Thursday, September 30, 2021

සිංහල, මලයාලම් සහ මිසරියාගෙ Bluetooth දේශණය

 

30.09.2021

සස් පෙළ එහෙම අවසන් කරලාහසන්ත මහත්තයගෙ ජාතියේ රූපවාහිනී සරසවියෙන් පාඨමාලාවක් එහෙම හදාරමින් ජාත්‍යාලයෙන් ඔද වැඩිලා ඉන්න කාලෙ තමා මට හා හා පුරා කියලා රැකියාවක්හම්බුනේ.කටුනායක අපනයන

සැකසුම් කලාපේහසන්ත මහත්තයගෙ සරසවියට ආපු එක ඇදුරුතුමෙක්,මට මතක විදිහට අර සූරියප්පෙරුම මහත්තයාවෙන්න ඕනාකට රවුම් කරලාකැට තියලා ඔප්පු කරලා පෙන්නුවා "සිංහල භාෂාව තමා ලෝකේ විශිෂ්ටම භාෂාවඉතිංසිංහල කතා කරන අපිට මේ ලෝකෙ තියන ඕනෑම භාෂාවකඕනැම වචනයක් කිසි අවුලක් නැතුව උච්චාරණය කරන්න පුළුවන්කියලාජාත්‍යාලයෙන් මයිල් කෙළින් වෙන්නැද්ද හොඳයි ඔහොම කතාවක් ඇහුවමහා නැද්දමේ දැනුත්

නිකං මොන මොනවද වෙනවා වගේ වෙනකොට සිංහල ඇරුණම ඉංග්‍රීසි භාෂාව විතරක් අහලා දැනගෙන හිටිය මට මේක අවිශ්වාස කරන්න හේතුවක් තිබුණෙම නෑ මොකද ඉංග්‍රීසි ලංකාවෙ උන් කිසිම අවුලක් නැතුව වතුර වගේ හසුරවනහින්දා.

 

හරී මහත්තයා මලයාලි ජාතිකයෙක් කියන්නෙ කේරළ වැසියෙක්දැන් කාලෙක ඉඳන් වාසය ලංකාවෙසිංහල     බොහොම චතුර විදිහටම නොවුණත් සැලකියයුතු ප්‍රවීණත්වයක් පෙන්වමින් හැසිරෙව්වාඔහු අපේ එක් 

කළමනාකරුවෙක්අනෙක් කෙනා වුණේ පකිස්තාන ජාතිකයෙක් වුණ ඉක්බාල් මහත්තයාඔහු  වෙනකොට ළඟදි 

ලංකාවට පැමිණි කෙනෙක් වුණ නිසා සිංහල වචනයක්වත් බෑමොවුන්තනතුරු වලින් හිස උදුම්මවා නොගත්තු        බොහොම නිහතමානි මිනිස්සුවිශේෂයෙන්ම හරී මහත්තයාආයතනයේ හැම කෙනෙක්ගෙම දුක  සැප විමසලා වචනයක් දෙකක් කතා කරන්න ඔහු මැලි වුණේ නෑ.

 

මේ කතාබහ අපි අතර ඇති වුණේ විදුලිය කපා හැර තිබුණ අවස්ථාවක වැඩ නැති නිසා ඇතිවුණ 

අල්ලාප සල්ලාපයක් අතරතුර කාලෙ පැය ගාණක් විදුලිය කපන එක බොහොම සාමාන්‍ය දෙයක්සහ ෆැක්ටරියෙ අපි හිටපු කොටස අලුතෙන් හදපු එකක් නිසා විදුලි ජනක පහසුකම තිබුණෙ නෑ 

මතක විදිහටකොහොම හරි මේ  කියන වෙලාවෙ වැඩ නතර වීම නිසා අපි කයියක් දාගෙන හිටියාඉක්බාල් මහත්තයා සිංහල අහුල ගනිමින් හිටපුනිසා ඔහු අපිව අහුවුණ වෙලාවක වචන වල තේරුම් අහගන්න උත්සහ කරණ පුරුද්දක් තිබුණා ඔස්සෙ කතාවෙ මාතෘකාව බාසාවල් පැත්තට 

හැරුණාඔන්න ඔය වෙලාවෙ තමයි මම ජාතියේ රූපවාහිනී සරසවියෙන් ඉගෙන තිබුණ සිංහල 

භාෂාවේ ඇති විශේෂත්වය පිළිබඳ පම්පෝරිය දිගෑරියෙමේක අහන් හිටපු හරී මහත්තයා කට 

කොනෙන් යන්තම් හිනාවෙලා මලයාලි වචනයක් කියලා මට කිව්වා පුළුවන්නම් කියන්න කියලා

ඒක අපිටකියනවා තියා හිතන්නවත් බැරි වචනයක්වචනෙ මොකක්ද අහන්න එපා මොකද 

කියන්නවත්හිතන්නවත් බැරිවචනයක් මතක තියාගන්න බැරි නිසාඊට පස්සෙ හරී මහත්තයා තව  වගේ වචන කිහිපයක්ම කිව්වෙ මගේ කලිසම ඔළුවෙන් ගලවන ගමන්එතන හිටපු මවු භාෂාව සිංහල වෙච්ච කිසිම කෙනෙකුට  වචන නිවැරැදිව හසුරවන්න හැකියාවක් තුබුණෙ නෑආසන්න 

වශයෙන් ගැට ගහගත්තා මිසක්.

 

ඊට අවුරුදු ගාණකට පස්සෙ මම රැකියාවට විදේශගත වෙලා විවිධ භාෂා කතාකරන මිනිස්සු එක්ක වැඩ කරන්න වුණාම තමා දැන ගත්තෙ සිංහල අපිට උච්චාරණය කරන්න බැරි වචන ඕන තරම් 

අනෙක් භාෂාවල තියනවා කියලාඔන්න ඔය අස්සෙ මට මිසර ජාතිකයෙක් දේශනයක් දුන්නා 

Bluetooth කියන එකේ "th" වලින් එන ශබ්දය ලංකාවෙ අපි හරියට උච්චාරණය කරන්නෙ නෑ 

කියලා.

 

ඔන්න ඕකයි තත්ත්වයදේශක මහත්වරු හොයලා බලලා ඇත්ත උගන්වනවනම් හොඳයි බොරුවට ජාත්‍යාලයෙන් මත්වෙලා අපි තමයි පොරවල් අනිත් උන්ට මුකුත් බෑ කියලා උගන්වන්නැතුව.

 

මේ කතාව හදිස්සියෙ මතක් වුණේ යොහානි Shiiddath චිත්‍රපටියට ගයපු ගීතයේ කමෙන්ට් එකක සිංහල අපිට  ඕනෑම භාෂාවක් ව්‍යක්තව හසුරවන්න පුළුවන් කියන මිථ්‍යාව ගැන සඳහනක් දැකපු 

නිසා.

 

අදට ඇති.  

 

සෙන්නා / 30.09.2021


60 comments:

  1. ඉස්සර සකස්කඩ, බුත්සරණ කියවපු අයගෙනම් ඕන භාෂාවක් හසුරුවන්න පුළුවන් විදිහට ස්වර නාල සකස් වෙලා ඇති. කොහොම උනත් අපේ දේ ලොකුයි කියල හිතන්නෙ නැතුව අනෙක් දේවල් දිහත් නිදහස් මනසින් බැලුවනම් වැඩේ අහවරයි

    ReplyDelete
    Replies
    1. ඔව් අපිට අනිත් දේවල් ගැන නිවැරදි අවභෝධයක් නැතුව අපේ දේ තමා හොඳම කියන්න බෑ.

      Delete
  2. අඩේ උඹත් ලියන්න ගත්තය ආයෙමත්. එළස්!

    ඔහොම තමා බං, අපට පුංචි කාලෙ ඉඳන්ම පට්ට බේගල් ටිකක් තමා උගන්නන්නෙ.
    1. ලෝකෙන් උතුම්ම රට ලංකාවයි
    2. සිංහල කියන්නෙ සිරා බාසාවක්
    3. සිංහලයා කියන්නෙ සිරා ජාතියක්. අපි ඉස්සර වැවු, දාගැබ් හදද්දි සුද්දො කැලේ හිටියෙ
    4. ලංකාව හරි වාසනාවන්ත රටක්

    ඔය ලැයිස්තුව හරි දිගයි

    ReplyDelete
    Replies
    1. 6. දැං එයි සුද්දො ඔය තාක්ෂණය හොරකං කරගෙන යන්න.

      Delete
    2. මචන් බූරා, උඹලව ආයෙ මෙතන දකින්න ලැබීමම අප්‍රමාණ සතුටක්. මචන් ලිවිල්ල් ගැනනම් කියන්න තියෙන්නෙ බොහොම කණගාටුදායක කතාවල්.. මාගල් වගේ දිග බ්ලොග් පොෂ්ට් ලියපු මට අද එක පේලි දහයක් ලියා ගන්න හිත දෙන්නෑ.. මේකත් ලියුවෙ සැහෙන කල් දදා ඉඳලා...

      උඹ ඔය ලිස්ට් එකේ බොහොම ටිකයි දාලා තියෙන්නෙ... :D

      Delete
    3. එහෙම තමා බංස්. අපි ආසාවෙන් කරන දේවල් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. කාලයක් බ්ලොග් කියෝලා සන්තෝස වෙනවා, කාලයක් බ්ලොග් ලියලා සන්තෝස වෙනවා, තව කාලයක් පොත් කියවලා සන්තෝස වෙනවා. තමන්ට යම් දෙයකින් සතුටක් ලබන්න බැරි නං ඒක දිගටම කරන් යන එකේ තේරුමක් නෑ. බ්ලොත් ලියන එක හොබි එකක් මිසක් ජොබ් එකක් නෙවෙයි නෙ.

      Delete
    4. බොරු පම්පෝරියට අපි හරි මනාපමයි
      අපි ළිං මැඩියො දන්නේ ඉගෙනගත් දෙයයි
      හිතන්නට කියා දීලා නැති ගාණයි
      මෙතේ බුදුන් බුදු වෙනකල් එහෙම තමයි

      Delete
  3. අම්මෝ අම්මෝ සෙන්න ආපහු ලියල. පටිට පටයි ඈ...

    ReplyDelete
    Replies
    1. ලියුවට වැඩිය සතුටුයි ආයෙ උඹලව මෙතන දකින්න ලැබීම..

      මේ ඩ්‍රැකියො, බ්ලොගර් කාරයා බ්ලොග් වල මොකක් හරි වෙනසක් කරලද බන්.. බලහන්කො මගෙ වර්ඩ් සෙටප් එහෙම් පිටින්ම අවුල් ගිහින්.. කොච්චර හැදුවත් හදන්න බෑ. ඉස්සර මෙහෙම තිබුනෙ නෑනෙ...කාලෙකින් පෝස්ට් එකක් දාපු නිසා වෙඩිය අවභෝධයක් නෑ..

      Delete
    2. කාල කමානුගත වෙනස්කම් තියෙනව සෙන්නො. ඒ ගැන වැඩිය නොහිතා දිගටම එල්ලිලා ඉඳපන් සෙන්නා. ටිකෙන් ටික ලේයවුට් එහෙම හදාගමු.

      Delete
    3. සෙන්නා, මේ ටෙම්ප්ලේට් එක අයින් කරලා, අලුතෙන් ආපු බ්ලොගර් ටෙම්ප්ලේට් එකක් දාලා බලන්න. සමහරවිට ටෙම්ප්ලේට් එක අප්ඩේට් වෙලා නැතුව ඇති.

      Delete
    4. ඩ්‍රැකි, එළ ඔහොම යංනෙ..

      බූරා, වෙනස් කළා ඒත් තාම එහෙම තමා..පොඩ්ඩක් කූරු ගාලා බලන්න ඕනා..දැන් මතකත් නෑ බ්ලොග්වල වැඩ කෑලි..

      Delete
  4. නැගිට්ට ගමන්. අපි බුදියන්නෙ දවල්ට නෙ? ආයෙ එන්නම් කියවන්නයි, කමෙන්ට් කියවන්නයි.
    ඇත්තටම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. අපේ බොරු මාන්නෙ පැත්තක තියලා, ඇත්ත ඇති සැටියෙන් දකින්න පටන් ගත්තදාක තේරේවි ඇයි අපි අද මේ තත්ත්වෙ ඉන්නෙ කියලා.

      Delete
    2. බකුස්ලා කොහොමත් ඉතින් එහෙමනෙ..: D

      ඔව් බන්..අපිත් පිට ලෝකෙ එක්ක නොගැටුනම් අදටත් ඉතින් හිතන්නෙ අපි හෙන පොරවල්, අපි තමා හොඳටම කරලා තියෙන්නෙ, අනිත් උන් ලාබයි, බාලයි කියලනෙ...තමන්ගෙ දේ ගැන අඩම්බර වෙන එක හොඳයි හැබැයි අනිත් ඒවටත් ඒවට හී නිසි තැන ගව්රවේ දෙන්න ඕනා....

      Delete
  5. Sahathika aththa .Hamadama api atheethaye sawbhagyaya param bamin inna daksha jathiyakne.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. අනාගතේ ඉපදෙන උන්ට පාරම් බාන්න දෙයක් අපි කරන්නෙ නෑ.. උන්ටත් අර වැව් ටික ගැන තමා කියව කියව ඉන්න වෙන්නෙ..

      Delete
  6. ආපහු ලියනව දැකීම සතුටක් සෙන්නා. මේ ලිවිල්ල දිගටම යමු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්..බාලමු දිගටම ලියන්න.. ඉස්සර තරම් විවේකයක් නැති නිසා ලියන්න වෙලාවක් හොයා ගන්න අමාරුයි..උත්සහයක් දානවා..මොකද තාමත් කියවන්න කිහිප දෙනෙක් හරි ඉන්න නිසා...

      Delete
  7. ඕනි කෙනෙක් තමන්ගේ දේට වඩා දෙයක් නෑ කියලා හිතන්නේ ගොඩක් දුරට අනිත් දේවල් ගැන නොදන්නා කම නිසා නොවේද?

    අපි තවම දුපත් මානසිකත්වයක හරි වී ඇති බවක් හැගේ

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම තමා..ප්‍රසිද්ධ මාධ්‍ය වලින් මිථ්‍යාව ජනගත කරණ එක තමා ලොකුම හෙනේ...

      Delete
  8. අපේ ජාතික දුර්වලකමක් තමයි අපි ලෝකෙන්ම එක කියල හිතන එක .ඒක කිසිසේත්ම දේශාභිමානය නොවේ.තනිකර මෝඩකම .ඔබ හරි .

    ReplyDelete
    Replies
    1. එක වෙලා එහෙම හිතුවනම් කමක් නෑ නේද..තමන්ගෙ දුර්වලකම් හදුන ගන්නකම් ඉතිං ගමන රිවස් තමා...

      Delete
  9. මිසර ජාතිකයෙක් කිව්වයි කියපු ගමන් මට මතක් වුනේ:
    https://en.wikipedia.org/wiki/Thoth

    කොහොමත් ආඩම්බරවෙන්න තියන දේවල් අඩුවෙන්න වෙන්න පුරසාම් කීම වැඩිවෙන ස්වාභාවයක් තියනව වගේ නේද?

    ලංකාවෙ දුර්වලම, ඉන්සුලර්ම රාජධානියක් මහනුවර( අ'පුර, පොලොන්නරුවට සංසන්දනය කලාම නොදියුණුම). මහනුවර රජුන්ට ගරු නම්බු ලැබීම එන්න එන්න වැඩිවුනා. ලන්දේසිකාරය සයන්ස් ෆික්ශන්වගේ ගරුනාම ලිව්ව සංදේශවල නුවර රජුට ( සූර්ය අධිරාජයා වගේ ) වෙළද වාසි ලබා ගන්න

    ReplyDelete
    Replies
    1. නම්බුනාම නං අනුරාධපුර යුගෙත් තිබුණා කියා හිතෙනව. සෙල්ලිපිවල තියෙන්නෙ, “දෙවන පිය මහරඣ ගමණි අබය“ වගෙ කතා. නමුත් කෝට්ටෙ මහනුවර හරියට එද්දි නමේ තිබුණු ආටෝපය වැඩි වුණු බව නොක්ස් ගෙ විස්තරෙන් පේනව. මහනුවරදි රජු ගෙ නම පටබැඳෙන්නෙ අභිෂේක කරද්දියි. “ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ“ වගේ නම්වල තියෙන ගැම්ම රජවරුන්ගෙ චරිතයේ සහ පරිපාලනයේ තිබුණෙ නෑ. ඔය වගේ තවත් ප්‍රතිරූප පුම්බගත්ත රජෙක් තමයි “අප්‍රතිමල්ල නිශ්ශංකමල්ල පරාක්‍රමබාහු චක්‍රවර්ති උන්නාන්නෙ“ පේන විදිහට අපේ රටේ උදවිය කටිං ජයගන්න හෙණ ආස කට්ටියක් කියල පේනව.

      Delete
    2. ප්‍රා, එහෙම පොඩි ගතියක් තියනවා වගේ තමා...

      ඩ්‍රැකියා, බලන් යනකොට මේවා දැන් අපේ ජානවලටම එකතු වෙලා වගේ

      Delete
  10. Pra Jay මහත්තයා තමයි සෙන්නාගේ link එක එවලා තිබුණේ. ස්තුතියි මහත්තයෝ. ඔයා වගේ පිටුපසින් ඉඳගෙන blog රචකයන්ට උදව් කරන තව අයටත් තුති පුදනවා මෙතනදීම.

    සෙන්නා...
    හරිම සතුටුයි ආපහු ලියන්නට එන එක ගැන. අත්දැකීම් සහිත අයගෙන් අපිටත් තව දේවල් ඉගෙන ගත්තහැකිනේ. මටත් පෙනෙන්නේ බ්ලොග් ලෝකෙට පොද වස්සක් වැටිලා වගෙයි.

    ReplyDelete
    Replies
    1. නිදි, ස්තූතියි ආවට මේ පැත්තෙ. ප්‍රාටත් ඩ්‍රැකීටත් ස්තූතියි කට්ටියව දැනුවත් කළාට. බ්ලොග්වල පොඩි පිබිදීීමක්ව වගේ තමා. මමත් දැක්කා තව පරණ අය එහෙන් මෙහෙන් ලියලා තියනවා..

      Delete
  11. බ්ලුටූත් කියනවට වැඩිය කොච්චර ලස්සනද ඕකට නිල් දත කියල කිවුවහම.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නයෝ මුන්ට තේරෙන්නෑනෙ...

      Delete
  12. අඩෙයප්ප ලොකු සර්, වනග්ගම් කිව්ව.

    මසරියෙක් මාත් එක්ක යුද්ද ප්‍රකාශ කරල හිටිය thief සබ්ද කරන්නෙ 'සීෆ්' කියල හිටං.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඔය අරාබි ඉංග්‍රීසි නම් එහෙම කියන කොට පට්ට ආතල් අප්පා. දවසක් එකෙක් කමෙන්ට්‍රි එකක් දෙනවා "බරබරා, බරබරා" කිය, කිය. ඒ කියලා තියෙන්නෙ බාබරා කියන නම.

      Delete
    2. ලොකු ෂර්, සිකිස් හන්ද්‍රද් ඇන්ද් සිකිස්ටි සිකිස් සවුසන්

      ජයවේවා!
      Muself Hattor

      Delete
    3. අඩේ හැට්ටර් අර මිසරියත් ඔන්න ඔය වගේ අටමගලයක් තමා කිව්වෙ..මට කියන්නම බෑ ඒක...

      Delete
  13. අහලා තිබ්බට දැක්කෙ අදනේ! මෙහෙම කථාව පටන් ගන්නම්! රටේ ප්‍රමාණය, එහි ඇති ආර්ථික වපසරිය වගේ කාරණා කාරණා එක්ක බැලූවාම අපේ භාෂාව ලෝකයේ අනෙක් භාෂා අතර සැලකිය යුතුන් ස්ථානය තිබෙනවා විය හැකියි!
    ඒ නිසාම විය යුතුයි වැඩ වලින් පස්සට ගියත් කයිවාරු වලින් ඉස්සරහට එන්නෙත්!
    සිංහල පොර මානසිකත්වයෙන් වාගේම ඉංග්‍රීසි පොරත්වයෙන් ඉන්න කෙනෙක් ඔය කේ පී ඉසෙඩ් එකේ ස්ටාර් ගාම්න්ට් එකේ හිටියා. නම නිල්මිණි වාගේ මතකයි. දවසක් මෙයා දෙනවා ටෝකස් එකක් කට්ටියක් වට කරගෙන! ඇයගේ කථාවේ තේමාව උනේ "සිංහලෙන් පවසනූනෑම අදහසක් ඉංග්‍රීසියෙන් පැවසීමට හැකි උවද ඉංග්‍රීසියෙන් පැවසෙන ඕනෑම වැකියක් සිංහලට පැවසීමට නොහැකිය!" යන්නය. එතැන් මෙම අදහසට පක්ෂව කිහිප දෙනෙක්ද විපක්ෂව බොහෝ දෙනෙක්ද සිටි මුත් පිටියේ ප්‍රහාරකයින් වූයේ පක්ෂව සිටි පිරිසය. මා එතැනට ගිය වහාම මාවද කථාවට සම්බන්ධකර ගත්තෝය! "ආ! උඹ කියපංකො . . " නිල්මිණි ඇයගේ අදහස මා ඉදිරියේ තැබීය! මා ක්ෂණිකව; ගත් කටටම ඇයට පැණයකින්ම පිළිතුරු සැපයූවෙමි.
    "ආ! උඹ එහෙනං කියපන් 'ඒ බස් එක හැප්පුනු හැප්පිල්ලට වෙන වාහනයක් හැප්පුනානම් මාර් හැප්පිල්ලක් තමයි හැප්පෙන්නෙ' කියන එක ඉංග්‍රීසියෙන්!" කථාව එතැනින්ම නිම ඌවේ "මුංට කියලා වැඩක් නෑ කියාය!
    සූරිලා කේක් තාර කරන්නටත් කිරි බත් රබර් කරණ්නටත් ගොරක දඩ මස් කරණ්නටත් අපූරු දස්සයන්ය! ඇත්තෙන්ම සෑම භාෂාවකටම අනන්‍යවූ කාරණා සාධක ඇත්තේය. ඉන් එක් සාධාකයක් ගෙන අපි පොරවල් වීමට හෝ වෙන එකෙක් හෙලා දැකීමට හෝ යාම නොම්මරෑකේ ගොන් කමකි! කොහොම උනත් නැවතත් ලියන්නට පැමිණීම නම් අම්බානක සතුට ගෙන දෙන ආතල් වැඩකි!@

    ReplyDelete
    Replies
    1. හැක්... ඔය දීලා තියෙන්නෙ දොබෙන් යන්න.. 🤣

      ස්තූතියි රසවත් ප්‍රතිචාරයට...

      Delete
    2. If another vehicle collides the same way as this bus collided, it would be a huge collide..

      Delete
  14. අහම්බෙන් දැක්කෙ සෙන්නා. ඇවිත් බැලුවම තමා දැනගත්තෙ ඔයත් දැන් ලියන්නෙ නෑ කියල වැඩිය. මට මතකයි ඒ දවස්වල සෙන්න ලියන මාගලකට මම කමෙන්ට් කළා මේකෙ මුල ඉඳල අගට යන්න ත්‍රීවිලර් එකක් වත් හයර් කරගන්න ඕන කියල. කොහොම උනත් මෙහෙම හරි ආයෙ කියවන්න ලැබුනු එකට සතුටුයි.

    මමත් ඉස්සර ඔය වැඩසටහන නම් නොවරදවම බැලුවා. මතක හැටියට සඳුද රෑද කොහෙද තිබුනෙ. සූරියප්පෙරුම මහත්තය හසන්ත මහත්තය එක්ක කරපු වෙනම වැඩසටහනකුත් තිබුනා ඒ දවස්වල. ලෝක ඉතිහාසය ගැන කතාකරා වගේ මතක.

    අපිට අපේ දේ ගැන අභිමානයක්, ආඩම්බරයක්, කැක්කුමක් තියෙන්න ඕන තමා. ඒත් දැන් දැන් පේන හැටියට අපේ හුඟක් අයට ඒකෙ නැවතීමේ තිත තියන්න ඕන කොතනද කියල අවබෝධයක් නෑ. අන්තිමට නවත්වන්නෙ අනිත් හැමදේටම ගරහල අපහාස කරල හෙලා දැකල, අපහාස කරල. අඩුතරමෙ හින්ට් එකක් හරි පාස්කරනව. දැන් මෙහෙම කිව්වට අපේ අතිනුත් ඔය වැරැද්ද වෙලා ඇති සමහරවිට. කාටද අනේ ඕව මතක තියා ගන්න පුළුවන්. හැක්.... එහෙම තමා අපේ හැටි.

    ReplyDelete
    Replies
    1. DDT, බොහොම කාලෙකින් උඹව දැක්කෙ. බොහොම සන්තෝශයි..මම ඇත්තටම හිතුවෙ නෑ මේ පෝස්ට් එකට මෙච්චර කමෙන්ට්ස් වැටෙයි කියලවත්..කට්ටිය ආයෙ බ්ලොග්වලට ටිකක් සැරි සරණවා වගේ කියලා හිතෙනවා..

      අපේ දේ ගැන ආඩම්බර වෙන ගමන් අනෙක් හොඳ දේවල අගය කරන්න, අපිට නැති දේවල් අරගන්න, ඒවයින් ප්‍රයෝජන ගන්න අපි දක්ෂ වෙන්න ඕනා..උඹලා මොක්කුද අපි තමයි පොරවල් කියලා හෙන සයිස් එකෙන් හිටියොත් ලෝකෙ අපිව පහු කරලා ඉස්සරහට යනවා.. දැනටත් ගොඩක් දුර ගිහිල්ලා...

      Delete
  15. මොන බාසාවෙන් හරි සෙන්නා ලියනවා දකින්න ෆුල් හැපිය.

    මගේ ISP හුවිසලාත් (Hutch+Etisalat) වුනාට පසුව හරිම කරදරය, දවස් දෙකකින් පසුව බ්ලොග් ලිස්ට් එක්ක දැක්කේ.

    බාසාවේ dialects වෙනස්, ඒක කවුරු කිව්වත් බොරු කරන්න බැහැ.
    සවුදියේ ඉන්න කාලේ සෙක්ෂන් එකට ආපු මල්ලුවා ෆුල් නේම් ලියන්නෙම K. දාලා. බැරිම තැන ඇහුවා, මෑන් කියාපිය මලයින්ට හැර ඒ නම කියවන්න බැරිලු, බේරුමක් නැති තැන ඒකා ලියලා පෙන්නුවා Khozikolavanthavida පුලුවන් නම් කියවන්න කියා, මං එක පාරෙන් කියෙව්වා කෝසිzකොලවන්තවීඩ.

    මං එයාට දීපු වචනය Bopage, බෝපේජ් කිව්වේ නැතැයි.

    මල්ලුවෝ බාසා ප්‍රගුණ කරන්න හපන්නු. ඩුබායි වලට රසියන් ටුවරිස්ට්ලා ගලද්දි බසාර් එකේ හැම එකාම පවා රුසියන් බාසාව කතා කරන්න පටන් ගත්තා.

    මිසරයේ වගේම බොහෝ අප්‍රිකානුවෝ th කියවන්නේ z හැටියට. එවුන් other කියන්නේ අස්zර් හැටියට, උන්ට උන් විතරයි හරි.

    ReplyDelete
    Replies
    1. ඩීන් අයියවත් දකින්න ලැබීම සතුටක්ම තමා. මම හිතන් හිටියෙ ඩයලොග් තමා නරකම එක කියලා බලන් යනකොට එහෙමම නෑ වගේ..

      අපි ඕනැම වචනයක් කියවන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා හැබැයි එහෙමම නෑ. මලයො හිතන් ඉන්නව උන්ගෙ සමහර වචන උන්ට විතරයි කියවන්න පුළුවන් කියලා, හැබැයි එහෙමම නෑ.. බලන් යනකොට හැමෝටම එකක් එක ජාතියෙ උණ නේද? හැබැයි මලයාලි භාෂාවෙ වස අමාරු වචන තියන එක නම් මම පුද්ගලිකව දන්න සත්‍ය‍යක්..

      Delete
    2. ඔව් සෙන්නා, කොච්චර එක්ස්පර්ට් වුනත් සාගරයක් බඳු දැණුමේ කෙනෙක් අල්ලන් ඉන්නේ අල්ලකට ගත හැකි දිය දෝතක් විතරයි. මම නම් හිතන්නේ එහෙමයි, ඒක තව තවත් ඉගෙන ගන්න, දිනපතා අලුත් යමක් ඉගෙන ගන්න දෙන අවස්ථාව එමටයි. සෙන්නා ගම රටට වෙලා ද?

      ඉංග්රීසි ලිවීමක th කියන එක අරාබියේ හෝඩියේ ත්, ස, සz, ල, ලහ් ස්වර දෙන අක්ෂර කීපයක් හැටියට වෙනස් වෙනවා. යෙදීම අනුව උච්චාරණය වෙනස් වුවද ඉංග්රීසියෙන් th හෝ z විතරයි ලිවිය හැක්කේ.

      Delete
    3. ගමරටට වෙලා ගොඩක් කල් ඩීන් අයියා. 2013 ඉඳන්.. බ්ලොග් නොලියවෙන්න ඒකත් එක හේතුවක්.. රට ඉන්නකොට වැඩට ගිහින් ආවට පස්සෙ විවේකය තියනවනේ.. මෙහෙ ඉතින් එහෙම් බෑනෙ.. පවුලේ අයත් එක්ක ගත කරණ වෙලාව බොහෝ විට ඒක..

      ඉංග්‍රීසි කාරයො ඔය th ඇත්තටම දාන්නෙ මොන ශබ්ධෙ ගන්නද..උන් thank you කියන එක සැන්කියු වගේ එකක් කියනවා තමා ඇහෙන්නෙ...

      Delete
  16. හැබැයි දෙමෙල්ලු සිංහලයන්ට වඩා අන්තයි.

    quara.com එකේ තෙලිඟු සරසවි ගුරුවරයෙක් තෙලඟු, කණ්නඩ, සිංහල අකුරු වල සමාන කම් ගැන විස්තරයක් දාලා තිබුනා. කැනඩාවේ ඉන්න ලංකාවෙන් ගිය දෙමෙල්ලු කිහිප දෙනෙක්ම ඒකට විරුද්ධව එක එක තර්ක දාලා තිබුනා. උන්ට ඕනෙවෙලා තිබුනේ සිංහල අකුරු හැදිලා තියෙන්නේ දෙමළ අකුරු පරිණාමය වෙලා කියන්න.

    මමත් කොමෙන්ටුවක් දැම්මා තෙලඟු, කණ්නඩ, සිංහල අකුරු වල සමාන වෙන්න හේතුව බුද්ධාගම කියලා.

    ReplyDelete
    Replies
    1. ඔය කොයිකත් තමන් අංග සම්පූර්ණ නෑ කියලා දැනගෙන වැඩ කරණවනම් හොඳයි කියලයි මට හිතෙන්නෙ..අපි තමයි පොරවල්, අපිට තමා හොඳටම පුළුවන් වගේ ඒවා අනාගත පරම්පරාවට උගන්වන්නෙ නැත්නම් වැඩිය හොඳයි.. එතකොට උන් විවෘත්ත මනසින් බලලා ලෝකය තෙරුම් ගනීවි..

      Delete
  17. සුදීක මලයා මටත් බ්ලොග් එකක් අටවලා දුන්නා. සෙන්නා බ්ලොග් වලම විතරක් ඉන්න කෙනෙක් බවත් කිවුවා. ඒ නිසා මේ පැත්තට ගොඩ වුණා.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා අතුල සමරසේකර බව සුධීකගෙ කමෙන්ට් එකෙන් දැනගත්තා. අපේ පොඩිකාලෙ ක්‍රිකට් වීරයෙක් මගේ බ්ලොග් එකට ගොඩවීම ආඩම්බරයක්..මමත් එන්නම් ඒ පැත්තෙ..
      ස්තූතියි මේ පැත්තෙ ආවට...

      Delete
  18. මමත් ෆේස්බුකියට සින්න වුණා. මොනවා කරන්නද ? එහෙ මෙහෙ සැරිසරන්න කරදරයි. මොබයිල් ඒකෙන් එෆ් බී එකට ලියන්න ලේසියි. බොහෝ දෙනෙක් එතැනට එනවා. සෙන්නටත් කියනවා පුලුවන්නම් එන්න කියළා. එෆ්.බී. එකේ විශේෂය තමයි දිග පොස්ට් බැරි වෙලාවට මොකක් හරි පොඩි දෙයක් කරළා රැඳිලා ඉන්න පුළුවන් කම. ඔය උඩින් කමෙන්ට් එක දාලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරපු අතුල සමරසේකර. ලස්සනට ලියනවා. අව්‍යාජ මිනිසෙක්. ගිහිං බලන්න හැමෝම. සැටලයිට් ටී.වී සහ අන්තර්ජාලයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වුණා. අපි ඉන්නේ කොතැනද කියළා.

    ReplyDelete
    Replies
    1. අය්යෝ ඒ කියන්නෙ අපි සුධිකගෙ කතා කියවලා ඉවරද??🤔🤔
      සමාවෙන්න සුධීක මට fb එකේ ලියන්නනම් අදහසක් නෑ. බ්ලොග් කියන්නෙ User id, pw නැතුව ඕනැම කෙනෙක්ට කියවන්න පුළුවන් නිදහසක් තැනක් නිසා මම ඒකට කැමතියි..

      Delete
    2. සුදීක, ඇයි Facebook එකට ලියන ආර්ටිකල් එක එහෙම්මම බ්ලොග් එකට කොපි-පේස්ට් නොකරන්නෙ? අඩුම ගානෙ බැකප් එකක් විදියට වත් ඒක ඉතිරිවෙලා තියෙයි නෙව.

      Delete
    3. ඔව් බූරා. දැන් එහෙම කරනවා.

      Delete
  19. https://www.youtube.com/watch?v=8tCGfd7lXEs

    මේක කියන්න පුළුවන් සිංහලයෙක් ඉන්නවද?

    ReplyDelete
  20. කට්ටිය ආයෙත් බ්ලොග් ලියන්න පටන් අරන් වගේ නේද.. හොඳයි, හොඳයි...

    ReplyDelete
  21. "හරී මහත්තයා මලයාලි ජාතිකයෙක්."

    WTF??? :D :D

    ReplyDelete
  22. සෙන්න ගිය ගියාමයි දැක්කෙම නැහැ ඊට පස්සේ

    ReplyDelete
    Replies
    1. සිටිමි සිටිමි...:D
      ලියන්න දෙයක් කල්පනා කරණවා. (හයියෝ කොහොම ලියපු අපි ද. චැහ්..)

      Delete
    2. අපේ වටේ නං ලියන්න නෙවෙයි ලියවෙන්න දේවල් වැහි වැහැලා මහත්තයෝ!

      Delete
  23. ඔය හරි මහත්තයා එක්ක මම අවුරුදු 20 ක් ලගින්ම වෑඩ කරලා තියනවා. හරිම සුන්දර නිහතමානී මනුස්සයෙක්. සින්හල වතුර වගේ කතා කරනවා. අපි English
    වලින් කතා කලත් උත්තර දෙන්නෙ සින්හලෙන්. අවිස්සාවේල්ල zone ෆෑක්ටරි එකේ GM වෙලා ඉදලා ගිය මාසේ retire වෙලා ආයේ කේරලයට ගියා. ඉක්බාල් මහත්තයා නම් තාම ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි. මේ මාත් එක්ක එකට වැඩ කරපු කෙනෙක් ද? හරී මහත්තයා ගිය බව අහන්න ලැබීම කණගාටුවට කරුණක්. කාලය වේගයෙන් ගලා යනවා.

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog