Sunday, April 13, 2014

තීන්දුව...............


2014ක්වූ බක් මස 13වෙනිදා,
  • බිමට ගොම මැටි ගෑ, වරිච්චි ගෙය කඩා දමා ගඩොල් හා සිමෙන්ති මගින් නිවස තැනීම,
  • කුඹුර අස්වැද්දවීමට කෘෂිරාසායන හා පොහොර වර්ග භාවිතා කිරීම,
  • සීසෑමට හා කොළ පෑගීමට ගවයන් වෙනුවට යන්ත්‍ර පරිහරණය කිරීම,
  • ලාම්පු, පහන්, හුළුඅතු හා පන්දම් වෙනුවට විදුලිය, විදුලි පන්දම් භාවිතා කිරීම,
  • දරුවන්ට අධ්‍යාපනය ලබා දීම මගින් ඔවුන්ව උසස් ‍රැකියා වෙත යොමු කිරීම,
  • කුඹුරු පුරන් වීමට හැර සිය දරුවන් ‍රැකියා සඳහා නගරයට හා පිටරටට යොමු කිරීම,
  • බිරිඳව ගෘහ සේවය සඳහා පිට රට පැටවීම.
  • පාරම්පරික රස කැවිලි හා ආහාර වර්ග නොසෑදීම තුළින් එවන්වූ ආහාර වර්ග ජාතියට අහිමි කිරීම,
  • අලුත් අවුරුදු සිරිත් විරිත් නිසි පරිදි ඉෂ්ට නොකිරීම,
  • ආයුර්වේද ප්‍රතිකාර වෙනුවට බටහිර ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වීම තුළින් වෙද මහතාව සමාජයෙන් ඉවත් කිරීම

යන ඉහත කී භයානක අපරාධයන් හේතුකොටගෙන, යුශ්මතා විසින් මේ උත්තරීතර රාජ්‍යයේ නගරවාසී, ඉහළ මධ්‍යම පාන්තිකයන් හා ධනවතුන් හට;

  • රූපවාහිනිය මගින්වත් ගොම මැටි ගෑ වරිච්චි නිවසක් දැකිමේ අවස්ථාව අහිමි කිරීම,
  • වස විෂ නැති ආහාර ගැනීමට තිබූ අවස්ථාව අහිමි කිරීම,
  • ගවයන් මගින් ගොවිතැන් කරනා දර්ශනය හා ඒ හා බැඳුණු  සිරිත් විරිත් අධ්‍යයනයට, වින්දනයට තිබූ අවස්ථා අහිමි කිරීම,
  • සිය බැලමෙහෙවර සඳහා පිරිස් අහිමි කිරීම
  • අලුත් අවුරුදු සිරිය විඳ ගැනීමේ අවස්ථාව අහිමි කිරීම,
  • වාර්ෂිකව ඔවුන් විසින් සංවිධානය කරනු ලබන ක්‍රීඩා උත්සව සඳහා සහභාගී වීමට පිරිස් නොමැති කිරීම,
  • ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබනා රූපවාහිනී වැඩසටහන් සඳහා, රස කැවිලි, ආහාර වර්ග, ආයුර්වේද වෛද්‍ය ක්‍රම, අලුත් අවුරුදු සිරිත් විරිත් පිළිබඳවූ දැනුම අහිමි කිරීම, 

සහ තවත් නොකී වැරදි ගණනාවක් මගින්, ඔවුන්ගේ සිත් රිදවීම, ඔවුන්ව අපහසුතාවයට පත් කිරීම, ඔවුන්ගේ බලාපොරොත්තු කඩ කිරීම, කෙටියෙන්ම, නගරවාසී ඉහළ මධ්‍යම පාන්තික හා ධනවත් ජනතාවට, ගම විඳීමට, සිය නිවාඩුව ගත කිරීම උදෙසා ගමට යාමට, එසේ නැතහොත් ඔවුන්ගේ පහසුව, අධ්‍යාපනය, වින්දනය, අලෙවිය සඳහාම වූ ගම විනාශ කර දැමීමේ අති භයානක, අති අමානුෂික වරදට, ස්ව්භාවධර්මෙලාගේ ගැමියා නම් වූ යුෂ්මතාව ප්‍රාණය නිරුද්ධ වනතෙක් එල්ලා තැබීමට මේ උත්තරීතර අධිකරණය වෙනුවෙන් මම මෙසේ නියෝග කරමි.

ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !! 


~~ සෙන්නා / 13.04.2014

45 comments:

  1. //පෙර වැරදි// මේක දැම්මෙ මේ පෝස්ට් එකටම ද සෙන්නා. :)

    ස්වභාව ධර්මෙලා ගේ ගැමියා මහතා ට අතු අග නෑදැකම් තියන අය නම් ඉන්නව ඉඳ හිට. ඒ අයටත් දඬුවම් ලැබෙයි ලඟදිම.
    සෙන්නාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. නෑ චන්දන, ඕක දැන් කාලෙක ඉඳන් ඔතන තියනවා..

      අපොයි ඔව් දැක්කොත් එහෙම ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්න. ඕවා මහ භයානක වැරදි.

      චන්දනටත් පවුලේ සෑමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

      Delete
  2. ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා යකෝ !

      Delete
    2. මෙන්න යකෝ මේ යකා යක්කුන්ටත් සුබ පතලා.

      Delete
    3. අපි එහෙමයි, යක්කු උනත් සුබ පැතුවොත් අපි නිකා ඉන්නෑ... :D

      Delete
  3. මේවා සෑහෙන්න දරුණු වැරදි.. මොනා වුනත් අදහස නම් නියමයි..

    සුභ අළුත් අවුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව සෑහෙන දරුණුයි, සෑහෙන දරුණුයි.

      දිනේෂ්ටත් පවුලේ සැමටත් එසේම වේවා !!

      Delete
  4. ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  5. වැරදි ටික නං හරිම දරුණුයි.
    සෙන්නට සහ පවුලේ හැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් වොව්, බොහොම දරුණුයි..

      හැලපේ අයියටත්, පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

      Delete
  6. ආශ්චර්යය බොලවු.

    සෙන්නාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා, වෙන මක්කැයි !

      ප්‍රසන්නටත්, පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

      Delete
  7. ඒ ගැමියා ඇත්තටම මැරිලා ඉවරයි. දැන් ඉන්නේ ඒ ගැමියා වගේ රූකඩයක්. තනියම හරක් බානක් බැඳගෙන හාන්ඩ, තනියම මුළු කුඹුරම පෝරු ගාන්ඩ, වී වපුරන්ඩ, හේනක් කොටාගෙන පැලක් අටවගන්ඩ අද කවුද ඉන්නේ? ඔක්කොම අභාවයට ගිහින්.

    ReplyDelete
    Replies
    1. ඈහ් මැරිලා ඉවරද ? දැන් කාවෙයි එල්ලන්නේ ? :D

      නාගරිකයෝ, ඒ අතරිනුත් විශේෂයෙන් ඉහත කියපු දෙකොට්ඨාශය, තමන්ගේ සුඛවිවරණය වෙනුවෙන් කවුරුන් විසින් හෝ ගැමිකම ආරක්ෂාකර ගැනීම බලාපොරොත්තු වෙනවා වගේ තත්ත්වයක් තියනවා නේද ? මට එහෙම හිතෙනවා මේ කියනා, දකින දේවල් දකිනකොට...

      Delete
    2. එහෙම දෙයක් තියෙනවා කියලා මාත් හිතනවා සෙන්නා. ගැමියා කියන්නේ අපිට ගිහින් අවුරුද්දකට සැරයක් ගිහින් බලන ආතල් එකක් කරගෙන වගේ.

      Delete
    3. ඒ විතරක් නෙමේ අරූ, එහෙම ගන්න තිබුන ආතල් කුඩු කෙරුවට චෝදනාව තමා මේ..

      Delete
  8. මේ පෝස්ට් එක දැක්කම මතක් උනේ අර ගැමියා කියලා එකෙක් බ්ලොග් අවකාසේත් හිටියනේ...දැන් ඌ ත් පේන්න නෑ. ඒකත් මේ වගේ දඬුවමක කොටසක් ද දන්නේ නෑ.

    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා. ....

    ReplyDelete
    Replies
    1. ඌව එල්ලන්නේ මේවට නෙමේ, කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ ඇවිත් අර මොකක්ද හිර කාරයෙක් ගැන කොටසක් දාලා යන වරදට. ඒක මීට වඩා බොහොම බර පතල එකක්.. :D

      සයුරිටත්, සයුරටත්, සමුද්‍රටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

      Delete
  9. උතුමාණනි.. ඒ සියල්ලටම මා වැරදිකරු වුවද ඇස් පියාගෙන ඕනෙම බකමූණෙකුට චන්දෙ දීල මං කරන අපරාදෙ ඊට වඩා දරුණුයි.. ඒ අපරාදෙට මා සි‍ටුවා පස් ගසනු මැනවි..

    ReplyDelete
    Replies
    1. මේ ගරු අධිකරණයට අමතකව තිබූ ඒ අතිශය වැදගත් කාරණය මතක් කර දීම පිළිබඳව යුශ්මතා හට මේ ගරු අධිකරණයේ නොමද ස්තූති ප්‍රශන්සාව හිමි වන අතර, එයට ප්‍රති උපකාරයක් වශයෙන් යුශ්මතාව පෙර සඳහන් සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කොට, ප්‍රාණය නිරුද්දවන තෙක් එල්ලා තැබීමට මම මෙයින් නියෝග කරමි.

      Delete
  10. හරියට හරි. ගැමියට ඔහොම වෙලා මදි, ගැමියෙක් වගේ නොඉඳ ඕන්නැති දේවල් කරන්න ගියාට. උඹට මැරිද සෙන්නා ඔය වගේම චෝදනා පත්‍රයක් මහ මූකලානේ වැද්දටත් හදන්න? ඌත් කරලා තියෙන්නේ ඔය වගේම විනාසයක්.

    සුභ අලුත් අවුරුද්දක්සෙන්නා.

    ReplyDelete
    Replies
    1. අන්න පොයින්ට් එක. හුඟ දෙනෙක් ගැමි කම, අපේ කම, අපේ දේ ‍රැක ගන්න ලොකු කතා කියනවා, ඒත් එක ප්‍රායෝගිකව වෙන කවුරුවත් තමන්ට කරලා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට නිවාඩුවට යන්න ගමක් ඕනා, ඒ වෙනුවෙන් වෙන කවුරුහරි ගම ‍රැකගෙන ගමට වෙලා ඉන්න ඕනා, ඔවුන් කැමති නෑ ගමට ගිහින්, ගැමියෙක් වෙලා ගම ‍රැක ගන්න. ඔවුන් කැමති නෑ ගමේ එකා දියුනු වෙනවට, ගමේ එකා ලයිට් ගන්නවට, ගමේ එකා ෆ්‍රිජ්, ටීවී, බ්ලෙන්ඩර්, කාර් පාවිච්චි කරනවට, මොකද එතකොට ඔවුන්ට ගමක් නෑනේ.. ඕක තමා මට කියන්න ඕනා වුනේ..

      වැද්දොත් ගානට වැඩියි තමා, පොඩ්ඩක් හිටහන්කො දෙන්න උන්ටත් ගේම... :D

      ඩූඩ් ඇතුලු පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

      Delete
  11. ප්‍රාණය නිරුද්ධ වෙනකම් එල්ලා තියන්න තීන්දු දුන්නත් වැඩක් නැහැ එල්ලන්නේ නැති නිසා....:D

    කාලයත් එක්ක වෙන වෙනස්කම් කොයි තරම්ද..?

    කොහොමවුණත් සෙන්නයියා සහා පවුලේ සැමට නව වසර සුබම සුම අලුත් අවුරුද්දක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. උඹටත් අම්මේ කොහෙන් හරි ගිහින් අපේ මහින්ද මාමිට කෝචොක් එකක් දාන්න තියනවනම් ඊට වැඩිය දෙයක් නෑ නේද ? :D

      යකෝ එල්ලන්න කෝ අලුගෝසුවො ? එන උනුත් යනවා යන්න. මොකද කියන්නේ උඹ එනවද වැඩේට ? දැනට ෆොරින්ග් ඇප්ලිකේෂන් දෙකකුත් තියනවා, උඹ හරි නාවොත් උන් දෙන්නව ගන්නවා ඉක්මනට, මොකද ගැමියව ඉක්මනටම එල්ලන්න ඕනා, චෝදනා බරපතලයි, බෝවෙන සුලුයි...

      මනෝජ් ඇතුලු පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

      Delete
    2. වැඩක් නැහැ බං සෙන්නයියේ ඕක අරුන් දෙන්නාටම දීලා දාන්න.මොකෝ අපිට ඔය නිකා ඉදන් පඩි අරන් පුරුද්දක් නැහැ නොවැ...:D

      Delete
  12. හා හා හරියටම හරි .

    මන් හිතේ ගැමියාම එල්ලිලා මැරිලා මෙලහකට .

    සෙන්නට සුබ අලුත් අවුරුද්දක්

    ReplyDelete
    Replies
    1. හපොයි එහෙමද ? එහෙනම් ඌව එල්ලලා ගන්න තිබුන ආතල් එකත් නැතුව ගියා ඈ..!?

      බින්දි ඇතුලු පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

      Delete
  13. වැරදිකරු ස්වාමීනී

    සෙන්නා ඇතුළු පවුලේ සැමට සියළු සිතුම් - පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නේ

      සුදීක ඇතුලු පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

      Delete
  14. සෙන්නා ඇතුළු කුරුන්දේ හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා..

    මේ අළුත් අවුරුද්දේ ගැමියට සමාව දීලා නිදහස් කරන්න අනේ..මීට පස්සේ ඔය වැරදි නොකරන්න පොඩි අච්චුවක් විතරක් කරන්න...

    ;)

    ReplyDelete
    Replies
    1. රූ ඇතුලු පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

      අපෝ එහෙම කරලා කොහොමද ?

      Delete
  15. අවුරුදු දවස්වලට හැමෝගෙන්ම කැවුම් ලැබෙන නිසා කැවුම් එපා වෙනවා. ඒ නිසා මම පරක්කු කැවුම් අරන් ආවා. ගමේ මිනිස්සු කොළඹ නෑදෑයෝ බලන්න එන්නේ අවුරුදු පහුවෙලා. එතකොට තමයි ඒ ගේන කෑමවල අගේ...

    ReplyDelete
    Replies
    1. පස්සේ හම්බෙන කැවුම් හරි වටිනවා අරූ...

      අරූ ඇතුලු පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

      Delete
  16. ස්භාව ධර්මේලාගේ කියන වාසගම මරු ... සුභ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
    Replies
    1. මරුද ?? කොපි රයිට් මගේ ඕන් ඈ... :D

      පැතුම් ඇතුලු පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

      Delete
  17. පරක්කු වෙලා හරි ඔබටත් සුභ අලුත් අවුරුද්දක් පතනවා සෙන්නා....

    ReplyDelete
    Replies
    1. සිරා ඇතුලු පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

      Delete
  18. ටෙලිවිෂන් පෙට්ටියට පින් සිද්ධ වෙන්න ගැමියාව එල්ලලා මැරුවත් මේ ඔක්කෝම ජාති ටික යස අගේට බලාගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. දැන් ටෙලිවිෂන් එකටත් නෑනෙ හසිත, එකනෙ මේ එල්ලන්න යන්නෙ..

      Delete
  19. කිවුවත් වගෙ දැන් පොඩි එකෙක්ට පෙන්නන්න ගැමියෙක් නැ නේ.මුන්ව එල්ලන්නම තමයි ඔන

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නේ. එල්ලලා මදි...

      Delete
  20. හති බන් සති දෙකක් තිස්සේ එල්ලිලා ඉඳලා. පරානෙ නිරුද්ධ වෙන්න තව කොච්චර කල් යයිද දන්නැති හින්දා ප්ලේන්ටියක් ගහල යන්න ආවා.

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog