Saturday, January 18, 2020

යා නොදුන් ප්‍රේමය...........

18.01.2020

යා නොදුන් ප්‍රේමය...........




සීගිරියෙ සිංහයා, ඇසුව නුඹ කෝ කියා
විමතියෙන් මම ඇසුවා
උඹත් දන්නෙ ද කියා
ආවලු අපි එහේ, නවම් සඳ නැගෙනදා
පවසමින් ඇසක් අඩවන් කරා...

මතකයිද කාරියව 
කිව්ව ඒ සාත්තර
දඹුල්ලෙදි ගසක් යට

දෙවරක්ලු විවාහය
අපොයි ! මේ අහිංසක මට
වියෝවම පැතු නුඹට
ඒක මරු හේතුවට

වැසුවේද මේ කතා, කාලයේ වැලි තලා
නැතිද උඹ කුරුටු ගා, කැටපතේ මේ කතා
විමසුවේ සිංහයා....

~~ සෙන්නා / 18.01.2020

19 comments:

  1. සෙන්නට හොඳට ලියන්න පුළුවන් බව දණගෙන හිටියට , කවි ලියන්න හැකිබව දැනන් හිටියෙ නෑ. සරලයි, ඒත් නියමයි.

    -ඉස්සර බ්ලොග් ලියපු පක්සියෙක්-

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියපු හුඟක් පක්සිකයො දැන් ඇනෝ වෙලා..සමහරු ඇත්තෙම නෑ...
      කොහොමට තිබුන තැනක්ද නේ...
      ස්තූතියි බ්ලොග් හිතවතා...

      Delete
    2. //කොහොමට තිබුන තැනක්ද නේ...//
      මටත් හිතෙන්නෙ ඒකම තමා.

      එක අතකට ඕක තමයි ලෝක ස්වභාවය. හැම දේකටම වගේ බ්ලොග් වලටත් එක්ස්ෆයරි ඩේට් තියනවා. කාලයක් යනකොට හැමෝගෙම රුචි/අරුචි වෙනස් වෙනවා. ප්‍රයොරිටීස් වෙනස් වෙනස්වෙනවා. බ්ලොග් ලිවිල්ල මන්දගාමිවෙලා අන්තිමට රචකයා චුතවෙලාම යනවා. ආං දැන් හැලප කඩේටත් ඒ සැන්තෑසියම ලබලා. මේ පොදු ධර්මතාවයට අදාල නැති කුරුන්ද/ අන්සතු දිනපොත වගේ එව්වත් ඉඳලා හිටලා තියනවා.

      ප්‍රතිපත්තියෙක් වශයෙන් මං ඇනෝ සංකල්පයට මනාපයි ( ඇනෝ ඇවිත් කුණු වැඩකරන අපතයො නෙමෙයි). සිංහල බ්ලොග් ලෝකෙ ස්වර්ණ්මය යුගයේ මුල් කාලයේම චුතවෙලා ගිය , අදටත් කව්දැයි නොදන්නා, ඒත් හොඳම හිතවතුන් හැ‍ඟෙන ටැබූ( සහ එකී නොකී , මෙකී} වගේ අය මගේ හිතේ ඇතු කරන්නෙ චමත්කාරය මුසු කුතුහලයක්. ඒ හැඟීම එලෙසම තියාගන්න තමා මං කැමති.

      Delete
    3. ඔව් මටත් හිතුනෙ එහෙමම තමා.. ලෝක සුබාවය... කුරුන්ද කියලත් මහ වෙනසක් නෑ.. නැති වෙලාවම වගේ තමා.. අවාරෙට පොල් වැටෙනවා වගේ එහෙන් මෙහෙන් එකක් වැටෙනවා...

      "ටැබූ( සහ එකී නොකී , මෙකී} වගේ අය මගේ හිතේ ඇතු කරන්නෙ චමත්කාරය මුසු කුතුහලයක්. ඒ හැඟීම එලෙසම තියාගන්න තමා මං කැමති."

      වැසුවේද මේ කතා, කාලයේ වැලි තලා
      නැතිද උඹ කුරුටු ගා, කැටපතේ මේ කතා
      විමසුවේ සිංහයා....

      Delete
  2. සෙන්නා අළුත් අවුරුද්දට කවියක් දාලා. ඒ ගැන අහන්න හිතුනට කට පියන් යනවා. මේක උඹේ ඇනුවල් පෝස්ට් එක වෙන්ටැ. එතකොට 2020ටත් සළුයිනෙ. මාත් දැනන් හිටියෙ නෑ බොට කවි ලියන්න පුළුවන් බවක්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ඇනුවල් නෙමේ බොලං මේක මේ දශකයටම දාන එකම එක වෙන්නත් පුළුවන්.. මොන මොනා හරි පුළු පුළුවන් වෙලාවට ලියන්න ඕනා...

      උඹට කිව්වම මොකද මාත් දැනන් හිටියේ නෑ.. (මේවට කවි කියලා කියන්න පුලූවන්නම්.. හෙහ් හෙහ්.. )

      Delete
  3. සෙන්නා ලියනවා දෑක්කම
    ලියන්න හිතෙනවා
    ඒත් කම්මෑලියි..
    මුනා කෙන්නද ?

    සරත් ලන්කාප්‍රිය

    ReplyDelete
    Replies
    1. සරත් අයියා
      කතා දෙයියා
      ඉදියි දොයියා
      අපිට උයියා...

      Delete
  4. සීගිරියෙ සිංහයෝ
    හොයපන් අනුන් ගැන නොව
    තමන් ලග ඉන්න විජ්ජුලතාලා,මේඝ ලතාලා ගැන
    කොල්ලෝ කුරුට්ටෝ ඇවිත් උන් ගැන බලි කුරුටු ගානකම්
    උඹ හිටියේ බුදියන්ද හැමදාමත් වගේම.

    ReplyDelete
    Replies
    1. ධවල පැහැ කරමළක් දැක නැද්ද කිසිදාක..
      ඉඳ හිටලා එන උන්ට විජ්ජුලා රන් සේය..
      ඇවිත් ගිය යුවලකගෙ සැප දුකක් විමසීම
      අගෙයි මට සිතුවමක් රැකුමට වැඩිය...

      Delete
  5. කාලෙකිං මං කුරුන්දෙ ආවම
    කවිවැල් ලියලා තිබ්බා සෙන්නා
    ඒකට මං දැං මොනව කරන්ඩද
    කයි බැරි මං ආපිට යනවා

    (කොහොමද මගෙ කවියෙ හැදියාව විතරක්?)

    ReplyDelete
    Replies
    1. කවියට උත්තර බැඳිලී
      කවියෙන් දෙන්නට හැදිලී
      අයියෝ, ඒ මොකටද මල්ලී..

      (හැදියාව රැකී තිබෙන්නේ හඬ පට එළියට එන තාක් පමණී.. හැක් )

      Delete
  6. ජීවිතයම කවියක්. වීණාව පිරිමදින්නම ඕනලු හඬ මතුවෙන්න, අකුරු කුරුටු ගෑවෙන්නම ඕනේ අදහස් හැඩවෙන්න.

    සෙන්නාගේ කවිය ලස්සනයි, සංවේදියි. ඒ පද මුතු අගෙයි යාළු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩීන් අයියා..කවි ලියන්න නැඹුරු වුනේ ඔබේ ඒ බරසාර කවි කියවලා...

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog