Wednesday, February 15, 2017

Television කියන්නේ "දූර්දර්ශන්" ද ? "රූපවාහිනී" ද ?

                              Image result for tv




මගේ මතකය නිවැ‍රැදිනම් ඒ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අවුරුදු 34ක් පිරීම නිමෙත්තෙන් පැවත්වුණ සාකච්ඡාවක්. සහභාගිවුනු විද්වතුන් කිහිපදෙනා අතරින් එක්කෙනෙක් වුණේ රූපවාහිනී සංස්ථාවේ ආරම්භක ප්‍රධානියෙක්. අවාසනාවකට මට ඔහුගේ නමවත්, ඔහු එවකට දැරූ තනතුරවත් දැන් මතක නෑ. ඒත් එක මෙතනට එතරම් අදාළත් නෑ. "රූපවාහිනී" කියන නම හැදුණු ආකාරය විස්තර කරන්න පටන් ගත්තු ඔහු, මුලින්ම වගේ කිව්වේ TeleVision කියන එකට සාර්ථකම පරිවර්තනයක් සිදු වූණේ ඉන්දියාවේ ඒ තමයි "දූර්දර්ශන්" කියන එක කියලා. මේක ඇහුණු ගමන් මම මගෙන්ම අහගත්තා;

"ඇත්තටම ඒක එහෙමම ද" කියන ප්‍රශ්නය.

"ඇත්තටම ඒක එහෙමම ද?" මට හිතෙනවා ඒක එහෙම නෙමේ කියලා.

ඉංග්‍රීසි භාෂාවෙන් Tele කියන වචනෙට අන්තර්ජාල ශබ්දකෝෂ වල මෙන්න මේ වගේ තේරුම් තියෙන්නේ..

Transmission over a distance - Dictionery.com
Over a long distance - Cambridge dictionary
Reaching over a distance - The free dictionary
Carried out between two remote points - The free dictionary
performed or operating through electronic transmissions - The free dictionary
at a distance - The free dictionary

කිසියම් දුරස්ථ අන්ත දෙකක්, එකිනෙකට යාකෙරෙමින් සිදුකෙරෙන ක්‍රියාවලියක් Tele යන්නෙන් හැඟවෙන බවක් තමා ඒ තේරුම් වලින් පෙනෙන්නේ.

එහෙම බලපුවම, Vision හෙවත් "දර්ශණ" එහෙම නැත්නම් "රූප" එක් ස්ථානයක සිට, තවත් ස්ථානයකට සම්ප්‍රේෂණය(වහනය) කෙරෙන මාධ්‍ය Television යනුවෙන් නිර්වචනයක් නොදෙන්න බැරිකමක් නැ නේද? ඒ අනුව, රූප එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට වහනය කරන්නා "රූපවාහිනිය" හෙවත් Television නොවේද ?

දැන් අපි බලමු  "දූර්දර්ශන්" කියන වචනය ගැන.

ඒ වචනය අහපු ගමන්ම මගේ හිතට එන්නේ "දුරදකින්නා" යන තේරුමයි. "දූරදර්ශී" කියන වචනෙත් ඒක සනාථ කරනවා. "Tele" කියන ඉංග්‍රීසි වචනෙට "Far" යන අර්ථයත් තිබුණත්, "Television" එකෙන් කෙරෙන කාර්යයත් එක්ක බලපුවම, ඉංග්‍රීසින් මෙහිදි "Tele" යන්න යොදගන්නෙ "දුරස්ථ" කියන අර්ථයට වඩා "දුරක් අතර කෙරෙන සම්ප්‍රේෂණය" හගවන්න වෙන්න ඕනා. ඇත්තෙන්ම අපි "Television" එකෙන් දුර දකිනවද ? ඇත්තටම සිදුවෙන්නේ යම් තැනක සිට කෙරෙන සම්ප්‍රේෂණයක් වෙනත් තැනකින් බලා ගැනීම විතරයි. "Television" එකෙන් අපිට දුර දකින්න පුළුවන්නම්, මට අපේ ගෙදර TV එකෙන් වෙනත් ගෙදරක වෙන්නේ මොනවද කියලා බලාගන්ණ පුළුවන් වෙන්න ඕනා නේද ? එහෙම වෙන්නෑනෙ !

ඔය කාරණා සැලකිල්ලට අරන් බලපුවම අපි "Television" කියන එකට දීලා තියන පරිවර්තනය, කෙරෙන කාර්යයත් එක්ක සලකලා බැලුවාම ඉංග්‍රීසි වචනෙටත් වඩා ඒකට අර්ථාන්විතයි කියලා මට හිතෙනවා. මේක ඇත්තටම පරිවර්තනයක් කියලා කියන්නත් බෑ. කෙරෙන ක්‍රියාවලිය සලකලා අපි විසින්ම යොදාගත්තු අලුත්ම නමක් කියලා වුණත් "රූපවාහිනී" කියන එකට කියන්න පුළුවන්. හැබැයි "දූර්දර්ශන්" කියන්නේ වචනෙන් වචනෙ අරන් කරපු අසාර්ථක පරිවර්තනයක් විතරයි කියලා මට හිතෙනවා. 

මෙන්න මෙයාට  "දූර්දර්ශන්" කිව්වට මගේ අමනාපයක් නෑ. මොකද එයා ඇත්තටම දුර දකින නිසා.



                                      Image result for telescope


ඔය මට හිතුණ හැටි විතරයි. ඔය ගොල්ලන්ට හිතෙන  හැටි ප්‍රතිචාර තීරුවේ ලියලා දාන්න පුළුවන්. මට හිතුණ හැටි වැරැදිනම් නිවැ‍රැදි කරමු.

ලියුවේ;
සෙන්නා / 15.02.2017

27 comments:

  1. Ow ne balagena giyama ekath atta. Rupavahini kiyana nama thamai galapenama pariwarthanaya.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හසිත. දූර්දර්ශන් කියනවට වැඩිය හොඳයි වගේ නේද ?

      Delete
  2. Television කියන වචනය "තෙල දසුන" ලෙස 1960 ගණන්වල පරිවර්තනය් වුණා. Telephone යන්නට පරිවර්තක දුන්න නම "තෙල බණුව." තෙල යනු ඈත යන්නයි.

    ReplyDelete
    Replies
    1. "තෙල දසුන" කියන්නේ දූර්දර්ශන් කියනවා වගේම එකක් නේද ? තෙල බනුව නම් කෙරෙණ කාර්යයත් එක්ක බැලුවම අවුලක් කියන්න බෑ

      Delete
  3. මේ වනවිට "ටෙලි" කියන වචනය සිංහල වචනයක් ලෙස ලෙස සැලකිය හැකියි. එය ඉංග්‍රීසි වචනයේ තේරුමට වඩා වෙනස් අරුතක් දෙන වචනයක්. television වෙනුවට ටෙලි යොදාගත හැකියි.
    එය යොදාගෙන
    ටෙලි දසුන්
    ටෙලි නාලිකාව
    ටෙලි නළුවා
    ටෙලි සමාගම
    ටෙලි කාර්මිකයන්.
    ටෙලි ප්‍රවෘත්ති වැනි වචන සෑදිය හැකියි.

    රූපවාහිනී වචනයේ ඇති වරද වන්නේ මෙයින් රූප වලට අමතරව ශබ්දත් විකාශය කිරීමයි.

    ReplyDelete
    Replies
    1. ජගත්,

      මම උත්සහා කළේ "දූර්දර්ශන්" හා "රූපවාහිනී" කියන දෙකෙන් වඩා සාර්තක යෙදුම කෝකද කියලා විමසා බලන්ඩ... ඔය කියන දෝශය Television කියන වචනෙත් තියනවා නේද ?

      Delete
  4. පරිවර්තනය කොහොම වුනත් "රුපවාහිනී" කියන වචනය හොඳට අපිට ගැලපෙනවා කියලා මට හිතෙනවා.
    දැන් සිංහලෙන් හඬ කවලා පෙන්වන්න ඉන්දියන් මෙගා ගැන දැනගත්තා නම් "ජෝන් ලොගී බෙයාඩ්" ඔය ඉලව්ව හොයා ගන්න එකකුත් නැති වේවි.

    ReplyDelete
    Replies
    1. "ජෝන් ලොගී බෙයාර්ඩ් ද ඔය මල ඉලව්ව හොයා ගත්තේ.. ?? ෆ්‍රාන්ස්වර්ත් කියලා කෙනෙක් ගැන අහලා තිබුන ද කවදා හරි.. ? අපිට ඉතිහාසය හරියට උගන්නලා නෑ කියලා හිතෙනවා ඒවා දැක්කම..

      මේක බලන්න...

      Delete
    2. // ෆ්‍රාන්ස්වර්ත් කියලා කෙනෙක් ගැන අහලා තිබුන ද කවදා හරි.//

      එහෙම කෙනක් ගැන කලින් අහලා තිබුනේ නැහනේ.සෙන්නයියා කියන්නේ "Philo Farnsworth"ගැන වෙන්න ඇති.දැන් තමයි ගුගල් කරලා එයා ගැන දැනගත්තේ.

      Delete
    3. ඔව් ඔව් එයා තමා.. සිංහලෙන් ලියද්දී පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා... :D

      Delete
  5. අනේ රූපවාහිනී කියන වචනෙ හොඳටම හොඳයි. නැත්තං අපේ විධ්වථ් පණ්ඩිතයො ඕකටත් මොකෙකුටවත් කියවන්න බැරි අපබ්‍රංශ වචනයක් දායි.

    ReplyDelete
    Replies
    1. වෙන මුකුත්ම ඕනා නෑ දූර්දර්ශන කියලා දැම්මනම් කොහොමද ?

      මේ ජාතික දූර්දර්ශන සේවයයි
      මෙන්න ස්වාධීන දූර්දර්ශන ප්‍රවෘත්ති. ප්‍රකාශය අහවල් එක්කෙනා...
      සුපර්ස්ටා සීසන් 12 සිරස දූර්දර්ශන වෙතින් බලාපොරොත්තු වෙන්න...

      නිකන් කරවලයි කේකුයි වගේ ගතියක් නැද්ද ? :D

      Delete
  6. රූපවාහිනිය දූරදර්ශන් දෙකම මට නම් අවුලක් නෑ. ලොකුම විහිලුව නම් ගුවන් විදුලියයි.

    ReplyDelete
    Replies
    1. අම්මපා සහතික ඇත්ත.. මේක ලියනකම්ම මම ගුවන් විදුලිය කියන එකට විකල්පයක් කල්පනා කළා.. ඒකෙ මොකක්දෝ මහා අවුල් ගතියක් තියනවා තමා...

      Delete
  7. සෙන්නාගේ කතාව හරි....දූර්දර්ශන් කියන්නේ දුර පෙනීම වගේ එකක්නේ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ.. වෙලාවකට හිතෙනවා මේ ඔක්කෝ අවුල් අපිට දුර්දශන නැති හින්දද කියලා..!

      Delete
  8. ඔය රූපවාහිනියෙන් අපිට පේන්නෙ දුර තියන දර්ශන නේ. ඒකත් එක්තරා විදියක දුර බැලීමක් වගේ තමයි නේද. මොනා උනත් වඩා ගැළපෙන්නේ රූපවාහිනිය කියන එකට මම එකඟයි

    ReplyDelete
    Replies
    1. එහෙම එහෙකට දුර බලනවා කියන්න පුළුවන්නම්, චිත්‍රයක ෆොටෝ එකක් තැපෑලෙන් එව්වම ඒකත් දුර බැලීමක් වගේ වෙනවානේ... :D

      Delete
  9. කියන්න බැරි උනා. අවුරුද්දකට පසුව ඇහැරුණ හිම වලහාට මගේ ආචාරය

    ReplyDelete
    Replies
    1. සයුරි මැඩම්, අපි සක්‍රියව සැරිසැරුවා හරිය, බ්ලොග් අවකාශේ... නිදාගත්තේ නෑ... ලියුවේ නැති වුනාට කමෙන්ට්ස් දාලා ඇති හැට හුටාමාරක්... :D

      කොහොම වුනත් ආචාරෙට ස්තූතිය...

      Delete
  10. මටත් මුලින් හිතුනේ දුර්දර්ශන් හරි වගේ.. ඒත් උඹ කියනකොට 'රූපවාහිනී' ගැන ආඩම්බර හිතුනා.. :)

    ReplyDelete
    Replies
    1. අපි ඇවිල්ලා ලෝවාමහපායෙ කණු ගැනත් ආඩම්බරවෙන ජාතියක්නෙ මචං... හෙහ් හෙහ්...

      Delete
  11. සල්ලිත් ගෙවල කේබල් ටීවී අරගෙන ඉන්දියන් ඇඩ් දකිනකොට ඇත්තටම හිතෙන්නෙ දූරදර්ශන් බලනව වගෙ තමයි. ඒවත් ඉතින් ළමයි මොනව හරි බලද්දි අහම්බෙන් දැක්කම.
    රූපවහිනිය කියන වචනෙ වඩා හොඳ බව මගෙ අදහසත්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒකනම් කරුමයක්... ඩයලොග් එකෙන් නම් වෙලාවකට උන් අරගෙන ලෝකල් ඇඩ් දානවා... හැබැයි බින්දි ඔහෙ එහෙම සීන් එකක් නෑනේ...! ඔහෙ මම හිතන්නෙ දෙන්නෙ ඉන්දියන් විකාශය නෙමේ..

      Delete
  12. ඩික්ෂනරියෙන් බලාගෙන වචන පරිවර්තනය කළාම ඔහොම වෙනවා. අපේ එකට අනන්‍යතාවක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. "දූර්දර්ශන්" කියන්නේ සාර්තකම පරිවර්තනය කියලා අර මහත්මයා කිව්වේ.. ඇයි කියලා මට තාමත් ගැටලුවක්...

      Delete
  13. නමුත් , රුපවාහිනිය කියන එක වැඩිපුර ගැලපෙනවනේ.. දුර්දර්ශන් කිව්වාම , අපට නුහුරු ගතියකුත් තියේනව.

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog