24.10.2018
දුක්පත්, අසරණ, එකැස් කාසිමොඩෝ කබලෙන් ලිපට ඇද දමමින් බිහිරකු කරවූයේ ඔහු බෙහෙවින් ඇලුම් කළ සීනූ බව නොත්‍රඩාම් කියවා ඇති පාඨකයන් දනී. නොදන්නා අය එය එසේ යැයි දත යුතුය. සීනු ගැසීම කරණ කොටගෙන එක් කනක් බිහිරි නොවී අනූනවයෙන් බේරුණු අයෙකු පිළිබඳ මම දන්නෙමි. එය අපූරු කථාවෙකි, මේ ඔහුගේ කතාවයි.
Image from : https://www.cartoonstock.com |
අප පාසලේ අපූරු චාරිත්‍රයක් වීය. උදෑසන හතයි තිහට ආරම්භ වන පාසලට ළමුන් සහ ගුරුවරුන් එයට පෙර පැමිණීම කිසිසේත් විමතියකට කාරණයක් නොවන්නේය. එය එසේ විය යුතුය. එසේ පැමිණෙන සමහර ළමෝ ක්‍රීඩා පිටියට වැද සෙල්ලම් කරති, සමහරෙක් පන්ති සහ ඒ අවට මිදුල් පිරිසිදු කිරීමෙහි යෙදෙති. අයෙක් ආපන ශාලාවේය. සමහරු පිට්ටනිය වටා ඇති මහ විශාල මාර ගස් සෙවණෙහි අල්ලාප සල්ලාපයෙහිය. ඒ විශේෂයෙන්ම උසස් පෙළ ළමුන්ය.පිට්ටනියට වැද සෙල්ලම් කිරිමෙහි පුරුද්දක් ඔවුන් කෙරෙහි නොවෙති. පිරිසිදුවට, පිළිවෙළට සිටීම ඔවුන් මහත් සේ අගය කළහ. ඒ නව යව්වනයේ හැටිය. ගුරුවරුද විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙති. සමහරු ගුරු විවේකාගාරයට වැද උදැසන ආහාරය ගනිති. සමහරෙක් පාඩම් වලට සූදානම් වෙති. තවකෙක් පාසල වටා ගමන් කරමින් ළමෝ නිසි පරිදි පිරිසිදු කරන්නේදැයි සොයා බලති. මේ ආකාරයෙන් හතයි තිහට පෙර පාසල කඩි ගුලක් මෙන් කඩිසරය. කාර්යබහුලය.
මේ සියල්ලන් සිටි තන්හීම පාෂාණිභූත කරවනා විධානය එන්නේ මේ කඩිමුඩිය මැද්දෙන්ය. හරියටම උදෑසන හතයි තිහට වදිනා සීනුවට මුළු පාසලම එකවර ගල් ගැස්සෙන්නේය. පළමු සීනූ නාදයට සියල්ලන් තමන් සිටිනා ඉරියව්වෙන් නොසැලී සිටිය යුතුය. පන්දුව දමන්නා පන්දුව නිදහස් කිරීමට යන අවස්ථාවේ සීනුව වැදුණේනම් ඔහු ඒ ඉරියව්වේම නැවතිය යුතුය. පන්දුව පහර දෙන්නාටද එය පොදුය. අතුගාන්නා සිටින ඉරියව්වේන්ම සිටිය යුතුය. යමෙක් කුණු එකතු කිරීමට නැමුනේනම් ඔහු ඒ ඉරියව්වෙන්ම සිටිය යුතුය. පමාවී පැමිණ වැටෙන් පනින්නා එක් කකුලක් පාසල පැත්තට දාමාගෙන සිටීද ඔහු ඒ අයුරින්ම පාෂාණිභූත විය යුතුය. ඉතිරි කකුල ගැනීම පසුවය. මෙලෙස මුළු පාසලම එකම නිශ්චල පිළිම ගොඩක් බවට පත්වන්නේ විසූවියස් විසින් වසා දැමූ පොම්පේ නගරයෙන් මතුවූ මිනිස් රූ සිහි ගන්වමිනි. මෙම අපූරු නීතියට විදුහල්පතිවරයා පවා ගරු කළේය. අවනත වූයේය. යමෙක් එයට අවනත නොවේද හේ විදුහල්පතිවරයා ඉදිරියට පැමිණවීමේ වගකීම ඒ අසලම සිටින ශිෂ්‍ය නායකයා සතු වගකීමකි. නොසෙලෙන පිළිම ගොඩක් මැද, සැලෙන වුන් සොයා ගැනීම ඉතා පහසුය. විනාඩි භාගයකට හෝ විනාඩියකට පසු ඊළඟ සීනුව වදින්නේය. ඒය නැවත සක්‍රීය වීමේ නිවේදනයයි. පන්දු දමන්නාට පන්දුව සම්පූර්ණ කිරීමට ඇති අවසරයයි.පන්දු යැවීම අත් හැර දැමීම ප්‍රායෝගික තත්ත්වයයි. වැටෙන් පනින්නාට අනෙක් කකුල පාසල දෙසට ගැනීමට ලැබෙන අවසරයි. කිනම් පාදය කුමණ පසෙකට ගන්නේ ද යන්න ඔහුගේම තීරණයයි. ළඟ පාත ශිෂ්‍ය නායකයෙක් වෙතොත්, වැටෙන් පනින්නා පිට්ටනිය පිරිසිඳු කිරීමේ දඬුවමට ලක්විම අනිවාර්යයයි. කුණු එකතු කිරීමට නැමුනේ හට නැවත කෙළින් වීමට අවසරයයි. ඉක්මනින් වැඩය අවසන් කළ යුතු බවට දෙන විධානයයි.
එයින් පසු ළමෝ පන්ති වශයෙන් උදෑසන රැස්වීමට පෙළ ගැසෙති. මෙහෙව් විස්මිත පෙළහර පාන සීනුව කෙරෙහි මාගේ වූයේ බිය මුසු ගෞරවයකි. එය අනෙක් ළමුන්ටද එසේම බව මම දනිමි. සීනුව ගැසීමට පත්කර ඇති ළමයා හැරුණු කළ, වෙන කිසිවකුට එය නාද කිරීම සපුරා තහනම්ය. මෙම නීතිය පාසලෙන් පසු කාලය සඳහාද අදාළය. යමෙක් එය නාද කර හසු වුවහොත් දඬුවම ඉතා දරුණුය. ඒවැනි දඬුවමක් වින්දෙකු පිළිබඳ ඇසීමටවත් නොතිබුණි. සියල්ලෝ ඒ තරමට එයට ගරු කළහ. අවනත වූහ. එහෙව් වූ සීනූ රාජයෙකු නාද කොට බැලීමෙහි යටපත් කළ අශාවක් මසිතෙහි කුඩා කළ පටන්ම තිබුණි. සීනු ගසන්නා කෙරෙහි ඊරිසියාව මුසු ගෞරවයක්ද විය. රිද්මයානූකූලව සීනුව නාදය කිරීම කලාවෙකි. ඔහු එහි පිකාසෝය.
කාලය ගලා ගියේය. අප උදෑසන පිට්ටනියට වැද සෙල්ලම් කරන්නන් ගේ ගොඩෙන් ගැලවී, ගස් යටට වී අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නන්ගේ ගොඩට එකතු කරමින් කාලය ගලා ගියේය. දැන් සීනු ගසන්නා අපගේ පන්ති සගයෙකි. මම කොතෙක් එයට ආශා කළද සීනූ ගැසීමෙහි වගකීම ලබා ගැනීමට මාහට නොහැකි විය. ඒ මා ශිෂ්‍ය නායකයකු නොවූ බැවිනි. ඇත්තෙන්ම එය සිත යට තැන්පත් වූ ආශාවක් මිස, වෙහෙස වී ලබා ගැනීමට තරම් උත්තේජනයක් ඇති කළ ආශාවක් නොවුණි. එසේ වූයේ නම් ඒ සඳහා උත්සහයක් යොදා බැලීමට අවස්ථා කොතෙකුත් තිබිණි.
"මචං මම එක දවසක් සීනුව ගහන්නද?" යයි කියා මා කිසි දිනෙක ඔහුගෙන් අසා නොමැත. ඒ, ඔහුට එය අන් අයෙකුට පැවරීමට අවසරයක් නොතිබූ බව මා හොඳින් දැන සිටි බැවිනි.
එදින ගුරුවරයෙකු නොමැති කාලපරිච්ඡේදයක් විය. අප සුපුරුදු පරිදි කයියක් දමාගෙන සිටියහ. සීනු ගසන්නා පන්තියෙහි නොවුවේය. ඔහු කුමක් හෝ වැදගත් කටයුත්තක යෙදී ඇතිවාට නිසැකය. කාලපරිච්ඡේදය අවසන් වීමට ආසන්නය. ඔහු කොහේ හෝ පැමිණ සීනුව ගසන බව අපට ස්ථීරය. සීනූ රාජයා අපගේ පන්තිය ඉදිරියෙහි වූ මාර ගසක හරස් අත්තක එල්ලී එහි දිවෙහි ගැට ගැසූ කඹ කැබැල්ල සුළගේ ලෙලවමින් සිටියේය. සිදු වූයේ අප නොසිතූවකි. කුඩා පන්තියක ළමයෙකු විදුහල්පතිවරයාගෙන් පණිවිඩයක් රැගෙන ආවේය. එයින් කියවුණේ සීනූ ගසන්නා ගැලවිය නොහැකි විශේෂ රාජකාරියක යෙදී සිටිනා බැවින් කාලපරිච්ඡේදය අවසන් කිරීමේ සීනුව නාද කිරීමෙහි අවසරය අප පන්තියේ වූ වෙනත් ශිෂ්‍ය නායකයෙකුට පවරා ඇති බවය. එහෙත් ඔහු සැලෙන්නට විය. "අනේ මට ඕක ගහලා පුරුදු නෑ බන්, උඹ ගහපන්කෝ" යි ඔහු මගෙන් ඉල්ලීය. අගනා අවස්ථාවෙකි. ළමා කාලයේ සිට මුදුන් පත් කරගැනීමට බලාපොරොත්තුව සිටි ආශාවක් ඉෂ්ට කරගැනීමට මහගු අවස්ථාවෙකි. මම මදක් කල්පනා කෙළෙමි. ඊළඟ නිමේෂයේ මම සීනුව වෙත දිව යමින් සිටියෙමි. සුළගේ ලෙලෙනා කඹය අතට ගත්තෙමි. කඹයෙහි ගැට ගසා ඇති සිනූවේ දිව, කඹයෙන් ඇද සිනූ බඳෙහි වැද්දවිය යුතුය. එය රිද්මයානුකූලව කළ යුතුය, එවිට සීනූව ලතාවකට හඬ නගා කෑ ගසනු ඇත. එයයි ක්‍රමවේදය. එය අදිමින් සීනුව සුපුරුදු රිද්මයට නාද කරවීමට උත්සහ කෙළෙමි. අහෝ ඛේදයකි ! එය මා සිතු තරම් පහසු කටයුත්තක් නොවුණි. වෙනදා ඇසෙන රිද්මයානුකූල නාදය වෙනුවට, කඩින් කඩ ඇසුණු අමුතු සීනූ නාදයක් පාසලටම ඇසුණි. අවසර නැත්තෙකු තමන්ව නාද කරමින් සිටිනා බවට සීනූ රාජය මුළු පාසලටම ගතු කේලම් කීවේය. සමහරුන් පන්ති වලින් එබිකම් කරමින් සීනූව දෙස බලනවා මම දුටිමි. සර්පයෙකු අත්හරින්නක් මෙන් කඹය අතහැර දැමූ මා අඩියට දෙකට පන්තියට වැද ගත්තේය. පන්ති සගයන්ගේ සමච්චල් සහගත මුහුණු මේ දැනුත් මට මැවී පෙනේ. සිනූ ගැසීම සිතූ තරම් පහසු කටයුත්තක් නොවන බව මම පසක් කරගත්තෙමි. එය එතෙකින් අහවර යැයි මම සිතුවෙමි. එහෙත් එසේ නොවුණි.
ටිකකින් විදුහල්පතිවරයාගේ දූතයෙකු අප පන්තියේ පෙනී සිටියේය.
"දැන් සීනුව ගහපු කෙනාට ප්‍රින්සිපල් සර් එන්න කිව්වා." කිව්වා යන වචනය පිට වෙන විටත් ඌ පිටවී හමාරය. සීනුව ගහපන්යැයි මට යෝජන කළ සිසුවා මදෙස බැලිය. මා ඔහු දෙස බැලීය. අනෙක් හැමෝම අප දෙස බැලූහ. හද ගැස්මෙහි වේගය වැඩි විය. දඬුවම කුමක්දැයි අවිනිශ්චිතය.
මම විදුහල්පති වරයා ඉදිරියේ පෙනී සිටියෙමි. ඔහු සහ විනය භාර ගුරුතුමා, විදුහල්පතිවරයාගේ කාමරය අසල සිටගෙන සිටියෝය. දෙදෙනාම දිගු වේවැල් දරා සිටියහ.
"තමා කාගේ අවසරයක් පිටද සීනුව ගැහුවේ?" විදුහල්පති වරයා රකුස් මුහුණින් යුතුව ප්‍රශ්න කෙළේය.
"සර් මට අහවලා තමා ගහන්න කිව්වේ, එයාට ගහන්න දන්නෑ කියලා."
"අහවලා කිව්වොත් තමා ගගටත් පනිනවද?" යි යන්න සම්පූර්ණයෙන්ම ශ්‍රවණය නොවූයේ ඒ සමඟ පැමිණි විදුහල්පතිවරයගේ සුරත මාගේ වම් කණ වැරෙන් සිපගත් බැවින්, කණ ඇතුළෙහි සීනු නාද වීමට ආරම්භ වූ බැවිනි. හිසෙන් කොම්බු, කුරුල්ලන්, කොටු, රවුම්, තරු පිටවූ බැවිනි. දරා ගැනිමට අපහසු වේදනාව දරා ගැනීමට මා වමතින් කණ වසා ගත්තේය.
" ආයේ කිසිම දවසක, කවුරු කිව්වත් සීනුව ගහලා අහුවෙන්න එපා. දැන් යනවා."
කණ ඇතුළේ අඛණ්ඩ සීනූ නාදයෙකි. මද වේලාවක් යන තුරු එම කණෙන් කිසිවක් නෑසී ගියේය. දරා ගැනීමට අපහසු දුකකි, වේදනාවෙකි, ලැජ්ජාවෙකි. ඒවා කඳුළු කැට බවට පෙරළී ශරීරයෙන් පිට වූ නමුදු අන් අයට නොපෙන්වීමට මම වගබලා ගතිමි. කණ බිහිරි වේයැයි මා බිය වුවද වාසනාවකට එවැන්නක් සිදු නොවුණි. මාගේ සීනු ගැසීමෙහි ආශාවද එයින්ම වියැකී ගියේය.
ලියුවේ:
සෙන්නා / 24.10.2018
Loba kamak nethuwa atha diga erala wachana liyala tiyanawa..mata mathak une palliye seenuwa.eka wateta loku mee wadayak ehema tibuna...api poojawa iwara wela okkama kelan tika kiyanne ethana mee wade diha balagena 😊😊 athithaya dukak unath sathutak unath mathakayan gonnak...e athithayata giya me kathawath ekka..lassanai...😄😄😄👍👍👍👍
ReplyDeleteස්තූතියි. ඔව් මට මතකයි ඒ සීනු කූඩුව..
Deleteඅහවලා කිව්වොත් ගඟේ පනිනවද කියන එක නම් අපේ අම්මා මට කීසැරයක් කියලා තියනවද දන්නෑ. (පනින්න ඕන උනත් අහල පහල ගඟක් තිබුනෙ නැති එක වෙනම කතාවක්)
ReplyDeleteඉස්කෝලේ සීනුව ගහන එක හරිම ෆන් වැඩක් තමයි. අපේ ඉස්කෝලෙ නම් පියුන් අංකලුයි සිකුරිටි අංකලුයි තමයි වැඩේ කලේ.
ඉස්කෝලේ අමුතු සිරිත අහුවාම වන් ටූ ත්‍රී බම්බල් බී සෙල්ලම මතක් වුනේ මට විතරද?
හප්පේ රූ... දැක්ක කල්..🙂
Deleteඔය කිව්වමයි මටත් බම්බල් බී ව මතක් වුනේ.. ඒකෙත් ඔහොම ගල් වෙන සීන් එකක් තියනවා නේද?
හැක්.. ඔය වැදිල තියෙන්නෙ සීනුව අගේට.
ReplyDeleteමටනං අපේ ඉස්කෝලෙ ඔය සෙල්ලම කරන්න හම්බඋනේ 13 පන්තියෙ ඉන්දැද්දි. එතකොට සීනුව හයි කරල තිබ්බෙ ලැබ් එක ගාව හින්ද ලැබ් එකේ ඉන්න උන්ට තමයි නාද කිරීම පැවරුනේ. මම ඉතිං පන්ති නායකය හින්ද වැඩේ සෙට් උනේ මට උනාට අපේ පන්තියෙ හිටපු හැම එකාම වගේ ඒ කාලෙ ඒක ගැහැව්ව. මිටියකිං බස් රිම් එකකට තමයි කෙලින්න තිබුනෙ.
වැදිලා නේන්නම්.. හෙහ් හෙහ් 😀😀
Deleteබස් රිම් එකකින් සද්දෙ එනවද ?
නැත්තෙ මොකෝ. අපේ ගෙදරටත් ඇහෙනව සද්දෙ.
Deleteඅපේ ඉස්කෝලෙත් තිබුනේ බස් රිම් එකක් තමයි සීනුවට..
Deleteකණ ඇතුළේ සීනු පිට වෙන්න මටත් ගහලා තියෙනවා සර් කෙනෙක්.වෙන ළමයෙක් තව ළමයෙක්ට ගහපු එකට මගේ කණෙන් තමයි සීනු පිට වුනේ.අපේ ස්කෝලේ ඔය සීනු මොකා ගැහුවාද කියලා මතක නැහැ.
ReplyDelete"අර මිහිරි සීනු නාදය" කියලා ලියනගේ අමරකිර්ති ගේ පොතකුත් තියෙනවා.
එහෙම බෝනස් චාන්ස් වදිනවා නරක වෙලාවට 😀
Deleteඒ පොතනම් මම කියවලා නෑ..
මම හිතුවේ මොකක් හරි කතාවක් පරිවර්තනයක් කියල. පස්සේ තමා මීටර් වුනේ.මට නම් ජිවිතේට ඔය චාන්ස් එක හම්බවෙලා නෑ..
ReplyDeleteමේකත් අර කන කැස්බෑවට හම්බෙන ජාතියෙ බොහොම අහබු එකක්...
Deleteකණට ගහන එක මහ අමානුෂික දඬුවමක් නේද? ගහන බූරුවගෙ කෝපයෙ තරමටම, කණ සදහටම බීරි වෙන්න තියෙන ඉඩ වැඩි වෙනව. අනික මට දැං හිතෙනව ඒ කාලෙ ගුරුවරුන්ගෙ පෞද්ගලික ජීවිතයෙ ඇරියස් අපිට ගහල සමනය කරගත්ත කියල. දැනටත් ඒක එහෙමම තමයි මට පේන විදිහට...
ReplyDeleteඅමානුෂිකයි තමා.. ඒත් ඒ කාලේ ඕවයෙ ගානක් අපිටවත්, ගුරුවරුන්ටවත් තිබුනෙ නෑ.. එහෙම දඩුවම් කළා කියලා ගුරුවරුන්ට වෛර කලෙත් නෑ..
Deleteමං හිතන් හිටියෙ අර වගේ ස්වර බිමට වැටෙන්නෙ Cacofonix එයාගෙ ගේ අතුගානකොට විතරයි කියලා..
ReplyDeleteඉතිං අර සීනුව ගහන්ට බයවුන ශිෂ්‍ය නායකයට මුකුත් දඬුවමක් හම්බවුනේ නැද්ද? හරි අසාධාරණයි
අඩේ ඒ cacofonix ද? මම බුවාව ඇදින්නේ නෑනෙ.. :D ස්වර විසි වෙනවා ඔය වගේ කණෙ පාරක් එහෙම වැදුනමත්... :D
Deleteමිනිහට දඬුවමක් හම්බුනා ද කියලනම් දන්නේ නෑ.. හරිනම් හම්බෙන්න ඕනා නේද? විදුහල්පති අණ නොතකා හැරීම සහ වගකීම නොසුදුස්සෙකුට පැවරීම යන චෝදනා වලට...
උඩ කාර්ටුන් එකේ ඉන්නෙ නම් Cacofonix නෙවෙයි මං හිතන්නෙ? බුවා සීනු ගහන්ට ගියෙ නෑ නෙවැ..
Deleteඅනිවා, පොරව ශිෂ්‍ය නායක කමෙන් පහකරන්ටයි වටින්නෙ..
සීනුවෙක් ගහන්න තිබ්බේ ඇත්තට. අද මේ දුක් නෑනේ එහෙනංග හැක්
ReplyDeleteකාටෙයි දැන් දුක්?? 😀😀
ReplyDeleteසෙන්නගෙ කතාව කියෙව්වම මට මතක් උනෙත් අපේ ඉස්කෝලෙ සීනුව ගහපු උන්දා... කීයටවත් කාටවත් පැවරුවෙත් නෑ, කවදාවත් මිස් කළෙත් නෑ... එයා තමයි නිල නොලත් ප්‍රින්සිපල්තුමා... ළමයින්ට පේන්න බෑ... අර පාෂාණිභූත වෙන එක නම් අපේ ඉස්කෝලෙ තිබුනෙ නෑ... තිබුනා නම් මරු, මරු සීන් බලාගන්න තිබ්බා... ෂැහ්, අපරාදෙ...
ReplyDeleteදැකීම හරිම සතුටක් මියුරු.. පරණ blog කරුවෙක්ව දැකීමත් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ බොහොම විරල, සතුට දනවන කාරණයක්...🙂
Deleteඒක නේන්නම්. කාලෙකට පස්සෙ ඇවිත් බලනකොට හරිම දුකක් දැනෙනවා, ළඟම හිටිය යාළුවො නැතිවුනා වගේ. ඔයගොල්ලො තවමත් ඉන්න එක ගැන අවංකවම හරිම සතුටක් දැනෙනවා.
Deleteමේක කියවද්දි මට මතක්වුණේ අපේ ඉස්කෝලෙ සීනුව. ඒකට දවසක් හරි තඩිබාන්න ඕනි කියලා මටත් ලොකු අසාවක් තිබ්බා.
ReplyDeleteඅනේ පව් සෙන්නා.
ReplyDeleteඅපේ ඉස්කෝලේ නම් ඝාන්ථාරයක් තිබුනේ. අර පන්සල් වල තියන ජාතියේ එකක්. මම එහෙම එකක් ගහල තියෙන්නේ ඉතින් සිරිපාදේ ගිහින් තමයි. පස්සේ පස්සේ හැබැයි ඉස්කෝලේ හැම පන්තියකටම ස්පීකර් පෙට්ටි හයි කරලා එකෙන් තමයි සීනුවත් වාදනය කරේ.
අර ගල් වෙන සින් එකනම් මම අහල නෑ මිට කලින්