Saturday, April 20, 2013

බෝතලේ විත්ති | අලියා පිටේ කටුස්සා.....

2013 බක් මස 20 වනදා

"ල්ලීඊඊඊ අන්න එනෝ....."  ලොකු අයියාගේ හඬයි..


නැන්දාගේ පරණ ශ්‍රී සඟරා මිටිය අවුස්සාගෙන අමුතුම ලෝකයක මනසින් සැරිසරමින් සිටි මා, පියවි ලෝකයට ආවේ  හඬිනි.



"මල්ලී අන්න අලියා එනවා"යි කියමින් ලොකු අයියා සහ සේන පඩි පෙළෙහි පහතට දිවීම  වනවිටත් අරඹා තිබුණිශ්‍රී සඟරා ගොඩ පසෙකට හෙළු මමද දෙවරක් නොසිතාම ඔවුන් පස්සෙන් වැටුණෙමි.



තනිකරම කළුගල් එකටෙක පුරුද්දාබදාම කිසිවක් භාවිත නොකොට සාදා තිබුණු පඩි අනූ පහකින් සමන්විත  දැවැන්ත පඩිපෙළෙහි අප තිදෙනා වේගයෙන් පහතට බසිමින් සිටියහඅද මතක් වන විට ලොමුදැහැගැන්වී ගියද, එවකට අපට ඒවා ගැන එතරම් ගනිච්චියක් නොතිබුණිසමහර කළුගල් ගැලවී අඩමානයටද තීබූ බැවින්වැරදීමකින් හෝ එම ගලක පය තැබීමෙන් විය හැකිව තිබූ විනාශය අතිමහත්යඋදේ හවා ඉහළ පහළ සැරි සැරීම නිසාම අපට පඩි පෙළෙහි සවිමත් ගල් මොනවාදබුරුල් ගල් මොනවාද යන්න හොඳ අවබෝධයක් තිබුණද, වැරැදීමකට එක් නිමේෂයක් ප්‍රමාණවත් බැවින් මෙම ශීඝ්‍ර පල්ලම් බැසීම අති අවදානම් බව සක්සුදක් සේ පැහැදිලිය.එහෙත් එවකට ඒවා තැකුවෝ අප නොවෙති.

පඩිපෙළ දෙපසම වූ බෑවුමෙහි වූයේ නනා ප්‍රකාර ගස් වලින් වැසීගිය වන බූටෑවයිසරපයන්ට ඇති බිය නිසා අප එම පෙදෙසේ නිතර සැරිසැරුවේ නැති වුවදවැඩිහිටියන් යාමෙන් ඒමෙන් ඇතිවූ අඩි පාරවල් පඩි පෙළෙහි මධ්‍යයේ සිට  කැලෑ රොද තුළට විහිදී තිබුණි

සීයාගේ නිවසේ සිට මෙම කැලෑරොද ඔස්සේ පහත බැලූ විට පහතින් වූ තාර දැමූ පාරෙහි යන එන දෑ මැනවින් දැකිය හැකියනිවසේ සිට,පාරෙහි ගමන් කරන බස් රථවල බඳෙහි ඉහතින්ම සඳහන් කොට ඇති අංක කියවීමදඊළඟට එන බස් රථයේ අංකය කුමක්දැයි අනාවැකි කීමද එකල අපගේ විනෝදාංශයන්ගෙන් සමහරකිලොකු අයියා විසින් අලියාගේ ආගමනය නිරීක්ෂණය කළේද  ආකාරයටමය.

විනාඩි පහක් වැනි කාලයක් තුළ අප පඩි පෙළෙහි පඩි හැත්තෑවක් පමණ බැස තිබුණිආරක්ෂාව පතා එතනින් නතර වීමට අප අදහස් කළෙමුඅපගේ මේ උත්සහය පරීක්ෂණයක් කොට බැලීමමේ සඳහා මීට වඩා අනගි අවස්ථාවක් හෝ යහපත් පරිසරයක් උදා නොවෙන බව අප තිදෙනාටම ඉතා විශ්වාසය.

කුමාරතුංග මුනිදාස සූරීන්හීන්සැරය ලියා අලියාට ඇතිකළ ලැජ්ජාව පිළිබඳව මා සිතෙහි එතරම් ප්‍රසාදයක් නොතිබුණිඔහු කෙතරම් උත්සහ කළත් කටුස්සා වීරයෙක් ලෙස දැකීමට මම කවදත් මැලිවුණෙමිඅපගේ මේ උත්සහයඑවකට අප අතර පැවති මිථ්‍යා මතයක් වූ අලියෙකුට "අලියා පිටේ කටුස්සාඅලි හොඬවැල ගෙනිච්චා" යැයි ඇසෙන්න කීමෙන් අලියා ප්‍රකෝප වී පහර දීමට දිව එනවා යැයි යන්න සැක හැර දැන ගැනීමටය

එම පරික්ෂණය සඳහා මීටත් වඩා සුදුසු ස්ථානයක් ඔබට සිතා ගත හැකිදඅලියෙකුට කිසි කලෙකවත් පැමිණිය හැකියැයි සිතිය නොහැකිවූ පඩි පෙළකවිසි පස්වන පඩියේ සිට මෙය කීමෙන් අපට ආරක්ෂිතව මෙය අත්හදා බැලිය හැකියයම් හෙයකින් අලියා ප්‍රකෝප වී පඩිපෙළ දිගෙහි දිව ඒම ඇරඹුවහොත්මුලින් සඳහන් හරස් අඩි පාරවල් ඔස්සේ දිවීමට අප සැලසුම් කොටගෙන සිටිහයඅලියා පඩිපෙළෙහි ඉහළට දිව ආවත්හරහට හැරී අඩි පාර ඔස්සේ බෑවුමෙහි ගමන් කිරීම කෙසේවත් කළ නොහැකි බව අපගේ පුංචි මොලවලටද වැටහීතිබුණි.

තවම අපට අලියා දර්ශනය නොවේඑහෙත් තාර පාරෙහි වූ කන්ද නගින අලියාගේ ගෙජ්ජි හඬ අපට හොඳින් ඇසුණිමොහොතකින් අලියා සහ උගේ පිටෙහි නැගී හෙල්ලයක්ද හෙණ්ඩුවක්ද අත දරා සිටින ඇත්ගොව්වා අපට දර්ශනය විය.අලියා දෙපසට වැනෙමින් ලතාවකට කන්ද නගිමින් සිටියේයදැන් අපගේ වාරයයි.. අලියා පඩි පෙළ පසු කොට නොපෙනී යාමට පෙර අපගේ අත්හදා බැලීම කළයුතුය.

"මල්ලි ඔයා කියන්න" අයියා යෝජනා කළේය.. එහෙත්සියල්ල අපට වාසිදායකව ඇතැයි පෙනුනද,  සඳහා මට තවමත් එඩියක් නොවුණි.අවසානයේ එම නිර්භීත ප්‍රකාශයය අයියාගේ මුවින්ම පිට විය.

"අලියා පිටේ කටුස්සාඅලි හොඬවැල ගෙනිච්චා..." යි ඔහු සාමාන්‍ය හඬින් කීයඅලියාගෙන් ප්‍රතිචාරයක් නොවුණිඑය නෑසෙන්නට ඇතයිඋපකල්පනය කළ ඔහු නැවතත් උස් හඬින් එයම කීවේයඇත්ගොව්වා හැරී අප දෙස බැලූ බැවින් මෙවර එය එම ප්‍රදේශයට සම්ප්‍රේෂණය වූ බව අපට සහතික වියඑහෙත් අලියාගෙන් ප්‍රතිචාරයක් නොවුණිඑයින් එඩි ලද මා සහ සේනද උස් හඬින් කෑ ගසා එයම ප්‍රතිරාවය කළහ.එහෙත් අලියා වගේ වගක් නැතුව ගමන් කරයි. ඉන් පසු අප තිදෙනාම එකතුව හැකිවෙර යොදා එය ප්‍රතිරාවය කළේ අලියාට හොඳින් ඇසීම උදෙසාය. එහෙත් ඌ අප දෙස හැරී බැලීමට තරම්වත් උනන්දු නොවුණි. ඇත්ගොව්වා සිනා මුවින් යුතුව අපදෙස බලමින් අලියා සමඟ පඩි පෙළ පසු කොට ගියේය.

"මමනම් කියන්නෙ  බීරි අලියෙක්"

"එහෙම කියන්න බෑනෙසමහර විට අර කතාව බොරු වෙන්න ඇති"

"නැත්නම්, හීලැ අලින්ට ඕක කියලා වැඩක් නැද්ද දන්නෙ නෑ"

ඔය, ඉන්පසු අප අතර වූ පරීක්ෂණයේ ප්‍රතිඵල විශ්ලේෂණයයි.

කෙසේ නමුත්මෙම අලියා හොඳින් කන් ඇසෙන එකෙකු බවත්තමන්ගේ පයටවත් නෝතේරෙන සතකු ගැන කීමෙන් අලියා නොසැලෙන බවත් මගේ පිළිගැනීම වියකුමාරතුංග මුනිදාස සූරීන් කියන තරම් අලියා කටුස්සාට බයක් නැතැයි එකහෙළා පිළිගැනීමට මෙයින් පසු මම අදිටන් කොට ගතිමි

~~අවසානය මෙය නොවේ~~

ප.ලි. : මෙය කතාවක් නොව, ළමයෙකුගේ මතක එකතුවකින් කොටසක් පමණකි.


ලියුවේ :

~~ සෙන්නා / 20.04.2013
http://kurundha.blogspot.com/2013/04/blog-post.html

86 comments:

  1. අතීත මතක කොහොමත් සුන්දරයි නේ,
    එක නෙමේ ලියන්නකෝ අර "ටයිටැනික්"වාගේ පොස්ට් ටිකක්.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්... ඒවා ලියලා ටිකක් වෙහෙසයි දැන්.. වෙනසකටත් එක්ක තමා මේක පටන් ගත්තෙ...හෙහ් හෙහ්.. :D ඒත් ඉල්ලුම තියෙන්නෙ ඒවට වගේ කියලා හිතෙනවා, වෙනසට වැටුන මුල්ම කමෙන්ට් එක දැකපුවම.. :D

      අනිවාර්යයෙන් ඒවා ලියනවා ඉස්සරහටත්..

      ස්තූතියි මනෝජ්..

      Delete
  2. පොඩි කාලෙදි අපි එක එක දේවල් ගැන උපකල්පන කරන හැටි හා වටෙන් පිටෙන් ඇහෙන කතා අත්හදාබලන හැටි ගැන කියවෙන අපූරු පෝස්ටුවක්. ලෝකය, අවට පරිසරය ගැන තිබ්බ කුතුහලය හින්දා අපි මේ වගේ දේවල් කොච්චර කළාද? සමහර වැඩ නම් ඉවර උනේ ජීවිතේට අමතක නොවෙන පාඩම්වලින් හා තාමත් බඩ පැලෙනකන් හිනාවෙන්ට පුළුවන් කතාවලින්.

    ඉතින් වැඩිහිටියන්ගෙ යුතුකම තමයි දරුවන්ට මේ වගේ දේවලට ඉඩදීලා සැලකිල්ලෙන් බලන් ඉන්න එක. නැතුව ගෙටම කොටු කරලා තිබ්බොත් අනාගතේ කිසිම අත්දැකීමක් නැති පස්සෙ කාලෙක රහකරකර කියන්ට දෙයක් නැති ළමයි තමා ඉතුරු වෙන්නෙ.

    සෙන්නගේ පුතත් මේ දවස්වල මේ වගේ වෙන්ටැති. පොඩි මල්ලී මේ අවුරුද්දෙ ඉඳන් ඉස්කෝලෙ යනවා නේද?

    ReplyDelete
    Replies
    1. ලිපියට වැඩිය වටිනවා හරීගෙ කමෙන්ට් එක..මේක ලියද්දි මටත් නොහිතුන ඒවා ගොඩක් හරීට හිතිලා තියනවා..

      >> ඉතින් වැඩිහිටියන්ගෙ යුතුකම තමයි දරුවන්ට මේ වගේ දේවලට ඉඩදීලා සැලකිල්ලෙන් බලන් ඉන්න එක. නැතුව ගෙටම කොටු කරලා තිබ්බොත් අනාගතේ කිසිම අත්දැකීමක් නැති පස්සෙ කාලෙක රහකරකර කියන්ට දෙයක් නැති ළමයි තමා ඉතුරු වෙන්නෙ. <<

      අකුරක් පාසා ඇත්ත..

      ඔව් ඔව් පොඩි මල්ලි ඉස්කෝලෙ යනවා දැන්.. :D ඕන් එක වාරයක් ඉවර කරළා ඉන්නෙ.. සඳුදා දෙවෙනි එක පටන් ගන්නවා...

      ස්තූතියි හරී කමෙන්ට් එකට..

      Delete
  3. උඹලමනෙ බං වැඩේ වරද්දගෙන තියෙන්නෙ.. ඌ බීරි අලියෙක් නෙවෙයි, ඒ වුනාට ඌ 'හීන්සැරය' ‍පොත කියවපු අලියෙකුත් නෙවෙයි.. ඉතිං බොලා අරහෙම කිවුවට ඌ දන්නෙ නෑ බොලා පස්සෙන් පන්නගෙන එන්ට ඕන කියලා.. බොලාට ඉස් ඉස්සෙල්ලාම කොරන්ට තිබ්බෙ අලියට ඇහෙන්ට 'හීන්සැරය' පොත කියවන එකයි.. ඊට පස්සෙයි අරහෙම කියලා කෑ ගහන්ට ඕන.. ආං එතකොට අලියා දන්නවා ඌ මොකක්ද කරන්ට ඕනැන්නෙ කියලා..

    පලි: අර මක්කටැයි ඇත්ගොවුවා ‍'හෙල්ලයක්' අරන් යන්නෙ.!? බුවා යුද්ධෙට යන ගමන්දෑ.?? :)

    ReplyDelete
    Replies
    1. :D :D අපි හිතන් හිටියේ අලියා හීන්සැරය කියවලා ඇති කියලා බන්...කිව්වත් වගේ අපිට ඌට හීන්සැරය කියවන්න කියලා පොත කලින්ම දීලා ඉන්න තිබුනෙ...අඩුම ගානෙ දවසකටවත් කලින්.. හෙහ් හෙහ්.. :D

      හපොයි හපොයි... හිටහන් ඒක දැම්ම හදන්න.. :)

      Delete
    2. අම්මෝ මම නං මේකට අලුත් ඒත් ඔක්කොම පුලුවන් නම් කියවන්නයි කල්පනාව හැම පෝස්ට් එකක්ම කියවන්න පුලුවං ශ්‍යලියකින් ලියල තියෙන්නේ තව ගොඩක් හොඳ බ්ලොග් තියනවා ඒවා වලින් තමයි මේකත් දැනගත්තේ
      හරි කතාවට හැරෙමු

      බුරාටිනෝ එකනං හීන්සැරෙන්ම දීලා තියනවා
      සමහරවිට හෙල්ලයක් අරං යන්නේ දුටුගැමුණු රජතුමාගේ වෙහිකල් එකයි බොඩිගාඩුයි වෙන්න ඇති :D :D

      -සඳනි-

      Delete
  4. සෙන්නා, මොනවයි බං මේ බ්ලොග් එක උඩ ක්ලික් කලාම එහෙං මෙහෙං pop-up ads පනින්නෙ.!?? උඹ හිතාමතාම දාලද නැත්තං මොකක් හරි malware එකක්ද??

    ReplyDelete
    Replies
    1. ඒ මොනාද බන් ?? මමනම් මුකුත් එහෙම එකක් දාලා නෑ.. මට එහෙම එකක් පේන්නෙත් නෑනෙ බන්... :(

      Delete
    2. ඇඩ් පනිනවා තමයි.. හැබැයි හැම තිස්සෙම නෙමෙයි.. මොකක් හරි තර්ඩ් පාටි විජෙට් එකකින් වෙන වැඩක්.. සමහරවිට ස්මයිලීස් වෙන්ඩ පුළුවන්..

      Delete
    3. බූරා / හරී, පොඩි ස්ක්‍රීන් ශොට් කෑල්ලක් දාන්නකො බලන්න එහෙම ආපු වෙලාවක... මට සෙට් වෙලාම නෑ එහෙම එකක්.. එහෙමනම් ඉතින් හිනා මූණු උනත් අයින් කරලා දාන්න වෙනවා... :-?

      ස්තූතියි මේ ගැන කිව්වට..

      Delete
    4. සෙනා මේ ප්‍රශ්නේ මට තිබුනා ආපු මුල් දවස් වල ඉඳලම. කලින් සෑම් ගේ එකෙත් තිබුනා. ටෙම්ප්ලේට් එකෙන් වෙන්න ඕනේ මේක වෙන්නේ.

      Delete
    5. අසර්,

      මචන්, උඹ කියන එක මට ටිකක් අපැහැදිලියි.. උඹ කියන්නෙ මගේ බ්ලොග් එකේ මුල ඉඳන් ඔහොම ලෙඩක් තිබුනා කියලද ? මට කවදාවත්ම දකින්න ලැබිලා නෑනෙ බන්...ආයෙ දැක්කොත් පොඩි ස්ක්‍රීන් ශොට් කෑල්ලක් මේල් කරහන්.. මොකක්ද බලන්න මේ...

      Delete
    6. මොකක් හරි ස්ක්‍රිප්ට් එකකින් ඕක එන්නේ. ඕක හුඟක් බ්ලොග් වල තියනවා. සමහර ඒවායේ රීඩ් මෝ දුන්නමත්, කමෙන්ට් එක පබ්ලිෂ් කරන්න හැදුවත් වින්ඩෝ පනිනවා එලියට. මගෙත් එහෙමද දන්නේ නෑ. :D

      මට ඒක පාරක් ඕක ආව ඔන් ලයින් කවුන්ටර් වලින්. උන් ඒ ස්ක්‍රිප් අස්සේ උන්ගේ ලින්ක් ගහල තියන්නේ.

      දැන් ටිකකට කලින් මං මේක ක්ලික් කරලා බැලුව. මාව යැවුනේ නම් මෙන්න මේ සයිට් එකට.

      ads.glispa.කොම්

      Delete
    7. මේකට මොනවද කරන්න පුලුවන් දොස්තර මහත්තයෝ..?? හැබැයි මට කවදාවත් මාට්ටු වෙලා නෑනෙ.. ඒකනෙ පුදුමෙ..

      Delete
    8. මාට්ටු වෙන්නෙ නැත්තෙ අහම්බයෙන් එන නිසා.. ඔය එක එක විජෙට් අලුතින් ඇඩ් කලාමත් එන්ඩ පුළුවන්.. ඒවගේම ටෙම්ප්ලේට් එකෙනුත් එන්ඩ බැරිකමක් නෑ.. මොකද ඔය විජෙට් ටෙම්ප්ලේට් දෙන අය ඒගොල්ලන්ටත් යම් ප්‍රයෝජනයක් ලබාගන්ඩනෙ කරන්නෙ.. අපිට ආදරේටම නෙමෙනෙ.. ඉතින් එහෙම එන එක ස්වාභාවිකයි.. නිකන් ගනන් නොගෙන ඉන්ඩයි තියෙන්නෙ ලොකු ප්‍රශ්නයක් නැත්නම්..

      ස්ක්‍රීන් ශොට් එකට දහයක් එව්වත් වැඩක් නෑ.. නිකන්ම සයිට් එකක්නෙ.. ඒකෙන් මොකුත් හොයන්ඩ බෑ.. :)

      Delete
    9. ආ.. වැරදුනා මගෙන් නෙමෙනෙ අහලා තියෙන්නෙ..

      Delete
    10. දොස්තර කවුරු වුනාම මොකද හරී, බේත හම්බෙනවනම්.. :D

      මටනම් අවුලක් නෑ.. ඒත් කියවන අයට බාධාවක්නම් ඒක ඉවත් කරන්න එපැයි.. මම හිතුවෙ ස්ක්‍රීන් ශොට් එකක් බලලා අදහසක් ගන්න පුලුවන් වෙයි කියලා, මොකෙන්ද එන්නෙ කියලා..

      Delete
    11. උඹට web editing, HTML ගැන දැනුමක් තියෙනවානම්, ටෙම්ප්ලේට් එකේ HTML edit කරන තැනට ගිහිල්ලා බලන්ට පුළුවන්, නොදන්නා JavaScripts එහෙම තියෙනවද කියලා.. හැබැයි දැනුමක් තියෙනවානම් විතරයි ආ.. :D

      Delete
    12. පොඩි පොටක් නම් අහු වුනා. මට පෙනුණු විදිහට ඒක එන්නේ විව් කවුන්ටර් දෙකෙන්. ඒකත් හොයන්න බැරි වෙන්න කරලා තියන්නේ. එක සයිට් එකකින් තව එකකට redirect වෙන්න දීල තියන්නේ. ඒ දෙක අයින් කරලා බලන්න සෙන්නා.

      @ හරී...

      හනේ කවුරු මොකෝ හරී.. වැඩේ කෙරෙන්නනේ ඕන. :)

      Delete
    13. බූරා / හරී / චන්දන,

      තුන්කට්ටුවටම බොහොම ස්තූතියි මේ ගැන අවධානය යොමු කෙරුවට.. :D

      බූරා, අනේ මම දන්න HTML බන්.. :D තියන ටිකත් නැතිවෙන පොටක් ඒ.. :D :D

      චන්දන, ඔන්න ඒව අයින් කළා, දැන් ටිකක් බලන්න..

      Delete
    14. සෙන්නා, දැන්නං හරි වගේ බං..

      Delete
    15. ස්තූතියි බූරා, එහෙනම් කවුන්ටරේ වෙන්න ඕනා අවුල තිබිලා තියෙන්නෙ.. උබට ස්තූතියි මේ ගැන කිව්වට. හරීටයි, චන්දනටයි ස්තූතියි බේත් වලට.. :D

      Delete
  5. නියම අත්හදා බැලීමක්නෙ කරල තියෙන්නෙ.

    පොඩිකාලෙ මෙලෝ සිහියක් නැතිව ඔය පඩිපෙළවල් වල එහෙම දුවන ඒව ඕන තරං කරනව. බය කියල එකක් තේරෙනව‍යැ. දැං එහෙම ඒව කරන්න ගි‍යොත් අතපය කඩාගෙන තමයි ඉන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න.

      කිව්වත් වගේ ඒ කාලේ බය නොහදුනන නිසා තමා අපි ගොඩක් දේවල් අත්හදා බලන්න පුරුදු වුනේ..ඒවයෙන් ආරක්ෂා වෙලා ඉදිරියට යන්න අපි වාසනාවන්ත වුනා.. ඒත් සමහරුන්ට ඔය වාසනාව ලැබෙන්නෙ නෑ..

      Delete
  6. පොඩි කාලේ ඔය වගේ දේවල් කොච්චර කරලා තියෙනවද.... ‌කූඹින්ට එයාලාගේ බර වගේ 3 ගුණයක්ද කොහෙද උස්සන්න පුළුවන් කියලා අහලා මං දවසක්ම කූඹි පේළියක් දිහා බලං හිටියා... හි හි...

    ඒත් ඇත්තටම දැන් ළමයෙක් ඔය වගේ වැඩක් කළොත් අම්මලගෙන් බැනුම් අහනවා වෙලාව නාස්ති කරනවා කියලා... අතින් එක දැන් ඉන්න එවුන් ඔයිට වඩා දේවල් ගැනයි කුතුහලය තියෙන්නේ... ඉන්ටනෙට් එකෙන් බලලා බෝම්බ හදන්න එහෙම... මේ විහිළුවට නෙවෙයි කිව්වේ...

    ReplyDelete
    Replies
    1. තුන් ගුණයක්ද ? හැට ගුණයක්ද ? දවසක්ම බලන් හිටපු එක හැට ගුණයක් බර උස්සනවටත් වැඩිය අමාරු වැඩක්. :D

      සහතික ඇත්ත... සහතික ඇත්ත.. දැන් ලමයි ස්වාභාවික පරිසරයෙන් ඈත් වෙලා.. අවස්ථාව තිබුනත් සමහරු ඒවා පාවිච්චි කරන්නෑ.. විහිළුවක් නෙමේ කියලා මට තේරෙනවා.. දැන් රැල්ල ගහන්නෙ ඔය පැත්තට තමා..

      Delete
  7. //"අලියා පිටේ කටුස්සා..." // අලියා කෙසේ වෙතත් ඇත් ගොව්වා නම්, "කවුද යකෝ ක‍ටුස්සා???" කියාගෙන පඩිපෙල දිගේ එලවගෙන නාවා පුදුමයි..... :D :D :D

    හරිම "සුන්දර" නිර්මාණයක් සෙන්නා... මේ විදිහෙ ඒවා දිගටම ලියන්න. හරිම රසවත්.

    (සෙන්නාගෙ පෝස්ට් බහුතරයක් වාර්ථා ගනයේ ඒවානෙ. ඒ විදිහෙ පෝස්ට් එකක් ලියන්න සෙන්නා ගොඩක් මහන්සි වෙන බව ඇත්ත. ඒත් සෙන්නාගෙ නියම නිර්මාණශීලීත්වය දකින්නෙ මේ වගේ පෝස්ට් වලින්.... ඒවත් හොදයි. මේවා හොදාආආආයි..... :D )

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... ඔහොම එකක් එදා මතක් වුනානම් කවදාවත් ඔය පරීක්ෂණේ කෙරෙන්නෙ නෑ.. :D මොකද අලියට බැරි වුනාට, ඇත්ගොව්වට පඩිපෙලෙයි, අඩි පාරෙයි දුවන්න පුළුවන්නෙ..

      ස්තූතියි තිළිණ.. ඒවත් ලියන ගමන් එහෙනම් මේවත් ලියමු නේද. තිළිණ කුරුන්දෙ ඔක්කොම ලිපි වගේ කියවපු හින්දා කලින් කරපු නිර්මානත් දකින්න ඇති කියලා හිතනවා..

      ස්තූතියි ගොඩාආආඅක් අගය කළාට.. :D

      Delete
  8. මම පොඩි කාලේ ඕක කියල අහගත්තා හොඳවයින්. එදා ඇත් ගොවුවෝ දෙන්නෙක් හිටියා එකෙක් පිට උඩ අනිකා බිම. ඕක කිවා විතරයි උඩ හිටපු එකා ඇමතුවේ නැද්ද කටුස්සා බලාපිය තොගේ මහා එකාගේ රෙද්ද අස්සේ කියලා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මේක නිකන්ම ළමයි අතර ජනප්‍රිය මිත්‍යා මතයක් විතරක් නෙමෙයි වගේ.. ඕක ඇහිලා අලි කුලප්පු වෙලා තියනවද දන්නෑ ඇත්තටම එහෙනම් !

      ස්තූතියි නිශාන්ත කමෙන්ට් එකට.

      Delete
    2. අලින්ට ඒ වගේ දේවල් කියනවට ඇත් ගොව්වෝ කැමති නෑ. මාත් දැකල තියනවා අලි දිහා බලා ඉන්න කොටත් බැනල එලව ගන්නවා.

      Delete
    3. මට මතක විදිහටනම් අර ඇත්ගොව්වා එච්චර විරෝධයක් නොපෙන්නුවා කියලයි.. හරියටම මතකත් නෑ අප්පා, ඔය මීට අවුරුදු විසි පහකට වගේ කලින් වෙච්ච එකක්..

      Delete
    4. එහෙම කරන්නේ සෙන්නා, සමහරු විතරයි. දැන් හුඟක් අය බීල නේ ඉන්නෙත්.

      මගේ යාලුවෙක් ට මාර ආසාවක් තිබිල අලි පිටේ යන්න. ඌ කොහොම හරි ඇත් ගොව්වෙක් සෙට් කරගෙන දවසක් අලියා නාන්න අරන් යනකොට ටික දුරක් ගියාලු අලි පිටේ. ඒකත් ලේසි නැහැ ලු. පස්ස රිදෙන්නත් එක්ක වුනා කියලයි කිව්වේ. :)

      Delete
    5. එතකොට සෙන්නට වයස කීයක් විතර ඇද්ද?

      Delete
    6. 37 විතර දාගන්නකෝ ..:P

      Delete
    7. හරියටම මතක නෑ හරී, සමහර විට දහයක්, දොළහක් විතර ඇති...

      සහන් කියන්නෙ දැන් වයස...38ක් විතර දාගන්නකො.. :P

      Delete
  9. ඔව් මටත් කියන්න තියෙන්නෙ සෙන්නා මේවගේ පෝස්ට්සුත් ඉඳ හිට ලිව්වාම තමයි අපිට නියම සෙන්නාව සහ සෙන්නාගේ නියම හැකියාව අඳුනාගන්න ලැබෙන්නෙ. අනික මේ කතාවේ අන්තිමට අලියා පන්නා ගෙන ආවේ නෑයි කියලා කිසිම අඩුවක් නෑ. අර මම කියන්නෙ. We enjoy the ride, not only the destination කියලා. අර උඹලා ගල් පඩි පෙලේ දුවන කොට මාත් උඹලත් එක්ක දිව්වා. අන්න ඒවයි රසවත්ම, හදවතට තට්‍ටු කරන නිර්මාණශීලී බව.

    අපිට උඹේ සුපුරුදු ලිපි අතරට මේ වගේ දේවලුත් ඕනෙමයි.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං බෝතලේ විත්ති කියන්නේ? බෝතලේ ගමද? අපිත් එක්ක ටීච් කරපු බුවෙකුත් හිටියා ජයන්ත කියලා බෝතලෙන් ආපු.

      උඹේ මාතෘකාව දැකලාම කී දෙනෙක් මේකට දුවගෙන ඒවිද දන්නේ නෑ. හික් හික්.

      Delete
    2. ස්තූතියි ඩූඩ් මේ අගයකිරීම ගැන.. අවංකවම සතුටුයි... :D

      ඇත්තටම අලියා එහෙම ආවෙ නෑ ඩූඩ්.. ආවනම් කතාව මීට වැඩිය වෙනස් තමා.. හැබැයි ඌ ආවෙ නෑ.. ඒ ඌ කටුස්සන්ට බය නැති හින්දද ? බීරි හින්දද කියලනම් මට හිතාගන්න බෑ.. :D

      මේකෙ කොටස් අරවත් එක්ක අතරින් පතර යයි ඩූඩ්.. මතක් වෙන වෙන ඒවා ලියලා දාන්නම්..

      ඔව් ඔව් බෝතලේ ගම තමා... අපේ මුල් තියෙන්නෙ එහෙ...

      ස්තූතිය් ගොඩක් අගය කළාට...

      Delete
  10. Both the comments I made got spammed, dude.

    I sent a mail also about that. :-(

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් හතරම ස්පෑම් වෙලා, මොකෝ දන්නෑ ඩූඩ්.. දැන් හරි.. :D

      Delete
  11. බෝතලේ ගැන නම් මාත් තරමක් දන්නව සෙන්නෝ,බෝතලේ ඉහළගමද පහළගමද

    ReplyDelete
    Replies
    1. හැලප අයියා, මේ ඇවිල්ලා පහළගම... දන්නවනම් ඔය කියන පඩි පෙල සහ ගෙදරත් දන්නවා ඇති සමහර විට.. මීරිගම, වරකාපොල පාර අයිනෙම..

      Delete
  12. කාලෙකින් මචං උඹෙන් මේ වගේ පොස්ට් එකක් කියෙවුවෙ.

    හෙන්රි කිවුව වගේ ඒ පඩිපෙළේ විස්තර කියද්දීනම් පඩිපෙළ මැවුනා ගල් උඩ ඒ වගේ දුවල වැටුණු හැටිත් මතකයි.

    මේ උඹලට වුන සිද්දියක් නේද?.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්... මේක සීරිස් එකක ආරම්භයක් මචන්.. ඉස්සරහට එයි එක එක.. :D

      ඔව් ඔව් මේක ඇත්තම සිද්ධියක්..

      ස්තූතියි අසර්...

      Delete
  13. පඩිපෙල් ගැනනම් මතක් කරන්න එපා .ඇඟහිරිවැටිලා යනව.
    අපේ ගෙදරටත් පාරෙ ඉඳල පඩි 25ක් විතර නැගල එන්න ඕන.ඒවනම් පිලිවෙලට හදපුවා.ඉස්සර නම් ඕය කියලතියෙනව වගේ ගල් ගැලවෙන තරමේ තිබුනෙ..අපි පුන්චි කාලෙ . හුස්ම ඉහලපහල දානව වගේ හෑල්ලුවට බැස්සෙ,නැග්ගෙ.
    ඒත් දවසක් පය පැටලිලා වැටිල එකතැන හිටිය මාසයක් විතර තුනටිය වැදිල...අවු. 14දි විතර.

    සෙන්නා කියල තියෙනව වගේ පඩි තියෙන පාරක් තමා අපේ ආච්චිලහට හා අපේ ගෙදරට තිබ්බෙ..ඒ දවස්වල එක හුස්මට ඉහල පහල ගිය හැටි මතක් උනා...දැන්නම් ඒක නිකං වැහි වතුර බහින කානුවක් විතරයි.

    මමනම් මේ ලිවිල්ලට ආසයි බං...අපි අතීත කාමයේ මිනිස්සුනෙ.

    ReplyDelete
    Replies
    1. වීයා, ස්තූතියි බන්.. අපි කවුරුවත්නම් කවදාවත් වැටුනා කියලා මතකයක්නම් නෑ බන්.. ඕකෙ අනන්ත ඔට්ටුවට අපි දුවලා තියනවා.. වැටුනනම් ඉතින් සොරිම තමා.. දැන් මතක් වෙද්දිත් මවිල් කෙලින් වෙනවා බන්..

      මටත් හිතෙනවා මේ ලිපි මාලාව හුඟක් අයගෙ අතීත මතක අවුස්සයි කියලා.. ඉස්සරහට තව කතා එන්න තියනවා.. කුරුන්දෙ සුපුරුදු කතා මැද්දෙන් දෙන්නම්.. කසාය එක්ක සූකිරි දෙනවා වගේ... හැහ් හැහ්.. :D:D

      Delete
  14. අපිත් අලි දක්කම් උන්ගේ භාෂාවේ දන්නා වචන කියල බලනවා. උන් අපිව තඹේකට ගණන් ගන්නේ නෑ :D

    අනෙක් පෝස්ට් අතරට මේ වගේ නිදහස් පෝස්ට් වැටෙන එකත් හොඳයි සෙන්නා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මටත් මතකයි ඒකාලෙ..හි..හි...දුවන්න බලාගෙන අලිය ගාවට ගිහිල්ල කියන්නෙ..මොන.......!!! අලිය පඩේකට ගනන් ගන්නෑ...අන්තිමට ඇත්ගොව්ව...අම්මට ....කියල කුනුහරුප වැලැක් කිව්වම තමා යන්නෙ.

      Delete
    2. අලියට හෙන්ඩු භාෂාවෙන්ම කියන්න ඕනා ඇති එහෙනම් චන්දන.. :D

      ස්තූතියි චන්දන, එහෙම කළවමේ දාමු නේද ? මම ඉස්සරත් වෙන වෙන ඒවා දැම්මා, හැබැයි කාලෙකින් තමා ආයෙ මේ වගේ එකක් දම්මෙ..

      වීයා, එහෙනම් උඹලත් වැඩේ අත්හදා බලලා තියනවා... ඈ.. :D

      Delete
  15. සැකහැර දැනගන්න එක්ක මම ඕක අලියෙක්ට කියලා බලන්න ඕන!

    ReplyDelete
    Replies
    1. අර උඹ දුවන්ඩ දාන ඇණ තියන සපත්තු දෙක දාගනම කියහන් හොඳේ.. :D

      (පෝස්ට් එකට ඩිස්ක්ලේමර් එකක් දාන්න වෙයිද මන්දා, මතු ආරක්ෂාව පතා.. :-O )

      Delete
  16. සෙන්න මේ කතාවේ වෙන යටි තේරුමක් තියෙනවද ...?
    මම එහෙම ඇහුවේ සෙන්නගේ ක්‍රමේ එක්ක මේක අස්සේ
    මීට වඩා දෙයක් ඇත්ද කියල දැනුන නිසයි..
    ========================================

    සෙන්නා බෝතලේද ..? එහෙනම් ජයකොඩි පරම්පරාව ගැන
    දන්නවා ඇති නේද ..?අපේ පුංචිලගේ මාමණ්ඩිත් හොඳටම
    සාස්තරේ දන්න කෙනෙක් ... එයා ළඟ ඇතෙක් ඉඳල
    තියෙනවා " රාජා " කියලා .. රාජව ගාල් කරලා බඳින්න වෙන
    වෙලාවට ( මද කිපෙන කාලෙට එහෙම ) බොහොම පරිස්සමෙන් ලු
    කරන්නේ ..

    හෙමීට ඇතාට නොපෙනෙන්න කඹයක් දානවලු කකුල් වලට .බැරි
    වෙලාවත් ඒ මනුස්සයාගේ මූණ දැක්කොත් අනිවාර්යෙන් මස් සී සීකඩ
    යන්න පොළොවේ ගහනවලු ..ඒ විදිහට මිනිස්සු 8 දෙනෙක් මරුවලු ..
    අන්තිමට ගමේ මිනිස්සු රාජාට වහ දීලා ..

    සීයා ඉතින් ඒකෙ පළියත් අරගෙන පවුල් පිටින් හැඳි ගෑවිලා යන්න...
    ( අන්තෝ ජටා බහි ජටා )


    තාම තියෙනවා එයා ළඟ හිටපු ඇත්තුන්ගේ දළ , " අලි පස් " , " අලි හක්ක "
    හොඳටම ඔප නොවුණ පත් ( ගජ මුතු වෙන්නේ මේවා )


    තව කියන්න නම් දේ තියේ ..පස්සේ එන්නම්කෝ ...

    ReplyDelete
    Replies
    1. අනේ යටි අරුතක් නෑ බන්.. ඔය අපි පොඩි කාළේ කරපු දෙයක් අමුවෙන්ම ලියලා දැම්මා, වෙනසකටත් එක්ක..

      අපේ තාත්තගෙ ගම බෝතලේ සහන්, අපේ පදිංචියනම් එහෙ නෙමේ.. ඉතින් එහෙ කාවවත් මම වැඩිය අදුනන්නෑ.. ගමේ අහල පහල දෙතුන් දෙනෙක් හැර..

      මේ ලියලා දැම්මෙ ඉස්සර නිවාඩුවට ගමේ ගියාම වෙච්ච සිද්ධියක් විතරයි..

      බෝතලේ වලව්වෙනම් අලි ඉන්නවා කියලා මම අහලා තියනවා.. ඔය කතාවෙ එන අලියත් වලව්වෙ එකෙක් වගේ තමා මතක..

      Delete
  17. කාලෙකින් වෙනස් ලිපියක්.. නිර්මාණ එක්ක මේ වගේ ලිපි ලියන එකේ අමුතු ගතියකුත් තියෙනව අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ් මල්ලී.. බලමු නේද ඉස්සරහට කළවමේ දාන්න..ඉස්සරත් දැම්මා මේ වගේ කතා අතරින් පතර, ඒත් කාලෙකට නැවතිලා තිබුනෙ..

      Delete
  18. දැන් කාලේ නම් ඕක මෙහෙම කිව්වොත් එක් කෙනෙක් නම්, පඩි පෙල නැගල එලවගෙන එයි.
    >>ගොව්වයි,හෙන්ඩුවයි තියල මහින්ද අලි ටික අරන් ගියෝ<< කියල.
    එයා නුවර යනවනේ ඔතන පහුකරන්.

    ReplyDelete
    Replies
    1. හම්මෝ කෙන්ජි, බොහොම කාලෙකින්, බොහොම කියන්නෙ බොහොම බොහොම කාලෙකින් කුරුන්ද පැත්තට ආවේ නේද ? :D

      එයානම් එහෙම දුවන් එන්ඩ ඉඩ තියනව තමා.. :D

      ඇයි එයා නුවර යන්න මේ අස්සෙ රිංගන්නෙ..:) කෙලින්ම නුවර පාරෙ යන්න පුළුවන්නෙ.. ? :)

      Delete
  19. ඔය වගේ අතීත මතකයන් මතක් වෙද්දී දැන් හිනහ ගියත් අතීතය සුන්දර ලමාකාලය ගැන දුකක් හිතට එනවා.

    ReplyDelete
    Replies
    1. දුක්වෙන්න එපා කෝරාලෙ, එහෙම ළමාකාලයක් තිබිච්ච එක ගැන සතුටු වෙයන්.. මොකද දැන් ඉන්න බොහොමයක් ළමයින්ට ඔය වාසනාව නෑ..

      Delete
  20. සෙන්නගේ හරබාර ලිපියක් වෙන්න ඇති කියලා මන් ආවේ පරක්කු වෙලා ..අනිවා මේවගේ ලිපි ලියන්නම ඕනේ . මේකයි අර කුකුල් කතාවයි මන් ආසම ඒවා .

    මේ කතාව කියෝනකොට මන් උන්නේ අපේ ගමේ මහගෙදරට නගින ගල් පඩි පෙලේ . චුටි නැන්දලා පඩිපෙළ දෙපැත්තේ ලස්සනට මල් හිටෝලා තිබුණ . පල්ලෙහා න ගහ ගාව ඉඳන් බැලුවම පෙනුනේ ගෙයි වහලේ වඩිම්බු පෙළ විතරයි .අපි කොච්චරක් නම් දුවන්න ඇත්ද ඔය පඩි පෙලේ . සෙන්න කිවා වගේ අඩිපාරවල් පවා දෙපැත්තට විහිදිලා තිබුණ . ආයේ අමුතුවෙන් පඩිපෙලක් මවා ගන්න ඕන උනේ නැහැ මට. පල්ලෙහා පාරේ යන අලියා විතරයි අලවා ගත්තේ දර්ශනයට .

    තව් අමෙ වගේ මතක ගොඩක් ලියවෙයි කියලා බලා ඉන්නවා

    ReplyDelete
    Replies
    1. හරබර ලිපි ලියලා ටිකක් මහන්සි නිසා මේකක් ලියලා දැම්මෙ බින්දි.. මේ ලිපිය ලියන්න මට පැය කාලක්වත් ගියේ නෑ..බොහොම සරළයි, සැහැල්ලුයි..කියවන අයත් මේවට වැඩියෙන් මනාප බව තමා පේන්ඩ තියෙන්නෙ..

      බින්දිටත් එහෙනම් සමාන අත්දැකීම් තිබිලා තියනවා.. අපේ පඩිපෙළනම් මහ විසාල එකක් අප්පා, පල්ලෙහා හිට ගත්තම උඩ පේන්නෑ... මගක් නැග්ගම තමා ගේ පේන්ඩ ගන්නෙ.. අද දක්වාම මම මීට වැඩිය ලොකු පඩිපෙළක් ගෙදරක දැකලා නෑ බින්දි..

      තව ලියවෙනවා ඉස්සරහට.. මතක් වෙන වෙන සැරේ අතරින් පතර දාන්නම්..

      ස්තූතියි..

      Delete
  21. අද දවාලේ මේ ලිපිය දැක්කා. නමුත් රෑ වෙලා නිදහසේ කියවන්න ඉතුරු කරගත්තා.

    1. ශ්‍රී සඟරාව. අතීත මතකයන් බොහොමයක් තියනවා ශ්‍රී සඟරාව සමග. අද තියනවානම් ශ්‍රී, රසවාහිනී,නවයුගය,වැනි සඟරා තොගයක්,බ්ලොග් ලිපි 500 ක් විතර ලියන්න පුළුවන්.

    2. 'බෝතලේ' ලස්සන ගමක්. මම අපේ රෙජිමේන්තු මූලස්ථානයට (අඹේපුස්ස) යන එන අවස්ථාවල බෝතලේ හරහා ගිහින් තියනවා. බෝතලේ කියන නම අපි උච්ඡාරණය කරන්නේ 'ත'යන්න සංවෘතවයි. නමුත් එය උච්ඡාරණය කලයුත්තේ 'ත'යන්න විවෘතවයි කියලා මට හිතෙනවා. ඒ ගමේ ඉතිහාස කතාව අනුව.

    3. අලියා පිටේ කටුස්සා මමත් දවසක් කිව්වා. මම හිතන්නේ එතකොට මම පහේ හයේ වගේ පන්තියක ඉන්ඩ ඇති. ඒක වැදුනේ ඒ අලියා පිටේ හෙන්ඩුවත් අතින් අරං ගිය කකුල් දෙකේ කටුස්සට. 'දුප් වනචර කොල්ලෝ' කියලා අපිව එළවාගත්තා ඒ කටුස්සා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක මහතා.. මම දැක්කා ඔබ අද හමුදා කඳවුරක මොකක්ද වැඩසටහනකට යනවා කියලා තිබුනා.

      ශ්‍රී සඟරාව ඇත්තටම හරිම ආසාවෙන් ඒ දවස්වල කියෙව්වෙ.. මම ගමේ ගියොත් නැන්දගෙ සඟරා, පරණ පත්තර මිටිය අනිවාර්යයෙන් දිගෑර ගන්නවා..

      ඕක උච්චාරණය කරන්න ඕනා අපි දන්න "බෝතලේ" ( වතුර බෝතලේ, අරක්කු බෝතලේ ) වගේ නෙමේ, බෝ' තලේ කියලා.. උදලු තලේ කියනකොට එන උච්චාරණයමයි..ඒත් භාවිතයත් එක්ක දැන් ඒක බෝතලේම වෙලා..

      හුඟක් අය ඔය කතාව කියලා තියනවා..අපි ලබපු අත්දැකීම ඊට ටිකක් වෙනස්..

      ඇත්තටම අලියා කටුස්සට බයද දන්නෑ එහෙනම් නේද ?

      Delete
  22. අපේ රටේ කකුල්දෙකේ අලි නං ක‍ටුස්සන්ට විතරක් නෙවෙයි කූඹියන්ටත් බයයිනෙ.. අර පඩිපෙලවල් දිගේ පහලට දිවිල්ල නං අපිටත් තිබුන භයානක පුරුද්දක්.. හදිසියකට නවර්ත්තාගන්න බැරී තරම් වේගයෙන් පන්සලෙ ගල්පඩි දිගේ පහලට දිවිල්ල අපිත් කලා. වාසනාවකට වැ‍ටුණෙ නෑ දැන් නං මතක්වෙනකොට ඇඟ හිරිවැටෙනවා.

    ReplyDelete
    Replies
    1. සරත් අයියගෙ කමෙන්ට් එක දැක්කමනම් මටත් හිතුනා, ඔය උඩ සහන් කියනවා වගේ මේකෙන් සැගවුනු අරුතකුත් මතු කරගන්න පුලුවන් කියලා.. :D

      ඒ කාලෙ ඕවයෙ ගානක් ඇත්තෙම නෑ නොවැ.. අපිටත් ලොකු අනතුරු නොවීමේ වාසනාව තිබුනා..

      Delete
  23. අද පෝස්ට් එකනම් කොටයි. ඒ උනාට කිසි අඩුවක්නම් නෑ :) ලොකු දෙයක් මෙහෙම හරි එකක් දාපු එක.

    දාන්න පහක්. මමත් කැමතිම නෑ හීන් සරය කතාවේ අලියට වෙච්ච අලි අසාධාරණයට. අලියා කියන්නේ ඔය කොහෙවත් යන කටුස්සන්ගෙන් නින්දා විඳින්න සුදුසු එකෙක් නෙමෙයි. උන් හරි වැදගත් මොලේ ඇති සත්තු, හ්ම්ම්ම්.

    මෙතන මේ සේන කියන්නේ යාලුවෙක්ද? සෙන්නා කියන එකේ සමාන කමක් තියද ඒකට ?

    ReplyDelete
    Replies
    1. >> ලොකු දෙයක් මෙහෙම හරි එකක් දාපු එක. <<
      සයුරි චන්දනගෙ පෝස්ට් එහෙකදි කරලා තිබුන ඉල්ලීමත් මේ ලිපිය ඉක්මන් වෙන්න බලපෑවා.. නැත්නම් මම සුපුරුදු ලිපියක් ලියන්න කියලා සූදානම් වෙවී හිටියෙ, ඒකට තව කල් යන හින්දා, කාලයක් තිස්සෙ දාන්න කියලා හිත හිතා හිටිය මේක ලියලා දැම්මා.. හරි සිම්පල්, නිකන් මැගී නූඩ්ල්ස් වගේ.. :D :D

      මටනම් හීන්සැරයෙදි අලියට කරපු නින්ගිරාව ගැන පුදුම තරහක් තියෙන්නෙ.. මම මුලු පොතම කියෙව්වෙ අඩු ගානෙ අන්තිමට හරි අලියා දිනයි කියලා හිතාගෙන.. කුමාරතුංග මුනිදාස මහත්තයගෙ උවමනාව වෙන එකක් කියලා තේරුනෙ පස්සෙ තමා.. ඒත් ඒකට අලියෙක් නැතුව වෙන මොකෙක්ව හරි ගන්න එපෑයැ, නැද්ද මන් අහන්නෙ.. ? :-?

      සේන කියන්නෙ එහෙ හිටිය ඇත්තම යාළුවෙක්.. එයාට අපි අමතපු ඇත්තම නමත් සේනම තමා..එයාගෙ ඇත්ත නමනම් දන්නෙ නෑ.. සේනයි, සෙන්නයි කියන්නෙ දෙන්නෙක්.. :D

      Delete
    2. //හරි සිම්පල්, නිකන් මැගී නූඩ්ල්ස් වගේ//

      හිහි...අනේ හොඳයි :)

      Delete
  24. අද කාලේ ළමයි, අපේ කාලෙ වගේ පරිසරයත් එක්ක වැඩියෙ ගැවසෙනවා අඩුයි කියලා හිතෙන්නේ. කුරුම්බැට්ටි මැෂිම, පුවක් අත්තේ බෝට්ටු පැදීම වගේ ඒවා දැන් ළමයි දන්නවා ගොඩාක් අඩුයි. දැන් කාලෙ ළමයි සෙල්ලම් කරන්නේ Made in China සෙල්ලම් බඩු එක්කනේ.

    මාතෘකාවයි, ඡායාරූපයයි දැක්කම මම හිතුවේ, ඡායාරූපයේ ඉන්න ඇත් ගොව්වට තමා කටුස්සා කියලා තියෙන්නේ කියලා. :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගිහාන්.. මට බය ඔහොම ගිහිල්ලා ළමයිනුත් Made in China වෙයිද කියලා.. :D

      හෙහ් හෙහ්.. පවු අසරණයා..

      Delete
  25. අලියා කටුස්සට බය වෙලත් හිටියලුද? අදනේ දන්නේ ...:-)

    පුංචි ලමයින්ගේ ලමා කාලය මවා පෙන්වන, අපූරු සටහනක්. හැබැයි කට්ටිය කමෙන්ට් කරලා තියෙන්නේ වෙන දෙයක් ගැන. හී හී...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි, හීන්සැරය කියවලා නැද්ද ? අලියව කුජීතම කරලා දාලා අප්පා ඒකෙ.. හරියට නිකන් දැන් වගේමයි.. :D

      කට්ටියගෙ වැඩි අවධානය යොමු වෙලා තියෙන්නෙ වෙනසට වගේ නේද ?

      Delete
  26. සෙන්නා තාමත් හිතන් ඉන්නෙ හීන් සැරය නිසා අලියට අසාධාරණයක් වුනා කියලා නම් මමත් ඒකට 200%ක් එකඟයි..කටුස්සෙකුට කොහොමවත් ඔච්චර උඩ යන්න දුන්න එක වටින්නෑ..කතාවටත් කියනවානේ කටුස්සගේ කරේ රත්තරං බැන්දා වගේ කියලා..

    මම මේ කල්පනා කරන්නෙ අලියා දෙමල එකෙක්ද කියලා..ඒක නිසා ඔයාලා කෑ ගහපු ඒවා නොතේරෙන්න ඉඩ තියනවා..නැත්තං ඌ ඉංග්‍රිසි අලියෙක් වෙන්නත් ඉඩ තියනවා..නැත්තං ඌ ශේප් අලියෙක් වෙන්න ඇති..කලින් කටුස්සගෙන් කාපු කෑම මතක් වෙලා ඔයාලාව ගණන් නොගෙන ඉන්න තීරණය කලාද කවුද දන්නෙ..

    කොහොම වුනත් කුරුන්දේ පෝස්ටු දකින එක ගැන සතුටුයි...අයියගෙයි සේනගෙයි කතා තව ඇති නේද කුරුන්දට ගේන්න පුළුවන්..?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මම තාමත් එහෙම හිතනවා... හ්ම්ම් දැනට මගෙ අදහසට එකඟ දෙන්නෙක් ඉන්නවා.. මොකද කියන්නෙ උද්ගෝෂණයක් කරමුද ?

      චැහ්.. ඔය භාෂා පුරස්නෙ අපිට මතක් වුනේම නෑනෙ.. මතක් වුනත් කරන්න දෙයක් නෑ.. ඒ දවස්වල ඉංග්‍රීසිවත් දන්නෙ නෑ.. සිංහලයි, සීනි භාෂාවයි විතරයි.. අලියට සීනි භාෂාව පුලුවන්ද දන්නෑ නේද ? :D

      තව කතා තිබේ... මම මේ දවස්වල මතකය ටිකක් පොලිශ් කරනවා.. අයියටත් කිව්වා මතක් වෙන වෙන ඒවා කියන්න කියලා.. බලමු.. ඉස්සරහට..

      Delete
    2. @සෙන්නා,
      ඒනිසි දනි සිවස්වල සීනිසිනි බානි සිසාව බැනි සිරි කෙනි සිනෙක් හිනි සිටියේ නැනි සිද්ද කොනි සිහෙද?!!
      මටත් දැන් මතක් වුනේ..අපොයි ඒ දවස්වල පුළුවන් වෙලා තිබනු බාසා ගොඩ..!!

      Delete
    3. ඕනි සින්න ඕනි සිය බානි සීසාව ආනි සිලියා දෑනි සිනගම සීනි සිටියා නානි සිම්, ඌනි සීට ආනි සිපි කීනි සියපු ඒනි සික තේනි සීරෙනවා..

      ආනි සිපි නානි සිම් බානි සීසාව වීනි සිතරයි දෑනි සිනගෙන සීනි සිටියෙ..

      Delete
  27. මට දැන් හීන් සැරය මතක නෑනෙ :(. අර කිව්වත් වගේ ඇත් ගොව්ව බැන්න නං තමා බලන්න තිබ්බෙ. වෙනසක් තියෙන්නත් ඕන සෙන්නා. .හැමදාම ලියන රාමුවෙන් වෙනස් එකක් ඉඳල හිටල දාන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. අර අලි, කටුසු, කොටි හටන මතක නැද්ද හැබෑටම ?

      හොඳ වෙලාවට මිනිහා බැන්නෙ නෑ.. :D

      හුඟ දෙනෙක් මේ වෙනසට මනාපයි වගේ හින්දා බලමු නේද මේ විදිහට කළවමේ ලියන්ඩ..

      ස්තූතියි මුහුදු..

      Delete
  28. මේ වැඩෙත් පොඩි ආතල් එකක් තියනවා නේද? වෙනස්ම විදියේ කතාවක මුලක්ද මන්දා? අපිත් ඔහොමයි පොඩි කාලේ එක්ස්පෙරිමන්ට් කරනවා. වැඩේ මචන් ඔය අලියා උඹල වගේ පොත් කියවන එකෙක් නොවන එක. සමහර විට ඌට අකුරු බැරිද දන්නෙත් නෑ. නැත්තන් නිකං චීන වගේ එකක් දන්නා අලියෙක්ද දන්නෙත් නෑ නේ බං. එහෙමත් නැත්තන් ඔය පොත ඒ වෙද්දී අලි භාෂාවෙන් ගහල තියෙන්න නැතුව ඇති. මට හිතෙන්නෙම අනිතිමට මං කිව්වා වගේ පොත අලි භාෂාවෙන් නැතුව ඇති කියලමයි.

    ReplyDelete
    Replies
    1. ඒයි පොඩ්ඩක් හිටහන්.... උඹලා ඔක්කොම ඔහොම කියද්දි මට නිකමට වගේ හිතෙනවා එතනත් කතාවක් තියනවා කියලා..

      Delete
  29. අලියට සිංහල තේරෙන්නේ නැහැනේ. අලි භාෂාවෙන් කියන්න ඕනේ :P

    ReplyDelete
    Replies
    1. හුඟක් අය කියලා තියන නිසා ඕක වෙන්න ඕනා කාරනේ... :D ඇත්ගොව්වට තරහා යන්නෙ මම හිතන්නෙ මිනිහට කටුස්සා කියනවා කියලා හිතලා වෙන්ඩ ඕනා.. :D :D

      Delete
  30. ඒ ළමා කාලේට ආයෙත් යන්න ආසයි...

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog