Thursday, February 16, 2012

ලොවම ත්‍රස්ත කල " පුංචි කොළුවා " සහ " මහත මිනිසා " - අවසාන කොටස

මුල් ලිපි දෙකෙන් ප්‍රහාරයට මුල්වූ හේතු, සැලසුම් කිරීම, බෝම්බය නිපදවීම, අත්හදා බැලීම, ඉලක්ක තෝරා ගැනීම පිළිබඳව සාකච්චා කළා ඔබට මතක ඇති. ප්‍රහාරය එල්ල කරන ආකාරය සහ ඉන්පසු ඇතිවන තත්ත්වය ගැන දැන් විමසා බලමු.

1945 ජුලි 16වන දින ප්‍රථම පරමාණු බෝම්බ අත්හදා බැලීම සාර්ථකව අවසන් වූ වහාම " Little Boy " නම් වූ යුරේනියම් බෝම්බය "USS Indianapolis" නෞකාවෙන් ටිනියන් දිවයින බලා නැව්ගත කරන ලදී. මේවන විට 509 කණ්ඩායම ටිනියන් දිවයිනට පැමිණ පූර්ව සූදානම් වල නිරතවෙමින් සිටියහ.

1945 ජූලි 26 වන දින " USS Indianapolis " නෞකාව ටිනියන් දිවයිනට ලඟාවූ අතර එදිනම එම බෝම්බයට ඇවැසි සමහර අමතර කොටස් සහ " Fat Man " නම් වූ ප්ලූටෝනියම් බෝම්බය " C-54 " වර්ගයේ ගුවන් යානයකින් ටිනියන් දිවයිනට ගොඩ බාන ලදී.

එදිනම ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ චීනය එකතුව ජපානයට නිකුත් කල යටත් වීමේ නිවේදනය ( Potsdam Declaration ) ජපානය විසින් බැහැර කිරීමෙන් පසුව, 1945 අගොස්තු මස, ඇමෙරිකානු ජනාධිපති Harry S. Truman විසින්  ජපානයට බෝම්බය දැමීමට නිළ වශයෙන් අනුමැතිය දෙන ලදී.

මෙයට අදාල නොව්නද ඊට දින හතරකට පසු සිදුවූ තව වැදගත් සිද්ධියක් ගැන සඳහනක් කළ යුතුය.

ජූලි 26 වන දින බෝම්බය සහ ඊට අදාල අංගෝපාංග ගොඩ බෑමෙන් අනතුරුව දිවයිනෙන් පිටත්ව ගිය නෞකාවට ජූලි 30 වන දින අළුයම රාජකීය ජපාන නාවික හමුදාවේ I-58 සබ්මැරිනය මඟින් එල්ල කල ටෝපිඩෝ ප්‍රහාර දෙකක් මගින් පිලීපීන මුහුදේදී නාවිකයන් 300 ක් පමණ ගනනක් සමග මුහුදුබත් විය. 800 ක් පමණ නාවිකයන් සංඛ්‍යාවක් ඊට දින දෙකකට පසු බේරා ගන්නා ලදී.

මෙම ප්‍රහාරය ඊට දින හතරකට හෝ පහකට කලින් නැව ටිනියන් දිවයින බලා යාත්‍රා කිරීමේදී එල්ල කිරීමට ජපන් නාවික හමුදාව සමත් වූයේනම්, ලෝක ඉතිහාසය මීට වඩා වෙනස් වීමට උවද ඉඩ තිබුනි. එම ප්‍රහාරය ගැන වැඩි විස්තර, ඉහත නෞකාවේ නමත් සමඟ දී ඇති සඹැඳිය ඔස්සේ ගොස් කියවිය හැකිය.

මෙසේ ගෙන එන ලද බෝම්බ දෙක, ටිනියන් දිවයිනේදී එකලස් කොට ගුවන් යානයට සවිකරන ආකාරය මෙම චායාරූප වාර්ථාවෙන් ඔබට බලා ගත හැකිය.

හිරෝශීමා නුවරට එල්ල කල " Little Boy " බෝම්බය සවිකරනු ලැබුවේ 509 කණ්ඩායමේ අණදෙන නිළධාරියා වූ Colonel Paul W. Tibbets විසින්ම පදවන ලද " Enola Gay " නම් වු ගුවන් යානයටය. තම මවගේ නම අනුව යමින් ඔහු විසින් මෙම යානයට එම නම දමන ලදී. එම යානයෙහි මෙහෙයුමට සම්බන්ධ 12 දෙනෙකුගෙන් යුත් ගුවන් භටයන් සංඛ්‍යාවක් විය. පහත දැක්වෙන්නේ ඔවුන්ගේ නාම ලේඛනයයි.

Colonel Paul W. Tibbets, Jr. (1915-2007) 
Captain Robert A. Lewis (1917-1983)
Major Thomas Ferebee (1918–2000)
Captain Theodore "Dutch" Van Kirk (1921-) 
Captain William S. "Deak" Parsons (1901–1953) 
Lieutenant Jacob Beser (1921–1992) 
Second Lieutenant Morris R. Jeppson (1922–2010) 
Technical Sergeant George R. "Bob" Caron (1919-1995)
Technical Sergeant Wyatt E. Duzenberry
Sergeant Joe S. Stiborik (1914-1984) 
Sergeant Robert H. Shumard (1920-1967)
Private First Class Richard H. Nelson (1925-2003)


1945 අගෝස්තු 05 වන දින ප්‍රථම ප්‍රහාරයට සියල්ල සූදානම්. අගෝස්තු 06 වන දින අළුයම 02:45 ට, තවත් යානා 05 ක් පෙරටු කරගත් Enola Gay යානය ප්‍රහාරය සඳහා ටිනියන් දිවයිනෙන් පිටත් විය. අනෙකුත් යානාවල කාර්යයන් වූයේ කාළගුණ තත්ත්වයන් පරීක්ෂා කිරීම, චායාරූප කරණය සහ ප්‍රහාරයෙන් පසු ඇතිවන තත්ත්වයන් අධ්‍යනය කිරීම යනාදියයි. හිරෝශීමාව ප්‍රධාන ඉලක්කය වූ අතර යම් හෙයකින් එයට පහර දීමට නොහැකි වුවහොත් කොකුරා සහ නාගසාකි යන නගර දෙක අනු ඉලක්ක වශයෙන් විය.

මේ අතර ප්‍රහාරය එල්ල කිරීමට පෙර ගුවන් යානය තුල සිදුකලයුතු තවත් ක්‍රියාවලියක් විය. ඒ බෝම්බය සජීවී කිරීමයි. ගුවන් යානය නැංවීමේදී සිදුවිය හැකි අනතුරකින්  බෝම්බය පුපුරා යෑම වැලැක්වීම සඳහා, බෝම්බය ක්‍රියාත්මක වීමට අවැසි වෙඩි බෙහෙත් ඒ තුල අන්තර්ගත කොට නොතිබුනි. එය ස්ථාන ගත කිරීම Captain William S. Deak Parsons ගේ සහ Morris R. Jeppson ගේ මෙහෙයක් විය.

යානය ගුවන් ගතවී සුළු මොහොතකින් බෝම්බය රඳවා තිබු  කුටීරියට ඇතුළු වූ ඔවුන් දෙදෙන, බෝම්බයේ පිටුපස අදාල ස්ථානයේ වෙඩි බෙහෙත් තැන්පත් කරන ලදී. විනාඩි 15 ක් වැනි කාලයක් ඇතුලත් Captain Deak Parsons විසින් එම කාර්යය නිම කරන ලදී. එහෙත් තවමත් බෝම්බය අක්‍රීයය. එය සක්‍රීය කිරීමේ වගකීම පැවරී තිබුනේ Morris Jeppson හටය.

බෝම්බයේ බඳෙහි සවිකල කොළ පැහැති පේනු තුනකි. ප්‍රමාණයෙන් මෝටර් රථයක දුම්වැටි දල්වනයකට ආසන්න වූ මෙම පේනු තුන මගින් බෝමබයේ විද්‍යුත් පරිපථයේ ක්‍රියාකාරිත්වය අවහිර කොට තිබුනි. Morris Jeppson හට පැවරී තිබුනේ එම පේනු තුන ඉවත් කොට එම ප්‍රමාණයේම රතු පැහැති පේනු තුනක් එම ස්ථාන වලට ඇතුලු කිරීමයි. එය කිරීමත් සමඟම බෝම්බය සජීවී බවට පත්විය. ඒ අනුව Little Boy බෝම්බය ස්පර්ශ කල අවසාන පුද්ගලයා වීමේ භාග්‍යය හෝ අභාග්‍යය Morris Jeppson ට හිමි විය.

එහෙත් තවමත් බෝම්බයෙන් සිදුකළ හැකි විනාශය ප්‍රශ්ණාර්ථයකි ! එ‍ය පුපුරා යාම ගැනද ඇත්තේ සැකයකි. ඒ මන්ද යත් යුරේනියම් වලින් නිර්මිත බෝම්බය අත්හදා බලා නොතිබුනු බැවිනි. ජුලි 16 වන දින අත්හදා බලන ලද්දේ ප්ලූටෝනියම් වලින් නිර්මිත බෝම්බයක් පමණී.

ප්‍රහාරය එල්ල කිරීමෙදී අවශ්‍යය වූ වැදගත්ම සාධකයක් වූයේ ඉලක්කය ගුවනේ සිට දර්ශනය කල හැකි විය යුතු වීමයි. හිරෝශීමාවට උඩින් ගමන් කල Straight flush යානය නගරයේ කාළගුණ තත්ත්වය ප්‍රහාරය සඳහා ඉතා යහපත් බව Enola Gay හට මෝස් සංඥා මගින් දන්වා සිටියේය. හිරෝශීමාවේ විනාශයට එසේ සියල්ල හොඳින් පෙලගැසී තිබුනි.

Straight flush කාළගුණ නිරීක්ශණ යානය නිසා නගර වැසියනට ගුවන් ප්‍රහාරයක් ගැන අනතුරු හැඟවීමක් ලැබුනි. එහෙත් ප්‍රහාරක යානා වල සළකුණකුදු නොවූ නිසා අනතුරු හැඟවීම සුළු මොහොතකින් ඉවත් කරගන්නා ලදී. ඇත්ත වශයෙන්ම හිරෝශීමාව ඇමෙරිකානු හමුදා විසින් හිතාමතාම ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකුනු නගර වලින් එකකි. එයට හේතුවක් විය. ඒ පරමාණු බෝම්බයේ ප්‍රතිඵල හරියටම නිශ්චය කර ගැනීමට ඇවැසි වූ හෙයිනි.

වේලාව හරියටම උදෑසන 08:15 යි. ටොන් හතරාමාරක් බරැති පුංචි කොළුවා  Enola Gay වෙතින් නිදහස් වී සිය කාර්යය ඉටු කිරීමට හිරෝශීමා වැසියන් සොයා යන්නට විය. තත්පර 43 ක වැටීමකින් පසු, බෝම්බයේ න්‍යෂ්ඨික ක්‍රියාකාරිත්වය ආරම්භ වී නිමේශයකින්, මොහොතකට පෙර සජීවී නගරයක් වූ හිරෝශීමාව අළු ගොඩක් බවට පරිවර්ථනය කරන ලදී. යානයේ සිටි පිරිස මෙම තත්පර 43 දැඩි අවිනිශ්චිත තාවයකින් පසු වූයේ බෝම්බය නිසි පරිදි ක්‍රියාත්මක වේවිද, නැද්ද යන දෙගිඩියාවෙනි. ඔවුන්ගේ ප්‍රශ්ණය වූයේ එයයි.

බෝම්බය පිපිරූ නිමේෂයේ, පිපිරුම් මධ්‍යයේ ඇතිවූ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන ගනනක් විය. අති විශාල ආලෝකයක් සහ උණුසුමක් අවකාශය පුරා පැතිරෙන්නට විය. එයට හසු වූ දහස් ගනනක් මිනිසුන් මොහොතකින් වාෂ්ප බවට හෝ අඟුරු බවට හැරුනි. ගැමා කිරණ, එක්ස් කිරණ සහ නියුට්‍රෝන වැනි විකිරණශීලී ද්‍රව්‍ය සැතපුම් දෙකක දුරප්‍රමාණයක් දක්වා දසත පැතිරිනි. මේ සියල්ල සිදුවූයේ තත්පර දෙක තුනක් වැනි කාලයක් තුලදීය. ඊලඟ නිමේශයේදී අති විශාල, ශබ්දයේ වේගයෙන් ගමන් කළ කම්පන තරංග නගරය සිසාරා යන්නට විය. එයට හසුවු සියලු දේ මොහොතකින් සුන්නද්දූලි විය. මොහොතකට පෙර සජීවී නගරයක් වු හිරෝශීමාව මළ නගරයක් වී ඇත. නගරය සහමුලින්ම බිමට සමතලා වී ඇත. හැටදාහකට අධික ගොඩනැගිලි විනාශ වී තිබුනි. දකින දකින අත අඟුරු වූ මළ සිරුරුය. උදව් ඉල්ලා කෙරෙන ඉල්ලීම් දසතින් ඇසිනි. එහෙත් උදව් කරන්නට කිසිවෙක් නැත. සියල්ලන්ටම උදව් අවැසිව තිබුනි.

දිවි බේරා ගැනීමට සමත්වූවන් සිදුවූ දෙය අදහා ගැනීමට උත්සහා දරමින් සිටියහ. ඇවිදගත හැකිවූවන් උදව් ඉල්ලා කෑගසමින් හිස් ලු ලු අත යන්නට විය. සමහරුන් ඇවිදින මළමිනී මෙන් විය. පිලිස්සී එල්ලා වැටෙන සම් කැබලි, කැඩී බිඳී ගිය අත්පා සහිත වූවන්, ඇවිදිමින්, බඩගාමින් සරණක් සොයා යන්නට විය. සියල්ලම අසරණ වු කල අනේකාට සරණ විය හැක්කේ කාහටද ? හිරෝශීමාව තනිකරම මිහිමත මැවුන අපායක් මෙන් විය. බැලූ බැලූ අත ගිනි ගෙන දැවෙන ගොඩනැගිලිද, මිනිසුන්ද විය.


නගරයේ ඉතිරිව තිබුනේ රෝහල් තුනක් පමණී. ඒවා දිවි බේරා ගත්වූවන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුනි. නගරයේ සිටි බොහොමයක් වෛද්‍යවරුන් හා හෙදියන්ද මිය ගොස් සිටි බැවින් තුවාල වුවන්ට ප්‍රතිකාර කිරීමද විශාල ගැටලුවක් විය.

බෝම්බයෙන් නිකුත්වූ අධික විකිරණශීලීතාවයට ගොදුරුවූවන් ටික දිනකින්ම එතෙක් හඳුනා නොගත් රෝගයක ලක්ෂණ පෙන්නුම් කරන්නට විය. දිවි බේරා ගත්තාවූ අයගෙන් දහස් ගනනක් එම රෝගයෙන් මරුමුවට පත්විය.


ප්‍රහාරය එල්ල වූ සැනින් 70000 කට අධික පිරිසක් මියගිය බවට අනුමාන කොට ඇත. 1945 අවසාන වන විට විකිරණශීලීතාවය නිසා හා අනෙකුත් හේතුන් මත 90000 සිට 166000 කට ආසන්න ගනනක් මිය ගොස් ඇති බවට සැලකේ. සමහර වාර්ථා පෙන්නන පරිධි 1950 වන විට 200000 ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇත. මෙය ලෝක යුධ ඉතිහාසයේ එක් ආයුධයකින් සිදුකරනු ලැබූ විශාලම විනාශය හා සංහාරය ලෙසට ඉතිහාස ගතවී ඇත. තුවාල වූ, අංගවිකල වු, විවිධාකාර රෝගාබාධ වලට ලක්වූ සංඛ්‍යාව අති විශාලය. එහෙත් ජපානය තවමත් යටත්වීමට සූදානමක් නැත.

දෙවන ප්‍රහාරයට කාල නිශ්චය කිරීමේ වගකීම ටිබෙට්ස්ට පැවරුනි. අගෝස්තු 11 වනදා කොකුරා නගරයට ප්‍රහාරය එල්ල කිරීමට සැළසුම් කෙරින. කෙසේවෙතත් දින පහක් පුරා පැවතිය හැකි අයහපත් කාළගුණ තත්ත්වයක් ගැන ලැබුනු වාර්ථා නිසා ප්‍රහාරය දින දෙකකින් ඉදිරියට ගත්තේය.

1945 අගෝස්තු 09 වන දින අළුයම 03:45 ට Fat Man බෝම්බය රැගත් Bockscar යානය ටිනියන් දිවයිනෙන් අහසට නැගුනේ සුපුරුදු පරිධි අනෙකුත් යානා පෙරටු කරගනය. ගුවන් ගත වීමට පෙර කළ පූර්ණ පරීක්ශණ වලදී අමතර තෙල් ටැංකියේ දෝශයක් නිරීක්ශනය කලද යානයේ නියමුවා වු Major Charles W. Sweeney එය නොසලකා ප්‍රහාරයට යාමට තීරණය කරන ලදී. ප්‍රහාරක යානය හා නිරීක්ෂණ යානා දෙක වෙන් වෙන්ව ගොස් හමුවීමට යොදා ගත් ස්ථානයේදී හමුවී එක්ව ඉලක්කය කරා යාමට නියමිතව තිබුනි. කෙසේවෙතත් එක් නිරීක්ශන යානයක් වූ Big Stink ප්‍රමාද වූ බැවින් Bockscar සහ The Great Artiste යානය විනාඩි හතලිහක් ගුවනේ සැරිසරමින් Big Stink එනතෙක් රැදී සිටියද එය නොපැමිනි හෙයින්, එම යානය නොමැතිව ප්‍රහාරයට යාමට Sweeney තීරණය කළේය. මෙසේ සැරිසරමින් සිටින අතර තුර කොකුරා සහ නාගසාකි නගර වල කාළගුණ තත්ත්වය නිරීක්ශණය කිරීමට ගිය යානාවලින් නගර දෙකෙහිම කළගුණ තත්ත්වය ප්‍රහාරයට යහපත් අන්දමින් පවතින බවට වාර්ථාවිය.

කෙසේ වෙතත් මෙම ප්‍රමාදවීම නිසා, යානය කොකුරා වෙත ලඟා වනවිට නගරය 70% ක් පමණ වළාකුළු වලින් වැසී තිබුනි. ඉන්ධන වැයකරමින් නගරය උඩින් වට තුනක් ගමන් කලද බෝම්බය හෙලීමට තරම් ප්‍රමාණවත් දර්ශණයක් නොමැති හෙයින් බොම්බය නොහෙලන ලදී. ඒ අතර වාරයේ ජපාන ගුවන් යානාද අහසට නැගෙනු නිරීක්ශණය කල බැවින් හා යානයේ ඉන්ධන තත්ත්වය නරක අතට හැරෙමින් පැවතුන බැවින් වහාම කොකුරා වලට පහර දීම අත්හැර අනු ඉලක්කය වූ නාගසාකිය වෙත යන ලදී.

නාගසකියට එනවිට එයද වළාකුළු වලින් වැසී තිබුන බැවින්, බෝම්බ කරු රේඩාර උපයෝගී කරගන බෝම්බය හෙලීමට සූදානම් උවද පසුව දර්ශණය වූ සුළු විවරයකින් උදෑසන 11:01 සටහන්ව තිබෙන විට බෝම්බය හෙලීමට සමත් විය.

එම බෝම්බයද තත්පර 43 ක වැටීමකින් පසු පුපුරා යන්නේ හිරෝශීමාවේ සිදූවූ විනාශය නැවතත් ප්‍රතිනිර්මාණය කරමිනි. කෙසේවෙතත් බෝම්බය එල්ල කළ ඉලක්කයේ සිට සැතපුම් එකහාමාරකින් පමණ වෙනස් වීම කරනකොටගෙන නගරයේ සෑහෙන ප්‍රමාණයක් ප්‍රහාරයෙන් ආරක්ෂා වෙන නමුත් 60% පමණ ප්‍රමාණයක් සුන්නද්දූලි කොට දමමින් 75000 කට පමණ ක්ෂණික මරණයක් ගෙනදීමට "මහත මිනිසා" සමත් වේ.

"මැරෙන්ඩ නැත්නම් ගලේ ගහලත් මරන්ඩ බෑ" කියන සිංහල කියමන සනාථ කෙරෙන සිදුවීමකුත් මේ අස්සෙන් සිදුවී ඇත. නාගසකි වැසියෙකු වූ ට්සුටොමු යමගුචී 1945 අගෝස්තු 06 වන දින ව්‍යාපාරික කටයුත්තක් සඳහා හිරෝශීමාවට ගොස් සිටින අතර තුර බෝම්බය පුපුරා යනවිට ඔහු එයට කි.මි. 03 මෙපිටින් සිටියද බරපතල පිලිස්සුම් තුවාල ලැබුවේය. පසු දිනම සිය ගම් ප්‍රදේශය වූ නාගසාකි වෙත ගොස් ඇති අතර එහෙදී දෛවෝපගත ලෙස දෙවන බෝම්බයෙන්ද දිවි ගලවා ගැනීමට සමත්ව ඇත. යමගුචී වයස අනූවක් ආයු වළදා 2010 ජනවාරි මස මිය ගොස් ඇත.

නාගසාකියට ප්‍රහාරය එල්ල වී දින හයකට පසු එනම් අගෝස්තු 15 වන දින ජපානය යටත් වීමත් සමඟම දෙවන ලෝක සංග්‍රාමයේ නිමාව සනිටුහන් විය.


පරමාණු බෝම්බ ජපානයට හෙලීම පිළිබඳව අදටද විවාදාත්මක ප්‍රශ්නයක් ඇත. එනම් " සැබැවින්ම එය අවශ්‍යය වීද ? " යන්නයි. බෝම්බය හෙලීමට විරුද්ධ වූවන් අතර ප්‍රමුඛම පුද්ගලයෙකු වන්නේ පසු කලෙක ඇමෙරිකාවේ ජනාධිපතිවරයෙකුද වූ ජෙනරාල් අයිසන්හවර්ය. මෙම බෝම්බය ගැන යුධ ලේකම් වරයාගෙන් දැනගත් මොහොතේ සිට ඔහු එය නතර කිරීමට උත්සහා කළද එය පළනොදරන ලදී. ඔහුට අනුව ජපානය ගෞරවාන්විතව යටත් වීමක් ගැන සළකා බලමින් සිටින අතර මෙම ප්‍රහාරය එල්ල නොකලද ටික කලෙකින් ඔවුන් යටත් වීමට සූදානම්ව සිට ඇත.

එහෙත් බෝම්බ ප්‍රහාරයට පක්ශව අදහස් දක්වන අයගේ මතයනම් ජූලි 26 වන දින යටත්වීමේ නිවේදනය ජපානය පිළිනොගැනීම මෙම තත්ත්වය ඇතිකිරීමට හේතු වූ බවයි. ඒ අනුව මෙම විනාශයෙහි සම්පූරණ වගකීම ජපානය මතටම පැවරේ.


අමෙරිකානු විද්‍යඥයන් මෙම බෝම්බයේ විනාශකාරී බව දැන සිටියද එයින් ඇතිකල හැකි විනාශය එය සජීවී ජනගහනයක් සහිත ස්ථානයකදී භාවිතා කිරීමෙන් මිස දැනගත නොහැකි නිසා, අනවශ්‍ය වුවද මෙසේ බාවිත කළ බවද කියවේ. ජපානයේ නගර කිහිපයක් සාමාන්‍ය ගුවන් ප්‍රහාර වලට ඉලක්ක නොවීමට හේතුවත් මෙයම වේ.

මෙසේ යුද්ධයෙන් බිමට සමතලා වූ ජපාන ජනතාව, අපරිමිත කැපකිරීම සහ උත්සහායෙන් නැවතත් සිය රට කෙටිකලක් තුල ලෝක ආර්ථික බලවතකු බවට පත් කරන්නේ මුළු ලොවටම අගනා පාඩමක් කියා දෙමිනි.

සෑම වසරකම අගෝස්තු 06 වන දින ඉර බැස යන යාමයේ හිරෝශීමා නදියේ දහස් ගනනින් ඉටි පහන් පා කරමින් අදටද ජපාන ජනතාව එම විනාශය කණගාටුවෙන් යුතුව මෙනෙහි කරති.

මූලාශ්‍ර ;

http://en.wikipedia.org/wiki/Atomic_bombings_of_Hiroshima_and_Нагасаки
http://www.naturalnews.com/019176.хтмл
http://www.nuclearfiles.org/menu/educators/study-guides/history_decision-to-drop-bomb.хтм
http://www.whale.to/b/mullins8.html#A__NEW___MISISION_
http://www.gwu.edu/~nsarchiv/NSAEBB/NSAEBB162/index.хтм
http://www.atomicarchive.com/Docs/ManhattanProject/
http://en.wikipedia.org/wiki/Einstein_литер
http://en.wikipedia.org/wiki/Timeline_of_the_Manhattan_Проект
http://en.wikipedia.org/wiki/Albert_Еинстеин
http://www.losalamoshistory.org/manhattan.хтм
http://en.wikipedia.org/wiki/Manhattan_Проект
http://www.alternatewars.com/Bomb_Loading/Bomb_Guide.хтм
http://www.youtube.com/watch?v=jY9VwCE_Dsg&feature=релатед
http://www.youtube.com/watch?v=SwHds1any9Y&feature=релатед
http://www.youtube.com/watch?v=ложГ4П1РИ
http://www.youtube.com/watch?v=МДаи9н5ЭМ
http://www.youtube.com/watch?v=dirD3lJL1L8&feature=релатед

~~සෙන්නා / 16.02.2012

54 comments:

  1. මේ මිනිස්සු තාමත් මේ පරමාණු බෝම්බ දැමීම සාධාරණීකරණය කරන එක තමයි ඉවසන්න බැරි..උන දේ උනා තමා. ඒත් අඩු ගානේ පොඩි පසුතැවිල්ලක් වත් තිබියන්කෝ..මුන්ට එහෙමත් නැහැ..

    එහෙනම් කොකුරා නගරය වාසනාවන්තයි...

    හිරෝශිමාවටයි නාගසකිය ටයි හනිමුන් ගියපු ඇමරිකන් නිලධාරියෝ හිටියේ නැති එක ඒ වැසියන්ගේ අවාසනාව...

    ReplyDelete
    Replies
    1. ඒක තමා සයුරි.. මම කොහෙදිවත් දැක්කේ නැහැ ඕකට සම්බන්ධ වෙච්ච කිසිම කෙනෙක් ඒ ගැන පසුතැවීමෙන් කල සටහනක්..

      හිහ් එහෙම අවසේස උදවිය හනිමුන් ගිහිල්ල හරියන්නෑ.. ලොක්කො, ලොක්කො යන්ඩ ඕනා..

      ස්තූතියි පැමිණීමට.

      Delete
    2. එත් මම අහල තියෙනවා ඒ බොම්බේ රැගන ගියපු ගුවන් යානේ නියමුවා කියල තියෙනවා එච්චර වින්සයක්‌ වෙනවා දන්නවනම් ඒ බෝම්බය මුහුදට අත අරිනවා කියල.ඒ වගේම අයින්ස්ටයිම් ඒ බෝම්බෙත් එක්ක ගුවන් ගත වුනාම එකෙන් වෙන විනාසය ගැන අවබෝදයක් තිබුණු නිසා මහා අසරණ කමකින් බිත්තියට ඔලුව ගහගෙන හිටියලු.සමහර විට ජර්මන් කෙනෙක් ඇමරිකාවේ රැකවරණය දෙන නිසා ඔහුට වෙන බලපෑමක් නිසා මේ දේ නිර්මාණය කලද දන්නේ නැහැ නේ.

      එත් මම ඇමරිකන් ගැත්තෙක් නෙවෙයි කොහේදී හරි ඇහුනු කියවපු දෙයක් තිබුණු මතකයෙන් කියෙවුවෙ.

      Delete
    3. අසරණයා,

      මමනම් කොහෙදිවත් එහෙම එකක් දැක්කේ නැහැ මචන්.. විශේෂයෙන් පළමු යානයේ නියමුවා වූ ටිබෙට්ස් ඒ ගැන කිසිම පසුතැවීමක් නොතිබුන තමයි මම නම් හැම තැනකදීම දුටුවේ..

      අයින්ස්ටයි බෝම්බෙට පස්සේ විරුද්ද උනා කියලනම් දන්නවා මචන්.. එත් ඔය සිද්ධිය මම දැනන් හිටියේ නැහැ.. ඒක හැබැයි වෙන්ඩ පුලුවන්.. ඕකෙන් වෙන විනාශය බෝම්බෙ දාන්ඩ කලින්ම ඔහුට අනුමාන කරන්ඩ පුලුවන් වෙන්ඩ ඇති...

      Delete
    4. This proves that the destruction of Hiroshima and Nagasaki were war crimes deliberately committed, with foreknowledge that it was not necessary to drop the atomic bombs on these two cities. As David Lawrence, founder and editor of U.S. News And World Report, wrote in his editorial November 23, 1945, "the truth is we are guilty. Our conscience as a nation must trouble us. We must confess our sin. We have used a horrible weapon to asphyxiate and cremate more than 100,000 men, women and children in a sort of super-lethal gas chamber—­and all this in a war already won or which spokesman for our Air Forces tell us we could have readily won without the atomic bomb."

      http://www.whale.to/b/mullins8.html#AMERICAN_MILITARY_AUTHORITIES_SAY_ATOMIC_BOMB_UNNECESSARY_

      Delete
    5. ඔය තියෙන්නේ... ඒ ගොල්ලොම කියලා... කිව්වත් වගේම, මේකෙයි, හිට්ලර් ගෑස් කාමර වල දාලා මිනිස්සු පුච්චපු එකෙයි වෙනසක් නැහැ තමා..

      Delete
    6. මට කමෙන්ටු ලියන්න තැන සොයා ගන්න බැරි වුන නිසා මෙතනම ලියන්නම්. මේ පරමාණු බෝම්බ දැමීම හා ඒවා එකලස් කිරීම හා සක්‍රීය කිරීම හා තවත් මෙයට අදාල කාරණා ගැන හදපු වීඩියෝවක් තියෙනවා. නම නම් මතක නැහැ. ඒකට අනුව මේ බෝම්බ රැගෙන ගිය Enola Gay ලෙස නමක් දී තිබෙන Boeing B-29 Superfortress යානයක් මෙම බෝම්බ හෙලීම තිරණය වෙලා තිබියදී දින කිහිපයකට කලින් මේ ගුවන් යානා ගුවන් ගත කරන කදවුරේම ගුවන් පථයේදී අනතුරකට ලක්වී පුපුරා විනාශ වෙනවා. ඒ නිසා මේ බෝම්බ සක්‍රීය කිරීම සිදුකිරීම තීරණය කරන්නේ ගුවනේදීමයි. ඒ වගේම බෝම්බ හෙලපු තැන පහල හිටිය පුද්ගලයා කුඩු කෑලි හොයා ගන්නවත් බැරි වුන බව කියන අතර බෝම්බය පුපුරා ගියේ පොළවට ඉහලින්. බෝම්බය වැටුනට පස්සේ වර්ශාවක් හටගෙන ඇති අතර මෙවැනි න්‍යෂ්ඨික පිපිරීමකදී එවැනි සිදුවීම් සිදුවන බවද පැවසේ. තවද විකිරණශීලී ජලයද ඇතිව අනතුරට පත්වී තිබෙන මිනිසුන් තවත් අකරතැබ්බයකට තමයි මේ නිසා මුහුණ දීලා තියෙන්නේ. ඒවගේම මේ බෝම්බය හෙලපු නියමුවන් කියපු කතා සහ තවත් දේ ගැන විවිද කතා කියද්දී ඇමරිකානුවන්ට කොහොමත් ජපානය ගැන කෝපයක් තිබුනා. ඔවුන් පළමු බෝම්බයේ ප්‍රතිවිපාක දුටුවත් දෙවන බෝම්බය හෙලන්න කණගාටුවක් හෝ පසුතැවීම්ක් තිබුනේ නැහැ. ඔවුන් බොහොම විනෝදයෙන් දෙවන බෝම්බය මත තම අත්සන්, නම් හා විවිද දේ ලියන අයුරුත් එම වීඩියෝවේ දැක්වෙනවා. තවදෙයක් කියන්න ඕන ජපන්නු කොහොමත් ජවසම්පන්න, මැරෙන්න බිය නැති ජාතියක් හැබැයි යුද්දය අවසාන වෙනකොට ඔවුන් ඉතා පරිහාණියට පත්ව සිටියත් ඔවුන්ගේ විනාශයට මෙන්ම නැවත නගා සිටීමට අවශ්‍ය උපකාරයද ලබාදුන්නේ ඇමරිකාව බවයි පැවසෙන්නේ...

      Delete
    7. ස්තූතියි දිනේශ්...

      ඔව් ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම දීලා තියනවා.. ඒක BBC එකෙන් කරපු ඩොක්‍යුමන්ට්‍රියක්..

      මේ ප්‍රහාරයෙන් පස්සේ, ඉතා යුධකාමී ජාතියක් වූ ජපන්නු වෙනස්ම ජාතියක් වෙලා තියනවා කියලා තමා මම දැක්කේ..

      Delete
    8. මම අහලා තියෙනවා ඔය බෝම්බ දාපු එක ප්ලේන් එකක හිටපු පයිලට් කෙනෙක් ජපානෙට ගිහින් සමාව ගත්තා කියලා... කථාව කිව්වා වැරදිද මන්දා !

      Delete
    9. මමනම් එහෙම එකක් දැක්කේ නැහැ චතුරංග.. එහෙම එකක් වෙලා තියනවනම් මම අනුමාන කරනවා දෙවෙනි ප්ලේන් එකේ නියමුවා වෙන්ඩ ඕනා කියලා..

      දෙවෙනි බෝම්බේ දාලා ආවට පස්සේ ඒ ගොල්ලන්ගේ ප්‍රධානියා ඒ කියන්නේ පලවෙනි යානයේ නියමුවා වෙච්ච ටිබෙට්ස් මිනිහට හොඳටම දෙහි කපලා තියනවා බෝම්බේ හරියට දැම්මේ නැහැ කියලා.. ටිබෙට්ස් තමන්ගේ ජීවිතේ අවසාන කාලෙදිත් කියලා තියනවා මට ආයේ එහෙම දෙයක් කරන්ඩ දුන්නොත් කරනවා කියලා.. ඒ කියන්නේ එයා සමාව ගත්තා වෙන්ඩ බැහැ..

      Delete
  2. කථාව මැවෙන විදියට ලියල තියෙනවා මචං සෙනා.බෝම්බ දෙකටම අහුවුණු කෙනා ගැන මමත් කලින් අහල තියෙනවා.බෝම්බයෙන් තුවාල වුනු පුද්ගලයන්ට වන්දියක් ජපන් රජයෙන් දුන්නා.බෝම්බ දෙකටම මැදි වුන මේ පුද්ගලයා වන්දි දෙකක් ඉල්ලා සිටියත් ජපන් රජය ඒ දේට කැමති වෙලා නැහැ.

    ස්තුතියි සෙනා අපි වෙනුවෙන් මේ දේවල් පලකල ඒක ගැන..

    ReplyDelete
    Replies
    1. පින්තුරටිකත් මාරම දුර්ලබයි.අදමයි ඒ පින්තුර දැක්කේ.

      Delete
    2. ස්තූතියි අසර්.. හැමදාම වගේ උදෙන්ම ඇවිල්ලා..

      අඩේ ඔය වන්දි කතාව මම දැනගන හිටියේ නැහැ.. ස්තූතියි.. හරිනම් මිනිහට වන්දි දෙකක් දෙන්ඩ ඕනා.

      ස්තූතියි අගය කිරීම සහ ප්‍රශන්සාවට..

      Delete
  3. අර පින්තූර සෙට් එකනම් ආයෙ කියල වැඩක් නෑ... මමත් දැක්කෙ පළමුවතාවට....
    මට යාන්තම් මතකයක් තියෙනවා ඔය බෝම්බ හෙලීමට සම්බන්ධ වුනු මේ මෑතක මියගිය කෙනෙක්, යම්කිසි අවස්ථාවකදි වාර්තාකාරයෙක් ඇහුවාම ඔබට ඔය බෝම්බ හෙලීම ගැන මොකක් හරි පසුතැවීමක් තියෙනවද කියල ඒ වෙනකොට, පොර ගත් කටටම කිව්ව පොඩ්ඩක්වත් පසුතැවීමක් නෑ කියල.... ඒ වීඩියෝ එක සමහරවිට යූ ටියුබ් එකේ ඇති....
    මේ විස්තර ටික ගෙනාවට සෙනාට ගොඩාක්ම ස්තුතියි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මියුරු.. ඒ පින්තුර ටිකනම් හරිම දුර්ලබයි තමා.. මාත් ඔය දැක්කමයි..

      ඔව් ඒගොල්ලො කව් රුවත් ඒ ගැන පසුතැවීමක් නැහැ.. දැනට ජීවතුන් අතර ඉන්නේ එක්කෙනයි ( මේ වෙනකොට කජ්ජ ගහලද දන්නැ ) එයාව RT එකෙන් කරපු ඉන්ටර්වීව් එකක වීඩියෝ එකක් මම දාලා තියනවා.. බලන්ඩකො.. ඒක..

      Delete
  4. මේ ලිපිය කියවද්දි මේ සිදුවීම හිතේ මැවෙන තරම්ම සියුම් විදියට ලියල තියෙනව..ඇත්තටම මට පුදුමයි මේ තරම් විනාශයක් කරල ඇමරිකන් කාරයො ඒ වගකීමත් ජපානයටම පවරපු හැටි.

    ReplyDelete
    Replies
    1. පින්තූර ටිකත් හරිම වටිනව කවදාවත් දැකල තිබුනෙ නෑ මේව..

      Delete
    2. ස්තූතියි සිත් රූ...

      ඒ ගොල්ලො එහෙම තමයි.. දැක්කෙ නැද්ද ලිබියාවේ සල්ලි වලින් ලිබියාවටම ගහපු හැටි..

      Delete
  5. යන්තම් අහලා තිබුනු කතාවක් මේ තරම් පැහැදිලිව විස්තරාත්මකව කියෙවුවේ පලමුවෙනි වතාවට . බොහොම ස්තූතියි මචං . මේ ගැන ලියැවුණු ලිපි පෙලම කියෙවුවා බොහොම ස්තූතියි !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු.. මමත් මේ කතාව ලියන්ඩ් පටන් ගන්නකොට දැනගන හිටියෙ එහෙම සිද්ධියක් වෙලා තිබුනා කියලා විතරයි.. දැන්නම් ඒ ගැන බොහොමයක් දේවල් දන්නවා..

      Delete
  6. හොඳ විස්තරයක්, ස්තුතියි.

    මෙතන පොඩි වැරද්දක් තියෙනව කියල හිතුන.
    //300 ක් පමණ ගනනක් සමග මුහුදුබත් විය. 800 ක් පමණ නාවිකයන් සංඛ්‍යාවක් ඊට දින දෙකකට පසු බේරා ගන්නා ලදී//

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබා මාමේ...

      නැහැ ඒක හරි.. මොකද ඒ නැවේ එක්දාස් ගානක් කෲ එක ඉඳලා තියනවා.. 300 කට ටිකක් වැඩි ගානක් මුහුදුබත් වෙලා.. මම එතන හරියට පැහදිලිව ලියලා නැහැ වගේ..

      Delete
  7. මොනවා උනත් වටිනාම දේ තමයි ජපන්නුන්න්ගේ චිත්ත ශක්තිය. ඔච්චර දෙයක් වෙලත් ආපහු නැගිටලා ආවා. little boyට වත් fat manට වත් ඒක විනාශ කරන්න බැරි උනා.

    (අපිට එහෙම උනානම් කොහොම තියෙයිද?)

    ReplyDelete
    Replies
    1. ඒක හරි සුධාරක... අපිත් සුනාමි ආව වෙලේ මේක උදාහරනෙකට ගත්තා මතකයි.. ඒත් කරපු කෙංගෙඩියක් නැහැ.. අපි හැමෝම වගකියන්ඩ ඕනා ඒ දේවල් වලට.. අපි ( මමත් ඇතුලුව ) හරිම උදාසීනයි කියන එක පිලිගන්ඩ වෙනවා..

      ස්තූතියි මේ පැත්තේ ආවට.. පළවෙනි පාරද කොහෙද මගෙ හිතේ..

      Delete
  8. ලියපු විදිහ හරිම අගෙයි..මට හිතුනෙ බෝම්බ ගෙනියන ප්ලේන් එකේ ඉන්නවා කියලා..

    'මෝටර් රථයක දුම්වැටි දල්වනයකට' කියන එක මට තේරුනේ නෑනෙ..

    යමගුචී ගැන ඇහුවෙත් මේ ලිපියෙන්..

    මම කලින් හිතාන හිටියෙ නගර දෙකටම සොට් එක හම්බුනේ එකම දවසෙ කියලා..පුදුම විදිහට කොකුසා බේරිලා තියෙන්නෙ..

    නැවත නැගිටීම තමයි හොඳම සිද්ධිය ජපනා නම් මාරයි...

    හැමෝම පින්තූරු ගැන කිව්වාට මට නම් එකක්වත් පේන්නෙ නෑනෙ...

    ස්තුතියි! අලුත් ලිපි ඉල්ලලා කරදර කළාට සොරි වෙන්න ඕනා..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුනා.. කලින් කොටස් වලට ලින්ක් දාන්නෝ...බලපු නැති කෙනෙක් ඉන්නවනම් බලයිනෙ..

      Delete
    2. ලියපු විදිහ එච්චර අගෙයිද මචෝ.. අනේ මංදා මටනම් හිතෙන්නේ හරි සාම්ප්‍රදායික ලිවිල්ලක් කියලා.. මම ලියපු හින්දද මංදා මටනම් එච්චර විශේෂයක් නැහැ.. කව් රුහරි ලස්සනට ලියලා තියනවා කිව්වම මට හරියට පුදුම හිතෙනවා..

      ඇයි බන් කාර් වල තියන ලයිටර්.. අර.. දන්නවනේ.. ආන් ඒකකට වැඩිය ටිකක් ලොකුයි ඔය කියන ප්ලග්..

      පින්තූර වල ලින්ක් එකක් දාලා තියනවා උඩ ඉඳන් අටවෙනි චේදේ.. " මෙසේ ගෙන එන ලද බෝම්බ ...... " කියලා පටන් අරන් තියෙන්නේ..

      අපෝ ඒකනම් කිසිම කරදරයක් නෙමේ.. ස්තූතියි උනන්දුවට..

      අඩේ ඔය කියනකම් මට ඕක මතක් උන්නෑනේ.. දැම්මම දානවා..

      Delete
    3. ස්පාක් ෆ්ලග්ද?

      Delete
    4. නැහැ බන්.. මෙන්න මේක...

      http://www.amazon.co.uk/gp/product/images/B003UAR7BC/ref=dp_image_0?ie=UTF8&n=248877031&s=automotive

      ඕකකට වැඩිය ටිකක් ඒ බෝම්බෙට හයි කරපු ෆ්ලග් ලොකුයි කියන එක තමා මම ඔය කියලා තියෙන්නේ... අර නැශනල් ජියොග්‍රෆික් එකෙන් කරලා තියන ඩොක්‍යුමන්ට්‍රි එකේ ඒක හොඳට පෙන්නනවා..

      Delete
    5. //චේදේ// නෙවෙයි සහෝ “ඡේදේ“... ච යන්න + Shipt

      Delete
    6. ස්තූතියි චතුරංග.. මේවගේ වැරදි පෙන්නලා දෙන එකට මම හරිම කැමතියි..

      "ඡේදේ" - ස්තූතියි.. තව වැරදි දැක්කොත් කියන්ඩ හොඳේ.. මගේ නණලළ එහෙමත් ගොඩක් වැරදි ඇති..

      චතුරංග පාවිච්චි කරන යුනිකෝඩ් කන්වර්ටර් එක මොකක්ද.. මමනම් පාවිච්චි කරන්නේ..

      http://unicode.malindaprasad.com/

      ඒකේ තියෙන්නේ ඡ = Cha ච = cha

      Delete
    7. senno උඹ පාවිච්චි කරන්නෙ Firefox නම් මේක යූස් කරහන්.. Converter නැතුව සිංහල ටයිප් කළෑකි..මටත් මධුරංග දුන්නෙ..

      http://www.4shared.com/file/5fkSmjel/qsfox-15-fx-win.html
      oka baaganna

      ඊට පස්සේ එක්සස්ට්‍රෑක්ට් කරලා ෆයර්ෆොක්ස් වලට නිකන්ම ඩ්‍රැග් කරලා දාන්න ඉන්ස්ටෝල් වෙනවා

      ඊට පස්සේ පහල පොඩි අයිකන් එකක් එයි
      ඒක ක්ලික් කලා ඒකේන් සිංහල වලට මාරු වෙන්න පුලුවන්

      මේක පට්ට ලේසීයි..කොපි කර කර පේස්ට් කර කර ඉන්න ඕනෙ නෑ..

      Delete
    8. ස්තූතියි හරී... ඒත් මම පාවිච්චි කරන්නේ ක්‍රෝම්...

      Delete
    9. අර මං උඩින් කියපු ලින්ක් එකේ පොඩි සොෆ්ට්වෙයාර් එකක් ඇති. ඒක දාගත්තම ඕනෙ තැනක යුනිකෝඩ් ටයිප් වෙනවා...

      Delete
  9. හැමදාම වගේ වටිනා විස්තරයක්....

    ReplyDelete
  10. පින්තූර ටික මමත් මීට කලින් කවමදාවත් දැකල තිබුනෙ නැහැ...වටිනව මේ පින්තූර...

    මේ විස්තර හොයන්න...ඒව ගලපන්න....පෝස්ට් එකක් විදිහට හදන්න ගොඩාක් මහන්සි වෙන්න ඇති...ගොඩාක් ස්තූතියි මේ විස්තර අපිත් එක්ක බෙදාගන්නවට....

    ඇමරිකාව ගැන කතාකරල වැඩක් නැහැ සෙන්න අයියේ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිහින.. ටිකක් මහන්සිනම් උනා.. ඒත් අව්ලක් නැහැ ඕගොල්ලෝ කියවලා මොනවා හරි දෙයක් දැන ගන්නවා කියන්නෙ0 මගේ මහන්සිය ප්‍රතිඵලදායකයි.

      Delete
  11. පලවෙනි කොටස ඉස්සර පළ වුනාම මං හිතුවේ මොකක් හරි විකාරයක් කියලා. පස්සෙයි දන්නේ කුරුන්ද ලියන්නේ සෙන්නා කියලා...!!!

    ලිපි පෙළ හරිම අගෙයි සහෝ... නොදන්නා දේ කියලා දෙන එක තමා දන්නා අයගේ යුතුකම වෙන්න ඕනේ... විශේෂයෙන්ම මේ වගේ ගවේශණාත්මක ලිපි අපේ බ්ලොග් වල ලියැවෙනවා ගොඩාක් අඩුයි... මේ වගේ කරුණු හොයලා දවසක් විතර මහන්සි වෙන්න ඕනේ ලිපිය සකස් කරන්න. ඒකේ තියෙන අමාරුව මම පුද්ගලිකවම දන්නවා. ඒ නිසා මේ ලිපි පෙළ වෙනුවෙන් වුනු මහන්සියට සහෝට මගේ ස්තුතිය !!!

    හැම ලිපියම මෙහෙම ලියන්න කියලා මම කියන්නෑ. ඒත් ඉංග්‍රීසියෙන් තියෙන දේවල් සිංහලට පළ කරන එක ගොඩක් වටිනවා. මොකද අපිට යන්තන් කඩුව වනා ගන්න පුළුවන් වුනත්, අපේ සහෝදර සහෝදරියෝ ගොඩ දෙනෙක්ට ඒ දැනුම ලබන්න බෑ. ඒ අතින් සහෝ මේ කරන්නේ පිනක්...

    ජයවේවා... තව හොඳ ඒවා ඉස්සරහට ! එහෙම නේ !!!

    ReplyDelete
    Replies
    1. චතුරංග,

      සාදරයෙන් පිළිගන්නවා කුරුන්දට...

      පළවෙනි කොටස නිකන් විකාරයක් වගේද ඔයාට එහෙම හිතුනෙ..?

      මගෙත් උත්සහය ඒක තමා සහෝ.. බලමු පුලුවන් තරම් කාලයක්.. කරන්ඩ පුලුවන් දෙයක් කරනවා.. රාජකාරියත් එක්ක මේ වැඩේ හරිම අමාරුයි.. ඒත් හිමින් හිම්න් යනවා..

      මම සහෝගේ ලිපි සහ කමෙන්ට්ස් ගොඩක් ආසාවෙන් කියවනවා.. සමාජය ගැන හොඳ අවබෝදයක් තියන පුද්ගලෙයක් බව ඒවයින් හොඳටම පේනවා..

      කුරුන්දේ තවත් මේ වගේ ගවේශණාත්මක ලිපි දෙක තුනක් තියනවා.. ඒවත් කියවලා සහෝ අදහසක් පල කරනවනම් මම කැමතියි.. අනික මම තාම අළුත් නිසා සහෝලගේ මග පෙන්වීම හරිම වැදගත්..

      අනිවාර්යයෙන්ම.. තව හොඳ දේවල් ඉදිරියට දෙන්ඩ තමා අදහස..

      නැවතත්, බොහොම ස්තූතියි පැමිණීම, අගය කිරීම සහ දිරිමත් කිරීම සම්බන්ධයෙන්..

      Delete
  12. මිනිස්සු මිනිස්සුන්වම මරාගන්නනෙ මේ විදියටයි. අදටත් ඇමරිකාව ඔය කරන පාහරකම් නවත්තන්නෙ නැහැ. අන්තිමට රටවල් කෙරෙන්නෙ මිනිස්සුන්ට අවශ්‍ය විදියට නෙවෙයි දේශපාලන්‍යඥයන්ට අවශ්‍ය විදියටයි.

    ReplyDelete
  13. හිශාන්,

    ස්තූතියි පැමිණීමට..

    ඔව් ඉතින්.. බොහොමයක් ඔයවගේ තීරණ..බහුතර ජනතාවගේ තීරණ නෙමේනෙ....

    ReplyDelete
  14. දැන් නම් තේරුනේ නෑ ආයේ කියවන්න වෙයි වගේ මුල ඉඳලම... :)

    ReplyDelete
  15. Shani,

    කුරුන්දට අමුත්තියක් නේද ? සාදරයෙන් පිළිගන්නවා !!

    ඔයා මේක විතරක් කියෙව්වොත්නම් ඉතින් අප්‍රභංශ තමා. වෙලාවක් තියනවනම් මුළ ඉඳලා කියවන්ඩ.

    ස්තූතියි ඇවිල්ලා කමෙන්ට් එකකුත් දාලා ගියාට.

    ReplyDelete
  16. ලෝක ඉතිහාසයේ තවත් එක ඛේදාන්තයක්! ඉස්සරහට ඔයිටත් වඩා දරුණු අවි එළියට ඒවි! ගොඩක් මහන්සිවෙලා තියෙනවා! වටින ලිපියක්!

    ReplyDelete
    Replies
    1. කුරුන්දට තවත් ආගන්තුකයෙක් ඇවිත්.. සාදරයෙන් පිළිගන්නවා ලහිරු..!

      ඉස්සරහට එන අවි ගැනනම් අපිට හිතාගන්ඩවත් බැරිවෙයි.. කව්ද කියලා තියනවා හතරවෙනි ලෝක යුධ්දේ කරන්නේ කැට මුගුරුවලින් කියලා.. ඒ කියන්නේ තුනෙන් කට්ටියම හාන්සි.. අළුතෙන් මුලඉඳලා පටන්ගන්ඩ වෙනවා..

      ස්තූතිය් අගය කිරීම ගැන..

      Delete
  17. තාම කුරුන්දෙන් ගැලවෙන්න බැරිඋනා. උදේ ඉඳන් මෙතන.... ගොඩක් අලුත් විස්තර දැනගත්තා මෙ ලිපියෙන්......

    ReplyDelete
    Replies
    1. සන්තෝසේ බැරුවා එහෙම ඇහුවම.. එච්චරටම ආකර්ශණීයද ? මම චූටි මහත්තයගෙ දවසම කාලද මංදා...

      Delete
    2. අවංකව කියනවනම් මේ වගේ තොරතුරු දැනගන්න මම පුදුම කැමතියි. මේච්චර කල් මම සත් සමුදුරත්, මල් කැකුලුත් කියන අඩවි දෙක විතරයි මට මතක හැටියට නොවරදවාම කියවන්නෙ. දැන් මේකත් තියෙනවා. බ්ලොග් රෝලටත් දාගත්තා. පුලුවන් වෙලාවල් වලට මේ වගේ ලිපි ලියන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

      සත් සමුදුරේ දිනේෂ්ටත් මම දවසක් ස්තුති කරා එයා ඉදිරිපත් කරන තොරතුරු වෙනුවෙන්. හේතුව විවිධ තැන් වලින් තොරතුරු සොයාගෙන ඒවා සිංහලෙන් ලියන එක ලේසි නෑ කියලා මම දන්නවා. සැලකිය යුතු කාලයකුත් වැය වෙනවා. ඒත් අපිට තියෙන්නෙ සුව පහසුවෙන් කියවලා රස විඳින්න. ඒකයි මෙතන තියෙන වටිනාකම.

      Delete
    3. ඔබ අද දවසම මගේ බ්ලොග් එකේ ගත කරපු බවක් තමා පේන්ඩ තියෙන්නේ. ඒක ගැන මට ඇත්තටම සතුටුයි. මහන්සි වෙලා ලියන දෙයක් කවුරු හරි ආසාවෙන් කියවනව තරම් දෙයක් කොහෙද. වැඩ රාජකාරි මැද්දෙන් කාලය හොයාගන හිමීට හිමිට වැදගත් දෙයක් දෙන්ඩ තමා බලාපොරොත්තුව.

      සත්සමුදුර කියන්නේ මගේ බ්ලොග් ලෝකයේ පාසල කිව්වොත් නිවැරදියි. එය සත්සමුදුර සේම ගැඹුරුයි, හර බරයි. එහි එතරම්ම වැදගත් තොරතුරු තියනවා. මමත් නොවරදවාම ආසාවෙන් කියවන අඩවියක් තමා සත්සමුදුර.

      නැවතත් ස්තූතියි හැම දේකටම.. ඉදිරියේදී නැවතත් අළුත් ලිපියකින් හමුවෙන තුරු, ජය !!

      Delete
  18. එක හුස්මට කොටස් 3ම කියවන ගියා උපරිමෙන්ම ලියල තියෙනවා.

    ReplyDelete
  19. මාත් එක හුස්මට කියෙව්වා සෙන්නා..නියමයි ...කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ යුද්ධයකදී අණ පිළිපදින්න වෙනවා..

    ReplyDelete
  20. වටිනා තොරතුරු ගොන්නක්. ස්තූතියි ගොඩාක්...

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog