Sunday, October 20, 2013

වෙලා නැති සඳ......

20.10.2013

ඹලට මතකයක් එහෙම තියනවද දන්නෑ එකමත් එක රටක හිටියා සෙන්නා කියලා කම්මැලි බ්ලොග් කරුවෙක්. කම්මැලියි කිව්වෙ ඉඳලා හිටලා පෝස්ට් එකක් දාන හින්දා මිසක් වෙන එහෙකට නෙමේ ඕන්. ඌට ඔන්න ඔය එකමත් එක රටෙන් එන්න වුණ එක පුද්ගලික ජීවිතේ පැත්තෙන් ගත්තම හොඳ දෙයක් වුණාට බ්ලොග් කෙරුවාවටනම් තදින්ම බලපෑවෙ නැතෑ. වෙන එකක් තියා කමෙන්ට් එකක්වත් කොටා ගන්න වෙලාවක් නැතුව ගියා කිව්වම ! ඉස්සර වගේ ගවේසන කොරලා, ජාලේ පීරලා ලියන ලිපිනම් ආයේ කවදා ලියන්න ලැබෙයිද දන්නෑ ඕන්. එතකන් මෙහෙම එකෙන් ඉන්නවා කියලා අමතක වෙන එක වළක්වන්න කම්මැලි පෝස්ට් එකක් තමා මේ.

එකමත් එක රටෙන් මෙහෙට එනකොට උස්සන් ආවනෙ කැමරා පොජ්ජක්. ඒකෙන් ගත්තු ගේ වටේ පින්තූර ටිකක් තමා දැන් ඔහොම්ම පල්ලෙහෑට ගියාම දකින්න ලැබෙන්නෙ, හරිය !

පස්සෙ එන්නම්කො.

















මැරුණු ගස

කැපුණු ගස








හඳ



ඇටිකුකුළා මහතා




ලංවූ පොල්


කුරුඳු නැති කුරුන්ද

දෙමළිච්චා සීරුවෙන්


කොවක්කා


කහ කුරුල්ලා


කුරුන්දේ කොටියා



වද මල

ගේ තුළ ඕර්කිඩ්


බත් කූරෝ

හුදෙකලාව

බලු තෙමේ

පුත්‍රය


64 comments:

  1. මම මේක කියවන්න ඉස්සෙල්ලා මේ දේ කියන්න ඕනේ. මේ බ්ලොග් පෝස්ට් එක මගේ HeyDude බ්ලොග් රෝලේ අප්ඩේට් වෙලා තිබ්බා. නමුත් මගේ ඩෙනිමේ බ්ලොග් රෝලේ පෙන්නන්නේ පරණ පෝස්ට් එක. ඒ කොහොමද එහෙම වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔය අප්ඩේට් වෙලා තියෙන්නෙ බන්. මම හිතන්නෙ ඩෙනිමෙ රෝලෙ බ්ලොග් වැඩි ඇති.. ඒක නිසා වෙන්ඩෝනා..

      Delete
    2. පුත්‍රයට කොච්චර සතු‍ටු ඇද්ද තාත්තා ගෙදර ඉන්න එකට.
      සෙන්නෝ ඕක manual focusing කරන්න පුලුවන් කැමරාවක්ද? අර හඳට zoom කරපු එකෙන් හිතන්න පුලුවන් සෑහෙන පවර් එකකුත් ඇති කියලා.

      Delete
    3. අනිවා ඩූඩෙ පොරට හෙන හැපි...

      මට තාක්ශණික පැත්ත ගැනනම් ලොකු දැනුමක් නෑ ඩූඩෙ.. දකුනු පැත්තෙ උඩ තියන බටන් එකකින් තමා සූම් කරන්න තියෙන්නෙ..

      කැමරාවනම් Olympus SZ16 එකක්.

      24 x Zoom, 48sr x zoom කියලා තමා තියෙන්නෙ. මට ලොකු දැනුමක් නෑ බන් ඕවා ගැන..

      Delete
    4. අපි නොදන්න මොනරතැන්න. මෙන්න කැමරාව.

      http://www.olympus-europa.com/site/en/c/cameras/digital_cameras/traveller/sz_16/sz_16_specifications.html

      Delete
    5. http://www.olympus-europa.com/site/en/c/cameras/digital_cameras/traveller/sz_16/sz_16_specifications.html

      Delete
    6. 24x optical zoom එකක් කියන්නේ හොඳට ෆොටෝ ලඟට ගන්න පුළුවන්. ඔය zoom එක උපරිමයෙන් ෆොටෝ ගනිද්දී ත්‍රිපාදයක් (tripod) පාවිච්චි කරන්න, එතකොට ඈත ඒවා හොඳ පැහැදිලිව ගන්න පුළුවන්. ඒ වගේම ෆොටෝ එක ගන්න කලින් shutter button එක භාගෙට ඔබාගෙන ඉන්න, එතකොට හොඳට ඕන තැනට focus වෙනවා, ඊට පස්සේ shutter button එක ඔබලා ෆොටෝ එක ගන්න.

      Delete
    7. විචාරක මහතා, මේ කැමරාවෙන් එයාව ෆොටෝ ගන්න බෑ. නැත්නම් මම ඒකෙ ෆොටෝ එකක් දානවා...

      සහෝදර තුමා, බොහොම ස්තූතියි උපදෙස් ටිකට. බොහොම වටිනවා. මම තවම මේ වැඩේට බොහොම ආදුනිකයි.

      Delete
  2. Zoom නම් නියමයි. මොකක් ද ලෙන්ස් එක

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මේක ඔලිම්පස් කැමරාවක්. ඔලිම්පස් ලෙන්ස් කියලා තමා ගහලා තියෙන්නෙ.

      Delete
  3. ආ මැරිලා නෑ නේද?

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... මැරිලා කියලා හිතන් ඉන්න අයට එහෙම නෑ කියලා පෙන්වන්න තමා මේ පෝස්ට් එක.. :D

      Delete
  4. මම කීප විටක් තැන් කීපයකම ඇහැව්ව උඹට මක් වෙලාද කියල...අර නිශානයත් එහෙමයි.
    එක දෙයක් කියන්නම් කොල්ලට කැලේ පනින්න ඇහැකි වෙන්න..පොඩියට හරි කැලෑ පොජ්ජක් තිබීම ගැන සතු‍ටුයි බං.
    අර කැන්ද ගහ ගොඩක් උස නම් කප්පාදු කරපන්..අතු කැඩෙනව.( අර ඇටි කුකුලා මහතාගෙ පින්තූරයට යට පින් තූරෙ ගැන)
    ගම් පලාත කොහෙයි බං..??

    ReplyDelete
    Replies
    1. කැන්ද ගහ අපේ නෙමේ බන්, අල්ලපු වත්තෙ තියෙන්නෙ. :D

      මට මේකට හීයක් විදහන්කො.. ssdsenna@gmail.com

      Delete
  5. කැමරා පොජ්ජ මන්ද කොරලා තියෙන හරිම ලස්සන තැන්වලටනේ. මේ පොඩි කැකුලයි, අර කහ කුරුළු පැටියයි හරිම ලස්සනයි. ඒ වගේමයි කතුරු මුරුංගා ගහ දැක්කම ආස හිතුනා. මම හරිම ආසයි කතුරු මුරුංගා වලට.. ඇති යන්තම් සෙන්නා ඉන්නවා කියලා පෙන්නුවා.

    ReplyDelete
    Replies
    1. අෆොයි !!
      වැදි කේස් එකක්නෙ :) [විහිලු හොඳේ]

      Delete
    2. ගෙවල් ඉස්සරහා කතුරු මුරුන්ගා ගස් තියෙන්නෙ හොඳ නෑලු. ඉතින් ඔය ගහ දැන් අතීතෙට එක්වෙලා ඉවරයි පුන්චි කුමාරිහාමි.

      Delete
  6. එහෙනම් ඉතින් මීට පස්සේ අපිට කුරුන්දට රිංගන්න වෙන්නේ ඉදලා හිටලා කියන එකද? කමක් නෑ ගෙදර නිදහසේ ඉන්න එකේ වටිනකම ඉතින් අපිත් දන්නවනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් මලේ, බොහොම අමාරුයි නෙව කාලය කළමණාකරනය කර ගන්න බ්ලොග් උදෙසා..

      Delete
  7. උබලට මතකයක් එහෙම තියෙනවාද කියලා ඇහැව්ව හන්දා ... බොහෝම අමාරුවෙන් මතක් කරගත්තා... ඕන් :D

    උබ දැන් ලංකාවේ හන්දා පුත්‍ර රත්නේ චන්ඩියා වෙලා වගේ. පොඩි එකාට හරිම සතුටු ඇති :)

    මචන් සෙන්නෝ පින්තූර හරිම ලස්සනයි. කුරුදු දකින්න නැතිවුණාට හරිත වර්ණ කුරුන්ද බෙහෙවින්ම නෙත් කලුයි. අවුරුදු ගානකට පස්සේ "කතුරු මුරුංගා" කොල දැක්කා.

    අපට දැන් සේයාරූත් එක්කම බෝතලේ රසවත් විත්ති එහෙමත් දැනගන්න පුලුවන් වේවී නේදෝ....

    උබලා සියලු දෙනාටම ජයෙන් ජය !

    ReplyDelete
    Replies
    1. මම කිව්වෙ, හොඳ වෙලාවට මේකවත් දැම්මෙ.. නැත්නම් මුන් මාව අමතක කරලම දානවා.. :D

      Delete
  8. ගෙදර සියලුම ඇත්තන්ට හොදටම සතුටු ඇති.
    මව් තුමියට දැන් සුවද?
    ආයෙ එකමත් එක රටකට නොයන්නද කල්පනාව?.

    ReplyDelete
    Replies
    1. අම්මට තාම හොඳටම හොඳ නෑ කෙන්ජි.. අපෝ ආයෙ යන්නනම් කොහෙත්ම කල්පනාවක් නෑ..

      Delete
  9. ලස්සන පින්තූරු ටික. ඒත් මට නම් ආසාම හිතුනේ අර යටම තිබුණු ෆොටෝ එකට. පුතා ඉතින් අම්මා වගේ වෙන්ට ඇති නේද සෙන්නෝ? :D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි මාව දැකලා නැති නිසා ඔහොම කියන්නෙ.. හැක් හැක්.. :D

      Delete
  10. වෙලාව තියෙන විදියකටවත් ලියහන් බන්..උඹ ලිව්ව ලියවිල්ල කියවන්න වෙන කොහෙන්වත් බෑ !

    ReplyDelete
    Replies
    1. බලමු වෙනි අයියා. බලමු. මේක ඉතින් අතෑරලා දාන්නත් බෑනෙ..

      Delete
  11. උඹ කම්මැලි උනොත් අපි මොනවද යකෝ කියවන්නේ.. (අමාරුවෙන් මතක් කර ගත්තේ සෙන්නා කව්ද කියලා)

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ කියවන්න කොච්චර දේවල් තියනවද ! මම් කිව්වෙ...

      Delete
  12. පුතාගේ ෆොටෝ එක තමයි බං වැඩියෙන්ම ලස්සන ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චමියා. මම පුතාට කියන්නම් චමී අයියා එහෙම කිව්වා කියලා..

      Delete
  13. යකෝ ඊයෙයි මම මට මිස් වෙච්ච පරණ පොස්ටුව දැක්කේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙලා නැහැනේ ඒක. ඇත්තටම ලියපන් කිව්වේ නිකන් කදුපයිට් එහෙම තියෙන පොස්ට් එකක් බොල..... ඇටිකුකුලෙක් ගැන නෙවෙයි

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටහන්කො කෝරලේ මහත්තයො එහෙනම්..

      Delete
  14. නරක නෑ. සම්භාව්‍ය එව්වත් තියෙන්නෙ :-)

    ReplyDelete
    Replies
    1. සම්භාව්‍යයි කිව්වෙ අර තනි කපුටට වෙන්න ඇති !

      Delete
  15. අනතුරු ඇඟවීමයි. මේ සෙන්නා හෝ කුරුන්ද නොවේ. දීර්ඝ කාලයක් තිස්සේ ඇවිත් බලා මොකුත් නැතිනිසා ආපසු හැරීගිය තැනක මෙහෙම යලි ඉපදෙන්නේ හොල්මනකි. මේ නැවත ඉපදීමකි. හොල්මනකි. පරෙස්සම් වෙනු.

    බලු තෙමේ නම් කුඩයක් ඉහලනු. කොලු තෙමේ නම් තාත්තා වගේ වෙන්න බැරිය අම්මාගේ මූණ වෙන්න ඇති මෙච්චර ලස්සනට තියෙන්නේ.

    කෝ උන්නැහේ කැමරාවට අදාළ තාක්ෂනික තොරතුරු ටික. පිචැර් දානකොට කැමරාවේ වරිගය, මොඩලය, ලැන්සය, ද්වාර වේගය, අරකය මේකය කියලා හැට හුටහමාරක් ජාති තියනවා දාන්ඩ. එව්වත් දැම්මනම් මල්හතයි ඈ. කෝවක්කා පින්තූරේ ගැහුවේ වෙවුලන ගමන්ද?

    ReplyDelete
    Replies
    1. මේ සෙන්නා වන්නෙත්, නොවන්නේත් නොවේ... අර පොඩ්ඩිට කියපු එක තමා මට විචාරක මහත්මයටත් කියන්ඩ තියෙන්නෙ. තාම ඇල් බෝර්ඩ් නෙව.

      Delete
  16. පියතුමාට ලියන්න වෙලාව නැති වෙන හැටි අන්තිම පින්තූරෙන් පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න පින්වතුනී බුද්ධිමතා කරුණු කාරණා වටහා ගන්නා විලාසය.

      Delete
  17. නෝනා පොඩ්ඩත් හිටියනම් පෝස්ට් එක සම්පූර්ණයි සෙන්නෝ ... :(

    ReplyDelete
  18. අපි ඒත් බැලුවා බ්ලොග් කෙරුවාව එපා වෙලාද කියලා. මොනවා වුනත් රටටත්, බ්ලොග් කෙරුවාවටත් වෙල්කම් කියලා සින්හලෙන්ම කියලා පිලි ගන්නවා.

    ReplyDelete
    Replies
    1. මේක එපා වෙන්නැති එක නොවැ පුරස්නෙ.. නිකමට හරි ඔළුව පොඩ්ඩක් දාලා බලන්න හිතෙනවනෙ..

      Delete
  19. අනේ සෙන්න පොල් ගස දැක්කම පුදුම කනගාටුවක් දැනුන.
    ඉස්සර අපේ ඉඩම් වල මාස දෙකකට සැරයක් කෙකි වලින් පොල් කැඩුවේ.
    මගෙ සීය පොල් කඩන අයට කියල තියෙන්නෙ මෝරපු පොල් වලු දෙක හෝ තුන කඩා එල්ලෙන පොල් අතු ඇතුළු දේ ගලවා දමන්න කියා.
    පොල් ගස්වලට හැර දිගේ නැගල රා බීපු මට මේ වගේ පොල් ගසක් දකින්න ලැබීම හරි ම කනගාටුයි.
    ඒ කාලේ ඔහොම කුරුමිනියො කාපු පොල් අතු අපි දැක්කෙ නැහැ බං.

    ReplyDelete
    Replies
    1. පොල් ගසනම් අපේ එකක් නෙමේ කෙන්ජි. හරියට නඩත්තු වෙන්නැති බවනම් මටත් පේනවා.. ඕවා කිසි සාත්තුවක් කෙරෙණ ගස් නෙමේ. ඉඳලා හිටලා වැටෙන පොල් ටික එදා වේලට අරගන්නවා එච්චරයි..

      Delete
  20. අපූරුයි සෙන්න චයාරුප පෙළ....
    ඒක තමයි උඹව මම අලුතෙන් වගේ දැක්කේ ගමේ හිතවතාගේ බ්ලොගියේදී ....
    උඹේ හරවත් පෝස්ට් නැතිවෙනකොට නං නිකන් මොකක්ද වගේ බං .... මොකද ඒ වගේ මහන්සියකින් ලියපු පෝස්ට් බොහොම කීපයයි මම දැකල තියෙන්නෙ ,, ඒත් උඹේ වගේ දාන ගානේ එව්ව නෙවේ ,, අතරින් පතර බ්ලොග් වල ලියවුන එව්ව... එත් ඉතින් මෙහෙම කියද්දී අනිත් බ්ලොග් ලියන උන් තරහ වෙයිද මන්ද :) මං ඒකෙන් අදහස් කළේ උඹ පොස්ට් එකක් ලියන්න වෙන "කැපවීම" ගැන ...

    ඉඩ ලැබෙන වෙලාවක අනිවා ලියපන් ..... මොකද ඒ වගේ එව්ව කියවන්න ගොඩක් එව්වෝ බලං ඉන්නව....

    කැමරාව ඔලිම්පස් iHz මොඩල් එකක් නේද?? (ගොඩාක් පළල ලෙන්ස් විවර් එකක් තියෙන) ,, ටිකක් පරිස්සම් කරගන්න භාණ්ඩෙ , ඕක හරි ඉක්මනට ලෙන්ස් එකේ පුස් බැඳෙන්න බලනව, විශේෂයෙන් වැහි දවස් වල ...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩ මරු බං ,, දඟ ඇති නේද :))

      Delete
    2. ස්තූතියි මචන්.. අනිත් උන් තරහා වෙන එකක් නෑ නේද ? මොකද එක එකා ආවේනික ශෛළියකින්නෙ ලියන්නෙ.

      මේක Olympus sz16 එකක්. උපදෙස් ටිකට ස්තූතිය් මචන්. පරිස්සම් කරගන්න ඕනා..

      Delete
  21. ෂා! මෙන්න අලුත් බ්ලොග් එකක් පටන් අරන්.. දිගටම ලියන්ට.. අපි එඤ්ඤං පුළුවන් පුළුවන් හැටියට‍.. :D

    ReplyDelete
    Replies
    1. Buratheno

      පළවෙනි පෝස්ට් එකටම ඇවිත් කමෙන්ට් එකක් දාලා ගියාට බොහොම ස්තූතියි ආ. ආයෙත් එන්න හොඳේ.. :D

      දේශකයා,

      මොකද බොල වැටවල් ගහලා..

      Delete
  22. ගෙදර ආව එක කොච්චර හොඳද ..අපුරු පරිසරයක නේ සෙන්නල ඉන්නේ . පුතාට ගොඩක් සතුටු ඇති..

    ReplyDelete
    Replies
    1. ඔව් බින්දි තාමත් ගහ කොල ටිකක් අවට තියනවා. ළඟදිම ඒවත් නැතිව යයි.. පුත්‍රයට සතුටුයි තමා..

      Delete
  23. හොඳ ෆොටෝ ටිකක්. මම උඩ කියලා තියෙන විදිහට ගත්තොත් කෝවක්කා ගෙඩිය වගේ ෆොටෝ හොඳ පැහැදිළිව ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරතුමා. ඒ උපදෙස් ක්‍රියාත්මක කරලා බලන්න ඕනා.

      Delete
  24. මම මේ දකින සෙන්නාගේ පළවෙනි පෝස්ට් එක. පුත්‍ර රත්නය නම් හරිම සතුටින් ඉන්න පාටයි. අපිත් ඉතින් රටින් පිටවෙලා එහෙ මෙහෙ චාටර් වෙවී ඉන්න නිසා, ඇටිකුකුලෙක්, දෙමලිච්චෙක්, කහකුරුල්ලෙක් දකින්න වෙන්නේ ෆොටෝ එකකින් තමයි. අර කුරුන්දෙ කොටියා ගහේ අත්ත නේද?

    ReplyDelete
    Replies
    1. අරූට කියන්න ඔය කොටියව මුලින්ම දැකපු වෙලේ මම හොඳටම රැවටුනා.. මම ඇත්තටම හිතුවෙ කොටියෙක් හරි ඒ ජාතියෙ සතෙක් ගහ උඩ ඉන්නවා කියලා.. දුවලා දුවලා ගිහින් කැමරාව අරන් ඇවිත් ගත්තා ඔය ෆොටෝ එක.. පස්සෙයි දැක්කෙ මේක ගහේම කොටසක් කියලා. :D අරූට විතරමයි නේද ඒක නෝට් වුනේ !

      Delete
  25. DSLR එකක් නේද කැමරාව..අයිලාෂ්ගෙ කැමරා පාඩම් ටික කියවන්න...උර උඩින් තියෙන ෆොටෝ වලදි කැමරාවෙ තිබිලා තියෙන්නෙ වැරදි සැකසුමක්...එකිය ගහ කොළ නිල් පාටට පේන්නෙ...දැන් දිගටම සිරි ලංකාවෙද පදිංචිය...බොහොම සතුටුයි ඒ ගැන...

    ReplyDelete
    Replies
    1. සිරා මේක එකක් නෙමේ.. ස්තූතියි උපදෙස් වලට. අයිලාශ්ගෙ ලිපි ටික බලන්න ඕනා පිළිවෙලකට.. ඔව් ඔව් දැන් පරණ ණය ගෙවලා ඉවරයි..

      Delete
  26. ඔක්කොම හොඳයි ! ආය කාලෙකට ඉංගිරිසි ෆිල්ම් වගේ ලියන ලිපි නෑ කිව්වම තමා ඇඩෙන්නේ....

    ReplyDelete
    Replies
    1. බුද්ධි, මක්කැයි කොරන්නෙ ඉතින්..!! ගෝස්තරේ හොයාගෙන ඉන්න එපැයි මොනවා කරන්ඩත්.. නැද්ද ? පාඨක බලාපොරොත්තු කඩකරන්න වීම ගැන මටත් හෙනට හිතට අමාරුයි.. පොඩ්ඩ පොඩ්ඩ හරි ලියලා ඉඳලා හිටලවත් එකක් අමුණ ගන්න බලන්නම්.

      Delete
  27. පොඩ්ඩා නම් හරිම කඩවසම්..එයාගේ සිත්තර ටිකක් දාන්නත් කාලෙ හරි වගේ..

    ගෙදර ආව එක ගැන නම් සතුටුයි සෙන්නා.ඒත්් බ්ලොග් එක ලියන්න වෙලා නෑ කිව්වාම ඉතින් !!!!%$#@!$#@

    ReplyDelete
    Replies
    1. ඒකනෙ රූ මටත් මේ ඒ ගැන කේන්ති ගිහින් ඉන්නෙ.. ඔයත් දැන් වැඩේ අතෑරලම දාල වගේ නේද ?

      Delete
  28. හයියෝ.... මේක නම් හිතට දුකක් ගේන පෝස්ට් එකක්... ලංකාවට ආපු එක ගැන නම් සතුටුයි.සතුටින් කල් ගෙවන්න පුළුවන් අනික ඉතින් පුත්‍ර රත්නෙට කතා කියාදෙන්නත් එපැයිනේ ඒවට කාලෙ ගත කල යුතුමයි.මාස දෙක තුනකට සැරයක්වත් කතාවක් දාගන්න පුළුවන්නම් සෙන්නා අයියේ වටිනාකම කියලා වැඩක් නෑ...

    පහුගිය ටිකේ ගොඩාක් දේවල් මග ඇරුනා... පුදුම සහගත වැඩක් වුනේ මම දවසක් තමන්ගෙ අත කපාගෙන මනුස්සයෙක් ජීවිතේ බේරගෙන ආපු කතාවක් කියද්දි ගෙදර කවුරුත් මාව විස්වාස කලේ නෑ... මට යන්න වෙන තැනක් තිබ්බෙ නෑ කෙලින්ම ආවේ කුරුන්දට ඒ එනකොට එදා දවසේ මගෙ වාසනාවටද මන්දා ඉස්සරහින්ම තිබුනේ ඒ ගැන තිබ්බ මාර ලිපියක්...

    අපෙ ගෙදර ආපු කොල්ලො කුරුට්ටො සෙට් එකක් ඇඩ්‍රස් එක අරන් ගියා කියවන්න කියලත්... ඒ වගේ වටිනාකම් නැතිවෙන එක ගැන දුක් නොවී කොහොමද ඉතින්...

    කාලෙකට පස්සෙ එනකොට මෙහෙම නිව්ස් එකක් ඇහෙනකොට මොනා හිතෙනවා ඇද්ද කියලා හිතන්නකො ඈ...

    මොනදේ කොහොම උනත් ලංකාවේ සතුටින් ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ... ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඒක මාරම අහම්බයක්නෙ ගැමියා මලේ. ඉතින් මෙහෙම කමෙන්ට් දැක්කම නොලියා ඉන්නෙ කෝමෙයි.. මාස දෙහෙකට එකක්වත් දාන්න බලන්නම්කො.. ඒ අතර ඉතින් මේ වගේ වැඩකට නැති ඒවත් දාන්නම්..

      උඹත් අපහු වැඩ පටන් ගත්තු එක ගැන මාරම සතුටුයි.. අර කතාව ඉක්මනට ඉවරයක් කරලා තව හොඳ හොඳ දේවල් ලියහන් මලේ..

      කෝ මණඩියා ? එකම එක දවසක් කොහෙද කමෙන්ට් එකක් දාලා තියනවා දැක්කා, දැන් ආයෙත් මිසින්...

      උඹටත් ජයම වේවා !!

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog