හැටි.
අපි හැමෝම නිරෝගී සුව පතනවා සෙන්නාගේ මෑණියන්ට.
ඩූඩ්,
Deleteබොහොම ස්තූතියි ඕගොල්ලන්ගෙ ප්‍රාර්තනා වලට.
ෆිසියෝ තෙරපි ට්‍රීට්මන්ට් කරනවා ඩූඩ්..තිබුනට වඩා පොඩී ගුණයක් තියනවා. කල් යනවා කියලා තමා කියන්නෙ. ඔක්කොම හරියයි කියලා බලාපොරොත්තු වෙනවා.
මව්වරුන්ගේ දිනය ඇත්තටම කවදද ඩූඩ් ? මම ඔය එක එක දින ගැන කොහොමත් එච්චර තැකීමක් නෑ..මව්වරුන්ගේ දිනය අදනම් මේක අහම්බයක්..
හෙට බං. 12 වෙනිදා.
Deleteඑහෙමද ? ස්තූතියි ඩූඩ්..
Deleteසිංහල බෙහෙත් කරලහොඳවුන අය ඉන්නව...හැබැයි අසනීප උන අලුත බෙහෙත් කරන්න ඕන මම හිතන්නෙ..100ට100ක් හොඳ උන අය ඉන්නව අපේ පැත්තෙ.
Deleteස්තූතියි වීයා, මාත් අහලා තියනවා. බටහිර ප්‍රතිකාර වලින් සුව වෙච්ච අයත් ඉන්නවාලු.. වෙලාව තමා බන්..
Deleteහැම එකාටම අදුරු සොදුරු අතීතයක් තියෙනවා මචං. ඒ අතීතය, එක්කෝ කොහෙන් හෝ දැනෙන සුවදකින්, රූපයකින්, කතාවකින් මතක් වෙනවා. උබෙ පිදුම අන්තිමට දාපු එක කතාවෙ සොදුරු බව වැඩි කලා.
ReplyDeleteඋබෙ අම්මාට, ඒ ආදරණීය අම්මාට මගෙත් උපහාරය !
වහලෙ තියෙන පුංචි සිදුරකින් පොලොවෙ මහ විශාලෙට ඉර එලිය වැටෙන හැටි මට මතක් වුනා. ඉස්සර මැටි ගෙදර, උළු අස්සෙන් එහෙම වැටෙන ඉර එලියට කණ්නාඩි අල්ලලා සෙල්ලම් කළා. වැස්ස කාලෙට ඒ හිලෙන්ම වැටුනෙ වතුර. ඒ මතකයන් අපෙ අතීතය හාරවුස්සන්නෙ, පොලොවෙ පය ගහල ඉන්න නිසා. අද මොන දේ තිබුනත්, හැම එකාම එක වගෙ දැනෙන්නෙ ඒකයි.
ජය වේවා සහෝ !
උඹ හරියටම හරි සෑමා.. ඒ අතීතය අඳුරුයි, හැබැයි සොඳුරුයි.. කොච්චර දුක් වින්දත් මම ඒකට කැමතියි. එහෙම අතීතයක් තිබුන එක ගැන මට අද සතුටුයි..
Deleteඋඹලටත් එහෙව් අතීතය තිබිලා තියනවා කියලා පේනවා..
ස්තූතියි බන් සුබ පැතුම් වලට. අම්මට ඒවා හයියක් වේවි.
ඔව් බං අපි හැමෝගෙම අතීතය එක වගේ.......ඒකයි අපි හැමෝම එකපවුලෙ එවුන් වගේ දැනෙන්නෙ....සැමා මගෙත් මතක අවදි කලා.
Deleteමතකය අවදි වුනානම්, ඒවා අමතක වෙන්න කලින් ලියලා දාන්න තමා තියෙන්නෙ වීයා. :D
Deleteසෙන්නා අයියා තමන්ගේ කතාව අපෙත් කතාවක් බවට පත් කලා.
ReplyDeleteසෙන්නා අයියාගේ අම්මාට ඉක්මන් සුව හා දීර්ඝයුශ ප්‍රර්ථනා කරනවා......
ඒ කියන්නෙ මනෝජ්ට කතාව දැනිලා තියනවා කියන එක නේද ? ඒ ගැන සතුටුයි..
Deleteස්තූතියි මනෝජ් සුබ පැතුම් වලට.
මේ පෝස්ට් එක නම් අති සුපිරි පෝස්ට් එකක් සෙන්නෝ. ආසාවේ බෑ. මේවගේ අත්දැකීම් මටත් තියෙනවා. ඒවා සමහර ඒවා තවම නෝට් පෑඩ් වල ලියලා සේව් කරලා තියෙන්නේ තාම ලියවෙන නිසා.
ReplyDeleteඋඹේ චිත්‍ර ඇඳීමේ හැකියාව උඹටත් හොරෙන් හැංගිලා තිබිච්ච එකක්. මේ චිත්‍රය සෑහෙන දියුණු මට්ටමක එකක්. ෂේඩ් කරලත් තියෙන්නේ. (ෂේඩ් කරන කොට එක පැත්තකින් එලිය වැටෙනවා නම් සියලුම වස්තුවල ඊට විරුද්ධ පැත්ත අඳුරු වෙන බව මතක තියාගනිංකෝ)
මේ චිත්‍රේ ඩීටේල් හෙම මාරයි. අර බලාපංකෝ එළදෙන්නුත් ඉන්නේ. එළකිරි ඈ. තව අඳිමු සෙන්නෝ. දිගටම අඳිමු. උඹට දෙයියන්ගේ පිහිටයි.
බොහොම ස්තූතියි ඩූඩ්.. ගොඩාක් ස්තූතියි හැමදේකටම..
Deleteචිත්‍ර ඇඳීමේ හැකියාව ගැනනම් මම තාමත් පුදුම වෙලා ඉන්නෙ ඩූඩ්.. කිව්වට විශ්වාස කරයිද මන්දා මට ඉස්සර මිනිස් රූපයක්වත් හරියට ඇඳගන්න බෑ.. ඒ හිටිය විදිහ එක්ක බලද්දි හොඳම නොවුනත් මේ තත්ත්වය ලොකු දියුණුවක් කියලා මටත් හිතෙනවා..
ස්තූතියි උපදෙසට ඩූඩ්.
අර ගහ උඩ ඉන්න කපල් එක එහෙම දැක්කද ඩූඩ් :D
යකෝ ජෝඩුව දැක්කේ දැන්නේ. කාක් ජෝඩුවක්ද බං ගහ උඩ ඉන්නේ? නැතිනම් වඳුරු ජෝඩුවක්ද? :))
Deleteමම ඇන්දෙනම් කාක් ජෝඩුවක්.. වඳුරු ජෝඩුවක් වගේද පේන්නෙ.. එහෙම කිව්වම මටත් එහෙම පේන්න ගත්තා.. =))
Deleteවෙනදා වගේම රහට ලියලා තියෙනවා. :)
ReplyDeleteසෙන්නගෙ අම්මාට ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ස්තූතියි තිළිණ..
Deleteසුබ පැතුමටත් ගොඩක් තුති..
හරිම සංවේදී පෝස්ට් එකක් සෙන්නා..කියන්න දේවල් නම් තියේ ගොඩක් දේවල් හිතට එනවා.ඒත් ඒවා කියලා වැඩක් නැහැ ...
ReplyDeleteමම දන්න තැනක් තියෙනවා සෙන්නා අංශ බාගෙට බෙහෙත් කරන.මගේ ඇස් දෙකට මම ගෙනියපු ලෙඩ්ඩු 4 දෙනෙක් අද ඇවිදලා ඉන්නවා එතනින් බෙහෙත් කරාට පස්සේ.මට කියන්න අසනීප වෙලා කොච්චර කල්ද අම්මා දැන්..
***** මගේ මේ ඇස් දෙකට මම දැකලා තියෙනවා මම ගෙනියපු ලෙඩ්ඩු 4 දෙනෙක් අද ඇවිදලා ඉන්නවා එතනින් බෙහෙත් කරාට පස්සේ.
Delete
Deleteඅම්මට දැන් මාස පහක් වෙනවා සහන් අසනීප වෙලා. ෆිසියෝ තෙරපි ට්‍රීට්මන්ට් කරණවා.. පොඩී ගුණයක්නම් තියනවා. ඒත තාම තනියම මුකුත් කරගන්න බෑ..
සහන් මට ඒ තැන ගැන විස්තර ඊ-මේල් කරනවද පුලුවන්නම්.. ඕනා වුනොත් බලමු.. වෙන ප්‍රතිකාරයකට මාරුවීමේ අවදානම දරන්න පොඩි බයකුත් තියනවා..
එක හුස්මට කියෙව්වා ඒ තරම් හිතට වදින විදියට ලියල තියෙනවා. මාරම රසවත්.....
ReplyDeleteඒත් පිදුම දැක්කම නම් දුක හිතුනා....අපේ පුංචි කෙනෙක්ටත් දැන් අවුරුදු ගානකට කලින් අංශ බාගේ හැදුනා දියවැඩියාවට... හැබැයි හෙනට මහන්සි වෙලා ෆිසියෝතෙරපි එහෙමත් කරලා ගොඩ දා ගත්තා.... දැන් හොදටම හොදයි... ඒ නිසා අම්මව සනීප කර ගන්න උත්සාහය අත හරින්න එපා.
මාත් ඒ දිරිය අම්මාට ඉක්මන් සුවය පතනවා....!!
ස්තූතියි සමනළී..
Deleteෆිසියෝ තෙරපි ට්‍රීට්මන්ට් කෙරෙමින් පවතිනවා.. උත්සහය අතාරින්නෑ.. බලමු..අම්මට හොඳවෙයි කියලා අපිත් බලාපොරොත්තු වෙනවා.
ප්‍රාර්තනාවට ස්තූතියි සමනළී.
සෙන්නා....මාස 5යි නම්..අනිවාර්යයෙන් යමක් කල හැකියි....මගේ අන්තිමට ඔයාට දාපු කොමෙන්ටුව බලන්න...
Deleteමටත් මේ වගේ ළමා කාලේ ඇත දැකීම් ගොඩක් තියනවා. ඒ බන් අම්මට දැන් වයස කීයක් විතරද ? ගොඩක් කල් ද අංසභාගේ හැදිලා.
ReplyDeleteමකුළු දැලුත් කඩපු එකේ.. කම්මැලිකම පැත්තකට දාලා ලියහන් එහෙනම්.. :D
Deleteඅම්මට දැන් 70ක් වෙනවා බන්.. අංශභාගෙ හැදිලා මාස පහක් විතර වෙනවා..
සෙන්නා, ඇත්තටම මම මේ ලිපිය කියවාගෙන එද්දී හිතුවේ මෙය වෙනත් කෙනෙකුගේ අත්දැකීමක් තුලින් ලද අදහසක් අනුව කරන ලද නිර්මාණයක් කියලයි. නමුත් යථාර්ථය වටහාගත් පසු මගේ මතකයත් ඔය ජූලි වැඩවර්ජනය දෙසට යොමුවුනා. මා දන්නා අයත් ඉන්නවා ඔය වැඩවර්ජනයෙන් රැකියා අහිමිව ඉතාකෙටි කලකින් ජීවිතයෙන්ද සමුගත්. අපේ දේශපාලන ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක් මේ. අද මේ ලිපිය ඔබේ මව ලිව්වානම් මොනවා ලියයිද? ඔබ නොදන්නා, එහෙත් මවක සහ ගැහැනියක සතු සුවිශේෂී චිත්ත ධෛර්යය නිසා ඔබටවත් නොකියා හංගාගෙන ඉන්න දේවල් කොච්චර ඇද්ද? මේවා තමයි වර්තමාන ජාතක කතා ලෙස හැඳින්විය යුත්තේ.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
විචාරක මහතා,
Deleteඔය වර්ජනය ගැන මට සියුම් මතකයක් තමා තියෙන්නෙ. අම්මගෙත්, තාත්තගෙත් රස්සාවල් නැති වෙලා, අග හිඟ ඇතුව ජීවත් වුනා ලාවට මතකයි..
ඇත්තටම ඔබ කිව්වා වගේ මම දන්නෙ මට භාහිරෙන් පෙනුන දේ විතරයි. වින්ද සැබෑම දුක් හරියටම දන්නෙ ඉතින් අම්මම තමා..
සෙන්නා ගේ මව ට සුවය ප්‍රාර්ථනා කරනවා.. ඇය දිරිය මාතාවක්.
ReplyDeleteබයිසිකල් පැදිල්ල ගැන කියවලා මාත් මගේ අතීතයට ගියා. වෙනසකට තියන්නේ මං බයික් පුරුදු වෙද්දී බිත්ති වල සලකුණු තිව්වා. වැටවල් එහෙම එකක් දෙකක් ගැලෙව්වා. සෙන්නා එහෙම නෑ. :D
ප්‍රාර්තනාවට ස්තූතියි චන්දන..
Deleteචන්දනලා බයික් පැදලා නෑ ඉගිල්ලිලා තියෙන්නෙ ඒකයි ඔය.. :D අපිට ඉතින් එහෙම කරන්න පුළුවන් කමක් තිබුනෙ නෑනෙ.. කිසිම අනතුරක් නැතිවෙන්න පදින්න වුනානෙ..
අපේ බයික් පැදිල්ලත් ඔයිට වඩා වෙනස් වුනේ බොහොම ටිකයි....
ReplyDeleteඅසනීපයෙන් ඉන්න අම්මාට ඉක්මන් සුවය...!!
එහෙමද සුමිත්.. බලන් ගියාම අපි හුඟාක් දෙනෙකුට ආසන්න සමාන අත්දැකීම් තමා තියෙන්නෙ..
Deleteප්‍රාර්තනාවට ස්තූතියි සුමිත්.
බයික් පැදිල්ලට වඩා මගේ හිත ගියේ පුංචි සෙන්නා පාන්දර දෙකට නැගිටලා ඇවිත් අර පුටුවේ වාඩි වෙලා ඉන්න හැටි ගැන කරපු විස්තරේට... මට පේන්න බැරි දෙයක් තමයි පුටුවේ වාඩි වෙලා කකුල් උඩින් තියාගන්න එක... අනිත් එක අපේ කුස්සියේ පුටු තිබ්බෙත් නෑ.... පඩිය උඩ තමයි අපි වාඩි උනේ... අනිත් දේ තමයි මට ඉස්සර උදේට තේ එක බොන්න පුරුදු වෙලා තිබ්බේ එළියට එක කකුලක් තියාගෙන... ඉස්කෝලේ දුවන්න ලෑස්ති වෙලා...
ReplyDeleteඒත් අපේ මහත්තයලෑ ගෙදර තිබ්බා කුස්සියේ පුටුවක්... මම ඕකට කියන්නේ මාරක පුටුව කියලා... ඒක තියලා තියෙන විදියට හැමතිස්සේම මගේ කකුල වදිනවා බැඳලා ආපු දවස්වල... කොහොම හරි ඔය පුටුවේ වාඩි වෙන ගෙදර හැමෝම වාඩි වෙන්නේ කකුල් උඩට අරන්... ළමයි ටික විතරක් නෙවෙයි අම්මයි තාත්තයි දෙන්නත් එහෙමම තමයි... ඔය පුටුව අල්ලගන්න තමයි එකා එකා උදේට නැගිටලා එන්නේ... ඔය සෙන්නා කිව්ව සිස්ටම් එක නැතුව තේ එක පෙවෙන්නේ නැති ලෙඩක් තිබිලා තියෙනවා කට්ටියටම...
දැන් අලුත් ගෙදරට යද්දි යන්තම් ඔය පුටුව කුස්සියෙන් අයින් එයාලට හිතුනා.. ඒ උනාට දන්නවද මට වෙච්ච වැඩේ... දැන් ඒ පුටුව අපේ මහත්තයා අපේ ගෙදර කුස්සියෙන් ගෙනත් තියන්.... ආපු ගමන් වාඩි වෙන්නේ ඒ පුටුවෙන්... කකුල් දෙකත් උඩින් තියන්... මං මේ දැන් කල්පනා කරන්නේ මේකට මොකද කරන්නේ කියලා... හි හි...
හපොයි හිරුවට වෙලා තියන නස්පැත්තියක්... අපේ මහත්තයා නැති වෙලාවක් බලලා ඕක කඩලා දාහන්කො බන්.. ඔච්චරටම වාතයක්නම්.. :D
Deleteඒක නම් මරු ජොලි..!
ReplyDeleteඇත්තටමපොඩි කාලෙපුරුදු උනාම යම් දෙයක් ඒක ඇඟටම එනව..ඇඟේ දෙයක් බවට පත් වෙනව..!
අනිවාර්‍යයෙන් වීයා. ඒවා ආයෙ කවදාවත් අමතක වෙන්නෑ.. නිකන්ම එනවා ඕනා කරණ වෙලාවට..
Deleteසෙන්නා...මොනව කියන්නද මන්දා..මමමුල ටික කියවද්දිම හිතුව..අම්ම ගැන කියන්න ඕන කියල.
ReplyDeleteඅද කාලෙකිවිසුමක් ගියත් දික්කසාද වෙන එව්වොන්ට මේ අම්මල කොච්චර ආදර්ශයක්ද..?උන් ජීවත් උනේ දරුවන් වෙනුවෙන්..!
නිදුක් නිරෝගී සුව ලැබේවා මෑණියන්ට..!
ස්තූතියි වීය උඹේ ප්‍රාර්ථනාවට
Deleteකතාව නම නියමයි. ඊට වඩා සිත ගියේ දිරිය මවගේ සටහනටයි.ආයුර්වේදය අනුව අංශබාගය සුව කරන්න බැරි රෝගයක් නෙමෙයි.වෙදකම මෙන්ම හෙදකමත් හරි හරියට ඕනෑ. ළඟ ඉන්න අත්ගුණය ඇති ආයුර්වේද වේද මහතෙකුට අම්මාව පෙන්නන්න. බේබදුකම සහ දුම්පානය නිසා අංශබාගය වැළඳුන මගේ මල්ලි සම්පුර්ණයෙන්ම සුවපත් කලේ ආයුර්වේද වේදෙක් වුනු මගේ නංගි විසින්ය. ඔබට හොඳයි කියල හිතෙනවා නම් මට මට ඇගේ දුරකථනය දෙන්න පුළුවන්. ඇය මුදල් ඉපයීමට වෙදකම් කරන්නෙ නැහැ.
ReplyDeleteWMK,
Deleteඔබට බොහෝම ස්තූතියි. මට මේකට - ssdsenna@gmail.com පුලුවන්නම් ඇයගේ තොරතුරු එවන්න. ප්‍රතිකාර වෙනසක් කිරීමේ තීරණයකට පැමිණියහොත් ප්‍රයෝජනවත් වේවි.
ඔබේ මව්තුමිය ගැන පුදුමාකාර භක්තියක් හිතේ ඇති වුනා. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම මාතාවක්...ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...අනිත් කාරණය තමන්ගේ යටගියාවේ ඇත්ත ඇති සැටියෙන් කියන්නට තරම් සෙන්නාට තියෙන නිහතමානීත්වය...මම ඉතාමත් අගය කරනවා...සෝදාපාළු වීගෙන යන බ්ලොග් කලාවට...ඔබ වැන්නන් මිණිකැට බදුයි. ජයවේවා ඔබට...
ReplyDeleteගොඩාක් ස්තූතියි සිරා,
Deleteයට ගියාවෙ ඉතින් හංගන්ඩවත්, ලැජ්ජා වෙන්නවත් දේවල් නෑ බන්..ඉතින් කියන්න ගැටලුවකුත් නෑ..
මිණිකැටයක් කෙසේ වෙතත් බ්ලොග් ලෝකෙට බ්ලොක් ගලක්වත් වෙන්න ලැබුනොත් මදැයි බන්.. :D
සෙන්නො, උඩ ටික කියවන් එද්දී මට මතක් උනේ මාර්ටින් වික්‍රමසිංහ ගෙ නවකතාවක පලවෙනි පරිච්චේදය වගේ. කියන්න ගොඩක් දේවල් හිතුනත්, අම්ම පවුල එක පවුලක් විදිහට තියාගන්න දරපු උත්සාහයත්, අන්තිමට තියෙන පිදුමත් දැක්කම ඇස් තෙත් උනා. ඒ වගේම අත්දැකීමක් මටත් තියෙන නිසා වෙන්නැති. අම්මට නිරෝගී සුව දීර්ගායුෂ ප්‍රර්ථනා කරනව.
ReplyDeleteස්තූතියි මුහුදු.. සංවේදි මිනිස්සුන්ගෙ ඇස් අනිත් මිනිස්සුන්ගෙ දුකේදි තෙත් වෙනවා තමා බන්.
Deleteඋඹට ස්තූතියි..අකමැත්තක් නැත්නම් උඹේ අත්දැකීමත් ලියලා දාහන් අපිටත් කියවන්න.
අම්මට නිරෝගී සුව දීර්ගායුෂ ප්‍රාර්ථනාවටත් ස්තූතියි මචන්..
හොඳයි සෙන්නා හරිම සංවේදී කතාව...ඔබගේ මෑණියන් නියම දිරිය මවක්...ඇයට අද සිදුවී ඇතිදේ හද කම්පා කරවන සුළුයි.
ReplyDeleteව්‍යාකරණත් අක්ෂර වින්‍යාසයත් සම්පූර්ණයෙන්ම වැරදියි...ඔබ කොහෙන්ද සිංහල ඉගෙනගත්තෙ...සමූපකාරයෙන්ද.
කතාවේ ඇති රසය මැකිලා යන සුළු ප්‍රාථමික වැරදි ඔබ අතින් සිදුවෙලා ඇති බව පෙනෙන්නෙ නැද්ද...
උදාහරණ වශයෙන්...මම යනුවෙන් පටන්ගත්තම ඉවරකරන්නෙ මි යනුවෙන් හෝ අපි යනුවෙන් පටන්ගත්තම ඉවරකරන්නෙ මු යනුවෙන් ආදී වශයෙන් ප්‍රාථමික වැරදි කොපමණ ඔබ සිදුකර ඇතිදැයි නැවත පරීක්ෂා කර බලන්න.
හැලපේ, බොහොම ස්තූතියි වැරදි තියන බව දැනුම්දීම ගැන. මම නැවතත් සියුම්ව පරික්ෂාකර බලා හදන්න උත්සහා කරන්නම්. එයිට පසුත් වැරදි තිබුණොත් පෙන්වා දෙන්න. එය බෙහෙවින්ම අගය කරනවා.
Deleteනැවතත් ස්තූතියි.
නවදැලිහේනටත් ගොඩවෙලා බැලුවා ඔයා පෙන්නපු පාරදිගේ ගිහින්. ඇත්තටම ඕනෙම රැකියාවක ඔයවගේ කණ්ඩායම් හැදෙනවා. හමුදාවේත් එහෙම කණ්ඩායම් තියනවා. යුද්දෙට ගියත් බොහෝවිට ඒ කණ්ඩායම හැකිතරම් ආසන්නව ඉන්ඩ බලනවා. කාර්යාල දුම්රියවල මෙවැනි කණ්ඩායම් හදාගැනීම ඉතා ඈත අතීතයේ සිට සිදුවන දෙයක් බව මම අසා තිබෙනවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
විචාරක මහතා,
Deleteනවදැලිහේන අප්ඩේට් වෙන්නැති සීන් එකක් තියනවා.. ඒකයි මෙහෙම දැම්මෙ.
කල්ලි වලට අදාල කමෙන්ට් එක ඕන් එතනම දැම්මා.
පෝස්ට් එකකට මම සංවේදි උනේ හුග කාලෙකට පස්සේ.. අයියගේ පොස්ට් එකත් එක්ක අපේ කතාවෙත් සමහරක් තැන් මට ආයෙම මතක් උනා.. පිදුම දැක්කම ඒ හැඟීම තවත් වැඩි උනා.. අම්මට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteස්තූතියි දිනේශ් මල්ලී,
Deleteඒ වගේ අත්දැකීම් තමන්ටත් තියනවනම් දැනෙනවා වැඩියි තමා.
සෙන්නාගෙ අත්දැකීම් වලට ආසන්න අත්දැකීම අපිත් ලැබුවා අපේ තාත්තා දේශපාලන මාරුවක් ලබල ඈත පලාතක පාසැලකට ගියාට පස්සෙ. රැකියාවක් නොකලත් අපේ අම්මා අපිට අධ්‍යාපනයත් පෝෂනයත් දෙන්න විඳි දුක් අදත් මගේ හිතෙන් ඈත් වෙලා නෑ. එවන් අම්මා කෙනෙක් ලබන්න අපි බොහොම පින් කරල තියෙන්න ඇති.. ඔයාටත් එහෙමම තමයි.. අම්මාගෙ අසනීපය ඉක්මනින්ම සුව වේවා කියලා පතනවා.
ReplyDeleteඔව් සරත් අයියා, මටත් එහෙමම හිතෙනවා.
Deleteස්තූතියි ඔබේ ප්‍රාර්ථනාවට
සෙන්නා, මචං කතාව නම් පණ පිහිටුවලා ලියලා තියනවා. මට මැවිලා පේනවා නිල්පාට කොටකලිසන් දෙකක් ගහගත්තු පොඩි එවුන් දෙන්නෙක් මේට් එකක මහ පාන්දර නැගලා යනවා. ඒ කොහොම වුනත් මෑණියන්ට සුවය පතනවා මචං. මුළු කතාවම කියවලා එතනට එනකොට ඒ ටික දැක්කම නිකම්ම මාව මොනවාද වෙලා ගියා.
ReplyDeleteස්තූතියි ක්සැන්ඩර්.. සුව ප්‍රාර්ථනාවටත් ස්තූතියි.
Deleteකතාව තවම් කියෙව්වේ නැහැ . නමුත් අම්මට අසනීප බව දැක්කා . අම්මට ඉක්මන් සුවය ලැබෙන්න පතනවා
ReplyDeleteගොඩාක් ස්තූතියි බින්දි. කතාව හිමීට කියවන්නකො.
Deleteඅම්මට ඉක්මනට සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා සෙන්නා..
ReplyDeleteමේ අතීත පුසුඹ තියන කතා දිගටම ලියන එකට මම විරුද්ධයි සෙන්නා..අතීතයේ විතරක් ජීවත් වෙන්න පුළුවන්ද මේ විදිහට!! මේක කියවද්දි අපේ මල්ලිලා දෙන්නා එකතු වෙලා ප්‍රොජෙක්ට් එකක් විදිහට මට බයිසිකල් පදින්න පුරුදු කරන්න ට්‍රයි කරපු හැටි මතක් වුනා..
මගේ වදේට පුරුදු කරත් දෙන්නම ඉස්සරහ හැන්ඩ්ල් එකෙනුයි පස්සහ සීට් එකෙනුයි අල්ලගෙන තමා මට පුරුදු කලේ. මම වැටෙනවට දුක හිතිලා නෙවි බයිසකල් එකට ආදරේට..මොකද වැටුනොත් බයිසිකලේ කැඩෙනවනේ..!!
ස්තූතියි රූ.
Deleteමෙන්න ජපන් පුසුඹට පස්සෙ තවත් පුසුඹක්. අතීත පුසුඹ.. :D
මට මේ දවස් වල වස කම්මැලි කමක් ගහලා තියෙන්නෙ අර කතා ලියන්න.. ඉතින් ඔහේ හිතට එන ඒවා ලියාගෙන ලියාගෙන යනවා.. ඉක්මනින්ම අරකක් ලියන්න පටන් ගන්න ඕනා.
එහෙම තමයි හරි හමන් මල්ලිලා, තමන්ගෙ අක්කට වැඩිය බයිසිකලේට ආදරෙයි... ඉතින් ඔය ප්‍රොජෙක්ට් එක සාර්ථක උනාද ?
ඒ වගේ අලුගුත්තේරු ගුරුන්නාන්සේලාගෙන් ඉගෙන ගෙන හරියනවද සෙන්නා..අන්තිමට එයාලටම ඇති වෙලා අතෑරලා දැම්මා..
Deleteකොච්චර ඇති වුනාද කියනවා නම් මම බයිසිකල් පදින්න ඕන වුනාම අඩුම ගානේ එක ටයර් එකකවත් හුලං නැතුව යනවා!! (අපේ ගෙදර හොඳ හුලං පොම්පයක් තිබුනේ නෑ..මුන් දෙන්නා මට පුරුදු කරනවාට වැඩිය පැය දෙකක් විතර පොම්පෙත් එක්ක ඔට්ටුවෙලා හුලං ගහන්න කැමතියි)!!
කොහොමින් කොහොම හරි මට කිලෝමීටරයක් විතර තැනිතලාවේ බයිසික් පැද්දෑකි ඔන්න..!!
යකෝ කිලෝමීටරයක් සයිකල් පදින එක්කෙනක් ඊලග කිලෝමීටරේ දී ඇදගෙන වැටෙනවා කියව එකන විස්වාස කරන්න අමාරු..... සයිකලේ පිල්ලයටකට අහුවෙලා තිබුනා කියලා පස්සේ කාලෙට ආරංචි වුනේ නැද්ද:D
Deleteහැහ් හැහ් හැහ්.... කිව්වත් වගේ ඊලඟ කිලෝමීටරෙන් වැටෙන ඵක හරි පුදුමයක් නේන්නම්.. අරුන් දෙන්නා ඵ්කටත් උගුලක් අටවන්න අැති ශුවර් ඵකටම.... :D
Deleteඅයියෝ ඔය දෙන්නම වැරදි කොනෙන්නේ අල්ලගෙන තියෙන්නේ..!!
Deleteමම කිව්වේ කිලෝමීටරයකට වඩා බයිසිකල් පදින්න බෑකියලා...වැටෙන කතාවක් කිව්වෙ නෑනේ..:)
මහන්සි වැඩිවුනාමයි පස්ස රිදෙන්න ගත්තාමයි දෙයියනේ කියලා බයිසිකලේ නවත්තලා දැන් ඇති කියලා බයිසිකලේ තල්ලු කරන් ගෙදර යනවා..!!
වැඩේ කියන්නේ ඔය සෙල්ලම කරන්න පුළුවන් බයිසිකල් පදින්න පුරුදු වෙච්ච තැනිතලා පිට්ටනියේ විතරයි..පාරවල්වල නම් බයිසිකල් පැදලම නැද්ද කොහෙද!! මොකද අපේ පැත්ත කඳු වංගු තිබුනු පලාතක්
ඒ මදිවට අප්පච්චිත් දවසක් ආදරයෙන් කතා කරලා කිව්වා දෝණි මම පවුලේ අයව ඉන්සුරන්ස් කරලා නෑ..ඒක නිසා පාරේ බයිසිකල් පදින්න එපා කියලා..
අයියෝ සල්ලි!!
:D කඳු, වංගු තියන පැති වල බයිසිකල් පදින්නේ කොහොමද දැනගන්න කියවන්න කුරුන්දේ අලුත්ම ලිපිය. :D :D
Deleteහරිම ලස්සන මතකයක් අයියා මටත් තියෙනවනේ ඔය බයික් පිස්සුව දැනටත් ! ඒ වුනාට බයික් එකක් දෙන්න එකෙක්වත් නැහැ එක යාලුවෙක් ගාව විතරයි තියෙන්නේ ඌත් මාසෙකට සැරයයි එන්නේ.මේ ලිපිය කියවද්දී මට හොඳින්ම දැනුනා ඒ ආශාවල් ගැන!
ReplyDeleteබයික් නැත්නම් කරන්න ඕනා ඒවා ඔය තියෙන්නෙ ක්‍රම සහ විධි එක්කම කොල්ලෝ.. :D
Deleteඋඹට ඉක්මනට බයික් එකක් ගන්න ලැබේවි.
ලිපිය කියවගෙන එද්දී කමෙන්ට් එකක් හැටියට දාන්න කියලා හිතා ගත්ත එව්වා එක පාරම වෙනස් වෙලා ගියා ප.ලි ය දැක්කම. මුලු ලිපියමත් හරි ඒ ටිකත් හරි. හරිම සංවේදී වචන පේලියක්. ඒ දිරිය මාතාවට ඉක්මන් සුවය ලැබේවා කියලා පතනවා. ඔබ වගේ දරුවන් ලබන්න ඇය වාසනාවන්තයි කියලත් හිතෙනවා මට :)
ReplyDeleteගොඩාක් ස්තූතියි සයුරි...
Deleteසයුරි මොකෝ මේ ටිකේ වැඩිය පේන්න නැත්තෙ ?
තවමත් කියවීමේ ට්‍රැක් එකට හරියට ආවේ නැති නිසා මේ සැරෙත් ගොඩාක් පරක්කු වුනා.
ReplyDeleteමටත් මතකයි මුලින්ම යතුර දාල කරකවද්දී කොලපාට බල්බ් එක පත්තු වුන දවස. කතාව රස විඳා. බෝතලේ ගමේ විත්ති ඉවර නැහැ නේද?.
අවසාන ටික කියව්ද්දීනම් සංවේදී කම ගොඩාක් දැනුනා. අම්මට දිර්ගයුෂ පතනවා.
අසර්, බොහොම අවිවේකි බවක් පෙන්නුම් කරණවා.. හිමීට කියවන්න.. කියෙව්වෙ නැතත් අවුලක් නෑ.. රාජකාරිය කරල ඉන්න එපැයි බ්ලොග් කරන්න කලින්, නැද්ද ?
Deleteඅන්න අලුත්ම බෝතලේ කතාව මේ දැන් නිකුත් වුනා . :D
ස්තූතියි අම්මට දීර්ඝ ආයුෂ පැතුවට අසර්.
මුලින්ම ලිපියෙන් පෙන්නුම කරන්නේ දරුවන් වෙනුවෙන් දෙමව්පියන් විඳින දුක. තාත්තට රස්සාව නැති වුනාට පස්සෙ දරු පවුල ගොඩ ගන්ඩ අම්මා දරපු මහන්සිය හරිම වටිනවා. පුංචි කාලෙ නොතේරුනාට දෙමව්පියන්ව තේරුම්ගන්ඩ නම් දෙමව්පියන්ම වෙන්ඩ ඕනෙ කියන කතාව ඇත්ත වෙන්ඩැති...
ReplyDeleteඊළඟට මතක් උනේ අපේ නෑ සනුහරේ.. මාත් බයිසි මොටෝ වලට ආසා උනත් ඒ එකෙක් නිකමට මට අල්ලන්ට දුන්නේ නෑනෙ.. ඒ වගේම මාමගේ බයිසිමොටෝ එකට නැග්ගම අපේ ආච්චි ඇවිත් මාව බිමට ඇදලා දාපු හැටිත් මතක් උනා..
හරී කියන එක ඇත්ත..තමන් දෙමව්පියො වුනාම තමා, තමන්ගෙ දෙමව්පියො තමන් වෙනුවෙන් කළ කැපකිරීම් වැඩියෙන්ම තේරෙන්නෙ.
Deleteහරීගෙ නෑ සනුහුරේ ගැනනම් අපි කලිනුත් කියවලා තිබුනනෙ.. මාරම ආච්චියෙක්නෙ හරීට ඉඳලා තියෙන්නෙ..හරිම විරලයි.
ඉඳලා නෙමෙයි තාම එයා ඉන්නවා.. දැන් නම් ඉතින් මාව ඔළුවේ තියන් ඉන්නෙ.. ඉස්සර ලොකු කරන් හිටියෙ අනිත් මුණුබුරන්වනෙ..
Deleteවැඩේ කියන්නෙ සෙන්නා දැන් එයා අපිව හැදුවා කියන එකනෙ
Deleteදුකම කොයි තරම් සතුටක්දෝ.... කියලා හිතෙන්නේ ඔය වගේ වෙලාවට නේද? ඉස්සර විඳපු දුක් දැන් මතක් වෙනකොට එහෙම කාලයක් තිබුණා නේද කියලා පුදුමත් හිතෙනවා නේද සෙන්නා. මටනම් උදේ නැගිටිනවා කියන්නේ... හැබැයි ඒකටත් එක්ක රෑට. එළිවෙනකම් ඉඳතෑකි.
ReplyDeleteමට ඔහොම මතකයක් තියෙන්නේ ෆුට් සයිකලේට. අපේ අල්ලපු ගෙදර අයියගේ බයිසිකලේ අරගෙන මිදුල පුරා තල්ලු කරනවා. චෙලියක් නවය වසරේදී ආදී තිහ හතළිහක් පැදලා තියෙනවා. බයික් පිළිඹඳ මතකයන් ලිව්වොත් "මගේ ගොන්කම්" කියන ලේබලේ යටතේ තමයි ලියන්න වෙන්නේ. බයික් එක යන්තම් පාදගන්න පුළුවන් වෙලා දවස් හයෙන් 200KM විතර දුර මළ ගෙදරක ගියා. පස්සේ ලයිසන් අරන් සති දෙකෙන් කොළඹ ගියා. එතකොට පාරේ වාහන අස්සේ Uටර්න් එකක්වත් ගහගන්න බෑ. දැන්නම් බයික් එක කියන්නේ මගේ පස්ස පැත්තේ කෑල්ලක්. වෙනසකට තියෙන්නේ සරින් සැරේ ඕක පස්ස පැත්තෙන් අයින් කරන්න පුළුවන් එක විතරයි.
මේක කියෙව්වේ උදේ. ඒත් මොකක් දාන්නද කියලා හිතාගන්න බැරුව හිටියේ පලිය දැකලා.
මුලින්ම උඹේ අම්මට මගේ ආචාරය! ඊළඟට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
අපේ අම්මටත් කරන්න තියෙන හැම ටෙස්ට් එකක්ම කරලා දැන් තියෙන්නේ ඇඟේ දුර්වලකම විතරයි කියලා කිව්වයින් පස්සේ සිංහල වෙදකමට යොමු උණා. මෙන්න මාසෙන් තනියම එයාගේ වැඩ කරගන්න පුළුවන් උණා. ඊළඟ මාසේ ඉඳන් ගෙදර වැඩ ටික යස අගේට කරනවා. උඩින් වේද මහත්මියකගේ සහෝදරයෙක් කමෙන්ට් කරලා තියෙන නිසා මං ලොකු විස්තරයක් කරන්නෑ. තැන විතරක් කියන්නම්. බලන්ගොඩ ඉඳන් පින්නවල පාරේ "ගමකුඹුරේ වෙදමහත්තයා" කියලා ඇහුවොත් ඕනි කෙනෙක් කියයි. බස් වල බෝඩ් එක දාන්නෙත් එහෙම්මමයි. ස්නායු සම්බන්ධයෙන් ඉන්න හොඳම වෙදෙක්.
හැබැයි වෙදකම් කරන තැන මාරු කරනකොට තව පාරක් හිතලම තීරණයක් ගන්න.
ආයෙමත්, අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
ස්තූතියි අකමා,
Deleteඋඹ බයිසිකලේ අලොගන ඉන්නෙ කියලා අපි දන්නවනෙ.. කොහොම යනවද මංදා කි.මි. දෙතුන් සීය.. මටනම් දහයක් යනකොට පස්ස, කොන්ද රිදෙන්න ගන්නවා බන්..
ස්තූතියි බන් තැන කිව්වට.. බලමු එන විදිහකට.. තවමනම් ප්‍රතිකාර මාරු කරන්න අදහසක් නෑ බන්..ඒ අවදානම ගන්න ටිකක් බයයි.. ඒත් මෙකෙන් ප්‍රතිපලයක් නැති වුනොත් මොකක් හරි බලන්න වෙනවා..
නැවත ස්තූතියි උඹේ සුව ප්‍රාර්ථනාවට..
Ssd Senna.......... ??????
Delete:D ඒ ඇවිත් අලුත්ම සෙන්නා..
Deleteමේ ලිපිය කියවලා කල් වුනාට කමෙන්ට් එකක් දාන්න බැරි වුනා.
ReplyDeleteඅත්දැකීම ලස්සනට ගොනු කරලා තියෙනවා.
අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
ස්තූතියි සහෝදරතුමා
Deleteමචං සෙන්නෝ හරිම සංවේදී කථාව.
ReplyDeleteඋඹේ ආදරනීය අම්මට ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනය කරනවා.
උඹටත් ජයෙන් ජය!
ගමේ හිතවතෝ..උඹට ගොඩක් ස්තූතියි..
Deleteඋඹටත් ජයෙන් ජය!
සෙන්නා..අම්මා ගැන අහලා තමයි මම මේ ලියන්නේ..ඔයාගේ අම්මා ට ප්‍රතිකාර කරන්නේ කොහෙන්ද..?
ReplyDeleteඅපේ හොස්පිටල් එකේ නම් අංශභාග රෝගයට ව්‍යායාම ප්‍රතිකාර කෙරෙනවා..රාගම පුනරුත්තාපන රෝහලේ...
උදව්වක් ඕන නම්..අනිවාර්යයෙන් කරන්න පුළුවන්...
ඔබගේ කාරුණිකභාවයට ගොඩක් ස්තූතියි. දැනට භෞතචිකිත්සක ප්‍රතිකාර කෙරීගෙන යනවා. එයින් සැළකිය යුතු ගුණයක් තියනවා. ප්‍රායෝගික ගැටලු කිහිපයක් නිසා අම්මාව රෝහලක නතර කොට ප්‍රතිකාර කිරීමට අමාරුයි. ඇයත් කොහෙත්ම කැමති නෑ රෝහලක නැවතී ඉන්න. නැවතත් ස්තූතියි.
Delete