Thursday, April 27, 2017

"එබෝලා රෝගියා" නැවතත්.............

2017 බක් මස 23 වන දා

නවමු ආරක් ගත් "එබෝලා රෝගියා" කෙටි නවකතාව නැවතත් රස විඳීමේ භාග්‍යය හෝ අභාග්‍ය ඔබ සැම වෙත ලැබෙන බව කුරුන්ද පාඨක සැමට මෙසේ සතුටින් දන්වා සිටීමි. නොවැළැක්වියහැකි හේතූන් ගණනාවක් නිසා කතාව අතරමග නතර වීම හේතුකොටගෙන ඔබ සැමගේ රසවින්දනයට සිදු වූ බාධාවට සමාව අයදින අතර නැවතත් කතාව අතර මග නතර වෙදෝයි යම් කුකුසක් වේනම්, කතාව සම්පූර්ණයෙන් ලියා එළබෙන 24 වන සඳුදා සිට දිනපතා කොටස බැගින් දින දහයක් ඇතුළත සම්පූර්ණයෙන් කියවා අවසන් කිරීමට හැකිවන පරිදි සියල්ල සකසා අවසන් බව දැනුම් දෙන්නේ ඉමහත් චිත්තප්‍රීතියකිනි.


මෙය සිංහල වියුණු පාඨකයනට පමණක් නොව සමස්ත සිංහල පාඨක වර්ගයාටම නවමු අත්දැකිමක් වනවා නො අනුමානය. ඒමන්ද යත් කතාවට පසුබිම් වන ක්ෂේත්‍රය අළලා ලියවී ඇති කතා සංඛ්‍යාව අල්ප නොව ඇත්තේම නැති තරම්ය.

රසවින්දනයේ පහසුව තකා කතාව නැවතත් මුල සිට පළවන අතර මුල් කොටස් හතර කියවූ පාඨකයන් හට කතාව නැවත මතක් කරගැනීම උදෙසා එය ප්‍රයෝජනවත් වේ යැයි හඟිමි.

එසේනම්, එළබෙන 24 වන දින උදෑසන 07:00 ට කුරුන්දට ගොඩ වැදී, කුරුඳු ගසක් ලෑටි ගා යථාර්ථයේ දැවිල්ල සහ තිත්ත රසය විඳ ගන්නා මෙන් ඔබ සැමට මෙයින් ආරාධනා !

"කොන්ටෙයාන්ස්" යනු මනහ්කල්පිත නගර රාජ්‍යයක් බව තරයේ සිහි තබා ගන්න.

පහත සබැඳි වලින් ඔබට කතාව පළවූ අනුපිළිවෙලට කියවියහැකිය.

සෙන්නා / 23.04.2017



2017.04.24 - එබෝලා රෝගියා | පළමු කොටස - ලේගෝස්, නයිජීරියාව

2017.04.25 - එබෝලා රෝගියා | දෙවන කොටස - කොන්ටෙයාන්ස්
2017.04.26 - එබෝලා රෝගියා | තෙවන කොටස - පලායාම සහ ලුහුබැඳීම
2017.04.27 - එබෝලා රෝගියා | සිව්වන කොටස - අසාධ්‍යය වීම



29 comments:

  1. පහුගිය ටිකේ එබෝලා කලින් පොස්ට් කීපය නැවත කියෙව්වා, අලුත් කොටස් ටික කියවන්න බලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩීන් අයියා හැමදාසම දෙන නොමසුරු සහයට. වැඩිකල් බලා ඉන්න වෙන්නෑ ආයෙ...හෙට වෙනකම් විතරයි..

      Delete
  2. ආපෝ ඇති යන්තම්!!!

    ReplyDelete
    Replies
    1. රූ, ඉවසිල්ලේ බලා සිටියාට තුති...

      Delete
  3. Replies
    1. ප්‍රසා, මේ යනවා...

      උඹලත් පස්සෙන් එයි කියලා හිතනවා :D

      Delete
  4. මා බලා සිටියා එබෝලා
    විසිහතර පාන්දර ඉදන්
    නෑ ඒත් තව පච කෙලින්නේ
    රසට රසයැයි අපි තවාලා..

    ReplyDelete
    Replies
    1. උඹට නං සංගීතය කියන එක පිහිටලා නෑ බං... ඕක මෙහෙමයි...

      මා බලා සිටියා එබෝලා
      අද උදේ ඉඳලා.....
      නෑ ඒත් තව පච කෙලින්නේ
      තාම නෑ දමලා....

      එබෝලා... එබෝලා... එබෝලා.. එබෝලා...

      Delete
    2. දේශා, කියපු විධිහටම දමා ඇත.. ඒත් මොකක්දෝ අවුලක් නිසා ඒක බ්ලොග් රෝල් වල උඩට එන්නෑ... ඔන්න මේ පෝස්ට් එකේ යටින් ලින්ක් එක දැම්මා ඒක නිසා..

      දුක තමා.. බ්ලොගර් කාරයත් අසරණ රෝගීන්ටම තමා පාර්ට් දන්නෙ...

      Delete
    3. මම ස්වතන්ත්‍ර කනු නිර්මාණයක් කරාම,, ඒ අරගෙන පරණ සින්දුවක මෙලිඩියට දාපු එකාව මෙව්ව කරමු..

      සෙන්නා.. උඹට ඇයි බං හැමදාම මේ හාදයන්ගෙන් කරදර.. ඒකට එකම විසදුමයි තියෙන්නේ.. නීට්ටැවෝ පොත සිංහලෙන් එන්න ඕන

      Delete
    4. //ස්වතන්ත්‍ර කනු// හැක හැක

      Delete
    5. "නීට්ටැවෝ පොත සිංහලෙන් එන්න ඕන"..
      අල්ල ගනින් අර ටිකලද මොනව ද බොන එකාව.. :D

      තිසර මොනවා වුනත් ඌට ඇත්ත ලියවිලා තියනවා.. හැක හැක...

      Delete
  5. අලුත් කොටස එනකම් තමයි බලාන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      දාලා තියෙන්නේ..හැබැයි අප්ඩේට් වෙලා නැත... කෙලින්ම කුරුන්ද ඩයල් කරන්න.. පෝස්ට් එක පේන්න තියනවා එතකොට...

      Delete
  6. මම නම් ලෙඩා මලා කියල අමතක කරලා දාල තිබුනේ. හෙහෙ හෙහ් ආයේ ලියපු එක නම් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. දෙවන කොටසේ ලින්ක් එක වැඩ කරන්නේ නෑ
      Sorry, the page you were looking for in this blog does not exist.

      Delete
    2. හෙහ් හේ..

      පැතුම්, දෙවෙනි කොටස හෙට නිකුත් වෙන්නේ..

      Delete
    3. ලින්ක් එක හෙටම දැම්ම නම් හරි නේ.. හෙහ් හෙහ්..

      Delete
    4. ඔය පරණ ලින්ක් පැතුම් අමතක වෙලා එහෙම්මම දැම්මා..

      Delete
  7. මුල් කොටස් කියෝලම එන්නම් සෙන්නා.

    ReplyDelete
    Replies
    1. දුකා, ඊයෙ ඉඳලා ආයෙ මුල ඉදන් යන්නේ කතාව. මේ පෝස්ට් එකේ යටම තියනවා ලින්ක් ටික...

      Delete
  8. ආයි එබෝලා කතාවක් ආවේ කොහොමද කියලා මම මේ බැලුවේ. තේරුණේ දැන් තමයි.

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog