Thursday, June 4, 2020

නොකියවූ හදවත... (මනමේ කුමරිය පිළිබඳ නවතම හෙළිදරව්ව)



අහෝ හිමියනි, අහෝ හිමියනි..!!
මෙවන් නපුරක් පැතුවෙ නැත මා
හීනෙනුත්..

කඩුවෙ කොපු අග ඔබට දෙන්නට
තිබුනෙ නැත මා 
තුන් හිතකවත්

මා චපල යැයි, "චපල" මා යැයි
තුඩින් තුඩ තෙපලයි ද ජනයා
පවතිනා තුරු 
මිහිකතත්

අහෝ හිමියනි, අහෝ හිමියනි..!!
මා චපල නැත, මා වැරදි නැත
බිඳී නැත අප 
සෙනෙහසත්

පිළිගන්න මා, පිළිගන්න මා
නොකියමී මම 
මුසාවක්

දුන්නෙ කඩුවයි ඔබේ දෑතට
අහෝ වැරදුනි පැත්ත හීමියනි
දෘෂ්ටිකත්වය විදුර හින්දා
දෙන්න මා හට 
සමාවක්..

~සෙන්නා / 04.06.2020

24 comments:

  1. මනමේ කතාවේ වැද්දෝ කියන්නේ දාලිත් කුලයේ අය වියයුතුයි.

    ඉස්සර සිංහල බාශාවේ වැද්දා කියන වචනය පාව්ච්චි කරන්නේ වෘත්තීය දඩයක්කාරයට.

    ReplyDelete
    Replies
    1. කුල මල ගැනනම් අදහසක් නෑ අන්තෝනියෝ..

      ස්තූතියි ප්‍රතිචාරයට..

      Delete
  2. හිතුනෙ කඩුව ඔබෙ අතටම දෙන්ටා නොදනිමි මේ කාගේ දොසා
    විචාරක දි්‍යණිය

    ReplyDelete
  3. කවියේ රසම දුටු නුදුටු හා කියූ නොකියූ දේය, මේ පද ඇමිණුම බොහෝම ලස්සනයි, එකින් එක හැඩවෙන.

    ලංකාවට ආවේණික මැණික් විශේෂයක් තියෙනවා, මූන්ස්ටෝන් හෙවත් පූනක්කන් කියන. ලැබෙන්නේ ඇත්තේ ගාළු දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ආසන්නයේ පිහිටි මීටියගොඩ කියන ප්‍රදේශයෙන්. මැණික කපලා ඔප දාලා ගත්තාම ලා නිලක් මුසු කිරි සුදු ලස්සනක් තියෙන්නේ. ඒක දැක්කාම කවදාවත් හිතෙන්නේ නැහැ පොළවෙන් මතුවෙන්නේ කිසිම හැඩයක් නැති රළු ගලද මේ කියලා. හැබැයි මූන්ස්ටෝන් කර්මාන්තය අපේ රටට, පලාතට ආවේණික කලාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩීන් අයියා.. මූන්ස්ටෝන් ගැන මීට කලින් ලාවට අහලා තිබුනා මතකයි..

      හැඩ නොවී යට යන මූන්ස්ටෝන් කොච්චර ඇත්ද මේ ලංකාවේ...

      Delete
    2. yes going on Dean Ayiya.. thanks. hope you too.. (just saw your comment)

      Delete
  4. දුෂ්ඨිකත්වය නෙවෙයි සෙන්නො "දෘෂ්ටිකත්වය".

    හැබැයි මරු අදහස ඈ...

    තව මරු අදහසක් තිබුණා මට මතක හැටියට මේ වගේ. මනමේ කුමාරයා වැද්දට කියන විදිහට...

    "මනමෙ කුමරිය හරිම කට්ට ය
    උඹ අතට දුන් කඩුව මොට්ට ය
    කොපුව සටනට ඉතා පට්ට ය
    එයින් පළනෙමි තොගේ තට්ටය"

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රකියා.. වැරැද්ද හැදුවා...

      ඒක මරු... හෙහ් හෙහ්...

      Delete
    2. තවම හරියට හැදිල නෑ සෙන්නා... "දු" වෙනුවට "දෘ" යොදන්න...

      Delete
    3. හපොයි..මගෙත් දෘෂ්ටිකත්වය අවුල් වගේ....ස්තූතියි ඩ්‍රැකියා...

      Delete
    4. අර... පළවෙනි වචන දෙක මට අද එකපාරටම කියවුනේ,




      "අඩෝ හිමියනි..." කියල.

      Delete
    5. "අඩෝ" කිව්වම ඒ අවස්ථාව හරියටම අරුත්ගැන්වෙනව මචං...

      Delete
  5. කසාද බඳින්න කලින් ඇස් බලවන්න කියන්නේ ඕකනේ.. පේනවනේ.. ෆේටල් මිස්ටේක් මේවා.. :))

    ReplyDelete
    Replies
    1. අඩේ මනමේ කුමාරි ආලයෙන්ද දන්නෑ එහෙනම් අන්ද වුනේ...😂😂

      Delete
  6. සෙන්නා මැතිතුමනි, ඔබව සම්බන්ධ කරගත හැකි අංකයක් දුන මැනවි. ස්තූතියි. sendreplica@gmail.com / lakkanabuddhi@gmail.com

    ReplyDelete
  7. කොහොම සමාවක් දෙන්නද

    ReplyDelete
  8. සුගත් නැගිටපාන්....................

    2008 අවුරුද්දේ අග ඉඳලා 2012 අවුරුද්දේ මුල වෙනකම් උදේට වැදුන එලාම් එක,... සුපුරුදු හඬ. අබුඩාබි රටේ, "tourist club" ඒරියා එකේ එක කාමරේ එක ළඟ ඇඳන් දෙකේ අපි හිටියේ. බ්ලොග් එකේ "සෙන්නා " එත් මට " සිදා"(සිදත්).
    තරඟෙට පොත් කියවපු , තරඟෙට film download කරපු කාලේ ලියන්න එච්චර උනන්දුවක් උඹට තිබුනේ නැති බව හොඳට මතකයි . 2011 ඉඳලා මේ වෙනකම් නොකඩවා කරගෙන ඇවිත් තියෙන "කුරුන්ද blog" එක දැක්කම හිමින් උනත් ලොකු ගමනක් ඇවිත් තියෙනවා පේනවා. ලිවීමේ ලොකු දියුණුවක් දකින්නත් තියෙනවා. මුල් කාලේ කුරුන්ද බැලුවට පහු කාලේ මට බලන්න ලැබුනේ නැහැ. දැන් කවිත් ලියල තියෙනවා මම කියෙවුවා . මට හරි සතුටක්, ආඩම්බරයක් දැනෙනවා සිදා උඹ ගැන. ඔහොම යමං මචෝ............... ජයෙන් ජය වේවා. උඹේ අදහස්ද හුඟක් වටිනවා. දවසක පොතක් එලි දක්වන්න ලැබේවා ...කියල ප්‍රර්ථනා කරනවා.


    සුගා ..

    (මගේ පිච්ච මල පොත් 8න් මුල් දෙක මගේ බිරිඳ කාටද දීලා . දැන් දුන්න කෙනා මතක නැහැ.)

    ReplyDelete
    Replies
    1. සතුටුයි මචන් අතීතේ හාර අවුස්සලා ගහපු කමෙන්ට් එකට.. දැන් ලියවෙනවා අඩුයි. වෙලාව අඩු කමටත් වැඩිය උනන්දුව අඩුකම..පාඨකයන්ගෙ හිඟකමත් ඒකට බලපාන්න ඇති..

      මේවගේ කමෙන්ට් දැක්කම ඉතින් හිමීට උනත් මොන මොනවා හරි ලියන්න හිතෙනවා වැඩේ අතාරින්නැතිව..

      ස්තූතියි සුගා, උඹටත් ජය !

      Delete
  9. මනමේ කුමරියව මෙච්චර සාධාරණීකරණය කරන්න හදන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් කතාව ඒ පැත්තෙනුත් හිතල බලන්න හිතුනා. ඒකයි.

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog