Thursday, May 4, 2017

එබෝලා රෝගියා | අවසාන කොටස - නික්මයාම

2017 වෙසක් මස 04 වන දා


"නෝල් කතා කරලා මට කිව්වේ ඇම්බ්‍යුලන්ස් එක දෙන්න බෑ කියලා මෙඩිකල් සෙන්ටර් එකෙන් කියනවා කියලා. මම කතා කරලා ලෙඩාට එබෝලා නෑ කිව්වම තමා ඇම්බ්‍යුලන්ස් එක දෙන්න ඒගොල්ලො කැමති වුණේ. අපි මෙච්චර අවදානමක් අරගෙන මහන්සි වෙලා ලෙඩාව අරගෙන එනකොට ඇම්බ්‍යුලන්ස් එක රෙඩි කරලා තියන එකවත් කෙරිලා නෑ." යි කිවේ ඇනුම් පදයක් ලෙසිනි. එයින් ඔහු චෝදනාව නෝල් වෙත පවරා නෝල් විසින් කිසිවක් නිසියාකාරව සිදු කර නැතැයි මිස්ටර් ස්ටීවන්සන් වෙත හැඟවීමේ උවමනාව ගැබ්ව ඇතැයි නෝල් විශ්වාස කෙළේය.

"එහෙම නෙමේනෙ ඩොක්ටර්. අපි ඇම්බ්‍යු......"නෝල්ට අවසන් කිරීමට ඉඩ නොලැබුණි.

"මේ නෝල් මට ඔයා කියන ඒවා අහන්න තවත් උවමනාවක් නෑ. මම මෙතනට ආවේ ඔයත් එක්ක කතා කරන්න නෙමේ. මිස්ටර් ස්ටීවන්සන් එන්න කියපු නිසා." යනුවෙන් වෛද්‍යවරයා වෙතින් නික්මුණු වදන් මාලාව මොහොතකට ඔහුව තුෂ්ණිම්භූත කෙළේය. ඊළඟ නිමේශයේදි කෝපය ඔහුව සිය වසගයට ගත්තේය. නෝල්ගේ මුහුණ රතු වී අඳුර විය. ස්ටීවන්සන් නෝල්ගේ කකුල පෑගුවේය.

"හරි ඩොක්ටර් දැන් වෙච්ච දේවල් වෙලා ඉවරයි. ඩොක්ටර් මේකෙදි ලොකු අවදානමක් අරගෙන සෑහෙන මහන්සි වුණ නිසා අර ලෙඩාගෙ ජීවිතේ බේරුණා කියන එක තමා ඇත්ත. අපේ පැත්තෙන් මොකක් හරි වරදක් වුනානම් මම ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා." යි ස්ටීවන්සන් පවසනු නෝල් අසා සිටියේ කලකිරීම මුසු හිරිකිතයකිනි. තමන්ගේ රාජකාරිය වෙනුවෙන් ලැබෙන වැ‍ටුපට අමතරව මුදල් ඉල්ලා සිටීම කෙතරම් නිහීන ක්‍රියාවක් ද? එසේ කරණ අයවලුන්ගෙන් රාජකාරිය කර ගැනීමට පැමිණෙන්නන් හට සමාව අයැදීමට සිදු වීම කෙතරම් ජුගුප්සාජනකද? සමස්ත පද්ධතිය්ම උඩු යටිකුරු වී රටම රුවිතයට ගමන් කරණ සෙයකි.

"මට තේරෙනවා මිස්ටර් ස්ටීවන්සන්. ඔයා ළඟ තියන වැදගත්කමට තමා ඔයා එහෙම කියන්නේ. නිකමට හිතන්න මම ඔය තරම් අවදානමක් අරගෙන අච්චර ලොකු වැඩක් කළාට පස්සේ මට පන්දාහක් එව්වම, ඒකත් වෙන කෙනෙක් අතේ, මට තියන තත්ත්වය මොකක්ද කියලා." ජරාව කණ හිවලුන්ට ඇති තත්ත්වය කුමක්දැයි නෝල් හිත යටින් සිනාසෙමින් කල්පනා කරයි. "පන්දාහකින් මට අඩුම ගානේ මගෙත් එක්ක ගිය මිනිස්සුන්ටවත් ගෙවන්න පුළුවන්ද? ඒ මිනිස්සුත් නිකන් මාත් එක්ක එන්නේ නෑනෙ. මට සල්ලි ඕනෑ කමකට කියනවා නෙමේ මිස්ටර් ස්ටීවන්සන්, නිකමට කල්පනා කරලා බලන්න මම කියන එක ගැන. ලෙඩාව ගොඩට ගෙනාවයින් පස්සේ අඩුම ගානෙ එකම එක දවසක් මාව ඇවිත් හම්බෙන්න බැරි තරමට නෝල් හෙණ.....බිසි." වෛද්‍යවරයා සමච්චලයට කට ඇදකරමින් කීවේය.

"මිස්ටර් ස්ටීවන්සන් මෙන්න තියනවා ඕගොල්ලන්ගෙ පන්දාහ. මේකත් අරගන්න. මට අවශ්‍ය නෑ ඕකත්. මම සලකන්නෙ මෙක තනිකරම මට කරපු අපහාසයක් කියලා." යි කියමින් වෛද්‍ය ඉමෝටලියන් සිය බෑගයෙන් ගත් ලියුම් කවරයක් ස්ටීවන්සන් වෙත දිගුකළේය.

"එහෙම නෙමේ ඩොක්ටර්, මේ දේවල් නිතර සිද්ධවෙන දේවල් නෙමේනෙ. ඉතින් අපිටත් අදහසක් නෑ කොහොමද ගණන් මිනුම් කියන එක ගැන. ඩොක්ටර් කියන්නකෝ මොකක්ද වෙන්න ඕනා කියලා අපි ඒ විදිහට කරන්නම්."

"මට එහෙම කියන්න බෑ මිස්ටර් ස්ටීවන්සන්. දැන්නම් මට මේකට සල්ලි හම්බුනේ නැතත් කමක් නෑ. මම අද ආවේ සල්ලි ඉල්ලගනත් නෙමේ. මිස්ටර් ස්ටීවන්සන්ට මේ කථාවේ ඇත්ත නැත්ත පහදලා දෙන්න."

"හරි මට තේරෙනවා ඩොක්ටර්. මම හිතලා බලලා ඩොක්ටර්ට ආයෙ කෝල් එකක් දෙන්නම්."

"හරි මිස්ටර් ස්ටීවන්සන්. මම යන්නම් එහෙනම්. මිස්ටර් ස්ටීවන්සන් බලලා ඕන තීරණයක් ගන්න. "

"රයිට් ඩොක්ටර්, මම එහෙනම් ආයෙ කෝල් එකක් දෙන්නම්." යි කියමින් ස්ටීවන්සන් ඔහුට අතට අත දුන්නේය. නැගි සිටි වෛද්‍යවරයා ස්ටීවන්සන් හට අතට අතදී සිය ගමන් මල්ලද ‍රැගෙන පිටත්ව ගියේ නෝල් එහි සිටිනා බවක් නොදන්නවා සේය.

විශාල සුසුමක් පිට කළ ස්ටීවන්සන් නැවතත් වාඩි වුයේ "මුන්නම් මාර සත්තු" යයි සිනාවෙමින් පවසමිනි.

"කොහොමද උගේ කතාව. හොම්බට අනින්න හිතෙනවා මටනම්. හෙහ් වැදගත් කම ! ජරාව කණ බල්ලන්ට කොහෙ තියන වැදගත් කමක් ද?" නෝල් දත්මිටි කමින් හිරකරගෙන සිටි කෝපය දත්කූරු හපමින් පිට කෙළේය.

"ඔහොම බෑ නෝල්. මේවගේ අය එක්ක ඒගොල්ලන්ට ගැලපෙන විදිහට කටයුතු කරන්න වෙනවා. අනිත් එක ඔය මිනිස්සුන්ව අපිට ආයෙ ඕන වෙන්න පුළුවන්නේ. තරහා කරගෙන බෑ. නෝල් මේකෙන් අයින් වෙලා ලෙඩා වෙනුවෙන් කෙරෙන්න ඕනා වැඩ කටයුතු ටික කරන්නකෝ. මම මෑන් ගැන බලා ගන්නම්."

පසු දින එම ස්ථානයේදීම වෛද්‍ය ඉමෝර්ටලියන්ව හමුවූ ස්ටීවන්සන් ඔහුට අතට අත දුන්නේය. 

+++++

නැවූ මැද ඇගිල්ලේ පිට පැත්ත දෙවරක් දොරෙහි වැදී ගියේය.

"ටොක් ටොක්.." ඇතුළතින් ශබ්දයක් නොමැත.

නැවතත් එයම. "ටොක් ටොක්

"Yes, come in please" යි යන්න මෙවර ඇතුළතින් ඇසුණි. එබැවින් දොරෙහි අල්ලුව අල්ලා පහත් කළ නෝල් අඩවල් කළ දොර තුළින් සෙමින් සෙමින් සිය හිස ඇතුළට යොමා විමසිල්ලෙන් ඇතුළ බැලීය. ඇඳ විට්ටමට හේත්තු වු සිටි ඉම්රාන් ඇඳ හරහා යවා තිබූ රෝද මත දුවන ආධාරකය මත තබා ගෙන ආහාර අනුභව කරමින් සිටි අතර ඔහුට ඉදිරියෙන් බිත්තියෙහි සවිකර තිබූ රූපවාහිනිය ක්‍රියාත්මකව තිබුණේය. කාමරයට ඇතුළු වන්නේ කවුදැයි යන කුතුහලයෙන් යුතුව ආහාර ගැනීම මදකට නතර කළ ඉම්රාන් එක එල්ලයේ ඒ දෙස බලාගෙන සිටියේය. නෝල්ව කලින් දැක නොතිබූ බැවින් ඉම්රාන්ගේ මුවෙහි ප්‍රශ්නාර්ථය මුසු වූ පිළිගැනීමේ මදහසක් ඇඳී තිබිණි. 

"හෙලෝ කොහොමද ඉම්රාන්? මම නෝල්"

"හෙලෝ නෝල්. මට දැන් හොඳටම හොඳයි."  යි පවසමින් මදකට නතර කොට තිබූ ආහාර ගැනීම නැවත ඇරඹීය. "නෝල්, කවද්ද මාව ඩිස්චාර්ජ් කරන්නෙ කියලා දන්නවා ද?" යි ඇසුවේ විවර කළ බෝතලයෙන් වතුර උගුරක් උඩ බලා මුවට හලා ගෙන එය ගිල දැමීමෙන් ද අනතුරුවයි.

"මැලේරියා කැම්පේන් එකෙන් කියපු විදීහට බෝහෝ විට අද කෙරෙයි."

"එතකොට මට අදම ෆ්ලයි කරන්න පුළුවන් ද ?"

"ඔව් ඔව්, ඒගොල්ලො අපිට කියලා තියෙන්නේ කෙළින්ම එයාර් පෝර්ට් ගෙනියන්න කියලා. අපි ටිකට් එක කන්ෆර්ම් වෙනකම් ඉන්නේ ඩිස්චාර්ජ් කරන්න."

"ඒක හොඳයි.. අනිද්දා මගේ ලොකු දුවගේ උපන් දිනේ. මම යන්නම ඕනා."

"ආහ් ඇත්තද ? මම හිතුවේ ඉම්රාන් තාම බැඳලා නෑ කියලා!" නෝල් සිය මවිතය පෙන්වමින් ඇසීය.

"මට දුවලම දෙන්නෙක් ඉන්නවා" යි ඉම්රාන් පැවසුවේ සිනා සෙමිනි. නෝල්ද මද සිනහවකින් එයට සම්මාදම් විය. එයින් පසු නෝල් විසින් ඉම්රාන් සිටි තත්ත්වය හා ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා සිදු කළ ක්‍රියාන්විතය ඔහු වෙත විස්තර කර සිටියද හැඟීම් දැනීම් නැත්තෙකු සේ එය අසා සිටියා මිස අඩුම තරමින් ස්තූතියක් හෝ ඉම්රාන්ගේ මුවින් පිටනොවනු නෝල් මවිතයෙන් යුතුව නිරීක්ෂණය කෙළේය.

+++++

එදින් සවස නෝල්, එබෝලා නොවැළදුණු, එබෝලා රෝගියාගෙන් නිල වශයෙන් සමුගත්තේ ඔහුට ගුවන්තො‍ටුපළ බල යාමට අවැසි ප්‍රවාහන පහසුකම්ද සපයා දීමෙන් අනතුරුවය. රාජකාරියකදි, විශේෂයෙන්ම මෙවන් වූ විශේෂ කාර්යයකදි හමු විය හැකි මිනිසුන්ගේ ගුණ දොස් ගැන අපූරු අත්දැකීම් රාශියක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථා විවර කළ මේ කුඩා ඉන්දුනීසියානුවා පිළිබඳ නෝල්ගේ සිතෙහි වචනයෙන් විස්තර කළ නොහැකි අමුතුම හැඟීම සමුදායක් තිබුණි. ආරම්භයේ සිට අවසානය දක්වාම මේ නාටකයේ ප්‍රධන චරිතයක් වෙමින් රෝගියාගේ ජීවිතය බේරගැනීමට දායක වීමට හැකි වීම පිළිබඳ නෝල්ගේ සිතෙහි විශාල තෘප්තියක් විය. සිය වෘත්තීය ගරුත්වය මුදලට පාවා දුන් අයවලුනට එවන්වූ ආත්ම තෘප්තියක් ලද හැකිදැයි නෝල් කල්පනා කරයි. නෝල්ගේ ජංගම දුරකථනය නාද විය. මැලේරියා මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය මිෂෙල්ගේ අංකය ඉහි දිස් විය.

"ඔව් ඩොක්ටර් කියන්න."

"මිස්ටර් නෝල් අර ලෙඩාව ඕගොල්ලො එයාර් පෝර්ට් එකට යැව්වද?"

"ඔව් ඩොක්ටර් මේ දැන් තමා හොස්පිට්ල් එකෙන් වෑන් එක පිටත් වුණේ."

"හරි මිස්ටර් නෝල් බොහොම ස්තූතියි. එයා රටින් පිට වෙනවා කියලා එන්ශුවර් කරගන්න හරිද? අමතක කරන්න එපා අපේ රටේ මැලේරියා නෑ, හරිද?" වෛද්‍ය මිෂෙල් සිනාසෙමින් කීවාය.

කළු, සුදු යන දෙවර්ගයේම අයවලුන් ඇස්පනාපිට ප්‍රදර්ශනය වෙමින් ඇති මොහොතක, කළු ගැන පමණක් සිතා සිත කලකිරවා ගත යුතු නොවේයැයි සිතූ නෝල්, කාර්යාලය බලා යාමට සිය මෝටර් රථයට ගොඩ විය. 


-නිමි-

ලියුවේ;
සෙන්නා / 04.05.2017

23 comments:

  1. Replies
    1. ඈහ්...!! මෙයත් ඉන්නවා කියලා මම දැනන් උන්නෑනෙ...
      Thank you, anyway..

      Delete
  2. බෙල්ල ගාවට හිර කරල සියළු රෙදි ලිහා දැමම් වගේයි අවසානය නම්. අර සියළු කොටස් වල ගතිය කෑවා.. එකම දේ ඉම්රාන් ගේ දූ ගැන දැනගත්ත එක විතරයි.. තරහයි. හිටිං... මම කලින් කොටස් දෙක තාම කියවල නෑ.. ඒක නිසා මේ කමෙන්ට් එක මුළු කතාවටම අදාළ නෑ.. හැක්.. චියර්ස් මේට්..

    ReplyDelete
    Replies
    1. හැක්.. මට ඕනා වුනේ බොලාලව කන්දක් උඩට ගෙනත් පල්ලෙහාට තල්ලු කරන්න...:D

      Delete
  3. දේශා වගේම මාත් කියෙව්වේ මේ කොටස විතරයි තාම. විවේකීව කියවනවා මුල් ටික.

    ReplyDelete
    Replies
    1. උඹ වගේ නෙමෙයි මං කෑලි හතක් කියවල ඉන්නෛ්... තොපිත් එක්ක බොන්න ගියායිං තමා ඒ දෙකත් මිස් උනේ..

      Delete
    2. බොන්න එපා කියන්නේ ඕක තමා, බොලාලට...

      Delete
    3. ආ මෙන්න ලෝටස් අජිත් ෂෙයා කරපු වීඩියෝ එකක්..

      https://www.facebook.com/wixvos/videos/926064787534480/

      Delete
  4. උඹේ මේ අවසානය ගැන මම නම් සතුටු නැහැ සෙන්නයියේ.
    කතාව හදිසියෙන් ඉවර කරලා වගේ.

    ReplyDelete
    Replies
    1. එහෙමම නෑ බන්..සයුරිට දීපු උත්තරේ ටිකක් බලහන්කෝ...

      නිකමට අහන්නේ, මොන වගේ අවසානයක්ද බලාපොරොත්තු වුනේ..?එබෝලා රෝගියා මැරෙයි කියලා වගේ එකක් ද?

      Delete
    2. බොහොම ස්තූතියි මනෝජ් කතාව එක්ක මුල (2016 :D) ඉඳන්ම හිටියට.

      Delete
    3. //නිකමට අහන්නේ, මොන වගේ අවසානයක්ද බලාපොරොත්තු වුනේ.//

      ඇත්තටම මම දවසක් දෙකක් මේ ගැන කල්පනා කෙරුවා.පස්සේ මට අවසානයක් හිතා ගන්න බැරිව මේක අමතක වෙලා ගියා.සෙන්නයියේ ගේ අලුත් පොස්ට් එක දැක්කායින් පස්සේ තමයි මට ආයෙමත් "එබෝලා"කරයාව මතක් වුනේ.
      එනිවේ මම හිතුවේ "ඉම්රාන්"මැරෙන්නේ නැතුව අර කෙල්ලට සාධාරණය ඉටු කරන්න යාවි කියලා.හරියට හින්දි පිච්චර්වල වගේ.

      Delete
    4. ඇත්ත තිත්තයි මනෝජ් :D

      Delete
  5. මටත් මුල මැද අග පැටලිලා හක්ක පාත්වෙලා ඉන්නේ...
    හිටහන් ආයෙත් මුළ ඉඳල ඔක්කොම කියවගෙන එන්න ඕනේ...

    මනෝජ් කිව්වත් වගේ උඹ ලොකු හදිස්සියකින් කතාව ඉවර කලා වගේ දැනුනා... ;(

    ReplyDelete
    Replies
    1. ආයෙ කියවලා වරෙන් ලොකු පුතා. කිසිම හදිසියක් නම් තිබුනේ නෑ බන්... මම මුල ඉඳන් හිතන් හිටිය විධිහට කතාව ඉවර කළා....අන්තිම ටික කට්ටි⁣යට ෆාස්ට් වැඩියි වගේ කියලා දැන් මට හිතෙනවා...

      Delete
  6. මට ඇත්ත කියන්ටෝන අයියේ...මේක අවසාන කලේ කලින් හිතාගෙන හිටිය විදියටමද නැත්නම් අතරමගදී වෙනස් කරන්න හිතුනද? ලාගෝස් ගැන මුල් කොටසේ අච්චර විස්තර කරනකොට මම හිතුවේ ඒක කතාවට ආපහු සම්බන්ධ වෙයි කියලා. ඒ වගේම කෙමී ත්. ඒ කොටස්වලදී කතා නායකයා ඉම්රාන් කියලයි හැඟෙන්නේ. පස්සේ ඒක නෝල් අතට ගියා.
    සමස්ථයක් හැටියට කතාවේ හරය කියලා මට හිතෙන්නේ අල්ලස දුෂණයෙන් පිරිච්ච සමාජයේ ජීවත් වෙන කළු සුදු සහ අළු මිනිසුන්ගේ එකතුවකින් නිරූපණය වෙච්චි සිද්ධියක් හැටියටයි. ඒකෙ ඇත්තටම හිතන්න යමක් තියනවා.
    ටාර්සන් මාදිලියේ කතාවක් ගැන හිතාගෙන හිටපු මගේනම් බලාපොරොත්තු සුන් වුනා තමයි. ඒත් කතාවක ගුණාගුණ අවසානය දිහා බලලා විතරක් තීරණය කරන්න බැහැ නේ. මේ මුළු කතාවම කියවද්දී අපිට දැනිච්ච කුතුහලය, හිතේ ඇඳිච්ච රූප උපරිමයෙන්ම විඳින්න පුළුවන්. ඉතින් කතාව "හෝස්" ගාලා ඉවර උනාට අවුලක් නෑ. ජයෙන් ජයම වේවා !! :)

    ReplyDelete
    Replies
    1. සයුරි නඟා, මේක නිශ්චිත අවසානයක් තිබුනු කතාවක් බව කියන්නම වෙනවා. කතාව කිසිම විධිහකින් අතර මඟදි වෙනස් කලේ නෑ.

      කතාවකට හැම වෙලේම අපි බලාපො⁣රොත්තු වෙන අවසානයක්ම තියෙන්නම බෑ නේද? කතා නායකයොත් එකකට වඩා ඉන්න පුලුවන්.. මට ඇත්තටම ඕනා වුනේ ඒ ජාතියෙ අමුතු හැඩයක කතාවක් ගොතන්න.. හැමෝම වගේ අවසානයට කැමති නෑ කියලා පේනවා...අඩුම ගානේ තව දවසක් දෙකක් යනකම්වත් මේ කතාව පාඨකයන්ගේ ඔළුවෙ හොල්මන් කළොත් මම සාර්තකයි....

      සයුරි කතාවේ හරය ගානට අල්ලගෙන තියනවා.. අල්ලස දූෂණය කොච්චර ගැඹුරට කිදාබැහැලද කියනවනම් පණ අදින රෝගියෙක්වත් ඒකෙන් බේරෙන්න බැරි තැනට ඇවිත්!!

      කතාව එක්ක ආරම්භයේ ඉඳන් හිටියටත්,එබෝලා රෝගියාට මොකද වුනේ කිය කිය ලියන්න උනන්දු කලාටත් බොහොම ස්තූතියි.

      ජය !!

      Delete
    2. අපේ කෙට්ටු තිසර එනකං මුකුත් කියන්න බෑ මට..

      Delete
  7. මුල හරියේ සිදුවීම් පුද්ගලයෝ හා ස්තාන විස්තර කරපු ආකාරය බැලුවමනං මේක මෙච්චර ඉක්මණට ඉවර වෙන්න බෑ..

    උඹේ උත්සාහය රාජකාරි කරද්දි හම්බෙන සුදු කලු සහ අලු මිනිස්සු ගැන කියන්න නම් උඹ සාර්තකයි .. මට නිකමට හිතෙනවා මේක උඹේ අත්දැකීමක් වත්ද කියලත්..

    ReplyDelete
    Replies
    1. "මුල හරියේ සිදුවීම් පුද්ගලයෝ හා ස්තාන විස්තර කරපු ආකාරය බැලුවමනං මේක මෙච්චර ඉක්මණට ඉවර වෙන්න බෑ.."
      ඕක නීතියක්ද? රීතියක්ද ?

      "......මේක උඹේ අත්දැකීමක් වත්ද.."
      හැහ්...කොන්ටෙයාන්ස් කියන්නේ මනංහ්කල්පිත නඟරයක් බන්ස්...

      ස්තූතියි කමියා දිගටම හිටියට...



      Delete
    2. //ඕක නීතියක්ද? රීතියක්ද ?// මොන ලබ්බක්ද මං දන්නේ නෑ බං.. ඒත් අපි ඉතිං එහෙම පුරුදු වෙලානේ.. මේක මෙහෙම හතරබීරි විදියට ලියන්නේ කියල උඹ පුන පුනා කියද්දීවත් (නවවෙනි කොටසට මම දාපු කොමෙන්ට් එකටත් කියල තියෙද්දී) අපිට බැරි උනානේ දරා ගන්න.. හැක්.

      Delete
  8. අකුරු හරඹය ඔස්සේ පාඨකයා වාණිජ නැවක් හා බැඳුන පරිසරයකට අරන් ගිය මේ කතාව ගොඩාක් සිත්ගත්තා. සෙන්නා ලොබ නැතිව කරන වටාපිටාව වර්ණනාව ආගන්තුක පරිසරයකට හුරුකරන්නේ බොහෝම සූක්ෂමව, සුන්දරව. කතාව පුරා දකින්න තියෙන ක්ෂේත්‍රය හා බැඳි යෙදුම් වලට ඔබ යොදාගත් සිංහල වචන මාලාවට මා ගොඩාක් කැමතියි.

    ඉම්මරාන්-කෙමී කතාවෙන පටන් ගත් පළමු කොටසින්, කොන්ටෙයාන්ස් රාජ්‍යය සිතේ අඳින්නේ පරිස්සමෙන් එහෙත් අළු-කළුව එලාම් කරමින්. එතැන් පටන් මහ සයුරේ සුළු රළවල ලස්සන විඳිමින් වගේම රළු රළ අතරේ ඉදිරියට ඇදෙන විසල් නැවක් හා ෂිපිං ඒජන්ට් භූමිකාවේ රාජකාරී හා මානුෂික ක්‍රියාන්විතයේ අභියෝගය ගෙනහැරපාන්නේ අද ලෝකය පුරා දකින්න තියෙන ගිජුලිහිණි බියිරෝක්‍රසියේ දුර්වර්ණ පැත්ත.


    කතාව පෙරට ඇදෙන ගමන්, විටෙක රිවර්ස් ගිහින් ලියන ක්‍රමයට මං කැමැතියි. හැබැයි ඒ ක්‍රමය පාඨකයා මහන්සි කරවනවා, විශේෂයෙන් කොටස් හැටියට ලියන කතාවකදී. මේ ක්‍රමය මං අත් හදා බලලා, දොස් අහපු වාර අනන්තයි.

    අසාධ්‍ය තත්වයක හිටි ලෙඩා ගැන පාඨක බලාපොරොත්තුව වෙනස් ඇති, ඒත් ලොඩා ගොඩ දාන ක්‍රියාන්විතයේ දී මුහුණ දුන් අවපැහ තැන් ද සිස්ටම් එකේ සැන්විච් වූ නෝල් නැමති චරිතය කතාව අවසානයට ආ හැටි ප්‍රැක්ටිකලි අගේය. කතාව පුරා බැටකන තනතුරක ඉන්න නෝල් සුවවී නික්ම යන පුද්ගලයාගේ සුළු ස්තුතියකට බාග්‍යය ලද්දෙකු නොවිය.

    අවසන් කොටස ද උණු උණුවෙම කියවූ නමුත් කොමන්ට් කරන්න පමා වුනා.

    ReplyDelete
    Replies
    1. ඩීන් අයියා, මුල ඉඳන්ම කතාව එක්ක හිටියටත්, ගුණ දොස් පෙන්නුවටත්, දීර්ග විචාරයටත්, අගය කිරීමටත් නොවක් තුති. ⁣

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

Sex Scene හෙවත් අසභ්‍ය‍ දර්ශණ

අගෝස්තු 26, 2024 නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන්...

Search This Blog