Saturday, March 4, 2023

මීටර් සියයක හැඟීම්




කැකිරාව කියලා ඇහුන ගමං මට මතක් වෙන්නෙ මීටර් සියය. මුදලිහාමි සපත්තුත් නැතුව දුවලා දිනපු තරඟෙ ගැන. ලොකු මහත්තයා එක්ක කොළඹ ගිය හැටි. හැබැයි මේ කතාවත් එක්ක බැඳුණු වචනයෙව් විස්තර කරන්න අමාරු පාළු, දුක්මුසු හැඟීමක් හිතට එනවා.

හත වසරෙදි අපේ පන්ති කළවම් කළා. මෙච්චර කල් එකට හිටපු යාළුවො කැඩිලා බෙදිලා ගියා. මාත් එක්ක හිටපු කට්ටියම එක පන්තියකට වැටිලා මාව වෙනම පන්තියකට වැටුනා. එහෙම වුනේ පුංචි පලිගැනීමකට. ඔය ළමයි බෙදන වැඩේ බාර දීලා තිබ්බෙ අපිට වැඩිය ජේෂ්ඨ පන්තියක හිටිය ශිෂ්‍ය නායකයෙක්ට. මිනිහට මාත් එක්ක පොඩි කෝන්තරයක් තිබුනා වෙන ආරෝවකට. මිනිහා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ගානට වැඩේ දුන්නා.

ඒක මහ මුස්පේන්තු හැඟීමක්. ඉස්කෝලෙ යන්නත් එපා වුනා. දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ අලුත් පන්තියක, යාළුවො නැති පරිසරයක තනි වෙන එක හරි පාළු, දුක්මුසු හැඟීමක් ඇති කරවනවා. පුංචි හිතකට  දරාගන්න අමාරු හැඟීමක්. 

මීටර් සියය ඉගන ගත්තෙ ඔය පරිසරය යටතේ. මොකක් හරි නොදන්නා හේතුවක් නිසා අර දුක්මුසු, මුස්පේන්තුකම මේ කතාවත් එක්ක බද්ධ වෙලා තියනවා. අදටත් මීටර් සියය කතාව මතක් වෙද්දි අඩු නැතිව අර හැඟීම හිතට එනවා.

ටික දවසකට පස්සෙ මම බලෙන්ම ගිහිල්ලා මගේ අනිත් යාළුවො හිටිය පන්තියෙ ඉඳ ගත්තා. ඒ පන්තිය බාර ගුරුතුමත් කිසිම ගැටලුවක් මතුනොකර මගේ නම නාම ලේඛනයට ඇතුලත් කරගක්තා. හැබැයි අර ඇති වෙච්ච හැඟීම මකන්න ඒ ක්‍රියාවට පුළුවන් වුනේ නෑ. අදටත් ඒක එහෙමම අඩු නැතිව තියනවා.

මුුදලිහාම් උඹ හපනා. මට සතුටෙන් උඹේ හපන්කම් බලන්න එන්න නොවෙච්ච එක ගැන සමාවෙයන්. 

නිිිමි.

~~ලියුවේ /සෙන්නා.

මාර්තු 04, 2023.

25 comments:

  1. අපිටත් ඔය වැඩේ උනා 8 වසරෙදි. මට මතකයි මගෙ යාලුවො ඇඬුවත් එක්ක. අඬන්නෙ ඇයි කියල මට තාම තේරුං ගන්න බෑ. අපි මොන පංතියෙ උන්නත් හිස් පීරියඩ්වල අපි මික්ස් උනා. පස්සෙ පංති බෙදිල්ල ගුරුවරුන්ට ම එපා උනා.

    ReplyDelete
    Replies
    1. එහෙම වුනාම පොඩි පාළු ෆීලින්ග් එකක් එනවා. ඒක ටිකක් දරන්න අමාරුයි..විශේෂයෙන් අවුරුදු හයක්ම එකට ඉඳලා වෙන් වුනාම.

      Delete
  2. කුමාර දිසානායකMarch 4, 2023 at 9:53 AM

    මුදලිහාමි ශිෂ්‍යනායකයෙක්ද?

    ReplyDelete
    Replies
    1. දන්නෑ. මතකම නෑ දැන්නම්.. මුදලිහාමි කැකිරාවෙ ඉඳන් ඇවිත් දිව්වා කියලා තමා මතක...

      Delete
    2. https://www.facebook.com/groups/3025366580903017/posts/5444808955625422/?__cft__[0]=AZUe5avSpr-vPdYQLTVoHZ3VeLFF6cdEaht3SzMVfPOSb8X9bhznQIc0uGVt08TmtAaAbyBHIcU9zxEJBn-Z7FG1bLpA7rUaVpemjgl862C0DkB8vJTzMEwdspRbpiFxSkkQCYYE4zGaOlZRbIrWhtlxwas-0vCagJZcCc2kLHUGAQ&__tn__=%2CO%2CP-R

      Delete
  3. සෙන්නා, ජීවිතයේ අපිට මෙහෙම වෙන අවස්ථා එමටයි. ඒක ලොකු පන්නරයක් දෙන දෙයක් Motivation පැත්තෙන්.

    මගේ මුල්ම බ්ලොගය Amazing Spring, ඒ නම ආවේ අරකී නිරස අවස්ථා ගැන මතකයම. ඒත් මං කැමැතියි පාගන එකා වෙහෙස වෙනතුරු පාගනවට. මොකද ඒ පාද දෙන තෙරපුම ස්ප්‍රිං එකට දෙන ශක්තියට මොකද අරූ හිතනවාට වඩා ඉස්මතු/bounce back වෙන්න පුලුවන් අවස්ථාවක් දෙන එකට. Never give up dear.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩීන් අය්යා. කවදවත් නෑ...👍

      Delete
  4. පන්ති මාරූ කරන එක වගේ තමයි... දෙමව්පියෝ ළමයින්ව ඇන්න ඉක්කෝල මාරූ කරන එකත්. සිස්සත්තෙන් පස්සේ හරියට ඔය වැඩේ වෙනෝ නේ

    ReplyDelete
    Replies
    1. ඔව් නේ. ඒක මීට වඩා දරුණුයි...

      Delete
    2. කෝකිල පවන් ඉන්න සිරි රජ සිරි ෆිල්ම් එකේ තියෙන්නෙ ඒ වගේ කතාවක්. ඒකෙ සින්දුව අහනකොට මටනං ඒක සෑහෙන්න හිතට දැනෙනව.

      Delete
    3. https://www.youtube.com/watch?v=rhnuV1o5JBg

      Delete
    4. හ්ම්....
      ඒකෙ සින්දුව// බස් එකේ යනකොට කියන සිංදුව වෙන්ටෑ. මාර ෆීලින් සිංදුවක් තමා

      Delete
    5. ආ දැනුයි යූ බටේ එක බැලුවේ. ඒක තමා

      Delete
  5. මිනිසා සතු තිරිසන් ගති
    සියල්ල නැති වෙලාම නැති
    බෙදෙන, බෙදන ගති අඩු නැති
    ලෝකෙක හැටි ඔය වෙන්නැති

    ReplyDelete
    Replies
    1. බෙදෙන එක, බෙදන එක, බෙදා ගන්න එක ලෝකෙ හැටි වෙන්නැති තමා..

      Delete
  6. හොඳ වෙලාවට අපිටනං ඔහොම සීන් එකක් උනේ නෑ. 11 දී අපේ පන්තිය පාලනේ කරගන්න බැරුව බෙදන්න ලෑස්ති උනත් අපිට උගන්නපු ගුරුවරු ඒකට කොක්ක ඇද්ද.
    හැබැයි 9 පන්තියෙදි අපේ පන්තියෙ හිටපු කොල්ලො හතර පස් දෙනෙක් ෆේල් කරල පල්ලෙහ පන්තියට දැම්ම. ඊට පස්සෙ ඒ සමහර උං ඉස්කෝලෙ ආවෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. හම්මෝ ඒ කාලෙ එපාම කරපු දේ තමා ෆේල් කරණ එක. ළමයෙක්ට එක දිගට දවසක් වේවැල් පහර දෙන එක ඊට වැඩිය මානුෂිකයි. හොඳ වෙලාවට දැන් ඒ දඬුවම් ක්‍රම නැත්තෙ.

      Delete
  7. අර කලින් කොමෙන්ට් එකෙක් කීව වගේ ශිෂ්‍යත්වෙන් පස්සේ මාරු කරන එක වගේම වෙන නගරයකට ගියහමත් ඔය ප්‍රශ්නය තියනව. යාලුවෝ දාල යන්න අමාරුයි. නමුත් ඉතින් ජිවිතේ අනිත් තැනුත් එහෙමනේ

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒත් පොඩි උන්ට ඕවා තේරෙන්නෑනෙ.

      Delete
  8. සිස්සත්තෙන් වෙන ඉස්කෝලෙකට ගියත්, අවුරුද්දෙන් අවුරුද්ද පන්ති මාරු කරත්, කිසිම කේස් එකක් නොදැනුන මම🥴

    ReplyDelete
    Replies
    1. එහෙම අයත් ඉන්නවා. දැන් හුඟක් ළමයි එහෙමයි.

      Delete
  9. සරත්


    සෙන්නාNovember 24, 2022 at 1:54 PM
    අපි එක සැරයක් හම්බුනා රාජකාරිමය කටයුත්තකට. සරත් අයියා අඳුන ගන්න නැතිව ඇති.


    ඔන්න ඉතින්... කාගේ ද වරද ? කවදාවත් නොදුටු කෙනෙක් හමු උනාම දන්න කෙනා කියන්න ඔනේ නැද්ද තමන් කවුද කියල..
    මේ දවස්වල මම ආයිත් පිටරටුන්ට වැඩ කරනවා. මුනාකෙන්නද අපේ උන්ට එපානම්.
    සරත්

    ReplyDelete
    Replies
    1. රාජකාරිමය හමුවක් නිසා මේවා ගැන කතා කරන්න ගියේ නෑ. අනික මාත් එක්ක තව කෙනෙක් හිටියානෙ. ඔව් මට දැනගන්න ලැබුනා. අපේ ඉතිං දේශපාලන හෙංචයියන්වැට මිසක් වැඩ කාරයන්ට තැනක් නෑනෙ. ඉක්මනට පටන් ගන්නකම් බලන් ඉන්නෙ අපි...මම මේලක් එවන්නම් හිමීට.

      Delete
  10. It's good to see you are still writing! - Xander

    ReplyDelete
    Replies
    1. hi Xander. its indeed a pleasure to see you back. so many bloggers have already left the blogs now...

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog