Wednesday, February 29, 2012

නොකැපූ නියපොත්ත

2012 නවම් මස 29 වන දා,

මම මේ කියන්ඩ යන කථාවේ නිධාන කථාව තියෙන්නේ මෙන්න මෙතන. මේ කථාව තව දිගට කියවන්ඩ කලින්, ඒ කතාව කියවීම තදින්ම නිර්දේශ කරමි. ඔන්න එහෙම නොකර මේ කථාව තේරුනේ නැහැ කියලා මට දොස් කීම සපුරා තහනම්ය.

=====================================XX================================

සිද්ධිය පොලීසියට වාර්ථා වූ සැනින්, ස්ථානාධිපතිවරයාගේ අණින් උපපොලිස් පරික්ෂක රොබින් නිරිඇල්ල සහ ඔහුගේ සහයකයා වූ සාජන්ට් වීරවංශ සිද්ධිය සිදුවූ නිවසට හෙවත් කැලෑව මැදවූ ලෑලි ගෙදරට පැමිණියහ.

ගෙදර ස්ත්‍රීය විලාප තබමින් සිටි අතර වටවී සිටි අවට වැසියන් ඇය සැනසීමට උත්සහා කරමින් සිටියහ.

වැඩි වැඩියෙන් පිරිස් එම නිවසට රොක්වීමට ගත් බැවින්, තම පරීක්ෂණය අවසන් වන තුරු ඔවුන්ව එපිටින් තැබීමට රොබින් වගබලා ගත්තේ, ගම් වැසියන් පැමිණීම නිසා එම අවට කලාපයේ තිබිය හැකි අපරාධය පිළිබඳ හෝඩුවාවල් මැකී යා හැකි බැවිනි.

නිවසට ඇතුලුවූ රොබින්, කෙලින්ම මෘතදේහය වූ ස්ථානයට පිවිස අන් අයට පැමිණිය නොහැකි ලෙස කාමරයේ දොර වසා ගත්තේය. තනිකරම ලෑලි බිත්ති වලින් සමන්විත පුංචි නිවසක් වූ මෙහි තිබු එකම කාමරයද එයයි. ඉදිරිපස ඉස්තෝප්පුවකින් ගෙට ඇතුළු වූ පසු සාලයට පැමිණිය හැකි අතර සාලයට යාබදව දකුණු පසින් මෙම කාමරය විය. සාලයේ වම් පස වූ ද්වාරයකින් ඇතුලුවිය හැක්කේ මුළුතැන් ගෙයක් ලෙස පරිහරණය කළ ස්ථානයකටයි.

කාමරයේ වූ ඇඳක් මත මියගිය තැනත්තාගේ දේහය වූ අතර මිය යාමට මොහොතකට පෙර මිනීමරුවා සමඟ සිය ජීවිතය වෙනුවෙන් පොර බැදූ බවට සළකුණු තිබුනි.හිස ඇඳෙන් පහලට කඩාවැටී තිබුන අතර, පපුව මත කොට්ටයක් විය. කොට්ටයෙන් මුහුණ තදකර හුස්ම හිරකොට ඝාතනය කළ බව පෙනෙන්නට තිබුනි. වම් පස උරහිසෙහි තද සීරුම් පාරක් තිබූ අතර එයින් මද වශයෙන් ලේ වහනය වෙමින් තිබුනි. ඉතා කෙසඟ පුද්ගලයකු වූ මිය ගිය අය, කාලයක් අසනීපයකින් පෙළුනු ලක්ෂණද විය. වයස අවුරුදු හතලිහක් පමණ විය හැකියයි රොබින් අනුමාන කලේය.

රොබින් විසින් ඉතා සුපරික්ෂාකාරිව සියල්ල හොඳින් පරික්ෂා කළේය. විශාලනය කොට බලන කාචය උපයෝගී කොටගෙන දේහය සහ අවට ප්‍රදේශය ඉතා සූක්ශමව ඔහු විසින් පරික්ෂා කරන ලදී. එම පරීක්ෂණයේදී සැක කටයුතු යමක් ඔහුගේ නෙත ගැටුනි. දේහයේ වම් පස උරහිස අසල, ඇඳට දමා තිබූ පැදුරේ ඇමිණී තිබී සිය තීක්ශණ ඇසට යොමුවූ මෙය දුටු විට රොබින්ගේ මුවෙහි නැගුන මදහස විස්තර කළ නොහැකි තරම්ය. මෙය අපරාධය පසුපස හඹායාමට මහඟු රුකුලක් බව ඔහුට සිතුනි. ගොදුරක් ඩැහැගන්නා උකුස්සකු මෙන් එය ආරක්ශිතව සිය සුරතට ගෙන හොඳින් පරික්ෂා කොට, ඉන්පසුව එවන් දෑ සඳහාම වෙන්වූ සිය භාජනයේ ප්‍රවේසමින් එය තැන්පත් කළේය.

ඉන්පසු තවත් ටික වේලාවක් එම කාමරය හොඳින් සෝදිසි කළ රොබින් එයින් එළියට නික්මින. ගේ අවට ප්‍රදේශයද, අඩි පාරෙහි වූ අඩි සළකුනුදු ඔහුගේ තියුණු පරික්ශණයට ලක්විය.

මෙසේ නිහඬ සාක්ෂි එකතු කොටගත් රොබින්, වාචික සාක්ෂි කෙරෙහි යොමුවිය. එහෙත් ගෙහිමි කාන්තාව ඒ සඳහා සුදුසු මානසික තත්ත්වයක නොසිටින බව ඔහු නිරීක්ශණය කළේය. සිය සැමියාගේ මරණය පිළිබඳව ලතෝනී තබමින් සිටි ඇය දෙතුන් වරක්ම සිහිසුන්ව ඇද වැටුනාය. ඇය විසින් කිසියම් කෙනෙකුට දෙස් තියමින් සිටින බව දුටු රොබින් ඒ ගැන උනන්දු විය.

" මේ ගෙදර වෙන කව්ද ඉන්නේ " ගෙහිමි කාන්තාව අසලින් සිටි වෙනත් කාන්තාවකගෙන් රොබින් ඇසීය. ඇය විසින් අවුරුදු හතලිහකට ආසන්න, ආරෝහ පරිණාහ දේහධාරී පුරුෂයෙක් වෙත හස්තය දිගුකොට දැක්වූවාය.

රළු ජීව්නෝපායකට හුරුවූවකුගේ දේහ ලක්ශණ පෙන්නුම් කළ ඔහු, කාල වර්ණ සමකින් යුක්ත විය. උඩු රැව්ල වවා සිටි ඔහුගෙන් සැර පරුෂ, මුරන්ඩු පුද්ගලයකුගේ ලක්ශණ විද්‍යාමාණ විය.

රොබින් අතින් සංඥා කොට ඔහුව තමා අසලට කැඳවීය.

" තමා මියගිය පුද්ගලයගේ කව්ද ? "

" එයා මගේ අක්කගේ මහත්තයා සර්. "

" එතකොට තමාගේ පදිංචියත් මෙහෙද ? "

" ඔව් සර්. "

" තමාගේ නම ? "

" සෝමදාස සර්. "

" හොඳයි දැන් කියමු බලන්ඩ මොකක්ද වුනේ කියලා. "

" මේක වෙනකොට මමත් ගෙදර හිටියේ නැහැ සර්. මම පොළට ගිහිල්ල හිටියේ. අක්කගෙන් දැන ගත්තු ටික තමා මාත් දන්නේ. "

" අක්ක මොනවද තමාට කිව්වෙ ? "

" ඔය මැරිච්ච ගුණසේන අයිය, කාස කාරයා සර්. පහුගිය ටිකේම ලෙඩ ගානේ හිටියෙ. කරපු කිසිම බෙහෙතකින් ගුණයක් තිබුන්නැ. එයා හුඟක් වෙලාවට ඔය කාමරේ නිදාගන තමා ඉන්නේ. අද උදේ මම පොළට යද්දිත් උන්දෑ නිදි. මං ගිහිල්ල ටික වෙලාවකින් වෙනදා වගේම අක්කා එයාට කෑම කවලා තියනවා. ඊට පස්සේ ගුණසේන අයිය ආයෙත් නින්දට වැටිලා තියනවා. ඊට ටික වෙලාවකට පස්සේ පල්ලි ගිහින් එන ගමන් අර සියඹල ගහ ගාව ගෙදර ඉන්න මාගරට් නෝනා ගොඩ වෙලා තියනවා අපේ ගෙදරට. ටික වෙලාවක් ඉඳලා එයා යන්ඩ ගිහිල්ලා. ඊට ටිකකට පස්සේ අක්කා කසාය ටික හදන් අයියට දෙන්ඩ යනකොට තමා මේ වෙලා තියන දේ දැකලා තියෙන්නේ. "

" මොනවද අක්කා දැකලා තියෙන්නේ "

" අයියාගේ බෙල්ල ඇඳෙන් පැත්තට කඩා වැටිලා, ඇස් දෙක උඩ ගිහිල්ලා ඔය දැන් තියනවා වගේම ඉඳලා තියෙන්නේ. කොට්ටේ පපුව උඩ මූණ ගාවට වෙන්ඩ තිබිලා තියෙන්නේ. "

" ඉතින් අක්කා මොනවද කරලා තියෙන්නේ ? "

" අක්ක බය වෙච්ච පාර කෑගහගන ලඟම ගෙදරට දුවලා තියනවා. මම එනකොටත් කට්ටිය වටවෙලා "

" කාව හරි මේකට සැක කරනවද ? තමුන්ලට තරහා කාරයො එහෙම ඉන්නවද ? "

" අනේ නෑ සර් අපි මෙහෙට ආවෙත් ලඟදි, මොකට තරහා වෙන්ඩද කාත් එක්කවත්. අක්කනම් කියන්නේ මේක අර මාගරට් කියන ගෑනු කෙනාගෙම වැඩක් කියලා. වෙන ඉතින් කව්රුවත් ආවෙත් නැහැනේ. "

" ඉතින් එයා ඕක කරනකම් අක්කා කොහෙද ඉඳලා තියෙන්නෙ ? "

" අක්ක එයාට තේ එකක් හදන්ඩ කුස්සියට ගිහින් තියනවා. ඒ අතර මේක කරන්ඩ ඇති කියලා තමා අක්ක හිතන්නෙ. "

" ඒත් ඇයි ? " ඒ ප්‍රශ්ණය රොබින් අසා ගත්තේ තමාගෙන්මයි.

" තමාට පොලිස්ථානයට ඇවිත් තව දීර්ඝ වශයෙන් කට උත්තරයක් දෙන්ඩ වෙයි. "

එදින සවස මාගරට්ව සැක පිට අත් අඩංගුවට ගන්නා ලදී.

=====================================XX================================

රොබින් සිය පුටුවේ ඇන්දට උපරිමයෙන් බරවී, පුටුව වම් පසට හරවාගන, දකුණු කකුල මේසයේ කොනකින් හරහට මේසය මතින් තබාගන, දකුණු අතින් කඩදාසි බරුව මේසය මත හෙමිහිට උඩ දමමින්, සිවිලිම දෙස දෑස් යොමාගෙන කල්පනා සයුරේ ගිලී සිටියේය. සාජන්ට් වීරවංශ ඔහු ඉදිරියේ වු පුටුවට බරවී රොබින්ගෙන් අදහසක් නිකුත්වන තුරු විමසිල්ලෙන් බලා සිටියි.

" වීරේ මොකද මේ ගැන හිතන්නේ ? "

" මටත් තාම අදහසක් නම් නැහැ සර්. "

" තියන තොරතුරු වල හැටියටනම් මේ ගෑණී මෙහෙම දෙයක් කරයි කියලා කියල හිතන්ඩ අමාරුයි. ගමේ හුඟ දෙනෙක්ගේ මතයත් ඒකමයි. ඒත් අපිට හිතළු වලින් නිගමනයකට එන්ඩ අමාරුයි. ඒත් මට තියන ප්‍රශ්ණේ මේවගේ දෙයකින්, මේ ගෑනිට ලැබෙන වාසිය මොකක්ද කියලා. අපි හොය ගන්ඩ ඕනා අන්න ඒක."

රොබින් නැවතත් කල්පනාවට වැටුනේය. ඒ කාලය පුරාවටම වීදුරු කඩදාසි බරුව නොනැවතී ඉහල පහල යැමේ හිරිහැරය නොඅඩුවම වින්දේය. මෑතකදී උප පොලිස් පරීක්ශක ධූරයට උසස් කරනු  ලැබූ රොබින් නිරිඇල්ල, තරුණ, ජවසම්පන්න, නොපසුබස්නා උත්සහයෙන් යුතු, යම් දෙයක් ඔස්සේ දිගින් දිගටම හඹා යැමේ සහජ ගතියෙන් යුතු අවංක පොලිස් නිළධාරියෙකි. අලුත ගෙනා කොස්සකින් බිම පිරිමැදෙන්නේ යම්සේද, මේ කාලයේ රොබින්ගේ කාර්යක්ෂමතාවයද එසේමැයි. මේ සියල්ල ටික කලකින් ඔහුට උසස්වීමක් ලබාදීමට අඩු වැඩි වශයෙන් මහෝපකාරී වූහ.

" වීරෙ, හෙට නේද මළ ගෙදර අවසන් කටයුතු ? "

" ඔව් සර් "

" හරි, හෙට වීරේ මළ ගෙදර යන්ඩ ඕනා. හැබැයි යුනිෆෝම් එක නැතුව යන්ඩ. හැම සිද්ධියක් ගැනම ඇහැගහගන ඉන්ඩ ඕනා වීරේ, හැම පුද්ගලයෙක්ගෙම හැසිරීම අපිට වැදගත් වෙන්ඩ පුළුවන්. මම හෙට යනවා වෙන ගමනක්. ඒකෙ විස්තර ඇවිල්ල කියන්නම්."

"හරි සර්"

" වීරෙ ඔය ගෙදර ගැණු කෙනාගෙන් කට උත්තරයක් ගන්ඩ පුළුවන් උනාද ? " 

" තවම නැහැ සර්, ගැණී අඬා ගත්තු ගමන්මයි. මම ඊයේ දෙපාරක් උත්සහා කළා, ඒත් ගැණී පියවී තත්ත්වයෙන් නැහැ කියලා තමා මට හිතුනේ. මළ ගෙදරින් පස්සෙවත් බලන්ඩ ඕනා. "

" මොනවද ඒ ගොල්ලො ගැන හොයා ගත්තු විස්තර ? "

" තවම වැඩි විස්තරයක් නැහැ සර්. ඒ මිනිස්සු ලඟදි තමා ඔය ගෙදර පදිංචියට ඇවීත් තියෙන්නේ. ඉතින් ගමේ අයත් වැඩි යමක් කියන්ඩ දන්නේ නැහැ."

"බලමු"  මේ පිළිතුර, රොබින් ගැන හොඳින් දන්නා සාජන්ට් වීරවංශට එතනින් නැගිටයාමට හොඳටම ප්‍රමාණවත්ය.

=====================================XX================================

පරීක්ශණයේ කිසිදු ප්‍රගතියක් නොමැතිව සතියක් පමණ ගෙවී ගියේය. රොබින් මෙම අවුල ලිහා ගැනීමට දිවා රෑ නොමැතිව වෙහෙසුනි. සාජන්ට් වීරවංශගේ සහයද ඔහුට නොඅඩුවම ලැබුනි. මිය ගිය පුද්ගලයා වෙනුවෙන් පැවැත්වූ හත්දොහේ ධර්ම දේශණය පැවැත්වුනු දින, වීරවංශට පොලිස්ථානයේ තමා එන තුරු රැදී සිටින ලෙස උපදෙස් දුන් රොබින් යන තැනක් නොදන්වා අතුරුදහන් විය. රාත්‍රී එකොළහ පසුවී සුළු මොහොතකින් රොබින් කලබලෙන් මෙන් පොලීසියට ගොඩවිය.

" වීරේ අපි දැන් ගමනක් යන්ඩ ඕනා. තව කොස්තාපල්ලා දෙතුන් දෙනෙක්වත් එකතු කරගන්ඩ. "

මෙම විධානය වීරවංශව විමතියට පත්කළද ඔහු ප්‍රශ්ණ නොනගා අණ ක්‍රියාත්මක කළේය.

සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම, මිනීමැරුම වූ ගමට පාගමනින්ම සේන්දු විය. ගම්වල මිනිසුන් සතුවූ වේලාසන නින්දට යාමේ පුරුද්ද, ඔවුනට කිසිදු පුද්ගලයකුට නොපෙනෙන ලෙස අදාල ස්ථානයට සේන්දු වීමට පහසුවක් විය. රොබින් විසින් මේදක්වා අන් තිදෙනාට ගමනාන්තය ගැන ඉඟියකින්වත් හඟවා නොතිබුනි. අවසානයේදී ඔවුන් පැමිණ තිබුනේ සුසාන භූමියකට බව අන් තිදෙනා දැන ගත්තේ ගමන අවසානයේදීය. ඒ අදාල මෘතදේහය වලදමා තිබුනු සුසාන භූමියයි.

එය මලාණික සඳ එළියක් තිබුන දවසක් විය. යන්තමින් එකිනෙකා පෙනෙන තරමට වූ එම එළිය ඔවුන්ගේ කටයුතුවලට ප්‍රමාණවත් විය. රැහැයියන්ගේ නාදය වරින් වර දසතින් පැතිරුනි. ඉඳ හිට ගුප්ත හඬක් නඟමින් හැඬූ බකුසා, තමන් කරන්ඩ යන දෙය දන්න බව හඟවන්නේයැයි රොබින්ට සිතුනි.

කනත්ත අසල වු පදුරු ගොන්නක් අසලට නිසොල්මනේ පැමිණි ඔවුන් සිව්දෙන, කිසිවකුට නොපෙනන පරිදි එම පඳුරු අතර සැඟවී වාඩි ගත්හ.

මෙසේ සැළකිය යුතු වේළාවක් ඔවුන් වදනකදු නොදොඩා විමසිල්ලෙන් බලා සිටියහ. රොබින්ට හැර අන් තිදෙනාට තවමත් මෙය ප්‍රෙහෙළිකාවකි.

වේලාව පාන්දර එකට ආසන්න‍යයි සිතිය හැකිය. කනත්තේ එහා කෙලවරින් ඔවුන් සියුම් චලනයක් නිරීක්ෂණය කළහ. රොබින්ගේ අත නිතැතින්ම සිය ඉනෙහි වු පිස්තෝලය වෙත ළඟා වූයේ එය සුරක්ශිතව ඇත්දැයි සැකහැර දැනගැනීම සඳහාය. පෙරකී ඡායාව සෙමෙන් සෙමෙන් ඔවුන් සිටි දෙසට ලඟා වන්නට විය. අතකින් පොල්ලක් වැනි යමක් ඔහු රැගෙන එන ලෙස දුටුවද එය උදැල්ලක් බව පැහැදිලි වූයේ ඔහු වඩාත් ආසන්නයට පැමිණි පසුය. එම ඡායව කෙලින්ම ගමන් කෙරුවේ දින කිහිපයකට පෙර වළදමන ලද ගුණසේනගේ මිනී වළ වෙතය. මෙය දුටු රොබින්ගේ මුවෙහි ඇතිවූ මදහස අනිත් අය අඳුර නිසා නොදුටුවෝය. මෙතෙක් වෙලා නොඉවසිල්ලෙන් බලා සිටි අවස්ථාව උදාවී ඇති බව ඔහුට පැහැදිලි විය.

එම මිනීවළ අසලට පැමිණි ඔහු උදැල්ල බිමතබා අනෙත් අතෙහි වූ තවත් යමක්ද බිම තබා සාත්පස සිසාරා හොඳ බැල්මක් හෙලුවේ කව්රුන්හෝ බලාගෙන ඇත්දැයි සැකහැර දැනගැනීමටය. මදක් මෙසේ කල්පනාකාරිව සිටි ඔහු, උදැල්ල අතට ගෙන යුහුසුළුව එම මිනී වළ හාරන්නට විය. ටිකවේලාවක් ඔහුට සිය කාර්යය කරගන යාමට ඉඩ හල රොබින්, අනෙක් අයට රහසින් කළයුතු දෑ විස්තර කළේය.

සැඟවී සිටි තැනින් නැගී සිටි ඔවුන් සිව් දෙන, සෙමෙන් සෙමෙන් වළ සාරමින් සිටි තැනැත්තාට කිට්ටු කළහ. ඒක්ශණයෙන් තමන් අසල සිදුවෙමින් පවතින නුහුරු යමක් හැඟුනු වැඩෙහි යෙදෙන්නා වහා කළබල වී පිටුපස බලන විටම දුටු දෙයින්  භ්‍රාන්ත වී ගොස් මොහොතකට ගල් ගැසුනි. එසැනින්ම දීවීමට සැරසුනු ඔහු මතට අප යහලුවන් සිව්දෙනා කඩාපැන්නේ ගොදුරක් මතන පනින දිවියන් මෙනි. මොහොතකින් මිනී වළ් කනින්නා අත් අඩංගුවට පත්විය.

=====================================XX================================


" සෝමදාස, තමුසේ කිසිදෙයක් හංගන්ඩ උත්සහ කරන්ඩ එපා. අපි ඔක්කොම දේවල් හොයාගන තියෙන්නේ. දැන් මුළ ඉඳලා කිසිදෙයක් හන්ගන්නැතුව කියන්ඩ පුලුවන්. බොරු කියන්ඩ උත්සහා කලොත් ඉතින් මට කියන්ඩ තියෙන්නේ හැමදෙයක්ම ඔප්පු කරන්ඩ සාක්ෂි අපි ලඟ තියනවා කියලා විතරයි. දැන් කියමු. තමා මේ කියන හැම වචනයක්ම තමාට එරෙහිව සාක්ෂියක් ලෙස පාවිච්චි කරන්ඩත් පුළුවන් කියලත් මේ ගමන්ම මතක් කරනවා. "

" මට පේනවා සර් කිසි දෙයක් හංගලා පලක් නැහැ කියලා. සර්ලා එදා කනත්තට ආපු එකෙන්ම මට පේනවා හැමදේම එළිවෙලා ඉවරයි කියලා. "

" ඔව් ඒක ඇත්ත, මට දැන් තමාගේ කටින්ම මේක සහ සුද්දෙන්ම දැන ගන්ඩ ඕනා එච්චරයි. "

" අපි මෙහෙට එන්ඩ කලින් හිටියේ පානදුරේ පැත්තේ ගමක. මට ඔය කරුණාවතී හම්බුනේ එහෙදි තමා. "

" කරුණාවතී කිව්වේ ? " ඒ ප්‍රශ්ණය වික්ශිප්ත වූ වීරවංශගෙනි. මෙහිදී රොබින් විසින් ඔහුව අතින් සංඥා කොට නතර කරන ලදී.

" කරුණාවතී කිව්වේ මම ඔය සර්ලට කලින් මගේ අක්කා කියලා කියපු ගෑණු මනුස්සයා. ඇත්තටම ඒ මගේ අක්කා නෙමේ. "

" හරි කතාව කියාගන යන්ඩ. " ඒ විධානය රොබින්ගෙනි.

" මම කතාව කෙටියෙන් කියන්නම්. කොහොම හරි හම්බෙලා ටික කාලෙකින් අපි අතරෙ පොඩි සම්බන්දයක් ගොඩ නැගුනා. හැබැයි ඒ වෙද්දිත් ඒයා ඔය මැරුණු ගුණසේන අයියට විවාහ වෙලා හිටියේ. හැබැයි මිනිහා උපන් ගෙයි ලෙඩා. එහෙම ඉන්නකොට තමා මිනිහට අර කරුම ලෙඩෙත් හැදුනේ. ඊට පස්සෙ ඉතින් මිනිහ ඇවිදින ඇටසැකිල්ලක් උනා. දෙන්න දෙමහල්ලො අතර මුල ඉඳලම එච්චර තද සම්බන්ධයක් තිබිලත් නැහැ. ළමයි ඇත්තෙත් නැහැ. ඉතින් ඔය වගේ තත්ත්වයක් තියෙද්දී තමයි මට කරුණාවතීව හම්බුනේ. මට මුළදී ගෑනි ගැන අනුකම්පාවක් ඇති උනා. පස්සෙ පස්සෙ ඒක දන්නෙම නැතුව දුරදිග ගිහිල්ලා. "

" අපේ සම්බන්ධය දැන ගත්තම ගුණසේන අයියා යකෙක් වගේ වියරු වැටුනා. ඒත් මිනිහට කර ගන්ඩ දෙයක් තිබුනේ නැහැ. ඇගේ පතේ හයියෙන්වත්, පිරිස් බලයෙන්වත් මිනිහට මාව අභිබවා යන්ඩ පුලුවන් කමක් තිබුනේ නැහැ."

" පස්සේ පස්සේ මේක රහසක් උනේ නැහැ. මමත් නිතරම එහෙ යන්ඩ එන්ඩ පටන් ගත්තා. "

" එක දවසක් මම එහෙ යනකොට මුලු ගේම වහලා දාලා. කව්රුවත් නැහැ. මටත් හිතා ගන්ඩ බැරි උනා මොකද වෙලා තියෙන්නේ කියලා. කව්රුවත් දැනගන උන්නේ නැහැ දෙන්නට මොකද උනේ කියලා. මමත් සෑගෙන්ඩ හෙව්වා, ඒත් කොහෙද ගියේ කියලා හොයා ගන්ඩ බැරිඋනා. ඔහොම ඉන්නකොට තමා මට කරුණාවතීගෙන් ලියුමක් හම්බුනේ විස්තරේ කියලා. මිනිහා බලෙන්ම වගේ කරුණාවතීත් එක්කගන මේ ගමට ඇවිල්ලා. මෙහෙ මිනිහගේ දුරින් නෑ කෙනෙක් වෙන කෙනෙක් ඉන්නවා. එයා තමා ඔය ඉඩමේ පැළ අටෝ ගන්ඩත් උදව් කරලා තියෙන්නේ. "

" කොහොම හරි විස්තරේ දැන ගත්තට පස්සේ මමත් හොයාගන මෙහෙට ආවා. ඊට පස්සේ මිනිහා කරබාගන ඉන්ඩ ගත්තා කරන්ඩ දෙයක් නැති කමටමද කොහෙද. මමත් මේහෙම නතර උනා. ඒත් මට මෙහෙම ජීවත් වෙන එක එපා වෙලා තිබුනේ. මට ඕනා උනේ මගේම කියලා දරු පව්ලක්, ගෙයක් දොරක් හදාගන සන්තෝසෙන් ජීවත් වෙන්ඩ."

" ඉතින් අපි දෙන්නා ඔය ගැන කතාවෙලා දවසක් තීරණය කළා මේ කරදරයෙන් මිදෙන්ඩ. කරුණාවතීනම් කොහෙත්ම කැමති උනේ නැහැ මේ වැඩේට, ඒත මම කොහොම හරි ගෑනිව නම්ම ගත්තා. "

" පස්සේ අපි කල්පනා කල මේක අහු නොවෙන්ඩ කොහොමද කරන්නේ කියලා. ඔය ගැන හිත හිතා ඉන්නකොට තමා මම දැක්කේ හැම ඉරිදම වගේ සියඹල ගහ ගාව ගෙදර මාගරට් නෝනා පල්ලි ගිහිල්ල, අපේ ගෙදරට් එන අඩි පාර පහු කරලා තනියම යනවා. "

" මම මේක සති දෙක තුනක්ම හොඳට බැලුවා. ගෑනි හැමදාම තනියම් තමා එන්නේ. "

" ඔය සිද්ධිය වෙච්ච දවසෙත් මාගරට් නෝනා තනියම එනවා. මම කරුණාවතීව ඉස්සරහට යැව්වා, ගිහිල්ලා කොහොම හරි කතා කරගන එන්ඩ කියලා. "

" ටික වෙලාවකින් දෙන්නම ගොඩ වුනා ගෙදරට. මම හිටියේ ගේ පිටි පස්සේ, පේන්ඩවත් එළියට ආවේ නැහැ. මාගරට් ටිකක් වෙලා ඉඳලා තේ එකක් එහෙම් බීලා යන්ඩ ලෑස්ති උනා. ඒත් මම කරුණාවතීට කියලා තිබුනේ තව කව්රු හරි ඈතින් එනවා පේනකම් එයාව කතාවට අල්ලගන තියා ගන්ඩ කියලා. කරුණාවති ගානට වැඩේ කළා. සර්ට හිතාගන්ඩ පුළුවන්නේ ඒ ඇයි කියලා. "

" ඊට පස්සේ තමා අපි, අපේ සැලැස්ම ක්‍රියාත්මක කළේ. "

" අයියා එතකොටත් කාමරේ ඇතුලෙ නිදි. මම හිමීට කාමරේට ඇතුල් වෙලා ලඟ තිබුන කොට්ටෙන් හුස්ම හිරවෙනකන් තද කරන් හිටියා. මිනිහා කෙසඟ උනාට තිබුන ශක්තියක් !  සෑහෙන්ඩ සටනක් දුන්නා බේරෙන්ඩ. ඒත් මගේ ශක්තිය ජය ගත්තා. අනිතිමේදී ඒ කරදරයෙන් අපි නිදහස් උනා. "

" මම ඊට ටික වෙලාවකට පස්සේ කැලෙන් පැනලා පොළ පැත්තට ගියා. ඊට පස්සේ වෙච්ච හරිය සර්ලා දන්නවා. "

" හරි ඔක්කොම පැහැදිලියි. නියපොත්ත කැඩිලා කියලා දැනගත්තේ කොයි වෙලේද ? "? " ඒ ප්‍රශ්ණය රොබින්ගෙන්.

" මම කාලයක් තිස්සේ දිගට වවපු නියපොත්තක් ඕක. ඔය සිද්ධිය වෙන්ඩ දවස් දෙකකට කලින් ඕක පිහියෙන් හැඩ කරන්ඩ යද්දී  මගේ අතින්ම බාගෙට වගේ කැපුනා. කපලා අයින් කරන්ඩ දුක හින්දා එහෙමම තියන් හිටියා. ඕක කැඩිලා තියනවා මම දැක්කේ එදා සර් ඇවිල්ලා පරික්ශා කරනකොට. මට හිතා ගන්ඩ බැරිඋනා මේක කැඩුනේ කොයි වෙලේද කියලා. අර වෙලේ කැඩුනනම් ඒක අනිවාරයයෙන්ම මිනිය ලඟම තියෙන්ඩ ඕනා. මාව වෙව්ලන්ඩ ගත්තා ඒක දැක්කම. ඒ එක්කම මට ගන දෙවි ණුවන පහල උනා. මම ඉක්මනටම පිහිය අරන් මැදින් කැඩිලා තිබුන නිය පොත්ත මුලින්ම කපලා දැම්මා. ඒ එක්කම අනිත් නියපොතුත් කැපුවා. "

" සර්ලා මිනිය අරන් ගිය ගමන් මම ඉක්ක්මනටම කාමරේට ගිහින් හොයලා බැලුවේ ඕක. ඒත් මට හම්බුන්නෑ. මට හිතා ගන්ඩ බැරිඋනා කොහෙදිද මේක කැඩුනේ කියලා.

" මේක බරපතල අපරාධයක්. එකක් නෙමේ දෙකක්. මිනිහෙක්ව ඝාතනය කිරීම සහ ඒකට අහිංසකයෙක්ව පැටලීමට තැත්කිරීම. වීරෙ, කරුණාවතීවත් අත්අඩංගුවට ගන්ඩ අවශ්‍ය කටයුතු ලෑස්තිකරන්ඩ. "

=====================================XX================================


" මට සැකයක් ඇති උනා වීරේ, මම ඒ සැකය ඔස්සේ පැන්නුවා. වාසනාවකට මගේ සැකය හරි පුද්ගලයටම එල්ල වෙලා තිබුනා. නැත්නම් අපි තාමත් අඳුරෙ. "

" මට තාම පැහැදිලි මදි සර්. "

" වීරෙට මතකනේ අපි මරණය වෙච්ච දවසේ ඒ ගෙදරට ගියා පරික්ෂණයට. "

" ඔව් සර් "

" මට එදා මිනිය ගාව පැදුරෙ ඇමිනිලා තිබිලා හම්බුනා නූල් දෙකක් විතර දිග නිය පොත්තක්. ඒක පිරිමියෙක්ගේ ගන, පළල නියපොත්තක්. මේ තියෙන්නේ ඒක තමා " යි කියමින් රොබින් විසින් එය සාජන්ට් වීරවංශට පෙන්වා සිටියේය.

" මම අනුමාන කළා මේක මිනීමරුවගේ වෙන්ඩ පුළුවන් කියලා. ඒත් කාගෙද ? කොහොමද ඒ නියපොත්තේ අයිතිකාරයව හොයාගන්නේ ? ඒ ඊ ලඟට මට ආපු ප්‍රශ්ණ. "

" එදා මේ සෝමදාස, කරුණාවතිගේ මල්ලියි කියද්දිම මට පොඩි සැකයක් ඇතිඋනා. දෙන්නගේ හැඩහුරු කමේ ආසන්න වශයෙන්වත් සමාන කමක් නැති නිසා. මම එදා ඇඟිලි සළකුණු ගන්න මුවාවෙන් කළේ මිනිහගේ ඇඟිලි පරික්ශා කරපු එක. ඒත් මිනිහගේ නියපොතු ගානට කපලා තිබුන නිසා මගේ සැකය සනාථ කරගන්ඩ හම්බුනේ නැහැ. මට ඒවෙලේ අමතක උනා මිනිහා මේව ටිකකට කලින් කපන්ඩ ඇතියි කියන එක. "
" එදා මළ ගෙදර දවසේ ඔය සෝමදාසලා කලින් හිටපු ගමට ගිහින් මම සෑහෙන්ඩ විස්තර හොයාගත්තා. දෙන්නගේ සම්බන්ධය ගැනත් මට ආරංචි කරගන්ඩ පුලුවන් උනා. එතකොටනම් මට සෑහෙන විශ්වාසයක් ආව මේකට මේ දෙන්නගෙම හරි එක්කෙනෙක් හරි ගෑවිලා තියෙන්ඩ පුළුවන් කියලා. "

" ඒත් ඒ එකක්වත් මට ස්ථීර සාක්ෂි හැටියට ගන්ඩ පුළුවන් උනේ නැහැ. තිබුන එකම බලාපොරොත්තුව තමා මේ නියපොත්ත. "

" පස්සේ මම දවස් ගානක් කල්පනා කලා කොහොමද මේක විසදන්නේ කියලා. මගෙ හිත කිව්වා මේ නියපොත්ත එක්ක මේ මරණයට සම්බන්දයක් ඇතිමයි කියලා. "

" එදා බණ දවසේ, උදේ මට ආවා යස කල්පනාවක්. ඒ තමයි පොඩි බොරුවක් ප්‍රචාරය කරන්ඩ. එදා රෑ වෙන පුද්ගලයෙක් මාර්ගයෙන් මට පුලුවන් උනා, මෙහෙම ප්‍රචාරයක් යවන්ඩ. "

" පොලීසියට මිනියත් එක්ක තිබිලා නියපොතු කැල්ලක් හම්බෙලා තියනලු. ඒකේ ඉතුරු කෑල්ල මිනියත් එක්ක තියනවද බලන්ඩ හෙට මිනිය ගොඩ දාන්ඩ යනවලු. ඒ නියපොත්ත පරික්ෂා කරලා මිනීමරුවව අල්ලගන්ඩ පුලුවන්ලු. " කියලා.

" මම බලාපොරොතු උනා ඔය නියපොත්තේ මිනී මැරුමට සම්බන්ධයක් තියනවනම්, අයිතිකාරයා අනිවාර්යයෙන්ම අපි මිනිය ගොඩ දාන්ඩ කලින් මිනිය ගොඩ අරන් විනාස කරන්ඩ හදයි කියලා. වාසනාවට මගේ අනුමානය ටක්කෙටම හරි ගියා. "

" අනිත් සැක කටයුතු දේ තමා කසාය කෝප්පය "

" ඒ කිවේ සර්  ? "

" වීරෙට මතකද ඔය සෝමදාස කිව්වා, කරුණාවති, ගුණසේනට කසාය කෝප්පය අරගන යද්දියි මේක වෙලා තියනවා දැක්කේ කියලා. ඔහොම එකක් දැකපු ගමන් ගෑනියෙක්ගෙන් අනිවාරයයෙන්ම ඕක බිම වැටෙන්ඩ ඕනා. ඒත් ඒ කාමරේ එහෙම කිසිම සළකුණක් තිබුනේ නැහැ. වෙන්ඩ බැරි උනත්, බිම නොවැටී කොහේ හරි තිබ්බානම් ඒක එහෙමම තියෙන්ඩ ඕනා අපි යනකොටත්. මොකද අපි සිද්ධිය වෙලා ටිකකින් එතෙන්ට ගියා. ඔය කළබල අස්සේ ඔහොම එකක් අයින්කරන්ඩ කාටවත් කල්පනාවක් තියෙන්ඩ විදිහක් නැහැ. මම සෝමදාසගෙන් කට උත්තරය අරන් ආයේ කාමරයට ගිහින් බැලුවේ ඔය දෙක තමා. " ඔය ඔක්කොම මගේ හිතේ ලොකු සැකයක් ඇති කළා මේ ජෝඩුව ගැන.

" ඔන්න ඕක තමා උනේ. කවදාවත් අපරධයක් කරලා සාක්ෂියක් ඉතුරු නොකර යන්ඩ බැහැ වීරේ. "

=====================================XX================================

" මාගරට් හිල් නම්වූ යුශ්මතියව, සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරමි. "

=====================================XX================================


සැළකිය යුතුයි ;

1. මෙහි නිධාන කතාව ලිවිමෙන් මා විසින්, එය කියවූවන්ගේ සිත් සතන් වල ඇතිකරනු ලැබු, කුතුහලය සන්සිදුවීම උදේසාම මෙම රහස් පරීක්ෂක කෙටි කතාව ලියා පල කළ අතර, මෙය මවිසින් ලියනු ලබන ප්‍රථම සහ එකම රහස් පරීක්ෂක කතාව බව සැළකිය යුතුය.

2. මා හට පොලිස් සේවයේ හෝ අපරධ පරීක්ෂණ ක්ෂේත්‍රයේ අත්දකීම් හෝ දැනුමක් නොමැති බැවින්, අඩු පාඩු බොහෝ විය හැකිය. ඒ පිළිබද තතු දත්තෝ මා නිවැරදි කරත්වා.

3. මා දන්නා එකම රහස් පරික්ශකයා වූ " ෂර්ලොක් හෝම්ස් " ගේ අභාශය මේ කතාව පුරා වැටී ඇතැයි මට හැඟේ. ඒ ගැන මා කමත්වා.

4. මෙය සම්පූරණයෙන්ම මාගේ හිතෙහි මැවුණු මනෝ විකාරයක් මිස, සත්‍ය සිද්ධියක් නොවන බව සැලකුව මැනවී. යම් හෙයකින් මෙවන් වූ සත්‍ය සිද්ධියක් වී ඇත්නම්, එය හා මගේ කතාව එකක් වීම හුදු අහම්බයක්ම පමණී.

~~ සෙන්නා / 29.02.2012

61 comments:

  1. Replies
    1. ස්තූතියි ප්‍රභාත්.. සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට.

      ඉල්කෝලෙ යන කාලේ ටීචර්ගෙන් වෙරි ගූඩ් එකක් ලැබුනම දැනුන සතුටම මට දැනුනා මේ වෙරි ගූඩ් එක දැකලා.

      Delete
  2. අප්පටසිරි මේක සෙන්න අයිය ලියපු එකක්ද..? ඒක දන්නෙ අන්තිමටනෙ, මුල ඉඳන් හිතුවෙ ඇත්ත කේස් එකක් කියල, ඒ තරමටම කතාව මාර සජීවී. සෙන්න අයිය රහස් පොලිසිය එක්ක සම්බන්ධකම් තියෙන එකෙක්ද කියලත් හිතුන. කතාව නම් පට්ට සජීවී. එළම කිරි... ජය ශ්‍රී...!!!

    ReplyDelete
    Replies
    1. මණ්ඩි මලේ ඒක තමා කිව්වේ නිධාන කතාව කියවලම වැඩේ පටන් ගන්ඩ කියලා. ඒකේ අන්තිමට කියලා තියනවා මේ කතාව මනඃකල්පිත එකක් කියලා.. කියෙව්වේ නැහැ නේද.. ?

      අනේ අම්මේ ඔච්චර මාව වනන්ඩ එපා.. අන්තිමට වැලක වනන්ඩ වෙයි. හිහ් හිහ්..

      මොන රහස් පොලොසිද මේ අපිට..

      ස්තූතියි මේ පැත්තේ ඇවිල්ලා.. නොසෑහෙන්ඩ දිරිගන්වලා ගියාට.

      ඒක නෙමේ මොකෝ නිහඬ මෙහෙයුම නිහඬ වෙලා.. මේ ඊලඟ කොටස් ටික එනකම් දත මැදගන ඉන්නේ..

      Delete
  3. හැමදාම ඇත්ත කතා ලියපු හින්ද මාත් හිතුව, ඇත්තම කතාවක් කියල.

    පොඩි ප්‍රශ්නයක්, කනත්තට ගිය අනිත් පොලිස් නිලධාරීන්ට හේතුව වසන් කරගෙන හිටියෙ අපේ කුතුහලය අවුස්සන්නද ?

    ReplyDelete
    Replies
    1. මමත් අන්තිම වෙනකන් රැවටිලා හිටියේ.

      Delete
    2. ඔබා මාමේ.. කුරුන්දේ තේමාව ඇවිල්ලා දැනුම සහ විනෝදයනේ.. ඉතින් දැණුම වෙනුවෙන් ලියන ඇත්ත කථා මැද්දෙන් ඉඳලා හිටලා විනෝදය සඳහා මේ වගේ කතාවකුත් දාන්ඩ තමා හිතන් ඉන්නේ..

      ඔව්වොව්.. අන්තිම වෙනකම්ම කුතුහලය රැක ගන්ඩ මාර ට්‍රයක් දුන්නා.. කොච්චර දුරට සාර්ථකද කියලනම් මම දන්නෑ...

      ස්තූතියි ගොඩ වැදුනට.

      Delete
    3. අසර්,

      ඒ මම දැනට ලියලා තියන ලිපි කිහිපයෙන් වැඩි හරියක් ඇත්ත කථා පදනම් වෙලා තියන ඒවා හින්දා ඒ අදහස ඔළුවෙ තියන් කියවන්ඩ ඇති.. එහෙම නේද.. ?

      Delete
  4. පසු සටහන කියවන තුරු මෙය රචනා කල කතාවක් කියන එක දැනුනේ නැහැ. කුරුන්ද ලියන රටාව, පිළිවෙලින් හා සීරුවෙන් මවන පරිසරය චිත්‍රයක් වගේ පැහැදිලියි. ඔබේ ලිවීම් රටාවට බොහෝම කැමැතියි සහෘදයා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගලමල්.. අගය කිරීම ගැන. බොහෝ දිරිගන්වන සුළුයි..

      Delete
  5. ශා..නියමයිනෙ අයියෙ..කුතුහලය උපරිමයි.. ප්‍රථම සහ එකම රහස් පරීක්ෂක කතාව කියන්න එපා ඉතින්..තව එකක් ලියමු නිවාඩු පාඩුවේ.. :))

    ReplyDelete
    Replies
    1. සිත් රූ නංගී,

      බොහොමත්ම ස්තූතියි.. කුතුහලය උපරිමයෙන් රැක ගන්ඩ බොහොම වෙහෙසක් දැරුවා..

      බුදු අම්මෝ බෑ.. මේක ගැටගහ ගන්ඩ දගලපු දැගලිල්ල මතක් වෙද්දී.. ආයෙනම් බැහැ.. ඒකමයි මම එහෙම දැම්මෙත්.

      ස්තූතියි ආවට.

      Delete
  6. ශා..මරුනේ...ඇත්ත එකක් වගේම ලියලා...

    //ප්‍රථම සහ එකම රහස් පරීක්ෂක කතාව//
    ප්‍රථම උනාට නම් කමක් නැහැ...ඒත් "එකම' කියලා කිව්වේ ඇයි?

    ReplyDelete
    Replies
    1. පණ ගියා සයුරි.. ඒකයි එහෙම දැම්මේ.. ආයෙනම් බැහැ.. මේක කළෙත් නිධාන කතාවෙදි කට්ටියට කුතුහලයක් ඉතුරු කරලා නැවැත්තුව වැරැද්ද හරි ගස්සන්ඩ.

      ස්තූතියි දිරිගන්වීම ගැන.

      Delete
  7. තහනම් ගහේ ගෙඩි කන්න ගියාම ඔය වගේ වැඩ වෙනව නෙව.:P

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා නුවන් කුරුන්දට..

      අපිට මේ කතාවෙන් එහෙම පාඩමකුත් ගන්ඩ පුළුවන්..

      ස්තූතියි.

      Delete
  8. ලස්සනට ලියලා තියෙනවා..අන්තිම වෙනකං ආසාවෙන් කියෙව්වා...ප්‍රථම සහ එකම නෙමේ තව මේ වගේ කථා ලියන්න...එළ ඈ...නියපොතු ඔක්කොම කැපුවා මමත්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්.. ආසාවෙන් කියෙව්වනම් ඒක මට බොහොම සතුටක්.. ආයේනම් බැහැ..

      නියපොතු කපන එක හොඳ පුරුද්දක්.. හිහිහ්..

      ස්තූතියි...

      Delete
  9. එලස්..!! කතාවත් නිධාන කතාවත් දෙකම ගානට ගැලපිලා තියෙනවා.
    ෂර්ලොක් හෝම්ස්ගේ ආභාෂය කතාව පුරාම පැතිරිලා තියෙන බව ඇත්ත. ඒත් අමුවට නෙවෙයි.
    මේක ඒකාංග ටෙලියකට නියම කතාවක් (අනිවා)

    ප.ලි.
    ඔය එස්.අයි. රොබින් නිරිඇල්ල අපේ පරම්පරාවෙ පොරක්.

    ReplyDelete
    Replies
    1. මම මෙච්චරකල් ඔයාගේ නම කියෙව්වේ සුමිත් නයිරිල්ලා කියලා දැනුයි හරි නම තේරුනේ

      Delete
    2. ආ මෙන්න තව නිරිඇල්ල කෙනෙක්... නම දැකලද මේ පැත්තට ගොඩ වුනේ.... :-)

      සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට..

      ස්තූතියි අගය කිරීම ගැන.. පුළුවන් කෙනෙක් ඒකාංගයක් හදනවනම් මගෙන් බාධාවක් නැහැ. ඔබ තුමා පාරක්‍රම නිරිඇල්ල මහත්මයගේ කව් රු හරිද... ?

      Delete
    3. ගැමියා,

      නයිරිල්ලා..! හිහි ඒකත් මරු නම.

      Delete
  10. නියමයි අයියේ මාර ලස්සනයි මුලින් කතාවත් කියවලා ආවේ ඒ වගේ පොඩි ආරම්භයකින් මේ විදියට ලියපු එක මාරයි.වටිනා ලිපි අතරට මේ වගේ කතා දෙක තුනකුත් දාමු.මම ආස මේ වගේ කතා කියවන්න මට ෂර්ලොක් හෝම්ස් වගේම සිංහල රහස් පරීක්ෂක කතා කරුවෙක් වූ පියදාස සිරිසේන(මතක ඒ නම තමයි) මතක් වුනා....උපරිමයි අයියේ ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගැමියා මලේ.... කට්ටියට උන පොරොන්දුවක් ඉෂ්ඨ කරන්ඩ තමා මේක ගැටගහ ගත්තේ... ඒ ඇර ඉතින් මට කොනඩොයිල් මහත්තයගෙ වැඩේ කරන්ඩ හැකියාවක්වත් දැනුමක්වත් නැහැ. ඒක හින්ද ඔය අති.

      ස්තූතියි දිරිගැන්වීම ගැන.

      Delete
  11. වේලාව හරි පොතක් ලියන්න.උපරිමයී

    ReplyDelete
    Replies
    1. ආ නම මාරු කරලා.. !!

      හිහ් හිහ් පොතක් ලියන්ඩ.. ? එච්චර හරියක් කොහෙද. බලමු ඉතින් පස්සේ දවසක මහා ලේඛකයෙක් උනොත් ඔයාටත් බැරියෑ පොතක් ලියන්ඩ " මහා ලේඛකයෙකුට බිරිඳක්ව " කියලා.. හිහ් හිහ්..

      ස්තූතියි ශ්‍රීමි.

      Delete
  12. උඹ මහා පිස්සු පොරක් නේ.ඇයි අන්තිමට මෙහෙම දෙයක් කිවුවේ."සැලකිය යුතුයි" කියන කැල්ල කියනකම්ම මම හිතන් හිටියේ මේක ඇත්තම සිද්දියක් කියල ලිවීමේ හැකියාව උපරිමයෙන්ම තියෙනවා.රහස් පරීක්ෂකයෙක් හිතන විදියට හැම පැත්තක්ම ඒ කතාවේ තියෙනවා.

    හැකියාවෙන් ප්‍රයෝජනයක් ගනින්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසර්.. මේ කතාව එච්චරටම තාත්විකද මචන්.. හැමෝම ඇත්ත එකක් කියලා හිතන්නේ.. අනේ මංදා.. මටනම් තාමත් වැඩේ අසම්පූර්ණයි..

      හැකියාවට රැකියාවක් ලැබෙයිද.. ?

      Delete
    2. මටත් මගේ නිර්මාණ උඹල අගේ කරද්දී ඔහොමයි හිතෙන්නේ.ඒත් මේ අපි කියන්නේ උඹ සතුටු කරන්න හිතාන නෙවෙයි සිරාවට අපිට දැනුන දේ.වැඩක් කල හැකි කොල්ලෙක් (මං හිතන්නේ කොල්ලෙක්) හික්ස්..

      Delete
  13. ෂර්ලොක් හෝම්ස් කතාවේ පරිවර්ර්තනයක් වගේමයි සහෝ.එල එල දිගටම ලියන්න අපි එනවෝ කියවන්න ජය වේවා.

    ReplyDelete
    Replies
    1. නිශාන්,
      සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට.. ස්තූතියි ප්‍රශන්සාවට..

      ස්තූතියි මචෝ.. මමත් එන්නම් ඒ පැත්තේ..
      ( කිඹුල් මස්නම් එපා හොඳේ... හිහ් හී )

      Delete
  14. ෆට්ට ෆට ෆට.... එලටම ලියල තියෙන්නෙ ඔය.. හයියෝ එකම කියන්න එපා... මේ වගේ කතා කියවන්න අපි (මම) ආසයි...!!!

    ReplyDelete
    Replies
    1. "ෆට්ට ෆට ෆට..." ඒ මොකක්ද බොලේ ඒ... කොටි ගැහුවවත්ද.. ?

      ස්තූතියි ආවට..

      Delete
  15. අෆ්ෆ සිලි වෙන්න සෙන්නා!!! පික්සු කොර කතාවක්නේ ලියල තියන්නේ.. පුල් මාක්ස් ආ...

    ReplyDelete
    Replies
    1. සැළකිය යුතුයි 04. මෙම් කතාව කියවා යමෙක් කොර වන්නේද, එහි වගකීම රචකයා විසින් බාරගනු නොලැබේ..

      හිහ් හිහ්.. ස්තූතියි ජීනියස්.

      Delete
  16. මම ෂර්ලොක් හෝම්ස් කතා ගැන මුලින්ම දැනගත්තෙ මගේ අක්කගෙන්.එයා ඒ දවස් වල ඔය පොත් ගෙදරත් ගෙනල්ල කියවනව.මමත් ඉතින් දවසක් දෙකක් ටිකෙන් ටික කියෙව්ව.ලස්සනයි.

    ඇත්තමයි සෙන්න අයියෙ කතාව මැවිල පෙනුන.තව මේ වගේ කතා ලියවෙයි නේද​?මමත් ආසයි මේ වගේ කතා කියවන්න.ලස්සනම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. මමත් ආසයි මලේ මේවගේ කතා කියවන්ඩනම්.. හැබැයි ලියන එකනම් පණ යන වැඩක්.. හැම පැත්තක් ගැනම් හිතලා බැලන්ස් එකේ ලියන්ඩ ඕනා..

      මම නම් හිතන්නෑ ආයේ මෙහෙම් කතාවක් මගෙන් ලියවෙයි කියලා..

      ස්තූතියි පැමිණීමට..

      Delete
  17. පට්ට කතාව, සමහර වෙලාවට ෂර්ලොක් හෝම්ස් කතා කියවලා පස්සෙ වෙන රහස් පරීක්ෂක කතා කියවද්දි එහෙම හෙන අවුල්. ඔය සිංහල රහස් පරීක්ෂක කතා තියෙන්නේ පරණ ඒවා. ඒ වුණත් සෙන්නා ඵලට ලියලා තියෙනවා කියවන්න ආස හිතෙන විදියට...

    ReplyDelete
  18. කොනන් ඩොයිල් මල්ලී වැඩේ එල ඈ...නියමෙටම ලියලා තියනවා..කුතුහලයත් ගානට..

    බර වචන ජූන්ජක් දැම්මානම් චන්දන මෙන්ඩිස්ගේ කතා වලට වැඩිය හොඳයි..මොකද එව්වායෙ මේ තරම් කුතුහලයක් නෑ...මට නම් චන්දන මෙන්ඩිස්ගේ කතා වල පළවෙනි ඡේදෙම කියවලා හොයාගන්න පුලුවන් හොරා මොකාද කතාව මොකක්ද කියලා..හැබැයි ඔර්ජිනල් කොනන් ඩොයිලිගෙ එව්වාවල නම් අමාරුයි...ඒ වගේම මේකෙත් අන්තිම වෙනකන් හිතුනෙ නෑ..

    "එකම රහස් පරීක්ෂක" මගේ බලවත් ඉල්ලීමක්... මෙහෙම වෙන්න නම් දෙන්න එපා හැකියාවෙන් ප්‍රයෝජන ගන්න...

    ආතර් කොනන් ඩොයිල් මියයෑමට පෙර ෂ‍රලොක් හෝම්ස් චරිතයේ අයිතිය ලෝකයටම විවෘත කළා. ඒක නිසා ඔබ ඒ ශෛලිය නෙමෙයි ඒ කතාවෙ චරිත යොදාගත්තත් ප්‍රශ්නයක් නෑ...

    මගේ අදහස නම් ෂ‍රලොක් හෝම්ස්ගේ පරිසරය පිළිබඳ පොඩ්ඩක් අධ්‍යයනය කරලා මේ කතාව ෂ‍රලොක් හෝම්ස් කතාවක් විදිහට ලිව්වානම් හොඳයි...නිර්මාණයක අයිතිය ලේඛකයාගේ හින්දා ඔයාට කැමති දෙයක් කෙරුවෑකි..මේක මගේ අදහසක් විතරයි...

    ප.ලි. ලිපියක් දාලාද කියලා මේ පැත්තෙ ඇවිත් නිතරම බැලුවත් දාපු දාට බඩු හම්බෙන්නේ නෑනෙ.. :)

    ReplyDelete
  19. මම ඒත් බැලුවා හරී මොකෝ පරක්කු කියලා. ඒත් හිතුනා මේ ජාතියෙ කතාවලට අකමැතිවවත්ද කියලා.

    බොහොම් ස්තූති හරී දිග කමෙන්ට් එකකින් දක්වපු අනුග්‍රහයටයි, දිරිගැන්වීමටයි.

    හැබෑටම මම දැනගන හිටියේ නැහැනේ කොනන් ඩොයිල් මහත්මයා එහෙම් දයක් කළා කියලා. එහෙනම් ඒකයි මේ චන්ඩන මෙන්ඩිස් ශර්ලොක් හෝම්ස් එක්ක එල්ලෙ ගහන්නෙ.. :-)

    අනේ බෑ මචෝ.. මේක යන්තම් හරි අපරධ පරික්ෂණ ක්ෂේත්‍රය ගැන දැනුමක් නැතුව කරන පුළුවන් දෙයක් නෙමේ.. එහෙම් කරන්නන් වාලේ කලොත් හොඳ නිර්මාණ බිහිවෙන්නේ නැහැ. මේක මම බොහොම අමාරුවෙන් ගැටගහ ගත්තේ නිධාන කතාවෙදි ඉතුරු කල කුතුහලය සන්සිඳුවන්ටයි.

    හරීගෙ බ්ලොග් එකේ බ්ලොග් රෝලක් දාගන නැහැ නේද ? ඒකයි ඔයාට නිතර නිතර ඇවිත් බලන්ඩ වෙන්නේ.. බ්ලොග් රෝලක් දාගත්තනම් නිකම්ම අළුත් පෝස්ට් අප්ඩේට් වෙනවනේ..

    නැවතත් ස්තූතියි.

    ප.ලි. : ඉබ්බට ලුනු දාපුවම මොකද වෙන්නේ කියලා අනිත් පෝට් එකේදිවත් කිව්වනම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඊළඟ එකේ කියන්න වෙන්නෙ නෑ..ඒක පිටවී හමාරයි :)

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. මම හිතුවෙම මාග්‍රට්ගේ කතාවේ ඇත්තටම වුණු පොලිස් පරීක්ෂනය කියලා. චන්දන මෙන්ඩිස් සින්නක්කරේට අරගෙන තිබුණු රහස් පරීක්ෂක කතා ලියන එකට අපේ එකෙකුත් එකතු වෙන එක ගැන සතුටුයි අයියා :)

    ReplyDelete
    Replies
    1. හැබෑටම එහම හිතුනනම් වැඩේ ටිකක් සාර්ථකයි කියලා සතුටු වෙන්ඩ පුළුවන් නේද හසිත.

      මාග්‍රට් ගේ කතාව තනිකරම මගේ නිර්මාණයක් විතරයි. ඒක ඇත්ත කතාවක් නෙමේ. හැබැයි අර හිල් කතාවනම් ඇත්ත එකක්ලු. ඒකේ පසුබිම් කතාව මම් දන්නේ නැහැ.

      චන්දන මෙන්ඩිස් මහත්තයට අභියෝග කිරීමේ හැකියාවක්වත්, උවමනාවක්වත් මට නැහැ හසිත. මේක දිගටම කරගන යන්ඩ තරම් මගේ ඒ සම්බන්ධ දැණුම ප්‍රාමාණවත් නැහැ කියලා තමා මට හිතෙන්නේ..

      ස්තූතියි හසිත දිරිගැන්වීම ගැන.

      Delete
    2. චන්දන මෙන්ඩිස් මහත්තයාට අභියෝග කරන්න කියලා නෙමෙයි මම කිව්වේ :)

      ඔයාටත් හැකියාවක් තියෙන බව පේන නිසා ඔයාටත් ලියන්න පුලුවන්.

      දැනට ඒ මහත්තයා විතරනේ මේ වැඩේ කරන්නේ.

      දිගටම කරගෙන යන්න දැනුමක් නැහැ කියලා හිතන්න එපා අපරාද විද්‍යාව, නීතිය වගේ පොත් පත් ටිකක් කියෙව්වා නම් තව හොඳට ලියන්න ඔයාට පුලුවන් වෙයි

      Delete
  22. කිව්වත් වගේ චන්දන මෙන්ඩිස් ගේ කතා ආභාශය වගේ එකක් කතාව පුරාවට දිව යනවා!හොඳට ලියලා තියනවා!

    ReplyDelete
  23. අර මාගරට් හිල් කතාව නම් මම මීට කලින් කොහෙන්දෝ ඇහුව බවට මතකයක් තියෙනව... හැබැයි ඔයා ලිව්වා වගේ විස්තර ඇතුව නෙවේ....
    මමත් ඔය detective stories පිස්සෙක්.... ඔයා කියවල තියෙනවද Perry Mason series එක... ඒකත් ෂර්ලොක් හෝම්ස් ආභාෂයෙන් ලියපු කතා මාලාවක්... මට ඒකත් මතක් උනා මේක කියවනකොට.... හරිම ලස්සනට ලියලා ඇත්ත කතාවක් වගේ.... මමත් රැවටුනා අන්තිම ටික කියවනකම්.... ආසයි මෙතැනින් නතර නොකර තවත් කතා පෙළක් ලියාගෙන යනව නම්... ඒ උනාට මේ වගේ කතා ලියන්න forensic දැනුම අවශ්‍යයි කියන එක මං පිළිගන්නවා.... මොනවා උනත් ඒ වැට කඩොළු වලින් බේරිලා මෙහෙම ලස්සනට ලියන්න පුළුවන් වෙච්චි එක කොච්චර දෙයක්ද... බලන්නකෝ... හැමෝම වගේ හිතලා තියෙන්නෙ ඇත්ත කතාවක් කියලනෙ....

    ReplyDelete
    Replies
    1. මාගරට් හිල් චරිතයනම් 100% ක්ම මගේ නිර්මාණයක්. ඒකතාවට නිමිත්ත වුනේ මම විහිළු කතාවක් වගේ අහපු " තමා හිල් වූයේ විවාහයට පෙරද, පසුද ?" කියන කතාව. ඒකේ පසුබිම් කතාව මම දන්නේ නැහැ. එතකොට මේ කතාව ලියන්ඩ හේතු වුනේ ඒකතාවෙදි ඉතුරු වුන කුතුහලය. ඔයත් කියලා තිබ්බනේ ඒකෙන් මට හොඳ කතාවක් ගොතන්ඩ පුළුවන් වෙයි කියලා. ඔන්න ගෙතුවා එහෙනම්.

      මම ඒ සීරීස් එක ගැනනම් ඔය ඇහුවමයි.. මම දන්න එකම පොර තමා ඉතින් ශර්ලොක් ගොයියා..

      කිව්වත් වගේ ඔය වැට කඩොළු වලින් රිංගන්ඩ සෑහෙන්ඩ ඔළුව පාවිච්චි කරන්ඩ වුනා. ඒකමයි මේක ප්‍රථම සහ එකම එක කියලා කිව්වෙත්. නොදන්න දෙයක් දන්නවා වගේ ලියන එකත් සෙල්ලමක් නෙමේ.

      හැමෝම ඇත්ත එකක් කියලා හිතපු එක ගැනනම් මටත් හරි පුදුමයි.

      ස්තූතියි මියුරු කමෙන්ට් එකට.

      Delete
  24. පලවෙනි රහස් පරීක්ෂක කතාව නරක නැහැ .. එහෙම ලියන අවසාන එක උනේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...

      ඒක ඉතින් හරි දැනුමක් නැතුව කරන්ඩ බැරි දෙයක් නිසයි එකෙන්ම අතෑරලා දාන්ඩ හිතුවෙ.. බලමු ඉස්සරහට ආයෙ එකක් ගැට ගහ ගන්ඩ පුලුවන්ද කියලා..

      Delete
  25. ටින් ටින්May 21, 2012 at 9:02 PM

    මම කියන්නං............. අර හෝල්ම්ස් ජනේලෙක විදුරු කටු ටික එකතු කරලා උණ්ඩයක් ඒ හරහා ගියා කියල පෙන්නනව කියල ප්‍රචාරය කොලා වගේ කේස් එකක්නේ මේක...................
    // ... පෝකර් ක්‍රීඩාවේ යෙදෙන සූදු අන්තුවා, තමන් ගාව එක බලවත් කොළයක්වත් නැතුව ප්‍රතිවාදියාට අභියෝග කරන්නේ, තමන්ට ආසියෝ හතර දෙනාම ලැබුණ වගේ...// ( මතක ඔච්චරයි ! )

    අවසාන කතාව කිව්ව එකට මගෙ බලවත් විරෝධය ! වහාම තව කතාවක් ඉල්ලනව !

    ReplyDelete
    Replies
    1. ටින් ටින්.

      මම නම් ඒ කතාව කියවලා නෑ වගේ තමා මතක..

      විරෝධය සලකා බලමි.

      ස්තූතියි ආවට.

      ජයම පතමි !!!

      Delete
  26. Replies
    1. ඒ කිව්වෙ ? මෙහෙම එකක් වෙලා තියනවද ? එහෙම වෙලානම් ඒක හරිම පුදුම ජනකයි.. මොකද මේ හැම එකක්ම මගේ හිතේ මැවිච්චා විතරයි..

      Delete
  27. සෙන්නාටත්, "චන්දන මෙන්ඩිස්" මහත්තයට වගේ ෂර්ලොක් හෝම්ස්ගෙ රහසිගත ලිපිගොනු හම්බවෙලා වගේ. :ඩී.
    නරකද දිගටම රහස් පරීක්ශක කතා ලියන්න ගත්තොත්.
    //මා දන්නා එකම රහස් පරික්ශකයා වූ " ෂර්ලොක් හෝම්ස් " ගේ අභාශය මේ කතාව පුරා වැටී ඇතැයි මට හැඟේ//
    ඒක නම් 100%ක්ම ඇත්ත. මුල, මැද ,අග ඔය හැමතැනකම තියෙන්නෙ ෂර්ලොක් හෝම්ස් රටාව.

    ReplyDelete
  28. අයියේ මම කියන්නෙත් ඔයාට තියෙන මේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න කියල ෂර්ලොක් හෝල්ම් වගේ උනත් සෑහෙන්න ගතියක් තියෙනවා

    ReplyDelete
  29. කතාව නොහිතපු විදියටනෙ විස‍ඳෙන්නෙ. මටත් හිතගන්න බැරිව ගියා කොහොමද මාගරට් මේකට සම්බන්ද වුනේ කියල. ආතර් කොනන් ඩොයිල් ගෙ ගතියක් මටත් දැනුනා.
    අමාරු වුනාට ලියන්න පාඨකයො කොච්චර රස විඳිනවද?
    පලමු වුනාට කමක් නෑ එකම කරන්න එපා.

    ReplyDelete
  30. මම මේක කියවන කොටම ආපු සිතිවිල්ල තමයි ආටහ්‍ර කොනන් ඩොයිලිල වගෙ මිනිස්සු අපටත් ඉන්නවනෙ කියන එක.ඩීමන් ආනන්දත් අති විශිෂ්ටයෙක්.නමුත් ඔහුටත් නිසි පිළිගැනීමක් ලැබුනෙ නෑ.කොහොමටත් සර්ලොක් හෝම්ස් ආභාෂය මේකෙ තියෙනව ඒක ඉතින් වැරැද්දක් නොවෙයි

    ReplyDelete
  31. //ප්‍රථම සහ එකම රහස් පරීක්ෂක කතාව//
    කතන්දරයක් ලිව්වට පස්සෙ හිතට එන ඒක නරකයි කියන සිතුවිල්ල පරාජය කරන්න සෑහෙන්න අමාරුයි. දැනට මම ලියපු කතාවකුත් තියනව මාස ගානක් තිස්සේ පල නොකර. නමුත් අධෛර්යමත් වෙන්න හොඳ නෑ. අනිත් අතට එහෙම වීම නිසා සැලකිල්ලෙන් ලියන්න හිතට ගැනීමත් වැදගත්. ලිවීම නොලිවීම අතරෙ ඉඳල ලියපු නිර්මාණ සාමාන්‍යයෙන් සාර්ථකයි.

    මේ කතන්දරයේත් වරදක් නෑ. හොඳයි. රහස් පරීක්ෂක කතාවක අමාරුම කොටස තමයි හෝඩුවාවන් ගැන කියන දේවල් ටික. කතන්දරයක් නං ගෙතීම අමාරු නෑ. නමුත් හෝඩුවාවන් (සහ හෙලිකිරීම්) ගෙතීම තමයි ඉතාම අපහසු. ආතර් කොනන් ඩොයිල් සාර්ථක වුනේ අන්න ඒ කාරණයෙන්.

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog