Saturday, September 29, 2018

මං ගත්තු ටික....

ඉවර වෙන්න දවසක් තියලා යන්තම් ප්‍රදර්ශනේට ඔළුව දාගත්තා. මේ තියෙන්නෙ මම ගත්තු ටික. තව ගොඩක් දේවල් ගන්න ඕනෑ කම තිබුනත් පර්ස් එක රවපු නිසා ලබන වාරෙට කල් දාලා හිත හදා ගත්තා..


"එදා හෙළ දිව" මට මතක විදිහට මම පොඩි කාලේ පුස්තකාලෙන් කියවපු පොතක්. මගේ පොත් එකතුවට ඕන නිසා ගත්තා. ආයෙ හිමීට කියවලා බලන්න ඕනා.


"වැනීසියේ වෙළෙන්දා" කතාව එහෙන්, මෙහෙන් අහලා තිබුනට මට කවදාවත් පිළිවෙළකට කියවන්න ලැබුන එකක් නෙමේ. මේකනම් සංක්ෂිප්ත අනුවර්තනයක් ද කොහෙද! ඇත්තටම මේක ගත්තේ පුතාට.


"බැද්දේගම" ත් කවදාවත් කියවන්න ලැබුන නැති පොතක්. එක නිසා අරගත්තා.


"සාරභූමි" ත් පොඩි කාලේ පුස්තකාලෙන් කියවපු එකක්. කුඹුරු වැඩ කරන චීන ගොවියෙක්ගේ කතාවක් කියලා ලාවට මතකයක් තියනවා. ආයෙ කියවන්න ඕනා. එක අතකින් කියවපු පොත් අමතක වෙන එකත් හොඳයි. ආයෙ ආයෙ කියවන්න පුළුවන්නේ එතකොට. හෙහ් හෙහ්..

"සැමීගේ කතාව" මට අලුත් පොතක්. මේකෙන් හදපු චිත්‍රපටියේ රඟපු ජගත් චමිලට සාම්මානයක් ලැබුනා මතකයි. ලඟදි සහභාගි වෙච්ච ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනකදි මේ පොත ගැන ප්‍රශ්නෙකුත් තිබුනා. ඒක නිසා ගන්න ඕනා කියලා හිතුනා.




"පිච්චමල" පොත් අටම දැනටමත් මා ගාව තියනවා. අර මගේ බහුබූත ගැටලුව විසඳපු "බුරතීනෝ" තමන්ට හිමි ත්‍යාගය කාට හරි  දෙන්න කියුවනේ. මේක ගත්තෙ ඒකට. මනුසත් දෙරණ සිපිරිගෙට පොතක් වැඩසටහනට දෙන්න කියලා. ඒත් කාලය හරස් වෙච්ච නිසා මට ඉක්මනට එන්න වුනා. දැන් මේක දෙන්න වෙන කෙනෙක්/තැනක් බලන්න ඕනා.













නිමන්සා ප්‍රකාශකයෝ චිත්‍රකතා පොත් සෙට් එකක්ම ගහලා තියනවා. ඔය තියෙන්නේ මම ගත්තු ටික. තව මහ හුඟක් තිබුනා. ආර්ථිකේ හරස් නොවුනනම් තව ටිකක් ගැන සළකලා බලන්න තිබුනා. ඒ ටික දැක්කම නිකං පරණ යාළුවො වගයක් දැක්කා වගේ හැඟීමක් ඇති වුනේ. හෙහ් හෙහ්..





උඩ තියන පොත් දෙක ගත්තේ පුතාට.

මේක නිමන්සා එකෙන් නොමිලේ දුන්නේ. සතුට පත්තරේනේ කියලා බොහොම ආසාවෙන් අරගෙන ඇවිත් බැලුවම තමා දුකක් දැනුනේ. අනුර ශ්‍රීනාත් මහජන බැංකුවට විකිණිලා තියන විදිහ දැකලා පොඩි දුකක් දැනුනා හිතට. ඒත් ඉතින් අපි බණ කිව්වට ඒ මිනිස්සුන්ට කන්න අදින්න දෙන්නේ නෑනේ. වරදක් කියනන් බෑ. 

මේ පත්තරේ තනිකරම තියෙන්නේ අනුර ශ්‍රීනාත් ඇඳපු, ලියපු කෙටි කතා. හැබැයි ඒ ඔක්කොම මහජන බැංකුවේ වෙළඳ දැන්වීම්.

ඊළගට තියන ලොකුම අභියෝගය පොත් අරන් ගිහින් ජීවිතේට ආපහු නොදෙන, ඒවා තමන්ගෙ පොත් වගේ වෙන වෙන අයට බෙදලා දෙන උන්ගෙන් මේවා පරිස්සම් කරගන්න එක.




ලියුවේ:
සෙන්නා / 29.09.2018


24 comments:

  1. හා ඉතිං.. දැං ඔය පොත් ටික කබඩ් එකකට දාල ලබන අවුරුද්දෙ සැප්තැම්බර් වෙනකල් ඔහේ තියමු නේද?

    මම හිතන්නෙ ඔහෙට නිකං දීල තියෙන සතුට පත්තරේ ඇඩ් එකක් විතරයි. මොකද ඔය පත්තරේ එන්නෙ බදාදා ලංකාදීප පත්තරේ එක්ක නිකං දෙන එකක් විදියට. ඒකෙ ඔය පීපල්ස් බෑංක් ඇඩ් තියෙන්නෙ අන්තිම පිටුවෙ විතරයි. අනික් ටිකේ වෙන චිත්‍ර කතා තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඒකෙ විශේෂ අතිරේකය කියල ගහල තියෙන්නෙ ඒ හින්දයි.

      Delete
    2. හෙහ් හෙහ්.... ඇත්තම කිව්වොත් මම දැනටම ඕවයෙන් තුනක් කියවලා ඉවරයි..

      මමත් හිතුවේ මේ ඒ ලංකාදීපෙත් එක්ක දෙන එක කියලා...බලද්දි මේක මහජන බැංකුවේ ඇඩ් එකක්නේ...🙄

      Delete
  2. දැක්කම ආස හිතෙන පොත් ටිකක්... උරාපොල හේමාලෝක හිමි ගේ තව පොතක් මගේ ළඟ තිබුනා. පොතේ නම මතක නෑ...උරාපොල හේමාලෝක ස්ථවීර කියලද කොහෙද නම තිබුනේ... ඇත්තටම වැනිසියේ වෙළෙන්දා කතාව හරියටම දන්නේ නෑ තමා. කොහෙන් හරි කියවපු කෙටි කතාවකින් තමා ඕක දන්නේ.. අනිත්පොතුත් කියවපු නැති ඒවා.

    ReplyDelete
    Replies
    1. ශයිලොක් මස් රාත්තලම ඉල්ලුවා කියලා මිසක් වැඩි විස්තරයක් දැනන් හිටියේ නෑ. දැන්නම් දන්නවා..😀

      පැතුම් නිතර පොත් ගන්න නිසා මේවයෙන් කිහිපයක්වත් ළඟ ඇති කියලා හිතනවා...

      Delete
    2. මේ එක පොතක්වත් මගේ ළඟ නෑ සෙන්නා. පොත් ප්‍රදර්ශනේ මිස් වෙන එක හරි පාඩුයි...

      Delete
  3. ගිය අවුරුද්දේ ගියෙත් නැහැ,මේ අවුරුද්දේ ගියෙත් නැහැ.හැබැයි ගිය යාලුවෙක්ට කියලා පොත් දෙකක් ගෙන්නා ගත්තා.

    1) පැරාගේ "කේ පොයින්ට්"

    2) පද්මිනී සෙනෙවිරත්න ගේ "වරණ". සිත්තමිගේ පොතයි,නොකී කතා ලියන "හෙන්රි අයියාගේ" පොතයි සරසවියෙන් ගන්න ඕනේ.

    ඔය චිත්‍ර කතා නම් ඉස්සර "සිත්තර,සත්සිරි" පත්තර වලින් බැලුවාට පස්සේ බලලා නැහැ.

    ReplyDelete
    Replies
    1. ගිය අවුරුද්දෙ ගිහිල්ලා ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැතුව "ඔහොම පොත් තේරුවැකියෑ" කියලා මල පැනලා ආවේ ආයෙ යන්නෑ කියලා හිතාගෙන. ඒත් පුතාගේ විභාගෙකට ගිහින් ටයිම් පාස් කරන්න විධිහක් නැති වුනාම ඔන්නොහෙ ගිහින් බලනවා කියලා ඇටි කෙහෙල් ගහට යන උගුඩුවා වගේ ඔළුව දැම්මා..

      දැන් ඉතින් චිත්‍ර කතා පත්තර එන්නේම නෑනෙ...සතුට පත්තරේ එනවා දැන් බදාදා ලංකාදීපෙත් එක්ක. එච්චරයි.. අනුර ශ්‍රීනාත් එහෙම හොඳ චිත්‍රකතා පොත් ටිකක් ගහලා තියනවා.. "පිස්සු නැත්නම් ශෝක් පුතා", "සිංහයා", "ඉස්කෝලේ යන්න පුතේ" මම ගත්තු කිහිපයක්... තව කෝච්චි කතාවක එකක් තියනවා මට නම මතක නෑ..

      Delete
  4. ශ්‍රීනාත්ල තම හැකියාවෙන් එපායැ ජීවත් වෙන්න බං. ගනං ගන්න එපා එව්ව. මට හරිම සතුටුයි මොකද කුමාර රචනය පොත මං ගාව තියේ..

    ReplyDelete
    Replies
    1. ඒක සහතික ඇත්ත.. එහෙම හරි විධිහක් තියන එක, එක අතකට හොඳයි..

      තව කුමාරෝදයද මොකක් ද එකකුත් තියනවා නේද ?

      Delete
    2. අපි නම් කියෙව්වේ කුමාරෝදය ....එල් එස් ඊ අමරරතන වගේ මහත්මයෙක් ලියලා තිබුනේ. මේ හැට හැත්තැ ගනන්වල කතා. මම වැරදිද මන්දා...

      Delete
  5. නියමයි නියමයි....
    අපි නම් තාමත් ඔය පොත් ප්‍රදර්ශනේ ට ගෙහුං නැහැ කියාන්කෝ...

    ReplyDelete
    Replies
    1. ගෙහුං බලන්නකො එහෙනම් ලබන පාරවත්..

      Delete
  6. සෙන්නා.....පර්ල් එස් බක්ගේ ඒ කතාවේ පරිවර්තනය මම ඒ කාලේ කිහිප වතාවක් කියෙව්වා. ඒක හරිම නැවුම් සහ දිරියමත් ඒ කාලේ. දැන් කියවන දරුවෙක් ඒවා කොහොම ගනීවිද මන්දා?

    මට අපේ මල්ලි දුන්නා පොත් තුනක්....
    1) කේමදාස ....සිංහාවසලෝකනය.....
    2) ප්‍රින්ස්......ප්‍රින්ස් ගුණසේකර ජීවිත කතාව...
    3) අප්පච්චි ඇවිත්....සමන් විcක්‍රම ආරච්චි

    මම ගොඩක් ආස ජීවිත කතා කියවන්න. කැමතිනම් කියවපන්"හොරවපොතානේ පළවෙනි ඩීඅරෝ" කියන පොත/ ලේඛකයාගේ අත්දැකීම්. ඒ පී ඒ ගුණසේකර මහත්මය.

    ReplyDelete
    Replies
    1. ජීවිත කතා හරි රසවත් තමා විශේෂ යෙන්ම දිරියෙන් ජීවිතය ජයගත් මිනිසුන්ගේ කතා...

      පොත හොයා ගත්තත් වෙලාව හොයා ගන්න එක තමා අමාරුව.....

      Delete
  7. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ.. ඒ පැත්තට ගොඩ වැදිලා ආවා..

      දිගටම ලියමු..

      Delete
  8. කියවන්න කියල නලින් ද සිල්වා මහතාගේ පොත් වගයක් මමත් ගත්තා.

    ReplyDelete
  9. මමත් ගියේ අන්තිම දවසේ අහම්බයෙන්. මමත් පොත් සෙට් එකක් ගත්තා. වැඩියෙන්ම ගියේ නිලුක කදුරුගමුව මහත්මයා හරත් වරලැති ලිය. දැන් කියවගෙන යනවා. සෙන්නා චිත්‍රකතා පිස්සා කියළා මම දන්නවා. අනුර ශ්‍රීනාත් අපේ බැංකුවට විකිණිලා කිව්වම මට හිනා ගියා. හේතුව මෙතන සඳහන් කරන්න බෑ. සෙන්නා සමාජ මාධ්‍ය වලත් නැති නිසා ඒක මම ගිල ගන්නම්. මගේ පොත් ලැයිස්තුව ඉංග්‍රීසි සිංහල කලවම් එකක්. මලාලාගේ පොත, ඉරාණයේ ඉතිහාස පොතක්, දේශා කියපු කවිපොත රුවන් බන්ධුජීව, ප්‍රේමකීර්ති මහතාගේ කවිපොත, සමහරවිට සෙන්නා මාව පහු කරගෙන යන්නත් ඇති. :)

    ReplyDelete
    Replies
    1. හරත් වරලැති ලිය නොවෙයි රත් වරලැති ලිය වෙන්න ඕනේ.

      Delete
    2. සූදීක මහජන බැංකුවෙද? මොකක් හරි බැංකුවක කියලා මතකයි ඒත් මොකේද කියලා මතකයක් තිබුනෙ නෑ මට.

      සුදීකත් හොඳ පොත් ටිකක් අරගන තියන හැඩයි..

      මම ගත්තු එදා හෙලදිව පොතේ අර "තත්පර" කියන වචනය යෙදිලා තිබුනා...

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog