Sunday, April 30, 2017

එබෝලා රෝගියා | සය වන කොටස - කඹ ඇදීම

2017 බක් මස 30 වන දා


වරායපතිවරයාගේ අංකය තිරය මතට ගත් නෝල්, නැවතත් මොහොතක දෙගිඩියාවක පසු විය. ඊළඟ නිමේෂයේ දැඩි කරගත් සිත විසින් නිකුත් කළ විධානයෙන් නැවී ගිය වමතේ මහපට ඇඟිල්ලෙන් ඇමතුම ගැනීමේ විධානය ක්‍රියත්මක වූ අතර දුරකථනය නෝල්ගේ වම කනට තද වුණි. නෝල් අනෙක් පසින් ඇසෙන නාදයට සවන් යොමුකරගෙන සිටියේ ඉමහත් නොඉවසිල්ලකිනි. 

"හෙලෝ..."අවසානයේදි අනෙක් පසින් නෝල් බලාපොරොත්තුවෙන් සිටි හඬ ශ්‍රවණය වුණි.

"ගුඩ් මොර්නිං කැප්ටන්. සොරි මේ වෙලාවේ ඩිස්ටර්බ් කරනවට. මම නෝල් කතා කරන්නේ XYZ ශිපින් ලයින් එකෙන්"

  "ගුඩ් මොර්නින්, ඒක ප්‍රශ්නයක් නෑ, කියන්න."

"කැප්ටන් මම කතා කරන්නේ අර පේෂන්ට් කෙනෙක් ඉන්න චැලෙන්ජ් ඔෆ් ද ඕෂන් නැව ගැන. නැව දැන් එළියේ ඇවිත් තියෙන්නේ. පෝර්ට් කන්ට්‍රෝල් එකෙන් කියනවා කැප්ටන් ඉන්ස්ට්‍රක්ට් කරලා තියනවලු ඩොක්ටර් යනකම් නැව බර්ත් කරන්න එපා කියලා."


"ඔව් මම එහෙම කිව්වා තමා. ඒ නැව එන්නේ එබෝලා ඉන්ෆෙක්ටඩ් කන්ට්‍රි එකක ඉඳලානේ"


"කැප්ටන් අපි ඩොක්ටර්ගේ ක්ලියරන්ස් එක අරගත්තා ඊයේ, එයා රෝග ලක්ෂණ බලලා කියුවා, මේ පේෂන්ට එබෝලා ලක්ෂණ නෑ කියලා. අපි ක්ලියරන්ස් එක පෝර්ට් කන්ටොර්ල් එකටත් හෑන්ඩ් ඕවර් කරලා තියෙන්නේ."


"ඩොක්ටර් කොහොමද නැවට යන්නැතුව ක්ලියරන්ස් දෙන්නේ ? මේක සාමාන්‍ය ලෙඩක් නෙමේනේ..!"


"ඒ වුණාට කැප්ටන් අර මනුස්සයා පණ අදිනවා. නැව බර්ත් කරන්න පරක්කු වුණොත් මැරෙන්න වුණත් පුළුවන්."

"නෝල් මේක අහන්න, ඒ මනුස්සයා මැරුණොත් මට ඒකට කරන්න දෙයක් නෑ. මම හාබර්මාස්ටර් හැටියට, රට ගැන, පෝර්ට් එක ගැන හිතන්න ඕනා. එක් කෙනෙක් වෙනුවෙන් මට මුලු රටක්ම අනතුරේ හෙළන්න දෙන්න බෑ. අනිවාර්යයෙන් ඩොක්ටර් නැවට ගිහින් චෙක් කරලා කියන්න ඕනා. එතකම් නැව බර්ත් වෙන්නේ නෑ."



"ඒක හරි කැප්ටන් මාත් එකඟයි ඒකට. මටත් ඕනා නෑ කොහෙවත් යන වසංගතයක් අපේ රටට ගෙනත් දා ගන්න. මගේ ප්‍රශ්නේ මේක කලින් නොකියපු එකයි. එහෙම වුනානම් අපිට කලින්ම ඩොක්ටර්ව ඇරෙන්ජ් කරල තියන්න තිබුණානේ. මේ හදිස්සියේ බෝට්‍ටු හොයන්නත් බෑනේ."



"ඇයි මන් ඔයාට මේල් එකක් එව්වේ නැද්ද ?" වරායපති වරයා ඇසුවේ දැඩි හඬකිනි.



"මේල් එකක් එව්වා තමා කැප්ටන්, ඒකෙ තිබුණේ හෙල්ත් ක්ලියරන්ස් ගන්න කියලා විතරනේ. අපි ඩොක්ටර්ට කිව්වම එය සෞඛ්‍ය සංවිධානයෙනුත් චෙක් කරල තමා ක්ලියරන්ස් එක දුන්නේ නැව බර්ත් කරන්න. එයා කියන්නේ මෙයාට තියෙන්නේ එබෝලා නෙමේ කියලා. එයාමයි කිව්වේ නැවට යන්න ඕනා නෑ කියලා."



"නෝල් ඔයා ඒජන්ට් කෙනෙක් හැටියට දැන ගන්න ඕනා මොනවද කෙරෙන්න ඕනා කියලා. ඔයාට පැහැදිලි නැත්නම් මට කෝල් එකක් දෙන්න තිබුණා. ඔයා අඩුම ගානේ මට කෝල් එකක් දෙන්නවත් උනන්දු වුණේ නෑ මේ ගැන, මේ දැන් කතා කරනකම්."



තව දුරටත් තර්ක් විතර්ක කිරීමෙන් පලක් නොමැත. වරායපතිවරයාගේ ස්ථාවරය පැහැදිලිය. රෝගියාගේ ජීවිතය ගලවා ගැනීමටනම් වහාම වෛද්‍ය වරයාව නැවට පිටත් කොට හැරිය යුතු බව නෝල්ට අවබෝධ වුණි.



" හරි කැප්ටන් මම බලන්නම් මොකක්ද කරන්න පුළුවන් කියලා. බෝට් එකක් යවන්න, කැප්ටන්ගේ, නේවි එකේ ඇපෘවල් ගන්නත් වෙනවා. දැන් ලියුම් ගහන්න වෙලා නැති නිසා කැප්ටන්ට පුළුවන්ද වර්බල් ඇපෘවල් දෙන්න. මම පස්සේ එවන්නම් ඩොකුමන්ට්ස්, ඇපෘවල් වලට."



" OK Knowll, you have my permission. I'll instruct the port control. You obtain the Navy permission. "


"All right Captain. Thank you very much !"


+++++



නෝල්ගේ ඊළඟ ඇමතුම ප්‍රින්ස්ටය.



"හෙලෝ ප්‍රින්ස්. අපිට දැන් ඩොක්ටර්ව නැවට යවන්නම වෙනවා. ඩොක්ටර් නැවට ගිහින් බලලා තීරණයක් දෙනකම් නැව බර්ත් කරන්නෑ කියලා හාබර්මාස්ටර් කියනවා. ඔයා දැන්ම යන්න පෝර්ට් හෙල්ත් ඔ‍ෆිස් එකට. ගිහින් ඩොක්ටර්ට විස්තරේ කියලා ඉක්මනට නැවට යන්න අවශ්‍යයි කියන්න. මම එතකම් බෝට් එකක් ඇරෙන්ජ් කරගන්න බලන්නම්. ඔයා ඩොක්ටර්ව හම්බෙලා මට කෝල් එකක් දෙන්න. අපි ඉක්මන් කරන්න ඕනා ප්‍රින්ස් නැත්නම් මේ මනුස්සයා මැරෙනවා."



"හරි නෝල්, මම දැන්ම යන්නම් ඩොක්ටර් ගාවට"



දුරකථනය විසන්ධි කළ නෝල් දිගු සුසුමක් හෙළමින් මද කල්පනාවක නියැළුණි. මේ හදිසියේ බෝට්‍ටුවක් පිළියල කරගැනීම ලේහෙසි පහසු කටයුත්තක් නොවුණි. ගැටලුව ඇත්තේ බෝට්‍ටුව ලබා ගැනීමෙහි නොවේය. ඒ සඳහා ඕනෑ තරම් සැපයුම් කරුවන් සිටිති. නාවික හමුදා අවසරය ලබා ගැනීම කරන්නේ කෙසේදැයි නෝල්ගේ සිතට වද දුන් ප්‍රශ්නයයි. ගැටලුවක් ඇත්නම් පිළිතුරක්ද තිබිය යුතුය. නෝල් සිය සුපුරුදු බෝට්‍ටු සැපයුම් කරුවන කීත් ඇමතීය.



"කීත්, මට ලොකු හදිස්සියක්. දැන්ම බෝට් එකක් ඕනා අවුට් හාබර් එකට ඩොක්ටර් කෙනෙක්ව යවන්න. තියෙයිද ගන්න?"



"දෙන්න පුළුවන් නෝල්. ලෙඩෙක් ඉන්නවලු නේද නැවක?"



"ඔව් කීත්, මිනිහා පණ අදිනවාලු. මොනා හරි කරන්න වෙනවා ඉක්මනට. කොහොමද නේවි පර්මිෂන් ගන්නෙ මේ වෙලාවේ?"



"පොඩ්ඩක් ඉන්න, මම නේවි එකට කතා කරලා වර්බල් පර්මිෂන් ගන්න බලන්නම්. හදිසි අවස්ථාවක් නිසා සලකා බලයි. මම ඔයාට කෝල් එකක් දෙන්නම්. ඔයා ඉතුරු වැඩ ටික ලෑස්ති කරගන්න නෝල්, බෝට් එක දැන් වුණත් දෙන්න පුළුවන්."



"බොහොම ස්තූතියි කීත්. මම තව ටිකකින් ඔයාට කෝල් එකක් දෙන්නම්."



කීත් ගේ ඇමතුම විසන්ධි කළ සැණින් නැවතත් නෝල් ගේ දුරකථනය නාද වන්නට විය. ඒ ප්‍රින්ස්ය.



"නෝල් ඔයා දැන්ම ඩොක්ටර්ට කෝල් එකක් දෙන්න. ඔයාට කතා කරන්න ඕනලු. මොනවද වැල්වටාරමක් දොඩවනවා. මම හිතන්නේ ඔය හදන්නේ ජරාවක් කන්න."



"ඒකත් එහෙමද? මුන්නම් මහ පුදුම සත්තු. කවුද ඩියුටි ඉන්න ඩොක්ටර්?"



"ඩොක්ටර් ඉමෝටලියන්"



"හරි මම දැන් ගන්නම්."



වෛද්‍යවරයා ඇමතූ නෝල් අනෙක් පසින් ප්‍රතිචාර දක්වන තුරු නොයිවසිල්ලෙන් පසු වූයේය. ඒ අතර වාරයේ වෛද්‍යවරයා කිනම් කාරණයක් පවසාවිද යන දෙගිඩියාව ඔහුගේ සිත පෙලීය. පීඩනයට පත් කෙළේය.



"හෙලෝ...." ඒ වෛද්‍යවරයාගේ ආමන්ත්‍රණයයි.



"හෙලෝ ඩොක්ටර්, මම නෝල් කතා කරන්නේ. ප්‍රින්ස් මට කිව්වා ඩොක්ටර්ට කෝල් එකක් දෙන්න කියලා. මේ අර පේෂන්ට් කෙනෙක් ඉන්න නැව ගැන."



"ආ ඔව් නෝල්.. මට ප්‍රින්ස් කිව්වා නැවට ඩොක්ටර් කෙනෙක් යවන්න කියලා හාබර්මාස්ටර් කිව්වා කියලා. අපි මේක බලලා අනුමැතිය දිලානේ තියෙන්නෙ, නැව ඇතුළට ගේන්න. මේ ලෙඩාට එබෝලා ලක්ෂණ නෑ. මම ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් චෙක් කරලයි කිව්වේ. ඉතින් මොකටද ආයේ ඩොක්ටර් කෙනෙක් නැවට යන්නේ?"



"ඩොක්ටර් මම මේ දැන් හාර්බර්මාස්ටර්ට කතා කළා විතරයි. එයා කියනවා නැවට ඩොක්ටර් කෙනෙක් ගිහින්, ලෙඩාව බලලා අනුමැතිය දුන්නොත් විතරයි නැව බර්ත් කරන්නේ කියලා. එයාට රිස්ක් එකක් ගන්න බැරිලු."



"එයා කොහොමද එහෙම කියන්නෙ? අපියි තීරණය කරන්නේ කොහොමද ක්ලියරන්ස් එක දෙන්නේ කියලා. අනිත් එක නෝල් අපිට කොහෙන්වත් කියලා නෑ නැව්වලට ගිහින් ක්ලියරන්ස් දෙන්න කියලා. අපිට ඒවට පහසුකම් ඇත්තෙත් නෑ. අඩුම ගානේ ඉන්ෂූරන්ස් කවර් එකක්වත් නෑ. ඔය ගිහිල්ලා අපිට මොනවා හරි වුණොත් කවුද වග කියන්නේ?"



"එහෙම නෙමේ ඩොක්ටර්, බලන්නකො උදව්වක් කරන්න. අර මනුස්සයා පණ අදිනවා. ඉක්මන් නොකළොත් මැරෙන්න වුණත් පුළුවන්. ඩොක්ටර් ගැන අපි බලාගන්නම්. පුළුවන්නම් අර මනුස්සයාගෙ ජීවිතේ බේරගන්න උදව් කරන්න ඩොක්ටර්."



"එහෙම යන්න ඕනා නෑනේ නෝල්. ඒ ගොල්ලන්ට නැව බර්ත් කරන්න කියන්න. එතකොට ප්‍රශ්නෙ ඉවරනෙ!"



"බෑ කියනවා ඩොක්ටර්. අනිත් එක පයිලට්ලව බෝවෙන ලෙඩෙක් ඉන්න නැවකට යවන්න බෑ කියනවා. එයාලව එක්ස්පෝස් වෙනවා කියලා."



"එතකොට අපිට ප්‍රශ්නයක් නැත්ද?" වෛද්‍යවරයා ඇසූ පැනය නිසා නෝල්ට සිතයටින් සිනා නොවී සිටීමට බැරි විය. එසේ සිනාසෙමින්, " යකෝ මුන් මාර ඩොක්ටර්ලානේ"යි තමාටම කියා ගත්තා මිස, මුවින් පිට නොකළේය.



"ඩොක්ටර් අපි දැන් මෙතන කඹ ඇද ඇද ඉන්න ගියොත් අර මනුස්සයා මැරෙනවා. යන වියදම් ඔක්කොම අපි බලාගන්නම් ඩොක්ටර්. ඒ ගැන බය වෙන්න එපා. මම ඒක ප්‍රොමිස් වෙනවා."



"හරි නෝල් ඔයා කියන හින්දා මම බලන්නම් මොකක්ද කරන්න පුළුවන් කියලා. ඔයා මට තව ටිකකින් කෝල් කරන්න. බෝට් එක ලැස්තියිද ?"



"ඔව් ඔව් ඩොක්ටර් ඒවා ඔක්කොම හරි. ඩොක්ටර්ට දැන්නම යන්න පුළුවන්නම් හොඳයි."



"දැන්ම යන්න බෑ. මට අපේ කට්ටිය ලෑස්ති කරගන්න ඕනා. අනිත් එක මම මෙහෙම යනවා කියලා අපේ ඔ‍ෆිස් එකට දැනුම් දෙන්න ඕනා. ඔයා මට තව ටිකකින් කෝල් කරන්න."


"හරි ඩොක්ටර්. තැන්යූ වෙරි මච්.." 
                                                                                                           



ලියුවේ;
සෙන්නා / 30.04.2017

9 comments:

  1. එබෝලා රෝගියා නැවතත් ඇවිත්! එබෝලා රෝගියෙකු දැකීම සතුටක් නොවුනත්, සෙන්නාව දැකීම සතුටක්. දැන් ආපහු ගිහින් මග ඇරිච්ච කොටස් කියවන්න තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩූඩේ.. උඹද මංදා දවසක් කියලා තිබුනා මාව, මගේ බ්ලොග් එකේදි දැකීම අමාරු වැඩක් කියලා... :D

      Delete
  2. මාර ඩොක්ටර්ස්ලා තමයි නේද? :) මටත් දැන් ඇත්තටම හිතා ගන්න බෑ මේ මනුස්සයට ඇත්තටම ඉබෝලාද නැද්ද කියලා

    ReplyDelete
    Replies
    1. ෂිහ්.. මට අද කතාව දැම්මම තමා හිතුනේ කතාව යම් විදිහට පොඩ්ඩක් වෙනස් වුනානම් කියලා..!! දැන් ඉතින් පරක්කු වැඩියි..

      Delete
  3. සයුරි කිව්වා වගේ මටත් හිතෙනවා ඇත්තටම එබෝලා රෝගයම ද කියලා.

    කතාවේ පස්වන කොටස පලකල දා කියවන්න ලැබුණේ කොටසයි. අද අටවන කොටස දක්වා කියවා ඉවර කරා. කතාව ගලා යන අන්දමට අනික් කොටස කියවන්න ඇතිවෙන්නේ ලොකු ආසාවක්.

    ක්ෂේත්‍රයට අදාල යෙදුම් වලට ඔබ පාවිච්චි කර සිංහල යෙදුම් අගේය.

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් ලියපු එක ආශාවෙන් කියවනවා දැකීම ඇත්තෙන්ම සතුටක් ඩීන් අය්යා....

      Delete
  4. රයිට් සෙන්නායියේ මුල ඉඳන් ඔක්කොම කොටස් ටික බලාගෙන අවා.
    කාක්කෝ පිරුණු ලෝකයක්නේ මේක.

    ReplyDelete
    Replies
    1. //කාක්කෝ පිරුණු ලෝකයක්නේ මේක// 7*

      Delete
    2. "කාක්කෝ පිරුණු ලෝකයක්නේ මේක."
      කාක්කො නෙමේ ගිජුලිහිණි...

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog