2016 දුරුතු මස 09 වනදා
සෙන්නා / 09.01.2016
"යාචකයෝ" කියවපු නැති අයටයි මේ පාර.....
ළමයි බිත්ති වල කුරුටු ගාන එක ගැන මත දෙකක් තියනවා. එක පාර්ශවයක් ළමයින්ට රිසි සේ නිදහස්ව කටයුතු කරන්නදෙන්න ඕනා කියන විට අනෙක් පාර්ශවය ඊට ඉඳුරාම වෙනස් මතයක් තමයි දරන්නේ. ජීවිතයේ එක වකවානුවකදි මටත් ඔයදෙකෙන් එකක් තෝර ගන්න වුණා. හරි වැරද්ද කෙසේද කියලා නොදන්නවා නමුත් මම පළවෙන විකල්පය තෝරගත්තා.
ඒකෙ ප්‍රතිඵලයක් හැටියට ගෙදර සාලයේ විශාල ප්‍රදේශයක් අපූරු සිතුවම් වලින් වැහිලා ගියා. හැබයි මේවයෙ පොඩි වෙනසකුත් තියේ, ඒ මේවා ළමයෙකුගේ කුරුටු චිත්‍ර මතින් වැඩි දියුණු වූ ඒවා වීමයි.
ආරම්භයක් තියන හැම දේකටම අවසානයකුත්, උපත සමඟම විපතත් ලියවිලා තියන නිසාම ඒවත් කවදා හරි නැසෙන එක නවත්වන්න අමාරුයි. කවදා හරි දවසක එයාටත් බලා ගන්නත් එක්ක මෙහෙම සංරක්ෂණය කරලා තියනවා.
ගෙට ආයෙමත් තීන්ත ටිකක් උලන්න කාලෙ හරි.
සෙන්නා / 09.01.2016
"යාචකයෝ" කියවපු නැති අයටයි මේ පාර.....
මේවනං පොඩි එකා ඇඳපුවා වෙන්ට බෑ.. ඇත්ත කියහං, උඹ දෙකක් දාලා ඇවිල්ලා සාලෙ නිදාගන්ට වෙච්චි දාට බිත්තියෙ ඇඳපු graffiti නේද?
ReplyDeleteබුරානිස්,
Delete"මේවයෙ පොඩි වෙනසකුත් තියේ, ඒ මේවා ළමයෙකුගේ කුරුටු චිත්‍ර මතින් වැඩි දියුණු වූ ඒවා වීමයි."
කියෙව්වේ නෑ නේද හරියට ? මේවා අපි දෙන්නගෙම සුසංයෝගයෙන් ඇඳපු ඒවා... පොඩි එකා ඇඳපු බලි කුරුටු දිහා නිකන් ඉන්න වෙලාවට බලන් ඉන්නකොට මට මැවිලා පෙනුන එක එක රූප තමා ඔය ප්‍රතිනිර්මාණය වෙලා තියෙන්නෙ.
එහෙමද ඒකනේ මං බැලුවේ අපේ ගෙදර තායන ඒවා හෙන කැතයි
Deleteඅටම්, ඉතිං බොලාටත් පුලුවන්නෙ ඒව රීමේක් කරන්න.
Deleteඅටම්, කරපන් රීමේක්.... ප්‍රසා කියනවා වගේ...
Deleteමම දැනුයි දැක්කෙ, මගෙ සිත්තරේකුත් ඇඳලා තියෙන්නෙ.. :-D
Deleteආයෙත් අහලා !!! හෙන පල් බොරුවක් කියපු වෙලාවක පින්තූරයක් තමා ඇඳලා තියෙන්නෙ.. හෙහ් හෙහ්...
Deleteවැඩි දියුණු කතාව තේරුනේ දැන්. ළමයා දැන් ඉස්කෝලෙත් යනවා නේද? තාම බිත්තියෙ අඳිනවද?
Deleteකාලෙකට කලින් මම දැක්කා ළමයෙකුගෙ බලි කුරුටු වලින් ලස්සන චිත්‍රයක් මතුකරන අම්මෙකුගේ වීඩියෝ එකක්
දැන් බිත්තියෙ අඳින්නෑ හරී..
Deleteබුරානං ඔය මොනවද කියනව. අපි දන්නෑ ඇත්ත නැත්ත. හැක්...
ReplyDeleteමොනව උනත් මේක පොඩි එකාගෙ වැඩක්නං බොලා තෝරගෙන තියෙන ඔෆ්ෂන් එක හරි.
බූරා කියන ඒවා ගැන උඹ වද වෙන්න එපා... ඌ ඔය කමෙන්ට් එක දාලා තියෙන්නෙ දෙකක් දාලා.. ඒකයි ඔය... හෙහ්
Deleteමටත් එහෙම හිතෙනවා........
තීන්ත ටිකක් උලල හරි යන්නෑ.. ලොකු ගේමක් දෙන්න ඕන ඕවා යවන්න.. කුරුන්දට හද පායලා බලන්න ලස්සනයි..
ReplyDeleteඋඹ හරි. මේ දැන් ලැබුනු වාර්තා වලින් කියවෙන්නේ වැඩේ ලේසී නැති බවයි...
Deleteහැබෑට !! ගොඩක් ලස්සනද ඈ....හ්.. ???
ඔවු ඕව ඔක්කොම වැලි කොලේකින් කපල තමයි තීන්ත ගාන්න වෙන්නෙ.
Deleteඅපි ඇන්දේ "පිස්සෝ පුසාව" දැන් අඳින්නේ "ගාර්ෆිල්ඩ්ලාව"....:)
ReplyDeleteඋඹට කියන්න සෙන්නයියේ මේ එපිට මාසේක අපේ ගෙදර තීන්ත ගැවා.තීන්ත ගාපු දවසට පස්සෙන්දා බිත්තියෙන් මතු වෙන්න ගත්තා ලා නිල්පාට බලි වගයක්.අපේ ගෙදරට ඉස්සරහා ගෙදර ඉන්නවා අවුරුදු එකහාමාරක පොඩි කෙල්ලෙක් ඒ නිල්පාට බලිවල අයිතිකාරි ඒ පොඩි කෙල්ල.පැනක්,පැන්සලක් අහු වෙන්න බැහැ.වෙලාවට පොඩි එකීට චෝක් පෙට්ටියක් හම්බු වෙලා නැහැ.
බ්ලොග් එක සංරක්ෂණාගරයකුත් වුනා එහෙනම්....:)
එහෙම තමා බන්ස් කාලේ වෙනස් වෙනකොට තාලෙ වෙනස් වෙනවා..
Deleteඅඩේ අනුන්ගෙ ගේවල් වලත් චිත්‍ර අඳින උන් ඉන්නවා එහෙනම්....
බ්ලොග් එකක් කියන එක විධිහකට බැලුවම සංරක්ෂණාගාරයක් තමා නේද ?
ස්තූතියි මනෝජ් මලේ...
හෑ...............මම මේ දකින්නේ හීනයක් ද නැත්තං ඇත්තටම ආයෙත් කුරුන්දේ ඉන්නවද? අප්පොච්චිගේ පප්පේ, එක පැත්තකින් ක්සැන්ඩර් උන්නැහේ ආයෙත්, 'කලකට පස්සේ වෙලකට බැස්සේ' කියලා බ්ලොග් ලෝකෙට ගොඩ බැහැලා තිබුණා. මෙන්න දැන් සෙන්නා උන්නැහෙත් කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා තියනවා. 2016 සිංහල බ්ලොග් වලට හොඳ කාලයක් වගේ. ඔහොම ඉදිරියට යමු. ආයේ නොනැවතී.
ReplyDeleteගෙදර බිත්තියේ තම සිතුවිලි චිත්‍රයට නගන කුඩා දරුවන්ට තරවටු කිරීම, දඬුවම් කිරීම වැනි දේ කරනවාට වඩා හොඳයි, ඒ දරුවන්ගේ බෙල්ල මිරිකලා කැලේට විසිකරන එක. අධ්‍යාපන මනොවිද්යාවෙදී නිතරම කියන දෙයක් තියනවා. ළමයා කියන්නේ පුංචි මිනිහෙක් නෙවෙයි. ළමයෙක් එය ලෝකය දකින්නේ අපි දකින ආකාරයට නෙවෙයි. එයා අපිට බැඳිලා නැහැ, අපි දකින ආකාරයටම ලෝකය දකින්න. ඒ වගේම අපිට කිසිම අයිතියක් නැහැ, දරුවන්ට කියන්න, අපි දකින ආකාරයටම ලෝකය දකින්න කියලා. මේ දරුවන්ගේ මනෝභාවයන්, තරවටුවෙන්, දඬුවමෙන් වෙනස් කරන්න හැදුවොත්, ඔවුන් මුළු ජීවිත කාලයටම මොටවී ගිය මානසිකත්වයකට පත්වෙනවා.
මේ විදිහට බිත්තිවල අඳින ළමයි, මුළු ගේ පුරාම අඳින එක සම්පූර්ණයෙන් නවත්තන්න හෝ සෑහෙන දුරට අඩුකරන්න ක්‍රම කීපයක් තියනවා.
1. ගෙදර බිත්තියක හොඳට ඉඩ තියන කොටසක් (ළමයාගේ උසට ගැලපෙන සහ සෑහෙන තරම් දිගට) දරුවන්ට වෙන්කර දෙන්න, ඔයාලා මෙන්න මෙතන අඳින්න, අපි හරි ආසයි බලන්න කියලා. අපි හරි ආසයි කියන එක නොවරදවාම කියන්න. එතන ඇඳලා ඉඅවර වෙනකොට, ලොකු ඇගයීමක් කරන්න. රසකැවිලි තෑගී දෙන්න. අඳින හුණු කූරු තෑගී දෙන්න. බිත්තියේ නැවත තින්ත ගා නැවතත් අඳින්න දෙන්න. සුදු හුණු ගාවම ඇති. එතකොට මෙච්චර වියදම් කරලා පේන්ට් කරපු බිත්තියට මොකද වෙන්නේ කියලා හිතෙනවා නම්, බිත්තිය ඔබේ දරුවාට නොසලකා, ඔහුගේ මානසික තත්වය බල්ලට දමා, බිත්තියට ආදරය කරන්න.
2. චිත්‍ර අඳින කඩදාසි, පැස්ටල් කූරු ගෙනත් දෙන්න, ළමයි චිත්‍ර ඇන්දම ඒවා අගය කරන්න. ඒවා කාටත් පෙනෙන තැනක බිත්තියේ එල්ලන්න. ගෙදරට එන අමුත්තන්ට ළමයා ඉදිරියේදී පෙන්වන්න මේ අපේ පුතා/දුව ඇන්ද චිත්‍ර, ඒවා ලස්සනයි නේද? කියලා.
ළමයාට ළමයකු ලෙස වැඩෙන්න ඉඩ දෙන්න. එය මහඟු පින්කමකි. ළමයි වැදුවාට විතරක් පලක් නැත. හරියට හදන්නත් ඕනේ.
නැහැ.. ළමයින්ට එය කරන්න ඉඩ නොදිය යුතුයි. ඊට ඕන නං එක බිත්තියක් දෙන එක හොදයි.. අනිත් ඒවට නං අත තියන්න බෑ කියලා.. නැතිනම් ලමයි නිරායාසයෙන්ම වටිනාකමක් හදුනා ගන්නේ නැහැ.. චිත්‍ර අදින්න උනත් සීමාවක් දෙන්න ඕන. හැම තැනම කුරුටු ගෑම සදහා අනුබල දීම ළමයාගේ අනාගතය වෙනුවෙන් කරනු ලබන නරක ආයෝජනයකි.. ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ කියල ඩී එස් සේනානායක් උන්නැහේ පේස්බුක් එකට කිව්වේ නිකංයැ.. හැක්
Deleteවිචාරක මහතා / දේශකයා,
Deleteදෙන්නම අඩු වැඩි වශයෙන් හරි ඇති කියලා මට හිතෙනවා... දේශකයෝ, බිත්තියක් වෙන් කරලා දෙන එක විචාරක මහතත් සඳහන් කරලා තියෙන්නේ, මමත් කළේ එහෙම තමා...
සේනානායක උන්නැහේ ෆෙස්බුක් එකේ කියපු එකනම් හරිම තමා.. මම අත්දැකීමෙන් ඒ ක දන්නවා.. විචාරක මහතා, පොඩි උන්ව ඕනෑවට වඩා වර්ණනා කරන්නත් හොඳ නෑ. අපි එහෙම කරලා දැන් අපේ එකා හිතන් ඉන්නේ ඌ හැම වෙලේම හරි, අනිත් ළමයි මිනිහා තරම් දල්ෂ නෑ ආදී වශයෙන්... ඉතින් සමාජෙට ගියාම නිකන්ම බයිට් වෙනවා... මම හිතන්නේ අපි ළමයින්ට කියලා දෙන්න ඕනෑ මේ ලෝකේ හැම දෙයක්ම ලේසියෙන් ලබා ගන්න බැරි බව... අහිමි වීම්, නොලැබී යාම තියන බවට හුරු කරවන එක හොඳයි කියලා...
විචාරක මහතා කියලා තියෙන්නේ බහ තොරණ වයසේ ළමුන් ගැන. දේශා කියලා තියෙන්නේ ඒ වයස පසු කරන් අපි කියන දෙයක් තේරුම් ගන්න පුළුවන් වයස ගැන. මම කලේ බිත්තියක් පුරා සුදු කොළ අලවන එක. ඒ ටික ඉවර වුණාම. ආයෙත් ඇලෙව්වා. මගේ කෙළී දැන් අඳින්නේ ෆැෂන් ඩිසයින්ස්. පේන්ට් වලින් මට වඩා හොඳින් අඳින්න පුළුවන්. ඒ නිදහස කුඩා කාලේ දුන් නිසා තමයි, දැන් ඇයටම හුරු නිදහස් ආරක් හොයාගෙන තියෙන්නේ.
Deleteවෙන්න පුළුවන් සුදීක. නිදහස උනත් ඕනෑවට වඩා දෙන්න හොඳ නෑ කියලා දේශකයා කියන්නේ.. එතකොට ඒක වල් බූරු නිදහසක් වෙනවා...
Deleteඇත්තටම මම අදහස් කලෙත් අතට අහුවන ඕනෙම දේකින් බිත්තියේ කුරුටුගාන වයසේ ළමුන් ගැනයි. නිදහස දීම කියන්නේ ඕනේ දෙයක් කරන්න දීම නෙවෙයි. මග පෙන්වීම යටතේ දෙන නිදහස. මගපෙන්වීම යනු තරවටුව නොවේ. යෝජනා සහ ස්ථාවර තීරණ ගැනීමයි. පුතා මෙහෙම කලොත් මම පුතාට දැනට වඩා ආදරේ කරනවා. එහෙම කියන්න ඕනේ අඩුම වශයෙන් දරුවාගේ ඔලුව අතගාලා. ඒකට කියන්නේ සමාජානුයෝගී දිරිගැන්වීම කියලා. එහි තිබෙනවා negative reinforcement, positive reinforcement කියල හොඳ නරක දෙපැත්තක්. (ඉතා දිග විස්තරයක්)
Deleteඅධ්‍යාපන උපක්‍රමයක් තියනවා time out කියලා. වැරදි කරන කියන දේ නාහන දරුවන්ට ගුරුවරයා කියනවා, මෙතැන්සිට ඔබ මගේ ගෝලයකු නොවේ. මට ඔබව පෙනෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ, ඔබට මා දුන් උපදෙස් පිළිපැදීම ආරම්භ කරනතුරු, ඔබට අවශ්‍ය විදිහට ඉන්න පුළුවන්. මා ඔබ ගැන හොයන්නේ නැහැ. මම පන්තියේ ඉන්න හොඳ ළමයින්ට උගන්වනවා. ඔබට පන්තියේ ඉන්න පුළුවන්. පාඩම අහගෙන ඉන්නත් පුළුවන්. නමුත් මා ඔබ සමග සම්බන්ධ වෙන්නේ ඔබේ හැසිරීම වෙනස් වුනාමයි. (මෙය ඒ ඒ ළමයාගේ වයසට ගලපා, අවශ්‍ය වචන තෝරාගෙන කලයුතු ප්‍රතිකර්මයක්)
මේවා මගේ අදහස් නෙවෙයි. අධ්‍යාපන විශේෂඥයන් ප්‍රායෝගිකව අත්හදා බලා ප්‍රකාශයට පත්කළ ඒවා.
ජරා කාටූන් බලා, ඒ තුලින් හීන ලෝකවල ජීවත්වීම, අල්ලපු ගෙදර ළමයා බෙන් ටෙන් ගහන නිසා අපේ එකාට ඊට වඩා ලොකු එකක් දීම, වැඩිහිටියන් බලන 'සෙවල නාට්ටි' පොඩි එවුන් බැලීම වැනි දේ තමයි අද බුද්ධිමත් දෙමව්පියන් විසින් අවබෝධ කරගතයුතු බරපතළ ව්‍යසන.
තම කාර්යාලවල ප්‍රශ්න දරුවන් ඉදිරියේ දී සාකච්ඡා කිරීම, තම දරුවන්ගේ ගුරුවරුන්ගේ දුර්වලතා, දරුවන් ඉදිරියේදී දැඩිව හා අපහාසාත්මකව විවේචනය කිරීම නිසා, දරුවා අනාගතයේදී ප්‍රසිද්ධියේ තම දෙමව්පියන් විවේචනය කිරීමට පෙළඹෙන බව පරම සත්‍යයක්.
විචාරක මහතා,
Deleteබොහොම වැදගත් විස්තරයක්.. හැබයි මටනම් මෙහෙම හිතෙනවා, ඔය අධ්‍යාපන විශේෂඥයන්ගේ උපඩෙහ්ස් හැම තැනටම ගැලපෙන්නේ නෑ... මේ මගේ අත්දැකීමක්...
කොල්ලට අරන් දුන්නා බයිසිකලයක්. දැන් ඔන්න මූ දවසෙන් බාගයක් බයිසිකලේ උඩ. ඉස්කෝලේ ගිහින් ආපු ගමන් බයිසිකලේට නගිනවා හැන්දෑ වෙලා තමා ගෙට එන්නේ, ඒකත් දෙතුන් පාරක් අඬ ගැහුවට පස්සෙ.. ඉස්කෝලෙ වැඩ කරන්න ගියාම ඔක්කොම ලෙඩ මුගේ ඇඟේ... දැන් ළමයින්ට ගහන්නත් හොඳ නෑ කියන නිසා මම කිව්වා මෙහෙම.
"පුතා ඔයා මේ ඉස්කෝලෙ වැඩ ටික කලොත් තමා හෙට බයිසිකලේ දෙන්නෙ. ඔන්න මම දැන් බයිසිකලේ ලොක් කරනව, ලොක් එක ඇර ගන්න නම් මේ වැඩ ටික කරලා මට පෙන්නන්න ඕනා"කියලා. දන්නවද මොකද වුනේ කියලා ? මූ සතියක් යනකම් බයිසිකලේ ඉල්ලුවෙත් නෑ, ඉස්කෝලෙ වැඩ කලෙත් නෑ.. අන්තිමට මූට පදින බයිසිකලෙත් පැද ගන්න බැරි වෙයි කියලා, මමම බයිසිකලේ දීලා දැම්මා...
නැහැ සෙන්නා, ඔබ දාරක ප්‍රේමයයි දරුවා හික්මවීමයි අතරේ හිරවුනා. ඉතින් ආපහු බයිසිකලය දීමෙන් ඔහු අධ්‍යාපනයට යොමුවුනාද?
Deleteමේ හික්මවීමේ අභ්‍යාසය කරන්නේ friendly and firm කියන න්‍යාය ඔස්සේ. බයිසිකලය නොදී හිටියට දරුවා සමග කරන දෛනික කතාබහ, ඔහුගේ ඕනෑ එපාකම් සොයාබැලීම, නොකර ඉන්න බැහැ. ඒවා කරනවා. නමුත් දරුවාට දැනෙන්න අරිනවා අධ්‍යාපන කටයුතු නොකිරීම නිසා දෙමව්පියන් ඔහුගෙන් තරමක් දුරස් වෙලා කියන එක. ඔබ බයිසිකලය ආපහු දුන්න නිසා දැන් ඔහු දන්නවා ඔහුගේ නිහඬ විරෝධයෙන් ඔබව ජයගතහැකි බව.
හොඳින් මතකතියාගන්න අනාගතයේ දවසක ඔහු මෙවැනි නිහඬ විරෝධයක් දක්වන්නේ ගෙදරින් පිටවී යාමෙන් වියහැකියි. ඔබ කැමතිනම්, අවුරුදු 18 න් පසු, බටහිර සමාජයේ මෙන්, ඔහුට ඔහුගේ ජීවිතය ගැන සියලු තීරණ ගැනීම සඳහා ඉඩදීමට, මෙලෙස ඔහුගේ සිතැඟි පරිදි ක්‍රියා කිරීමට ඉඩදිය හැකියි.
මා කතාකරන්නේ වර්තමානය සහ මට පෙනෙන අනාගතයද දෙස බලමින්.
මෙවැනි හොඳ සංවාදයක් ඇතිකිරීම ගැන, ඔබට බෙහෙවින් ස්තුතියි. බ්ලොග් වල කෙරෙන්න ඕනේ මෙන්න මේ වගේ සංවාද.
බොහොම ස්තූතියි විචාරක මහතා, ඔබේ උපදෙස්, පුංචි දරුවන්ගේ තාත්තලා වෙච්ච අපිට හරි වටිනවා...
Deleteවටිනා අදහස් ටිකක් එළියට පැන්නා. ඒකට හැමෝටම ස්තුතියි.
Deleteඉතිං, විචාරක මහතා හිතන හැටියට, සෙන්න මොකද්ද කළ යුත්තේ? (මේ ප්‍රශ්නය මට අනාගතයෙදි වැදගත් විය හැකියි)
Deleteවැදගත් විස්තර... බලල ඉගෙනගන්න ඕන..
Deleteවැදගත් විස්තරයක්. විචාරකතුමා සහ සියලු දෙනාටම ස්තුතියි.. මගේ කෙල්ල ඉන්නේ දැන් බිත්ති වල අඳින වයසේ.. මට හරි වැදගත් මේවා..
Deleteපොඩි එවුන් බිත්ති වල කුරුටු ගාන එක නවත්තන බැරි එකේ තීන්ත ගාන්න වෙහෙසෙන වෙලා ඕක ඔහොම තව අවුරුද්දක් දෙකක් තියෙන්න ඇරියනම් හරි එක්කෝ.
ReplyDeleteඅයියව මේ පැත්තේ දකින්න ලැබුන එකත් සතුටක්.
දිනේශ් මලේ, දැන් අපේ මෑන්ගේ ඒ අවදිය පහු වෙලා ඉවරයි.. ඒකයි මෙච්චර පහු වෙනකම් මම ඕඅක නොකර හිටියේ....
Deleteහෙහ් හෙහ්.. ඒකත් ඇත්ත තමා නේද, මාව වෙන කොහෙදි දැක්කත් මගේම බ්ලොග් එකේදි දකින එක අමුත්තක් තමා නේද ? බලමු විචාරක මහත්තයත් කිව්වා වගේ 2016 බ්ලොග් කෙළියට හොඳ වසරක් වෙයිද කියලා....
ඕන් දේශා කියන්නැහෙ නව වසරෙ කුරුන්දට හඳ පායල.
ReplyDeleteමට මතකයි සෙන්නා කලිනුත් දවසක දරුවගෙ චිත්‍ර බ්ලොග් එකේ දැම්මා. අපි ඒවා බලල සතුටු උනා, පෙරපාසල් දරුවෙකුගෙ අපූරු චිත්තර. මම හිතන්නෙ මේ චිත්‍ර ඒ අවදියෙ ඉඳල පාසල් යන කාලෙ දක්වාම බිත්තිවල ඇඳපුව වෙන්න ඕන.
ඇත්තම කිව්වොත් සෙන්නා මම නම් කැමති නැහැ මේ විදියට බිත්ති කිළුටු කරන එකට. අපේ අක්කගෙ දරුවො ඉස්සර ගෙදර බිත්තිවල චිත්‍ර ඇන්දම මට නම් කේන්තියි. :) චිත්‍ර අඳින්නම කියල චිත්‍ර පොත්, සුදු කඩදාසි මිටි පිටින් දුන්නත් එයාල වැඩිය කැමති බිත්ති චිත්‍රවලට. ඔය අවුරුදු හතර පහ වයස පහුවුනාම ඕක අඩු වෙනව. ඒත් ඉතින් වැඩියම නරක එතකොට ඊළඟ එකා ඒ වයසට ඇවිල්ලා. දැන් ඉන්නව අයියගෙ පොඩ්ඩා, මිනිහගෙ වයස තාම අවුරුදු දෙකයි. තවම එයා වැඩේ පටන්ගත්තෙ නෑ. මට හිතෙන්නෙ නිදන කාමරයෙ බිත්තිවල අඳින්න ලැහැස්තිකරල දුන්නනම් වැඩේ හරි.
DDT
Deleteකුරුන්දට ඉතින් හඳ පායන්නේ බොහොම කාලෙකට සරයක්නේ... :D
ඔව් ඔව් ඔය කාලයක් තිස්සේ ඇඳපු ඒවා තමා....
මම හිතන්නේ ළමයි වැඩිය කැමති බිත්ති වල අඳින්න. ඒකට බලපාන මොකක් හරි මනෝවිද්‍යාත්මක හේතුවක් ඇති. ඒක හින්දා උඹ ඔන්න ඔහේ කට පියාගෙන හිටහන් පොඩි උන්ට ඕන මගුලක් කරගන්න කියලා....
පොතක ගානක් හදලයි. බිත්තියෙ තියෙන බෝඩ් එකක ගානක් හදලයි බැලුවොත් වෙනස තේරෙයි. ගානක්ම වෙන්න ඕනෙ නෑ. මොකඛරි පැහැදිලි කිරීමක් උනත්. ඔලුවට යනවා වැඩියි. ලැබෙන සතුටත් වැඩී.
Deleteකුරුන්ද අප්ඩේට් වෙලා තියෙනවා දැක්කම මටත් හිතා ගන්න බැරි උනා.. බොරු කියන්නේ මොකටද අපේ උන් දෙන්නටනම් මම බනිනවා බිත්තිවල ඇන්දොත්.. ඒක වැරදියි කියලා හිතුනා මේ චිත්‍ර ටිකයි යටින් තියෙන කොමෙන්ට් ටිකය්යි දැක්කම.. මටත් කරන්න තිබ්බේ උන් දෙන්නත් එක්ක එකතු වෙලා අඳින එක.. සක්..
ReplyDeleteකමියා,
Deleteකුරුන්ද අප්ඩේට් වෙනවා කියන්න එක හෙන විශේෂ අවස්තාවක් වෙලානෙ බලන් යනකොට... හෙහ් හෙහ්...
ඒකනෙ... කට්ටියම එකතු වෙලා චිත්‍ර අඳින්නනේ තිබුනේ
එක. උඹ දකින්න ලැබීමත් සතුටක් කුරුන්දෙදි.
ReplyDeleteදෙක. පොඩි උන්ටත් තාත්තගෙ හැකියාව පිහිටලා තියෙනවා.
තුන: මේ නිවාඩු කාලෙදි මම අපේ මහ ගෙදරට ගියා. එහෙ කුළියට ඉන්න අයගෙන් අවසර අරගෙන මම මගේ කාමරේට එබිලා බැලුවේ කැමරාවත් මානගෙන, මම ඉස්සර බිත්තියෙ ඇඳපු චිත්‍ර තාමත් තියේනම් ෆෝටෝස් ගන්න. එකක් වත් නෑ. මට ඇතිවුනේ පුදුමාකාර දුකක්. මම වැරදියි.
උඹවත් කාලෙකට පස්සේ දකින්න ලැබීම ගැන අප්‍රමාණ සතුටුයි ඩූඩ්.. මම හිතුවා උඹ නිවාඩුවට ලංකාවට ඇවිත් ඇති කියලා සද්දයක් නැති නිසා....
Deleteමම තාම කල්පනා කරනවා උඹ ඇයි "මම වැරදියි" කිව්වේ කියලා.
ඉක්මනට ඩෙනිමේ පෝස්ට් එකක් දකින්න බලාපොරොත්තු වෙනවා..
මම වැරදියි කිව්වේ බං මෙච්චර කාලෙකට පස්සේ මට කිසිම අයිතිවාසිකමක් තවදුරටත් නැති ගෙදරක අවුරුදු ගානකට පස්සේ මම ඇඳපු චිත්‍ර බලන්න බලාපොරොත්තුව.
Deleteඒකනම් එහෙම තමා ඩූඩේ...අපි ඔක්කොම ඉතින් පෘතග්ජනයෝ වෙච්චි.. ඔය වගේ සුළු සුළු ආසවලුත් තියනවානේ.. ගනන් ගන්න එපා ඕවා එච්චර...
Deleteඩූඩි ගෙ දෙක වැරදියි.
Delete"තාත්තටත් පොඩිඋංගෙ හැකියාව පිහිටල තියෙනවා" කියල නිවැරදි විය යුතුයි.
උඹලා දෙන්නම වැරදියි... තාත්තටවත්, පුතාටවත්.. ඔය සම්බන්ධයෙන් කිසිම හැකියාවක් නෑ....
Deleteඅපි පොඩි කාලේ ඇඳපුවා ආපහු පාරක් මතක් වුනා බන්...
ReplyDeleteතැනක් යූ වෙරි මච් ෆෝ දැට්...
මයි ප්ලෙෂර් විභීෂණ II.
Deleteසෙන්නො,
ReplyDeleteඋඹ හොඳම වගේම දූරදර්ශී තාත්තා කෙනෙක් කියලනං කියනවා, එකෙන්ම! මටත් උදව් කරන්න හිතුනා අපේ පොඩි උන්ට.
අනේ මංදා බන්.....මම එහෙමමද කියලා මම මේ කල්පනා කරන්නේ... ඔව් ඔව් උදව් කරණ එක හොඳ දෙයක් තමා...
Deleteඅපේ කොලුවා බිත්තියෙන් මාරු වුණා කොළ වලට සෑහෙන ඉක්මනින්. හැබැයි තාම එහ්මම තියනවා මොකද කෙල්ලත් ඔය වැඩේම කරයි කියලා හිතලා. හැබැයි ඒකි සෑහෙන පණ්ඩිතයි.. කෙලින්ම කැන්වස්ම ඉල්ලයි කියලා හිතෙන්නේ...
ReplyDeleteඅර පොත පරිවර්තනය කරන වැඩේට මොකද වුණේ?
මහ නීට්ටෑවා බ්ලොග් කියවනව මිසක් වෙන වැඩක් කරන එකක්යැ.. හැක්..
Deleteකෙල්ල කියයිද දන්නෑ මට බෑ අයියා කැත කරපු බිත්ති වල අඳින්න තාත්තේ මට අලුතෙන් තීන්ත ගාලා අලුත් බිත්තියක් ඕනා කියලා... කෙල්ලො කොහොමත් ටිකක් පණඩිතයි තමා හෙහ් හෙහ්...
Deleteවැඩේ රීචින් ටු ෆිනල් ස්ටේජස්....
දේශා ඊරිසාවෙන් නිල්වෙලා.. ඔව් මට පේනවා... හෙහ් හෙහ් :D
දරුවන්ගෙ නිර්මාණාත්මක හැකියාවන් මතු වෙන කාලෙදි ඒවාට සහයෝගය දිය යුතුයි. එහෙම කලේ නැත්තං එයාලගෙ නිර්මාණාත්මක චින්තනය එතනින්ම අහවර වෙන්න පුලුවන්. සෙන්නා ඒ අතින් බොහොම ඉදිරියෙන් ඉන්න බව පේනවා...බිත්ති වල අදින එක වලක්වාගන්න පුලුවන් එයාලගෙ ප්‍රකාශනය කරන්න භෞතික සම්පත් ඉහළ දමා දුන්නොත්...උදා - පුංචි වයිට් බෝඩ් එකක්...
ReplyDeleteවයිට් බෝඩ් දෙනවනම් මහ පත එකක්ම දෙන්න වෙයි... :D
Deleteමේ විදිහට පොඩ්ඩෝ බිත්තියේ අඳිද්දී සමහර අම්මල තාත්තලා තමන්ගේ ලොකු කම අඩු වෙන නිසා පොඩි උන්ට කෑ ගහනවා..
ReplyDeleteඒත් උන් දන්නේ නෑ පොඩි උන් නොදැනීම අසරණ වෙනවා කියලා..
තාමත් ලංකාවේ තමන්ගේ පොඩි පැටවුන්ට පන වගේ ආදරේ කරන මිනිස්සු ඉන්නවානේ...
දසුන්,
Deleteමම දන්න කිහිප දෙනෙකුත් ඉන්නවා එහෙම.. දොසක් කියන්නත් බෑ ඉතින්. එක එකාගෙ මතිමතාන්තරනෙ... අපි හොඳයි කියන දේ ඒ අය නරකයි වගේ දකිනවා ඇති..
ස්තූතියි දසුන්...
විශ්වාස කරන්න සෙන්නා. මම තකහනියම බ්ලොගේට ආවෙ බ්ලොගේ පාළුවෙන්න නොදී ළමයගෙ චිත්‍ර ටිකක්වත් දාන්න කියන්න. මෙන්න බොලේ චිත්‍ර දාලා. බලලම එන්නම්.
ReplyDeleteහෙහ් හෙහ් ඒකත් මාරයි... නේහ්... :D
Deleteසෙන්න ආපහු ලියල තියෙන එක ගැන සතුටුයි.
ReplyDeleteමට මතක හැටියට, වෝල්ට් ඩිස්නි පොඩි කාලෙ බිත්තියක හරකෙක් ඇඳල, අම්බානක ගුටි කෑවලු. ඒ අතිං ගුටි කන එකෙත් එච්චර අවුලක් නෑ නේද?
මාත් ඉන්නෙ ඩ්‍රැකි පැට්ටට චිත්‍ර අඳින්න ඉඩ දෙන්නයි. මොකද, මාත් ගෙදර තිබ්බ එකම කපරාරු කරපු කාමරේ බිත්ති පුරා චිත්‍ර ඇන්දා. තාත්තා කට කැඩෙනකල් එපා කිව්ව. හැබැයි තරවටු කළේ නෑ...
ලියලා නෑනෙ බන් ඇඳලා විතරයි... :-)
Delete"හරකෙක් ඇඳල, අම්බානක ගුටි කෑවලු"
ඒකත් එහෙමද එතකොට ? අපරාදෙ මටත් තිබුනේ අපේ පුත්‍රයට දෙකක් නෙලන්න බිත්ති කැත කරනකොට....
"මාත් ඉන්නෙ ඩ්‍රැකි පැට්ටට චිත්‍ර අඳින්න ඉඩ දෙන්නයි."
මගුලක් කතා කරනවා..... :-)
ලස්සන චිත්‍ර ටික. ඒත් අපි නම් බිත්ති කැත කරන්ට දෙයි කියලා තමා බය. කාමරයක් වෙනමම දෙනවා කඩලාම දාන්ට.:P
ReplyDeleteඔයාටනම් මොකද ඉතින්... හෙහ්
Deleteඉහල මට්ටමක හැකියාවක් තියෙන දරුවෙක්. මේ ටික නොමකා තියාගන්න. මේවා වටේ කොටුවක් ඇඳලා (ෆ්‍රේම් එකක් වගේ ) ඒකෙන් පිට තීන්ත ගාන්න.
ReplyDeleteචැහ් ! මකලා ඉවරයිනෙ ඉයන්... දැන් ඉතින් බ්ලොග් එකෙන් තමා බලාගන්න වෙන්නෙ.....
Deleteසෙන්නා... මගේ පොඩි කෙල්ලත් ලොකු වෙනකල් බලාගෙන ඉන්නව බිත්තියෙ අඳින්න... උඹේ බ්ලොගයට ආපු පලවෙනි වතාව මයෙහිතේ... තේ එකක් වත්??
ReplyDeleteතේ එකක් නම් දෙන්න බෑ... ඕන්නම් තේ එකක් ගන්න වවුචරයක් දෙන්නම්... මොකද කියනේ ? හැබැයි තේ එක බීලා ආපහු බිල පෙන්නන්නත් ඕනා හරිය... :D
Deleteඅදමයි මේ පැත්තට ආවේ බිතුසිතුවම් ටිකනම් අනර්ඝයි.
ReplyDeleteඅලුත් එකක් දාන්න අදහසක් නැතෙයි ?
ReplyDeleteමොකෝ නැතුව.. මොකෝ නැතුව... කට්ටියට තියෙන්නෙ පොඩ්ඩක් ඉවසලා ඉන්න විතරයි....:D
Delete