Tuesday, January 24, 2012

ලොවම ත්‍රස්ත කළ " පුංචි කොළුවා " සහ " මහත මිනිසා "

2012 හේ දුරුතු මස 24 වන කුජදා




සියල්ල සන්සුන්, මහා කුණාටුවකට පෙර පවතින භයානක සන්සුන් කමකට එය සමාන කල හැකිය. කිසිඳු වෙනසකින් තොරව, වෙනදා මෙන්ම සූර්යයා ද නගරය එළිය කරමින් අහසේ දිදුලමින් තිබින. යුධ බිය පැවතුනද, ගුවන් ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීම ඉවත් වූයේ සුළු මොහොතොකට පෙර වුවද, නගර වැසියන් සිය සුපුරුදු දින චර්යාව වෙත යොමු වෙමින් සිටියහ. සමහරුන් ලහි ලහියේ සිය කාර්යාල බලා ගමන් කර්මින් සිටින අතර, දරුවන් පාසල් වෙත සේන්දු වෙමින් සිටියහ. ගෘහණියන් සිය සුපුරුදු කටයුතු වල නිරත වෙමින් සිටියාය. මේ කිසිවෙක් තමන් මේ ගතකරමින් සිටින්නේ සිය ජීවිතයේ අවසාන මොහොත බව හාන්කවිසියකුදු නොදැන සිටියහ. සිය හිසට අඩි 31000 පමණ උඩින් මරුවා ඉව අල්ලමින් සිටින බව ඔවුන් කිසිවෙකුත් නොදත්හ.

හරියටම උදෑසන 08:15 ට, එතෙක් මෙතෙක් මානව ඉතිහාසයේ, මිනිසා විසින් මිනිසා වෙත එල්ල කල දරුණුම ප්‍රහාරය ක්‍රියාත්මක විය. Colonel Paul W. Tibbets සැලසුම් කොට තිබූ පරිදිම බෝම්බය නිදහස් කලේය. කිලෝ 4400 ක් බරැති " පුංචි කොලුවා " යැයි නම් ලද යක්ෂයා නගර වැසියන් සොයා යන්නට විය. තත්පර 43 ක වැටීමකින් පසු පොලවට අඩි 1900 ක් ඉහල අහසේදී, ලෝක යුධ ඉතිහාසයේ ම්ලේච්චතම ප්‍රහාරය සනිටුහන් කරමින්, ප්‍රථම පරමාණු බෝම්බය පුපුරා යන්නේ නගරය සුන්නද්ධූලී කර දමමිනි. අහෝ හිරෝශීමා !!

බෝම්බය පතිත වූ තැන සිට, හැතැම්මක පමණ වටප්‍රමාණයකින් යුතූ ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ විය. එලිමහනේ සිටි අයවලුන් නිමේශයකින් වාෂ්පීකරණය වුහ, නැතිනම් අඟුරු බවට හැරුනි. ජනනය වූ උෂ්ණත්වය සෙල්ශියස් අංශක 4000 ද ඉක්මවූ අතර එයට හසුවු සියල්ල මොහොතකින් ද්‍රව බවට හෝ වාෂ්ප බවට පත්විය.

මියගිය සංඛ්‍යාවෙන් 60% ක් කෙලින්ම පිපුරුමට නිරාවරණය වීම නිසාද, 30% කඩාවැටුනු ගොඩනැගිලි වලට යට වීමෙන්ද, 10% විවිද හේතුන් නිසාද මියගිය බව දළ වශයෙන් ගනන් බලා ඇත. මුල් මාස හතර ඇතුලත හිරෝශීමා නගරයේ පමණක් 160,000 කට ආසන්න සංඛ්‍යාවක් මියගිය බවට ඇස්තමේන්තු කොට ඇත. සිද්ධවූ නියම ජීවිත හානි ප්‍රමාණය අදටද කිසිවකුත් විසින් ගනන් බලා නොමැත.

එය එතකින් නිමා නොවීය. ඉන් හරියටම දින තුනකට පසු,1945 අගෝස්තු 09 වන දින, නාගසාකි නගරයට දෙවන පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල වන්නේ 60000 ත් - 80000 ත් අතර ජීවිත ප්‍රමාණයක් ජපානයට අහිමි කරවමිනි. බෝම්බයේ ඇති බිහිසුනු බව එයින්ම මොනවට කියාපායි.

නාගසාකි නගරයට ප්‍රහාරය එල්ලවී දින හයකට පසු ජපානය සිය යටත්වීම ප්‍රකාශ කිරීමත් සමගම දෙවන ලෝක යුද්ධය නිළ වශයෙන් නිමාවට පත්විය.


පසු බිම:


1939 සැප්තැම්බර් 01 වන දින ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් ඇරඹුණු දෙවන මහා ලෝක සංග්‍රාමය, 1945 අගෝස්තු මස, ඉහත සඳහන් ඛේදවාචකයෙන් අවසන් වූ බව අප සියලු දෙනාම දන්නා කාරණයකි. මේ උත්සාහය, ජපානයේ හිරෝශීමා, නාගසාකි දෙනුවරට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාර සහ එහි පසුබිම් කතාව, එයට බලපෑ හේතු, සැළසුම කල ආකාරය, සම්බන්ධ වූ පුද්ගලයන් සහ ප්‍රහාරය එල්ල කල ආකාරය පිළිබඳව සොයා බැලීමටයි.

යුරෝපයේදී ජර්මනිය විසින් මිත්‍ර පාර්ශික හමුදා සමඟ සටන් වදින විට, පැසිෆික් කලාපයේ ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශික රටවල් සමඟ සටන් වැදුනේ ජපාන අධිරාජ්‍යයයි. ලෝක යුද්ධය ආරම්භයට පෙරම ජපානය චීනය සහ අනෙකුත් රටවල් සමඟ සටන් වලට පැටලී සිටියද, ඔවුන් මහාපරිමාණ වශයෙන් යුද්ධයට පැටලෙන්නේ 1941 දෙසැම්බර් මස 7 වන දින ඇමෙරිකාවේ පර්ල් වරායට පහර දී ඇමරිකාවට මහත් විනාශයක් ගෙන දෙමිනි.

1945 මැයි මස 08 වන දින, ජර්මනිය විසින් මිත්‍ර පාර්ශික රටවල් සමඟ අත්සන් කල යටත් වීමේ නිවේදනයත් සමග දෙවන ලෝක යුද්ධය යුරෝපයේ නිළ වශයෙන් අවසන් වුවද පැසිෆික් කලාපයේ යුද්ධය දිගටම කෙරීගන ගියේය. 1945 ජූලි 26 වන දින අමෙරිකාව, එක්සත් රාජධානිය සහ චීනය එකතුව යටත්නොවුනහොත් ක්ෂණික සහ උපරිම විනාශයක් ජපානයට ගෙනදෙන්නේ යැයි තර්ජනය කරමින්, යටත් වීමේ අවසන් නිවේදනය නිකුත් කලද, ජපානය විසින් එය බැහැර කරන ලදී.

1945 මැයි මසදී ජර්මනිය යටත් වීමට පෙරම, ජපානය ආක්‍රමණය කිරීමේ ඩවුන්ෆෝල් මෙහෙයුම ( Operation Downfall ) සඳහා සැළසුම් සකස් වෙමින් පැවතුනි. මෙම මෙහෙයුම " ඔලිම්පික් " සහ " කොරොනෙට් " යනුවෙන් කොටස් දෙකකින් සමන්විත විය. ඔලිම්පික් මෙහෙයුම යටතේ ජපානයේ තෙවන විශාලම දූපත වූ " කයිෂු " දූපත අල්ලා ගැනීම අරමුණ විය. කොරොනෙට් මෙහෙයුම මගින් හොන්ශු දූපතේ ටෝකියෝ නගරයට ආසන්නයේ පිහිටි " කන්ටෝ " තැන්න අල්ලා ගැනීමට නියමිතව තිබිනි.

කෙසේ වෙතත්, ජපානය මෙම සැළැස්ම ඉතා නිවැරදි ලෙස අනුමානය කල අතර, ඒ අනුව යමින් ජපානය රැක ගැනීමේ " කෙට්සුගො " මෙහෙයුම සැළසුම් කරන ලදී. කයිෂු දිවයින රැකගැනීම සඳහා ජපානය සිය සියලු ශක්තිය එක් රැස් කරණුයේ ද්විතීය මෙහෙයුම් සඳහා සුළු සම්පත් ප්‍රමාණයක් ඉතිරි කරමිනි. ඉතා පළපුරුදු බලඇණි හතරක් මැන්චූරියාවේ සිට ජපානයට කැඳවන අතර, 1945 පෙබරවාරි සිට මැයි දක්වා කාලයේදී අළුතින් බළඇණි 45 ක් නිර්මාණය කරන ලදී.

මෙලෙස මිලියන 2.3 ක හමුදාවක් ජපානයේ ප්‍රධාන දූපත් රැක ගැනීමට යොදවන ලද අතර, තවත් මිලියන 4 ක නාවික සහ හමුදා බළඇණි විය. ඊට අමතරව මිලියන 28 ක සිවිල් ස්වෙච්චා බළඇණියක්ද විය.

මෙම පූර්ව සූදානම ඇමෙරිකානු බුද්ධි අංශ විසින් නිවැරදි ලෙසම අනාවරණය කර ගන්නා අතර, මෙම තත්ත්වය යටතේ  ජපානය සමඟ යුධ වැදුනහොත්, ඉතා විශාල අමෙරිකානු ජීවිත වන්දියක් ගෙවීමට සිදුවෙනු ඇතැයි ගනන් බලනු ලැබේ. එය මිලියන් 1.7 ත් 4ත් අතර තුවාල කරුවන් පිරිසක් සමග ලක්ෂ 4ත් 8ත් අතර මරණ සංඛ්‍යාවක් විය හැකියැයි අනුමාන කරන ලදී.

ඇමෙරිකානු ජීවිත විනාශය අවම කරමින්, සතුරාට උපරිම විනාශයක් ගෙනදිය හැකි ආයුධයක් ගැන ඇමෙරිකානු හමුදා ප්‍රධානියාගේ අවදානය යොමු වීමට මෙම තත්ත්වයද ඉවහල් විය.

ප්‍රහාරයට මුල්වූ හේතු;

ඇමෙරිකාව පවසන පරිදි, ප්‍රහාරය එල්ල කිරීමේ එකම අභිප්‍රාය ජපානය යටත් කොට, දෙවන ලෝක සංග්‍රාමය හැකිතාක් කලින් අවසන් කොට ලෝකයට සාමය ගෙන ඒමයි. එම අර්ථයෙන් බලන කල මෙම භයානක යක්ෂයන් දෙදෙනා ලෝකයට සාමය කැන්දාගන ආ දේවදූතයන් දෙදෙනෙකි.

කෙසේ වෙතත් ඇමෙරිකානු පාර්ශවයෙන් එලිපිට නොකියවෙන කාරණාද ඇත.

දෙවන ලෝක සංග්‍රාමයේදී, ජර්මනිය පරාජය කිරීමට සෝවියට් දේශය දුන් දායකත්වය අති මහත්ය. එය යුද්ධය අවසානයේදී සෝවියට් දේශය ලෝක බලවතකු ලෙස පතල වීමට තුඩු දුන් කාරනයකි. ඇමෙරිකාවට මෙම තත්වය එතරම් ප්‍රියජනක නොවුනි. ඔවුනට අවැසි වූයේ යුද්ධය අවසානයේදී ඔවුන් ලෝක බලවතා ලෙස පෙනී සිටීමයි. එම නිසා ලෝකයට දැනෙන යමක් කොට යුද්දය අවසන් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ඔවුනට විය.

එමෙන්ම සෝවියට් සමාජවාදය ලොවපුරා පැතිරේයැයි බියක්ද ඇමෙරිකාවට විය. නැගෙනහිර ජර්මනිය සමාජවාදී කඳවුරට එකතුවීම ( හෝ බලෙන් ඈදා ගැනීම ), නව ප්‍රවනතාවයක් සේ ලොව පුරා පැතිර යා හැකියයි ඔවුන් සිතුවා වන්නටද පුළුවන. එමනිසා සෝවියට් දේශය තැති ගන්වා තැබීමටද ඇමෙරිකාවට තදින්ම අවශ්‍යව තිබුනි.

තෙවනුව පර්ල් වරායට සිදුකල විනාශයට එකට එක කිරීමේ අවශ්‍යතාවයද අමතක කල නොහැකිය.

මේ සියල්ලටම වඩා ඇමෙරිකාවට වැදගත් කාරණය වූයේ, ඔවුන් විසින් නිශ්පාදිත පරමාණු බෝම්බ වල ක්‍රියාකරිත්වය සජීවී නියැදියක් මගින්ම පරික්ෂා කරවා ගැනීමයි. මෙය ඒ සඳහා ඔවුනට ලැබෙන අවසන් අවස්ථාවද වන්නේය. එම අවස්ථාව මග හරවා ගතහොත්, එක ප්‍රහාරයක් මගින් ලබාගත හැකිව තිබුනු බහුකාර්‍‍යය ප්‍රයෝජන අපතේ දැමීමක්ද විය. ඇමෙරිකාව එතරම් මෝඩ නැත.

මෙය මැනවින් සනාත කෙරෙන රහසිගත සාකච්චාවක් 1945 මැයි මසදී, ඇමෙරිකාවේ සැන් ප්‍රැන්සිස්කෝ නගරයේදී සිදු වින. එක්සත් ජාතීන්ගේ ප්‍රඤප්තිය සැකසීමට සැන් ප්‍රැන්සිස්කෝ නගරයට රැස්වූ අයවලුන්ගෙන් ඉහල පෙලේ ඇමෙරිකානු නිළදාරීන් පස්දෙනෙකු විසින් වෙනමම පැවැත්වූ රහසිගත සාකච්චාවකි. මෙම අවස්තාව වනවිට ජර්මනිය යටත්වී සිටි අතර ජපානයද යටත් වීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් තිබුනි. මෙහිදී කතාකල එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Edward Stettinius, Jr;

" අපිට ජර්මනියත් නැති උනා. දැන් ජපානයත් යටත් උනොත් අපිට සජීවී ජනගහනයක් මගින් බෝම්බය පරික්ෂා කිරීමට තියන අවස්ථාව නැතුව යනවා "


" නමුත් ලේඛම් තුමනී, කිසිවකුට මෙම ආයුධය සුළුකොට තැකිය නොහැකියි නේද ? " ඒ එම සාකච්චාවට සහබාගී වූ, තවත් අමෙරිකානු රජ්‍ය නිළධාරියෙක් වූ Alger Hiss.

" ඒ උනත්, අපේ මුළු පශ්චාත් යුධ සැළසුම් සියල්ල රඳාපවතින්නේ මෙම පරමාණු බෝම්බය මගින් ලෝකය ත්‍රස්ත කිරීමෙන් පමණයි. "


" එහෙනම් ඔබට ඒ ඉලක්කය සපුරා ගනිමින් ජපානයෙන් හොඳ පලියක් ගන්ඩ ලැබේවි. මම අදහස් කළේ මිලියන ගනනින් කරන පළිගැනීමක්. " එසේ විශාල සංහාරයක් ගැන ඉඟි පලකරන්නේ සාකච්චාවට සහභාගී වූ තවත් සාමාජිකයකු වූ John Foster Dulles.


" ඔව් ජපානෙන් අපි හොඳ පලියක් ගන්ඩ බලාපොරොත්තු වෙනවා, හැබැයි ඔවුන් බෝම්බය සම්පූර්ණ කිරීමට පෙර යටත් උනොත් අපිට ගන්ඩ පලියක් ඉතුරුවෙන්නේ නෑ. "


"එහෙනම් ඔබට බෝම්බය සම්පූරණ වෙනතුරු ඔවුන්ව යුද්ධයේ රඳවාගන ඉන්ඩ වෙනවා."  ජෝන් ෆොස්ටෙර් ඩලස් පවසයි.

" ඒක ලෙහෙසියි, උත්තරය " කොන්දේසි විරහිත යටත් වීම " ඔවුන් ඒකට කිසිදිනක එකඟ වෙන්නෑ. ඔවුන් අධිරාජ්‍යයාව රැකගන්ඩ දිව්රලා ඉන්නෙ." රාජ්‍ය ලේකම් වරයා.


" හරියට හරි, තව මාස තුනක් ජපානය යුද්ධයේ රඳවාගන ඉන්ඩ. ඊට පස්සේ අපිට පුළුවන් මේ බෝම්බය ඔවුන්ට එරෙහිව පාවිච්චිකරලා මුළු ලෝකයම බියෙන් සලිත කරවලා මේ යුද්ධය අවසන් කරන්න. ඉන්පස්සේ මුළු ලෝකයම අපේ කැමැත්තට හිස නමාවි. " 


වැඩි තොරතුරු මේ සබැඳියෙන්...

aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

මේ හිරෝශීමාව වැනසූ, " පුංචි කොළුවා " හෙවත් Little Boy.



මේ නාගසාකිය වැනසූ " මහත මිනිසා " හෙවත් Fat Man



විනාශයේ රුදුරු බව.....








ප්‍රහාරයේ ප්‍රතිනිර්මාණයක්. උපුටා ගැනීම You Tube


මතු සම්බන්ධයි.....

37 comments:

  1. බැලු බැල්මටනම් පොඩි බෝම්බ දෙකක් වගේ.මේ හිරෝෂිම ගැන කවද කියෙවුවත් මට ඇමරිකාවත් එක්ක තියෙන්නේ පුදුම කේන්තියක්.

    කියන්න දෙයක් නැහැ අදත් ඉතින් සුපිරි ලියවිල්ලක්..ජයෙන් ජය!!..

    ReplyDelete
    Replies
    1. මචෝ සමාවෙන්ඩ ඕනා උත්තර දෙන්ඩ පරක්කු උනාට.. අද පට්ට බිසි.. දවල් හම්බෙච්ච පොඩි විවේකෙදිත් අනිත් අයගේ බ්ලොග් බලලා කමෙන්ට් දාපු එක තමා කලේ.

      ස්තූතියි අගය කිරීම ගැන මචන්.

      අර කැලෙන් ඉක්මනට අපිව එලියට ගනින් හරිද.. :-)

      Delete
  2. ස්තුතියි සෙන්නා ලිපියට...ඇමරිකාව ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ නේ..මෙන්න මේ ටික කියවද්දී මම නම් වෙව්ලලා ගියා..

    //මේ සියල්ලටම වඩා ඇමෙරිකාවට වැදගත් කාරණය වූයේ, ඔවුන් විසින් නිශ්පාදිත පරමාණු බෝම්බ වල ක්‍රියාකරිත්වය සජීවී නියැදියක් මගින්ම පරික්ෂා කරවා ගැනීමයි//

    එහෙම උනේ ඇයි කියලා හරියටම විස්තර කරගන්න මට තේරෙන්නේ නැහැ. මුන්ගේ ටෙස්ටින් වලට යොදා ගත්තෙත් ලක්ෂ ගානක් මිනිස් ජිවිත නේද කියල හිතුනා. හරියට නිකන් විද්‍යාඥයෝ කෘමින් යොදා ගෙන පරීක්ෂණ කරනවා වගේ..

    ReplyDelete
    Replies
    1. සයුරි, ස්තූතියි මේ පැත්තෙ ආවට.

      ඇමෙරිකාව ගැන ඔයාට අපිට වැඩිය හොඳ වැටහීමක් ඇතිනේ..මටත් හිතා ගන්ඩ බෑ ඇයි ඒ ගොල්ලෝ එච්චර අමානුෂික කියලා... ඔය තත්ත්වයේ අද උනත් වෙනසක් නැහැ මම හිතන්නේ..

      Delete
  3. සෙන්නා , හැමදාමත් වගේ බොහොම වැදගත් දෙයක් ලියල අදත් ... මිනිසා විසින් මිනිසාට කළ හානිය මතක් කරගැනීමත් කේන්තිය එන දෙයක්... කොහොමද මේ වගෙ දෙයකට හිත හදාගන්නෙ කියල හිතාගන්නත් බැහැ මටනම් .....

    ReplyDelete
    Replies
    1. සම්මානි,

      ස්තූතියි ප්‍රශන්සාවට.. අපි හැමෝම ලියන ඒවා වැදගත් තමයි නේද..? මේ බ්ලොග් අවකාශයේ තියන බොහොමයක් ලිපි වල මොකක් හරි පැත්තකින් වැදගත් කමක් තියනවා.

      ඔයාගේ "නූරි" ත් මම ආසාවෙන් කියවන කතාවක්...

      Delete
  4. ලිපිය කියෙව්වා..
    බොහොම මහන්සියෙන් ලියන එව්වැයි අකුරක්වත් මඟහරින්න හිතෙන්නේ නෑ..

    'Uruguayan Air Force Flight 571' ගැනත් ලියපන්කො. මේ ගැන තාම එක සිංහල ලිපියක්වත් නෑ..

    http://en.wikipedia.org/wiki/Uruguayan_Air_Force_Flight_571

    ReplyDelete
    Replies
    1. තව එකක් කියන්න අමතක වුණා. රාවණා රජ්ජුරුවොත් පරමාණු බෝම්බ භාවිතා කළ කතාවක් තියෙනවා නේද?

      මොහොන්ජදාරෝ හරප්පා ශිෂ්ඨාචාර විනාස වෙච්ච කතාවත් හිරෝෂීමා නාගසාකි විනාශ වෙච්ච අවස්තාවත් සමානයි කියලා කියවෙනවා..

      අනික ඔය විනාසෙන් පස්සේ ජපානෙ නැගිට්ට හැටිත් අමතක කරන්න හොඳ නෑ..

      Delete
    2. හරී,

      ස්තූතියි සහෝ.. අර කලින් දවසක උඹම කිව්ව විදිහට, ලියන අපිට තියන එකම සතුට ඉතින් කව් රු හරි කියවන එකම තමා..

      ස්තූතියි දුන්න ඔත්තුවට. මමනම් මේ කේස් එක ගැන අහලම නෑ.. ලින්ක් එකකුත් දීලා තියෙන්නෙ.. අනාගතේදී අනිවාර්යෙන් ලියවේවි.

      ඔය රාවණ රජ්ජුරුවන්ගේ පරමාණු බෝම්බ කතාව මම කොහෙදි හරි බ්ලොග් එකකින්ම දැක්ක මචන්.. මට මතක නැහැ මොකක්ද ඒ බ්ලොග් එකක් කියලා..

      බලමු ජපානයේ පශ්චාත් යුද තත්ත්වය ගැනත් මේ ලිපියටම එකතු කරන්ඩ පුලුවන්ද කියලා..

      ස්තූතියි හැම දේකටම..

      Delete
    3. අමනාප වෙන්න එපා මේ සබැදිය ලබා දුන්නට මේ ලිපියේ තියෙනවා රාවනා රජු ගැන ලියවී තිබෙන පොතක් ගැන විස්තර. එහි මේ කියන න්‍යෂ්ඨික අවි හා සමාන අවියක් යොදා ගත් බවටත් පැවසෙනවා. ඕනැනම් ඒ පොත බාගත කර ගත හැකි සබැදියන් පවා තිබෙනවා - http://sathsamudura.blogspot.com/2011/01/blog-post_4175.html

      Delete
  5. හිතාගන්නත් බැහැ මේ තරම් පොඩි දේකට එක මොහොතකින් මෙච්චර ජීවිත ගානක් බිලිගත්තද කියල..මේත් මිනිස්සු නේද?
    මහන්සිවෙලා තොරතුරු හොයාගෙන ලියල තියෙන මේ ලිපිය මතු සම්බන්ද නිසා ඉතිරි ලිපි පෙළ එනතුරු නොඉවසිල්ලෙන්..

    ReplyDelete
    Replies
    1. මේවා පොඩියට පෙනුනට පොඩි නෑ සිත්රූ. ඔය Little Boy කියන එක කිලෝ 4400 බරයිලු. ඕකට පරමාණු තාක්ෂණය එකතු උනාම ඉතින් වෙන විනාශය තමා ඔය උඩ පොටෝ වල තියෙන්නේ..

      හැබැයි පස්සේ කරපු පරමාණු බෝම්බ පිපිරවීම් බලපුවම ( පරික්ශණ මට්ටමෙන් පමනයි ) මේවා නිකන් පොඩි බෝම්බ.. ඒ ගැන ඉතා හර බර ලිපියක් තියනවා දිනේශ් දීපාල්ගේ සත් සමුදුරේ.. ඒකත් කියවලා බලන්ඩ..

      Delete
  6. පේනව නේද යුද්දෙ තියන විනාසකාරී බව

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඔබා අයියේ.. මිනිස්සුන්ට පිස්සු නේද..?

      මට හැමදාම හිතෙන දෙයක් තමා මේ ලෝකේ මිනිස්සු නොහිටියානම් කොච්චර ලස්සනට තියෙයිද කියලා...

      Delete
    2. ඒ වැඩේ හරි යං නෑ...හෙහ්...හෙහ්...

      Delete
  7. ඔය පරමාණු බෝම්බ වල එහෙම අහිතකර ප්‍රථිඑල තාම තියෙනව කියන්නේ ඇත්තද මචං..

    සිරා ලිපිය !

    ReplyDelete
    Replies
    1. මාත් අහලා තියනවා මචන් ඔය ගැන.. අදටත් අංග විකලා ළමයි එහෙම ඉපදෙනවලු.. කොච්චර දුරට ඇත්තද දන්නෑ.. බලමු.. මේ දවස්වල උමන් මීයා වගේ ඕක දිගේ හාරගන යන එක තමා කරන්නේ.. මොනවා හරි දැන ගත්තොත් දැන ගැනීම පිනිස ලියා තබන්නම්..

      ලිපිය සිරානම් එය මට සතුටකි.. පැමිණීම ඊටත් වැඩිය සතුටකි.

      Delete
  8. මෙලේඡ්ච් යුද්ධයේ නිර්මාපකයින් වූ ඇමෙරිකාව අදත් දෙසමින් කරන්නේ එකම කාරිය නේද?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ගල්මල්.. ඔවුන් තනිකරම වැදිබන දේශනා කරන්නන් ලෙසයි මටනම් පේන්නේ..

      Delete
  9. මුලින්ම මේ පැත්තට එන්න පරක්කු වුන එකට සමාවෙන්න...

    මේ සිද්දිය ගැන කලින් අහල තිබුනත් මෙච්චර විස්තර දැනගත්තෙ අදයි.මේ මිනිස්සු හිතන්නෙ එයලගෙ අරමුනු ගැන විතරයි.අනිත් අහින්සක ජීවිත ගැන හිතන්නෙ නැතිහැටි.

    අදත් වටිනා ලස්සන ලිපියක්.වෙලාවකට හිතිල තියෙනව මෙච්චර විස්තර කොහෙන් හොයාගෙනද කියල.ගොඩාක් මහන්සිවෙන්න ඇති නේද​?

    දිගටම ලියන්න....සුභ පැතුම්!!!!

    ReplyDelete
    Replies
    1. ඔබ හැමදාම පරක්කුවට සමාව ඉල්ලනවා.. කිසිම පරක්කුවක් නැහැ කියලා තමා කියන්ඩ තියෙන්නෙ..

      තව විස්තර එන්ඩ තියනවා ඉදිරියට.. ටිකක් ඉවසුවොත් පින්... වැඩත් එක්ක මේ වැඩේ හිතපු තරම් ලෙහෙසි නැහැ..

      ස්තූතියි හැමදේටම.

      Delete
  10. වැදගත් වටින විස්තරයක්....

    ReplyDelete
    Replies
    1. විස්තරේ තවම ඉවර නෑ.. ස්තූතියි ආවට..

      Delete
  11. මම ටිකක් කාර්යබහුල නිසා නිරතුරුවම මේ අඩවියේ මොනවත් ලියන්න බැරි වුනත් ඔබ සෑම අවස්ථවකම සත් සමුදුරට ඇවිත් දෙන සහය අගය කරනවා. මමත් දෙවන ලෝක යුද්දය ගැන දේවල් ලියන හා ඒ ගැන තොරතුරු එක් රැස් කරන නිසා මේ පිළිබවත් යමක් කියන්නම්. මේ පරමාණු බෝම්බ නිසා සැගවී ගියත් ජපානයත් දෙවන ලෝක යුද්දයේදී කරපු අපරාධ වල සීමාවක් නැහැ. කොරියානු අර්ධත්වීපය ප්‍රධාන කොටගත් රටවල් කිහිපයකම කාන්තාවන් යොදා ගත්තේ තමන්ගේ සෙබලුන්ගේ මනදොල සංසිදවීමට. ඒ විතරක් නොවෙයි චීනයේ පවත්වාගෙන ගිය Unit 731 කියන සේනාංකය කල මානව පරීක්‍ෂන ගැන කතා කරන්නටත් බැරි තරම් කුරිරුයි. මේවාට අමතරව තව බොහෝ යුද අපරාධ ජපානය යටතේ ලියවී තිබෙනවා. මේ සියල්ලටම වඩා පසුකාලීනව ජපානයේ මේ කෙරුම් යට යන්න පරමාණු බෝම්බ හේතුවක් වුනා. ඇත්තටම පරමාණු බෝම්බ සොයා නොගත්තා නම් ජපානය පරදවන්නට බටහිර යුද පෙරමුනේ ශක්තිය මදි. එහෙම වුනා නම් ස්ටාලින් මෙහෙයවපු සෝවියට් නැගෙනහිර යුද සේනාංකවල සහය ගන්න ඇමරිකාවට සිදුවෙනවා. දෙවන ලෝක යුද්දයට සමගාමිව සෝවියට් බලය නැගෙනහිර යුරෝපයේ පැතිරයමින් සමාජවාදීකරණයට නතුවීම දුටු ඇමරිකාව යම් හෙයකින් සෝවියට හමුදා ජපානයට ගොඩබැස්සොත් එම රටටත් වෙන දෙය දැක බොහොම වේගයෙන් පරමාණු අවි නිපදවීම ඇරඹුවා. කෙසේවෙතත් මෙම ජපානය කල දේවලට පලිගැනීමට හෝ තම බලය පෙන්වීමට මෙම අවි භාවිතා කල එක නම් කිසිසේත්ම අනුමත කරන්න බැහැ. මේ ගැන තව බොහෝ දේ කීමට දැනට නවතින්නම්. අවශ්‍ය නම් මෙන්න මෙතන ඒ ගැන විස්තර තිබෙනවා - http://sathsamudura.blogspot.com/2011/09/international-politics.html

    ReplyDelete
    Replies
    1. දිනේශ්,

      මුලින්ම කියන්ඩ ඕනා ඔබගේ කමෙන්ට් එක දැකලා මට ඇති උන සතුට අප්‍රමාණයි. ඔබ නොදන්නවා උනාට මව මේ බ්ලොග් ලෝකෙට රැගෙන එන්නේ ඔබ සහ සත් සමුදුරයි. ඒ වෙන පුවත් අඩවියකදී දුටු ඔබගේ සබැඳියක් හරහා. එදා ඉඳන් අද වෙනකම් මම සත් සමුදුර දිගටම කියෙව්වා.. ඒකෙන් ලබපු දැනුම අනන්තයි. මගේම කියලා බ්ලොග් එකක් ආරම්භ කරන්ඩ තරම් උත්තේජනයක් උනේ ඔබ සහ ඔබේ අඩවියයි.. ඒකට මුලින්ම ස්තූති කරන්ඩ ඕනා.

      ඔබගේ මේ පැමිණීම සමාන වෙන්නේ ගෝලයෙක්ගේ නිර්මාණයක් බලන්ඩ ආපු ගුරුවරයකුගේ පැමිණීමකටයි.. ඉතින් ඔබගේ ඒ පැමිණීම මට හරි ඉහලයි. ඉඳලා හිටලා ඉඩක් තියන වෙලාවක ඇවිල්ලා අඩු පඩු පෙන්නලා දුන්නොත් මේ ගමන දිගටම යන්ඩ ඒක ලොකු හයියක් වේවි. ඔබ අධික කාර්යය බහුල පුද්ගලයෙක් නිසා නිතරම පැමිණිය නොහැකි වූවත් ඉඩක් ලද වේලාවක ඒවියයි හිතනවා...

      ජපානයේ කෙරුවාව ගැන මම ඔබගේ ඔය ලිපියෙන්ම කියවා තිබුනා.. ඒත් මෙම ලිපියට පාදක උනේ පරමානු බෝම්බ ප්‍රහාරය එල්ල කල ආකාරය සහ ඊට අදාල කරුනු නිසා මම ඒ ගැන එතරම් ඉස්මතු කරන්ඩ බලාපොරොත්තු උනේ නැහැ.

      නැවතත්, පැමිණීම ගැන බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  12. සෙන්නා අයියගේ පොස්ට් එකනම් කියල වැඩක් නෑ මාර විදියට වටිනවා... මාත් ඔය ලෝක යුද්දේ ගැන ටිකක් දැනගන හිටියට මෙච්චර දේ දැනගත්තේ අද... ගොඩක් මහන්සි වෙලා පෝස්ට් එක ලියලත් තියනවා.. දිගටම වැඩේ ගෙනියමු..

    ReplyDelete
  13. හැමදාම වගේ ගොඩක් වටින ලිපියක්. ඔයාට ස්තුති මේවා හොයාගෙන කාලය කැප කරලා අපි එක්ක බෙදා ගන්නවට. බලයට ලොබ මිනිස්සු නිසා අහිංසක අසරණ ජීවිත මොන තරම් විනාස වෙන්න ඇත්ද. මේවාට වන්දි ගෙවන්නේ අසරණයෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පුංචි. ඒකනම් සහතික ඇත්ත.

      ඔයා කිව්වේ බ්ලොග් ලියන අසරණයා ගැනද.. ? හිහ් හිහ්..

      Delete
  14. අනේ මම නම් හොඳටම පරක්කුයි....
    හරිම වටින ලිපියක් සෙනා... මේකට තොරතුරු හොයන්න සෑහෙන කාලයක් මිඩංගු කරන්න ඇති.... බොහෝම ස්තුතියි මහන්සිවෙලා මේ වගේ වටින තොරතුරු ටිකක් ගෙනාවට.... අර මිනිස් ජීවිත මිලියන ගානක් බෝම්බයක් ටෙස්ට් කරන්න යොදාගත්තු එක ගැන නම් ඇතිවෙන්නෙ පුදුම කේන්තියක්... උන් ඒකෙන් අභිප්‍රායන් දෙකක්ම ඉෂ්ඨ කරගෙන ..... අර ජපනගෙ කුරිරුකම් ගැන නම් මං වැඩිය අහල නෑ....
    දිනේෂ්ගෙ ලින්ක්වලටත් බොහොම ස්තුතියි....

    ReplyDelete
    Replies
    1. මොන පරක්කුවක්ද... ? වෙලාව ලැබෙන හැටියට එපෑයෑ හැමදේම කරන්ඩ...

      අපො‍යි ඔව් .. පන ගියා... මට දැන් නිකන් කොටි වලිගයක් අල්ලගත්තා කියලා හිතෙනවා...

      සත් සමුදුර කියන්නේ දැනුම් ගබඩාවක්.. එකෙ ඉඟන ගන්ඩ දේවල් බොහොමයි.. නිකන් ඉන්න වෙලාවට කියවලා බලන්ඩ..

      ස්තූතියි දාහක් වැඩ අස්සේ දුවගන ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා ගියට..

      Delete
  15. ජේ.ආර්. සීයා නහී වේරේන වේරානී ගාථාව කිව්ව එක තියෙන්නේ තව ඉස්සරහටද ???

    ReplyDelete
    Replies
    1. ඒක ගැනනම් සඳහනක් වුනේ නැහැ හසිත. මමත් ඔය කතාව අහලා තියනවා..

      Delete
  16. චූටි මහත්තයගේ ඔත්තුවට ආවේ... සෙන්නා ගැන අහලා තිබුණත් මෙච්චර වටින බ්ලොග් එකක් ඇති බව දැනගෙන හිටියේ නෑ... හරියට ඉස්සර මුතුහර සඟරාව කියවනවා වාගෙයි...

    බොහෝ දුරට සෙන්නා බලලා ඇති, නැශනල් ජියෝග්‍රැෆික් චැනල් එකේ යනවා එයාර් ක්‍රෑශ් ඉන්වෙස්ටිගේශන් කියලා ටීවී සීරීස් එකක්... හැබෑවට සිදුවුනු ගුවන් අනතුරු වලින් පස්සේ ඒකට හේතුව හොයන එක තමයි කතාව... මේවාත් පරිවර්තනයට සලකා බලන්නැයි ඉල්ලමි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආවට. චූටි මහත්තය ඔය කුරුන්ද ගැන ඔත්තු දුන්න පළවෙනි පාර නෙමේ... කොහොම ස්තූති කරත් හිතට මදි..

      ඔය ටීවී සීරිස් එකනම් මට බලන්න ලැබිලා නෑ.. බලමු ඉස්සරහට. ඔය වගේ ඔත්තු දුන්නොත් හොයල බලලා හිමීට දාන්ඩ පුලුවන්.. ( වෙලාව තමා ඉතින් පුරස්නෙ )

      Delete
  17. මේවා යුධ අපරාධ යටතේ සලකා නොබලන්න හේතු මොනවද දන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. හපෝ නෑ සාබිත්..කට එහෙම වරද්ද ගන්නවා නෙමේ.. ඒ උත්තමයො එහෙමත් යුද අපරාධ කරනවද..

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog