2013 වෙසක් මස 03වනදා
ටෑං ටෑං ටෑං ටෑං ටෑං ටෑං......
ඔය කියන්නෙ එයැයිට මාසයක් නිවාඩු, වද නොදී අපිට ගෙදර යන්න කියලා. ඒ කියන්නෙ අපිටත් නිවාඩු !!! ආව් ආව් ආපි ඔන්න සෙල්ලම් කාලේ..
න්‍යායපත්‍රානූකූලව ඊළඟට නියමිතව ඇත්තේ ගමේ යාමයි. න්‍යායපත්තරේ මොනවා තිබ්බත් ඕක අපිට ඕනා ඉක්මනට වෙන්නෙ නෑ.. අඩුම ගානෙ දවස් දෙක තුනක්වත් යනවා. එක්කෝ සීයා හරි, කිරිඅම්මා හරි, නැන්දා හරි, බාප්පා හරි ඇවිල්ලා එක්ක යන්න ඕනා. ඔතනින් බොහෝ වෙලාවට එවෙන්නෙ සීයා හරි, නැන්දා හරි තමා. නැත්නම් තාත්තා ගිහින් ඇරලවන්න ඕනා..ඕකට ඉතින් ඒ ගොල්ලන්ට නිවාඩු පාඩු දවසක් හම්බෙන්න ටික දවසක් ඉන්න වෙනවා.
ඔහොම ඇහැ උල්කරන් ඉන්නකොට තමා සීයා ආවෙ, අපිව එක්කන් යන්න. හොඳ වෙලාවට මෙදාපාර එච්චර පරක්කු නෑ. අයියයි මායි ඉතින් ඇඳුම් කෑලි ටිකකුත් බෑග් එකකට ඔබාගෙන, තියන හොඳම ඇඳුමෙන් සැරසිලා ඉන්නෙ දැන් සීයත් එක්ක ගමේ යන්න. ඇයි ගමේ යන්න ඔච්චර ආස ? ඔය ප්‍රශ්නෙ ඕගොල්ලො 2013 වගේ ඈත අනාගතේදි ඇහුවොත්නම් මට පිළිතුරු අමතකත් වෙයි, ඒත් මේ 1985 වගේ වර්තමානෙදි අහපු හින්දා උත්තරයක් දෙන්න පුළුවන් වෙයි. නානා ප්‍රකාර පලතුරු, අළුත් පරිසරය, කිරි අම්මාලගෙ සැලකිලි, සීයගෙ කතන්දර වගේ ඒවා තමා ඉතින්. හැබැයි, ඔය කොයිකටත් වැඩිය මම කැමති ගමන යන එකටයි, ඒ කියන්නෙ මග දිගේ ගෙවෙන කාලයටයි. අනිත් එක මේ නිවාඩු කාලෙ ගෙදරම ඉන්න එක මොන පිස්සු වැඩක්ද ! වෙනසකටත් එක්ක කොහෙ හරි යන්න එපැයි. අම්මානම් එච්චර කැමති නෑ අපි ගමේ යනවට, මොකද එළකිරි බීලා සෙම වැඩිකරගන්නවා කියලා.
බොහෝ වෙලාවට අයියයි, මමයි තමා සීයලෑ යැවෙන්නෙ. අනිත් තුන්දෙනා පොඩි හින්දා ගෙදරින් පිට තනියම යැවෙන්නෑ අම්මලා නැතුව. අම්මට, තාත්තට, ලොකු අම්මට ( අම්මගෙ අම්මා ) එහෙම වැඳලා ඔන්න ඉතින් අපි පිටත් වෙන්න යන්නෙ. ඔය වෙලාවට උපදෙස් නම් හම්බෙනවා එකතු කරලා විකුණ ගන්න පුළුවන් තරමට.
"ලොකු පුතා ඔය කඳු වල එහෙම බලාගෙන යන්නෙ හරිද ? මල්ලිව බලා ගන්න ඕනා, පතල් වලට එහෙම එබෙන්නෙ යන්නෑ හරිද, සීයලා කවුරුවත් නැතුව කොහෙවත් යනවා එහෙම නෙමේ හොඳේ" ඔන්න ඔය වගේ ඒවා.. අපිත් ඉතින් ඔය ඔක්කොම ඔළුව වනලා එකතු කරලා සාක්කුවෙ දාගන්නවා.
සීයයි, අයියයි, මමයි ගෙදරින් පිටත් වෙලා වැලිපාර දිගේ ඇවිදගෙන එනවා. සීයා සුදු සරමයි, සුදු කමිසෙයි ඇඳලා, කමිසෙ සරමට යට කරලා කළු බෙල්ට් එකක් දාලා. අයියයි මායි ඉතින්, කොට කලිසම් ඇඳලා, ටී ෂර්ට් එකක් හරි, කමිසයක් හරි ඇඳලා සපත්තු දාලා.
ගමේ යන්න විධි දෙකක් තියනවා. එකක් තමා රාගමට කෝච්චියෙන් ගිහින්, රාගමින් ආයෙ කෝච්චියක නගින එක. අනිත් එක තමයි ගම්පහට බස් එකක ගිහින්, ගම්පහින් කෝච්චියට නගින එක. රාගමට ගිහින් යනවනම් ඔය වැලිපාර තාර පාරට වැටෙන තැනින් දකුණට හැරිලා ඉස්ටේෂන් එකට යන්න ඕනා. එතනින් හැරුණම මීටර් සීයක් විතර තමා ඉස්ටේෂන් එකට තියෙන්නෙ. ගම්පහට ගිහින් යනවනම්, වැලිපාර ඉවර වෙන තැනින් වමට හැරෙන්න ඕනා. ඒ හැරිලා හැතැම්මක් විතර පයින් යන්න ඕනා, බස් එකට. දැන් ඕගොල්ලො කොහෙට හැරෙන්නද කැමති ? ඕගොල්ලො කැමති වුණත්, අකමැති වුණත්, වමට හැරෙන්න වෙනවා, මොකද දන්නවද ? මම කැමති නෑ රාගමට කෝච්චියෙන් ගිහින් යන්න. ඒකෙ කිසි ගතියක් නෑ. ගම්පහට යනකොට බස් එක යන්නෙ වෙල් යායවල් මැද්දෙන්, හුළං වැදි වැදි. හරිම ජාති ඒක. සමහර කාලවල් වලට අපි යනකොට ඒ ගොල්ලො කුඹුරුවල වැඩ කරනවත් එක්ක. හරක්ගෙන් මඩවනවා එහෙම බලන්නත් හම්බෙනවා. කෝච්චියෙ රාගමට යනකොට ඔය මුකුත්ම නෑ, දෙපැත්තෙම ගෙවල් විතරයි. අනිත් එක කෝච්චිය රාගමට යනවා සුටුස් ගාද්දි. බලන්න දෙයක් ඇත්තෙම නෑ. හරිම පල්.
ඔය හැතැම්ම ගෙවන්න අපිට පැය භාගයක් විතර යනවා.සීයා තනියම ආවනම් ඔයිට ඉක්මනට එයි, ඒත් අපිත් එක්ක කොහෙද ඒවා. ඒ පාර ඇවිල්ලා වැටෙන්නෙ ගම්පහ බස් යන ප්‍රධාන පාරට. එතන හන්දියෙම තමා බස් හෝල්ට් එක තියෙන්නෙ. බස් හෝල්ට් එකක් කිව්වට අඩුම ගානෙ ටකරම් මඩුවක්වත් නෑ. මිනිස්සු පාවිච්චියෙන්ම හදාගෙන තිබුණ තැනක්. ලාවුලු ගහක් තිබුණා ඒක යට ලෑලි බංකුවක් හයි කරපු. බස් එනකම් ඉතින් ඕකෙ තමා සමහරු වාඩි වෙලා හිටියෙ. ලාවුලු ගහ ළඟම පොඩි පෙට්ටි කඩයක් තිබුණා. තාත්තා එක්ක යනකොට තාත්තා ඔතනින් තමා සිගරට් එකක් එහෙම පත්තු කරගන්නෙ. සීයනම් ඒවා පාවිච්චියක් නෑ බුලත් විටක් විතරයි.
කොහොමත් තවත් පැය භාගයක්වත් ඉන්න වෙනවා බස් එකක් එනකම්. ඔතනදි මම ආස නැති තව වැඩක් වෙනවා. ඒ තමයි නිට්ටඹුව බස් එකක් එන එක. ඒක ගම්පහ බස් එකට කලින් ආවොත් සීයා අනිවාර්යයෙන් ඕකට නගිනවා. ඒකෙන් කෙළින්ම නිට්ටඹුවට ගිහිල්ලා, එතනින් මීරිගමට ආයෙ බස් එකක් ගන්නවා. එතකොට අපිට කෝච්චිය මිස් වෙනවා. මේ ගමනේ සුන්දරම කෑල්ල තමයි ගම්පහ ඉඳලා මීරිගමට කෝච්චියෙන් යන එක. මම ඒක උපරිමෙන්ම විදින්න පුරුදු වෙලා හිටියෙ. ඉතින් වෙනසක් වෙනවට මම කැමතිම නෑ. දෙවියන්ට කිය කිය ඉන්නෙ අනේ ගම්පහ බස් එක ඉක්මනට එවන්න කියලා.
දෙවියන්ට මගෙ කන්නලව්ව ඇහිලද කොහෙද ඔන්න ගම්පහ බස් එක එනවා. සීයා අපි දෙන්නවත් අරගෙන බස් එකට නැග්ගා. හොඳ වෙලාවට වැඩිය සෙනග නෑ. අපිට ජනේලයක් අයිනෙ අල්ල ගන්න පුළුවන් වුණා. ක්‍රීම් පාට කබායක් දාගත්තු කොන්දොස්තර මාමා ටාර්සන් වගේ උඩ පොල්ලෙ එල්ලිලා පැද්දි පැද්දි අපි ඉන්න තැනට ඇවිල්ලා එහා පැත්තෙ සීට් එකේ ඇන්දට හේත්තු වෙන ගමන්ම සීයගෙන් කොහාටද කියලා අහලා අතේ තිබුන මැසිමක අන්ඩක් ක්‍රීස් ටි, ක්‍රීස් ටික්, ක්‍රීස් ටික් කියලා තුන් පාරක් කැරකුවම මෙන්න පොඩි කොළ කෑලි තුනක්ම එළියට ආවා. සමහර කොන්දොස්තර මාමලා ගාව ඔය මැසිම නෑ, නිකන්ම නිකන් පොතක් තියෙන්නෙ, ඒකෙ පෑනකින් කුරුටු ගාලා ඉරලා දෙනවා. මම ඒකට කැමති නෑ. කොන්දොස්තර මාමෙක්නම් මේ මැසිමක් තියෙන්නම ඕනා.
ඩ්‍රැයිවර මාමත් බලන්න එපැයි, බස් එක එලෝන අපූරුව. වම් පැත්තෙ අතින් මහ පොල්ලක් නිතරම එහෙට මෙහෙට කර කර, අර රවුම වමට, දකුණට කැරකුවම බස් එක යනවා හුළං කපාගෙන හැටට හැටේ. මට හිතාගන්න බැරි අර රෝදෙ එහෙට මෙහෙට කරකවපුවම බස් එකේ වේගෙ වැඩි වෙන්නෙ කොහොමද කියලා. අනිත් පුරස්නෙ තමා කොහොමද නවත්වන්නෙ කියලා. සමහර විට අර කොන්දොස්තර මාමා අතේ තියන මැසිමෙන් කියනවද දන්නෑ ඇන්ජිමට අහවල් අහවල් තැන් වලින් බහිනවා කියලා. ඒත් එතකොට පොත් තියන කොන්දොස්තර මාමල කොහොමද ඒ වැඩේ කරන්නෙ. අනේ මංදන්නෑ..සමහර විට අර රෝදෙ කරකවන්නැතුව හිටියම බස් එක නිකන්ම නවතිනවා ඇති. ඔව් එහෙම තමා වෙන්න ඕනා, රෝදෙ කරකවපුවම බස් එක හයියෙන් යනවනම්, ඒක කරකවන්නැතුව හිටියම බස් එකේ වේගෙ අඩුවෙලා නතර වෙන්න එපැයි. අයියා හරියටම දන්නවා ඇති. පස්සෙ වෙලාවක අහලා බලන්න ඕනා, දැන් මෙතන සද්දෙ වැඩියි.
මම කලිනුත් කිව්වා වගේ මේ බස් එක යන්නෙ වෙල් යායක් මැද්දෙන්. දෙපැත්තෙම කුඹුරු. එක තැනක තියනවා මහ විශාල ගහක්. එකේ අතු හෙණ විශාල පැත්තක් වහගෙන තිබුණෙ. පුදුම හෙවණක් ඒ ගහෙන් ලැබුණෙ. ගොවිතැන් කරන අය ඔය ගහ යට මහන්සි අරිනවත් අපිට සමහර වෙලාවට දකින්න හම්බෙනවා.
බස් එක හුළං කපාගෙන ඉස්සරහට යනවා, එළියට අත දාලා, අල්ල ඉස්සරහට හැරෙව්වොත් අල්ලට හුළං බදලා අත පැද්දි පැද්දි පස්සට යනවා. ඒක මරු වැඩේ. හැබැයි සීයා දැක්කොත් බැණුම් අහන්න වෙනවා. මේ පාර පටුයි, අනිත් පැත්තෙන් එන බස් සමහර වෙලාවට ඇවිල්ල අපේ බස් එකේ හැප්පෙයි කියලා හිතෙන තරමට ළඟින් යනවා. ඒ වෙලාවටනම් ලේ වතුර වෙනවා. කොහොමද ඒ වෙලාවකට අරෙහෙම අත එළියට දාගන හිටියොත් ? සීයා බනින්නෙ ඕක නිසා තමා. සමහර වෙලාවට මම හිතෙන් බස් දෙක හප්පවලා බලනවා මොනවා වෙයිද කියලා. ඒ වෙලාවටනම් මම හිතන ඒවට මමම බය වෙනවා. හම්මෝ එහෙම හැප්පුණොත්, කෑලිවත් හොයන්න හම්බෙන්නෑ. හැබැයි කවදාවත් මම ගිය බස් එකක පොඩිම පොඩි ඇක්සිඩන්ට් එකක්වත් වෙලා නෑ.. ඉඳලා හිටලා හුළං ගියොත් ඇරෙන්න.
ඔහොම ඇවිල්ලා අපි එනවා ගම්පහට. ගම්පහෙන් බැහැලා ඉස්ටේෂමට යන්න ඕනා කෝච්චිය ගන්න.සීයා ටිකට් ගන්න දෙපැත්තෙ ලී වැටවල් දෙකක් තියන පෝලිමට එකතු වුණාම අපි දෙන්නා හිමීට කිට්ටු කරනවා අර ටිකට් කපලා කට්ටියව ඇතුළට දාන මාමා ගාවට. පුරුද්දෙන් අපි දන්නවා සීයා ටිකට් අරන් ඔතෙනට එනවා කියලා. වැඩි ඈතකුත් නෑ පේන දුර.
අපි බලන් ඉන්නෙ අර මාමා කතුරක් වගේ එකක් අතේ තියන්, අපි සල්ලි දීලා ගන්න ටිකට් කපලා දාන විදිහ ගැන. ඇයි දන්නෑ එහෙම ටිකට් කපන්නෙ ? අපේ ගෙවල් ගාව ඉස්ටේෂමේනම් ඔහොම කපන්නෑනෙ. බැහැලා එනකොට ටිකට් ඉල්ල ගන්නවා විතරයි.
සීයා ටිකට අරන් එතනට ඇවිත් අපි දෙන්නවත් අරගෙන ඇතුළට ආවෙ අර මාමට ටිකට් ටික කපන්න දුන්නට පස්සෙයි. මේ ඉස්ටේෂම රාගම තරම්ම ලොකු නොවුනට, අපේ ගෙවල් ගාව එකට වැඩියනම් ගොඩක් ලොකුයි. රේල් පාරවල් දෙකක්ම තියනවා. සැරින් සැරේ කෝච්චි එනකොට කෑගහන ලවුස් පීකරුත් තියනවා. සවන් දෙන්න, සවන් දෙන්න කියලා පටන් අරන් මොන මොනවදෝ කියනවා. මටනම් හුඟක් වෙලාවට ඒවා තේරෙන්නෑ. ලවුස් පීකරේ දෙදරන සද්දෙ තමා ඊට වැඩියෙන් ඇහෙන්නෙ.
රාගමදි වගේම ගම්පහදිත් අපේ ප්‍රියතම වැඩ වලින් එකක් තමා අර මහ විශාල තරාදියට නැගලා බර මනින එක. ඒකට නැග්ගම අර විශාල කටුව කැරකිලා යන විදිහ බලන් ඉන්න ආසයි. අපි, තනි තනිවම, දෙන්නම, තනි කකුලෙන් හිටගෙන, කකුල් දෙකෙන්ම හිටගෙන ආදී එකී නොකී සියලු ක්‍රම වලට ඕකෙන් බර මනිනවා. ඔන්න අපේ ගෙවල් ගාව ඉස්ටේෂමේ තියන තවත් දුර්වලතාවයක්.
"ආහ් දැන් එන්න, කෝච්චිය එනවා.. " සීයා බංකුවෙ ඉඳන් කෑගැහුවම තමා අපි දෙන්නා ඔතනින් අයින් වුණේ.
ඔන්න අපේ කෝච්චිය එනවා. අයියෝ පවර් සෙට් එකක් ! අර ලොකු ඇන්ජිමක් තියන දිග කොච්චියක යන්න තිබුනනම් හොඳයි. ඒත් හුඟක් වෙලාවට අපිට හම්බෙන්නෙම පවර් සෙට්. අර හැකරැල්ලා වගේ ඒවා. එතකොට ඔය පාරෙ තව යනවා අමුතු මූණක් තියන ඇන්ජිමක් තියන කෝච්චියක්. අපි ඒකට කිව්වෙ යක් ඇන්ජිම කියලා. තනිකරම යකා මාක් මූණක් එයාට තිබුණෙ.
කෝච්චිය නවැත්තුවට පස්සෙ අපි දඩි බිඩි ගාලා නැග ගත්තා කෝච්චියට. පවර් සෙට්වල එක හොඳක් තියන්වා. ඒ තමයි සීට් තියන විදිහ. සීට් තියෙන්නෙ දිගට නිසා ජනේලයක් ගාව අල්ලගෙන එළිය බලාගෙන දණගහ ගත්තම හොඳට බල බල යන්න පුළුවන්. ඔය පහළ පින්තූරෙ තියෙන්නෙ එහෙම යන හැටි තමා. එදාත් වැඩිය සෙනග නැති දවසක්. ඒක හින්දා අපිට හිතේ හැටියට යන්න ලැබුණා.
කෝච්චිය වූස් ගාලා සද්දයක් එහෙම දාලා ඔන්න ටික ටික ඉස්සරහට ඇදෙනවා. ඔය වෙලාවට මට කෝච්චි ඩ්‍රැයිවර් මාමා ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ. මෙච්චර ලොකු කෝච්චියක් මෙහෙම ඇදගෙන යන්න එයා කොච්චර හපනෙක් වෙන්න ඕනද. අර බස් ඩ්‍රැයිවර් මාමා කරන්නෙ හරි ටොයිස් වැඩක්නෙ මෙයත් එක්ක බැලුවම. මේ දෙන්නගෙන් කවුද දන්නෑ වැඩිය දක්ෂ. ගහ ගත්තොත් කවුරු දිනයිද ?
අයියයි මායි ජනේලයක් අල්ලගෙන හොඳට දණ ගහලා හරි බැරි ගැහුණා සිරි නරබන්න. සීයත් අපි ළඟින්ම වාඩි වුණා. මේක තමයි මේ ගමනෙ මම ආසම කොටස. කොච්චිය හුළං කපාගෙන වෙල් යායවල් මැද්දෙන් ඉස්සරහට යනකොට හරිම ගති. ගම්පහ පහු කරලා ටිකක් දුර යනකොට රේල් පාර අයිනෙන්ම වගේ පටන් ගන්නවා ඇලක්. මේ ඇල සෑහෙන දුරක් දිගටම තියනවා. වෙලාවකට රේල් පාරෙ දකුණු පැත්තෙන්, වෙලාවක වම් පැත්තෙන්. පුදුමෙ කියන්නෙ ඕකෙ ඉන්නවා දියබරි, කඹරයො එහෙම උනුත් හැමදාම අපිත් එක්කම පීනගෙන එනවා දිගටම. සමහර වෙලාවල් වලට නොපෙනි ගියත් ආයෙ ටිකකින් මතු වෙනවා. උනුත් ගමේ යනවද දන්නෑ. ඇලට එහායින් තියෙන්නෙ වෙල් යාය. ඒවයෙ හරක් දාගෙන කුඹුරු හානවා හොඳට බලා ගන්න පුළුවන් මෙහම යනකොට. ඔහොම බලාගත්තොත් තමයි. මොකද අපේ ගමේ කුඹුරු තියනවයැ.
ඕවා කර කර ඉඳලා බෑ ඔයිට වැඩිය වැදගත් රාජකාරිය කරන්න තියනවා. ගම්පහ ඉඳලා මීරිගමට තියන ඉස්ටේෂන් ටිකේ නම් ටික පාඩම් කරගන්න ඕනා. ඕක හරියට වටිනවා ගම් කොටන්න ගියාම. මගේ වාසනාවකටද කොහෙද ගම්පහ ඉඳලා මීරිගම අතර තියනවා මහා දිග නමක් තියන ඉස්ටේසමක්. ඕක සමහර විට ලංකාවෙත් දිගම නමක් තියන ගමද මංදා. "හීන්දෙණිය පට්ටිගොඩ". ඔය නම හින්දා ගම් කොටන්ඩ ගිහින් මම අසූවෙ කෑලි කීයක්නම් දිනලා ඇතියි කියලද ඕගොල්ලො හිතන්නෙ !
දැන් ටික ටික බහින්න ලංවේගන එන්නෙ. එතකොට ඉතින් හිතට ටිකක් හරි මදි. ඒත් ඉතින් නොබැහැත් බෑනෙ. අන්තිමට මීරිගම ඉස්ටේෂමේ ලවුස් පීකරේ සවන් දෙන්න, සවන් දෙන්න ගානව මට ඇහුණා. ඔය කියන්නෙ බහින්න කියලා.
කෝච්චියෙන් බැහැලා, උඩ තියන ගුවන් පාලම දිගේ ඇවිත් අපි එනවා බස් ස්ටෑන්ඩ් එකට. ඔන්න දැන් තමයි ගමනෙ භයානකම කොටස පටන් ගන්නෙ. මෙතන ඉඳන් යන්න තියෙන්නෙ කඳු පල්ලම් තියන මහ භයානක පාරක. සීයලෑ ගෙවල් ගාවින් බහින්න කලින් විශාල කඳු දෙකක් හම්බෙනවා. බස් එක ඔය කඳු වල අද්දන්නෙත් බොහොම හිමීන්, හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් ගගා බොහොම හිමින් තමයි උඩට යන්නෙ, දෙපැත්තෙම හෙල. මහ කන්ද කියන එක තමා වැඩියෙනම භයානක. එතනින් බස් පෙරළිලත් තියනවාලු.
සීයලෑ පාරෙ යන බස් ජාති දෙකක් තියනවා. එකක් සීටීබී බස්. අනිත් එක පාන් ගෙඩියක් වගේ, රතු පාට ලොරියක්, වගේ ජාතියක්. ඒ වාහන ඉස්සර ලියුම් ගෙනියන්න පාවිච්චි කරපුවා කියලා නැන්දා කියනවා මම අහලා තිබුණා. මමනම් ඒවයෙ යන්න වැඩි කැමැත්තක් නෑ. කොච්චර උණත් සීටීබී බස් ගැන පොඩි විශ්වාසයක් තිබුණා. මේ පාරෙ බස් එළවන ඩ්‍රැයිවර් මමලනම් කෝච්චි ඩ්‍රැයිවර් මාමලට වැඩිය දක්ෂ ඇති.
අපි නැග්ගා සීටීබී බස් එකකට. මම නැගපු ගමන් බලන්නෙ ඩ්‍රැයිවර් මාමා දිහා. පොඩි අදහසක් ගන්න පුළුවන් ඒකෙන් එයාට අපිව කරදරයක් නැතුව සීයලෑ ගෙදර ගාවින් ගිහින් බස්සවන අභියෝගය භාර ගන්න පුළුවන්ද කියලා. කොච්චර් වුණත් බස් එක මහ කන්ද අදින්න ගන්නකොටනම් පපුව ඩිග් ඩිග් ගාන්න ගන්නවා. නිකන් හරි පෙරළුණොත් කාට කියන්නද ? ඔය වෙලාවට නිකන්ම යාඥා මතක් වෙනවා. අමතක වෙලා තියන ඒවත් මතක් වෙනවා. බස් එකෙන් බහිනකම් "නමෝ මරිය" දහයක් පහළොවක්වත් කියවෙනවමයි. ඔය වෙලාවට මගෙන් කවුරුහරි ඇහුවොත් මේ ලෝකෙ වැඩියම ආදරේ කාටද කියලා, සමහර විට මම කියයි බස් එකේ ඩ්‍රයිවර් මාමට කියලා. උන්දැ අතේනෙ ඉතින් අපේ ජීවිත ඔක්කොම රැඳිලා තියෙන්නෙ.
යාන්තම් ඒ මරු කපොල්ලනම් පැන ගත්තා. ඊට පස්සෙ තව පොඩි කඳු, පල්ලම් දෙක තුනක් නැගල බැස්සට පස්සෙ හම්බෙනවා පාලමක්. ඒ පාලමෙන් දකුණු පැත්තෙ තනිකරම වෙල් යාය. සීයලෑත් කුඹුරක් තිබුණෙ ඒකෙ. පාලම පහු කරලා ටිකක් දුර ගියාම ආයෙ කන්ද, කන්ද උඩම තමා සීයලෑ බස් හෝල්ට් එක තිබුණෙ. එතනම ඒ අහලකටම තිබුණු එකම කඩෙත් තිබුණා. කඩේ ඉස්සරහින්, පාරෙන් දකුණු පැත්තෙ, ගම ඇතුළට යන පාර තිබුණා.
කන්ද උඩ බස් එක නැවැත්තුවට පස්සෙ අපි බැහැගත්තා. මම ඩ්‍රැයිවර් මාමට හිතෙන් පින් දුන්නා අපිව කරදරයක් නැතුව ගෙනාවට. බස් එක චිංක්ස් කියලා සයිලන්සරෙන් සද්දයක් එහෙම දාලා පල්ලම බහින්න ගන්නකොටම අපිත් බස් එක පිටි පස්සෙන්ම පයින් පල්ලම බහිනවා. ඒ පල්ලමේ ටික දුරක් යනකොට තමා දකුණු පැත්තෙ තියෙන්නෙ සීයලෑ ගෙදරට යන්න නගින්න ඕනා ඒ මහ විශාල පඩි පෙළ.
මේක අලි විශාල පඩි පෙළක්. මම දැකලම නෑ ගෙදරකට මෙච්චර ලොකු පඩිපෙළක් තියනවා. කොච්චර ලොකුද කිව්වොත් පඩි පෙළේ යටම හිට ගත්තම ගේ පේන්නෑ. අපි දහ දොළොස් වතාවක්ම ගැණලා ගැණලා තමා ඕකට පඩි අනූ පහක් තියනවා කියලා දැන ගත්තෙ. ගැනගෙන මගක් යනකොට ගැනපු ගාන අමතකයි. ඔන්න ඔය වගේ.
පඩි පෙළ අයිනදිගේ දෙපැත්තෙම කොස් ගස් තියනවා. ඒවා සීයලා, තාත්තලා එකතු වෙලා හිටවපුවලු. දකුණු පැත්තෙ පටන් ගන්න තැනම තියනවා උළු හෙවිල්ලපු ගෙයක්. එතනින් උඩට තනිකරම කැලේ. කැලේ කියන්නෙ වනාන්තරයක් නෙමෙයි, ඒත් ඒවගේම එක එක ජාතියෙ මහ විශාල ගස් වැල් ජාති වලින් වැහිලා ගිහින්. අලි කොටි නැති ටික විතරයි. එතකොට වම් පැත්තෙ භාගයක් විතර යනකම් අන්නාසි වගාවක්. මැද්දෙන් හරහට යනවා වැටක්. එතනින් පස්සෙ ඒ පැත්තෙත් කැලේ. ඒ වැටෙන් උඩ කෑල්ල සීයලගෙ.
සීයලෑ ගේ හදලා තියෙන්නෙ කන්දක මැද්දෙ ගෙපල කපලා. එතකොට ගෙයින් උඩහා දිගටම කන්ද, පහළ බෑවුම. ඔය ඔක්කොම බොහෝදුරට, කොස්, අඹ, දූරියන්, යකඩ මරන්, ගොරකා, මිල්ල, රබර්, වේ වගේ ගස් වැල් ජාති වලින් වැහිලා තියෙන්නෙ. හරිම සනීප හෙවන.
පඩි පෙළට ආපු ගමන් අපි දෙන්නා ඔට්ටුවට දුවන්න පටන් ගන්නවා, ඒ ඉස්සෙල්ලම ගෙදරට යන එක්කෙනා වෙන්න. "හා හා වැටෙනවා දැන් " කියලා සීයගෙ අනතුරු ඇඟවීම නිකුත් වුණත් අපි නෙමේ ඒවා ගණන් ගන්නෙ. ඔය තරඟෙන් මම බොහෝ දුරට පරදිනවා. එකක් අයියා මට වඩා ලොකු වීම, අනික එයා පොඩි කාලෙ ඉඳන් මෙහෙ හැදිච්ච නිසා පරිසරය, පඩිපෙළ හොඳින් හුරු වීම.
කොච්චර හයියෙන් දුවගෙන ආවත් උඩට ආපු ගමන් නැන්දගෙ බලු සේනාවෙ තර්ජනයත් එක්ක අපි ගල්ගැහෙනවා. අඩුම ගානෙ බල්ලො තුන් දෙනෙක්වත් කවදාවත් වරදින්නෑ. සමහර එවුන් හරිම වස එවුන්. නැන්දා හරි, බාප්පා හරි උන්ව අල්ලලා බැන්දට පස්සෙ තමා අපිට ගෙට යන්න පුළුවන්. අපි එනවට උනුත් කැමති නැතුව ඇති. මොකද අපි ආවට පස්සෙ උන්ව හැම වෙලේම ගැට ගහලා. දවල්ට ටිකක් අරිනවා, ඒ අපි ඇඳක් උඩට හරි, මේසයක් උඩට හරි නැගලා ආරක්ෂාව තහවුරු කරගත්තට පස්සෙ. උන්ව ආයෙ බඳිනකම් අපි හිරකාරයො. ඇවිල්ල ටික දවසක් ගියාමනම් පොඩි හිනාවක් එහෙම දානවා නැට්ට වනලා. ඒත් වැඩි පරිස්සමට අපි භජනෙට යන්නෑ.
"මොකෑ පරක්කු ? " ඔය අපි ආපු ගමන් නැන්දගෙන් එල්ල වෙන සාමාන්‍යය ප්‍රශ්නය. ඕකට උත්තර දීමක්නම් කවදාවත් සිද්ධ වෙන්නෙ නෑ. වැඩිම උණොත්මුග්ධ මෝඩ හිනාවක් විතරයි. මම හිතන්නෙ නැන්දා උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඒක චාරිත්‍රයක් විතරයි.
මෙහෙ මට අමුතු දේවල් කිහිපයක් තියනවා. එකක් තමයි භාෂාවෙ තියන පොඩි පොඩි වෙනස් කම්.
අපි මොකද කියන එකට ඒ ගොල්ලො කියන්නෙ "මොකෑ" කියලා. තව කියනවා "බලාගෙන බල්ලා ඔයාට කයි" කියලා. මුලදිණම් මට මේක හරි විකාරයක්. යකෝ බල්ලා මොනවද මට කන්නෙ, මාව කෑවොත් මිසක් කියලා. පස්සෙ තමා ඉතින් ඕවා තේරුණෙ.
ආපු ගමන් ඇඳුම් මාරු කරගෙන, පොඩ්ඩක් ගේ වටේ එහෙට මෙහෙට රවුමක් දානව පරිසරය හුරු කරගන්න. ගිය පාරට වඩා මොනවද වෙනස් වෙලා තියෙන්නෙ කියලා බලන්න. ඔය අස්සෙ කිරිඅම්මගෙන් මොනවා හරි කෑමක් එක්ක තේ එකක් එහෙම හම්බෙනවා. දැන් හවස් වෙලා, ටිකකින් සීයා යනවා හරක් ටික අරන් එන්න. ඊට කලින් බාල්දි වලට වතුර පුරවලා පෝලිමට තියලා තියෙන්නෙ. සීයා රෑණගලට ගිහින් උන්ව ළිහපු ගමන් කඩාගෙන බිඳගෙන ගෙදරටම එනවා. කිසිම මග පෙන්වීමක් නැතුව. මුලදිනම් මට මේක හරිම මැජික් එකක්. උන් ඇවිල්ලා අර වතුර බෲස් බෲස් ගාලා උගුරට දෙකට බීලා දානවා. හරක් දහ දොළොස් දෙනෙක්වත් ඇති එතන. උන් ළඟින ගේ තියෙන්නෙ සීයලෑ ගෙට උඩහින් තියන කණ්ඩියෙ. ඒකට යන්න තව පොඩි පඩි පෙළක් තියනවා, එහෙම නැත්නම් වටෙන් යන්න අඩි පාරක් තියනවා. වතුර බීලා මුන් හරියටම ඔය ළඟින ගෙදරට තනියමම යන හැටි බලන්න වටිනවා. හරියට නිකන් පුරුදු කරවලා වගේ. සමහර එවුන් වටෙන් යනකොට, විසේ තියන ඉක්මන් කාරයො අර පොඩි පඩි පෙළ නැගලා යනවා.
ඔය ඔක්කොම ඉවර වෙනකොට අඳුර වැටිලා. මෙහෙ තියන තවත් මට හුරු නැති දෙයක් තමයි ලයිට් නැති කම. රෑට තනිකරම ලාම්පු එළියෙන් තමා ජීවත් වෙන්නෙ. හවසට සීයා හරි බාප්පා හරි අර මහ විශාල පැට්‍රො මැක්ස් ලාම්පු දෙකට තෙල් දාලා හුළං ගහලා පත්තු කරලා ගන්නවා. ඒ එකක් ඉස්සරහා එල්ලනවා, අනික සාලෙ.
ඔය ඔක්කොම කරලා සීයා බුද්ධ පූජාව තියනවා. සීයලෑ ගෙදර තිබුණ තවත් අමුතු චාරිත්‍රයක් තමයි උයන ඒවයෙන් ටිකක්වත් කටේවත් තියන්නෑ බුද්ධ පූජාවට වෙන් කරලා, ඒක තියනකම්. ඒක හැමෝම තදින්ම පිළිපැද්දා. උයන එකෙන් කෑම ටිකක්, හොඳට පෙරාගත්තු වතුර එකක් සහ කඩා ගත්තු මල් වට්ටියක් සීයගෙ කාමරේ තිබුණ බුදු පිළිමෙ ගාව තියලා, බිම පැදුරක් එළලා තමා සීයා ගාථා කියන්න පටන් ගන්නෙ. අයියයි, මායිත් ඕකට එකතුවෙනවා. ගෙදරදි කතෝලික අපි මෙහෙ ආපුවම ඔන්න ඔය විදිහට බෞද්ධ වෙනවා. මුලදි මුලදි බොරුවට තොල් හොල්ල හොල්ල හිටිය මට, පස්සෙ ඔක්කොම වගේ ගාථා පුළුවන් වුණා.
සීයා කියන ගාථාවල හඬ වරින් වරේ උස් වෙලා ආයෙත් අඩු වෙලා යනවා. අයියටත් හොඳටම ගාථා පුළුවන්. මම තමයි දන්නැත්තෙ. මම ඉතින් බොරුව කර කර වට පිට බල බල ඉන්නවා. ගාථා කියලා ඉවර වෙනකොට, බුදු පිළිමෙ පිටි පස්සෙ හූනො කීදෙනෙක් ඉන්නවද, උන්ගෙ පාට, දිග පළල, කීපාරක් එළියට ආවද, කීපාරක් ඇතුළට ගියාද කියන එක ගැන මට හොඳ අවබෝධයක් තියනවා. ඒත් ඒ අවබෝදෙන් වැඩක් නැත්තෙ කවදාවත් කවුරුවත් මගෙන් ඒ ගැන ඇහුවෙම නැති නිසා.
ඔය වැඩේට කොහොමත් පැය භාගයක් විතර යනවා. ඊට පස්සෙ තියෙන්නෙ කතන්දර වාරය. සීයා බුලත් විටක් එහෙම ඒදගෙන ඉස්තෝප්පුවෙ තියන හාන්සි පුටුවෙ දිගෑරුණම අපි දෙන්නා, දෙපැත්තෙන් පොඩි බංකු දෙකක් තියන් කිට්ටු වෙලා ඉන්නවා. ඔය බංකු වලට ඒ ගොල්ලො කිව්වෙ කොළොම්බු කියලා. ඔන්න මට හුරු නැති තව වචනයක්. නැන්දයි, කිරිඅම්මයි තව ආපු කවුරු හරි වගේ එකතු වෙලා සාලෙ මැද්දෙ බර කතාවක්. බාප්පා එයාගෙ කාමරේද කොහෙද. සීයා අපිට එක එක ජාතියෙ කතා කියලා දෙනවා. හුඟක් ඒවා බෞද්ධ කතා තමා. මම ආසම කතාවක් තමා අර රුවන් වස්සපු බමුණගෙ කතාව. ගෙදරදිනම් මේ වෙනකොට බඩගිනියි කියලා පෙරළි කරන්න පටන් අරන්, ඒත් මෙහෙදි එහෙම බඩ ගින්නක් නෑ. කතන්දර නිසාද මංදා !
කිරිඅම්මා හරි, නැන්දා හරි "ළමයි ආ දැන් ඔය මදෑ, එන්න කෑම කන්න" කියලා කතා කරනකම් ඔය කතන්දර වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.
"හ්ම් එහෙනම් අදට ඇති, ආයේ හෙට කියන්නම්කො " කියලා සීයත් නැගිට්ටට පස්සෙ තමා අපි නැගිටින්නෙ.
ඊට පස්සෙ කෙළින්ම කුස්සියට යනවා කිරිඅම්මගෙ බත් බෙදිල්ල බලන්න. මෙහෙ ඒකත් අමුතුයි. ගෙදරදිනම් අම්මා කෙළින්ම මුට්ටියෙන් පිගානට බෙදන්නෙ, ඒත් මෙහෙ බත් එක ඔක්කොම වට්ටියකට දාලා ඒකෙන් තමා පිගන් වලට බෙදන්නෙ. කනකොට ගෙදර හැමෝම වගේ කනවා. බාප්පගෙ ලොකු බොකුටු පිගානත් මට අමතක නොවෙන තව එකක් තමයි. එයා බත් කන්නෙ අමුතුම ක්‍රමේකට. කුස්සියත් ගේත් අතර තියන දිග වැරැන්ඩා එකේ තියන දිග බංකුවෙ දකුණු කකුල නවලා උඩින් තියාගෙන, වම් අතින් අර බොකුටු පිගාන අල්ලගෙන, නවා ගත්ත කකුලෙ දනිස්ස උඩින් දකුණු අත තියාගෙන තමයි බාප්පා බත් කන්නෙ. ඒක අමුතුම කෑමක්. තාත්තත් ගෙදරදි ඔහොම කරනවා මම දැකලා තියනවා.
රෑ කැමෙන් පස්සෙ කට්ටියම නින්දට යනවා. අයියයි මායි සීයගෙ කාමරේ බිම පැදුරු එළාගෙන නිදා ගන්නවා. සීයා ඇඳ උඩ. ගෙදර හැමෝම වැඩිම වුණොත් ඕන්නම් රෑ නවය වෙනකම් ඇහැරලා ඉඳියි. ඊට එහානම් නෑ.
මේක අලි විශාල පඩි පෙළක්. මම දැකලම නෑ ගෙදරකට මෙච්චර ලොකු පඩිපෙළක් තියනවා. කොච්චර ලොකුද කිව්වොත් පඩි පෙළේ යටම හිට ගත්තම ගේ පේන්නෑ. අපි දහ දොළොස් වතාවක්ම ගැණලා ගැණලා තමා ඕකට පඩි අනූ පහක් තියනවා කියලා දැන ගත්තෙ. ගැනගෙන මගක් යනකොට ගැනපු ගාන අමතකයි. ඔන්න ඔය වගේ.
පඩි පෙළ අයිනදිගේ දෙපැත්තෙම කොස් ගස් තියනවා. ඒවා සීයලා, තාත්තලා එකතු වෙලා හිටවපුවලු. දකුණු පැත්තෙ පටන් ගන්න තැනම තියනවා උළු හෙවිල්ලපු ගෙයක්. එතනින් උඩට තනිකරම කැලේ. කැලේ කියන්නෙ වනාන්තරයක් නෙමෙයි, ඒත් ඒවගේම එක එක ජාතියෙ මහ විශාල ගස් වැල් ජාති වලින් වැහිලා ගිහින්. අලි කොටි නැති ටික විතරයි. එතකොට වම් පැත්තෙ භාගයක් විතර යනකම් අන්නාසි වගාවක්. මැද්දෙන් හරහට යනවා වැටක්. එතනින් පස්සෙ ඒ පැත්තෙත් කැලේ. ඒ වැටෙන් උඩ කෑල්ල සීයලගෙ.
සීයලෑ ගේ හදලා තියෙන්නෙ කන්දක මැද්දෙ ගෙපල කපලා. එතකොට ගෙයින් උඩහා දිගටම කන්ද, පහළ බෑවුම. ඔය ඔක්කොම බොහෝදුරට, කොස්, අඹ, දූරියන්, යකඩ මරන්, ගොරකා, මිල්ල, රබර්, වේ වගේ ගස් වැල් ජාති වලින් වැහිලා තියෙන්නෙ. හරිම සනීප හෙවන.
පඩි පෙළට ආපු ගමන් අපි දෙන්නා ඔට්ටුවට දුවන්න පටන් ගන්නවා, ඒ ඉස්සෙල්ලම ගෙදරට යන එක්කෙනා වෙන්න. "හා හා වැටෙනවා දැන් " කියලා සීයගෙ අනතුරු ඇඟවීම නිකුත් වුණත් අපි නෙමේ ඒවා ගණන් ගන්නෙ. ඔය තරඟෙන් මම බොහෝ දුරට පරදිනවා. එකක් අයියා මට වඩා ලොකු වීම, අනික එයා පොඩි කාලෙ ඉඳන් මෙහෙ හැදිච්ච නිසා පරිසරය, පඩිපෙළ හොඳින් හුරු වීම.
කොච්චර හයියෙන් දුවගෙන ආවත් උඩට ආපු ගමන් නැන්දගෙ බලු සේනාවෙ තර්ජනයත් එක්ක අපි ගල්ගැහෙනවා. අඩුම ගානෙ බල්ලො තුන් දෙනෙක්වත් කවදාවත් වරදින්නෑ. සමහර එවුන් හරිම වස එවුන්. නැන්දා හරි, බාප්පා හරි උන්ව අල්ලලා බැන්දට පස්සෙ තමා අපිට ගෙට යන්න පුළුවන්. අපි එනවට උනුත් කැමති නැතුව ඇති. මොකද අපි ආවට පස්සෙ උන්ව හැම වෙලේම ගැට ගහලා. දවල්ට ටිකක් අරිනවා, ඒ අපි ඇඳක් උඩට හරි, මේසයක් උඩට හරි නැගලා ආරක්ෂාව තහවුරු කරගත්තට පස්සෙ. උන්ව ආයෙ බඳිනකම් අපි හිරකාරයො. ඇවිල්ල ටික දවසක් ගියාමනම් පොඩි හිනාවක් එහෙම දානවා නැට්ට වනලා. ඒත් වැඩි පරිස්සමට අපි භජනෙට යන්නෑ.
"මොකෑ පරක්කු ? " ඔය අපි ආපු ගමන් නැන්දගෙන් එල්ල වෙන සාමාන්‍යය ප්‍රශ්නය. ඕකට උත්තර දීමක්නම් කවදාවත් සිද්ධ වෙන්නෙ නෑ. වැඩිම උණොත්
මෙහෙ මට අමුතු දේවල් කිහිපයක් තියනවා. එකක් තමයි භාෂාවෙ තියන පොඩි පොඩි වෙනස් කම්.
අපි මොකද කියන එකට ඒ ගොල්ලො කියන්නෙ "මොකෑ" කියලා. තව කියනවා "බලාගෙන බල්ලා ඔයාට කයි" කියලා. මුලදිණම් මට මේක හරි විකාරයක්. යකෝ බල්ලා මොනවද මට කන්නෙ, මාව කෑවොත් මිසක් කියලා. පස්සෙ තමා ඉතින් ඕවා තේරුණෙ.
ආපු ගමන් ඇඳුම් මාරු කරගෙන, පොඩ්ඩක් ගේ වටේ එහෙට මෙහෙට රවුමක් දානව පරිසරය හුරු කරගන්න. ගිය පාරට වඩා මොනවද වෙනස් වෙලා තියෙන්නෙ කියලා බලන්න. ඔය අස්සෙ කිරිඅම්මගෙන් මොනවා හරි කෑමක් එක්ක තේ එකක් එහෙම හම්බෙනවා. දැන් හවස් වෙලා, ටිකකින් සීයා යනවා හරක් ටික අරන් එන්න. ඊට කලින් බාල්දි වලට වතුර පුරවලා පෝලිමට තියලා තියෙන්නෙ. සීයා රෑණගලට ගිහින් උන්ව ළිහපු ගමන් කඩාගෙන බිඳගෙන ගෙදරටම එනවා. කිසිම මග පෙන්වීමක් නැතුව. මුලදිනම් මට මේක හරිම මැජික් එකක්. උන් ඇවිල්ලා අර වතුර බෲස් බෲස් ගාලා උගුරට දෙකට බීලා දානවා. හරක් දහ දොළොස් දෙනෙක්වත් ඇති එතන. උන් ළඟින ගේ තියෙන්නෙ සීයලෑ ගෙට උඩහින් තියන කණ්ඩියෙ. ඒකට යන්න තව පොඩි පඩි පෙළක් තියනවා, එහෙම නැත්නම් වටෙන් යන්න අඩි පාරක් තියනවා. වතුර බීලා මුන් හරියටම ඔය ළඟින ගෙදරට තනියමම යන හැටි බලන්න වටිනවා. හරියට නිකන් පුරුදු කරවලා වගේ. සමහර එවුන් වටෙන් යනකොට, විසේ තියන ඉක්මන් කාරයො අර පොඩි පඩි පෙළ නැගලා යනවා.
ඔය ඔක්කොම ඉවර වෙනකොට අඳුර වැටිලා. මෙහෙ තියන තවත් මට හුරු නැති දෙයක් තමයි ලයිට් නැති කම. රෑට තනිකරම ලාම්පු එළියෙන් තමා ජීවත් වෙන්නෙ. හවසට සීයා හරි බාප්පා හරි අර මහ විශාල පැට්‍රො මැක්ස් ලාම්පු දෙකට තෙල් දාලා හුළං ගහලා පත්තු කරලා ගන්නවා. ඒ එකක් ඉස්සරහා එල්ලනවා, අනික සාලෙ.
ඔය ඔක්කොම කරලා සීයා බුද්ධ පූජාව තියනවා. සීයලෑ ගෙදර තිබුණ තවත් අමුතු චාරිත්‍රයක් තමයි උයන ඒවයෙන් ටිකක්වත් කටේවත් තියන්නෑ බුද්ධ පූජාවට වෙන් කරලා, ඒක තියනකම්. ඒක හැමෝම තදින්ම පිළිපැද්දා. උයන එකෙන් කෑම ටිකක්, හොඳට පෙරාගත්තු වතුර එකක් සහ කඩා ගත්තු මල් වට්ටියක් සීයගෙ කාමරේ තිබුණ බුදු පිළිමෙ ගාව තියලා, බිම පැදුරක් එළලා තමා සීයා ගාථා කියන්න පටන් ගන්නෙ. අයියයි, මායිත් ඕකට එකතුවෙනවා. ගෙදරදි කතෝලික අපි මෙහෙ ආපුවම ඔන්න ඔය විදිහට බෞද්ධ වෙනවා. මුලදි මුලදි බොරුවට තොල් හොල්ල හොල්ල හිටිය මට, පස්සෙ ඔක්කොම වගේ ගාථා පුළුවන් වුණා.
සීයා කියන ගාථාවල හඬ වරින් වරේ උස් වෙලා ආයෙත් අඩු වෙලා යනවා. අයියටත් හොඳටම ගාථා පුළුවන්. මම තමයි දන්නැත්තෙ. මම ඉතින් බොරුව කර කර වට පිට බල බල ඉන්නවා. ගාථා කියලා ඉවර වෙනකොට, බුදු පිළිමෙ පිටි පස්සෙ හූනො කීදෙනෙක් ඉන්නවද, උන්ගෙ පාට, දිග පළල, කීපාරක් එළියට ආවද, කීපාරක් ඇතුළට ගියාද කියන එක ගැන මට හොඳ අවබෝධයක් තියනවා. ඒත් ඒ අවබෝදෙන් වැඩක් නැත්තෙ කවදාවත් කවුරුවත් මගෙන් ඒ ගැන ඇහුවෙම නැති නිසා.
ඔය වැඩේට කොහොමත් පැය භාගයක් විතර යනවා. ඊට පස්සෙ තියෙන්නෙ කතන්දර වාරය. සීයා බුලත් විටක් එහෙම ඒදගෙන ඉස්තෝප්පුවෙ තියන හාන්සි පුටුවෙ දිගෑරුණම අපි දෙන්නා, දෙපැත්තෙන් පොඩි බංකු දෙකක් තියන් කිට්ටු වෙලා ඉන්නවා. ඔය බංකු වලට ඒ ගොල්ලො කිව්වෙ කොළොම්බු කියලා. ඔන්න මට හුරු නැති තව වචනයක්. නැන්දයි, කිරිඅම්මයි තව ආපු කවුරු හරි වගේ එකතු වෙලා සාලෙ මැද්දෙ බර කතාවක්. බාප්පා එයාගෙ කාමරේද කොහෙද. සීයා අපිට එක එක ජාතියෙ කතා කියලා දෙනවා. හුඟක් ඒවා බෞද්ධ කතා තමා. මම ආසම කතාවක් තමා අර රුවන් වස්සපු බමුණගෙ කතාව. ගෙදරදිනම් මේ වෙනකොට බඩගිනියි කියලා පෙරළි කරන්න පටන් අරන්, ඒත් මෙහෙදි එහෙම බඩ ගින්නක් නෑ. කතන්දර නිසාද මංදා !
කිරිඅම්මා හරි, නැන්දා හරි "ළමයි ආ දැන් ඔය මදෑ, එන්න කෑම කන්න" කියලා කතා කරනකම් ඔය කතන්දර වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.
"හ්ම් එහෙනම් අදට ඇති, ආයේ හෙට කියන්නම්කො " කියලා සීයත් නැගිට්ටට පස්සෙ තමා අපි නැගිටින්නෙ.
ඊට පස්සෙ කෙළින්ම කුස්සියට යනවා කිරිඅම්මගෙ බත් බෙදිල්ල බලන්න. මෙහෙ ඒකත් අමුතුයි. ගෙදරදිනම් අම්මා කෙළින්ම මුට්ටියෙන් පිගානට බෙදන්නෙ, ඒත් මෙහෙ බත් එක ඔක්කොම වට්ටියකට දාලා ඒකෙන් තමා පිගන් වලට බෙදන්නෙ. කනකොට ගෙදර හැමෝම වගේ කනවා. බාප්පගෙ ලොකු බොකුටු පිගානත් මට අමතක නොවෙන තව එකක් තමයි. එයා බත් කන්නෙ අමුතුම ක්‍රමේකට. කුස්සියත් ගේත් අතර තියන දිග වැරැන්ඩා එකේ තියන දිග බංකුවෙ දකුණු කකුල නවලා උඩින් තියාගෙන, වම් අතින් අර බොකුටු පිගාන අල්ලගෙන, නවා ගත්ත කකුලෙ දනිස්ස උඩින් දකුණු අත තියාගෙන තමයි බාප්පා බත් කන්නෙ. ඒක අමුතුම කෑමක්. තාත්තත් ගෙදරදි ඔහොම කරනවා මම දැකලා තියනවා.
රෑ කැමෙන් පස්සෙ කට්ටියම නින්දට යනවා. අයියයි මායි සීයගෙ කාමරේ බිම පැදුරු එළාගෙන නිදා ගන්නවා. සීයා ඇඳ උඩ. ගෙදර හැමෝම වැඩිම වුණොත් ඕන්නම් රෑ නවය වෙනකම් ඇහැරලා ඉඳියි. ඊට එහානම් නෑ.
~~~ ඉවර නෑ ~~~
ප.ලි.
අවවාදයයි : මෙම කතාව කියවීමෙන්, පාඨකයා සිය ළමා අතීතයේ අතරමංවීමේ වගකීම ලේඛකයා විසින් නොදරන අතර නැවත වර්තමානයට පැමිණීමේ ගමන් ගාස්තුද නොදරන බව කරුණාවෙන් සලකන්න. :D
අවවාදයයි : මෙම කතාව කියවීමෙන්, පාඨකයා සිය ළමා අතීතයේ අතරමංවීමේ වගකීම ලේඛකයා විසින් නොදරන අතර නැවත වර්තමානයට පැමිණීමේ ගමන් ගාස්තුද නොදරන බව කරුණාවෙන් සලකන්න. :D
ලියුවේ ;
~~සෙන්නා / 03.05.2013
කොහේ ඉදන් රාගමට එන වැලි පාරක් ගැනද මේ කියන්නේ
ReplyDeleteඕක අටමෝ එකමත් එක ගමක්.. උඹ වටේ පිටේ ටිකක් කරක්ගහලා තියනවානම් ඔය දීලා තියන විස්තර හොඳටම ඇති කොහෙද කියලා හිතා ගන්න. මම උඹට දවසක් කියලත් තියනවා. මතක තියා ගනින් මේක එකමත් එක ගමක් හරිද ?
Deleteඋඹේ කතාවත් එක්ක මාත් හිතින් ගමේ ගියා... :)
ReplyDeleteස්තූතියි අහවලා.. හෙහ් හෙහ් ආන්න පලියක් දැම්මා ඒකත් කියවන්ඩ.. :D
Deleteපොඩි ලමයෙක් හිතන විදියට ඔය වගේ සුලු කාලෙකදි මෙහෙම කතාවක් ලියන්ට පුලුවන් උනානම්, සුමානයක් කරපු දේවල් පොතක්ම ලීව හැකිනේ.
ReplyDeleteසෙන්නාගේ භාෂාව හරිම අපූරුයි. පොඩි ලමයෙක් හිතන විදියටම ලියලා තියෙනවා. බස් ඩ්‍රයිවර් මාමා, කොන්දොස්තර මාමා වීරයෝ උනු හැටි, දකින දේවල් ගැන හිතෙන හැටි. මොන තරම් සුලු දේවලින් සතුටු වෙන සුන්දර ලෝකයක්ද ඒ! ලමා කාලේ හැමදාම තිබුනා නම් හොඳයි කියලා හිතෙනවා මේක කියෙව්වාම.
මම හරි කැමතී ගමේ කතා අහන්ට. ඒ කියන්නේ කාලේ වෙනස් උනාට අපි කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියලද?
ස්තූතියි පොඩ්ඩි. ඔව් අපි හැමදාම ළමයි. අපි තුල ඉන්න ඒ ළමයට අපි හැමදාම කැමතියි. ඒ ළමයා වගේ හිතන්න, පතන්න, ක්‍රියාකරන්න අපි කැමතියි. ඒත් සමාජය වැඩිහිටියෙක්ගෙන් බලාපොරොත්තු වෙන භූමිකාව අපිට ඉශ්ඨ කරන්න තියනවනෙ. එහෙම නොකොළොත් අපි පිස්සො වෙනවා. ඔන්න ඕකෙන් වලකින්න තමා මට හිතෙන්නෙ ළමා කතා බිහි වෙන්නෙ. ලේඛකයා තමන්ගෙ ලිවිල්ල තුල ආයෙත් ළමයෙක් වෙනවා. ඒකට කාටවත් පිස්සු කියලා කියන්න බෑ. ඒවා කියවන අයත් ළමයි වෙනවා. හැමෝම ඒවට කැමතියි.
Deleteමේ කතාවෙ මට ඒ හැටි ලියන්න දෙයක් නෑ.. මොකද කිව යුතු තරම් විශේෂ සිද්ධි වෙලා නෑ.. අනිත් එක ගොඩක් දැන් මතක නෑ.. බලමු මතක ටික රබර් කරලා ගන්න. :D
බොහෝම රහයි. පොඩි කාළේ කෝච්චියේ ගමේ යන හැටි මතක් උනා. නමුත් පුතේ දිග වැඩියි. ඒ නිසා පොඩි බෝරිං ගතියක් නැත්තෙමත් නෑ.
ReplyDeleteමාතලන්ගෙන් "බොහොම රහයි" එකක් ලැබීම ගැන ලොකුවටම සතුටුයි. මම දන්නවා උඹ ආවට ගියාට රහයි නොකියන බව.
Deleteඅප්පා දිග වැඩිද ? මම මේ පසුතැවි තැවි හිටියෙ සමහර තැන් තව අපූරුවට ඇදලා විස්තර කරන්න තිබුනා නේද කියලා.
ආයේ සැරයක් විවේකීව මුල ඉඳලා කියවලා අදහස් දක්වන්නම්. හේතුව මේ ලිපිය කියවද්දී මමත් මගේ ලමා කාලයට යන්න පටන්ගැනීමයි. ඒ මතකයත් අරගෙනම එන්නම්.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
විචාරක මහතා, ඔබගේ අවධානය මම තදින්ම පලිය දෙසට යොමු කරවනවා.. :D
Deleteඒ කතා ටික අරන් එන්නකො එහෙනම්.. ඒවයෙන් ලිපියක් ලියුවනම් ගොඩක් රසවත් වෙයි..
ඔන්න මම ආයෙත් ආවා. ආයේ සැරයක් ලිපිය කියෙව්වා. සෙන්නා, දැක්කනේද අදහස් දක්වලා තියන බොහොම දෙනෙකුට තමන්ගේ හිත ඇතුලේ ඉන්න ලමයගේ බලපෑම තිබෙන බව පෙනෙනවා. ඊයේ පෙරේදා ඩූඩ් ලියපු මාරක කේක් කතාව වුනත් බොහෝ දෙනෙක්ව ආකර්ෂණය කර තිබුනේ අපේ ලමාකාලය කිසි දිනක අපේ හිතෙන ඉවත්වන්නේ නැති නිසයි.
Deleteසෙන්නා බබා 1985 බෝතලේ යන කාලේ, මම මඩකලපුවට ආසන්න පෙදෙසක යුද්ද කරමින් හිටියේ. (පේනවද නාකියාට කොච්චර වයස ඇද්ද කියලා):D
ගම්පහ දිස්ත්‍රික්කය ලංකාවේ සුන්දරතම ප්‍රදේශ වලින් ගහණ දිස්ත්‍රික්කයක්. ඔබ අහලා තියනවද හක්ගල්ලේ පී.කේ.ඩී. සෙනෙවිරත්න කියන කවියා. එතුමාගේ ස්මාරකය පිහිටා තිබෙන්නේ පස්යාල - අත්තනගල්ල මාර්ගයේ එල්ලක්කල ප්‍රදේශයේ. ඒ වගේම තමයි මහගම සේකර ප්‍රාඥයා. ඒ වගේ සුන්දර මිනිසුන් ජීවත්වූ දිස්ත්‍රික්කයක් කවදාවත් අසුන්දර වෙන්නේ නැහැ, අද ඉන්න ජරා දේශපාලුවන් ඒ ප්‍රදේශවල 'පහරන්නේ' නැත්නම්. :D බෝතලේ වලව්වට මම ගිහින් තියනවා, 1980 දශකයේදී, එහි අලංකාරය බලන්න. ගම්පහ දිස්ත්‍රික්කය පුරා එවැනි මන්දිර රාශියක් තියනවා නේද?
මටත් පුංචිකාලේ බරපතල ප්‍රශ්ණ තිබුනා වාහන ධාවනය සහ කෝච්චි ධාවනය ගැන. (දුම්රිය කියන වචනය අතහරින්න වෙනවා නේද විදුලි කෝච්චිය ආවම? 'විදුලි දුම්රියේ චංචල නාදය' කියන ගීතය අහනකොට මට ඔය සිතුවිල්ල එනවා. මොකද විදුලි කෝච්චිය දුම් දාන්නේ නැහැනේ)
මට මුල්ම ප්‍රශ්නය ආවේ ඒ කාලේ කොළඹ නගරයේ ධාවනය වුන ට්‍රොලි බස් ගැනයි. (දැකලා තියනවද කියලා අහලා නිකම් 'බොළඳ චූන්' ගන්න අවශ්‍ය නැහැ. ඔබ දකින්නේ කොහෙද ඒවා) මම හිතන්නේ ඒවා ඉවත්වුනේ 1960 දශකයේදී. ඒ බස් දුවන්නේ විදුලි බලයෙන්. ඔබේ පියා ඒවගේ ගිහිල්ලා ඇති. හප්පා අද තිබුනානම් අඩුම ටිකට් එකක් කීයක් වෙයිද? :D :D බස් එකේ වහලෙන් උඩට යොමුවුණ පුවක් ගස් දෙකක් වගේ සමාන්තර ඊයම් පාට පොලු දෙකක් තියනවා.නගරය පුරාම අද තිබෙන කම්බි මාර්ගයකට ඒ පොලු දෙක කාන්දම් බලයෙන් ඇලී තිබෙනවා. ලයිට් ගියොත් ඒ පොලුදෙක හෙමීට බස් එකේ වහලය උඩට පාත් වෙනවා. බස් එක පාරමැද්දේ 'චක බ්ලාස්'. ආය ලයිට් ආවම අර පොලුදෙක උස්සලා කම්බි වලට ගාවන්න විදුලි පරිවාරක ප්ලාස්ටික් වැනි දිග පොල්ලක් බස් එකේ තියනවා. ඒ බස් කොලපාටයි. හෝන් එක හරියට බෙල්ල මිරිකාගෙන ඉන්න තඩි මිනිහෙක් උගුර යටින් කෑ ගහනවා වගේ. බස් එක සම්පූර්ණයෙන් නිහඬයි. රෝද කැරකෙන්නේ විදුලි මෝටර් වලින් නිසා. බස් එකේ ජනෙල් වලට ඉහලින් තියනවා කලුපාට සහ රිදීපාට බීඩින් එකක්. එය ඇල්ලුවාම බෙල් එක වදිනවා. මේ විස්තර දැනගන්න කලින් මම පුංචිකාලේ මට හරිම පුදුමයි කරන්ට් එක ඇතුලේ ඉන්න මිනිස්සුන්ට වදින්නේ නැත්තේ ඇයි කියලා. මොකද, රෑට මේ බස්, අර කම්බිවල ඇතිල්ලෙමින් යද්දී, කම්බි මාර්ග එකිනෙකට සම්බන්ධ වෙන තැන් (හන්දි වලදී)පහු කරනකොට අර පොලු දෙකේ අග්ගිස්සෙන්, නිල්පාට ගිනි පුපුරු විසිවෙනවා.
මම වයස අවුරුදු 15 පමණ වනතුරු ලංකාවේ ගල් අඟුරු කෝච්චි ධාවනය වුනා. මම බොහොම කුඩා කාලයේ මගේ පියා සේවය කලේ පේරාදෙණිය සහ ගම්පොල අතර පිහිටි ගෙලිඔය කියන ප්‍රදේශයේ. මට හැමදාම හවසට සත තුනක් ඕනෙ. අයියත් එක්ක ගිහින් සතේ සීනිබෝල දෙකක් අරං අපි දෙන්නා කනවා. ඉතුරු සතේ (ඒවා තඹ සත) රේල් පීල්ල උඩින් තියනවා. කෝච්චිය ගියාම සතේ පපඩමක් වගේ විශාලවෙන්න තැලෙනවා. 'හයියෝ සල්ලි' :D :D
ගල් අඟුරු කෝච්චියට ගල් අඟුරු සහ වතුර දානවා බැලීම හරිම විනෝද ජනකයි. ඒ කාලේ ප්‍රධාන දුම්රිය ස්ථානවල තිබුණා උස අට්ටාලයක සවිකළ වතුර ටැංකියක් සහ ඒ ටැංකියෙන් එල්ලෙන අලි හොඬයක් වගේ කලුපාට මහා රබර් නලයක් තිබුණා. ඒ ටැංකිය යටට එන්ජිම ගෙනත් වතුර ටැංකියක් විතර පුරවනවා. ගල් අඟුරු දානවා බලන්නත් ආසයි. ගල් අඟුරු දැවෙන උදුනේ පියන ඉවත් කලාම, ඒ තුල ඇවිලෙන මහා ගිනිකඳ පෙනෙනවා. එන්ජිමේ පසුපස බක්කියේ පුරවා තියන ගල් අඟුරු සවලකින් අරගෙන උදුනට දාලා උදුනේ දොර වහනවා. ගල් අඟුරු කෝච්චියේ යද්දී ඔලුව එලියට දාගෙන ගියාම, සියුම් වැලිකැට වැනි ගල් අඟුරු කැට අපේ ඇහැට එනවා. ඒ වගේම ගල් අඟුරු කෝච්චියක දුර ගමනක් ගියොත්, අපේ ඇඳුම්වල, දැවී ඉවත්වූ ගල් අඟුරු අළු තැන්පත්ව තිබෙනවා බලන්න පුළුවන්. ඒ කාලේ කෝච්චියේ යද්දී කාපු උළුඳු වඩේ රස තාමත් මතකයි.වඩේ එකක් සත 5 යි. 1966 දී පමණ අපේ මුළු පවුලම විනෝද චාරිකාවක් ගියා කෝච්චියෙන් කන්කසන්තුරය දක්වා. යාපනේදී අපි දැක්කා කෝච්චි ඇන්ජිමෙන් පිට කරන උණුවතුර, යාපනේ කාන්තාවන් තඹ කලවලට එකතු කරගන්නවා.
දැන් ඇති නේද?
අසමි දකිමි සොයමි ලියන විචාරක
හප්පේ.. මේ තියෙන්නෙ මතක ගොන්නක්...ලියමුකො විචාරක තුමෝ පලිප්පු දාලා ඕවට..
Deleteහප්පා බලන් ගියාම නාකියට සෑහෙන වයසයි වගේ.. :D :D
ට්‍රොලි බස් මම දැකලා තියෙන්නෙ පින්තූර වලින් විතරයි.. කිව්වත් වගේ කොහෙ දකින්නද ?
ගල් අඟුරු කෝච්චිත් දැකීම වාසනාව අපිට තිබුනෙ නෑ.. විචාරක මහත්තයා මේ වගේ එකක් ලියුවනම් හුඟ දෙනෙක් නොදන්න බොහෝ කරුණු ආවරනය කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.
ස්තූතියි නැවත පැමිණ මහ විශාල කමෙන්ට් එකක් දාලා ගියාට. :D
>> දැන් ඇති නේද? <<
එහෙම කොහෙද ? ඔOවා ඔක්කොම අර බ්ලොග් එකේ ලියන්න කියලා තර්ජනය කරණවා..
විචාරක, ට්‍රෑම් කාර් පීල්ලේ ගියාට ට්‍රොලි බස් එහෙම නෙවෙයි සාමාන්‍ය රබර් ටයර් උඩ ගියේ නේද? එතකොට අර උඩ තියෙන විදුලි කම්බියෙන් වෙන් වෙන්නේ නැද්ද මේක ස්ටියරිං වීල් එකකින් පාලනය කරන කොට. මොකද මේක එකම ට්‍රැක් එකේ නොයන නිසා.
Deleteඑතකොට ට්‍රොලි ඩබල් ඩෙකරුත් තිබ්බේ නැද්ද?
විචාරකට හොඳටම මතකද ට්‍රොලි තිබ්බේ කොළඹ නගරයේ විතරයි කියලා? ඕවා ලෝ ලෙවෙල් පාරේ හංවැල්ලට ආවේ නැද්ද?
විචාරක මහතා කියපු අර අලිහොඩෙයි වතුර ටැංකියයි ..තාමත් අවිස්සාවේල්ල ස්ටේෂන් එකේ නම් තියෙනවා.
Deleteට්‍රොලි බස්නම් මතක නෑ. ට්‍රෑම් දුවපු පීලිනම් දැකලා තියෙනවා.
කතාව ඇතුලෙන් අපි ළමා කාලෙට යන එක වලක්වන්නම බෑ...කිසිම අඩුවක් නැතුව විස්තර ටික අපුරුවට ගලපලා..ඇස් කොනින් කතාවෙ අග පේනකොට දුක හිතුනත්..ඉවර නෑ කියලා ලියලා තිබ්බා දැක්කහම සතුටු හිතුනා...
ReplyDeleteස්තූතියි වෙනි අයියා..මේවගේ කතා කියවද්දි හිතෙන් ළමා කාලෙට යන එක වලක්වන්න සැක්කරයටවත් බෑ තමා නේද ?
Deleteඔව් ඔව් ඉවර නෑ.. ඒත් තව වැඩියත් නෑ..
ලොව ඇති එකම සත්‍ය දහම බුදු දහමයි. එය තවත් එක් ආගමක් නොවේ.
ReplyDeleteතර්කයකින් තොරවම එකඟයි ඉමන්ත.
Deleteටොපි කන ලියවිල්ලක්.. ටොපිය ඇතුලේ තිත්ත නැත්තෙමත් නෑ. හැබැයි මං මේ උඹේ රහ ලියවිල්ලක් කියෙව්වමයි ඔය විකිපීඩි, අරව මේවා නැති... සිරා.. අම්මප ඔව්වර දිගට ලියන්නේ කොහොමෙයි.. හැක්.. හැක්...
ReplyDeleteදැන් කොයි හරියද තිත්ත කියහන්, ඒවට සීනි ටිකක් දාලා දාන්න :D
Deleteඅඩේ විකිපිඩි වලට කෝචොක් දාන්න එපා බොල.. මගෙ ආසම ආස ඒව..
ඒක නෙමේ, තොපි එකෙක්ටවත් මම මේ අමාරුවෙන් ඇඳපු චිත්‍ර දෙක පෙනුන්නැත්තෙ ඇයි.. :-O
මං නම් ඔන්න චිත්‍ර දෙක දිහා බලාගෙන පල්ලම් බැස්සේ. අපේ පන්සලේ තියනවා ඔන්න ඔහොම පඩි පෙළක්. පොඩි කාලේ පන්සල් ගියාම අපිත් ඉස්සෙල්ලම උඩට යෑමේ තරඟයට දුවන්නේ ඔහොම තමයි.. :)
Deleteතැන්කූ චන්දන.. :D
Deleteචිත්තර???? තිබුනද?? මොනවද බලිකූටු වගයක් දැක්කා.. උඹල ඒවට කියන්නේ චිත්තර කියලද??? හැක්... නෑ බං දැක්කා... ඒ උනාට ඒ දිහා ඇත්තටම බැලුවේ නෑ..යකෝ එතකොට ගලා ගෙන ගලාගෙන කියවං යන එක ඉන්ටරප්ට් වෙනව නෙව...
Deleteසමාවෙන්න, වැරදි වචනයක් කියවුනේ. හරි එක බලි කුරුටු තමා.. :D :D එහෙනම් අන්තිමට දාන්න තිබුනෙ..
Deleteහැක් හැක්...
Deleteදෙයියනේ මටත් පුංචිම කාලේ මතක් වුනා
ReplyDeleteදිග වැඩි එක බෝරිං නැහැ අන්තිම හරියේදී බොහොම දුකින් කියව්වේ දැන් ඉවර වෙන හින්දා මේ වගේ ලිපි දිගට ලිව්වට කමක් නැහැ
ReplyDeleteස්තූතියි Kkroxc.
Deleteපුංචි කාලෙ මතක් කරවන්න ලැබීම සතුටක්. ස්තූතියි අදහසට.
නියමයි... ලියල තියෙනව මැවිල පේන විදිහට...
ReplyDeleteසාතන්, බොහොම කාලෙකින්.. ස්තූතියි බන් අගය කළාට.
Deleteඔයවිදිහෙම ලමාවියක් මටත් තිබුණා. ඒත් මතක චායාවල් විතරයි.. අපූරුවට අතීතෙට ගිහින් ජීවත්වෙලා.
ReplyDeleteසරත් අයියා,
Deleteස්තූතියි. මටත් ඕනා වුනේ ළමා කාලයේ සුන්දර අත්දැකීම් ටික, තවත් අමතක වෙන්න කලින් මතක විදිහට කුරුටු ගාලා දාන්න. අඩු ගානෙ අපේ ළමයෙක්ටවත් අනාගතේදි රස විදින්න බැරිවෙයියෑ. ඒත් මට බය ඒගොල්ලො මේවා කියවලා අනේ අපට එහෙම ළමා වියක් නෑනෙ කියලා පසුතැවෙයිද දන්නෑ.
ඔච්චර රසවත් නැතත් මාත් පොඩිකාලෙ අපේ අම්මලගෙ මහ ගෙදර යන එක මතක්උනා මේක කියවනකොට.
ReplyDeleteඅවුලක් නෑ දැං හරි මතක් උනා නේ..
Deleteස්තූතියි ප්‍රසන්න.
Deleteහොඳට මතක් කරලා බලන්න, ගමේ ගියානම් රසවත් නොවී තියෙන්නෙ විදිහක් නෑ.. හොඳට කල්පනා කළොත් රසවිඳපු දේවල් මතක් වෙයි.
දේශකයා, උඹ ගුටි කෑවොත් ඕන් මන් නෑ. හරිය ! :D
//අම්මානම් එච්චර කැමති නෑ අපි ගමේ යනවට, මොකද එළකිරි බීලා සෙම වැඩිකරගන්නවා කියලා.//
ReplyDeleteමට පුරස්නයක් ආවා.. මේ සීයා කියන්නේ සෙන්නගේ අම්මගේ තාත්තද, තාත්තගේ තාත්තද කියලා... මට හිතුනේ තාත්තගේ තාත්තා වෙන්න ඇති කියලා.. ( තාත්තත්, බාප්පා කන විදියට කනවා දැකලා තියෙනවා කියලා තියෙන නිසා) එතකොට සෙන්නා කතෝලිකද බුද්ධාගමේද...? ( මටත් හැමෝම සීයලා තමයි... නැන්දා මාමා පුංචිලා බාප්පලා ඔක්කොම නෑකම් එහෙමත් පැටලිලා තියෙන්නේ)
මට ඔහොම යන්න කියලා ගමක් තිබ්බේ නෑ නේ... අනිත් එක සීයලත් නෑ... ඔක්කොම මට ඉපදෙනකොට මැරිලා ගොඩක් කල්.. ආතා තමයි හිටියේ.. අම්මගේ අම්මගේ තාත්තා.. කොට්ටාව ටවුම ඒ වෙනකොටත් නාගරිකයි බොහෝ දුරට... පුංචිම කාලේ ලස්සන මතකයක් කීපයක් නම් තියෙනවා...
මම මේ වගේ ආසාවෙන් ගිය ගමන තමයි අපේ ලොකු නැන්දලගේ ගෙදර යන ගමන... ඒ කාලේ මං තනි අලියා... ඒ කාලේ මගේ හොඳම යාලුවා නැන්දගේ දුව.. ඒකා හිටියේ නැන්දගේ ගෙදර... පිළියන්දල පැත්තේ ලොකු වත්තක් බලාගත්තේ මාමා.. අයිතිකාරයෝ රටෙත් නැති හින්දා අපි තමයි අයිතිකාරයෝ... එහෙ ගිහින් දවස් ගානක් ඉඳලා ආපහු එන්න හදනකොට මං අඬනවා යන්න බෑ කියලා.. නඟා අපේ ගෙදර ආපුවාම අඬනවා එයාට යන්න බෑ කියලා... අන්තිමට කොෙහාම හරි පස්සේ කාලෙක අපි දෙන්නා එක කාමරේ ඉඳලා, ඊට පස්සේ මීටර් ගානක දුරින් හිටියා.. දැන් ආයිත් ඈත් වෙලා...
මට දුකකුත් ආවා සෙන්නගේ මේ කතාවෙන් අවදි වෙච්ච මතකයන් එක්ක... අපි පුංචි කාලේ ආසාවෙන් බදාගෙන හිටපු අහිංසක දේවල් වලින් මේ වෙනකොට කොච්චර ඈත් වෙලාද කියලා අපිම දන්නේ නෑ මේ වගේ දෙයක් ඔලුවට වඳිනකම්ම... හරියට පොල්ලකින් ගැහුවා වගේ....
හිරූ,
Deleteමේ කියන්නෙ අපේ තාත්තගෙ තාත්තා ගැන. අම්මගෙ තාත්තව අපි දැකලවත් නෑ. අපි ඉපදෙන්නම කලින් උන්දෑ මැරිලා.
සෙන්නලා කතෝලික, ඒත් බෞද්ධ
මට ඔය ගමේ යනකොට හැමදාම හිතිච්ච දෙයක් තමයි, ඔය ආච්චිලා සීයලා ලඟ පාත ඉන්න ළමයින්ට යන්න ගමක් නෑ නේද කියන එක. මට හැමදාම ඒ ළමයි ගැන දුක හිතුනා. මම ඔය ගැන වච කීපයක් එකතු කරන්න හිටියත් මට ඒක අමතක වුනා. හිරූටත් වෙලා තියෙන්නෙ ඒ වගේ දෙයක් නේද ?
හිත දුකින් පුරවන්න වීම ගැනනම් කණගාටුයි හිරූ. ඒත් අපි යම්තාක් දුරකට හරි වාසනාවන්තයි මොනයම් හරි අත්දැකීමක් ලබන්න. දැන් ඉන්න ළමයි ඒ අතින් හරි අවාසනාවන්තයි. ඒත් උන් දැන් කම්පියුටර් වලින් ගේම් ගහන ඒවා, ලොකු වෙනකොට සුන්දර මතකවල් වෙයිද දන්නෑ. හැමදේම සාපේක්ශයිනෙ.
@හිරු
Delete//අම්මගේ අම්මගේ තාත්තා..// ඒ කියන්නේ මුත්තා නේද..? අම්මගේ හෝ තාත්තගේ තාත්තා ආතා/ සීයා නේ.
//අනිත් එක සීයලත් නෑ..// මං දැක්කා බ්ලොග් වලින් සීයෙක් හොයාගෙන තියනවා :D
මං කිව්වේ චන්දන.... මට ඔය නෑකම් ඔක්කොම පැටලිලා තියෙන්නේ... කොහොමත් මං හිතන්නේ අම්මලා ආතා කියපු නිසා අපිටත් ඒ වචනෙම පුරුදු උනා... මගේ එක සීයා කෙනෙක් ඉන්නවා.. අම්මගේ මාමා වෙන්නෙ.. දැන් ඒ දෙකම එකතු කරලා මං කියන්නේ සීයා මාමා කියලා... එයාගේ ළමයි තාම ඉස්කෝලෙ යනවා.... ඔහොම තමයි අෙප් නෑකම් කිවිල්ල...හි හි....
Deleteඅර වැලි පාරේන් ඇවිත් දකුණටද වමටද හැරෙන්න ඕන කියල ඇහුවම මම හිතුව මේකත් අර ඩූඩ ගෙ කේක් කතාව වගේ දකුණට හැරුනොත් මැරෙනව, වමට හැරුනොත් තව ටිකක් වෙලා ගිහින් මැරෙනව වගේ එකක් ද කියල. බලද්දී නෑ, ඔරිජිනල් කතාවක් නෙ. මේක කියවල මමත් ආයෙ පුංචි කාලෙට ගියා. ඒ දවස් වල කොච්චර ආසාවෙන්ද ඉන්නෙ ගමේ යන්ඩ නිවාඩුවට? දැනුත් ඉතින් ලංකාවට ආවම යනව හැබැයි දැන් ගමේ ඒ ගමේ කම නෑ ...
ReplyDeleteහෙහ් හෙහ් මටත් ඔතනදි ඩූඩියව මතක් වුනා..ඒත් ඉතින් එහෙම කරන්න බෑනෙ.. :D
Deleteවර්තමාන තත්ත්වයනම් හැමතැනකම හරිම ඛේදනීයයි තමා. ඒකට කියන්නෙ දියුණුව කියලලු බන්.. ඕවා ඉතින් නවත්වන්න පුළුවන් දේවල්යෑ.. මෙහෙම විඳපු දේවල් මතක් කර කර හිතින් අතීතේ ජීවත් වෙන එක තමා කරන්න තියෙන්නෙ.
ලස්සනයි සෙන්නා,චිත්‍ර දෙකත් නියමයි....
ReplyDeleteපලියත් මරු ඇ.....:D
ස්තූතියි මනෝජ්.. පලිය මරුද ඈ.. :D
Deleteමාත් ඒ ගමට ගියා. පිටිපස්සේ කැලෑවේ ගහක් උඩ ඉඳන් ඈත පේන්නේ මොනව ද කියල බලා ඉන්නවා තවම. :)
ReplyDeleteලස්සන විස්තරය සෙන්නා..!!
ස්තූතියි චන්දන...
Deleteඔහොම්මම ගහ උඩට වෙලා ඉන්නකො එහෙනම්.. :D ඔතනින් කෙලින්ම ඇත බැලුවොත් ගල්ගුහාවක් අස්සෙන් කෝච්චි යනවා පෙනෙයි..
ඩූඩ්,බුද්ධි,වෙනීගේ ගොඩට තවත් සිත්තරෙක් එතතු වෙලා තියෙන්නේ..!
ReplyDeleteඅපේ අම්මයි තාත්තයි අපි ගෙදරින් පිට වෙලා ඉන්නවට කැමති වුනේ නැතිනිසා අපි ගමේ ගොඩක් දවස් නම් හිටියේ නෑ..එක දවසයි නැත්නම් දෙකයි..ඒක නිසා මේ ලියවිල්ල රහ කර කර කියෙව්වා..
අම්මගේ අම්මට කියන්නේ ආතම්මා කියලා නේද? ලොකු අම්මා කියන්නේ අම්මගේ අක්කටනේ..? අපි නම් ආතම්මට කියන්නේ හීං අත්තා කියලා..
කතාවේ අල්ල පනල්ලේ දැක්කා “මුග්ධ හිනාව“ කියලා එකක්..කතාවේ ශෛලියත් එක්ක ඒක මෝඩ හිනාවක් කියලා වෙනස් වුනා නම් හොඳයි කියලා හිතෙනවා..
ගම් කොටනවා කියන්නේ අර ගෑනු පිරිමි මල් පලතුරු සෙල්ලමද? ඒ ගැනත් පලියක් දැම්මා නම් හොඳයි..
සෙන්නගේ මේ පෝස්ටුව කියවද්දි මට මතක් වුනා අප්පච්චිලගේ ගමේ යද්දි මමත් ගණන් කර කර යනවා ලයිට් කණු වල අංක..ඒවා හිටවන්න ඕන පිලිවෙලට අංක කරලා තියන නිසා ගනන් කරන්න ලේසියි.බස් එක වේගෙන් යද්දි එක දෙකක් මිස් වෙද්දි හරිම දුකයි..!
දැන් නම් අපි පොඩි කාලෙට ගිහින් අතරමං වෙලා ඉන්නේ ..ඔයා ආපහු එන්න ගමන් වියදම් දෙන්නෑ කියපු එකේ ඒ කාලෙම ඉන්න තමයි වෙන්නේ!!
සේන ගැන කතාව කොයි හරියෙන්ද පටන් ගන්නේ?
හැහ් හැහ් සිත්තරෙක්...ඕවට කියන්නෙ සිත්තර කියලා නෙමේ, බලි කුරුටු කියලා.. :D
Deleteඅපේ පැත්තෙ අම්මගෙ අම්මට කියන්නෙ ලොකු අම්මා කියලා. අම්මගෙ තාත්තා ලොකු තාත්තා. ඔය වෙනස දන්න නිසා තමා වරහන් ඇතුලෙ දැම්මෙ. නැත්නම් කට්ටිය හිතවා අපි වැන්දෙ අම්මගෙ අක්කට කියලා.
ඒක හරි රූ, ස්තූතියි පෙන්නුවට. කතාව කියන්නෙ පොඩි එකෙක් හින්දා මේ වචනෙ බර වැඩියි තමා. ඒක හදන්නම්.
ගම් කොටන්නෙ මෙහෙමයි. අඩුම දෙන්නෙක් ඕනා. එක්කෙනෙක් ගමක නමක් ලියනවා මෙහෙම, අපි හිතපු බණඩාරවෙල කියලා. ලියන්නෙ මෙහෙමයි
"බXXXXල" කියලා. එතකොට අනිත් අය ගෙස් කරන්න ඕනා මොකක්ද හරි උත්තරේ කියලා. හරියට කිව්වොත් කියපු එක්කෙනාට එක කතිරෙකට ලකුණු 10 ගානෙ හම්බෙනවා. කියන්න බැරිවුනොත් ඒ ලකුණු ලියපු එක්කෙනාට හම්බෙනවා. නිකමට හිතන්න හීන්දෙණිය පට්ටිගොඩ වගේ එකක් ගොඩ දා ගත්තම නිකන්ම ලකුණු අසූවක්.. :D ගෑනු පිරිමි මල් පලතුරු වෙන සෙල්ලමක්. මම හිතුවා කට්ටිය දන්නවා ඇති කියලා. ඒකයි විස්තර නොකලේ. පලියක් ඕනා නෑ දැන් මේ කමෙන්ට් එක තියනවනෙ.
හැබෑටම අපිත් ගැන්නා නේන්නම් ලයිට් කණු. චැහ් ලියද්දි ඕවා මතක් වෙන්නෑනෙ අප්පා. :(
ඔව් එහෙම ඉන්න.. ඒක වැඩිය හොඳයි. හිතට සනීපයි.. :D සේන ගැනත් ඉස්සරහට ලියන්නම්කො.. එහෙමට රහ කර කර ලියන්න සිදිධි නෑ අප්පා..අතින්වත් දාලා ලියන්න වෙයි දැන්නම්.
ස්තූතියි රූ.
රූ කියන කතාවට මමත් එකඟයි. මම කියවනකොට නම් මුග්ධ හිනාව හදලා තිබ්බේ. නමුත් මුග්ධ තිබ්බා නම් ඒක රිදම් එකෙන් පිට පනිනවා තමයි. කමෝන් රූ. :-h
Delete@හෙන්රි,
Deleteතැන්කූ..;)
@සෙන්නා,
හැබෑට මේ ගම් කෙටිල්ල දැනං හිටියෙ නෑනේ..!! ආයේ ඒ කාලෙට ගිහින් කරලා එන්න හිතයි..!
යන්ඩ යන්ඩ වහාම යන්ඩ..ගිහින් ගම් කොටලා එන්ඩ රූ.. ජීවිතයක් අංග සම්පූර්ණ වෙන්නනම් ගම් කොටලා තියෙන්නම ඕනා.. :D
Deleteගෙදර ඉඳන් ගමට කෝච්චියෙන් යන එක වෙනකන්ම හැම දෙයක්ම අපිත් කරල තියන නිසා වෙන්න ඇති මේක ගොඩක් හිතට දැනුනා. ලස්සන මතකයන්...
ReplyDeleteස්තූතියි සිතුවිලි සිතූ.. මේ අත්දැකීම් ඉතින් ගමේ යනවා කියලා ගිය හුඟක් අයට ඇති තමා.
Deleteමම තවම කියෙව්වේ බාගයයි. උඹට කියන්න පහේ පංතියෙදිද කොහෙද තිබුනු පාඩමක් මතක් උනා සිංහල පොතේ. මුදලිහාමිගේ කතාව. අර බං මීටර සීයද මොකක්ද කියලා තිබුනේ. උල් සපත්තු කාරයෙක් ගැන එහෙම කියවුනේ. කොහොම උනත් ඒ මතකය මගේ කියවීමට බාධාවක් උනා. ඕං මම කියවන එක නතර කොලා ඒ ගමන ගෙහුං ඇවිත් ආයෙත් නොවැරදීම කියවන්නම්. ඊටත් පස්සේ කොමෙන්‍ටුවක් දාන්නම් ඒ තොරතුරුත් එක්කම. එදා මතක උඹව මොනතරම් සුන්දර ලෝකෙක තනි කරනවද කියලා හිතන්න මට තවත් අවස්ථාවක් ගන්න වෙනවා සෙන්නා. උඹට ස්තුතියි තාවකාලිකව.
ReplyDeleteස්තූතියි සරා..
Delete"ඒ ගමන ගෙහුන් ඇවිත්" කියන්නෙ උඹ කොහෙද යන්න යන්නෙ..පරිස්සමින් ගිහින් වරෙන්..
එදා මතක තාමත් ආසාවෙන් සිහිකරන්න පුලුවන් බන්..අපේ දරුවන්ට මෙහෙම කාලයක් නැති එක ගැන දුකයි.
ඒ චිත්‍ර දෙක නියමයි... d-)
ReplyDeleteකතාව නම් බාගෙට වගේ කියෙව්වේ h-(
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි රජෝ...
Deleteඋඹ උදව් ඉල්ලලා තියෙන්නෙ.. මටම ඇවිත් කියවලා දෙන්න වෙයිද ? :D
මෙච්චර වයසට ගිහිල්ලත් ළමා සිතුවිලි ඒ වගේම මතකයිනේ ඈ?.
ReplyDeleteඇත්තට කොහෙද අයියා මේ වැලිපාර තියෙන්නේ? මීගමු පාරේද නුවර පාරේද?
ලිපියට අනුව නම් සෙන්නාගේ වයස අහුවෙනවා 33ක් නැත්තම් 34ක්?
වැලිපාර තියෙන්නෙ එකමත් එක ගමක... නුවර පාරෙ අයිනෙ කොච්චි යනවද බන් ? :D
Deleteඋඹ මාව තරුණ කරලා.. :D
//ක්‍රීම් පාට කබායක් දාගත්තු කොන්දොස්තර මාමා ටාර්සන් වගේ උඩ පොල්ලෙ එල්ලිලා පැද්දි පැද්දි අපි ඉන්න තැනට ඇවිල්ලා එහා පැත්තෙ සීට් එකේ ඇන්දට හේත්තු වෙන ගමන්ම සීයගෙන් කොහාටද කියලා අහලා අතේ තිබුන මැසිමක අන්ඩක් ක්‍රීස් ටි, ක්‍රීස් ටික්, ක්‍රීස් ටික් කියලා තුන් පාරක් කැරකුවම මෙන්න පොඩි කොළ කෑලි තුනක්ම එළියට ආවා//
ReplyDelete//ගාථා කියලා ඉවර වෙනකොට, බුදු පිළිමෙ පිටි පස්සෙ හූනො කීදෙනෙක් ඉන්නවද, උන්ගෙ පාට, දිග පළල, කීපාරක් එළියට ආවද, කීපාරක් ඇතුළට ගියාද කියන එක ගැන මට හොඳ අවබෝධයක් තියනවා.//
//රෑ කැමෙන් පස්සෙ කට්ටියම නින්දට යනවා. අයියයි මායි සීයගෙ කාමරේ බිම පැදුරු එළාගෙන නිදා ගන්නවා. සීයා ඇඳ උඩ. ගෙදර හැමෝම වැඩිම වුණොත් ඕන්නම් රෑ නවය වෙනකම් ඇහැරලා ඉඳියි. ඊට එහානම් නෑ.// මදුරුවො හිටියෙ නැද්ද........? කොහෙන්ද ඒ කාලෙ මදුරුවො නේ බං...!
පලිය නම් හරිතමා............මටත් එහෙම වෙනව..............ගෙවන්නම වෙනව බොට. ගමේ නම ඇයි කියන්නැත්තෙ.
සීයල බුද්දාගමේ නම් උඹ කතෝලික උනේ කෝමද..?
වීයා එහෙ මදුරුවො හිටිය බවක්නම් මට මතකම නෑ බන්..කවදාවත් කොයිල් ගැහුවෙවත්, නෙට් දැම්මෙවත් නෑ..
Deleteසීයලෑ ගමේ නම ඔය උඩ පොල් අකුරෙන්ම තියෙන්නෙ බන් "බෝතලේ" කියලා.. අපේ ගමේ නම ඉතින් වැඩක් නැති හින්දා කිව්වෙ නෑ..
අපේ තාත්තා බෞද්ධ, අම්මා කතෝලික මචන්.. ඉතින් අපි හිටියෙ කතෝලික පරිසරයක නිසා අම්මගෙ ආගම තමා ඇදහැව්වෙ..ඒත් පස්සෙ කාලෙක බෞද්ධාගම පැත්තටත් පොඩි නැඹුරුවක් තිබුනා. ඒකට මේ සිද්ධි වල බලපෑම බොහොමයි.
තව එකක් මට ඉස්සෙල්ල අමතක උනා....තව ටිකක් අඩුකරල කොටස් කීපයකට ලිව්වනම් හොඳ නැද්ද..? හරිම ආකර්ශණීය මතකසටහන්නෙ...වෙනස් උනත් අපිට පොදුයි මේව.
Deleteවීයා, මට ඕනා වුනේ මේ ගමේ යන කතාව, ඒ කියන්නෙ මේ සීරීස් එකේ බේස් එක, එක කතාවක් හැටියට ඉවර කරන්න. ඉස්සරහට එන ඔය පොඩි පොඩි සිද්ධි මුල කරගත්තු ඒවා, අර අලියා පිටේ කටුස්සා වගේම පොඩි ඒවා. ඒක නිසා අවුලක් නැති වෙයි කියලා හිතනවා.
Deleteගොඩක් ස්තූතියි වීයා උඹේ අදහසට.
ශිහ් අපි ගමේම උන්නු හින්දා අය අමුතුවෙන් යන්න දිහාක් තිබ්බේ නැ. හැබැයි මගේ අම්මගේ මල්ලිගේ පුතා හැම නිවාඩුවටම අපේ ගමේ ගෙදරට එනවා මිනිහටත් මේ වගේ හිතෙන්න ඇති. ඒ ආපුවාම අම්මගේ අක්කල නංගිලා ඔක්කොම එයාට තමයි සැලකිලි පොඩි ඊරිසියාවකුත් ඒ ගැන නොතිබ්බ නෙවේ. එත් කවදාවත් මස්සිනා එක්ක තරහක් තිබිලා නැ. හැම නිවදුවේම මයි මල්ලි එයා එනකන් තමා බලාගෙන ඉන්නේ. ඉස්සරහා ගෙදර ලෝචන මල්ලිගේ මස්සිනා එයත් ඔය නිවාඩුවට ගෙදර එනවා. ඊට පස්සේ ඉතින් මාසෙම සෙල්ලම සෙල්ලම තමයි. අයියෝ අය එක දවසකට ගිහින් එන්න ඇත්නම් ඒ කාලෙට.
ReplyDeleteනිශාන්ත, ඔයාට කියන්න ඉස්සර මට ගමේ යද්දි ඔය ගැනත් මතක් වෙනවා. අපි මෙහෙම ගමේ යන්නෙ ආච්චිලා, සීයල දුර ඉන්න හින්දනෙ, ඒගොල්ලොත් ලඟම ඉන්න ළමයින්ට යන්න ගමක් නෑනෙ කියලා මට හිතිලා තියනවා. මට උන් ගැන දුක හිතිලත් තියනවා. ඔය ගැන ලියන්න කියලා හිටියට මට ඒක අමතක වුනා.
Deleteඅපිටත් එහෙමයි ඉස්සර, ගමේ ගියාම ටිකක් වැඩි සැලකිල්ලක් තිබුනා.
එහෙම යන්න ඇත්නම් කොච්චර හොඳද..
ස්තූතියි නිශාන්ත.
ඊයේ ඉදල මේ ලිපිය කීප වරක් කියවන්න හැදුව.මොන විදියකින්වත් කියවන්න බැහැ හිත දුවනව එහෙ මෙහෙ.මොන මගුලක්ද මේ කියල දමල ගහල නිකන් හිටිය.ප.ලි යෙ කියල තියෙන එක ඇත්ත.සිත අතීතයට ඇදීයන විදියට ලිවිල්ල නම් සුපිරිම සුපිරිය.දිග ටිකක් වැඩි වුනත් රසවත් බව නිසා හිත සන්සුන් වෙලාවක කියවා රසවිදිය හැකි ලෙසටම ලියල.
ReplyDeleteඑලකිරි වල සෙම නිසා උනු කරන වෙලාවට අමු ඉගුරු පෙති කීපයක් දාල උනු කරල අපිට දුන්නෙ.
අර දෙයියන්ට කියන එක,අත එලියට දාල හුලග එක්ක .............කියන්න ගියොත් කප්පරක් තියෙනව. නියමයි...!
කෙන්ජිට ළාමා අතීතයේ මතකය සෑහෙන බාධා කරලා කියලා පේනවා. හිත සන්සුන් කරන් ආයෙම කියවන්නකො.
Deleteබොහොම ස්තූතියි අගය කළාට..ඒක මට ධෛරයයක්...
සෙන්නා ආයෙම බ්ලොක්බස්ටර් එකක්ම අතෑරලා. අර කලින් බෝතලේ ගෙන ලියපු වෙලාවේ මම සෙන්නාගෙන් ඉල්ලුවත්නේ මේවගේ ලිපි අනිත් ශාස්ත්‍රීය ලිපි අතරට දාන්න කියලාත්. ස්තුතියි සෙන්නා.
ReplyDeleteඅර පලියේ කියලා තියෙන විදියට ළමා අතීතයේ අතරමං වෙන එක නම් නවත්තන්න බෑ, බං. ඒක හැමෝටම වාගේ වෙලා තියෙන හැටි පේනවද? උඹේ උපකල්පනය හරි.
අර බස් එකේ යනකොට අත එලියට දැම්මාම හුලං බදලා අත පස්සට තල්ලු වෙන එක මට දැනුත් දැනෙනවා වගේ. ඇයි උඹට මතක නැද්ද ඔලුව එලියට දාලා කට ඇරියාම, කටට පිරෙන හුලං ගිලින එක? :))
ඒයි, මමත් අර විදියට වාහන නවත්තලා තියෙනවා. හික් හික්. මේ ලඟදි නදිනිත් කියලා තිබ්බා මට නම් හිතාගන්න බැරි ඔයා ඔය ලමාකාලේ දේවල් එක්ක මෙච්චර ජීවත් උනේ කොහොමද කියලා. ඒක අපි ඔක්කොටම අදාලයි වගේ.
මට උඹේ පෙන්සිල් ස්කෙච් වලට සෑහෙන හිත ගියා. උඹ ඒක ඇඳලාත් සෑහෙන රසයක් විඳපු බව මට මෙතන ඉඳන් කියන්න පුලුවන්. අර කෝච්චිය පුරාම CGR හංවඩුවත් තියෙන්නේ. ඒක කෙලින්ම ගැඹුරු මතකයෙන් ආපු එකක්. උඹ මූණ පවා ගානට ෂේඩ් කරලා ගැඹුර මතු කරලා තියෙනවා. නමුත් ඒක අත පය වලටත් කරන්න තිබ්බා.
දෙවෙනි චිත්‍රයේ ඇක්ෂන් එක හොඳට පේනවා. ගස් එහෙමත් උඹ සිරස්වම පිහිටන්න අරන් තියෙන්නේ. මම දකින අඩුපාඩුව තමයි, පඩි පෙල සමතලා වීම. ඒකට හේතුව පඩි පෙලේ දකුණු එජ් එක සරල රේඛාවකින් නිම කිරීම. උඹට දැන් වුනත් පුලුවන් ඒක එල් අකුරු වලින් හදන්න. ඒ එක්කම ගල් වල මූට්‍ටුව සිරස් කලා නම් හරියටම හරි.
මම මේ අඩුපාඩු කිව්වේ පොරක් වෙන්න හෙම නෙවෙයි. මමත් කවදාවත් චිත්‍ර ඉගෙනගෙනවත්, උපදෙස් දෙන්න සුදුසුකමක් ලබලාවත් නෑ. උඹ වගේම ආධුනිකයා. නමුත් උඹ, මම අඩුපාඩු පෙන්නලා දෙනවට අවංකවම කැමති බව දන්න නිසයි කිව්වේ. ඉතින් මේ පටන් ගත්ත චිත්‍ර ඇඳීම නවත්තන්න එපා. අනිත් පාර පාට යොදාගෙනත් ඇඳලා බලමු.
One more!!!
මම උඹ එනකම් මග බලගෙන හිටපු බව කියන්නම ඕනා ඩූඩ්.
Deleteඔව් මට මතකයි ඩූඩ්, ඒ ඉල්ලීම් තමා මේ ඉටු වෙන්නෙ.. ඇත්තටම දිගටම ශාස්ත්‍රීය ලිපි ලියනවට වැඩියෙ මේකෙත් පොඩි ගතියක් තියනවා. වෙහෙස අඩුයි. ඉස්සරහට දිගටම මෙහෙම තමා.. ලියන්න ගත්තම තමා මතක් වෙන්නෙ ඔය වෙච්ච පොඩි පොඩි සිද්ධි.. ඒවා කතා කරන්න පුලුවන් කියලා දැන් තේරෙනවා..
හුළන් බීපු එක අපිත් කරලා තියනවා ඩූඩේ කරුමෙට මට ලියද්දි අමතක වුනා.. :(
පෙන්සිල් ස්කෙච් ගැන කතාකරද්දි මුලින්ම කියන්න ඕනා අපි උබට සළකනවා මදි කියලා. මේ දෙක අදින්න මට සැළකිය යුතු වෙලාවක් ගියා. එතකොට උඹ හැම ලිපියකට චිත්‍රයක් දාන්නෙ කොහොමද කියලා මම පුදුම වුනා.
මම උඹ එනකම් බලන් හිටියෙ මේ උපදෙස් ටිකටමයි බන්.. මට ඇත්තටම චිත්‍ර ඇඳීමේ හැකියාවක් තිබුනෙ නෑ.. මම තාමත් පුදුම වෙලා ඉන්නෙ මම මේ දෙක ඇඳපු එක ගැන. අර පඩිපෙල පඩි පෙලක් වගේ ගන්න මම සෑහෙන දැගලුවා.. බලපන් පොඩි දෙයක්නෙ ඒකට කරන්න තිබිලා තියෙන්නෙ. ඉතින් මට උඹේ මේ උපදෙස් ටික කෝටියක් වටිනවා.. ඉස්සරහට අඳින චිත්‍ර වලට.
අනේ උඹ පොරක් වෙන්න දගලන්නැති මම නොදන්නවයෑ බන්.. ඒක අපි හැමෝම දන්නවා.. උඹේ උපදෙස් ටික මට සෑහෙන්න වටිනවා, දිගට මෙහෙම අඩු පාඩු පෙන්නලා දියන් හොඳේ. මම ඒකට කැමතියි.
ආයෙත් උඹට ගොඩාක් ස්තූතියි.
You're welcome, Senna.
Deleteසෙන්නා ගල් වල මූට්‍ටු හැම පේලියම සිරස්ව අරන් හරියන්නේ නෑ. අර එජ් එකට සමාන්තරව ගනිං. ඒ කියන්නේ සිරස් පේලියයි තිරස් පේලියයි.
ඔව් බං මාර කට්ටක් කනවා චිත්‍රයට. සමහර විට පොස්ට් එක පරක්කු වෙන්නේ චිත්‍රය නිසා. නමුත් ඒක මානසික සුවයක් මට.
ගොඩාක් ස්තූතියි ඩූඩ්.. ඉස්සරහට මේ උපදෙස් ප්‍රයෝජනවත්..ඊලඟ චිත්‍රය අදින්න කලින් මේ කමෙන්ට් දෙකම හොඳට ආයෙ කියවලා තමා වැඩේට බහින්නෙ.
Deleteමට ඉස්සර උඹ ඔහොම කිව්වට එච්ච්cඅර හැඟීමක් තිබුන්නෑ බන්.. ඒත් දැන් තේරෙනවා ඔය මානසික සුවය මොන වගේ එකක්ද කියලා.
ස්තූතියි ඩූඩේ ආයෙත්..
බොලල්ලා මටත් කියල දීපල්ලකො මචංලා චිත්‍ර ඇඳල පෝස්ට් වලට දාන හැටි
Deleteස්කෑන් කරනවද
හැලපෙ,
Deleteමමනම් අතින් ඇඳලා ස්කෑන් කොළා.. හැබැයි, ඩූඩ්, බුද්ධි, වෙනි, වෙන මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරන්නෙ කියලා මම දන්නවා, ක්‍රමේ මොකක්ද කියලනම් දන්නෙ නෑ.. බලමු ඩූඩෙ කියයි උඹට.
මචං හැලපේ අතින් ඇඳලා කැමරාවෙන් ගන්නත් පුලුවන්. හැබැයි චිත්‍රයට හොඳට එළිය ඇටිලා තියෙනවානම් තමයි ලස්සනට එන්නේ. ස්කෑන් කලොත් ඊටත් වැඩිය හොඳයි.
Deleteඒ අතින් අඳිනවා නම්නේ. මම ගැෆික්ස් ටැබ්ලට් එකක ස්ටයිලස් එකකින් තමයි හුඟක් වෙලාවට අඳින්නේ. ඒකට ඔය Paint program එකක් පාවිච්චි කරනවා.
අඩෝ අපිත් ඉස්සර පොස්ට් වලට සිත්තර ඇන්දා.
Deleteහරිම රහයි සෙන්නා...අපි දෙන්නම එකම ගමට නොවැ පොඩි කාලෙ ගිහින් තියෙන්නෙ බෝතලේ...අපි ගොඩක් වෙලාවට අඹේපුස්සට කෝච්චියෙන් ඇවිත් බෝතලේ හන්දියට බස් එකෙන් එනවා...එතැන ඉඳන් ගමන පයින්...ඔය මම කියන්නෙ සෙන්නා බෝතලේට ආපු කාලෙට අවුරුදු විස්සකට විතර ඉස්සරින්.
ReplyDeleteපස්සෙ නම් මීරිගමට ඇවිත් මඩම පාරෙ බස් එකේ අන්නාසිවත්තෙ කඩේ ගාවට ඇවිත් බැහැල ගොඩ පාරෙන් වෙල් මැදින් ඇළට දාපු ගල් ඒදණ්ඩෙනුත් එගොඩවෙලා තමයි රබර් වත්තට ගොඩවෙන්නෙ...එතන ඉඳන් අම්මලගෙ මහ ගෙදරට හරි ළඟයි අනික කන්ද නැගපු තැන ඉඳන්ම තියෙන්නෙ නෑදෑ ගෙවල්නෙ.
හැලපේ ස්තූතියි බන්.
Deleteඋඹට කියන්න මම උඹේ ලිඳේ කතාව කියවපු ගමන්ම මම හිතුවා උඹ කියන්නෙ මේ බෝතලේ ගැනවත්දෝ කියලා. මම උඹෙන් අහලත් ඇති ඒ ගැන. මොකද අපිත් ඔය වගේම ළිඳක් පාවිච්චි කළා බෝතලේදි.. ඒවා ඉස්සරහට.
උඹ ඔය කියන පැත්ත මට ලාවට වගේ මතකයි. අපිත් පස්සෙ කාලෙක බෝතලේට ස්ටේශමක් දැම්මට පස්සෙ එතනින් බැහැලා රබර් වත්තකුයි, අර බේත් කැලේ මැද්දෙනුයි ඇවිත් තමා සීයලෑට ආවෙ.
හරිම සුන්දර මතක බන්.
උඹ අර ගමේ යන ක්‍රම දෙකක් තියෙනවය, ඒ ක්‍රම දෙක මෙහෙමය මෙහමය කියාපුවම මට හිතෙන්නෙ උඹලා ඉඳලා තියෙන්නෙ කඳාන පැත්තෙය කියලයි.. බස් එක ගන්නවා කියන්නෙ ජාඇළ-ගම්පහ (ජාඇළ-නිට්ටඹුව) බස් එක වෙන්ටෝනැ.. රාගමට කෝච්චියෙන් එන්ට ඕන කියන්නෙ බොලා පුත්තලම මාර්ගයේ කෝච්චියක් අරන් පහළට එන්ට ඕන.. මගේ ෂර්ලොක් හෝම්ස් අනුමානය වැරදි නෑ නේද..?? :D
ReplyDeleteමම නිකන්යෑ කියන්නේ බොලා ඇවිදින පොත් ගුලක් කියලා.. යකෝ බලන් ගියාම මූ නොදන්න උලව්වක් නෑනෙ.. :D :D
Deleteඋඹ සෑහෙන්න ලඟට ආවා..
ජාඇළ වෙන්නත් පුලුවන් නේද බුරා...
Deleteහැලපේ,
Deleteමටත් මුලින් ඔළුවට ආවෙ ජාඇළ කියලා තමා.. ඒත් අර බස් එක ගන්ට හැතැප්මක් විතර පයින් යන්ටෝන කියපු කතාව නිසා තමා මං චුට්ටක් ඈතට ගියේ.. අනෙක ඊට වඩා ළඟින් තමා මූට කෝච්චි ස්ටේෂන් එක තියෙන්නෙ.. කඳාන නෙවෙයිනං එහෙනං ඔය 'කපුවත්ත' හරිය වෙන්ටෝනැ.. :D
:D :D බොලල්ලා දෙන්නා ඔහොම ගිහින් අපේ ගෙදර ඉන්න බල්ලගෙ පාටත් කියලා තමා නවත්වන්නෙ.. හැහ් හැහ්.. :D
Deleteමේක එකමත් එක ගමක් බොලව්.. :D
බොලාලැයි ගෙදර බල්ල දුඹුරු පාටයි නේ? :D
Deleteහැක් හැක්.. ඔය කොල්ලා තියෙන්නෙ.. මම හිතුවා ඔහොම වෙයි කියලා.. :D :D
Delete//දැන් ඕගොල්ලො කොහෙට හැරෙන්නද කැමති ?// මම බැලුවා ඩූඩ්ගෙ මාරක කේක් වගේ සෙන්නගෙ "මාරක ගමේ යෑමක්"ද වත් කියලා. :D
ReplyDeleteමේ කතාවෙ මම ආසම කෑල්ල මොකද්ද දන්නවද???
අන්තිමටම තියෙන //~~~ ඉවර නෑ ~~~// කෑල්ල :D :D :D
තිළිණ,
Deleteහෙහ් හෙහ් මාරක ගමේ යාම..අන්තිම හරිය මාරකයි තමා :D ඔය මුහුදුටත් හිතිලා තියෙන්නෙ තිළිණට හිතුන දේම..
එහෙමද ? ඒ කියන්නෙ ඊට උඩ තියන ඔක්කොටම කැමතියි කියන එක තමා.. :D
සෙන්නා මම ලියන්නෙ සිංග්‍රීසි වලින්...උඹ ලියන්නෙ මොනවයින්ද සිංහල
ReplyDeleteමම ලියන්නෙ මේකෙන් බන්.. ඒත් ඒකෙ ඔය රේපෙ ලියන විදිහ නෑ.
Deletehttp://unicode.malindaprasad.com/
වීයා, සිංහල සිංහලෙන්ම ලිව්වනම් තමයි හොඳ...(ඩිරෙක්ට් යුනිකෝඩ්)මුලදි ටිකක් අමාරු වෙයි. ඒත් හුරු වුනාම අවුලක් නෑ.
Deleteරේපය -(shift+~)
සුමිත්, දෙන්න පුළුවන්ද කී බෝඩ් එකේ ලේ අවුට් එකක්.. මට දවසක් බුද්ධි ඕක දුන්නා.. ඒත් භාවිතයක් නොකළ නිසා දැන් කොහෙද කියලා හොයා ගන්න නෑ.. විජේසේකර කී බෝර්ඩ් එකද කොහෙද. මටත් හිතෙනෙන් අමාරුවෙන් හරි එහෙම පුරුදු වුනොත් හොඳයි වගේ..
DeleteStandard Wijesekara Keyboard Layout
Deleteස්තුතිය් බූරා. මෙි කමෙන්ට් එක ගැහුවෙ එ්කෙන්.
Deleteසමහර වෙලාවට කෙලින්ම වෙබ් එකේ ටයිප් කරද්දී අකුරු කෑලි එහෙ-මෙහෙ පනිනවා.. ඒකට කරන්ට තියෙන ලේසිම වැඩේ තමා නෝට්පෑඩ් එකේ ටයිප් කරලා කොපි-පේස්ට් කරන එක.. මමනම් හැම වෙලාවෙම කරන්නෙ එහෙමයි..
Deleteලින්ක් එක බුරාගෙන් ලැබුණනෙ...දැන් ඒ විදියට ටයිප් කරලා හුරුවෙන්න. ටික දවසක් යනකොට වැඩේ පට්ට ලේසියි.අනික මේක අපේ වගකීමක්...,සිංහල භාෂාව අන්තර්ජාලයේ රඳවා තියාගන්න පුළුවන් වෙන්නෙ එහෙම කළොත් විතරයි.
Deleteබූරා / සුමිත්, දෙන්නටම ගොඩක් ස්තූතියි.. පුරුදු වෙමින්.....
Deleteකොච්චර දිග වුනත් සෙන්නගෙ පෝස්ට් අකුරක් නෑර දිගටම කියවන්න පුළුවන්. හේතුව භාෂාව හසුරුවන විදිය.
ReplyDeleteහුගක් ආසාවෙන් රසවින්දා මේ කතාව,ළමයින්ටත් කියවන්න දෙනවා.
ස්තූතියි සුමිත්, එහෙම අහන්න ලැබීම ගැන අවංකවම සතුටුයි.. ළමයින්ට කියවන්න දෙන එක ගැන ඊටත් වැඩිය සතුටුයි..
Deleteසෙන්නා ආයෙමත් අපූරුවට ළමා කාලෙට මාව රැගෙන ගියා...මම මේ කථාව කියවන ගමන් කල්පනා කලේ මම ඉස් ඉස්සෙල්ලාම කෝච්චියෙ ගියෙ කවදද කියලා...පුංචිම කාලෙ දෙමාපියො එක්ක කලුතර ගිය මතකයක් මතක් වුනා. ඒ ගමන යනකොට මගේ දකුණු කකුලෙ පුංචි ඇගිල්ලෙ පුංචි තුවාලයක් තිබුනා...කෝච්චියෙ සෙනග...අපිත් එක්ක ඒ ගමන ගිය මහප්පගෙ දුව මගේ තුවාලෙ වැරදිලා පාගන සෑම වාරයකම මම අඩපු හැටි මැවිලා පෙනුනා. ඒත් එක්කම ආච්චි සහ සීයා වරුන්ගෙ මතකය මාව තවමත් සංවේදී කරනවා...ඒ අය දැන් ජීවතුන් අතරත් නෑ...ජීවිතේ පළවෙනි වතාවට සිංහල අලුත් අවුරුදු දවසෙ ගෙදර නොහිටිය මම පුංචිම කාලෙ අවුරුද්දට නෑගම් ගිය මතකයත් එක්ක තනි වුනා...ස්තූතියි සෙන්නා....
ReplyDeleteස්තූතියි සිරා, උඹේ නැවත පැමිණීම සතුටක්..
Deleteසෑහෙන්න දෙනෙක්ට ළමා කාලය මතක් වෙලා කියලා පේන්න තියනවා.
මේව කියවද්දි අපිව පුන්චි කාලෙ අතරමං වෙන්නෙ නැත්නම් පුදුමයි.
ReplyDeleteආයෙත් එන්නෙ නැති ඒ කාලෙට හිතින් කොච්චර නම් ආදරේ කරන්වද.....
පෝස්ට් එක නම් හරිම ලස්සනට ලියල තියෙනව සෙන්නා
ස්තූතියි සසිනි. අතරමන් උනොත් ඔ්න් මම නෑ හොඳේ :D
Deleteමචං දවස් දෙකකට කලින් කියෙවුවාත් අයි කමෙන්ට් කරන්නේ.
ReplyDeleteඋඹේ අදහස් හා මගේ අදහසක් පොඩි කාලේ සමානයි. බස් එක යන්නේ කොහොමද කියල මමත් හිතුවේ රවුම කරකවද්දී යනවා ඇති ඇත ඇරියාම නවතිනවා කියල. පස්සේ බස් එකේ බැටරි පෙට්ටියේ වැඩිවෙලා යද්දී දවසක් දැක්කා මොනවද කෑලි 3ක් පාගනවා.එත් මගේ යාලුවා දන්නවා එක වෙන්නේ කොහොමද කියල.
බස් එකේ යද්දී අර බෑවුම දකිද්දී මටත් හිතුන එක දෙයක් තමා එකෙන් පහලට වැටෙයිදෝ කියල එතනින් යද්දී මම හැමදාම හිතින් ඉතිබිසෝ ගාථාව කියවනවා. කවදාවත් එකත කිසි අනතුරක් වෙලා නැහැ. හදිස්සියේ වත් එතනින් බස් එක පහලට වැටුනානම් ඉස්සෙල්ලම මැරෙන්නේ මම ඒ තුවාල වෙලා නෙවෙයි භයටම.වැඩේ කියන්නේ ඒ පල්ලම අඩි 3ක් විතර තියෙන්නේ.ඉතින් බලපන් මගේ ඒ කාලේ තිබුන බය.
කතාව ගොඩාක් මගේ ළමා කාලේ වගේ බං සමානයි. ඉතුරු කොටසත් ඉක්මනින් දාපං.
මොකෝ බන් කමෙන්ට් කරන්න දවස් දෙකක් ගියේ ? පට්ට බිසිද ?
Deleteමමත් සිරාවටම හිතන් හිටියේ ඔය සුක්කානම කරකවනකොට තමා වාහන යන්නෙ කියලා. ඔය මම කියන කන්දත් මහ විශාල එකක් නෙමේ බන්, ඒත් පොඩි කාලෙ ඉතින් ඕවා හරි ලොකු දේවල්නෙ..
ඉතුරු ටිකත් ඉක්මනට ලියන්නම්කෝ...
මමත් ලිපියත් එක්කම ගිහිල්ලා, දැන් එන්න පාර හොයාගන්න බැරුව ඉන්නේ. ඔය උදව් කරන්න කවුරුත් නැද්ද? :)
ReplyDeleteආ කියන්න අමතක වුනා, චිත්‍ර දෙක නම් ලස්සනයි.
Deleteහපොයි එහෙමද ?? අනේ කවුරු හරි මේ ගිහාන්ට උදව් කරන්න :D පොඩි ළමයින්ට තියෙන්නෙ "හා පැටියාට අම්මා ලඟට යන්න පාර හොයා ගන්න උදව් කරන්න" මතක් වුනා. :D
Deleteලස්සනයිද :) ස්තූතියි ගිහාන්
මාරම ලස්සනයි සෙන්නා අද කතාව නම්.... මම නම් හොදටම රස වින්දා.... :)
ReplyDeleteඒ වගේම මං ගැන දුකක් ඇති වුනා. අපිට ඔහොම යන්න දුර ගමක් තිබ්බේ නෑ අප්පා. තාත්තලාගේ ගෙවල් ගාවමයි අපි ඉන්නේ. අම්මගේ ගමත් වැඩි ඈතක නෙමෙයි මෙහෙ ඉදන් විනාඩි 20 න් යත හැකි.... මටත් මාරම ආසාවක් තිබුනා නිවාඩුවට මේ වගේ ගමේ යන්න. ඒත් කෝ.... අයියෝ මං පව්....
මේ අර පඩි 95 ක් තියේ කිව්වේ.... මගේ අම්මෝ ඕකේ උඩ පහල ගියාම දවසකට හොද ගනන් ඇතිනේ.....
අහ්හ්.... අමතක වුනා.... සිත්තර ටික ලස්සනයි හොදේ..... :)
Deleteස්තූතියි සමනළී...
Deleteඒකනම් හරි පව් වැඩක් තමා.. අඩුම ගානෙ එක කට්ටියක්වත් දුරින් හිටියනම් හොඳයි තමා නේද.. මම නිශාන්තට දීපු උත්තරේ ඔයාටත් ටිකක් ගැලපෙනවා එහෙනම්..
ස්තුතියි සමනළී චිත්‍ර දෙකත් රස වින්දට.. තව පැයකින් අලුත් චිත්‍රයක් එක්ක අලුත් කතාවක් එනවා ඕන්.. :D
කෝ සෙන්නෝ කෝච්චිය ආපහු ගෙදර යන්න . ..මන් තාම බෝතලේ ..
ReplyDeleteකියල වැඩක් නැහැ පුදුම රසයක් වින්දා . සෙන්න එක දිගට ලියාගෙන ගොහිල්ල . මන් කියෝලත් නැහැ . චිත්‍ර ටිකත් ලස්සනයි. සෙන්න හොඳටම පොඩි ළමයෙක් වෙලානේ . මමත් ගමේ ගිය හැටි මතක් වුනා . අපි නම් ගියේ බස් එකේ . ඒ වුනාට පාරට සමාන්තරව දෙපැත්තට මාරු වේවි දුවන කොළඹ -ඕපනායක පුංචි කොච්චි පාර [ ඒ කාලේ දුම්රිය ගමන නැවතිලා තිබ්බේ ] දිහා බලාගෙන යන එක අපට විනෝදයක් වුනා . දුම්රිය ගමනට මගේ තිබ්බ [ අදටත් තියෙන ] ආසාව නිසාම ඉස්සර කටුනායක යන කාලේ ඉඳල හිටලා නිස්කාරනේ කෝච්චි දෙකකට මාරු වෙලා ඒ මදිවට බස් දෙකකත් ගිහින් රතු ඉරටත් අහු වෙනවා .
සෙන්න කියන විදිහට ගම්පහ දිස්ත්‍රික්කයේ වෙන්ට ඕන . අම්මගේ මහගෙදරයි තාත්තගේ මහා ගෙදරයි දෙකේම සංකලනයක් වගේ සෙන්නගේ ගම .
අපේ තාත්තගේ අප්පුච්චා ගමන් බිමන් යන්න අකමැති කෙනෙක් . ආච්චි තමා කොළඹ ආවේ ඉඳහිට හරි එයාගේ අය්යලා ළමයි සහ අපියි තාත්තගේ තව අය්යෙකුයි කොලම උන්න නිසා .
අම්මගේ තාත්තා තමයි අපිව ගමන් එක්කන් ගියේ .
තව ටික දවසක් බෝතලේ ඇතුලට වෙලා ඉන්න වෙනවා බින්දි..
Deleteමම ඒත් බැළුවා, අලියා පිටේ කටුස්සා කියවලා "තව මේ වගේ ගොඩාක් ලියවෙයි කියලා බලාගෙන ඉන්නවා" කියලා ගිය බින්දිට මොකද වුනේ කියලා.
මේ ටිකේ එක ලඟ ලිපි කිහිපයක් වැටුනා බින්දි මොකද මේ ටිකේම ලිව්වෙ අතීත මතක. ඒවා ලියන්න ඉතින් අර වගේ මහන්සියක් වෙන්න ඕනා නෑනෙ.. පොඩ්ඩක් මතක් කරගන්න විතරයි ඕනා.
බින්දිත් කෝච්චි වල යන්න ආස කතාවක් වීයගෙ බ්ලොග් එකේදිද කොහෙදත් කියලා තිබුනා මතකයි. මේ වගේ එකක් කියවපුවම නිකන්ම ඉතින් ළමා කාලෙට, ඒ කරපු කරපු දේවලට හිත දිව යනවා තමා නේද ?
ස්තූතියි බින්දි.
පලිය කියෝපු හින්දා මුකුත් ලියන්නත් බෑ. ඒත් නොලියත් බෑ. කෝච්චි ගමන් එහෙම නැති උණාට දෙන්නගෙම අත්දැකීම්... නෑ නෑ සිතුම් පැතුම් එක වගේමයි. එකම වෙනස උඹ මට වඩා මැන්ටල් කියන එක විතරයි. :D
ReplyDeleteමේක ප්‍රින්ට් කරලා පොඩි එකාට (අයියගේ) දෙන්න ඕනි කියවන්න. (එකටත් තව කාලයක් යයි)කතාව කියවද්දී ඒ අත්දැකීම් ලබලා නැති උණත් මම තමයි වැලි පාරෙ ගිහින්, බස් එකේ ගිහින්, කෝච්චියෙන් ගිහින්, වංගු පාරේ ආයේ බස් එකේ ගිහින්, පඩිපෙළ නැගලා සීයලාගේ ගෙදර ගියේ උඹටත් ඉස්සෙල්ලා.
සුපිරියි.
මට කොහොමත් මැන්ටල් බොටත් මැන්ටල් කියලා දැන ගත්තු එක හොඳයි... :D
Deleteඒ පොඩි එකා තාම දණ ගානවනෙ බන්.. තව අවුරුදු පහක්වත් යයි මේක කියවන්න.. :-O
උඹ කොහොමෙයි අපිට කලින් ගියෙ ? කෙත වෙඩ කරන්නෙපා හරිය.. :D
ස්තූතියි
කමෙන්ට් ටික කියෙව්වට පස්සෙනේ තේරුනේ මේ උම්බෙවත් මගේවත් කතාව නෙවෙයි කියලා. මේක අපි හැමෝගෙම කතාව.
Deleteසිත්තරේ අඳින්න සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා වගේ. පැතලි රූප අඳින්න මාර හැකියාවක්නෙ උඹට තියෙන්නේ. :D ඔහොම තමයි සෙන්නා. ටික ටික වැරදි හදා ගෙන අපේ ඩුඩ් අයියා වගේ සුපිරි සිත්තරෙක් වෙමු.
පහු කරන් යන, මූනට එන වාහන ගණන් කරන එක කවුරුවත් කරලා නැද්ද මන්දා.....
(මීට වඩා කියන්න දේවල් ගොඩක් තිබුණා. පලවෙනි කමෙන්ට් එකේ එකක්වත් දාන්න බැරි උණා. ආයෙත් පොස්ට් එක කමෙන්ට් එක්කම කියෝලා ආවා. මෙතනට එනකොට ඒ ඔක්කොම අමතකයිනෙ... :( )
මේවගේ කතා ඉතින් අපි හැමෝටම අඩු වැඩි වශයෙන් පොදුයිනෙ අකමෝ..
Deleteඔය පැතලි රූප අදින්න පුදුම කට්ටක් කාල බන් මම පුරුදු වුනේ.. කාටවත් බෑ ඕවා අඳින්න.. කැමතිනම් පොඩි ගානක් අරගෙන කියලා දෙන්නම්.. :D
වාහනත් ගනන් කරලා තියනවා තමා....
අමතකනම් ඔයාට සාඩම්බර ශ්‍රී ලාංකිකයෙක් කියන්න පුළුවන්.. :)
අපේ නෑයෝ ඔක්කොම ළඟපාත හින්දා අපිට නම් ඔය වගේ ගමන් යන්ට වුනේ නෑ.. ඒත් අවුරුද්දට තාත්තගෙ නෑ වෙන ගෙදරක ගියා.. ඒත් ඉතින් ආසාව යනකම් විතරයි.. හවස් වෙද්දි ආපහු එන්ටමයි හිත.. විශේෂයෙන්ම ඒ ගෙදර ළිඳේ වතුර හරි නැති නිසා... බොන්න පිටින් ගෙනාවත් ඒ ගොල්ලො නාන ඇඟ හෝදන වතුරට මම කැමතිම නෑ..
ReplyDeleteපොඩිකාලෙ මම බස් එකේ යද්දි බස් එක යන වේගය මට මදිනම් මම කරන්නෙ පුළුවන්තරම් හයියෙන් බස් එකේ ඉස්සරහ සීට් එක තල්ලු කරන එක... :)
හැබෑටම ඉස්ටේසමට එන පාරෙම ටික දුරක් ඇවිත් වමට හැරුනාම කෙලින්ම බස් මාර්ගයට වැටෙන පාර ඒකාලෙ තිබුනෙ නැද්ද?
අද කමෙන්ටුව දැම්මට කියවලා කල්..
Deleteනෑයො ඔක්කොම ලඟපාත හිටියම මෙහෙම ගමන් යාමේ චාන්ස් එකක් නැතුව යනවා තමා නේද ?
Deleteඉස්සරහා ඉන්න මනුස්සයා අඩු ගනෙ රවලවත් බැලුවෙ නැද්ද ඉතින් :)
ඉස්ටේෂමට එන පාරෙන් ගියාම බස් පාරට යන්න පුලුවන්..ඒත් ගම්පහ බස් ගන්න ෆාම් එක පැත්තට යන්න එපැයි..
මම කිව්වෙ ඒ බස් පාරට නෙමෙයි රුක්මණී දේවි පිළිමෙ දැන් තියෙන තැනින් එන පාරට සෙට්වෙන පාරක් තියෙනවා නේද? ඒ පාර තිබුනෙ නැද්ද එතකොට..
Deleteනොදැනීම අතීතයට යැවුණා. හරිම ලස්සනයිනේ සෙන්නෝ...
ReplyDelete(මම මේ උඹට මචං.. මචං කීවට, උඹ පොඩි කොල්ලෙක්නේ...:0
අපේ අම්මාගේ බාලම මල්ලි මට කථා කරන්නෙත් මම එයාට කථා කරන්නෙත් මචං කියලා.. මචං කියන්නේ ඉතිං කාටත් හිතවත් කමින් කථා කරන්න පුලුවන් සර්ව නාමයක්නේ..:D)
ස්තුතියි!
ගමේ හිතවතෝ .. ස්තූතියි ලස්සනයි කිව්වට.. අර පලිය මතකයි නේද.. :D
Deleteහෑහ්.. මම පොඩි කොල්ලෙක් කිව්වා... !! ඒ බොහොම කාලෙකට ඉස්සර.. :D
මචන් කියන එක ඉතින් පොදු වචනයක්නෙ.. වයස බේදයක් නෑ... මමත් මනාපයි ඒකට.. :)
"අර රෝදෙ එහෙට මෙහෙට කරකවපුවම බස් එකේ වේගෙ වැඩි වෙන්නෙ කොහොමද කියලා"
ReplyDeleteමට මේක දැක්කමනම් හිතෙන්නේ මේකෙන් තමයි බස් එක වයින් කරන්නේ කියලා
"මේ පාරෙ බස් එළවන ඩ්‍රැයිවර් මමලනම් කෝච්චි ඩ්‍රැයිවර් මාමලට වැඩිය දක්ෂ ඇති."
මේකනම් කීපාරක් හිතල ඇතිද බස් එක මාරු වෙන මාරු වෙන වාරයක් පාසා හිතෙනව වෙලාවකට ෙ ලාකු වෙලා බස් එකක් පදිනව කියල එත් ඉතිං ගැනුලමයි කරන රස්සාවක් නෙමෙයිනේ අනික මේ තරං තරග කරන්නත් එන නෑ කියල හිතෙනව වෙලාවකට
"බස් එකෙන් බහිනකම් "නමෝ මරිය" දහයක් පහළොවක්වත් කියවෙනවමයි"
ලොකු පොඩි බේදයක් නැතුව අපි හැමෝගෙම ගාව චන්ඩියෙක් එක්ක නොන්ඩියෙකුත් ඉන්නව නේද..?
"අවවාදයයි : මෙම කතාව කියවීමෙන්, පාඨකයා සිය ළමා අතීතයේ අතරමංවීමේ වගකීම ලේඛකයා විසින් නොදරන අතර නැවත වර්තමානයට පැමිණීමේ ගමන් ගාස්තුද නොදරන බව කරුණාවෙන් සලකන්න. :D"
මේ ටික තමයි හොදම තමන් ලියනදේ ගැන හරියටම අවබෝදයෙන් වගකියනවා ඇත්තමයි තාම මමත් මගේ පොඩිකාලෙ අතරමං වෙලා මේක කියවපු වෙලේ ඉදං සතුටු වෙන අතරේ අපේ පොඩි අයගෙ ලමා කාලෙ ගැනනම් දුක් වෙනවා
sandanisulakkana@gmail.com